යෙදුමෙන් කියවන්න

ඵුස‍්සත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

ඵුස‍්සත්‍ථෙරගාථාවණ‍්ණනා

ඵුස්ස ස්ථවිරගාථා වර්ණනාව

තිංසනිපාතෙ පාසාදිකෙ බහූ දිස‍්වාතිආදිකා ආයස‍්මතො ඵුස‍්සත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයං කුසලං උපචිනිත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ එකස‍්ස මණ‍්ඩලිකරඤ‍්ඤො පුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්ති, ඵුස‍්සොති නාමං අහොසි. සො විඤ‍්ඤුතං පත‍්තො ඛත‍්තියකුමාරෙහි සික‍්ඛිතබ‍්බසිප‍්පෙසු නිප‍්ඵත‍්තිං ගතො. උපනිස‍්සයසම‍්පන‍්නත‍්තා කාමෙසු අලග‍්ගචිත‍්තො අඤ‍්ඤතරස‍්ස මහාථෙරස‍්ස සන‍්තිකෙ ධම‍්මං සුත්‍වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා චරියානුකූලං කම‍්මට‍්ඨානං ගහෙත්‍වා භාවනං අනුයුඤ‍්ජන‍්තො ඣානානි නිබ‍්බත‍්තෙත්‍වා ඣානපාදකං විපස‍්සනං පට‍්ඨපෙත්‍වා නචිරස‍්සෙව ඡළභිඤ‍්ඤො අහොසි. අථෙකදිවසං පණ‍්ඩරගොත‍්තො නාම එකො තාපසො තස‍්ස සන‍්තිකෙ ධම‍්මං සුත්‍වා නිසින‍්නො සම‍්බහුලෙ භික‍්ඛූ සීලාචාරසම‍්පන‍්නෙ සුසංවුතින්‍ද්‍රියෙ භාවිතකායෙ භාවිතචිත‍්තෙ දිස‍්වා පසන‍්නචිත‍්තො “සාධු වතායං පටිපත‍්ති ලොකෙ චිරං තිට‍්ඨෙය්‍යා”ති චින‍්තෙත්‍වා “කථං නු ඛො, භන‍්තෙ, අනාගතමද‍්ධානං භික‍්ඛූනං පටිපත‍්ති භවිස‍්සතී”ති ථෙරං පුච‍්ඡි. තමත්‍ථං දස‍්සෙන‍්තො සඞ‍්ගීතිකාරා –

තිස්වන නිපාතයෙහි පාසාදිකෙ බහු දිස්වා යනාදිය ආයුෂ්මත් ඵුස්ස තෙරුන්ගේ ගාථාවන්ය. මොහුද පෙර බුදුන්ගේ කාලවලදී කරන ලද ප්‍රාර්ථනා ඇත්තේ ඒ ඒ තැන්හි සසරට පිහිටවන කුසල් රැස්කොට දෙව්මිනිසුන් අතර උපදින්නේ මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් ප්‍රාදේශීය රජකුගේ පුත්‍රව උපන්නේය. ඵුස්සො ඵුසස යැයි නම්කරන ලදී. ඔහු බුද්ධිමත් වූයේ ක්‍ෂත්‍රිය කුමාරවරුන් විසින් හදාල යුතු ශිල්ප සියල්ල හදාරා වාසනා සම්පත්තිය ඇති බැවින් කාමයන්හි නොඇලෙන සිත් ඇත්තේ එක්තරා මහතෙර නමකගේ සමීපයෙහි බණ අසා හටගත් ශ්‍රද්ධා ඇත්තේ පැවිදිව චරිතයට ගැලපෙන කමටහන් ඉල්ලාගෙන භාවනාවේ යෙදෙන්නේ ධ්‍යාන උපදවාගෙන ධ්‍යානමූලික විදර්ශනාව වඩා නොබෝ කලකින්ම සයවැදෑරුම් අභිඤ්ඤාලාභියෙක් විය. ඉක්බිති එක්දිනක් පණ්ඩරස්ස ගොත්තො පණ්ඩර ගෝත්‍ර ඇති එක් තාපසයෙක් ඔහු සමීපයෙහි බණ අසා වාඩිවී සිටියේ ශීලාචාර සම්පන්න, හික්මවූ ඉඳුරන් ඇති වඩන ලද සිත කය ඇති බොහෝ භික්‍ෂූන් වහන්සේලාව දැක පැහැදි සිත ඇත්තේ ‘මේ ප්‍රතිපත්තිය ලෝකයේ බොහෝ කල් පවත්නේ නම් මැනවි යැයි සිතා, ස්වාමීනි, අනාගතයෙහි භික්‍ෂූන්ගේ ප්‍රතිපත්ති කෙසේ වන්නේදැයි තෙරුන් වහන්සේගෙන් විචාළේය. ඒ කාරණය දැන්වීමට සංගීතිකාරකයෝ

“පාසාදිකෙ බහූ දිස‍්වා, භාවිතත‍්තෙ සුසංවුතෙ; ඉසි පණ‍්ඩරසගොත‍්තො, අපුච‍්ඡි ඵුස‍්සසව‍්හය”න‍්ති. – ගාථං ආදිතො ඨපෙසුං;

වඩන ලද සිත් ඇති සංවර වූ ප්‍රසාදජනක බොහෝදෙනෙක් දැක පණ්ඩරගෝත්‍ර ඉසිවරයා ඵුස්ස නම් ඇත්තාගෙන් විචාළේය - මේ ගාථාව මුලින් තැබූහ.

තත්‍ථ පාසාදිකෙති අත‍්තනො පටිපත‍්තියා පසාදාරහෙ. බහූති සම‍්බහුලෙ. භාවිතත‍්තෙති සමථවිපස‍්සනාභාවනාහි භාවිතචිත‍්තෙ. සුසංවුතෙති සුට‍්ඨු සංවුතින්‍ද්‍රියෙ. ඉසීති තාපසො. පණ‍්ඩරසගොත‍්තොති පණ‍්ඩරස‍්ස නාම ඉසිනො වංසෙ ජාතත‍්තා තෙන සමානගොත‍්තො. ඵුස‍්සසව‍්හයන‍්ති ඵුස‍්සසද‍්දෙන අව‍්හාතබ‍්බං, ඵුස‍්සනාමකන‍්ති අත්‍ථො.

එහි පාසාදිකෙ යනු තමාගේ ප්‍රතිපත්තියෙන් පැහැදීම් ඇතිකරන. බහූ යනු බොහෝ භාවිතත්තො යනු සමථ විපස්සනා භාවනා මාර්ගයෙන් වඩන ලද සිත් ඇති සුසංවුතෙ මනාව සංවර වූ ඉන්ද්‍රියයන් ඇති ඉසී යනු තාපසයා. පණ්ඩර ගොත්තො පණ්ඩර නම් වූ සෘෂිවරයාගේ වංසයෙහි උපන් බැවින් ඒ හා සමාන ගෝත්‍ර ඇති. ඵුස්සව්හයං ඵුස්ස ශබ්දයෙන් ආමන්ත්‍රණය කළයුතු ඵුස්සනාම යැයි යන අර්ථයි.

“කිං ඡන්‍දා කිමධිප‍්පායා, කිමාකප‍්පා භවිස‍්සරෙ; අනාගතම‍්හි කාලම‍්හි, තං මෙ අක‍්ඛාහි පුච‍්ඡිතො”ති. –

අනාගත කාලයෙහි භික්‍ෂූන් සසුනෙහි කවරනම් අධි මුක්තියක් ඇත්තෝ වෙත්ද? කවර අභිප්‍රායක් ඇත්තෝ වෙත්ද? කවර ආකල්ප ඇත්තෝ වෙත්ද? එය මට කියන්න.

අයං තස‍්ස ඉසිනො පුච‍්ඡාගාථා.

මේ ඒ සෘෂිවරයාගේ ගාථාවේ අර්ථයයි.

තත්‍ථ කිං ඡන්‍දාති ඉමස‍්මිං සාසනෙ අනාගතෙ භික‍්ඛූ කීදිසච‍්ඡන්‍දා කීදිසාධිමුත‍්තිකා, කිං හීනාධිමුත‍්තිකා, උදාහු පණීතාධිමුත‍්තිකාති අත්‍ථො. කිමධිප‍්පායාති කීදිසාධිප‍්පායා කීදිසජ‍්ඣාසයා, කිං සංකිලෙසජ‍්ඣාසයා, උදාහු වොදානජ‍්ඣාසයාති අත්‍ථො. අථ වා ඡන්‍දා නාම කත‍්තුකම්‍යතා, තස‍්මා කීදිසී තෙසං කත‍්තුකම්‍යතාති අත්‍ථො. අධිප‍්පායො අජ‍්ඣාසයොයෙව. කිමාකප‍්පාති කීදිසාකප‍්පා. ආකප‍්පාති ච වෙසගහණාදිවාරිත‍්තචාරිත‍්තවන‍්තොති අත්‍ථො. භවිස‍්සරෙති භවිස‍්සන‍්ති. තං මෙති තං අනාගතෙ භික‍්ඛූනං ඡන්‍දාධිප‍්පායාකප‍්පභෙදං පුච‍්ඡිතො මය‍්හං අක‍්ඛාහි කථෙහීති ථෙරං අජ‍්ඣෙසති. තස‍්ස ථෙරො තමත්‍ථං ආචික‍්ඛන‍්තො සක‍්කච‍්චසවනෙ තාව නියොජෙතුං –

එහි කිංජන්‍දා යනු මේ සසුනෙහි අනාගත භික්‍ෂූහු කෙබඳු බලාපොරොත්තුවක් ඇත්තෝ වෙත්ද? කිම හීන වූ අධිමුක්තියක්ද එසේ නැතහොත් ප්‍රණීත අධිමුක්තියක්ද යන අර්ථයි. කිමධිප්පායා යනු කෙබඳු අභිප්‍රායක්ද? කෙබඳු අධ්‍යාසයක්ද? කෙලෙසුන්ගේ කිලිටිවීමක්ද නැතහොත් කෙලෙසුන්ගෙන් පිරිසිදු වීමද? එසේ නැත්නම් (ඡන්‍දා) කැමැත්ත වනාහි කරනු කැමැති බව ඒ නිසා කෙබඳු කැමැත්තක්ද? ඔවුන්ගේ කෙබඳු කරනු කැමැති බවක්ද යන අර්ථයි. අභිප්‍රාය, අධ්‍යාසය යනුයි. කිමාකප්පා කෙබඳු ආකල්පයක්ද? ආකල්ප වනාහි වෙස්ගැන්වීම ආදී චාරිත්‍ර වාරිත්‍ර ආදියයි. භවිස්සරෙ වන්නේය. තං මෙ යනු අනාගතයෙහි භික්‍ෂූන්ගේ කැමැත්ත, ආකල්ප, අභිප්‍රාය යන ප්‍රභේදයන් විචාරන්නා වූ මට අක්‍ඛාහි කියන්නයැයි තෙරුන්ගෙන් ඉල්ලීය. තෙරුන් වහන්සේ ඔහුට ඒ කාරණය කියන්නේ මනාව ඇසීමෙහි යොදවවන්ට -

“සුණොහි වචනං මය‍්හං, ඉසි පණ‍්ඩරසව‍්හය; සක‍්කච‍්චං උපධාරෙහි, ආචික‍්ඛිස‍්සාම්‍යනාගත”න‍්ති. – ගාථමාහ;

‘පණ්ඩර’ නම් ඇති සෘෂිවරය! මගේ වචනය අසන්න. මනාව සිතට ගන්න. අනාගතය කියන්නෙමි - මේ ගාථාව කීය.

තස‍්සත්‍ථො – භො පණ‍්ඩරනාම ඉසි, යං ත්‍වං මං පුච‍්ඡසි, තං තෙ අනාගතං ආචික‍්ඛිස‍්සාමි, ආචික‍්ඛතො පන මම වචනං සුණාහි අනාගතත්‍ථදීපනතො සංවෙගාවහතො ච සක‍්කච‍්චං උපධාරෙහීති.

එහි අර්ථය භො පණ්ඩරස්ස පින්වත් පණ්ඩර නම් ඉසි සෘෂිවරය, ඔබ මගෙන් යමක් අසයිද එය ඔබට අනාගතං ආචික්‍ඛිස්සාමි කියන්නා වූ මාගේ වචනය අසන්න. අනාගත අර්ථය පැහැදිලි කිරීම් වශයෙන් සංවේගය ඇතිකරන්නහු සක්කච්චං උපධාරෙහි මනාව හිතට ගන්න.

අථ ථෙරො අනාගතංසඤාණෙන භික‍්ඛූනං භික‍්ඛුනීනඤ‍්ච භාවිනිං පවත‍්තිං යථාභූතං දිස‍්වා තස‍්ස ආචික‍්ඛන‍්තො –

ඉක්බිති තෙරුන් වහන්සේ අනාගතය දක්නා නුවණින් භික්‍ෂු භික්‍ෂුණීන්ගේ අනාගත පැවැත්ම ඇති පරිදි දැක ඔහු මෙසේ කියයි.

“කොධනා උපනාහී ච, මක‍්ඛී ථම‍්භී සඨා බහූ; ඉස‍්සුකී නානාවාදා ච, භවිස‍්සන‍්ති අනාගතෙ.

අනාගතයේ බොහෝදෙන ක්‍රෝධ කරන වෛර කරන මකු බවෙන් යුත්, අතිමානයෙන් යුත් කපටි අය වන්නාහ.

“අඤ‍්ඤාතමානිනො ධම‍්මෙ, ගම‍්භීරෙ තීරගොචරා; ලහුකා අගරූ ධම‍්මෙ, අඤ‍්ඤමඤ‍්ඤමගාරවා.

ගැඹුරු වූ ධර්මය නොදන්නා චපල වූවාහු ධර්මය කෙරෙහි ගෞරව නැත්තාහු ඔවුනොවුන් අතර ගෞරව රහිත වූවාහු වෙත්.

“බහූ ආදීනවා ලොකෙ, උප‍්පජ‍්ජිස‍්සන‍්ත්‍යනාගතෙ; සුදෙසිතං ඉමං ධම‍්මං, කිලෙසිස‍්සන‍්ති දුම‍්මතී.

අනාගත ලෝකයෙහි බොහෝ ආදිනව හටගනිත්. දුර්මත ඇත්තාහු මනාකොට දෙසන ලද ධර්මය කෙලෙසත්.

“ගුණහීනාපි සඞ‍්ඝම‍්හි, වොහරන‍්තා විසාරදා; බලවන‍්තො භවිස‍්සන‍්ති, මුඛරා අස‍්සුතාවිනො.

සංඝයා අතර ගුණ හීන වුවෝ විශාරදයෝය. බලවන්තයෝය කියා ව්‍යවහාර කරත්. උගත්කමක් නැති මුඛරි බවෙන් යුක්ත වූවෝ බලවන්තයෝ වෙත්.

“ගුණවන‍්තොපි සඞ‍්ඝම‍්හි, වොහරන‍්තා යථාත්‍ථතො; දුබ‍්බලා තෙ භවිස‍්සන‍්ති, හිරීමනා අනත්‍ථිකා.

සංඝයා අතර ධර්ම අධර්ම දෙක ඇති පරිදි දක්වන්නා වූ ගුණවන්තයෝ දුර්වලයෝ වෙත්. ලජ්ජා ඇති බැවින් තමවාදය ඔප්පු කරන්ට නොගොස් නිහඬ වෙත්.

“රජතං ජාතරූපඤ‍්ච, ඛෙත‍්තං වත්‍ථුමජෙළකං. දාසිදාසඤ‍්ච දුම‍්මෙධා, සාදියිස‍්සන‍්ත්‍යනාගතෙ.

රන්රිදී ආදියත්, කුඹුරු හා ඉඩම් ගවඑළු ආදී සතුන්ද දාසිදාසයන්ද තමන්ගේ ප්‍රයෝජනය සඳහා අනාගතයේ මෝඩයෝ යොදා ගනිත්.

“උජ‍්ඣානසඤ‍්ඤිනො බාලා, සීලෙසු අසමාහිතා; උන‍්නළා විචරිස‍්සන‍්ති, කලහාභිරතා මගා.

සීලයන්හි නොහික්මුණාහු වහා කිපෙන ස්වභාවය ඇති බාලයෝ කළහ කිරීමට ආශා කරන්නාහු අහංකාරයෙන් හැසිරෙත්.

“උද‍්ධතා ච භවිස‍්සන‍්ති, නීලචීවරපාරුතා; කුහා ථද‍්ධා ලපා සිඞ‍්ගී, චරිස‍්සන‍්ත්‍යරියා විය.

නිල්වන් සිවුරු පොරවා නොසන්සුන් ගති ඇතිව කුහක බව, දරදඬු බව, වාචාල බව ඇත්තාහු ශෘංගාරාත්මක ආර්යයන් මෙන් හැසිරෙත්.

“තෙලසණ‍්ඨෙහි කෙසෙහි, චපලා අඤ‍්ජනක‍්ඛිකා; රථියාය ගමිස‍්සන‍්ති, දන‍්තවණ‍්ණිකපාරුතා.

තෙල්වලින් හැඩගැස්වූ කෙස් ඇති චපල වූ ඇස්වල අඳුන් ගා ඇත්දළපාට හැඳගෙන පිඬු පිණිස ගමන් කරත්.

“අජෙගුච‍්ඡං විමුත‍්තෙහි, සුරත‍්තං අරහද‍්ධජං; ජිගුච‍්ඡිස‍්සන‍්ති කාසාවං, ඔදාතෙසු සමුච‍්ඡිතා.

රහතන් විසින් පිළිකුල් නොකළ රතුපාට අර්හත්ධජය (සිවුර) කාසාය වස්ත්‍රය පිළිකුල් කරත්. සුදුපාට කෙරෙහි ගිජු වූවාහ.

“ලාභකාමා භවිස‍්සන‍්ති, කුසීතා හීනවීරියා; කිච‍්ඡන‍්තා වනපත්‍ථානි, ගාමන‍්තෙසු වසිස‍්සරෙ.

කුසීත වූ, හීන වීර්ය ඇති ඔව්හු ලාභ කැමැත්තෝ වෙත්. වනාන්තරවල වෙහෙසට පත්ව ගම්වල වසන්නෝය.

“යෙ යෙ ලාභං ලභිස‍්සන‍්ති, මිච‍්ඡාජීවරතා සදා; තෙ තෙව අනුසික‍්ඛන‍්තා, භජිස‍්සන‍්ති අසංයතා.

සැමකල්හි වැරදි ජීවන ක්‍රමයන්හි යෙදී යම් යම් ලාභ ලබත්ද ඒ අයටද එයට උගන්වමින් සංයමයක් නැතිව හැසිරෙත්.

“යෙ යෙ අලාභිනො ලාභං, න තෙ පුජ‍්ජා භවිස‍්සරෙ; සුපෙසලෙපි තෙ ධීරෙ, සෙවිස‍්සන‍්ති න තෙ තදා.

යම් ඒ භික්‍ෂූහු මිත්‍යාජීවයෙන් යුක්ත වූවාහු අල්ප වූ පින් ඇති බැවින්ද ලාභප්‍රත්‍යයන් නොලබන්නාහු පූජනීය නොවෙත්. සුපේශල ධීරයන් සිටියත් ඔවුන් සේවනය නොකරත්.

“මිලක‍්ඛුරජනං රත‍්තං, ගරහන‍්තා සකං ධජං; තිත්‍ථියානං ධජං කෙචි, ධාරිස‍්සන‍්ත්‍යවදාතකං.

එවිට කාසාය වස්ත්‍රය කෙරෙහි ගෞරවය නැතිවේ. සිවුරු පරිහරණයෙහි ප්‍රත්‍යවේක්‍ෂාවක් භික්‍ෂූන්ට ඇති නොවේ. කළුවන් කැස්බ පාටට හුරු රතුපාටින් යුත් තව ධජය (චීවරය) ගරහා කරමින් සුදුපාට වූ තීර්ථකයන්ගේ ධජය දරත්.

“අගාරවො ච කාසාවෙ, තදා තෙසං භවිස‍්සති; පටිසඞ‍්ඛා ච කාසාවෙ, භික‍්ඛූනං න භවිස‍්සති.

“අභිභූතස‍්ස දුක‍්ඛෙන, සල‍්ලවිද‍්ධස‍්ස රුප‍්පතො; පටිසඞ‍්ඛා මහාඝොරා, නාගස‍්සාසි අචින‍්තියා.

දුකෙන් මඩනා ලද්දාහු විස සහිත ඊයකින් විදිනා ලද්දා වූ මහත් වූ ශරීර විකාරයට පත්ව ජීවිතයේ අපේක්‍ෂාවක් නැතිව මහා ඡද්දන්තයෙක් විය.

“ඡද‍්දන‍්තො හි තදා දිස‍්වා, සුරත‍්තං අරහද‍්ධජං; තාවදෙවභණී ගාථා, ගජො අත්‍ථොපසංහිතා.

එකල්හි ඡද්දන්තයා රක්තවර්ණ වූ අර්හත් ධජය (සිවුර) දැක එවේලේම ඒ හස්තිරාජයා අර්ථයෙන් හෙබි ගාථාව කීය.

“අනික‍්කසාවො කාසාවං, යො වත්‍ථං පරිධස‍්සති; අපෙතො දමසච‍්චෙන, න සො කාසාවමරහති.

කෙලෙසුන්ගෙන් තොර නොවූ යමෙක් කාසාය වස්ත්‍රය දරයිද ඉන්‍ද්‍රිය දමනයෙන් තොර වූ හෙතෙම කසාවත දරන්ට සුදුසු නැත.

“යො ච වන‍්තකසාවස‍්ස, සීලෙසු සුසමාහිතො; උපෙතො දමසච‍්චෙන, ස වෙ කාසාවමරහති.

යමෙක් සීලයෙහි මනාව හික්මුනේද කෙලෙස් කිලුටුවලින් තොර වූයේද ඉන්‍ද්‍රිය දමනයෙන් යුක්තද ඔහු කසාවත දැරීමට සුදුසුය.

“විපන‍්නසීලො දුම‍්මෙධො, පාකටො කාමකාරියො; විබ‍්භන‍්තචිත‍්තො නිස‍්සුක‍්කො, න සො කාසාවමරහති.

බිඳුනා වූ සිත් ඇති මෝඩ වූ දුස්සීලයැයි ප්‍රකට වූ කැමැති දේ කරන කලබල සිත් ඇති හිරිඔතප් නැති ඔහු කසාවත දැරීමට සුදුසු නැත.

“යො ච සීලෙන සම‍්පන‍්නො, වීතරාගො සමාහිතො; ඔදාතමනසඞ‍්කප‍්පො, ස වෙ කාසාවමරහති.

යමෙක් වීතරාගීද තැන්පත් සිත් ඇත්තේද සීලවන්තද පිරිසිදු වූ චිත්ත සංකල්පයන් ඇත්තේද ඔහු ඒකාන්තයෙන් කසාවත දැරීමට සුදුසුය.

“උද‍්ධතො උන‍්නළො බාලො, සීලං යස‍්ස න විජ‍්ජති; ඔදාතකං අරහති, කාසාවං කිං කරිස‍්සති.

යම් ඒ නොසන්සුන් සිත් ඇති උඟගු බාලයාට සීලයක් නැද්ද ඔහුට සුදුසු වන්නේ සුදු වස්ත්‍රයයි. කාසාය වස්ත්‍රය කුමක් කරයිද?

“භික‍්ඛූ ච භික‍්ඛුනියො ච, දුට‍්ඨචිත‍්තා අනාදරා; තාදීනං මෙත‍්තචිත‍්තානං, නිග‍්ගණ‍්හිස‍්සන‍්ත්‍යනාගතෙ.

අනාගතයේදී දුෂ්ට වූ සිත් ඇති අනාදර වූ භික්‍ෂු භික්‍ෂුණීහු තාදි ගුණ ඇති මෛත්‍රී සිත් ඇති උතුමන්ට නිග්‍රහ කරත්.

“සික‍්ඛාපෙන‍්තාපි ථෙරෙහි, බාලා චීවරධාරණං; න සුණිස‍්සන‍්ති දුම‍්මෙධා, පාකටා කාමකාරියා.

ගුණවත් තෙරවරුන් විසින් මෙබඳු බාලයන්ට සිවුර දැරිමේ අර්ථය ගැන උගන්වන්නේ නමුත් අඥාන වූ පව්කාරයන් යැයි ප්‍රකට වූ කාම ක්‍රියාවන්හි යෙදෙන්නාහු එයට සවන් නොදෙත්.

“තෙ තථා සික‍්ඛිතා බාලා, අඤ‍්ඤමඤ‍්ඤං අගාරවා; නාදියිස‍්සන‍්තුපජ‍්ඣායෙ, ඛළුඞ‍්කො විය සාරථිං.

මේ ලෙස ඉගෙනගන්නා වූ බාලයෝ ඔවුනොවුන් කෙරෙහි ගෞරව නැත්තාහු නොහික්මුණු අශ්වයා රථාචාරියාගේ නියෝගය නොපිළිපදින්නාක් මෙන් උපාධ්‍යාය ගුරුවරාදීන්ට ගෞරව නොකරත්.

“එවං අනාගතද‍්ධානං, පටිපත‍්ති භවිස‍්සති; භික‍්ඛූනං භික‍්ඛුනීනඤ‍්ච, පත‍්තෙ කාලම‍්හි පච‍්ඡිමෙ.

පසුකාලය එළඹිකල්හි භික්‍ෂු භික්‍ෂුණි දෙපක්‍ෂයේම අනාගත ප්‍රතිපත්තිය මෙය වන්නේය.

“පුරා ආගච‍්ඡතෙ එතං, අනාගතං මහබ‍්භයං; සුබ‍්බචා හොථ සඛිලා, අඤ‍්ඤමඤ‍්ඤං සගාරවා.

මා විසින් ඔබලාට කියන ලද ප්‍රතිපත්ති අන්තරායකර බැවින් අනාගතය මහත් බිය ගෙන දෙන්නේය. එතෙක් සුවච මෘදු හදවත් ඇති ඔවුනොවුන්ට ගෞරව ඇති අය ලෙස ජීවත් වන්න.

“මෙත‍්තචිත‍්තා කාරුණිකා, හොථ සීලෙසු සංවුතා; ආරද‍්ධවීරියා පහිතත‍්තා, නිච‍්චං දළ‍්හපරක‍්කමා.

මෙත්සිත් ඇතිව සීල සංවරයෙහි යෙදී කාරුණික වව්. අරඹන ලද වීර්ය ඇතිව නිවන කෙරෙහි යොමුකළ සිත් ඇතිව නිරන්තරයෙන් දැඩි උත්සාහයකින් යුක්ත වව්.

“පමාදං භයතො දිස‍්වා, අප‍්පමාදඤ‍්ච ඛෙමතො; භාවෙථට‍්ඨඞ‍්ගිකං මග‍්ගං, ඵුසන‍්තා අමතං පද”න‍්ති. –

ප්‍රමාදය මහා බියක් ලෙස දැක අප්‍රමාදය ආරක්‍ෂාවක් ලෙස සළකා ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩව්. එයින් අමෘත පදය ස්පර්ශ කරත්.

ඉමා ගාථා අභාසි;

යන මේ (අර්ථ ඇති) ගාථා ප්‍රකාශ කළේය.

තත්‍ථ කොධනාති කුජ‍්ඣනසීලා. භවිස‍්සන‍්ති අනාගතෙති සම‍්බන්‍ධො. කිං ථෙරස‍්ස කාලෙ තථා නාහෙසුන‍්ති? න නාහෙසුං. තදා පන කල්‍යාණමිත‍්තබහුලතාය ඔවාදකෙසු විඤ‍්ඤාපකෙසු සබ්‍රහ‍්මචාරීසු බහූසු විජ‍්ජමානෙසු කිලෙසෙසු බලවන‍්තෙසු පටිසඞ‍්ඛානබහුලතාය ච යෙභුය්‍යෙන භික‍්ඛූ අක‍්කොධනා අහෙසුං, ආයතිං තබ‍්බිපරියායෙ අතිකොධනා භවිස‍්සන‍්ති, තස‍්මා “අනාගතෙ”ති වුත‍්තං. සෙසපදෙසුපි එසෙව නයො. උපනාහීති ආඝාතවත්‍ථූසු ආඝාතස‍්ස උපනය‍්හනසීලා උපනාහසම‍්භවතො වා උපනාහී. තත්‍ථ පුරිමකාලිකො බ්‍යාපාදො කොධො, අපරකාලිකො උපනාහො. සකිං පවත‍්තො වා දොසො කොධො, අනෙකක‍්ඛත‍්තුං පවත‍්තො උපනාහො. පරෙසං විජ‍්ජමානෙ ගුණෙ මක‍්ඛන‍්ති පුඤ‍්ජන‍්ති, තෙසං වා උදකපුඤ‍්ජනියා විය උදකස‍්ස මක‍්ඛො මක‍්ඛනං පුඤ‍්ජනං එතෙසං අත්‍ථීති මක‍්ඛී. අතිමානලක‍්ඛණො ථම‍්භො එතෙසං අත්‍ථීති ථම‍්භී. සඨාති අසන‍්තගුණවිභාවනලක‍්ඛණෙන සාඨෙය්‍යෙන සමන‍්නාගතා. ඉස‍්සුකීති පරසම‍්පත‍්තිඛිය්‍යනලක‍්ඛණාය ඉස‍්සාය සමන‍්නාගතා. නානාවාදාති අඤ‍්ඤමඤ‍්ඤං විරුද‍්ධවාදා විරුද‍්ධදිට‍්ඨිකා, කලහකාරකා චාති අත්‍ථො.

එහි කොධනා යනු කිපෙනසුළු. භවිස්සන්ති අනාගතෙ අනාගතයෙහි වන්නේයැයි සම්බන්ධ කළ යුතුයි. කුමක් නිසාද යත්? තෙරුන්ගේ කාලයේ එසේ නොවීය. එදා වනාහි කල්‍යාණමිත්‍රයන් බහුල බැවින් අවවාද දෙන මගපෙන්වන සබ්‍රහ්මචාරීන් වහන්සේලා බොහෝදෙනෙක් විද්‍යාමාන වන කල්හි කෙලෙස් බලවත්වන කල්හි පරීක්‍ෂාකාරී බව බහුල බැවින් බොහෝ සෙයින් භික්‍ෂූහු ක්‍රෝධ ඇත්තෝ නොවූහ. ඉදිරියෙහි මේ තත්ත්වය වෙනස්ව යාමෙන් අතිශයින් ක්‍රෝධ ඇත්තෝ වෙත්. ඒ නිසා ‘අනාගතෙ’ යැයි කීය. ඉතිරි පදයන්හිද මේ ආකාරයමය. උපනාහී යනු ක්‍රෝධය ඇතිකරන වස්තූන්හි අමනාපය ඇතිකරන ස්වභාව ඇති වෛර ඇතිවීමෙන් හෝ උපනාහී නම් වේ. එහි පළමු අවස්ථාව වූ ව්‍යාපාදය වූ ක්‍රෝධය පසුව උපනාහී තත්ත්වයට පත්වේ. නැවත පවත්නා දෝසය ක්‍රෝධයයි. අනේක වාරයක් පවත්නේ උපනාහ යයි. අනුන්ගේ ඇති ගුණ මකන්නේ, පිසදමන්නේ, වතුර පිසදමන්නාක් මෙන් මොවුන්ට මේ ගතිය ඇත්තේනුයි මක්‍ඛී නම් වෙයි. අතිමානය ලක්‍ෂණ කොට ඇති එමභය මොවුන්ට ඇත්තෙනුයි ථමභී නම් වේ. සඨා යනු නැතිගුණ පෙන්වීම ලක්‍ෂණකොට ඇති කපටිබවෙන් යුක්ත වූ ඉස්සුකී යනු අනුන්ගේ සම්පත නොඉවසන සුළු ඊර්ෂ්‍යාවෙන් යුක්ත, නානාවාදා යනු ඔවුනොවුන් අතර විරුද්ධ මත ඇති විරුද්ධ දෘෂ්ටි ඇති, කෝලාහල කරන යන අර්ථයි.

අඤ‍්ඤාතමානිනො ධම‍්මෙ, ගම‍්භීරෙ තීරගොචරාති ගම‍්භීරෙ දුරොභාසෙ සද‍්ධම‍්මෙ අඤ‍්ඤාතෙ එව “ඤාතොති, දිට‍්ඨො”ති එවං මානිනො, තතො එව තස‍්ස ඔරභාගෙ පවත‍්තිතාය ඔරිමතීරගොචරා. ලහුකාති ලහුසභාවා චපලා. අගරූ ධම‍්මෙති සද‍්ධම‍්මෙ ගාරවරහිතා. අඤ‍්ඤමඤ‍්ඤමගාරවාති අඤ‍්ඤමඤ‍්ඤස‍්මිං අප‍්පතිස‍්සා, සඞ‍්ඝෙ සබ්‍රහ‍්මචාරීසු ච ගරුගාරවවිරහිතා. බහූ ආදීනවාති වුත‍්තප‍්පකාරා, වක‍්ඛමානා ච බහූ අනෙකදොසා අන‍්තරායා . ලොකෙති සත‍්තලොකෙ. උප‍්පජ‍්ජිස‍්සන‍්ත්‍යනාගතෙති අනාගතෙ පාතු භවිස‍්සන‍්ති. සුදෙසිතං ඉමං ධම‍්මන‍්ති, සම‍්මාසම‍්බුද‍්ධෙන සුට‍්ඨු අවිපරීතං ආදිකල්‍යාණාදිප‍්පකාරෙන දෙසිතං ඉමං ආගමසද‍්ධම‍්මං. කිලෙසිස‍්සන‍්තීති කිලිට‍්ඨං කිලෙසදූසිතං කරිස‍්සන‍්ති, “ආපත‍්තිං ‘අනාපත‍්තී’ති ගරුකාපත‍්තිං ‘ලහුකාපත‍්තී’”තිආදිනා දුච‍්චරිතසංකිලෙසෙන අසද‍්ධම‍්මෙන සණ‍්හසුඛුමං රූපාරූපධම‍්මං පටික‍්ඛිපිස‍්සන‍්ති, දිට‍්ඨිසංකිලෙසෙන උභයත්‍රාපි තණ‍්හාසංකිලෙසෙන සංකිලෙසිස‍්සන‍්ති මලිනං කරිස‍්සන‍්ති. දුම‍්මතීති නිප‍්පඤ‍්ඤා. වුත‍්තඤ‍්හෙතං භගවතා – “භවිස‍්සන‍්ති, භික‍්ඛවෙ, භික‍්ඛූ අනාගතමද‍්ධානං…පෙ… අභිධම‍්මකථං වෙදල‍්ලකථං කථෙන‍්තා කණ‍්හධම‍්මං ඔක‍්කමමානා න බුජ‍්ඣිස‍්සන‍්තී”ති (අ· නි· 5.79).

අඤ්ඤාතමානිනො ධම්මෙ ගම්භීරෙ තීරගොචරා යනු ගැඹුරු වූ ලඟාවීමට අපහසු සද්ධර්මය වටහා නොගත් කල්හිම එය දැනගත්තේය, දකින ලද්දේය යනුවෙන් ඇතිවන මානයයි. එයින්ම ඔහුගේ පහත් තත්ත්වයේ පැවැත්ම නිසා මේ පැත්තේ පහත්ම තීරයට ලංව ලහුකා යනු සැහැල්ලු, චපල. අගරුධම්මෙ සද්ධර්මයෙහි ගෞරව රහිත. අඤ්ඤමඤ්ඤමගාරවා ඔවුනොවුන් කෙරෙහි සුවච බවක් නැතිව සංඝයා කෙරෙහිත් සබ්‍රහ්මචාරීන් කෙරෙහිත් ගරුසරු නැතිව. බහූආදීනවා කියන ලද හා කියනු ලබන්නා වූ ද බොහෝ දෝසයෝ, අන්තරාවෝ ලොකෙ යන සත්ත්ව ලෝකයෙහි, උප්පජ්ජිස්සන්තිනාගතෙ යනු අනාගතයෙහි පහළ වෙත්. සුදෙසිතං ඉදං ධම්මං යනු බුදුරජාණන් වහන්සේ විසින් මනාව අවිපරීතව ආදි කල්‍යාණං යනාදී ආකාරයෙන් දේශනා කරන ලද මේ ආගම සද්ධර්මය කිලෙසිස්සන්ති කිලුටෙන් දූෂිත කරත්. ඇවැත ඇවැතක් නොවන බවත් බරපතල වරදක් සැහැල්ලු වරදක් ලෙසත් යන ක්‍රමයට දුශ්චරිත කිලුටෙන්, අසද්ධර්මයෙන් මෘදු මොළොක් රූපාරූප ධර්මයන් ප්‍රතික්‍ෂෙප කරන්නේය. දිට්ඨි කිලුටෙන් දෙතැන්හිම තණ්හා කිලුටෙන් කිලුටු කරන්නේය. දුම්මති යනු ප්‍රඥාව නැති, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ දේශනා කර ඇත. “මහණෙනි, අනාගතයෙහි මෙබඳු අය වන්නාහ. -පෙ- අභිධම්ම කථා, වේදල්ල කථා කියන්නාහු සියුම් ධර්මයට බැසගන්නා නමුත් එය වටහාගන්නට අපොහොසත් වෙත්.

ගුණහීනාති සීලාදිගුණවිරහිතා දුස‍්සීලා, අලජ‍්ජිනො ච. අථ වා ගුණහීනාති විනයවාරිත‍්තාදිගුණෙන හීනා ධම‍්මවිනයෙ අප‍්පකතඤ‍්ඤුනො. සඞ‍්ඝම‍්හීති සඞ‍්ඝමජ‍්ඣෙ. වොහරන‍්තාති කථෙන‍්තා, සඞ‍්ඝෙ විනිච‍්ඡයකථාය වත‍්තමානාය යංකිඤ‍්චි භණන‍්තා. විසාරදාති නිබ‍්භයා පගබ‍්භා. බලවන‍්තොති පක‍්ඛබලෙන බලවන‍්තො. මුඛරාති මුඛඛරා ඛරවාදිනො. අස‍්සුතාවිනොති න සුතවන‍්තො, කෙවලං ලාභසක‍්කාරසිලොකසන‍්නිස‍්සයෙන ගුණධරා හුත්‍වා “ධම‍්මං ‘අධම‍්මො’ති, අධම‍්මඤ‍්ච ‘ධම‍්මො’ති, විනයං ‘අවිනයො’ති, අවිනයඤ‍්ච ‘විනයො’”ති එවං අත‍්තනා යථිච‍්ඡිතමත්‍ථං සඞ‍්ඝමජ‍්ඣෙ පතිට‍්ඨපෙන‍්තා බලවන‍්තො භවිස‍්සන‍්ති.

ගුණහීනා සීලාදී ගුණ නැති දුස්සීල වූ ලැජ්ජා නැත්තා වූ, නැතහොත් ගුණහීනා යනු විනය, වාරිත්තශීල ආදියෙන් හීන වූ ධර්ම විනයෙහි අල්ප වූ අවබෝධයක් ඇති, සංඝම්හි සඟමැද, වොහරන්තා කියන්නාහු, සංඝයා මැද විනිශ්චය වශයෙන් යම් කථාවක් ඇතිකල්හි යමක් කියන්නාහු, විසාරදා භය නැති, ප්‍රගල්භ වූ, බලවන්තො පක්‍ෂ බලයෙන් බලවත් වූ මුඛරා මුකරි, කඩතොලු ලෙස කථාකරන. අස්සුතාවිනො නොඇසූවිරූ, හුදෙක් ලාභසත්කාර බලාපොරොත්තුවෙන් ගුණවත් බවෙන් යුතුව ‘ධර්මය අධර්මය ලෙසත් අධර්මය ධර්මය ලෙසත් විනය අවිනය ලෙසත්, අවිනය විනය ලෙසත් දක්වමින් මෙසේ තමා විසින් බලාපොරොත්තු වන අර්ථය සංඝයා මැද පිහිටුවා බලවන්තයෝ වෙත්.

ගුණවන‍්තොති සීලාදිගුණසම‍්පන‍්නා. වොහරන‍්තා යථාත්‍ථතොති අත්‍ථානුරූපං, අවිපරීතත්‍ථං “ධම‍්මං ‘ධම‍්මො’ති, අධම‍්මං ‘අධම‍්මො’ති, විනයං ‘විනයො’ති අවිනයං ‘අවිනයො’”ති එවං දීපෙන‍්තා. දුබ‍්බලා තෙ භවිස‍්සන‍්තීති පරිසායං අලජ‍්ජුස‍්සන‍්නතාය බලවිරහිතා තෙ භවිස‍්සන‍්ති, තෙසං වචනං න තිට‍්ඨිස‍්සති. හිරීමනා අනත්‍ථිකාති හිරීමන‍්තො කෙනචි අනත්‍ථිකා. තෙ හි ධම‍්මෙන වත‍්තුං සමත්‍ථාපි පාපජිගුච‍්ඡතාය අප‍්පකිච‍්චතාය ච කෙහිචි විරොධං අකරොන‍්තා අත‍්තනො වාදං පතිට‍්ඨාපෙතුං න වායමන‍්තා දිට‍්ඨාවිකම‍්මං වා අධිට‍්ඨානං වා අකත්‍වා තුණ‍්හී හොන‍්ති.

ගුණවන්තො සීලාදි ගුණ ඇති. වොහරන්තා යථාත්‍ථතො අර්ථානුරූප වූ, අර්ථය විපරීත නොවූ ‘ධර්මය ධර්මය ලෙසත්, ධර්මය අධර්මය ලෙසත් විනය අවිනය ලෙසත් අවිනය විනය ලෙසත් දක්වන්නාහු දුබ්බලා තෙ භවිස්සන්ති ඔව්හු පිරිසෙහි ලජ්ජා රහිත බව උත්සන්න වීමෙන් බලරහිත වූවාහු වෙත්. ඔවුන්ගේ වචනය රඳාපවතින්නේ නැත. හිරිමතා අනත්‍ථිකා ලජ්ජා ඇත්තාහු කිසියම් අනර්ථකාරි ධර්මයක් කියන්නට හැකි නමුත් පව පිළිකුල් කිරිම හේතුවෙන් අල්ප කෘත්‍යයන් ඇති බැවිනුත් කිසියම් විරෝධයක් නොදක්වන්නාහු තමන්ගේ මතය ස්ථිර කරන්නට උත්සාහ නොගන්නාහු තම මතය පැහැදිලි කිරීමක් හෝ අනුමත කිරීමක් නොකොට නිහඬව සිටිත්.

රජතන‍්ති රූපියං, තෙන කහාපණලොහමාසකාදීනම‍්පි සඞ‍්ගහො දට‍්ඨබ‍්බො. ජාතරූපන‍්ති සුවණ‍්ණං, තෙන මණිමුත‍්තාදීනම‍්පි සඞ‍්ගහො දට‍්ඨබ‍්බො. වා-සද‍්දො සමුච‍්චයත්‍ථො “අපදා වා”තිආදීසු (අ· නි· 4.34; 5.32; ඉතිවු· 90) විය. “රජතජාතරූපඤ‍්චා”ති වා පාඨො. ඛෙත‍්තන‍්ති යත්‍ථ පුබ‍්බණ‍්ණාපරණ‍්ණං රුහති, තං ඛෙත‍්තං. තදත්‍ථං අකතභූමිභාගො වත්‍ථු. අජෙළකන‍්ති එළකා නාම අජායෙව, තෙ ඨපෙත්‍වා අවසෙසා පසුජාතී අජා නාම. අජෙළකග‍්ගහණෙනෙව හෙත්‍ථ ගොමහිංසාදීනම‍්පි සඞ‍්ගහො කතො. දාසිදාසඤ‍්චාති දාසියො ච දාසෙ ච. දුම‍්මෙධාති අවිද‍්දසුනො , කප‍්පියාකප‍්පියං සාරුප‍්පාසාරුප‍්පං අජානන‍්තා අත‍්තනො අත්‍ථාය සාදියිස‍්සන‍්ති සම‍්පටිච‍්ඡිස‍්සන‍්ති.

රජතං යනු රිදී, එයින් කහවනු, ලෝහමසු ආදී මුදල් විශේෂ දතයුතුයි. ජාතරූපං යනු රත්‍රං, එයින්ම මුතු, මැණික් ආදියද ගතයුතුයි. වා ශබ්දය යොදා ඇත්තේ සමූහාර්ථය සඳහාය. අපදාවා ආදියෙහි මෙහි රජතජාතරූපංච යනුවෙන්ද පාඨයක් ඇත. ඛෙත්තං යම්තැනක අස්වද්දනු ලැබේද එතැන, ඒ සඳහා වැඩනොකළ කුඹුර, වත්‍ථු නම් වේ. අජෙළකං එළකා යනු එලුවෝය. ඒ හැර ඉතිරි සිවුපාවුන්ද අජා නම් වේ. අජඑළක ශබ්ද දෙකට ගැනීමෙන් වනාහි මෙහිදී ගව මහිෂ ආදී සිවුපාවුන්ද එයට ඇතුළත් කෙරේ. දාසිදාසං දාස, දාසියෝ දුම්මෙධා අඥානයෝ, කැප අකැප, සරුප් නොසරුප් දෙය නොදන්නා වූ, තමා සඳහා සාදියිස්සන්ති තමාට සතුටු වන්නේය.

උජ‍්ඣානසඤ‍්ඤිනොති පරෙ හෙට‍්ඨතො කත්‍වා ඔලොකනචිත‍්තා, අනුජ‍්ඣායිතබ‍්බට‍්ඨානෙපි වා උජ‍්ඣානසීලා. බාලාති දුච‍්චින‍්තිතචින‍්තනාදිනා බාලලක‍්ඛණෙන සමන‍්නාගතා, තතො එව සීලෙසු අසමාහිතා චතුපාරිසුද‍්ධිසීලෙසු න සමාහිතචිත‍්තා. උන‍්නළාති, සමුස‍්සිතතුච‍්ඡමානා. විචරිස‍්සන‍්තීති මානද‍්ධජං උක‍්ඛිපිත්‍වා විචරිස‍්සන‍්ති. කලහාභිරතා මගාති සාරම‍්භබහුලතාය කරණුත‍්තරියපසුතා කලහෙ එව අභිරතා මගසදිසා මිගා විය අත‍්තහිතාපෙක‍්ඛා ඝාසෙසනාභිරතා දුබ‍්බලවිහෙසපරාති අත්‍ථො.

උජ්ඣාන සඤ්ඤිනො අන්අයව පහත හෙළා දකින සිත් ඇති, කෝප නොවිය යුතු තැනත් කෝපවන ස්වභාවය ඇති, බාලා යනු වැරදි සිතුවිලි සිතීම ආදී බාල ලක්‍ෂණවලින් යුක්ත, එයින්ම සීලෙසු අසමාහිතා සිවැදෑරුම් සීලයෙහි නොහික්මුණු සිත් ඇති, උන්නළා ඉස්මතු වූ හිස්මානය, විචරිස්සන්ති මානය නමැති ධජය ඔසවාගෙන හැසිරෙත්. කලහාභිරතා මිගා යනු කෝපබහුල බැවින්, නැවත නැවත කලහයෙහි යෙදෙන බැවින්, කලහයටම කැමැත්ත ඇති බැවින් මෘගයන් හා සමාන, ආත්මාර්ථකාමීව, ආහාර සෙවීමෙහි නිරත වූ දුබලයන්ට හිංසා කිරීම අරමුණු කරගත් යන අර්ථයි.

උද‍්ධතාති උද‍්ධච‍්චෙන සමන‍්නාගතා චිත‍්තෙකග‍්ගතාරහිතා. නීලචීවරපාරුතාති අකප‍්පියරජනරත‍්තෙන නීලවණ‍්ණෙන චීවරෙන පාරුතා, තාදිසං චීවරං නිවාසෙත්‍වා චෙව පාරුපිත්‍වා ච විචරණකා. කුහාති සාමන‍්තජප‍්පනාදිනා කුහනවත්‍ථුනා කුහකා, අසන‍්තගුණසම‍්භාවනිච‍්ඡාය කොහඤ‍්ඤං කත්‍වා පරෙසං විම‍්හාපයා. ථද‍්ධාති කොධෙන මානෙන ච ථද‍්ධමානසා කක‍්ඛළහදයා. ලපාති ලපනකා කුහනවුත‍්තිකා, පසන‍්නමානසෙහි මනුස‍්සෙහි “කෙන, භන‍්තෙ, අය්‍යස‍්ස අත්‍ථො”ති පච‍්චයදායකානං වදාපනකා, පයුත‍්තවාචාවසෙන, නිප‍්පෙසිකතාවසෙන ච පච‍්චයත්‍ථං ලපකාති වා අත්‍ථො. සිඞ‍්ගීති “තත්‍ථ කතමං සිඞ‍්ගං? යං සිඞ‍්ගං සිඞ‍්ගාරතා චාතුරතා චාතුරියං පරික‍්ඛතතා පාරික‍්ඛතිය”න‍්ති (විභ· 852) එවං වුත‍්තෙහි සිඞ‍්ගසදිසෙහි පාකටකිලෙසෙහි සමන‍්නාගතා, සිඞ‍්ගාරචරිතාති අත්‍ථො. “අරියා වියා”ති ඉදං “කුහා”ති එතස‍්සෙව අත්‍ථදස‍්සනං. කුහකානඤ‍්හි අරියානමිව ඨිතභාවං දස‍්සෙන‍්තො අරියා විය විචරන‍්තීති ආහ.

උද්ධතා උද්ගත වචනයෙන් සමන්විත, සිතෙහි එකාග්‍රතාවයක් නැති, නීලචීවරපාරුතා අකැප වූ පාටගැන්වීමෙන් නීලවර්ණ වූ සිවුරු පොරවාගෙන, එබඳු සිවුරක් හැඳ ඇවිදින, කුහා ලංවී කථාකිරීම ආදී වූ කුහක කාරණා නිසා කුහක වූ අයහපත් ගතිගුණ ප්‍රශංසා කිරීමේ අදහසින් කුහකව අනුන් රැවටීම, ථද්ධා ක්‍රෝධයෙන් ද මානයෙන් ද තද වූ මනසින් යුත් තද හදවතක් ඇති, ලපා කුහක පැවැත්මෙන්, ප්‍රසන්න සිත් ඇති මිනිසුන් විසින් ස්වාමීනි, ඔබවහන්සේට කවරකින් ප්‍රයෝජනයක් තිබේදැයි ප්‍රත්‍ය සපයන දායකයන්ට කියවන, උනන්දු කරවීමේ වචන කීම් වශයෙන් හෝ කපටි ප්‍රයෝගයෙන් ප්‍රත්‍ය සඳහා කථාකරන යන අර්ථයි. සිංගි ‘එහි සිංගං යනු කුමක්ද, යම් ශෘංගාරයක්, ශෘංගාර බැවින්, චතුරතාවය, ශෘංගාර චරිත ඇති යන අර්ථයි. අරියාවිය යනු ආර්යයන් මෙන් කුහා යනු මෙහිම අර්ථ දැක්වීම. කුහකයන්ගේ වනාහි ආර්යයන්ගේ ස්ථිරභාවය දක්වන්නේ. අරියාවිය විවරන්ති යනාදිය කීය.

තෙලසණ‍්ඨෙහීති සිත්‍ථකතෙලෙන වා උදකතෙලෙන වා ඔසණ‍්ඨිතෙහි. චපලාති කායමණ‍්ඩනපරික‍්ඛාරමණ‍්ඩනාදිනා චාපල‍්ලෙන යුත‍්තා. අඤ‍්ජනක‍්ඛිකාති අලඞ‍්කාරඤ‍්ජනෙන අඤ‍්ජිතනෙත‍්තා. රථියාය ගමිස‍්සන‍්තීති භික‍්ඛාචරියාය කුලූපසඞ‍්කමනාපදෙසෙහි, මහාරච‍්ඡාය ඉතො චිතො ච පරිබ‍්භමිස‍්සන‍්ති. දන‍්තවණ‍්ණිකපාරුතාති දන‍්තවණ‍්ණරත‍්තෙන චීවරෙන පාරුතසරීරා.

තෙලසණෙඨහි මීඉටිවලින් සැදූ තෙල්වලින් හෝ ජලතෛලයෙන් හෝ පීරණ ලද චපලා සිරුර සැරසීමෙන් හෝ පිරිකර අලංකාර කිරීමාදී චපලත්වයෙන් යුක්ත වූ, අඤ්ජිතක්‍ඛිකා විසිතුරු අංජන වර්ගවලින් වර්ණවත් කරන ලද ඇස් ඇත්තේ. රථියාය ගමිස්සන්ති යනු පිඬු පිණිස දායක කුලයන් වෙසෙන පළාත්වල එහෙ මෙහෙ හැසිරෙත්. දන්තවණ්ණිකපාරුතා ඇත්දත්පාට සිවුරු පෙරවාගත් ශරීර ඇති.

අජෙගුච‍්ඡන‍්ති අජිගුච‍්ඡිතබ‍්බං. විමුත‍්තෙහීති අරියෙහි. සුරත‍්තන‍්ති කප‍්පියරජනෙන සුට‍්ඨු රත‍්තං, අරහන‍්තානං බුද‍්ධාදීනං චිණ‍්ණතාය අරහද‍්ධජං ජිගුච‍්ඡිස‍්සන‍්ති කාසාවං. කස‍්මා? ඔදාතෙසු සමුච‍්ඡිතා ගෙධං ආපන‍්නා. දන‍්තවණ‍්ණපාරුපනස‍්ස හි ඉදං කාරණවචනං. තෙ හි සෙතකං සම‍්භාවෙන‍්තා “සබ‍්බෙන සබ‍්බං සෙතකෙ ගහිතෙ ලිඞ‍්ගපරිච‍්චාගො එව සියා”ති දන‍්තවණ‍්ණං පාරුපන‍්ති.

අජෙගුච්ඡන්ති පිළිකුල් නොකළ යුතු. විමුත්තෙහි ආර්යයන් විසින්, සුරත්තං කැපවූ වර්ණයකින් යුක්ත වූයේ මනාව රතුපාට වූ, රහතන් වහන්සේලාගේ, බුදුවරයන් වහන්සේලාට යෝග්‍ය වූ බැවින් අරහද්ධජං නම් වේ. ජිගුච්ඡිස්සන්ති කාසාවං කසාවත පිළිකුල් කරත්. කුමක් හෙයින්ද? ඔදාතෙ සුසමුච්ඡිතා ගිජුබවට පත්වූ, මේ වනාහි ඇත්දත්පාට සිවුරු පෙරවීම ගැනයි. ඔවුන් විසින් සුදු වස්ත්‍රය ගරුකොට සළකන්නාහු සියල්ලට සුදුපාටින් ගත්කල්හි ලිංග පරිත්‍යාගයම වන්නේයැයි ඇත්දපාට පෙරවත්.

ලාභකාමාති ලාභගිද‍්ධා. භික‍්ඛාචරියාසුපි කොසජ‍්ජයොගතො කුසීතා. සමණධම‍්මං කාතුං චිත‍්තස‍්ස උස‍්සාහාභාවෙන හීනවීරියා. කිච‍්ඡන‍්තාති, කිලමන‍්තා, වනපත්‍ථෙසු වසිතුං කිච‍්ඡන‍්තා කිලන‍්තචිත‍්තාති අත්‍ථො. ගාමන‍්තෙසූති ගාමන‍්තසෙනාසනෙසු ගාමසමීපෙසු සෙනාසනෙසු, ගාමද‍්වාරෙසු වා සෙනාසනෙසු. වසිස‍්සරෙති වසිස‍්සන‍්ති.

ලාභකාමා ලාභයෙහි ගිජු වූ භික්‍ෂාව පිණිස යාමේ පවා කුසීත බැවින් යුත් නිසා කුසීතා නම් වේ. මහණකම කරන්නට සිතෙහි උත්සාහයක් නැති බැවින් හීනවිරියා නම් වේ. කිච්ඡන්තා වෙහෙසට පත්වන්නාහු. වනපත්‍ථෙසු වනාන්තරයන්හි වාසය වෙහෙසකර බැවින් වෙහෙසට පත් සිත් ඇති යන අර්ථයි. ගාමන්තෙසු ගමට ලග සෙනසුන්හි, ගමට සමීප සේනාසනවල ගම්දොර පිහිටි සෙනසුන්හි වසිස්සරෙ වාසය කරත්.

තෙ තෙව අනුසික‍්ඛන‍්තාති යෙ යෙ මිච‍්ඡාජීවප‍්පයොගෙන ලද‍්ධලාභා, තෙ තෙ එව පුග‍්ගලෙ අනුසික‍්ඛන‍්තා භමිස‍්සන‍්ති. භමිස‍්සන‍්තීති සයම‍්පි තෙ විය මිච‍්ඡාජීවෙන ලාභං උප‍්පාදෙතුං රාජකුලාදීනි සෙවන‍්තා පරිබ‍්භමිස‍්සන‍්ති. “භජිස‍්සන‍්තී”ති වා පාඨො, සෙවිස‍්සන‍්තීති අත්‍ථො. අසංයතාති සීලසංයමරහිතා.

තෙ තෙව අනුසික්‍ඛන්තා යම් යම් වූ මිථ්‍යා ජීවන ක්‍රමයන්ගෙන් ලබන ලද ලාභ ඇති, ඒ ඒ පුද්ගලයන්ව අනුගමනය කරන්නාහු භවිස්සන්ති තමා ද ඔවුන් මෙන් වැරදි දිවිපැවැත්මෙන් ලාභ උපදවන්නට රජකුල ආදිය ඇසුරු කරන්නාහු හැසිරෙත්. භජිස්සන්ති (ඇසුරු කරත්) කියාද පාඨයක් ඇත. සේවනය කරත් යන අර්ථයි. අසංයතා යනු සීලසංයම රහිත.

යෙ යෙ අලාභිනො ලාභන‍්ති යෙ යෙ භික‍්ඛූ මිච‍්ඡාජීවපරිවජ‍්ජනෙන අප‍්පපුඤ‍්ඤතාය ච ලාභස‍්ස පච‍්චයස‍්ස න ලාභිනො, තෙ පුජ‍්ජා පූජනීයා පාසංසා තදා අනාගතෙ කාලෙ න භවිස‍්සන‍්ති. සුපෙසලෙපි තෙ ධීරෙති ධිතිසම‍්පන‍්නතාය ධීරෙ සුට‍්ඨු පෙසලෙපි තෙ භික‍්ඛූ න සෙවිස‍්සන‍්ති, තදා අනාගතෙ තෙ ලාභිනො ලාභකාමාව භික‍්ඛූති අත්‍ථො.

යෙ යෙ අලාභිනො ලාභං යම් යම් භික්‍ෂූහු මිත්‍යාජීවය අත්හැරීමෙන් ද අල්ප වූ පින් ඇති බැවිනුත් සිව්පස ලාභයන් නොලබත්. තෙ පුජ්ජා පූජනීය, ප්‍රශංසා කටයුතු තදා අනාගත කාලයෙහි තෙ ලැබීම් ඇත්තේ, ලාභ කැමැති භික්‍ෂූන් යන අර්ථයි.

මිලක‍්ඛුරජනං රත‍්තන‍්ති කාලකච‍්ඡකරජනෙන රත‍්තං. සමාසපදඤ‍්හෙතං, ගාථාසුඛත්‍ථං සානුනාසිකනිද‍්දෙසො. ගරහන‍්තා සකං ධජන‍්ති අත‍්තනො ධජභූතං කාසාවං ජිගුච‍්ඡන‍්තා. සාසනෙ පබ‍්බජිතානඤ‍්හි කාසාවො ධජො නාම. තිත්‍ථියානං ධජං කෙචීති කෙචි සක්‍යපුත‍්තියභාවං පටිජානන‍්තා එව තිත්‍ථියානං සෙතවත්‍ථිකානං ධජභූතං අවදාතකං සෙතවත්‍ථං ධාරෙස‍්සන‍්ති.

මිලක්‍ඛුනරජනංරත්තං කලු කැස්බාගේ පාටින් පාටකරන ලද, මෙය සමාස පදය නිසා ගාථාවේ පහසුව සඳහා සානුනාසිකව යෙදීය. ගරහන්තා සකංධජං යනු තමන්ගේ ධජය වූ කසාවත පිළිකුල් කරන්නාහු, සසුනෙහි පැවිදි වූ අයට කාසාය වස්ත්‍රය ධජය වන්නේය. තිත්‍ථියානං ධජං කෙචි යම් ඒ ශාක්‍යපුත්‍ර බව දන්නාහුම සුදු ඇඳුම් අඳින තීර්ථකයන්ගේ ධජය වූ අවදාතකං සුදු වස්ත්‍රය ධාරෙස්සන්ති දරන්නාහ.

අගාරවො ච කාසාවෙති අරහද‍්ධජභූතෙ කාසාවෙ අගාරවො අබහුමානං තදා අනාගතෙ තෙසං භවිස‍්සති. පටිසඞ‍්ඛා ච කාසාවෙති “පටිසඞ‍්ඛා යොනිසො චීවරං පටිසෙවාමී”තිආදිනා (ම· නි· 1.23; අ· නි· 6.58) නයෙන පච‍්චවෙක‍්ඛණමත‍්තම‍්පි කාසාවපරිභොගෙ න භවිස‍්සති. කාසාවං ධාරෙන‍්තෙන කාසාවං බහුමානෙන “දුච‍්චරිතතො ඔරමිතබ‍්බ”න‍්ති කාසාවස‍්ස ගරුකාතබ‍්බභාවෙ ඡද‍්දන‍්තජාතකමුදාහරන‍්තො “අභිභූතස‍්ස දුක‍්ඛෙනා”තිආදිමාහ. තත්‍ථ සල‍්ලවිද‍්ධස‍්සාති පුථුනා සවිසෙන සල‍්ලෙන විද‍්ධස‍්ස, තතො එව මහතා දුක‍්ඛෙන අභිභූතස‍්ස. රුප‍්පතොති සරීරවිකාරං ආපජ‍්ජතො. මහාඝොරාති සරීරජීවිතෙසු නිරපෙක‍්ඛතාය භිම‍්මා ගරුතරා පටිසඞ‍්ඛා අඤ‍්ඤෙහි අචින‍්තියා චින‍්තාමත‍්තෙන පවත‍්තෙතුං අසක‍්කුණෙය්‍යා ඡද‍්දන‍්තමහානාගස‍්සආසි, අහොසි. ඡද‍්දන‍්තනාගරාජකාලෙ හි බොධිසත‍්තො සොණුත‍්තරෙන නාම නෙසාදෙන පටිච‍්ඡන‍්නට‍්ඨානෙ ඨත්‍වා විසපීතෙන සල‍්ලෙන විද‍්ධො මහතා දුක‍්ඛෙන අභිභූතො තං ගහෙත්‍වා පරිදහිතං කාසාවං දිස‍්වා “අයං අරියද‍්ධජෙන පටිච‍්ඡන‍්නො, න මයා හිංසිතබ‍්බො”ති තත්‍ථ මෙත‍්තචිත‍්තමෙව පච‍්චුපට‍්ඨපෙත්‍වා උපරිධම‍්මං දෙසෙසි. යථාහ –

අගාරවොච කාසාවෙ අර්හත් ධජය වූ කසාවත කෙරෙහි අගෞරවයත්, බුහුමන් නැතිකමත් තදා අනාගතයෙහි තෙසං භවිස්සති පටිසංඛාච කාසාවෙ නුවණින් සළකා බලා සිවුර පරිහරණය කරමි ආදී ක්‍රමයෙන් කසාවත පරිභෝග කිරීමෙහි ප්‍රත්‍යවේක්‍ෂා කිරිම් මාත්‍රයක් පවා, න භවිස්සති කසාවත දරන්නහු විසින්, කසාවතට ගරුබුහුමන් කරන්නහු විසින් දුශ්චරිතයෙන් වැළකිය යුතුයැයි කසාවතට ගරුකළ යුතු බැව් දැක්වීමට ඡද්දන්ත ජාතකය උදාහරණයක් ලෙස ගෙන අභිභූතස්ස දුක්‍ඛෙන (දුකෙන් පීඩාවට පත්වූවහු විසින්) යනාදිය කීය. එහි සල්ලවිද්ධස්ස විශාල විෂ සහිත ඊයකින් විදිනා ලද්දහුට, එයින්ම මහත් වූ දුක්‍ඛෙන අභිභූතස්ස දුකින් පීඩාවට පත්වූවහුට, රුප්පතො සිරුරෙහි වෙනස්බවක් ඇතිවීමෙන් මහාඝොරා, සිරුර හා ජීවිතය කෙරෙහි බලාපොරොත්තුවක් නැති බැවින් අතිශයින් බිහිසුණු. පටිසංඛා සළකා බැලීම, විමසීම, අන්‍යයන් විසින්, අචින්තියා සිතුවිලි මාත්‍රයක්වත් පවත්වන්නට නොහැකි වන්නාහ. ඡද්දන්ත ඡදන්ත නම් වූ මහා නාගස්ස හස්තියාගේ ආසි වූයේය. ඡද්දන්ත ඇත් කාලයෙහි බෝධිසත්ත්වයන් වහන්සේ සොණුත්තරෙන සොණුත්තර නම් වූ වැද්දකු විසින් සැඟවී සිට විසකැවූ ඊයකින් විදින ලද්දේ මහත් වේදනාවකින් පීඩාවට පත්වූයේ ඔහුව අල්ලාගෙන හැඳසිටිය චීවරය දැක මේ ආර්ය ධජයෙන් ආවරණය වී සිටින්නහුව මා විසින් හිංසා නොකළ යුතුයැයි සිතා එහි මෛත්‍රී සිතට පිහිටුවාගෙන මතු ධර්මය දේශනා කළේය. යම්සේ වනාහි:

“සමප‍්පිතො පුථුසල‍්ලෙන නාගො, අදුට‍්ඨචිත‍්තො ලුද‍්දකමජ‍්ඣභාසි; කිමත්‍ථයං කිස‍්ස වා සම‍්ම හෙතු, මමං වධී කස‍්ස වායං පයොගො”තිආදි. (ජා· 1.16.124);

විෂ ඊයකින් පහර ලද හස්තිරාජයා, දූෂිත නොවූ සිත් ඇත්තේ වැද්දාට මෙසේ කීය. මිත්‍රය, කුමක් නිසා කුමන කරුණක් නිසා මාහට පහර දුන්නේද? මේ කාගේ ප්‍රයෝගයක්ද? ආදිය කීහ.

ඉමමත්‍ථං දස‍්සෙන‍්තො ථෙරො “ඡද‍්දන‍්තො හී”තිආදිමාහ. තත්‍ථ සුරත‍්තං අරහද‍්ධජන‍්ති සොණුත‍්තරෙන පරිදහිතකාසාවං සන්‍ධායාහ. අභණීති අභාසි. ගාථාති ගාථායො. ගජොති ඡද‍්දන‍්තො නාගරාජා. අත්‍ථොපසංහිතාති අත්‍ථසන‍්නිස‍්සිතා හිතා, හිතයුත‍්තාති අත්‍ථො.

මේ අර්ථය දක්වන්නා වූ තෙරුන් වහන්සේ ‘ඡද්දන්තො’ ආදී ගාථාවන් කීය. එහි සුරත්ත අරහද්ධජං යනු (රතුපාට අර්හත්ධජය) සොණුත්තරෙන සොණුත්තර විසින් හැඳසිටිය කසාවත අරභයා කියන ලදී. අභණී කීවේය. ගාථා ගාථාවන්. ගජො නම් ඡද්දන්තො ඡද්දන්ත නම් වූ හස්තිරාජයා. අත්‍ථොපසංහිතා අර්ථයෙන් යුත්, හිතාහිත දෙකින් යුක්ත වූ යන අරථයි.

ඡද‍්දන‍්තනාගරාජෙන වුත‍්තගාථාසු අනික‍්කසාවොති රාගාදීහි කසාවෙහි කසාවො, පරිදහිස‍්සතීති නිවාසනපාරුපනඅත්‍ථරණවසෙන පරිභුඤ‍්ජිස‍්සති. “පරිධස‍්සතී”ති වා පාඨො. අපෙතො දමසච‍්චෙනාති ඉන්‍ද්‍රියදමෙන චෙව පරමත්‍ථසච‍්චපක‍්ඛිකෙන වචීසච‍්චෙන ච අපෙතො, වියුත‍්තො පරිච‍්චත‍්තොති අත්‍ථො. න සොති සො එවරූපො පුග‍්ගලො කාසාවං පරිදහිතුං නාරහති.

ඡද්දන්ත හස්තිරාජයා විසින් කියන ලද ගාථාවන්හි අනික්කසාවො යනු රාගාදී කෙලෙසුන්ගෙන් පරිශුද්ධ නොවූ පරිදහිස්සති ඇඳීම, පෙරවීම, ඇතිරිම ආදී වශයෙන් පාවිච්චි කිරීම. පරිධස්සති කියාද පාඨයක් ඇත. අපෙතො දමසච්චෙන ඉන්‍ද්‍රිය දමනයෙන්ද පරමාර්ථ සත්‍ය වශයෙන් ගත්විට සත්‍ය වචනයෙන් ද ඉවත් වුයේ යන අර්ථයි. නසො යනු ඒ මෙබඳු ස්වරූප ඇති පුද්ගලයා කාසාවං කසාවත දරන්නට නාරහති සුදුසු නොවෙයි.

වන‍්තකසාවස‍්සාති චතූහි මග‍්ගෙහි වන‍්තකසාවො ඡඩ‍්ඩිතකසාවො පහීනකසාවො අස‍්ස භවෙය්‍යාති අත්‍ථො. සීලෙසූති චතුපාරිසුද‍්ධිසීලෙසු. සුසමාහිතොති සුට‍්ඨු සමාහිතො. උපෙතොති ඉන්‍ද්‍රියදමෙන චෙව වුත‍්තප‍්පකාරෙන සච‍්චෙන ච උපගතො සමන‍්නාගතො. ස වෙති සො එවරූපො පුග‍්ගලො තං ගන්‍ධකාසාවවත්‍ථං එකන‍්තෙන අරහතීති අත්‍ථො.

වන්තකසාවස්ස යනු මාර්ග සතරින් ඉවත්කළ කෙලෙස් කිලිටි ඇත්තේ, පහ වූ කිලිටි ඇත්තේ මොහුට වන්නේය යන අර්ථයි. සීලෙසු සිව්පිරිසිදු ශීලයන්හි සුසමාහිතො මනාව හික්මුනු, උපෙතො ඉන්‍ද්‍රිය දමනයෙන් ද කියන ලද ආකාරයෙන් සත්‍යයෙන් යුක්ත සචෙ ඒ එබඳු ස්වරූප ඇති පුද්ගලයාට ඒ කාසාවවත්‍ථං කසාවත ඒකාන්ත වශයෙන් අරහති සුදුසුය යන අර්ථයි.

විපන‍්නසීලොති භින‍්නසීලො. දුම‍්මෙධොති නිප‍්පඤ‍්ඤො සීලවිසොධනපඤ‍්ඤාය විරහිතො. පාකටොති “දුස‍්සීලො අය”න‍්ති පාකටො පකාසො, වික‍්ඛිත‍්තින්‍ද්‍රියතාය වා පාකටො පාකටින්‍ද්‍රියොති අත්‍ථො. කාමකාරියොති භින‍්නසංවරතාය යථිච‍්ඡිතකාරකො, කාමස‍්ස වා මාරස‍්ස යථාකාමකරණීයො. විබ‍්භන‍්තචිත‍්තොති රූපාදීසු විසයෙසු වික‍්ඛිත‍්තචිත‍්තො. නිස‍්සුක‍්කොති අසුක‍්කො සුක‍්කධම‍්මරහිතො හිරොත‍්තප‍්පවිවජ‍්ජිතො, කුසලධම‍්මසම‍්පාදනඋස‍්සුක‍්කරහිතො වා.

විපන්නසීලො බිඳුණු සිල්ඇති දුම්මෙධො ප්‍රඥාව නැති සීලය පිරිසිදු කිරිමට අවශ්‍ය වන ප්‍රඥාවෙන් තොර. පාකටො මොහු දුශ්ශීලයෙකැයි ප්‍රකට, ප්‍රසිද්ධ, විසිරීගිය ඉන්‍ද්‍රියයන් ඇති බව ප්‍රකට වූ ඉඳුරන් ඇති යන අර්ථයි. කාමකාරියො බිඳීගිය සංවරය ඇති බැවින් කැමැති කැමැති දේ කරන, කාම මාරයාව කැමැති පරිදි ක්‍රියාකරන. විබ්භන්තචිත්තො රූපාදී විෂයයන්හි විසිරීගිය සිත් ඇති. නිස්සුත්තො අපිරිසිදු, පිරිසිදු ධර්මයන්ගෙන් තොරවූ හිරිඔතප් දෙකින් තොර වූ කුසල්දහම් රැස්කිරිමට උනන්දු නොකරවන,

වීතරාගොති විගතච‍්ඡන්‍දරාගො. ඔදාතමනසඞ‍්කප‍්පොති සුවිසුද‍්ධමනොවිතක‍්කො, අනාවිලසඞ‍්කප‍්පො වා.

වීතරාගො පහවූ ඡන්‍දරාගය, ඔදාතමනසංඛප්පො අතිශයින් පිරිසිදු වූ චිත්ත චෛතසිකයන් ඇති, බොරනොවූ සිතුවිලි ඇති,

කාසාවං කිං කරිස‍්සතීති යස‍්ස සීලං නත්‍ථි, තස‍්ස කාසාවං කිං නාම පයොජනං සාධෙස‍්සති, චිත‍්තකතසදිසං තස‍්ස පබ‍්බජිතලිඞ‍්ගන‍්ති අත්‍ථො.

කාසාවං කිං කරිස්සති යමකුට සීලය නැද්ද ඔහුට කසාවත කවරනම් ප්‍රයෝජනයක් ලබාදෙයිද? ඔහුගේ පැවිදි ස්වරූපය චිත්‍රයකට නැගූවක් බඳුය යන අර්ථයි.

දුට‍්ඨචිත‍්තාති රාගාදිදොසෙහි දූසිතචිත‍්තා. අනාදරාති සත්‍ථරි ධම‍්මෙ අඤ‍්ඤමඤ‍්ඤඤ‍්ච ආදරරහිතා අගාරවා. තාදීනං මෙත‍්තචිත‍්තානන‍්ති මෙත‍්තාභාවනාය සම‍්පයුත‍්තහදයෙ තෙනෙව අරහත‍්තාධිගමෙන ඉට‍්ඨාදීසු තාදිභාවප‍්පත‍්තෙ උළාරගුණෙ. උපයොගත්‍ථෙ හි ඉදං සාමිවචනං. නිග‍්ගණ‍්හිස‍්සන‍්තීති “සීලාදිසම‍්පන‍්නෙ දිස‍්වා තෙ සම‍්භාවෙන‍්තා විපන‍්නසීලෙ අම‍්හෙ න බහුං මඤ‍්ඤිස‍්සන‍්තී”ති අත‍්තනි අගාරවභයෙන යථා තෙ උබ‍්බාළ‍්හා පක‍්කමිස‍්සන‍්ති, තථා බාධිස‍්සන‍්තීති අත්‍ථො.

දුට්ඨචිත්තා යනු රාගාදි දෝසයන්ගෙන් දූසිත සිත් ඇති. අනාදරා ශාස්තෲන් වහන්සේගේ ධර්මය කෙරෙහි ආදර ගෞරව රහිත. තාදිනං මෙත්තාචිත්තානං මෛත්‍රී භාවනාවෙන් යුක්ත හදවතෙහි එයින්ම රහත්බව අවබෝධ කරගැනීමෙන් හෝ ඉටුඅනිටු ආදියෙහි තාදී ගුණ ඇති උසස් ගුණ තත්ත්වයට පත්වූ නිග්ගණ්හිස්සන්ති ශීලාදියෙන් යුක්ත වූවන් දැක ඔවුන්ට ගෞරව දක්වන්නාහු පිරිහුණු සිල් ඇති අපව බොහෝ දෙන්නෙක් ගණන් නොගනිතියි තමා කෙරෙහි අගෞරවයක් ඇතිවේයැයි යන බිය නිසා, යම්සේ ඔවුහු බාධා සම්බාධක සහිතව පිටවෙත්ද එලෙසට බාධාවන් ඇතිකරත් යන අර්ථයි.

සික‍්ඛාපෙන‍්තාපීති සික‍්ඛාපියමානාපි. කම‍්මත්‍ථෙ හි අයං කත‍්තුනිද‍්දෙසො. ථෙරෙහීති අත‍්තනො ආචරියුපජ‍්ඣායෙහි. චීවරධාරණන‍්ති ඉදං සමණපටිපත‍්තියා නිදස‍්සනමත‍්තං, තස‍්මා “එවං තෙ අභික‍්කමිතබ‍්බං, එවං තෙ පටික‍්කමිතබ‍්බ”න‍්තිආදිනා (අ· නි· 4.122) සික‍්ඛාපියමානාපීති අත්‍ථො.

[missing trans]

න සුණිස‍්සන‍්තීති ඔවාදං න ගණ‍්හිස‍්සන‍්ති.

නසුණිස්සන්ති අවවාද පිළිනොගනිත්.

තෙ තථා සික‍්ඛිතා බාලාති තෙ අන්‍ධබාලා ආචරියුපජ‍්ඣායෙහි සික‍්ඛාපියමානාපි අනාදරතාය අසික‍්ඛිතාති. නාදියිස‍්සන‍්තුපජ‍්ඣායෙති උපජ‍්ඣායෙ ආචරියෙ ච ආදරං න කරොන‍්ති, තෙසං අනුසාසනියං න තිට‍්ඨන‍්ති. යථා කිං? ඛළුඞ‍්කො විය සාරථිං යථා ඛළුඞ‍්කො දුට‍්ඨස‍්සො අස‍්සදමකං නාදියති න තස‍්ස උපදෙසෙ තිට‍්ඨති, එවං තෙපි උපජ‍්ඣායාචරියෙ න භායන‍්ති න සාරජ‍්ජන‍්තීති අත්‍ථො.

තෙ තථා නසික්‍ඛිතා බාලා යනු ඒ අඳබාලයෝ ආචාර්ය, උපාධ්‍යයන් වහන්සේලා විසින් ශික්‍ෂණය කරනු ලැබුවත් ආදර රහිතව ශික්‍ෂණය නොලබත්. තාදියිස්සන්තු බාලා යනු ඒ අඳබාලයෝ ආචාර්ය, උපාධ්‍යායන් වහන්සේලා විසින් ශික්‍ෂණය කරනු ලැබුවත් ආදර රහිතව ශික්‍ෂණය නොලබත්. තාදියිස්සන්තුපජ්ඣායෙ යනු උපාධ්‍යායන් හා ආචාර්යවරුන් ආදර ගෞරව නොකරත්. ඔවුන්ගේ අවවාද අනුශාසනා නොපිළිපදිත්. කුමක් මෙන්ද? බළුංකො විය සාරථිං යම්සේ නොහික්මුණු නපුරු අශ්වයා අසරුවා ගණන් ගන්නේ නැත. ඔහුගේ නියෝගයන්හි නොපිහිටයි. එපරිද්දෙන් ඔවුහුද උපාධ්‍යාය, ආචාර්යයන් වහන්සේලාට බයවන්නේ නැත. කීකරු නොවෙත් යන අර්ථයි.

“එව”න‍්තිආදි වුත‍්තස‍්සෙවත්‍ථස‍්ස නිගමනං. තත්‍ථ එවන‍්ති වුත‍්තප‍්පකාරෙන. අනාගතද‍්ධානන‍්ති අනාගතමද‍්ධානං, අනාගතෙ කාලෙති අත්‍ථො. තංයෙව සරූපතො දස‍්සෙන‍්තො “පත‍්තෙ කාලම‍්හි පච‍්ඡිමෙ”ති ආහ. තත්‍ථ කතමො පච‍්ඡිමකාලො? “තතියසඞ‍්ගීතිතො පට‍්ඨාය පච‍්ඡිමකාලො”ති කෙචි, තං එකෙ නානුජානන‍්ති. සාසනස‍්ස හි පඤ‍්චයුගානි විමුත‍්තියුගං, සමාධියුගං, සීලයුගං, සුතයුගං, දානයුගන‍්ති. තෙසු පඨමං විමුත‍්තියුගං, තස‍්මිං අන‍්තරහිතෙ සමාධියුගං වත‍්තති, තස‍්මිම‍්පි අන‍්තරහිතෙ සීලයුගං වත‍්තති, තස‍්මිම‍්පි අන‍්තරහිතෙ සුතයුගං වත‍්තතෙව. අපරිසුද‍්ධසීලො හි එකදෙසෙන පරියත‍්තිබාහුසච‍්චං පග‍්ගය‍්හ තිට‍්ඨති ලාභාදිකාමතාය. යදා පන මාතිකාපරියොසානා පරියත‍්ති සබ‍්බසො අන‍්තරධායති, තතො පට‍්ඨාය ලිඞ‍්ගමත‍්තමෙව අවසිස‍්සති, තදා යථා තථා ධනං සංහරිත්‍වා දානමුඛෙන විස‍්සජ‍්ජෙන‍්ති, සා කිර නෙසං චරිමා සම‍්මාපටිපත‍්ති. තත්‍ථ සුතයුගතො පට‍්ඨාය පච‍්ඡිමකාලො, “සීලයුගතො පට‍්ඨායා”ති අපරෙ.

එවං යන්නෙන් කලින් කී අර්ථයම නිගමනය කරයි. එහි එවං යනු කියන ලද ආකාරයෙන් අනාගතද්ධානං අනාගත කාලයෙහි යන අර්ථයි. එයට ස්වරූප වශයෙන් දක්වන්නේ ‘පැමිණි කාලයෙහි-පසුකාලයෙහි’ යැයි කීය. එහි පශ්චිම කාලය යනු කුමක්ද? තුන්වන සංගායනාවේ පටන් ඇති කාලය පශ්චිම කාලය යැයි සමහරු කියත්. ඒ අදහස තවකෙනෙක් අනුමත නොකරත්. සසුනෙහි යුග පහක් ඇත. විමුත්ති යුගය, සමාධි යුගය, සීලයුගය, සුතයුගය, දානයුගය යනු ඒ පසයි. ඒවා අතර පළමු තැන වන්නේ විමුත්ති යුගයයි. එය අතුරුදන් වූ කල්හි සමාධියුගය පවතී. එයද නැති වූ කල්හි සීල යුගය පවතී. එයද අභාවයට ගිය කල්හි සිත යුගය පවතී. අපිරිසිදු සිල් ඇත්තා එක් පැත්තකින් පර්යාප්ති විශාරදව හදාරයි. එසේ කරන්නේ ලාභාපේක්‍ෂාවෙන්ය. යම්කලක වනාහි අභිධර්මය අවසන් වීමෙන් පර්යාප්තිය සර්වප්‍රකාරයෙන් අන්තර්ධාන වෙයි. එතැන්පටන් සංකෙත මාත්‍රය පමණක් ඉතිරි වෙයි. එකල්හි මොන ක්‍රමයකින් හෝ ධනය රැස්කොට දන්දීමේ ස්වභාවයෙන් පරිත්‍යාග කරත්. ඒ වනාහි ඔවුන්ගේ අවසන් සම්‍යග් ප්‍රතිපත්තිය වෙයි. එහි සුතයුගයේ පටන් පසුකාලය සීලයුගයෙන් පටන් ගනී.

එවං ථෙරො පච‍්ඡිමෙ කාලෙ උප‍්පජ‍්ජනකං මහාභයං දස‍්සෙත්‍වා පුන තත්‍ථ සන‍්නිපතිතභික‍්ඛූනං ඔවාදං දදන‍්තො “පුරා ආගච‍්ඡතෙ”තිආදිනා තිස‍්සො ගාථා අභාසි. තත්‍ථ පුරා ආගච‍්ඡතෙ එතන‍්ති එතං මයා තුම‍්හාකං වුත‍්තං පටිපත‍්තිඅන‍්තරායකරං අනාගතං මහාභයං ආගච‍්ඡති පුරා, යාව ආගමිස‍්සති, තාවදෙවාති අත්‍ථො. සුබ‍්බචාති වචනක‍්ඛමා සොවචස‍්සකාරකෙහි ධම‍්මෙහි සමන‍්නාගතා, ගරූනං අනුසාසනියො පදක‍්ඛිණග‍්ගාහිනො හොථාති අත්‍ථො. සඛිලාති මුදුහදයා.

පසුව මෙසේ තෙරුන්වහන්සේ පසුකලක උපදනා වූ මහාබියක් පෙන්වා නැවත එහි රැස්වූ භික්‍ෂූන්ට අවවාද දෙන්නේ ‘පුරා ආගච්ඡතෙ’ ආදි ගාථා තුනක් ප්‍රකාශ කළේය. එහි පුරා ආගච්ඡතෙ එතං යනු මා විසින් ඔබලාට කියන ලද මෙය ප්‍රතිපත්තිවලට අනතුරුදායක වූ අනාගත මහා බියක් පැමිණෙයි. එසේ ඒමට පළමු, එතෙක්, යන අර්ථයි. සුබ්බචා යනු වචන ඉවසනසුළු, සුවච බව ඇතිකරන ලක්‍ෂණවලින් යුක්ත වූ ගරු කළයුතු, අනුශාසනා කළයුතු ප්‍රදක්‍ෂිණාවට යෝග්‍ය තත්ත්වයට පත්වව් යන අර්ථයි. සඛිලා යනු මෘදු හෘදයක් ඇති,

මෙත‍්තචිත‍්තාති සබ‍්බසත‍්තෙසු හිතූපසංහාරලක‍්ඛණාය මෙත‍්තාය සම‍්පයුත‍්තචිත‍්තා. කාරුණිකාති කරුණාය නියුත‍්තා පරෙසං දුක‍්ඛාපනයනාකාරවුත‍්තියා කරුණාය සමන‍්නාගතා. ආරද‍්ධවීරියාති අකුසලානං පහානාය කුසලානං උපසම‍්පදාය පග‍්ගහිතවීරියා. පහිතත‍්තාති නිබ‍්බානං පටිපෙසිතචිත‍්තා. නිච‍්චන‍්ති සබ‍්බකාලං. දළ‍්හපරක‍්කමාති ථිරවීරියා.

මෙත්තාචිත්තා සියළු සත්ත්වයන් කෙරෙහි ආදරය පතුරුවන්නා වූ මෛත්‍රී සිතින් යුත්, කාරුණිකා කරුණාවෙන් යුක්ත වූ, අනුන්ගේ දුක නැතිකිරීම ස්වභාවකොට ඇති කරුණාවෙන් යුක්ත වූ, ආරද්ධවිරියා අකුසල් නැතිකිරීම සඳහාත් කුසල් රැස්කිරීම සඳහාත් පටන්ගන්නා ලද වීර්ය ඇති, පහිතත්තා නිර්වාණය වෙත යොදවන ලද සිත් ඇති. නිච්චං සියළු කල්හි දළ්හපරක්කමා දැඩි වීර්ය ඇති.

පමාදන‍්ති පමජ‍්ජනං, කුසලානං ධම‍්මානං අනනුට‍්ඨානං, අකුසලෙසු ච ධම‍්මෙසු චිත‍්තවොස‍්සග‍්ගො. වුත‍්තඤ‍්හි –

පමාදං ප්‍රමාදය වනාහි කුසල්දහම් නැවත නැගී නොසිටීමට අකුසල ධර්මයන් කෙරෙහි උනන්දු වූ සිත් ඇති, කියන ලදී.

“තත්‍ථ කතමො පමාදො? කායදුච‍්චරිතෙ වා වචීදුච‍්චරිතෙ වා මනොදුච‍්චරිතෙ වා පඤ‍්චසු වා කාමගුණෙසු චිත‍්තස‍්ස වොස‍්සග‍්ගො වොස‍්සග‍්ගානුප‍්පදානං, කුසලානං ධම‍්මානං භාවනාය අසක‍්කච‍්චකිරියතා”තිආදි (විභ· 930).

එහි ප්‍රමාදය කවරක්ද? කාය දුශ්චරිතවල හෝ වචී දුශ්චරිතවල හෝ මනෝ දුශ්චරිතවල හෝ පංචකාම ගුණයන්හි මෙහෙයවූ සිත් ඇත්තේ, කුසල්දහම් නූපදවීමත් භාවනාවට යෝග්‍ය නොවන ක්‍රියාවන් ඇති බව,

අප‍්පමාදන‍්ති අප‍්පමජ‍්ජනං, සො පමාදස‍්ස පටිපක‍්ඛතො වෙදිතබ‍්බො. අත්‍ථතො හි අප‍්පමාදො නාම සතියා අවිප‍්පවාසො, උපට‍්ඨිතාය සතියා එව චෙතං නාමං. අයඤ‍්හෙත්‍ථ අත්‍ථො – යස‍්මා පමාදමූලකා සබ‍්බෙ අනත්‍ථා, අප‍්පමාදමූලකා ච සබ‍්බෙ අත්‍ථා, තස‍්මා පමාදං භයතො උපද‍්දවතො දිස‍්වා අප‍්පමාදඤ‍්ච ඛෙමතො අනුපද‍්දවතො දිස‍්වා අප‍්පමාදපටිපත‍්තියා සිඛාභූතං සීලාදික‍්ඛන්‍ධත‍්තයසඞ‍්ගහං සම‍්මාදිට‍්ඨිආදීනං අට‍්ඨන‍්නං අඞ‍්ගානං වසෙන අට‍්ඨඞ‍්ගිකං අරියමග‍්ගං භාවෙථ, අමතං නිබ‍්බානං ඵුසන‍්තා සච‍්ඡිකරොන‍්තා අත‍්තනො සන‍්තානෙ උප‍්පාදෙථ, දස‍්සනමග‍්ගමත‍්තෙ අට‍්ඨත්‍වා උපරි තිණ‍්ණං මග‍්ගානං උප‍්පාදනවසෙන වඩ‍්ඪෙථ, එවං වො අප‍්පමාදභාවනා සිඛාපත‍්තා භවිස‍්සතීති.

අප්පමාදං යනු ප්‍රමාද නොවීම, එය ප්‍රමාදයට විරුද්ධ බව යන අර්ථයි. අර්ථ වශයෙන් අප්පමාදය නම් සිහියෙන් සමන්විත වූ බව, එළඹ සිටියා වූ සිහියෙන් යුක්ත යන මේ අර්ථය එහි අඩංගුය. යම්හෙයකින් සියළු අනර්ථයෝ ප්‍රමාදය මුල්කොට ඇත. සියළු අර්ථයෝ අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. පමාදං භයතො ප්‍රමාදය උපද්‍රවයක් ලෙස දැක අප්පමාදඤ්ච ඛෙමතො උපද්‍රව රහිත ලෙස දැක අප්‍රමාද ප්‍රතිපත්තීන් විසින් කුළුගන්වන ලද සීලාදි ස්කන්‍ධත්‍රයත් සම්මා දිට්ඨි ආදී අංග අටක් වශයෙන් අට්ඨංගිකං ආර්ය මග්ගං භාවෙථ අමතං අමා මාර්ගය වඩන්න. නිර්වාණය ස්පර්ශ කරන්නාහු, අවබෝධ කරගනිමින් තමන්ගේ සන්තානයෙහි උපදවා ගනිව්. දර්ශන මාර්ගය කෙරෙහි පමණක් නොයෙදී මත්තෙහි ත්‍රිවිධ මාර්ගයන් ඉපදවීම් වශයෙන් වඩන්න.

එවං ථෙරො සම‍්පත‍්තපරිසං ඔවදති. ඉමා එව චිමස‍්ස ථෙරස‍්ස අඤ‍්ඤාබ්‍යාකරණගාථා අහෙසුන‍්ති.

මෙසේ තොපට අප්පමාද භාවනාව මුදුන්පත්වූවා වන්නේය. මෙසේ තෙරුන් වහන්සේ පැමිණ සිටි පිරිසට අවවාද කළේය. මේ තෙරුන් වහන්සේට අන්‍ය වූද විවරණ ගාථාවන් විය.

ඵුස‍්සත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

ඵුස්ස ථේර ගාථා වර්ණනාව නිමියේය.