ආනන්දත්ථෙරගාථා
30. 1. 3.
30. 1. 3.
1017. පිසුනෙන ච කොධනෙන ච මච්ඡරිනා ච විභූතනන්දිනා, සඛිතං න කරෙය්ය පණ්ඩිතො පාපො කාපුරිසෙන සඞ්ගමො.
1017. පිසුනු බස් ඇතියහු හා ද කිපෙනසුල්ලහු හා ද මසුරු බැව් ඇතියහු හා ද විනාශය හෝ වෙන් වීම කැමැත්තහු හා ද නුවණැත්තේ යහළු බව නොකරන්නේ ය. පාපපුද්ගලයා හා සඞ්ගමය ලාමක යි.
1018. සද්ධෙන ච පෙසලෙන ච පඤ්ඤවතා බහුස්සුතෙන ච, සඛිතං හි කරෙය්ය පණ්ඩිතො භද්දො සප්පුරිසෙන සඞ්ගමො.
1018. සැදැහැ ඇතියහු හා ද සිල්වතා හා ද නැණවතා හා ද බහුශ්‍රැතයා හා ද නුවණැත්තේ යහළු බව කරන්නේ ය, සත්පුරුෂයා හා සඞ්ගමය සුන්දර යි.
1019. පස්ස චිත්තකතං බිම්බං අරුකායං සමුස්සිතං, ආතුරං බහුසඞ්කප්පං යස්ස නත්ථි ධුවං ඨිති.
1019. යම් ශරීරයක්හුගේ ධ්රැව (නිත්‍ය) භාවයෙක් ස්ථිතිභාවයෙක් නැත් ද (ඒ) වණ වූ ඇටසැකිල්ල විසින් ඔසවනලද ගිලන් වූ (බාලයන් විසින්) නොයෙක් අයුරින් සංකල්පනය කටයුතු වූ විසිතුරු කරනලද සිරුර බලව.
1020. පස්ස චිත්තකතං රූපං මණිනා කුණ්ඩලෙන ච, අට්ඨිං තචෙන ඔනද්ධං සහ වත්ථෙන සොභති.
1020. මිණියෙන් ද කොඬොලින් ද විසිතුරු කරනලද, යටින් බඳනා ලද (තුන්සියයකට අධික) ඇට ඇති රූපය බලව, වස්ත්‍ර සහිත වැ හොබී.
1021. අලත්තකකතා පාදා මුඛං චුණ්ණකමක්ඛිතං, අලං බාලස්ස මොහාය නො ච පාරගවෙසිනො.
1021. ලාරසින් රැඳු පාදයෝ සුවඳසුණු තැවැරූ මුව බාලයාගේ මුළාවට පමණි, පාරගවෙෂිහුගේ මුළාවට නො ද පමණි.
1022. අට්ඨපාදකතා කෙසා නෙත්තා අඤ්ජනමක්ඛිතා, අලං බාලස්ස මොහාය නො ච පාරගවෙසිනො.
1022. කියඹුවැල් ද අඳුන් ඇඳි තෙත් ද බාලයාගේ මෝහයට පමණි, පාරගවෙෂිහුගේ මෝහයට නො ද පමණි.
1023. අඤ්ජනීව නවා චිත්තා පූතිකායො අලඞ්කතො, අලං බාලස්ස මොහාය නො ච පාරගවෙසිනො.
1023. සිතියම් කළ අභිනව අඳුන්කොපුවක් මෙන් සරසන ලද කුණුකය බාලයාගේ මෝහයට පමණි, පාරගවෙෂිහුගේ මෝහයට නො ද පමණි.
1024. ඔදහි මිගවො පාසං නාසදා වාගුරං මිගො, භුත්වා නිවාපං ගච්ඡාම කන්දන්තෙ මිගබන්ධකෙ.
1024. මුවවැදි මලපුඬුව දැමී යැ. මුවා පාශය නො ගැටී මුවවැද්දා හඬද්දී ගොදුරු කා යම්හ.
1025. ඡින්නා පාසා මිගවස්ස නාසදා වාගුරං මිගො, භුත්වා නිවාපං ගච්ඡාම සොචන්තෙ මිගලුද්දකෙ.
1025. මුවවැද්දාගේ පාශයෝ සිඳිනලදහ, මුවා පාශය නො ගැටී. මුවවැද්දා සොවිද්දී ගොදුරු කා යම්හ.
1026. බහුස්සුතො චිත්තකථී බුද්ධස්ස පරිචාරකො, පන්නභාරො විසඤ්ඤුත්තො සෙය්යං කප්පෙති ගොතමො.
1026. බහුශ්‍රුත වූ චිත්රකර්ත්ථ වූ බුද්ධෝපස්ථායක වූ ගිලිහුණුබර ඇති පහ වූ සංයොග ඇති ගෞතමගෝත්‍ර ඇති ශ්‍රාවක ශයනය කෙරේ.
1027. ඛීණාසවො විසඤ්ඤුත්තො සඞ්ගාතීතො සුනිබ්බුතො, ධාරෙති අන්තිමං දෙහං ජාතිමරණපාරගූ.
1027. ක්ෂීණාස්රව තෙමේ පහ වූ සංයොග ඇත්තේ ඉක්මැවූ (රාගාදි) සඞ්ග ඇත්තේ මොනවට නිවියේ ජාති - මරණ දෙක්හි පරතෙරට ගියේ අන්තිමදේහය දරයි.
1028. යස්මිං පතිට්ඨිතා ධම්මා බුද්ධස්සාදිච්චබන්ධුනො, නිබ්බානගමනෙ මග්ගෙ සො’යං තිට්ඨති ගොතමො.
1028. සූර්ය්යබන්ධු වූ බුදුන්ගේ ධර්මයෝ යමකු කෙරෙහි පිහිටියාහු නම් ඒ මේ ගෞතම (ගෝත්‍ර ඇති ආනන්ද) තෙමේ නිවනට යන මඟැ සිටී.
1029. ද්වාසීතිං බුද්ධතො ගණ්හිං ද්වෙ සහස්සානි භික්ඛුතො, චතුරාසීතිසහස්සානි යෙ මෙ ධම්මා පවත්තිනො.
1029. දෙයාසූදහසක් බුදුන් වෙතින් උගත්මි, දෙදහසක් භික්ෂූන් වෙතින් උගත්මි, මට යම් ධර්මස්කන්ධ කෙනෙක් ප්‍රගුණ වූවාහු නම් ඔහු සුවාසූදහසෙකි.
1030. අප්පස්සුතා’යං පුරිසො බලිවද්දො’ව ජීරති, මංසානි තස්ස වඩ්ඪති පඤ්ඤා තස්ස න වඩ්ඪති.
1030. මේ අල්පශ්‍රැත පුරුෂ තෙම ගොනකු මෙන් වැඩේ, ඔහුගේ මස්පිඬුහු වැඩෙත්, ඔහුගේ ප්‍රඥාව නො වැඩේ.
1031. බහුස්සුතො අප්පස්සුතං යො සුතෙනාතිමඤ්ඤති, අන්ධො පදීපධාරො’ව තථෙව පටිභාති මං.
1031. යම් බහුශ්‍රැතයෙක් තම බහුශ්‍රුත කමින් අල්පශ්‍රැතයාහට අවමන් කෙරේ නම් ඔහු පහනක් ගත් අන්ධයකු මෙන් මට වැටහේ.
1032. බහුස්සුතං උපාසෙය්ය සුතං ච න විනාසයෙ, තං මූලං බ්රහ්මචරියස්ස තස්මා ධම්මධරො සියා.
1032. බහුශ්‍රැතයා ඇසුරු කරන්නේ යැ. ඇසූ දැය ද නො නසන්නේ යැ, බ්‍රහ්මචර්‍ය්‍යාවට ඒ මුල් වෙයි, එහෙයින් ධර්මධරයෙක් වන්නේ යි.
1033. පුබ්බාපරඤ්ඤූ අත්ථඤ්ඤූ නිරුත්තිපදකොවිදො, සුග්ගහීතං ච ගණ්හාති අත්ථං චොපපරික්ඛති.
1033. පූර්වාපරභාගයන් දන්නේ අර්ත්ථ දන්නේ නිරුක්තිපදයෙහි දක්ෂ වූයේ මැනවින් උගති, (අසනලද පිරිවහනලද ධර්මයාගේ) අර්‍ත්‍ථයත් විමසයි.
1034. ඛන්ත්‍යා ඡන්දීකතො හොති උස්සහිත්වා තුලෙති තං, සමයෙ සො පදහති අජ්ඣත්තං සුසමාහිතො.
1034. (විමසූ ධර්මයෙහි) දෘෂ්ටිනිධ්යානක්ෂාන්තියෙන් (විදර්ශනාභිනිවේශයෙහි) කරනලද ඡන්ද ඇත්තේ වෙයි, උත්සාහ කොට ඒ නාම රූපය තුලනය කෙරේ, යොග්යසමයෙහි ප්‍රධන්වීර්‍ය්‍ය කරයි, අධ්‍යාත්මයෙහි සුසමාහිත වේ.
1035. බහුස්සුතං ධම්මධරං සප්පඤ්ඤං බුද්ධසාවකං, ධම්මවිඤ්ඤාණමාකඞ්ඛං තං භජෙථ තථාවිධං.
1035. ධර්මඥානය කැමැත්තේ එබඳු බහුශ්‍රුත වූ ධර්මධර වූ සප්‍රාඥ වූ ඒ බුද්ධශ්රාවකයා භජනය කරන්නේ යි.
1036. බහුස්සුතො ධම්මධරො කොසාරක්ඛො මහෙසිනො, චක්ඛු සබ්බස්ස ලොකස්ස පූජනීයො බහුස්සුතො.
1036. බහුශ්‍රුත වූ ධර්මධර වූ මහර්ෂීහු (බුදුන්) ගේ කොටුගේ (ධර්මරත්නය) රක්නා වූ සියලු ලෝකයාට ඇසක් වූ පිදියයුතු වූ-
1037. ධම්මාරාමො ධම්මරතො ධම්මං අනුවිචින්තයං, ධම්මං අනුස්සරං භික්ඛු සද්ධම්මා න පරිහායති.
1037. (සමථ විදර්ශනා) ධර්මයට නිවාස වූ ධර්මයෙහි ඇලුණා වූ ධර්මය මෙනෙහි කරන්නා වූ ධර්මය අනුස්මරණය කරන්නා වූ මහණ තෙම සද්ධර්මයෙන් නො පිරිහේ.
1038. කායමච්ඡෙරගරුනො හිය්යමානෙ අනුට්ඨහෙ, සරීරසුඛගිද්ධස්ස කුතො සමණඵාසුතා.
1038. කායමාත්සර්ය්යගරුකයා (ක්‍ෂණක්‍ෂණයෙහි) පිරිහෙන්නේ උත්‍ථානවීර්‍ය්‍යය නො කරන්නේ යැ. ශරීරසුඛයෙහි ගිජු වූවහුට ශ්රමණඵාසුතාවක් කොයින් ද?
1039. න පක්ඛන්ති දිසා සබ්බා ධම්මා නප්පටිභන්ති මං, ගතෙ කල්යාණමිත්තම්හි අන්ධකාරංව ඛායති.
1039. සියලු දිශාවෝ නො පැනෙත්, ධර්මයෝ මට නො වැටහෙත්, කලණමිතුරා (සැරියුත් තෙරුන්) පිරිනිවි කල්හි (ලොව) අඳුරක් මෙන් හැඟේ.
1040. අබ්භතීතසහායස්ස අතීතගතසත්ථුනො, නත්ථි එතාදිසං මිත්තං යථා කායගතා සති.
1040. පහ වැ ගිය කලණමිතුරන් ඇතියාහට, පළමු පිරිනිවි ශාස්තෲන් ඇතියාහට, කායගතාසතිය යම්සේ ද එබඳු මිතුරෙක් නැති.
1041. යෙ පුරාණා අතීතා තෙ නවෙහි න සමෙති මෙ, ස්වජ්ජ එකො’ව ඣායාමි වස්සුපෙතො’ව පක්ඛිමා.
1041. යම් පැරැණිමිතුරු කෙනෙක් වූහු නම් ඔහු ඉකුත් වූහ, නවකයන් හා මා ගේ සිත නො සැසැඳෙයි, ඒ මම අද වැසි කල්හි කැදැල්ලට වන් පක්ෂියකු මෙන් එකලා වැ ධ්‍යාන කෙරෙම්.
1042. දස්සනාය අභික්කන්තෙ නානා වෙරජ්ජකෙ බහූ, මා වාරයිත්ථ සොතාරො පස්සන්තු සමයො මමං.
1042. දැක්මට පෙරට පැමිණි නොයෙක් රටවැසි බොහෝ දෙනා නහමක් වළහ, ධර්මශ්රාවකයෝ මා දකිත්වා, දැක්මට මේ කාලය යි.
1043. දස්සනාය අභික්කන්තෙ නානා වෙරජ්ජකෙ පුථු, කරොති සත්ථා ඔකාසං න නිවාරෙති චක්ඛුමා.
1043. නොයෙක් රටවැසි බොහෝ දෙනා (තමන්) වහන්සේ දැක්මට පෙරට පැමිණි කල්හි ශාස්තෲන් වහන්සේ ඉඩ දෙති, පසැස් ඇත්තේ (ඔවුන්) නො වළහයි.
1044. පණ්ණවීසති වස්සානි සෙඛභූතස්ස මෙ සතො, න කාමසඤ්ඤා උප්පජ්ජි පස්ස ධම්මසුධම්මතං.
1044. පස්විසි වසක් මුළුල්ලෙහි ශෛක්ෂ වූ මට කාමසංඥාව නූපන, ධර්මයා ගේ සුධර්මත්වය බලව.
1045. පණ්ණවීසති වස්සානි සෙඛභූතස්ස මෙ සතො, න දෙසසඤ්ඤා උප්පජ්ජි පස්ස ධම්මසුධම්මතං.
1045. පස්විසි වසක් මුළුල්ලෙහි ශෛක්ෂ වූ මට ද්වේෂසංඥාව නූපන, ධර්මයා ගේ සුධර්මත්වය බලව.
1046. පණ්ණවීසති වස්සානි භගවන්තං උපට්ඨහිං, මෙත්තෙන කායකම්මෙන ඡායා’ව අනපායිනී.
1046. පස්විසි වසක් මුළුල්ලෙහි මෛත්රිකායකර්මයෙන් යුක්ත වැ නො හැරැ සිටුනා සේයාවක් මෙන් භාග්‍යවතුන් වහන්සේට උවැටන් කෙළෙමි.
1047. පණ්ණවීසති වස්සානි භගවන්තං උපට්ඨහිං, මෙත්තෙන වචීකම්මෙන ඡායා’ව අනපායිනී.
1047. පස්විසි වසක් මුළුල්ලෙහි මෛත්රීවාක්කර්මයෙන් යුක්ත වැ නො හැරැ සිටුනා සේයාවක් මෙන් භාග්‍යවතුන් වහන්සේට උවැටන් කෙළෙමි.
1048. පණ්ණවීසති වස්සානි භගවන්තං උපට්ඨහිං, මෙත්තෙන මනොකම්මෙන ඡායා’ව අනපායිනී.
1048. පස්විසි වසක් මුළුල්ලෙහි මෛත්රීමනඃකර්මයෙන් යුක්ත වැ නො හැරැ සිටුනා සේයාවක් මෙන් භාග්‍යවතුන් වහන්සේට උවැටන් කෙළෙමි.
1049. බුද්ධස්ස චඞ්කමන්තස්ස පිට්ඨිතො අනුචඞ්කමිං, ධම්මෙ දෙසීයමානම්හි ඤාණං මෙ උදපජ්ජථ.
1049. සක්මන් කරන බුදුන් වහන්සේගේ පිටුපසින් අනුසක්මන් කෙළෙමි, දහම් දෙසනු ලබන කල්හි මට (ශෛක්ෂභූමිය පිළිබඳ) ඥානය පහළ වී.
1050. අහං සකරණීයොම්හි සෙඛො අප්පත්තමානසො, සත්ථු ච පරිනිබ්බානං යො අම්හං අනුකම්පකො.
1050. මම කළයුතු කිස ඇතියෙමි, ශෛක්ෂයෙමි. නො පත් රහත් බව ඇතියෙමි, යමෙක් මට අනුකම්පක නම් (ඒ) ශාස්තෲන් වහන්සේගේ ද පිරි නිවන එළඹියේ යි.
1051. තදාසි යං භිංසනකං තදාසි ලොමහංසනං, සබ්බාකාරවරූපෙතෙ සම්බුද්ධෙ පරිනිබ්බුතෙ.
1051. සියලු ආකාරවරයෙන් යුක්ත වූ සම්බුදුහු පිරිනිවියහ. එකල්හි යම් හිංසනකයෙක් (සෙණහඬ ආදී බිය අරමුණක්) වී නම් එකල්හි ලොමුදහ ගැන්ම වී.
1052. බහුස්සුතො ධම්මධරො කොසාරක්ඛො මහෙසිනො, චක්ඛු සබ්බස්ස ලොකස්ස ආනන්දො පරිනිබ්බුතො.
1052. බහුශ්‍රුත වූ ධර්මධර වූ මහර්ෂිහු (බුදුන්) ගේ ධර්මභාණ්ඩාගාරික වූ මුළුලොවට ඇසක් වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේ පිරිනිවියහ.
1053. බහුස්සුතො ධම්මධරො කොසාරක්ඛො මහෙසිනො, චක්ඛු සබ්බස්ස ලොකස්ස අන්ධකාරෙ තමොනුදො.
1053. බහුශ්‍රුත වූ ධර්මධර වූ මහර්ෂිහුගේ ධර්මභාණ්ඩාගාරික වූ මුළුලොවට ඇසක් වූ අන්ධකාරයෙහි තමෝනුද (අඳුර දුරු කරන කිසිවක්) වූ.
1054. ගතිමන්තො සතිමන්තො ධිතිමන්තො ච යො ඉසි, සද්ධම්මධාරකො ථෙරො ආනන්දො රතනාකරො.
1054. ඥානගති ඇති ස්මෘති සම්පන්න වූ ධෘතිමත් වූ යම් ඍෂිවරයෙක් වේ ද සද්ධර්මධාරක වූ ඒ ආනන්ද ස්ථවිරයන් වහන්සේ රත්නාකරයෙකි.
1055. පරිචිණ්ණො මයා සත්ථා කතං බුද්ධස්ස සාසනං, ඔහිතො ගරුකො භාරො නත්ථි දානි පුනබ්භවො’ති.
1055. මා විසින් ශාස්තෲන් වහන්සේ ඇසුරු කරනලදහ. බුදුන් වහන්සේගේ අනුශාසනය කරනලද යැ, ගුරු වූ බර බහා තබන ලද්දේ යැ, මින්මතු පුනර්භවයෙක් නැති’යි.
ඉත්ථං සුදං ආයස්මා ආනන්දො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
මෙසේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ’යි.
ආනන්දත්ථෙරගාථා.
ආනන්ද ස්ථවිරගාථා යි.
තස්සුද්දානං:
උද්දානය:
ඵුස්සොපතිස්සො ආනන්දො තයො’තිංසෙපකිත්තිතා ගාථායො තත්ථ සඞ්ඛාතා සතං පඤ්ච ච උත්තරී’ති.
ඵුස්ස යැ උපතිස්ස යැ ආනන්ද යැ යි තෙරවරු තිදෙනෙක් තිස් වැනි නිපාතයෙහි ප්‍රකාශිතයහ. එහි පසුතුරු සියක් (එක්සියපසක්) ගාථාවෝ ප්‍රකාශිතයහ.
තිංසතිනිපාතො නිට්ඨිතො.
තිංසතිනිපාතය නිමි.