යෙදුමෙන් කියවන්න

සාරිපුත‍්තත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

සාරිපුත‍්තත්‍ථෙරගාථාවණ‍්ණනා

සාරිපුත්ත ස්ථවිරගාථා වර්ණනාව

යථාචාරී යථාසතොතිආදිකා ආයස‍්මතො සාරිපුත‍්තත්‍ථෙරස‍්ස ගාථා. තස‍්ස ආයස‍්මතො මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරස‍්ස ච වත්‍ථු එවං වෙදිතබ‍්බං – අතීතෙ ඉතො සතසහස‍්සකප‍්පාධිකෙ අසඞ‍්ඛ්‍යෙය්‍යමත්‍ථකෙ ආයස‍්මා සාරිපුත‍්තො බ්‍රාහ‍්මණමහාසාලකුලෙ නිබ‍්බත‍්ති, නාමෙන සරදමාණවො නාම අහොසි. මහාමොග‍්ගල‍්ලානො ගහපතිමහාසාලකුලෙ නිබ‍්බත‍්ති, නාමෙන සිරිවඩ‍්ඪකුටුම‍්බිකො නාම අහොසි. තෙ උභොපි සහපංසුකීළකසහායා අහෙසුං. තෙසු සරදමාණවො පිතු අච‍්චයෙන කුලසන‍්තකං ධනං පටිපජ‍්ජිත්‍වා එකදිවසං රහොගතො චින‍්තෙසි – “ඉමෙසං සත‍්තානං මරණං නාම එකන‍්තිකං, තස‍්මා මයා එකං පබ‍්බජ‍්ජං උපගන‍්ත්‍වා මොක‍්ඛමග‍්ගො ගවෙසිතබ‍්බො”ති සහායං උපසඞ‍්කමිත්‍වා, සම‍්ම, අහං පබ‍්බජිතුකාමො, කිං ත්‍වං පබ‍්බජිතුං සක‍්ඛිස‍්සසී”ති වත්‍වා තෙන “න සක‍්ඛිස‍්සාමී”ති වුත‍්තෙ “හොතු අහමෙව පබ‍්බජිස‍්සාමී”ති රතනකොට‍්ඨාගාරානි විවරාපෙත්‍වා කපණද‍්ධිකාදීනං මහාදානං දත්‍වා පබ‍්බතපාදං ගන‍්ත්‍වා ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජි. තස‍්ස පබ‍්බජ‍්ජං අනුපබ‍්බජිතා චතුසත‍්තතිසහස‍්සමත‍්තා බ්‍රාහ‍්මණපුත‍්තා අහෙසුං. සො පඤ‍්ච අභිඤ‍්ඤායො අට‍්ඨ ච සමාපත‍්තියො නිබ‍්බත‍්තෙත්‍වා තෙසම‍්පි ජටිලානං කසිණපරිකම‍්මං ආචික‍්ඛි. තෙපි සබ‍්බෙ පඤ‍්චාභිඤ‍්ඤා අට‍්ඨ සමාපත‍්තියො නිබ‍්බත‍්තෙසුං.

යථාචාරි යථාසතො ආදී වූ ගාථාවන් ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේගේය. ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙරුන්ගේ ද කථා වස්තුව මෙසේ දතයුතුයි. අතීතයෙහි ශතසහශ්‍රාධික කල්ප අසංඛ්‍යයකට මත්තෙහි ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේ බ්‍රාහ්මණ මහාසාල කුලයක ඉපිද නමින් සරද නම් වූ මානවකයෙක් විය. මහමුගලන් තෙරුන් වහන්සේ ගහපති මහාසාල කුලයෙහි ඉපිද නමින් සිරිවඩ්ඪ නම් කෙළෙඹි පුත්‍රයෙක් විය. ඔවුන් දෙදෙනාම වැලිකෙළියේ පටන්ම මිත්‍රයෝ වූහ. ඔවුන් අතුරින් සරද මානවයා පියාගේ ඇවෑමෙන් කුලයට හිමි ධනය ගැන සිතා එක්දිනක් හුදෙකලාව සිට මෙසේ කල්පනා කළේය. මේ සත්ත්වයන්ට වනාහි මරණය ඒකාත්තයි. ඒ නිසා මා විසින් එක් පැවිදි කෙනෙක් වෙත ගොස් මොක්‍ෂ මාර්ගය සෙවිය යුතුයැයි මිත්‍රයා වෙත පැමිණ ‘මම පැවිදිවනු කැමැති වෙමි. කිම නුඹටත් පැවිදිවන්න හැකිදැයි ඇසීය. ඔහු විසින් නොහැකියයි කීකල්හි, වේවා! මම පැවිදි වෙමියි රන් ගබඩා විවෘත කර දුගීමගී යාචකාදීන්ට මහදන් දී පර්වතයක් පාමුළට ගොස් ඍෂි ප්‍රවෘජ්‍යාවෙන් පැවිදි විය. ඔහුත් සමග එකට පැවිදි වූ බ්‍රාහ්මණ පුත්‍රයෝ හැත්තෑහතර දහසක් වූහ. ඔහු පංච අභිඥාවන්ද අෂ්ට සමාපත්තිද උපදවා ඒ ජටිලයන්ටද කසිණ භාවනා පරිකර්මයන් ඉගැන්වීය. ඒ සියල්ලෝද පංච අභිඥා අෂ්ට සමාපත්ති උපදවා ගත්හ.

තෙන සමයෙන අනොමදස‍්සී නාම සම‍්මාසම‍්බුද‍්ධො ලොකෙ උප‍්පජ‍්ජිත්‍වා පවත‍්තිතවරධම‍්මචක‍්කො සත‍්තෙ සංසාරමහොඝතො තාරෙත්‍වා එකදිවසං “සරදතාපසස‍්ස ච අන‍්තෙවාසිකානඤ‍්ච සඞ‍්ගහං කරිස‍්සාමී”ති එකො අදුතියො පත‍්තචීවරමාදාය ආකාසෙන ගන‍්ත්‍වා “බුද‍්ධභාවං මෙ ජානාතූ”ති තාපසස‍්ස පස‍්සන‍්තස‍්සෙව ආකාසතො ඔතරිත්‍වා පථවියං පතිට‍්ඨාසි. සරදතාපසො සත්‍ථු සරීරෙ මහාපුරිසලක‍්ඛණානි උපධාරෙත්‍වා “සබ‍්බඤ‍්ඤුබුද‍්ධොයෙවාය”න‍්ති නිට‍්ඨං ගන‍්ත්‍වා පච‍්චුග‍්ගමනං කත්‍වා ආසනං පඤ‍්ඤාපෙත්‍වා අදාසි. නිසීදි භගවා පඤ‍්ඤත‍්තෙ ආසනෙ. සරදතාපසො සත්‍ථු සන‍්තිකෙ එකමන‍්තං නිසීදි.

ඒ කාලයෙහි අනෝමදස්සී නම් බුදුරජාණන් වහන්සේ ලොව පහළව පවත්වන ලද උතුම් දම්සක් ඇත්තේ සත්ත්වයන්ව සංසාර මහා ජලකඳෙන් එතෙර කරන්නේ එක්දිනක් සරද තාපසයාණන්ටත් ඔහුගේ අතවැසියන්ටත් සංග්‍රහයක් කරන්නෙමියි තනිවම පාසිවුරු ගෙන අහසින් ගොස් ‘මාගේ බුදුබව දැනගනීවා’යි තාපසයාණන්ට පෙනෙන්නටම අහසින් බැස පොළොවෙහි වැඩසිටි සේක. සරද තාපසයාණෝ බුදුසිරුරෙහි පිහිටි මහාපුරුෂ ලක්‍ෂණයන් බලා ‘සර්වඥ බුදුරජාණන් වහන්සේ නමක්’ යැයි ස්ථිරව දැනගෙන පෙරගමන්කොට අසුනක් පනවා පිළිගැන්වීය. පැනවූ අසුනෙහි භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි සේක. සරද තාපසයාණෝ බුදුන් ලග එකත්පස්ව හිඳගත්තේය.

තස‍්මිං සමයෙ තස‍්ස අන‍්තෙවාසිකා චතුසත‍්තතිසහස‍්සමත‍්තා ජටිලා පණීතපණීතානි ඔජවන‍්තානි ඵලාඵලානි ගහෙත්‍වා ආගතා සත්‍ථාරං දිස‍්වා සඤ‍්ජාතප‍්පසාදා අත‍්තනො ආචරියස‍්ස ච සත්‍ථු ච නිසින‍්නාකාරං ඔලොකෙත්‍වා, “ආචරිය, මයං පුබ‍්බෙ ‘තුම‍්හෙහි මහන‍්තතරො කොචි නත්‍ථී’ති විචරාම, අයං පන පුරිසො තුම‍්හෙහි මහන‍්තතරො මඤ‍්ඤෙ”ති ආහංසු. “කිං වදෙථ, තාතා? සාසපෙන සද‍්ධිං අට‍්ඨසට‍්ඨියොජනසතසහස‍්සුබ‍්බෙධං සිනෙරුං සමං කාතුං ඉච‍්ඡථ? සබ‍්බඤ‍්ඤුබුද‍්ධෙන මං තුල්‍යං මා කරිත්‍ථා”ති. අථ තෙ තාපසා ආචරියස‍්ස වචනං සුත්‍වා “යාව මහා වතායං පුරිසුත‍්තමො”ති සබ‍්බෙව පාදෙසු නිපතිත්‍වා සත්‍ථාරං වන්‍දිංසු.

ඒ කාලයෙහි ඔහුගේ අතවැසි හැත්තෑහතර දහසක් පමණ ජටිලයෝ ප්‍රණීත වූ ගුණ ඇති පලතුරු ගෙන පැමිණියාහු ශාස්තෲන් වහන්සේ දැක හටගත්තා වූ පැහැදීම් ඇත්තාහු තමන්ගේ ගුරුවරයාත් ශාස්තෲන් වහන්සේත් වැඩසිටි ආකාරය බලා ගුරුතුමාණෙනි! පෙර අපි ඔබවහන්සේට වඩා ලොකු කෙනෙක් නැතැයි අදහාගෙන සිටියෙමු. මේ පුද්ගලයා වනාහි ඔබවහන්සේට වඩා උසස් කෙනෙක්ද? දරුවෙනි, කුමක් කියන්නහුද? අබ ඇටයක් සමග අටසැට දහසක් යොදුන් විශාල වූ මහමෙර සමාන කරන්නට කැමැත්තහුද? සර්වඥ වූ බුදුන් හා මා සමාන නොකරව් යැයි කීය. ඉක්බිති ඒ තාපසයෝ ගුරුවරයාගේ වචනය අසා, මේ පුරිසොත්තමයෙකියි සියල්ලෝම පාලඟ වැටී බුදුන් වැන්දාහ.

අථ තෙ ආචරියො ආහ – “තාතා, සත්‍ථු අනුච‍්ඡවිකො නො දෙය්‍යධම‍්මො නත්‍ථි, සත්‍ථා ච භික‍්ඛාචාරවෙලාය ඉධාගතො, හන්‍ද මයං දෙය්‍යධම‍්මං යථාබලං දස‍්සාම. තුම‍්හෙහි යං යං පණීතං ඵලාඵලං ආභතං, තං තං ආහරථා”ති ආහරාපෙත්‍වා හත්‍ථෙ ධොවිත්‍වා සයං තථාගතස‍්ස පත‍්තෙ පතිට‍්ඨාපෙසි. සත්‍ථාරා ච ඵලාඵලෙ පටිග‍්ගණ‍්හිතමත‍්තෙ දෙවතා දිබ‍්බොජං පක‍්ඛිපිංසු. තාපසො උදකම‍්පි සයමෙව පරිස‍්සාවෙත්‍වා අදාසි. තතො භොජනකිච‍්චං නිට‍්ඨාපෙත්‍වා සත්‍ථරි නිසින‍්නෙ සබ‍්බෙ අන‍්තෙවාසිකෙ පක‍්කොසිත්‍වා සත්‍ථු සන‍්තිකෙ සාරණීයං කථං කථෙන‍්තො නිසීදි. සත්‍ථා “ද‍්වෙ අග‍්ගසාවකා භික‍්ඛුසඞ‍්ඝෙන සද‍්ධිං ආගච‍්ඡන‍්තූ”ති චින‍්තෙසි. තෙ සත්‍ථු චිත‍්තං ඤත්‍වා තාවදෙව සතසහස‍්සඛීණාසවපරිවාරා අග‍්ගසාවකා ආගන‍්ත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා එකමන‍්තං අට‍්ඨංසු.

ඉක්බිති ගුරුතුමා ඔවුන්ට මෙසේ කීය. දරුවෙනි! ශාස්තෲන් වහන්සේට පූජාකළ හැකි යෝග්‍ය දෙයක් අපට නැත. ශාස්තෲන් වහන්සේ පිණ්ඩපාත වේලාවෙහි මෙහි වැඩි සේක. අපේ ශක්ති පමණින් යමක් පූජා කරමු. නුඹලා විසින් ගෙනෙන ලද ප්‍රණීත ඵලාඵල ඇත. ඒවා ගෙන එන්න යැයි ගෙන්වාගෙන අත් සෝදා තමාම තථාගතයන් වහන්සේගේ පාත්‍රයෙහි පිළිගැන්වීය. ශාස්තෲන් වහන්සේ විසින් ඵලාඵල පිළිගත් අවස්ථාවේම දෙවියෝ එහි දිව්‍යඕජස් බහාලූහ. තවුසා තෙමේම ජලයද පෙරා පිළිගැන්වීය. අනතුරුව දන් වළඳා අවසන්ව වැඩසිටි කල්හි සියළුම අතවැසියන් කැඳවා බුදුන් සමීපයෙහි පිළිසඳර කථාවෙහි යෙදී සිටියහ. ශාස්තෲන් වහන්සේ අග්‍රශ්‍රාවකයන් දෙනමත් භික්‍ෂු සංඝයා සමග එනු ලැබේවායි සිතූ සේක. ඔහු බුදුන්ගේ සිතිවිල්ල දැනගෙන එකෙණෙහිම ශතසහස්‍රයක් ක්‍ෂීණාශ්‍රවයන් පිරිවරා අවුත් බුදුන් වැඳ එකත්පසෙක සිටියහ.

තතො සරදතාපසො අන‍්තෙවාසිකෙ ආමන‍්තෙසි – “තාතා, සත්‍ථු භික‍්ඛුසඞ‍්ඝස‍්ස ච පුප‍්ඵාසනෙන පූජා කාතබ‍්බා, තස‍්මා පුප‍්ඵානි ආහරථා”ති. තෙ තාවදෙව ඉද‍්ධියා වණ‍්ණගන්‍ධසම‍්පන‍්නානි පුප‍්ඵානි ආහරිත්‍වා බුද‍්ධස‍්ස යොජනප‍්පමාණං පුප‍්ඵාසනං පඤ‍්ඤාපෙසුං, උභින‍්නං අග‍්ගසාවකානං තිගාවුතං, සෙසභික‍්ඛූනං අඩ‍්ඪයොජනිකාදිභෙදං, සඞ‍්ඝනවකස‍්ස උසභමත‍්තං පඤ‍්ඤාපෙසුං. එවං තෙසං පඤ‍්ඤත‍්තෙසු ආසනෙසු සරදතාපසො තථාගතස‍්ස පුරතො අඤ‍්ජලිං පග‍්ගය‍්හ ඨිතො – “භන‍්තෙ, මය‍්හං අනුග‍්ගහත්‍ථාය ඉමං පුප‍්ඵාසනං අභිරුහථා”ති ආහ. නිසීදි භගවා පුප‍්ඵාසනෙ. සත්‍ථරි නිසින‍්නෙ ද‍්වෙ අග‍්ගසාවකා සෙසභික‍්ඛූ ච අත‍්තනො අත‍්තනො පත‍්තාසනෙ නිසීදිංසු. සත්‍ථා “තෙසං මහප‍්ඵලං හොතූ”ති නිරොධං සමාපජ‍්ජි. සත්‍ථු සමාපන‍්නභාවං ඤත්‍වා ද‍්වෙ අග‍්ගසාවකාපි සෙසභික‍්ඛූපි නිරොධං සමාපජ‍්ජිංසු. තාපසො සත‍්තාහං නිරන‍්තරං පුප‍්ඵච‍්ඡත‍්තං ධාරෙන‍්තො අට‍්ඨාසි. ඉතරෙ පන වනමූලඵලාඵලං පරිභුඤ‍්ජිත්‍වා සෙසකාලෙ අඤ‍්ජලිං පග‍්ගය‍්හ අට‍්ඨංසු.

ඉක්බිති සරද තාපසතුමා අතවැසියන් ඇමතීය. දරුවෙනි! ශාස්තෲන් වහන්සේටත් මහා සංඝරත්නටත් මල් ආසනවලින් පිදිය යුතුයි. ඒ නිසා මල් රැගෙන එන්න. ඔව්හු එකෙනෙහිම සෘද්ධි බලයෙන් සුවඳ හා වර්ණයෙන් යුත් මල් ගෙනවිත් බුදුන්ට යොදුනක් පමණ මල් අසුනක් පැනවූහ. අග්‍රශ්‍රාවක දෙනමට ගව් තුනක්ද සෙසු භික්‍ෂූන්ට අඩයොදුන් ප්‍රමාණ ආදියද නවක භික්‍ෂූන්ට බඹයක් පමණද අසුන් විය. මෙසේ පනවන ලද ආසනවල සරද තාපසතුමා තථාගතයන් වහන්සේගේ ඉදිරියෙහි වැඳගෙන සිට ස්වාමීනි! මට අනුග්‍රහ පිණිස මේ මල් ආසනයට නගින්න යැයි කීය. ශාස්තෲන් වහන්සේ මල් අසුනෙහි වැඩසිටි සේක. ශාස්තෲන් වහන්සේ වැඩසිටි කල්හි අගසව් දෙනමක්, ඉතිරි භික්‍ෂූහුද තමතමන්ට පැනවූ ආසනවල වැඩසිටියහ. භාග්‍යවතුන් වහන්සේ ‘ඔවුන්ට මහත්ඵල වේවා’යි නිරෝධ සමාපත්තියට සමවැදි සේක. ඒ බව දැන භික්‍ෂූහුද නිරෝධ සමාපත්තියට සමවැදුනහ. සරද තාපසතුමා දවස් හතක් නිරතුරුව බුදුන් වහන්සේට මල්කුඩයක් දරමින් සිටියහ. අනිත් අය වනමුල් ඵලාඵල අනුභවකොට ඉතිරි වේලාවෙහි බුදුන් වෙත වැඳගෙන සිටියහ.

සත්‍ථා සත‍්තාහස‍්ස අච‍්චයෙන නිරොධතො වුට‍්ඨාය අග‍්ගසාවකං නිසභත්‍ථෙරං ආමන‍්තෙසි – “තාපසානං පුප‍්ඵාසනානුමොදනං කරොහී”ති. ථෙරො සාවකපාරමීඤාණෙ ඨත්‍වා තෙසං පුප‍්ඵාසනානුමොදනං අකාසි. තස‍්ස දෙසනාවසානෙ සත්‍ථා දුතියං අග‍්ගසාවකං අනොමත්‍ථෙරං ආමන‍්තෙසි – “ත්‍වම‍්පි ඉමෙසං ධම‍්මං දෙසෙහී”ති. සොපි තෙපිටකං බුද‍්ධවචනං සම‍්මසිත්‍වා තෙසං ධම‍්මං කථෙසි. ද‍්වින‍්නම‍්පි දෙසනාය එකස‍්සපි ධම‍්මාභිසමයො නාහොසි. අථ සත්‍ථා බුද‍්ධවිසයෙ ඨත්‍වා ධම‍්මදෙසනං ආරභි. දෙසනාවසානෙ ඨපෙත්‍වා සරදතාපසං අවසෙසා සබ‍්බෙපි චතුසත‍්තතිසහස‍්සමත‍්තා ජටිලා අරහත‍්තං පාපුණිංසු. සත්‍ථා “එථ, භික‍්ඛවො”ති හත්‍ථං පසාරෙසි. තෙ තාවදෙව අන‍්තරහිතතාපසවෙසා අට‍්ඨපරික‍්ඛාරවරධරා සට‍්ඨිවස‍්සිකත්‍ථෙරා විය අහෙසුං.

ශාස්තෲන් වහන්සේ දවස් හතක් ගතවූ තැන නිරෝධයෙන් නැගිට අග්‍රශ්‍රාවක නිසභත්‍ථෙරං නිසභ තෙරුන් ඇමතීය. තවුසන්ට මල්ආසන පූජාවේ පින් අනුමෝදන් කිරීම කරන්න යැයි වදාළහ. තෙරුන් වහන්සේ ශ්‍රාවකපාරමී ඤාණයෙහි පිහිටා ඔවුන්ට මල්ආසන පූජාව ගැන පුණ්‍යානුමෝදනාව කළහ. ඒ දේශනාවසානයෙහි ශාස්තෲන් වහන්සේ දෙවෙනි අගසව් අනෝමත්‍ථෙරං අනෝම තෙරුන් ඇමතු සේක. මහණ! ඔබද මොවුන්ට ධර්මය දේශනා කරන්නැයි වදාළහ. ඔහුද ත්‍රිපිටක බුද්ධ වචනය අළලා ඔවුන්ට බණ කීය. මේ දේශනා දෙකෙන්ම එක් ඇත්තකුටවත් ධර්මාවබෝධයක් සිදුවූයේ නැත. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බුද්ධ විෂයෙහි සිට ධර්ම දේශනාව ආරම්භ කළ සේක. දේශනාව කෙළවර සරද තවුසා හැර ඉතිරි හැත්තෑහතර දහසක් පමණ වූ ජටිලයෝ රහත්බවට පැමිණියහ. භාග්‍යවතුන් වහන්සේ මහණෙනි, මෙහි එව් යැයි අත දිගුකළ සේක. ඔවුහු එකෙණෙහිම තවුස් වෙස් අන්තර්ධානව අටපිරිකර දරමින් හැටවයස් පිරුණු තෙරවරුන් මෙන් වූහ.

සරදතාපසො පන “අහො වතාහම‍්පි අයං නිසභත්‍ථෙරො විය අනාගතෙ එකස‍්ස බුද‍්ධස‍්ස අග‍්ගසාවකො භවෙය්‍ය”න‍්ති සත්‍ථු දෙසනාකාලෙ උප‍්පන‍්නපරිවිතක‍්කතාය අඤ‍්ඤවිහිතො හුත්‍වා මග‍්ගඵලානි පටිවිජ‍්ඣිතුං නාසක‍්ඛි. අථ තථාගතං වන්‍දිත්‍වා තථා පණිධානං අකාසි. සත්‍ථාපිස‍්ස අනන‍්තරායෙන සමිජ‍්ඣනභාවං දිස‍්වා – “ඉතො ත්‍වං කප‍්පසතසහස‍්සාධිකං එකං අසඞ‍්ඛ්‍යෙය්‍යං අතික‍්කමිත්‍වා ගොතමස‍්ස නාම සම‍්මාසම‍්බුද‍්ධස‍්ස අග‍්ගසාවකො සාරිපුත‍්තො නාම භවිස‍්සසී”ති බ්‍යාකරිත්‍වා ධම‍්මකථං වත්‍වා භික‍්ඛුසඞ‍්ඝපරිවුතො ආකාසං පක‍්ඛන්‍දි.

සරද තාපසතුමා වනාහි අනේ! මටත් මේ නිසභත්‍ථෙරො නිසභ තෙරුන් මෙන් අනාගතයෙහි එක් පසේබුදුවරයන් වහන්සේ නමකගේ අගසව් වන්නෙම් මැනවි යැයි බුදුන් ධර්ම දේශනා කරවීම සිතේ ඇති වූ සිතිවිල්ල නිසා සිත වෙනතකට යොමුවී සිටිය බැවින් මාර්ගඵල අවබෝධ කරගන්නට නොහැකිවිය. ඉක්බිති බුදුන් වැඳ එසේ ප්‍රාර්ථනා තැබීය. ශාස්තෲන් වහන්සේ ද ඔහුගේ ප්‍රාර්ථනය බාධාවකින් තොරව ඉටුවන බව දැක ‘ඔබ මෙයින් කල්ප ශතසහශ්‍රාධිකයක් ඇති එකාසංඛ්‍යයක් කල්ප ඉක්මවා ගොතමස්ස ගොතම නම් වූ සම්මා සම්බුදුන්ගේ අග්‍රශ්‍රාවක වූ සාරිපුත්ත සැරියුත් නම් වන්නෙහි යැයි විවරණ දී බණ කියා භික්‍ෂු සංඝයා පිරිවරාගෙන අහසට නැගුණු සේක.

සරදතාපසොපි සහායකස‍්ස සිරිවඩ‍්ඪස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා, සම‍්ම, මයා අනොමදස‍්සිස‍්ස භගවතො පාදමූලෙ අනාගතෙ උප‍්පජ‍්ජනකස‍්ස ගොතමස‍්ස නාම සම‍්මාසම‍්බුද‍්ධස‍්ස අග‍්ගසාවකට‍්ඨානං පත්‍ථිතං, ත්‍වම‍්පි තස‍්ස දුතියසාවකට‍්ඨානං පත්‍ථෙහීති.

සරද තාපස තෙමේද යාලුවා වූ සිරිවඩ්ඪස්ස සිරිවඩ්ඪගේ ලඟට ගොස් මිත්‍රය! මා විසින් අනොමදස්සිස්ස අනෝමදස්සී භාග්‍යවතුන් වහන්සේගේ පාමුලදී අනාගතයේ පහළවන්නා වූ ගොතමස්ස ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අගසව් තනතුර පතන ලදී. නුඹද උන්වහන්සේගේ දෙවන ශ්‍රාවක තනතුර පතන්නැයි කීය.

සිරිවඩ‍්ඪො තං උපදෙසං සුත්‍වා අත‍්තනො නිවෙසනද‍්වාරෙ අට‍්ඨකරීසමත‍්තං ඨානං සමතලං කාරෙත්‍වා ලාජපඤ‍්චමානි පුප‍්ඵානි විකිරිත්‍වා නීලුප‍්පලච‍්ඡදනං මණ‍්ඩපං කාරෙත්‍වා බුද‍්ධාසනං පඤ‍්ඤාපෙත්‍වා භික‍්ඛූනම‍්පි ආසනානි පඤ‍්ඤාපෙත්‍වා මහන‍්තං සක‍්කාරසම‍්මානං සජ‍්ජෙත්‍වා, සරදතාපසෙන සත්‍ථාරං නිමන‍්තාපෙත්‍වා සත‍්තාහං මහාදානං පවත‍්තෙත්‍වා, බුද‍්ධප‍්පමුඛං භික‍්ඛුසඞ‍්ඝං මහාරහෙහි වත්‍ථෙහි අච‍්ඡාදෙත්‍වා, දුතියසාවකභාවාය පණිධානං අකාසි. සත්‍ථාපිස‍්ස අනන‍්තරායෙන සමිජ‍්ඣනභාවං දිස‍්වා වුත‍්තනයෙන බ්‍යාකරිත්‍වා භත‍්තානුමොදනං කත්‍වා පක‍්කාමි. සිරිවඩ‍්ඪො හට‍්ඨපහට‍්ඨො යාවජීවං කුසලකම‍්මං කත්‍වා දුතියචිත‍්තවාරෙ කාමාවචරදෙවලොකෙ නිබ‍්බත‍්ති. සරදතාපසො චත‍්තාරො බ්‍රහ‍්මවිහාරෙ භාවෙත්‍වා බ්‍රහ‍්මලොකෙ නිබ‍්බත‍්ති.

සිරිවඩ්ඪො සිරිවඩ්ඪ තෙමේ ඔහුගේ උපදේශය පිළිගෙන තමන්ගේ වාසස්ථානයේ ඉදිරිපිට අටකිරියක් පමණ වූ භූමිය සමතලා කරවා ලදපස්මල් විසුරුවා නිලුපුල් වහලක් සහිත මණ්ඩපයක් කරවා බුදුන්ට අසුනක් පනවා සෙසු භික්‍ෂූන්ටද ආසන පනවා මහත් වූ සත්කාර සැලකිලි සූදානම් කර සරද තාපසයා ලවා බුදුන්ට ආරාධනා කරවා දවස් හතක් මහදන් පවත්වා බුදුන් ප්‍රමුඛ භික්‍ෂු සංඝයාට මහත් වටිනා සිවුරු පොරවා දෙවෙනි ශ්‍රාවක පදවිය සඳහා ප්‍රාර්ථනා කළේය. ශාස්තෲන් වහන්සේ ද ඔහුගේ ප්‍රාර්ථනය නියත වශයෙන් සිදුවන බව දැනගෙන කියන ලද ආකාරයෙන් විවරණ දී භුක්තානුමෝදනාව කර නික්ම ගිය සේක. සිරිවඩ්ඪො සිරිවඩ්ඪ තෙමේ තුටු පහටුව දිවි ඇතිතෙක් පිංකොට දෙවෙනි චිත්ත වාරයෙහි කාමාවචර දිව්‍ය ලෝකයක උපන්නේය. සරද තාපසතුමා වනාහි සතර බඹවිහරණ වඩා බඹලොව උපන්නේය.

තතො පට‍්ඨාය නෙසං උභින‍්නම‍්පි අන‍්තරාකම‍්මං න කථිතං. අම‍්හාකං පන භගවතො උප‍්පත‍්තිතො පුරෙතරමෙව සරදතාපසො රාජගහස‍්ස අවිදූරෙ උපතිස‍්සගාමෙ රූපසාරියා බ්‍රාහ‍්මණියා කුච‍්ඡිම‍්හි පටිසන්‍ධිං ගණ‍්හි. තංදිවසමෙවස‍්ස සහායොපි රාජගහස‍්සෙව අවිදූරෙ කොලිතගාමෙ මොග‍්ගලියා බ්‍රාහ‍්මණියා කුච‍්ඡිම‍්හි පටිසන්‍ධිං ගණ‍්හි. තානි කිර ද‍්වෙපි කුලානි යාව සත‍්තමා කුලපරිවට‍්ටා ආබද‍්ධපටිබද‍්ධසහායකානෙව. තෙසං ද‍්වින‍්නං එකදිවසමෙව ගබ‍්භපරිහාරමදංසු. දසමාසච‍්චයෙන ජාතානම‍්පි තෙසං ඡසට‍්ඨි ධාතියො උපට‍්ඨාපෙසුං, නාමග‍්ගහණදිවසෙ රූපසාරිබ්‍රාහ‍්මණියා පුත‍්තස‍්ස උපතිස‍්සගාමෙ ජෙට‍්ඨකුලස‍්ස පුත‍්තත‍්තා උපතිස‍්සොති නාමං අකංසු. ඉතරස‍්ස කොලිතගාමෙ ජෙට‍්ඨකුලස‍්ස පුත‍්තත‍්තා කොලිතොති නාමං අකංසු. තෙ උභොපි මහතා පරිවාරෙන වඩ‍්ඪන‍්තා වුද‍්ධිමන්‍වාය සබ‍්බසිප‍්පානං පාරං අගමංසු.

එතැන්සිට ඒ දෙදෙනාගේම අතුරු කර්මයක් නොකියන ලදී. අපගේ භාග්‍යවතුන් වහන්සේ පහළවීමට පෙරාතුවම සරද තාපසතුමා රජගහ නුවරට නුදුරු උපතිස්ස උපතිස්ස ගමෙහි රූපසාරියා රූපසාරී නම් වූ බැමිණියගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. ඒ දවසේම ඔහුගේ යහලුවා රාජගහස්සෙව රජගහ නුවරට නුදුරෙහි කොලිතගාමෙ මොග්ගලියා කොලිත ගමෙහි මොග්ගලී නම්වූ බැමිණියගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. මේ කුල දෙකම සත්වැනි කුල පරම්පරාව දක්වා එකට බැඳුණු මිත්‍රකම නිසාම ඒ දෙදෙනාටම එකදවසේම ගැබ් පෙරහැර දුන්හ. දසමස් ඇවෑමෙන් උපන්නා වූ ඔවුන්ට සාත්තු සේවිකාවෝ හැටදෙනෙක් උපස්ථාන කළහ. නම් තබන දවසෙහි රූපසාරි බ්‍රාහ්මණියා රූපසාරි බැමිණියගේ පුත්‍රයාට උපතිස්ස උපතිස්ස ගමෙහි දෙටු කුලයෙහි පුත්‍රයා බැවින් උපතිස්සො උපතිස්ස යැයි නම් කළහ. අනික් දරුවාට කොලිතගාමෙ කොලිත ගමෙහි දෙටු කුලයේ පුත්‍රයා බැවින් කොලිත යැයි නම් තැබූහ. ඔවුහු දෙදෙනාම මහ පිරිවරින් වැඩෙන්නාහු වැඩිවිය පැමිණ සියළු ශිල්පයන්හි පරතෙරට ගියහ.

අථෙකදිවසං තෙ රාජගහෙ ගිරග‍්ගසමජ‍්ජං පස‍්සන‍්තා මහාජනං සන‍්නිපතිතං දිස‍්වා ඤාණස‍්ස පරිපාකගතත‍්තා යොනිසො උම‍්මුජ‍්ජන‍්තා “සබ‍්බෙපිමෙ ඔරං වස‍්සසතානං මච‍්චුමුඛෙ පතිස‍්සන‍්තී”ති සංවෙගං පටිලභිත්‍වා “අම‍්හෙහි මොක‍්ඛධම‍්මො පරියෙසිතබ‍්බො, තඤ‍්ච පරියෙසන‍්තෙහි එකං පබ‍්බජ‍්ජං ලද‍්ධුං වට‍්ටතී”ති නිච‍්ඡයං කත්‍වා පඤ‍්චහි මාණවකසතෙහි සද‍්ධිං සඤ‍්චයස‍්ස පරිබ‍්බාජකස‍්ස සන‍්තිකෙ පබ‍්බජිංසු. තෙසං පබ‍්බජිතකාලතො පට‍්ඨාය සඤ‍්චයො ලාභග‍්ගයසග‍්ගප‍්පත‍්තො අහොසි . තෙ කතිපාහෙනෙව සබ‍්බං සඤ‍්චයස‍්ස සමයං පරිග‍්ගණ‍්හිත්‍වා තත්‍ථ සාරං අදිස‍්වා තතො නික‍්ඛමිත්‍වා තත්‍ථ තත්‍ථ තෙ තෙ පණ‍්ඩිතසම‍්මතෙ සමණබ්‍රාහ‍්මණෙ පඤ‍්හං පුච‍්ඡන‍්ති, තෙ තෙහි පුට‍්ඨා නෙව සම‍්පායන‍්ති, අඤ‍්ඤදත්‍ථු තෙයෙව තෙසං පඤ‍්හං විස‍්සජ‍්ජෙන‍්ති. එවං තෙ මොක‍්ඛං පරියෙසන‍්තා කතිකං අකංසු – “අම‍්හෙසු යො පඨමං අමතං අධිගච‍්ඡති, සො ඉතරස‍්ස ආරොචෙතූ”ති.

ඉක්බිති එක්දිනක ඔව්හු රාජගහෙ රජගහනුවර ගිරග්ග සමජ්ජ නම් වූ සැණකෙළියක් බලන්නාහු මහජනයා රැස්ව සිටිනු දැක නුවණ මුහුකුරා ගිය බැවින් සිහිනුවණින් ඉස්මතු වූවාහු මෙසේ සිතූහ. ‘මේ සියල්ලෝම වර්ෂ සියයකට පසු මරණයට පත්වෙති.’ සිතා සංවේගයට පත්ව අප විසින් මොක්‍ෂ ධර්මය සෙවිය යුතුයි. එයද සොයන්නවුන් විසින් එක්ව පැවිද්ද ලබන්නට සුදුසු යැයි තීරණය කොට පන්සියයක් මාණවකයන් සමග සඤ්ජය නම් පරිබ්‍රාජකයා ලග පැවිදි වූහ. ඔවුන් පැවිදි වූ කාලයේ පටන් සඤ්ජයො සංජයගේ ලාභසත්කාර අධික විය. ඔව්හු දවස් කීපයකින් සියළු සංජයස්ස සංජයගේ ඉගැන්වීම් විමසා බලා එහි හරයක් නොදැක එතනින් නික්ම ඒ ඒ තැන්වල උගතුන් යැයි සම්මත සමණ බ්‍රාහ්මණයන් හමුවී ප්‍රශ්න විචාරත්. ඔවුහු ඔවුන් විසින් විමසන දෙයට වෙනස් දෙයක් කීමෙන් ප්‍රශ්නය විසඳන්නට අසමත් වූහ. මෙසේ ඔවුහු මොක්‍ෂය සොයමින් ඇවිදින්නාහු කතිකාවතක් ඇතිකර ගත්හ. අප අතුරින් යමෙක් පළමුව විමුක්තිය සොයාගනීද ඔහු අනිත් තැනැත්තාට දැනුම්දිය යුතුයි.

තෙන ච සමයෙන අම‍්හාකං සත්‍ථරි පඨමාභිසම‍්බොධිං පත්‍වා පවත‍්තිතවරධම‍්මචක‍්කෙ අනුපුබ‍්බෙන උරුවෙලකස‍්සපාදිකෙ සහස‍්සජටිලෙ දමෙත්‍වා රාජගහෙ විහරන‍්තෙ එකදිවසං උපතිස‍්සො පරිබ‍්බාජකො පරිබ‍්බාජකාරාමං ගච‍්ඡන‍්තො ආයස‍්මන‍්තං අස‍්සජිත්‍ථෙරං රාජගහෙ පිණ‍්ඩාය චරන‍්තං දිස‍්වා “න මයා එවරූපො ආකප‍්පසම‍්පන‍්නො පබ‍්බජිතො දිට‍්ඨපුබ‍්බො, සන‍්තධම‍්මෙන නාම එත්‍ථ භවිතබ‍්බ”න‍්ති සඤ‍්ජාතප‍්පසාදො පඤ‍්හං පුච‍්ඡිතුං ආයස‍්මන‍්තං උදික‍්ඛන‍්තො පිට‍්ඨිතො පිට‍්ඨිතො අනුබන්‍ධි. ථෙරොපි ලද‍්ධපිණ‍්ඩපාතො පරිභුඤ‍්ජිතුං පතිරූපං ඔකාසං ගතො. පරිබ‍්බාජකො අත‍්තනො පරිබ‍්බාජකපීඨං පඤ‍්ඤාපෙත්‍වා අදාසි. භත‍්තකිච‍්චපරියොසානෙ චස‍්ස අත‍්තනො කුණ‍්ඩිකාය උදකං අදාසි.

ඒ කාලයේ අපගේ භාග්‍යවතුන් වහන්සේ උතුම් වූ බුද්ධත්වයට පත්ව පවත්වන ලද උතුම් දම්සක් පැවතුම් ඇත්තේ පිළිවෙලින් උරුවෙලකස්සපාදිකෙ උරුවෙල කස්සප ආදි දහසක් ජටිලයන් දමනය කර රාජගහං රජගහනුවරට පැමිණ වෙළුවනාරාමයේ වැඩවසයි. එක්දිනක් උපතිස්සො උපතිස්ස පරිබ්‍රාජක තෙමේ පිරිවැජි අරමට යන්නේ ආයුෂ්මත් අස්සජිත්‍ථෙරං අස්සජි තෙරුන් රජගහනුවර පිඬුසිඟා වඩින සැටි දැක ‘මා විසින් මීට පළමු මෙබඳු මනා ආකල්ප ඇති පැවිද්දකු දැක නැත. මෙහි යම් ශාන්ත ධර්මයක් තිබිය යුතුයි සිතා හටගත් පැහැදීම් ඇත්තේ ප්‍රශ්නයක් අසන්නට ඉඩක් බලාපොරොත්තුවෙන් පිටුපසින් ලුහුබැඳ ගියේය. තෙරුන් වහන්සේද ලැබූ පිණ්ඩපාතය වැළඳීමට යෝග්‍ය තැනකට ගියේය. පරිබ්‍රාජකයා තමාගේ පරිබ්‍රාජක ආසනය පිළියෙල කර දුන්නේය. දන් වළඳා අවසානයේ තමාගේ කෙණ්ඩියෙන් ජලයද දුන්නේය.

එවං සො ආචරියවත‍්තං කත්‍වා කතභත‍්තකිච‍්චෙන ථෙරෙන සද‍්ධිං පටිසන්‍ථාරං කත්‍වා “කො වා තෙ සත්‍ථා, කස‍්ස වා ත්‍වං ධම‍්මං රොචෙසී”ති පුච‍්ඡි. ථෙරො සම‍්මාසම‍්බුද‍්ධං අපදිසි. පුන තෙන “කිංවාදී පනායස‍්මතො සත්‍ථා”ති පුට‍්ඨො “ඉමස‍්ස සාසනස‍්ස ගම‍්භීරතං දස‍්සෙස‍්සාමී”ති අත‍්තනො නවකභාවං පවෙදෙත්‍වා සඞ‍්ඛෙපවසෙන චස‍්ස සාසනධම‍්මං කථෙන‍්තො “යෙ ධම‍්මා හෙතුප‍්පභවා”ති (මහාව· 60; අප· ථෙර 1.1.286; පෙටකො· 9) ගාථමාහ. පරිබ‍්බාජකො පඨමපදද‍්වයමෙව සුත්‍වා සහස‍්සනයසම‍්පන‍්නෙ සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාසි, ඉතරං පදද‍්වයං සොතාපන‍්නකාලෙ නිට‍්ඨාසි. ගාථාපරියොසානෙ පන සොතාපන‍්නො හුත්‍වා උපරි විසෙසෙ අප‍්පවත‍්තෙන‍්තෙ “භවිස‍්සති එත්‍ථ කාරණ”න‍්ති සල‍්ලක‍්ඛෙත්‍වා ථෙරං ආහ – “මා, භන‍්තෙ, උපරි ධම‍්මදෙසනං වඩ‍්ඪයිත්‍ථ, එත‍්තකමෙව හොතු, කහං අම‍්හාකං සත්‍ථා වසතී”ති? “වෙළුවනෙ”ති. “භන‍්තෙ, තුම‍්හෙ පුරතො ගච‍්ඡථ, අහං මය‍්හං සහායකස‍්ස කතපටිඤ‍්ඤං මොචෙත්‍වා තං ගහෙත්‍වා ආගමිස‍්සාමී”ති පඤ‍්චපතිට‍්ඨිතෙන වන්‍දිත්‍වා තික‍්ඛත‍්තුං පදක‍්ඛිණං කත්‍වා ථෙරං උය්‍යොජෙත්‍වා පරිබ‍්බාජකාරාමං අගමාසි.

මෙසේ ගුරුවතාවත් කොට බත්කිස අවසන්කළ තෙරුන් වහන්සේ සමග කථාබහ කොට ඔබවහන්සේගේ ගුරුවරයා කවුද? කවරකුගේ ධර්මයක් ප්‍රියකරන්නෙහිද? විචාළේය. තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගැන සඳහන් කළේය. නැවත ඔහු විසින් ඔබවහන්සේගේ ගුරුතුමා කවර වාදයක් ඇති කෙනෙක්දැයි විචාළේ, මොහුට සසුනෙහි ගැඹුරුබව දක්වා කියමියි සිතා තමන්ගේ නවක බව ප්‍රකාශකොට කෙටියෙන් උන්වහන්සේගේ සසුනෙහි ස්වරූපය කියන්නේ ‘යෙ ධම්මා හෙතුප්පභවා’ (යම් ධර්ම කෙනෙක් හේතුවක් නිසා හටගත්තේද) ආදී ගාථාව ප්‍රකාශ කළේය. පරිබ්‍රාජක තෙමේ පළමු පද දෙක අසාම දහසක් ක්‍රම ඇති සෝතාපත්ති ඵලයෙහි පිහිටියේය. ඉතිරි පද දෙක ගෙනහැර දක්වා සෝවාන් වූ කල්හි ගාථාව නිමකළේයැයි කියත්. ගාථාව අවසන් වනාහි සෝවාන් වී මත්තෙහි විශේෂයක් නොපවත්නා කල්හි මෙහි යම් හේතුවක් තිබිය යුතුයැයි සළකා තෙරුන් වහන්සේට මෙසේ කීය. ස්වාමීනි, මීට වඩා ධර්ම දේශනා නොකරන්න. මෙපමණක් ප්‍රමාණවත්ය. අපගේ ශාස්තෲන් වහන්සේ වැඩවසන්නේ කොහේද? වේළුවනයේ යැයි කී කල්හි, ස්වාමීනි! ඔබවහන්සේ පළමුව වඩින්න. මම මගේ යහළුවාට දුන් පොරොන්දුව ඉටුකර ඔහුවද රැගෙන එන්නෙමියි පසඟ පිහිටුවා වැඳ තුන් වතාවක් ප්‍රදක්‍ෂිණා කර තෙරුන් වහන්සේ පිටත්කර යවා පිරිවැජි අරමට ගියේය.

කොලිතපරිබ‍්බාජකො තං දූරතොව ආගච‍්ඡන‍්තං දිස‍්වා “මුඛවණ‍්ණො න අඤ‍්ඤදිවසෙසු විය, අද‍්ධානෙන අමතං අධිගතං භවිස‍්සතී”ති තෙනෙවස‍්ස විසෙසාධිගමං සම‍්භාවෙත්‍වා අමතාධිගමං පුච‍්ඡි. සොපිස‍්ස “ආමාවුසො, අමතං අධිගත”න‍්ති පටිජානිත්‍වා තමෙව ගාථං අභාසි. ගාථාපරියොසානෙ කොලිතො සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහිත්‍වා ආහ – “කහං නො සත්‍ථා”ති? “වෙළුවනෙ”ති. “තෙන හි, ආවුසො, ආයාම, සත්‍ථාරං පස‍්සිස‍්සාමා”ති. උපතිස‍්සො සබ‍්බකාලම‍්පි ආචරියපූජකොව, තස‍්මා සඤ‍්චයස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා සත්‍ථු ගුණෙ පකාසෙත්‍වා තම‍්පි සත්‍ථු සන‍්තිකං නෙතුකාමො අහොසි. සො ලාභාසාපකතො අන‍්තෙවාසිකභාවං අනිච‍්ඡන‍්තො “න සක‍්කොමි චාටි හුත්‍වා උදකසිඤ‍්චනං හොතු”න‍්ති පටික‍්ඛිපි. තෙ අනෙකෙහි කාරණෙහි තං සඤ‍්ඤාපෙතුං අසක‍්කොන‍්තා අත‍්තනො ඔවාදෙ වත‍්තමානෙහි අඩ‍්ඪතෙය්‍යසතෙහි අන‍්තෙවාසිකෙහි සද‍්ධිං වෙළුවනං අගමංසු. සත්‍ථා තෙ දූරතොව ආගච‍්ඡන‍්තෙ දිස‍්වා “එතං මෙ සාවකයුගං භවිස‍්සති අග‍්ගං භද‍්දයුග”න‍්ති වත්‍වා තෙසං පරිසාය චරියවසෙන ධම‍්මං දෙසෙත්‍වා අරහත‍්තෙ පතිට‍්ඨාපෙත්‍වා එහිභික‍්ඛුභාවෙන උපසම‍්පදං අදාසි. යථා තෙසං, එවං අග‍්ගසාවකානම‍්පි ඉද‍්ධිමයපත‍්තචීවරං ආගතමෙව. උපරිමග‍්ගත‍්තයකිච‍්චං පන න නිට‍්ඨාති. කස‍්මා? සාවකපාරමීඤාණස‍්ස මහන‍්තතාය.

කොලිත කොලිත පිරිවැජියා එන්නා වූ ඔහුව දුරදීම දැක මුහුණුවරින්ම විශේෂ අධිගමයක් ලබාගත් බව දැනගෙන නිර්වාණාවබෝධය පිළිබඳව ප්‍රශ්න කළේය. ඔහුද එසේය ඇවැත්නි! අමාව ලබාගත්තෙමියි ඔහුටද දන්වා ඒ ගාථාවම ඔහුට ප්‍රකාශ කළේය. ගාථාව අවසානයේ කොලිතො කොලිත තෙමේ සෝවාන්ඵලයෙහි පිහිටා මෙසේ කීය. මිත්‍රය! ශාස්තෲන් වහන්සේ කොහේ වැඩ සිටීද? වෙළුවනයෙහි යැයි කීය. එසේනම් ශාස්තෲන් වහන්සේ දකින්නට යමු. සාරිපුත්තත්‍ථෙරො සැරියුත් තෙරුන් වහන්සේ හැමකල්හිම ගුරුන් පුදන කෙනෙකි. ඒ නිසා සඤ්ජයස්ස සංජයගේ සමීපයට ගොස් බුදුගුණ කියා ඔහුවද බුදුන් සමීපයට කැඳවාගෙන යනු කැමැත්තේ විය. ඔහු ලාභසත්කාර ලැබීම අඩුවීම ගැන සිතා අතවැසි බව නොකැමැත්තේ දියවැලක්ව සිට දියබිඳුවක් වීමට නොකැමැත්තෙමියි. කීය. ප්‍රතික්‍ෂෙප කළේය. ඔවුහු නොයෙක් ආකාරයෙන් ඔහුට කරුණු පහදා දෙන්නට අසමත් වූවාහු තමාට කීකරු දෙසියපනහක් අතවැසියන් සමග වෙළුවනයට ගියහ. භාග්‍යවතුන් වහන්සේ එන්නා වූ එවුන් දුරදීම දැක මේ එන්නා වූ දෙදෙනා අග්‍රශ්‍රාවක යුගලය වන්නේයැයි වදාරා ඔවුන්ගේ පිරිසට ඔවුන්ගේ චරිතයන්ට යෝග්‍ය පරිදි ධර්මය දේශනා කර රහත්බවෙහි පිහිටුවා ඒහිභික්‍ෂුභාවයෙන් ඔවුන්ට උපසම්පදාව ලබාදුන් සේක. ඔවුන්ට යම්සේද මේ අග්‍රශ්‍රාවක දෙනමටද ඍද්ධිමය පාත්‍රාසිවුරු ලැබුන නමුත් ඉතිරි මාර්ගත්‍රය පිළිබඳව කටයුතු අවසන් වූයේ නැත. කුමක් නිසාද? ශ්‍රාවක පාරමී ඥානය මහත් බැවිනි.

තෙසු ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො පබ‍්බජිතදිවසතො සත‍්තමෙ දිවසෙ මගධරට‍්ඨෙ කල‍්ලවාලගාමෙ සමණධම‍්මං කරොන‍්තො ථිනමිද‍්ධෙ ඔක‍්කන‍්තෙ සත්‍ථාරා සංවෙජිතො ථිනමිද‍්ධං විනොදෙත්‍වා ධාතුකම‍්මට‍්ඨානං (අ· නි· 7.61) සුණන‍්තො එව උපරිමග‍්ගත‍්තයං අධිගන‍්ත්‍වා සාවකපාරමීඤාණස‍්ස මත්‍ථකං පාපුණි. ආයස‍්මා සාරිපුත‍්තො පබ‍්බජිතදිවසතො අඩ‍්ඪමාසං අතික‍්කමිත්‍වා සත්‍ථාරා සද‍්ධිං රාජගහෙ සූකරඛතලෙණෙ විහරන‍්තො අත‍්තනො භාගිනෙය්‍යස‍්ස දීඝනඛපරිබ‍්බාජකස‍්ස වෙදනාපරිග‍්ගහසුත‍්තන‍්තෙ (ම· නි· 2.201 ආදයො) දෙසියමානෙ දෙසනානුසාරෙන ඤාණං පෙසෙත්‍වා පරස‍්ස වඩ‍්ඪිතං භත‍්තං භුඤ‍්ජන‍්තො විය සාවකපාරමීඤාණස‍්ස මත්‍ථකං පාපුණි. ඉති ද‍්වින‍්නම‍්පි අග‍්ගසාවකානං සත්‍ථු සමීපෙ එව සාවකපාරමීඤාණං මත්‍ථකං පත‍්තං. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.1.141-374) –

ඔවුනතුරෙන් මහාමොග්ගල්ලානො මහාමොග්ගල්ලාන තෙරුන් පැවිදි වූ දවසෙන් සත්වෙනි දවසෙහි මගධ රටෙහි කල්ලවාලගාමෙ කල්ලවාලගමෙහි මහණදම් කරන්නේ ථිනමිද්ධයෙන් පීඩාවට පත්වූ කල්හි භාග්‍යවතුන් වහන්සේ විසින් දන්වන ලදුව ථිනමිද්ධය තුරන්කොට ධාතුකමටහන් අසාම ඉතිරි මාර්ගත්‍රය අවබෝධ කරගෙන ශ්‍රාවක පාරමී ඥානය මස්තකප්‍රාප්ත කරගත්තේය. ආයුෂ්මත් සාරිපුත්තො සැරියුත් තෙරුන් වහන්සේ පැවිදි දින සිට අඩමසක් ගියතැන භාග්‍යවතුන් වහන්සේ සමග රජගහනුවර සූකරඛත ලෙණෙහි (ඌරන් හෑරූ ලෙණ) වැඩවසන්නේ තමන්ගේ බෑණා වූ දීඝනඛ දීඝනඛ පරිබ්‍රාජකයාට ‘වෙදනා පරිග්‍රහ සූත්‍රාන්තය දේශනා කරන කල්හි දේශනාව අනුසාරයෙන්ම නුවණ මෙහෙයවා’ අනුන්ට දුන් බතක් වළඳන්නකු මෙන් ශ්‍රාවක පාරමී ඥානය මස්තකප්‍රාප්ත වූයේ විය. මෙසේ අග්‍රශ්‍රාවක දෙනමටම බුදුන් සමීපයේදීම ශ්‍රාවකපාරමී ඥානය මස්තකප්‍රාප්ත විය. ඒ නිසා අපදානයෙහි මෙසේ කියා ඇත.

“හිමවන‍්තස‍්ස අවිදූරෙ, ලම‍්බකො නාම පබ‍්බතො; අස‍්සමො සුකතො මය‍්හං, පණ‍්ණසාලා සුමාපිතා.

හිමවතට නුදුරෙහි ලම්බක නම් වූ පර්වතයක් ඇත. මට එහි ආශ්‍රමයක් සාදන ලදී. පන්සලක්ද නිර්මාණය කරන ලදී.

“උත‍්තානකූලා නදිකා, සුපතිත්‍ථා මනොරමා; සුසුද‍්ධපුලිනාකිණ‍්ණා, අවිදූරෙ මමස‍්සමං.

මගේ අසපුව අසල මනහර තොටුපලවල් ඇති උස් වූ ඉවුරු ඇති මනහර ගංගාය. ඉතා පිරිසිදු වැලිතලාවන්ගෙන් ගහණය.

“අසක‍්ඛරා අපබ‍්භාරා, සාදු අප‍්පටිගන්‍ධිකා; සන්‍දතී නදිකා තත්‍ථ, සොභයන‍්තා මමස‍්සමං.

ගල්කඳු ආදිය නැතිව මනාව සුවඳවත් වූ ගංගාවෝ ගලා බසිත්. එයින් මගේ අසපුව ශෝභාමත් වෙයි.

“කුම‍්භීලා මකරා චෙත්‍ථ, සුසුමාරා ච කච‍්ඡපා; චරන‍්ති නදියා තත්‍ථ, සොභයන‍්තා මමස‍්සමං.

කිඹුල්ලු, මකරු, සුංසුමාරයෝ, කැස්බෝ, මගේ අසපුව ශෝභාමත් කරමින් ඒ නදියෙහි සැරිසරත්.

“පාඨීනා පාවුසා මච‍්ඡා, බලජා මුඤ‍්ජරොහිතා; වග‍්ගළා පපතායන‍්තා, සොභයන‍්ති මමස‍්සමං.

පාඨින, පාවුස, බලජ, මුඤ්ජ, රෙහෙණ, මගුරු යන මත්ස්‍යයෝ මගේ අසපුව ශෝභාමත් කරමින් එහි පැන පැන යත්.

“උභො කූලෙසු නදියා, පුප‍්ඵිනො ඵලිනො දුමා; උභතො අභිලම‍්බන‍්තා, සොභයන‍්ති මමස‍්සමං.

ගඟෙහි ඉවුරු දෙපස මල් ඇති, ගෙඩි ඇති වෘක්‍ෂයෝ වෙත්. මගේ අසපුව ශෝභාමත් කරමින් දෙපස බබලත්.

“අම‍්බා සාලා ච තිලකා, පාටලී සින්‍දුවාරකා; දිබ‍්බගන්‍ධා සම‍්පවන‍්ති, පුප‍්ඵිතා මම අස‍්සමෙ.

මගේ අසපුවෙහි අඹ, සල්, තිලක, පළොල්, සින්දුවර යන ගස්වල මල් පිපී දිව්‍ය සුගන්ධය පතුරුවත්.

“චම‍්මකා සළලා නීපා, නාගපුන‍්නාගකෙතකා; දිබ‍්බගන්‍ධා සම‍්පවන‍්ති, පුප‍්ඵිතා මම අස‍්සමෙ.

සපු, සළල, කොහොඹ, නා, කිතුල් යන ගස් මල් පිපී දිව්‍යමය සුවඳ මාගේ අසපුවෙහි විහිදුවයි.

“අතිමුත‍්තා අසොකා ච, භගිනීමාලා ච පුප‍්ඵිතා; අඞ‍්කොලා බිම‍්බිජාලා ච, පුප‍්ඵිතා මම අස‍්සමෙ.

අසෝක, භගිනිමාලා, අංකොල, බිම්බජාල යන වෘක්‍ෂයෝ මනාව මල් පිපී නමගේ අසපුවෙහි වෙයි.

“කෙතකා කන්‍දලි චෙව, ගොධුකා තිණසූලිකා; දිබ‍්බගන්‍ධං සම‍්පවන‍්තා, සොභයන‍්ති මමස‍්සමං.

[missing trans]

“කණිකාරා කණ‍්ණිකා ච, අසනා අජ‍්ජුනා බහූ; දිබ‍්බගන්‍ධං සම‍්පවන‍්තා, සොභයන‍්ති මමස‍්සමං.

කණිකාර, කණ්ණිකා, අසන, අජ්ජුන යන වෘක්‍ෂයෝ මල් පිපී මගේ අසපුව සෝභාමත් කරමින් දිව්‍යමය සුවඳ විහිදුවත්

“පුන‍්නාගා ගිරිපුන‍්නාගා, කොවිළාරා ච පුප‍්ඵිතා; දිබ‍්බගන්‍ධං සම‍්පවන‍්තා, සොභයන‍්ති මමස‍්සමං.

පුන්නාග, ගිරිපුන්නාග, කොවිළාර යන වෘක්‍ෂයෝ මනාව මල් පිපී මගේ අසපුව ශෝභාමත් කරමින් දිව්‍යමය සුවඳ විහිදුවත්.

“උද‍්දාලකා ච කුටජා, කදම‍්බා වකුලා බහූ; දිබ‍්බගන්‍ධං සම‍්පවන‍්තා, සොභයන‍්ති මමස‍්සමං.

උද්දාලක, කුටජ, කදම්බ, බකුල වෘක්‍ෂයෝ මල්පිපී මගේ අසපුව සෝභාමත් කරමින් දිව්‍යමය සුවඳ විහිදුවත්.

“ආළකා ඉසිමුග‍්ගා ච, කදලිමාතුලුඞ‍්ගියො; ගන්‍ධොදකෙන සංවඩ‍්ඪා, ඵලානි ධාරයන‍්ති තෙ.

ආලක, ඉසිමුග්ග, කෙසෙල්, මාතුලුංගි යන වෘක්‍ෂයෝ සුවඳ ජලයෙන් වැඩී ඵල දරත්.

“අඤ‍්ඤෙ පුප‍්ඵන‍්ති පදුමා, අඤ‍්ඤෙ ජායන‍්ති කෙසරී; අඤ‍්ඤෙ ඔපුප‍්ඵා පදුමා, පුප‍්ඵිතා තළාකෙ තදා.

එකල්හි විල්වල අන්‍ය වූ පද්මයෝ පිපෙත්. කේසරී පුෂ්පයෝ හටගනිත්.

“ගබ‍්භං ගණ‍්හන‍්ති පදුමා, නිද‍්ධාවන‍්ති මුළාලියො; සිඞ‍්ඝාටිපත‍්තමාකිණ‍්ණා, සොභන‍්ති තළාකෙ තදා.

එකල්හි විල්වල පද්මයෝ ගැබ්ගනිත්. නෙලුම්අල විහිදී යත්. යුගල පත්‍රයන්ගෙන් යුක්තව විල් බබලත්.

“නයිතා අම‍්බගන්‍ධී ච, උත‍්තලී බන්‍ධුජීවකා; දිබ‍්බගන්‍ධා සම‍්පවන‍්ති, පුප‍්ඵිතා තළාකෙ තදා.

[missing trans]

“පාඨීනා පාවුසා මච‍්ඡා, බලජා මුඤ‍්ජරොහිතා; සංගුලා මග‍්ගුරා චෙව, වසන‍්ති තළාකෙ තදා.

පාඨින, පාවුස, බලජ, මුඤ්ජරොහිත, මකර, මග්ගුර යන මත්ස්‍යයෝ විලෙහි වසත්.

“කුම‍්භීලා සුසුමාරා ච, තන‍්තිගාහා ච රක‍්ඛසා; ඔගුහා අජගරා ච, වසන‍්ති තළාකෙ තදා.

කිඹුල්ලු, තන්තිගාහ, රාක්‍ෂසයෝ, පිඹුරෝ එකල්හි එම විලේ වසත්.

“පාරෙවතා රවිහංසා, චක‍්කවාකා නදීචරා; කොකිලා සුකසාළිකා, උපජීවන‍්ති තං සරං.

ඒ විල ඇසුරුකොට පරෙවියෝ, රවිහංසයෝ, සක්වාලිහිණියෝ, කොවුලෝ, ගිරව්, සැළයෝ ජීවත් වෙත්.

“කුකුත්‍ථකා කුළීරකා, වනෙ පොක‍්ඛරසාතකා; දින්‍දිභා සුවපොතා ච, උපජීවන‍්ති තං සරං.

වනයෙහි කුකුත්‍ථකයෝ, කුළීරකයෝය. පොක්‍ඛරසාටිකයෝය. දින්දිභයෝය. ඒ විල ඇසුරුකොට ජීවත්වෙත්.

“හංසා කොඤ‍්චා මයූරා ච, කොකිලා තම‍්බචූළකා; පම‍්පකා ජීවංජීවා ච, උපජීවන‍්ති තං සරං.

හංසයෝ, කොඤ්චයෝ, මොනරු, කොවුලෝ, තම්බචූලකයෝ, පම්පකයෝ හා ජීවඤ්ජීවයෝ ඒ විල ඇසුරුකොට ජීවත්වෙත්.

“කොසිකා පොට‍්ඨසීසා ච, කුරරා සෙනකා බහූ; මහාකාළා ච සකුණා, උපජීවන‍්ති තං සරං.

බොහෝ වූ කොසිකයෝ, පොට්ඨසීස, කුරුර, සෙනක, මහාකාළා යන පක්‍ෂීහු ඒ විල ඇසුරුකොට ජීවත්වෙති.

“පසදා ච වරාහා ච, චමරා ගණ‍්ඩකා බහූ; රොහිච‍්චා සුකපොතා ච, උපජීවන‍්ති තං සරං.

බොහෝවූ පසදා, සූකර, චමර, ගණ්ඩක, රොහිච්ච, සුකපොත යන පක්‍ෂීහු ඒ විල ඇසුරුකොට ජීවත් වෙති.

“සීහබ්‍යග‍්ඝා ච දීපී ච, අච‍්ඡකොකතරච‍්ඡකා; තිධා පභින‍්නමාතඞ‍්ගා, උපජීවන‍්ති තං සරං.

සිංහයෝ, ව්‍යාඝ්‍රයෝ, දිවියෝ, වලස්සු, ඇත්තු ඒ විල අසල ජීවත් වෙත්.

“කින‍්නරා වානරා චෙව, අථොපි වනකම‍්මිකා; චෙතා ච ලුද‍්දකා චෙව, උපජීවන‍්ති තං සරං.

කින්නරයෝ, වඳුරෝ මෙන්ම වනකම්මික සොරු ද වැද්දෝ ද ඒ විල ඇසුරු කොට ජීවත්වෙත්.

“තින්‍දුකානි පියාලානි, මධුකෙ කාසුමාරියො; ධුවං ඵලානි ධාරෙන‍්ති, අවිදූරෙ මමස‍්සමං.

මගේ අසපුව අසල තින්දුක, පියාල, මධුක, සුමාරි යන වෘක්‍ෂයෝ ඵල දරත්.

“කොසම‍්බා සළලා නිම‍්බා, සාදුඵලසමායුතා; ධුවං ඵලානි ධාරෙන‍්ති, අවිදූරෙ මමස‍්සමං.

කොහොඹ, සල්, වෘක්‍ෂයෝ ගෙඩි දරමින් මාගේ අසපුවට නුදුරෙහි තිබෙත්.

“හරීතකා ආමලකා, අම‍්බජම‍්බුවිභීතකා; කොලා භල‍්ලාතකා බිල‍්ලා, ඵලානි ධාරයන‍්ති තෙ.

නෙල්ලි, අඹ, ජම්බු, කෝල, භල්ලාතක, බෙලි, වෘක්‍ෂයෝ ඵල දරත්.

“ආලුවා ච කළම‍්බා ච, බිළාලීතක‍්කළානි ච; ජීවකා සුතකා චෙව, බහුකා මම අස‍්සමෙ.

ආලුවා, කළම්බා, ඛිල්ලානි, කක්කොලා, ජීවක, සරණ යන බොහෝ වෘක්‍ෂයෝ මගේ ආශ්‍රමයේ වෙත්.

“අස‍්සමස‍්සාවිදූරම‍්හි, තළාකාසුං සුනිම‍්මිතා; අච‍්ඡොදකා සීතජලා, සුපතිත්‍ථා මනොරමා.

මගේ අසපුවට නුදුරෙහි සීතල මහාජලය ඇති විසිතුරු ඉවුරු ඇති විල් නිර්මාණය කර ඇත.

“පදුමුප‍්පලසඤ‍්ඡන‍්නා, පුණ‍්ඩරීකසමායුතා; මන්‍දාලකෙහි සඤ‍්ඡන‍්නා, දිබ‍්බගන්‍ධොපවායති.

නෙලුම්-උපුල්වලින් ගැවසීගත් පුණ්ඩරීකයන්ගෙන් යුත් මන්දාරක වෘක්‍ෂයන්ගෙන් ගැවසී ගත්තේ දිව්‍යමය සුවඳ පැතිරෙයි.

“එවං සබ‍්බඞ‍්ගසම‍්පන‍්නෙ, පුප‍්ඵිතෙ ඵලිතෙ වනෙ; සුකතෙ අස‍්සමෙ රම‍්මෙ, විහරාමි අහං තදා.

එකල්හි මම සියළු අංගයන්ගෙන් සම්පූර්ණ මල්පිපුණු ඵලයන්ගෙන් සපිරි වනයෙහි සාදන ලද රම්‍ය වූ ආරාමයෙහි වාසය කරමි.

“සීලවා වතසම‍්පන‍්නො, ඣායී ඣානරතො සදා; පඤ‍්චාභිඤ‍්ඤාබලප‍්පත‍්තො, සුරුචි නාම තාපසො.

සිල්වත් වෘතසම්පන්න ධ්‍යාන වඩන හැමකල්හි ධ්‍යානයෙහි යෙදී සිටින පංච අභිඥා බලයන්ගෙන් සමන්විත සුරුචි නම් තාපසයෙක් වීමි.

“චතුවීසසහස‍්සානි, සිස‍්සා මය‍්හං උපට‍්ඨහුං; සබ‍්බෙ මං බ්‍රාහ‍්මණා එතෙ, ජාතිමන‍්තො යසස‍්සිනො.

විසිහතර දාහක් ශිෂ්‍යයෝ මට උපස්ථාන කළහ. මේ බ්‍රාහ්මණයෝ සියළුදෙනම ජාතිමත් වූ කීර්තිමත් අයය.

“ලක‍්ඛණෙ ඉතිහාසෙ ච, සනිඝණ‍්ඩුසකෙටුභෙ; පදකා වෙය්‍යාකරණා, සධම‍්මෙ පාරමිං ගතා.

ලක්‍ෂණ ශාස්ත්‍රයෙහි, ඉතිහාසයෙහි, නිඝණ්ඩු සහිත කෙටුභ, ව්‍යාකරණයෙහි හා ස්වධර්මයෙහි පරතෙරට ගියහ.

“උප‍්පාතෙසු නිමිත‍්තෙසු, ලක‍්ඛණෙසු ච කොවිදා; පථබ්‍යා භූමන‍්තලික‍්ඛෙ, මම සිස‍්සා සුසික‍්ඛිතා.

උප්පාත, නිමිත්ත, ලක්‍ෂණ ශාස්ත්‍රයන්හි දක්‍ෂ වූ මාගේ ශිෂ්‍යයෝ පෘථිවිය හා විශ්වය පිළිබඳව මනාව හදාරා ඇත්තෝය.

“අප‍්පිච‍්ඡා නිපකා එතෙ, අප‍්පාහාරා අලොලුපා; ලාභාලාභෙන සන‍්තුට‍්ඨා, පරිවාරෙන‍්ති මං සදා.

අල්පේච්ඡ වූ නිපක ප්‍රඥාවෙන් යුත් මොවුහු අල්ප වූ ආහාර ගන්නේ ලොල් නොවූහ. හැමදාම ලාභඅලාභ දෙකින්ම සතුටු වූවාහු මා පිරිවරා ගනිත්.

“ඣායී ඣානරතා ධීරා, සන‍්තචිත‍්තා සමාහිතා; ආකිඤ‍්චඤ‍්ඤං පත්‍ථයන‍්තා, පරිවාරෙන‍්ති මං සදා.

[missing trans]

“අභිඤ‍්ඤාපාරමිප‍්පත‍්තා, පෙත‍්තිකෙ ගොචරෙ රතා; අන‍්තලික‍්ඛචරා ධීරා, පරිවාරෙන‍්ති මං සදා.

[missing trans]

“සංවුතා ඡසු ද‍්වාරෙසු, අනෙජා රක‍්ඛිතින්‍ද්‍රියා; අසංසට‍්ඨා ච තෙ ධීරා, මම සිස‍්සා දුරාසදා.

දොරටු සයෙහි හික්මුණු තණ්හාවෙන් තොරවූවාහු රකින ලද ඉඳුරන් ඇත්තාහු ධීර වූ මාගේ ශිෂ්‍යයෝ කිසිවකුටත් යටත්කළ නොහැක්කහුය.

“පල‍්ලඞ‍්කෙන නිසජ‍්ජාය, ඨානචඞ‍්කමනෙන ච; වීතිනාමෙන‍්ති තෙ රත‍්තිං, මම සිස‍්සා දුරාසදා.

පලඟින්ද, හිඳීමෙන්ද, සිටීමෙන්ද, සක්මනින්ද කාටවත් යටත්කළ නොහැකි මාගේ ශිෂ්‍යයෝ රාත්‍රිය ගතකරත්.

“රජ‍්ජනීයෙ න රජ‍්ජන‍්ති, දුස‍්සනීයෙ න දුස‍්සරෙ; මොහනීයෙ න මුය‍්හන‍්ති, මම සිස‍්සා දුරාසදා.

ඇලිය යුත්තෙහි නොඇලෙත්. ද්වේෂ කටයුතු දේ කෙරෙහි ද්වේෂ නොකරත්. කාටවත් යටකළ නොහැකි මාගේ ශිෂ්‍යයෝ මුලාවිය යුත්තෙහි මුලා නොවෙත්.

“ඉද‍්ධිං වීමංසමානා තෙ, වත‍්තන‍්ති නිච‍්චකාලිකං; පථවිං තෙ පකම‍්පෙන‍්ති, සාරබ‍්භෙන දුරාසදා.

කිසිවකුටත් යටත්නොවන මාගේ ශිෂ්‍යයෝ නිරන්තරයෙන් සෘද්ධිය ගැන විමසිල්ලෙන් සිටිති. ඔවුහු පෘථිවිය කම්පාකරත්.

“කීළමානා ච තෙ සිස‍්සා, කීළන‍්ති ඣානකීළිතං. ජම‍්බුතො ඵලමානෙන‍්ති, මම සිස‍්සා දුරාසදා.

ක්‍රීඩා කරන්නා වූ ඒ ශිෂ්‍යයෝ ධ්‍යාන ක්‍රීඩා කරත්. දඹවලින් ගෙඩි ගෙන එත්.

“අඤ‍්ඤෙ ගච‍්ඡන‍්ති ගොයානං, අඤ‍්ඤෙ පුබ‍්බවිදෙහකං; අඤ‍්ඤෙ ච උත‍්තරකුරුං, එසනාය දුරාසදා.

අන්‍යයෝ අපර ගෝයානයට යත්. තව කොටසක් පූර්ව විදේහයට යත්. අනිත් අය උතුරුකුරු දෙසට යති.

“පුරතො පෙසෙන‍්ති ඛාරිං, පච‍්ඡතො ච වජන‍්ති තෙ; චතුවීසසහස‍්සෙහි, ඡාදිතං හොති අම‍්බරං.

ඉදිරියෙන් තවුස් පිරිකර යවත්. පසුව ඔවුහු යත්. විසිහතර දහසකින් අහස වසන ලදී.

“අග‍්ගිපාකී අනග‍්ගී ච, දන‍්තොදුක‍්ඛලිකාපි ච; අස‍්මෙන කොට‍්ටිතා කෙචි, පවත‍්තඵලභොජනා.

කෙනෙක් ගින්නෙන් පිසන්නෝය. කෙනෙක් හට ගිනි නැත්තේය. හැපීමට අපහසු දත් ඇත්තෝය. සමහරු ගලින් අඹරාගනිත්. ඇතැමෙක් වැටුනා වූ ගෙඩි භෝජනකොට ඇත්තාහ.

“උදකොරොහණා කෙචි, සායං පාතො සුචීරතා; තොයාභිසෙචනකරා, මම සිස‍්සා දුරාසදා.

සමහරු පිරිසිදුබව සඳහා උදයේද සමහරු සවසද ජලයට බසිත්. මාගේ ශිෂ්‍යයෝ ජලයෙන් කෑම නිසා ලඟාවිය නොහැක්කෝය.

“පරූළ‍්හකච‍්ඡනඛලොමා, පඞ‍්කදන‍්තා රජස‍්සිරා; ගන්‍ධිතා සීලගන්‍ධෙන, මම සිස‍්සා දුරාසදා.

කිහිලිවල දිගට වැඩුණු කෙස් ඇති, දිගට වැඩුණු නිය ඇති, මැලියම් බැඳි දත් ඇති, කිලිටි වූ හිස් ඇති සිල් සුවඳින් සුවඳවත් වූ මාගේ ශිෂ්‍යයෝ ළංවීමට නොහැක්කෝය.

“පාතොව සන‍්නිපතිත්‍වා, ජටිලා උග‍්ගතාපනා; ලාභාලාභං පකිත‍්තෙත්‍වා, ගච‍්ඡන‍්ති අම‍්බරෙ තදා.

උග්‍ර වූ තපස් ඇති ජටිලයෝ උදෙන්ම රැස්වී ලාභ අලාභ ප්‍රකාශකොට එකල්හි අහසේ යත්.

“එතෙසං පක‍්කමන‍්තානං, මහාසද‍්දො පවත‍්තති; අජිනචම‍්මසද‍්දෙන, මුදිතා හොන‍්ති දෙවතා.

නිකුත්ව යන්නා වූ මොවුන්ගේ මහා හඬක් පවතී. අඳුන්දිවිසම් සෙලවෙන හඬින් දෙවියෝ සතුටුවෙත්.

“දිසොදිසං පක‍්කමන‍්ති, අන‍්තලික‍්ඛචරා ඉසී; සකෙ බලෙනුපත්‍ථද‍්ධා, තෙ ගච‍්ඡන‍්ති යදිච‍්ඡකං.

අහසෙහි හැසිරෙන්නා වූ සෘෂිවරු ඒමේ දිසාවන්හි ගමන් කරත්. තමන්ගේ බලයෙන් යුක්ත වූ ඔවුහු තමා කැමැති තැනකට යත්.

“පථවීකම‍්පකා එතෙ, සබ‍්බෙව නභචාරිනො; උග‍්ගතෙජා දුප‍්පසහා, සාගරොව අඛොභියා.

අහසෙහි හැසිරෙන්නා වූ මොවුහු මහපොළව කම්පා කරත්. උග්‍ර වූ තේජස් ඇති කිසිවකුටත් යටත්කළ නොහැකි ඔවුන් මහසයුර මෙන් කැළඹෙන්නේ නැත.

“ඨානචඞ‍්කමිනො කෙචි, කෙචි නෙසජ‍්ජිකා ඉසී; පවත‍්තභොජනා කෙචි, මම සිස‍්සා දුරාසදා.

කිසිවකුටත් ලඟාවිය නොහැකි මාගේ සමහර ශිෂ්‍යයෝ සිඳීම, සක්මන, නේසජ්ජික යන ධුතංග දරණ ඍෂිවරුය. සමහරු භෝජන ගත්තෝය.

“මෙත‍්තාවිහාරිනො එතෙ, හිතෙසී සබ‍්බපාණිනං; අනත‍්තුක‍්කංසකා සබ‍්බෙ, න තෙ වම‍්භෙන‍්ති කස‍්සචි.

මෛත්‍රී විහාරයෙන් කල්යවන මොවුහු සියළු ප්‍රාණීන්ට හිතෛෂීය. සියල්ලෝම තමන් උසස්කොට දැක්වීමත් අනුන් හෙළාදැකීමක් නොකරත්.

“සීහරාජාවසම‍්භීතා, ගජරාජාව ථාමවා; දුරාසදා බ්‍යග‍්ඝාරිව, ආගච‍්ඡන‍්ති මමන‍්තිකෙ.

සිංහරාජයකු මෙන් තැතිගැන්මක් නැති හස්තිරාජයෙක් මෙන් ස්ථාවර වූ ව්‍යාඝ්‍රයන් මෙන් ලඟාවිය නොහැක්කාහු මා සමීපයට පැමිණෙත්.

“විජ‍්ජාධරා දෙවතා ච, නාගගන්‍ධබ‍්බරක‍්ඛසා; කුම‍්භණ‍්ඩා දානවා ගරුළා, උපජීවන‍්ති තං සරං.

සිද්ධවිද්‍යාධරයෝද දේවතාවෝද නාග ගන්‍ධර්ව, රාක්‍ෂසයෝද, කුම්භණ්ඩයෝද, දානවයෝද, ගුරුලෝද ඒ විල ඇසුරුකොට ජීවත්වෙත්.

“තෙ ජටාඛාරිභරිතා, අජිනුත‍්තරවාසනා; අන‍්තලික‍්ඛචරා සබ‍්බෙ, උපජීවන‍්ති තං සරං.

[missing trans]

“සදානුච‍්ඡවිකා එතෙ, අඤ‍්ඤමඤ‍්ඤං සගාරවා; චතුබ‍්බීසසහස‍්සානං, ඛිපිතසද‍්දො න විජ‍්ජති.

මොවුහු තමන්ට යෝග්‍ය පරිදි ඔවුනොවුන්ට ගෞරව සහිතව ජීවත් වෙත්. විසිහතර දහසක් වූ ඔවුන්ගේ කිසිම ශබ්දයක් නැත.

“පාදෙ පාදං නික‍්ඛිපන‍්තා, අප‍්පසද‍්දා සුසංවුතා; උපසඞ‍්කම‍්ම සබ‍්බෙව, සිරසා වන්‍දරෙ මමං.

පියවරෙන් පියවර තබා අල්ප වූ හඬ ඇතිව, මනා සංයමයෙන් යුක්තව සියල්ලෝම පැමිණ මාහට සිරස තබා වඳිති.

“තෙහි සිස‍්සෙහි පරිවුතො, සන‍්තෙහි ච තපස‍්සිභි; වසාමි අස‍්සමෙ තත්‍ථ, ඣායී ඣානරතො අහං.

මම ශාන්ත වූ තපස්සී වූ ඒ ශිෂ්‍යයන් විසින් පිරිවරන ලද්දෙම් ධ්‍යාන වඩන්නේ ධ්‍යනයෙහි ඇලුනේ මේ ආශ්‍රමයෙහි වාසය කරමි.

“ඉසීනං සීලගන්‍ධෙන, පුප‍්ඵගන්‍ධෙන චූභයං; ඵලීනං ඵලගන්‍ධෙන, ගන්‍ධිතො හොති අස‍්සමො.

සෘෂිවරුන්ගේ සිල්සුවඳ හා මල්සුවඳ යන උභය සුවඳින්ද ගෙඩිවල සුවඳින්ද මුළු අසපුවම සුවඳවත් වෙයි.

“රත‍්තින්‍දිවං න ජානාමි, අරති මෙ න විජ‍්ජති; සකෙ සිස‍්සෙ ඔවදන‍්තො, භිය්‍යො හාසං ලභාමහං.

රෑ දවල් නොදනිමි. අරතියක් මට නැත. මම තමන්ගේ ශිෂ්‍යයන්ට අවවාද කරන්නෙම් ලොකු සතුටක් ලබමි.

“පුප‍්ඵානං පුප‍්ඵමානානං, ඵලානඤ‍්ච විපච‍්චතං; දිබ‍්බගන්‍ධා පවායන‍්ති, සොභයන‍්තා මමස‍්සමං.

පිපුණු හා පිපෙන මල්වල පැසෙන්නා වූ ගෙඩිවලද දිව්‍යමය සුවඳ මාගේ ආශ්‍රමය පුරා විහිදී යත්.

“සමාධිම‍්හා වුට‍්ඨහිත්‍වා, අතාපී නිපකො අහං; ඛාරිභාරං ගහෙත්‍වාන, වනං අජ‍්ඣොගහිං අහං.

මම සමාධියෙන් නැගිට පව් තවන්නේ නිපක ප්‍රඥාවෙන් යුක්ත වූයෙම් කරෙහි තබාගත් බර සහිතව වනයට ඇතුල්වීමි.

“උප‍්පාතෙ සුපිනෙ චාපි, ලක‍්ඛණෙසු සුසික‍්ඛිතො; පවත‍්තමානං මන‍්තපදං, ධාරයාමි අහං තදා.

එකල්හි මම උත්පාක, සුපිණ ආදී ලක්‍ෂණවල මනා දැනුමක් ඇත්තේ ඒහා සම්බන්ධ මන්ත්‍ර පදයන් ධාරණය කරමි.

“අනොමදස‍්සී භගවා, ලොකජෙට‍්ඨො නරාසභො; විවෙකකාමො සම‍්බුද‍්ධො, හිමවන‍්තමුපාගමි.

භාග්‍යවත් වූ ලෝකශ්‍රේෂ්ඨ වූ මිනිසුන්ට උත්තම වූ අනොමදස්සී බුදුන්වහන්සේ හිමවතට වැඩි සේක.

“අජ‍්ඣොගාහෙත්‍වා හිමවන‍්තං, අග‍්ගො කාරුණිකො මුනි; පල‍්ලඞ‍්කං ආභුජිත්‍වාන, නිසීදි පුරිසුත‍්තමො.

උතුම් වූ පුරිසෝත්තම වූ, කාරුණික වූ, මුනීන්ද්‍රයන් වහන්සේ හිමවතට පිවිස පලක් බැඳ වැඩසිටි සේක.

“තමද‍්දසාහං සම‍්බුද‍්ධං, සප‍්පභාසං මනොරමං; ඉන්‍දීවරංව ජලිතං, ආදිත‍්තංව හුතාසනං.

ප්‍රභාමත්, මනරම් වූ ඉඳුවර මලක් බඳු වූ දිලිසෙන සූර්යයා බඳු අසුනෙහි වැඩසිටිය ඒ බුදුන් වහන්සේව මම දැක්කෙමි.

“ජලන‍්තං දීපරුක‍්ඛංව, විජ‍්ජුතං ගගනෙ යථා; සුඵුල‍්ලං සාලරාජංව, අද‍්දසං ලොකනායකං.

දිලිසෙන පහන් රුකක් වැනි, අහසේ විදුලියක් වැනි මනාව මල් පිපුණු සල්ගසක් වැනි ලෝකනායකයන් වහන්සේව දුටුවෙමි.

“අයං නාගො මහාවීරො, දුක‍්ඛස‍්සන‍්තකරො මුනි; ඉමං දස‍්සනමාගම‍්ම, සබ‍්බදුක‍්ඛා පමුච‍්චරෙ.

මේ මහාවීර වූ දුක අවසන් කරන්නා වූ මුනින්ද්‍රයන් වහන්සේ මේ දර්ශනයට පත්ව සියළු දුකින් මිදෙන්නේය.

“දිස‍්වානාහං දෙවදෙවං, ලක‍්ඛණං උපධාරයිං; බුද‍්ධො නු ඛො න වා බුද‍්ධො, හන්‍ද පස‍්සාමි චක‍්ඛුමං.

මම දෙවියන්ට දෙවි වූ උතුම් ලක්‍ෂණ දැක ඒ ගැන සළකා බැලීමි. බුදුවරයෙක්ද නැද්ද? චක්‍ෂුමත් ඒ උතුමන් වඳිමි.

“සහස‍්සාරානි චක‍්කානි, දිස‍්සන‍්ති චරණුත‍්තමෙ; ලක‍්ඛණානිස‍්ස දිස‍්වාන, නිට‍්ඨං ගච‍්ඡෙ තථාගතෙ.

උතුම් වූ දහසක් චක්‍ර ලක්‍ෂණයන් පාදයන්හි දුටුවෙමි. ඔහුගේ ලක්‍ෂණ බලා තථාගතයන් පිළිබඳ තීරණයකට පත්වූයෙමි.

“සම‍්මජ‍්ජනිං ගහෙත්‍වාන, සම‍්මජ‍්ජිත්‍වානහං තදා; අථ පුප‍්ඵෙ සමානෙත්‍වා, බුද‍්ධසෙට‍්ඨං අපූජයිං.

එවිට මම ඉදලක් ගෙන මිදුල ඇමදීමි. ඉක්බිති මල් පූජාකර බුද්ධ ශ්‍රේෂ්ඨයන් පූජා කළෙමි. සම්මා සම්බුද්ධ වූ සසර නමැති ඕඝයන්ගෙන් එතෙර වූ ආශ්‍රව නැති බුදුරජාණන් වහන්සේට නමස්කාර කර අඳුන්දිවිසම ඒකාංශකර ලෝකනායකයන් වහන්සේට නමස්කාර කළෙමි.

“පූජයිත්‍වාන සම‍්බුද‍්ධං, ඔඝතිණ‍්ණමනාසවං; එකංසං අජිනං කත්‍වා, නමස‍්සිං ලොකනායකං.

“යෙන ඤාණෙන සම‍්බුද‍්ධො, විහරති අනාසවො; තං ඤාණං කිත‍්තයිස‍්සාමි, සුණාථ මම භාසතො.

ආශ්‍රව නැති, සම්මා සම්බුදුරජාණන් වහන්සේ යම් ඤාණයකින් යුක්තව වැඩ වසයිද ඒ ඤාණය මම වර්ණනා කරමි. මාගේ භාෂණය ශ්‍රවණය කරන්න.

“සමුද‍්ධරසිමං ලොකං, සයම‍්භූ අමිතොදය; තව දස‍්සනමාගම‍්ම, කඞ‍්ඛාසොතං තරන‍්ති තෙ.

අමතෝදයන් වහන්ස, ස්වයංම්භූඥානය ඇති ඔබවහන්සේ මේ ලෝකය නිදහස් කරගන්නෙහිය. ඔව්හු ඔබවහන්සේගේ දර්ශනපථයට පැමිණ සැකය නමැති ජලකඳ තරණය කරත්.

“තුවං සත්‍ථා ච කෙතු ච, ධජො යූපො ච පාණිනං; පරායණො පතිට‍්ඨා ච, දීපො ච ද‍්විපදුත‍්තමො.

නුඹවහන්සේ සත්ත්වයන්ට ශාස්තෲ වන සේක. කේතුව, ධජය, යූපය වන සේක. මිනිසුන්ට උත්තම වූ සත්ත්වයන්ට එකම පිහිට වූ එකම ප්‍රදීපය වන්නේය.

“සක‍්කා සමුද‍්දෙ උදකං, පමෙතුං ආළ‍්හකෙන වා; න ත්‍වෙව තව සබ‍්බඤ‍්ඤු, ඤාණං සක‍්කා පමෙතවෙ.

සමුද්‍රයෙහි ඇති ජලය ආළ්හක ආදී මිණුමකින් ප්‍රමාණ කරන්නට පුළුවන. නමුත් සර්වඥයන් වහන්ස, ඔබවහන්සේගේ ඤාණය ප්‍රමාණවත් කරන්නට නොහැක.

“ධාරෙතුං පථවිං සක‍්කා, ඨපෙත්‍වා තුලමණ‍්ඩලෙ; න ත්‍වෙව තව සබ‍්බඤ‍්ඤු, ඤාණං සක‍්කා ධරෙතවෙ.

තරාදියක තබා මහපොළව දරන්නට පුළුවන. සර්වඥයන් වහන්ස, ඔබවහන්සේගේ ඤාණය එසේම රඳා තබන්නට නොහැක.

“ආකාසො මිනිතුං සක‍්කා, රජ‍්ජුයා අඞ‍්ගුලෙන වා; න ත්‍වෙව තව සබ‍්බඤ‍්ඤු, ඤාණං සක‍්කා පමෙතවෙ.

අහස නූලකින් හෝ අඟල් මිම්මකින් මනින්නට පුළුවන. සර්වඥයන් වහන්ස, ඔබවහන්සේගේ ඥානය එසේ මනින්නට නුපුළුවන.

“මහාසමුද‍්දෙ උදකං, පථවිඤ‍්චාඛිලඤ‍්ජහෙ; බුද‍්ධඤාණං උපාදාය, උපමාතො න යුජ‍්ජරෙ.

මහා සමුදුරේ ජලය හෝ මහපොළවේ පස් සම්බුදුන්ගේ ඤාණයට සමාන කිරීම සුදුසු නැත.

“සදෙවකස‍්ස ලොකස‍්ස, චිත‍්තං යෙසං පවත‍්තති; අන‍්තොජාලීකතා එතෙ, තව ඤාණම‍්හි චක‍්ඛුම.

දෙවියන් සහිත ලෝකයාගේ සිත් ඔබවහන්සේගේ ඤාණ ජාලයට ඇතුළත් වෙයි.

“යෙන ඤාණෙන පත‍්තොසි, කෙවලං බොධිමුත‍්තමං; තෙන ඤාණෙන සබ‍්බඤ‍්ඤු, මද‍්දසී පරතිත්‍ථියෙ.

යම්කිසි නුවණකින් උතුම් වූ බුද්ධත්වයට පත්වූ සේක්ද, සර්වඥයන් වහන්ස, ඒ ඥානයෙන් අන්‍ය තීර්ථකයන් මර්දනය කරන සේක.

“ඉමා ගාථා ථවිත්‍වාන, සුරුචි නාම තාපසො; අජිනං පත්‍ථරිත්‍වාන, පථවියං නිසීදි සො.

ඔහු මේ ගාථාවන් කියා සුරුචි නම් වූ තාපසයා අඳුන්දිවිසම බිම අතුරා හිඳගත්තේය.

“චුල‍්ලාසීතිසහස‍්සානි , අජ‍්ඣොගාළ‍්හො මහණ‍්ණවෙ; අච‍්චුග‍්ගතො තාවදෙව, ගිරිරාජා පවුච‍්චති.

මහා වනයෙහි කුඩා අසූදහසක් එකතුව එකෙනෙහිම ගිරිරාජ නමින් විශාල පර්වතයක් බිහිවිය.

“තාව අච‍්චුග‍්ගතො නෙරු, ආයතො විත්‍ථතො ච සො; චුණ‍්ණිතො අණුභෙදෙන, කොටිසතසහස‍්සසො.

එකෙණෙහිම මතුවී ආ මහා පර්වතය දිගින් පළලින් විශාලය. එය කෝටි සතසහශ්‍රයකට කැඩී බිඳී ගියේය.

“ලක‍්ඛෙ ඨපියමානම‍්හි, පරික‍්ඛයමගච‍්ඡථ; න ත්‍වෙව තව සබ‍්බඤ‍්ඤු, ඤාණං සක‍්කා පමෙතවෙ.

ලකුණක් තබන කල්හිම එය සම්පූර්ණයෙන් ක්‍ෂයවී ගියේය. සර්වඥයන් වහන්ස! ඔබවහන්සේගේ ඥානය එසේ සිඳී නොයන්නේය.

“සුඛුමච‍්ඡිකෙන ජාලෙන, උදකං යො පරික‍්ඛිපෙ; යෙ කෙචි උදකෙ පාණා, අන‍්තොජාලීකතා සියුං.

ඉතා සියුම් දැලකින් යමෙක් ජලය පෙරයිද ඇතැම් ප්‍රාණීහු ජලයෙහි අඩංගුව සිටිත්.

“තථෙව හි මහාවීර, යෙ කෙචි පුථුතිත්‍ථියා; දිට‍්ඨිගහනපක‍්ඛන්‍දා, පරාමාසෙන මොහිතා.

මහාවීරයන් වහන්ස, එසේම යම්කිසි තීර්ථකයෝ ඒ ඒ දෘෂ්ටි ගැනීමෙන් පැකිලුනාහු පරාමර්ශනය කිරීමෙන් මෝහනයට පත්වූහ.

“තව සුද‍්ධෙන ඤාණෙන, අනාවරණදස‍්සිනා; අන‍්තොජාලීකතා එතෙ, ඤාණං තෙ නාතිවත‍්තරෙ.

සියල්ල දකින්නා වූ ඔබවහන්සේගේ ශුද්ධ වූ ඤාණයෙන් මොවුහු ඔබවහන්සේගේ දැලට හසුවෙත්. ඤාණය ඉක්මවන්නට නොහැක්කේය.

“භගවා තම‍්හි සමයෙ, අනොමදස‍්සී මහායසො; වුට‍්ඨහිත්‍වා සමාධිම‍්හා, දිසං ඔලොකයී ජිනො.

ඒ කාලයෙහි ජින වූ මහා යසස් ඇති අනොමදස්සී භාග්‍යවතුන් වහන්සේ සමාධියෙන් නැගිට ලෝකය බැලූ සේක.

“අනොමදස‍්සිමුනිනො, නිසභො නාම සාවකො; පරිවුතො සතසහස‍්සෙහි, සන‍්තචිත‍්තෙහි තාදිභි.

අනොමදස්සී බුදුන්ගේ නිසභ නම් ශ්‍රාවකයන් වහන්සේ තාදී ගුණ ඇති ශාන්ත වූ සිත් ඇති සියක් දහසක් පිරිවර ඇත්තේය.

“ඛීණාසවෙහි සුද‍්ධෙහි, ඡළභිඤ‍්ඤෙහි ඣායිභි; චිත‍්තමඤ‍්ඤාය බුද‍්ධස‍්ස, උපෙසි ලොකනායකං.

ජලභිඤ්ඤා ලැබූ පවිත්‍ර වූ ක්‍ෂීණාශ්‍රවයන් සමග ධ්‍යාන වැඩීය. බුදුන් වහන්සේගේ සිත දැනගෙන තථාගතයන් වහන්සේ ලඟට පැමිණෙයි.

“අන‍්තලික‍්ඛෙ ඨිතා තත්‍ථ, පදක‍්ඛිණමකංසු තෙ; නමස‍්සන‍්තා පඤ‍්ජලිකා, ඔතරුං බුද‍්ධසන‍්තිකෙ.

ඔවුහු එහි අහසෙහි සිට ප්‍රදක්‍ෂිණා කළහ. ඇඳිලි බැඳගෙන නමස්කාර කරමින් බුදුන් සමීපයට ලඟාවූහ.

“අනොමදස‍්සී භගවා, ලොකජෙට‍්ඨො නරාසභො; භික‍්ඛුසඞ‍්ඝෙ නිසීදිත්‍වා, සිතං පාතුකරී ජිනො.

ලෝකනායක වූ මිනිසුන්ට නායක වූ අනොමදස්සී බුදුන්වහන්සේ භික්‍ෂූන් මැද වැඩසිටියේ සිනහ පහළ කළ සේක.

“වරුණො නාමුපට‍්ඨාකො, අනොමදස‍්සිස‍්ස සත්‍ථුනො; එකංසං චීවරං කත්‍වා, අපුච‍්ඡි ලොකනායකං.

අනොමදස්සී බුදුන්ගේ වරුණ නම් වූ උපස්ථායකයා සිවුර ඒකාංශකොට භාග්‍යවතුන් වහන්සේගෙන් විචාළේය.

“කො නු ඛො භගවා හෙතු, සිතකම‍්මස‍්ස සත්‍ථුනො; න හි බුද‍්ධා අහෙතූහි, සිතං පාතුකරොන‍්ති තෙ.

භාග්‍යවතුන් වහන්ස! සිනහ පහළ කිරීමට හේතුව කුමක්ද? බුදුවරයන් වහන්සේලා හේතුවක් නැතිව සිනහ පහළ නොකරත්.

“අනොමදස‍්සී භගවා, ලොකජෙට‍්ඨො නරාසභො; භික‍්ඛුමජ‍්ඣෙ නිසීදිත්‍වා, ඉමං ගාථං අභාසථ.

ලෝකනායක වූ මිනිසුන් අතර උත්තම වූ අනෝමදස්සී භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාව ප්‍රකාශ කළහ.

“යො මං පුප‍්ඵෙන පූජෙසි, ඤාණඤ‍්චාපි අනුත්‍ථවි; තමහං කිත‍්තයිස‍්සාමි, සුණොථ මම භාසතො.

යමෙක් මට මල්වලින් පූජාකළේද මාගේ ඤාණය පැසසූයේද මම ඔහුව පසසමි. මගේ ප්‍රකාශය අසන්න.

“බුද‍්ධස‍්ස ගිරමඤ‍්ඤාය, සබ‍්බෙ දෙවා සමාගතා; සද‍්ධම‍්මං සොතුකාමා තෙ, සම‍්බුද‍්ධමුපසඞ‍්කමුං.

සියළු දෙවියෝ බුදුන් වහන්සේගේ වචනය හඳුනාගෙන රැස්වූහ. සද්ධර්මය අසනු කැමැත්තාහු භාග්‍යවතුන් ලඟට රැස්වූහ.

“දසසු ලොකධාතූසු, දෙවකායා මහිද‍්ධිකා; සද‍්ධම‍්මං සොතුකාමා තෙ, සම‍්බුද‍්ධමුපසඞ‍්කමුං.

[missing trans]

“හත්‍ථී අස‍්සා රථා පත‍්තී, සෙනා ච චතුරඞ‍්ගිනී; පරිවාරෙස‍්සන‍්තිමං නිච‍්චං, බුද‍්ධපූජායිදං ඵලං.

ඇත්, අස්, රිය, පාබල යන චතුරංගනී සේනාව නිරන්තරයෙන් මා පිරිවරා සිටී. මේ බුද්ධ පූජාවේ ඵලයයි.

“සට‍්ඨිතූරියසහස‍්සානි, භෙරියො සමලඞ‍්කතා; උපට‍්ඨිස‍්සන‍්තිමං නිච‍්චං, බුද‍්ධපූජායිදං ඵලං.

සැටදහසක් තූර්යවාදයන් හා බෙර සූදානම්ව මා ලඟ වාදනය කරත්. මේ බුද්ධ පූජාවේ ඵලයයි.

“සොළසිත්‍ථිසහස‍්සානි, නාරියො සමලඞ‍්කතා; විචිත‍්තවත්‍ථාභරණා, ආමුත‍්තමණිකුණ‍්ඩලා.

විසිතුරු වස්ත්‍රාභරණවලින් සැරසුණු මුතුමැණික් කුණ්ඩලාභරණ පැලඳ සිටියාහු ඝන ඇහිබැම ඇත්තාහු සුන්දර සිනහ ඇත්තාහු සිහින් ඉඟ පෙදෙස් ඇත්තාහු සොළොස් දහසක් ස්ත්‍රීහු නිරන්තරයෙන් මා පිරිවරා සිටිත්. මේ බුද්ධ පූජාවේ ආනිශංසයයි.

“අළාරපම‍්හා හසුලා, සුසඤ‍්ඤා තනුමජ‍්ඣිමා; පරිවාරෙස‍්සන‍්තිමං නිච‍්චං, බුද‍්ධපූජායිදං ඵලං.

“කප‍්පසතසහස‍්සානි, දෙවලොකෙ රමිස‍්සති; සහස‍්සක‍්ඛත‍්තුං චක‍්කවත‍්තී, රාජා රට‍්ඨෙ භවිස‍්සති.

කල්ප ශතසහශ්‍රයක් දෙව්ලොව සැප විඳින්නේය. දහස් වාරයක් රටෙහි චක්‍රවර්තී රජවන්නේය.

“සහස‍්සක‍්ඛත‍්තුං දෙවින්‍දො, දෙවරජ‍්ජං කරිස‍්සති; පදෙසරජ‍්ජං විපුලං, ගණනාතො අසඞ‍්ඛියං.

ශක්‍රදේවේන්ද්‍රයා දහස් වාරයක් දිව්‍යරාජ්‍යය කරන්නේය. මහත් වූ ප්‍රදේශ රජවරුන්ගේ නායකයාය.

“පච‍්ඡිමෙ භවසම‍්පත‍්තෙ, මනුස‍්සත‍්තං ගමිස‍්සති; බ්‍රාහ‍්මණී සාරියා නාම, ධාරයිස‍්සති කුච‍්ඡිනා.

අවසාන ආත්මභාවයෙහි මිනිසත්බවට පත්වෙයි. සාරිය නම් බැමිණිය කුසින් දරන්නීය.

“මාතුයා නාමගොත‍්තෙන, පඤ‍්ඤායිස‍්සතියං නරො; සාරිපුත‍්තොති නාමෙන, තික‍්ඛපඤ‍්ඤො භවිස‍්සති.

මේ මනුෂ්‍යයා මවගේ නාම ගෝත්‍රයෙන් ප්‍රකට වෙයි. සාරිපුතක යන නම් ඇති තීක්‍ෂණ ඤාණ ඇත්තෙක් වන්නේය.

“අසීතිකොටී ඡඩ‍්ඩෙත්‍වා, පබ‍්බජිස‍්සතිකිඤ‍්චනො; ගවෙසන‍්තො සන‍්තිපදං, චරිස‍්සති මහිං ඉමං.

කෙනෙක් අසූකෝටියක් වස්තුව හැරදමා පැවිදි වෙති. ශාන්තපදය සොයමින් මේ ලෝකයේ හැසිරෙති.

“අපරිමෙය්‍යෙ ඉතො කප‍්පෙ, ඔක‍්කාකකුලසම‍්භවො; ගොතමො නාම ගොත‍්තෙන, සත්‍ථා ලොකෙ භවිස‍්සති.

මෙයින් අපරිමෙය්‍ය වූ කල්පයකදී ඔක්කාක කුලයෙහි බිහිවූ ගෝත්‍රයෙන් ගෞතම නම් වූ බුදු කෙනෙක් ලොව පහළ වන්නේය.

“තස‍්ස ධම‍්මෙසු දායාදො, ඔරසො ධම‍්මනිම‍්මිතො; සාරිපුත‍්තොති නාමෙන, හෙස‍්සති අග‍්ගසාවකො.

උන්වහන්සේගේ ධර්මය දායාද කොට ඇති ඖරස බුද්ධපුත්‍රයෙක් නමින් සාරිපුත්ත පහළ වන්නේය.

“අයං භාගීරථී ගඞ‍්ගා, හිමවන‍්තා පභාවිතා; මහාසමුද‍්දමප‍්පෙති, තප‍්පයන‍්තී මහොදධිං.

මේ භාගිරථි ගංගාව හිමාලයෙන් ආරම්භ වී මහසයුර වෙත පැමිණෙයි. මහා සාගරය පුරවයි.

“තථෙවායං සාරිපුත‍්තො, සකෙ තීසු විසාරදො; පඤ‍්ඤාය පාරමිං ගන‍්ත්‍වා, තප‍්පයිස‍්සති පාණිනෙ.

එසේම මේ සාරිපුත්ත ත්‍රිවිද්‍යාවන්හි විශාරද වූයේ ප්‍රඥාව පාරමිතාවක් ලෙස වඩා සත්ත්වයන් සතුටු කරවයි.

“හිමවන‍්තමුපාදාය , සාගරඤ‍්ච මහොදධිං; එත්‍ථන‍්තරෙ යං පුලිනං, ගණනාතො අසඞ‍්ඛියං.

හිමවතින් පටන්ගෙන මහා සමුදුර දක්වා වැලි ප්‍රමාණය ගණන් වශයෙන් අසංඛ්‍යයයි. අප්‍රමාණයි.

“තම‍්පි සක‍්කා අසෙසෙන, සඞ‍්ඛාතුං ගණනා යථා; න ත්‍වෙව සාරිපුත‍්තස‍්ස, පඤ‍්ඤායන‍්තො භවිස‍්සති.

එයද සංඛ්‍යා වශයෙන් ගණන් කළ හැකිය. නමුත් සැරියුත් තෙරුන්ගේ ප්‍රඥාව එසේ නොවේ.

“ලක‍්ඛෙ ඨපියමානම‍්හි, ඛීයෙ ගඞ‍්ගාය වාලුකා; න ත්‍වෙව සාරිපුත‍්තස‍්ස, පඤ‍්ඤායන‍්තො භවිස‍්සති.

[missing trans]

“මහාසමුද‍්දෙ ඌමියො, ගණනාතො අසඞ‍්ඛියා; තථෙව සාරිපුත‍්තස‍්ස, පඤ‍්ඤායන‍්තො න හෙස‍්සති.

මහා සමුද්‍රයේ රළගෙඩි ගණන අසංඛ්‍යයි. එසේ සැරියුත් තෙරුන්ගේ ප්‍රඥාව එසේ නොවන්නේය.

“ආරාධයිත්‍වා සම‍්බුද‍්ධං, ගොතමං සක්‍යපුඞ‍්ගවං; පඤ‍්ඤාය පාරමිං ගන‍්ත්‍වා, හෙස‍්සති අග‍්ගසාවකො.

සම්මා සම්බුද්ධයන් වූ ගෞතමයන් සතුටුකොට ප්‍රඥාව පාරමී තත්ත්වයට ගොස් අග්‍රශ්‍රාවක වන්නේය.

“පවත‍්තිතං ධම‍්මචක‍්කං, සක්‍යපුත‍්තෙන තාදිනා; අනුවත‍්තෙස‍්සති සම‍්මා, වස‍්සෙන‍්තො ධම‍්මවුට‍්ඨියො.

තාදි ගුණයෙන් යුත් ශාක්‍යපුත්‍රයන් වහන්සේ පවත්වන ලද දම්සක් ඇත්තේ ධර්ම නමැති වැහිබිඳු වස්වමින් ධර්ම වර්ෂාවක් පවත්වයි.

“සබ‍්බමෙතං අභිඤ‍්ඤාය, ගොතමො සක්‍යපුඞ‍්ගවො; භික‍්ඛුසඞ‍්ඝෙ නිසීදිත්‍වා, අග‍්ගට‍්ඨානෙ ඨපෙස‍්සති.

සාක්‍යපුංග වූ ගෞතමයන් වහන්සේ මේ සියල්ල දැනගෙන භික්‍ෂු සංඝයා මැද වැඩසිට අග්‍ර ස්ථානයෙහි තබන්නේය.

“අහො මෙ සුකතං කම‍්මං, අනොමදස‍්සිස‍්ස සත්‍ථුනො; යස‍්සාහං කාරං කත්‍වාන, සබ‍්බත්‍ථ පාරමිං ගතො.

අනෝමදස්සී බුදුන්ට මා විසින් යහපත් දෙයක් කරන ලදී. යමෙක් හට මම පූජා සත්කාර කොට හැමතන්හි පාරමී තත්ත්වයට ගියෙමි.

“අපරිමෙය්‍යෙ කතං කම‍්මං, ඵලං දස‍්සෙති මෙ ඉධ; සුමුත‍්තො සරවෙගොව, කිලෙසෙ ඣාපයිං අහං.

කරන ලද අප්‍රමාණ වූ කුසල ධර්මයන්ගේ ඵලය මෙහිදී මට පෙන්වන ලදී. ඊයක් මෙන් කෙලෙසුන්ගෙන් මිදුනෙමි. මම කෙලෙසුන් නැසුවෙමි.

“අසඞ‍්ඛතං ගවෙසන‍්තො, නිබ‍්බානං අචලං පදං; විචිනං තිත්‍ථියෙ සබ‍්බෙ, එසාහං සංසරිං භවෙ.

අසංඛත සංඛ්‍යාත වූ අචලපදය වූ නිර්වාණය සොයන්නේ එකල්හි මම සියළු තීර්ථකයන් සොයමින් සසර ඇවිද්දෙමි.

“යථාපි බ්‍යාධිතො පොසො, පරියෙසෙය්‍ය ඔසධං; විචිනෙය්‍ය වනං සබ‍්බං, බ්‍යාධිතො පරිමුත‍්තියා.

යම්සේ රෝගී පුද්ගලයෙක් ඖෂධයක් පාවිච්චි කරන්නේද එසේම සංසාර නමැති ව්‍යාධියෙන් මිදීම සඳහා සියළු ධනය වියදම් කරන්නේය.

“අසඞ‍්ඛතං ගවෙසන‍්තො, නිබ‍්බානං අමතං පදං; අබ‍්බොකිණ‍්ණං පඤ‍්චසතං, පබ‍්බජිං ඉසිපබ‍්බජං.

අමෘතපදය වූ අසංඛත නම් වූ නිර්වාණය සොයන්නේ පන්සියයක් පිරිවරා ඍෂි ප්‍රවෘජ්‍යාවෙන් පැවිදි වූයෙමි.

“ජටාභාරෙන භරිතො, අජිනුත‍්තරනිවාසනො; අභිඤ‍්ඤාපාරමිං ගන‍්ත්‍වා, බ්‍රහ‍්මලොකං අගච‍්ඡිහං.

ජටාබරින් බර වූයේ අඳුන්දිවිසමක් පෙරවා අභිඤ්ඤාවන් උපදවාගෙන බඹලොව ගියෙමි.

“නත්‍ථි බාහිරකෙ සුද‍්ධි, ඨපෙත්‍වා ජිනසාසනං; යෙ කෙචි බුද‍්ධිමා සත‍්තා, සුජ‍්ඣන‍්ති ජිනසාසනෙ.

ජින ශාසනය හැර වෙනත් වූ බාහිර ශුද්ධියක් නැත. යම් ඒ බුද්ධිමත් සත්ත්වයෝ ජින ශාසනයෙහිදී පවිත්‍රත්වයට පත්වෙති.

“අත‍්තකාරමයං එතං, නයිදං ඉතිහීතිහං; අසඞ‍්ඛතං ගවෙසන‍්තො, කුතිත්‍ථෙ සඤ‍්චරිං අහං.

යහපතක් ගෙන දෙන්නා වූ මෙය කතලුවක් නොවේ. අසංඛත සංඛ්‍යාත වූ නිර්වාණය සොයමින් නොගිය තැනක් නැත.

“යථා සාරත්‍ථිකො පොසො, කදලිං ඡෙත්‍වාන ඵාලයෙ; න තත්‍ථ සාරං වින්‍දෙය්‍ය, සාරෙන රිත‍්තකො හි සො.

යම්සේ හරයක් බලාපොරොත්තු වන පුරුෂයෙක් කෙසෙල් ගසක් පලන්නේය. නමුත් එහි අරටුවක් නොදකින්නේය. ඔහු හරයෙන් තොර කෙනෙක් වෙයි.

“තථෙව තිත්‍ථියා ලොකෙ, නානාදිට‍්ඨී බහුජ‍්ජනා. අසඞ‍්ඛතෙන රිත‍්තාසෙ, සාරෙන කදලී යථා.

එපරිද්දෙන් ලෝකයේ නානාදෘෂ්ටි ඇති බොහෝ ජනයා අසංඛත සංඛ්‍යාත අරටුවෙන් තොර වේ. යම්සේ හරයක් නැති කෙසෙල්ගස මෙනි.

“පච‍්ඡිමෙ භවසම‍්පත‍්තෙ, බ්‍රහ‍්මබන්‍ධු අහොසහං; මහාභොගං ඡඩ‍්ඩෙත්‍වාන, පබ‍්බජිං අනගාරියං.

මම අවසාන භවයෙහි බ්‍රහ්මබන්‍ධු කෙනෙක් වූයෙමි. බොහෝ භවභෝග සම්පත් අත්හැර දමා අනගාරික සසුනෙහි පැවිදි වූයෙමි.

“අජ‍්ඣායකො මන‍්තධරො, තිණ‍්ණං වෙදාන පාරගූ; බ්‍රාහ‍්මණො සඤ‍්චයො නාම, තස‍්ස මූලෙ වසාමහං.

ගුරුවරයෙක් වූ මන්ත්‍රධර වූ ත්‍රිවේදයෙහි පරතෙරට ගියා වූ සංජය නම් වූ බ්‍රාහ්මණයෙකි. මම ඔහු ලඟ වාසය කරමි.

“සාවකො තෙ මහාවීර, අස‍්සජි නාම බ්‍රාහ‍්මණො; දුරාසදො උග‍්ගතෙජො, පිණ‍්ඩාය චරතී තදා.

මහාවීරයන් වහන්ස, ලගාවිය නොහැකි උග්‍ර වූ තේජස් ඇති අස්සජී නම් බ්‍රාහ්මණයෙක් එකල්හි පිඬු පිණිස ඇවිදියි.

“තමද‍්දසාසිං සප‍්පඤ‍්ඤං, මුනිං මොනෙ සමාහිතං; සන‍්තචිත‍්තං මහානාගං, සුඵුල‍්ලං පදුමං යථා.

මම ඒ ප්‍රඥාවන්ත වූ මොනෙය්‍ය වතෙහි යෙදීම නිසා මුනි නම් වූ ශාන්ත වූ සිත් ඇති මහාභාග වූ පිපුණා වූ පද්මයක් බඳු උන්වහන්සේව දුටිමි.

“දිස‍්වා මෙ චිත‍්තමුප‍්පජ‍්ජි, සුදන‍්තං සුද‍්ධමානසං; උසභං පවරං වීරං, අරහායං භවිස‍්සති.

එසේ දැක මනාව දැමුනා වූ පවිත්‍ර මනසක් ඇති නායක වූ පුවර වූ ධීර වූ මුන්වහන්සේ අර්හත් උතුමෙක් වන්නේයැයි මට අදහසක් පහළ විය.

“පාසාදිකො ඉරියති, අභිරූපො සුසංවුතො; උත‍්තමෙ දමථෙ දන‍්තො, අමතදස‍්සී භවිස‍්සති.

ප්‍රසාදජනක ඉරියව් ඇති ප්‍රියජනක මනාව හික්මුනා වූ උතුම් වූ ආත්ම දමනයෙහි දමනය වූ මුන්වහන්සේ අමාව පෙන්වන්නෙක් වන්නේය.

“යංනූනාහං උත‍්තමත්‍ථං, පුච‍්ඡෙය්‍යං තුට‍්ඨමානසං; සො මෙ පුට‍්ඨො කථෙස‍්සති, පටිපුච‍්ඡාමහං තදා.

ඉදින් මම සතුටු සිතින් උත්තම අදහස විචාරන්නෙම් නම් උන්වහන්සේ එය ප්‍රකාශ කරන්නේය. එවිට මම විචාරමි.

“පිණ‍්ඩපාතං චරන‍්තස‍්ස, පච‍්ඡතො අගමාසහං; ඔකාසං පටිමානෙන‍්තො, පුච‍්ඡිතුං අමතං පදං.

අමතපදය ගැන ඇසීමට අවකාශයක් බලබලා මම පිඬුසිඟා වඩින උන්වහන්සේගේ පසුපස ගියෙමි.

“වීථින‍්තරෙ අනුප‍්පත‍්තං, උපගන‍්ත්‍වාන පුච‍්ඡහං; කථං ගොත‍්තොසි ත්‍වං වීර, කස‍්ස සිස‍්සොසි මාරිස.

වෙනත් වීථියකට වැඩියවිට උන්වහන්සේ ලඟට පැමිණ, වීරයන් වහන්ස! ඔබවහන්සේ කවර ගෝත්‍රයකද? උතුමාණනි! ඔබවහන්සේ කාගේ ශිෂ්‍යයෙක්ද? යනුවෙන් මම විචාළෙමි.

“සො මෙ පුට‍්ඨො වියාකාසි, අසම‍්භීතොව කෙසරී; බුද‍්ධො ලොකෙ සමුප‍්පන‍්නො, තස‍්ස සිස‍්සොම‍්හි ආවුසො.

උන්වහන්සේ එසේ විචාළ මට සිංහයකු මෙන් කිසි කලබලයක් නැතිව මෙසේ ප්‍රකාශ කළේය. බුදුන් ලොව පහළ විය. ඇවැත්නි! මම උන්වහන්සේගේ ශිෂ්‍යයෙක් වෙමි.

“කීදිසං තෙ මහාවීර, අනුජාතො මහායසො; බුද‍්ධස‍්ස සාසනං ධම‍්මං, සාධු මෙ කථයස‍්සු භො.

මහාවීරයන් වහන්ස! මහා කීර්ති ඇත්ත! පින්වතාණෙනි! බුදුන් වහන්සේගේ ශාසනය, ධර්මය කෙබඳු එකක්ද? මට ප්‍රකාශ කරන්නේ නම් මැනවි.

“සො මෙ පුට‍්ඨො කථී සබ‍්බං, ගම‍්භීරං නිපුණං පදං; තණ‍්හාසල‍්ලස‍්ස හන‍්තාරං, සබ‍්බදුක‍්ඛාපනූදනං.

ඔහු විචාළ මාහට ගැඹුරු වූ තණ්හා ඊය විනාශකරන සියලු දුක් නැතිකරන මුළු ධර්මයම ප්‍රකාශ කළේය.

“යෙ ධම‍්මා හෙතුප‍්පභවා, තෙසං හෙතුං තථාගතො ආහ; තෙසඤ‍්ච යො නිරොධො, එවංවාදී මහාසමණො.

යම් ඒ ධර්ම කෙනෙක් හේතුවක් නිසා හටගන්නේ ද ඒවාට හේතුව තථාගතයන් වහන්සේ ප්‍රකාශ කළ සේක. ඒවායේ නිරෝධයද දේශනා කළහ. මහා ශ්‍රමණයන් වහන්සේ මෙබඳු වාද ඇත්තෙකි.

“සොහං විස‍්සජ‍්ජිතෙ පඤ‍්හෙ, පඨමං ඵලමජ‍්ඣගං; විරජො විමලො ආසිං, සුත්‍වාන ජිනසාසනං.

පැනය විසඳූ කල්හි මම පළමු ඵලයට පැමිණියෙමි. ජින ශාසනය ගැන අසා රජස් රහිත මල රහිත වූයෙමි.

“සුත්‍වාන මුනිනො වාක්‍යං, පස‍්සිත්‍වා ධම‍්මමුත‍්තමං; පරියොගාළ‍්හසද‍්ධම‍්මො, ඉමං ගාථමභාසහං.

මුනිවරයන් වහන්සේගේ වචනය අසා උතුම් වූ ධර්මය දැක ධර්මයෙහි බැසගත්තෙම් මේ ගාථාව කීවෙමි.

“එසෙව ධම‍්මො යදි තාවදෙව, පච‍්චබ්‍යථ පදමසොකං; අදිට‍්ඨං අබ‍්භතීතං, බහුකෙහි කප‍්පනහුතෙහි.

බොහෝවූ කල්ප ගණනාවකින් දක්නට නොලැබුණු, නුදුටු මේ ධර්මය දැනගත්විටම අශෝකී නිර්වාණපදය ප්‍රත්‍යක්‍ෂ විය.

“ය‍්වාහං ධම‍්මං ගවෙසන‍්තො, කුතිත්‍ථෙ සඤ‍්චරිං අහං; සො මෙ අත්‍ථො අනුප‍්පත‍්තො, කාලො මෙ නප‍්පමජ‍්ජිතුං.

ඒ මම ධර්මය සොයමින් ඒ මේ තැන්වල සංචාරය කළෙමි. ඒ අර්ථය මා දැන් ලඟා කරගෙන ඇත. අප්‍රමාද වීමට දැන් කාලයයි.

“තොසිතොහං අස‍්සජිනා, පත්‍වාන අචලං පදං; සහායකං ගවෙසන‍්තො, අස‍්සමං අගමාසහං.

අස්සජී තෙරුන් විසින් අචල වූ තත්ත්වයට පත්කළ මම සතුටින් මිත්‍රයාව සොයමින් අසපුවට ගියෙමි.

“දූරතොව මමං දිස‍්වා, සහායො මෙ සුසික‍්ඛිතො; ඉරියාපථසම‍්පන‍්නො, ඉදං වචනමබ්‍රවි.

මනාව හික්මුනා වූ මාගේ මිත්‍රයා මා දුරදීම දැක මාගේ ඉරියව් දැක මේ වචනය ප්‍රකාශ කළේය.

“පසන‍්නමුඛනෙත‍්තොසි, මුනිභාවොව දිස‍්සති; අමතාධිගතො කච‍්චි, නිබ‍්බානමච‍්චුතං පදං.

ප්‍රසන්න වූ මුහුණ ඇත්තේ ඔබ කෙරෙහි මුනිභාවයක් පෙනෙන්නට තිබේ. උතුම් නිර්වාණපදය පිළිබඳ කිසියම් ධර්මයක් අවබෝධ කර ගත්තෙහිද?

“සුභානුරූපො ආයාසි, ආනෙඤ‍්ජකාරිතො විය; දන‍්තොව දන‍්තදමථො, උපසන‍්තොසි බ්‍රාහ‍්මණ.

බ්‍රාහ්මණය! ඔබ වළක්වන්නාක් මෙන් සුභ වූ දර්ශනයෙන් යුක්ත විය. දාන්ත වූයේ දාන්ත නොවූවන් දාන්ත කරන්නේ ඉතා උපශාන්ත වන්නෙහිය.

“අමතං මයාධිගතං, සොකසල‍්ලාපනූදනං; ත්‍වම‍්පි තං අධිගච‍්ඡෙසි, ගච‍්ඡාම බුද‍්ධසන‍්තිකං.

ශෝක නමැති ඊය විශෝධනය කරන්නා වූ අමෘතය, මා විසින් අවබෝධ කරගන්නා ලදී. ඔබද එය අවබෝධ කරගන්න. බුදුන් සමීපයට යමු.

“සාධූති සො පටිස‍්සුත්‍වා, සහායො මෙ සුසික‍්ඛිතො; හත්‍ථෙන හත්‍ථං ගණ‍්හිත්‍වා, උපගම‍්ම තවන‍්තිකං.

මනාව ශික්‍ෂණය වූ මාගේ මිත්‍රයා එයට එකඟ වී යහපතැයි පිළිතුරු දී අතින් අත අල්ලාගෙන ඔබවහන්සේ සමීපයට පැමිණ,

“උභොපි පබ‍්බජිස‍්සාම, සක්‍යපුත‍්ත තවන‍්තිකෙ; තව සාසනමාගම‍්ම, විහරාම අනාසවා.

අපි දෙදෙනාම ශාක්‍යපුත්‍රයන් වහන්සේ සමීපයෙහි පැවිදි වන්නෙමු. ඔබවහන්සේගේ ශාසනයට ඇතුළත්ව ආශ්‍රවයන්ගෙන් තොරව වාසය කරමු.

“කොලිතො ඉද‍්ධියා සෙට‍්ඨො, අහං පඤ‍්ඤාය පාරගො; උභොව එකතො හුත්‍වා, සාසනං සොභයාමසෙ.

කොලිත වනාහි ඍද්ධියෙන් ශ්‍රේෂ්ඨය. මම ප්‍රඥාවෙන් අගතැන්පත්ය. අපි දෙදෙනාම එකතුවී සසුන බබළුවන්නෙමු.

“අපරියොසිතසඞ‍්කප‍්පො, කුතිත්‍ථෙ සඤ‍්චරිං අහං; තව දස‍්සනමාගම‍්ම, සඞ‍්කප‍්පො පූරිතො මම.

බලාපොරොත්තු සුන්වී මම ඇවිද නොගිය තැනක් නැතිතරම්ය. ඔබවහන්සේගේ අභියසට පැමිණ බලාපොරොත්තු සම්පූර්ණ කරගත්තේ වෙමි.

“පථවියං පතිට‍්ඨාය, පුප‍්ඵන‍්ති සමයෙ දුමා; දිබ‍්බගන්‍ධා සම‍්පවන‍්ති, තොසෙන‍්ති සබ‍්බපාණිනං.

නියම කාලයේදී වෘක්‍ෂයෝ මහපොළොවෙහි පිහිටා මල් දරත්. දිව්‍යමය සුවඳ පතුරුවමින් සියළු ප්‍රාණීන් සතුටු කරත්.

“තථෙවාහං මහාවීර, සක්‍යපුත‍්ත මහායස; සාසනෙ තෙ පතිට‍්ඨාය, සමයෙසාමි පුප‍්ඵිතුං.

මහාවීරයන් වහන්ස! ශාක්‍යපුත්‍රයන් වහන්ස! මහා යසස් ඇත්ත! ඔබවහන්සේගේ සසුනෙහි පිහිටා නියම අවස්ථාවෙහි මල් හටගන්නට යයි.

“විමුත‍්තිපුප‍්ඵං එසන‍්තො, භවසංසාරමොචනං; විමුත‍්තිපුප‍්ඵලාභෙන, තොසෙමි සබ‍්බපාණිනං.

සසරින් මිදීමට විමුක්තිය නමැති මල සොයන්නේ ඒ විමුක්තිය නමැති මල ලබාගෙන සියළු ප්‍රාණීන් සතුටු කරමි.

“යාවතා බුද‍්ධඛෙත‍්තම‍්හි, ඨපෙත්‍වාන මහාමුනිං; පඤ‍්ඤාය සදිසො නත්‍ථි, තව පුත‍්තස‍්ස චක‍්ඛුම.

චක්‍ෂුමතුන් වහන්ස! ඔබවහන්සේගේ පුත්‍රයාට බුද්ධියෙන් සමාන කළ හැකි කෙනෙක් බුදු කෙතෙහි නැත.

“සුවිනීතා ච තෙ සිස‍්සා, පරිසා චසුසික‍්ඛිතා; උත‍්තමෙ දමථෙ දන‍්තා, පරිවාරෙන‍්ති තං සදා.

ඒ ශිෂ්‍යයෝ සුවිනීතය. පිරිසද මනාව හික්මුණෝ වෙත්. උතුම් වූ දමනයෙන් යුක්ත වූවාහු හැමකල්හි උන්වහන්සේ පිරිවරා සිටිත්.

“ඣායී ඣානරතා ධීරා, සන‍්තචිත‍්තා සමාහිතා; මුනී මොනෙය්‍යසම‍්පන‍්නා, පරිවාරෙන‍්ති තං සදා.

ධ්‍යාන කරන්නාහු ධ්‍යානයෙහි ඇලුනාහු ධීර වූ ශාන්ත වූ සිත් ඇති එකඟ වූ සිත් ඇත්තාහු මොනෙය්‍ය වතින් යුක්ත වූ මුනිවරයෝ උන්වහන්සේව හැමදා පිරිවරා සිටිත්.

“අප‍්පිච‍්ඡා නිපකා ධීරා, අප‍්පාහාරා අලොලුපා; ලාභාලාභෙන සන‍්තුට‍්ඨා, පරිවාරෙන‍්ති තං සදා.

අල්පේච්ඡ වූ නිපක ප්‍රඥාවෙන් යුක්ත වූ ධීර වූ අල්ප වූ ආහාර ඇත්තාහු ලොල් නොවූවාහු ලාභ අලාභ දෙකින්ම සතුටු වූවාහු උන්වහන්සේව සැමදා පිරිවරා සිටිත්.

“ආරඤ‍්ඤිකා ධුතරතා, ඣායිනො ලූඛචීවරා; විවෙකාභිරතා ධීරා, පරිවාරෙන‍්ති තං සදා.

ආරණ්‍යවාසී වූ ධූතයන්හි ඇලුනා වූ ධ්‍යාන කරන්නාහු සැහැල්ලු චීවර දරන්නාහු විවේකයෙහි ඇලුණු වීර වූ හැමදා උන්වහන්සේව පිරිවරත්.

“පටිපන‍්නා ඵලට‍්ඨා ච, සෙඛා ඵලසමඞ‍්ගිනො; ආසීසකා උත‍්තමත්‍ථං, පරිවාරෙන‍්ති තං සදා.

ප්‍රතිපත්ති මාර්ගයෙහි යෙදුනාහු ඵලයන්හි පිහිටියාහු හික්මියාහු ඵලලාභී වූවාහු උත්තම වූ අර්ථය කෙරෙහි බලාපොරොත්තු ඇත්තාහු උන්වහන්සේව හැමකල්හිම පිරිවරත්.

“සොතාපන‍්නා ච විමලා, සකදාගාමිනො ච යෙ; අනාගාමී ච අරහා, පරිවාරෙන‍්ති තං සදා.

සෝවාන් වූවෝද නිර්මල වූ සකෘදාගාමී ඇත්තෝද අනාගාමී හා අර්හත් ඇත්තෝද උන්වහන්සේ හැමකල්හි පිරිවරා සිටිත්.

“සතිපට‍්ඨානකුසලා, බොජ‍්ඣඞ‍්ගභාවනාරතා; සාවකා තෙ බහූ සබ‍්බෙ, පරිවාරෙන‍්ති තං සදා.

සතිපට්ඨානයෙහි දක්‍ෂ වූවෝ බොජ්ඣංග භාවනාවන්හි ඇලුනාහු ඒ බොහෝ ශ්‍රාවකයෝ උන්වහන්සේව හැමකල්හි පිරිවරා සිටිත්.

“ඉද‍්ධිපාදෙසු කුසලා, සමාධිභාවනාරතා; සම‍්මප‍්පධානානුයුත‍්තා, පරිවාරෙන‍්ති තං සදා.

සෘද්ධි පාදයන්හි දක්‍ෂ වූ සමාධි භාවනාවන්හි ඇලුනා වූ සම්‍යග් ප්‍රධන් වීර්යයෙහි යෙදුනාහු හැමකල්හි උන්වහන්සේ පිරිවරා සිටිත්.

“තෙවිජ‍්ජා ඡළභිඤ‍්ඤා ච, ඉද‍්ධියා පාරමිං ගතා; පඤ‍්ඤාය පාරමිං පත‍්තා, පරිවාරෙන‍්ති තං සදා.

ත්‍රිවිද්‍යා දරන්නා වූ ජ අභිඥාවන් ලද්දා වූ සෘද්ධියෙන් උසස්ම තත්ත්වයට පැමිණියා වූ ප්‍රඥාවෙන් උසස්ම තත්ත්වයට ගියා වූ ඇත්තෝ සැමදා උන්වහන්සේව අනුගමනය කරත්.

“එදිසා තෙ මහාවීර, තව සිස‍්සා සුසික‍්ඛිතා; දුරාසදා උග‍්ගතෙජා, පරිවාරෙන‍්ති තං සදා.

මහාවීරයන් වහන්ස, මෙබඳු වූ ඔබවහන්සේගේ ශිෂ්‍යයෝ මනාව හික්මුනාහු ලඟාවිය නොහැක්කාහු උග්‍ර වූ තේජස් ඇත්තාහු සැමකල්හි උන්වහන්සේව පිරිවරා සිටිත්.

“තෙහි සිස‍්සෙහි පරිවුතො, සඤ‍්ඤතෙහි තපස‍්සිභි; මිගරාජාවසම‍්භීතො, උළුරාජාව සොභසි.

හික්මුනා වූ තපස් ඇත්තා වූ ඒ ශිෂ්‍යයන් විසින් පිරිවරන ලද්දා වූ ඔබවහන්සේ තැතිගැන්මෙන් තොර සිංහරාජයකු මෙන්ද චන්ද්‍රයා මෙන් ද බබලන්නේය.

“පථවියං පතිට‍්ඨාය, රුහන‍්ති ධරණීරුහා; වෙපුල‍්ලතං පාපුණන‍්ති, ඵලඤ‍්ච දස‍්සයන‍්ති තෙ.

ඒ වෘක්‍ෂයෝ මහපොළොවෙහි පිහිටා එහි වැඩෙත්. විශාල බවට පත්වෙත්. ඵලද පෙන්වත්.

“පථවීසදිසො ත්‍වංසි, සක්‍යපුත‍්ත මහායස; සාසනෙ තෙ පතිට‍්ඨාය, ලභන‍්ති අමතං ඵලං.

ශාක්‍යපුත්‍රයන් වහන්ස! මහා යසස් ඇත්ත! ඔබවහන්සේ මහපොළව හා සමාන වන්නේය. ඔබවහන්සේගේ ශාසනයෙහි පිහිටා අමාඵලය ලබත්.

“සින්‍ධු සරස‍්සතී චෙව, නන්‍දියො චන්‍දභාගිකා; ගඞ‍්ගා ච යමුනා චෙව, සරභූ ච අථො මහී.

සින්දු, සරස්වතී, චන්දභාගී, ගංගා, යමුනා, සරභූ, මහී යන ගංගාවෝ ගලාබසිමින් සාගරයට පැමිණෙත්. පැරණි නම් සියල්ල අත්හරිත්. සියල්ලට සාගර යන නම ලබත්.

“එතාසං සන්‍දමානානං, සාගරොව සම‍්පටිච‍්ඡති; ජහන‍්ති පුරිමං නාමං, සාගරොතෙව ඤායති.

“තථෙවිමෙ චතුබ‍්බණ‍්ණා, පබ‍්බජිත්‍වා තවන‍්තිකෙ; ජහන‍්ති පුරිමං නාමං, බුද‍්ධපුත‍්තාති ඤායරෙ.

එපරිද්දෙන් සිව්කුලයන්ගෙන් ඔබවහන්සේ සමීපයෙහි පැවිදි වූවාහු පැරණි නම් අත්හරිත්. සියල්ලෝම බුද්ධ පුත්‍රයෝ යැයි හඳුන්වත්.

“යථාපි චන්‍දො විමලො, ගච‍්ඡං ආකාසධාතුයා; සබ‍්බෙ තාරගණෙ ලොකෙ, ආභාය අතිරොචති.

යම්සේ වනාහි අහසෙහි ගමන්කරන නිර්මල චන්ද්‍රයා ලෝකයේ සියළු තාරකා සමූහයන් අතර ප්‍රභාවෙන් වැඩිය බබලයි.

“තථෙව ත්‍වං මහාවීර, පරිවුතො දෙවමානුසෙ; එතෙ සබ‍්බෙ අතික‍්කම‍්ම, ජලසි සබ‍්බදා තුවං.

මහාවීරයන් වහන්ස! එපරිද්දෙන් ඔබවහන්සේ දෙව්මිනිසුන් විසින් පිරිවරන ලද්දේ මේ සියළු දෙනාම ඉක්මවා ඔබවහන්සේ බබලන සේක.

“ගම‍්භීරෙ උට‍්ඨිතා ඌමී, න වෙලමතිවත‍්තරෙ; සබ‍්බා වෙලංව ඵුසන‍්ති, සඤ‍්චුණ‍්ණා විකිරන‍්ති තා.

ගැඹුරු සාගරයෙහි නැගී එන්නා වූ රළ වෙරළ ඉක්මවා යන්නේ නැත. ඒ සියළුම රළ වෙරළ ස්පර්ශ කර විහිදී විසිරි යයි.

“තථෙව තිත්‍ථියා ලොකෙ, නානාදිට‍්ඨී බහුජ‍්ජනා; ධම‍්මං වාදිතුකාමා තෙ, නාතිවත‍්තන‍්ති තං මුනිං.

එසේම ලෝකයේ නානා දිට්ඨි ඇති තීර්ථක ජනයෝ ධර්මය ගැන වාදකරනු කැමැත්තෝ නමුත් ඒ මුනිවරයන් වහන්සේව ඉක්මවා නොයත්.

“සචෙ ච තං පාපුණන‍්ති, පටිවාදෙහි චක‍්ඛුම; තවන‍්තිකං උපගන‍්ත්‍වා, සඤ‍්චුණ‍්ණාව භවන‍්ති තෙ.

චක්‍ෂුමත් උත්තමයාණෙනි, ඒ අය වාද කිරීමට උන්වහන්සේ වෙතට පැමිණ සීසීකඩ විසිරි යත්.

“යථාපි උදකෙ ජාතා, කුමුදා මන්‍දාලකා බහූ; උපලිම‍්පන‍්ති තොයෙන, කද‍්දමකලලෙන ච.

යම්සේ ජලයේ හටගත්තා වූ බොහෝ වූ කුමුදු හා නෙලුම් මල් ජලයෙන් හා මඩවලින් අපිරිසිදු වෙත්.

“තථෙව බහුකා සත‍්තා, ලොකෙ ජාතා විරූහරෙ; අට‍්ටිතා රාගදොසෙන, කද‍්දමෙ කුමුදං යථා.

එපරිද්දෙන් ලෝකයේ පහළ වූ බොහෝ සත්ත්වයෝ ජලයේ කුමුදු මලක් මෙන් රාග ද්වේශයන්ගෙන් ස්පර්ශ වෙමින් සිටිත්.

“යථාපි පදුමං ජලජං, ජලමජ‍්ඣෙ විරූහති; න සො ලිම‍්පති තොයෙන, පරිසුද‍්ධො හි කෙසරී.

යම්සේ පද්මය ජලය මැද නැගී සිටිමින් පිරිසිදු කෙසරු ඇතිව ජලය ස්පර්ශ නොකර සිටී.

“තථෙව ත්‍වං මහාවීර, ලොකෙ ජාතො මහාමුනි; නොපලිම‍්පසි ලොකෙන, තොයෙන පදුමං යථා.

එපරිද්දෙන් මහාවීරයන් වහන්ස! ලෝකයේ උපන්නා වූ මහා මුනීන්ද්‍රයන් වහන්ස! ලෝකය සමග ඇලී නොසිටියි. යම්සේ ජලයෙන් නෙලුම් මල වෙන්ව තිබෙන්නාක් මෙනි.

“යථාපි රම‍්මකෙ මාසෙ, බහූ පුප‍්ඵන‍්ති වාරිජා; නාතික‍්කමන‍්ති තං මාසං, සමයො පුප‍්ඵනාය සො.

යම්සේ රම්මක මාසයෙහි බොහෝ ජලජ පුෂ්පයෝ හටගනිත්. මල් හටගැනීමට ඇති ඒ මාසය ඉක්මවා නොයත්.

“තථෙව ත්‍වං මහාවීර, පුප‍්ඵිතො තෙ විමුත‍්තියා; සාසනං නාතිවත‍්තන‍්ති, පදුමං වාරිජං යථා.

ශාක්‍යපුත්‍රයන් වහන්ස! නුඹවහන්සේ ඔවුන්ගේ විමුක්තිය සඳහා පිපී ඇත. ජලයේ හටගත් පද්මය මෙන් ශාසනය ඉක්ම නොයත්.

“සුපුප‍්ඵිතො සාලරාජා, දිබ‍්බගන්‍ධං පවායති; අඤ‍්ඤසාලෙහි පරිවුතො, සාලරාජාව සොභති.

මනාව මල් පිපුණු සාල වෘක්‍ෂය දිව්‍යමය සුවඳක් හමයි. අනිකුත් සාල වෘක්‍ෂයන් පිරිවරාගෙන සාල රාජා ලෙස බබලයි.

“තථෙව ත්‍වං මහාවීර, බුද‍්ධඤාණෙන පුප‍්ඵිතො; භික‍්ඛුසඞ‍්ඝපරිවුතො, සාලරාජාව සොභසි.

මහාවීරයන් වහන්ස! එපරිද්දෙන්ම ඔබවහන්සේ බුද්ධ ඥානයෙන් සුපුෂ්පිත වූයේ භික්‍ෂු සංඝයා පිරිවරා සාලරාජ වෘක්‍ෂයක් මෙන් බබලයි.

“යථාපි සෙලො හිමවා, ඔසධො සබ‍්බපාණිනං; නාගානං අසුරානඤ‍්ච, දෙවතානඤ‍්ච ආලයො.

යම්සේ හිමාලය පර්වතය සියළු ප්‍රාණීන්ට ඖෂධයකි. නාගයන්ට අසුරයන්ට මෙන්ම දෙවියන්ටද වාසස්ථානයකි.

“තථෙව ත්‍වං මහාවීර, ඔසධො විය පාණිනං; තෙවිජ‍්ජා ඡළභිඤ‍්ඤා ච, ඉද‍්ධියා පාරමිං ගතා.

මහාවීරයන් වහන්ස! එපරිද්දෙන් ඔබවහන්සේ සියළු ප්‍රාණීන්ට ඖෂධයක් බඳුය. ත්‍රිවිද්‍යාවෙන් ඡඅභිඥාවන්ගෙන් පරතෙරට ගිය සේක.

“අනුසිට‍්ඨා මහාවීර, තයා කාරුණිකෙන තෙ; රමන‍්ති ධම‍්මරතියා, වසන‍්ති තව සාසනෙ.

මහාවීරයන් වහන්ස! කාරුණික වූ ඔබවහන්සේ විසින් අවවාද කරන ලද්දා වූ ඔහු ඔබවහන්සේගේ සසුනෙහි ධර්මයෙහි ඇලී සතුටින් වාසය කරත්.

“මිගරාජා යථා සීහො, අභිනික‍්ඛම‍්ම ආසයා; චතුද‍්දිසානුවිලොකෙත්‍වා, තික‍්ඛත‍්තුං අභිනාදති.

යම්සේ මෘගරාජ වූ සිංහයා ගුහාවෙන් නික්ම සතර දිසාව බලා තුන්වරක් නාදකළේද,

“සබ‍්බෙ මිගා උත‍්තසන‍්ති, මිගරාජස‍්ස ගජ‍්ජතො; තථා හි ජාතිමා එසො, පසූ තාසෙති සබ‍්බදා.

සිංහ ගර්ජනාවෙන් සියළු මෘගයෝ තැතිගනිත්. එපරිද්දෙන් ජාතිමත් වූ මොහු සැමදා සත්ත්වයන් සන්ත්‍රාසයට පත්කරත්.

“ගජ‍්ජතො තෙ මහාවීර, වසුධා සම‍්පකම‍්පති; බොධනෙය්‍යාවබුජ‍්ඣන‍්ති, තසන‍්ති මාරකායිකා.

මහාවීරයන් වහන්ස, ඔබවහන්සේගේ ගර්ජනාවෙන් මහපොළව කම්පවෙයි. අවබෝධ කළයුතු පුද්ගලයෝ අවබෝධ කරත්. මාරයාට හිමි ශරීර ඇත්තෝ සන්ත්‍රාසයට පත්වෙති.

“තසන‍්ති තිත්‍ථියා සබ‍්බෙ, නදතො තෙ මහාමුනි; කාකා සෙනාව විබ‍්භන‍්තා, මිගරඤ‍්ඤා යථා මිගා.

මහා මුනීන්ද්‍රයන් වහන්ස! ඔබවහන්සේගේ නාදයෙන් සියළු තීර්ථකයෝ භයවෙත්. රංචුවෙන් කපුටන් මෙන්ද, යම්සේ සිංහයාගෙන් මෘගයන් මෙන්ද (භය වෙත්.)

“යෙ කෙචි ගණිනො ලොකෙ, සත්‍ථාරොති පවුච‍්චරෙ; පරම‍්පරාගතං ධම‍්මං, දෙසෙන‍්ති පරිසාය තෙ.

ලෝකයේ යම්කිසි ගණ ප්‍රධානියෙක් තමා ශාස්තෲ යැයි කියාගනිත්. ඔවුහු පරපුරෙන් ආ ධර්මය දේශනා කරත්.

“න හෙවං ත්‍වං මහාවීර, ධම‍්මං දෙසෙසි පාණිනං; සාමං සච‍්චානි බුජ‍්ඣිත්‍වා, කෙවලං බොධිපක‍්ඛියං.

මහාවීරයන් වහන්ස! ඔබවහන්සේ එසේ ප්‍රාණීන්ට ධර්මය දේශනා කරන්නේ නැත. හුදෙක් බෝධිපාක්‍ෂික ධර්මයන් හා චතුරාර්ය සත්‍යයන් අවබෝධ කරගෙන.

“ආසයානුසයං ඤත්‍වා; ඉන්‍ද්‍රියානං බලාබලං; භබ‍්බාභබ‍්බෙ විදිත්‍වාන, මහාමෙඝොව ගජ‍්ජසි.

ආසය, අනුසය දෙක දැනගෙන, ඉන්‍ද්‍රියයන්ගේ බල දුබලතාවයන් දැනගෙන යෝග්‍ය හා යෝග්‍ය නොවන පුද්ගලයන් අවබෝධ කරගෙන මහාමේඝයක් මෙන් ගර්ජනා කරන සේක.

“චක‍්කවාළපරියන‍්තා, නිසින‍්නා පරිසා භවෙ; නානාදිට‍්ඨී විචිනන‍්තං, විමතිච‍්ඡෙදනාය තං.

සක්වල අවසන දක්වා පැතිර සිටි පිරිස් නොයෙක් දෘෂ්ටීන් ගැන සිතන්නාහු ඒ විමතිය නැතිකිරීම සඳහා

“සබ‍්බෙසං චිත‍්තමඤ‍්ඤාය, ඔපම‍්මකුසලො මුනි; එකං පඤ‍්හං කථෙන‍්තොව, විමතිං ඡින්‍දසි පාණිනං.

සියල්ලන්ගේ සිත් දැනගෙන උපමාවේ දක්‍ෂ මුනිවරයන් වහන්සේ එකම ප්‍රශ්නයක් කියන්නා හාම සත්ත්වයන්ගේ විමතිය දුරු විය.

“උපතිස‍්සසදිසෙහෙව, වසුධා පූරිතා භවෙ; සබ‍්බෙව තෙ පඤ‍්ජලිකා, කිත‍්තයුං ලොකනායකං.

උපතිස්ස වැනි අයගෙන් පොළව පරිපූර්ණ වන්නේය. ඒ සියලුම දෙනා ඇඳිලි බැඳගෙන ලෝක නායකයන් වහන්සේව පැසසූහ.

“කප‍්පං වා තෙ කිත‍්තයන‍්තා, නානාවණ‍්ණෙහි කිත‍්තයුං; පරිමෙතුං න සක‍්කෙය්‍යුං, අප‍්පමෙය්‍යො තථාගතො.

ඔව්හු කල්පයක් හෝ නොයෙක් වර්ණනාවන්ගෙන් කීර්තිඝෝෂා කළහ. නමුත් ප්‍රමාණවත් කරන්නට සමත් නොවෙත්. තථාගතයන් වහන්සේලා වනාහි අප්‍රමාණ ගුණ ඇත්තෝය.

“යථා සකෙන ථාමෙන, කිත‍්තිතො හි මයා ජිනො; කප‍්පකොටීපි කිත‍්තෙන‍්තා, එවමෙව පකිත‍්තයුං.

යම්සේ මා විසින් තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ජීනයන් වහන්සේව පසසන ලදී. කල්ප කෝටියක් ප්‍රශංසා කරන්නේ මෙසේ කීර්ති ප්‍රශංසා කළෙමි.

“සචෙ හි කොචි දෙවො වා, මනුස‍්සො වා සුසික‍්ඛිතො; පමෙතුං පරිකප‍්පෙය්‍ය, විඝාතංව ලභෙය්‍ය සො.

ඉදින් කිසියම් දෙවියෙක් හෝ මිනිසෙක් හෝ මනාව හික්මුනේ බුදුගුණ මනින්නට උත්සාහ කරන්නේද ඔහු වෙහෙසට පත්වන්නේය.

“සාසනෙ තෙ පතිට‍්ඨාය, සක්‍යපුත‍්ත මහායස; පඤ‍්ඤාය පාරමිං ගන‍්ත්‍වා, විහරාමි අනාසවො.

ශාක්‍යපුත්‍රයන් වහන්ස! මහා යසස් ඇත. ඔබවහන්සේගේ අනුශාසනයෙහි පිහිටා ප්‍රඥාවෙන් පරතෙරට ගොස් ආශ්‍රවයන්ගෙන් තොරව වාසය කරමි.

“තිත්‍ථියෙ සම‍්පමද‍්දාමි, වත‍්තෙමි ජිනසාසනං; ධම‍්මසෙනාපති අජ‍්ජ, සක්‍යපුත‍්තස‍්ස සාසනෙ.

තීර්ථකයන් මර්දනය කරමි. ජින ශාසනය පවත්වාගෙන යමි. අද ධර්මසේනාපතීන් වහන්සේ ශාක්‍යපුත්‍රයන් වහන්සේගේ සසුනේය.

“අපරිමෙය්‍යෙ කතං කම‍්මං, ඵලං දස‍්සෙසි මෙ ඉධ; සුඛිත‍්තො සරවෙගොව, කිලෙසෙ ඣාපයී මම.

මෙහිදී කරන ලද අප්‍රමේය වූ කර්මයන්හි ඵලය දක්වන්නෙහිය. මනාව විදින ලද ඊපහරක් මෙන් සියළු කෙලෙස් නැතිකළෙමි.

“යො කොචි මනුජො භාරං, ධාරෙය්‍ය මත්‍ථකෙ සදා; භාරෙන දුක‍්ඛිතො අස‍්ස, භාරෙහි භරිතො තථා.

යම්කිසි මනුෂ්‍යයෙක් සැමවිටම හිසෙහි බරක් දරන්නේද ඔහු බරෙන් බර වූයේ ඒ බර නිසා දුකට පත්වූයේ වෙයි.

“ඩය‍්හමානො තීහග‍්ගීහි, භවෙසු සංසරිං අහං; භරිතො භවභාරෙන, ගිරිං උච‍්චාරිතො යථා.

මම ගිනි තුනකින් දැවෙමින් භවයෙහි හැසුරුනෙමි. බරෙන් බර වූයේ පර්වතය උදුරා දැම්මෙමි.

“ඔරොපිතො ච මෙ භාරො, භවා උග‍්ඝාටිතා මයා; කරණීයං කතං සබ‍්බං, සක්‍යපුත‍්තස‍්ස සාසනෙ.

මගේ බර බිම තබන ලද්දේ මා විසින් භවයෙන් ඔසවන ලදී. ශාක්‍ය පුත්‍රයන් වහන්සේගේ ශාසනයෙහි කළයුතු දේ කරන ලදී.

“යාවතා බුද‍්ධඛෙත‍්තම‍්හි, ඨපෙත්‍වා සක්‍යපුඞ‍්ගවං; අහං අග‍්ගොම‍්හි පඤ‍්ඤාය, සදිසො මෙ න විජ‍්ජති.

යම්තාක් බුදුකෙතෙහි ශාක්‍ය ප්‍රධානියකු හැර මම ප්‍රඥාවෙන් අග්‍ර වෙමි. මට සමානයෙක් නැත.

“සමාධිම‍්හි සුකුසලො, ඉද‍්ධියා පාරමිං ගතො; ඉච‍්ඡමානො චහං අජ‍්ජ, සහස‍්සං අභිනිම‍්මිනෙ.

සමාධි විෂයෙහි අතිදක්ෂය. ඍද්ධියෙන් පරතෙරට ගියේය. අද මම කැමැතිනම් දහසක් මවන්නෙමි.

“අනුපුබ‍්බවිහාරස‍්ස, වසීභූතො මහාමුනි; කථෙසි සාසනං මය‍්හං, නිරොධො සයනං මම.

අනුපිළිවෙල වාසයට වසී වූ මුනීන්ද්‍රයන් වහන්සේ මට නියෝග මාර්ගය දේශනා කළේය.

“දිබ‍්බචක‍්ඛු විසුද‍්ධං මෙ, සමාධිකුසලො අහං; සම‍්මප‍්පධානානුයුත‍්තො, බොජ‍්ඣඞ‍්ගභාවනාරතො.

මාගේ දිවැස පිරිසිදුය. මම සමාධියෙහි දක්‍ෂ වෙමි. සම්‍යග්ප්‍රධාන වීර්යයෙන් යුක්ත වූයේ බෝධ්‍යංග භාවනාවෙහි නිරත වූයෙමි.

“සාවකෙන හි පත‍්තබ‍්බං, සබ‍්බමෙව කතං මයා; ලොකනාථං ඨපෙත්‍වාන, සදිසො මෙ න විජ‍්ජති.

ශ්‍රාවකයකු විසින් පැතිය යුතු සියල්ල මා විසින් කරන ලදී. ලෝකනාථයන් වහන්සේ හැර මට සමාන කෙනෙක් නැත.

“සමාපත‍්තීනං කුසලො, ඣානවිමොක‍්ඛාන ඛිප‍්පපටිලාභී; බොජ‍්ඣඞ‍්ගභාවනාරතො, සාවකගුණපාරමිගතොස‍්මි.

සමාපත්තීන්හි දක්ෂ වූ ධ්‍යාන මොක්‍ෂලාභී බොධ්‍යංග භාවනාවෙහි නිරත වූ ශ්‍රාවක පාරමී තත්ත්වයට ගියෙමි.

“සාවකගුණෙනපි ඵුස‍්සෙන, බුද‍්ධියා පරිසුත‍්තමභාරවා; යං සද‍්ධාසඞ‍්ගහිතං චිත‍්තං, සදා සබ්‍රහ‍්මචාරීසු.

බුද්ධිය හා ස්පර්ශ වූ ශ්‍රාවක ගුණයන්ගෙන් යුක්ත වූ තම පිරිස කෙරෙහි උතුම් ගෞරව ඇති සැමකල්හි සියළු සබ්‍රහ්මචාරීන් කෙරෙන් පතළ සමසිත් ඇති.

“උද‍්ධතවිසොව සප‍්පො, ඡින‍්නවිසාණොව උසභො; නික‍්ඛිත‍්තමානදප‍්පොව, උපෙමි ගරුගාරවෙන ගණං.

ගලවා දැමූ විෂ ඇති සර්පයකු මෙන්ද, අඟ සිඳුනු වෘෂභයෙක් මෙන්ද පහත හෙළන ලද මානයෙන් හා දර්පයෙන් යුක්තව සංඝයා වෙත ගෞරවයෙන් එළඹෙමි.

“යදි රූපිනී භවෙය්‍ය, පඤ‍්ඤා මෙ වසුමතීපි න සමෙය්‍ය; අනොමදස‍්සිස‍්ස භගවතො, ඵලමෙතං ඤාණථවනාය.

ඉදින් මාගේ ප්‍රඥාව රූපවත් වන්නේ නම් මහපොළවට සමාන වන්නේ නැත. මේ අනෝමදස්සී බුදුන්ගේ ප්‍රඥාව වර්ණනා කිරීමේ ඵලයයි.

“පවත‍්තිතං ධම‍්මචක‍්කං, සක්‍යපුත‍්තෙන තාදිනා; අනුවත‍්තෙමහං සම‍්මා, ඤාණථවනායිදං ඵලං.

තාදිගුණ ඇති ශාක්‍යපුත්‍රයන් වහන්සේ විසින් පවත්වන ලද දම්සක් පැවතුම මම පවත්වාගෙන ගියෙමි. මේ සියල්ල ප්‍රඥාවට ප්‍රශංසා කිරීමේ ඵලයි.

“මා මෙ කදාචි පාපිච‍්ඡො, කුසීතො හීනවීරියො; අප‍්පස‍්සුතො අනාචාරො, සමෙතො අහු කත්‍ථචි.

මා කිසිදිනක කිසිතැනක පාපිෂ්ට, හීන වූ වීර්ය ඇති කුසීත වූ අල්පශ්‍රැත වූ අනාචාරයේ හැසිරෙන අය සමග සිටියේ නැත.

“බහුස‍්සුතො ච මෙධාවී, සීලෙසු සුසමාහිතො; චෙතොසමථානුයුත‍්තො, අපි මුද‍්ධනි තිට‍්ඨතු.

බහුශ්‍රැත වූ බුද්ධිමත් වූ සීලයන්හි මනාව යෙදුනා වූ චිත්ත සමථයෙහි යෙදුනා වූ ඇත්තන් මුදුනෙහි සිටීවා.

“තං වො වදාමි භද‍්දන‍්තෙ, තාවන‍්තෙත්‍ථ සමාගතා; අප‍්පිච‍්ඡා හොථ සන‍්තුට‍්ඨා, ඣායී ඣානරතා සදා.

යම්තාක් මෙතැනට රැස්වූ ස්වාමිවරුණි, ඔබලාට මෙසේ කියමි. අල්පේච්ඡ වව්. සතුටු වූ සිත් ඇත්තෝ වව්. හැමවිටම ධ්‍යනයෙහි ඇලුනු ධ්‍යාන වඩන්නෝ වව්.

“යමහං පඨමං දිස‍්වා, විරජො විමලො අහුං; සො මෙ ආචරියො ධීරො, අස‍්සජි නාම සාවකො.

මම යම් කෙනෙකුව පළමුව දැක රජස් නැති චිත්තමල රහිත තත්ත්වයට පැමිණියෙම්ද මාගේ ඒ ධීර වූ ආචාර්යයන් වහන්සේ අස්සජි නම් ශ්‍රාවකයන් වහන්සේය.

“තස‍්සාහං වාහසා අජ‍්ජ, ධම‍්මසෙනාපතී අහුං; සබ‍්බත්‍ථ පාරමිං පත්‍වා, විහරාමි අනාසවො.

අද මම උන්වහන්සේගේ ධර්මය රැකගන්නා තැනැත්තා වශයෙන් ධර්මසේනාපති වීමි. හැමතන්හි උසස් තත්ත්වයට පත්ව ආසවයන් නැතිව වාසය කරමි.

“යො මෙ ආචරියො ආසි, අස‍්සජි නාම සාවකො; යස‍්සං දිසායං වසති, උස‍්සීසම‍්හි කරොමහං.

මාගේ ආචාර්යයන් වහන්සේ අස්සජි නම් ශ්‍රාවකයන් වහන්සේ වූහ. උන්වහන්සේ යම් දිසාවක වැඩවසයිද මම හිස පහත් කරමි.

“මම කම‍්මං සරිත්‍වාන, ගොතමො සක්‍යපුඞ‍්ගවො; භික‍්ඛුසඞ‍්ඝෙ නිසීදිත්‍වා, අග‍්ගට‍්ඨානෙ ඨපෙසි මං.

ශ්‍රේෂ්ඨ වූ ගෞතමයන් වහන්සේ මගේ කර්මයන් සිහිපත්කොට භික්‍ෂු සංඝයා මැද වැඳ සිට මා අග්‍රස්ථානයෙහි තැබූ සේක.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

මාගේ ක්ලේශයෝ නැසුනාහ. බුද්ධ අනුශාසනය කරන ලදී.

අපරභාගෙ පන සත්‍ථා ජෙතවනමහාවිහාරෙ අරියගණමජ‍්ඣෙ නිසින‍්නො අත‍්තනො සාවකෙ තෙන තෙන ගුණවිසෙසෙන එතදග‍්ගෙ ඨපෙන‍්තො – “එතදග‍්ගං, භික‍්ඛවෙ, මම සාවකානං භික‍්ඛූනං මහාපඤ‍්ඤානං යදිදං සාරිපුත‍්තො”ති (අ· නි· 1.188-189) ථෙරං මහාපඤ‍්ඤභාවෙන එතදග‍්ගෙ ඨපෙසි. සො එවං සාවකපාරමීඤාණස‍්ස මත්‍ථකං පත්‍වා ධම‍්මසෙනාපතිට‍්ඨානෙ පතිට‍්ඨහිත්‍වා සත‍්තහිතං කරොන‍්තො එකදිවසං සබ්‍රහ‍්මචාරීනං අත‍්තනො චරියවිභාවනමුඛෙන අඤ‍්ඤං බ්‍යාකරොන‍්තො –

ශාස්තෲන් වහන්සේ වනාහි පසුකලෙක දෙව්රම් මහ වෙහෙරෙහි ආර්යසංඝයා මැද වැඩසිටියේ තමන්ගේ ශ්‍රාවකයන් ඒ ඒ ගුණ විශේෂයන්ගෙන් අග්‍රස්ථානයෙහි තබන්නේ මහණෙනි, මාගේ ශ්‍රාවක භික්‍ෂූන්ගෙන් මහා ප්‍රාඥයන් අතර මේ සාරිපුත්ත තෙරුන් මහාප්‍රාඥ භාවයෙන් අග්‍රස්ථානයෙහි තැබීය. හෙතෙම මෙසේ ශ්‍රාවක පාරමී ඥානයෙහි මස්තකප්‍රාප්ත වී ධර්මසේනාපති තනතුරෙහි පිහිටුවා ලෝකයාට යහපත සිදුකරන්නේ එක්දිනක් සබ්‍රහ්මචාරීන් වහන්සේලාට තමන්ගේ චරියාව ගෙනහැර දක්වන විලාශයෙන් අන් කරුණක් විස්තර කරන්නේ,

“යථාචාරී යථාසතො සතීමා, යතසඞ‍්කප‍්පජ‍්ඣායි අප‍්පමත‍්තො; අජ‍්ඣත‍්තරතො සමාහිතත‍්තො, එකො සන‍්තුසිතො තමාහු භික‍්ඛුං.

කාය සංවරතාදිය ඇතිව හැසිරෙන සිහි ඇති මිථ්‍යා සංකල්පයන් අතහැර නෙක්‍ඛම්ම ආදී සංයත වූ සංකල්පනාවෙන් යුක්ත වූ ධ්‍යාන වඩන අප්‍රමාදී වූ කර්මස්ථාන භාවනාවේ ඇලුනා වූ භාවනාවෙන් එකඟ වූ සිත් ඇති අසහාය වූ සතුටින් සිටින පුද්ගලයා භික්‍ෂුව යැයි කියති.

“අල‍්ලං සුක‍්ඛං වා භුඤ‍්ජන‍්තො, න බාළ‍්හං සුහිතො සියා; ඌනූදරො මිතාහාරො, සතො භික‍්ඛු පරිබ‍්බජෙ.

සිනිඳු හෝ රළු හෝ අහර අනුභව කරන්නේ බොහෝකොට අනුභව නොකරයි. නොපිරුණු කුස ඇත්තේ පමණ දැනගත් ආහාර ඇත්තේ සිහියෙන් යුක්තව භික්‍ෂුව හැසිරෙන්නේය.

“චත‍්තාරො පඤ‍්ච ආලොපෙ, අභුත්‍වා උදකං පිවෙ; අලං ඵාසුවිහාරාය, පහිතත‍්තස‍්ස භික‍්ඛුනො.

හතරපස් පිඩක් අනුභව නොකර ජලය බොන්නේය. නිර්වාණය කෙරෙහි යොදන ලද සිත් ඇති භික්‍ෂුවගේ සැප විහරණයට සුදුසුය.

“කප‍්පියං තඤ‍්චෙ ඡාදෙති, චීවරං ඉදමත්‍ථිකං; අලං ඵාසුවිහාරාය, පහිතත‍්තස‍්ස භික‍්ඛුනො.

මේ ප්‍රයෝජනය සඳහා කැප වූ සිවුරු හඳින්නේය. එය නිවනට යොමුකළ සිත් ඇති භික්‍ෂුවගේ පහසු පැවැත්මට සුදුසුය.

“පල‍්ලඞ‍්කෙන නිසින‍්නස‍්ස, ජණ‍්ණුකෙ නාභිවස‍්සති; අලං ඵාසුවිහාරාය, පහිතත‍්තස‍්ස භික‍්ඛුනො.

පර්යංකයෙන් සිටින්නහුගේ දෙදන වර්ෂාවෙන් නොතෙමෙන තෙක් සිටීද එබඳු චර්යාව නිවනට යොමුකළ සිත් ඇති භික්‍ෂුවගේ පහසු පැවැත්මට හේතු වෙයි.

“යො සුඛං දුක‍්ඛතො අද‍්ද, දුක‍්ඛමද‍්දක‍්ඛි සල‍්ලතො; උභයන‍්තරෙන නාහොසි, කෙන ලොකස‍්මි කිං සියා.

යමෙක් සැපය දුකක් ලෙස දුටුවේද දුක උලක් ලෙස දැක්කේද මේ දෙකට මැදිවීද නොවීය. මෙසේ සිටියහු කවරනම් දුකකින් බැඳුනේද?

“මා මෙ කදාචි පාපිච‍්ඡො, කුසීතො හීනවීරියො; අප‍්පස‍්සුතො අනාදරො, කෙන ලොකස‍්මි කිං සියා.

කවදා හෝ පාපිෂ්ඨ වූ කුසීත වූ හීන වූ වීරිය ඇති අල්පශ්‍රැත අනාදර පුද්ගලයාට ලෝකයේ කුමකින් කුමක් වෙයිද?

“බහුස‍්සුතො ච මෙධාවී, සීලෙසු සුසමාහිතො; චෙතොසමථමනුයුත‍්තො, අපි මුද‍්ධනි තිට‍්ඨතු.

බහුශ්‍රැත, බුද්ධිමත්, සීලයන්හි සංවර වූ චිත්ත දමනයෙහි යෙදුනා වූ තැනැත්තා මගේ මුදුහි සිටීවා.

“යො පපඤ‍්චමනුයුත‍්තො, පපඤ‍්චාභිරතො මගො; විරාධයී සො නිබ‍්බානං, යොගක‍්ඛෙමං අනුත‍්තරං.

යමෙක් ප්‍රපඤ්චයෙහි යෙදුනේද ප්‍රපඤ්චයෙහි ඇලුනේ වේද ඔහු බේම නම් වූ අනුත්තර වූ නිර්වාණයට නුදුරෙහි සිටියේ වෙයි.

“යො ච පපඤ‍්චං හිත්‍වාන, නිප‍්පපඤ‍්චපථෙ රතො; ආරාධයී සො නිබ‍්බානං, යොගක‍්ඛෙමං අනුත‍්තරං.

යමෙක් ප්‍රපඤ්චය අත්හැර ප්‍රපඤ්ච රහිත මාර්ගයෙහි ඇලුනේ වේද, අනුත්තර වූ ක්‍ෂේම වූ නිර්වාණය සාක්‍ෂාත් කරගත්තේය.

“ගාමෙ වා යදි වාරඤ‍්ඤෙ, නින‍්නෙ වා යදි වා ථලෙ; යත්‍ථ අරහන‍්තො විහරන‍්ති, තං භූමිරාමණෙය්‍යකං.

ගමේ හෝ අරණ්‍යයෙහි හෝ නිම්නයේ හෝ පොළවේ හෝ යම්තැනක රහතන් වහන්සේලා වැඩවසත්ද ඒ භූමිය රමණීය වන්නේය.

“රමණීයානි අරඤ‍්ඤානි, යත්‍ථ න රමතී ජනො; වීතරාගා රමිස‍්සන‍්ති, න තෙ කාමගවෙසිනො.

යම් ඒ රමණීය වූ අරණ්‍යයක ජනයෝ සතුටු නොවෙත්ද, වීතරාගී පුද්ගලයෝ එබඳු තන්හි සතුටු වෙති. ඔවුහු කාමගවේෂීහු නොවෙත්.

“නිධීනංව පවත‍්තාරං, යං පස‍්සෙ වජ‍්ජදස‍්සිනං; නිග‍්ගය‍්හවාදිං මෙධාවිං, තාදිසං පණ‍්ඩිතං භජෙ; තාදිසං භජමානස‍්ස, සෙය්‍යො හොති න පාපියො.

යමෙක් තමාගේ වරදක් පෙන්වා දෙන්නහු නිධානයක් පෙන්වන්නකු ලෙස දකීද වරද පෙන්වාදෙන එබඳු ඤාණවන්ත වූ පණ්ඩිතයකු භජනය කරන්නේය. එබන්දකු සේවනය කරන්නහුට යහපතක් මිස අයහපතක් සිදු නොවේ.

“ඔවදෙය්‍යානුසාසෙය්‍ය, අසබ‍්භා ච නිවාරයෙ; සතඤ‍්හි සො පියො හොති, අසතං හොති අප‍්පියො.

අවවාද කරන්නේය. අනුශාසනා කරන්නේය. අකුසල ධර්මයන්ගෙන් වලක්වන්නේය. එබඳු පුද්ගලයාව සත්පුරුෂයන්ට ප්‍රියය. අසත්පුරුෂයන්ට ප්‍රිය නැත.

“අඤ‍්ඤස‍්ස භගවා බුද‍්ධො, ධම‍්මං දෙසෙසි චක‍්ඛුමා; ධම‍්මෙ දෙසියමානම‍්හි, සොතමාධෙසිමත්‍ථිකො; තං මෙ අමොඝං සවනං, විමුත‍්තොම‍්හි අනාසවො.

චක්‍ෂුමත් වූ බුදුන්වහන්සේ අන් අයකුට ධර්මය දේශනා කළේය. ධර්මය දේශනාකරන කල්හි බලාපොරොත්තු සහිතව කන් යොමු කළෙමි. මට ඒ ශ්‍රවණය හිස් නොවූවකි. ආශ්‍රවයන්ගෙන් මිදුනේ වෙමි.

“නෙව පුබ‍්බෙනිවාසාය, නපි දිබ‍්බස‍්ස චක‍්ඛුනො; චෙතොපරියාය ඉද‍්ධියා, චුතියා උපපත‍්තියා; සොතධාතුවිසුද‍්ධියා, පණිධී මෙ න විජ‍්ජති.

පුබ්බෙනිවාසඥානය හෝ දිවැස සඳහා නොවේ. චෙතොපරිය ඥානය සඳහා හෝ සෘද්ධිය සඳහා හෝ චුති උත්පත්තිය දැනගැනීම සඳහා හෝ සොතධාතුවේ පිරිසිදු බව සඳහා හෝ මාගේ ප්‍රාර්ථනාවක් නොවීය.

“රුක‍්ඛමූලංව නිස‍්සාය, මුණ‍්ඩො සඞ‍්ඝාටිපාරුතො; පඤ‍්ඤාය උත‍්තමො ථෙරො, උපතිස‍්සොව ඣායති.

වෘක්‍ෂමූලයක් ඇසුරුකොට හිස මුඩුකර සඟල සිවුරක් පොරවාගෙන ප්‍රඥාවෙන් උත්තම වූ උපතිස්ස තෙරුන් වහන්සේ ධ්‍යාන වඩයි.

“අවිතක‍්කං සමාපන‍්නො, සම‍්මාසම‍්බුද‍්ධසාවකො; අරියෙන තුණ‍්හීභාවෙන, උපෙතො හොති තාවදෙ.

චතුර්ථ ධ්‍යානයට සමවන් සම්මා සම්බුද්ධ ශ්‍රාවකයාණෝ එකණෙහි ආර්ය වූ නිශ්ශබ්දතාවයෙන් යුක්ත වූයේ වෙයි.

“යථාපි පබ‍්බතො සෙලො, අචලො සුප‍්පතිට‍්ඨිතො; එවං මොහක‍්ඛයා භික‍්ඛු, පබ‍්බතොව න වෙධති.

යම්සේ ගල් පර්වතයක් නොසෙල්වී මනාව පිහිටියේ වෙයිද එපරිද්දෙන් මෝහය දුරුකළ භික්‍ෂුව පර්වතයක් මෙන් කම්පා නොවෙයි.

“අනඞ‍්ගණස‍්ස පොසස‍්ස, නිච‍්චං සුචිගවෙසිනො; වාලග‍්ගමත‍්තං පාපස‍්ස, අබ‍්භමත‍්තංව ඛායති.

(සිත) පිරිසිදු වූ නිතර පරිශුද්ධත්වයෙහි යෙදුනා වූ කෙස්ගසක අග පමණ වූ අල්ප පාපය වළාකුළු ස්වල්පයක් මෙන් දියවී යයි.

“නාභිනන්‍දාමි මරණං, නාභිනන්‍දාමි ජීවිතං; නික‍්ඛිපිස‍්සං ඉමං කායං, සම‍්පජානො පටිස‍්සතො.

මරණය ගැන සතුටු නොවෙමි. ජීවිතය ගැනද සතුටු නොවෙමි. සිහිකල්පනාවෙන් යුක්තව සම්පජාන ප්‍රඥාවෙන් මෙම සිරුර අත්හරින්නෙමි.

“නාභිනන්‍දාමි මරණං, නාභිනන්‍දාමි ජීවිතං; කාලඤ‍්ච පටිකඞ‍්ඛාමි, නිබ‍්බිසං භතකො යථා.

මරණය ගැන සතුටු නොවෙමි. ජීවිතය ගැනද සතුටු නොවෙමි. කාලයද අපේක්‍ෂා කරමි. කුලීකාරයෙක් මෙන් මුදල් උපයමි.

“උභයෙන මිදං මරණමෙව, නාමරණං පච‍්ඡා වා පුරෙ වා; පටිපජ‍්ජථ මා විනස‍්සථ, ඛණො වො මා උපච‍්චගා.

මේ මරණය වන්නේය. මරණය නොවීමෙක් නොවන්නේය. කලින් හෝ පසුව ඒකාන්ත වශයෙන් මරණය වන්නේය. ඒ නිසා මනා ප්‍රතිපත්ති පුරව්. (අපායාදියෙහි) මහාදුක් නොවිඳිව්. කාලයම, ඉක්ම නොයවා.

“නගරං යථා පච‍්චන‍්තං, ගුත‍්තං සන‍්තරබාහිරං; එවං ගොපෙථ අත‍්තානං, ඛණො වො මා උපච‍්චගා; ඛණාතීතා හි සොචන‍්ති, නිරයම‍්හි සමප‍්පිතා.

යම්සේ ප්‍රත්‍යන්තයක පිහිටි නගරය අභ්‍යන්තර බාහිර වශයෙන් මනාව ආරක්‍ෂා කෙරේද එපරිද්දෙන් තමාව ආරක්‍ෂා කරන්න. කාලය ඉක්ම නොයාවා. කාලය අතපසු කළ අප නිරයෙහි ශෝක කරත්.

“උපසන‍්තො උපරතො, මන‍්තභාණී අනුද‍්ධතො; ධුනාති පාපකෙ ධම‍්මෙ, දුමපත‍්තංව මාලුතො.

උපශාන්ත වූ නොඇලුනා වූ අල්පව කථාකරන උද්ධත නොවූ පුද්ගලයා ගසක කොල සුලඟින් සෙලවෙන්නාක් මෙන් පාපධර්මයන් සොලවයි.

“උපසන‍්තො උපරතො, මන‍්තභාණී අනුද‍්ධතො; අප‍්පාසි පාපකෙ ධම‍්මෙ, දුමපත‍්තංව මාලුතො.

[missing trans]

“උපසන‍්තො අනායාසො, විප‍්පසන‍්නො අනාවිලො; කල්‍යාණසීලො මෙධාවී, දුක‍්ඛස‍්සන‍්තකරො සියා.

උපශාන්ත වූ ආයාසයෙන් තොරව පැහැපත් නොකැළඹුනු යහපත් සිල් ඇති ප්‍රාඥයා දුක් කෙළවර කරන්නේය.

“න විස‍්සසෙ එකතියෙසු එවං, අගාරිසු පබ‍්බජිතෙසු චාපි; සාධූපි හුත්‍වාන අසාධු හොන‍්ති, අසාධු හුත්‍වා පුන සාධු හොන‍්ති.

ගිහි හෝ පැවිදි හෝ එක් පක්‍ෂයක්වත් විශ්වාස නොකරන්න. හොඳට සිට නරක් වෙත්. නරක්ව සිට හොඳ වෙත්. නරකව සිට නැවතත් හොඳ වෙත්.

“කාමච‍්ඡන්‍දො ච බ්‍යාපාදො, ථිනමිද‍්ධඤ‍්ච භික‍්ඛුනො; උද‍්ධච‍්චං විචිකිච‍්ඡා ච, පඤ‍්චෙතෙ චිත‍්තකෙලිසා.

කාමච්ඡන්‍දය, ව්‍යාපාදය, ථීනමිද්ධය, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා යන මේ පස භික්‍ෂුවකට චිත්තක්ලේශයෝ වෙත්.

“යස‍්ස සක‍්කරියමානස‍්ස, අසක‍්කාරෙන චූභයං; සමාධි න විකම‍්පති, අප‍්පමාදවිහාරිනො.

යමෙක්හට සත්කාර කරනවිටත්, සත්කාර නොකරනවිටත් යන දෙකේදීම මධ්‍යස්ථව කම්පා නොවී අප්‍රමාද විහාරීව සිටීද,

“තං ඣායිනං සාතතිකං, සුඛුමදිට‍්ඨිපස‍්සකං; උපාදානක‍්ඛයාරාමං, ආහු සප‍්පුරිසො ඉති.

නිරන්තරයෙන් ධ්‍යාන කරන සුබුම වූ දිට්ඨි විදර්ශක වූ උපාදානස්කන්‍ධයන් ක්‍ෂය කිරීමෙහි යෙදී සිටින්නහු සත්පුරුෂයා යැයි කීහ.

“මහාසමුද‍්දො පථවී, පබ‍්බතො අනිලොපි ච; උපමාය න යුජ‍්ජන‍්ති, සත්‍ථු වරවිමුත‍්තියා.

මහාසමුද්‍රයත්, මහපොළවත්, පර්වතයෝත් අවිඥානක බැවින් සියල්ල ඉවසත්. ශාස්තෲන් වහන්සේ උතුම් විමුක්තිය සඳහා ඒවා උපමා කිරීම සුදුසු නැත.

“චක‍්කානුවත‍්තකො ථෙරො, මහාඤාණී සමාහිතො; පථවාපග‍්ගිසමානො, න රජ‍්ජති න දුස‍්සති.

මහාප්‍රාඥ වූ සමාහිත සිත් ඇති දම්සක් පැවතුම් දේශනාවට අනුව පවත්නා වූ තෙරුන් වහන්සේ ගමන්මාර්ග ඇත්තේ ගින්න හා සමානය. නොඇලෙයි. කිලිටි නොවෙයි.

“පඤ‍්ඤාපාරමිතං පත‍්තො, මහාබුද‍්ධි මහාමති; අජළො ජළසමානො, සදා චරති නිබ‍්බුතො.

මහා බුද්ධිමත් වූ මහා මුනීන්ද්‍රයන් වහන්සේ ප්‍රඥාවෙන් පාරමී තත්ත්වයට පත් වූයේ ජලය නොවූවත් ජලයට සමානය. හැමවිටම නිවුනේ වෙයි.

“පරිචිණ‍්ණො මයා සත්‍ථා…පෙ… භවනෙත‍්තිසමූහතා.

මා විසින් ශාස්තෲන් වහන්සේව ඇසුරු කරන ලදී. බුද්ධ අවවාදය කරන ලදී. මහත් වූ භාරය බිම තබන ලදී. නැවත ඉපදීමක් නැත.

“සම‍්පාදෙථප‍්පමාදෙන, එසා මෙ අනුසාසනී; හන්‍දාහං පරිනිබ‍්බිස‍්සං, විප‍්පමුත‍්තොම‍්හි සබ‍්බධී”ති. –

අප්‍රමාදයෙන් සපයා ගන්න. මේ මාගේ අනුශාසනයයි. මම දැන් පිරිනිවන් පාන්නෙමි. සියළු ආකාරයෙන්ම මිදුනේ වෙමි.

ඉමා ගාථා අභාසි.

මේ ගාථාවන් ප්‍රකාශ කළේය.

ඉමා හි කාචි ගාථා ථෙරෙන භාසිතා, කාචි ථෙරං ආරබ‍්භ භගවතා භාසිතා, සබ‍්බා පච‍්ඡා අත‍්තනො චරියපවෙදනවසෙන ථෙරෙන භාසිතත‍්තා ථෙරස‍්සෙව ගාථා අහෙසුං.

මේවායින් ඇතැම් ගාථා තෙරුන් විසින් කියන ලද ඒවාය. ඇතැම් ඒවා තෙරුන් අරභයා භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදී. සියල්ලට පසුව තමන්ගේ පැවැත්ම ප්‍රකාශ කිරීම් වශයෙන් තෙරුන් විසින් කියන ලද බැවින් තෙරුන් වහන්සේගේම ගාථාවන් විය.

තත්‍ථ යථාචාරීති යථා කායාදීහි සංයතො, සංවුතො හුත්‍වා චරති විහරති, යථාචරණසීලොති වා යථාචාරී, සීලසම‍්පන‍්නොති අත්‍ථො. යථාසතොති යථාසන‍්තො. ගාථාසුඛත්‍ථඤ‍්හි අනුනාසිකලොපං කත්‍වා නිද‍්දෙසො කතො, සන‍්තො විය, අරියෙහි නිබ‍්බිසෙසොති අත්‍ථො. සතීමාති පරමාය සතියා සමන‍්නාගතො. යතසඞ‍්කප‍්පජ‍්ඣායීති සබ‍්බසො මිච‍්ඡාසඞ‍්කප‍්පං පහාය නෙක‍්ඛම‍්මසඞ‍්කප‍්පාදිවසෙන සංයතසඞ‍්කප‍්පො හුත්‍වා ආරම‍්මණූපනිජ‍්ඣානෙන ලක‍්ඛණූපනිජ‍්ඣානෙන ච ඣායනසීලො. අප‍්පමත‍්තොති තස‍්මිංයෙව යථාචාරිභාවෙ යතසඞ‍්කප‍්පො හුත්‍වා ඣායනෙන ච පමාදරහිතො සබ‍්බත්‍ථ සුප‍්පතිට‍්ඨිතසතිසම‍්පජඤ‍්ඤො. අජ‍්ඣත‍්තරතොති ගොචරජ‍්ඣත‍්තෙ කම‍්මට‍්ඨානභාවනාය අභිරතො. සමාහිතත‍්තොති තාය එව භාවනාය එකග‍්ගචිත‍්තො. එකොති අසහායො ගණසංසග‍්ගං, කිලෙසසංසග‍්ගඤ‍්ච පහාය කායවිවෙකං, චිත‍්තවිවෙකඤ‍්ච පරිබ්‍රූහයන‍්තො. සන‍්තුසිතොති පච‍්චයසන‍්තොසෙන ච භාවනාරාමසන‍්තොසෙන ච සම‍්මදෙව තුසිතො තුට‍්ඨො. භාවනාය හි උපරූපරි විසෙසං ආවහන‍්තියා උළාරං පීතිපාමොජ‍්ජං උප‍්පජ‍්ජති, මත්‍ථකං පත‍්තාය පන වත‍්තබ‍්බමෙව නත්‍ථි. තමාහු භික‍්ඛුන‍්ති තං එවරූපං පුග‍්ගලං සික‍්ඛත‍්තයපාරිපූරියා භයං ඉක‍්ඛනතාය භින‍්නකිලෙසතාය ච භික‍්ඛූති වදන‍්ති.

එහි යථාචාරී යනු යම්සේ කාය ආදියෙන් සංවර වී හැසිරෙයි. වාසය කරයි. යම්සේ හැසිරෙන ස්වභාව ඇති හෝ යථාචාරී යන්නෙන් සිල්වත් යන අර්ථය කියයි. යථාසතො යනු ශාන්ත පරිද්දෙන්. ගාථාවේ උච්චාරණ පහසුව සඳහා අනුනාසිකය ලොප්කර දක්වන ලදී. එයින් ශාන්ත වූයේ ආර්යයන්ගෙන් සතිමා යනු උතුම් සිහියෙන් යුක්ත වූ, යතසංකප්පඣායී යනු හැම අයුරකින්ම මිථ්‍යා සංකල්ප අත්හැර නෛෂ්ක්‍රම්‍ය සංකල්පාදි වශයෙන් හික්මුණු සංකල්ප ඇත්තේ වී ආරම්මණ හා ලක්‍ෂණ අනුව භාවනා කරන්නේ අප්පමත්තො යනු එකී යථාචාරී භාවයෙහි පවත්වාගෙන යන සංකල්ප ඇතිව ධ්‍යානයෙන්ද ප්‍රමාද රහිතව සියළු තන්හි සුපිහිටි සිහිකල්පනා ඇත්තේ අජ්ඣත්තරතො යනු අධ්‍යාත්මයෙහි කම්මට්ඨාන භාවනාව සඳහා ඇලුනේ. සමාහිතත්තො යනු ඒ භාවනාවෙන්ම එකඟ වූ සිත් ඇති. එකො යනු දෙවැන්නෙක් නැති ගණ සංසර්ගයත් ක්ලේශ සංසර්ගයත් හැර කාය විවේකයත් චිත්ත විවේකයත් වැඩිදියුණු කරගනිමින් සන්තුසිතො ප්‍රත්‍යයන් පිළිබඳ සතුටින් හා භාවනාවේ යෙදීම නිසා ඇතිවන සතුටින් යන දෙකින්ම මනාව සතුටු වූ, භාවනාවෙහි මතු මතුත් ආවර්ජනා කිරීමෙන් විශාලව සතුටක් උපදී. මස්තකප්‍රාප්ත වීම පිළිබඳව කිවයුතු නැත. තමාහු භික්‍ඛුං යනු මෙබඳු පුද්ගලයා භය දැකීමෙන් ද බිඳී ගිය කෙලෙස් ඇති බැවින් ද භික්‍ෂුව යැයි කියත්.

ඉදානි යථාවුත‍්තසන‍්තොසද‍්වයෙ පච‍්චයසන‍්තොසං තාව දස‍්සෙන‍්තො “අල‍්ලං සුක‍්ඛං වා”තිආදිමාහ. තත්‍ථ අල‍්ලන‍්ති සප‍්පිආදිඋපසෙකෙන තින‍්තං සිනිද‍්ධං. සුක‍්ඛන‍්ති තදභාවෙන ලූඛං. වා-සද‍්දො අනියමත්‍ථො, අල‍්ලං වා සුක‍්ඛං වාති. බාළ‍්හන‍්ති අතිවිය. සුහිතොති ධාතො න සියාති අත්‍ථො. කථං පන සියාති ආහ “ඌනූදරො මිතාහාරො”ති පණීතං ලූඛං වාපි භොජනං භුඤ‍්ජන‍්තො භික‍්ඛු යාවදත්‍ථං අභුඤ‍්ජිත්‍වා ඌනූදරො සල‍්ලහුකුදරො, තතො එව මිතාහාරො පරිමිතභොජනො අට‍්ඨඞ‍්ගසමන‍්නාගතං ආහාරං ආහරන‍්තො තත්‍ථ මත‍්තඤ‍්ඤුතාය පච‍්චවෙක‍්ඛණසතියා ච සතො හුත්‍වා පරිබ‍්බජෙ විහරෙය්‍ය.

දැන් කියනලද අයුරු දෙවදෑරුම් සන්තෝෂයන්ගෙන් ප්‍රත්‍ය සන්තෝෂය පළමුව දක්වන්නේ අල්ලං සුක්‍ඛංවා (මෘදු, රළු) ආදිය කීය. එහි අල්ලං යනු ගිතෙල් ආදිය දැමීමෙන් තෙත් වූ සිනිඳු වූ සුක්‍ඛං යනු පොතුවලින් රළු වූ ‘වා’ ශබ්දය අනියමාර්ථය සඳහා යෙදී ඇත. අල්ලංවා සුක්කංවා යනුවෙන් ප්‍රකාශ වුනේ එයයි. බාළ්හං අතිශයින් සුහිතො යනු තෘප්තිමත් නොවූයේ යන අර්ථයි. කෙසේනම් වන්නේද? ඌනුදරො මිතාහාරො - අඩු වූ කුස පිරීම් ඇති ප්‍රමාණයට වළඳන, ප්‍රණීත වූ හෝ කටුක වූ හෝ භෝජනයක් අනුභව කරන්නේ භික්‍ෂුව ඇති තරම් නොවළඳා ඌනුදරො සැහැල්ලු කුසක් ඇත්තේ. එයින්ම මිතාහාරො සීමාසහිතව බොජුන් ගන්නේ, අංග අටකින් යුත් ආහාරය වළඳන්නේ එහි ප්‍රමාණවත් බව සඳහා ප්‍රත්‍යවේක්‍ෂා කරන සිහියෙන් සතො යුක්තව. පරිබ්බජෙන වාසය කරන්නේය.

යථා පන ඌනූදරො මිතාහාරො ච නාම හොති, තං දස‍්සෙතුං “චත‍්තාරො”තිආදි වුත‍්තං. තත්‍ථ අභුත්‍වාති චත‍්තාරො වා පඤ‍්ච වා ආලොපෙ කබළෙ අභුඤ‍්ජිත්‍වා තත‍්තකස‍්ස ආහාරස‍්ස ඔකාසං ඨපෙත්‍වා පානීයං පිවෙය්‍ය. අයඤ‍්හි ආහාරෙ සල‍්ලහුකවුත‍්ති. නිබ‍්බානඤ‍්හි පෙසිතචිත‍්තස‍්ස භික‍්ඛුනො ඵාසුවිහාරාය ඣානාදීනං අධිගමයොග්‍යතාය සුඛවිහාරාය අලං පරියත‍්තන‍්ති අත්‍ථො. ඉමිනා කුච‍්ඡිපරිහාරියං පිණ‍්ඩපාතං වදන‍්තො පිණ‍්ඩපාතෙ ඉතරීතරසන‍්තොසං දස‍්සෙති. “භුත්‍වානා”ති වා පාඨො, සො චතුපඤ‍්චාලොපමත‍්තෙනාපි ආහාරෙන සරීරං යාපෙතුං සමත්‍ථස‍්ස අතිවිය ථිරපකතිකස‍්ස පුග‍්ගලස‍්ස වසෙන වුත‍්තො සියා, උත‍්තරගාථාහිපි සංසන්‍දති එව අප‍්පකස‍්සෙව චීවරස‍්ස සෙනාසනස‍්ස ච වක‍්ඛමානත‍්තා.

යම්සේ වනාහි සම්පූර්ණ නොවූ කුස පිරිම් ඇත්තේ මිතාහාර නම් වේ. එය දක්වන්නට චත්තාරො ආදිය කියන ලදී. එහි අභුත්‍වා යනු චත්තාරො වා පඤ්ච වා ආලොපෙ සතරපස් පිඩක් නොවළඳා තවත් ආහාරවලට ඉඩතබා වතුර පානය කරන්නේය. මේ වනාහි ආහාරයෙහි සැහැල්ලු පැවැත්මයි. නිර්වාණය කෙරෙහි යොදනා ලද සිත් ඇති භික්‍ඛුනො ඵාසුවිහාරාය භික්‍ෂුවගේ පහසු පැවැත්ම සඳහා. ධ්‍යානාදීන් අධිගමයට සුදුසුවන බැවින් සැප විහරණය සඳහා අලං ප්‍රමාණවත්ය. සුදුසුය යන අර්ථයි. මේ කුසට ආහාරයක් වශයෙන් පිණ්ඩපාතය ගැන කියන්නේ පිණ්ඩපාතයෙහි ඇති අන්‍යෝන්‍ය සතුට දක්වයි. භුත්‍වානා ති අනුභවකොට යනුවෙන්ද පාඨයක් ඇත. ඔහු අහර සතරපස් පිඩකින් පමණක් ශරීරය පවත්වාගෙන යාමට දක්‍ෂ අතිශයින් ස්ථිර ස්වභාවයක් ඇති පුද්ගලයකු වශයෙන් කියන ලදී. මතු ගාථාවන්හි ද සසඳන්නේමය. අල්ප වූ චීවර සේනාසන ඇති බැවින් යනුවෙන් කියන ලද බැවින්.

කප‍්පියන‍්ති යං කප‍්පියකප‍්පියානුලොමෙසු ඛොමාදීසු අඤ‍්ඤතරන‍්ති අත්‍ථො. තඤ‍්චෙ ඡාදෙතීති කප‍්පියං චීවරං සමානං ඡාදෙතබ‍්බං ඨානං ඡාදෙති චෙ, සත්‍ථාරා අනුඤ‍්ඤාතජාතියං සන‍්තං හෙට‍්ඨිමන‍්තෙන අනුඤ‍්ඤාතපමාණයුත‍්තං චෙ හොතීති අත්‍ථො. ඉදමත්‍ථිකන‍්ති ඉදං පයොජනත්‍ථං සත්‍ථාරා වුත‍්තපයොජනත්‍ථං යාවදෙව සීතාදිපටිඝාතනත්‍ථඤ‍්චෙව හිරීකොපීනපටිච‍්ඡාදනත්‍ථඤ‍්චාති අත්‍ථො. එතෙන කායපරිහාරියං චීවරං තත්‍ථ ඉතරීතරසන‍්තොසඤ‍්ච වදති.

කප්පියං යනු කැප අකැප කොමුපිළි ආදියෙන් අනික් වූ යමක් යන අර්ථයි. තඤ්චෙ ඡාදෙති කැප චීවරං සිවුර ඉදින් වැසිය යුතු තැන් වසයි. ශාස්තෲන් වහන්සේලා විසින් අනුදැන වදාළ අඩුම වශයෙන් අනුදැන වදාළ ප්‍රමාණයෙන් යුත්යැයි යන අර්ථයි. ඉදමත්‍ථිතං මේ ප්‍රයෝජනය සඳහා, ශාස්තෲන් වහන්සේ විසින් දේශනා කළ ප්‍රයෝජන සඳහා එනම් සීතල ආදිය වළක්වාගැනීම සඳහා හා හිරිඔතප් රැකෙන සේ ආවරණය කර ගැනීම සඳහා යන අර්ථයි. මෙයින් කයෙහි පරිහරණය කරන සිවුර ගැන සඳහන් කරන අතර එහි අන්‍යොන්‍ය සතුටක් ගැනද කියයි.

පල‍්ලඞ‍්කෙන නිසින‍්නස‍්සාති පල‍්ලඞ‍්කං වුච‍්චති සමන‍්තතො ඌරුබද‍්ධාසනං, තෙන නිසින‍්නස‍්ස, තිසන්‍ධිපල‍්ලඞ‍්කං ආභුජිත්‍වා නිසින‍්නස‍්සාති අත්‍ථො. ජණ‍්ණුකෙ නාභිවස‍්සතීති යස‍්සං කුටියං තථා නිසින‍්නස‍්ස දෙවෙ වස‍්සන‍්තෙ ජණ‍්ණුකද‍්වයං වස‍්සොදකෙන න තෙමියති, එත‍්තකම‍්පි සබ‍්බපරියන‍්තසෙනාසනං , සක‍්කා හි තත්‍ථ නිසීදිත්‍වා අත්‍ථකාමරූපෙන කුලපුත‍්තෙන සදත්‍ථං නිප‍්ඵාදෙතුං. තෙනාහ “අලං ඵාසුවිහාරාය, පහිතත‍්තස‍්ස භික‍්ඛුනො”ති.

පල්ලංකෙන නිසින්නස්ස පල්ලංකය (පර්යංකය) වනාහි ඌරුබද්ධාශනයයි. එයින් සිටියා වූ, තුන් සන්ධියකින් යුත් පර්යංකය බැඳගෙන සිටින්නහුගේ යන අර්ථයි. ජණ්ණුනකෙනාභිවස්සති යම් ඒ කුටියක එසේ සිටියහුගේ දණදෙක, වර්ෂාව ඇති කල්හි වැහිජලයෙන් නොතෙමෙයිද එපමණකින් එය සබ්බ පරියන්ත සෙනාසන නම් වේ. හැකිය යනු එහි වාඩිවී සඵලත්වයක් බලාපොරොත්තුවන කුලපුත්‍රයා විසින් තම බලාපොරොත්තුව ඉෂ්ට කරගැනීම සඳහා ඒ නිසා කියන ලදී. නිර්වාණය කෙරෙහි යොමුකරන ලද භික්‍ෂුවට පහසු විහරණය සඳහා යෝග්‍ය වේ.

එවං ථෙරො ඉමාහි චතූහි ගාථාහි යෙ තෙ භික‍්ඛූ මහිච‍්ඡා අසන‍්තුට‍්ඨා, තෙසං පරමුක‍්කංසගතං සල‍්ලෙඛඔවාදං පකාසෙත්‍වා ඉදානි වෙදනාමුඛෙන භාවනාරාමසන‍්තොසං දස‍්සෙන‍්තො “යො සුඛ”න‍්තිආදිමාහ. තත්‍ථ සුඛන‍්ති සුඛවෙදනං. දුක‍්ඛතොති විපරිණාමදුක‍්ඛතො. අද‍්දාති අද‍්දස, විපස‍්සනාපඤ‍්ඤාසහිතාය මග‍්ගපඤ‍්ඤාය යථාභූතං යො අපස‍්සීති අත්‍ථො. සුඛවෙදනා හි පරිභොගකාලෙ අස‍්සාදියමානාපි විසමිස‍්සං විය භොජනං විපරිණාමකාලෙ දුක‍්ඛායෙව හොති. තෙනෙත්‍ථ දුක‍්ඛානුපස‍්සනං දස‍්සෙති. දුක‍්ඛමද‍්දක‍්ඛි සල‍්ලතොති දුක‍්ඛවෙදනං යො සල‍්ලන‍්ති පස‍්සි. දුක‍්ඛවෙදනා හි යථා සල‍්ලං සරීරං අනුපවිසන‍්තම‍්පි අනුපවිසිත්‍වා ඨිතම‍්පි උද‍්ධරියමානම‍්පි පීළනමෙව ජනෙති, එවං උප‍්පජ‍්ජමානාපි ඨිතිප‍්පත‍්තාපි භිජ‍්ජමානාපි විබාධතියෙවාති. එතෙනෙත්‍ථ දුක‍්ඛානුපස‍්සනංයෙව උක‍්කංසෙත්‍වා වදති, තෙන ච “යං දුක‍්ඛං තදනත‍්තා”ති (සං· නි· 3.15) වචනතො වෙදනාද‍්වයෙ අත‍්තත‍්තනියගාහං විනිවෙඨෙති. උභයන‍්තරෙනාති උභයෙසං අන‍්තරෙ, සුඛදුක‍්ඛවෙදනානං මජ‍්ඣභූතෙ අදුක‍්ඛමසුඛෙති අත්‍ථො. නාහොසීති යථාභූතාවබොධනෙ අත‍්තත‍්තනියාභිනිවෙසනං අහොසි. කෙන ලොකස‍්මි කිං සියාති එවං වෙදනාමුඛෙන පඤ‍්චපි උපාදානක‍්ඛන්‍ධෙ පරිජානිත්‍වා තප‍්පටිබද‍්ධං සකලකිලෙසජාලං සමුච‍්ඡින්‍දිත්‍වා ඨිතො කෙන නාම කිලෙසෙන ලොකස‍්මිං බද‍්ධො, දෙවතාදීසු කිං වා ආයති සියා, අඤ‍්ඤදත්‍ථු ඡින‍්නබන්‍ධනො අපඤ‍්ඤත‍්තිකොව සියාති අධිප‍්පායො.

මෙසේ තෙරුන් වහන්සේ මේ ගාථා සතරින් යම් ඒ භික්‍ෂූහු බොහෝ බලාපොරොත්තු ඇති, අසතුටු වූවාහුද ඔවුන්ට අනිත් උසස්කොට ඇති සල්ලෙබ අවවාද ප්‍රකාශකොට දැන් වේදනා ස්වභාවයෙන් භාවනාවෙහි යෙදීමෙන් ඇතිවන සතුට ගැන දක්වමින් යොසුඛං යනාදිය කීහ. එහි සුඛං යනු සැපවේදනාව. දුක්‍ඛතො විපරිණාම දුකෙන්. අද්දා යනු දුටුවේය. විදර්ශනා ප්‍රඥාවෙන් යුක්ත, මාර්ග ප්‍රඥාවෙන් ඇති පරිදි යමෙක් දැක්කේය යන අර්ථයි. සුඛ වේදනාව වනාහි පරිභෝග කාලයෙහි ආශ්වාදජනක නමුත් එය විෂ මිශ්‍ර ආහාරයක් මෙන් දිරවනවිට දුකක්ම වෙයි. එයින් මෙහි දුක්‍ඛානුපස්සනාව දක්වයි. දුක්‍ඛමද්දක්‍ඛි සල්ලතො දුක් වේදනාව යමෙක් උලක් ලෙස දුටුවේය. දුක් වේදනාව වනාහි උලක් මෙන් ශරීරයට ඇතුල් වනවිටත් ඇතුලේ තිබෙන විටත් ගලවන විටත් පීඩාවක්ම උපදවයි. එපරිද්දෙන් උපදින්නා වූත්, පවතින්නා වූත් බිඳෙන්නා වුත් සත්ත්වයාව පීඩාවට පත් කරයි. මෙයින් මෙහි දුක්‍ඛානුපස්සනාවම උසස්කොට කියයි. එයින්ද යමක් දුක් සහිතද එය අනාත්මයි යන කියමනෙන් වේදනා දෙකෙහි තමතමන් කෙරෙහි ප්‍රකාශ වෙයි. උභයන්තරෙන දෙක අතර. සුවදුක් වේදනාවන්ගේ මැද පිහිටි අදුක්‍ඛ, අසුඛ යන අර්ථයි. නාහොසි ඇති තතු අවබෝධ වීමෙන් තමතමන් කෙරෙහි පිවිසීමක් නොවීය. කෙනව ලොකස්මිං කිං සියා මෙසේ වේදනා ස්වභාවයෙන් පස්වැදෑරුම් වේදනා ස්කන්‍ධයන් දැනගෙන ඒ හා බැඳී පවත්නා සියළු කෙලෙස් දැල සිඳ දමා සිටියේ කවරනම් ක්ලේශයකින් ලෝකයෙහි බැඳීමක් හෝ දෙවියන් අතරට කුමක් හෝ පැමිණියේද, සිඳී ගිය බැඳීම් ඇත්තේ පැනවීමක් නොලද්දේ විය යන අදහසයි.

ඉදානි මිච‍්ඡාපටිපන‍්නෙ පුග‍්ගලෙ ගරහන‍්තො සම‍්මාපටිපන‍්නෙ පසංසන‍්තො “මා මෙ”තිආදිකා චතස‍්සො ගාථා අභාසි. තත්‍ථ මා මෙ කදාචි පාපිච‍්ඡොති යො අසන‍්තගුණසම‍්භාවනිච‍්ඡාය පාපිච‍්ඡො , සමණධම‍්මෙ උස‍්සාහාභාවෙන කුසීතො, තතොයෙව හීනවීරියො, සච‍්චපටිච‍්චසමුප‍්පාදාදිපටිසංයුත‍්තස‍්ස සුතස‍්ස අභාවෙන අප‍්පස‍්සුතො, ඔවාදානුසාසනීසු ආදරාභාවෙන අනාදරො, තාදිසො අතිහීනපුග‍්ගලො මම සන‍්තිකෙ කදාචිපි මා හොතු. කස‍්මා? කෙන ලොකස‍්මි කිං සියාති ලොකස‍්මිං සත‍්තනිකායෙ තස‍්ස තාදිසස‍්ස පුග‍්ගලස‍්ස කෙන ඔවාදෙන කිං භවිතබ‍්බං, කෙන වා කතෙන කිං සියා, නිරත්‍ථකමෙවාති අත්‍ථො.

දැන් වැරදි මගෙහි පිළිපන් පුද්ගලයන් නින්දාවට ලක් කරන්නේ මහා මාර්ගයෙහි පිළිපන් අයට ප්‍රශංසා කරන්නේ මාමෙ ආදී ගාථා සතරක් ප්‍රකාශ කළේය. එහි මාමෙ කදාචි පාපිච්ඡො යමෙක් අයහපත් ගුණයන්ම ප්‍රශංසා කරනු කැමැත්තේ පාපිෂ්ටයෙක් වේ. මහණදහම්හි උත්සාහය නැතිකමෙන් කුසිතො නම් වේ. එයින්ම හීනවිරියො හීන වූ වීර්ය ඇති, චතුරාර්ය සත්‍යය පටිච්ච සමුප්පාදය ආදියෙන් යුක්ත වූ ශ්‍රවණයෙන් තොර බැවින් අප්පස්සුතො අල්පශ්‍රැත වූ අවවාද අනුශාසනාවලදී ආදරයක් නැති බැවින් අනාදරො අනාදර නම් වේ. එබඳු හීන පුද්ගලයා මා ලඟ කවදා හෝ නොවේවා. කුමක් නිසාද? කෙන ලොකස්මිං කිං සියා මේ ලෝකයෙහි සත්ත්ව නිකායෙහි එබඳු පුද්ගලයකුට කවරනම් අවවාදයකින් කුමක් සිදුවිය හැකිද? කරන ලද කවරකින් කුමක්වීද නිරර්ථකයි යන අර්ථයි.

බහුස‍්සුතො චාති යො පුග‍්ගලො සීලාදිපටිසංයුත‍්තස‍්ස සුත‍්තගෙය්‍යාදිභෙදස‍්ස බහුනො සුතස‍්ස සම‍්භවෙන බහුස‍්සුතො, ධම‍්මොජපඤ‍්ඤාය පාරිහාරියපඤ‍්ඤාය පටිවෙධපඤ‍්ඤාය ච වසෙන මෙධාවී, සීලෙසු ච සුට‍්ඨු පතිට‍්ඨිතත‍්තා සුසමාහිතො, චෙතොසමථං ලොකියලොකුත‍්තරභෙදං චිත‍්තසමාධානං අනුයුත‍්තො, තාදිසො පුග‍්ගලො මය‍්හං මත්‍ථකෙපි තිට‍්ඨතු, පගෙව සහවාසො.

බහුස්සුතොවා යනු යම් පුද්ගලයෙක් ශීලාදිය අඩංගු සුත්ත, ගෙය්‍ය ආදී ප්‍රභේද ඇති බොහෝ ශ්‍රැතයන් ලැබීමෙන් බහුශ්‍රැත වී. ධම්මොජ ප්‍රඥාව, පාරිහාරිය ප්‍රඥාව, පටිවෙධ ප්‍රඥාව වශයෙන් මෙධාවි ඤාණවන්ත වූ සීලෙසු ච ශීලයන්හිද මනාව පිහිටි බැවින් සුසමාහිතො සුසමාහිත නම් වේ. චෙතොසමථං යනු ලෞකික ලෝකෝත්තර ප්‍රභේද ඇති චිත්ත සමාධියෙහි අනුයුත්තො යෙදුනු තැනැත්තා එබඳු පුද්ගලයා මගේ හිස මුදුනෙහි තිට්ඨතු සිටීවා. සමග වාසය වේවා.

යො පපඤ‍්චමනුයුත‍්තොති යො පන පුග‍්ගලො කම‍්මාරාමතාදිවසෙන රූපාභිසඞ‍්ගාදිවසෙන ච පවත‍්තියා පපඤ‍්චනට‍්ඨෙන තණ‍්හාදිභෙදං පපඤ‍්චං අනුයුත‍්තො, තත්‍ථ ච අනාදීනවදස‍්සනෙන අභිරතො මගසදිසො, සො නිබ‍්බානං විරාධයි, සො නිබ‍්බානා සුවිදූරවිදූරෙ ඨිතො.

යොප්පඤ්ච මනුයුත්තො යම් පුද්ගලයෙක් වනාහි කර්මයෙහි ඇලීම් වශයෙනුත් රූපයෙහි ඇලීම් වශයෙනුත් පවත්නා ප්‍රපඤ්ච යන අර්ථයෙන් තණ්හාදී ප්‍රභේද ඇති ප්‍රපඤ්චයෙහි ඇලුනේ එහිද ආදීනව නොදැකීමෙන් අභිරතො ඇලුනේ. සො නිබ්බානං විරාධයී නිවනට නුදුරෙහි නොසිටියේ,

යො ච පපඤ‍්චං හිත්‍වානාති යො පන පුග‍්ගලො තණ‍්හාපපඤ‍්චං පහාය තදභාවතො නිප‍්පපඤ‍්චස‍්ස නිබ‍්බානස‍්ස පථෙ අධිගමුපායෙ අරියමග‍්ගෙ රතො භාවනාභිසමයෙ අභිරතො, සො නිබ‍්බානං ආරාධයි සාධෙසි අධිගච‍්ඡීති අත්‍ථො.

යොච පපඤ්චං හිත්‍වාන යනු යම් පුද්ගලයෙක් තණ්හා ප්‍රපඤ්චය අත්හැර එය නැති බැවින් නිප්පපඤ්චස්ස නිර්වාණයාගේ පථෙ අධිගමයට උපාය මාර්ගය වූ ආර්ය මාර්ගයෙහි රතො භාවනා කරන කල්හි එහි ඇලුනේ. සො නිබ්බානං අරාධයී යනු සාක්‍ෂාත් කර ගනී. සඵල කරගනී.

අථෙකදිවසං ථෙරො අත‍්තනො කනිට‍්ඨභාතිකස‍්ස රෙවතත්‍ථෙරස‍්ස කණ‍්ටකනිචිතඛදිරරුක‍්ඛසඤ‍්ඡන‍්නෙ නිරුදකකන‍්තාරෙ වාසං දිස‍්වා තං පසංසන‍්තො “ගාමෙ වා”තිආදිකා ද‍්වෙ ගාථා අභාසි. තත්‍ථ ගාමෙ වාති කිඤ‍්චාපි අරහන‍්තො ගාමන‍්තෙ කායවිවෙකං න ලභන‍්ති, චිත‍්තවිවෙකං පන ලභන‍්තෙව. තෙසඤ‍්හි දිබ‍්බපටිභාගානිපි ආරම‍්මණානි චිත‍්තං චාලෙතුං න සක‍්කොන‍්ති, තස‍්මා ගාමෙ වා හොතු අරඤ‍්ඤාදීසු අඤ‍්ඤතරං වා, යත්‍ථ අරහන‍්තො විහරන‍්ති, තං භූමිරාමණෙය්‍යකන‍්ති සො භූමිප‍්පදෙසො රමණීයො එවාති අත්‍ථො.

ඉක්බිති එක්දිනක් තෙරුන් වහන්සේ තමාගේ බාල සොහොයුරාගේ රෙවත ථෙරස්ස රේවත තෙරුන්ගේ කටුවලින් ගැවසීගත් කිහිරි ගස්වලින් වැසීගිය නිරුදක කතරක වාසය කරනු දැක එයට ප්‍රශංසා කරමින් ‘ගාමෙවා’ යනාදී ගාථා දෙකක් ප්‍රකාශ කළේය. එහි ගාමෙවා යනු කිසියම් රහතන් වහන්සේ නමක් ග්‍රාමාන්තයක කාය විවේකය නොලබතත් චිත්ත විවේකය වනාහි ලබයි. ඔවුන්ගේ සිත විමුක්තියට බාධාකර අරමුණුවලින් සොලවන්නට නොහැකිය. ඒ නිසා ගාමෙවා ගමෙහි හෝ වේවා! අරඤ්ඤාදිසු අරණ්‍ය ආදියෙහි හෝ වෙනත්තැනක හෝ යත්‍ථ අරහන්තො විහරන්ති තං භූමි රාවණෙය්‍යකං ඒ භූමි ප්‍රදේශය රමණීය වන්නේමය යන අර්ථයි.

අරඤ‍්ඤානීති සුපුප‍්ඵිතතරුසණ‍්ඩමණ‍්ඩිතානි විමලසලිලාසයසම‍්පන‍්නානි අරඤ‍්ඤානි රමණීයානීති සම‍්බන්‍ධො. යත්‍ථාති යෙසු අරඤ‍්ඤෙසු විකසිතෙසු විය රමමානෙසු කාමපක‍්ඛිකො කාමගවෙසකො ජනො න රමති. වීතරාගාති විගතරාගා පන ඛීණාසවා භමරමධුකරා විය පදුමවනෙසු තථාරූපෙසු අරඤ‍්ඤෙසු රමිස‍්සන‍්තීති. න තෙ කාමගවෙසිනොති යස‍්මා තෙ වීතරාගා කාමගවෙසිනො න හොන‍්තීති අත්‍ථො.

අරඤ්ඤානි යනු මල් පිපුණු ගස් සමූහයෙන් ගැවසීගත් පිරිසිදු ජලාශවලින් සමන්විත වනාන්තර. රමණීයානි සුන්දරය කියා සම්බන්ධ වේ. යත්‍ථ යනු යම් අරණ්‍යයක පිබිදියාක් මෙන් ප්‍රබෝධයෙන් විනෝද වනවිට කාම මැස්සා, කම්සැප සොයන්නා වූ ජනො න රමති වීතරාගා පහවූ රාග ඇති රහතන් වහන්සේලා බඹරුන් මීමැස්සන් මෙන් නෙලුම් විල්වල, එබඳු ස්වරූප ඇති අරණ්‍යවල, රමිස්සන්ති නතෙ කාමගවෙසිනො යම් හෙයකින් ඒ වීතරාගීහු කාමගවේෂීන් නොවන බැවින්ය යන අර්ථයි.

පුන ථෙරො රාධං නාම දුග‍්ගතබ්‍රාහ‍්මණං අනුකම‍්පාය පබ‍්බාජෙත්‍වා, උපසම‍්පාදෙත්‍වා තමෙව පච‍්ඡාසමණං කත්‍වා විචරන‍්තො එකදිවසං තස‍්ස ච සුබ‍්බචභාවෙන තුස‍්සිත්‍වා ඔවාදං දෙන‍්තො “නිධීනංවා”තිආදිමාහ. තත්‍ථ නිධීනංවාති තත්‍ථ තත්‍ථ නිදහිත්‍වා ඨපිතානං හිරඤ‍්ඤසුවණ‍්ණාදිපූරානං නිධිකුම‍්භීනං. පවත‍්තාරන‍්ති කිච‍්ඡජීවිකෙ දුග‍්ගතමනුස‍්සෙ අනුකම‍්පං කත්‍වා “එහි තෙ සුඛෙන ජීවිතුං උපායං දස‍්සෙස‍්සාමී”ති නිධිට‍්ඨානං නෙත්‍වා හත්‍ථං පසාරෙත්‍වා “ඉමං ගහෙත්‍වා සුඛං ජීවාහී”ති ආචික‍්ඛිතාරං විය. වජ‍්ජදස‍්සිනන‍්ති ද‍්වෙ වජ‍්ජදස‍්සිනො – “ඉමිනා නං අසාරුප‍්පෙන වා ඛලිතෙන වා සඞ‍්ඝමජ‍්ඣෙ නිග‍්ගණ‍්හිස‍්සාමී”ති රන්‍ධගවෙසකො ච, අඤ‍්ඤාතං ඤාපෙතුකාමො ඤාතං අස‍්සාදෙන‍්තො සීලාදිවුද‍්ධිකාමතාය තං තං වජ‍්ජං ඔලොකෙන‍්තො උල‍්ලුම‍්පනසභාවසණ‍්ඨිතො චාති, අයං ඉධ අධිප‍්පෙතො. යථා හි දුග‍්ගතමනුස‍්සො “ඉමං නිධිං ගණ‍්හාහී”ති නිග‍්ගය‍්හමානොපි නිධිදස‍්සනෙ කොපං න කරොති, පමුදිතොව හොති, එවං එවරූපෙසු පුග‍්ගලෙසු අසාරුප‍්පං වා ඛලිතං වා දිස‍්වා ආචික‍්ඛන‍්තෙ කොපො න කාතබ‍්බො, තුට‍්ඨචිත‍්තෙනෙව භවිතබ‍්බං, “භන‍්තෙ, පුනපි මං එවරූපං වදෙය්‍යාථා”ති පවාරෙතබ‍්බමෙව. නිග‍්ගය‍්හවාදින‍්ති යො වජ‍්ජං දිස‍්වා අයං මෙ සද‍්ධිවිහාරිකො, අන‍්තෙවාසිකො, උපකාරකොති අචින‍්තෙත්‍වා වජ‍්ජානුරූපං තජ‍්ජෙන‍්තො පණාමෙන‍්තො දණ‍්ඩකම‍්මං කරොන‍්තො සික‍්ඛාපෙති, අයං නිග‍්ගය‍්හවාදී නාම සම‍්මාසම‍්බුද‍්ධො විය. වුත‍්තඤ‍්හෙතං – “නිග‍්ගය‍්හ නිග‍්ගය‍්හාහං, ආනන්‍ද, වක‍්ඛාමි; පවය‍්හ පවය‍්හ, ආනන්‍ද, වක‍්ඛාමි. යො සාරො සො ඨස‍්සතී”ති (ම· නි· 3.196). මෙධාවින‍්ති ධම‍්මොජපඤ‍්ඤාය සමන‍්නාගතං. තාදිසන‍්ති එවරූපං පණ‍්ඩිතං. භජෙති පයිරුපාසෙය්‍ය. තාදිසඤ‍්හි ආචරියං භජමානස‍්ස අන‍්තෙවාසිකස‍්ස සෙය්‍යො හොති, න පාපියො, වුඩ‍්ඪියෙව හොති, නො පරිහානීති අත්‍ථො.

නැවත තෙරුන් වහන්සේ රාධං රාධ නම් වූ දුප්පත් බ්‍රාහ්මණයකුට අනුකම්පා කර පැවිදි කරවා, උපසම්පදාව ලබා දී ඔහුවම තමන්ගේ අතවැසි කොට හැසිරෙන්නේ එක්දිනක් ඔහුගේ කීකරුකම ගැන සතුටුවී අවවාද දෙන්නේ ‘නිධීනංවා’ යනාදි ගාථාව ප්‍රකාශ කළේය. එහි නිධීනං වා යනු ඒ ඒ තැන්හි නිදන්කොට තැබූ රන්රුවන් ආදියෙන් පිරුණු නිදන්කල පවත්තාරං කටුක ජීවිතයක් ගතකරන දුප්පත් මිනිසකුට අනුකම්පාකොට එන්න, ඔබට සැපසේ ජීවත් වෙන්නට උපායක් පෙන්වන්නෙමියි කියා නිදන් වස්තුවක් පෙන්වා අත දිගහැර ‘මෙය ගෙන සැපසේ ජීවත් වෙව’ යැයි කියන ලද ආකාරය මෙනි. වජ්ජදස්සිනං යනු වරද පෙන්වන දෙදෙනෙක්. මෙයින් ඔහුට අසරුප් ලෙස හෝ අගරු ලෙස සංඝයා මැද නින්දා කරන්නෙමියි සිදුරක් සොයන්නේ, නොදන්නා දෙයක් පෙන්වන්නට, දැනගත් දෙයක් සතුටුවෙමින් සීලාදියේ දියුණුවක් කැමැතිද ඒ ඒ වරද බලන්නේ උදව් උපකාර කරන ස්වභාව ඇත්තේ යන අර්ථය මෙහි බලාපොරොත්තු විය. යම්සේ වනාහි දුකට පත් පුද්ගලයකු මෙම නිධානය ගන්නයැයි බැනවැදුනත් නිධානය පෙන්වන්නා කෙරෙහි කෝප නොවෙයි. සතුටු වූයේම වෙයි. මෙසේ මෙබඳු පුද්ගලයන් කෙරෙහි නොසරුප් දෙයක් හෝ වරදක් දැක කියන කල්හි කෝප නොවිය යුතුයි. සතුටු සිතින්ම යුක්තවිය යුතුයි. ස්වාමීනි, නැවතත් මට මෙබඳු දෙයක් දුටුවිට කියන්නයැයි ඉල්ලා සිටිය යුතුයි. නිග්ගය්හවාදිං යනු යමෙක් වරදක් දැක මට මේ එකට වාසය කරන අතවැසියා උපකාරයක් වෙයි යැයි නොසිතා වරදට අනුව තර්ජනය කරමින් යහමගට යොමුකරමින් දඬුවම් කරන්නේ හික්මවයි. මේ වරද පෙන්වා එයට අවවාද දෙන්නා බුදුන්වහන්සේ වැනිය. මෙසේ කියන ලදී. ‘ආනන්දය, නින්දා කරන්න. නින්දා කරන්න කියමි. කියමි. නැවතත් මතුකරමින් කියමි. යම් හරයක් තිබේද, එය රඳා සිටී. මෙධාවිං යනු ධම්මොජ ප්‍රඥාවෙන් යුක්ත වූ තාදිසං යනු මෙබඳු ස්වරූප ඇති පණ්ඩිතයා භජෙති සේවනය කරන්නේය. තාදිසං හි එබඳු ආචාර්යවරයකු භජමානස්ස අතවැසියාට සෙය්‍යො හොති නපාපියො දියුණුවක් මිස පරිහානියක් ඇති නොවේ යන අර්ථයි.

අථෙකදා අස‍්සජිපුනබ‍්බසුකෙහි කීටාගිරිස‍්මිං ආවාසෙ දූසිතෙ සත්‍ථාරා ආණත‍්තො අත‍්තනො පරිසාය මහාමොග‍්ගල‍්ලානෙන ච සද‍්ධිං තත්‍ථ ගතො ධම‍්මසෙනාපති අස‍්සජිපුනබ‍්බසුකෙසු ඔවාදං අනාදියන‍්තෙසු ඉමං ගාථමාහ. තත්‍ථ ඔවදෙය්‍යාති ඔවාදං අනුසිට‍්ඨිං දදෙය්‍ය. අනුසාසෙය්‍යාති තස‍්සෙව පරියායවචනං. අථ වා උප‍්පන‍්නෙ වත්‍ථුස‍්මිං වදන‍්තො ඔවදති නාම, අනුප‍්පන‍්නෙ “අයසොපි තෙ සියා”තිආදිං අනාගතං උද‍්දිස‍්ස වදන‍්තො අනුසාසති නාම. සම‍්මුඛා වදන‍්තො වා ඔවදති නාම, පරම‍්මුඛා දූතං, සාසනං වා පෙසෙත්‍වා වදන‍්තො අනුසාසති නාම. සකිං වදන‍්තො වා ඔවදති නාම, පුනප‍්පුනං වදන‍්තො අනුසාසති නාම. අසබ‍්භා චාති අකුසලා ධම‍්මා ච නිවාරයෙ, කුසලෙ ධම‍්මෙ ච පතිට‍්ඨාපෙය්‍යාති අත්‍ථො. සතඤ‍්හි සොති එවරූපො පුග‍්ගලො සාධූනං පියො හොති. යෙ පන අසන‍්තා අසප‍්පුරිසා විතිණ‍්ණපරලොකා ආමිසචක‍්ඛුකා ජීවිකත්‍ථාය පබ‍්බජිතා, තෙසං සො ඔවාදකො අනුසාසකො “න ත්‍වං අම‍්හාකං උපජ‍්ඣායො, න ආචරියො, කස‍්මා අම‍්හෙ වදසී”ති එවං මුඛසත‍්තීහි විජ‍්ඣන‍්තානං අප‍්පියො හොතීති.

ඉක්බිති එක්දිනක් අස්සජි පුනබ්බසුකෙහි අස්සජි පුනබ්බසුක විසින් කීටාගිරි ආවාසයෙහි දූෂිත තත්ත්වයට පත් වූ කල්හි ශාස්තෲන් වහන්සේ විසින් අණකරන ලද්දේ තමන්ගේ පිරිස මහාමොග්ගල්ලානෙන මහමුගලන් තෙරුන් සමග එහි ගිය ධම්ම සේනාපතීන් වහන්සේ අස්සජි පුනබ්බසුකෙසු අස්සජි පුනබ්බසුකයන්ට අවවාද කරන කල්හි මේ ගාථාව ප්‍රකාශ කළහ. එහි ඔවදෙය්‍ය යනු අවවාද අනුශාසනා කරන්නේය. අනුසාසෙය්‍ය යනු එයටම පරියාය වචනයකි. නැතහොත් උපන් කාරණයෙහි අවවාද කරයි. ඔබට මේ දෝසය ඇතිනොවූ කල්හිත්, එය විය කියාත්, යනාදී ලෙස අනාගතය උදෙසා කථා කරන්නේ අනුශාසනා කිරීම නම් වේ. මුනගැසී කථාකරන්නේ හෝ අවවාද දෙයි. අනභිමුඛයෙහි දූතයකු යවා හෝ පණිවිඩයක් යවා අවවාද කරයි. තමාම හෝ කියන්නේ අවවාද කරයි. නැවත නැවත කියන්නේ අනුශාසනා කරයි. අසබ්භාච අකුසල ධර්මයන් නිවාරයෙ වලක්වන්නේය. කුසල්දහම්හි පිහිටුවන්නේය යන අර්ථයි. සතංහි සොති මෙබඳු පුද්ගලයා සත්පුරුෂයන්ට පියො හොති ප්‍රිය වෙයි. යම් ඒ අශාන්ත වූ අසප්පුරිෂ වූ පරලෝකය ප්‍රතික්‍ෂෙප කළා වූ ආමිෂය කෙරෙහි යෙදූ ඇස් ඇති ජීවත්වීම සඳහා පැවිදි වූවාහු ඔවුන්ගේ ඒ අවවාද දෙන්නා අනුශාසකයාට මෙසේ කියති. ‘ඔබ අපගේ උපාධ්‍යායවරයා හෝ ආචාර්යවරයා නොවේ. කුමක් නිසා අපට මෙසේ කියන්නේද? මෙසේ මුඛය නමැති ඊතලවලින් විදින්නන්ටත් අප්පියො හොතී අප්‍රිය වෙයි.

“යං ආරබ‍්භ සත්‍ථා ධම‍්මං දෙසෙති, සො එව උපනිස‍්සයසම‍්පන‍්නො”ති භික‍්ඛූසු කථාය සමුට‍්ඨිතාය “නයිදමෙත”න‍්ති දස‍්සෙන‍්තො “අඤ‍්ඤස‍්සා”ති ගාථමාහ. තත්‍ථ අඤ‍්ඤස‍්සාති අත‍්තනො භාගිනෙය්‍යං දීඝනඛපරිබ‍්බාජකං සන්‍ධායාහ. තස‍්ස හි සත්‍ථාරා වෙදනාපරිග‍්ගහසුත‍්තෙ (ම· නි· 2.205-206) දෙසියමානෙ අයං මහාථෙරො භාවනාමග‍්ගෙ අධිගන‍්ත්‍වා සාවකපාරමීඤාණස‍්ස මත්‍ථකං පත‍්තො. සොතමොධෙසිමත්‍ථිකොති සත්‍ථාරං බීජයමානො ඨිතො අත්‍ථිකො හුත්‍වා සුස‍්සූසන‍්තො සොතං ඔදහිං. තං මෙ අමොඝං සවනන‍්ති තං තථා සුතං සවනං මය‍්හං අමොඝං අවඤ‍්ඣං අහොසි, අග‍්ගසාවකෙන පත‍්තබ‍්බං සම‍්පත‍්තීනං අවස‍්සයො අහොසි. තෙනාහ “විමුත‍්තොම‍්හී”තිආදි.

යම් කෙනෙක් අරභයා ශාස්තෲන් වහන්සේ ධර්මය දේශනා කරයිද ඔහුම වාසනා සම්පත්තියෙන් යුක්තයැයි භික්‍ෂූන් අතර කථාව ආරම්භ වූ විට එය එසේ නොවේයැයි පෙන්වමින් අඤ්ඤස්ස ආදී ගාථාව කීය. එහි අඤ්ඤස්ස යනු තමාගේ බෑනා. දීඝනඛ දීඝනඛ පරිබ්‍රාජකයා ගැන කියයි. ඔහුට බුදුන් වහන්සේ වේදනාපරිග්‍රහ සූත්‍රය දේශනා කරන කල්හි මේ මහතෙරුන් වහන්සේ භාවනා මාර්ගයෙහි යෙදී ශ්‍රාවකපාරමී ඤාණයෙහි මස්තකප්‍රාප්ත විය. සොතමොධෙමි අත්‍ථිකො යනු ශාස්තෲන් වහන්සේ මුල්කරගෙන බලාපොරොත්තු සහිතව අසනු කැමැත්තේ කණ යොමු කළෙමි. තංමෙ අමොඝං සවණං යනු ඒ එසේ අසන ලද දෙය මගේ අමෝඝය ලබාගැනීමට හේතුවිය. අග්‍රශ්‍රාවකයන් වහන්සේ විසින් ලැබිය යුතු සම්පත්තීන්ට අවශ්‍ය එකක් විය. ඒ නිසා කියන ලදී. විමුත්තොම්හි (මිදුනේ වෙමි) ආදිය.

තත්‍ථ නෙව පුබ‍්බෙනිවාසායාති අත‍්තනො පරෙසඤ‍්ච පුබ‍්බෙනිවාසජානනඤාණත්‍ථාය, පණිධී මෙ නෙව විජ‍්ජතීති යොජනා. පරිකම‍්මකරණවසෙන තදත්‍ථං චිත‍්තපණිධානමත‍්තම‍්පි නෙවත්‍ථි නෙව අහොසීති අත්‍ථො. චෙතොපරියායාති චෙතොපරියඤාණස‍්ස. ඉද‍්ධියාති ඉද‍්ධිවිධඤාණස‍්ස. චුතියා උපපත‍්තියාති, සත‍්තානං චුතියා උපපත‍්තියා ච ජානනඤාණාය චුතූපපාතඤාණත්‍ථාය. සොතධාතුවිසුද‍්ධියාති දිබ‍්බසොතඤාණස‍්ස. පණිධී මෙ න විජ‍්ජතීති ඉමෙසං අභිඤ‍්ඤාවිසෙසානං අත්‍ථාය පරිකම‍්මවසෙන චිත‍්තස‍්ස පණිධි චිත‍්තාභිනීහාරො මෙ නත්‍ථි නාහොසීති අත්‍ථො. සබ‍්බඤ‍්ඤුගුණා විය හි බුද‍්ධානං අග‍්ගමග‍්ගාධිගමෙනෙව සාවකානං සබ‍්බෙ සාවකගුණා හත්‍ථගතා හොන‍්ති, න තෙසං අධිගමාය විසුං පරිකම‍්මකරණකිච‍්චං අත්‍ථීති.

නෙවපුබ්බෙනිවාසාය තමාගේ ද අනුන්ගේ ද පෙර විසූ ජීවිත ගැන දැනගන්නා නුවණ සඳහා පණිධි මෙ න විජ්ජති වාසනාවක් මට නැතැයි යෙදිය යුතුයි. පිරියම් කිරීම් වශයෙන් ඒ සඳහා සිතේ ප්‍රාර්ථනාවකුදු නොවීය යන අර්ථයි. චෙතොපරියාය චෙතොපරිය ඤාණය පිණිස ඉද්ධියා ඉද්ධිවිධ ඤාණයට චුතියා උප්පත්තියා සත්ත්වයන්ගේ චුතිය හා උත්පත්තිය දන්නා වූ නුවණින්, චුතූපපාතඥානය සඳහා, සොතධාතු විසුද්ධියා දිව කණ ලැබීමේ ඤාණය. පණිධී මෙ න විජ්ජති මේ අභිඥා විශේෂයන් සඳහා පිළියම් වශයෙන් සිතෙහි පැතුමක් මට නැත. නොවීය යන අර්ථයි. සර්වඥ ගුණයන් මෙන්ම බුදුන්ගේ අග්‍රමාර්ගාධිගමයෙන් ශ්‍රාවකයන්ට සියළු ශ්‍රාවක ගුණ අතට පත්වෙයි. ඔවුන්ගේ අවබෝධය පිණිස පරිකර්ම වශයෙන් කළයුතු වැඩ කොටසක් ඇත.

රුක‍්ඛමූලන‍්තිආදිකා තිස‍්සො ගාථා කපොතකන්‍දරායං විහරන‍්තස‍්ස යක‍්ඛෙන පහතකාලෙ සමාපත‍්තිබලෙන අත‍්තනො නිබ‍්බිකාරතාදීපනවසෙන වුත‍්තා. තත්‍ථ මුණ‍්ඩොති න වොරොපිතකෙසො. සඞ‍්ඝාටිපාරුතොති සඞ‍්ඝාටිං පාරුපිත්‍වා නිසින‍්නො. “සඞ‍්ඝාටියා සුපාරුතො”ති ච පඨන‍්ති. පඤ‍්ඤාය උත‍්තමො ථෙරොති ථෙරො හුත්‍වා පඤ‍්ඤාය උත‍්තමො, සාවකෙසු පඤ‍්ඤාය සෙට‍්ඨොති අත්‍ථො. ඣායතීති ආරම‍්මණූපනිජ‍්ඣානෙන ලක‍්ඛණූපනිජ‍්ඣානෙන ච ඣායති, බහුලං සමාපත‍්තිවිහාරෙන විහරතීති අත්‍ථො.

රුක්‍ඛමූලං ආදී ගාථා තුනක් කපොත කපොත කන්දරාවෙහි වාසය කරන්නහුට යක්‍ෂයකු විසින් පහරදුන් කල්හි සමාපත්ති බලයෙන් තමන්ගේ වෙනසක් නොවීම දැක්වීම් වශයෙන් කියන ලදී. එහි මුණ්ඩො යනු මුඩුකරන ලද කෙස් ඇති. සංඝාටිපාරුතො සඟල සිවුර පොරවා හිඳිනේ. සංඝාටියා සුපාරුතො කියාද පාඨයක් ඇත. (සඟල සිවුර මනාව පොරවා යනු එහි අර්ථයි.) පඤ්ඤාය උත්තමො ථෙරො ථෙර කෙනෙක් වී ප්‍රඥාවෙන් උත්තම තත්ත්වයට පත්ව. ශ්‍රාවකයන් අතර ශ්‍රේෂ්ඨය යන අර්ථයි. ඣායති යනු ආරම්මණය ඒ අනුව භාවනා කිරිම හා ලක්‍ෂණ අනුව භාවනා කිරිම කරයි. බොහෝකොට සමාපත්තියෙන් වාසය කරයි යන අර්ථයි.

උපෙතො හොති තාවදෙති යදා යක‍්ඛෙන සීසෙ පහතො, තාවදෙව අවිතක‍්කං චතුත්‍ථජ‍්ඣානිකඵලසමාපත‍්තිං සමාපන‍්නො අරියෙන තුණ‍්හීභාවෙන උපෙතො සමන‍්නාගතො අහොසි. අතීතත්‍ථෙ හි හොතීති ඉදං වත‍්තමානවචනං.

උපෙතො හොති තාවදෙ යනු යම්විටක යක්‍ෂයා විසින් හිසට පහරදුන් කල්හි එවේලේම අවිතක්කං අවිතක්ක චතුර්ථ ධ්‍යාන ඵලසමාපත්තියට සමාපන්නො අරියෙන තුණ්හීභාවෙන සමවැදුනේ ආර්ය වූ තුණ්හීභාවයෙන් යුක්ත වූයේ විය. අතීත අර්ථයෙහි වනාහි හොති යැයි වර්තමාන වචනයෙන් කියා ඇත.

පබ‍්බතොව න වෙධතීති මොහක‍්ඛයා භින‍්නසබ‍්බකිලෙසො භික‍්ඛු. සො සෙලමයපබ‍්බතො විය අචලො සුප‍්පතිට‍්ඨිතො ඉට‍්ඨාදිනා කෙනචි න වෙධති, සබ‍්බත්‍ථ නිබ‍්බිකාරො හොතීති අත්‍ථො.

පබ්බතොව නවෙධති මොහක්‍ඛයො පර්වතයක් මෙන් කම්පා නොවී මෝහය ක්‍ෂය කළේ බිඳ දමන ලද සියළු කෙලෙස් ඇත්තේ භික්‍ෂු ඒ භික්‍ෂුව සෙලමය පබ්බතො ශෛලමය පර්වතයක් මෙන් අචලො සුප්පතිට්ඨිතො නොසෙල්වී මනාව පිහිටියේ ඉටු අනිටු වශයෙන් කිසිවකින් කම්පා නොවෙයි. හැමතන්හි වෙනසකට පත්නොවේය යන අර්ථයි.

අථෙකදිවසං ථෙරස‍්ස අසතියා නිවාසනකණ‍්ණෙ ඔලම‍්බන‍්තෙ අඤ‍්ඤතරො සාමණෙරො, “භන‍්තෙ, පරිමණ‍්ඩලං නිවාසෙතබ‍්බ”න‍්ති ආහ. තං සුත්‍වා “භද‍්දං තයා සුට‍්ඨු වුත‍්ත”න‍්ති සිරසා විය සම‍්පටිච‍්ඡන‍්තො තාවදෙව ථොකං අපක‍්කමිත්‍වා පරිමණ‍්ඩලං නිවාසෙත්‍වා “මාදිසානං අයම‍්පි දොසොයෙවා”ති දස‍්සෙන‍්තො “අනඞ‍්ගණස‍්සා”ති ගාථමාහ.

එක්දිනක් අමතක වීමෙන් තෙරුන්ගේ සිවුරු අග එල්ලී තිබෙනවිට එක්තරා සාමණේර නමක් ‘ස්වාමීනි, නියම ලෙස සිවුරු පෙරවිය යුතු’ නේදැයි කීය. එය අසා ඔබ විසින් හොඳ දෙයක් කරන ලදී කියන ලදී යැයි සිතා එකෙනෙහිම ටික දුරක් ගොස් නියම අයුරින් සිවුරු පොරවා අප වැනි අයට මෙයද වරදක් යැයි දක්වන්නේ අනංගණස්ස යනාදී ගාථාව කීය.

පුන මරණෙ ජීවිතෙ ච අත‍්තනො සමචිත‍්තතං දස‍්සෙන‍්තො “නාභිනන්‍දාමී”තිආදිනා ද‍්වෙ ගාථා වත්‍වා පරෙසං ධම‍්මං කථෙන‍්තො “උභයෙන මිද”න‍්තිආදිනා ගාථාද‍්වයමාහ. තත්‍ථ උභයෙනාති උභයෙසු, උභොසු කාලෙසූති අත්‍ථො. මිදන‍්ති ම-කාරො පදසන්‍ධිකරො. ඉදං මරණමෙව, මරණං අත්‍ථෙව නාම, අමරණං නාම නත්‍ථි. කෙසු උභොසු කාලෙසූති ආහ “පච‍්ඡා වා පුරෙ වා”ති මජ‍්ඣිමවයස‍්ස පච‍්ඡා වා ජරාජිණ‍්ණකාලෙ පුරෙ වා දහරකාලෙ මරණමෙව මරණං එකන‍්තිකමෙව. තස‍්මා පටිපජ‍්ජථ සම‍්මා පටිපත‍්තිං පූරෙථ විප‍්පටිපජ‍්ජිත්‍වා මා විනස‍්සථ අපායෙසු මහාදුක‍්ඛං මානුභවථ. ඛණො වො මා උපච‍්චගාති අට‍්ඨහි අක‍්ඛණෙහි විවජ‍්ජිතො අයං නවමො ඛණො මා තුම‍්හෙ අතික‍්කමීති අත්‍ථො.

නැවත මරණයෙහිත් ජීවත් වීමෙහිත් තමන්ගේ සමාන සිතුවිල්ල දක්වන්නේ නාභිනන්දාමි ආදී ගාථා දෙක කියා අනුන්ට බණ කියන්නේ ‘උභයෙන මිදං’ යනාදී ගාථා දෙක කීය. එහි උභයෙන දෙකෙහිම, කාල දෙකෙහිදීම යන අර්ථයි. මිදන්ති යන තැන ඇති ‘ම’ කාරය පද සන්ධි වීමකි. ඉදං මරණමෙව මරණය ඇත්තේමය. නොමැරීමක් නම් නැත්තේමය. ඒ උභය කාලයන්හි යැයි කීය. පච්ඡාවා පුරෙවා මධ්‍යම වයසට පසුව හෝ ජරාජීර්ණ වීමේ කාලයට පළමු ළමා කාලයේ මරණය වීම වශයෙන් මරණය ඒකාන්තමය. ඒ නිසා පටිපජ්ජථ යහපත් වූ ප්‍රතිපත්ති පුරන්න. වැරදි ලෙස පිළිපැද මාවිනස්සථ නොනැසෙව්. අපායවල මහා දුක් නොවිඳිව්. ඛණො වෙ මා උපච්චගා ක්‍ෂණ අටකින් තොරව මේ නවවැනි ක්‍ෂණයයි. නුඹලාව ඉක්ම නොයවා යැයි යන අර්ථයි.

අථෙකදිවසං ආයස‍්මන‍්තං මහාකොට‍්ඨිකං දිස‍්වා තස‍්ස ගුණං පකාසෙන‍්තො “උපසන‍්තො”තිආදිනා තිස‍්සො ගාථා අභාසි. තත්‍ථ අනුද‍්දෙසිකවසෙන “ධුනාතී”ති වුත‍්තමෙවත්‍ථං පුන ථෙරසන‍්නිස‍්සිතං කත්‍වා වදන‍්තො “අප‍්පාසී”තිආදිමාහ. තත්‍ථ අප‍්පාසීති අධුනා පහාසීති අත්‍ථො. අනායාසොති අපරිස‍්සමො, කිලෙසදුක‍්ඛරහිතොති අත්‍ථො. විප‍්පසන‍්නො අනාවිලොති විප‍්පසන‍්නො අසද‍්ධියාදීනං අභාවෙන සුට‍්ඨු පසන‍්නචිත‍්තො අනාවිලසඞ‍්කප‍්පතාය අනාවිලො.

ඉක්බිති එක්දිනක් ආයුෂ්මත් මහාකොට්ඨිතං මහා කොට්ඨික තෙරුන් දැක ඔහුගේ ගුණ ප්‍රකාශ කරමින් ‘උපසන්තො’ ආදී ගාථා තුනක් කීය. එහි නියම නොකළ ධුනාතී යනු සොළවයි යනුවෙන් කියන ලද අර්ථය නැවත තෙරුන් සම්බන්ධ කර කියන්නේ ‘අප්පාසී’ යනාදිය කීය. එහි අප්පාසී යනු දැන් අත්හළේය යන අර්ථයි. අනායාසො යනු උත්සාහයක් නැතිව, කෙලෙස් දුක් රහිත යන අර්ථයයි. විප්පසන්තො අනාවිලො ප්‍රසන්න වූයේ අශ්‍රද්ධාව ආදිය නොමැති කමින් මනාව පැහැදිලි සිත් ඇත්තේ, පිරිසිදු සංකල්ප ඇති බැවින් අනාවිල නම් වේ. ‘න විස්සසෙ’ යන ගාථා දෙව්දත්ව විශ්වාසකර ඔහුගේ දෘෂ්ටිය රුචිකර සිටියා වූ වජ්ජිපුත්තකෙ වජ්ජිපුත්‍රයන් අරභයා කියන ලදී.

න විස‍්සසෙති ගාථා දෙවදත‍්තං සද‍්දහිත්‍වා තස‍්ස දිට‍්ඨිං රොචෙත්‍වා ඨිතෙ වජ‍්ජිපුත‍්තකෙ ආරබ‍්භ වුත‍්තා. තත්‍ථ න විස‍්සසෙති විස‍්සට‍්ඨො න භවෙය්‍ය, න සද‍්දහෙය්‍යාති අත්‍ථො. එකතියෙසූති එකච‍්චෙසු අනවට‍්ඨිතසභාවෙසු පුථුජ‍්ජනෙසු. එවන‍්ති යථා තුම‍්හෙ “දෙවදත‍්තො සම‍්මා පටිපන‍්නො”ති විස‍්සාසං ආපජ‍්ජිත්‍ථ, එවං. අගාරිසූති ගහට‍්ඨෙසු. සාධූපි හුත්‍වානාති යස‍්මා පුථුජ‍්ජනභාවො නාම අස‍්සපිට‍්ඨෙ ඨපිතකුම‍්භණ‍්ඩං විය ථුසරාසිම‍්හි නිඛාතඛාණුකං විය ච අනවට‍්ඨිතො, තස‍්මා එකච‍්චෙ ආදිතො සාධූ හුත්‍වා ඨිතාපි පච‍්ඡා අසාධූ හොන‍්ති. යථා දෙවදත‍්තො පුබ‍්බෙ සීලසම‍්පන‍්නො අභිඤ‍්ඤාසමාපත‍්තිලාභී හුත්‍වා ලාභසක‍්කාරපකතො ඉදානි පරිහීනවිසෙසො ඡින‍්නපක‍්ඛකාකො විය ආපායිකො ජාතො. තස‍්මා තාදිසො දිට‍්ඨමත‍්තෙන “සාධූ”ති න විස‍්සාසිතබ‍්බො. එකච‍්චෙ පන කල්‍යාණමිත‍්තසංසග‍්ගාභාවෙන ආදිතො අසාධූ හුත්‍වාපි පච‍්ඡා කල්‍යාණසංසග‍්ගෙන සාධූ හොන‍්තියෙව, තස‍්මා දෙවදත‍්තසදිසෙ සාධුපතිරූපෙ “සාධූ”ති න විස‍්සාසෙය්‍යාති අත්‍ථො.

එහි න විස්සසෙ යනු විශ්වාස නොකරන්න. අදහන්න එපා යන අර්ථයි. එකතියෙසු ඇතැම් ස්ථිර ස්වභාවයක් නොමැති පෘථග්ජනයන් කෙරෙහි, එවං යම්සේ නුඹලා දෙවදත්තො දෙව්දත් මනාව ප්‍රතිපත්තිවල යෙදෙන්නෙකැයි විශ්වාසයට පැමිණියහ. එපරිද්දෙන්. අගාරිසු ගිහියන් කෙරෙහි සාධු හුත්‍වාන යම් හෙයකින් පෘථග්ජන ස්වභාවය වනාහි අශ්වයකුගේ පිට උඩ තබන ලද කලගෙඩියක් මෙන්ද දහය්යා ගොඩක සිටවන ලද කණුවක් මෙන් ද ස්ථිරව නොපිහිටියේය. එබැවින් ඇතැමෙක් මුලදී හොඳ වී සිට පසුව අසාධු හොන්ති නරක් වෙත්. යම්සේ දෙව්දත් මුලදී සිල්වත්ව අභිඥා සමාපත්තිලාභීව සිට ලාභ සත්කාර කෙරෙහි ගිජුව දැන් පිරිහුණු විශේෂ බල ඇත්තේ අත්තටු සිඳින ලද කවුඩකු මෙන් අපාය භය ඇත්තේය. එබැවින් දුටු පමණින් යහපත්යැයි විශ්වාස නොකළ යුතුයි. සමහරු වනාහි කල්‍යාණමිත්‍ර සංසර්ගයක් නොමැතිව, කලින් අසාධු හුත්‍වා අයහපත්ව පසුව කල්‍යාණමිත්‍ර ආශ්‍රයෙන් සාධු හොඳ වෙත්මය. ඒ නිසා දෙවදත්ත සදිසෙ දෙව්දත්ට සමාන සත්පුරුෂ ප්‍රතිරූපකයන් හොඳ අයයැයි විශ්වාස නොකරන්නේය යන අර්ථයි.

යෙසං කාමච‍්ඡන්‍දාදයො චිත‍්තුපක‍්කිලෙසා අවිගතා, තෙ අසාධූ. යෙසං තෙ විගතා, තෙ සාධූති දස‍්සෙතුං “කාමච‍්ඡන්‍දො”ති ගාථං වත්‍වා අසාධාරණතො උක‍්කංසගතං සාධුලක‍්ඛණං දස‍්සෙතුං “යස‍්ස සක‍්කරියමානස‍්සා”තිආදිනා ගාථාද‍්වයං වුත‍්තං.

යමකුගේ කාමච්ඡන්ද ආදී සිතෙහි කිලුටු පහනොවීද ඔව්හු අයහපත් අයයි. යමකුගේ ඒ කිලුටු පහවීද ඔවුහු යහපත්ය යන කරුණු දක්වන්නට ‘කාමච්ඡන්‍දො’ යනාදී ගාථාව කියා අසාධාරණ ලෙස උසස්කොට තබන ලද සත්පුරුෂ ලක්‍ෂණ දක්වන්නට ‘යස්ස සක්කිරියමානස්ස’ (සත්කාර කරන යමකු හට) ආදී ගාථා දෙක කියන ලදී.

අසාධාරණතො පන උක‍්කංසගතං තං දස‍්සෙතුං සත්‍ථාරං අත‍්තානඤ‍්ච උදාහරන‍්තො “මහාසමුද‍්දො”තිආදිකා ගාථා අභාසි. තත්‍ථ මහාසමුද‍්දොති අයං මහාසමුද‍්දො, මහාපථවී සෙලො පබ‍්බතො, පුරත්‍ථිමාදිභෙදතො අනිලො ච අත‍්තනො අචෙතනාභාවෙන ඉට‍්ඨානිට‍්ඨං සහන‍්ති, න පටිසඞ‍්ඛානබලෙන, සත්‍ථා පන යස‍්සා අරහත‍්තුප‍්පත‍්තියා වසෙන උත‍්තමෙ තාදිභාවෙ ඨිතො ඉට‍්ඨාදීසු සබ‍්බත්‍ථ සමො නිබ‍්බිකාරො, තස‍්සා සත්‍ථු වරවිමුත‍්තියා අග‍්ගඵලවිමුත‍්තියා තෙ මහාසමුද‍්දාදයො උපමාය උපමාභාවෙන න යුජ‍්ජන‍්ති කලභාගම‍්පි න උපෙන‍්තීති අත්‍ථො.

අසාධාරණ ලෙස උසස්කර දැක්වූ බව ‘මහා සමුද්දො’ ආදී ගාථාව වදාළහ. එහි මහා සමුද්දො යනු මේ මහා සාගරය මහා පඨවි පොළව. පර්වතය. පෙරදිග ආදී භේද වශයෙන් අනිලොච තමන්ගේ සිත්පිත් නැතිකමින් හොඳ නරක දෙකම ඉවසත්. ඒ ගැන සිතා බැලීමෙන් නොවේ. ශාස්තෲන් වහන්සේ වනාහි යම් ඒ රහත්බව ලබාගැනීම හේතුවෙන් උතුම් වූ තාදි ගුණයෙහි පිහිටියේ ඉටු අනිටු සැමතැනම සමව විකෘතියක් නැතිව සත්‍ථුවර විමුත්තියා අග්‍රඵල විමුක්තියෙන් ඒ මහා සමුද්‍ර ආදිය උපමාය උපමා වශයෙන් න යුජ්ජන්ති අල්පමාත්‍ර වශයෙන්වත් සුදුසු නොවේ යන අර්ථයි.

චක‍්කානුවත‍්තකොති සත්‍ථාරා වත‍්තිතස‍්ස ධම‍්මචක‍්කස‍්ස අනුවත‍්තකො. ථෙරොති අසෙක‍්ඛෙහි සීලක‍්ඛන්‍ධාදීහි සමන‍්නාගමෙන ථෙරො. මහාඤාණීති මහාපඤ‍්ඤො. සමාහිතොති උපචාරප‍්පනාසමාධිනා අනුත‍්තරසමාධිනා ච සමාහිතො. පඨවාපග‍්ගිසමානොති ඉට‍්ඨාදිආරම‍්මණසන‍්නිපාතෙ නිබ‍්බිකාරතාය පථවියා ආපෙන අග‍්ගිනා ච සදිසවුත‍්තිකො. තෙනාහ “න රජ‍්ජති න දුස‍්සතී”ති.

චක්කානුවත්තකො ශාස්තෘන් වහන්සේලා පවත්වන ලද ධර්මචක්‍රය අනුව පවතින්නෝය. ථෙරො යනු අසේඛ වූ ශීලස්කන්ධාදියෙන් යුක්ත වූ තෙරුන් වහන්සේ. මහාඤාණී මහාප්‍රාඥ වූ සමාහිතො යනු උපචාර අර්පණා සමාධියෙන් අනුත්තර වූ සමාධියෙන් යුක්ත වූ පඨවාපග්ගිසමානො ඉටුඅනිටු අරමුණු එක්රැස් වීමේදී වෙනසකට පත්නොවන ස්වභාව ඇති පෘථිවිය හා ජලයෙන් හා ගින්නෙන්ද සමාන පැවතුම් ඇත්තේ ඒ නිසා කියන ලදී, ‘නොඇලෙයි. දූෂණය නොවෙයි’.

පඤ‍්ඤාපාරමිතං පත‍්තොති සාවකඤාණස‍්ස පාරමිං පාරකොටිං පත‍්තො. මහාබුද‍්ධීති මහාපුථුහාසජවනතික‍්ඛනිබ‍්බෙධිකභාවප‍්පත‍්තාය මහතියා බුද‍්ධියා පඤ‍්ඤාය සමන‍්නාගතො. මහාමතීති ධම‍්මන්‍වයවෙදිතසඞ‍්ඛාතාය මහතියා නයග‍්ගාහමතියා සමන‍්නාගතො. යෙ හි තෙ චතුබ‍්බිධා, සොළසවිධා, චතුචත‍්තාලීසවිධා, තෙසත‍්තතිවිධා ච පඤ‍්ඤප‍්පභෙදා. තෙසං සබ‍්බසො අනවසෙසානං අධිගතත‍්තා මහාපඤ‍්ඤතා දිවිසෙසයොගතො ච අයං මහාථෙරො සාතිසයං “මහාබුද‍්ධී”ති වත‍්තබ‍්බතං අරහති. යථාහ භගවා –

පඤ්ඤාපාරමිතං පත්තො ශ්‍රාවක ඤාණයාගේ පාරමී තත්ත්වය උපරිම තත්ත්වයට ගිය. මහාබුද්ධි යනු පුථු-හාස-ජවන-නිබ්බෙධ යන ලක්‍ෂණවලින් සමන්විත මහත්වූ ප්‍රඥාවෙන්, බුද්ධියෙන් යුක්ත වූ, මහාමතී යනු ධර්මය හා බැඳුනු ස්වභාව ඇති මහත් වූ න්‍යයයන් තෝරාබේරා ගැනීමේ ඤාණයෙන් යුක්ත වූ, යම් ඒ සතරවැදෑරුම් හා දහසය වැදෑරුම් වූ හතලිස්හතර වැදෑරුම්, හැත්තෑතුන් ආකාර ප්‍රඥා ප්‍රභේද වූ සියලුම ප්‍රඥාවන් සර්වප්‍රකාරයෙන් අවබෝධ කරගත් බැවින් මහාප්‍රාඥතාව ආදී විශේෂ යෙදීම්වලින්ද මේ මහතෙරුන් වහන්සේ අතිශය බුද්ධිමත්යැයි කීමට සුදුසුය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාරා ඇත.

“පණ‍්ඩිතො, භික‍්ඛවෙ, සාරිපුත‍්තො; මහාපඤ‍්ඤො, භික‍්ඛවෙ, සාරිපුත‍්තො; පුථුපඤ‍්ඤො, භික‍්ඛවෙ, සාරිපුත‍්තො; හාසපඤ‍්ඤො, භික‍්ඛවෙ, සාරිපුත‍්තො; ජවනපඤ‍්ඤො, භික‍්ඛවෙ, සාරිපුත‍්තො; තික‍්ඛපඤ‍්ඤො, භික‍්ඛවෙ, සාරිපුත‍්තො; නිබ‍්බෙධිකපඤ‍්ඤො, භික‍්ඛවෙ, සාරිපුත‍්තො”තිආදි (ම· නි· 3.93).

මහණෙනි! සාරිපුත්‍ර තෙරුන් වහන්සේ මහා ප්‍රාඥයෙකි. පුථු ප්‍රාඥයෙකි. හාස ප්‍රාඥයෙකි ජවන ප්‍රාඥයෙකි. තීක්‍ෂණ ප්‍රාඥයෙකි. නිබ්බෙධික ප්‍රාඥයෙකි ආදී වශයෙනි.

තත්‍ථායං පණ‍්ඩිතභාවාදීනං විභාගවිභාවනා. ධාතුකුසලතා, ආයතනකුසලතා, පටිච‍්චසමුප‍්පාදකුසලතා, ඨානාට‍්ඨානකුසලතාති ඉමෙහි චතූහි කාරණෙහි පණ‍්ඩිතො. මහාපඤ‍්ඤතාදීනං විභාගදස‍්සනෙ අයං පාළි –

එහි මේ පණ්ඩිත ස්වභාවයේ උතුම් බව ප්‍රකාශ කිරීමට ධාතු කුසලතාව, ආයත කුසලතාව, පටිච්චසමුප්පාද කුසලතාව, ඨානාඨාන කුසලතාව යන සතරවැදෑරුම් කුසලතාවයන්ගෙන් පණ්ඩිතය. මහා ප්‍රාඥතාදීන්ගෙන් විස්තර දැක්වීමේ පිළිවෙල -

“කතමා මහාපඤ‍්ඤා? මහන‍්තෙ අත්‍ථෙ පරිග‍්ගණ‍්හාතීති මහාපඤ‍්ඤා, මහන‍්තෙ ධම‍්මෙ පරිග‍්ගණ‍්හාතීති මහාපඤ‍්ඤා, මහන‍්තා නිරුත‍්තියො පරිග‍්ගණ‍්හාතීති මහාපඤ‍්ඤා, මහන‍්තානි පටිභානානි පරිග‍්ගණ‍්හාතීති මහාපඤ‍්ඤා, මහන‍්තෙ සීලක‍්ඛන්‍ධෙ පරිග‍්ගණ‍්හාතීති මහාපඤ‍්ඤා, මහන‍්තෙ සමාධික‍්ඛන්‍ධෙ පරිග‍්ගණ‍්හාතීති මහාපඤ‍්ඤා, මහන‍්තෙ පඤ‍්ඤාක‍්ඛන්‍ධෙ පරිග‍්ගණ‍්හාතීති මහාපඤ‍්ඤා, මහන‍්තෙ විමුත‍්තික‍්ඛන්‍ධෙ පරිග‍්ගණ‍්හාතීති මහාපඤ‍්ඤා, මහන‍්තෙ විමුත‍්තිඤාණදස‍්සනක‍්ඛන්‍ධෙ පරිග‍්ගණ‍්හාතීති මහාපඤ‍්ඤා, මහන‍්තානි ඨානාට‍්ඨානානි පරිග‍්ගණ‍්හාතීති මහාපඤ‍්ඤා, මහන‍්තා විහාරසමාපත‍්තියො පරිග‍්ගණ‍්හාතීති මහාපඤ‍්ඤා, මහන‍්තානි අරියසච‍්චානි පරිග‍්ගණ‍්හාතීති මහාපඤ‍්ඤා, මහන‍්තෙ සතිපට‍්ඨානෙ පරිග‍්ගණ‍්හාතීති මහාපඤ‍්ඤා, මහන‍්තෙ සම‍්මප‍්පධානෙ පරිග‍්ගණ‍්හාතීති මහාපඤ‍්ඤා, මහන‍්තෙ ඉද‍්ධිපාදෙ පරිග‍්ගණ‍්හාතීති මහාපඤ‍්ඤා, මහන‍්තානි ඉන්‍ද්‍රියානි පරිග‍්ගණ‍්හාතීති මහාපඤ‍්ඤා, මහන‍්තානි බලානි පරිග‍්ගණ‍්හාතීති මහාපඤ‍්ඤා, මහන‍්තෙ බොජ‍්ඣඞ‍්ගෙ පරිග‍්ගණ‍්හාතීති මහාපඤ‍්ඤා, මහන‍්තෙ අරියමග‍්ගෙ පරිග‍්ගණ‍්හාතීති මහාපඤ‍්ඤා, මහන‍්තානි සාමඤ‍්ඤඵලානි පරිග‍්ගණ‍්හාතීති මහාපඤ‍්ඤා, මහන‍්තා අභිඤ‍්ඤායො පරිග‍්ගණ‍්හාතීති මහාපඤ‍්ඤා, මහන‍්තං පරමත්‍ථං නිබ‍්බානං පරිග‍්ගණ‍්හාතීති මහාපඤ‍්ඤා.

මහා ප්‍රඥාව යනු කුමක්ද? මහත් වූ අර්ථයන් ගන්නේනුයි මහාපඤ්ඤා නම් වේ. මහත්වූ ධර්මයෙහි විශාල වූ නිරුක්ති විශාල තේරුම්ගැනීමේ කරන්නේනුයි මහාපඤ්ඤා නම් වේ. මහත් වූ සීලස්කන්ධයෙහි, මහත් වූ සමාධි ස්කන්ධයෙහි, මහත් වූ ප්‍රඥා ස්කන්ධයෙහි, මහත් වූ විමුක්ති ස්කන්ධයෙහි, මහත් වූ විමුත්තිඤාණ දස්සනයෙහි ගන්නේනුයි මහාප්‍රාඥ නම් වේ. මහත් වූ තැන් නොතැන්, මහාවිහාර සමාපත්ති මහත් වූ ආර්ය සත්‍යයන් මහත්වූ සතිපට්ඨානයෙහි මහත් වූ සම්‍යක් ප්‍රධානයෙහි මහත් වූ ඍද්ධිපාදයෙහි මහත්වූ ඉන්‍ද්‍රිය, මහත් වූ බල, මහත්වූ බොජ්ඣංග, මහත් වූ ආර්ය මාර්ගයෙහි මහත් වූ සාමඤ්ඤඵල, මහා අභිඤ්ඤායො අභිඥාවන්, මහත් වූ පරමාර්ථ, නිර්වාණය ලබාගන්නා වූ යන අර්ථයෙන් මහාප්‍රාඥ නම් වේ.

“කතමා පුථුපඤ‍්ඤා? පුථුනානාඛන්‍ධෙසු ඤාණං පවත‍්තතීති පුථුපඤ‍්ඤා , පුථුනානාධාතූසු ඤාණං පවත‍්තතීති පුථුපඤ‍්ඤා, පුථුනානාආයතනෙසු ඤාණං පවත‍්තතීති පුථුපඤ‍්ඤා, පුථුනානාපටිච‍්චසමුප‍්පාදෙසු ඤාණං පවත‍්තතීති පුථුපඤ‍්ඤා, පුථුනානාසුඤ‍්ඤතමනුපලබ‍්භෙසු ඤාණං පවත‍්තතීති පුථුපඤ‍්ඤා, පුථුනානාඅත්‍ථෙසු ඤාණං පවත‍්තතීති පුථුපඤ‍්ඤා, පුථුනානාධම‍්මෙසු ඤාණං පවත‍්තතීති පුථුපඤ‍්ඤා, පුථුනානානිරුත‍්තීසු ඤාණං පවත‍්තතීති පුථුපඤ‍්ඤා, පුථුනානාපටිභානෙසු ඤාණං පවත‍්තතීති පුථුපඤ‍්ඤා, පුථුනානාසීලක‍්ඛන්‍ධෙසු ඤාණං පවත‍්තතීති පුථුපඤ‍්ඤා, පුථුනානාසමාධික‍්ඛන්‍ධෙසු ඤාණං පවත‍්තතීති පුථුපඤ‍්ඤා, පුථුනානාපඤ‍්ඤාක‍්ඛන්‍ධෙසු ඤාණං පවත‍්තතීති පුථුපඤ‍්ඤා, පුථුනානාවිමුත‍්තික‍්ඛන්‍ධෙසු ඤාණං පවත‍්තතීති පුථුපඤ‍්ඤා, පුථුනානාවිමුත‍්තිඤාණදස‍්සනක‍්ඛන්‍ධෙසු ඤාණං පවත‍්තතීති පුථුපඤ‍්ඤා, පුථුනානාඨානාට‍්ඨානෙසු ඤාණං පවත‍්තතීති පුථුපඤ‍්ඤා, පුථුනානාවිහාරසමාපත‍්තීසු ඤාණං පවත‍්තතීති පුථුපඤ‍්ඤා, පුථුනානාඅරියසච‍්චෙසු ඤාණං පවත‍්තතීති පුථුපඤ‍්ඤා, පුථුනානාසතිපට‍්ඨානෙසු ඤාණං පවත‍්තතීති පුථුපඤ‍්ඤා, පුථුනානාසම‍්මප‍්පධානෙසු ඤාණං පවත‍්තතීති පුථුපඤ‍්ඤා, පුථුනානාඉද‍්ධිපාදෙසු ඤාණං පවත‍්තතීති පුථුපඤ‍්ඤා, පුථුනානාඉන්‍ද්‍රියෙසු ඤාණං පවත‍්තතීති පුථුපඤ‍්ඤා, පුථුනානාබලෙසු ඤාණං පවත‍්තතීති පුථුපඤ‍්ඤා, පුථුනානාබොජ‍්ඣඞ‍්ගෙසු ඤාණං පවත‍්තතීති පුථුපඤ‍්ඤා, පුථුනානාඅරියමග‍්ගෙසු ඤාණං පවත‍්තතීති පුථුපඤ‍්ඤා, පුථුනානාසාමඤ‍්ඤඵලෙසු ඤාණං පවත‍්තතීති පුථුපඤ‍්ඤා, පුථුනානාඅභිඤ‍්ඤාසු ඤාණං පවත‍්තතීති පුථුපඤ‍්ඤා, පුථුජ‍්ජනසාධාරණෙ ධම‍්මෙ අතික‍්කම‍්ම පරමත්‍ථෙ නිබ‍්බානෙ ඤාණං පවත‍්තතීති පුථුපඤ‍්ඤා.

පුථුපඤ්ඤා යනු කවරේද? පුළුල් ලෙස නන්වැදෑරුම් ස්කන්ධයන්හි ඤාණය පවත්නේනුයි පුථුපඤ්ඤා. පුළුල් ලෙස නොයෙක් ධාතූන්හි පළල් වූ නොයෙක් ආයතනවල පුළුල් නන්ආකාර පටිච්ච සමුප්පාදයෙහි, පුළුල් ලෙස නොයෙක් අයුරු ශුන්‍යභාවය ලත් කල්හි පුළුල් ලෙස නොයෙක් අර්ථයන්හි පුළුල් නොයෙක් ධර්මයන්හි පුළුල් නොයෙක් නිරුක්තීන්හි පුළුල් නොයෙක් ප්‍රතිභානයන්හි පුළුල් නොයෙක් සීලස්ක්ඛන්ධයන්හි පුළුල් නොයෙක් සමාධි, පඤ්ඤා, විමුත්ති, විමුත්තිඤාණදස්සන ස්කන්ධයන්හි පුළුල් නොයෙක් තැන් නොතැන්හි, පුළුල් නොයෙක් වසන ලද සමාපත්තීන්හි, පුළුල් නොයෙක් ආර්ය සත්‍යයන්හි, පුළුල් නොයෙක් සතිපට්ඨානයන්හි සම්‍යග්ප්‍රධාන, ඉද්ධිපාද, ඉන්‍ද්‍රිය-බල-බොජ්ඣංගයන්හිද පුළුල් නොයෙක් ආර්ය මාර්ගයන්හි ද, සාමඤ්ඤඵලයන්හිද අභිඤ්ඤාවන්හිද පෘථග්ජනයාට සාධාරණ ධර්මතාවයන් ඉක්මවා ගිය පරමාර්ථ සත්‍යය වූ නිර්වාණයෙහි ඤාණය පවත්වන්නේනුයි පුථුපඤ්ඤා නම් වේ.

“කතමා හාසපඤ‍්ඤා? ඉධෙකච‍්චො හාසබහුලො වෙදබහුලො තුට‍්ඨිබහුලො පාමොජ‍්ජබහුලො සීලානි පරිපූරෙතීති හාසපඤ‍්ඤා, හාසබහුලො…පෙ… පාමොජ‍්ජබහුලො ඉන්‍ද්‍රියසංවරං පරිපූරෙතීති හාසපඤ‍්ඤා, හාසබහුලො…පෙ… පාමොජ‍්ජබහුලො භොජනෙ මත‍්තඤ‍්ඤුතං පරිපූරෙතීති හාසපඤ‍්ඤා, හාසබහුලො…පෙ… පාමොජ‍්ජබහුලො ජාගරියානුයොගං පරිපූරෙතීති හාසපඤ‍්ඤා, හාසබහුලො…පෙ… පාමොජ‍්ජබහුලො සීලක‍්ඛන්‍ධං…පෙ… සමාධික‍්ඛන්‍ධං, පඤ‍්ඤාක‍්ඛන්‍ධං, විමුත‍්තික‍්ඛන්‍ධං, විමුත‍්තිඤාණදස‍්සනක‍්ඛන්‍ධං පරිපූරෙතීති…පෙ… පටිවිජ‍්ඣතීති. විහාරසමාපත‍්තියො පරිපූරෙතීති, අරියසච‍්චානි පටිවිජ‍්ඣතීති, සතිපට‍්ඨානෙ භාවෙතීති, සම‍්මප‍්පධානෙ භාවෙතීති, ඉද‍්ධිපාදෙ භාවෙතීති, ඉන්‍ද්‍රියානි භාවෙතීති, බලානි භාවෙතීති, බොජ‍්ඣඞ‍්ගෙ භාවෙතීති, අරියමග‍්ගං භාවෙතීති…පෙ… සාමඤ‍්ඤඵලානි සච‍්ඡිකරොතීති හාසපඤ‍්ඤා, හාසබහුලො වෙදබහුලො තුට‍්ඨිබහුලො පාමොජ‍්ජබහුලො අභිඤ‍්ඤායො පටිවිජ‍්ඣතීති හාසපඤ‍්ඤා; හාසබහුලො වෙදබහුලො තුට‍්ඨිබහුලො පාමොජ‍්ජබහුලො පරමත්‍ථං නිබ‍්බානං සච‍්ඡිකරොතීති හාසපඤ‍්ඤා.

හාස පඤ්ඤා යනු කවරේද? මේ ලෝකයෙහි යම් ඒ සිනහ බහුල වූ වින්දනය බහුල වූ සතුට බහුල වූ ප්‍රීති ප්‍රමෝද්‍ය බහුල වූ පුද්ගලයෙක් සීලය සම්පූර්ණ කරන්නේ හාසපඤ්ඤා හාසබහුල වන්නේද -පෙ- එබඳු තැනැත්තාම ඉන්‍ද්‍රිය සංවරය පරිපූර්ණ කරන්නේනුයි හාස පඤ්ඤා වේද ඔහු බොජුනෙහි පමණ දැන වළඳයි. භාවනාව සඳහා නිදිවරයි. සීලක්ඛන්‍ධය සමාදන් වී සමාධි ස්කන්ධය, පඤ්ඤා ස්කන්ධය, විමුත්ති ස්කන්ධය, විමුත්තිඤාණ ඛන්ධකය පරිපූර්ණ කරයිද ඔහු හාසපඤ්ඤා හාසබහුල නම් වේ. -පෙ- තැන් නොතැන් අවබෝධ කරගනීද හාසපඤ්ඤා, හාසබහුල නම් වේ. විහාර සමාපත්ති පරිපූර්ණ කරයිද ආර්ය සත්‍යය අවබෝධ කරගනී. සතිපට්ඨාන වඩයි. සම්‍යප්‍රධාන, ඉද්ධිපාද, ඉන්‍ද්‍රිය බල, බොජ්ඣංග, ආර්ය මාර්ගය වඩන්නේද හාස පඤ්ඤා නම් වේ. සාමඤ්ඤඵල සාක්‍ෂාත් කරගනී. අභිඤ්ඤාවන් අවබෝධ කරගනීද, හාස පඤ්ඤා-හාස බහුල නම් වේ. අවබෝධවීම නිසා ඇතිවන ප්‍රීතියෙන් යුක්ත වූයේ ප්‍රීති පාමොජ්ජබහුල වූයේ පරමාර්ථ නිර්වාණ ධාතුව සාක්‍ෂාත් කරගනීද ඒ හාස පඤ්ඤා වේ.

“කතමා ජවනපඤ‍්ඤා? යං කිඤ‍්චි රූපං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං…පෙ… යං දූරෙ සන‍්තිකෙ වා, සබ‍්බං රූපං අනිච‍්චතො ඛිප‍්පං ජවතීති ජවනපඤ‍්ඤා, දුක‍්ඛතො ඛිප‍්පං ජවතීති ජවනපඤ‍්ඤා, අනත‍්තතො ඛිප‍්පං ජවතීති ජවනපඤ‍්ඤා; යා කාචි වෙදනා…පෙ… යං කිඤ‍්චි විඤ‍්ඤාණං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං…පෙ… සබ‍්බං විඤ‍්ඤාණං අනිච‍්චතො ඛිප‍්පං ජවතීති ජවනපඤ‍්ඤා, දුක‍්ඛතො ඛිප‍්පං ජවතීති ජවනපඤ‍්ඤා, අනත‍්තතො ඛිප‍්පං ජවතීති ජවනපඤ‍්ඤා. චක‍්ඛු…පෙ… ජරාමරණං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං, අනිච‍්චතො ඛිප‍්පං ජවතීති ජවනපඤ‍්ඤා, දුක‍්ඛතො ඛිප‍්පං ජවතීති ජවනපඤ‍්ඤා, අනත‍්තතො ඛිප‍්පං ජවතීති ජවනපඤ‍්ඤා.

ජවන පඤ්ඤා යනු කුමක්ද? යම් ඒ අතීත වර්තමාන අනාගත කාලයක හටගත් යම් රූපයක් වේද -පෙ- යමක් ලග හෝ ඈත හෝ වේද ඒ සියළු රූප අනිත්‍ය වශයෙන් වහා වෙනසට පත්වන්නේය යනුවෙන් තේරුම් ගන්නා ප්‍රඥාව ජවන පඤ්ඤාය. දුකෙන් වහා අනාත්ම වශයෙන් දුවයි නුයි ජවන පඤ්ඤාය. යම් ඒ වේදනාවක් -පෙ- යම් ඒ විඤ්ඤාණයක් අතීත වර්තමාන අනාගත වශයෙන් -පෙ- සියළු විඤ්ඤාණයට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් වහා වෙනස්වෙයි. ජවන පඤ්ඤායි. -පෙ- ජරාමරණ අතීත අනාගත වර්තමාන වශයෙන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් වහා ඉදිරියට යයි. ඒ ජවන පඤ්ඤායි.

“රූපං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අනිච‍්චං ඛයට‍්ඨෙන, දුක‍්ඛං භයට‍්ඨෙන, අනත‍්තා අසාරකට‍්ඨෙනාති තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වා රූපනිරොධෙ නිබ‍්බානෙ ඛිප‍්පං ජවතීති ජවනපඤ‍්ඤා…පෙ… වෙදනා…පෙ… සඤ‍්ඤා… සඞ‍්ඛාරා… විඤ‍්ඤාණං… චක‍්ඛු…පෙ… ජරාමරණං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අනිච‍්චං ඛයට‍්ඨෙන, දුක‍්ඛං භයට‍්ඨෙන, අනත‍්තා අසාරකට‍්ඨෙනාති තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වා ජරාමරණනිරොධෙ නිබ‍්බානෙ ඛිප‍්පං ජවතීති ජවනපඤ‍්ඤා.

රූපය අතීත, අනාගත, වර්තමාන ලෙස අනිත්‍යයි. ක්‍ෂයවීම නිසා දුකයි. භය නිසා අනාත්මයි. අසාර වශයෙන් කිරා බලා තීරණය කර කල්පනා කර නැතිකර දමා රූප නිරෝධය වූ නිර්වාණයෙහි සිත වහා දුවයි. ජවනපඤ්ඤායි. වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ අනිත්‍යයි. ක්‍ෂයවීමේ අර්ථයෙන් දුකයි. එය අර්ථයෙන් අනාත්මයි. අසාරාර්ථයෙන් කිරා බලා තීරණය කර නැතිකර දමා විඤ්ඤාණ නිරෝධයෙහි නිර්වාණයෙහි වහා සිත දුවයි ජවන පඤ්ඤාය. චක්‍ඛු -පෙ- ජරාමරණ අතීත, අනාගත, වර්තමාන අනිත්‍ය, ක්‍ෂය -පෙ- ආදී වශයෙන් නුවණින් සලකා බලා නැතිකොට ජරාමරණ, නිරෝධ, නිබ්බාන යන අංශයන්හි වහා සිත දුවයිනුයි ජවන පඤ්ඤායි.

“රූපං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අනිච‍්චං සඞ‍්ඛතං පටිච‍්චසමුප‍්පන‍්නං ඛයධම‍්මං වයධම‍්මං විරාගධම‍්මං නිරොධධම‍්මන‍්ති තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වා රූපනිරොධෙ ඛිප‍්පං ජවතීති ජවනපඤ‍්ඤා. වෙදනා…පෙ… සඤ‍්ඤා… සඞ‍්ඛාරා… විඤ‍්ඤාණං… චක‍්ඛු…පෙ… ජරාමරණං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අනිච‍්චං සඞ‍්ඛතං පටිච‍්චසමුප‍්පන‍්නං ඛයධම‍්මං වයධම‍්මං විරාගධම‍්මං නිරොධධම‍්මන‍්ති තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වා ජරාමරණනිරොධෙ නිබ‍්බානෙ ඛිප‍්පං ජවතීති ජවනපඤ‍්ඤා.

රූපය අතීත, වර්තමාන, අනාගත කාලයන්හි අනිත්‍ය, සංඛත, පටිච්ච සමුත්පන්න, ක්‍ෂයවීම, ව්‍යායවීම, විරාග, නිරෝධ ආදී ලෙසත් -පෙ විඤ්ඤාණය - චක්‍ඛු -පෙ- ජරාමරණ, අතීත, වර්තමාන, අනාගත අනිත්‍ය සංඛත, පටිච්ච සමුත්පන්න හා ක්‍ෂය-ව්‍යය ස්වභාවකොට ඇති විරාග නිරොධ වශයෙන් සසඳා බලා තීරණය කර නුවණින් සළකා බලා නැතිකොට ජරාමරණ ඇත්තා වූ නිර්වාණයෙහි වහා සිත දුවන්නේනුයි ජවන පඤ්ඤායි.

“කතමා තික‍්ඛපඤ‍්ඤා? ඛිප‍්පං කිලෙසෙ ඡින්‍දතීති තික‍්ඛපඤ‍්ඤා, උප‍්පන‍්නං කාමවිතක‍්කං නාධිවාසෙති පජහති විනොදෙති බ්‍යන‍්තීකරොති අනභාවං ගමෙතීති තික‍්ඛපඤ‍්ඤා; උප‍්පන‍්නං බ්‍යාපාදවිතක‍්කං නාධිවාසෙති පජහති විනොදෙති බ්‍යන‍්තීකරොති අනභාවං ගමෙතීති තික‍්ඛපඤ‍්ඤා; උප‍්පන‍්නං විහිංසාවිතක‍්කං නාධිවාසෙති…පෙ… උප‍්පන‍්නුප‍්පන‍්නෙ පාපකෙ අකුසලෙ ධම‍්මෙ නාධිවාසෙති පජහති විනොදෙති බ්‍යන‍්තීකරොති අනභාවං ගමෙතීති තික‍්ඛපඤ‍්ඤා; උප‍්පන‍්නං රාගං නාධිවාසෙති පජහති විනොදෙති බ්‍යන‍්තීකරොති අනභාවං ගමෙතීති තික‍්ඛපඤ‍්ඤා; උප‍්පන‍්නං දොසං…පෙ… උප‍්පන‍්නං මොහං… උප‍්පන‍්නං කොධං… උප‍්පන‍්නං උපනාහං… මක‍්ඛං… පළාසං… ඉස‍්සං… මච‍්ඡරියං… මායං… සාඨෙය්‍යං… ථම‍්භං… සාරම‍්භං… මානං… අතිමානං… මදං… පමාදං… සබ‍්බෙ කිලෙසෙ… සබ‍්බෙ දුච‍්චරිතෙ… සබ‍්බෙ අභිසඞ‍්ඛාරෙ…පෙ… සබ‍්බෙ භවගාමිකම‍්මෙ නාධිවාසෙති පජහති විනොදෙති බ්‍යන‍්තීකරොති අනභාවං ගමෙතීති තික‍්ඛපඤ‍්ඤා. එකස‍්මිං ආසනෙ චත‍්තාරො ච අරියමග‍්ගා, චත‍්තාරි සාමඤ‍්ඤඵලානි, චතස‍්සො පටිසම‍්භිදායො, ඡ අභිඤ‍්ඤායො අධිගතා හොන‍්ති සච‍්ඡිකතා ඵස‍්සිතා පඤ‍්ඤායාති තික‍්ඛපඤ‍්ඤා.

තික්‍ඛ පඤ්ඤා යනු කවරේද? වහා කෙලෙස් සිඳ දමයිනුයි තික්‍ඛ පඤ්ඤායි. උපන්නා වූ කාම විතර්කයන් නොඉවසයි. අත්හරියි. ඈත් කරයි. බැහැර කරයි. නැවත නූපදින තත්ත්වයට පත්කරයි. උපන්නා වූ ව්‍යාපාද විතර්කය, උපන්නා වූ විහිංසා විතර්කය උපනුපන් පාප අකුසල ධර්මයන් උපන්නා වූ රාග, ද්වේෂ, මෝහ, ක්‍රෝධය, වෛරය, මකුබව, අනුකම්පා රහිත බව, ඊර්ෂ්‍යාව, මසුරුකම, මායාව, කපටිබව, දරදඬු ගතිය, කලහකාරී බව, මානය, අතිමානය, මදය, ප්‍රමාදය යන සියළු ක්ලේශ ධර්මයන් සියළු දුශ්චරිතයන් සියළු අභිසංස්කාරයන් සියළු භවගාමී කර්මයන් නොඉවසයි. අත්හරියි. බැහැර කරයි. විනාශ කරයි. නැවත නූපදින තත්ත්වයට පත්කරයි නුයි තික්‍ඛ ප්‍රඥාවයි. එකට අසුනෙහි ආර්යමාර්ග සතරත් සතර සාමඤ්ඤඵලත් පටිසම්භිදා සතරත් අභිඥා සයත් ප්‍රඥාවෙන් අවබෝධ කරගත්තේ වෙයිද සාක්‍ෂාත් කරගත්තේ වේද දකින ලද්දේ වේද එය තික්‍ඛ පඤ්ඤායි.

“කතමා නිබ‍්බෙධිකපඤ‍්ඤා? ඉධෙකච‍්චො සබ‍්බසඞ‍්ඛාරෙසු උබ‍්බෙගබහුලො හොති උත‍්තාසබහුලො උක‍්කණ‍්ඨනබහුලො අරතිබහුලො අනභිරතිබහුලො බහිමුඛො න රමති සබ‍්බසඞ‍්ඛාරෙසු, අනිබ‍්බිද‍්ධපුබ‍්බං අපදාලිතපුබ‍්බං ලොභක‍්ඛන්‍ධං නිබ‍්බිජ‍්ඣති පදාලෙතීති නිබ‍්බෙධිකපඤ‍්ඤා, අනිබ‍්බිද‍්ධපුබ‍්බං අපදාලිතපුබ‍්බං දොසක‍්ඛන්‍ධං නිබ‍්බිජ‍්ඣති පදාලෙතීති නිබ‍්බෙධිකපඤ‍්ඤා, අනිබ‍්බිද‍්ධපුබ‍්බං අපදාලිතපුබ‍්බං මොහක‍්ඛන්‍ධං නිබ‍්බිජ‍්ඣති පදාලෙතීති නිබ‍්බෙධිකපඤ‍්ඤා; අනිබ‍්බිද‍්ධපුබ‍්බං අපදාලිතපුබ‍්බං කොධං…පෙ… උපනාහං…පෙ… සබ‍්බෙ භවගාමිකම‍්මෙ නිබ‍්බිජ‍්ඣති පදාලෙතීති නිබ‍්බෙධිකපඤ‍්ඤා”ති (පටි· ම· 3.6-7).

නිබ්බෙධික ප්‍රඥාව යනු කවරේද? මේ ලෝකයෙහි කෙනෙක් සියළු සංස්කාරයන්හි කලකිරීම් බහුල වන්නේද බයවීම බහුල වේද එපාවීම් බහුල වේද නොඇල්ම බහුල වේද අකමැත්ත බහුල වේද මුහුණ නොදී සිටීද නොඇලෙයිද සියළු සංස්කාරයන්හි කලනොකිරුණු ස්වභාව ඇති විනාශ නොකළ ස්වරූප ඇති ලෝභය විනාශ කරයිද එය නිබ්බෙධික ප්‍රඥාවයි. කලකිරීම ඇතිනොවූ විනාශ නොකළ දෝස-මෝහ-ක්‍රෝධ-වෛර -පෙ- ආදී සියළු භවගාමී කර්මයන් විනාශ කරයි. බිඳ දමයිනුයි නිබ්බෙධික ප්‍රඥායි.

එවං යථාවුත‍්තවිභාගාය මහතියා පඤ‍්ඤාය සමන‍්නාගතත‍්තා “මහාබුද‍්ධී”ති වුත‍්තං.

මෙසේ කියන ලද විස්තරයෙන් දක්වන ලද මහා ප්‍රඥාවෙන් යුක්ත වූ බැවින් මහාබුද්ධි යැයි කියන ලදී.

අපිච අනුපදධම‍්මවිපස‍්සනාවසෙනාපි ඉමස‍්ස ථෙරස‍්ස මහාපඤ‍්ඤතා වෙදිතබ‍්බා. වුත‍්තඤ‍්හෙතං –

තවද ධර්ම විදර්ශනාව දිගටම පවත්වාගෙන යාම් වශයෙන් මේ තෙරුන්ගේ මහාප්‍රාඥභාවය දතයුතුයි. මෙසේ කියා ඇත.

“සාරිපුත‍්තො, භික‍්ඛවෙ, අඩ‍්ඪමාසං අනුපදධම‍්මවිපස‍්සනං විපස‍්සති. තත්‍රිදං, භික‍්ඛවෙ, සාරිපුත‍්තස‍්ස අනුපදධම‍්මවිපස‍්සනාය හොති.

මහණෙනි! සාරිපුත්ත තෙරුන් වහන්සේ අඩමසක් ධර්ම විදර්ශනාව පවත්වයි. මහණෙනි! මෙහිදී සැරියුත් තෙරුන්ගේ අනුපද ධර්ම විදර්ශනාවෙන් වෙයි.

“ඉධ, භික‍්ඛවෙ, සාරිපුත‍්තො විවිච‍්චෙව කාමෙහි…පෙ… පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. යෙ ච පඨමෙ ඣානෙ ධම‍්මා විතක‍්කො ච…පෙ… චිත‍්තෙකග‍්ගතා ච ඵස‍්සො වෙදනා සඤ‍්ඤා චෙතනා චිත‍්තං ඡන්‍දො අධිමොක‍්ඛො වීරියං සති උපෙක‍්ඛා මනසිකාරො, ත්‍යාස‍්ස ධම‍්මා අනුපදවවත්‍ථිතා හොන‍්ති, ත්‍යාස‍්ස ධම‍්මා විදිතා උප‍්පජ‍්ජන‍්ති, විදිතා උපට‍්ඨහන‍්ති, විදිතා අබ‍්භත්‍ථං ගච‍්ඡන‍්ති. සො එවං පජානාති ‘එවං කිර මෙ ධම‍්මා අහුත්‍වා සම‍්භොන‍්ති, හුත්‍වා පටිවෙන‍්තී’ති. සො තෙසු ධම‍්මෙසු අනුපායො අනපායො අනිස‍්සිතො අප‍්පටිබද‍්ධො විප‍්පමුත‍්තො විසංයුත‍්තො විමරියාදීකතෙන චෙතසා විහරති. සො ‘අත්‍ථි උත‍්තරි නිස‍්සරණ’න‍්ති පජානාති. තබ‍්බහුලීකාරා අත්‍ථිත්‍වෙවස‍්ස හොති.

මහණෙනි, මෙහි සැරියුත් තෙරුන් වහන්සේ කාමයන්ගෙන් තොරව -පෙ- ප්‍රථම ධ්‍යානයට සමවැද වසයි. ප්‍රථම ධ්‍යානයෙහි යම් ඒ ධර්ම විතර්කයෝ වෙත්ද සිතෙහි එකඟතාවය වේද ඵස්ස, වේදනා, සඤ්ඤා, චේතනා, චිත්ත, ඡන්‍ද, අධිමොක්‍ෂය වීර්යය, සිහිය, උපෙක්‍ෂාව, මනසිකාරය යන මේවා මොහුට අනුපිළිවෙලින් පවත්නේ වෙයි. මේ ධර්මයෝ දැනුවත්ව ඔහුට උපදිත්. දැනගෙන නැගී සිටිත්. දැනගෙන අභ්‍යන්තරයට යත්. ඔහු මෙසේ තේරුම් ගනී. මට මේ ධර්මයෝ කලින් නොතිබී දැන් නැගී සිටිත්. නැවත යටපත් වෙත්. ඔහු ඒ ධර්මයන්හි උනන්දු නොවන්නේ නොයෙදුනේ නොබැඳුනේ මිදුනේ වෙන්වූ සිතින් වාසය කරයි. ඔහු මත්තෙහි නිස්සරණයක් ඇතැයි තේරුම් ගනී. එය ප්‍රගුණ කිරීමට ඔහුට ඇත.

“පුන චපරං, භික‍්ඛවෙ, සාරිපුත‍්තො විතක‍්කවිචාරානං වූපසමා…පෙ… දුතියං ඣානං… තතියං ඣානං… චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. ආකාසානඤ‍්චායතනං… විඤ‍්ඤාණඤ‍්චායතනං… ආකිඤ‍්චඤ‍්ඤායතනං… සබ‍්බසො ආකිඤ‍්චඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං උපසම‍්පජ‍්ජ විහරති. සො තාය සමාපත‍්තියා සතො වුට‍්ඨහති, සො තාය සමාපත‍්තියා සතො වුට‍්ඨහිත්‍වා යෙ ධම‍්මා අතීතා නිරුද‍්ධා විපරිණතා, තෙ ධම‍්මෙ සමනුපස‍්සති “එවං කිර මෙ ධම‍්මා අහුත්‍වා සම‍්භොන‍්ති, හුත්‍වා පටිවෙන‍්තී”ති. සො තෙසු ධම‍්මෙසු අනුපායො අනපායො අනිස‍්සිතො අප‍්පටිබද‍්ධො විප‍්පමුත‍්තො විසංයුත‍්තො විමරියාදීකතෙන චෙතසා විහරති. සො ‘අත්‍ථි උත‍්තරි නිස‍්සරණ’න‍්ති පජානාති. තබ‍්බහුලීකාරා අත්‍ථිත්‍වෙවස‍්ස හොති.

මහණෙනි! තවද සැරියුත් තෙරුන් වහන්සේ විතර්ක, විචාර සංසිඳවීමෙන් -පෙ- දුතියධ්‍යානය -පෙ- තතිය ධ්‍යානය චතුර්ථ ධ්‍යානය ආදියට සමවැදී වාසය කරයි. -පෙ ආකාසානඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය -පෙ- සැම අයුරින්ම ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤා නාසඤ්ඤා යතනය උපදවා වාසය කරයි. ඔහු ඒ සමාපත්තියෙන් සිහියෙන් නැගී සිටියි. ඔහු ඒ සමාපත්තියෙන් සිහියෙන් නැගිට යම් ඒ ධර්ම කෙනෙක් අතීතයෙහි නිරුද්ධ වීද පහවීද වෙනස් වීද ඒ ධර්මයන් සිහිපත් කරයි. මෙසේ වනාහි මාගේ ධර්මයෝ පෙර නොවී හටගනිත්. එසේ හටගෙන නැතිවෙත්. ඔහු ඒ ඒ ධර්මයන්හි උත්සාහවත් නොවන්නේ නොයෙදෙන්නේ නොබැඳෙන්නේ වෙන්වූ සිතින් වාසය කරයි. ඔහු මත්තෙහි නිස්සරණයෙක් ඇත්තේ යැයි වටහා ගනී. එය ප්‍රගුණ කිරීමද ඔහුට ඇත.

“පුන චපරං, භික‍්ඛවෙ, සාරිපුත‍්තො සබ‍්බසො නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම සඤ‍්ඤාවෙදයිතනිරොධං උපසම‍්පජ‍්ජ විහරති. පඤ‍්ඤාය චස‍්ස දිස‍්වා ආසවා පරික‍්ඛීණා හොන‍්ති. සො තාය සමාපත‍්තියා සතො වුට‍්ඨහති, සො තාය සමාපත‍්තියා සතො වුට‍්ඨහිත්‍වා යෙ ධම‍්මා අතීතා නිරුද‍්ධා විපරිණතා, තෙ ධම‍්මෙ සමනුපස‍්සති ‘එවං කිර මෙ ධම‍්මා අහුත්‍වා සම‍්භොන‍්ති, හුත්‍වා පටිවෙන‍්තී’ති. සො තෙසු ධම‍්මෙසු අනුපායො අනපායො අනිස‍්සිතො අප‍්පටිබද‍්ධො විප‍්පමුත‍්තො විසංයුත‍්තො විමරියාදීකතෙන චෙතසා විහරති, සො ‘නත්‍ථි උත‍්තරි නිස‍්සරණ’න‍්ති පජානාති. තබ‍්බහුලීකාරා නත්‍ථිත්‍වෙවස‍්ස හොති.

තවද මහණෙනි! සැරියුත් තෙරුන්වහන්සේ සර්වප්‍රකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවෙදයිත නිරෝධයට සමවැද වැඩ සිටී. ප්‍රඥාවෙන් දැකීමෙන් ආශ්‍රවයෝ ක්‍ෂය වූහ. ඔහු ඒ සමාපත්තියෙන් සිහියෙන් නැගිටියි. ඔහු ඒ සමාපත්තියෙන් සිහියෙන් නැගිට යම් ධර්ම කෙනෙක් අතීතයෙහි නිරුද්ධ වීද පහවීද විපරිණත වීද ඒ ධර්මයන් ගැන සිහිපත් කරයි. මෙසේ වනාහි මේ ධර්මයො කලින් නොතිබී හටගනිත්. ඇතිවී නැතිවෙත්. ඔහු ඒ ධර්මයන්හි නොයෙදෙන්නේ නොබැඳුනේ වෙන්වුනේ වෙනස් වූ සිතින් වාසය කරයි. ඔහු මත්තෙහි නිස්සරණයක් නැතැයි තේරුම් ගනී. ඔහුට එය ප්‍රගුණ කිරීමක් නැත.

“යං ඛො තං, භික‍්ඛවෙ, සම‍්මා වදමානො වදෙය්‍ය ‘වසිප‍්පත‍්තො පාරමිප‍්පත‍්තො අරියස‍්මිං සීලස‍්මිං, වසිප‍්පත‍්තො පාරමිප‍්පත‍්තො අරියස‍්මිං සමාධිස‍්මිං, වසිප‍්පත‍්තො පාරමිප‍්පත‍්තො අරියාය පඤ‍්ඤාය, වසිප‍්පත‍්තො පාරමිප‍්පත‍්තො අරියාය විමුත‍්තියා’ති. සාරිපුත‍්තමෙවෙතං සම‍්මා වදමානො වදෙය්‍යා”ති (ම· නි· 3.93-97).

මහණෙනි, යම් ඒ දෙයක් මනාව කියන්නේද වසීප්‍රාප්ත වූයේ උතුම්ම තත්ත්වයට පත් වූයේ ආර්ය ශීලයෙහි ආර්ය සමාධියෙහි ආර්ය ප්‍රඥාවෙහි ආර්ය වූ විමුත්තියෙහි ආර්ය වූ විමුක්තිඤාණ දර්ශනයෙහි යෙදී වාසය කරයි. සාරිපුත්‍රය, මෙසේ මනාව ප්‍රකාශ කරන්නේය.

එවං මහාපුථුහාසජවනතික‍්ඛනිබ‍්බෙධිකභාවප‍්පත‍්තාය මහතියා බුද‍්ධියා සමන‍්නාගතත‍්තා ථෙරො මහාබුද‍්ධීති අත්‍ථො. ධම‍්මන්‍වයවෙදිතා පනස‍්ස සම‍්පසාදනීයසුත‍්තෙන (දී· නි· 3.141 ආදයො) දීපෙතබ‍්බා. තත්‍ථ හි සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණසදිසො ථෙරස‍්ස නයග‍්ගාහො වුත‍්තො. අජළො ජළසමානොති සාවකෙසු පඤ‍්ඤාය උක‍්කංසගතත‍්තා සබ‍්බථාපි අජළො සමානො පරමප‍්පිච‍්ඡතාය අත‍්තානං අජානන‍්තං විය කත්‍වා, දස‍්සනෙන ජළසදිසො මන්‍දසරික‍්ඛො කිලෙසපරිළාහාභාවෙන නිබ‍්බුතො සීතිභූතො සදා චරති නිච‍්චං විහරතීති අත්‍ථො.

මෙසේ මහාපුථුහාස ජවනතික්‍ඛනිබ්බෙධ යන තත්ත්වයන්ට පැමිණි මහා ප්‍රඥාවෙන් යුක්ත වූ බැවින් තෙරුන්වහන්සේ මහා බුද්ධිමත් යන අර්ථයි. මුන්වහන්සේගේ ධර්මයෙහි විශාරදත්වය සම්පසාදන සූත්‍රයෙන් දැක්විය යුතුයි. එහි වනාහි සර්වඥතා ඥානයට සමාන තෙරුන් වහන්සේගේ පැවැත්ම දක්වන ලදී. අජළොජළසමානො ශ්‍රාවකයන් අතර ප්‍රඥාවෙන් උසස්ම තැනට ගිය බැවින් සැමතැනම ජලය නැති බවට සමානය. උතුම් අල්පේච්ඡතාවෙන් තමන්ව නොදන්නා මෙන් කොට දැක්මෙන් ජලයට සමානය. මඳ සමානතා ඇත්තේය. කෙලෙස්වලින් දැවෙන ගතියෙන් නිබ්බුතො සිහිල් වූයේ, නිවුනේ, සදා චරති නිරන්තරයෙන් වාසය කරයි යන අර්ථයි.

පරිචිණ‍්ණොති ගාථා ථෙරෙන අත‍්තනො කතකිච‍්චතං පකාසෙන‍්තෙන භාසිතා, සාපි වුත‍්තත්‍ථායෙව.

පරිචිණ්ණො යනාදී ගාථා තෙරුන් විසින් තමන්ගේ කරන ලද කෘත්‍ය ඇති බැවින් ප්‍රකාශ කරන්නහු විසින් කියන ලදී. එය කියන ලද අර්ථ ඇත්තේමය.

සම‍්පාදෙථප‍්පමාදෙනාති අයං පන අත‍්තනො පරිනිබ‍්බානකාලෙ සන‍්නිපතිතානං භික‍්ඛූනං ඔවාදදානවසෙන භාසිතා. සාපි වුත‍්තත්‍ථායෙවාති.

‘සම්පාදෙථත්තභාවෙන’ (අප්‍රමාදීව සම්පාදනය කරව්) යන මේ කීම වනාහි තමන්ගේ පිරිනිවන්පන කාලයෙහි රැස්වූ භික්‍ෂූන්ට අවවාද දීම් වශයෙන් කියන ලදී. එයද කියන ලද අර්ථ ඇත්තේය.

සාරිපුත‍්තත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

සාරිපුත්ත තෙරුන්ගේ ගාථා වර්ණනාව නිමියේය.