යෙදුමෙන් කියවන්න

40. චත‍්තාලීසනිපාතො අට‍්ඨකථා

40. චත්තාලීසනිපාතය

මහාකස‍්සපත්‍ථෙරගාථාවණ‍්ණනා

මහාකස්සප ස්ථවිරගාථා වර්ණනාව

චත‍්තාලීසනිපාතෙ න ගණෙන පුරක‍්ඛතොතිආදිකා ආයස‍්මතො මහාකස‍්සපත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයං කිර පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ හංසවතීනගරෙ වෙදෙහො නාම අසීතිකොටිවිභවො කුටුම‍්බිකො අහොසි. සො බුද‍්ධමාමකො, ධම‍්මමාමකො, සඞ‍්ඝමාමකො උපාසකො හුත්‍වා විහරන‍්තො එකස‍්මිං උපොසථදිවසෙ පාතොව සුභොජනං භුඤ‍්ජිත්‍වා උපොසථඞ‍්ගානි අධිට‍්ඨාය ගන්‍ධපුප‍්ඵාදීනි ගහෙත්‍වා විහාරං ගන‍්ත්‍වා සත්‍ථාරං පූජෙත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදි.

සතලිස්වන නිපාතයෙහි නගණෙන පුරක්‍ඛතො ආදී ගාථාවන් ආයුෂ්මත් මහා කාශ්‍යප තෙරුන්ගේය. මුන්වහන්සේ වනාහි පදුමුත්තරස්ස පියුමතුරා බුදුන්ගේ කාලයේ හංසවතී නගරයෙහි වෙදෙහො වේදේහ නම් වූ අසූ කෝටියක් සම්පත් ඇති කෙළෙඹි පුත්‍රයෙක් විය. ඔහු උපාසකයකු වී බුද්ධමාමකව, ධර්මමාමකව, සංඝමාමකව ජීවත්වන්නේ එක් උපෝසථ දිනයක උදෙන්ම මනාබොජුන් අනුභවකොට උපෝසථ අංගයන් සමාදන් වී සුවඳ මල් ආදිය ගෙන විහාරයට ගොස් බුදුන් වැඳපුදා එකත්පසෙක සිටියේය.

තස‍්මිඤ‍්ච ඛණෙ සත්‍ථා මහානිසභත්‍ථෙරං නාම තතියසාවකං “එතදග‍්ගං, භික‍්ඛවෙ, මම සාවකානං භික‍්ඛූනං ධුතවාදානං, යදිදං නිසභො”ති එතදග‍්ගෙ ඨපෙසි. උපාසකො තං සුත්‍වා පසන‍්නො ධම‍්මකථාවසානෙ මහාජනෙ උට‍්ඨාය ගතෙ සත්‍ථාරං වන්‍දිත්‍වා “ස‍්වෙ මය‍්හං භික‍්ඛං අධිවාසෙථා”ති නිමන‍්තෙසි. “මහා ඛො, උපාසක , භික‍්ඛුසඞ‍්ඝො”ති. “කිත‍්තකො, භන‍්තෙ”ති? “අට‍්ඨසට‍්ඨිභික‍්ඛුසතසහස‍්ස”න‍්ති. “භන‍්තෙ, එකං සාමණෙරම‍්පි විහාරෙ අසෙසෙත්‍වා මය‍්හං භික‍්ඛං අධිවාසෙථා”ති. සත්‍ථා අධිවාසෙසි. උපාසකො සත්‍ථු අධිවාසනං විදිත්‍වා ගෙහං ගන‍්ත්‍වා මහාදානං සජ‍්ජෙත්‍වා පුනදිවසෙ සත්‍ථු කාලං ආරොචාපෙසි. සත්‍ථා පත‍්තචීවරමාදාය භික‍්ඛුසඞ‍්ඝපරිවුතො උපාසකස‍්ස ඝරං ගන‍්ත්‍වා පඤ‍්ඤත‍්තාසනෙ නිසින‍්නො දක‍්ඛිණොදකාවසානෙ යාගුආදීනි සම‍්පටිච‍්ඡන‍්තො භත‍්තවිස‍්සග‍්ගං අකාසි. උපාසකොපි සත්‍ථු සන‍්තිකෙ නිසීදි.

ඒ මොහොතෙහි ශාස්තෲන් වහන්සේ මහානිසභත්‍ථෙරං මහානිසභ නම් වූ තුන්වන තෙරනමක් ‘මහණෙනි, ශ්‍රාවකයන් අතර ධුතාංගධරයන්ගෙන් මේ නිසභ තෙරුන් අග්‍රස්ථානයෙහි තැබීය. උපාසකතුමා එය දැක පැහැදුනේ ධර්මදේශනාව අවසානයේ මහාජනයා නැගිට ගිය කල්හි බුදුන් වැඳ ‘ස්වාමීනි, හෙට දානය සඳහා මාගේ ආරාධනය පිළිගන්න’ යැයි ඉල්ලා සිටියේය. උපාසකය! භික්‍ෂු සංඝයා බොහෝය. භාග්‍යවතුන් වහන්ස කොපමණක්ද? හැටඅටදහසක් යැයි වදාළහ. ස්වාමීනි! එක් සාමණේර නමක්වත් විහාරයෙහි ඉතිරි නොවී දානය සඳහා ආරාධනය භාරගන්නයැයි කීය. ශාස්තෲන් වහන්සේ ආරාධනය පිළිගත් සේක. උපාසකතුමා බුදුන් ආරාධනය පිළිගත් බව දැනගෙන ගෙට ගොස් මහදන් සූදානම් කර පසුවදා බුදුන්වහන්සේට දනට වඩින්නට සුදුසු වේලාව දැන්වීය. ශාස්තෲන් වහන්සේ පාත්‍රාසිවුරු ගෙන භික්‍ෂු සංඝයා පිරිවරා උපාසකතුමාගේ ගෙදරට වැඩ පැනවූ අසුනෙහි වැඩසිටියේ දානය සඳහා පැන් පිළිගැන්වීමෙන් අනතුරුව කැඳ ආදිය පිළිගෙන දානය පිළිගැන්වීම කළේය. උපාසකතුමාද බුදුන් සමීපයෙහි සිටියේය.

තස‍්මිං අන‍්තරෙ මහානිසභත්‍ථෙරො පිණ‍්ඩාය චරන‍්තො තමෙව වීථිං පටිපජ‍්ජි. උපාසකො දිස‍්වා උට‍්ඨාය ගන‍්ත්‍වා ථෙරං වන්‍දිත්‍වා “පත‍්තං, භන‍්තෙ, දෙථා”ති ආහ. ථෙරො පත‍්තං අදාසි. “භන‍්තෙ, ඉධෙව පවිසථ, සත්‍ථාපි ගෙහෙ නිසින‍්නො”ති. “න වට‍්ටිස‍්සති, උපාසකා”ති. සො ථෙරස‍්ස පත‍්තං ගහෙත්‍වා පිණ‍්ඩපාතස‍්ස පූරෙත්‍වා අදාසි. තතො ථෙරං අනුගන‍්ත්‍වා නිවත‍්තො සත්‍ථු සන‍්තිකෙ නිසීදිත්‍වා එවමාහ – “මහානිසභත්‍ථෙරො, භන‍්තෙ, ‘සත්‍ථාපි ගෙහෙ නිසින‍්නො’ති වුත‍්තෙපි පවිසිතුං න ඉච‍්ඡි, අත්‍ථි නු ඛො එතස‍්ස තුම‍්හාකං ගුණෙහි අතිරෙකගුණො”ති. බුද‍්ධානඤ‍්ච වණ‍්ණමච‍්ඡෙරං නාම නත්‍ථි, තස‍්මා සත්‍ථා එවමාහ – “උපාසක, මයං භික‍්ඛං ආගමයමානා ගෙහෙ නිසීදාම, සො පන භික‍්ඛු න එවං නිසීදිත්‍වා භික‍්ඛං උදික‍්ඛති, මයං ගාමන‍්තසෙනාසනෙ වසාම, සො අරඤ‍්ඤස‍්මිංයෙව වසති, මයං ඡන‍්නෙ වසාම, සො අබ‍්භොකාසෙයෙව වසතී”ති භගවා “අයඤ‍්ච අයඤ‍්චෙතස‍්ස ගුණො”ති මහාසමුද‍්දං පූරයමානො විය තස‍්ස ගුණං කථෙසි.

මේ අතරේදී මහානිසභත්‍ථෙරො මහානිසභ තෙරුන් වහන්සේ පිඬු පිණිස හැසිරෙන්නේ එම වීදියටම පිවිසියේය. උපාසකතුමා දැක නැගිට ගොස් තෙරුන්ට වැඳ ස්වාමීනි! පාත්‍රය දෙන්නයැයි ඉල්ලීය. තෙරුන්වහන්සේ පාත්‍රය දුන්නේය. ස්වාමීනි, මෙහි වඩින්න. භාග්‍යවතුන් වහන්සේද වැඩසිටී යැයි කීය. උපාසකතුමනි, එය නුසුදුසුය. උපාසක තැන පාත්‍රය ගෙන පිණ්ඩපාතයෙන් පුරවා පිටතට ගෙන ගොස් පිළිගැන්වීය. ඉක්බිති තෙරුන්වහන්සේ අනුව ගොස් නතරවී නැවත බුදුන් ලඟට පැමිණ වාඩිවී මෙසේ කීය. ස්වාමීනි! මහානිසභත්‍ථෙරො මහානිසභ තෙරුන් වහන්සේ, බුදුන්වහන්සේ ගෙයි වැඩසිටින බව කියූ නමුත් මෙහි වඩින්නට නොකැමැති වී යැයි කීය. ස්වාමීනි, ඔබවහන්සේලාට වඩා අමතර ගුණයක් උන්වහන්සේට තිබේදැයි විචාළේය. බුදුවරයාණන්ට වනාහි ගුණමකුකමක් නැත. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. උපාසකය! අපි භික්‍ෂාව ලබමින් ගෙයි හිඳිමු. ඒ භික්‍ෂුව වනාහි මෙහි වාඩිවී භික්‍ෂාව නොගනී. අපි ග්‍රාමාත්ත සේනාසනයෙහි වසමු. ඔහු අරණ්‍යයෙහිම වාසය කරයි. අපි ජනාකීර්ණයෙහි වසමු. ඔහු එලිමහනෙහි වාසය කරයි යැයි ඔහුගේ මේ ගුණයයි මේ ගුණයයි කියමින් මහා සමුදුර පුරවන්නාක් මෙන් වදාළේය.

උපාසකො පකතියාපි ජලමානපදීපො තෙලෙන ආසිත‍්තො විය සුට‍්ඨුතරං පසන‍්නො හුත්‍වා චින‍්තෙසි – “කිං මය‍්හං අඤ‍්ඤාය සම‍්පත‍්තියා, අනාගතෙ එකස‍්ස බුද‍්ධස‍්ස සන‍්තිකෙ ධුතවාදානං අග‍්ගභාවත්‍ථාය පත්‍ථනං කරිස‍්සාමී”ති. සො පුනපි සත්‍ථාරං නිමන‍්තෙත්‍වා තෙනෙව නියාමෙන සත‍්ත දිවසෙ මහාදානං දත්‍වා සත‍්තමෙ දිවසෙ බුද‍්ධප‍්පමුඛස‍්ස මහාභික‍්ඛුසඞ‍්ඝස‍්ස තිචීවරානි දත්‍වා සත්‍ථු පාදමූලෙ නිපජ‍්ජිත්‍වා එවමාහ – “යං මෙ, භන‍්තෙ, සත‍්ත දිවසෙ දානං දෙන‍්තස‍්ස මෙත‍්තං කායකම‍්මං, මෙත‍්තං වචීකම‍්මං, මෙත‍්තං මනොකම‍්මං පච‍්චුපට‍්ඨිතං, ඉමිනාහං න අඤ‍්ඤං දෙවසම‍්පත‍්තිං වා සක‍්කමාරබ්‍රහ‍්මසම‍්පත‍්තිං වා පත්‍ථෙමි, ඉදං පන මෙ කම‍්මං අනාගතෙ එකස‍්ස බුද‍්ධස‍්ස සන‍්තිකෙ මහානිසභත්‍ථෙරෙන පත‍්තට‍්ඨානන‍්තරං පාපුණනත්‍ථාය තෙරසධුතඞ‍්ගධරානං අග‍්ගභාවස‍්ස අධිකාරො හොතූ”ති. සත්‍ථා “මහන‍්තං ඨානං ඉමිනා පත්‍ථිතං, සමිජ‍්ඣිස‍්සති නු ඛො, නො”ති ඔලොකෙන‍්තො සමිජ‍්ඣනභාවං දිස‍්වා ආහ – “මනාපං තෙ ඨානං පත්‍ථිතං, අනාගතෙ සතසහස‍්සකප‍්පාවසානෙ ගොතමො නාම බුද‍්ධො උප‍්පජ‍්ජිස‍්සති , තස‍්ස ත්‍වං තතියසාවකො මහාකස‍්සපත්‍ථෙරො නාම භවිස‍්සසී”ති බ්‍යාකාසි. තං සුත්‍වා උපාසකො “බුද‍්ධානං ද‍්වෙ කථා නාම නත්‍ථී”ති පුනදිවසෙ පත‍්තබ‍්බං විය තං සම‍්පත‍්තිං අමඤ‍්ඤිත්‍ථ. සො යාවතායුකං දානං දත්‍වා, සීලං සමාදාය රක‍්ඛිත්‍වා, නානප‍්පකාරං කල්‍යාණකම‍්මං කත්‍වා, කාලං කත්‍වා, සග‍්ගෙ නිබ‍්බත‍්ති.

උපාසක තෙමේ සාමාන්‍යයෙන් දැල්වෙන පහනකට තෙල් ඉස්සාක් මෙන් අතිශයින්ම පැහැදුනේ මෙසේ සිතීය. මට වෙන සැපකින් කවර ඵලයක්ද? අනාගතයෙහි එක් බුදුවරයන් වහන්සේ නමක් ලඟ ධුතංග දරන්නවුන් අතුරෙන් අග්‍රස්ථානයට පත්වන්නෙමියි ප්‍රාර්ථනා කළේය. මෙසේ සිතා ඔහු නැවතද දනට ආරාධනා කොට මේ ක්‍රමයට දවස් හතක් මහදන් දී සත්වන දවසෙහි බුදුන් ප්‍රමුඛ මහා සංඝයාට තුන්සිවුරු පිළිගන්වා බුදුන් පාමුළ වැටී මෙසේ කීය. ස්වාමීනි, සත්දවසක් දන් දෙන්නා වූ මාගේ මෙත්තා කාය කර්මය, මෛත්‍රී වචී කර්මය, මෛත්‍රී මනෝ කර්මය එළඹ සිටියේද මේ පිනින් මට අන්‍ය වූ දෙව්සැපක් හෝ ශක්‍ර, මාර, බ්‍රහ්ම සම්පතක් ප්‍රාර්ථනා නොකරමි. මේ පුණ්‍යකර්මය වනාහි අනාගතයෙහි එක් බුදුවරයන් වහන්සේ නමකගේ සමීපයෙහි මහානිසභත්‍ථෙරෙන මහානිසභ තෙරුන් විසින් පතන ලද තනතුරට පත්වීම සඳහා තෙළෙස් ධුතාංග දරන්නන්ගෙන් අග්‍රස්ථානයට පත්වීම සඳහා හේතුවේවායි ප්‍රාර්ථනා කළේය. ශාස්තෲන් වහන්සේ, මොහු විසින් ලොකු තනතුරක් පතන ලදී. එය ඉටුවෙයිද? නොවේදැයි බලන්නේ සඵල වනබව දැක මෙසේ වදාළහ. ඔබ විසින් මනාප වූ තනතුරක් පතන ලදී. කල්ප ශතසහශ්‍රයක් ගිය තැන ගොතමො ගොතම නම් බුදුන්වහන්සේ පහළවන්නේය. ඔබ උන්වහන්සේගේ තතිය සාවක මහා කස්සපත්‍ථෙරො මහාකස්සප තෙරුන් නම් වන්නෙහිය. ඒ අසා උපාසක තැන බුදුවරයාණන් වහන්සේලාගේ වචන දෙකක් නැතැයි පසුවදා ලැබෙන සම්පතක් ලෙස එය සැලකීය. ඔහු දිවි ඇතිතෙක් දන්දී සිල්රැක නොයෙක් ආකාර යහපත් දේ කොට එහි කලුරිය කළේ ස්වර්ගයෙහි උපන්නේය.

තතො පට‍්ඨාය දෙවමනුස‍්සෙසු සම‍්පත‍්තිං අනුභවන‍්තො ඉතො එකනවුතෙ කප‍්පෙ විපස‍්සිසම‍්මාසම‍්බුද‍්ධෙ බන්‍ධුමතීනගරං උපනිස‍්සාය ඛෙමෙ මිගදායෙ විහරන‍්තෙ දෙවලොකා චවිත්‍වා අඤ‍්ඤතරස‍්මිං පරිජිණ‍්ණබ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්ති. තස‍්මිඤ‍්ච කාලෙ විපස‍්සී භගවා සත‍්තමෙ සත‍්තමෙ සංවච‍්ඡරෙ ධම‍්මං කථෙසි, මහන‍්තං කොලාහලං හොති. සකලජම‍්බුදීපෙ දෙවතා “සත්‍ථා ධම‍්මං කථෙස‍්සතී”ති ආරොචෙසුං. බ්‍රාහ‍්මණො තං සාසනං අස‍්සොසි . තස‍්ස ච නිවාසනසාටකො එකොයෙව හොති, තථා බ්‍රාහ‍්මණියා. පාරුපනං පන ද‍්වින‍්නම‍්පි එකමෙව. සො සකලනගරෙ “එකසාටකබ්‍රාහ‍්මණො”ති පඤ‍්ඤායි. සො බ්‍රාහ‍්මණානං කෙනචිදෙව කිච‍්චෙන සන‍්නිපාතෙ සති බ්‍රාහ‍්මණිං ගෙහෙ ඨපෙත්‍වා සයං තං වත්‍ථං පාරුපිත්‍වා ගච‍්ඡති. බ්‍රාහ‍්මණීනං සන‍්නිපාතෙ සති සයං ගෙහෙ අච‍්ඡති, බ්‍රාහ‍්මණී තං වත්‍ථං පාරුපිත්‍වා ගච‍්ඡති. තස‍්මිං පන දිවසෙ බ්‍රාහ‍්මණො බ්‍රාහ‍්මණිං ආහ – “භොති, කිං රත‍්තිං ධම‍්මං සුණිස‍්සසි, දිවා”ති? “මයං මාතුගාමජාතිකා නාම රත‍්තිං සොතුං න සක‍්කොම, දිවා සොස‍්සාමා”ති බ්‍රාහ‍්මණං ගෙහෙ ඨපෙත්‍වා තං වත්‍ථං පාරුපිත්‍වා උපාසිකාහි සද‍්ධිං දිවා ගන‍්ත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා එකමන‍්තෙ නිසින‍්නා ධම‍්මං සුත්‍වා උපාසිකාහියෙව සද‍්ධිං ආගමාසි. අථ බ්‍රාහ‍්මණො බ්‍රාහ‍්මණිං ගෙහෙ ඨපෙත්‍වා තං වත්‍ථං පාරුපිත්‍වා විහාරං ගතො.

එතැන් පටන් දෙව්මිනිසුන් අතර සැප අනුභව කරමින් මෙයින් අනූඑක්වන කල්පයෙහි විපස්සී බුදුන්වහන්සේ බන්‍ධුමතී නගරය ඇසුරුකොට ක්‍ෂේම වූ මිගදායෙහි වැඩසිටින කාලයෙහි දෙව්ලොවින් චුතව එක්තරා දුප්පත් බමුණු කුලයක උපන්නේය. ඒ කාලයෙහි විපස්සී විපස්සී බුදුන්වහන්සේ සත්වැනි සංවත්සරයන්හි ධර්මදේශනා කළේය. මහා කලබලයක් ඇතිවිය. සියළු දඹදිව දෙවියෝ ශාස්තෲන් වහන්සේ ධර්මදේශනා කරන්නේයැයි’ සැල කරත්. බ්‍රාහ්මණයා ඒ පණිවිඩය ඇසුවේය. ඔහුට තිබුණේ එකම අඳින සලුවකි. බැමිණියටද එසේය. පෙරවන සලු දෙදෙනාටම තිබුනේ එකකි. මුළු නගරයෙහි එකසාටක බ්‍රාහ්මණො එක් සළුවක් ඇති බමුණායැයි ප්‍රකට විය. හෙතෙම බමුණන්ගේ කිසියම් කටයුත්තක් සඳහා රැස්වනවිට බැමිණිය ගෙදර තබා තමා ඒ වස්ත්‍රය පොරවාගෙන යයි. බැමිණියගේ එක්රැස්වීමකදී ඔහු ගෙදර සිටී. ඇය වස්ත්‍රය පොරවාගෙන යයි. ඒ දවසෙහි වනාහි බමුණා බැමිණියට මෙසේ කීය. පින්වතිය! බණ අසන්නේ දවල්ද රාත්‍රියේදැයි ඇසීය. ස්ත්‍රීහු වනාහි රාත්‍රියෙහි බණ අසන්නට නොහැක්කහ. ඒ නිසා දවල් කාලයෙහි බණ අසන්නෙමියි කියා ඇය බමුණා ගෙදර නතරකර වස්ත්‍රය පොරවාගෙන උපාසිකාවන් සමග දවල් ගොස් බුදුන් වැඳ එකත්පසෙක සිටියේ බණ අසා උපාසිකාවන් සමග ආපසු ගියාය. ඉක්බිති බමුණා බැමිණිය ගෙදර තබා වස්ත්‍රය පොරවාගෙන විහාරයට ගියේය.

තස‍්මිං සමයෙ සත්‍ථා පරිසමජ‍්ඣෙ අලඞ‍්කතධම‍්මාසනෙ නිසින‍්නො චිත‍්තබීජනිං ආදාය ආකාසගඞ‍්ගං ඔතාරෙන‍්තො විය, සිනෙරුං මන්‍ථං කත්‍වා සාගරං නිම‍්මථෙන‍්තො විය, ධම‍්මකථං කථෙසි. බ්‍රාහ‍්මණස‍්ස පරිසපරියන‍්තෙ නිසින‍්නස‍්ස ධම‍්මං සුණන‍්තස‍්ස පඨමයාමස‍්මිංයෙව සකලසරීරං පූරයමානා පඤ‍්චවණ‍්ණා පීති උප‍්පජ‍්ජි. සො පාරුතවත්‍ථං සඞ‍්ඝරිත්‍වා “දසබලස‍්ස දස‍්සාමී”ති චින‍්තෙසි. අථස‍්ස ආදීනවසහස‍්සං දස‍්සයමානං මච‍්ඡෙරං උප‍්පජ‍්ජි. සො “බ්‍රාහ‍්මණියා මය‍්හඤ‍්ච එකමෙව වත්‍ථං, අඤ‍්ඤං කිඤ‍්චි පාරුපනං නත්‍ථි, අපාරුපිත්‍වා ච නාම බහි විචරිතුං න සක‍්කා”ති සබ‍්බථාපි අදාතුකාමො අහොසි, අථස‍්ස නික‍්ඛන‍්තෙ පඨමයාමෙ මජ‍්ඣිමයාමෙපි තථෙව පීති උප‍්පජ‍්ජි. තථෙව චින‍්තෙත්‍වා තථෙව අදාතුකාමො අහොසි. අථස‍්ස මජ‍්ඣිමයාමෙ නික‍්ඛන‍්තෙ පච‍්ඡිමයාමෙපි තථෙව පීති උප‍්පජ‍්ජි. තදා සො “යං වා හොතු තං වා පච‍්ඡාපි ජානිස‍්සාමී”ති වත්‍ථං සඞ‍්ඝරිත්‍වා සත්‍ථු පාදමූලෙ ඨපෙසි. තතො වාමහත්‍ථං ආභුජිත්‍වා දක‍්ඛිණෙන හත්‍ථෙන තික‍්ඛත‍්තුං අප‍්ඵොටෙත්‍වා “ජිතං මෙ, ජිතං මෙ”ති තයො වාරෙ නදි.

ඒ කාලයේ ශාස්තෲන් වහන්සේ පිරිස් මැද සරසන ලද ධර්මාසනයෙහි වැඩසිටිමින් විසිතුරු විජිනිපතක් ගෙන ආකාස ගංගාවට බසින්නාක් මෙන් මහමෙර දණ්ඩක් කරගෙන සාගරය කළඹන්නාක් මෙන් බණ දේශනා කළේය. පිරිස් කෙළවර සිට බණ අසන බමුණාගේ මුළු සිරුරම පිරීයන්නාක් මෙන් ප්‍රථම යාමයෙහි පස්වනක් ප්‍රීතිය පහළ විය. ඔහු පොරවාගෙන සිටිය වස්ත්‍රය අකුලාගෙන බුදුන්ට පූජා කරමියැයි සිතීය. ඉක්බිති ඔහුට ආදීනව දහසක් පෙන්වන මසුරු සිතක් පහළ විය. බැමිණියටත්, නුඹටත් ඇත්තේ එකම වස්ත්‍රයකි. අනිත් වෙන පොරෝනාවක්ද නැත. පෙරවන්නේ නැතිව පිටතට යන්නටද නොහැක යනාදී ලෙස හැම පැත්තකින්ම නොදෙන අදහසම ඇතිවිය. ඉක්බිති ඔහුට ප්‍රථමයාමය ඉක්ම ගොස් දෙවන යාමයේදී ද එබඳුම අදහසක් ඇතිවිය. එසේම සිතා එසේම නොදීමට සිතීය. මධ්‍යම යාමය ඉක්මයන කල්හි පශ්චිම යාමයෙහි එසේම ප්‍රීතිය උපන්නේය. ඔහුද වෙන දෙයක් වේවා. එය පසුව දැනගන්නෙමියි සිතා වස්ත්‍රය ගෙන බුදුන් පාමුළ තැබීය. එයින් වම්අත නමාගෙන දකුණු අතින් තුන්වරක් අත්පොලා මා දිනුවා. මා දිනුවා යැයි තුන්වරක් හඬ නැගීය.

තස‍්මිඤ‍්ච සමයෙ බන්‍ධුමරාජා ධම‍්මාසනස‍්ස පච‍්ඡතො අන‍්තොසාණියං නිසින‍්නො ධම‍්මං සුණාති. රඤ‍්ඤො ච නාම “ජිතං මෙ”ති සද‍්දො අමනාපො හොති . සො පුරිසං පෙසෙසි – “ගච‍්ඡ, එතං පුච‍්ඡ කිං වදසී”ති. සො තෙන ගන‍්ත්‍වා පුච‍්ඡිතො “අවසෙසා හත්‍ථියානාදීනි ආරුය‍්හ අසිචම‍්මාදීනි ගහෙත්‍වා පරසෙනං ජිනන‍්ති, න තං අච‍්ඡරියං. අහං පන පච‍්ඡතො ආගච‍්ඡන‍්තස‍්ස කූටගොණස‍්ස මුග‍්ගරෙන සීසං භින්‍දිත්‍වා තං පලාපෙන‍්තො විය මච‍්ඡෙරචිත‍්තං මද‍්දිත්‍වා පාරුතවත්‍ථං දසබලස‍්ස අදාසිං, තං මෙ මච‍්ඡරියං ජිත”න‍්ති ආහ. සො පුරිසො ආගන‍්ත්‍වා තං පවත‍්තිං රඤ‍්ඤො ආරොචෙසි. රාජා ආහ – “අම‍්හෙ, භණෙ, දසබලස‍්ස අනුරූපං න ජානිම‍්හ, බ්‍රාහ‍්මණො ජානී”ති වත්‍ථයුගං පෙසෙසි. තං දිස‍්වා බ්‍රාහ‍්මණො චින‍්තෙසි – “අයං මය‍්හං තුණ‍්හීනිසින‍්නස‍්ස පඨමං කිඤ‍්චි අදත්‍වා සත්‍ථු ගුණෙ කථෙන‍්තස‍්ස අදාසි. සත්‍ථු ගුණෙ පටිච‍්ච උප‍්පන‍්නෙන පන මය‍්හං කො අත්‍ථො”ති තම‍්පි වත්‍ථයුගං දසබලස‍්සෙව අදාසි. රාජාපි “කිං බ්‍රාහ‍්මණෙන කත”න‍්ති පුච‍්ඡිත්‍වා “තම‍්පි තෙන වත්‍ථයුගං තථාගතස‍්සෙව දින‍්න”න‍්ති සුත්‍වා අඤ‍්ඤානිපි ද‍්වෙ වත්‍ථයුගානි පෙසෙසි, සො තානිපි අදාසි. රාජා අඤ‍්ඤානිපි චත‍්තාරීති එවං යාව ද‍්වත‍්තිංසවත්‍ථයුගානි පෙසෙසි. අථ බ්‍රාහ‍්මණො “ඉදං වඩ‍්ඪෙත්‍වා වඩ‍්ඪෙත්‍වා ගහණං විය හොතී”ති අත‍්තනො අත්‍ථාය එකං, බ්‍රාහ‍්මණියා එකන‍්ති ද‍්වෙ වත්‍ථයුගානි ගහෙත්‍වා තිංසයුගානි තථාගතස‍්සෙව අදාසි. තතො පට‍්ඨාය ච සො සත්‍ථු විස‍්සාසිකො ජාතො.

මේ අවස්ථාවේදී බන්‍ධුමා බන්ධුම රජ ධර්මාසනයට පසෙකින් ඇතුල් සාලයෙහි සිට බණ අසයි. ‘මම දිනුවා’ යන හඬ රජුට අප්‍රියජනක විය. ඔහු පුරුෂයකු යැවීය. ගොස් මොහුගෙන් අසන්න කුමක් කියන්නේද කියා. ඔහු ලඟට ගොස් ඇසුයේ මෙසේ කීය. අනිත් අය ඇත්වාහන ආදියට නැගී කඩුපලිහ ආදිය ගෙන අනුන්ගේ සේනාවන් දිනයි. එය පුදුමයක් නොවෙයි. මම වනාහි පසුපස එන්නා වූ කුට ගොනාගේ හිස මුගුරකින් පලා ඔහුව පන්නා දමන්නාක් මෙන් මසුරුකම මර්දනය කොට පොරවාගෙන සිටිය වස්ත්‍රය බුදුන්ට පූජා කළෙමි. එය මාගේ මසුරුකම පරාජය කිරීමකි. මගේ ජයග්‍රහණයයි. ඒ පුරුෂයා අවුත් ඒ පුවත රජුට සැල කළේය. රජ මෙසේ කීය. භවතුනි! අපි භාග්‍යවතුන් වහන්සේට සුදුසු දෙය නොදනිමු. මේ බමුණා දනීයි කියා වස්ත්‍ර යුගලයක් යැවීය. එය දැක බමුණා මෙසේ සිතීය. මේ නිහඬව සිටිය මට කිසිවක් පළමුව නොදී බුදුගුණ කියන්නහුට දුන්නේය. බුදුගුණ නිසාවෙන් ලැබුණු දෙයින් මට කවර ප්‍රයෝජනයක්දැයි සිතා ඒ වස්ත්‍ර යුගලයද බුදුන්ටම පූජා කළේය. බමුණා විසින් කුමක් කළේදැයි රජු විසින් විචාරා ඒ වස්ත්‍ර යුගලයද බුදුන්ට පූජා කළ බව අසා වෙනත් වස්ත්‍ර යුගලයක් යැවීය. ඔහු එයද පූජා කළේය. රජ තෙමේ වෙනත් සතරක් යනාදී ලෙසට දෙතිසක් වස්ත්‍ර යුගලයන් යැවීය. ඉක්බිති බ්‍රාහ්මණයා ‘මෙය වැඩිකර ගැනීමක් යැයි’ වස්ත්‍ර යුගල දෙකක් තබාගෙන තිහක්ම භාග්‍යවතුන් වහන්සේට පූජා කළේය. එතැන් පටන් ඔහු බුදුන් විශ්වාස කරන කෙනෙක් විය.

අථ නං රාජා එකදිවසං සීතසමයෙ සත්‍ථු සන‍්තිකෙ ධම‍්මං සුණන‍්තං දිස‍්වා සතසහස‍්සග‍්ඝනකං අත‍්තනා පාරුතරත‍්තකම‍්බලං දත්‍වා ආහ – “ඉතො පට‍්ඨාය ඉමං පාරුපිත්‍වා ධම‍්මං සුණාහී”ති. සො “කිං මෙ ඉමිනා කම‍්බලෙන ඉමස‍්මිං පූතිකායෙ උපනීතෙනා”ති චින‍්තෙත්‍වා අන‍්තොගන්‍ධකුටියං තථාගතස‍්ස මඤ‍්චස‍්ස උපරි විතානං කත්‍වා අගමාසි. අථෙකදිවසං රාජා පාතොව විහාරං ගන‍්ත්‍වා අන‍්තොගන්‍ධකුටියං සත්‍ථු සන‍්තිකෙ නිසීදි. තස‍්මිඤ‍්ච සමයෙ ඡබ‍්බණ‍්ණා බුද‍්ධරස‍්මියො කම‍්බලෙ පටිහඤ‍්ඤන‍්ති, කම‍්බලො අතිවිය විරොචති. රාජා උල‍්ලොකෙන‍්තො සඤ‍්ජානිත්‍වා ආහ – “අම‍්හාකං, භන‍්තෙ, එස කම‍්බලො, අම‍්හෙහි එකසාටකබ්‍රාහ‍්මණස‍්ස දින‍්නො”ති. “තුම‍්හෙහි, මහාරාජ, බ්‍රාහ‍්මණො පූජිතො, බ්‍රාහ‍්මණෙන මයං පූජිතා”ති. රාජා “බ්‍රාහ‍්මණො යුත‍්තං අඤ‍්ඤාසි, න මය”න‍්ති පසීදිත්‍වා යං මනුස‍්සානං උපකාරභූතං, තං සබ‍්බං අට‍්ඨට‍්ඨකං කත්‍වා සබ‍්බට‍්ඨකං නාම දානං දත්‍වා පුරොහිතට‍්ඨානෙ ඨපෙසි. සොපි “අට‍්ඨට‍්ඨකං නාල චතුසට‍්ඨි හොතී”ති චතුසට‍්ඨි සලාකභත‍්තානි උපනිබන්‍ධාපෙත්‍වා යාවජීවං දානං දත්‍වා සීලං රක‍්ඛිත්‍වා තතො චුතො සග‍්ගෙ නිබ‍්බත‍්ති.

ඉක්බිති රජතුමා සීත කාලයේ එක්දිනක බුදුන් ලඟ බණ අසන ඔහුව දැක දසදහසක් වටිනා තමා විසින් පොරවාගෙන සිටිය රක්ත කම්මලය ඔහුට දී මෙසේ කීවේය. මෙතැන් පටන් මෙය පොරවාගෙන බණ අසන්න. මේ පොරෝනාව මේ කුණු ශරීරයෙහි පොරවා ගැනීමෙන් ඇති ඵලය කුමක්දැයි සිතා ඇතුළු ගඳකිළියෙහි බුදුන්ගේ සයනයට උඩින් වියනක් ලෙස ඒ පොරෝනාව සවිකර ගියේය. ඉක්බිති රජතුමා එක්දිනක් උදෙන්ම විහාරයට ගොස් ඇතුළු ගඳකිළියෙහි බුදුන් ලඟ සිටියේය. ඒ වේවේ සවණක් බුදුරැස් කම්බිලියෙහි ගැටෙත්. කම්බිලිය අතිශයින් බබලයි. රජු බලා එය හඳුනාගෙන මෙසේ කීය. ස්වාමීනි! අපේ මේ කම්බිලිය එකසාටක බමුණාට අප විසින් දෙන ලදී. මහරජ! ඔබලා විසින් බමුණා පුදන ලදී. බමුණා විසින් අපව පුදන ලදී. රජතෙම බමුණා යුතුකම දන්නේය. නැමෙත්. මෙසේ සිතා පැහැදී මිනිසුන්ට උපකාරවන යම් යම් දේ වේද ඒ සියල්ල අට අට කොටසට බෙදා ‘සබ්බට්ඨකං’ (සියල්ල අට බැගින්) නම් වූ දානයක් දී පුරෝහිත තනතුරෙහි තැබීය. ඔහුද අට අට බැගින් හැටහතරක් වේයැයි සලාක බත් හැටහතරක් දෙන ලෙස යොදා දිවි ඇතිතෙක් දන් දී සිල් රැක එයින් චුත වූයේ ස්වර්ගයෙහි උපන්නේය.

පුන තතො චුතො ඉමස‍්මිං කප‍්පෙ කොණාගමනස‍්ස ච භගවතො කස‍්සපදසබලස‍්ස චාති ද‍්වින‍්නං බුද‍්ධානං අන‍්තරෙ බාරාණසියං කුටුම‍්බියඝරෙ නිබ‍්බත‍්තො. සො වුද‍්ධිමන්‍වාය ඝරාවාසං වසන‍්තො එකදිවසං අරඤ‍්ඤෙ ජඞ‍්ඝවිහාරං චරති. තස‍්මිඤ‍්ච සමයෙ පච‍්චෙකබුද‍්ධො නදීතීරෙ චීවරකම‍්මං කරොන‍්තො අනුවාතෙ අප‍්පහොන‍්තෙ සඞ‍්ඝරිත්‍වා ඨපෙතුං ආරද‍්ධො. සො දිස‍්වා “කස‍්මා, භන‍්තෙ, සඞ‍්ඝරිත්‍වා ඨපෙථා”ති ආහ. “අනුවාතො නප‍්පහොතී”ති. “ඉමිනා, භන‍්තෙ, කරොථා”ති උත‍්තරසාටකං දත්‍වා “නිබ‍්බත‍්තනිබ‍්බත‍්තට‍්ඨානෙ මෙ කෙනචි පරිහානි මා හොතූ”ති පත්‍ථනං පට‍්ඨපෙසි.

නැවත එයින් චුතව මේ කල්පයෙහි කොණගමනස්ස කොණාගම බුදුන්ගේද කස්සපස්ස කාශ්‍යප බුදුන්ගේද යන බුදුවරුන් දෙනමක අතරතුර බරණැස කෙළෙඹි ගෘහයක උපන්නේ වැඩිවිය පැමිණ ගිහිව වාසය කරන්නේ එක් දිනක් වනයේ ඇවිදීමට යයි. ඒ කාලයේ පසේබුදුවරයන් වහන්සේ ගංතෙර චීවර කර්මය කරන්නේ අනුවාතය මද වූ බැවින් අකුලා තබන්නට පටන් ගත්තේය. ඔහු එය දැක ස්වාමීනි! හකුලා තබන්නේ ඇයිදැයි ඇසීය. අනුවාතය ප්‍රමාණවත් නොවේ. ස්වාමීනි, මෙයින් කරන්න යැයි සළුවක් දී උපනුපන් තැන්වල මාහට කිසිවකින් පරිහානියක් නොවේවා’යි ප්‍රාර්ථනා කළේය.

ඝරෙපිස‍්ස භගිනියා සද‍්ධිං භරියාය කලහං කරොන‍්තියා පච‍්චෙකබුද‍්ධො පිණ‍්ඩාය පාවිසි. අථස‍්ස භගිනී පච‍්චෙකබුද‍්ධස‍්ස පිණ‍්ඩපාතං දත්‍වා තස‍්ස භරියං සන්‍ධාය “එවරූපං බාලං යොජනසතෙන පරිවජ‍්ජෙය්‍ය”න‍්ති පත්‍ථනං පට‍්ඨපෙසි. සා ගෙහඞ‍්ගණෙ ඨිතා සුත්‍වා “ඉමාය දින‍්නභත‍්තං මා එස භුඤ‍්ජතූ”ති පත‍්තං ගහෙත්‍වා පිණ‍්ඩපාතං ඡඩ‍්ඩෙත්‍වා කලලස‍්ස පූරෙත්‍වා අදාසි. ඉතරා දිස‍්වා “බාලෙ, ත්‍වං මං තාව අක‍්කොස වා පහර වා, එවරූපස‍්ස පන ද‍්වෙ අසඞ‍්ඛ්‍යෙය්‍යානි පූරිතපාරමිස‍්ස පත‍්තතො භත‍්තං ඡඩ‍්ඩෙත්‍වා කලලං දාතුං න යුත‍්ත”න‍්ති ආහ. අථස‍්ස භරියාය පටිසඞ‍්ඛානං උප‍්පජ‍්ජි. සා “තිට‍්ඨථ, භන‍්තෙ”ති කලලං ඡඩ‍්ඩෙත්‍වා පත‍්තං ධොවිත්‍වා ගන්‍ධචුණ‍්ණෙන . උබ‍්බට‍්ටෙත්‍වා පණීතභත‍්තස‍්ස චතුමධුරස‍්ස ච පූරෙත්‍වා උපරි ආසිත‍්තෙන පදුමගබ‍්භවණ‍්ණෙන සප‍්පිනා විජ‍්ජොතමානං පච‍්චෙකබුද‍්ධස‍්ස හත්‍ථෙ ඨපෙත්‍වා “යථා අයං පිණ‍්ඩපාතො ඔභාසජාතො, එවං ඔභාසජාතං මෙ සරීරං හොතූ”ති පත්‍ථනං පට‍්ඨපෙසි. පච‍්චෙකබුද‍්ධො අනුමොදිත්‍වා ආකාසං පක‍්ඛන්‍දි.

මොහුගේ ගෙදර සහෝදරිය සමග තම භාර්යාව කෝලාහල කරන කල්හි පසේබුදුවරයෙක් පිණ්ඩපාතයේ වැඩියේය. ඉක්බිති ඔහුගේ සහෝදරිය පසේබුදුහිමියන්ට පිණ්ඩපාතය පිළිගන්වා ඔහුගේ භාර්යාව ගැන මෙබඳු බාලයකු යොදුන් සියයකින් අත්හල යුතුයි කියා ප්‍රාර්ථනා කළාය. ඇය ගෙමිදුලේ සිට මෙය අසා ‘මැය දුන් දානය වළඳන්න එපා’ කියා පාත්‍රය ගෙන පිණ්ඩපාතය ඉවත දමා එහි මඩ පුරවා දුන්නේය. අනිත් තැනැත්තිය එය බලා සිට බාල තැනැත්තිය, නුඹ මට පමණක් බනින්න. පහරදෙන්න. මෙබඳු වූ අසංඛ්‍යයක් පාරමිතා පුරා ආ උතුමන්ගේ බත් ඉවතදමා එහි මඩ දැමීම යෝග්‍ය නොවේ යැයි කීය. ඉක්බිති ඔහුගේ භාර්යාවට සිත්වේදනාවක් ඇතිවිය. ඇය ස්වාමීනි! නතරවන්න යැයි මඩ ඉවත දමා පාත්‍රය සෝදා සුවඳ කුඩුවලින් උලා ප්‍රණීත බත් චතුමධුර පුරවා මතුපිට ඉසින ලද නෙලුම්මලක ගැබෙහි වර්ණයට සමාන ගිතෙල්වලින් බබලන පාත්‍රය පසේබුදුන්ගේ අතෙහි තබා ‘යම්සේ මේ පිණ්ඩපාත දානය ආලෝකමත් වීද, එපරිද්දෙන් මගේ ශරීරයද අලංකාර වේවා’යි ප්‍රාර්ථනා කළාය. පසේබුදුන් වහන්සේ අනුමෝදකොට අහසට පැන නැගී වැඩියහ.

තෙපි ජායම‍්පතිකා යාවතායුකං කුසලං කත්‍වා සග‍්ගෙ නිබ‍්බත‍්තිත්‍වා පුන තතො චවිත්‍වා උපාසකො කස‍්සපසම‍්මාසම‍්බුද‍්ධකාලෙ බාරාණසියං අසීතිකොටිවිභවස‍්ස සෙට‍්ඨිනො පුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්ති, ඉතරාපි තාදිසස‍්සෙව සෙට‍්ඨිනො ධීතා හුත්‍වා නිබ‍්බත‍්ති. තස‍්ස වුද‍්ධිප‍්පත‍්තස‍්ස තමෙව සෙට‍්ඨිධීතරං ආනයිංසු. තස‍්සා පුබ‍්බෙ අනිට‍්ඨවිපාකස‍්ස පාපකම‍්මස‍්ස ආනුභාවෙන පතිකුලං පවිට‍්ඨමත‍්තාය උම‍්මාරබ‍්භන‍්තරෙ සකලසරීරං උග‍්ඝාටිතවච‍්චකුටි විය දුග‍්ගන්‍ධං ජාතං. සෙට‍්ඨිකුමාරො “කස‍්සායං ගන්‍ධො”ති පුච‍්ඡිත්‍වා, “සෙට‍්ඨිකඤ‍්ඤායා”ති සුත්‍වා, “නීහරථ, නීහරථා”ති ආභතනියාමෙනෙව කුලඝරං පෙසෙසි. සා එතෙනෙව නීහාරෙන සත‍්තසු ඨානෙසු පටිනිවත‍්තිතා.

ඒ යුවලද දිවි ඇතිතෙක් පින්කොට ස්වර්ගයෙහි ඉපිද නැවතත් එයින් චුතව උපාසක තෙමේ කස්සප කාශ්‍යප බුදුන්ගේ කාලයෙහි බරණැස අසූකෙලක් ධන සම්පත් ඇති සිටුවරයකුගේ පුත්‍රව ඉපිද අනිත් ඇත්තිය එබඳු වූම සිටුවරයකුගේ දුවනියක්ව උපන්නාය. වැඩිවිය පත්වූ ඔහුට මෙම සිටුකුමරියවම ආවාහ කර දුන්හ. තමා විසින් පෙර කළ කර්ම බලයෙන් පතිකුලයට ආ විගසම උළුවස්සෙන් ඇතුල් වනවිටම ඇගේ මුළු සිරුරම කලඹන ලද වැසිකිලියක් මෙන් දුගඳ විය. සිටු කුමරා මේ ගඳ කාගේදැයි විචාරා සිටු කුමරියගේ යැයි අසා පිටවෙන්න. පිටවෙන්න කියා කැඳවාගෙන ආ රථයෙන්ම තම නිවසට පිටත්කර හැරියේය. ඕතොමෝ මේ ආකාරයට සත් තැනක නතර කරනු ලැබුවාය.

තෙන ච සමයෙන කස‍්සපදසබලො පරිනිබ‍්බායි. තස‍්ස ඝනකොට‍්ටිමාහි සතසහස‍්සග‍්ඝනිකාහි රත‍්තසුවණ‍්ණිට‍්ඨකාහි යොජනුබ‍්බෙධං චෙතියං ආරභිංසු. තස‍්මිං චෙතියෙ කරීයමානෙ සා සෙට‍්ඨිධීතා චින‍්තෙසි – “අහං සත‍්තසු ඨානෙසු පටිනිවත‍්තිතා, කිං මෙ ජීවිතෙනා”ති අත‍්තනො ආභරණභණ‍්ඩං භඤ‍්ජාපෙත්‍වා සුවණ‍්ණිට‍්ඨකං කාරෙසි රතනායතං විදත්‍ථිවිත්‍ථින‍්නං චතුරඞ‍්ගුලුබ‍්බෙධං. තතො හරිතාලමනොසිලාපිණ‍්ඩං ගහෙත්‍වා අට‍්ඨ උප‍්පලහත්‍ථකෙ ආදාය චෙතියකරණට‍්ඨානං ගතා. තස‍්මිඤ‍්ච ඛණෙ එකා ඉට‍්ඨකාපන‍්ති පරික‍්ඛිපිත්‍වා ආගච‍්ඡමානා ඝටනිට‍්ඨකාය ඌනා හොති, සෙට‍්ඨිධීතා වඩ‍්ඪකිං ආහ – “ඉමං ඉට‍්ඨකං එත්‍ථ ඨපෙථා”ති. “අම‍්ම, භද‍්දකෙ කාලෙ ආගතාසි, සයමෙව ඨපෙහී”ති. සා ආරුය‍්හ තෙලෙන හරිතාලමනොසිලාපිණ‍්ඩං යොජෙත්‍වා තෙන බන්‍ධනෙන ඉට‍්ඨකං පතිට‍්ඨපෙත්‍වා උපරි අට‍්ඨහි උප‍්පලහත්‍ථකෙහි පූජං කත්‍වා වන්‍දිත්‍වා “නිබ‍්බත‍්තනිබ‍්බත‍්තට‍්ඨානෙ මෙ කායතො චන්‍දනගන්‍ධො වායතු, මුඛතො උප‍්පලගන්‍ධො”ති පත්‍ථනං කත්‍වා චෙතියං වන්‍දිත්‍වා පදක‍්ඛිණං කත්‍වා අගමාසි.

මේ කාලයේ කස්සප බුදුන්වහන්සේ පිරිනිවන්පෑ සේක. උන්වහන්සේට ශතසහස්‍රයක් වටිනා මහාර්ඝ වූ රන්රුවන්මය ශෛලවලින් යොදුනක් උස චෛත්‍යයක් කරන්නට ආරම්භ කළහ. ඒ චෛත්‍යය කරනු ලබන කල්හි ඒ සිටුදියණිය මෙසේ කල්පනා කළාය. මම සත් තැනකින් ආපසු හරවා එවන ලද්දෙමි. මගේ ජීවිතයෙන් කවර ප්‍රයෝජනයක්ද? තමාගේ ආභරණ උණුකර ස්වර්ණමය ගඩොලක් සෑදවීය. එය දිගින් රියනකි. අඟල් දොළසක් පළලය. අඟල් සතරක් උසය. ඉක්බිති හිරියල් මහොසීල පස්පිඩක් ද ගෙන උපුල් අටමිටක් ගෙන චෛත්‍ය යොදන තැනට ගියාය. එකෙණෙහි එක් ගඩොල් පේළියක් තබද්දී හිස ගෑවෙන ප්‍රමාණයට අඩුවක් ඇතිවිය. සිටුදියණිය වඩුවාට මෙසේ කීය. ‘මේ ගඩොල මෙහි තබන්න’ මෑණියනි! ඔබ හොඳ වෙලාවට මෙහි පැමිණියේය. ඔබම තබන්න. ඇය උඩට නැග තෙලින් හිරියල් මනොසිලා පිඩක් තබා ඒ බදාමයෙහි ගඩොල තබා ඒ මත උපුල් අටමිටක් පූජාකර වැඳ උපනුපන් තැන්වල සිරුරෙන් සඳුන් සුවඳ හමාවා. මුවෙන් උපුල් සුවඳ නික්මේවායි ප්‍රාර්ථනා කර චෛත්‍යයට වැඳ පැදකුණු කොට ගියාය.

අථ තස‍්මිංයෙව ඛණෙ යස‍්ස සෙට‍්ඨිපුත‍්තස‍්ස පඨමං ගෙහං නීතා, තස‍්ස තං ආරබ‍්භ සති උදපාදි. නගරෙපි නක‍්ඛත‍්තං සඞ‍්ඝුට‍්ඨං හොති. සො උපට‍්ඨාකෙ ආහ – “තදා ඉධ ආනීතා සෙට‍්ඨිධීතා අත්‍ථි, කහං සා”ති? “කුලගෙහෙ සාමී”ති. “ආනෙථ නං, නක‍්ඛත‍්තං කීළිස‍්සාමා”ති. තෙ ගන‍්ත්‍වා තං වන්‍දිත්‍වා ඨිතා “කිං, තාතා, ආගතත්‍ථා”ති තාය පුට‍්ඨා තං පවත‍්තිං ආචික‍්ඛිංසු. “තාතා, මයා ආභරණභණ‍්ඩෙන චෙතියං පූජිතං, ආභරණං මෙ නත්‍ථී”ති . තෙ ගන‍්ත්‍වා සෙට‍්ඨිපුත‍්තස‍්ස ආරොචෙසුං. ආනෙථ නං, පිළන්‍ධනං ලභිස‍්සතීති. තෙ ආනයිංසු. තස‍්සා සහ ඝරපවෙසනෙන සකලගෙහං චන්‍දනගන්‍ධො චෙව නීලුප‍්පලගන්‍ධො ච වායි. සෙට‍්ඨිපුත‍්තො තං පුච‍්ඡි – “පඨමං තව සරීරතො දුග‍්ගන්‍ධො වායි, ඉදානි පන තෙ සරීරතො චන්‍දනගන්‍ධො, මුඛතො උප‍්පලගන්‍ධො වායති. කිං එත”න‍්ති? සා ආදිතො පට‍්ඨාය අත‍්තනා කතකම‍්මං ආරොචෙසි. සෙට‍්ඨිපුත‍්තො “නිය්‍යානිකං වත බුද‍්ධසාසන”න‍්ති පසීදිත්‍වා යොජනිකං සුවණ‍්ණචෙතියං කම‍්බලකඤ‍්චුකෙන පරික‍්ඛිපිත්‍වා තත්‍ථ තත්‍ථ රථචක‍්කප‍්පමාණෙහි සුවණ‍්ණපදුමෙහි අලඞ‍්කරි. තෙසං ද‍්වාදසහත්‍ථා ඔලම‍්බකා හොන‍්ති.

ඉක්බිති ඒ මොහොතේම යම් ඒ පළමු, සිටුපුත්‍රයකුගේ ගෙදරට ගෙනගියාද ඔහු ඒ පිළිබඳව සිහිපත් විය. නගරයෙහි නැකැත් සැණකෙලි ඝෝෂාව ඇත. ඔහු සේවකයන්ට මෙසේ කීය. ‘ඒ කාලයේ මෙහි කැඳවාගෙන ආ සිටුදියණිය කොහේ සිටීද? ස්වාමීනි, තම දෙමව්පියන්ගේ ගෙදරයැයි කීහ. ඇයව කැඳවාගෙන එන්න. අපි නැකැත් සැණකෙලියෙන් ප්‍රීතිවෙමු. ඔව්හු ගොස් ඇයට වැඳ සිටියාහු, දරුවෙනි! කුමට මෙහි ආවාහුදැයි ඇය විසින් ඇසූ විට ඒ පුවත සැලකළහ. දරුවෙනි! මා විසින් ආභරණවලින් චෛත්‍යය පුදන ලදී. මට ආභරණ නැත. මේ බව ඔව්හු ගොස් සිටු පුත්‍රයාට දැන්වූහ. ඇයව ගෙනෙන්න. ඇය පළඳනා ලබන්නීය කියා ඇයව කැඳවාගෙන ආහ. ඇය ගෙදරට පිවිසීමත් සමගම මුළුගෙයම සඳුන් සුවඳින් හා නිලුපුල් සුවඳ හමන්නට විය. සිටුපුත්‍රයා විමසීය. පෙර ඔබගේ ශරීරයෙන් දුගඳ හැමුවේය. දැන් වනාහි ඔබගේ ශරීරයෙන් සඳුන් සුවඳත් මුඛයෙන් මානෙල් මල් සුවඳත් හමයි. මේ කුමක්ද? එය මුල පටන් තමා විසින් කළ කර්මය දැන්වීය. සිටුපුත්‍රයා වනාහි බුද්ධ ශාසනය නෛර්යානික වූවකැයි පැහැද යොදුනක් පමණ වූ ස්වර්ණ චෛත්‍යය පිළියකින් වසා ඒ ඒ තැන්වල රියසක් පමණ වූ රන් නෙලුම්වලින් අලංකාර කළේය. ඒවා බඹ දොළසක් එල්ලෙන්නේ වෙයි.

සො තත්‍ථ යාවතායුකං ඨත්‍වා සග‍්ගෙ නිබ‍්බත‍්තිත්‍වා තතො චුතො බාරාණසිතො යොජනමත‍්තෙ ඨානෙ අඤ‍්ඤතරස‍්මිං අමච‍්චකුලෙ නිබ‍්බත‍්ති, සෙට‍්ඨිකඤ‍්ඤාපි දෙවලොකතො චවිත්‍වා රාජකුලෙ ජෙට‍්ඨධීතා හුත්‍වා නිබ‍්බත‍්ති. තෙසු වයප‍්පත‍්තෙසු කුමාරස‍්ස වසනගාමෙ නක‍්ඛත‍්තං සඞ‍්ඝුට‍්ඨං. සො මාතරං ආහ – “සාටකං මෙ, අම‍්ම, දෙහි, නක‍්ඛත‍්තං කීළිස‍්සාමී”ති . සා ධොතවත්‍ථං නීහරිත්‍වා අදාසි. “අම‍්ම, ථූලං ඉද”න‍්ති ආහ. සා අඤ‍්ඤං නීහරිත්‍වා අදාසි, තම‍්පි පටික‍්ඛිපි. අථ නං මාතා ආහ – “තාත, යාදිසෙ ගෙහෙ මයං ජාතා, නත්‍ථි නො ඉතො සුඛුමතරස‍්ස පටිලාභාය පුඤ‍්ඤ”න‍්ති. “තෙන හි ලභනට‍්ඨානං ගච‍්ඡාමි අම‍්මා”ති. “පුත‍්ත, අහං අජ‍්ජෙව තුය‍්හං බාරාණසිනගරෙ රජ‍්ජපටිලාභම‍්පි ඉච‍්ඡාමී”ති. සො මාතරං වන්‍දිත්‍වා ආහ – “ගච‍්ඡාමි, අම‍්මා”ති. “ගච‍්ඡ, තාතා”ති. එවං කිරස‍්සා චිත‍්තං අහොසි – “කහං ගමිස‍්සති? ඉධ වා එත්‍ථ වා ගෙහෙ නිසීදිස‍්සතී”ති. සො පන පුඤ‍්ඤනියාමෙන නික‍්ඛමිත්‍වා බාරාණසිං ගන‍්ත්‍වා උය්‍යානෙ මඞ‍්ගලසිලාපට‍්ටෙ සසීසං පාරුපිත්‍වා නිපජ‍්ජි. සො ච බාරාණසිරඤ‍්ඤො කාලඞ‍්කතස‍්ස සත‍්තමො දිවසො හොති.

ඔහු එහි ආයු ඇතිතෙක් සිට ස්වර්ගයෙහි ඉපිද එයින් චුතව බරණැසින් යොදුනක් පමණ තැන එක් ඇමැති කුලයක උපන්නේය. සිටු කන්‍යාවද දෙව්ලොවින් චුතව රජගෙදර දෙටුදියණිය වී උපන්නාය. ඔවුන් වැඩිවිය පත්කල්හි කුමාරයා වසන ගමෙහි නැකැත් සැණකෙළි ඝෝෂා පවත්වන ලදී. ඔහු මවට මෙසේ කීය. සළුවක් දෙන්න. නැකැත් කෙළියේ ප්‍රීති වන්නෙමි. ඇය සෝදන ලද වස්ත්‍රයක් ගෙන දුන්නාය. අම්මේ, මෙය දුහුල්යැයි කීවාය. ඇය වෙන එකක් ගෙන දුන්නාය. එයද ප්‍රතික්‍ෂේප කළාය. ඇය නැවත වෙන වස්ත්‍රයක් ගෙන දුන්නාය. එයද ප්‍රතික්‍ෂේප කළාය. ඉක්බිති ඇයට මව මෙසේ කීවාය. දරුවෙනි! අපි මෙබඳු ගෙදරක උපන්නෝ වෙමු. මෙයට වඩා සුවපහසු වස්ත්‍රයක් ලැබීමට පිනක් අපට නැත. අම්මේ. ඒවා ලැබෙන තැනකට යමුයැයි කීකල්හි මම අදම ඔබට බරණැස්නුවර රජකම ලැබීම කැමැත්තෙමි. ඔහු මවට වැඳ මෙසේ කීය. අම්මේ. මම යමි. දරුවෙනි යන්න. මෙසේ වනාහි ඇයට මෙබඳු සිතක් විය. කොහේ යන්නේද? මෙහි හෝ මේ ගෙයි හෝ සිටින්නේද. ඔහු වනාහි පිං නියමයෙන් නික්ම බරණැසට ගොස් උයනෙහි මඟුල් ගල්තලාවේ හිස වැසෙන සේ පොරවාගෙන හොත්තේය. එදා බරණැස් රජු මියගොස් සත්වෙනි දවස විය.

අමච‍්චා රඤ‍්ඤො සරීරකිච‍්චං කත්‍වා රාජඞ‍්ගණෙ නිසීදිත්‍වා මන‍්තයිංසු – “රඤ‍්ඤො එකා ධීතාව අත්‍ථි, පුත‍්තො නත්‍ථි, අරාජකං රජ‍්ජං නස‍්සති, කො රාජා හොතී”ති? “ත්‍වං හොහි, ත්‍වං හොහී”ති ආහංසු. පුරොහිතො ආහ – “බහුං ඔලොකෙතුං න වට‍්ටති, ඵුස‍්සරථං විස‍්සජ‍්ජෙමා”ති. තෙ කුමුදවණ‍්ණෙ චත‍්තාරො සින්‍ධවෙ යොජෙත්‍වා පඤ‍්චවිධං රාජකකුධභණ‍්ඩං සෙතච‍්ඡත‍්තඤ‍්ච රථස‍්මිංයෙව ඨපෙත්‍වා රථං විස‍්සජ‍්ජෙත්‍වා පච‍්ඡතො තූරියානි පග‍්ගණ‍්හාපෙසුං. රථො පාචීනද‍්වාරෙන නික‍්ඛමිත්‍වා උය්‍යානාභිමුඛො අහොසි. “පරිචයෙන උය්‍යානාභිමුඛො ගච‍්ඡති, නිවත‍්තෙමා”ති කෙචි ආහංසු. පුරොහිතො “මා නිවත‍්තයිත්‍ථා”ති ආහ. රථො කුමාරං පදක‍්ඛිණං කත්‍වා ආරොහනසජ‍්ජො හුත්‍වා අට‍්ඨාසි, පුරොහිතො පාරුපනකණ‍්ණං අපනෙත්‍වා පාදතලානි ඔලොකෙන‍්තො, “තිට‍්ඨතු අයං දීපො, ද‍්විසහස‍්සදීපපරිවාරෙසු චතූසු මහාදීපෙසු එස රජ‍්ජං කාරෙතුං යුත‍්තො”ති වත්‍වා “පුනපි තූරියානි පග‍්ගණ‍්හථ, පුනපි පග‍්ගණ‍්හථා”ති තික‍්ඛත‍්තුං තූරියානි පග‍්ගණ‍්හාපෙසි.

ඇමතිවරු රජුගේ ශරීරකෘත්‍යය කොට රජගෙදර මිදුලට වී සාකච්ඡා කළහ. රජුට එක් දුවක් සිටී. පුතෙක් නැත. අරාජික වූ රාජ්‍යය විනාශ වන්නේය. කවරෙක් රජ වන්නේද? ඔබ රජවන්න. ඔබ රජවන්න යැයි ඔවුනොවුන් කියාගත්හ. පුරෝහිතයා මෙසේ කීය. බොහෝකොට බැලීම සුදුසු නැත. හිස් රථය පිටත් කරමු. ඔවුහු කුමුදුපාට අශ්වයන් සතර දෙනෙක් යොදා පස්වැදෑරුම් කකුධ භාණ්ඩ, සේසතද, රථයෙහිම තබා රථය පිටත්කර යවා පසුපසින් තූර්යවාදකයන් යැවූහ. රථය පෙරදිග දොරටුවෙන් පිටත්ව උයන දෙසට ගියේය. පුරුද්දට අනුව උයන පැත්තටම යයි. නවත්වමු යැයි සමහරු කීහ. නවත්වන්න එපායැයි පුරෝහිතයා කීවේය. රථය කුමාරයා පැදකුණු කොට රථයට නැගීමට සූදානම් විලාශයෙන් පිහිටියේය. පුරෝහිතයා පොරවාගෙන සිටි කම්බිලිය ඉවත්කර පාපතුල් බලන්නේ මේ දිවයින්හි රජ කරන්නට මොහු සමර්ථයැයි කියා තූර්ය භාණ්ඩයන් ශබ්ද කරවීය.

අථ කුමාරො මුඛං විවරිත්‍වා ඔලොකෙත්‍වා, “කෙන කම‍්මෙන ආගතත්‍ථා”ති ආහ. “දෙව, තුම‍්හාකං රජ‍්ජං පාපුණාතී”ති. “රාජා කහ”න‍්ති? “දෙවත‍්තං ගතො, සාමී”ති. “කති දිවසා අතික‍්කන‍්තා”ති? “අජ‍්ජ සත‍්තමො දිවසො”ති. “පුත‍්තො වා ධීතා වා නත්‍ථී”ති? “ධීතා අත්‍ථි දෙව, පුත‍්තො නත්‍ථී”ති. “කරිස‍්සාමි රජ‍්ජ”න‍්ති. තෙ තාවදෙව අභිසෙකමණ‍්ඩපං කාරෙත්‍වා රාජධීතරං සබ‍්බාලඞ‍්කාරෙහි අලඞ‍්කරිත්‍වා, උය්‍යානං ආනෙත්‍වා කුමාරස‍්ස අභිසෙකං අකංසු. අථස‍්ස කතාභිසෙකස‍්ස සතසහස‍්සග‍්ඝනකං වත්‍ථං උපහරිංසු. සො “කිමිදං, තාතා”ති ආහ. “නිවාසනවත්‍ථං දෙවා”ති. “නනු, තාතා, ථූල”න‍්ති? “මනුස‍්සානං පරිභොගවත්‍ථෙසු ඉතො සුඛුමතරං නත්‍ථි, දෙවා”ති. “තුම‍්හාකං රාජා එවරූපං නිවාසෙසී”ති? “ආම, දෙවා”ති. “න මඤ‍්ඤෙ පුඤ‍්ඤවා තුම‍්හාකං රාජා, සුවණ‍්ණභිඞ‍්ගාරං ආහරථ, ලභිස‍්සාම වත්‍ථ”න‍්ති. සුවණ‍්ණභිඞ‍්ගාරං ආහරිංසු. සො උට‍්ඨාය හත්‍ථෙ ධොවිත්‍වා මුඛං වික‍්ඛාලෙත්‍වා හත්‍ථෙන උදකං ආදාය පුරත්‍ථිමදිසායං අබ‍්භුක‍්කිරි. තාවදෙව ඝනපථවිං භින්‍දිත්‍වා අට‍්ඨ කප‍්පරුක‍්ඛා උට‍්ඨහිංසු. පුන උදකං ගහෙත්‍වා දක‍්ඛිණායං පච‍්ඡිමායං උත‍්තරායන‍්ති එවං චතූසු දිසාසු අබ‍්භුක‍්කිරි. සබ‍්බදිසාසු අට‍්ඨට‍්ඨකං කත්‍වා ද‍්වත‍්තිංස කප‍්පරුක‍්ඛා උට‍්ඨහිංසු. සො එකං දිබ‍්බදුස‍්සං නිවාසෙත්‍වා එකං පාරුපිත්‍වා “නන්‍දරඤ‍්ඤො විජිතෙ සුත‍්තකන‍්තිකා ඉත්‍ථියො මා සුත‍්තං කන‍්තිංසූති එවං භෙරිං චරාපෙථා”ති වත්‍වා ඡත‍්තං උස‍්සාපෙත්‍වා අලඞ‍්කතපටියත‍්තො හත්‍ථික‍්ඛන්‍ධවරගතො නගරං පවිසිත්‍වා පාසාදං ආරුය‍්හ මහාසම‍්පත‍්තිං අනුභවි.

ඉක්බිති කුමාරයා මුහුණ විවෘත කර බලන්නේ දරුවෙනි, නුඹලා කුමන කටයුත්තක් සඳහා පැමිණියහුද? දේවයන් වහන්ස! ඔබවහන්සේට රජකම පැවරෙයි කියා කීහ. රජතුමා කොහිද? ස්වාමීනි, දෙව්ලොව ගියේය. නැතිව ගොස් දවස් කීයක් වන්නේද? අද සත්වෙනි දවසයි. පුතෙක් හෝ දුවක් නැද්ද? දුවක් සිටී ස්වාමීනි! පුතෙක් නැත. රජකම කරන්නෙමි. එකෙණෙහිම අභිෂේක මණ්ඩපයක් සාදවා රජ දුවනියව සියළු අලංකාරයන්ගෙන් සරසා උයනට කැඳවා ගෙනවුත් කුමාරයා අභිෂේක කළහ. ඉක්බිති අභිෂේක කළ ඔහුට සතසහශ්‍රයක් වටිනා වස්ත්‍රයක් පිළිගැන්වූහ. දරුවෙනි! මේ කුමක්දැයි ඇසීය. දේවයන් වහන්ස! හැඳ ගැනීමට වස්ත්‍රයයි. දරුවෙනි! දුහුල් නේද? ස්වාමීනි! මිනිසුන් පරිභෝග කරන වස්ත්‍ර අතුරින් මීට වඩා සුඛුමතර එකක් නැත. ඔබතුමන්ගේ රජතුමා මෙබඳු වස්ත්‍රයක් හැන්දේද? එසේය ස්වාමීනියි කීහ. නුඹලාගේ රජතුමා පුණ්‍යවන්තයෙකැයි මම නොසිතමියි රන්කෙණ්ඩිය ගෙනෙව්. සුදුසු වස්ත්‍රයක් ලබන්නෙමියි රන් කෙන්ඩියෙන් ගෙන ආහ. ඔහු නැගිට අත් සෝදා මුහුණ සෝදා අතින් පැන් ගෙන පෙරදිග පැත්තට වත්කළේය. බොල්මහපොළව බිඳී ගොස් කල්ප වෘක්‍ෂ අටක් පැන නැංගාහ. නැවත පැන් ගෙන උතුර, දකුණ, නැගෙනහිර යනාදී වශයෙන් මෙසේ සතර දිසාවට පැන් ඉස්සේය. සියළු දිසාවන්හි අට අට බැගින් දෙතිසක් කල්ප වෘක්‍ෂ පැන නැංගේය. ඔහු ඒ දිව්‍යමය වස්ත්‍රයක් හැඳ එකක් පොරවාගෙන නන්ද රජුගේ විජිතයෙහි නූල්කටින ස්ත්‍රීහු වෙත්නම් එය නොකරත්වායි බෙර හැසිරවීය කියා ඡත්‍ර නංවා සරසන ලද හස්තියා පිට නැගී නගරයට පිවිස ප්‍රාසාදයට නැගී මහත් වූ සැප අනුභව කළේය.

එවං කාලෙ ගච‍්ඡන‍්තෙ එකදිවසං දෙවී රඤ‍්ඤො මහාසම‍්පත‍්තිං දිස‍්වා, “අහො තපස‍්සී”ති කාරුඤ‍්ඤාකාරං දස‍්සෙති. “කිමිදං, දෙවී”ති ච පුට‍්ඨා “අතිමහතී තෙ, දෙව, සම‍්පත‍්ති. අතීතෙ බුද‍්ධානං සද‍්දහිත්‍වා කල්‍යාණං අකත්‍ථ, ඉදානි අනාගතස‍්ස පච‍්චයං කුසලං න කරොථා”ති ආහ. “කස‍්ස දස‍්සාම, සීලවන‍්තො නත්‍ථී”ති? “අසුඤ‍්ඤො, දෙව, ජම‍්බුදීපො අරහන‍්තෙහි, තුම‍්හෙ දානමෙව සජ‍්ජෙථ, අහං අරහන‍්තෙ ලච‍්ඡාමී”ති ආහ. රාජා පුනදිවසෙ පාචීනද‍්වාරෙ දානං සජ‍්ජාපෙසි. දෙවී පාතොව උපොසථඞ‍්ගානි අධිට‍්ඨාය උපරිපාසාදෙ පුරත්‍ථාභිමුඛා උරෙන නිපජ‍්ජිත්‍වා “සචෙ එතිස‍්සං දිසායං අරහන‍්තො අත්‍ථි, ස‍්වෙව ආගන‍්ත්‍වා අම‍්හාකං භික‍්ඛං ගණ‍්හන‍්තූ”ති ආහ. තස‍්සං දිසායං අරහන‍්තො නාහෙසුං, තං සක‍්කාරං කපණයාචකානං අදංසු. පුනදිවසෙ දක‍්ඛිණද‍්වාරෙ දානං සජ‍්ජෙත්‍වා තථෙව අකාසි, පුනදිවසෙ පච‍්ඡිමද‍්වාරෙ. උත‍්තරද‍්වාරෙ සජ‍්ජිතදිවසෙ පන දෙවියා තථෙව නිමන‍්තෙන‍්තියා හිමවන‍්තෙ වසන‍්තානං පදුමවතියා පුත‍්තානං පඤ‍්චසතානං පච‍්චෙකබුද‍්ධානං ජෙට‍්ඨකො මහාපදුමපච‍්චෙකබුද‍්ධො භාතිකෙ ආමන‍්තෙසි, “මාරිසා, නන්‍දරාජා, තුම‍්හෙ නිමන‍්තෙති, අධිවාසෙථ තස‍්සා”ති. තෙ අධිවාසෙත්‍වා පුනදිවසෙ අනොතත‍්තදහෙ මුඛං ධොවිත්‍වා, ආකාසෙන ආගන‍්ත්‍වා උත‍්තරද‍්වාරෙ ඔතරිංසු. මනුස‍්සා දිස‍්වා ගන‍්ත්‍වා “පඤ‍්චසතා, දෙව, පච‍්චෙකබුද‍්ධා ආගතා”ති රඤ‍්ජො ආරොචෙසුං. රාජා සද‍්ධිං දෙවියා ගන‍්ත්‍වා, වන්‍දිත්‍වා, පත‍්තං ගහෙත්‍වා පච‍්චෙකබුද‍්ධෙ පාසාදං ආරොපෙත්‍වා, තත්‍ර නෙසං දානං දත්‍වා, භත‍්තකිච‍්චාවසානෙ රාජා සඞ‍්ඝත්‍ථෙරස‍්ස, දෙවී, සඞ‍්ඝනවකස‍්ස පාදමූලෙ නිපජ‍්ජිත්‍වා “අය්‍යා පච‍්චයෙහි න කිලමිස‍්සන‍්ති, මයං පුඤ‍්ඤෙන න හායිස‍්සාම. අම‍්හාකං යාවජීවං ඉධ නිවාසාය පටිඤ‍්ඤං දෙථා”ති පටිඤ‍්ඤං කාරෙත්‍වා උය්‍යානෙ පඤ‍්චපණ‍්ණසාලාසතානි පඤ‍්චචඞ‍්කමනසතානීති සබ‍්බාකාරෙන නිවාසනට‍්ඨානානි සම‍්පාදෙත්‍වා තත්‍ථ වසාපෙසුං.

මෙසේ කල් ගතවනකල්හි එක් දවසක් දේවිය රජුගේ මහා සම්පත්තිය දැක අනේ තපස්සීතුමනි! කාරුණික බවක් දැක්විය. දේවියද මේ කුමක්දැයි විචරණ ලද්දී දේවයිනි, ඔබවහන්සේගේ සම්පත් අතිමහත්ය. පෙර බුදුන් විශ්වාස කොට යහපත් දේ කළේය. දැන් අනාගතයට පිහිටවන කුසල් නොකරන්නෙහි යැයි කීවාය. කාට දෙම්ද? මේ දඹදිව ශීලවන්තයන් නැතැයි කීය. දේවයන් වහන්ස! දඹදිව රහතන් වහන්සේලාගෙන් හිස් නැත. නුඹවහන්සේ දානය සූදානම් කිරීම පමණක් කරන්න. මම රහතන් වහන්සේලා සොයා ගන්නෙමියි කීවාය. රජතුමා පසුවදා පෙරදිග දොරටුවෙහි දානය සූදානම් කරවීය. දේවිය උදෙන්ම උපොසථ ශීලයන් සිහිකොට මතුමහලෙහි පෙරදිගට අභිමුඛව බිම වැතිර ඉදින් මේ දිශාවෙහි රහතන් වහන්සේලා වැඩසිටිත්ද හෙට මෙහි වැඩමවා අපගේ භික්‍ෂාව පිළිගනිත්වායි කීවාය. ඒ දිසාවෙහි රහතන් වහන්සේලා නොවීය. ඒ සංග්‍රහය දුප්පත් යාචකාදීන්ට දුන්හ. දෙවෙනි දවසේ දකුණු දොරටුවෙහි දානය සූදානම් කර එපරිද්දෙන්ම කළේය. ඊලඟ දිනයේ පශ්චිම දොරටුවෙහිද පෙර පරිදිම කළහ. උතුරු දොරටුවේ දානය සූදානම් කළ කල්හි දේවිය කලින් පරිදි ආරාධනා කළ කල්හි හිමවතෙහි වාසය කරන්නා වූ පදුමවතියා පදුමවතියගේ පුත්‍ර වූ පන්සියයක් පසේබුදුවරයන් වහන්සේලාගෙන් වැඩිමල් වූ මහාපදුම නම් පසේබුදුන් වහන්සේ සහෝදරයන්ට ඇමතීය. උතුමෙනි! නන්‍ද නන්ද රජු ඔබවහන්සේලාට ආරාධනා කරයි. ඔහුගේ ආරාධනය පිළිගන්න. උන්වහන්සේලා එය පිළිගෙන පසුදා අනොතත්ත විලෙන් මුහුණ සෝදා අහසින් අවුත් උතුරු දොරටුවෙහි බැස සිටියහ. මිනිසුන් ගොස් දේවයන් වහන්ස! පන්සියයක් පසේබුදුවරයන් වහන්සේලා වැඩියාහ යැයි රජුට දැන්වූහ. රජු සමග දේවිය ගොස් වැඳ පාත්‍රය ගෙන පසේබුදුවරයන් වහන්සේලා ප්‍රාසාදයට වැඩමවා එහිදී උන්වහන්සේලාට දානය පිළිගන්වා බත්කිස අවසානයේ රජතුමා වැඩිමල් භික්‍ෂූන්ගේද දේවිය නවක භික්‍ෂූන්ගේද පාමුල වැටී ස්වාමීනි! ආර්යයන් වහන්සේලා ප්‍රත්‍යය හේතුවෙන් කරදර නොවෙත්වා. අපි පිනෙන් නොපිරිහෙන්නෙමුයි. ඒ නිසා දිවි ඇතිතෙක් මෙහි වැඩවසන්නට පොරොන්දු වන්න යැයි පොරොන්දු කරවාගෙන උයනෙහි පන්සල පන්සීයක්ද සක්මන්මළු පන්සීයක්ද සියළු ආකාරයෙන් වාසස්ථාන සූදානම් කරවා එහි වාසය කරවූහ.

එවං කාලෙ ගච‍්ඡන‍්තෙ රඤ‍්ඤො පච‍්චන‍්තො කුපිතො. සො “අහං පච‍්චන‍්තං වූපසමෙතුං ගච‍්ඡාමි, ත්‍වං පච‍්චෙකබුද‍්ධෙසු මා පමජ‍්ජී”ති දෙවිං ඔවදිත්‍වා ගතො. තස‍්මිං අනාගතෙයෙව පච‍්චෙකබුද‍්ධානං ආයුසඞ‍්ඛාරා ඛීණා. මහාපදුමපච‍්චෙකබුද‍්ධො තියාමරත‍්තිං ඣානකීළං කීළිත්‍වා අරුණුග‍්ගමනෙ ආලම‍්බනඵලකං ආලම‍්බිත්‍වා ඨිතකොව අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා පරිනිබ‍්බායි. එතෙනුපායෙන සෙසාපීති සබ‍්බෙව පරිනිබ‍්බුතා. පුනදිවසෙ දෙවී පච‍්චෙකබුද‍්ධානං නිසීදනට‍්ඨානං හරිතූපලිත‍්තං කාරෙත්‍වා පුප‍්ඵානි විකිරිත්‍වා, ධූපං දත්‍වා තෙසං ආගමනං ඔලොකයන‍්තී නිසින‍්නා ආගමනං අපස‍්සන‍්තී පුරිසං පෙසෙසි – “ගච‍්ඡ, තාත, ජානාහි, කිං අය්‍යානං කිඤ‍්චි අඵාසුක”න‍්ති? සො ගන‍්ත්‍වා මහාපදුමස‍්ස පණ‍්ණසාලාය ද‍්වාරං විවරිත්‍වා තත්‍ථ අපස‍්සන‍්තො චඞ‍්කමනං ගන‍්ත්‍වා ආලම‍්බනඵලකං නිස‍්සාය ඨිතං දිස‍්වා වන්‍දිත්‍වා “කාලො, භන‍්තෙ”ති ආහ. “පරිනිබ‍්බුතසරීරං කිං කථෙස‍්සති? සො නිද‍්දායති මඤ‍්ඤෙ”ති ගන‍්ත්‍වා පිට‍්ඨිපාදෙ හත්‍ථෙන පරාමසිත්‍වා පාදානං සීතලතාය චෙව ථද‍්ධතාය ච පරිනිබ‍්බුතභාවං ඤත්‍වා, දුතියස‍්ස සන‍්තිකං අගමාසි. එවං තතියස‍්සාති සබ‍්බෙසං පරිනිබ‍්බුතභාවං ඤත්‍වා රාජකුලං ගතො. “කහං, තාත, පච‍්චෙකබුද‍්ධා”ති පුට‍්ඨො “පරිනිබ‍්බුතා, දෙවී”ති ආහ. දෙවී කන්‍දන‍්තී රොදන‍්තී නික‍්ඛමිත්‍වා නාගරෙහි සද‍්ධිං තත්‍ථ ගන‍්ත්‍වා සාධුකීළිතං කාරෙත්‍වා පච‍්චෙකබුද‍්ධානං සරීරකිච‍්චං කාරෙත්‍වා ධාතුයො ගහෙත්‍වා චෙතියං පතිට‍්ඨාපෙසි.

මෙසේ කල් ගතවන කල්හි රජතුමාගේ ප්‍රත්‍යන්තයක කලබලයක් ඇතිවිය. හෙතෙම මම ප්‍රත්‍යන්තය සංසිඳුවන්නට යමි. නුඹ පසේබුදුවරයන් වහන්සේලාට අප්‍රමාදීව සත්කාර කරන්න යැයි අවවාද කර ගියේය. රජු ආපසු එන්නට කලින් පසේබුදුවරයන් වහන්සේලාගේ ආයුෂ හීන විය. මහාපදුම මහාපදුම පසේබුදුන් වහන්සේ තුන්යම් රැය ධ්‍යානකොට හිරු උදාවනවිට අල්ලාගෙන නැගිටීමට යොදා ඇති ඵලයක එල්ලී සිටියදීම අනුපාදිසෙස නිර්වාණයෙන් පිරිනිවන්පෑ සේක. මේ පිළිවෙලින් සියළුම දෙනා වහන්සේලා පිරිනිවන්පෑහ. නැවත දිනක දේවිය පසේබුදුවරයන් වහන්සේලා හිඳගන්නා තැන කොලපාටින් ආලේපකොට මල් අතුරා සුවඳදුම් අල්ලා උන්වහන්සේලාගේ පැමිණීම බලා සිටින්නී නොපැමිණෙන බව දැන පුරුෂයකු පිටත්කර හැරියාය. දරුව! ගොස් ආර්යයන් වහන්සේලාට කෙබඳු නම් කරදරයක්ද? අපහසුතාවයක්දැයි දැනගන්න. හෙතෙම ගොස් මහාපදුමස්ස මහාපදුම පසේබුදුන්ගේ පන්සල දොර විවරකොට එහි නොදැක සක්මන්මලුවට ගොස් එල්ඹෙන ලෑල්ලේ එල්ලී සිටිනු දැක වැඳ ස්වාමීනි! දානයට වේලාව යැයි කීය. පිරිනිවන්පෑ ශරීරය කෙසේ කථාකරයිද? උන්වහන්සේ නිදාගෙන යැයි සිතා පිටිපතුල අතින් පිරිමැද්දේය. පාවල සීතල බවත් තදගතියත් නිසා පිරිනිවන් පෑ බව දැනගෙන දෙවෙනි පසේබුදුන් ලඟට ගියේය. මේ අයුරින් තුන්වැන්නා ලඟට ආදී වශයෙන් සියළුදෙනා වහන්සේලාම පිරිනිවන්පා ඇති බව දැනගෙන රජගෙදරට ගියේ, දරුව! පසේබුදුවරයන් වහන්සේලා කොහිදැයි අසන ලද්දේ දේවිය! උන්වහන්සේලා පිරිනිවන්පෑවහයි කීය. දේවිය හඬමින් නගරවැසියන් සමග පිටත්ව එහි ගොස් උත්සව (ආදාහන) පවත්වා පසේබුදුවරයන් වහන්සේලාගේ ශරීර දවා ධාතූන් වහන්සේලා ගෙන චෛත්‍යයක තැන්පත් කළාය.

රාජා පච‍්චන‍්තං වූපසමෙත්‍වා ආගතො පච‍්චුග‍්ගමනං ආගතං දෙවිං පුච‍්ඡි – “කිං, භද‍්දෙ, පච‍්චෙකබුද‍්ධෙසු නප‍්පමජ‍්ජි, නිරොගා අය්‍යා”ති? “පරිනිබ‍්බුතා දෙවා”ති. රාජා චින‍්තෙති “එවරූපානම‍්පි පණ‍්ඩිතානං මරණං උප‍්පජ‍්ජති, අම‍්හාකං කුතො මොක‍්ඛො”ති. සො නගරං අගන‍්ත්‍වා, උය්‍යානමෙව පවිසිත්‍වා ජෙට‍්ඨපුත‍්තං පක‍්කොසාපෙත්‍වා, තස‍්ස රජ‍්ජං නිය්‍යාතෙත්‍වා, සයං සමණපබ‍්බජ‍්ජං පබ‍්බජි. දෙවීපි “ඉමස‍්මිං පබ‍්බජිතෙ අහං කිං කරිස‍්සාමී”ති තත්‍ථෙව උය්‍යානෙ පබ‍්බජිත්‍වා ද‍්වෙපි ඣානං භාවෙත්‍වා තතො චුතා බ්‍රහ‍්මලොකෙ නිබ‍්බත‍්තිංසු.

රජු ප්‍රත්‍යන්තය සංසිඳවා පැමිණියේ පෙරගමන් ගත් බිසවගෙන් විචාළේය. සොඳුර! කිම, පසේබුදුවරයන් වහන්සේලාට අප්‍රමාදීව සත්කාර කළාද? උන්වහන්සේලා නිරෝගීව වැඩසිටිත්දැයි ඇසීය. දේවයන් වහන්ස! සියළුදෙනා වහන්සේලාම පිරිනිවන්පෑහ. රජු මෙසේ සිතීය. මෙබඳු වූ පණ්ඩිතයන් වහන්සේලාටද මරණය සිදුවෙයි. අපටනම් කවර ගැලවීමක්දැයි ඔහු නගරයට අවුත් උයනටම පිවිස දෙටු පුත්‍රයා කැඳවා ඔහුට රජකම භාරදී තමා ශ්‍රමණ ප්‍රවෘජ්‍යාවෙන් පැවිදි විය. දේවියද මොහු පැවිදි වූ කල්හි මම කුමක් කරන්නෙම්දැයි ඒ උයනේම පැවිදිව දෙදෙනාම ධ්‍යාන වඩා එයින් චුතව බඹලොව උපන්හ.

තෙසු තත්‍ථෙව වසන‍්තෙසු අම‍්හාකං සත්‍ථා ලොකෙ උප‍්පජ‍්ජිත්‍වා පවත‍්තිතවරධම‍්මචක‍්කො අනුපුබ‍්බෙන රාජගහං පාවිසි. සත්‍ථරි තත්‍ථ පටිවසන‍්තෙ අයං පිප‍්පලිමාණවො මගධරට‍්ඨෙ මහාතිත්‍ථබ්‍රාහ‍්මණගාමෙ කපිලබ්‍රාහ‍්මණස‍්ස අග‍්ගමහෙසියා කුච‍්ඡිම‍්හි නිබ‍්බත‍්තො. අයං භද‍්දා කාපිලානී මද‍්දරට‍්ඨෙ සාගලනගරෙ කොසියගොත‍්තබ්‍රාහ‍්මණස‍්ස අග‍්ගමහෙසියා කුච‍්ඡිස‍්මිං නිබ‍්බත‍්තා. තෙසං අනුක‍්කමෙන වඩ‍්ඪමානානං පිප‍්පලිමාණවස‍්ස වීසතිමෙ, භද‍්දාය සොළසමෙ වස‍්සෙ සම‍්පත‍්තෙ මාතාපිතරො පුත‍්තං ඔලොකෙත්‍වා “තාත, ත්‍වං වයප‍්පත‍්තො, කුලවංසො නාම පතිට‍්ඨපෙතබ‍්බො”ති අතිවිය නිප‍්පීළයිංසු. මාණවො ආහ “මය‍්හං සොතපථෙ එවරූපං කථං මා කථෙථ. අහං යාව තුම‍්හෙ ධරථ, තාව පටිජග‍්ගිස‍්සාමි, තුම‍්හාකං අච‍්චයෙන නික‍්ඛමිත්‍වා පබ‍්බජිස‍්සාමී”ති. තෙ කතිපාහං අතික‍්කමිත්‍වා පුන කථයිංසු. සොපි තථෙව පටික‍්ඛිපි. තතො පට‍්ඨාය නිරන‍්තරං කථෙතියෙව.

ඔවුන් එහි වසන කල්හි අපගේ ශාස්තෲන් වහන්සේ ලොව පහළවී පවත්වන ලද උතුම් දම්සක් ඇත්තේ පිළිවෙලින් රජගහ නුවරට වැඩියේය. භාග්‍යවතුන් වහන්සේ එහි වැඩවසන කල්හි මේ පිප්පලි පිප්පලි තරුණයා මගධ රටෙහි මහාතිත්‍ථ මහාතිත්‍ථ නම් වූ බ්‍රාහ්මණ ගමෙහි කපිල කපිල නම් වූ බ්‍රාහ්මණයාගේ අගමෙහෙසියගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. මේ භද්දාකාපිලානි භද්දාකාපිලානිය මද්දරට්ඨෙන මද්ද රටෙහි සාගල එනම් නගරයෙහි කොසියගොත්ත කෝසියගොත්ත නම් වූ බැමිණියගේ අගමෙහෙසියගේ කුසෙහි උපන්නාය. මෙසේ පිළිවෙලින් වැඩෙන්නා වූ පිප්පලී මානවයාගේ විසි වයසේදීත් භද්දාවගේ දහසය වන වියේදීත් මව්පියවරු පුත්‍රයාව දැක දරුව! ඔබ දැන් සුදුසු වයසට පැමිණ ඇත. කුල පරම්පරාව ආරක්ෂා කළ යුතුයි යනුවෙන් අතිශයින් බල කළහ. තරුණයා මෙසේ කීය. මට මෙබඳු කථාවක් මගේ කණේ තබන්න එපා. ඔබලා ජීවත්ව සිටිනතාක් මම ඔබලාව රැකබලා ගනිමි. ඔබලාගෙන් පසුව ගෙදරින් නික්ම ගොස් පැවිදි වන්නෙමියි කීය. ඔවුහු දවස් කීපයකට පසුව නැවතත් එසේම කීහ. ඔහු පෙරසේම ප්‍රතික්‍ෂේප කළේය. නැවතද කීහ. නැවතද ප්‍රතික්‍ෂේප කළේය. එතැන් පටන් මව නිරන්තරයෙන් ඒ ගැන කියයි.

මාණවො “මම මාතරං සඤ‍්ඤාපෙස‍්සාමී”ති රත‍්තසුවණ‍්ණස‍්ස නික‍්ඛසහස‍්සං දත්‍වා සබ‍්බකාමෙහි සන‍්තප‍්පෙත්‍වා සුවණ‍්ණකාරෙහි එකං ඉත්‍ථිරූපං කාරාපෙත්‍වා තස‍්ස මජ‍්ජනඝට‍්ටනාදිකම‍්මපරියොසානෙ තං රත‍්තවත්‍ථං නිවාසාපෙත්‍වා වණ‍්ණසම‍්පන‍්නෙහි පුප‍්ඵෙහි චෙව නානාඅලඞ‍්කාරෙහි ච අලඞ‍්කාරාපෙත්‍වා මාතරං පක‍්කොසාපෙත්‍වා ආහ “අම‍්ම, එවරූපං ආරම‍්මණං ලභන‍්තො ගෙහෙ වසිස‍්සාමි අලභන‍්තො න වසිස‍්සාමී”ති. පණ‍්ඩිතා බ්‍රාහ‍්මණී චින‍්තෙසි – “මය‍්හං පුත‍්තො පුඤ‍්ඤවා දින‍්නදානො කතාභිනීහාරො, පුඤ‍්ඤං කරොන‍්තො න එකකොව අකාසි, අද‍්ධා එතෙන සහකතපුඤ‍්ඤා සුවණ‍්ණරූපපටිභාගාව භවිස‍්සතී”ති අට‍්ඨ බ්‍රාහ‍්මණෙ පක‍්කොසාපෙත්‍වා සබ‍්බකාමෙහි සන‍්තප‍්පෙත්‍වා සුවණ‍්ණරූපකං රථං ආරොපෙත්‍වා “ගච‍්ඡථ, තාතා, යත්‍ථ අම‍්හාකං ජාතිගොත‍්තභොගෙහි සමානෙ කුලෙ එවරූපං දාරිකං පස‍්සථ, ඉමමෙව සුවණ‍්ණරූපකං පණ‍්ණාකාරං කත්‍වා එථා”ති උය්‍යොජෙසි.

තරුණයා මගේ මවට දන්වන්නෙමියි පිරිසිදු රන් කහවනු දහසක් දී රන්කරුවන් ලවා එක් ස්ත්‍රී රූපයක් සාදවා ඒ රූපය මැදීම, සිලිටිකිරිම් ආදී සියළු නිමාවන් කර අවසන් වූ පසු ඒ රූපයට රතු වස්ත්‍රයක් හඳවා පැහැපත් මල්වලින්ද නොයෙක් අලංකාරයන්ගෙන්ද සරසවා මව කැඳවා මැණියනි! මෙබඳු රුවක් ඇත්තියක ලබන්නේ නම් ගෙදර වසමියි කීය. පණ්ඩිත වූ බැමිණිය මෙසේ සිතුවාය. මාගේ පුත්‍රයා පින්වන්තයි. දෙන ලද දන් ඇත්තේය. කරන ලද ප්‍රාර්ථනා ඇත්තේය. පින්කරන්නේ තනියම පිංකළේ නැත. මොහු සමග පිංකළ තැනැත්තිය රන්රුවක් හා සමාන වන්නීය. බමුණන් අටදෙනෙක් කැඳවා කැමැති සියළු දෙයින් සතුටු කර රන්රුව රථයකට නංවා දරුවෙනි යව්! යම්තැනක අපගේ ජාතිය ගොත්‍රය සම්පත්වලට සමාන කුලයක මෙබඳු රුවක් ඇති දාරිකාවක් දකිව්ද මේ රන්රුවට සසඳා බලා එව් යැයි පිටත්කර හැරියාය.

තෙ “අම‍්හාකං නාම එතං කම‍්ම”න‍්ති නික‍්ඛමිත්‍වා “කත්‍ථ ගමිස‍්සාමා”ති චින‍්තෙත්‍වා “මද‍්දරට‍්ඨං නාම ඉත්‍ථාකරො, මද‍්දරට‍්ඨං ගමිස‍්සාමා”ති මද‍්දරට‍්ඨෙ සාගලනගරං අගමංසු. තත්‍ථ තං සුවණ‍්ණරූපකං න‍්හානතිත්‍ථෙ ඨපෙත්‍වා එකමන‍්තෙ නිසීදිංසු. අථ භද‍්දාය ධාතී භද‍්දං න‍්හාපෙත්‍වා, අලඞ‍්කරිත්‍වා, සිරිගබ‍්භෙ නිසීදාපෙත්‍වා සයං න‍්හායිතුං උදකතිත්‍ථං ගතා තත්‍ථ තං සුවණ‍්ණරූපකං දිස‍්වා “කිස‍්සායං අවිනීතා ඉධාගන‍්ත්‍වා ඨිතා”ති පිට‍්ඨිපස‍්සෙ පහරිත්‍වා “සුවණ‍්ණරූපක”න‍්ති ඤත්‍වා “අය්‍යධීතා මෙ”ති සඤ‍්ඤං උප‍්පාදෙසිං, “අයං පන මෙ අය්‍යධීතාය නිවාසනපටිග‍්ගාහිකායාපි අසදිසා”ති ආහ. අථ නං තෙ මනුස‍්සා පරිවාරෙත්‍වා “එවරූපා තෙ සාමිධීතා”ති පුච‍්ඡිංසු. “කිං එසා, ඉමාය සුවණ‍්ණපටිමාය සතගුණෙන සහස‍්සගුණෙන මය‍්හං අය්‍යධීතා අභිරූපතරා, ද‍්වාදසහත්‍ථෙ ගබ‍්භෙ නිසින‍්නාය පදීපකිච‍්චං නත්‍ථි, සරීරොභාසෙනෙව තමං විධමතී”ති. “තෙන හි ආගච‍්ඡා”ති තං ඛුජ‍්ජං ගහෙත්‍වා සුවණ‍්ණරූපකං රථෙ ආරොපෙත්‍වා කොසියගොත‍්තස‍්ස බ්‍රාහ‍්මණස‍්ස ඝරද‍්වාරෙ ඨත්‍වා ආගමනං නිවෙදයිංසු.

ඔවුහු මේ වනාහි අපගේ රාජකාරිය වන්නේයැයි පිටත්ව කොහේ යම්දැයි සිතා මදුරට නම් කාන්තාවන්ට නිවාසස්ථානයකි. මදුරටට යමුදැයි මදුරටේ සාගල සාගල නගරයට ගියහ. එහි ඒ රන්රුව නානතොටුපලේ තබා පසෙකට වී සිටියාහ. ඉක්බිති භද්දාය භද්‍රාවගේ මෙහෙකාරිය භද්‍රාව නහවා සරසා සිරියහනෙහි හිඳුවා තබා නාන්නට තොටුපළට යන්නී එහි ඒ රන්රුව දැක කුමක් නිසා අවිනීත වූ තැනැත්තිය මෙහි අවුත් සිටින්නීදැයි පිටුපසට පහරක් දී රන්රුවක් බව දැන ‘මගේ ස්වාමි දියණිය’ කියා කීවාය. මෙය වනාහි හැඳපැලඳ සරසන ලද අපේ ස්වාමි දියණියට සමාන නැත. ඉක්බිති ඒ මිනිස්සු ඇය වටකරගෙන ඔබගේ ස්වාමි දියණිය මේ රූපයට සමානදැයි ඇසූහ. මේ කවුද? මේ රන්රුවට වඩා සිය ගුණයකින් දහස් ගුණයකින්, දසදහස් ගුණයකින් මගේ ස්වාමිදුව රූමත්ය. බඹ දොළසක් පමණ කාමරයක සිටින්නී, එහි ප්‍රදීපයක් අවශ්‍ය නැත. ශරීර ශෝභාවෙන්ම අඳුර දුරුවෙයි. එසේනම් එන්නෙමුයි ඒ කුදු තැනැත්තියද රැගෙන රන්රුව රථයට නංවාගෙන කොසිය කෝසිය ගෝත්‍රයේ ගෙයි දොර ලඟ සිට පැමිණි බව දැන්වූහ.

බ්‍රාහ‍්මණො පටිසන්‍ථාරං කත්‍වා “කුතො ආගතත්‍ථා”ති පුච‍්ඡි. “මගධරට‍්ඨෙ මහාතිත්‍ථගාමෙ කපිලබ්‍රාහ‍්මණස‍්ස ඝරතො”ති. “කිං කාරණා ආගතා”ති? “ඉමිනා නාම කාරණෙනා”ති. “කල්‍යාණං, තාතා, සමජාතිගොත‍්තවිභවො අම‍්හාකං බ්‍රාහ‍්මණො, දස‍්සාමි දාරික”න‍්ති පණ‍්ණාකාරං ගණ‍්හි. තෙ කපිලබ්‍රාහ‍්මණස‍්ස සාසනං පහිණිංසු “ලද‍්ධා දාරිකා , කත‍්තබ‍්බං කරොථා”ති. තං සාසනං සුත්‍වා පිප‍්පලිමාණවස‍්ස ආරොචයිංසු “ලද‍්ධා කිර දාරිකා”ති. මාණවො “අහං ‘න ලභිස‍්සන‍්තී’ති චින‍්තෙසිං, ඉමෙ ‘ලද‍්ධා’ති වදන‍්ති, අනත්‍ථිකො හුත්‍වා පණ‍්ණං පෙසෙස‍්සාමී”ති රහොගතො පණ‍්ණං ලිඛි “භද‍්දා, අත‍්තනො ජාතිගොත‍්තභොගානුරූපං ඝරාවාසං ලභතු, අහං නික‍්ඛමිත්‍වා පබ‍්බජිස‍්සාමි, මා පච‍්ඡා විප‍්පටිසාරිනී අහොසී”ති. භද‍්දාපි “අසුකස‍්ස කිර මං දාතුකාමො”ති සුත්‍වා “පණ‍්ණං පෙසෙස‍්සාමී”ති රහොගතා පණ‍්ණං ලිඛි “අය්‍යපුත‍්තො අත‍්තනො ජාතිගොත‍්තභොගානුරූපං ඝරාවාසං ලභතු, අහං පබ‍්බජිස‍්සාමි, මා පච‍්ඡා විප‍්පටිසාරී අහොසී”ති. ද‍්වෙපි පණ‍්ණානි අන‍්තරාමග‍්ගෙ සමාගච‍්ඡිංසු. “ඉදං කස‍්ස පණ‍්ණ”න‍්ති? “පිප‍්පලිමාණවෙන භද‍්දාය පහිත”න‍්ති. “ඉදං කස‍්සා”ති? “භද‍්දාය පිප‍්පලිමාණවස‍්ස පහිත”න‍්ති ච වුත‍්තෙ තෙ ද‍්වෙපි වාචෙත්‍වා “පස‍්සථ දාරකානං කම‍්ම”න‍්ති ඵාලෙත්‍වා අරඤ‍්ඤෙ ඡඩ‍්ඩෙත්‍වා අඤ‍්ඤං තංසමානං පණ‍්ණං ලිඛිත්‍වා ඉතො එත‍්තො ච පෙසෙසුං. ඉති කුමාරස‍්ස කුමාරිකාය ච සදිසං පණ‍්ණං ලොකස‍්සාදරහිතමෙවාති අනිච‍්ඡමානානංයෙව ද‍්වින‍්නං සමාගමො අහොසි.

බ්‍රාහ්මණ තෙමේ පිළිසඳර කථාකොට කොහේ සිට පැමිණියාහුදැයි ඇසීය. මගධ රටෙහි මහාතිත්‍ථ මහාතිත්‍ථ ගමෙහි කපිල කපිල බ්‍රාහ්මණයාගේ ගෙදරින් මේ කාරණය සඳහා පැමිණ ඇති බව කීහ. දරුවෙනි! යහපති. අපගේ බමුණා සමාන ජාති ගොත්‍ර ඇත්තේය. දැරිය දෙන්නෙමියි ලිපිනය ඉල්ලා ගත්තේය. ඔවුහු කපිල කපිල බ්‍රාහ්මණයාට හසුනක් යැවූහ. දැරියක් සොයාගත්තා. කළයුතු කටයුතු කරන්න. කුමරියක් සොයාගන්නා ලදී යන පණිවිඩය පිප්පලී මානවකයාට දැන්වීය. නොලැබේයැයි මම සිතුවෙමි. ලැබුනේයැයි මොවුහු කියති. බලාපොරොත්තු නැතිව පණිවිඩයක් යවන්නෙමියි රහසිගතව ලිපියක් ලිවීය. භද්දා කුමරිය තමාට ජාති ගොත්‍ර සම්පත් අතින් සමාන වූ ගිහි ජීවිතයක් ලබාවා. මම ගෙදරින් නික්ම පැවිදි වන්නෙමි. පසුව පසුතැවිලි නොවන්න. භද්දා කුමරියද තමාව අසවලාට දෙන්නේයැයි අසා ලිපියක් යවන්නෙමියි රහසිගතව ලිපියක් ලිවීය. ආර්යපුත්‍රය! ඔබට ජාතිගොත්‍ර සම්පත්වලින් සමාන කෙනෙක් ලැබේවා. මම ගෙදරින් නික්ම පැවිදි වන්නෙමි. පසුතැවිලි නොවන්න. මේ පණිවිඩ දෙකම අතරමගදී මුණගැසින. මේ කාගේ ලිපියද? පිප්පලී තරුණයා විසින් භද්දා වෙත යවන ලද්දයි. මේ කාගේ ලිපියද? එය භද්දා විසින් පිප්පලී මාණවකයාට යවන ලද එකකැයි කී කල්හි ඔවුන් දෙදෙනාගෙන්ම අසා ‘දරුවන්ගේ කර්මය බලන්න’යැයි තලා වනයේ අතහැර දමා වෙනත් ලිපියක් ලියා ඔවුන්ට යැවූහ. කුමාරයාගේත් කුමරියගේත් ලියුම් සමානය. දෙදෙනාම ලෝකාස්වාදරතිය අකමැති නිසා අකමැත්තෙන්ම ඔවුන් දෙදෙනාගේ එකට විසීම විය.

තං දිවසංයෙව පිප‍්පලිමාණවො එකං පුප‍්ඵදාමං ගන්‍ථාපෙසි භද‍්දාපි. තානි සයනමජ‍්ඣෙ ඨපෙසුං භුත‍්තසායමාසා උභොපි “සයනං ආරුහිස‍්සාමා”ති මාණවො දක‍්ඛිණපස‍්සෙන සයනං ආරුහි. භද‍්දා වාමපස‍්සෙන අභිරුහිත්‍වා ආහ – “යස‍්ස පස‍්සෙ පුප‍්ඵානි මිලායන‍්ති, තස‍්ස රාගචිත‍්තං උප‍්පන‍්නන‍්ති විජානිස‍්සාම, ඉමං පුප‍්ඵදාමං න අල‍්ලියිතබ‍්බ”න‍්ති. තෙ පන අඤ‍්ඤමඤ‍්ඤං සරීරසම‍්ඵස‍්සභයෙන තියාමරත‍්තිං නිද‍්දං අනොක‍්කමන‍්තාව වීතිනාමෙන‍්ති, දිවා පන හසිතමත‍්තම‍්පි නාහොසි. තෙ ලොකාමිසෙන අසංසට‍්ඨා යාව මාතාපිතරො ධරන‍්ති, තාව කුටුම‍්බං අවිචාරෙත්‍වා තෙසු කාලඞ‍්කතෙසු විචාරයිංසු. මහතී මාණවස‍්ස සම‍්පත‍්ති – එකදිවසං සරීරං උබ‍්බට‍්ටෙත්‍වා ඡඩ‍්ඩෙතබ‍්බං සුවණ‍්ණචුණ‍්ණං එව මගධනාළියා ද‍්වාදසනාළිමත‍්තං ලද‍්ධුං වට‍්ටති. යන‍්තබද‍්ධානි සට‍්ඨිමහාතළාකානි, කම‍්මන‍්තො ද‍්වාදසයොජනිකො, අනුරාධපුරපමාණා චුද‍්දස ගාමා, චුද‍්දස හත්‍ථානීකානි, චුද‍්දස අස‍්සානීකානි, චුද‍්දස රථානීකානි.

එදිනම පිප්පලී මාණවකයා එක් මල්දමක් ගෙතුවේය. භද්දාපි භද්දා තොමෝද එය සයනයෙහි මැද තැබුවාය. සවස ආහාර ගැනීමෙන් පසුව දෙදෙනාම සයනයට නගිනු කැමැත්තාහු මාණවකයා දකුණු පසින් සයනයට නැංගේය. භද්දාව වම්පසින් සයනයට නැංගාය. ඔවුහු ඔවුනොවුන්ගේ ශරීර ස්පර්ශ වේය යන බියෙන් නිදි වරාගෙන රාත්‍රිය ගත්කරත්. දවල් කාලයෙහි සිනහ මාත්‍රාවකුදු නැත. ඔවුහු ලෝකාමිසයෙන් ඈත්ව යම්තාක් මව්පියන් ජීවත්ව සිටිත්ද ඒ තාක් පවුල නොවිමසා ඔවුන් කාලක්‍රියා කළ කල්හි පවුලේ තොරතුරු සොයා බැලූහ. මාණවකයා සතු සම්පත් විශාලය. එක් දවසකට ඇඟ උලා ඉවත දමන රංසුණුම මගධ නැළියෙන් දොළොස් නැලියක් පමණ වටී. යන්ත්‍ර බැඳි මහා වැව් හැටකි. කර්මාන්ත දොළොස් යොදුනකි. අනුරාධපුරය තරම් දාසග්‍රාම දාහතරකි. හස්ත කණ්ඩායම් දාහතරකි. අශ්ව කණ්ඩායම් දාහතරකි. රථ කණ්ඩායම් දාහතරකි.

සො එකදිවසං අලඞ‍්කතඅස‍්සං ආරුය‍්හ මහාජනපරිවුතො කම‍්මන‍්තං ගන‍්ත්‍වා ඛෙත‍්තකොටියං ඨිතො නඞ‍්ගලෙහි භින‍්නට‍්ඨානතො කාකාදයො සකුණෙ ගණ‍්ඩුප‍්පාදාදිපාණකෙ උද‍්ධරිත්‍වා ඛාදන‍්තෙ දිස‍්වා, “තාතා, ඉමෙ කිං ඛාදන‍්තී”ති පුච‍්ඡි. “ගණ‍්ඩුප‍්පාදෙ, අය්‍යා”ති. “එතෙහි කතං පාපං කස‍්ස හොතී”ති? “තුම‍්හාකං, අය්‍යා”ති. සො චින‍්තෙසි – “සචෙ එතෙහි කතං පාපං මය‍්හං හොති, කිං මෙ කරිස‍්සති සත‍්තඅසීතිකොටිධනං, කිං ද‍්වාදසයොජනො කම‍්මන‍්තො, කිං යන‍්තබද‍්ධානි තළාකානි, කිං චුද‍්දස ගාමා, සබ‍්බමෙතං භද‍්දාය කාපිලානියා නිය්‍යාතෙත්‍වා නික‍්ඛම‍්ම පබ‍්බජිස‍්සාමී”ති.

ඔහු එක්දිනක් සරසන ලද අශ්වයකු පිට නැගී මහාජනයා පිරිවරාගෙන වැඩමබිමට ගොස් කුඹුරේ කෙළවර සිටියේ නඟුල්වලින් බිඳුනු තැන්වලින් කපුටු ආදී පක්‍ෂීන් ගැඩවිල් ආදී ප්‍රාණීන් අල්ලාගෙන කනු දැක දරුවෙනි! මේ සත්තු කුමක් කරන්නේදැයි ඇසීය. ස්වාමීනි! ගැලවිලුන්ය. මොවුන් විසින් කරන ලද පාපය කාහටද? ස්වමීනි, ඔබවහන්සේටය. ඔහු සිතුවේය. ඉදින් මොවුන් කළ පාපය මට වන්නේ නම් අසූහත් කෝටියක් ධනය මට කුමක් කරයිද? යොදුන් දොළසක් කර්මාන්තපුරය කුමකටද? යන්ත්‍ර බැඳි වැව්, දාහතරක් දාසග්‍රමයන්ගෙන් ඇති ඵලය කුමක්ද? මේ සියල්ල භද්දාය කාපිලානියා භද්‍රා කාපිලානියට පවරා නික්ම ගොස් පැවිදි වන්නෙමියි.

භද‍්දාපි කාපිලානී තස‍්මිං ඛණෙ අන‍්තරවත්‍ථුම‍්හි තයො තිලකුම‍්භෙ පත්‍ථරාපෙත්‍වා ධාතීහි පරිවුතා නිසින‍්නා කාකෙ තිලපාණකෙ ඛාදමානෙ දිස‍්වා, “අම‍්මා, කිං ඉමෙ ඛාදන‍්තී”ති පුච‍්ඡි. “පාණකෙ අය්‍යෙ”ති. “අකුසලං කස‍්ස හොතී”ති? “තුම‍්හාකං, අය්‍යෙ”ති. සා චින‍්තෙසි – “මය‍්හං චතුහත්‍ථවත්‍ථං නාළිකොදනමත‍්තඤ‍්ච ලද‍්ධුං වට‍්ටති, යදි පනෙතං එත‍්තකෙන ජනෙන කතං අකුසලං මය‍්හං හොති, භවසහස‍්සෙනපි වට‍්ටතො සීසං උක‍්ඛිපිතුං න සක‍්කා. අය්‍යපුත‍්තෙ ආගතමත‍්තෙයෙව සබ‍්බං තස‍්ස නිය්‍යාතෙත්‍වා නික‍්ඛම‍්ම පබ‍්බජිස‍්සාමී”ති.

භද්දාකාපිලානියද ඒ මොහොතේම ඇතුල්ගෙයි තල කලගෙඩි තුනක් අතුරා මෙහෙකාරියන් පිරිවරාගෙන සිටින්නී තලවල සිටින ප්‍රාණීන්ව කපුටන් කනවා දැක මව්වරුනි! මොවුන් කන්නේ මොනවාදැයි ඇසීය. දේවියනි! සතුන්වය. පාපය වන්නේ කාටද? දේවියනි, ඔබවහන්සේට. ඈ සිතුවාය. මට සතර රියනක් වස්ත්‍රද නැලියක් පමණ බත්ද ලබන්නට වටනේය. ඉදින් වනාහි මොවුන් විසින් කරන ලද පාපය මට වන්නේද භව සහශ්‍රයකින්වත් සසරින් හිස ඔසවන්නට නොහැකිය. ආර්යපුත්‍රයා පැමිණි විගස සියල්ල ඔහුට පවරා දී නික්ම ගොස් පැවිදි වන්නෙමියි සිතීය.

මාණවො ආගන‍්ත්‍වා, න‍්හත්‍වා පාසාදං ආරුය‍්හ මහාරහෙ පල‍්ලඞ‍්කෙ නිසීදි. අථස‍්ස චක‍්කවත‍්තිනො අනුච‍්ඡවිකං භොජනං සජ‍්ජයිංසු. ද‍්වෙපි භුඤ‍්ජිත්‍වා පරිජනෙ නික‍්ඛන‍්තෙ රහොගතා ඵාසුකට‍්ඨානෙ නිසීදිංසු. තතො මාණවො භද‍්දං ආහ – “භද‍්දෙ, ඉමං ඝරං ආගච‍්ඡන‍්තී ත්‍වං කිත‍්තකං ධනං ආහරසී”ති? “පඤ‍්චපණ‍්ණාස සකටසහස‍්සානි, අය්‍යා”ති. “තං සබ‍්බං, යා ච ඉමස‍්මිං ඝරෙ සත‍්තඅසීතිකොටියො යන‍්තබද‍්ධසට‍්ඨිතළාකාදිභෙදා ච සම‍්පත‍්ති අත්‍ථි, තං සබ‍්බඤ‍්ච තුය‍්හංයෙව නිය්‍යාදෙමී”ති. “තුම‍්හෙ පන කහං ගච‍්ඡථ, අය්‍යා”ති? “අහං පබ‍්බජිස‍්සාමී”ති. “අය්‍ය, අහම‍්පි තුම‍්හාකංයෙව ආගමනං ඔලොකයමානා නිසින‍්නා. අහම‍්පි පබ‍්බජිස‍්සාමී”ති. තෙසං ආදිත‍්තපණ‍්ණකුටි විය තයො භවා උපට‍්ඨහිංසු. තෙ අන‍්තරාපණතො කසායරසපීතානි වත්‍ථානි මත‍්තිකාපත‍්තෙ ච ආහරාපෙත්‍වා අඤ‍්ඤමඤ‍්ඤං කෙසෙ ඔරොපෙත්‍වා “යෙ ලොකෙ අරහන‍්තො, තෙ උද‍්දිස‍්ස අම‍්හාකං පබ‍්බජ‍්ජා”ති පබ‍්බජිත්‍වා, ථවිකාසු පත‍්තෙ පක‍්ඛිපිත්‍වා අංසෙ ලග‍්ගෙත්‍වා පාසාදතො ඔතරිංසු. ගෙහෙ දාසෙසු වා කම‍්මකරෙසු වා න කොචි සඤ‍්ජානි.

මාණවකයා පැමිණ ස්නානය කර ප්‍රාසාදයට නැග ඉතා වටිනා ආසනයෙහි වාඩිවිය. ඉක්බිති ඔහුට සක්විති රජකුට යෝග්‍ය වන භෝජන සූදානම් කළහ. දෙදෙනම අනුභවකොට පිරිවර ජනයාව රහසිගතව පහසුතැනක සිටියහ. ඉක්බිති මාණවකයා භද්‍රාට මෙසේ කීය. භදා! ඔබ මේ ගෙදරට එනවිට ඔබ කොපමණ ධනයක් රැගෙන ආවේද? ස්වාමීනි, පනස්පන්දහසක් ගැල් ස්වාමීනියි කීය. යම් මේ ගෙදර තිබෙන අසූහත් කෝටියක් ධනය වේද ඒ සියල්ලත්, යන්ත්‍ර බැඳි හැටක් වැව් ආදි සම්පත් වේද ඒ සියල්ලම ඔබට පවරා දෙමි. ස්වාමීනි, ඔබවහන්සේ කොහි යන්නේද? මම පැවිදි වන්නෙමි. ස්වාමීනි, මමද ඔබවහන්සේ එනතෙක් බලා සිටියෙම් මමද පැවිදි වන්නෙමියි කීවාය. ඔවුහු අපගේ ගිනිගන්නා වූ කොල අතු පැලක් වැනි භවයන් තුනක් එළඹ සිටියේය. පැවිදි වන්නෙමි. කඩයකින් කසටවන් පාට යොදන ලද වස්ත්‍රද මැටි පාත්‍රද ගෙන්වාගෙන ඔවුනොවුන් හිස මුඩුකරගෙන ලෝකයෙහි යම් ඒ රහතන් වහන්සේලා වෙත්ද අපගේ පැවිද්ද උන්වහන්සේලා වෙනුවෙන් යැයි පැවිදිව පසුම්බිවල පාත්‍රා දමාගෙන උරෙහි එල්ලාගෙන ප්‍රාසාදයෙන් පහළට බැස්සාහ. ගෙයි දාස හෝ කම්කරුවන් හෝ කිසිවෙක් හඳුනාගත්තේ නැත.

අථ නෙ බ්‍රාහ‍්මණගාමතො නික‍්ඛම‍්ම දාසගාමද‍්වාරෙන ගච‍්ඡන‍්තෙ ආකප‍්පකුත‍්තවසෙන දාසගාමවාසිනො සඤ‍්ජානිංසු. තෙ රොදන‍්තා පාදෙසු නිපතිත්‍වා “කිං, අම‍්හෙ, අනාථෙ කරොථ අය්‍යා”ති ආහංසු. “මයං, ‘භණෙ, ආදිත‍්තපණ‍්ණසාලා විය තයො භවා’ති පබ‍්බජිම‍්හා. සචෙ තුම‍්හෙසු එකෙකං භුජිස‍්සං කරොම, වස‍්සසතම‍්පි නප‍්පහොති. තුම‍්හෙව තුම‍්හාකං සීසං ධොවිත්‍වා භුජිස‍්සා හුත්‍වා ජීවථා”ති වත්‍වා තෙසං රොදන‍්තානංයෙව පක‍්කමිංසු.

ඉක්බිති ඔවුහු බමුණුගමින් නික්ම දාසගම්හි දොරටුවෙන් යන්නවුන්ගේ ආකල්ප ස්වභාවයන් අනුව හඳුනා ගත්හ. ඔවුහු වැලපෙමින් පාලග වැටී ස්වාමීනි, ඇයි අප අනාථ කරන්නේයැයි ඇසූහ. සත්පුරුෂයෙනි, අපි මේ භවත්‍රය ගිනිගන්නා පන්සලක් බඳුයැයි සිතා පැවිදි වූයෙමු. ඉදින් නුඹලාගෙන් එකිනෙකා වහල්බවෙන් නිදහස් කරන්නෙම් නම් වර්ෂ සියයක්වත් මදිය. නුඹලාම නුඹලාගේ හිස් සෝදා නිදහස් වූවන්ව ජීවත් වව් යැයි කියා ඔවුන් වැලපෙද්දීම ගියාහ.

ථෙරො පුරතො ගච‍්ඡන‍්තො නිවත‍්තිත්‍වා ඔලොකෙන‍්තො චින‍්තෙසි – “අයං, භද‍්දා කාපිලානී, සකලජම‍්බුදීපග‍්ඝනිකා ඉත්‍ථී මය‍්හං පච‍්ඡතො ආගච‍්ඡති, ඨානං ඛො පනෙතං විජ‍්ජති, යං කොචිදෙව එවං චින‍්තෙය්‍ය ‘ඉමෙ පබ‍්බජිතාපි විනා භවිතුං න සක‍්කොන‍්ති, අනනුච‍්ඡවිකං කරොන‍්තී’ති, කොචි පාපෙන මනං පදූසෙත්‍වා අපායපූරකො භවෙය්‍ය, ඉමං පහාය මය‍්හං ගන‍්තුං වට‍්ටතී”ති චිත‍්තං උප‍්පාදෙසි. සො පුරතො ගච‍්ඡන‍්තො ද‍්වෙධාපථං දිස‍්වා තස‍්ස මත්‍ථකෙ අට‍්ඨාසි. භද‍්දාපි ආගන‍්ත්‍වා, වන්‍දිත්‍වා අට‍්ඨාසි. අථ නං ආහ – “භද‍්දෙ, තාදිසිං ඉත්‍ථිං මම පච‍්ඡතො ආගච‍්ඡන‍්තිං දිස‍්වා ‘ඉමෙ පබ‍්බජිතාපි විනා භවිතුං න සක‍්කොන‍්තී’ති චින‍්තෙත්‍වා අම‍්හෙසු පදුට‍්ඨචිත‍්තො මහාජනො අපායපූරකො භවෙය්‍ය. ඉමස‍්මිං ද‍්වෙධාපථෙ ත්‍වං එකං ගණ‍්හ, අහමෙකෙන ගමිස‍්සාමී”ති. “ආම, අය්‍ය, පබ‍්බජිතානං මාතුගාමො පලිබොධො, ‘පබ‍්බජිත්‍වාපි විනා න භවන‍්තී’ති අම‍්හාකං දොසං දස‍්සෙස‍්සන‍්ති, තුම‍්හෙ එකං මග‍්ගං ගණ‍්හථ, විනා භවිස‍්සාමා”ති තික‍්ඛත‍්තුං පදක‍්ඛිණං කත්‍වා චතූසු ඨානෙසු පඤ‍්චපතිට‍්ඨිතෙන වන්‍දිත්‍වා දසනඛසමොධානසමුජ‍්ජලං අඤ‍්ජලිං පග‍්ගය‍්හ “සතසහස‍්සකප‍්පපරිමාණෙ අද‍්ධානෙ කතො මිත‍්තසන්‍ථවො අජ‍්ජ භිජ‍්ජතී”ති වත්‍වා “තුම‍්හෙ දක‍්ඛිණජාතිකා නාම, තුම‍්හාකං දක‍්ඛිණමග‍්ගො වට‍්ටති, මයං මාතුගාමා නාම වාමජාතිකා, අම‍්හාකං වාමමග‍්ගො වට‍්ටතී”ති වන්‍දිත්‍වා මග‍්ගං පටිපන‍්නා. තෙසං ද‍්වෙධාභූතකාලෙ අයං මහාපථවී “අහං චක‍්කවාළසිනෙරුපබ‍්බතෙ ධාරෙතුං සක‍්කොන‍්තීපි තුම‍්හාකං ගුණෙ ධාරෙතුං න සක‍්කොමී”ති වදන‍්තී විය විරවමානා කම‍්පි, ආකාසෙ අසනිසද‍්දො විය පවත‍්ති, චක‍්කවාළසිනෙරුපබ‍්බතො උන‍්නදි.

තෙරුන් වහන්සේ ඉදිරියෙන් යන්නේ නැවතී බලන්නේ මෙසේ සිතීය. මේ මුළු දඹදිවම තරම් වටිනා වූ භද්දා කාපිලානිය මා පසුපස එන්නීය. කෙනෙකුට මෙසේ සිතෙන්නට පුළුවන. මොවුහු පැවිදි වුවත් වෙන්ව සිටින්නට නොහැකි වෙත්. නුසුදුසු දෙයක් කරන්නේයැයි කෙනෙක් පාප සිතිවිල්ලෙන් සිත දූෂණය කරගෙන අපාය පෙරටුකොට ඇත්තේ වන්නේය. මැය හැර මා යායුතුයැයි සිතා ඔහු පෙරටුව යන්නේ දෙකට බෙදුනු පාරක් දැක එහි මත්තෙහි සිටියේය. භද්දා දේවියද අවුත් වැඳ සිටියාය. ඉක්බිති ඇයට මෙසේ කීය. භද්‍රාවනි, මෙබඳු වූ කාන්තාවක් මා පසුපස එනු දැක ‘මොවුහු පැවිදි වී නමුත් වෙනම සිටින්ට අසමත් වෙත් යැයි සිතා අප කෙරෙහි දූෂිත වූ සිත් ඇති මහජනයා අපාය පෙරටුකොට සිටින්නේ වන්නේය. මේ දෙකට බෙදුනු පාරේ ඔබ එක දිශාවකින් යන්න. මම අනිත් පාරෙන් යමි. එසේය ස්වාමීනි. පැවිද්දන්ට ස්ත්‍රීන් නම් බාධාවක්ය. පැවිදි වී නමුත් වෙනම නොසිටිත් යැයි අපගේ දොස් දක්වත්. ඔබවහන්සේ එක් මගක යන්න. වෙන්වෙමු යැයි කියා තුන්වරක් පැදකුණු කොට සතර තැනක පසඟ පිහිටුවා වැඳ දෑත් එක්කොට, කල්ප ශතසහශ්‍රයක් ගමන් මගෙහි කරන ලද මිතුරුදම් ඇත්තේ අද ඒ මිතුරුකම බිඳෙන්නේ යැයි කියා ඔබවහන්සේ දක්‍ෂිණ ජාතිකයෙක් බැවින් දකුණු පැත්තට යන මාර්ගය සුදුසුය. කාන්තාවන් වන අපි වාම ජාතිකයෝ වෙමු. අපට වමෙහි පාර සුදුසුයැයි වැඳ මගට පිළිපන්නාහුය. ඔවුන් දෙදෙනා වෙන්වූ අවස්ථාවේදී මේ මහපොළව මට චක්‍රවාට සිනේරු පර්වතයන් දරාගෙන සිටින්නට හැකිවුවත් ඔබතුමන්ලාගෙ ගුණය දරන්නට නොහැක්කෙමියි කියන්නාක් මෙන් හඬ නගමින් කම්පාවිය. අහස හෙනහඬ නගන්නාක් මෙන් විය. සක්වලගල කම්පා විය.

සම‍්මාසම‍්බුද‍්ධො වෙළුවනමහාවිහාරෙ ගන්‍ධකුටියං නිසින‍්නො පථවීකම‍්පනසද‍්දං සුත්‍වා “කිස‍්ස නු ඛො පථවී කම‍්පතී”ති ආවජ‍්ජෙන‍්තො “පිප‍්පලිමාණවො ච භද‍්දා ච කාපිලානී මං උද‍්දිස‍්ස අප‍්පමෙය්‍යං සම‍්පත‍්තිං පහාය පබ‍්බජිතා. තෙසං වියොගට‍්ඨානෙ උභින‍්නං ගුණබලෙන අයං පථවීකම‍්පො ජාතො. මයාපි එතෙසං සඞ‍්ගහං කාතුං වට‍්ටතී”ති ගන්‍ධකුටිතො නික‍්ඛම‍්ම සයමෙව පත‍්තචීවරමාදාය අසීතිමහාථෙරෙසු කඤ‍්චිපි අනාමන‍්තෙත්‍වා තිගාවුතං මග‍්ගං පච‍්චුග‍්ගමනං කත්‍වා රාජගහස‍්ස ච නාලන්‍දාය ච අන‍්තරෙ බහුපුත‍්තකනිග්‍රොධරුක‍්ඛමූලෙ පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා නිසීදි. නිසීදන‍්තො පන අඤ‍්ඤතරපංසුකූලිකො විය අනිසීදිත්‍වා බුද‍්ධවෙසං ගහෙත්‍වා අසීතිහත්‍ථඝනබුද‍්ධරස‍්මියො විස‍්සජ‍්ජෙන‍්තො නිසීදි. ඉති තස‍්මිං ඛණෙ පණ‍්ණච‍්ඡත‍්තසකටචක‍්කකූටාගාරාදිප‍්පමාණා බුද‍්ධරස‍්මියො ඉතො චිතො ච විප‍්ඵරන‍්තියො විධාවන‍්තියො චන්‍දසහස‍්සසූරියසහස‍්සඋග‍්ගමනකාලො විය කුරුමානා තං වනන‍්තං එකොභාසං අකංසු. ද‍්වත‍්තිංසමහාපුරිසලක‍්ඛණසිරියා සමුජ‍්ජලතාරාගණෙන විය ගගනං, සුපුප‍්ඵිතකමලකුවලයෙන විය සලිලං, වනන‍්තං විරොචිත්‍ථ. නිග්‍රොධරුක‍්ඛස‍්ස නාම ඛන්‍ධො සෙතො හොති, පත‍්තානි නීලානි, පක‍්කානි රත‍්තානි. තස‍්මිං පන දිවසෙ සතසාඛො නිග්‍රොධො සුවණ‍්ණවණ‍්ණොව අහොසි.

භාග්‍යවතුන් වහන්සේ වෙළුවන විහාරයේ වැඩවසන්නේ පොළව කම්පාවන ශබ්දය අසා කුමක් නිසා මහපොළව කම්පා වන්නේදැයි ආවර්ජනා කර බලන්නේ පිප්පලී තරුණයාත් භද්දාච කාපිලානි භද්දා කාපිලානියත් මා උදෙසා අප්‍රමාණ වූ සම්පත් අතහැර දමා පැවිදි වූවාහුය. ඔවුන් දෙදෙනා වෙන්වූ අවස්ථාවේදී දෙදෙනාගේ ගුණ බලයෙන් මේ භූමිකම්පාව සිදුවිය. මා විසින්ද මොවුන්ට සංග්‍රහ කළයුතු යැයි ගඳකිලියෙන් නික්ම තමාම පාත්‍රාසිවුරු ගෙන අසූමහා ශ්‍රාවකයන් කාටවත් නොදන්වා තුන්ගව් මග පෙරගමන් කොට රාජගහස්සච නාලන්‍දායච රජගහ නුවරට හා නාලන්දාවට අතරේ බහුපුත්තක නිග්‍රොධරුක්‍ඛමූලෙ බහුපුත්තක නම් වූ නිග්‍රොධ වෘක්‍ෂ මූලයෙහි පළඟක් බැඳ වැඩසිටියේය. වැඩසිටියේ වනාහි අන්‍ය පංශුකූලික භික්‍ෂුවක් මෙන් නොසිට බුදු වෙස් ගෙන අසූරියන් ඝන වූ බුද්ධ රශ්මීන් විහිදුවමින් වැඩසිටියේය. ඒ මොහොතේම, කොල කුඩයක්, රිය සකක්, කුටාගාරයක් ආදී ප්‍රමාණවලින් බුදුරැස් එහෙ මෙහෙ පතුරුවමින් දුවවමින් හිරු සඳු දහසක් පායන කාලයක් මෙන් කරමින් ඒ වන පියස ඒකාලෝක කළහ. දෙතිස්මහා පුරුෂ ලක්‍ෂණවල ශ්‍රියාවෙන් බබලන තරු කැලක් ඇති අහසක් මනාව පිපීගිය නෙලුම් ඇති ජලාශයක්, වනපියස බැබළුනේය. නිග්‍රොධ වෘක්‍ෂයාගේ කඳ සුදුපාටය. පත්‍ර නිල්වන්ය. ගෙඩි රතුපාටය. ඒ දිනයේ වනාහි ශාඛා සියයක් ඇති නිග්‍රොධ වෘක්‍ෂය රන්වන් පාට විය.

මහාකස‍්සපත්‍ථෙරො “අයං අම‍්හාකං සත්‍ථා භවිස‍්සති, ඉමං අහං උද‍්දිස‍්ස පබ‍්බජිතො”ති දිට‍්ඨට‍්ඨානතො පට‍්ඨාය ඔණතොණතොව ගන‍්ත්‍වා තීසු ඨානෙසු වන්‍දිත්‍වා “සත්‍ථා මෙ, භන‍්තෙ, භගවා, සාවකොහමස‍්මි, සත්‍ථා මෙ, භන‍්තෙ, භගවා සාවකොහමස‍්මී”ති (සං· නි· 2.154) ආහ. අථ නං භගවා ආහ “කස‍්සප, සචෙ ත්‍වං ඉමං නිපච‍්චකාරං මහාපථවියා කරෙය්‍යාසි, සාපි ධාරෙතුං න සක‍්කුණෙය්‍ය. තථාගතස‍්ස එවං ගුණමහන‍්තතං ජානතා තයා කතො නිපච‍්චකාරො මය‍්හං, ලොමම‍්පි චාලෙතුං න සක‍්කොති. නිසීද, කස‍්සප, දායජ‍්ජං තෙ දස‍්සාමී”ති. අථස‍්ස භගවා තීහි ඔවාදෙහි උපසම‍්පදමදාසි. දත්‍වා බහුපුත‍්තකනිග්‍රොධමූලතො නික‍්ඛමිත්‍වා ථෙරං පච‍්ඡාසමණං කත්‍වා මග‍්ගං පටිපජ‍්ජි. සත්‍ථු සරීරං ද‍්වත‍්තිංසමහාපුරිසලක‍්ඛණවිචිත‍්තං, මහාකස‍්සපස‍්ස සරීරං සත‍්තමහාපුරිසලක‍්ඛණපටිමණ‍්ඩිතං, සො කඤ‍්චනමහානාවාය පච‍්ඡාබද‍්ධො විය සත්‍ථු පදානුපදිකං අනුගච‍්ඡි. සත්‍ථා ථොකං මග‍්ගං ගන‍්ත්‍වා මග‍්ගා ඔක‍්කම‍්ම අඤ‍්ඤතරස‍්මිං රුක‍්ඛමූලෙ නිසජ‍්ජාකාරං දස‍්සෙසි. ථෙරො “නිසීදිතුකාමො සත්‍ථා”ති ඤත්‍වා අත‍්තනො පාරුපිතපටපිලොතිකසඞ‍්ඝාටිං චතුග‍්ගුණං කත්‍වා පඤ‍්ඤපෙසි.

මහා කස්සපත්‍ථෙරො මහා කාශ්‍යප තෙරුන් වහන්සේ මේ අපේ ශාස්තෲන් වහන්සේ විය යුතුයි. උන්වහන්සේ උදෙසා මම පැවිදි වූයේ වෙමියි දුටුතැන් පටන් නැමි නැමී ගොස් තුන් තැනක සිට වැඳ ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස! මම ශ්‍රාවකයෙක් වෙමි. ස්වාමීනි! මම ශ්‍රාවකයෙක් වෙමියි කීය. ඉක්බිති ඔහුට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. කස්සප! කාශ්‍යපය, ඉදින් ඔබ මේ මහපොළව ඔබට කීකරු කරවන්නේද එය දරන්නට නොහැක්කේය. තථාගතයන් වහන්සේගේ මෙබඳු වූ මහත් ගුණය දන්නා වූ ඔබ විසින් කරන ලද අවනත බව මගේ රෝමයකුදු සොලවන්නට නොහැකි වෙයි. කස්සප හිඳගන්න. ඔබට දායාද දෙන්නෙමි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුට අවවාද තුනකින් උපසම්පදාව දුන් සේක. දී බහුපුත්තක නිග්‍රෝධ වෘක්‍ෂය සමීපයෙන් නික්ම තෙරුන් වහන්සේව ශිෂ්‍යයකු කර මගට පිලිපන්නේය. බුදුන්ගේ ශ්‍රී ශරීරය දෙතිස්මහා පුරුෂ ලක්‍ෂණවලින් විසිතුරුය. මහා කස්සපත්‍ථෙරස්ස මහාකාශ්‍යප තෙරුන්ගේ ශරිරය මහාපුරුෂ ලක්‍ෂණ සතකින් යුක්තය. උන්වහන්සේ රන්වන් මහා නැවකට පසුපසින් බඳින ලද්දාක් මෙන් බුදුන් පසුපස ගමන් කළේය. ශාස්තෲන් වහන්සේ ටිකදුරක් මග ගොස් මාර්ගයෙන් ඉවත්ව වෙනත් වෘක්‍ෂ මූලයක වැඩසිටින ආකාරයක් දැක්වීය. ශාස්තෲන් වහන්සේ වැඩසිටිනු කැමැති බව දැනගෙන තමන් පෙරවාගෙන සිටිය පටපිලියෙන් කළ සඟල සිවුර හතරට නමා බුදුන්ට වැඩ සිටින්නට දැක්වීය. භාග්‍යවතුන් වහන්සේ එහි වැඩසිට අතින් සිවුර පිරිමදින්නේ කාශ්‍යප! මේ පටවස්ත්‍රය ඉතා මෘදුයැයි වදාළහ. තෙරුන් වහන්සේ මෙසේ සිතීය.

සත්‍ථා තත්‍ථ නිසීදිත්‍වා හත්‍ථෙන චීවරං පරිමජ‍්ජන‍්තො “මුදුකා ඛො ත්‍යායං, කස‍්සප, පටපිලොතිකසඞ‍්ඝාටී”ති (සං· නි· 2.154) ආහ. ථෙරො “සත්‍ථා මම සඞ‍්ඝාටියා මුදුභාවං කථෙති, පාරුපිතුකාමො භවිස‍්සතී”ති ඤත්‍වා “පාරුපතු, භන‍්තෙ, භගවා සඞ‍්ඝාටි”න‍්ති ආහ. “ත්‍වං කිං පාරුපිස‍්සසි, කස‍්සපා”ති? “තුම‍්හාකං නිවාසනං ලභන‍්තො පාරුපිස‍්සාමි, භන‍්තෙ”ති. “කිං පන ත්‍වං, කස‍්සප, ඉමං පරිභොගජිණ‍්ණං පංසුකූලං ධාරෙතුං සක‍්ඛිස‍්සසි? මයා හි ඉමස‍්ස පංසුකූලස‍්ස ගහිතදිවසෙ උදකපරියන‍්තං කත්‍වා මහාපථවී කම‍්පි, ඉමං බුද‍්ධානං පරිභොගජිණ‍්ණචීවරං නාම න සක‍්කා පරිත‍්තගුණෙන ධාරෙතුං, පටිබලෙනෙවිදං පටිපත‍්තිපූරණසමත්‍ථෙන ජාතිපංසුකූලිකෙන ධාරෙතුං වට‍්ටතී”ති වත්‍වා ථෙරෙන සද‍්ධිං චීවරං පරිවත‍්තෙසි.

භාග්‍යවතුන් වහන්සේ මගේ සඟල සිවුරෙහි මෘදුබව ගැන කියයි. එය පොරවා ගන්නට කැමැති වන්නේ යැයි දැනගෙන ස්වාමීනි! සඟල සිවුර පොරවන සේක්වායි කීය. ඔබ කුමක් පොරවන්නේද? කාශ්‍යප, ඔබවහන්සේ පොරවා සිටින සිවුර ලැබේනම් එය පොරවමි ස්වාමීනි යැයි කීය. ඔබ මේ පාවිච්චි කර දිරාගිය පාංශුකූල වස්ත්‍රය කෙසේ පාවිච්චි කරන්නෙහිද? මා විසින් වනාහි මේ පංශුකූල වස්ත්‍රය ලබාගත් දවසෙහි ජලය අවසන්කොට ඇති මහපොළව කම්පා විය. මේ බුදුවරයන් විසින් පාවිච්චි කර දිරාපත් වූ චීවරය වනාහි අඩු ගුණ ඇත්තකු විසින් දැරීමට නුපුළුවන. මෙය වනාහි ප්‍රතිපත්ති පූරණයට දක්ෂ වූ පාංශුකූලික භික්‍ෂුවක විසින් ගැනීමට වටීයැයි කියා තෙරුන් සමග සිවුර හුවමාරු කරගත්තේය.

එවං පන චීවරපරිවත‍්තනං කත්‍වා ථෙරස‍්ස පාරුතචීවරං භගවා පාරුපි, සත්‍ථු චීවරං ථෙරො. තස‍්මිං සමයෙ අචෙතනාපි අයං මහාපථවී “දුක‍්කරං, භන‍්තෙ, අකත්‍ථ, අත‍්තනා පාරුතචීවරං සාවකස‍්ස දින‍්නපුබ‍්බො නාම නත්‍ථි, අහං තුම‍්හාකං ගුණං ධාරෙතුං න සක‍්කොමී”ති වදන‍්තී විය උදකපරියන‍්තං කත්‍වා කම‍්පි. ථෙරොපි “ලද‍්ධං දානි මයා බුද‍්ධානං පරිභොගචීවරං, කිං මෙ ඉදානි උත‍්තරි කත‍්තබ‍්බං අත්‍ථී”ති උන‍්නතිං අකත්‍වා බුද‍්ධානං සන‍්තිකෙයෙව තෙරස ධුතගුණෙ සමාදාය සත‍්තදිවසමත‍්තං පුථුජ‍්ජනො අහොසි, අට‍්ඨමෙ දිවසෙ සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.1.398-420) –

මෙසේ වනාහි චීවර හුවමාරුව කොට තෙරුන් පොරවාගෙන සිටිය සිවුර භාග්‍යවතුන් වහන්සේ පෙරවූ සේක. බුදුන්ගේ සිවුර තෙරුන් වහන්සේ විසින් පොරවන ලදී. ඒ අවස්ථාවේදී සිත්පිත් නැති මේ මහපොළව ස්වාමීනි! දුෂ්කර දෙයක් කරන ලදී. පෙර තමා විසින් පෙර වූ සිවුර ශ්‍රාවක නමකට දුන් බවක්නම් නැත. මම ඔබවහන්සේගේ ගුණය දරන්නට නොහැක්කෙමියි කියන්නාක් මෙන් ජලය අවසන් කර ඇති මහපොලව කම්පා විය. තෙරුන් වහන්සේද මා විසින් බුදුන් පරිහරණය කළ සිවුර ලද්දේය. මා විසින් මීට වඩා තවත් කළයුතු දෙයක් ඇත්තේදැයි උඩඟු නොවී බුදුන් සමීපයෙහි තෙළෙස් ධුතාංග සමාදන් වී දින හතක් පෘථුජ්ජනයෙක් විය. අටවැනි දිනයෙහි පටිසම්භිදා සහිත රහත් බවට පත්විය. අපදානයෙහි මෙසේ කියන ලදී.

“පදුමුත‍්තරස‍්ස භගවතො, ලොකජෙට‍්ඨස‍්ස තාදිනො; නිබ‍්බුතෙ ලොකනාථම‍්හි, පූජං කුබ‍්බන‍්ති සත්‍ථුනො.

තාදි ගුණ ඇති ලොවට ප්‍රධාන වූ පදුමුත්තර නම් වූ ලෝකනාථයන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි පූජාවන් කරත්.

“උදග‍්ගචිත‍්තා ජනතා, ආමොදිතපමොදිතා; තෙසු සංවෙගජාතෙසු, පීති සෙ උදපජ‍්ජථ.

ජනතාව ප්‍රීති ප්‍රමෝදයට සතුටට පත්වූහ. ඔවුන් සංවේගයට පත්වන කල්හි මට ප්‍රීතියක් පහළ විය.

“ඤාතිමිත‍්තෙ සමානෙත්‍වා, ඉදං වචනමබ්‍රවිං; පරිනිබ‍්බුතො මහාවීරො, හන්‍ද පූජං කරොමසෙ.

ඤාති මිත්‍රයන් කැඳවා මෙසේ කීවෙමි. මහාවීරයන් වහන්සේ පිරිනිවන් පෑ සේක. අපි පූජා පවත්වමු.

“සාධූති තෙ පටිස‍්සුත්‍වා, භිය්‍යො හාසං ජනිංසු මෙ; බුද‍්ධස‍්මිං ලොකනාථම‍්හි, කාහාම පුඤ‍්ඤසඤ‍්චයං.

යහපතැයි මට පිළිතුරු දී මට තවත් බොහෝකොට සතුට ඇති කළහ. ලෝකනාථ වූ බුදුන් වෙතෙහි පින් රැස් කරමු.

“අග‍්ඝියං සුකතං කත්‍වා, සතහත්‍ථසමුග‍්ගතං; දියඩ‍්ඪහත්‍ථපත්‍ථටං, විමානං නභමුග‍්ගතං.

මනාව කරන ලද බඹ සියයක් උඩට නැගුනු ඇගෑ ඇති බඹ එකහමාරක් පැතිරී ඇති විමානයක් අහසෙහි මතුවිය.

“කත්‍වාන හම‍්මියං තත්‍ථ, තාලපන‍්තීහි චිත‍්තිතං; සකං චිත‍්තං පසාදෙත්‍වා, චෙතියං පූජයුත‍්තමං.

එහි තල්පෙළින් විසිතුරු වූ පන්සලක් කරවා තම සිත පහදවා උතුම් වූ චෛත්‍යය පූජා කළෙමු.

“අග‍්ගික‍්ඛන්‍ධොව ජලිතො, කිංසුකො ඉව ඵුල‍්ලිතො; ඉන්‍දලට‍්ඨීව ආකාසෙ, ඔභාසෙති චතුද‍්දිසා.

ගිනි කන්දක් මෙන් දිලිසුනේය. සල්රුකක් මෙන් මලින් පිරිණ. අහසේ දේදුන්නක් මෙන් සතර දිශාවට බබලයි.

“තත්‍ථ චිත‍්තං පසාදෙත්‍වා, කත්‍වාන කුසලං බහුං; පුබ‍්බකම‍්මං සරිත්‍වාන, තිදසං උපපජ‍්ජහං.

මම එහි සිත පහදවාගෙන බොහෝ පිංකම්කොට පෙර කළ පුණ්‍ය කර්මය සිහිපත්කොට දෙව්ලොව උපන්නෙමි.

“සහස‍්සයුත‍්තං හයවාහිං, දිබ‍්බයානමධිට‍්ඨිතො; උබ‍්බිද‍්ධං භවනං මය‍්හං, සත‍්තභූමං සමුග‍්ගතං.

යොදන ලද අශ්වයන් දහසක් විසින් අදිනු ලබන දිව්‍යමය යානාවකට නැගී සිටි මාගේ භවනය සත්මහලක්ව පැන නැංගේය.

“කූටාගාරසහස‍්සානි, සබ‍්බසොණ‍්ණමයා අහුං; ජලන‍්ති සකතෙජෙන, දිසා සබ‍්බා පභාසයං.

එහි කූටාගාර දහසකි. ඒවා සියල්ල ස්වර්ණමය විය. ස්වකීය තේජසින් හාත්පස දස දිසාවන් බබලවමින් බැබලෙත්.

“සන‍්ති අඤ‍්ඤෙපි නිය්‍යූහා, ලොහිතඞ‍්ගමයා තදා; තෙපි ජොතන‍්ති ආභාය, සමන‍්තා චතුරො දිසා.

එකල්හි අනිකුත් කුටාගාරයන්ද ලේ පැහැයෙන් බබලන්නේ හාත්පස සතර දිශාවන් ආලෝකයෙන් බබලයි.

“පුඤ‍්ඤකම‍්මාභිනිබ‍්බත‍්තා, කූටාගාරා සුනිම‍්මිතා; මණිමයාපි ජොතන‍්ති, දිසා දස සමන‍්තතො.

පුණ්‍යකර්මයේ බලයෙන් පහළ වූ මනාව නිර්මාණය වූ මාණික්‍යමය කුළුගෙවල් හාත්පස දශදිසාවන් බබලවයි.

“තෙසං උජ‍්ජොතමානානං, ඔභාසො විපුලො අහු; සබ‍්බෙ දෙවෙ අභිභොමි, පුඤ‍්ඤකම‍්මස‍්සිදං ඵලං.

බබලන්නා වූ ඒවායේ දීප්තිය විශාල විය. සියළු දෙවියන් පරදවා සිටිමි. මේ පුණ්‍යකර්මයේ ඵලයයි.

“සට‍්ඨිකප‍්පසහස‍්සම‍්හි, උබ‍්බිද‍්ධො නාම ඛත‍්තියො; චාතුරන‍්තො විජිතාවී, පථවිං ආවසිං අහං.

කල්ප හැටදහසක් උබ්භිද නම් වූ ක්‍ෂියයා වීමි. පෘථිවියෙහි සතර දිග්භාගය මම වසඟයට පත්කර ගත්තෙමි.

“තථෙව භද‍්දකෙ කප‍්පෙ, තිංසක‍්ඛත‍්තුං අහොසහං; සකකම‍්මාභිරද‍්ධොම‍්හි, චක‍්කවත‍්තී මහබ‍්බලො.

මම එහිම භද්දක කල්පයෙහි තිස්වතාවක් සිටියෙමි. මහා බලසම්පන්න සක්විතිව ස්වකීය කර්මයෙන් තෘප්තිමත් වූයෙම් වෙමි.

“සත‍්තරතනසම‍්පන‍්නො, චතුදීපම‍්හි ඉස‍්සරො; තත්‍ථාපි භවනං මය‍්හං, ඉන්‍දලට‍්ඨීව උග‍්ගතං.

සප්ත රත්නයන්ගෙන් යුක්ත සිව්මහා දිවයින්හි නායකයා වෙමි. එහිද මාගේ භවනය දේදුන්නක් මෙන් පැනනැංගේය.

“ආයාමතො චතුබ‍්බීසං, විත්‍ථාරෙන ච ද‍්වාදස; රම‍්මණං නාම නගරං, දළ‍්හපාකාරතොරණං.

දිගින් විසිහතරක් වූ පළලින් දොළසක් වූ දැඩි ප්‍රාකාරවලින් යුක්ත වූ රම්මක නම් වූ නගරය.

“ආයාමතො පඤ‍්චසතං, විත්‍ථාරෙන තදඩ‍්ඪකං; ආකිණ‍්ණං ජනකායෙහි, තිදසානං පුරං විය.

දිගින් පන්සියයක්ද පළලින් එයින් අඩක්ද වූ ජනයාගෙන් ආකීර්ණ වූ එම පුරය දෙව්ලොව මෙන් විය.

“යථා සූචිඝරෙ සූචී, පක‍්ඛිත‍්තා පණ‍්ණවීසති; අඤ‍්ඤමඤ‍්ඤං පඝට‍්ටෙන‍්ති, ආකිණ‍්ණං හොති ලඞ‍්කතං.

යම්සේ ඉඳිකටු පෙට්ටියක ඉඳිකටු විසිපහක් දමන ලද්දේ ද ඒවා එකිනෙක ගැටෙත්. අලංකාර වූයේ වෙයි.

“එවම‍්පි නගරං මය‍්හං, හත්‍ථිස‍්සරථසංකුලං; මනුස‍්සෙහි සදාකිණ‍්ණං, රම‍්මණං නගරුත‍්තමං.

එපරිද්දෙන් මගේ නගරය ඇත්, අස් හා රථවලින්ද මනුෂ්‍යයන්ගෙන්ද මේ උතුම් රම්මක නගරය හැමකල්හි ආකීර්ණ වූයේ වෙයි.

“තත්‍ථ භුත්‍වා පිවිත්‍වා ච, පුන දෙවත‍්තනං ගතො; භවෙ පච‍්ඡිමකෙ මය‍්හං, අහොසි කුලසම‍්පදා.

එහි කාබී සිට නැවතද දෙව්ලොව ගියෙමි. මගේ අන්තිම භවයේ මේ කුලසම්පදාව ලැබින.

“බ්‍රහ‍්මඤ‍්ඤකුලසම‍්භූතො, මහාරතනසඤ‍්චයො; අසීතිකොටියො හිත්‍වා, හිරඤ‍්ඤස‍්සාපි පබ‍්බජිං.

උතුම් බ්‍රාහ්මණ වංශයක උපත ලද්දෙම් මහාරතන සමූහයක් ඇති අසූ කෝටියක් රන්ද අතහැර දමා පැවිදි වූයෙමි.

“පටිසම‍්භිදා චතස‍්සො…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

මා විසින් කෙලෙස් නසන ලදී. බුද්ධ අවවාදය කරන ලදී.

අථ නං සත්‍ථා “කස‍්සපො, භික‍්ඛවෙ, චන්‍දූපමො කුලානි උපසඞ‍්කමති අපකස‍්සෙව කායං, අපකස‍්ස චිත‍්තං, නිච‍්චනවකො කුලෙසු අප‍්පගබ‍්භො”ති එවමාදිනා (සං· නි· 2.146) පසංසිත්‍වා අපරභාගෙ අරියගණමජ‍්ඣෙ නිසින‍්නො “එතදග‍්ගං, භික‍්ඛවෙ, මම සාවකානං භික‍්ඛූනං ධුතවාදානං යදිදං මහාකස‍්සපො”ති (අ· නි· 1.188, 191) ධුතඞ‍්ගධරානං අග‍්ගට‍්ඨානෙ ඨපෙසි. සො විවෙකාභිරතිකිත‍්තනමුඛෙන භික‍්ඛූනං ඔවාදං දෙන‍්තො අත‍්තනො පටිපත‍්තිං පකාසෙන‍්තො –

ඉක්බිති ශාස්තෲන් වහන්සේ ඔහුට කාශ්‍යප තෙමේ මහණෙනි! චන්ද්‍රයෙක් හා සමානව කුලයන් වෙත පැමිණේ. සිත, කය නොඇලී, නිරන්තරයෙන් අලුත්ය. කුලයන්හි නොඇලුනේයි. මේ ආදී ලෙස ප්‍රශංසා කොට පසුව ආර්ය සංඝයා මැද වැඩසිටියේ මහණෙනි! මාගේ ශ්‍රාවකයන් අතර මේ කාශ්‍යප තෙරුන් ධුතංගධාරීන් අතරෙන් අග්‍රස්ථානයේ තැබීය. උන්වහන්සේ විවේකයෙහි ඇලීම ප්‍රශංසා කිරීම් වශයෙන් භික්‍ෂූන්ට අවවාද දෙමින් තමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශ කරමින් -

“න ගණෙන පුරක‍්ඛතො චරෙ, විමනො හොති සමාධි දුල‍්ලභො; නානාජනසඞ‍්ගහො දුඛො, ඉති දිස‍්වාන ගණං න රොචයෙ.

පිරිස් පිරිවරාගෙන නොහැසිරෙන්නේය. කුමක් නිසාද? නොයෙක් අදහස් ඇති ජනයා හා එක්වීම දුකකි. එහි සමාධියක් ලැබිය නොහැක. මේ තත්ත්වය දැන සමූහය රුචි නොකරමි.

“න කුලානි උපබ‍්බජෙ මුනි, විමනො හොති සමාධි දුල‍්ලභො; සො උස‍්සුක‍්කො රසානුගිද‍්ධො, අත්‍ථං රිඤ‍්චති යො සුඛාවහො.

මේ සසුනෙහි පැවිදි වූවෝ ඒ ඒ කුල හා මිත්‍රවී ඔවුන් වෙත නොයන්නේය. එසේ කරන්නහුගේ හිත විපරීත වන අතර උපචාර සමාධි මාත්‍රයක්වත් ලැබිය නොහැක. කුලයන් වෙත යාමෙහි උත්සුක වූ තැනැත්තේ රසයෙහි ගිජු වූයේ තමාගේ මාර්ගවල ලැබීම ආදී සැපයන් අත්හරියි.

“පඞ‍්කොති හි නං අවෙදයුං, යායං වන්‍දනපූජනා කුලෙසු; සුඛුමං සල‍්ලං දුරුබ‍්බහං, සක‍්කාරො කාපුරිසෙන දුජ‍්ජහො.

[missing trans]

“සෙනාසනම‍්හා ඔරුය‍්හ, නගරං පිණ‍්ඩාය පාවිසිං; භුඤ‍්ජන‍්තං පුරිසං කුට‍්ඨිං, සක‍්කච‍්චං තං උපට‍්ඨහිං.

පර්වත සේනාසනයෙන් බැස පිණ්ඩපාතය සඳහා නගරයට පිවිසියේය. ආහාර ගනිමින් සිටි කුෂ්ට රෝගියකුට මනාව උවටැන් කළෙමි.

“සො මෙ පක‍්කෙන හත්‍ථෙන, ආලොපං උපනාමයි; ආලොපං පක‍්ඛිපන‍්තස‍්ස, අඞ‍්ගුලි චෙත්‍ථ ඡිජ‍්ජථ.

හෙතෙම කුෂ්ට සහිත අතින් බත්පිඩක් පිළිගැන්වීය. බත්පිඩ පිළිගන්වද්දී ඔහුගේ ඇඟිල්ලක්ද ගැලවී වැටින.

“කුට‍්ටමූලඤ‍්ච නිස‍්සාය, ආලොපං තං අභුඤ‍්ජිසං; භුඤ‍්ජමානෙ වා භුත‍්තෙ වා, ජෙගුච‍්ඡං මෙ න විජ‍්ජති.

ගෙයි මුල්ලක සිට ඒ බත්පිඩ අනුභව කළෙමි. අනුභව කරනවිට හෝ අනුභව කළවිට හෝ මට පිළිකුලක් ඇති වූයේ නැත.

“උත‍්තිට‍්ඨපිණ‍්ඩො ආහාරො, පූතිමුත‍්තඤ‍්ච ඔසධං; සෙනාසනං රුක‍්ඛමූලං, පංසුකූලඤ‍්ච චීවරං; යස‍්සෙතෙ අභිසම‍්භුත්‍වා, ස වෙ චාතුද‍්දිසො නරො.

ගෙවල් ලඟ සිටගෙන සිට ලබන පිණ්ඩපාතයත් ගොමුත්‍ර ආදී ඖෂධත් ගස්මුල් සේනාසනයත් පංශුකූල චීවරයත් යන මේවා ඒ පුද්ගලයා පරිභෝග කරයි. මේ ලක්‍ෂණ ඇති පුද්ගලයා සිව්දිගටම යෝග්‍ය වූවෙක් වන්නේය.

“යත්‍ථ එකෙ විහඤ‍්ඤන‍්ති, ආරුහන‍්තා සිලුච‍්චයං; තත්‍ථ බුද‍්ධස‍්ස දායාදො, සම‍්පජානො පටිස‍්සතො; ඉද‍්ධිබලෙනුපත්‍ථද‍්ධො, කස‍්සපො අභිරූහති.

මෙහි මහලු වයසෙහි සිටින සමහර කෙනෙක් පර්වත මුදුනට නැගීමේදී වෙහෙසට පත්වෙත්. නමුත් ජරාජීණ කාලයෙහිත් කාශ්‍යපයන් වහන්සේ බුද්ධදායද ඇත්තේ මහා සිහියෙන් යුක්ත වූයේ සිත්වේදනා ආදියක් නොමැතිව මේ ශරිර වෙහෙස භය ආදිය සාධි බලයෙන් නැතිකරන ලද්දේ පර්වතයට නගියි.

“පිණ‍්ඩපාතපටික‍්කන‍්තො, සෙලමාරුය‍්හ කස‍්සපො; ඣායති අනුපාදානො, පහීනභයභෙරවො.

පිණ්ඩපාතයෙන් වැලකුණු කාශ්‍යපයන් වහන්සේ පර්වතයට නැග උපාදාන රහිතව පහවූ භයභේරව ඇත්තේ ධ්‍යාන වඩයි.

“පිණ‍්ඩපාතපටික‍්කන‍්තො, සෙලමාරුය‍්හ කස‍්සපො; ඣායති අනුපාදානො, ඩය‍්හමානෙසු නිබ‍්බුතො.

කාශ්‍යපයන් වහන්සේ පිණ්ඩපාතයෙන් වැලකී පර්වතයට නැගී මිනිසුන් රාගාදියෙන් දැවෙන කල්හි එයින් නිවුනේ ධ්‍යාන වඩයි.

“පිණ‍්ඩපාතපටික‍්කන‍්තො, සෙලමාරුය‍්හ කස‍්සපො; ඣායති අනුපාදානො, කතකිච‍්චො අනාසවො.

පිණ්ඩපාතයෙන් වැලකී කාශ්‍යප තෙම පර්වතයට නැගී උපාදාන රහිතව කරන ලද කටයුතු ඇත්තේ ආශ්‍රව රහිත වූයේ ධ්‍යාන වඩයි.

“කරෙරිමාලාවිතතා, භූමිභාගා මනොරමා; කුඤ‍්ජරාභිරුදා රම‍්මා, තෙ සෙලා රමයන‍්ති මං.

වරුණ ගස්පෙළින් ගැවසීගත්තා වූ භූමිභාගය ඉතා රමණීයයි. ඇතුන්ගේ නාදයෙන් නිතර නාදවත් වූ ඒ පර්වතයෝ නිතර මා සතුටු කරත්.

“නීලබ‍්භවණ‍්ණා රුචිරා, වාරිසීතා සුචින්‍ධරා; ඉන්‍දගොපකසඤ‍්ඡන‍්නා, තෙ සෙලා රමයන‍්ති මං.

නිල්වන් වූ පිරිසිදු ජලධාරාවන් සීතලය. ඉඳුගොව්වන් ගැවසී ගත්තා වූ ඒ පර්වතයෝ මා සතුටු කරත්.

“නීලබ‍්භකූටසදිසා, කූටාගාරවරූපමා; වාරණාභිරුදා රම‍්මා, තෙ සෙලා රමයන‍්ති මං.

නිල්වැහි කුළු බඳු වූ කූටාගාරවලට සමාන වූ ඇතුන්ගේ නාදයෙන් රම්‍ය වූ ඒ පර්වතයෝ මා සතුටු කරත්.

“අභිවුට‍්ඨා රම‍්මතලා, නගා ඉසිභි සෙවිතා; අබ‍්භුන‍්නදිතා සිඛීහි, තෙ සෙලා රමයන‍්ති මං.

වර්ෂාවෙන් අති පවිත්‍ර වූ රමණීය වැලිතලා ඇති සෘෂිවරයන් විසින් සෙව්නා ඒ පර්වත මොනරුන්ගේ නාදයෙන් නාදවත් වූයේ මා නිතර සතුටු කරයි.

“අලං ඣායිතුකාමස‍්ස, පහිතත‍්තස‍්ස මෙ සතො; අලං මෙ අත්‍ථකාමස‍්ස, පහිතත‍්තස‍්ස භික‍්ඛුනො.

ධ්‍යාන කරනු කැමැති බහා තැබූ කෙලෙස් ඇති සතිමත් වූ මට ඉතා සුදුසුය. නිර්වාණ අර්ථය කැමැති මට යෝග්‍යයි. බහා තැබූ කෙලෙස් ඇති භික්‍ෂුවට යෝග්‍යයි.

“අලං මෙ ඵාසුකාමස‍්ස, පහිතත‍්තස‍්ස භික‍්ඛුනො; අලං මෙ යොගකාමස‍්ස, පහිතත‍්තස‍්ස තාදිනො.

පහසුවෙන් සිටිනු කැමැති බහා තැබූ කෙලෙස් ඇති භික්‍ෂුවට යෝග්‍යයි. තාදී ගුණ ඇති යෝග කැමැති මාහට ඉත යෝග්‍යයයි.

“උමාපුප‍්ඵෙන සමානා, ගගනාවබ‍්භඡාදිතා; නානාදිජගණාකිණ‍්ණා, තෙ සෙලා රමයන‍්ති මං.

උම්මා මල්වලට (තද නිල්පාට) සමාන වූ වැසිවලා ආදියෙන් නොවැසුනු අහස ඇති නොයෙක් නොයෙක් පක්‍ෂීන්ගෙන් ගැවසීගත් ඒ පර්වත මා සතුටු කරයි.

“අනාකිණ‍්ණා ගහට‍්ඨෙහි, මිගසඞ‍්ඝනිසෙවිතා; නානාදිජගණාකිණ‍්ණා, තෙ සෙලා රමයන‍්ති මං.

[missing trans]

“අච‍්ඡොදිකා පුථුසිලා, ගොනඞ‍්ගුලමිගායුතා; අම‍්බුසෙවාලසඤ‍්ඡන‍්නා, තෙ සෙලා රමයන‍්ති මං.

[missing trans]

“න පඤ‍්චඞ‍්ගිකෙන තූරියෙන, රති මෙ හොති තාදිසී; යථා එකග‍්ගචිත‍්තස‍්ස, සම‍්මා ධම‍්මං විපස‍්සතො.

මනාව ධර්මය දකින්නා වූ එකඟ වූ සිත් ඇති මා හට එබඳු වූ රතියක් පංචාගික තුර්යයෙහි නැත.

“කම‍්මං බහුකං න කාරයෙ, පරිවජ‍්ජෙය්‍ය ජනං න උය්‍යමෙ; උස‍්සුක‍්කො සො රසානුගිද‍්ධො, අත්‍ථං රිඤ‍්චති යො සුඛාවහො.

බොහෝ කටයුතු නොකරන්නේය. කල්‍යාණමිත්‍ර නොවූ ජනයා අත්හරින්නේය. සිව්පසය සඳහා උනන්දු නොවන්නේය. යමෙක් සැප ගෙනදෙන සිව්පසයෙහි උනන්දු වූයේද ගිජු වූයේද ඔහු නිර්වාණ අර්ථය නැතිකර ගනී.

“කම‍්මං බහුකං න කාරයෙ, පරිවජ‍්ජෙය්‍ය අනත‍්තනෙය්‍යමෙතං; කිච‍්ඡති කායො කිලමති, දුක‍්ඛිතො සො සමථං න වින්‍දති.

බොහෝකොට වැඩ නොකරන්නේය. තමාට අර්ථයක් සිදුනොකරන මෙය අත්හරින්නේය. ඔහුගේ සිරුර ක්ලාන්ත වෙයි. පීඩාවට පත්වෙයි. දුකට පත් ඔහු සමථයක් වින්දනය නොකරයි.

“ඔට‍්ඨප‍්පහතමත‍්තෙන, අත‍්තානම‍්පි න පස‍්සති; පත්‍ථද‍්ධගීවො චරති, අහං සෙය්‍යොති මඤ‍්ඤති.

ධර්මය සජ්ඣායනා කිරීමෙන් පමණක් තමාටද එහි අර්ථයක් නොවැටහේ. තද වූ උගුරක් ඇතිව හැසිරෙයි. තමා ශ්‍රේෂ්ඨ යැයි හඟියි.

“අසෙය්‍යො සෙය්‍යසමානං, බාලො මඤ‍්ඤති අත‍්තානං; න තං විඤ‍්ඤූ පසංසන‍්ති, පත්‍ථද‍්ධමානසං නරං.

බාලයා අසමාන තැනැත්තාව තමාට සමාන කර බලයි. පණ්ඩිතයෝ මානයෙන් තද වූ මනසක් ඇති එබඳු මනුෂ්‍යයාව නොපසසත්.

“යො ච සෙය්‍යොහමස‍්මීති, නාහං සෙය්‍යොති වා පන; හීනො තංසදිසො වාති, විධාසු න විකම‍්පති.

යම්කෙනෙක් මම සමාන වෙමි. මට සමාන නොවෙමි. හීනවෙමි යන කවර හෝ මානයකින් යුක්ත වූයේ නොවෙයි.

“පඤ‍්ඤවන‍්තං තථා තාදිං, සීලෙසු සුසමාහිතං; චෙතොසමථමනුයුත‍්තං, තඤ‍්චෙ විඤ‍්ඤූ පසංසරෙ.

තාදී ගුණ ඇති සීලයෙහි මනාව හැසුරුණු ඤාණවන්ත වූ චිත්ත සමාධියෙන් යුක්ත වූ ඔහුව පණ්ඩිතයෝ පසසත්.

“යස‍්ස සබ්‍රහ‍්මචාරීසු, ගාරවො නූපලබ‍්භති; ආරකා හොති සද‍්ධම‍්මා, නභතො පුථවී යථා.

යමෙක් සබ්‍රහ්මචාරින් අතරෙහි ගෞරවයක් නොලබයිද ඔහු අහසට පොළව මෙන් සද්ධර්මයෙන් ඈත්වූයේ වෙයි.

“යෙසඤ‍්ච හිරි ඔත‍්තප‍්පං, සදා සම‍්මා උපට‍්ඨිතං; විරූළ‍්හබ්‍රහ‍්මචරියා තෙ, තෙසං ඛීණා පුනබ‍්භවා.

යමෙක්හට හැමකල්හි මනාව හිරිඔතප් දෙක පිහිටා තිබේ බ්‍රහ්මචර්යාවේ වඩන ලද වී ඇති ඔවුන්ට පුනර්භවයක් නැත.

“උද‍්ධතො චපලො භික‍්ඛු, පංසුකූලෙන පාරුතො; කපීව සීහචම‍්මෙන, න සො තෙනුපසොභති.

උඩඟු, චපල භික්‍ෂුව පංශුකූල චීවරය පොරවාගෙන සිටියත් සිංහ හම පොරවාගත් වඳුරා මෙන් එයට සුදුසු නොවෙයි.

“අනුද‍්ධතො අචපලො, නිපකො සංවුතින්‍ද්‍රියො; සොභති පංසුකූලෙන, සීහොව ගිරිගබ‍්භරෙ.

උඩඟු නොවූ චපල නැති නිපක ප්‍රඥාවෙන් යුක්ත වූ මනාව සංවර වූ ඉන්‍ද්‍රියයන් ඇති තැනැත්තා පංශුකූල චීවරයෙන් බබලයි. ගිරිකඳුරෙහි සිංහයෙක් මෙනි.

“එතෙ සම‍්බහුලා දෙවා, ඉද‍්ධිමන‍්තො යසස‍්සිනො; දසදෙවසහස‍්සානි, සබ‍්බෙ තෙ බ්‍රහ‍්මකායිකා.

මේ බොහෝ වූ දෙවිවරු ඍද්ධිමත්ය. යසස්වන්තය. දසදහසක් මේ දෙවිවරු බ්‍රහ්මකායිකයෝ වෙත්.

“ධම‍්මසෙනාපතිං වීරං, මහාඣායිං සමාහිතං; සාරිපුත‍්තං නමස‍්සන‍්තා, තිට‍්ඨන‍්ති පඤ‍්ජලීකතා.

සමාධිගත සිත් ඇති ධ්‍යානවන්ත වූ වීර වූ ධර්මසේනාපති වූ සැරියුත් මහතෙරුන් වහන්සේට හිසෙහි දෑත් තබා නමස්කාර කරත්.

“නමො තෙ පුරිසාජඤ‍්ඤ, නමො තෙ පුරිසුත‍්තම; යස‍්ස තෙ නාභිජානාම, යම‍්පි නිස‍්සාය ඣායති.

පුරිසෝත්තමය, ඔබවහන්සේට නමස්කාර වේවා. පුරිසාජඤ්ඤ උතුමාණෙනි! ඔබවහන්සේට නමස්කාර වේවා. ඔබවහන්සේ කුමක් අරමුණු කරගෙන ධ්‍යාන වඩන්නේදැයි අපි නොදනිමු.

“අච‍්ඡෙරං වත බුද‍්ධානං, ගම‍්භීරො ගොචරො සකො; යෙ මයං නාභිජානාම, වාලවෙධිසමාගතා.

බුදුවරයන්ගේ චතුරාර්ය සත්‍යය ඉතා ගැඹුරුය. අපට ගොදුරු නොවේ. ඉතා සියුම් දෙය පවා වටහා ගැනීමට යෝග්‍ය බුද්ධියක් ඇති මෙහි රැස්වූ අපි එය නොදනිමු.

“තං තථා දෙවකායෙහි, පූජිතං පූජනාරහං; සාරිපුත‍්තං තදා දිස‍්වා, කප‍්පිනස‍්ස සිතං අහු.

පූජාවට යෝග්‍ය වූ එසේ දෙවියන් විසින් පූජා ලත් සැරියුත් තෙරුන් වහන්සේ දැක කප්පිත හට මෙසේ සිතින.

“යාවතා බුද‍්ධඛෙත‍්තම‍්හි, ඨපයිත්‍වා මහාමුනිං; ධුතගුණෙ විසිට‍්ඨොහං, සදිසො මෙ න විජ‍්ජති.

යම්හෙයකින් බුදුන්වහන්සේ විසින් බුද්ධ ශාසන ක්‍ෂේත්‍රයෙහි මම ධුතංගධරයන්ගෙන් අග්‍රස්ථානයෙහි තබන ලද්දේ වෙමි. මට සමාන කෙනෙක් නැත.

“පරිචිණ‍්ණො මයා සත්‍ථා, කතං බුද‍්ධස‍්ස සාසනං; ඔහිතො ගරුකො භාරො, නත්‍ථි දානි පුනබ‍්භවො.

මා විසින් බුදුන්වහන්සේව ඇසුරු කළෙමි. බුද්ධ අවවාදය කළෙමි. මහත්වූ බර බිම තබන ලදී. නැවත භවයක් නැත.

“න චීවරෙ න සයනෙ, භොජනෙ නුපලිම‍්පති; ගොතමො අනප‍්පමෙය්‍යො, මූළාලපුප‍්ඵං විමලංව; අම‍්බුනා නෙක‍්ඛම‍්මනින‍්නො, තිභවාභිනිස‍්සටො.

චීවරයෙහිත් සයනයෙහිත් භෝජනයෙහිත් නොඇලෙයි. ගෞතමයන් වහන්සේ ප්‍රමාණ කළ නොහැකි ගුණ ඇත්තේය. නෙලුම්මල ජලයේ ස්පර්ශ නොවී පිරිසිදුව තිබෙන්නාක් මෙන් භවයෙහි නොඇලුනේ එයින් නික්ම සිටියේ වෙයි.

“සතිපට‍්ඨානගීවො සො, සද‍්ධාහත්‍ථො මහාමුනි; පඤ‍්ඤාසීසො මහාඤාණී, සදා චරති නිබ‍්බුතො”ති. –

සතිපට්ඨාන නමැති ග්‍රීවය, ශ්‍රද්ධා නමැති අත්, ප්‍රඥාව නමැති හිස ඇති මහාමුනීන්ද්‍රයන් වහන්සේ මහාප්‍රාඥ වූයේ නිවීමට පත්ව හැමවිට වැඩසිටී.

ඉමා ගාථා අභාසි. තත්‍ථ ආදිතො තිස‍්සො ගාථා ගණෙසු කුලෙසු ච සංසට‍්ඨෙ භික‍්ඛූ දිස‍්වා තෙසං ඔවාදදානවසෙන වුත‍්තා.

යන ගාථා ප්‍රකාශ කළේය. මෙහි මුල් ගාථා තුන ගණයා කෙරෙහිත් කුලයන් කෙරෙහිත් ඇලුනු භික්‍ෂූන් දැක අවවාද කිරිම් වශයෙන් ප්‍රකාශ කරන ලදී.

තත්‍ථ න ගණෙන පුරක‍්ඛතො චරෙති භික‍්ඛුගණෙහි පුරක‍්ඛතො පරිවාරිතො හුත්‍වා න චරෙය්‍ය න විහරෙය්‍ය. කස‍්මා? විමනො හොති සමාධි දුල‍්ලභො ගණං පරිහරන‍්තස‍්ස දුක‍්ඛුප‍්පත‍්තියා බ්‍යාකුලමනතාය, උද‍්දෙසෙන ඔවාදෙන අනුසාසනියා අනුග‍්ගහං කරොන‍්තො යථානුසිට‍්ඨං අප‍්පටිපත‍්තියා ච විමනො විකාරිභූතචිත‍්තො හොති, තතො සංසග‍්ගෙන එකග‍්ගතං අලභන‍්තස‍්ස සමාධි දුල‍්ලභො හොති. තථාරූපස‍්ස හි උපචාරසමාධිමත‍්තම‍්පි න ඉජ‍්ඣති, පගෙව ඉතරො. නානාජනසඞ‍්ගහොති නානජ‍්ඣාසයස‍්ස නානාරුචිකස‍්ස ජනස‍්ස පෙය්‍යඛජ‍්ජාදිනා සඞ‍්ගහො. දුඛොති කිච‍්ඡො කසිරො. ඉති දිස‍්වානාති එවං ගණසඞ‍්ගහෙ බහුවිධං ආදීනවං දිස‍්වා ඤාණචක‍්ඛුනා ඔලොකෙත්‍වා. ගණං ගණවාසං න රොචයෙ න රොචෙය්‍ය න ඉච‍්ඡෙය්‍ය.

එහි න ගණෙන පුරක්‍ඛතො චරෙ යනු භික්‍ෂු සමූහයා පිරිවරාගෙන ඇවිදින්නේ නැත. හැසිරෙන්නේ නැත. කුමක් හෙයින්ද? විමනො හොති සමාධි දුල්ලභො යනු පිරිසක් පරිහරණය කිරීමෙන් දුකට පත්වීම වියවුල් වූ සිත් ඇතිවීම හා සමාධියක් ලැබීම දුර්ලභයි. ඒ අයට උපදේශයෙන් උපකාරයක් කරන්නේ, ඉහත දැක්වූ දුශ්ප්‍රතිපත්තියෙන් විකල් වූ මනසක් විකාරයට පත් සිතක් ඇත්තේ වෙයි. එබඳු පිරිස් සංසර්ගයෙන් සිතේ ඒකාග්‍රතාවයක් නොලබන්නහුට සමාධියක් ලබාගැනීම දුර්ලභ වූවකි. එබඳු ස්වරූප ඇත්තහුට උපචාර සමාධියකුදු ලබාගත නොහැක. ඉතිරිය කියන ලදී. නානාජනසංගහො යනු නොයෙක් අදහස් ඇති නොයෙක් රුචිකම් ඇති ජනයාට කැවිලි පෙවිලි ආදියෙන් සංග්‍රහ කිරීම, දුක්‍ඛො යනු අපහසුයි. දුෂ්කරයි. ඉතිදිස්වාන යනු මෙසේ පිරිස් හා එක්වීමෙන් බොහෝ ආදීනව දැක නුවණැසින් බලා. ගණං සමූහවාසය. නරොචයෙ කැමැති නොවන්නේය. රුචි නොකරන්නේය.

න කුලානි උපබ‍්බජෙ මුනීති ඉමස‍්මිං සාසනෙ පබ‍්බජිතො ඛත‍්තියාදිකුලූපකො හුත්‍වා න උපගච‍්ඡෙය්‍ය. කිංකාරණා? විමනො හොති සමාධි දුල‍්ලභො. සො උස‍්සුක‍්කො කුලූපසඞ‍්කමනෙ උස‍්සුක‍්කං ආපන‍්නො කුලෙසු ලද‍්ධබ‍්බෙසු මධුරාදිරසෙසු අනුගිද‍්ධො ගෙධං ආපන‍්නො තත්‍ථ උප‍්පන‍්නෙසු කිච‍්චකරණීයෙසු අත‍්තනාව යොගං ආපජ‍්ජන‍්තො. අත්‍ථං රිඤ‍්චති යො සුඛාවහොති යො අත‍්තනො මග‍්ගඵලනිබ‍්බානසුඛාවහො තං සීලවිසුද‍්ධිආදිසඞ‍්ඛාතං අත්‍ථං රිඤ‍්චති ජහති, නානුයුඤ‍්ජතීති අත්‍ථො.

නකුලානි උපබ්බජෙමුනි මේ සසුනෙහි පැවිදි වූ ක්‍ෂත්‍රිය ආදී කුල සමග මිත්‍රවී ඒ කුලයන් වෙත නොයන්නේය. කුමක් නිසාද? විමනොහොති සමාධි දුල්ලභො සො උස්සුක්කො යනු කුලයන් වෙත යාමෙහි උනන්දුව ඇති. කුලගෙවල්වලදී ලැබිය යුතු මිහිරි රසයන්හි අනුගිද්ධො ගිජුබවට පත්වූයේ එහිදී එළඹි කටයුතු කාර්යයන්හි තමාම යෙදීමට පත්වූ අත්‍ථං රිඤ්චති යො සුඛාවහො යනු යමෙක් තමාගේ මාර්ගඵල නිර්වාණ සැප ගෙන දෙන්නා වූ ඒ සීල විශුද්ධිය ආදී වූ අර්ථය (යහපත) නැතිකර ගනී. අත්හරියි. එහි නොයෙදෙන්නේය යන අර්ථයි.

තතියගාථා හෙට‍්ඨා වුත‍්තා එව.

තුන්වන ගාථාව පහත දැක්වූ අරුත් ඇත්තේමය.

සෙනාසනම‍්හා ඔරුය‍්හාතිආදිකා චතස‍්සො ගාථා පච‍්චයෙසු අත‍්තනො සන‍්තොසදස‍්සනමුඛෙන “භික‍්ඛුනා නාම එවං පටිපජ‍්ජිතබ‍්බ”න‍්ති භික‍්ඛූනං ඔවාදදානවසෙන වුත‍්තා. තත්‍ථ සෙනාසනම‍්හා ඔරුය‍්හාති පබ‍්බතසෙනාසනත‍්තා වුත‍්තං. සක‍්කච‍්චං තං උපට‍්ඨහින‍්ති තං කුට‍්ඨිපුරිසං උළාරසම‍්පත‍්තිං පාපෙතුකාමතාය භික‍්ඛාය අත්‍ථිකො හුත්‍වා පණීතභික‍්ඛදායකං කුලං මහිච‍්ඡපුග‍්ගලො විය ආදරෙන උපගන‍්ත්‍වා අට‍්ඨාසිං.

සෙනසනමහාඔරුය්හ යනාදී මුල් ගාථා සතර, ප්‍රත්‍යයන්හි තමාගේ සතුට දැක්වීම් වශයෙන් ‘භික්‍ෂුවක් විසින් වනාහි මෙසේ පිළිපැදිය යුතුයි’ ආදී ලෙස භික්‍ෂූන්ට අවවාද වශයෙන් කියන ලදී. එහි සෙනාසන මහා ඔරුය්හ පර්වත සේනාසනයෙන් යැයි කියන ලදී. සක්කච්චං තං උපට්ඨහිං යනු ඒ කුෂ්ට සෑදුනු පුද්ගලයාට විශාල වූ සම්පතක් ලබාදෙනු කැමැත්තෙන් භික්‍ෂාව බලාපොරොත්තුව ප්‍රණීත භික්‍ෂාවක් දෙන දායක කුලයකට මහේශාක්‍ය පුද්ගලයකු මෙන් ඔහු වෙතට ආදරයෙන් ගොස් සිටියෙමි.

පක‍්කෙනාති අට‍්ඨිගතකුට‍්ඨරොගතාය උපක‍්කෙන කුථිතෙන. අඞ‍්ගුලි චෙත්‍ථ ඡිජ‍්ජථාති එත්‍ථ පත‍්තෙ තස‍්ස අඞ‍්ගුලි ඡිජ‍්ජිත්‍වා ආහාරෙන සද‍්ධිං පතතීති අත්‍ථො.

පක්කෙන යනු ඇටවල සෑදුනු කුෂ්ට රෝගයක් බැවින් (ලාදුරු) හටගත්තා වූ කුෂ්ට ඇත්තේ අංගුලිපෙත්‍ථජිජ්ජථ යනු මෙහි පාත්‍රයෙහි ඔහුගේ ඇඟිල්ල ගැලවී ආහර සමග වැටෙයි යන අර්ථයි.

කුට‍්ටමූලං නිස‍්සායාති තස‍්ස පුරිසස‍්ස පසාදජනනත්‍ථං තාදිසෙ ඝරභිත‍්තිසමීපෙ නිසීදිත්‍වා ආලොපං තං අභුඤ‍්ජිසං පරිභුඤ‍්ජිං. අයං පන ථෙරස‍්ස පටිපත‍්ති සික‍්ඛාපදෙ අපඤ‍්ඤත‍්තෙති දට‍්ඨබ‍්බං. පටික‍්කූලෙ ච අප‍්පටික‍්කූලෙ ඉව අප‍්පටික‍්කූලසඤ‍්ඤිතාය අරියිද‍්ධියා උක‍්කංසගතත‍්තා ථෙරස‍්ස තං අජ‍්ඣොහරන‍්තස‍්ස ජිගුච‍්ඡා න උප‍්පජ‍්ජි, පුථුජ‍්ජනස‍්ස පන තාදිසං භුඤ‍්ජන‍්තස‍්ස අන‍්තානි නික‍්ඛමෙය්‍යුං. තෙනාහ “භුඤ‍්ජමානෙ වා භුත‍්තෙ වා, ජෙගුච‍්ඡං මෙ න විජ‍්ජතී”ති.

කුඩ්ඩමූලං නිස්සාය ඒ පුරුෂයාට සිත්තේ ප්‍රසාදයක් ඇතිකිරීම සඳහා එබඳු වූ ගෙයි බිත්තිය ලඟ වාඩිවී ආලොපං තං අභුඤ්ජිසං අනුභව කළෙමි. තෙරුන් වහන්සේගේ මේ ප්‍රතිපත්තිය වනාහි ශික්‍ෂාපදයන් නොපැනවූ කල්හි යයි දතයුතුයි. පිළිකුල් සහගත දෙයෙහි පිළිකුලක් නැත්තාක් මෙන් ආර්ය ඍද්ධියෙන් පවිත්‍රත්වයක් ඇතිවූ බැවින් වමනය කිරීමට තරම් පිළිකුලක් ඇති නොවීය. පෘථග්ජනයාට වනාහි එබඳු ආහාරයක් අනුභව කරන්නහුට බඩවැල් පිටතට නික්මෙන්නේය. ඒ නිසා කීය ‘අනුභව කරන කල්හි හෝ අනුභව කළ පසු මට පිළිකුලක් ඇතිවූයේ නැත’ කියා.

උත‍්තිට‍්ඨපිණ‍්ඩොති උත‍්තිට‍්ඨිත්‍වා පරෙසං ඝරද‍්වාරෙ ඨත්‍වා ගහෙතබ‍්බපිණ‍්ඩො, ජඞ‍්ඝබලං නිස‍්සාය අනුඝරං ගන‍්ත්‍වා ලද‍්ධබ‍්බමිස‍්සකභික‍්ඛාති අත්‍ථො. පූතිමුත‍්තන‍්ති ගොමුත‍්තපරිභාවිතහරීටකාදි ච. යස‍්සෙතෙ අභිසම‍්භුත්‍වාති, යො භික‍්ඛු එතෙ උත‍්තිට‍්ඨපිණ‍්ඩාදයො චත‍්තාරො පච‍්චයෙ අන‍්තිමන‍්තෙන අභිරමිත්‍වා පරිභුඤ‍්ජති. ස වෙ චාතුද‍්දිසො නරොති සො පුග‍්ගලො එකංසෙන චාතුද‍්දිසො පුරත්‍ථිමාදිචතුදිසායොග්‍යො, කත්‍ථචි අප‍්පටිඝො යාය කායචි දිසාය විහරිතුං සක‍්කොතීති අත්‍ථො.

උත්තිට්ඨපිණ්ඩො යනු අනුන්ගේ ගෙදොර ලඟ සිටගෙන ගතයුතු පිණ්ඩපාතයයි. දෙකකුලේ බලයෙන් ගෙයක් පාසා ගොස් ලබන මිශ්‍ර ආහාරය යන අර්ථයි. පූතිමුත්තං යනු ගොමුත්‍ර හා එක්කල නෙල්ලි ආදියයි. යස්සෙතෙ අභිසම්භුත්‍වා යනු යම් භික්‍ෂුවක් මේ ගෙයක් පාසා හිටගෙන සිට ලබන පිණ්ඩපාතය ආදී සිව්පසය සතුටු සිතින් පරිභෝග කරයි. සවෙචාතුද්දිසො නරො යනු යම් පුද්ගලයෙක් නිත්‍ය වශයෙන්ම සතර දිශාවට යෝග්‍ය එනම් පෙරදිග ආදී සිව්දිශාවටම යෝග්‍ය කෙනෙක් වන්නේය. කිසිතැනක ගැටීමක් නැතිව ඕනෑම දිශාවක වාසය කරන්නට හැකිය යන අර්ථයි.

අථ ථෙරො අත‍්තනො මහල‍්ලකකාලෙ මනුස‍්සෙහි “කථං, භන‍්තෙ, තුම‍්හෙ එවරූපාය ජරාය වත‍්තමානාය දිනෙ දිනෙ පබ‍්බතං අභිරුහථා”ති වුත‍්තෙ “යත්‍ථ එකෙ”තිආදිකා චතස‍්සො ගාථා අභාසි. තත්‍ථ යත්‍ථාති යස‍්මිං පච‍්ඡිමවයෙ. එකෙති එකච‍්චෙ. විහඤ‍්ඤන‍්තීති සරීරකිලමථෙන චිත‍්තෙන විඝාතං ආපජ‍්ජන‍්ති. සිලුච‍්චයන‍්ති පබ‍්බතං. තත්‍ථාති තස‍්මිං ජරාජිණ‍්ණකාලෙපි. සම‍්පජානො පටිස‍්සතොති ඉමිනා චිත‍්තඛෙදාභාවං දස‍්සෙති, ඉද‍්ධිබලෙනුපත්‍ථද‍්ධොති ඉමිනා සරීරඛෙදාභාවං.

ඉක්බිති තෙරුන් වහන්සේ තමාගේ මහළු කාලයෙහි මනුෂ්‍යයන් විසින් ස්වාමීනි! ඔබවහන්සේ මෙබඳු වූ දිරාපත් වූ තත්ත්වයක සිටියදී දවස ගාන්නේ කෙසේම් මේ පර්වතයට නගින්නේද යැයි කියන ලද කල්හි ‘යත්‍ථ එකෙ’ යනාදී ගාථා සතර ප්‍රකාශ කරන ලදී. එහි යත්‍ථ යනු යම් ඒ ජීවිතයේ පශ්චිම වයසෙහි එකෙ යනු ඇතැමෙක් විහඤ්ඤති යනු සිරුර වෙහෙසීමෙන් ඇතිවන සිත් කලකිරීමට පත්වෙත්. සිලුච්චයං යනු පර්වතය. තත්‍ථ යනු ඒ ජරාජීර්ණ කාලයෙහි සම්පජානොපටිස්සතො යනු මෙයින් සිතෙහි කණගාටුදායක තත්ත්වයක් නැති බව දක්වයි. ඉද්ධිබලෙනුපත්‍ථද්ධො මෙයින් ශරීරයේ ඛේදදායක බව නැතිකමින්,

භයහෙතූනං කිලෙසානං සමුච‍්ඡින‍්නත‍්තා පහීනභයභෙරවො.

භයට හේතුවන කෙලෙස් නැතිකළ බැවින් පහීනභයභෙරවො

ඩය‍්හමානෙසූති රාගග‍්ගිආදීහි එකාදසහි අග‍්ගීහි සත‍්තෙසු ඩය‍්හමානෙසු. සංකිලෙසපරිළාහාභාවෙන නිබ‍්බුතො සීතිභූතො.

ඩය්හමානෙසු යනු රාග ගින්න ආදියෙන් එකොළොස් ගින්නකින් සත්ත්වයන් දැවෙන කල්හි, කිලිටි බව වැළපීම නැතිකමෙන් නිබ්බුතො නිවුනේ, සිහිල් වූයේ.

පුන මනුස‍්සෙහි “කිං, භන‍්තෙ, ජිණ‍්ණකාලෙපි අරඤ‍්ඤපබ‍්බතෙයෙව විහරථ, නනු ඉමෙ වෙළුවනාදයො විහාරා මනොරමා”ති වුත‍්තෙ අරඤ‍්ඤපබ‍්බතා එව මය‍්හං මනොරමාති දස‍්සෙන‍්තො “කරෙරිමාලාවිතතා”තිආදිකා ද‍්වාදස ගාථා අභාසි. තත්‍ථ කරෙරිමාලාවිතතාති වරුණරුක‍්ඛපන‍්තීහි සමාගතා. “කාලවණ‍්ණපුප‍්ඵෙහි ඔත්‍ථටා”තිපි වදන‍්ති. කුඤ‍්ජරාභිරුදාති පටිඝොසාදිගුණීභූතෙහි හත්‍ථීනං ගොචරෙසීනං ගජ‍්ජිතෙහි අභිත්‍ථනිතා.

නැවත මිනිසුන් විසින් ස්වාමීනි! වයසට පත්කල්හිද අරණ්‍යයෙහි පර්වතයෙහි වසන්නේ කිම? මේ වේළුවන ආදි විහාර මනහර නොවන්නේද? මෙසේ කී කල්හි අරණ්‍ය පර්වත ආදිය පමණක් මට ප්‍රියයි යනුවෙන් දක්වමින් ‘කරෙරිමාලා’ ආදී ගාථා දොළසක් කීය. එහි කරෙරිමාලාවිත්තා යනු ‘වරුණ’ ගස්පෙළින් යුක්ත වූ. කාලවර්ණ මල් ඉසුරුණු යනුවෙන්ද කියත්. කුඤ්ජරාභිරුදා යනු ප්‍රතිඝෝෂා එක්වීමෙන් ගොදුරු සොයන හස්තීන්ගේ නාදයන්ගෙන් පැතිරි ගිය.

අභිවුට‍්ඨාති මහාමෙඝෙන අභිප‍්පවුට‍්ඨා. රම‍්මතලාති තෙනෙව රජොජල‍්ලපණ‍්ණෙය්‍යාදීනං අපගමෙන රමණීයතලා. නගාති දෙසන‍්තරං අගමනතො “නගා”ති සෙලමයතාය “සෙලා”ති ච ලද‍්ධනාමා පබ‍්බතා. අබ‍්භුන‍්නදිතා සිඛීහීති මධුරස‍්සරෙන උන‍්නදිතා.

අභිවුට්ඨා මහා වර්ෂාවෙන් අතිශයින් පිරිසිදු වූ. රම්මතලා යනු එයින්ම කිලිටි, දියසෙවෙල් කොල ආදිය ඉවත්ව යාමෙන් රමණීය වූ වැලිතලා ඇති. නගා යනු වෙන පැත්තකට නොයන්නේනුයි ‘නගා’ නමින්ද ශෛලමය ස්වභාවයෙන් ‘සෙල’ යනුවෙන් ලබන ලද නමින්ද යුත් පර්වත. අබ්භුන්නදිතා සිඛීහි යනු මධුර ස්වරයෙන් නාදකරන මොනරුන්ගෙන්,

අලන‍්ති යුත‍්තං සමත්‍ථං වා. ඣායිතුකාමස‍්ස අත්‍ථකාමස‍්සාතිආදීසුපි ඉමිනා නයෙන යොජෙතබ‍්බං. භික‍්ඛුනොති භින‍්නකිලෙසභික‍්ඛුනො, මෙති සම‍්බන්‍ධො.

අලං යනු සුදුසුය. යෝග්‍යයයි. ඣායිතුකාමස්ස අත්‍ථකාමස්ස ආදියෙහිද මේ ක්‍රමයම යොදාගත යුතුයි. භික්‍ඛුනො බිඳීගිය කෙලෙස් ඇති භික්‍ෂුවගේ මෙ යනු සම්බන්ධයයි.

උමාපුප‍්ඵෙන සමානාති මෙචකනිභතාය උමාකුසුමසදිසා. ගගනාවබ‍්භ ඡාදිතාති තතො එව සරදස‍්ස ගගනඅබ‍්භා විය කාළමෙඝසඤ‍්ඡාදිතා, නීලවණ‍්ණාති අත්‍ථො.

උම්මා පුප්ඵෙන සමානා යනු තද නිල්පාටට සමාන බැවින් උම්මා නම් වූ මල්වලට සමාන වූ ගගනාවබ්භජාදිතා එයින්ම සරත් කාලයේ අහස වළාවක් මෙන්, කළුපාට මේඝයෙන් වැසුනා වූ නීල වර්ණයෙන් යුත් යන අර්ථයි.

අනාකිණ‍්ණාති අසංකිණ‍්ණා අසම‍්බාධා. පඤ‍්චඞ‍්ගිකෙනාති ආතතාදීහි පඤ‍්චහි අඞ‍්ගෙහි යුත‍්තෙන තූරියෙන පරිවාරියමානස‍්ස තාදිසීපි න හොති, යථා යාදිසී එකග‍්ගචිත‍්තස‍්ස සමාහිතචිත‍්තස‍්ස සම‍්මදෙව රූපාරූපධම‍්මං අනිච‍්චාදිවසෙන විපස‍්සන‍්තස‍්ස රති හොති. තෙනාහ භගවා –

අනාකිණ්ණා යනු නොවැසුනු, බාධා නොවූ පඤ්චංගිකෙන යනු ආතත ආදී අංග පසකින් යුත් තූර්යයෙන් පිරිවරන්නහුට එසේද නොවන්නේය. යම්සේ යම්බඳු එකඟ වූ සිත් ඇති සමාහිත සිත් ඇති රූපාරූප ධර්මයන් අනිත්‍යාදි වශයෙන් විදර්ශනා වඩන්නහුට රතියක් ඇති නොවේ. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ වදාරා ඇත.

“යතො යතො සම‍්මසති, ඛන්‍ධානං උදයබ‍්බයං; ලභතී පීතිපාමොජ‍්ජං, අමතං තං විජානත”න‍්ති. (ධ· ප· 374)

යම්හෙයකින් ස්කන්ධයන්ගේ හටගැනීම හා විනාශය විමසා බලයිද එය දැනගත්තහු විසින් අමෘතමය වූ ප්‍රීතියක්, සතුටක් ඔහු ලබයි.

කම‍්මං බහුකන‍්තිආදිනා ද‍්වෙ ගාථා කම‍්මාරාමානං පච‍්චයගිද‍්ධානං භික‍්ඛූනං ඔවාදදානවසෙන වුත‍්තා. තත්‍ථ කම‍්මං බහුකං න කාරයෙති කම‍්මාරාමො හුත්‍වා බහුං නාම කම‍්මං න කාරයෙ න අධිට‍්ඨහෙ, ඛණ‍්ඩඵුල‍්ලපටිසඞ‍්ඛරණං පන සත්‍ථාරා අනුඤ‍්ඤාතමෙව. පරිවජ‍්ජෙය්‍ය ජනන‍්ති අකල්‍යාණමිත‍්තභූතං ජනං වජ‍්ජෙය්‍ය. න උය්‍යමෙති පච‍්චයුප‍්පාදනගණබන්‍ධාදිවසෙන වායාමං න කරෙය්‍ය.

‘කම්මං බහුකං’ ආදී ගාථා දෙක වැඩ කරන්නවුන්ගේ ප්‍රත්‍යයන් පිළිබඳ ගිජු බවට පත් භික්‍ෂූන්ට අවවාද වශයෙන් කියන ලදී. එහි කම්මං බහුකං නකාරයෙ යනු වැඩෙහි ඇලී සිටිමින් බොහෝ වූ වැඩ නොකරන්නේය. අධිෂ්ඨාන නොකරන්නේය. කැඩුණු බිඳුනු තැන් ප්‍රතිසංස්කරණය කිරීම වනාහි ශාස්තෲන් වහන්සේ විසින් අනුදන්නා ලදී. පරිවිජ්ජෙය්‍ය විනං යනු කල්‍යාණමිත්‍ර නොවූ ජනයා අත්හළ යුතුය. න උය්‍යමෙති ප්‍රත්‍යයන් උපදවා ගැනීම, සමූහය රැස් කිරීම ආදී වශයෙන් උත්සාහ නොකරන්නේය.

අනත‍්තනෙය්‍යමෙතන‍්ති එතං නවකම‍්මාධිට‍්ඨානාදිකං අත‍්තනො අත්‍ථාවහං න හොතීති අත්‍ථො. තත්‍ථ කාරණමාහ “කිච‍්ඡති කායො කිලමතී”ති. නවකම‍්මාදිපසුතස‍්ස හි තහං තහං විචරතො කායසුඛාදිඅලාභෙන කිච‍්ඡප‍්පත‍්තො හොති කිලමති ඛෙදං ආපජ‍්ජති, තෙන ච කායකිලමථෙන දුක‍්ඛිතො. වත්‍ථුවිසදඅත‍්තනෙය්‍යකිරියාදීනං අභාවෙන සො පුග‍්ගලො සමථං න වින්‍දති චිත‍්තසමාධානං න ලභතීති.

අනත්ත නෙය්‍යමෙතං මෙය අළුත් වැඩ අධිෂ්ඨාන කිරීම ආදී ලෙස තමන්ට යහපතක් ගෙන දෙන්නේ නැත යන අර්ථයි. එහිදී කරුණු දක්වා ඇත. වෙහෙසට පත්වෙයි. සිරුර ක්ලාන්ත වෙයි. අළුත් වැඩවල නිරත වූවහුගේ ඒ ඒ තැන්වල හැසිරෙන්නහුගේ කයට සැපක් ආදිය නොලැබීමෙන් පීඩාවට පත්වූයේ වෙයි. කිලමති ක්ලාන්ත බවට පත්වෙයි. දුකට පත්වෙයි. එකී සිරුර ක්ලාන්ත වීමෙන් දුක්‍ඛිතො දුකට පත්වූයේ, මූලධාතුන් පිළිබඳ නිරවුල් කිරීම, ආත්මයට අයත්බව තීරණය කිරීම ආදී ක්‍රියාවන් නොමැතිකමින් සො ඒ පුද්ගලයා සමථං නවින්‍දති සිතෙහි එකඟතාවක් නොලබයි.

ඔට‍්ඨප‍්පහතමත‍්තෙනාතිආදිනා ද‍්වෙ ගාථා සුතපරමස‍්ස පණ‍්ඩිතමානිනො ගරහවසෙන, තතො පරා ද‍්වෙ පණ‍්ඩිතස‍්ස පසංසාවසෙන වුත‍්තා. තත්‍ථ ඔට‍්ඨප‍්පහතමත‍්තෙනාති සජ‍්ඣායසීසෙන ඔට‍්ඨපරිවත‍්තනමත‍්තෙන, බුද‍්ධවචනං සජ‍්ඣායකරණමත‍්තෙනාති අත්‍ථො. අත‍්තානම‍්පි න පස‍්සතීති අනත්‍ථඤ‍්ඤුතාය අත‍්තනො පච‍්චක‍්ඛභූතම‍්පි අත්‍ථං න ජානාති, යාථාවතො අත‍්තනො පමාණං න පරිච‍්ඡින්‍දතීති අත්‍ථො. පත්‍ථද‍්ධගීවො චරතීති “අහං බහුස‍්සුතො, සතිමා, පඤ‍්ඤවා, න මයා සදිසො අඤ‍්ඤො අත්‍ථී”ති මානත්‍ථද‍්ධො හුත්‍වා ගරුට‍්ඨානියානම‍්පි අපචිතිං අදස‍්සෙන‍්තො අයොසලාකං ගිලිත්‍වා ඨිතො විය ථද‍්ධගීවො චරති. අහං සෙය්‍යොති මඤ‍්ඤතීති අහමෙව සෙය්‍යො උත‍්තමොති මඤ‍්ඤති.

ඔට්ඨප්පහට මත්තෙන ආදී ගාථා දෙක ශ්‍රැතිය උතුම් ලෙස සලකන පණ්ඩිතමානී පුද්ගලයාට ගර්හා වශයෙන්ද ඊට අනතුරුව ගාථා දෙකක් පණ්ඩිතයාට ප්‍රශංසා වශයෙනුත් කියන ලදී. එහි ඔට්ඨප්පහටමත්තෙන යනු සජ්ඣායනා කිරීම් වශයෙන් තොල් පෙරළීම් පමණකින් බුද්ධ වචනය සජ්ඣායනා කිරීම් පමණකින් යන අර්ථයි. අත්තානම්පි නපස්සති අනර්ථය දැනගැනීමෙන් තමන්ගේ ප්‍රත්‍යක්‍ෂ වූ යහපත් අර්ථය නොදනී. තමන්ගේ ප්‍රමාණය තේරුම් නොගනී යන අර්ථයි. පත්‍ථද්ධගීවො චරති යනු මම බහුශ්‍රැතයෙක්මි. සිහි ඇත්තෙක්මි. නුවණ ඇත්තෙක්මි. මට සමාන වෙන කෙනෙක් නැතැයි මානයෙන් තද වී ගරුකළ යුත්තන්ට පවා යටහත් පහත් බවක් නොපෙන්වා යකඩ පොල්ලක් ගිල්ලකු මෙන් තද වූ ග්‍රීවය ඇතිව හැසිරෙයි. අහංසෙය්‍යො මඤ්ඤති මමම සමානය. උතුම් වෙමි යනුවෙන් හඟියි.

අසෙය්‍යො සෙය්‍යසමානං, බාලො මඤ‍්ඤති අත‍්තානන‍්ති අයං අසෙය්‍යො හීනො සමානො අඤ‍්ඤෙන සෙය්‍යෙන උත‍්තමෙන සමානං සදිසං කත්‍වා අත‍්තානං බාලො මන්‍දබුද‍්ධි බාලභාවෙනෙව මඤ‍්ඤතීති. න තං විඤ‍්ඤූ පසංසන‍්තීති තං තාදිසං බාලං පග‍්ගහිතචිත‍්තතාය පත්‍ථද‍්ධමානසං ථම‍්භිතත‍්තං නරං විඤ‍්ඤූ පණ‍්ඩිතා න පසංසන‍්ති, අඤ‍්ඤදත්‍ථු ගරහන‍්තියෙව.

අසෙය්‍යො සෙය්‍ය සමානං බාලො මඤ්ඤති අත්තානං යනු සමාන නොවූයේ හීන වූයේ සමාන වූයේ අන්‍ය වූ සමාන වූ උත්තම වූ අයකු සමානකොට තථා බාල, මන්දබුද්ධික බාල භාවයෙන් හඟියි. නතං විඤ්ඤූ පසංසන්ති එබඳු වූ බාලයා තදින් ගන්නා ලද සිත් ඇති බැවින් පණ්ඩිතයෝ ප්‍රශංසා නොකරත්. පත්තද්ධමානසං සිතෙහි දරදඬු ගතිය. නරං පුද්ගලයාව ඤාණවන්ත පණ්ඩිත ජනයෝ ප්‍රශංසා නොකරත්. ගර්හා කරත්මැයි.

සෙය්‍යොහමස‍්මීති යො පන පණ‍්ඩිතො පුග‍්ගලො “සෙය්‍යොහමස‍්මී”ති වා හීනසදිසමානවසෙන “නාහං සෙය්‍යො”ති වා කඤ‍්චිපි මානං අජප‍්පෙන‍්තො විධාසු නවසු මානකොට‍්ඨාසෙසු කස‍්සචිපි වසෙන න විකම‍්පති. පඤ‍්ඤවන‍්තන‍්ති අග‍්ගඵලපඤ‍්ඤාවසෙන පඤ‍්ඤවන‍්තං ඉට‍්ඨාදීසු තාදිභාවප‍්පත‍්තියා තාදිං, අසෙක‍්ඛඵලසීලෙසු සුට‍්ඨු පතිට‍්ඨිතත‍්තා සීලෙසු සුසමාහිතං, අරහත‍්තඵලසමාපත‍්තිසමාපජ‍්ජනෙන චෙතොසමථමනුයුත‍්තන‍්ති තාදිසං සබ‍්බසො පහීනමානං ඛීණාසවං විඤ‍්ඤූ බුද‍්ධාදයො පණ‍්ඩිතා පසංසරෙ වණ‍්ණෙන‍්ති ථොමෙන‍්තීති අත්‍ථො.

සෙය්‍යොහමස්මි යනු යම් ඒ පණ්ඩිතයෙක් මට සමාන වන්නේයැයි හෝ හීන හෝ සදිස යන මාන වශයෙන් නාහං සෙය්‍යොති වා මා සමාන නැත. හෝ කිසියම් මානයක් ප්‍රකාශ නොකරන්නේ. විධාසු නවවැදෑරුම් මානයේ කවර හෝ අංගයකින් නවිකම්පති පඤ්ඤවන්තං යනු අග්‍රඵලය ප්‍රඥාව වශයෙන් ප්‍රඥාවන්ත වූ ඉටු අරමුණු කෙරෙහි තාදි ගුණයන් බවට පත්වූයෙන් තාදිං යනුවේ. සේඛ නොවූ ඵලයන්හි හා සීලයන්හි මනාව පිහිටි බැවින් සීලෙසු සුසමාහිතං නම් වේ. අර්හත්ඵල සමාපත්තියට සමවැදීමෙන් චෙතොසමථ මනුයුත්තං නම් වේ. එබඳු සියළු ආකාරයෙන්ම ප්‍රහීණ වූ මාන ඇති රහතන් වහන්සේ, විඤ්ඤූ බුද්ධාදී පඬිවරු. පසංසරෙ වර්ණනා කරත්. ස්තුති කරත් යන අර්ථයි.

පුන අඤ‍්ඤතරං දුබ‍්බචං භික‍්ඛුං දිස‍්වා දොවචස‍්සතාය ආදීනවං, සොවචස‍්සතාය ආනිසංසඤ‍්ච පකාසෙන‍්තො “යස‍්ස සබ්‍රහ‍්මචාරීසූ”තිආදිකා ද‍්වෙ ගාථා අභාසි. තා වුත‍්තත්‍ථා එව.

තවද අන්‍ය වූ නොහික්මුණු භික්‍ෂුවක් දැක අකීකරුකමේ ආදීනවත් කීකරුකමේ ආනිශංසත් ප්‍රකාශ කරමින් ‘යස්ස සබ්‍රහ්මචාරිසු’ (යමෙක් හට සබ්‍රහ්මචාරීන් කෙරෙහි) ආදි වූ ගාථා දෙකක් ප්‍රකාශ කළේය. එහි අර්ථ දක්වන ලද්දේමැයි.

පුන උද‍්ධතං උන‍්නළං එකං භික‍්ඛුං දිස‍්වා උද‍්ධතාදිභාවෙ දොසං, අනුද‍්ධතාදිභාවෙ ච ගුණං විභාවෙන‍්තො “උද‍්ධතො චපලො භික‍්ඛූ”තිආදිකා ද‍්වෙ ගාථා අභාසි. තත්‍ථ කපීව සීහචම‍්මෙනාති සීහචම‍්මෙන පාරුතො මක‍්කටො විය. සො උද‍්ධතාදිදොසසංයුත‍්තො භික‍්ඛු තෙන පංසුකූලෙන අරියද‍්ධජෙන න උපසොභති අරියගුණානං අභාවතො.

තවද උද්ධත වූ එක් භික්‍ෂුවක් දැක උද්ධත බවේ ආදීනවත් චපලබවෙන් තොරකමේ ආනිශංසත් දක්වමින් ‘උද්ධතො චපලො භික්‍ඛු’ (ස්ථිරතාවයක් නැති චපල භික්‍ෂුව) ආදි වූ ගාථා දෙක ප්‍රකාශ කළේය. එහි කපීව සීහචම්මෙන යනු සිංහ සමක් පොරවාගත් වඳුරකු මෙන්. සො උද්ධත ආදී දෝෂයන්ගෙන් යුත් තැනැත්තා. භික්‍ඛු භික්‍ෂුව. තෙන පංසුකූලෙන ඒ පංශුකූල චීවරයෙන්, ආර්ය ධජයෙන් නොබබළයි. ආර්ය ගුණයන් නොමැතිකමිනි.

යො පන උපසොභති, තං දස‍්සෙතුං “අනුද‍්ධතො”තිආදි වුත‍්තං;

යමෙක් වනාහි බබළයිද ඔහුව දැක්වීමට ‘අනුද්ධතො’ ආදිය කියන ලදී.

එතෙ සම‍්බහුලාතිආදිකා පඤ‍්ච ගාථා ආයස‍්මන‍්තං සාරිපුත‍්තං නමස‍්සන‍්තෙ බ්‍රහ‍්මකායිකෙ දෙවෙ දිස‍්වා ආයස‍්මතො කප‍්පිනස‍්ස සිතපාතුකම‍්මනිමිත‍්තං වුත‍්තා. තත්‍ථ එතෙති තෙසං පච‍්චක‍්ඛතාය වුත‍්තං . සම‍්බහුලාති බහුභාවතො, තං පන බහුභාවං “දසදෙවසහස‍්සානී”ති පරිච‍්ඡින්‍දිත්‍වා ආහ. දෙවාති උපපත‍්තිදෙවා. තං තෙසං දෙවභාවං අඤ‍්ඤෙහි විසෙසෙත්‍වා දස‍්සෙන‍්තො “සබ‍්බෙ තෙ බ්‍රහ‍්මකායිකා”ති ආහ. යස‍්මා තෙ අත‍්තනො උපපත‍්තිද‍්ධියා මහතියා දෙවිද‍්ධියා සමන‍්නාගතා පරිවාරසම‍්පන‍්නා ච, තස‍්මා ආහ “ඉද‍්ධිමන‍්තො යසස‍්සිනො”ති.

‘එතෙ සම්බහුලා’ ආදි ගාථා පහ ආයුෂ්මත් සාරිපුත්තං සැරියුත් තෙරුන් වහන්සේට නමස්කාර කරන්නා වූ බ්‍රහ්මකායික දෙවියන් දැක ආයුෂ්මත් කප්පිනස්ස කප්පින තෙරුන්ට හටගත්තා වූ සිතුවිල්ල නිමිතිකොට කියන ලදී. එහි එතෙ යනු ඔවුන්ගේ ප්‍රත්‍යක්‍ෂභාවය සඳහා කියන ලදී. සම්බහුලා යනු බොහෝසෙයින් ඒ විශාල ප්‍රමාණය දෙවියන් දසදහසක් යනුවෙන් ප්‍රමාණ වශයෙන් කීය. දෙවා යනු දෙවියන් වශයෙන් උපත ලද දෙවියන්, ඔවුන්ගේ ඒ දේව ස්වභාවය අන්‍යයන්ගෙන් විශේෂ කොට දක්වමින් ඒ සියල්ලෝම බ්‍රහ්මකායිකයෝ යැයි කීය. යම් හෙයකින් ඔව්හු තමන්ගේ උපතින් ලද ඍද්ධිභාවයෙන්ද මහත් වූ දේව ඍද්ධියෙන්ද යුක්ත වූවාහු පිරිවරින්ද යුක්ත වූවාහු ඒ නිසා කීය.

“කො නු සෙනාපති භොතො”ති පුච‍්ඡාය විස‍්සජ‍්ජනවසෙන “මයා පවත‍්තිතං ධම‍්මචක‍්කං අනුත‍්තරං සාරිපුත‍්තො අනුවත‍්තෙතී”ති (ම· නි· 2.399) වදන‍්තෙන භගවතා ආයස‍්මතො සාරිපුත‍්තත්‍ථෙරස‍්ස ධම‍්මසෙනාපතිභාවො අනුඤ‍්ඤාතොති ආහ – “ධම‍්මසෙනාපතිං වීරං මහාඣායිං සමාහිතං සාරිපුත‍්ත”න‍්ති. තත්‍ථ වීරන‍්ති කිලෙසමාරාදීනං නිම‍්මථනෙන වීරියවන‍්තං මහාවික‍්කන‍්තං. මහාඣායින‍්ති දිබ‍්බවිහාරාදීනං උක‍්කංසගමනෙන මහන‍්තං ඣායිං. තතො එව සබ‍්බසො වික‍්ඛෙපවිද‍්ධංසනවසෙන සමාහිතං. නමස‍්සන‍්තාති සිරසි අඤ‍්ජලිං පග‍්ගය‍්හ නමස‍්සමානා තිට‍්ඨන‍්ති.

‘සෘද්ධි ඇති යසස් ඇති’ ‘පින්වතුන්ගේ සේනාපතියා කවරෙක්ද? ප්‍රශ්න විචාරීම් වශයෙන්’ මා විසින් පවත්වන ලද උතුම් වූ ධර්මචක්‍රය සාරිපුත්තෙන සැරියුත් තෙරණුවෝ පවත්වාගෙන යතියි කියන්නා වූ භාග්‍යවතුන් වහන්සේ විසින් ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේගේ ධර්මසේනාපති භාවය අනුමත කරන ලද්දේ යැයි කීය. වීර වූ මහා ධ්‍යානලාභී වූ සමාහිත සිත් ඇති සාරිපුත්තං සැරියුත් තෙරුන් වහන්සේ ධර්මසේනාපතිය. එහි වීරං යනු කෙලෙස් මාර ආදීන් මර්දනය කිරිමෙන් වීර්යවන්ත වූ මහා වික්‍රමයෙන් යුක්ත වූ මහා ඣායී යනු දෙව්ලොව වාසය කිරිම් ආදියට අහසින් යාම ආදියෙන් මහත්වූ ධ්‍යාන බල ඇති, එයින්ම සියළු ආකාරයෙන්ම දුක්වේදනා ආදිය විනාශ කිරීමෙන් යුක්ත බැවින් සමාහිතං සමාහිත සිත් ඇති නමස්සන්ති යනු සිරසෙහි ඇඳිලිබැඳ වඳිමින් සිටිත්.

යම‍්පි නිස‍්සායාති යං නු ඛො ආරම‍්මණං නිස‍්සාය ආරබ‍්භ ඣායතීති නාභිජානාමාති පුථුජ‍්ජනභාවෙන බ්‍රහ‍්මානො එවං ආහංසු.

යම්පිනිස්සාය යමකු හෝ යම් දෙයක් අරමුණු කොට ධ්‍යාන කරන්නෙහිද? නාභිජානාම යනු පෘථග්ජන ස්වභාවයෙන් බ්‍රහ්මයෝ මෙසේ කීහ.

අච‍්ඡෙරං වතාති අච‍්ඡරියං වත. බුද‍්ධානන‍්ති චතුසච‍්චබුද‍්ධානං. ගම‍්භීරො ගොචරො සකොති පරමගම‍්භීරො අතිදුද‍්දසො දුරනුබොධො පුථුජ‍්ජනෙහි අසාධාරණො අවිසයො. ඉදානි තස‍්ස ගම‍්භීරභාවෙ කාරණං දස‍්සෙතුං “යෙ මය”න‍්තිආදි වුත‍්තං. තත්‍ථ වාලවෙධිසමාගතාති යෙ මයං වාලවෙධිධනුග‍්ගහසදිසා අතිසුඛුමම‍්පි විසයං පටිවිජ‍්ඣිතුං සමත්‍ථා ආගතා උපපරික‍්ඛන‍්තා නාභිජානාම, ගම‍්භීරො වත බුද‍්ධානං විසයොති අත්‍ථො. තං තථා දෙවකායෙහීති තං තථාරූපං සාරිපුත‍්තං සදෙවකස‍්ස ලොකස‍්ස පූජනාරහං තෙහි බ්‍රහ‍්මකායිකෙහි තදා තථා පූජිතං දිස‍්වා ආයස‍්මතො මහාකප‍්පිනස‍්ස සිතං අහොසි. ඉමෙසං ලොකසම‍්මතානං බ්‍රහ‍්මූනම‍්පි අවිසයො, යත්‍ථ සාවකානං විසයොති.

අචෙඡරං වත පුදුමයි. බුද්ධානං චතුරාර්ය සත්‍ය බුදුවරයන්ගේ. ගම්භීරො ගොචරො සකො යනු අතිශයින් ගැඹුරු අතිශයින් ලඟාවිය නොහැකි, පෘථග්ජනයන් විසින් අවබෝධ කරගැනීමට අපහසු පෘථග්ජයන්ට අසාධාරණ වූ විෂය නොවූ, දැන් එහි ගැඹුරු බවට හේතුව දක්වමින් ‘යෙ මයං’ ආදිය කියන ලදී. එහි වාලවෙධිසමාගතානියෙ මයං එල්ලන ලද අස්ලොමකට විදීමට තරම් සමත් වූ දුනුවායන්ට සමාන වූ අතිශයින් සියුම් වූ දෙයක් ඉලක්ක කොට විදින්නට සමර්ථ වූවාහු පැමිණ වටකරගත්තාහු නාභිජානාම බුදුන් වහන්සේලාගේ විෂය වනාහි ඉතා ගැඹුරුය යන අර්ථයි. තංතථා දෙවකායෙහි යනු ඒ එබඳු රූප වූ සාරිපුත්තං සැරියුත් තෙරුන් වහන්සේ දෙවියන් සහිත ලෝකයාගේ පූජනාරහං පූජාවට සුදුසු බව, ඒ බ්‍රහ්මකායිකයන් විසින් තදා එකල්හි එපරිද්දෙන් පූජිතං දිස්වා පුදනු දැක ආයුෂ්මත් මහා කප්පිනස්ස සිතං මහාකප්පින තෙරුන්ට අදහසක් ඇතිවිය. මේ ලෝක සම්මත වූ බ්‍රහ්මයන්ටද අවිෂය වූ එහෙත් බුද්ධශ්‍රාවකයන්ට විෂය වූ.

යාවතා බුද‍්ධඛෙත‍්තම‍්හීති ගාථා ථෙරෙන අත‍්තානං ආරබ‍්භ සීහනාදං නදන‍්තෙන භාසිතා. තත්‍ථ බුද‍්ධඛෙත‍්තම‍්හීති ආණාඛෙත‍්තං සන්‍ධාය වදති. ඨපයිත්‍වා මහාමුනින‍්ති සම‍්මාසම‍්බුද‍්ධං ඨපෙත්‍වා . බුද‍්ධා හි භගවන‍්තො ධුතගුණෙහිපි සබ‍්බසත‍්තෙහි පරමුක‍්කංසගතා එව, කෙවලං පන මහාකරුණාසඤ‍්චොදිතමානසා සත‍්තානං තාදිසං මහන‍්තං උපකාරං ඔලොකෙත්‍වා ගාමන‍්තසෙනාසනවාසාදිං අනුවත‍්තන‍්තීති තං තං ධුතධම‍්මවිරොධී හොති. ධුතගුණෙති කිලෙසානං ධුතෙන ගුණෙන ආරඤ‍්ඤකාදිභාවෙන අපෙක‍්ඛිතගුණෙ. කරණත්‍ථෙ වා එතං භුම‍්මවචනං. සදිසො මෙ න විජ‍්ජති, කුතො පන උත‍්තරීති අධිප‍්පායො. තථා හෙස ථෙරො තත්‍ථ අග‍්ගට‍්ඨානෙ ඨපිතො.

යාවතා බුද්ධක්‍ඛෙත්තම්හි යම් ඒ බුද්ධ ක්‍ෂේත්‍රයෙහි යනාදී ගාථා තෙරුන් වහන්සේ විසින් තමන් අරභයා සීහනාද පවත්වමින් කියන ලදී. එහි බුද්ධඛෙත්තම්හි යනු විනය ක්‍ෂේත්‍රයෙහි යන අර්ථය සඳහා කියන ලදී. ඨපයිත්‍වා මහාමුනිං යනු සම්මා සම්බුදුරජාණන් වහන්සේ හැර, බුදුවරයන් වහන්සේලා වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ධුත ගුණයන්ගෙන් සත්ත්වයන්ට වඩා පරම උසස් තත්ත්වයට පත්වූයේමය. හුදෙක් වනාහි මහා කරුණාවෙන් මෙහෙයවන ලද සිත් ඇතිව සත්ත්වයන්ට එබඳු වූ මහත් උපකාරයක් බලා ගාමන්ත සේනාසන ආරාම ආදිය ඇසුරුකොට සිටින්නේ නම් ඒ ඒ ධුතයට විරුද්ධ වන්නේය. ධුතගුණෙ කෙලෙසුන්ට ධුත ගුණවලින් ආරඤ්ඤක ආදී තත්ත්වයන්ගෙන් අපේක්‍ෂිත ගුණයන්. සදිසො මෙ නවිජ්ජති මට වඩා උසස් කෙනෙක් කොහේද යන බලාපොරොත්තුවයි. එපරිද්දෙන් මේ තෙරුන් වහන්සේ ඒ කරුණෙහි අග්‍රස්ථානයෙහි තබන ලද්දේ ‘නචීවරෙ’ යනාදී ගාථාවෙන් ඨපයිත්‍වා මහාමුනිං (මුනීන්ද්‍රයන් වහන්සේ හැර) ආදී ලෙස කිය ලද අර්ථය පැහැදිලි කරයි. චීවර ආදියෙහි ආශාවෙන් නොඇලීම ධුතංග ඵලයයි.

න චීවරෙති ගාථාය “ඨපයිත්‍වා මහාමුනි”න‍්ති වුත‍්තමෙවත්‍ථං පාකටතරං කරොති, චීවරාදීසු තණ‍්හාය අනුපලෙපො ධුතඞ‍්ගඵලං. තත්‍ථ න චීවරෙ සම‍්පත‍්තෙ තණ‍්හාලෙපෙනාති යොජනා. සයනෙති සෙනාසනෙ. ගොතමොති භගවන‍්තං ගොත‍්තෙන කිත‍්තෙති. අනප‍්පමෙය්‍යොති පමාණකරකිලෙසාභාවතො අපරිමාණගුණතාය ච අනප‍්පමෙය්‍යො. මුළාලපුප‍්ඵං විමලංව අම‍්බුනාති යථා නිම‍්මලං විරජං නළිනං උදකෙන න ලිම‍්පති, එවං ගොතමො භගවා තණ‍්හාලෙපාදිනා න ලිම‍්පතීති අත්‍ථො. නෙක‍්ඛම‍්මනින‍්නො අභිනික‍්ඛම‍්මනින‍්නො තතො එව තිභවාභිනිස‍්සටො භවත‍්තයතො විනිස‍්සටො විසංයුත‍්තො.

එහි නචීවරෙ සිවුරක් ලැබුණු කල්හි තණ්හාවෙන් එහි ඇලීම, ආශා කිරීම, සයනෙ යනු සෙනසුනෙහි. ගොතමො භාග්‍යවතුන් වහන්සේ ගොත්‍ර නාමයෙන් හඳුන්වයි. අනප්පමෙය්‍යො යනු පමණ කළ නොහැකි කෙලෙස් නැතිවීමෙනුත් අපරිමාණ වූ ගුණ සමූහයෙන්ද අනප්පමෙය්‍ය නම් වේ. මූලාල පුප්ඵං විමලංව අම්බුනා යනු යම්සේ නිලුපුල පිරිසිදුව ජලය ස්පර්ශ නොකරයි. එපරිද්දෙන් ගෞතමයන් වහන්සේ තණ්හා ආදියෙහි නොඇලේ යන අර්ථයි. නික්‍ඛමනින්නො අභිනිෂ්ක්‍රමණය කළ එයින්ම තිතවාභිනිස්සමො භවත්‍රයෙන් වෙන්වූ, නොඇලුනු යමෙක් හට සතිපට්ඨානය ග්‍රීවය වේද, එහි භාවනා පරිපූර්ණ බව සඳහා ඒ කිසිතැනක නොඇලුනේ නික්ම යන්නේම විය.

යෙසං සතිපට‍්ඨානගීවාදීනං භාවනාපාරිපූරියා යත්‍ථ කත්‍ථචි අනුපලිත‍්තො නෙක‍්ඛම‍්මනින‍්නොව අහොසි, තෙ අඞ‍්ගභූතෙ දස‍්සෙන‍්තො “සතිපට‍්ඨානගීවො”ති ඔසානගාථමාහ. තත්‍ථ ගුණරාසිතො උත‍්තමඞ‍්ගභූතාය පඤ‍්ඤාය අධිට‍්ඨානභාවතො සතිපට‍්ඨානං ගීවා එතස‍්සාති සතිපට‍්ඨානගීවො, අනවජ‍්ජධම‍්මානං ආදානෙ සද‍්ධා හත්‍ථො එතස‍්සාති සද‍්ධාහත්‍ථො. ගුණසරීරස‍්ස උත‍්තමඞ‍්ගභාවතො පඤ‍්ඤා සීසං එතස‍්සාති පඤ‍්ඤාසීසො. මහාසමුදාගමනතාය මහාවිසයතාය මහානුභාවතාය මහාබලතාය ච මහන‍්තං සබ‍්බඤ‍්ඤුතසඞ‍්ඛාතං ඤාණං එතස‍්ස අත්‍ථීති මහාඤාණී. සදා සබ‍්බකාලං නිබ‍්බුතො සීතිභූතො චරති. “සුසමාහිතො…පෙ… නාගො”ති (අ· නි· 6.43) සුත‍්තපදඤ‍්චෙත්‍ථ නිදස‍්සෙතබ‍්බං. යං පනෙත්‍ථ අත්‍ථතො අවිභත‍්තං, තං හෙට‍්ඨා වුත‍්තනයමෙව.

එහි කොටස් වශයෙන් දක්වන්නේ ‘සතිපට්ඨානගීවො’ (සතිපට්ඨාන නමැති ග්‍රීවය) යන අවසාන ගාථාව කීය. එහි ගුණ සමූහයෙන් උතුම්ම තත්ත්වයට පත්වූ ප්‍රඥාවෙන් අධිෂ්ඨාන කිරිමෙන්, සතිපට්ඨාන නම් වූ ග්‍රීවය ඇත්තේ මොහුටනුයි. සතිපට්ඨානගීවො නම් වේ. නිවැරදි ධර්මයන් වැළඳගැනීමට ශ්‍රද්ධා නමැති අත ඇත්තේ මොහුටනුයි සද්ධාහත්‍ථො නම් වෙයි. ගුණ නමැති අත ඇත්තේ මොහුටනුයි. සද්ධාහත්‍ථො නම් වෙයි. ගුණ නමැති ශරීරයෙහි උතුම්ම තත්ත්වයට පත්වූ බැවින් ප්‍රඥාව නමැති ශීර්ෂය ඇත්තේ මොහුටනුයි පඤ්ඤාසීසො නම් වෙයි. විශාල ප්‍රමාණයක් ඇතුළත් වන බැවිනුත් විශාල විෂය ක්‍ෂේත්‍රයක් ඇති බැවිනුත් මහානුභාව සම්පන්න මහා බලසම්පන්න මහත්වූ සර්වඥතා ඥානයක් මොහුට ඇත්තේනුයි මහාඤාණී නම් වෙයි. සදා හැමකල්හි නිබ්බුතො සිහිල්ව හැසිරෙයි. සුසමාහිතො (මනාව සමාහිත වූයේ) -පෙ- නාගො යනාදී සූත්‍ර පදයද මෙහි දැක්විය යුතුයි. එය වනාහි අර්ථ වශයෙන් බෙදීමක් නැත. එය පහත කියන ලද ආකාරයෙන්ම දතයුතුයි.

මහාකස‍්සපත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

මහා කස්සප ථෙර ගාථා වර්ණනාව නිමියේය.

චත‍්තාලීසනිපාතවණ‍්ණනා නිට‍්ඨිතා.

හතළිස්වන නිපාතයේ වර්ණනාව සමාප්තයි.