යෙදුමෙන් කියවන්න

සාරිපුත‍්තත්‍ථෙරගාථා

30. 1. 2.

30. 1. 2.

981. යථාචාරී යථාසතො සතීමා යතසඞ‍්කප‍්පජ‍්ඣායි අප‍්පමත‍්තො, අජ‍්ඣත‍්තරතො සමාහිතත‍්තො එකො සන‍්තුසිතො තමාහු භික‍්ඛුං.

981. (යමෙක්) ශීලසම්පන්න ද ආර්‍ය්‍යයන් හා එක්බඳු ද ස්මෘතිමත් ද සංයත සංකල්ප ඇති වැ ධ්‍යාන කරනසුලු ද ප්‍රමාද රහිත ද කමටහන් වැඩීමෙහි ඇලුණේ ද එකඟසිත් ඇත්තේ ද එකලා වූයේ ද සන්තුෂ්ට ද ඔහු භික්‍ෂු යැ යි කීහු.

982. අල‍්ලං සුක‍්ඛං වා භුඤ‍්ජන‍්තො න බාළ‍්හං සුහිතො සියා, ඌනොදරො මිතාහාරො සතො භික‍්ඛු පරිබ‍්බජෙ.

982. තෙත්දැය හෝ වියලි දැය හෝ වළඳන්නේ පමණ ඉක්ම සුහිත නො වන්නේ යැ, මහණ තෙම ඌනෝදර වැ පමණට ගන්නා ආහාර ඇති වැ සිහි ඇති වැ වසන්නේ යි.

983. චත‍්තාරො පඤ‍්ච ආලොපෙ අභුත්‍වා උදකං පිවෙ, අලං ඵාසුවිහාරාය පහිතත‍්තස‍්ස භික‍්ඛුනො.

983. (කුසපමණින්) සතරපස්පිඬක් නො වළඳා දිය බොන්නේ යැ, නිවනට යවනලද සිත්ඇති මහණහට ඵාසුවිහාරයට පමණි.

984. කප‍්පියං තං චෙ ඡාදෙති තීවරං ඉදමත්‍ථිතං, අලං ඵාසුවිහාරාය පහිතත‍්තස‍්ස භික‍්ඛුනො.

984. ඉදින් වැසියයුතු තැන් වසා නම් මේ සඳහා වූ කැප වූ සිවුර නිවනට යවන ලද සිත් ඇති මහණහට ඵාසුවිහරණය පිණිස පමණි.

985. පල‍්ලඞ‍්කෙන නිසින‍්නස‍්ස ජණ‍්ණුකෙ නාභිවස‍්සති, අලං ඵාසුවිහාරාය පහිතත‍්තස‍්ස භික‍්ඛුනො.

985. (යම්කුටියක) පලගින් හුන්නහුගේ දණ සඟළ (වැසිදිය) නො තෙමා නම් (එ කුටිය) නිවනට යවනලද සිත් ඇති මහණහට ඵාසුවිහාරයට පමණි.

986. යො සුඛං දුක‍්ඛතො අද‍්ද දුක‍්ඛමද‍්දක‍්ඛි සල‍්ලතො, උභයන‍්තරෙන නාහොසි කෙන ලොකස‍්මිං කිං සියා.

986. යමෙක් සුඛවේදනාව (විපරිණාම) දුඃඛ වශයෙන් දුටුයේ ද දුඃඛවේදනාව ශල්‍ය වශයෙන් දුටුයේ ද දෑතුරෙහි හෙවත් උපෙක්‍ෂායෙහි (ආත්මාත්මීයාභිනිවේශය) නො වී ද හෙතෙම කවර නම් කෙලෙසින් (බැඳී) ලෝකයෙහි (දෙවාදීන් අතුරෙහි) කිම වන්නේ ද?

987. මා මෙ කදාචි පාපිච‍්ඡො කුසීතො හීනවිරියො, අප‍්පස‍්සුතො අනාදරො කෙන ලොකස‍්මිං කිං සියා.

987. පාපේච්ඡයෙක් හීනවීර්‍ය්‍යයෙක් අල්පශ්‍රැතයෙක් අනාදරයෙක් කිසිකලෙකැ මට හමු නො වේවා! සත්ත්‍වනිකායයෙහි (එබඳු පුද්ගලයාගේ) කවර නම් අවවාදයෙකින් කවර අර්‍ත්‍ථයෙක් වන්නේ ද?

988. බහුස‍්සුතො ච මෙධාවී සීලෙසු සුසමාහිතො, චෙතොසමථමනුයුත‍්තො අපි මුද‍්ධනි තිට‍්ඨතු.

988. (යමෙක්) බහුශ්‍රුත නම් ප්‍රඥාවත් නම් ශීලයෙහි මොනවට පිහිටියේ නම් චිත්තසමථයෙහි යෙදුණේ නම් හෙතෙම (මාගේ) මුදුනෙහි පවා සිටීවා.

989. යො පපඤ‍්චමනුයුත‍්තො පපඤ‍්චාභිරතො මගො, විරාධයී සො නිබ‍්බානං යොගක‍්ඛෙමං අනුත‍්තරං.

989. යමෙක් ප්‍රපඤ්චයෙහි (තෘෂ්ණායෙහි) බැඳුණේ ප්‍රපඤ්චයෙහි ඇලුණේ සිවුපාවකු බඳු වූයේ වේ නම් හෙතෙම නිරුත්තර වූ යෝගයන් ගෙන් නිරුපද්‍රැත වූ නිවන වැරැදැ වී (නිවනින් දුරු වූයේ යැ යි සේ යි.)

990. යො ච පපඤ‍්චං හිත්‍වාන නිප‍්පපඤ‍්චපථෙ රතො, ආරාධයී සො නිබ‍්බානං යොගක‍්ඛෙමං අනුත‍්තරං.

990. යමෙකුත් ප්‍රපඤ්චය හැර ආර්‍ය්‍යමාර්‍ගයෙහි ඇලුණේ වේ නම් හෙතෙම නිරුත්තර වූ යෝගක්‍ෂේම වූ නිවන සිදු කෙළේ යි (සාක්‍ෂාත් කෙළේ යි.)

991. ගාමෙ වා යදි වා රඤ‍්ඤෙ නින‍්නෙ වා යදි වා ථලෙ, යත්‍ථ අරහන‍්තො විහරන‍්ති තං භූමිං රාමණෙය්‍යකං.

991. ඉදින් ගම්හි හෝ වේව යි වනයෙහි හෝ වේව යි පහත් බිම්හි හෝ වේවයි උස්බිම්හි හෝ වේවයි යම් තැනෙක රහත්හු වෙසෙත් නම් එබිම රමණීය යි.

992. රමණීයා අරඤ‍්ඤානි යත්‍ථ න රමතී මනො, වීතරාගා රමිස‍්සන‍්ති න තෙ කාමගවෙසිනො.

992. යම් වනයෙකැ ජනයා රමණය නො කෙරේ නම් ඒ වනයෝ රමණීයයෝ යි, වීතරාගීහු එහි රමණය කරන්නාහ. ඔහු කාම ගවේෂීහු නො වෙත්.

993. නිධීනං’ව පවත‍්තාරං යං පස‍්සෙ වජ‍්ජදස‍්සිනං, නිග‍්ගය‍්හවාදිං මෙධාවිං තාදිසං පණ‍්ඩිතං භජෙ, තාදිසං භජමානස‍්ස සෙය්‍යො හොති න පාපියො.

993. යමකු නිධන් කියන්නකු මෙන් දක්නේ නම්, වරද දක්නා සුලු (වරදෙහි) නිගා කොට කියනසුලු ධර්‍මොජස්ප්‍රඥා ඇති එබඳු නුවණැත්තහු භජනය කරන්නේ යැ, එබන්දහු භජනය කරන්නහුට වැඩෙක් මැ වෙයි. අවැඩෙක් නො වේ.

994. ඔවදෙය්‍යානුසාසෙය්‍ය අසබ‍්භා ච නිවාරයෙ, සතං හි සො පියො හොති අසතං හොති අප‍්පියො.

994. අවවාද දුන මැනැවැ, අනුශාසනා කළ මැනැවැ, අකුසල් දහමින් ද වළහනු මැනැවැ, එ බඳු පුද්ගල තෙම සත්පුරුෂයනට ප්‍රිය වෙයි. අසත්පුරුෂයනට අප්‍රිය වේ.

995. අඤ‍්ඤස‍්ස භගවා බුද‍්ධො ධම‍්මං දෙසෙසි චක‍්ඛුමා, ධම‍්මෙ දෙසීයමානම‍්හි සොතමොධෙසිමත්‍ථිකො, තං මෙ අමොඝං සවනං විමුත‍්තොම‍්හි අනාසවො.

995. පසැස් ඇති භාග්‍යවතුන් වහන්සේ අනෙකකු (බෑනණුවන්) හට දහම් දෙසූහ. දහම් දෙසන කල්හි (මම) අර්‍ත්‍ථ ඇතියෙම් සවන් (දුනිමි) යොමු කෙළෙමි. මා ගේ ඒ ශ්‍රවණය නො සිස් විය. (මම) ආස්‍රව රහිත වැ විමුක්තයෙමි.

996. නෙව පුබ‍්බෙනිවාසාය න’පි දිබ‍්බස‍්ස චක‍්ඛුනො, චෙතොපරියාය ඉදිධියා චුතියා උපපත‍්තියා, සොතධාතුවිසුද‍්ධියා පණිය මෙ න විජ‍්ජති.

996. (මට) පූර්‍වනිවාසානුස්මෘතිඥානය පිණිස (ප්‍රාර්‍ත්‍ථනාවක්) නො වේ මැ යැ, දිව්‍ය චක්‍ෂුස පිණිස ද නො වේ මැ යි, චේතෝපරියඤාණය පිණිස ඍද්ධිවිධඥානය පිණිස ච්‍යුති-උප්පත්ති ඥානය පිණිස දිව්‍යශ්‍රෝතඥානය පිණිස ප්‍රාර්‍ත්‍ථනාවක් මට නැති.

997. රුක‍්ඛමූලං’ව නිස‍්සාය මුණ‍්ඩො සඞ‍්ඝාටිපාරුතො, පඤ‍්ඤාය උත‍්තමො ථෙරො උපතිස‍්සො ච ඣායති.

997. උපතිස්ස තෙමේත් මුඬු වැ සඟළ පෙරෙවියේ ප්‍රඥායෙන් උත්තම වැ ස්ථවිර වැ, රුක්මුල ඇසිරි කොට ධ්‍යාන කෙරේ.

998. අවිතක‍්කං සමාපන‍්නො සම‍්මාසම‍්බුද‍්ධසාවකො, අරියෙන තුණ‍්හීභාවෙන උපෙතො හොති තාවදෙ.

998. චතුර්‍ත්‍ථධ්‍යාන සමාපත්තියට සමවන් සම්‍යක් සම්බුද්ධශ්‍රාවක තෙම එකෙණෙහි ආර්‍ය්‍ය වූ තූෂ්ණිම්භාවයෙන් යුක්ත වූයේ වේ.

999. යථා’පි පබ‍්බතො සෙලො අචලො සුප‍්පතිට‍්ඨිතො, එවං මොහක‍්ඛයා භික‍්ඛු පබ‍්බතො’ව න වෙධති.

999. යම්සේ අචල වූ මොනොවට පිහිටි ශෛලමය පර්‍වතයෙක් නො සැලේ නම් එසේ මැ මහණ තෙම මෝහක්‍ෂය හේතුවින් අචල වැ සුප්‍රතිෂ්ඨිත වැ පර්‍වතයක් මෙන් නො සැලේ.

1000. අනඞ‍්ගණස‍්ස පොසස‍්ස නිච‍්චං සුචිගවෙසිනො, වාලග‍්ගමත‍්තං පාපස‍්ස අබ‍්භමත‍්තං’ව ඛායති.

1000. ලාමක ඉච්ඡාවචර රහිත වූ නිරතුරු පාරිසුද්ධිය සොයනසුලු පුරුෂයාහට වලගක් පමණ වූ වරද වලාවක් පමණ මෙන් හැඟේ.

1001. නාභිනන්‍දාමි මරණං නාභිනන්‍දාමි ජීවිතං, නික‍්ඛිපිස‍්සං ඉමං කායං සම‍්පජානො පතිස‍්සතො.

1001. මරණය නො කැමැත්තෙමි, ජීවිතය නො කැමැත්තෙමි. සම්‍යක් ප්‍රඥා ඇතියෙම් සිහි ඇතියෙම් මේ කය බහා තබන්නෙමි.

1002. නාභිනන්‍දාමි මරණං නාභිනන්‍දාමි ජීවිතං, කාලං ච පටිකඞ‍්ඛාමි නිබ‍්බිසං භතකො යථා.

1002. මරණය නො කැමැත්තෙමි, ජීවිතය නො කැමැත්තෙමි. බැළයට මෙහෙ කරන සේවකයකු මෙන් කල් මතුවක් අපේක්‍ෂා කරමි.

1003. උභයෙනමිදං මරණමෙව නාමරණං පච‍්ඡා වා පුරෙ වා, පටිපජ‍්ජථ මා විනස‍්සථ ඛණො වො මා උපච‍්චගා.

1003. පසු හෝ පෙර හෝ දෙකල්හි මැ මරණය මැ යි. නො මැරිමෙක් නැත් මැ යි. පිළිවෙත් පුරවු, නහමක් වැනසෙවු, ක්‍ෂණ සම්පත්තිය එකත්නෙන් නහමක් (තොප) ඉක්මැ යා.

1004. නගරං යථා පච‍්චන‍්තං ගුත‍්තං සන‍්තරබාහිරං, එවං ගොපෙථ අත‍්තානං ඛණො වො මා උපච‍්චගා, ඛණාතීතා හි සොචන‍්ති නිරයම‍්හි සමප‍්පිතා.

1004. ඇතුළත පිටත සහිත වැ ගෝපනය කරනලද පසල් නුවරක් යම්සේ ද එපරිද්දෙන් තමා රකිවු. ක්‍ෂණය තෙම එකත්නෙන් (තොප) නො ඉක්මැ යා, ක්‍ෂණ සම්පත්තිය ඉක්මගියාහු (සියකම් විසින් නිරෑහි දමනලද්දාහු) ශෝක කෙරෙත් මැ යි.

1005. උපසන‍්තො උපරතො මන‍්තභාණී අනුද‍්ධතො, ධුනාති පාපකෙ ධම‍්මෙ දුමපත‍්තං ව මාලුතො.

1005. උපශාන්ත වූයේ දුසිරිතින් වැළකුණේ මිතභාණී වූයේ උද්ධත නො වූයේ පවන රුක්පතක් සලන්නාක් මෙන් පාපධර්‍මයන් සල්වයි. (බැහැර කරයි).

1006. උපසන‍්තො උපරතො මන‍්තභාණී අනුද‍්ධතො, අප‍්පාසි පාපකෙ ධම‍්මෙ දුමපත‍්තං ව මාලුතො.

1006. උපශාන්ත වූයේ දුසිරිතින් වැළකුණේ මිතභාණී වූයේ උද්ධත නො වූයේ පවන රුක්පතක් සලන්නාක් මෙන් පාපධර්‍මයන් නුදුරෙහි පහ කෙළේ යි.

1007. උපසන‍්තො අනායාසො විප‍්පසන‍්නො අනාවිලො, කල්‍යාණසීලො මෙධාවී දුක‍්ඛස‍්සන‍්තකරො සියා.

1007. උපශාන්ත වූ ආයාස රහිත වූ වෙසෙසින් ප්‍රසන්න වූ නො කැලඹුණු කලණදහම් ඇති නුවණැත්තේ දුක් කෙළවර කරන්නෙක් වන්නේ යි.

1008. න විස‍්සසෙ එකතියෙසු එවං අගාරිසු පබ‍්බජිතෙසු චා’පි, සාධූ’පි හුත්‍වාන අසාධු හොන‍්ති අසාධු හුත්‍වා පුන සාධු හොන‍්ති.

1008. ගිහි වූ ද පැවිදි වූ ද ඇතැමුන් කෙරෙහි මෙසේ විස්වැසි නො වන්නේ යැ (ඔහු) සත්පුරුෂ වැ සිට අසත්පුරුෂ වෙති, අසත්පුරුෂ වැ සිට යළි සත්පුරුෂ වෙත්.

1009. කාමච‍්ඡන්‍දො ච ව්‍යාපාදො ථීනමිද‍්ධං ච භික‍්ඛුනො, උද‍්ධච‍්චං විචිකිච‍්ඡා ච පඤ‍්චෙතෙ චිත‍්තකෙලිසා.

1009. කාමච්ඡන්‍ද යැ ව්‍යාපාද යැ ථීනමිද්ධ යැ උද්ධච්ච යැ විචිකිච්ඡා යැ යන මොහු පස් දෙන මහණහු ගේ සිත කිලිටි කරන්නෝ යි.

1010. යස‍්ස සක‍්කරියමානස‍්ස අසක‍්කාරෙන චූභයං, සමාධි න විකම‍්පති අප‍්පමාදවිහාරිනො.

1010. සත්කාර කරනුලබන අප්‍රමාද විහාර ඇති යමක්හුගේ සමාධිය සත්කාරයෙන් ද අසත්කාරයෙන් ද යන දෙකින් නො සැලේ නම්,

1011. තං ඣායිනං සාතතිකං සුඛුමදිට‍්ඨිවිපස‍්සකං, උපාදානක‍්ඛයාරාමං ආහු සප‍්පුරිසො ඉති.

1011. නිරතුරු ධ්‍යාන කරනසුලු වූ සූක්‍ෂමදෘෂ්ටිවිදර්‍ශක වූ උපාදානක්‍ෂයයෙහි ඇලුණා වූ ඔහු සත්පුරුෂ යැ යි කීහු.

1012. මහාසමුද‍්දො පඨවී පබ‍්බතො අනිලො’පි ච, උපරාය න යුජ‍්ජන‍්ති සත්‍ථු වරවිමුත‍්තියා.

1012. මහාසමුද්‍රය ද පෘථිවිය ද පර්‍වතය ද පවන ද (යන මොහු) ශාස්තෲන් වහන්සේගේ අග්‍රඵල විමුක්තිය පිළිබඳ උපමාවට නො යෙදෙත් (නුසුදුසු යි.)

1013. චක‍්කානුවත‍්තකො ථෙරො මහාඤාණී සමාහිතො, පඨවාපග‍්ගිසමානො න රජ‍්ජති න දුස‍්සති.

1013. මහනුවණැති වූ සමාහිත වූ පෘථිවිය ජලය ගින්න බඳු පැවැතුම් ඇති වූ ධර්‍මචක්‍රානුවර්‍තක වූ ස්ථවිර තෙමේ (ඉටු’නිටු අරමුණුහි) නො ඇලෙයි, දූෂ්‍ය නො වේ.

1014. පඤ‍්ඤාපාරමිතං පත‍්තො මහාබුද‍්ධි මහාමති, අජළො ජළසමානො සදා චරති නිබ‍්බුතො.

1014. ප්‍රඥායෙහි පරතෙරට පැමිණියේ මහත් වූ බුද්ධි ඇති වැ මහත් වූ ස්මෘති ඇති වැ නිවියේ බුද්ධිහීන නො වූයේ මැ බුද්ධිහීනයකු බඳු වැ නිති වෙසේ.

1015. පරිචිණ‍්ණො මයා සත්‍ථා කතං බුද‍්ධස‍්ස සාසනං, ඔහිතො ගරුකො භාරො භවනෙත‍්ති සමූහතා’ති.

1015. මා විසින් ශාස්තෲන් වහන්සේ ඇසුරු කරනලදහ. බුදුන්ගේ අනුශාසනය කරනලදි. ගුරු වූ බර බහා තබනලද්දේ යැ. මෙවක් පටන් පුනර්‍භවයෙක් (මට) නැති.

1016. සම‍්පාදෙථප‍්පමාදෙන එසා මෙ අනුසාසනී, හන්‍දාහං පරිනිබ‍්බිස‍්සං විප‍්පමුත‍්තොම‍්හි සබ‍්බධී’ති.

1016. අප්‍රමාද වැ පිළිවෙත් පුරවු, මේ මාගේ අනුශාසනය යි, මම පිරිනිවෙන්නෙමි, සියලු භවයෙහි විමුක්තයෙමි. (වෙසෙසින් මිදුනෙමි)

ඉත්‍ථං සුදං ආයස‍්මා සාරිපුත‍්තො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසේ ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.

සාරිපුත‍්තත්‍ථෙරගාථා.

සාරිපුත්ත ස්ථවිරගාථා යි.