යෙදුමෙන් කියවන්න

ආනන්‍දත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

ආනන්‍දත්‍ථෙරගාථාවණ‍්ණනා

ආනන්‍ද ස්ථවිරගාථා වර්ණනාව

පිසුණෙන ච කොධනෙනාතිආදිකා ආයස‍්මතො ආනන්‍දත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ හංසවතීනගරෙ සත්‍ථු වෙමාතිකභාතා හුත්‍වා නිබ‍්බත‍්ති, සුමනොතිස‍්ස නාමං අහොසි. පිතා පනස‍්ස ආනන්‍දරාජා නාම. සො අත‍්තනො පුත‍්තස‍්ස සුමනකුමාරස‍්ස වයප‍්පත‍්තස‍්ස හංසවතිතො වීසයොජනසතෙ ඨානෙ භොගනගරං අදාසි. සො කදාචි කදාචි ආගන‍්ත්‍වා අත‍්තානඤ‍්ච පිතරඤ‍්ච පස‍්සති. තදා රාජා සත්‍ථාරඤ‍්ච සතසහස‍්සපරිමාණං භික‍්ඛුසඞ‍්ඝඤ‍්ච සයමෙව සක‍්කච‍්චං උපට‍්ඨහි, අඤ‍්ඤෙසං උපට‍්ඨාතුං න දෙති.

පිසුනෙනච කොධනෙන ච ආදී ගාථා ආයුෂ්මත් ආනන්ද තෙරුන්ගේය. මොහුද පෙර බුදුවරුන් කල කරන ලද ප්‍රාර්ථනා ඇත්තේ පදුමුත්තරස්ස පදුමුත්තර බුදුන්ගේ කාලයෙහි හංසවතී හංසවතී නගරයෙහි ශාස්තෲන් වහන්සේගේ ඤාති සහෝදරයෙක්ව උපන්නේය. සුමනො සුමන යන නම විය. මොහුගේ පියා වනාහි ආනන්ද නම් රජවිය. ඔහු තමාගේ වැඩිවිය පත්වූ ආනන්ද කුමාරයාට හංසවතී නගරයෙන් යොදුන් දෙදහසක් තන්හි වස්තුව දුන්නේය. ඔහු ඉඳහිට අවුත් බුදුන්වහන්සේවත් පියාවත් දකියි. එකල්හි රජතුමා බුදුරජාණන් වහන්සේද ශතසහශ්‍රයක් භික්‍ෂු සංඝයාට මනාව තමාම උවටැන් කරයි. අනිත් අයට උපස්ථාන කිරීමට ඉඩ නොදෙයි.

තෙන සමයෙන පච‍්චන‍්තො කුපිතො අහොසි. කුමාරො තස‍්ස කුපිතභාවං රඤ‍්ඤො අනාරොචෙත්‍වා සයමෙව තං වූපසමෙති. තං සුත්‍වා රාජා තුට‍්ඨමානසො පුත‍්තං පක‍්කොසාපෙත්‍වා “වරං තෙ, තාත දම‍්මි, වරං ගණ‍්හාහී”ති ආහ. කුමාරො “සත්‍ථාරං භික‍්ඛුසඞ‍්ඝඤ‍්ච තෙමාසං උපට‍්ඨහන‍්තො ජීවිතං අවඤ‍්ඣං කාතුං ඉච‍්ඡාමී”ති ආහ. “එතං න සක‍්කා, අඤ‍්ඤං වදෙහී”ති. “දෙව, ඛත‍්තියානං ද‍්වෙකථා නාම නත්‍ථි, එතදෙව මෙ දෙහි, න මය‍්හං අඤ‍්ඤෙන අත්‍ථො”ති. “සචෙ සත්‍ථා අනුජානාති, දින‍්නමෙවා”ති. සො “සත්‍ථු චිත‍්තං ජානිස‍්සාමී”ති විහාරං ගතො.

එම කාලයෙහි ප්‍රත්‍යන්තයක ජනයා කුපිත වූහ. රාජ කුමාරයා ඒ බව රජුට නොදන්වා තමාම එය සංසිඳවීය. ඒ අසා රජතෙමේ සතුටු වූ සිතැත්තේ පුතා කැඳවා පුත සුමන! තොපට වරයක් දෙමි. වරයක් ගන්නයැයි කීය. කුමාර තෙමේ භික්‍ෂූන් වහන්සේලාත්, ශාස්තෲන් වහන්සේටත් තුන්මාසයක් උපස්ථාන කර ජීවිතය සඵල කරගනු කැමැත්තෙමි. මෙය නොහැක. අනිකක් කියන්නයැයි කීය. දේවයන්වහන්ස! ක්‍ෂත්‍රියයන්ගේ වචන දෙකක් නැත. මේ වරයම මට දෙන්න. අනිකකින් මට වැඩක් නැත. ඉදින් ශාස්තෲන් වහන්සේ විසින් අනුදැන වදාරන්නේ නම් දෙන්නේය. ඔහු බුදුන්ගේ අදහස දැනගන්නෙමියි විහාරයට ගියේය.

තෙන ච සමයෙන භගවා භත‍්තකිච‍්චං නිට‍්ඨාපෙත්‍වා ගන්‍ධකුටිං පවිට‍්ඨො හොති. සො භික‍්ඛූ උපසඞ‍්කමිත්‍වා “අහං, භන‍්තෙ, භගවන‍්තං දස‍්සනාය ආගතො, දස‍්සෙථ මෙ භගවන‍්ත”න‍්ති ආහ. භික‍්ඛූ “සුමනො නාම ථෙරො සත්‍ථු උපට‍්ඨාකො, තස‍්ස සන‍්තිකං ගච‍්ඡාහී”ති ආහංසු. සො ථෙරස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා වන්‍දිත්‍වා “සත්‍ථාරං, භන‍්තෙ, මෙ දස‍්සෙථා”ති ආහ. අථ ථෙරො තස‍්ස පස‍්සන‍්තස‍්සෙව පථවියං නිමුජ‍්ජිත්‍වා සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා “භන‍්තෙ, රාජපුත‍්තො තුම‍්හාකං දස‍්සනාය ආගතො”ති ආහ. “තෙන හි, භික‍්ඛු, බහි ආසනං පඤ‍්ඤාපෙහී”ති. ථෙරො පුනපි තස‍්ස පස‍්සන‍්තස‍්සෙව බුද‍්ධාසනං ගහෙත්‍වා අන‍්තොගන්‍ධකුටියං නිමුජ‍්ජිත්‍වා බහිපරිවෙණෙ පාතුභවිත්‍වා ගන්‍ධකුටිපරිවෙණෙ ආසනං පඤ‍්ඤාපෙසි. කුමාරො තං දිස‍්වා “මහන‍්තො වතායං භික‍්ඛූ”ති චිත‍්තං උප‍්පාදෙසි.

ඒ වේලාවේ භාග්‍යවතුන් වහන්සේ බත්කිස නිමවා ගඳකිලියට වැඩියේ වෙයි. ඔහු භික්‍ෂූන් වෙත පැමිණ ස්වාමීනි! මම බුදුන් දැකීමට ආවෙමි. බුදුන් දකින්නට මට ඉඩදෙන්න. සුමනො සුමන නම් තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායකයන් වහන්සේය. උන්වහන්සේ ලඟට යන්න යැයි කීහ. ඔහු තෙරුන් සමීපයට ගොස් වැඳ ස්වාමීනි! මට බුදුන්වහසේ පෙන්වන්නැයි කීය. තෙරුන් වහන්සේ ඔහු බලා සිටියදීම මහපොළවෙහි ගිලී බුදුන් ලඟට පැමිණ භාග්‍යවතුන් වහන්ස! රාජපුත්‍රයා ඔබවහන්සේ හමුවීමට පැමිණ සිටීයැයි කීය. මහණ. එසේනම් පිටත අසුනක් පනවන්න යැයි වදාළහ. තෙරුන් වහන්සේ නැවතද ඔහු බලා සිටියදීම බුද්ධාසනයක් ගෙන ඇතුල් ගඳකිළියෙන් නික්ම පිරිවෙනින් පිටත මතුවී ගඳකිළි පිරිවෙනහි අසුනක් පැනවීය. කුමාරයා එය දැක මේ භික්‍ෂුව වනාහි ලොකු කෙනෙක් යැයි සිතුවේය.

භගවාපි ගන්‍ධකුටිතො නික‍්ඛමිත්‍වා පඤ‍්ඤත‍්තාසනෙ නිසීදි. රාජපුත‍්තො සත්‍ථාරං වන්‍දිත්‍වා, පටිසන්‍ථාරං කත්‍වා, අයං, භන‍්තෙ, ථෙරො තුම‍්හාකං සාසනෙ වල‍්ලභො මඤ‍්ඤෙති. “ආම කුමාර, වල‍්ලභො”ති? “කිං කත්‍වා, භන‍්තෙ, එස වල‍්ලභො හොතී”ති?“දානාදීනි පුඤ‍්ඤානි කත්‍වා”ති. “භගවා , අහම‍්පි අයං ථෙරො විය අනාගතෙ බුද‍්ධසාසනෙ වල‍්ලභො හොතුකාමො”ති සත්‍ථාහං ඛන්‍ධාවාරභත‍්තං නාම දත්‍වාපි සත‍්තමෙ දිවසෙ, භන‍්තෙ, මයා පිතු සන‍්තිකා තෙමාසං තුම‍්හාකං පටිජග‍්ගනවරො ලද‍්ධො, තෙමාසං මෙ වස‍්සාවාසං අධිවාසෙථාති. භගවා, “අත්‍ථි නු ඛො තත්‍ථ ගතෙන අත්‍ථො”ති ඔලොකෙත්‍වා “අත්‍ථී”ති දිස‍්වා “සුඤ‍්ඤාගාරෙ ඛො, කුමාර, තථාගතා අභිරමන‍්තී”ති ආහ. කුමාරො “අඤ‍්ඤාතං භගවා, අඤ‍්ඤාතං සුගතා”ති වත්‍වා “අහං, භන‍්තෙ, පුරිමතරං ගන‍්ත්‍වා විහාරං කාරෙමි, මයා පෙසිතෙ භික‍්ඛුසතසහස‍්සෙන සද‍්ධිං ආගච‍්ඡථා”ති පටිඤ‍්ඤං ගහෙත්‍වා පිතු සන‍්තිකං ගන‍්ත්‍වා “දින‍්නා මෙ, දෙව, භගවතා පටිඤ‍්ඤා, මයා පහිතෙ භගවන‍්තං පෙසෙය්‍යාථා”ති පිතරං වන්‍දිත්‍වා, නික‍්ඛමිත්‍වා යොජනෙ යොජනෙ විහාරං කරොන‍්තො වීසයොජනසතං අද‍්ධානං ගතො. ගන‍්ත්‍වා ච අත‍්තනො නගරෙ විහාරට‍්ඨානං විචිනන‍්තො සොභනස‍්ස නාම කුටුම‍්බිකස‍්ස උය්‍යානං දිස‍්වා සතසහස‍්සෙන කිණිත්‍වා සතසහස‍්සං විස‍්සජ‍්ජෙත්‍වා විහාරං කාරෙසි. තත්‍ථ භගවතො ගන්‍ධකුටිං සෙසභික‍්ඛූනඤ‍්ච රත‍්තිට‍්ඨානදිවාට‍්ඨානත්‍ථාය කුටිලෙණමණ‍්ඩපෙ කාරෙත්‍වා පාකාරපරික‍්ඛෙපං ද‍්වාරකොට‍්ඨකඤ‍්ච නිට‍්ඨාපෙත්‍වා පිතු සන‍්තිකං පෙසෙසි “නිට‍්ඨිතං මය‍්හං කිච‍්චං, සත්‍ථාරං පහිණථා”ති.

භාග්‍යවතුන් වහන්සේද ගඳකිළියෙන් නික්ම පැනවූ ආසනයෙහි වැඩ සිටියේය. රාජපුත්‍රයා බුදුන් වැඳ පිළිසඳර කථාකොට [missing trans] ස්වාමීනි! කුමක් සිදුකර මෙසේ වල්ලභ බවට පත්වූයේද? දානාදි පිංකම් සිදුකර යැයි කීය. භාග්‍යවතුන් වහන්ස! මම ද මේ තෙරුන් මෙන් අනාගතයෙහි බුදු සසුනෙහි වල්ලභයකු වනු කැමැත්තෙමි. [missing trans]

රාජා භගවන‍්තං භොජෙත්‍වා “භගවා සුමනස‍්ස කිච‍්චං නිට‍්ඨිතං, තුම‍්හාකං ගමනං පච‍්චාසීසතී”ති ආහ. භගවා සතසහස‍්සභික‍්ඛුපරිවුතො යොජනෙ යොජනෙ විහාරෙසු වසමානො අගමාසි. කුමාරො “සත්‍ථා ආගච‍්ඡතී”ති සුත්‍වා යොජනං පච‍්චුග‍්ගන‍්ත්‍වා ගන්‍ධමාලාදීහි පූජයමානො සතසහස‍්සෙන කීතෙ සොභනෙ නාම උය්‍යානෙ සතසහස‍්සෙන කාරිතං විහාරං පවෙසෙත්‍වා –

[missing trans]

“සතසහස‍්සෙන මෙ කීතං, සතසහස‍්සෙන මාපිතං; සොභනං නාම උය්‍යානං, පටිග‍්ගණ‍්හ මහාමුනී”ති. –

[missing trans]

තං නිය්‍යාදෙසි. සො වස‍්සූපනායිකදිවසෙ මහාදානං පවත‍්තෙත්‍වා “ඉමිනාව නීහාරෙන දානං දදෙය්‍යාථා”ති පුත‍්තදාරෙ අමච‍්චෙ ච කිච‍්චකරණීයෙසු ච නියොජෙත්‍වා සයං සුමනත්‍ථෙරස‍්ස වසනට‍්ඨානසමීපෙයෙව වසන‍්තො තෙමාසං සත්‍ථාරං උපට‍්ඨහන‍්තො උපකට‍්ඨාය පවාරණාය ගාමං පවිසිත්‍වා සත‍්තාහං මහාදානං පවත‍්තෙත්‍වා සත‍්තමෙ දිවසෙ සත්‍ථු භික‍්ඛුසතසහස‍්සස‍්ස ච පාදමූලෙ තිචීවරානි ඨපෙත්‍වා වන්‍දිත්‍වා, “භන‍්තෙ, යදෙතං මයා සත‍්තාහං ඛන්‍ධාවාරදානතො පට‍්ඨාය පුඤ‍්ඤං කතං, න තං සග‍්ගසම‍්පත‍්තිආදීනං අත්‍ථාය, අථ ඛො අහං අයං සුමනත්‍ථෙරො විය අනාගතෙ එකස‍්ස බුද‍්ධස‍්ස උපට‍්ඨාකො භවෙය්‍ය”න‍්ති පණිධානං අකාසි. සත්‍ථාපිස‍්ස අනන‍්තරායතං දිස‍්වා බ්‍යාකරිත්‍වා පක‍්කාමි.

[missing trans] දවස් සතක් කඳවුරු දන්දීමේ පටන් කරන ලද පිං ස්වර්ග සම්පත්ති ආදිය සඳහා නොවේ. ඉක්බිති මේ සුමනත්‍ථෙරො විය. සුමන තෙරුන් මෙන් අනාගතයෙහි එක් බුදු කෙනෙකුගේ උපස්ථායක වේවායි ප්‍රාර්ථනා කළේය. ශාස්තෲන් වහන්සේද ඔහුගේ පැතුම අනතුරුව සිදුවන බව දැක විවරණ දී නික්ම ගියේය.

සොපි තස‍්මිං බුද‍්ධුප‍්පාදෙ වස‍්සසතසහස‍්සං පුඤ‍්ඤානි කත්‍වා තතො පරම‍්පි තත්‍ථ තත්‍ථ භවෙ උළාරානි පුඤ‍්ඤකම‍්මානි උපචිනිත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තො කස‍්සපස‍්ස භගවතො කාලෙ පිණ‍්ඩාය චරතො එකස‍්ස ථෙරස‍්ස පත‍්තග‍්ගහණත්‍ථං උත‍්තරසාටකං දත්‍වා පූජං අකාසි. පුන සග‍්ගෙ නිබ‍්බත‍්තිත්‍වා තතො චුතො බාරාණසිරාජා හුත්‍වා අට‍්ඨ පච‍්චෙකබුද‍්ධෙ දිස‍්වා තෙ භොජෙත්‍වා අත‍්තනො මඞ‍්ගලුය්‍යානෙ අට‍්ඨ පණ‍්ණසාලායො කාරෙත්‍වා තෙසං නිසීදනත්‍ථාය අට‍්ඨ සබ‍්බරතනමයපීඨෙ චෙව මණිආධාරකෙ ච පටියාදෙත්‍වා දසවස‍්සසහස‍්සානි උපට‍්ඨානං අකාසි. එතානි පාකටට‍්ඨානානි.

ඔහුද ඒ බුද්ධෝත්පාදයෙහි වර්ෂ සියදහසක් පිංකොට එයින් මතුද ඒ ඒ භවයෙහි විශාල වූ පින්කම් රැස්කොට දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ කස්සපස්ස කාශ්‍යප බුදුන්ගේ කාලයෙහි පිඬුසිඟා වඩින එක් තෙරනමකට පාත්‍රය ගැනීම සඳහා උතුරුසළුව පූජා කළේය. නැවත ස්වර්ගයෙහි ඉපිද එයින් චුතව බාරාණසී රජව පසේබුදුන් අටනමක් දැක උන්වහන්සේලාට වළඳවා තමන්ගේ මගුල් උයනෙහි පන්සල් අටක් කරවා උන්වහන්සේලාට හිඳගැනීම සඳහා සම්පූර්ණ රත්නමය පුටු ද මාණික්‍යමය ආධාරකයන්ද පවරාදී වර්ෂ දසදහසක් උපස්ථාන කළේය. මේවා ප්‍රකට තැන්ය.

කප‍්පසතසහස‍්සං පන තත්‍ථ තත්‍ථ භවෙ පුඤ‍්ඤානි කරොන‍්තොව අම‍්හාකං බොධිසත‍්තෙන සද‍්ධිං තුසිතපුරෙ නිබ‍්බත‍්තිත්‍වා තතො චුතො අමිතොදනසක‍්කස‍්ස ගෙහෙ නිබ‍්බත‍්ති. තස‍්ස සබ‍්බෙ ඤාතකෙ ආනන්‍දිතෙ කරොන‍්තො ජාතොති ආනන්‍දොත්‍වෙව නාමං අහොසි. සො අනුක‍්කමෙන වයප‍්පත‍්තො කතාභිනික‍්ඛමනෙ සම‍්මාසම‍්බොධිං පත්‍වා පවත‍්තිතවරධම‍්මචක‍්කෙ පඨමං කපිලවත්‍ථුං ගන‍්ත්‍වා තතො නික‍්ඛන‍්තෙ භගවති තස‍්ස පරිවාරත්‍ථං පබ‍්බජිතුං නික‍්ඛන‍්තෙහි භද‍්දියාදීහි සද‍්ධිං නික‍්ඛමිත්‍වා භගවතො සන‍්තිකෙ පබ‍්බජිත්‍වා නචිරස‍්සෙව ආයස‍්මතො පුණ‍්ණස‍්ස මන‍්තාණිපුත‍්තස‍්ස සන‍්තිකෙ ධම‍්මකථං සුත්‍වා සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි.

කල්ප ශතසහස්‍රයක් වනාහි ඒ ඒ භවයෙහි පින් කරමින් අපේ බෝසතාණන් සමග තුසිත පුරයෙහි ඉපිද එයින් චුතව අමිතෝදන අමිතෝදන ශාක්‍යයාගේ ගෙයි උපන්නේය. සියළු නෑයන් සතුටු කරමින් පහලවිය යන අර්ථයෙන් ආනන්‍ද ආනන්ද යැයි නම්කළේය. ඔහු පිළිවෙලින් වැඩිවිය පත්වූයේ කරන ලද අභිනිෂ්ක්‍රමණ ඇත්තේ බුදුබවට පැමිණ පවත්වන ලද උතුම් දම්සක් පැවතුම් ඇතිව පළමුව කපිලවත්‍ථුං කපිල වස්තු නගරයට ගොස් එයින් නික්මගිය කල්හි ඔහුගේ පිරිවර සඳහා පැවිදි වන්නට නික්මෙන්නා වූ භද්දියාදීහි භද්දිය ආදීන් සමග නික්ම බුදුන් සමීපයෙහි පැවිදිව නොබෝ කලකින්ම ආයුෂ්මත් පුණ්ණස්ස මන්තානි පුත්තස්ස පුණ්ණමන්තානිපුත්තගේ සමීපයෙහි බණ අසා සෝවාන් ඵලයෙහි පිහිටියේය.

තෙන ච සමයෙන භගවතො පඨමබොධියං වීසතිවස‍්සානි අනිබද‍්ධඋපට‍්ඨාකා අහෙසුං. එකදා නාගසමාලො පත‍්තචීවරං ගහෙත්‍වා විචරි, එකදා නාගිතො, එකදා උපවානො, එකදා සුනක‍්ඛත‍්තො, එකදා චුන්‍දො සමණුද‍්දෙසො, එකදා සාගතො, එකදා මෙඝියො, තෙ යෙභුය්‍යෙන සත්‍ථු චිත‍්තං නාරාධයිංසු. අථෙකදිවසං භගවා ගන්‍ධකුටිපරිවෙණෙ පඤ‍්ඤත‍්තවරබුද‍්ධාසනෙ භික‍්ඛුසඞ‍්ඝපරිවුතො නිසින‍්නො භික‍්ඛූ ආමන‍්තෙසි – “අහං, භික‍්ඛවෙ, ඉදානිම‍්හි මහල‍්ලකො, එකච‍්චෙ භික‍්ඛූ ‘ඉමිනා මග‍්ගෙන ගච‍්ඡාමා’ති වුත‍්තෙ අඤ‍්ඤෙන ගච‍්ඡන‍්ති, එකච‍්චෙ මය‍්හං පත‍්තචීවරං භූමියං නික‍්ඛිපන‍්ති, මය‍්හං නිබද‍්ධුපට‍්ඨාකං භික‍්ඛුං ජානාථා”ති. තං සුත්‍වා භික‍්ඛූනං ධම‍්මසංවෙගො උදපාදි. අථායස‍්මා සාරිපුත‍්තො උට‍්ඨාය භගවන‍්තං වන්‍දිත්‍වා – “අහං, භන‍්තෙ, තුම‍්හෙ උපට‍්ඨහිස‍්සාමී”ති ආහ. තං භගවා පටික‍්ඛිපි. එතෙනුපායෙන මහාමොග‍්ගල‍්ලානං ආදිං කත්‍වා සබ‍්බෙ මහාසාවකා – “අහං උපට‍්ඨහිස‍්සාමි, අහං උපට‍්ඨහිස‍්සාමී”ති උට‍්ඨහිංසු ඨපෙත්‍වා ආයස‍්මන‍්තං ආනන්‍දං, තෙපි භගවා පටික‍්ඛිපි . සො පන තුණ‍්හීයෙව නිසීදි. අථ නං භික‍්ඛූ ආහංසු – “ආවුසො, ත්‍වම‍්පි සත්‍ථු උපට‍්ඨාකට‍්ඨානං යාචාහී”ති. යාචිත්‍වා ලද‍්ධට‍්ඨානං නාම කීදිසං හොති, සචෙ රුච‍්චති, සත්‍ථා සයමෙව වක‍්ඛතීති. අථ භගවා “න, භික‍්ඛවෙ, ආනන්‍දො අඤ‍්ඤෙහි උස‍්සාහෙතබ‍්බො, සයමෙව ජානිත්‍වා මං උපට‍්ඨහිස‍්සතී”ති ආහ. තතො භික‍්ඛූ “උට‍්ඨෙහි, ආවුසො ආනන්‍ද, සත්‍ථාරං උපට‍්ඨාකට‍්ඨානං යාචාහී”ති ආහංසු.

ඒ කාලයෙහි භාග්‍යවතුන් වහන්සේගේ පඨම බෝධියෙහි වර්ෂ විස්සක් නිබඳ උපස්ථායකයෝ වූහ. එක්දිනක් නාගසමාලො නාගසමාල තෙරුන් පාසිවුරු ගෙන හැසුරුණෝය. එක්දිනක් නාගිත ද එක්දිනක් උපවාණ ද එක්දිනක් සුනක්‍ඛත්ත ද එක්දිනක් චුන්‍ද සාමණේරයන්ද එක්දිනක් සාගත ද එක්දිනක් මෙඝිය ද යන අයද නිරන්තරයෙන් බුදුන්ගේ සිත සතුටු කළහ. ඉක්බිති එක්දිනක භාග්‍යවතුන් වහන්සේ ගන්ධකුටී පිරිවෙණෙහි පනවන ලද උතුම් බුද්ධාසනයෙහි භික්‍ෂු සංඝයා පිරිවරාගෙන වැඩසිටියේ භික්‍ෂූන්ට ඇමතූ සේක. මහණෙනි! දැන් මම මහළු වෙමි. ඇතැම් භික්‍ෂූහු මේ මාර්ගයෙන් යමුයැයි කී කල්හි අන් මගකින් යත්. ඇතැමෙක් මාගේ පාසිවුරු බිම දමත්. මගේ නිබඳ උවටැන් කරන භික්‍ෂුව දන්නහුය. මෙය අසා භික්‍ෂූන්ට ධර්ම සංවේගය හටගත්තේය. ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේ නැගිට බුදුන් වැඳ ස්වාමීනි! මම ඔබවහන්සේට උපස්ථාන කරමියැයි කීය. භාග්‍යවතුන් වහන්සේ එය ප්‍රතික්‍ෂේප කළේය. මේ උපක්‍රමයෙන් මහාමොග්ගල්ලානං මහමුගලන් තෙරුන් ආදිකොට ආනන්ද තෙරුන් හැර සියළු මහා ශ්‍රාවකයෝ ‘අපි උපස්ථාන කරන්නෙමු’ යැයි කීහ. ආනන්ද තෙරණුවෝ වනාහී නිහඬව සිටියේය. ඉක්බිති භික්‍ෂූහු උන්වහසේට මෙසේ කීහ. ඇවැත්නි! ඔබද බුදුන්ට උපස්ථාන කරන්නට ඉල්ලන්න. ඉල්ලාගෙන ලබන තනතුරේ ඇති තත්ත්වය කුමක්දැයි කීය. ඉදින් ශාස්තෲන් වහන්සේ කැමැති නම් උන්වහන්සේට නියම කරයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහණෙනි! අනිත් අය විසින් ආනන්දව උනන්දු කළයුතු නැත. තමාම තේරුම්ගෙන මට උපස්ථාන කරන්නේයැයි වදාළහ. ඉක්බිති භික්‍ෂූහු ඇවැත්නි ආනන්දය! නැගිටින්න. බුදුන්ගේ උපස්ථායක තනතුර ඉල්ලන්නැයි කීහ.

ථෙරො උට‍්ඨහිත්‍වා “සචෙ මෙ, භන‍්තෙ, භගවා අත‍්තනා ලද‍්ධං පණීතචීවරං න දස‍්සති, පණීතපිණ‍්ඩපාතං න දස‍්සති, එකගන්‍ධකුටියං වසිතුං න දස‍්සති, නිමන‍්තනං ගහෙත්‍වා න ගමිස‍්සති, එවාහං භගවන‍්තං උපට‍්ඨහිස‍්සාමී”ති ආහ. “එත‍්තකෙ ගුණෙ ලභතො සත්‍ථු උපට‍්ඨානෙ කො භාරො”ති උපවාදමොචනත්‍ථං ඉමෙ චත‍්තාරො පටික‍්ඛෙපා ච – “සචෙ, භන‍්තෙ, භගවා මයා ගහිතනිමන‍්තනං ගමිස‍්සති, සචාහං දෙසන‍්තරතො ආගතාගතෙ තාවදෙව දස‍්සෙතුං ලච‍්ඡාමි; යදා මෙ කඞ‍්ඛා උප‍්පජ‍්ජති, තාවදෙව භගවන‍්තං උපසඞ‍්කමිතුං ලච‍්ඡාමි, සචෙ භගවා පරම‍්මුඛා දෙසිතං ධම‍්මං පුන මය‍්හං කථෙස‍්සති, එවාහං භගවන‍්තං උපට‍්ඨහිස‍්සාමී”ති “එත‍්තකම‍්පි සත්‍ථු සන‍්තිකෙ අනුග‍්ගහං න ලභතී”ති උපවාදමොචනත්‍ථඤ‍්චෙව ධම‍්මභණ‍්ඩාගාරිකභාවපාරමීපූරණත්‍ථඤ‍්ච ඉමා චතස‍්සො ආයාචනා චාති අට‍්ඨ වරෙ ගහෙත්‍වා නිබද‍්ධුපට‍්ඨාකො අහොසි. තස‍්සෙව ඨානන‍්තරස‍්ස අත්‍ථාය කප‍්පසතසහස‍්සං පූරිතානං පාරමීනං ඵලං පාපුණි. සො උපට‍්ඨාකට‍්ඨානං ලද‍්ධදිවසතො පට‍්ඨාය දසබලං දුවිධෙන උදකෙන, තිවිධෙන දන‍්තකට‍්ඨෙන, හත්‍ථපාදපරිකම‍්මෙන පිට‍්ඨිපරිකම‍්මෙන, ගන්‍ධකුටිපරිවෙණසම‍්මජ‍්ජනෙනාති එවමාදීහි කිච‍්චෙහි උපට‍්ඨහන‍්තො “ඉමාය නාම වෙලාය සත්‍ථු ඉදං නාම ලද‍්ධුං වට‍්ටති, ඉදං නාම කාතුං වට‍්ටතී”ති දිවසභාගං සන‍්තිකාවචරො හුත්‍වා, රත‍්තිභාගෙ මහන‍්තං දණ‍්ඩදීපිකං ගහෙත්‍වා ගන්‍ධකුටිපරිවෙණං නව වාරෙ අනුපරියායති, සත්‍ථරි පක‍්කොසන‍්තෙ පටිවචනදානාය ථිනමිද‍්ධවිනොදනත්‍ථං.

තෙරුන් වහන්සේ නැගිට, ඉදින් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ තමන්ට ලැබුණු වටිනා සිවුරු මට නොදෙයිද ප්‍රණීත වූ පිණ්ඩපාතය මට නොදෙයිද එකම ගඳකිලියෙහි වාසය කිරීමට ඉඩ නොදෙයිද ආරාධනා භාරගෙන නොවඩීද එසේනම් මම බුදුන්වහන්සේට උපස්ථාන කරමි. මෙකී ප්‍රතිලාභයක් ලැබේනම් බුදුන්ට උපස්ථාන කිරීමේ කවරනම් වගකීමක්ද යන අපවාදයෙන් නිදහස්වීම සඳහා මේ සතර ප්‍රතික්‍ෂෙපයන් ප්‍රකාශ කළේය. ඉදින් ස්වාමීනි! භාග්‍යවතුන් වහන්සේ මා විසින් කරන ලද ආරාධනය භාරගනීද ඉදින් මම දේශදේශාන්තරවලින් පැමිණි අයව එවේලේම දක්වන්නට ලබමිද යම්විටක මට සැකයක් ඇති වූ විට එවේලේම බුදුන් වෙතට යාමට හැකියාව ලබම් ද ඉදින් භාග්‍යවතුන් වහන්සේ මා නොමැති තැන්වල කරන ලද ධර්ම දේශනා පසුව මට කියන්නේද එසේනම් මම බුදුන්ට උපස්ථාන කරමි. මෙපමණ වූ ද අනුග්‍රහයක් බුදුන් සමීපයෙන් ලබයි යන අපවාදයෙන් නිදහස්වීම සඳහාත් ධර්ම භාණ්ඩාගාරික පදවිය සම්පූර්ණ කරගැනීම සඳහාත් යන අභියාචන සතරත් යන වර අට ලබාගෙන නිරන්තර උපස්ථායක තනතුරට පත්විය. මේ තනතුර සඳහා කල්ප ශතසහශ්‍රයක් තිස්සේ පුරණ ලද පැතුම සාර්ථක විය. ඔහු උපස්ථායක තනතුර ලැබූ දවසේ පටන් භාග්‍යවතුන් වහන්සේට දෙවදෑරුම් ජලයෙන්ද තුන්වැදෑරුම් දැහැටිවලින් ද පාපිරිමැදීම්, පිට පිරිමැදීම, ගඳකිලිය පිරිවෙණ ඇමදීමාදී ක්‍රියාවන්ගෙන් උපස්ථාන කරන්නේ ශාස්තෲන් වහන්සේට මේ වේලාවලදී මේ මේ දෙය පිළිගැන්විය යුතුයි. මේ මේ දේ කළයුතුයි. දවල් කාලයෙහි ලඟින් හැසිරෙමින් රාත්‍රී කාලයෙහි මහත් වූ දඬුවැට පහනක් ගෙන ගඳකිලිය හා පිරිවෙණ යන තැන්වල නව වාරයක් ඇවිදියි. කුමක් සඳහාද? ශාස්තෛන් වහන්සේ කතා කරනවිට පිළිතුරු දීමටත් ථිනමිද්ධ ගතිය නැතිකිරීමටත්ය.

අථ නං සත්‍ථා ජෙතවනෙ අරියගණමජ‍්ඣෙ නිසින‍්නො අනෙකපරියායෙන පසංසිත්‍වා “බහුස‍්සුතානං සතිමන‍්තානං ගතිමන‍්තානං ධිතිමන‍්තානං උපට‍්ඨාකානඤ‍්ච භික‍්ඛූනං අග‍්ගට‍්ඨානෙ ඨපෙසි. එවං සත්‍ථාරා පඤ‍්චසු ඨානෙසු එතදග‍්ගෙ ඨපිතො චතූහි අච‍්ඡරියබ‍්භුතධම‍්මෙහි සමන‍්නාගතො සත්‍ථු ධම‍්මකොසාරක‍්ඛො අයං මහාථෙරො සෙඛොව සමානො සත්‍ථරි පරිනිබ‍්බුතෙ හෙට‍්ඨා වුත‍්තනයෙන භික‍්ඛූහි සමුත‍්තෙජිතො දෙවතාය ච සංවෙජිතො “ස‍්වෙයෙව ච දානි ධම‍්මසඞ‍්ගීති කාතබ‍්බා, න ඛො පන මෙතං පතිරූපං, ය‍්වායං සෙඛො සකරණීයො හුත්‍වා අසෙඛෙහි ථෙරෙහි සද‍්ධිං ධම‍්මං සඞ‍්ගායිතුං සන‍්නිපාතං ගන‍්තු”න‍්ති සඤ‍්ජාතුස‍්සාහො විපස‍්සනං පට‍්ඨපෙත්‍වා බහුදෙවරත‍්තිං විපස‍්සනාය කම‍්මං කරොන‍්තො චඞ‍්කමෙ වීරියසමතං අලභිත්‍වා විහාරං පවිසිත්‍වා සයනෙ නිසීදිත්‍වා සයිතුකාමො කායං ආවට‍්ටෙසි. අප‍්පත‍්තඤ‍්ච සීසං බිම‍්බොහනං පාදා ච භූමිතො මුත‍්තමත‍්තා, එතස‍්මිං අන‍්තරෙ අනුපාදාය ආසවෙහි චිත‍්තං විමුච‍්චි ඡළභිඤ‍්ඤො අහොසි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.1.644-663) –

ඉක්බිති ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන්නේ භික්‍ෂු සංඝයා පිරිවරාගෙන උන්වහන්සේ නොයෙක් අයුරින් ප්‍රශංසා කොට බහුශ්‍රැත වූ මනා පැවැත්මෙන් හා මනා සිහි කල්පනාවෙන් යුත් බුද්ධිමතුන්ගෙන්, උපස්ථායක භික්‍ෂූන් අතුරෙන් අග්‍රස්ථානයෙහි තැබීය. මෙසේ ශාස්තෲන් වහන්සේ විසින් ස්ථාන පහකදී අග්‍රස්ථානයෙහි තබන ලද්දේ ආශ්චර්ය අද්භූත කාරණා සතරකින් යුත් ශාස්තෲන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරික විය. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පෑ කල්හි සේඛ පුද්ගලයකු වූ මේ තෙරුන්වහන්සේව පහත කියන ආකාරයට භික්‍ෂූන් වහන්සේලා විසින් උනන්දු කරවන ලදි. දෙවියන් විසින් දන්වන ලද්දේ හෙට ධර්ම සංගීතිය කළ යුතුයි. යම්හෙයකින් සේඛව රහත්බව සඳහා කළයුතු කටයුතු ඉතිරිව තිබියදී අසේඛ වූ රහතන් වහන්සේලා සමග ධර්ම සංගායනා රැස්වීමට යාම සුදුසු නොවේ. හටගත් උත්සාහ ඇත්තේ විදර්ශනා පිහිටුවා බොහෝ රෑ වනතුරු විදර්ශනා සඳහා උත්සාහ කරන්නේ සක්මනෙහි තවදුරටත් වීර්ය පිහිටුවා ගැනීමට නොහැකිව විහාරයට පිවිස සයනයෙහි වාඩිවී නිදනු කැමැත්තේ සිරුර මෙහෙයවීය. හිස කොට්ටයට තිබෙන්නට කලින් පා පොළොවෙන් උඩට ගත් පමණින් යන මේ අතරතුර කාලයේදී උපාදායයන් රහිත කෙලෙසුන්ගෙන් සිත මිදුනේය. අභිඤ්ඤා සයක් ඇත්තේ විය. ඒ නිසා අපදානයෙහි මෙසේ කියා ඇත.

“ආරාමද‍්වාරා නික‍්ඛම‍්ම, පදුමුත‍්තරො මහාමුනි; වස‍්සෙන‍්තො අමතං වුට‍්ඨිං, නිබ‍්බාපෙසි මහාජනං.

පදුමුත්තර බුදුන් වහන්සේ විහාරයෙන් නික්ම අමාවැසි වස්වමින් මහාජනයාව නිවීමට පත්කළේය.

“සතසහස‍්සං තෙ ධීරා, ඡළභිඤ‍්ඤා මහිද‍්ධිකා; පරිවාරෙන‍්ති සම‍්බුද‍්ධං, ඡායාව අනපායිනී.

ජලභිඤ්ඤාවන් ඇති මහා සෘද්ධිමත් වූ ධීරයෝ දසදහසක් අනුව යන සෙවනැල්ල මෙන් බුදුන් පිරිවරා සිටිත්.

“හත්‍ථික‍්ඛන්‍ධගතො ආසිං, සෙතච‍්ඡත‍්තං වරුත‍්තමං; සුචාරුරූපං දිස‍්වාන, විත‍්ති මෙ උදපජ‍්ජථ.

උතුම් සේසතක් සහිත ඇතාපිට සිටියෙමි. ඒ සුන්දර වූ රූපය දැක මට මේ අදහස ඇතිවිය.

“ඔරුය‍්හ හත්‍ථිඛන්‍ධම‍්හා, උපගච‍්ඡිං නරාසභං; රතනාමයඡත‍්තං මෙ, බුද‍්ධසෙට‍්ඨස‍්ස ධාරයිං.

ඇතා පිටින් බැස නරොත්තමයන් වහන්සේ වෙතට ගියෙමි. මාගේ රතනමය වූ ඡත්‍රය බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට දැරුවෙමි.

“මම සඞ‍්කප‍්පමඤ‍්ඤාය, පදුමුත‍්තරො මහාඉසි; තං කථං ඨපයිත්‍වාන, ඉමා ගාථා අභාසථ.

මහාඍෂි පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මගේ අදහස දැනගෙන ඒ කථාව තබා මේ ගාථාව වදාළහ.

“යො සො ඡත‍්තමධාරෙසි, සොණ‍්ණාලඞ‍්කාරභූසිතං; තමහං කිත‍්තයිස‍්සාමි, සුණොථ මම භාසතො.

යම් ඒ කෙනෙක් ස්වර්ණාලංකාරයෙන් අලංකාර වූ ඡත්‍රය දැරුවේද ඔහුව මම වර්ණනා කරමි. මාගේ භාෂණය අසන්න.

“ඉතො ගන‍්ත්‍වා අයං පොසො, තුසිතං ආවසිස‍්සති; අනුභොස‍්සති සම‍්පත‍්තිං, අච‍්ඡරාහි පුරක‍්ඛතො.

මේ පුද්ගලයා මෙලොවින් චුතව තුසිත දෙව්ලොව උපදින්නේය. අප්සරාවන් පෙරටුකොට සම්පත් අනුභව කරන්නේය.

“චතුතිංසතික‍්ඛත‍්තුඤ‍්ච, දෙවරජ‍්ජං කරිස‍්සති; බලාධිපො අට‍්ඨසතං, වසුධං ආවසිස‍්සති.

තිස්හතරේ ඒවා තුන්වරක් දෙව්ලොව රජකරන්නේය. අටසිය වාරයක් මහපොලවට අධිපති වන්නේය.

“අට‍්ඨපඤ‍්ඤාසක‍්ඛත‍්තුඤ‍්ච, චක‍්කවත‍්තී භවිස‍්සති; පදෙසරජ‍්ජං විපුලං, මහියා කාරයිස‍්සති.

පනස් අට වතාවක් සක්විති රජ වන්නේය. මහපොළවෙහි ප්‍රදේශ රාජ්‍යයක් කරවන්නේය.

“කප‍්පසතසහස‍්සම‍්හි , ඔක‍්කාකකුලසම‍්භවො; ගොතමො නාම ගොත‍්තෙන, සත්‍ථා ලොකෙ භවිස‍්සති.

කල්ප සියදහසක් ගිය තැන ඔක්කාක කුලයෙහි ඉපිද ගෞතම යන නාමයෙන් බුදුවරයෙක් ලොව පහළ වන්නේය.

“සක්‍යානං කුලකෙතුස‍්ස, ඤාතිබන්‍ධු භවිස‍්සති; ආනන්‍දො නාම නාමෙන, උපට‍්ඨාකො මහෙසිනො.

ශාක්‍ය කුලයේ කොතක් බඳු ඤාතිවරයෙක් වන්නේය. බුදුන් වහන්සේගේ උපස්ථායක ආනන්ද නම් කෙනෙක් වන්නේය.

“ආතාපී නිපකො චාපි, බාහුසච‍්චෙසු කොවිදො; නිවාතවුත‍්ති අත්‍ථද‍්ධො, සබ‍්බපාඨී භවිස‍්සති.

පව් තවන නිපක ප්‍රඥාවෙන් යුත් ශ්‍රද්ධාවන්ත ශාස්ත්‍රයන්හි දක්ෂ වූ නවත්වන ලද සසර පැවැත්ම ඇති යහපත සොයා යන සියල්ලන්ට ගුරු වන්නේය.

“පධානපහිතත‍්තො සො, උපසන‍්තො නිරූපධි; සබ‍්බාසවෙ පරිඤ‍්ඤාය, නිබ‍්බායිස‍්සතිනාසවො.

ප්‍රධන් වීර්යයෙන් යුත් නිවනෙහි යොදන ලද ආත්මභාව ඇති ඒ උපශාන්ත වූ උපධි රහිත වූ ආශ්‍රවයන් රහිත උන්වහන්සේ නිවී සැනසෙන්නේය.

“සන‍්ති ආරඤ‍්ඤකා නාගා, කුඤ‍්ජරා සට‍්ඨිහායනා; තිධාපභින‍්නා මාතඞ‍්ගා, ඊසාදන‍්තා උරූළ‍්හවා.

වනාන්තරයෙහි වියගස් වැනි විශාල ශක්තිමත් දළ ඇති වර්ග හැටක් ජීවත්වන තුන්වැදෑරුම් මහා හස්තිරාජයෝ සිටිත්.

“අනෙකසතසහස‍්සා, පණ‍්ඩිතාපි මහිද‍්ධිකා; සබ‍්බෙ තෙ බුද‍්ධනාගස‍්ස, න හොන‍්තුපණිධිම‍්හි තෙ.

අනේක සියදහස් ගණන් පණ්ඩිත වූ මහා ඍද්ධි ඇත්තා වූ ඇත්තෝ සිටිත්ද ඒ සියල්ලෝම බුදුරජාණන් වහන්සේ නමැති හස්තිරාජයා හා සමාන නොවෙත්.

“ආදියා මෙ නමස‍්සාමි, මජ‍්ඣිමෙ අථ පච‍්ඡිමෙ; පසන‍්නචිත‍්තො සුමනො, බුද‍්ධසෙට‍්ඨං උපට‍්ඨහිං.

මුල් යාමයෙහිත්, මධ්‍යම යාමයෙහිත්, අවසන් යාමයෙහිත් නමස්කාර කරන්නෙමි. සතුටු සිතින් බුද්ධෝත්තමයාණන්ට උපස්ථාන කළෙමි.

“ආතාපී නිපකො චාපි, සම‍්පජානො පටිස‍්සතො; සොතාපත‍්තිඵලං පත‍්තො, සෙඛභූමීසු කොවිදො.

පව් තවන්නා වූ නිපක ප්‍රඥාවෙන් යුක්ත වූ මහා ප්‍රඥාවෙන් යුක්ත වූයෙමි. සෛක්‍ෂ්‍ය භුමින්හි දක්ෂ වූයෙම් සෝතාපත්ති ඵලයෙහි පිහිටියෙමි.

“සතසහස‍්සිතො කප‍්පෙ, යං කම‍්මමභිනීහරිං; තාහං භූමිමනුප‍්පත‍්තො, ඨිතා සද‍්ධම‍්මමාචලා.

මම මෙයින් කල්ප ශතසහස්‍රයකට පළමු යම් කර්මයක් කළෙම්ද ඒ භූමියට පැමිණියෙම් සද්ධර්මයෙහි පිහිටියේ වෙමි.

“ස‍්වාගතං වත මෙ ආසි…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

මා බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙතට පැමිණීම යහපත් වූවක් විය. ත්‍රිවිද්‍යාවන් ලබාගත්තෙමි. බුද්ධ අවවාදය කළෙමි.

ඡළභිඤ‍්ඤො පන හුත්‍වා සඞ‍්ගීතිමණ‍්ඩපං පවිසිත්‍වා ධම‍්මං සඞ‍්ගායන‍්තො තත්‍ථ තත්‍ථ භික‍්ඛූනං ඔවාදදානවසෙන අත‍්තනො පටිපත‍්තිදීපනාදිවසෙන ච භාසිතගාථා එකජ‍්ඣං කත්‍වා අනුක‍්කමෙව ඛුද‍්දකනිකායසඞ‍්ගායනකාලෙ ථෙරගාථාසු සඞ‍්ගීතිං ආරොපෙන‍්තො –

සිව්පිළිසිඹියාවත් අෂ්ට විමොක්‍ෂයද ජඅභිඤ්ඤාවනුත් මට ඇත. බුද්ධ අවවාදය කළෙමි. අභිඤ්ඤාසය ලාභීව සංගීති මණ්ඩලයට පැමිණ සංගායනා කරන්නේ ඒ ඒ තන්හි භික්‍ෂූන්ට අවවාද දීම් වශයෙන් තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ කිරීම් වශයෙනුත් කියන ලද ගාථාවන් එක්තැන් කොට පිළිවෙලින් ඛුද්දක නිකාය සංගායනා කරන කල්හි ථෙරගාථාවන් සංගායනා කිරීමට පටන් ගෙන -

“පිසුණෙන ච කොධනෙන ච, මච‍්ඡරිනා ච විභූතනන්‍දිනා; සඛිතං න කරෙය්‍ය පණ‍්ඩිතො, පාපො කාපුරිසෙන සඞ‍්ගමො.

කේලාම් කීමෙන්, ක්‍රෝධයෙන්, මසුරුබවින්ද, විනාශය කැමැති බවින්ද යුතුව පණ්ඩිතයා මිතුරුකම නොකරන්නේය. නරක පුද්ගලයන් හා එක්වීම පාපයකි.

“සද‍්ධෙන ච පෙසලෙන ච, පඤ‍්ඤවතා බහුස‍්සුතෙන ච; සඛිතං කරෙය්‍ය පණ‍්ඩිතො, භද‍්දො සප‍්පුරිසෙන සඞ‍්ගමො.

ශ්‍රද්ධාවෙන් ප්‍රියශීලි බවෙන් යුත් ප්‍රඥාවන්ත බහුශ්‍රැත පණ්ඩිතයා මිත්‍රකම කරන්නේය. සත්පුරුෂයන් සමග එක්වීම වාසනාවකි.

“පස‍්ස චිත‍්තකතං බිම‍්බං, අරුකායං සමුස‍්සිතං; ආතුරං බහුසඞ‍්කප‍්පං, යස‍්ස නත්‍ථි ධුවං ඨිති.

වේදනාවන්ගෙන් පිරුණා වූ බොහෝ වූ සංකල්පයන් සහිත ලෙඩ රෝග බහුල විසිතුරු කරන ලද පිළිරුවක් වැනි ස්ථිර පැවැත්මක් නැති මේ කය බලන්න.

“පස‍්ස චිත‍්තකතං රූපං, මණිනා කුණ‍්ඩලෙන ච; අට‍්ඨිතචෙන ඔනද‍්ධං, සහ වත්‍ථෙහි සොභති.

මැණික්වලින් කුණ්ඩලාභරණවලින් සරසන ලද ඇටවලින් හා සමින් වැසුනා වූ වස්ත්‍රවලින් ශෝභමාන වූ විසිතුරු කරන ලද මේ රූපය බලන්න.

“අලත‍්තකකතා පාදා, මුඛං චුණ‍්ණකමක‍්ඛිතං; අලං බාලස‍්ස මොහාය, නො ච පාරගවෙසිනො.

ලතු ගා පාටකරන ලද පාදයනුත් පාටගන්වන ලද මුහුණත් බාලයාගේ මුලාවීමට සුදුසුය. විමුක්තිය සොයන්නාට යෝග්‍ය නොවේ.

“අට‍්ඨපදකතා කෙසා, නෙත‍්තා අඤ‍්ජනමක‍්ඛිතා; අලං බාලස‍්ස මොහාය, නො ච පාරගවෙසිනො.

කොටස් අටකට බෙදා පීරණ ලද කෙස් ඇති අඳුන්ගාන ලද ඇස් ඇති (මේ රූපය) මුලා වූ මෝඩයාට ගැලපේ. විමුක්තිය සොයන්නාට නොහොබී.

“අඤ‍්ජනීව නවා චිත‍්තා, පූතිකායො අලඞ‍්කතො; අලං බාලස‍්ස මොහාය, නො ච පාරගවෙසිනො.

අඳුන්ගා පාටකරන ලද මේ කුණු සිරුර මුලාවට පත්වූ බාලයාට සුදුසුය. විමුක්තිය සොයන්නාට නොගැලපේ.

“ඔදහි මිගවො පාසං, නාසදා වාගුරං මිගො; භුත්‍වා නිවාපං ගච‍්ඡාම, කන්‍දන‍්තෙ මිගබන්‍ධකෙ.

මුවෝ මර උගුල පසෙක දැමූහ. මුවා දැලට ළංවූයේ නැත. මුවන් අල්ලන්නා කෑගසද්දී කොල කා යමු.

“ඡින‍්නො පාසො මිගවස‍්ස, නාසදා වාගුරං මිගො; භුත්‍වා නිවාපං ගච‍්ඡාම, සොචන‍්තෙ මිගලුද‍්දකෙ.

මුව වැද්දාගේ මරඋගුල් සිඳදමන ලදී. මුවා දැලට ලංවූයේ නැත. මුවන් අල්ලන්නන් කෑගසද්දී කොල කා යමු.

“බහුස‍්සුතො චිත‍්තකථී, බුද‍්ධස‍්ස පරිචාරකො; පන‍්නභාරො විසඤ‍්ඤුත‍්තො, සෙය්‍යං කප‍්පෙති ගොතමො.

බහුශ්‍රැත වූ විචිත්‍ර කථික වූ බුදුන්ගේ පරිවාරක වූ බිම තබන ලද බර ඇත්තේ රාගාදියෙන් තොර වූයේ ගෝත්‍රයෙන් ගොතම වූයේ සයනය කරයි.

“ඛීණාසවො විසඤ‍්ඤුත‍්තො, සඞ‍්ගාතීතො සුනිබ‍්බුතො; ධාරෙති අන‍්තිමං දෙහං, ජාතිමරණපාරගූ.

පහවූ ආශ්‍රවයන් ඇති රාගාදී සංගයන් ඉක්මවූ මනාව නිවුනා වූ උන්වහන්සේ ජාතිමරණ ඉක්මවූ අන්තිම දේහය දරයි.

“යස‍්මිං පතිට‍්ඨිතා ධම‍්මා, බුද‍්ධස‍්සාදිච‍්චබන්‍ධුනො; නිබ‍්බානගමනෙ මග‍්ගෙ, සොයං තිට‍්ඨති ගොතමො.

බුදුන්ගේ ධර්මය යමකු කෙරෙහි මනාව පිහිටියේද ඒ මේ ගෝත්‍ර වශයෙන් ගෞතම නම් වූ මම නිවන්මගෙහි පිහිටියේ වෙමි.

“ද‍්වාසීති බුද‍්ධතො ගණ‍්හිං, ද‍්වෙ සහස‍්සානි භික‍්ඛුතො; චතුරාසීතිසහස‍්සානි, යෙ මෙ ධම‍්මා පවත‍්තිනො.

යම් ඒ මා තුළ පිහිටි ධර්මයන් දෙඅසූවක් බුදුවරයන්ගෙනුත් දෙදහසක් භික්‍ෂූන්ගෙනුත් අසූහාරදහසක් ධර්මස්කන්ධය ලබාගත්තෙමි.

“අප‍්පස‍්සුතායං පුරිසො, බලිබද‍්දොව ජීරති; මංසානි තස‍්ස වඩ‍්ඪන‍්ති, පඤ‍්ඤා තස‍්ස න වඩ‍්ඪති.

(අල්පශ්‍රැත බවේ ආදීනව දක්වමින්) අල්පශ්‍රැත ඇති මේ පුද්ගලයා වෘෂභයෙක් මෙන් ජීවත්වෙයි. ඔහුගේ මස් වැඩේ. ප්‍රඥාව නොවැඩේ.

“බහුස‍්සුතො අප‍්පස‍්සුතං, යො සුතෙනාතිමඤ‍්ඤති; අන්‍ධො පදීපධාරොව, තථෙව පටිභාති මං.

යම් බහුශ්‍රැතයෙක් අල්පශ්‍රැත තැනැත්තාව පරදවයිද ඔහු පහනක් දරන අන්ධයකු මෙන් මට උවටැන් කරයි.

“බහුස‍්සුතං උපාසෙය්‍ය, සුතඤ‍්ච න විනාසයෙ; තං මූලං බ්‍රහ‍්මචරියස‍්ස, තස‍්මා ධම‍්මධරො සියා.

බහුශ්‍රැත බව ඇසුරු කරන්න. දැනඋගත් දෙය (ශ්‍රැතය) විනාශ නොකරන්න. එය බ්‍රහ්මචරියාවට මුල්වෙයි. ඒ නිසා ධර්මධර වූයෙමි.

“පුබ‍්බාපරඤ‍්ඤූ අත්‍ථඤ‍්ඤූ, නිරුත‍්තිපදකොවිදො; සුග‍්ගහීතඤ‍්ච ගණ‍්හාති, අත්‍ථඤ‍්චොපපරික‍්ඛති.

පෙර පසු සියල්ල දත් අර්ථය දන්නා වූ නිරුක්ති පදයන්හි දක්‍ෂ වූ අර්ථය ගන්නේය. එම අර්ථය නුවණින් විමසා බලයි.

“ඛන‍්ත්‍යා ඡන්‍දිකතො හොති, උස‍්සහිත්‍වා තුලෙති තං; සමයෙ සො පදහති, අජ‍්ඣත‍්තං සුසමාහිතො.

සිතින් බලාපොරොත්තු නොවූ ධර්මයන් කෙරෙහි ඉවසීමෙන් විදර්ශනාව කෙරෙහි ඇතිකරගත් කැමැත්ත ඇත්තේ නාමරූප වශයෙන් උත්සාහකොට ඊට පසුව ත්‍රිලක්‍ෂණය ආරෝපණය කොට තීරණය කරයි. ඔහු සුදුසු කල්හි මනාව හික්මුනේ සිත උත්සාහවත් කරයි.

“බහුස‍්සුතං ධම‍්මධරං, සප‍්පඤ‍්ඤං බුද‍්ධසාවකං; ධම‍්මවිඤ‍්ඤාණමාකඞ‍්ඛං, තං භජෙථ තථාවිධං.

ධර්මධර, බහුශ්‍රැත හා ප්‍රඥාවන්ත වූ ධර්ම ඥානයෙහි බලාපොරොත්තු ඇති එබඳු වූ බුද්ධ ශ්‍රාවකයකු භජනය කරන්නේය.

“බහුස‍්සුතො ධම‍්මධරො, කොසාරක‍්ඛො මහෙසිනො; චක‍්ඛු සබ‍්බස‍්ස ලොකස‍්ස, පූජනීයො බහුස‍්සුතො.

බහුශ්‍රැත ධර්මධර බුදුන්ගේ ධර්ම භාණ්ඩාගාරික සියළු ලෝකයාට ඇසක් බඳු වූ පූජනීය වූ

“ධම‍්මාරාමො ධම‍්මරතො, ධම‍්මං අනුවිචින‍්තයං; ධම‍්මං අනුස‍්සරං භික‍්ඛු, සද‍්ධම‍්මා න පරිහායති.

ධර්මයෙහි ඇලුනු ධර්මය ගැන නිතර සිතන, භික්‍ෂුව ධර්මයෙන් පරිහානියට පත් නොවෙයි.

“කායමච‍්ඡෙරගරුනො , හිය්‍යමානෙ අනුට‍්ඨහෙ; සරීරසුඛගිද‍්ධස‍්ස, කුතො සමණඵාසුතා.

කයෙහි මමත්වය නිසා කයෙන් කිසිවක් නොකොට හැසිරෙන තමාගේ සිරුරෙහි හා ජීවිතයෙහි මොහොතින් මොහොත පිරිහෙන ඔහුට උට්ඨාන වීර්යයක් නැත. ශරීර සැපයෙහි ගිජු වූවහුට ශ්‍රමණයකු වශයෙන් කවරනම් සැප විහරණයක් ඇත්තේද? නැත්තේමය.

“න පක‍්ඛන‍්ති දිසා සබ‍්බා, ධම‍්මා න පටිභන‍්ති මං; ගතෙ කල්‍යාණමිත‍්තම‍්හි, අන්‍ධකාරංව ඛායති.

මට සියළු දිශාවන් නොපෙනේ. ධර්මයන් නොවැටහේ. සියළු ලෝකයාට කල්‍යාණ මිත්‍ර වූ ධර්ම සේනාපති සැරියුත් තෙරුන් පිරිනිවන්පෑ කල්හි මුළුලොවට අන්ධකාර බව වැටහේ.

“අබ‍්භතීතසහායස‍්ස, අතීතගතසත්‍ථුනො; නත්‍ථි එතාදිසං මිත‍්තං, යථා කායගතා සති.

බුදුන් පිරිනිවි කල්හි කල්‍යාණ මිත්‍රයකු නැතිවූ කායගතා සතිය වඩන්නහුට එය ඒකාන්ත හිත ගෙන දෙන්නාක් මෙන් අනාථ පුද්ගලයාට ඒකාන්තයෙන් සහාය වන්නා වූ වෙනත් කල්‍යාණ මිත්‍රයකු නැත.

“යෙ පුරාණා අතීතා තෙ, නවෙහි න සමෙති මෙ; ස‍්වජ‍්ජ එකොව ඣායාමි, වස‍්සුපෙතොව පක‍්ඛිමා.

මගේ සිත නවකයන් කෙරෙහි නොඇලේ. ඒ මම අද තනිවූයෙම් ධ්‍යාන වඩමි. වැසි කාලයෙහි කුඩුවට ගිය පක්‍ෂියකු මෙනි.

“දස‍්සනාය අභික‍්කන‍්තෙ, නානාවෙරජ‍්ජකෙ බහූ; මා වාරයිත්‍ථ සොතාරො, පස‍්සන‍්තු සමයො මමං.

මා දැකීම සඳහා පිටත්වූ කල්හි නානාවිධ කල්හි විවිධ ජනයා මා නොවැලක්වූහ. ශාස්තෲන් වහන්සේ මට ඉඩ ලබාදුන් සේක. නොවැලැක්වූ සේක.

“දස‍්සනාය අභික‍්කන‍්තෙ, නානාවෙරජ‍්ජකෙ පුථු; කරොති සත්‍ථා ඔකාසං, න නිවාරෙති චක‍්ඛුමා.

“පණ‍්ණවීසති වස‍්සානි, සෙඛභූතස‍්ස මෙ සතො; න කාමසඤ‍්ඤා උප‍්පජ‍්ජි, පස‍්ස ධම‍්මසුධම‍්මතං.

සේඛ වූ මහා සිහි ඇති මට විසිපස් වසරක් කාමසඤ්ඤාවක් ඇති වූයේ නැත. ධර්මය මනාව ඇසීමේ බලය බලන්න.

“පණ‍්ණවීසති වස‍්සානි, සෙඛභූතස‍්ස මෙ සතො; න දොසසඤ‍්ඤා උප‍්පජ‍්ජි, පස‍්ස ධම‍්මසුධම‍්මතං.

[missing trans]

“පණ‍්ණවීසති වස‍්සානි, භගවන‍්තං උපට‍්ඨහිං; මෙත‍්තෙන කායකම‍්මෙන, ඡායාව අනපායිනී.

මෛත්‍රී සහගත කාය කර්මයෙන් විසිපස් වසරක් සෙවනැල්ලක් මෙන් බුදුන්ට උපස්ථාන කළෙමි.

“පණ‍්ණවීසති වස‍්සානි, භගවන‍්තං උපට‍්ඨහිං; මෙත‍්තෙන වචීකම‍්මෙන, ඡායාව අනපායිනී.

මෛත්‍රී සහගත වචී කර්මයෙන් විසිපස් වසරක් සෙවනැල්ලක් මෙන් බුදුන්ට උපස්ථාන කළෙමි.

“පණ‍්ණවීසති වස‍්සානි, භගවන‍්තං උපට‍්ඨහිං; මෙත‍්තෙන මනොකම‍්මෙන, ඡායාව අනපායිනී.

මෛත්‍රී සහගත මනෝ කර්මයෙන් විසිපස් වසරක් සෙවනැල්ලක් මෙන් බුදුන්ට උපස්ථාන කළෙමි.

“බුද‍්ධස‍්ස චඞ‍්කමන‍්තස‍්ස, පිට‍්ඨිතො අනුචඞ‍්කමිං; ධම‍්මෙ දෙසියමානම‍්හි, ඤාණං මෙ උදපජ‍්ජථ.

සක්මන් කරන්නා වූ බුදුන් පසුපස සක්මන් කළෙමි. ධර්මය දේශනා කරන කල්හි මට ඤාණය පහළ විය.

“අහං සකරණීයොම‍්හි, සෙඛො අප‍්පත‍්තමානසො; සත්‍ථු ච පරිනිබ‍්බානං, යො අම‍්හං අනුකම‍්පකො.

සේඛ වූ මට තව කටයුතු කාර්ය ඇත්තේ පත්නොවූ රහත්බව ඇත්තෙමි. යම් ශාස්තෲන් වහන්සේ නමක් අපට මහත් වූ උපකාරකයක් වීද උන්වහන්සේගේ පිරිනිවන්පෑමද සිදුවිය.

“තදාසි යං භිංසනකං, තදාසි ලොමහංසනං; සබ‍්බකාරවරූපෙතෙ, සම‍්බුද‍්ධෙ පරිනිබ‍්බුතෙ.

මෙබඳු ස්වභාව ඇති බුදුන් පිරිනිවි කල්හි එය මට භය ගෙන දෙන්නක් විය. ලොමුඩැහැ ගන්වන්නක් විය.

“බහුස‍්සුතො ධම‍්මධරො, කොසාරක‍්ඛො මහෙසිනො; චක‍්ඛු සබ‍්බස‍්ස ලොකස‍්ස, ආනන්‍දො පරිනිබ‍්බුතො.

බහුශ්‍රැත වූ ධර්මධර වූ බුදුන්ගේ ධර්ම භාණ්ඩාගාරික වූ සියළු ලෝකයට ඇසක් බඳු වූ ආනන්ද තෙරණුවෝ පිරිනිවන්පෑහ.

“බහුස‍්සුතො ධම‍්මධරො, කොසාරක‍්ඛො මහෙසිනො; චක‍්ඛු සබ‍්බස‍්ස ලොකස‍්ස, අන්‍ධකාරෙ තමොනුදො.

බහුශ්‍රැත ධර්මධර බුදුන්ගේ ධර්ම භාණ්ඩාගාරික අඳුර දුරුකරන්නා වූ සියළු ලෝකයට ඇසක් බඳු වූ (ආනන්ද තෙරණුවෝ පිරිනිවන් පෑහ.)

“ගතිමන‍්තො සතිමන‍්තො, ධිතිමන‍්තො ච යො ඉසි; සද‍්ධම‍්මධාරකො ථෙරො, ආනන්‍දො රතනාකරො.

අසහාය වූ ඤාණ ගතියක් ඇති සතිමත් වූ ධෛර්යවන්ත වූ, ධර්මය දරාසිටින්නා වූ ඍෂිවරයෙක් වූ ධර්ම ආකාරයක් වූ ආනන්ද තෙරුන් වහන්සේව

“පරිචිණ‍්ණො මයා සත්‍ථා, කතං බුද‍්ධස‍්ස සාසනං; ඔහිතො ගරුකො භාරො, නත්‍ථි දානි පුනබ‍්භවො”ති. –

මම ඇසුරු කළෙමි. බුද්ධ අවවාදය කළෙමි. මහත් වූ භාරය බිම තැබුවෙමි. නැවත භවයක් නැත.

ඉමා ගාථා අභාසි.

මේ ගාථාවන් ප්‍රකාශ කළේය.

තත්‍ථ පිසුණෙන චාති ආදිතො ද‍්වෙ ගාථා ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ දෙවදත‍්තපක‍්ඛියෙහි භික‍්ඛූහි සද‍්ධිං සංසග‍්ගං කරොන‍්තෙ දිස‍්වා තෙසං ඔවාදදානවසෙන වුත‍්තා. තත්‍ථ පිසුණෙනාති පිසුණාය වාචාය. තාය හි යුත‍්තො පුග‍්ගලො “පිසුණො”ති වුත‍්තො යථා නීලගුණයුත‍්තො පටො නීලොති. කොධනෙනාති කුජ‍්ඣනසීලෙන. අත‍්තසම‍්පත‍්තිනිගූහණලක‍්ඛණස‍්ස මච‍්ඡෙරස‍්ස සම‍්භවතො මච‍්ඡරිනා. විභූතනන්‍දිනාති සත‍්තානං විභූතං විභවනං විනාසං ඉච‍්ඡන‍්තෙන, විභූතං වා විසුං භාවො භෙදො, තං නන්‍දනෙන, සබ‍්බමෙතං දෙවදත‍්තපක‍්ඛියෙව සන්‍ධාය වුත‍්තං. තෙ හි පඤ‍්චවත්‍ථුදීපනාය බහූ ජනෙ සම‍්මාපටිපන‍්නෙ භින්‍දන‍්තා සත්‍ථරි බහිද‍්ධතාය ථද‍්ධමච‍්ඡරියාදිමච‍්ඡරියපකතා මහාජනස‍්ස මහතො අනත්‍ථාය පටිපජ‍්ජිංසු. සඛිතන‍්ති සහායභාවං සංසග‍්ගං න කරෙය්‍ය, කිංකාරණා? පාපො කාපුරිසෙන සඞ‍්ගමො කාපුරිසෙන පාපපුග‍්ගලෙන සමාගමො නිහීනො ලාමකො. යෙ හිස‍්ස දිට‍්ඨානුගතිං ආපජ‍්ජන‍්ති. තෙසං දුචින‍්තිතාදිභෙදං බාලලක‍්ඛණමෙව ආවහති, පගෙව වචනකරස‍්ස. තෙනාහ භගවා – “යානි කානිචි, භික‍්ඛවෙ, භයානි උප‍්පජ‍්ජන‍්ති, සබ‍්බානි තානි බාලතො උප‍්පජ‍්ජන‍්ති, නො පණ‍්ඩිතතො”තිආදි (අ· නි· 3.1).

එහි පිසුනෙනච යනු මුලින් ගාථා දෙක ජබ්බග්ගිය භික්‍ෂූන් දේවදත්ත පාක්‍ෂික භික්‍ෂූන් සමග එක්ව සිටිනු දැක ඔවුන්ට අවවාද වශයෙන් කියන ලදී. එහි පිසුනෙන යනු කේළාම් වචනයෙන් එබඳු ස්වභාවයෙන් යුක්ත තැනැත්තා ‘පිසුණො’ යැයි කියන ලදී. යම්සේ නිල්පාට ගුණය ඇති වස්ත්‍රය නීලො කියන්නාක් මෙනි. කොධනෙන කිපෙන ස්වභාවයෙන්, තමන්ගේ සම්පත් සඟවන ස්වභාවයෙන් යුත් මසුරා මච්ඡරිකා, විභූතනන්‍දිතා යනු සත්ත්වයන්ගේ බොහෝ වූ මහත් ධනය විනාශවනු කැමැත්තක් ඇත්තහු විසින් මහත් වූ හානියක්, විනාශයක් වේද එයින් සතුටක් විඳිමින්, මේ සියල්ල දේවදත්ත පාක්‍ෂිකයන් උදෙසා කියන ලදී. ඔවුන් විසින් පංච වස්තූන් ඉල්ලීමෙන් යහපත් මාර්ගයෙහි යෙදී සිටි බොහෝ ජනයා භේද කරමින් ශාස්තෘන් වහන්සේ කෙරෙහි අහිතක් ඇතිකිරීම සඳහා ථද්ධ, (තද බව) මසුරුබව ආදී ලක්‍ෂණ ස්වභාවකොට ඇති මහාජනයාට මහත්වූ අනර්ථය පිණිස පිළිපැද්දාහ. සඛිතං යනු සහාය බව, මිත්‍රකම, න කරෙය්‍ය නොකරන්නේය. කුමක් නිසාද? පාපො කාපුරිසෙන සංගමො යනු නරක පවිටු පුද්ගලයකු සමග එක්වීම පහත්ය. ලාමකය. මොහුගේ දිට්ඨානුගතියට පැමිණෙන බැවිනි. ඔවුන්ගේ වැරදි ලෙස සිතීම අඳබාල ලක්‍ෂණයන්ට ලඟා කරයි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කර ඇත. ‘මහණෙනි! යම් ඒ භයක් වේද ඒ සියල්ල බාලයාගෙන් හටගනී. පණ්ඩිතයාගෙන් නොවේ’ යනාදි ලෙසිනි.

යෙන පන සංසග‍්ගො කාතබ‍්බො, තං දස‍්සෙතුං “සද‍්ධෙන චා”තිආදි වුත‍්තං. තත්‍ථ සද‍්ධෙනාති කම‍්මකම‍්මඵලසද‍්ධාය චෙව, රතනත‍්තයසද‍්ධාය ච සමන‍්නාගතෙන. පෙසලෙනාති පියසීලෙන සීලසම‍්පන‍්නෙන. පඤ‍්ඤවතාති උදයත්‍ථගාමිනියා නිබ‍්බෙධිකාය පඤ‍්ඤාය වසෙන පඤ‍්ඤාසම‍්පන‍්නෙන. බහුස‍්සුතෙනාති පරියත‍්තිපටිවෙධබාහුසච‍්චානං පාරිපූරියා බහුස‍්සුතෙන. භද‍්දොති තෙන තාදිසෙන සාධුනා සඞ‍්ගමො භද‍්දො සුන්‍දරො කල්‍යාණො දිට‍්ඨධම‍්මිකාදිභෙදං අත්‍ථං ආවහතීති අධිප‍්පායො.

යමකු සමග එක්වීම සුදුසුයැයි පෙන්වීමට ‘සද්ධෙන’ ආදිය කියන ලදී. එහි සද්ධෙන යනු කර්මය, කර්මඵලය, විශ්වාස කිරිමෙන්, රතනත්‍රය විශ්වාස කිරීමෙන්ද යුක්ත වූවහු විසින් පෙසලෙන ප්‍රියශීලී සිල්වත් බවෙන් යුක්ත. පඤ්ඤවතා යනු හටගැනීම නැතිවීම ස්වභාවකොට ඇති තියුණු ප්‍රඥාවෙන් යුක්ත බහුස්සුතෙන යනු පර්යාප්ති, ප්‍රතිපත්ති පිළිබඳ බහුශ්‍රැත භාවය සම්පූර්ණ කිරීමෙන්, භද්දො ඒ හා සමාන වූ සත්පුරුෂයකු සමග එක්වීම යහපත්ය. හොඳය. දිට්ඨධම්මික ආදී අර්ථයන් ලගා කරන්නේය යන බලාපොරොත්තුවයි.

පස‍්ස චිත‍්තකතන‍්තිආදිකා සත‍්ත ගාථා අත‍්තනො රූපසම‍්පත‍්තිං දිස‍්වා කාමසඤ‍්ඤං උප‍්පාදෙන‍්තියා උත‍්තරාය නාම උපාසිකාය කායවිච‍්ඡන්‍දජනනත්‍ථං භාසිතා . “අම‍්බපාලිං ගණිකං දිස‍්වා වික‍්ඛිත‍්තචිත‍්තානං ඔවාදදානත්‍ථ”න‍්තිපි වදන‍්ති. තා හෙට‍්ඨා වුත‍්තත්‍ථා එව.

‘පස්සචිත්තකතං’ ආදී ගාථා සත තමාගේ රූප සම්පත්තිය දැක කාම සඤ්ඤාව උපදවන්නා වූ උත්තරා නම් වූ උපාසිකාව විසින් කයෙහි කැමැත්තක් ඇති නොවීම පිණිස කියන ලදී. අම්බපාලිං අම්බපාලි ගණිකාව දැක සිතෙහි කලබල ගතිය ඇති කරගත්තවුන්ට අවවාද දීම සඳහාද කියත්. ඒ පහත කියන ලද අදහස් ඇත්තේමය.

බහුස‍්සුතො චිත‍්තකථීතිආදිකා ද‍්වෙ ගාථා ථෙරෙන අරහත‍්තං පත්‍වා උදානවසෙන භාසිතා. තත්‍ථ පරිචාරකොති උපට‍්ඨාකො. සෙය්‍යං කප‍්පෙතීති අරහත‍්තප‍්පත‍්තිසමනන‍්තරං සයිතත‍්තා වුත‍්තං. ථෙරො හි බහුදෙව රත‍්තිං චඞ‍්කමෙන වීතිනාමෙත්‍වා සරීරං උතුං ගාහාපෙතුං ඔවරකං පවිසිත්‍වා සයිතුං මඤ‍්චකෙ නිසින‍්නො පාදා ච භූමිතො මුත‍්තා, අප‍්පත‍්තඤ‍්ච සීසං බිම‍්බොහනං, එත්‍ථන‍්තරෙ අරහත‍්තං පත්‍වා සයි.

බහුස්සුතො චිත්තකර්ම ආදී ගාථා දෙක තෙරුන් විසින් රහත් බවට පැමිණ ප්‍රීතිවාක්‍ය වශයෙන් කියන ලදී. එහි පරිචාරකො යනු උපස්ථායකයා. සෙය්‍යං කප්පෙති යනු රහත්බව ලැබීමෙන් අනතුරුව නිදාගත් බව සඳහා කියන ලදී. තෙරුන් වහන්සේ වනාහි බොහෝ රෑ වනතෙක් සක්මන් කිරීමෙන් ගතකොට සිරුර සෘතුගැන්වීම සඳහා කුටියකට පැමිණ නිදන්නට ඇඳෙහි වාඩිවූයේ, පොළවෙන් පා ඔසවනවිටම හිස කොට්ටයට තබන්නටත් පෙර යන මේ අතරතුර කාලයෙහි රහත්බවට පත්ව නිදාගත්තේය.

ඛීණාසවොති පරික‍්ඛීණචතුරාසවො, තතො එව චතූහිපි යොගෙහි විසංයුත‍්තො, රාගසඞ‍්ගාදීනං අතික‍්කන‍්තත‍්තා සඞ‍්ගාතීතො, සබ‍්බසො කිලෙසපරිළාහස‍්ස වූපසන‍්තත‍්තා සුනිබ‍්බුතො සීතිභූතොති අත්‍ථො.

ඛීණාසවො ක්‍ෂය වූ සතරවැදෑරුම් ආශ්‍රවයන් ඇති එයින්ම සතර යෝගයන්ගෙන් විසංයුත්තො වෙන්වූ රාගාදියෙහි ඇලීමෙන් තොර බැවින් සංගාතීතො නම් වේ. සැම අයුරකින්ම කෙලෙස් තැවීම් සංසිඳවූ බැවින් සුනිබ්බුතො නම් වේ. සිසිල් වූයේය යන අර්ථයි.

යස‍්මිං පතිට‍්ඨිතා ධම‍්මාති ථෙරං උද‍්දිස‍්ස ඛීණාසවමහාබ්‍රහ‍්මුනා භාසිතා ගාථා. උපට‍්ඨිතාය හි ධම‍්මසඞ‍්ගීතියා ථෙරං උද‍්දිස‍්ස යෙහි භික‍්ඛූහි “එකො භික‍්ඛු විස‍්සගන්‍ධං වායතී”ති වුත‍්තං. අථ ථෙරො අධිගතෙ අරහත‍්තෙ සත‍්තපණ‍්ණිගුහාද‍්වාරං සඞ‍්ඝස‍්ස සාමග‍්ගීදානත්‍ථං ආගතො, තස‍්ස ඛීණාසවභාවප‍්පකාසනෙන සුද‍්ධාවාසමහාබ්‍රහ‍්මා. තෙ භික‍්ඛූ ලජ‍්ජාපෙන‍්තො “යස‍්මිං පතිට‍්ඨිතා ධම‍්මා”ති ගාථමාහ. තස‍්සත්‍ථො – බුද‍්ධස‍්ස භගවතො ධම‍්මා තෙනෙව අධිගතා පවෙදිතා ච පටිවෙධපරියත‍්තිධම‍්මා. යස‍්මිං පුරිසවිසෙසෙ පතිට‍්ඨිතා, සොයං ගොත‍්තතො ගොතමො ධම‍්මභණ‍්ඩාගාරිකො සඋපාදිසෙසනිබ‍්බානස‍්ස අධිගතත‍්තා ඉදානි අනුපාදිසෙසනිබ‍්බානගමනෙ මග‍්ගෙ පතිට‍්ඨහි, තස‍්ස එකංසභාගීති.

‘යස්මිං පතිට්ඨිතා ධම්මා’ (යමකු කෙරෙහි ධර්මයෝ පිහිටියේ වෙත්ද) තෙරුන් උදෙසා ක්‍ෂීණාශ්‍රව මහා බ්‍රහ්මයා විසින් කිය ලද ගාථාය. එළඹ සිටියා වූ ධර්ම සංගායනාවෙහිදී යම් භික්‍ෂූන් විසින් ‘එක් භික්‍ෂුවක් විෂ ගඳ නිකුත් කරයි’ යනුවෙන් කියන ලදී. ඉක්බිති තෙරුන් වහන්සේ රහත්බවට පැමිණ සප්තපර්ණී ගුහා දොරටුවට, සංඝයා සමගි කිරීම පිණිස පැමිණියේය. ඔහු රහත්බව ප්‍රකාශ කිරීමෙන් ශුද්ධාවාස මහා බ්‍රහ්මයෝ ඒ (හඬ නැගු) භික්‍ෂූන් ලජ්ජාවට පත්කරමින් ‘යස්මිං පතිට්ඨිතා ධම්මා’ (යමකු කෙරෙහි ධර්මයෝ පිහිටියාහුද) යන ගාථාව කීය. එහි අර්ථය බුද්ධස්ස භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෝ, ඔහු විසින් අවබෝධ කරගන්නා ලද ප්‍රකාශ කරන ලද පර්යාප්ති, ප්‍රතිවේධ ධර්මයන් ධම්මා යස්මිං යම් ඒ පුද්ගල විශේෂයෙක්හි පතිට්ඨිතා පිහිටියාහුය. සොයං හෙතෙමේ ගොත්‍ර වශයෙන් ගොතමො ගොතම නම් වේ. ධර්ම භාණ්ඩාගාරිකයන් වහන්සේ සඋපාධිශේෂ නිර්වාණයට පැමිණ ඇති බැවින් දැන් අනුපාදිසෙස නිබ්බානගමනෙ මග්ගෙ නිවන්මගෙහි පිහිටන්න. එහි ඒකාන්ත බව යනුයි.

අථෙකදිවසං ගොපකමොග‍්ගල‍්ලානො නාම බ්‍රාහ‍්මණො ථෙරං පුච‍්ඡි – “ත්‍වං බහුස‍්සුතොති බුද‍්ධස‍්ස සාසනෙ පාකටො, කිත‍්තකා ධම‍්මා තෙ සත්‍ථාරා භාසිතා, තයා ධාරිතා”ති? තස‍්ස ථෙරො පටිවචනං දෙන‍්තො “ද‍්වාසීතී”ති ගාථමාහ. තත්‍ථ ද‍්වාසීති සහස‍්සානීති යොජනා, බුද‍්ධතො ගණ‍්හින‍්ති සම‍්මාසම‍්බුද‍්ධතො උග‍්ගණ‍්හිං ද‍්විසහස‍්සාධිකානි අසීතිධම‍්මක‍්ඛන්‍ධසහස‍්සානි සත්‍ථු සන‍්තිකා අධිගණ‍්හින‍්ති අත්‍ථො. ද‍්වෙ සහස‍්සානි භික‍්ඛුතොති ද‍්වෙ ධම‍්මක‍්ඛන්‍ධසහස‍්සානි භික‍්ඛුතො ගණ‍්හිං, ධම‍්මසෙනාපතිආදීනං භික‍්ඛූනං සන‍්තිකා අධිගච‍්ඡිං. චතුරාසීතිසහස‍්සානීති තදුභයං සමොධානෙත්‍වා චතුසහස‍්සාධිකානි අසීතිසහස‍්සානි. යෙ මෙ ධම‍්මා පවත‍්තිනොති යෙ යථාවුත‍්තපරිමාණා ධම‍්මක‍්ඛන්‍ධා මය‍්හං පගුණා වාචුග‍්ගතා ජිව‍්හග‍්ගෙ පරිවත‍්තන‍්තීති.

ඉක්බිති එක්දිනක් ගොපකමොග්ගල්ලාන නම් වූ බ්‍රාහ්මණයෙක් තෙරුන්ගෙන් ඇසීය. ‘නුඹවහන්සේ බුද්ධ ශාසනයෙහි බහුශ්‍රැත යයි ප්‍රසිද්ධය. ඔබගේ භාග්‍යවතුන් විසින් ප්‍රකාශ කරන ලද කොපමණ ධර්ම ප්‍රමාණයක් ඔබ දරන්නේද කියාය. තෙරුන් වහන්සේ ඔහුට පිළිතුරු දීම් වශයෙන් ‘ද්වාසීති’ ආදී ගාථාව කීය. එහි ද්වාසීති සහස්සානි යනුවෙන් යොදනු. බුද්ධතො ගණහිං යනු සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් ඉගෙන ගත්තෙමි. අසූදෙදහසක් ධර්මස්කන්ධයන් බුදුන් සමීපයෙන් ඉගෙන ගත්තේය යන අර්ථයි. දෙවසහස්සානි භික්‍ඛුතො දෙදහසක් ධර්ම ස්කන්ධයන් භික්‍ෂුවගෙන් උගත්තෙමි. ධර්ම සේනාපති ආදී වූ භික්‍ෂූන් සමීපයට ගියෙමි. චතුරාසීති සහස්සානි යනු ඒ දෙකම එකට ගෙන අසූහතර දහසක් යෙ මෙ ධම්මා පවත්තිනො යම් ඒ ඉහත කියන ලද ප්‍රමාණ ඇති ධර්මස්කන්ධයක් මා විසින් ප්‍රගුණ කරන ලදී. කටපාඩම් කරන ලදී. දිව අග පවතී යනුයි.

අථෙකදා ථෙරො සාසනෙ පබ‍්බජිත්‍වා විපස‍්සනාධුරෙපි ගන්‍ථධුරෙපි අනනුයුත‍්තං එකං පුග‍්ගලං දිස‍්වා බාහුසච‍්චාභාවෙ ආදීනවං පකාසෙන‍්තො “අප‍්පස‍්සුතාය”න‍්ති ගාථමාහ. තත්‍ථ අප‍්පස‍්සුතායන‍්ති එකස‍්ස ද‍්වින‍්නං වා පණ‍්ණාසානං, අථ වා පන වග‍්ගානං අන‍්තමසො එකස‍්ස ද‍්වින‍්නං වා සුත‍්තන‍්තානම‍්පි උග‍්ගහිතානං අභාවෙන අප‍්පස‍්සුතො අයං, කම‍්මට‍්ඨානං පන උග‍්ගහෙත්‍වා අනුයුඤ‍්ජන‍්තො බහුස‍්සුතොව. බලිබද‍්දොව ජීරතීති යථා බලිබද‍්දො ජීරමානො වඩ‍්ඪමානො නෙව මාතු න පිතු, න සෙසඤාතකානං අත්‍ථාය වඩ‍්ඪති, අථ ඛො නිරත්‍ථකමෙව ජීරති; එවමෙවං අයම‍්පි න උපජ‍්ඣායවත‍්තං කරොති, න ආචරියවත‍්තං, න ආගන‍්තුකවත‍්තාදීනි, න භාවනං අනුයුඤ‍්ජති, නිරත්‍ථකමෙව ජීරති. මංසානි තස‍්ස වඩ‍්ඪන‍්තීති යථා බලිබද‍්දස‍්ස “කසනභාරවහනාදීසු අසමත්‍ථො එසො”ති අරඤ‍්ඤෙ විස‍්සට‍්ඨස‍්ස යථා තථා විචරන‍්තස‍්ස ඛාදන‍්තස‍්ස පිවන‍්තස‍්ස මංසානි තස‍්ස වඩ‍්ඪන‍්ති; එවමෙවං ඉමස‍්සාපි උපජ‍්ඣායාදීහි විස‍්සට‍්ඨස‍්ස සඞ‍්ඝං නිස‍්සාය චත‍්තාරො පච‍්චයෙ ලභිත්‍වා උද‍්ධංවිරෙචනාදීනි කත්‍වා කායං පොසෙන‍්තස‍්ස මංසානි වඩ‍්ඪන‍්ති ථූලසරීරො හුත්‍වා විචරති. පඤ‍්ඤාති ලොකියලොකුත‍්තරා පනස‍්ස පඤ‍්ඤා එකඞ‍්ගුලිමත‍්තාපි න වඩ‍්ඪති, අරඤ‍්ඤෙ ගච‍්ඡලතාදීනි විය අස‍්ස ඡද‍්වාරානි නිස‍්සාය තණ‍්හා චෙව නවවිධමානො ච වඩ‍්ඪතීති අධිප‍්පායො.

ඉක්බිති තෙරුන් වහන්සේ සසුනෙහි පැවිදි වී විදර්ශනා ධුරයෙහිද ග්‍රන්ථ ධුරයෙහි ද යෙදී සිටියා වූ එක් පුද්ගලයකු දැක බහුශ්‍රැත බවෙහි ආදීනව ප්‍රකාශ කරන්නේ අප්පස්සුතායං යන ගාථාව කීය. එහි අප්පස්සුතායං යනු එක්කෙනෙකුට හෝ දෙදෙනෙකුට හෝ පණහකට හෝ එසේ නැත්නම් සමූහයකට හෝ යටත් පිරික්සයින් සූත්‍රාන්ත එකක් හෝ දෙකක් ඉගෙන ගැනීමෙන් තොර වූ මොහු අල්පශ්‍රැතයෙකි. කමටහන් ගෙන එහි යෙදෙන්නා වනාහි බහුශ්‍රැතයෙකි. බලිවද්දොව ජීරති යනු යම්සේ වෘෂභයකු ජීවත් වන්නේ හැදෙන්නේ වැඩෙන්නේ මවට හෝ පියාට හෝ නෑයන්ට හිත පිණිස නොවැඩෙයි. ඉක්බිති ප්‍රයෝජන රහිතව වැඩෙයි. එපරිද්දෙන් මොහුද ගුරුවරයාට වතාවත් නොකරයි. උපාධ්‍යාය වතාවත් නොකරයි. ආගන්තුක වතාවත් නොකරයි. භාවනාවෙහි නොයෙදෙයි. අර්ථයක් රහිතව ජීවත් වෙයි. මංසානි තස්ස වඩ්ඪන්ති යම්සේ වනයෙහි අත්හරින ලද වෘෂභයා ගොවිතැන් වැඩ, බර ඉසිලීම ආදිය සඳහා අසමත් එපරිද්දෙන් හැසිරෙමින්, කමින් ජීවත්වන මොහුගේ මස් වැඩේ. එසේම උපාධ්‍යායාදීන් විසින් යොමුකරන ලද සංඝයා නිසා ලබන ලද සිව්පසය ලැබ ලය විරේක ආදියකොට සිරුර පෝෂණය කරන්නහුගේ මස් වැඩේ. මහත් සිරුරක් ඇතිව ඇවිදියි. පඤ්ඤා යනු මොහුගේ ලෞකික ලෝකෝත්තර ප්‍රඥාව එක අඟලක් පමණක්වත් නොවැඩෙයි. වනාන්තරයේ ගස්වැල් මෙන් මොහුගේ දොරටු සය නිසා තණ්හාවත්, නවවිධ මානයත් වැඩෙයි යන අදහසයි.

බහුස‍්සුතොති ගාථා අත‍්තනො බාහුසච‍්චං නිස‍්සාය අඤ‍්ඤං අතිමඤ‍්ඤන‍්තං එකං භික‍්ඛුං උද‍්දිස‍්ස වුත‍්තා. තත්‍ථ සුතෙනාති සුතහෙතු අත‍්තනො බාහුසච‍්චනිමිත‍්තං. අතිමඤ‍්ඤතීති අතික‍්කමිත්‍වා මඤ‍්ඤති අත‍්තානං උක‍්කංසෙන‍්තො පරං පරිභවති. තථෙවාති යථා අන්‍ධො අන්‍ධකාරෙ තෙලපජ‍්ජොතං ධාරෙන‍්තො ආලොකදානෙන පරෙසංයෙව අත්‍ථාවහො , න අත‍්තනො, තථෙව පරියත‍්තිබාහුසච‍්චෙන සුතවා පුග‍්ගලො සුතෙන අනුපපන‍්නො අත‍්තනො අත්‍ථං අපරිපූරෙන‍්තො අන්‍ධො ඤාණාලොකදානෙන පරෙසංයෙව අත්‍ථාවහො, න අත‍්තනො, දීපධාරො අන්‍ධො විය මය‍්හං උපට‍්ඨාතීති.

‘බහුස්සුතො’ යන ගාථාව තමන්ගේ බහුශ්‍රැත බව නිසා අනික් කෙනෙකුට අවමන් කරනු ලැබූ එක් භික්‍ෂුවක් අරභයා කියන ලදී. එහි සුතෙන යනු ඇසීම හේතුවෙන් තමාගේ බහුශ්‍රැත බව නිමිතිකොට අතිමඤ්ඤති ඉක්මවා ගොස් සිතයි. තමාව උසස්කොට අනුන් පහත්කොට නිග්‍රහ කරයි. තථෙව යනු යම්සේ අන්ධයෙක් තෙල් පහනක් අඳුරෙහි දරන්නේද එයින් ආලෝක දානයෙන් අනුන්ටම යහපතක් කරයි. තමාට නොවේ. එපරිද්දෙන් පර්යාප්තිය පිළිබඳ බහුශ්‍රැත පුද්ගලයා ශ්‍රැතයෙන් යමක් නූපදවන්නේ තමාගේ අර්ථය සම්පුර්ණ කර නොගන්නේ අන්ධයා ඤාණය නමැති ආලෝක දානයෙන් අනුන්ට යහපතක් ඇතිකරනවා මිස තමාට පිහිටක් නොවේ. ඒ නිසා පදීපධාරො අන්‍ධොවිය පහනක් දරන්නා වූ අන්ධයෙක් මෙන් මට උපස්ථාන කරයි.

ඉදානි බාහුසච‍්චෙ ආනිසංසං දස‍්සෙන‍්තො “බහුස‍්සුත”න‍්ති ගාථමාහ. තත්‍ථ උපාසෙය්‍යාති පයිරුපාසෙය්‍ය. සුතඤ‍්ච න විනාසයෙති බහුස‍්සුතං පයිරුපාසිත්‍වා ලද‍්ධං සුතඤ‍්ච න විනාසෙය්‍ය, න සුස‍්සෙය්‍ය ධාරණපරිචයපරිපුච‍්ඡාමනසිකාරෙහි වඩ‍්ඪෙය්‍ය. තං මූලං බ්‍රහ‍්මචරියස‍්සාති යස‍්මා බහුස‍්සුතං පයිරුපාසිත්‍වා ලද‍්ධං තං සුතං පරියත‍්තිබාහුසච‍්චං මග‍්ගබ්‍රහ‍්මචරියස‍්ස මූලං පධානකාරණං. තස‍්මා ධම‍්මධරො සියා විමුත‍්තායතනසීසෙ ඨත්‍වා යථාසුතස‍්ස ධම‍්මස‍්ස ධාරණෙ පඨමං පරියත‍්තිධම‍්මධරො භවෙය්‍ය.

දැන් බහුශ්‍රැත බවෙහි අනුසස් දක්වන්නේ ‘බහුස්සුතං’ යනාදී ගාථාව කීය. එහි උපාසෙය්‍ය යනු ඇසුරු කරන්නේය. සුතඤ්ච නවිහාසයෙ යනු බහුශ්‍රැතයකු ඇසුරු කිරීමෙන් ලබන ලද දැනුම විනාශ නොකරන්නේය. වියළවන්නේ නැත. ධාරණය කිරීම, පාවිච්චි කිරිම, ප්‍රශ්න කිරීම, මෙනෙහි කිරීම් යන ක්‍රමවලින් එය වැඩිදියුණු කරන්නේය. තං මූලං බ්‍රහ්මචරියස්ස යම්හෙයකින් බහුශ්‍රැතයකු ඇසුරුකොට ලබන ලද ඒ දැනුම වූ පර්යාප්ති බහුශ්‍රැත බව මාර්ග බ්‍රහ්ම චර්යාවට මුල්වෙයි. ප්‍රධාන කාරණය වෙයි. තස්මා ධම්මධරො සියා යනු විමුක්ති ආයතන ශීර්ෂයෙහි සිට ධර්මය ඇසූ පරිද්දෙන් කිරිමෙන් පළමු පර්යාප්ති ධර්මධරයෙක් වන්නේය.

ඉදානි පරියත‍්තිබාහුසච‍්චෙන සාධෙතබ‍්බමත්‍ථං දස‍්සෙතුං “පුබ‍්බාපරඤ‍්ඤූ”තිආදි වුත‍්තං. තත්‍ථ පුබ‍්බඤ‍්ච අපරඤ‍්ච ජානාතීති පුබ‍්බාපරඤ‍්ඤූ. එකිස‍්සා හි ගාථාය පුබ‍්බභාගෙ අපඤ‍්ඤායමානෙපි පුබ‍්බභාගෙ වා පඤ‍්ඤායමානෙ අපරභාගෙ අපඤ‍්ඤායමානෙපි “ඉමස‍්ස අපරභාගස‍්ස ඉමිනා පුබ‍්බභාගෙන , ඉමස‍්ස වා පුබ‍්බභාගස‍්ස ඉමිනා අපරභාගෙන භවිතබ‍්බ”න‍්ති ජානන‍්තො පුබ‍්බාපරඤ‍්ඤූ නාම. අත‍්තත්‍ථාදිභෙදං තස‍්ස තස‍්ස භාසිතස‍්ස අත්‍ථං ජානාතීති අත්‍ථඤ‍්ඤූ. නිරුත‍්තිපදකොවිදොති නිරුත‍්තියං සෙසපදෙසුපි චාති චතූසුපි පටිසම‍්භිදාසු ඡෙකො. සුග‍්ගහීතඤ‍්ච ගණ‍්හාතීති තෙනෙව කොවිදභාවෙන අත්‍ථතො බ්‍යඤ‍්ජනතො ච ධම‍්මං සුගහිතමෙව කත්‍වා ගණ‍්හාති. අත්‍ථඤ‍්චොපපරික‍්ඛතීති යථාසුතස‍්ස යථාපරියත‍්තස‍්ස ධම‍්මස‍්ස අත්‍ථං උපපරික‍්ඛති “ඉති සීලං, ඉති සමාධි, ඉති පඤ‍්ඤා, ඉමෙ රූපාරූපධම‍්මා”ති මනසා අනුපෙක‍්ඛති.

දැන් පර්යාප්ති බහුශ්‍රැත බවෙන් ලබාගත යුතු අර්ථය දක්වන්නට ‘පුබ්බාපරඤ්ඤූ’ නම් වේ. එක ගාථාවකින් පෙර භාගය නොපෙන්වා පූර්වභාගයෙහි හෝ පෙන්වන කල්හි අපර කොටස නොදක්වන කල්හිද මේ අපර කොටසට මේ පූර්ව කොටසින් මේ පූර්ව කොටසට මේ අපර භාගයෙන් විය යුතුයැයි දන්නේ ‘පුබ්බාපරඤ්ඤූ’ නම් වේ. අර්ථාදි භේද වශයෙන් ඒ ඒ භාෂිතයේ අර්ථය දන්නේනුයි ‘අත්‍ථඤ්ඤු’ නම් වේ. නිරුත්තිපද කොවිදො නිරුක්තියෙන් අනිත් වූ පදයන්හිද පටිසම්භිදා සතරෙහිත් දක්‍ෂයෙකි. සුග්ගහිතඤ්ච ගණහාතී යනු ඒ දක්‍ෂ භාවයෙන් අර්ථ වශයෙන් ව්‍යාංජන වශයෙන් ධර්මය මනාව අවබෝධ කරගෙන ගනියි. අත්‍ථඤ්චොපපරික්‍ඛති යනු සූත්‍රයේ ඇති පරිදි, පර්යාප්ති ධර්මයාගේ අර්ථය පරීක්‍ෂා කරයි. සීලය මෙයයි. සමාධිය මෙයයි. ප්‍රඥාව මෙයයි. රූපාරූප ධර්මයෝ මේවාය. යනාදී ලෙස මනසින් දකියි.

ඛන‍්ත්‍යා ඡන්‍දිකතො හොතීති තෙසු මනසා අනුපෙක‍්ඛිතෙසු ධම‍්මෙසු දිට‍්ඨිනිජ‍්ඣානක‍්ඛන‍්තියා නිජ‍්ඣානං ඛමාපෙත්‍වා රූපපරිග‍්ගහාදිමුඛෙන විපස‍්සනාභිනිවෙසෙ ඡන්‍දිකතො ඡන්‍දජාතො හොති. තථාභූතො ච විපස‍්සනාය කම‍්මං කරොන‍්තො උස‍්සහිත්‍වා තුලෙති තංතංපච‍්චයනාමරූපදස‍්සනවසෙන උස‍්සාහං කත්‍වා තතො පරං තිලක‍්ඛණං ආරොපෙත්‍වා තුලෙති “අනිච‍්ච”න‍්තිපි, “දුක‍්ඛ”න‍්තිපි, “අනත‍්තා”තිපි තං නාමරූපං තීරෙති විපස‍්සති. සමයෙ සො පදහති, අජ‍්ඣත‍්තං සුසමාහිතොති සො එවං පස‍්සන‍්තො පග‍්ගහෙතබ‍්බාදිසමයෙ චිත‍්තස‍්ස පග‍්ගණ‍්හනාදිනා පදහති, පදහන‍්තො ච අජ‍්ඣත‍්තං ගොචරජ‍්ඣත‍්තෙ විපස‍්සනාසමාධිනා මග‍්ගසමාධිනා ච සුට‍්ඨු සමාහිතො භවෙය්‍ය, අසමාධානහෙතුභූතෙ කිලෙසෙ පජහෙය්‍ය. ස‍්වායං ගුණො සබ‍්බොපි යස‍්මා බහුස‍්සුතං ධම‍්මධරං සප‍්පඤ‍්ඤං බුද‍්ධසාවකං පයිරුපාසන‍්තස‍්ස හොති, තස‍්මා අසඞ‍්ඛතං ධම‍්මං ආරබ‍්භ දුක‍්ඛාදීසු පරිඤ‍්ඤාදිවිසිට‍්ඨකිච‍්චතාය ධම‍්මවිඤ‍්ඤාණසඞ‍්ඛාතං ධම‍්මඤාණං ආකඞ‍්ඛන‍්තො තථාවිධං වුත‍්තප‍්පකාරං කල්‍යාණමිත‍්තං භජෙථ, සෙවෙය්‍ය පයිරුපාසෙය්‍යාති අත්‍ථො.

ඛන්ත්‍යාජන්‍දිකතො හොති යනු ඒ මනසින් දකින ලද ධර්මයන්හි දිට්ඨි, නිජ්ඣාන ක්‍ෂාන්තියෙන්, නැතහොත් අනුමාන කිරීම් ඉවසා රූප ගැනීම් වශයෙන් විදර්ශනාවෙහි කැමැත්ත ඇතිව, කැමැත්ත ඇත්තේ වේ. එසේවී විදර්ශනා කර්ම කරන්නේ උස්සහිත්‍වා කුලෙති ඒ ඒ ප්‍රත්‍යය නාමරූප දැකීම් වශයෙන් උත්සාහකොට ඊට පසුව ත්‍රිලක්‍ෂණ ආරෝපණය කොට තුලනය කරයි. අනිත්‍යයි. දුකයි. අනාත්මයි. තං ඒ නාමරූප තීරණය කරයි. ඒ දෙස බලයි. සමයෙ සො පදහති අජ්ඣත්තං සුසමාහිතො යනු හෙතෙම මෙසේ දකින්නේ අල්ලා ගතයුතු කල්හි සිතෙහි අල්ලාගැනීම කරයි. උත්සාහ කරන්නේ ගෝචර වූ අධ්‍යාත්මයෙහි විදර්ශනා සමාධියෙන්ද මාර්ග සමාධියෙන්ද මනාව හික්මුනේ වන්නේය. හිත එක්තැන් නොවීමේ හේතු වූ කෙලෙස් අත්හරින්නේය. ඒ මේ ගුණය සියල්ල, යම්හෙයකින් බහුස්සුතං ධම්මධරං සප්පඤ්ඤං බුද්ධසාවකං ඇසුරු කරන්නා බහුශ්‍රැත ධර්මධර, ප්‍රාඥ බුද්ධ ශ්‍රාවකයෙක් වෙයි. ඒ නිසා අසංඛත ධර්මයක් අරභයා දුක්‍ඛාදියෙහි වටහා ගැනීම ආදී විශිෂ්ට කෘත්‍යයන් ඇති බැවින් ධර්ම විඤ්ඤාණ සංඛ්‍යාත වූ ධර්ම ඥානයත් බලාපොරොත්තු වන්නේ තථාවිධං කියන ලද ආකාර කල්‍යාණ මිත්‍රයකු ඇසුරු කරන්න. භජෙථ සේවනය කරන්න. ඇසුරු කරන්නේය යන අර්ථයි.

එවං බහුපකාරතාය තස‍්ස පූජනීයකං දස‍්සෙන‍්තො “බහුස‍්සුතො”ති ගාථමාහ. තස‍්සත්‍ථො – සුත‍්තගෙය්‍යාදි බහු සුතං එතස‍්සාති බහුස‍්සුතො. තමෙව දෙසනාධම‍්මං සුවණ‍්ණභාජනෙ පක‍්ඛිත‍්තසීහවසා විය අවිනස‍්සන‍්තං ධාරෙතීති ධම‍්මධරො. තතො එව මහෙසිනො භගවතො ධම‍්මකොසං ධම‍්මරතනං ආරක‍්ඛතීති කොසාරක‍්ඛො. යස‍්මා සදෙවකස‍්ස ලොකස‍්ස සමදස‍්සනෙන චක‍්ඛුභූතො, තස‍්මා චක‍්ඛු සබ‍්බස‍්ස ලොකස‍්ස පූජනීයො මානනීයොති, බහුස‍්සුතභාවෙන බහුජනස‍්ස පූජනීයභාවදස‍්සනත්‍ථං නිගමනවසෙන පුනපි “බහුස‍්සුතො”ති වුත‍්තං.

මෙසේ බොහෝ උපකාර ඇති බැවින් ඔහුගේ පූජනීය බව දක්වන්නේ ‘බහුස්සුතො’ යනාදී ගාථාව කීය. එහි අර්ථය මෙසේය. සුත්ත, ගෙය්‍ය ආදියෙහි බහුශ්‍රැත බව මොහුට ඇත්තෙනුයි බහුස්සුතො එම දේශනා ධර්මයම රන්බඳුනක දමන ලද සිංහතෙල් මෙන් විනාශ නොවී රඳා පවතීනුයි ධම්මධර නම් වේ. එයින්ම මහෙසිනො භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරය ධර්ම රත්නය ආරක්‍ෂා කරන්නේ නුයි කොසාරක්‍ඛො නම් වේ. යම්සේ දෙවියන් සහිත ලෝකයාට සමාන දැක්මෙන් ඇසක් බඳු වූයේනුයි චක්‍ඛු සබ්බස්ස ලොකස්ස පූජනීයො සියළු ලෝකයාට පූජනීය වූ ඇසකි. ගරු කළයුතුයි. බහුශ්‍රැත භාවයෙන් බොහෝ ජනයාට පූජනීය බව දැක්වීම සඳහා නිගමන වශයෙන් නැවතද බහුස්සුතො යැයි කියන ලදී.

එවරූපං කල්‍යාණමිත‍්තං ලභිත්‍වාපි කාරකස‍්සෙව අපරිහානි, න අකාරකස‍්සාති දස‍්සෙන‍්තො “ධම‍්මාරාමො”ති ගාථමාහ. තත්‍ථ නිවාසනට‍්ඨෙන සමථවිපස‍්සනාධම‍්මො ආරාමො, තස‍්මිං එව ධම‍්මෙ රතො අභිරතොති ධම‍්මරතො, තස‍්සෙව ධම‍්මස‍්ස පුනප‍්පුනං විචින‍්තනෙන ධම‍්මං අනුවිචින‍්තයං ධම‍්මං ආවජ‍්ජෙන‍්තො මනසි කරොතීති අත්‍ථො. අනුස‍්සරන‍්ති තමෙව ධම‍්මං අනුස‍්සරන‍්තො. සද‍්ධම‍්මාති එවරූපො භික‍්ඛු සත‍්තතිංසපභෙදා බොධිපක‍්ඛියධම‍්මා නවවිධලොකුත‍්තරධම‍්මා ච න පරිහායති, න කදාචි තස‍්ස තතො පරිහානි හොතීති අත්‍ථො.

මෙබඳු වූ කල්‍යාණ මිත්‍රයකු ලැබද කළ යුතු කටයුතුවල අපරිහානියක් නොකරන්නේය යන බව දක්වමින් ‘ධම්මරාමො’ යනාදි ගාථාව කීය. එහි වාසය කරයි යන අර්ථයෙන් සමථ විදර්ශනා ධර්ම ආරාමො ආරාම නම් වේ. ඒ ධර්මයෙහිම ඇලුනේ ධම්මරතො නම් වේ. ඒ ධර්මය නැවත නැවතත් සිතීමෙන් ධම්මං අනුවිචින්තයං ධර්මය ආවර්ජනා කරන්නේය. මෙනෙහි කරන්නේය යන අර්ථයි. අනුස්සරන්ති ඒ ධර්මයම සිහිපත් කරන්නේ සද්ධම්මා මෙබඳු ස්වරූප වූ භික්‍ෂුව ප්‍රභේද සතක් ඇති බෝධිපාක්‍ෂික ධර්ම නවවිධ ලෝකෝත්තර ධර්මයන් ද නොපිරිහෙයි. කිසිවිටකත් එයින් ඔහුගේ පරිහානියක් නොවන්නේය යන අර්ථයි.

අථෙකදිවසං කායෙ අවීතරාගං කුසීතං හීනවීරියං කොසල‍්ලායා ති නාමං භික‍්ඛුං සංවෙජෙන‍්තො “කායමච‍්ඡෙරගරුනො”ති ගාථමාහ. තත්‍ථ කායමච‍්ඡෙරගරුනොති “කායදළ‍්හීබහුලස‍්ස කායෙ මමත‍්තස‍්ස ආචරියුපජ‍්ඣායානම‍්පි කායෙන කත‍්තබ‍්බං කිඤ‍්චි අකත්‍වා විචරන‍්තස‍්ස. හිය්‍යමානෙති අත‍්තනො කායෙ ජීවිතෙ ච ඛණෙ ඛණෙ පරිහිය්‍යමානෙ. අනුට‍්ඨහෙති සීලාදීනං පරිපූරණවසෙන උට‍්ඨානවීරියං න කරෙය්‍ය. සරීරසුඛගිද‍්ධස‍්සාති අත‍්තනො සරීරස‍්ස සුඛාපනෙනෙව ගෙධං ආපන‍්නස‍්ස. කුතො සමණඵාසුතාති එවරූපස‍්ස පුග‍්ගලස‍්ස සාමඤ‍්ඤවසෙන කුතො සුඛවිහාරො, ඵාසුවිහාරො න තස‍්ස විජ‍්ජතීති අත්‍ථො.

ඉක්බිති එක්දිනක් කය පිළිබඳව පහනොවූ රාග ඇති කම්මැලි, හීන වූ වීර්ය ඇති කොසල්ල කෝසල යන නම් වූ භික්‍ෂුවක් ගැන සඳහන් කරමින් ‘කායමච්ඡෙරගරුතො’ යන ගාථාව කීය. එය ‘කායමච්ඡෙර ගරුනො’ යනු කයෙහි දැඩිබව බහුල කයෙහි මමත්වය ඇති ආචාර්ය උපාධ්‍යායන්ට කයින් කළයුතු කටයුතු කිසිවක් නොකොට හැසිරෙන්නහුට හීය්‍යමානො තමාගේ සිරුරෙහිද ජීවිතයෙහිද ක්‍ෂණයක් පාසා පිරිහෙන්නේ අනුට්ඨහෙ සීලාදිය සම්පූර්ණ කිරීම් වශයෙන් උට්ඨාන වීර්ය නොකරන්නේය. සරීරසුඛගිද්ධස්ස යනු තමාගේ ශරීරයට සැප ගෙනදීමෙන් ගිජු බවක් ඇත්තහුට, කුතො සමණඵාසුතා මෙබඳු වූ පුද්ගලයාට ශ්‍රමණයකු වශයෙන් සැප විහරණයක් කොයින්ද? ඔහුට සැහැල්ලු පැවැත්මක් නැත්තේය යන අර්ථයි.

න පක‍්ඛන‍්තීතිආදිකා ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස ධම‍්මසෙනාපතිනො පරිනිබ‍්බුතභාවං සුත්‍වා ථෙරෙන භාසිතා. තත්‍ථ න පක‍්ඛන‍්ති දිසා සබ‍්බාති පුරත්‍ථිමාදිභෙදා සබ‍්බා දිසා න පක‍්ඛයන‍්ති, දිසාමූළ‍්හොති අත්‍ථො. ධම‍්මා න පටිභන‍්ති මන‍්ති පුබ‍්බෙ සුට‍්ඨු පගුණාපි පරියත‍්තිධම‍්මා ඉදානි සක‍්කච‍්චං සමන‍්නාහරියමානාපි මය‍්හං න උපට‍්ඨහන‍්ති. ගතෙ කල්‍යාණමිත‍්තම‍්හීති සදෙවකස‍්ස ලොකස‍්ස කල්‍යාණමිත‍්තභූතෙ ධම‍්මසෙනාපතිම‍්හි අනුපාදිසෙසනිබ‍්බානං ගතෙ. අන්‍ධකාරංව ඛායතීති සබ‍්බොපායං ලොකො අන්‍ධකාරො විය උපට‍්ඨාති.

‘න පෙක්‍ඛන්ති’ ආදිය ආයුෂ්මත් සැරියුත් තෙරුන් පිරිනිවන්පෑ බව අසා තෙරුන් විසින් කියන ලදී. එහි න පෙක්‍ඛන්ති දිසා සබ්බා පෙරදිග ආදී භේද වශයෙන් සියළු දිසාවන් නොපෙනේ. දිසාවන්හි මුලා වූ යන අර්ථයි. ධම්මා නප්පටිභනතිමං පෙර මනාව ප්‍රගුණ කළ පර්යාප්ති ධර්මයෝ දැන් මනාව විමසා බලන්නේ නමුත් මට උපස්ථාන නොකරත්. ගතෙ කල්‍යාණ මිත්තම්හි දෙවියන් සහිත ලෝකයාගේ කල්‍යාණමිත්‍ර වූ ධර්මසේනාපතීන් වහන්සේ අනුපාදිසෙස පරිනිර්වාණයට පත්වූ කල්හි අන්‍ධකාරං ඛායති මේ සියළුම ලෝකය අඳුරු ලෙස පෙනේ.

අබ‍්භතීතසහායස‍්සාති අපගතසහායස‍්ස, කල්‍යාණමිත‍්තරහිතස‍්සාති අත්‍ථො. අතීතගතසත්‍ථුනොති ආයස‍්මතො අතීතො හුත්‍වා නිබ‍්බානගතසත්‍ථුකස‍්ස, සත්‍ථරි පරිනිබ‍්බුතෙති අත්‍ථො. යථා කායගතා සතීති කායගතාසතිභාවනා තක‍්කරස‍්ස යථා එකන‍්තහිතාවහා, එවං එතාදිසං අනාථස‍්ස පුග‍්ගලස‍්ස එකන‍්තහිතාවහං අඤ‍්ඤං මිත‍්තං නාම නත්‍ථි, සනාථස‍්ස අඤ‍්ඤාපි භාවනා හිතාවහා එවාති අධිප‍්පායො.

අබ්භතීත සහායස්ස ඉක්මගිය මිත්‍රයා ඇති. කල්‍යාණ මිත්‍රයා නැති වූ තැනැත්තාට යන අර්ථයි. අතීතගතසත්‍ථුනො ආයුෂ්මතුන් වහන්සේට කලින් පිරිනිවන්පෑ බුදුන්ගේ, ශාස්තෲන් වහන්සේ පිරිනිවන්පෑ කල්හි යන අර්ථයි. යථාකායගතාසති කායගතාසති භාවනාව කරන්නහුට එය ඒකාන්ත වශයෙන් යහපත උදාකරන්නේය. එතාදිසං අනාථ පුද්ගලයාට මෙසේ ඒකාන්ත වශයේ හිතසුව ගෙනදෙන අඤ්ඤංමිත්තං අනික් මිත්‍රයෙක් ම් නත්‍ථි නැත. සාර්ථක වූවහුට අන්‍ය භාවනාවක් වුවද හිතසුව ගෙනදෙයි යන බලාපොරොත්තුවයි.

පුරාණාති පොරාණා, සාරිපුත‍්තාදිකෙ කල්‍යාණමිත‍්තෙ සන්‍ධාය වදති. නවෙහීති නවකෙහි. න සමෙති මෙති මය‍්හං චිත‍්තං න සමාගච‍්ඡති, න තෙ මම චිත‍්තං ආරාධෙන‍්තීති අත්‍ථො. ස‍්වජ‍්ජ එකොව ඣායාමීති සොහං අජ‍්ජ වුඩ‍්ඪතරෙහි විරහිතො එකොව හුත්‍වා ඣායාමි ඣානපසුතො හොමි. වස‍්සුපෙතොති වස‍්සකාලෙ කුලාවකං උපෙතො පක‍්ඛී විය. “වාසුපෙතො”තිපි පාළි, වාසං උපගතොති අත්‍ථො.

පුරාණා යනු පැරැන්නෝ, සාරිපුත්තාදිකෙ කල්‍යාණ මිත්‍රයන් ගැන කියයි. නවෙහි යනු නවකයන් විසින්. නසමෙ මෙ යනු මගේ සිත එකඟ නොවෙයි. මගේ සිත ඔවුහු සතුටු නොකරත් යන අර්ථයි. ස්වජ්ජ එකොව ඣායාමි. ඒ මම අද වැඩිමල් අයගෙන් තොරව හුදෙකලාව ධ්‍යාන වඩමි. ධ්‍යානයෙහි යෙදුනේ වෙමි. වස්සුපෙතො යනු වැසිකාලයෙහි කැදැල්ලට පැමිණි පක්‍ෂියකු මෙන්. වාසුපෙතො කියාද පාඨයක් ඇත. වාසයට පැමිණියේය යන අර්ථයි.

දස‍්සනාය අභික‍්කන‍්තෙති ගාථා සත්‍ථාරා භාසිතා. තස‍්සත්‍ථො – මම දස‍්සනාය අභික‍්කන‍්තෙ නානාවිධවිදෙසපවාසිකබහුජනෙ, ආනන්‍ද, මම උපසඞ‍්කමනං මා වාරෙසි. කස‍්මා? තෙ සොතාරො ධම‍්මස‍්ස, මමං පස‍්සන‍්තු, අයමෙව දස‍්සනාය සමයොති.

‘දස්සනාය අභික්කන්තෙ’ යන ගාථා ශාස්තෲන් වහන්සේ විසින් කියන ලදී. එහි අර්ථය දස්සනාය අභික්කන්තො බැහැදැකීම පිණිස පිටත්වූ මට, නානාවිධ වූ විදේශික ප්‍රවාසී ජනයා ආනන්දය! මගේ පැමිණීම නොවැලැක්වීය. කුමක් නිසාද? ඔවුහු සොතාරො අසන්නහු ධර්මයාගේ මමං පස්සන්තු මොහුවම දැකීම පිණිස සමයො යි.

තං සුත්‍වා ථෙරො “දස‍්සනාය අභික‍්කන‍්තෙ”ති අපරං ගාථමාහ. ඉමාය හි ගාථාය සම‍්බන්‍ධත්‍ථං පුරිමගාථා ඉධ නික‍්ඛිත‍්තා. තෙනෙව සචාහං දෙසන‍්තරතො ආගතාගතෙ තාවදෙව දස‍්සෙතුං ලච‍්ඡාමීති එතස‍්ස පදස‍්ස අත්‍ථසිද‍්ධිං දස‍්සෙති.

ඒ අසා තෙරුන් වහන්සේ දැකීම සඳහා ‘අභික්කන්තෙ’ යන වෙනත් ගාථාව කීය. මේ ගාථාවේ සම්බන්ධය සඳහා පළමු ගාථාව මෙහි යොදන ලදී. එයින්ම ‘ඉදින් මම දේශාන්තරවලින් ආවා වූ අය එවේලේම දක්වන්නට ලැබෙයි. මේ පදයේ අර්ථසිද්ධිය දක්වයි.

පණ‍්ණවීසති වස‍්සානීති පඤ‍්ච ගාථා අත‍්තනො අග‍්ගුපට‍්ඨාකභාවං දීපෙතුං වුත‍්තා. ආරද‍්ධකම‍්මට‍්ඨානභාවෙන හි සත්‍ථු උපට‍්ඨානපසුතභාවෙන ච ථෙරස‍්ස මග‍්ගෙන අසමුච‍්ඡින‍්නාපි කාමසඤ‍්ඤාදයො න උප‍්පජ‍්ජිංසු, කායවචීමනොකම‍්මානි ච සබ‍්බකාලං සත්‍ථරි මෙත‍්තාපුබ‍්බඞ‍්ගමානි මෙත‍්තානුපරිවත‍්තානි අහෙසුං. තත්‍ථ පණ‍්ණවීසති වස‍්සානීති පඤ‍්චවීසති සංවච‍්ඡරානි. සෙඛභූතස‍්ස මෙ සතොති සෙඛභූමියං සොතාපත‍්තිඵලෙ ඨිතස‍්ස මෙ සතො. කාමසඤ‍්ඤාති කාමසහගතා සඤ‍්ඤා න උප‍්පජ‍්ජි, එත්‍ථ ච කාමසඤ‍්ඤාදිඅනුප‍්පත‍්තිවචනෙන අත‍්තනො ආසයසුද‍්ධිං දස‍්සෙති, “මෙත‍්තෙන කායකම‍්මෙනා”තිආදිනා පයොගසුද‍්ධිං. තත්‍ථ ගන්‍ධකුටියං පරිභණ‍්ඩකරණාදිනා සත්‍ථු වත‍්තපටිවත‍්තකරණෙන ච මෙත‍්තං කායකම‍්මං වෙදිතබ‍්බං, ධම‍්මදෙසනාකාලාරොචනාදිනා මෙත‍්තං වචීකම‍්මං, රහොගතස‍්ස සත්‍ථාරං උද‍්දිස‍්ස හිතූපසංහාරමනසිකාරෙන මෙත‍්තං මනොකම‍්මං. ඤාණං මෙ උදපජ‍්ජථාති අත‍්තනො සෙක‍්ඛභූමිපත‍්තිමාහ.

‘පන්නවීසති වස්සානි’ යනාදී ගාථා පහ තමන්ගේ අග්‍ර උපස්ථායක බව දැක්වීමට කියන ලදී. අරඹන ලද කමටහන් ඇති බැවින් ශාස්තෲන් වහන්සේට උපස්ථාන කිරීමේ නිරතව සිටීමෙන් තෙරුන්ගේ මාර්ගයෙන් නොසිඳුනු කාමසඤ්ඤාදිය නොඋපන්හ. කාය, වාග්, මනො කර්මයන් සියළු කල්හි ශාස්තෲන් වහන්සේ කෙරෙහි මෛත්‍රිය පෙරටුකොට යන මෛත්‍රිය අනුව පවත්නා වූ තත්ත්වයේ විය. එහි පන්නවීසතිවස්සානි විසිපස් වසරක්. සෙක්‍ඛභූතස්ස මෙ සතො සෛක්ෂ්‍ය භූමියෙහි සෝතාපත්ති ඵලයෙහි පිහිටියා වූ මාගේ සිහිය. කාමසඤ්ඤා කාම සහගත සංඥාවක් උපන්නේ නැත. මෙහිදීද කාමසඤ්ඤාදිය නොඉපදීමෙන් තමන්ගේ ආසය පිළිබඳ පරිශුද්ධත්වය දක්වයි. මෙත්තෙනකාය කම්මෙන ආදියෙන් ප්‍රයෝග සිද්ධිය වේ. එහි ගඳකිළිය පිරිසිදුකිරීම් ආදියෙන් ශාස්තෲන් වහන්සේට වතාවත් කිරිමෙන් මෛත්‍රී කායකර්ම අවබෝධ කරගත යුතුයි. ධර්ම දේශනාවට කාලය දැනුම්දීම ආදියෙන් මෛත්‍රී වචීකර්මයද හුදෙකලාව සිටියා වූ ශාස්තෲන් වහන්සේ උදෙසා පවත්වන හිතවන්තභාවය මෛත්‍රී මනෝකර්මයි. ඤාණං මෙ උදපජ්ජථ තමාගේ සෛක්ෂ්‍ය භූමියට පත් බව කීය.

අහං සකරණීයොම‍්හීති සත්‍ථු පරිනිබ‍්බානෙ උපට‍්ඨිතෙ මණ‍්ඩලමාළං පවිසිත්‍වා කපිසීසං ආලම‍්බිත්‍වා සොකාභිභූතෙන වුත‍්තගාථා . තත්‍ථ සකරණීයොම‍්හීති දුක‍්ඛපරිජානනාදිනා කරණීයෙන සකරණීයො අම‍්හි. අප‍්පත‍්තමානසොති අනධිගතාරහත‍්තො. සත්‍ථු ච පරිනිබ‍්බානන‍්ති මය‍්හං සත්‍ථු පරිනිබ‍්බානඤ‍්ච උපට‍්ඨිතං. යො අම‍්හං අනුකම‍්පකොති යො සත්‍ථා මය‍්හං අනුග‍්ගාහකො. තදාසි යං භිංසනකන‍්ති ගාථා සත්‍ථු පරිනිබ‍්බානකාලෙ පථවීකම‍්පනදෙවදුන්‍දුභිඵලනාදිකෙ දිස‍්වා සඤ‍්ජාතසංවෙගෙන වුත‍්තගාථා.

මම කළයුතු කටයුතු ඇත්තෙමියි බුදුන් පිරිනිවන්පෑමට එළඹ සිටි කල්හි මණ්ඩලමාලයට පිවිස දොර උළුවස්සේ එල්ලී ශෝකයෙන් මඩනා ලද්දහු විසින් කියන ලද ගාථා එහි සකරණීයොම්හි දුක හඳුනා ගැනීම් ආදියෙන් කළ යුතු කටයුතු ඇත්තේ වෙමි. අප්පත්තමානසො නොපැමිණි රහත්බව ඇත්තේ සත්‍ථුච පරිනිබ්බානං මාගේ ශාස්තෘන් වහන්සේගේ පිරිනිවන්පෑමද එළඹ සිටියේය. යො අම්හං අනුකම්පකො යම් ඒ ශාස්තෲන් වහන්සේ මට අනුග්‍රහය දක්වන ‘තදාසියං භීසනකං’ යනාදි ගාථාවන් බුදුන් පිරිනිවන්පානා කල්හි පොළව කම්පාවීම අහස ගෙරවීම් ආදිය දැක හටගත් සංවේගයෙන් කියන ලද ගාථා.

බහුස‍්සුතොතිආදිකා තිස‍්සො ගාථා ථෙරං පසංසන‍්තෙහි සඞ‍්ගීතිකාරෙහි ඨපිතා. තත්‍ථ ගතිමන‍්තොති අසදිසාය ඤාණගතියා සමන‍්නාගතො. සතිමන‍්තොති පරමෙන සතිනෙපක‍්කෙන සමන‍්නාගතො. ධිතිමන‍්තොති අසාධාරණාය බ්‍යඤ‍්ජනත්‍ථාවධාරණසමත්‍ථාය ධිතිසම‍්පත‍්තියා සමන‍්නාගතො. අයඤ‍්හි ථෙරො එකපදෙයෙව ඨත්‍වා සට‍්ඨිපදසහස‍්සානි සත්‍ථාරා කථිතනියාමෙනෙව ගණ‍්හාති, ගහිතඤ‍්ච සුවණ‍්ණභාජනෙ පක‍්ඛිත‍්තසීහවසා විය සබ‍්බකාලං න විනස‍්සති, අවිපරීතබ්‍යඤ‍්ජනාවධාරණසමත්‍ථාය සතිපුබ‍්බඞ‍්ගමාය පඤ‍්ඤාය, අත්‍ථාවධාරණසමත්‍ථාය පඤ‍්ඤාපුබ‍්බඞ‍්ගමාය සතියා ච සමන‍්නාගතො. තෙනාහ භගවා – “එතදග‍්ගං , භික‍්ඛවෙ, මම සාවකානං භික‍්ඛූනං බහුස‍්සුතාන”න‍්තිආදි (අ· නි· 1.219). තථා චාහ ධම‍්මසෙනාපති – “ආයස‍්මා ආනන්‍දො අත්‍ථකුසලො”තිආදි (අ· නි· 5.169). රතනාකරොති සද‍්ධම‍්මරතනස‍්ස ආකරභූතො. පරිචිණ‍්ණොති ගාථා පරිනිබ‍්බානකාලෙ ථෙරෙන භාසිතා, සා වුත‍්තත්‍ථා එව.

බහුස්සුතො ආදී ගාථා තුන තෙරුන්ට ප්‍රශංසා කරන සංගීතිකාරකයන් විසින් යොදන ලදී. එහි ගතිමන්තො යනු අසදෘෂ වූ ඤාණයාගේ පැවැත්මෙන් යුක්ත වූ. සතිමන්තො යනු උතුම් වූ සිහියෙන් යුක්ත වූ ධිතිමන්තො යනු අසමාන වූ ව්‍යඤ්ජන අර්ථ අවධාරණයට සමත්වූ ධිති සම්පත්තියෙන් (ධෛර්ය) යුක්ත වූ. මේ වනාහි තෙරුන් වහන්සේ එක් පදයක පිහිටා පද හැටදහසක් ශාස්තෲන් වහන්සේ විසින් දේශනා කළ විලාසයෙන්ම ගනී. ගන්නා ලද දෙය රන්බඳුනෙහි දමන ලද සිංහතෙල් මෙන් සියළු කල්හි පවතී. විනාශ නොවන්නේය. වෙනස් නොවූ ලක්‍ෂණ ධාරණය කිරීමට සමර්ථ සිහිය පෙරටුකොට ඇති ප්‍රඥාවෙන් අර්ථය අවධාරණය කිරිමට සමර්ථ ප්‍රඥාව පෙරටුකර සිහියෙන්ද යුක්ත වූ, භාග්‍යවතුන් වහන්සේ ඒ නිසා දේශනා කළ සේක. මහණෙනි! මාගේ ශ්‍රාවක භික්‍ෂූන් අතුරෙන් බහුශ්‍රැතයන්ගේ අග්‍රස්ථානයේ තබමි. මෙසේද කීය. ධර්මසේනාපති ආයුෂ්මත් ආනන්‍දො ආනන්ද තෙරණුවෝ කාර්යයෙහි දක්ෂයෙකි ආදියයි. රතනාකරො සද්ධර්ම නමැති රත්නයට ආකරයක් වූ ‘පරිචිණ්ණො’ යනාදී ගාථා පිරිනිවන්පානා කාලයෙහි තෙරුන් විසින් කියන ලදී. කියන ලද අර්ථ ඇත්තේය.

ආනන්‍දත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

ආනන්‍ද ථෙර ගාථා වර්ණනය නිමියේය.

තිංසනිපාතවණ‍්ණනා නිට‍්ඨිතා.

තිස්වන නිපාතයේ වර්ණනාව නිමි.