යෙදුමෙන් කියවන්න

පාරාසරියත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

පාරාසරියත්‍ථෙරගාථාවණ‍්ණනා

පාරාසරිය ස්ථවිරගාථා වර්ණනාව

සමණස‍්ස අහු චින‍්තාතිආදිකා ආයස‍්මතො පාරාපරියත්‍ථෙරස‍්ස ගාථා. ඉමස‍්ස වත්‍ථු හෙට‍්ඨා ආගතමෙව. තා ච ගාථා සත්‍ථරි ධරන‍්තෙ අත‍්තනො පුථුජ‍්ජනකාලෙ මනච‍්ඡට‍්ඨානං ඉන්‍ද්‍රියානං නිග‍්ගණ‍්හනචින‍්තාය පකාසනවසෙන භාසිතා. ඉමා පන අපරභාගෙ සත්‍ථරි පරිනිබ‍්බුතෙ අත‍්තනො ච පරිනිබ‍්බානෙ උපට‍්ඨිතෙ තදා ආයතිඤ‍්ච භික‍්ඛූනං උද‍්ධම‍්මපටිපත‍්තියා පකාසනවසෙන භාසිතා. තත්‍ථ –

‘සමණස්ස අහු චින්තා’ ආදි ගාථාවන් ආයුෂ්මත් පාරාපරිය තෙරුන්ගේය. මෙහි කථාවස්තුව පහත දක්වා ඇත. මේ ගාථාව බුදුන් වහන්සේ ජීවමාන කාලයේදී තමාගේ පෘථග්ජන කාලයේ මනස සයවැනි කොට ඇති ඉන්‍ද්‍රියයන්ට නිග්‍රහ කිරීම් වශයෙන් කියන ලදී. මෙය වනාහි පසුකාලයක බුදුන් පිරිනිවි කල්හි තමාගේද පිරිනිවන්පෑමට අවස්ථාව එළඹි කල්හි ඉදිරියේදී භික්‍ෂූන්ගේ ධර්මය පිළිබඳ වැරදි ප්‍රතිපත්ති ප්‍රකාශ කිරීම් වශයෙන් කියන ලදී. එහි

“සමණස‍්ස අහු චින‍්තා, පුප‍්ඵිතම‍්හි මහාවනෙ; එකග‍්ගස‍්ස නිසින‍්නස‍්ස, පවිවිත‍්තස‍්ස ඣායිනො”ති. –

පිපුණු මල් ඇති මහා වනයෙහි ධ්‍යාන වඩන්නා වූ උතුම් විවේකයෙන් සිත එක්තැන් කර සිටියා වූ ශ්‍රමණයන් වහන්සේට මෙබඳු සිතිවිල්ලක් ඇතිවිය.

අයං ගාථා සඞ‍්ගීතිකාරෙහි ඨපිතා. තස‍්සත්‍ථො හෙට‍්ඨා වුත‍්තනයොව. අයං පන සම‍්බන්‍ධො –

මේ ගාථාව සංගායනා කාරකයන් වහන්සේලා විසින් යොදන ලදී. එහි අර්ථයත් පහත කියන ලද ආකාරයත් අතර සම්බන්ධතාවය මෙයයි.

සත්‍ථරි අග‍්ගසාවකෙසු එකච‍්චෙසු මහාථෙරෙසු ච පරිනිබ‍්බුතෙසු අතීතසත්‍ථුකෙ පාවචනෙ සුබ‍්බචෙසු සික‍්ඛාකාමෙසු භික‍්ඛූසු දුල‍්ලභෙසු, දුබ‍්බචෙසු මිච‍්ඡාපටිපත‍්තිබහුලෙසු භික‍්ඛූසු ච ජාතෙසු සුපුප‍්ඵිතෙ මහන‍්තෙ සාලවනෙ නිසින‍්නස‍්ස පවිවිත‍්තස‍්ස එකග‍්ගස‍්ස ඣායනසීලස‍්ස, සමිතපාපතාය සමණස‍්ස, පාරාපරියත්‍ථෙරස‍්ස පටිපත‍්තිං නිස‍්සාය චින‍්තා වීමංසා අහොසීති ඉතරා –

ශාස්තෲන් වහන්සේත් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාත් ඇතැම් මහතෙරවරුන් වහන්සේලාත් පිරිනිවන්පෑ කල්හි අතීත බුදුවරයන් වහන්සේලාගේ දේශනාවන්හි හා ප්‍රතිපත්ති මාර්ගයන්හි මනාව හැසිරෙන්නා වූ ශික්‍ෂාකාමී භික්‍ෂූන් හිඟවන කල්හි වැරදි ප්‍රතිපත්තීන්හි යෙදෙන දුර්වච භික්‍ෂූන් බහුලවන කල්හි මනාව මල් පිපුණු සල්වනයෙහි හුදෙකලාව සිතේ ඒකාග්‍රතාවයට පත්ව ධ්‍යාන වඩමින් සන්සිඳ වූ පාපයන් ඇති පාරාපරිය තෙරුන්ගේ ප්‍රතිපත්තිය අරභයා චින්තා සිතිවිල්ලක් විය. ඉතිරිය :

“අඤ‍්ඤථා ලොකනාථම‍්හි, තිට‍්ඨන‍්තෙ පුරිසුත‍්තමෙ; ඉරියං ආසි භික‍්ඛූනං, අඤ‍්ඤථා දානි දිස‍්සති.

පුරිසෝත්තම භාග්‍යවතුන් වහන්සේ ජීවමානව සිටියදී භික්‍ෂූන්ගේ චර්යා පැවැත්ම වෙනස් අයුරකින් විය. දැන් වෙනස් අයුරකින් දිස්වෙයි.

“සීතවාතපරිත‍්තාණං, හිරිකොපීනඡාදනං; මත‍්තට‍්ඨියං අභුඤ‍්ජිංසු, සන‍්තුට‍්ඨා ඉතරීතරෙ.

සීතලෙන්, සුලඟින් ආරක්‍ෂා වීමටත් හිරිඔතප් ආරක්‍ෂා කරගැනීමටත් වස්ත්‍ර පාවිච්චි කළහ. හීන, ප්‍රණීත වශයෙන් නොසලකා ලද දෙය අනුභව කළහ.

“පණීතං යදි වා ලූඛං, අප‍්පං වා යදි වා බහුං; යාපනත්‍ථං අභුඤ‍්ජිංසු, අගිද‍්ධා නාධිමුච‍්ඡිතා.

ප්‍රණීත හෝ කටුක හෝ අල්ප වූ හෝ බොහෝ වූ ආහාර ගිජු නොවී එහි ඇල්මක් නැතිව ජීවිතය පවත්වා ගැනීම සඳහා පමණක් අනුභව කළහ.

“ජීවිතානං පරික‍්ඛාරෙ, භෙසජ‍්ජෙ අථ පච‍්චයෙ; න බාළ‍්හං උස‍්සුකා ආසුං, යථා තෙ ආසවක‍්ඛයෙ.

ජීවිතය පවත්වා ගැනීම සඳහා පිරිකර ලෙස ලැබෙන බෙහෙත් හා ගිලන්පස පිළිබඳව කෙලෙසුන් නැසීමෙහි යෙදී සිටි ඒ භික්‍ෂූහු දැඩිලෙස උත්සුක නොවූහ.

“අරඤ‍්ඤෙ රුක‍්ඛමූලෙසු, කන්‍දරාසු ගුහාසු ච; විවෙකමනුබ්‍රූහන‍්තා, විහංසු තප‍්පරායණා.

අරණ්‍යයෙහි හෝ ගසක් මුල හෝ ගිරිකඳුරුවල හෝ විවේකයෙහි ඇලුනාහු විවේකය අරමුණු කරගෙනම වාසය කළහ.

“නීචා නිවිට‍්ඨා සුභරා, මුදූ අථද‍්ධමානසා; අබ්‍යාසෙකා අමුඛරා, අත්‍ථචින‍්තාවසානුගා.

උඩඟු නොවූ සසුනෙහි ශ්‍රද්ධාව ඇති, පෝෂණය කරන්නට පහසු තද සිත් නැති කීකරු තණ්හා දිට්ඨි ආදියෙන් ගැවසී නොගත් වාචාල නොවී අනුන්ටත් තමන්ටත් හිත පිණිසම පවත්නා වූ,

“තතො පාසාදිකං ආසි, ගතං භුත‍්තං නිසෙවිතං; සිනිද‍්ධා තෙලධාරාව, අහොසි ඉරියාපථො.

මේ හේතු නිසා අසන දකින අයට පැහැදීම ඇතිකරන ගමන්බිමන් හා සිව්පසය පරිභෝග කිරීම් ඇතිව ඉරියව් පැවැත්මෙහි සිනිඳු තෙල් ධාරාවක් මෙන් විය.

“සබ‍්බාසවපරික‍්ඛීණා , මහාඣායී මහාහිතා; නිබ‍්බුතා දානි තෙ ථෙරා, පරිත‍්තා දානි තාදිසා.

සියළු ආශ්‍රවයන් ප්‍රහීණ කළාහු මහා ධ්‍යාන වඩන්නාහු අන් අයට මහා ප්‍රයෝජනවත් වූවාහු ඒ තෙරවරුන් වහන්සේලා දැන් පිරිනිවන් පෑවාහ. දැන් එබඳු අය අල්පය.

“කුසලානඤ‍්ච ධම‍්මානං, පඤ‍්ඤාය ච පරික‍්ඛයා; සබ‍්බාකාරවරූපෙතං, ලුජ‍්ජතෙ ජිනසාසනං.

සසරට පිහිටවන්නා වූ කුසල ධර්මයන්ද එබඳු වූ ප්‍රඥාවගේද නොමැති වීමෙන් ආදි කල්‍යාණ ආදී අංගයන්ගෙන් යුක්ත වූ බුද්ධ ශාසනය විනාශ වන්නේය.

“පාපකානඤ‍්ච ධම‍්මානං, කිලෙසානඤ‍්ච යො උතු; උපට‍්ඨිතා විවෙකාය, යෙ ච සද‍්ධම‍්මසෙසකා.

කාය දුශ්චරිතාදී පාපධර්මයන්ට ලෝභාදි කෙලෙසුන්ටද යම් කාලයක් වේද යම්කෙනෙක් මෙබඳු කාලයෙහි කාය, චිත්ත ආදී විවේකය සඳහා අරඹන ලද වීර්ය ඇත්තාහුද ඉතිරි ප්‍රතිපත්ති අනුගමනය කර සඵල කරගන්ට අපොහොසත් වූවාහු

“තෙ කිලෙසා පවඩ‍්ඪන‍්තා, ආවිසන‍්ති බහුං ජනං; කීළන‍්ති මඤ‍්ඤෙ බාලෙහි, උම‍්මත‍්තෙහිව රක‍්ඛසා.

කෙලෙස් වඩන්නා වූ ඔව්හු බොහෝ ජනයාගේ හදවතට පිවිස යම්සේ වනාහි කෙළිලොල් රකුසන් උමතු වූවන් හා බාලයන් කෙරෙහි ආවේස වී සෙල්ලම් කරත් යැයි හඟිමි.

“කිලෙසෙහාභිභූතා තෙ, තෙන තෙන විධාවිතා; නරා කිලෙසවත්‍ථූසු, සසඞ‍්ගාමෙව ඝොසිතෙ.

කෙලෙසුන්ගෙන් වැඩගන්නා ලද ඔවුහු ඒ ඒ අසරුප් ක්‍රමයට පිළිපදින්නාහු කෙලෙස් වස්තූන්හි කෙලෙස් සේනාවේ සේනාපති මාරයා විසින් ඝෝෂා කරන ලද්දේ

“පරිච‍්චජිත්‍වා සද‍්ධම‍්මං, අඤ‍්ඤමඤ‍්ඤෙහි භණ‍්ඩරෙ; දිට‍්ඨිගතානි අන්‍වෙන‍්තා, ඉදං සෙය්‍යොති මඤ‍්ඤරෙ.

සද්ධර්මය අත්හැර දමා ඔවුනොවුන් කළහ කරන්නාහු ඒ ඒ දෘෂ්ටීන් වැළඳගෙන මෙය හොඳය කියා සිතත්.

“ධනඤ‍්ච පුත‍්තං භරියඤ‍්ච, ඡඩ‍්ඩයිත්‍වාන නිග‍්ගතා; කටච‍්ඡුභික‍්ඛහෙතූපි, අකිච‍්ඡානි නිසෙවරෙ.

ගිහින්ගෙයින් නික්මගියාහු ධනය ද දූදරුවන්ද භාර්යාවද අත්හැර දමා බත් හැන්දක් දෙන්නහු නිමිතිකොට පැවිද්දකු විසින් නොකටයුතු දේ කරත්.

“උදරාවදෙහකං භුත්‍වා, සයන‍්තුත‍්තානසෙය්‍යකා; කථා වඩ‍්ඪෙන‍්ති පටිබුද‍්ධා, යා කථා සත්‍ථුගරහිතා.

කුස පිරෙන්නට අනුභවකොට නියම කොට ඇති සෙය්‍යාවන් නොසළකා උඩුකුරුව නිදන්නේය. බුදුන් විසින් එපායැයි වදාළ රාජකථා ආදිය කථාකරමින් සිටිත්.

“සබ‍්බකාරුකසිප‍්පානි, චිත‍්තිං කත්‍වාන සික‍්ඛරෙ; අවූපසන‍්තා අජ‍්ඣත‍්තං, සාමඤ‍්ඤත්‍ථොතිඅච‍්ඡති.

සියළු හස්ත කර්මාන්තයන් මනාව හදාරති. අධ්‍යාත්මය සංසුන් නොවූවාහු සමණ ධර්මය මෙයැයි සිතත්.

“මත‍්තිකං තෙලචුණ‍්ණඤ‍්ච, උදකාසනභොජනං; ගිහීනං උපනාමෙන‍්ති, ආකඞ‍්ඛන‍්තා බහුත‍්තරං.

සුවඳ කවන ලද මැටි වර්ගද, තෙල් වර්ගද, සුවඳකුඩු වර්ගද, ජලයද, ආහාරද, ආසනද, තමන්ට වැඩියෙන් ලැබේය යන බලාපොරොත්තුවෙන් ගිහියන්ට දෙත්.

“දන‍්තපොනං කපිත්‍ථඤ‍්ච, පුප‍්ඵං ඛාදනියානි ච; පිණ‍්ඩපාතෙ ච සම‍්පන‍්නෙ, අම‍්බෙ ආමලකානි ච.

දැහැටිද ලිවුල්ද මල් හා කැවිලි වර්ගද පිණ්ඩපාතයට ලැබුනා වූ අඹ හා වෙනත් ඇඹුල් වර්ගද දෙත්.

“භෙසජ‍්ජෙසු යථා වෙජ‍්ජා, කිච‍්චාකිච‍්චෙ යථා ගිහී; ගණිකාව විභූසායං, ඉස‍්සරෙ ඛත‍්තියා යථා.

ගිහියන්ට බෙහෙත් දීමේදී වෛද්‍යවරයෙක් වැනිය. ලොකු කුඩා කටයුතුවලදී ගිහියන් මෙනි. සැරසිලිවලින් ගණිකාවන් බඳුය. සැපසම්පත් අතින් ගත් ක්‍ෂත්‍රියයන් මෙනි.

“නෙකතිකා වඤ‍්චනිකා, කූටසක‍්ඛී අපාටුකා; බහූහි පරිකප‍්පෙහි, ආමිසං පරිභුඤ‍්ජරෙ.

මැණික් නොවන දේ මැණික් ලෙස දක්වන වංචනික වූ කපටි ප්‍රයෝගයන් කරන්නා වූ මිථ්‍යා ආජීවයෙන් ජීවත් වන්නාහු ආමිෂය පරිභෝජනය කරත්.

“ලෙසකප‍්පෙ පරියායෙ, පරිකප‍්පෙනුධාවිතා; ජීවිකත්‍ථා උපායෙන, සඞ‍්කඩ‍්ඪන‍්ති බහුං ධනං.

අකැප ප්‍රත්‍යයන්හි කැප ලෙස සලකා හැමතන්හිම මහේච්ඡාව ආදී පාපධර්මයන්ගෙන් මෙහෙයවනු ලබන්නාහු ජීවිකාව සඳහා උපාය මාර්ගයෙන් බොහෝ ධනය ලඟාකර ගනිත්.

“උපට‍්ඨාපෙන‍්ති පරිසං, කම‍්මතො නො ච ධම‍්මතො; ධම‍්මං පරෙසං දෙසෙන‍්ති, ලාභතො නො ච අත්‍ථතො.

තමන්ට සමාජය සළකන ආකාරයට සමාජයට සලකයි. තමා විසින් කළයුතු වතාවතක් ලෙස සලකනවා විනා ධර්මතාවයක් වශයෙන් නොවේ. අනුන්ට බණ කියන්නේ දිට්ඨධම්ම ආදී නිමිති කර ධර්ම දේශනා නොකරයි. ලාභප්‍රයෝජන බලාපොරොත්තුවෙන් එය කරයි.

“සඞ‍්ඝලාභස‍්ස භණ‍්ඩන‍්ති, සඞ‍්ඝතො පරිබාහිරා; පරලාභොපජීවන‍්තා, අහිරීකා න ලජ‍්ජරෙ.

මෙය සංඝයාට අයත් දෙයකි. (එය මට අයිතිය) කියා කලහ කරති. සංඝයාගෙන් පරිබාහිර වූ මේ පුද්ගලයෝ අනුන්ගේ ලාභප්‍රයෝජන බලාපොරොත්තුවෙන් ජීවත්වන්නා වූ මේ ඇත්තෝ ලජ්ජා නැත්තෝය.

“නානුයුත‍්තා තථා එකෙ, මුණ‍්ඩා සඞ‍්ඝාටිපාරුතා; සම‍්භාවනංයෙවිච‍්ඡන‍්ති, ලාභසක‍්කාරමුච‍්ඡිතා.

ශ්‍රමණයන්ට සුදුසු ලක්‍ෂණයන්ගෙන් තොර වූ ඇතැමෙක් හිස මුඩුකොට සඟල සිවුරු පොරවා ලාභ සත්කාරවලින් ගිජුව ගරුසත්කාරයන්ම බලාපොරොත්තු වෙත්.

“එවං නානප‍්පයාතම‍්හි, න දානි සුකරං තථා; අඵුසිතං වා ඵුසිතුං, ඵුසිතං වානුරක‍්ඛිතුං.

මෙසේ නොයෙක් ආකාර කිළිටි ජීවන ක්‍රමයක් ආරම්භ කළ තැනැත්තාට දැන් අවබෝධ කර නොගත් දෙයක් අවබෝධ කරන්නට හෝ අවබෝධ කළ දෙයක් රැකගන්නට හෝ පහසු නැත.

“යථා කණ‍්ටකට‍්ඨානම‍්හි, චරෙය්‍ය අනුපාහනො; සතිං උපට‍්ඨපෙත්‍වාන, එවං ගාමෙ මුනී චරෙ.

යම්සේ කටු සහිත වන ලැහැබක ඇවිදින තැනැත්තා මෙන් සිහි උපදවාගෙන මුනිවරයා ගමෙහි හැසිරෙයි.

“සරිත්‍වා පුබ‍්බකෙ යොගී, තෙසං වත‍්තමනුස‍්සරං; කිඤ‍්චාපි පච‍්ඡිමො කාලො, ඵුසෙය්‍ය අමතං පදං.

යෝගිවරයා පැරණි යෝග භාවනාවන්හි යෙදීම සිහිපත් කොට ඒවායේ මනාකොට යෙදීම සිහිපත් කර කෙසේ හෝ පසුව අමෘත පද සංඛ්‍යාත නිවන ස්පර්ශ කරන්නේය.

“ඉදං වත්‍වා සාලවනෙ, සමණො භාවිතින්‍ද්‍රියො; බ්‍රාහ‍්මණො පරිනිබ‍්බායී, ඉසි ඛීණපුනබ‍්භවො”ති. –

මෙසේ කියා වඩන ලද ඉන්‍ද්‍රියයන් ඇති ශ්‍රමණයන් වහන්සේ නැවත භවයක් නැත්තේ සල්වනයෙහි පිරිනිවන් පෑ සේක.

ඉමා ගාථා ථෙරෙනෙව භාසිතා.

මේ ගාථාවන් වනාහි තෙරුන් වහන්සේ විසින්ම ප්‍රකාශ කරන ලදී.

තත්‍ථ ඉරියං ආසි භික‍්ඛූනන‍්ති පුරිසුත‍්තමෙ ලොකනාථම‍්හි සම‍්මාසම‍්බුද‍්ධෙ තිට‍්ඨන‍්තෙ ධරන‍්තෙ එතරහි පටිපත‍්තිභාවතො. අඤ‍්ඤථා අඤ‍්ඤෙන පකාරෙන භික‍්ඛූනං ඉරියං චරිතං අහොසි යථානුසිට‍්ඨං පටිපත‍්තිභාවතො. අඤ‍්ඤථා දානි දිස‍්සතීති ඉදානි පන තතො අඤ‍්ඤථා භික‍්ඛූනං ඉරියං දිස‍්සති අයාථාවපටිපත‍්තිභාවතොති අධිප‍්පායො .

මෙහි ඉරියං ආසි භික්‍ඛුනං යනු සුත්තිමෙ ලොකනාථම්හි පුරුෂෝත්තම ලෝකනාථයන් වහන්සේ තිට්ඨන්තෙ ජීවමානව සිටින කල්හි දැන් ප්‍රතිපත්ති රහිතව අඤ්ඤථා අනික් අයුරකින් භික්‍ෂූන්ගේ පැවැත්ම විය. අඤ්ඤථාදානි දිස්සිති යනු දැන් වනාහි එයින් වෙනස් අයුරකින් භික්‍ෂූන්ගේ පැවැත්ම දක්නට ලැබේ. මේ වනාහි ප්‍රතිපත්තිගරුක නොවීම හේතුවයි.

ඉදානි සත්‍ථරි ධරන‍්තෙ යෙනාකාරෙන භික‍්ඛූනං පටිපත‍්ති අහොසි, තං තාව දස‍්සෙතුං “සීතවාතපරිත‍්තාණ”න‍්තිආදි වුත‍්තං. තත්‍ථ මත‍්තට‍්ඨියන‍්ති තං මත‍්තං පයොජනං. යාවදෙව සීතවාතපරිත‍්තාණං, යාවදෙව හිරීකොපීනපටිච‍්ඡාදනං කත්‍වා චීවරං පරිභුඤ‍්ජිංසු. කථං? සන‍්තුට‍්ඨා ඉතරීතරෙ යස‍්මිං තස‍්මිං හීනෙ පණීතෙ වා යථාලද‍්ධෙ පච‍්චයෙ සන‍්තොසං ආපන‍්නා.

දැන් බුදුන් ජීවමාන කල්හි යම් අයුරකින් භික්‍ෂූන්ගේ ප්‍රතිපත්තිය වීද එය දක්වන්නට සීත වාත පරිත්තාණං (සීතලෙන් වාතයෙන් ආරක්‍ෂා වීමට) ආදිය කියන ලදී. එහි මත්තත්‍ථියං යනු ඒ මාත්‍රාවන් යෙදීමයි. සීතවාතපරිත්තාණං සීතල හා සුලඟ වලක්වා ගැනීමට පමණක්, හිරිකොපිනපටිච්ඡාදනං හිරි ඔතප් වසා ගැනීමට පමණක් සිවුරු පාවිච්චි කළහ. කෙසේද යත්? සන්තුට්ඨො ඉත්තරීතරෙ යම් ඒ පහත් වූ හෝ ප්‍රණීත වූ හෝ ලබන ලද ප්‍රත්‍යයෙහි සතුටට පත්ව,

පණීතන‍්ති උළාරං සප‍්පිආදිනා සංසට‍්ඨං, තදභාවෙන ලූඛං. අප‍්පන‍්ති, චතුපඤ‍්චාලොපමත‍්තම‍්පි. බහුං යාපනත්‍ථං අභුඤ‍්ජිංසූති පණීතං බහුං භුඤ‍්ජන‍්තාපි යාපනමත‍්තමෙව ආහාරං භුඤ‍්ජිංසු. තතො එව අගිද‍්ධා ගෙධං අනාපන‍්නා. නාධිමුච‍්ඡිතා න අජ‍්ඣොසිතා අක‍්ඛබ‍්භඤ‍්ජනං විය සාකටිකා, වණලෙපනං විය වණිනො අභුඤ‍්ජිංසු.

පණීතං යනු උසස් ගිතෙල් ආදියෙන් අනන ලද, ඒවා නැති බවෙන් ලූඛං නීරස වූ අප්පං යනු සතරපස් පිඩක් පමණක් බහුං යාපනත්‍ථං අභුඤ්ජිංසු යනු ප්‍රණිත වූ බොහෝ ප්‍රමාණයක් වළඳන්නාහු නමුත් දිවි පැවැත්මට පමණක් ප්‍රමාණවත් වූ ආහාරයක් වැළඳූහ. ඒ නිසාම අගිද්ධා ගිජුබවට නොපැමිණ නාධිමුච්ඡිතා යනු තදින් නොඇලී ගැල්කරුවන්ගේ ගැල්හි අලවංගුව කැඩීයාමක් මෙන් වණයට යොදන ගැල්වීමක් මෙන්ද අනුභව කළහ.

ජීවිතානං පරික‍්ඛාරෙ, භෙසජ‍්ජෙ අථ පච‍්චයෙපි ජීවිතානං පවත‍්තියා පරික‍්ඛාරභූතෙ භෙසජ‍්ජසඞ‍්ඛාතෙ පච‍්චයෙ ගිලානපච‍්චයෙ. යථා තෙති යථා තෙ පුරිමකා භික‍්ඛූ ආසවක‍්ඛයෙ උස‍්සුකා යුත‍්තා ආසුං, තථා තෙ රොගාභිභූතාපි ගිලානපච‍්චයෙ බාළ‍්හං අතිවිය උස‍්සුකා නාහෙසුන‍්ති අත්‍ථො.

ජීවිතානං පරික්‍ඛාරෙ භෙසජ්ජෙ අථ පච්චයෙ යනු දිවිපැවැත්ම සඳහා පිරිකර ලෙස ලැබුණු බෙහෙත් ආදී ගිලන්පස. යථාතෙ යම්සේ ඒ පැරණි භික්‍ෂූන් ආසවක්‍ඛයෙ උස්සුකා ආශ්‍රවයන් ඇතිකිරීමෙහි උනන්දු වූවාහු ආසුං වූහ. එසේම ගිලන් වූවාහු ද ගිලන්පසෙහි බාළ්හං. දැඩිව උස්සුකා උනන්දු නොවූහ යන අර්ථයි.

තප‍්පරායණාති විවෙකපරායණා විවෙකපොණා. එවං චතූහි ගාථාහි චතුපච‍්චයසන‍්තොසං භාවනාභිරතිඤ‍්ච දස‍්සෙන‍්තෙන තෙසං අරියවංසපටිපදා දස‍්සිතා.

තප්පරායණා යනු විවේකය අරමුණු කරගත්, මෙසේ ගාථා සතරකින් ප්‍රත්‍යයන්හි සතුටත් භාවනාවෙහි අභිරතියත් දක්වන්නහු විසින් එහි ආර්යවංස ප්‍රතිපදාව දක්වන ලදී.

නීචාති “මයං පංසුකූලිකා පිණ‍්ඩපාතිකා”ති අත‍්තුක‍්කංසනපරවම‍්භනානි අකත්‍වා නීචවුත‍්තිනො, නිවාතවුත‍්තිනොති අත්‍ථො. නිවිට‍්ඨාති සාසනෙ නිවිට‍්ඨසද‍්ධා. සුභරාති අප‍්පිච‍්ඡතාදිභාවෙන සුපොසා. මුදූති වත‍්තපටිපත‍්තියං සකලෙ ච බ්‍රහ‍්මචරියෙ මුදූ, සුපරිකම‍්මකතසුවණ‍්ණං විය විනියොගක‍්ඛමා. මුදූති වා අභාකුටිකා උත‍්තානමුඛා පුප‍්ඵිතමුඛෙන පටිසන්‍ථාරවුත‍්තිනො, සුතිත්‍ථං විය සුඛාවහාති වුත‍්තං හොති. අථද‍්ධමානසාති අකථිනචිත‍්තා තෙන සුබ‍්බචභාවමාහ. අබ්‍යාසෙකාති සතිවිප‍්පවාසාභාවතො කිලෙසබ්‍යාසෙකරහිතා, අන‍්තරන‍්තරා තණ‍්හාදිට‍්ඨිමානාදීහි අවොකිණ‍්ණාති අත්‍ථො. අමුඛරාති න මුඛරා, න මුඛෙන ඛරා වචීපාගබ‍්භියරහිතාති වා අත්‍ථො. අත්‍ථචින‍්තාවසානුගාති හිතචින‍්තාවසානුගාහිතචින‍්තාවසිකා, අත‍්තනො පරෙසඤ‍්ච හිතචින‍්තමෙව අනුපරිවත‍්තනකා.

නීචා යනු අපි පාංශුකූලිකයෝය. පිණ්ඩපාතිකයෝය. වශයෙන් තමන්ව උසස්කොටත් අනුන් පහත්කොටත් නොකියා, කීකරු නිහතමානි බවෙන් යුතුව යන අර්ථයි. නිවිට්ඨා යනු සසුනෙහි බැඳි ශ්‍රද්ධා ඇතිව, සුභරා යනු අල්පේච්ඡ බවෙන් යුක්ත බැවින් පෝෂණය කිරීමට පහසු මුදු යනු වත්පිළිවෙත් ද සියළු බඹසරෙහි ද සිලිටි ලෙස කැටයම් කරන ලද රත්රන් මෙන් මොළොක්බවට පත්වූ මුදූති යනු නොහොත් අහෝ! අනේ ආදී ලෙස කියමින් මුහුණ උස්සා සතුටු මුහුණින් පිළිසඳර කථාවෙහි යෙදී සැප එලවන්නේයැයි කියන ලදී. අථද්ධමානසා යනු මොළොක් සිත් ඇති, එයින් සුවච බව කියන ලදී. අඛ්‍යාසෙකා යනු සිහියෙන් යුක්ත බැවින් කෙලෙසුන්ගේ ස්පර්ශයක් නැති, අතරින් පතර තණ්හා, දිට්ඨි, මාන ආදියෙන් නොවැසුණු යනුයි. අමුඛරා යනු මුඛරි නොවූ වචනවල ප්‍රගල්භ බවක් නැති යන අර්ථයි. අත්‍ථචින්තාවසානුගා යනු යහපත් සිතිවිලිවල වසඟයට ගිය, තමන්ටද අනුන්ටද යහපතක්ම සිතන ස්වභාව ඇති.

තතොති තස‍්මා නීචවුත‍්තාදිහෙතු. පාසාදිකන‍්ති පසාදජනිකං පටිපත‍්තිං පස‍්සන‍්තානං සුණන‍්තානඤ‍්ච පසාදාවහං. ගතන‍්ති අභික‍්කන‍්තපටික‍්කන‍්තපරිවත‍්තනාදිගමනං. ගතන‍්ති වා කායවාචාපවත‍්ති. භුත‍්තන‍්ති චතුපච‍්චයපරිභොගො. නිසෙවිතන‍්ති ගොචරනිසෙවනං. සිනිද‍්ධා තෙලධාරාවාති යථා අනිවත‍්තිතා කුසලජනාභිසිඤ‍්චිතා සවන‍්තී තෙලධාරා අවිච‍්ඡින‍්නා සිනිද‍්ධා මට‍්ඨා දස‍්සනීයා පාසාදිකා හොති, එවං තෙසං ආකප‍්පසම‍්පන‍්නානං ඉරියාපථො අච‍්ඡිද‍්දො සණ‍්හො මට‍්ඨො දස‍්සනීයො පාසාදිකො අහොසි.

තතො යනු ඒ නිසා පහත් පැවැත්ම ආදී හේතු. පාසාදිකං යනු ප්‍රසාදය ඇතිකරන්නා වූ ප්‍රතිපත්ති ඇති, අසන දකින අයගේ ප්‍රසාදය ඇදගන්නා වූ ගතං යනු නික්මයාම, පිටත්වයාම, පෙරළීම ආදී ගමන, ගතං හෝ කාම වාග් පැවැත්ම - භූත්තං යනු සිව්පසය ප්‍රයෝජන ගැනීම, නිසෙවිතං ගොදුරු සෙවුනා ලද සිනිද්ධා තෙලධාරාවා යනු යම්සේ නොනවත්වා කුසල නමැති ජනයාව තෙමමින් ගලාහැලෙන තෙල්ධාරාව සිනිඳුය. මටසිලිටිය. දැකුම්කලුය. ප්‍රසාදජනකය. මෙපරිද්දෙන් මනා ආකල්පයන්ගෙන් යුක්ත ඔවුන්ගේ ඉරියාපථො ඉරියව් නොසිඳුනු සිනිඳුය, සිලිටිය, දර්ශනීයයි. ප්‍රසාදජනකයි අහොසි විය.

මහාඣායීති මහන‍්තෙහි ඣානෙහි ඣායනසීලා, මහන‍්තං වා නිබ‍්බානං ඣායන‍්තීති මහාඣායී. තතො එව මහාහිතා, මහන‍්තෙහි හිතෙහි සමන‍්නාගතාති අත්‍ථො. තෙ ථෙරාති තෙ යථාවුත‍්තප‍්පකාරා පටිපත‍්තිපරායණා ථෙරා ඉදානි පරිනිබ‍්බුතාති අත්‍ථො. පරිත‍්තා දානි තාදිසාති ඉදානි පච‍්ඡිමෙ කාලෙ තාදිසා තථාරූපා ථෙරා පරිත‍්තා අප‍්පකා කතිපයා එවාති වුත‍්තං හොති.

මහාජ්ඣායී යනු මහත් වූ ධ්‍යානයන්ගෙන් ධ්‍යාන වඩන්නා වූ මහත් වූ නිර්වාණය අරමුණුකර ධ්‍යාන වඩත් යන අර්ථයෙන් මහාජ්ඣායී නම් වේ. ඒ නිසාම මහාහිතා මහත් වූ හිතකාමී ලක්‍ෂණවලින් යුක්තය යන අර්ථයයි. තෙ ථෙරා යනු ඒ කියූ ආකාර මනා ප්‍රතිපත්ති පිරීම ප්‍රධාන අරමුණු කොටගත් තෙරවරු. ඉදානි පරිනිබ්බුතා යනු දැන් පිරිනිවීයාහ යන අර්ථයි. පරිත්තාදානි තාදිසා දැන් පසු කාලයෙහි එබඳු ස්වරූප ඇති තෙරවරු ආරක්‍ෂා වූවාහු. ඉතා ස්වල්ප දෙනෙක් වෙත්.

කුසලානඤ‍්ච ධම‍්මානන‍්ති විවට‍්ටස‍්ස උපනිස‍්සයභූතානං විමොක‍්ඛසම‍්භාරානං අනවජ‍්ජධම‍්මානං. පඤ‍්ඤාය චාති තථාරූපාය පඤ‍්ඤාය ච. පරික‍්ඛයාති අභාවතො අනුප‍්පත‍්තිතො. කාමඤ‍්චෙත්‍ථ පඤ‍්ඤාපි සියා අනවජ‍්ජධම‍්මා, බහුකාරභාවදස‍්සනත්‍ථං පනස‍්සා විසුං ගහණං යථා පුඤ‍්ඤඤාණසම‍්භාරාති. සබ‍්බාකාරවරූපෙතන‍්ති ආදිකල්‍යාණතාදීහි සබ‍්බෙහි ආකාරවරෙහි පකාරවිසෙසෙහි උපෙතං යුත‍්තං ජිනස‍්ස භගවතො සාසනං ලුජ‍්ජති විනස‍්සතීති අත්‍ථො.

කුසලානඤ්ච ධම්මානං සසරට පිහිටවන්නා වූ මෝක්‍ෂය ලබාදෙන්නා වූ අනවද්‍ය ධර්මයන්ගේ පඤ්ඤායච යනු එබඳු ස්වරූප වූ ප්‍රඥාවෙන්, පරික්කයා යනු අභාවයෙන්, නොඋපදින ස්වභාවයෙන්, මෙහිදී කාමය දක්වන ලදී. නිවැරදි දහම්හි බොහෝ උපකාරී ස්වභාවය දැක්වීම සඳහා වෙන් වෙන් වශයෙන් ගැනීම - යම්සේ ‘පුඤ්ඤඤාණ සම්භාරා’ (පින් හා ඥාන සමූහය) සබ්බාකාරවරූපෙතං යනු ආදි කල්‍යාණ ආදී වූ සියළු ආකාරවලින් යුක්ත වූ යන අර්ථයි. ජිනස්ස භාග්‍යවතුන් වහන්සේගේ සාසනං ලුජ්ජතෙ විනාශ වන්නේය යන අර්ථයි.

පාපකානඤ‍්ච ධම‍්මානං, කිලෙසානඤ‍්ච යො උතූති කායදුච‍්චරිතාදීනං පාපධම‍්මානං ලොභාදීනඤ‍්ච කිලෙසානං යො උතු යො කාලො, සො අයං වත‍්තතීති වචනසෙසො. උපට‍්ඨිතා විවෙකාය, යෙ ච සද‍්ධම‍්මසෙසකාති යෙ පන එවරූපෙ කාලෙ කායචිත‍්තඋපධිවිවෙකත්‍ථාය උපට‍්ඨිතා ආරද‍්ධවීරියා, තෙ ච සෙසපටිපත‍්තිසද‍්ධම‍්මකා හොන‍්ති. අයඤ‍්හෙත්‍ථ අධිප‍්පායො – සුවිසුද‍්ධසීලාචාරාපි සමානා ඉදානි එකච‍්චෙ භික‍්ඛූ ඉරියාපථසණ‍්ඨාපනං, සමථවිපස‍්සනාභාවනාවිධානං, මහාපලිබොධූපච‍්ඡෙදො, ඛුද‍්දකපලිබොධූපච‍්ඡෙදොති එවමාදිපුබ‍්බකිච‍්චං සම‍්පාදෙත්‍වා භාවනමනුයුඤ‍්ජන‍්ති. තෙ සෙසපටිපත‍්තිසද‍්ධම‍්මකා, පටිපත‍්තිං මත්‍ථකං පාපෙතුං න සක‍්කොන‍්තීති.

පාපකානඤ්ච ධම්මානං කිලෙසානඤ්ච යො උතු. යනු කාය දුශ්චරිත ආදී පාපධර්මයන්ගේත් ලෝභාදී කෙලෙසුන්ට යම්කාලයක් වේද. සො අයං වත්තති (ඒ ඔහු පවතී) උපට්ඨිතා විවේකාය යෙච සද්ධම්මස්සෙකා යනු යමෙක් වනාහි මෙබඳු කාලයක කාය, චිත්ත, උපධි විවේකයන් සඳහා නැගී සිටියා වූ අරඹන ලද වීර්ය ඇති ඔව්හු සෙසු ප්‍රතිපත්ති දරන්නේ වේ. මෙහි අභිප්‍රාය එයයි. ඉතා පිරිසිදු සිල් ඇති අයද දැන් සමහර භික්‍ෂූහු ඉරියාපථ සණ්ඨාපනය, සමථ, විදර්ශනා භාවනානු යෝගය මහා බාධක නැතිකිරීම කුඩා බාධක නැතිකිරීම ආදී වූ පූර්ව කෘත්‍යයන් පිළියෙල කර භාවනාවෙහි යෙදෙන්නාහු ඉතිරි ප්‍රතිපත්තීන් හා සද්ධර්මක ප්‍රතිපදාව මස්තකප්‍රාප්ත කරගන්නට නොහැකිවෙත්.

තෙ කිලෙසා පවඩ‍්ඪන‍්තාති යෙ භගවතො ඔරසපුත‍්තෙහි ච තදා පරික‍්ඛයං පරියාදානං ගමිතා කිලෙසා, තෙ එතරහි ලද‍්ධොකාසා භික‍්ඛූසු වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජන‍්තා. ආවිසන‍්ති බහුං ජනන‍්ති කල්‍යාණමිත‍්තරහිතං අයොනිසොමනසිකාරබහුලං අන්‍ධබාලජනං අභිභවිත්‍වා අවසං කරොන‍්තා ආවිසන‍්ති සන‍්තානං අනුපවිසන‍්ති. එවංභූතා ච තෙ කීළන‍්ති මඤ‍්ඤෙ බාලෙහි, උම‍්මත‍්තෙහිව රක‍්ඛසා, යථා නාම කෙළිසීලා රක‍්ඛසා භිසක‍්කරහිතෙ උම‍්මත‍්තෙ ආවිසිත්‍වා තෙ අනයබ්‍යසනං ආපාදෙන‍්තා තෙහි කීළන‍්ති, එවං තෙ කිලෙසා සම‍්මාසම‍්බුද‍්ධභිසක‍්කරහිතෙ අන්‍ධබාලෙ භික‍්ඛූ ආවිසිත්‍වා තෙසං දිට‍්ඨධම‍්මිකාදිභෙදං අනත්‍ථං උප‍්පාදෙන‍්තා තෙහි සද‍්ධිං කීළන‍්ති මඤ‍්ඤෙ, කීළන‍්තා විය හොන‍්තීති අත්‍ථො.

තෙ කිලෙසාපවඩ්ඩන්තා භාග්‍යවතුන් වහන්සේගේ ඖරස පුත්‍රයන් විසින් එවිට අභාවයට, අවසානයට ගිය කෙලෙස්හු මෙබඳු අවසරයක් ලද කල්හි භික්‍ෂූන් කෙරෙහි දියුණුවට, විපුලත්වයට පැමිණෙන්නාහු ආවිසන්ති බහුංජනං යනු කල්‍යාණමිත්‍රයන් නැති අයොනිසො මනසිකාරය බොහෝසෙයින් ඇති නූගත් බාල ජනයාව අභිභවනය කර යටත්කර ඔවුන්ගේ සිත තුළට පිවිසෙත්. මෙසේ වූවාවූ ඔව්හු කීළන්ති මඤ්ඤෙ බාලෙහි උම්මත්තෙහිච රක්‍ඛසා යම්සේ වනාහි කෙළිලොල් රාක්‍ෂසයෝ වෙදකු නැති උමතු රෝගියකුට ආවේෂ වී ඔවුන් විපතට පත්නොකර ඔවුන් සමග ක්‍රීඩා කරත්. මෙපරිද්දෙන් ඒ ක්ලේශයෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමැති වෛද්‍යවරයා නොමැති අත්බැව්වල භික්‍ෂූන්ට ආවේශ වී ඔවුන්ට දිට්ඨධම්මික ආදී වූ ප්‍රභේද ඇති අනර්ථයන් ඇතිකරමින් ඔවුන් සමග ක්‍රීඩා කරත්යැයි හඟිමි. සෙල්ලම් කරන්නන් මෙන් වේයැයි යන අර්ථයි.

තෙන තෙනාති තෙන තෙන ආරම‍්මණභාගෙන. විධාවිතාති විරූපං ධාවිතා අසාරුප‍්පවසෙන පටිපජ‍්ජන‍්තා. කිලෙසවත්‍ථූසූති පඨමං උප‍්පන‍්නං කිලෙසා පච‍්ඡා උප‍්පජ‍්ජනකානං කාරණභාවතො කිලෙසාව කිලෙසවත්‍ථූනි, තෙසු කිලෙසවත්‍ථූසු සමූහිතෙසු. සසඞ‍්ගාමෙව ඝොසිතෙති හිරඤ‍්ඤසුවණ‍්ණමණිමුත‍්තාදිකං ධනං විප‍්පකිරිත්‍වා “යං යං හිරඤ‍්ඤසුවණ‍්ණාදි යස‍්ස යස‍්ස හත්‍ථගතං, තං තං තස‍්ස තස‍්සෙව හොතූ”ති එවං කාමඝොසනා සසඞ‍්ගාමඝොසනා නාම. තත්‍ථායමත්‍ථො – කිලෙසවත්‍ථූසු “යො යො කිලෙසො යං යං සත‍්තං ගණ‍්හාති අභිභවති, සො සො තස‍්ස තස‍්ස හොතූ”ති කිලෙසසෙනාපතිනා මාරෙන සසඞ‍්ගාමෙ ඝොසිතෙ විය. තෙහි තෙහි කිලෙසෙහි අභිභූතා තෙ බාලපුථුජ‍්ජනා තෙන තෙන ආරම‍්මණභාගෙන විධාවිතා වොසිතාති.

තෙන තෙන යනු ඒ ඒ අරමුණුවලින් විධාවිතා විරූපී බවක් දරමින් නොසරුප් ලෙස පිළිපදින්නාහු, කිලෙස වත්‍ථුසු යනු පළමු උපන් කෙලෙස් පසුව උපදින්නා වූ කෙලෙසුන්ට හේතුකාරණා වන බැවින් කෙලෙස්ම කෙලෙස් වස්තූන් වෙයි. ඒ කෙලෙස් වස්තූන් එක්වූ කල්හි, සසංගාමෙව ඝොසිතෙ යනු රන්රුවන් මුතුමැණික් ආදී වූ ධනය විසුරුවා ‘යම් යම් රන්රුවන් ආදියත් යම් යම් කෙනෙකුගේ අතට පත්වීද ඒ ඒ දෙය ඔහුට අත්වේවා. මෙබඳු කාමඝෝෂාව සංගාමඝෝෂාව නම් වේ. එහි අර්ථය මෙයයි. කෙලෙස් වස්තූන් අතුරෙන් යම් යම් ක්ලේශයන් යම් යම් සත්ත්වයකු අල්ලාගනීද, යටත්කර ගනීද ඒ ඒ දෙය ඔහුට ඔහුටම වේවායි කෙලෙස් හමුදාවේ සේනාපති වූ මාරයා විසින් සංසගාමෙ ඝොසිතෙවිය යනු ඒ ඒ කිලෙසෙහි අභිභූතා තෙ යනු බාල පෘථග්ජනයෝ ඒ ඒ අරමුණකින් මෙහෙයවන ලද්දාහු උනන්දු කරවන ලද්දාහු,

තෙ එවං විධාවිතා කිං කරොන‍්තීති ආහ “පරිච‍්චජිත්‍වා සද‍්ධම‍්මං, අඤ‍්ඤමඤ‍්ඤෙහි භණ‍්ඩරෙ”ති. තස‍්සත්‍ථො – පටිපත‍්තිසද‍්ධම‍්මං ඡඩ‍්ඩෙත්‍වා ආමිසකිඤ‍්ජක‍්ඛහෙතු අඤ‍්ඤමඤ‍්ඤෙහි භණ‍්ඩරෙ කලහං කරොන‍්තීති. දිට‍්ඨිගතානීති “විඤ‍්ඤාණමත‍්තමෙව අත්‍ථි, නත්‍ථෙව රූපධම‍්මා”ති, “යථා පුග‍්ගලො නාම පරමත්‍ථතො නත්‍ථි, එවං සභාවධම‍්මාපි පරමත්‍ථතො නත්‍ථි, වොහාරමත‍්තමෙවා”ති ච එවමාදීනි දිට‍්ඨිගතානි මිච‍්ඡාගාහෙ අන්‍වෙන‍්තා අනුගච‍්ඡන‍්තා ඉදං සෙය්‍යො ඉදමෙව සෙට‍්ඨං, අඤ‍්ඤං මිච‍්ඡාති මඤ‍්ඤන‍්ති.

ඔවුන් මෙසේ මෙහෙයවන ලදුව කුමක් කරත්දැයි ඇසීය. සද්ධර්මය අත්හැර දමා ඔවුනොවුන් කලහ කරන්නේය යනු එහි අර්ථයි. ප්‍රතිපත්ති සද්ධම්මං සද්ධර්මය අත්හැර දමා ආමිස වස්තූන් කෙරෙහි ආසාවෙන් අඤ්ඤමෙඤ්ඤෙහි භණ්ඩරෙ කොලාහල කරත් යනුයි. දිට්ඨිගතා යනු මෙහි විඤ්ඤාණ මාත්‍රයක් පමණක් ඇත. රූපධර්මයන් නැත. යම්සේ පුද්ගලයායැයි කෙනෙක් පරමාර්ථ වශයෙන් නැත. එසේම ස්වභාව ධර්මයද පරමාර්ථ වශයෙන් නැත. ව්‍යවහාර මාත්‍රයක් පමණි. මේ ආදී වූ දෘෂ්ටීන් අනුව ගිය වැරදි කල්පනාවන් අන්‍වෙන්තා යනු පසුපස යන්නාහු. ඉදං සෙය්‍යො මෙයම උතුම් වේ. අනික මිථ්‍යාවකියි හඟිත්.

නිග‍්ගතාති ගෙහතො නික‍්ඛන‍්තා. කටච‍්ඡුභික‍්ඛහෙතූපීති කටච‍්ඡුමත‍්තභික‍්ඛානිමිත‍්තම‍්පි. තං දදන‍්තස‍්ස ගහට‍්ඨස‍්ස අනනුලොමිකසංසග‍්ගවසෙන අකිච‍්චානි පබ‍්බජිතෙන අකත‍්තබ‍්බානි කම‍්මානි නිසෙවරෙ කරොන‍්ති.

නිග්ගතා යනු ගෙයින් පිටමන් වූවාහු කටච්ඡුභික්‍ඛාහෙතු යනු හැන්දක් පමණ භික්‍ෂාව නිමිතිකොට එය දෙන්නා වූ ගිහියාට නුසුදුසු එක්වීම් වශයෙන් අකිච්චානි පැවිද්දා විසින් නොකළ යුතු වැඩ නිසෙවරෙ කරත්.

උදරාවදෙහකං භුත්‍වාති “ඌනූදරො මිතාහාරො”ති (ථෙරගා· 982; මි· ප· 6.5.10) වුත‍්තවචනං අචින‍්තෙත්‍වා උදරපූරං භුඤ‍්ජිත්‍වා. සයන‍්තුත‍්තානසෙය්‍යකාති “දක‍්ඛිණෙන පස‍්සෙන සීහසෙය්‍යං කප‍්පෙති පාදෙ පාදං අච‍්චාධාය සතො සම‍්පජානො”ති (අ· නි· 8.9; විභ· 519) වුත‍්තවිධානං අනනුස‍්සරිත්‍වා උත‍්තානසෙය්‍යකා සයන‍්ති. යා කථා සත්‍ථුගරහිතාති රාජකථාදිතිරච‍්ඡානකථං සන්‍ධාය වදති.

උදරාවදෙහකං භුත්‍වා කුස පුරවා නොගෙන පමණ දැන ආහාර ගෙන යනුවෙන් කියන ලද වචනය සිහිපත් නොකර කුස පිරෙන්නට අනුභව කර සයන්තුත්තාන සෙය්‍යකා යනු දකුණු පැත්තට හැරී පාපිට තබා සිහි නුවණින් යුතුව සිංහ සෙය්‍යාවට බසී යනුවෙන් කියන ලද විධානය සිහි නොකොට උඩුකුරුව නිදත්. යා කථා සත්‍ථුගරහිතා යනු රාජකථා ආදී වූ පහත් කථාවන් අරභයා කියයි.

සබ‍්බකාරුකසිප‍්පානීති සබ‍්බෙහි වෙස‍්සාදීහි කාරුකෙහි කත‍්තබ‍්බානි භත‍්තතාලවණ‍්ටකරණාදීනි හත්‍ථසිප‍්පානි. චිත‍්තිං කත්‍වානාති සක‍්කච‍්චං සාදරං කත්‍වා. අවූපසන‍්තා අජ‍්ඣත‍්තන‍්ති කිලෙසවූපසමාභාවතො ගද‍්දුහනමත‍්තම‍්පි සමාධානාභාවතො ච අජ‍්ඣත‍්තං අවූපසන‍්තා, අවූපසන‍්තචිත‍්තාති අත්‍ථො. සාමඤ‍්ඤත්‍ථොති සමණධම‍්මො. අතිඅච‍්ඡතීති තෙසං ආජීවකිච‍්චපසුතතාය එකදෙසම‍්පි අඵුසනතො විසුංයෙව නිසීදති, අනල‍්ලීයතීති වුත‍්තං හොති.

සබ්බකාරුක සිප්පානි යනු සියළු වෛශ්‍ය ආදී කාර්මිකයන් විසින් කළයුතු කුඩ තල්වැට ආදී වූ හස්ත කර්මාන්තයන්, විත්තිං කත්‍වාන යනු මනාව හොඳින් කොට, අවුපසන්තා අජඣත්තං යනු කෙලෙස් නොසන්සිඳුනු බැවින් අල්පමාත්‍ර වූ එක්තැන්වීමක් නොමැති බැවින් අධ්‍යත්මය නොසන්සිඳුනු, නොසන්සුන් සිත් ඇති යන අර්ථයි. සාමඤ්ඤත්‍ථො යනු ශ්‍රමණ ධර්මයයි. අති අච්ඡති යනු ඔවුන්ගේ ජීවත්වීම ප්‍රධාන අරමුණ වන බැවින් එක් කොටසක්වත් ස්පර්ශ නොකරන්නාහු වෙනම හිඳියි.

මත‍්තිකන‍්ති පාකතිකං වා පඤ‍්චවණ‍්ණං වා ගිහීනං විනියොගක‍්ඛමං මත‍්තිකං. තෙලචුණ‍්ණඤ‍්චාති පාකතිකං, අභිසඞ‍්ඛතං වා තෙලඤ‍්ච චුණ‍්ණඤ‍්ච. උදකාසනභොජනන‍්ති උදකඤ‍්ච ආසනඤ‍්ච භොජනඤ‍්ච. ආකඞ‍්ඛන‍්තා බහුත‍්තරන‍්ති බහුං පිණ‍්ඩපාතාදිඋත‍්තරුත‍්තරං ආකඞ‍්ඛන‍්තා “අම‍්හෙහි මත‍්තිකාදීසු දින‍්නෙසු මනුස‍්සා දළ‍්හභත‍්තිකා හුත්‍වා බහුං උත‍්තරුත‍්තරං චතුපච‍්චයජාතං දස‍්සන‍්තී”ති අධිප‍්පායෙන ගිහීනං උපනාමෙන‍්තීති අත්‍ථො.

මත්තිකං යනු ප්‍රකෘතිපාට හෝ වර්ණ පසකින් යුක්ත ගිහියන්ට පාවිච්චියට යෝග්‍ය වූ කුඩු වර්ග. තෙල චුණ්ණං ප්‍රකෘති හෝ සකස්කළ හෝ තෙල් වර්ගද, ස්නානයට ගන්නා සඳුන් ආදී සුණු වර්ගද උදකාසනභොජනං ජලයද, අසුන්ද, ආහාරද, ආකංඛත්තා බහුත්තරං යනු බොහෝ පිණ්ඩපාතාදියද ඊටත් වැඩිමනත් ප්‍රාර්ථනා කරන්නේ, අප විසින් සුවඳකුඩු ආදිය දුන් කල්හි මිනිස්සු දැඩි භක්තියක් ඇතිව බොහෝකොට තවතවත් සිව්පසයට අවශ්‍ය දේ දෙන්නාහුය යන බලාපොරොත්තුවෙන් ගිහීනං උපනාමෙන්ති යනු ගිහියන්ට දෙත් යන අර්ථයි.

දන‍්තෙ පුනන‍්ති සොධෙන‍්ති එතෙනාති දන‍්තපොනං, දන‍්තකට‍්ඨං. කපිත්‍ථන‍්ති කපිත්‍ථඵලං. පුප‍්ඵන‍්ති සුමනචම‍්පකාදිපුප‍්ඵං. ඛාදනීයානීති අට‍්ඨාරසවිධෙපි ඛජ‍්ජකවිසෙසෙ. පිණ‍්ඩපාතෙ ච සම‍්පන‍්නෙති වණ‍්ණාදිසම‍්පයුත‍්තෙ ඔදනවිසෙසෙ. “අම‍්බෙ ආමලකානි චා”ති ච-සද‍්දෙන මාතුලුඞ‍්ගතාලනාළිකෙරාදිඵලානි අවුත‍්තානි සඞ‍්ගණ‍්හාති. සබ‍්බත්‍ථ ගිහීනං උපනාමෙන‍්ති ආකඞ‍්ඛන‍්තා බහුත‍්තරන‍්ති යොජනා.

මෙයින් දත් පිරිසිදු කරත්, ශෝධනය කරත් යන අර්ථයෙන් දන්තපොනං දැහැටි. කපිත්‍ථං දිවුල් ගෙඩි පුප්ඵං සමන්, සපු ආදි මල් වර්ග, ඛාදනීයානි යනු දහඅටවැදෑරුම් කැවිලි වර්ග, පිණ්ඩපාතෙ ච සම්පන්නෙ යනු ව්‍යඤ්ජම්පනාදිය සහිත බත් වර්ග, අම්බෙආමලකානි ච මෙහි ච ශබ්දයෙන් දොඩම්, තල්, පොල් ආදී ඵල වර්ග, මෙහි නොකියූ දේ එයට ඇතුළත්ය. හැම තන්හි ගිහීනං උපනාමෙන්ති ආකංඛන්තා බහුත්තරං යනු වැඩිපුර බොහෝදේවල් බලාපොරොත්තුවෙන් ගිහියන්ට දෙත්.

භෙසජ‍්ජෙසු යථා වෙජ‍්ජාති ගිහීනං භෙසජ‍්ජප‍්පයොගෙසු යථා වෙජ‍්ජා, තථා භික‍්ඛූ පටිපජ‍්ජන‍්තීති අධිප‍්පායො. කිච‍්චාකිච‍්චෙ යථා ගිහීති ගහට‍්ඨානං ඛුද‍්දකෙ චෙව මහන‍්තෙ ච කිච‍්චෙ කත‍්තබ‍්බෙ ගිහී විය. ගණිකාව විභූසායන‍්ති අත‍්තනො සරීරස‍්ස විභූසනෙ රූපූපජීවිනියො විය. ඉස‍්සරෙ ඛත‍්තියා යථාති ඉස‍්සරෙ ඉස‍්සරියපවත‍්තනෙ යථා ඛත‍්තියා, එවං කුලපතී හුත්‍වා වත‍්තන‍්තීති අත්‍ථො.

භෙසජ්ජෙසුයථාවෙජ්ජා ගිහියන්ට බෙහෙත් දීමේදී වෙදුන් යම්සේද ඒ ආකාරයට භික්‍ෂූහු පිළිපදිත් යන අර්ථයි. කිච්චාකිච්චෙ යථා ගිහි ගිහිගෙයි ලොකු කුඩා කළයුතු කටයුතුවලදී ගිහියන් මෙන් ගණිකාව විභූසාය තම ශරීරය සැරසීමෙහිලා වෛශ්‍යාවන් මෙන්. ඉස්සරෙ ඛත්තියා යථා යනු ඉසුරුමත් පැවැත්මෙහි ක්‍ෂත්‍රියයන් බඳු, මෙසේ කුල නායකයා වී පවත්නේය යන අරථයි.

නෙකතිකාති නිකතියං නියුත‍්තා, අමණිංයෙව මණිං, අසුවණ‍්ණංයෙව සුවණ‍්ණං කත්‍වා පටිරූපසාචියොගනිරතා. වඤ‍්චනිකාති කූටමානාදීහි විප‍්පලම‍්බකා. කූටසක‍්ඛීති අයාථාවසක‍්ඛිනො. අපාටුකාති වාමකා, අසංයතවුත‍්තීති අත්‍ථො. බහූහි පරිකප‍්පෙහීති යථාවුත‍්තෙහි අඤ‍්ඤෙහි ච බහූහි මිච‍්ඡාජීවප‍්පකාරෙහි.

නෙකතිකා තක්සේරු කිරීමෙහි යෙදුනු අය මැණික් නොවන දෙය මැණික් ලෙසත්, රන් නොවන දෙය රත්‍රං ලෙසත් පෙන්වන කපටි ප්‍රයෝගයන්හි යෙදුණු. වංචනිකා හොර මිණුම් ආදිය කරන කූටසක්‍ඛි අයථා මිත්‍රත්වය, අපාටුකා යනු මිටි, සංයත නොවූ පැවතුම් ඇති යන අර්ථයි. බහූහිපරිකප්පෙහි යනු කියන ලද අයුරු අන්‍ය වූද බොහෝ වැරදි ජීවන ආකල්පවලින්,

ලෙසකප‍්පෙති කප‍්පියලෙසෙ කප‍්පියපටිරූපෙ. පරියායෙති, පච‍්චයෙසු පරියායස‍්ස යොගෙ. පරිකප‍්පෙති වඩ‍්ඪිආදිවිකප‍්පනෙ, සබ‍්බත්‍ථ විසයෙ භුම‍්මං. අනුධාවිතාති මහිච‍්ඡතාදීහි පාපධම‍්මෙහි අනුධාවිතා වොසිතා. ජීවිකත්‍ථා ජීවිකප‍්පයොජනා ආජීවහෙතුකා. උපායෙනාති පරිකථාදිනා උපායෙන පච‍්චයුප‍්පාදනනයෙන. සඞ‍්කඩ‍්ඪන‍්තීති සංහරන‍්ති.

ලෙසකප්පෙ අකැප, සුදුසු නැති, පරියාසෙති ප්‍රත්‍යයන්හි සමානව යෙදීමෙහි. පරිකප්පෙති වඩු කර්මාන්තය ආදී ජීවිකා වෘත්තීන්හි, සියළු විෂයයන්හි අනුධාවිතා බොහෝ දේ පැතීම ආදී පාප ධර්මයන් අනුව යන, ඒවායින් උනන්දු කරවන ලද, ජීවිකත්‍ථා ජීවත්වීම සඳහා, උපායෙන පරිකථා ආදී උපායකින්, ප්‍රත්‍යයන් උපදින ආකාරයකින්, සංකඩ්ඪන්ති රැස්කරත්.

උපට‍්ඨාපෙන‍්ති පරිසන‍්ති පරිසාය අත‍්තානං උපට‍්ඨපෙන‍්ති, යථා පරිසා අත‍්තානං උපට‍්ඨපෙන‍්ති, එවං පරිසං සඞ‍්ගණ‍්හන‍්තීති අත්‍ථො. කම‍්මතොති කම‍්මහෙතු. තෙ හි අත‍්තනො කත‍්තබ‍්බවෙය්‍යාවච‍්චනිමිත‍්තං උපට‍්ඨපෙන‍්ති. නො ච ධම‍්මතොති ධම‍්මනිමිත‍්තං නො ච උපට‍්ඨපෙන‍්ති. යො සත්‍ථාරා උල‍්ලුම‍්පනසභාවසණ‍්ඨිතාය පරිසාය සඞ‍්ගහො අනුඤ‍්ඤාතො, තෙන න සඞ‍්ගණ‍්හන‍්තීති අත්‍ථො. ලාභතොති ලාභහෙතු, “අය්‍යො බහුස‍්සුතො, භාණකො, ‘ධම‍්මකථිකො’ති එවං සම‍්භාවෙන‍්තො මහාජනො මය‍්හං ලාභසක‍්කාරෙ උපනයිස‍්සතී”ති ඉච‍්ඡාචාරෙ ඨත්‍වා ලාභනිමිත‍්තං පරෙසං ධම‍්මං දෙසෙන‍්ති. නො ච අත්‍ථතොති යො සො විමුත‍්තායතනසීසෙ ඨත්‍වා සද‍්ධම‍්මං කථෙන‍්තෙන පත‍්තබ‍්බො අත්‍ථො, න තංදිට‍්ඨධම‍්මිකාදිභෙදහිතනිමිත‍්තං ධම‍්මං දෙසෙන‍්තීති අත්‍ථො.

උපට්ඨාපෙන්ති පරිසං පිරිස විසින් තමාට උපස්ථාන කරනු ලබයි. යම්ලෙසකින් පිරිස තමාට උවටැන් කරත්ද එපරිද්දෙන් පිරිසට සංග්‍රහ කරමි. කම්මතො, කර්ම හේතුවෙන්, ඔවුන් විසින් තමාට කළයුතු වතාවත් නිමිති කොට උවටැන් කරත්. නොචධම්මතො ධර්ම නිමිත්තෙන් උවටැන් නොකරයි. යමෙක් ශාස්තෲන් වහන්සේ විසින් අනුකම්පාව හේතුවෙන් පිරිසට සංග්‍රහ කිරීම අනුදැන ඇත. ඒ අදහසින් සංග්‍රහ නොකරයි යන අර්ථයි. ලාභතො ලාභ හේතුවෙන්, ආර්යයන් වහන්සේ බහුශ්‍රැතය. භාණකයෙකි. දක්ෂ ධර්ම කථිකයෙකියි මෙසේ සළකන්නේ මහාජනයා මට බොහෝ ලාභසත්කාරයන් පූජාකරත් යන බලාපොරොත්තු චේතනාවෙන් ලාභ ලැබීම නිමිතිකොට, පරෙසං ධම්මං දෙසෙන්ති නොච අත්‍ථතො විමුක්තිය මූලික කරුණ කරගෙන බණ කියන්නහු විසින් ලැබිය යුතු අර්ථය, එබඳු අර්ථයකින් නොවේ. දිට්ඨධම්මික ආදී භේදයන් නිමිති කොට ධර්මය දේශනා නොකරයි යනු අර්ථයි.

සඞ‍්ඝලාභස‍්ස භණ‍්ඩන‍්තීති සඞ‍්ඝලාභහෙතු භණ‍්ඩන‍්ති “මය‍්හං පාපුණාති, න තුය‍්හ”න‍්තිආදිනා කලහං කරොන‍්ති. සඞ‍්ඝතො පරිබාහිරාති, අරියසඞ‍්ඝතො බහිභූතා අරියසඞ‍්ඝෙ තදභාවතො. පරලාභොපජීවන‍්තාති සාසනෙ ලාභස‍්ස අන්‍ධබාලපුථුජ‍්ජනෙහි පරෙ සීලාදිගුණසම‍්පන‍්නෙ සෙක‍්ඛෙ උද‍්දිස‍්ස උප‍්පන‍්නත‍්තා තං පරලාභං, පරතො වා දායකතො ලද‍්ධබ‍්බලාභං උපජීවන‍්තා භණ‍්ඩනකාරකා භික‍්ඛූ පාපජිගුච‍්ඡාය අභාවතො අහිරිකා සමානා ච “මයං පරලාභං භුඤ‍්ජාම, පරපටිබද‍්ධජීවිකා”තිපි න ලජ‍්ජරෙ න හිරීයන‍්ති.

සංඝලාභස්ස භණ්ඩන්ති සංඝයාට ලැබිය යුතු දේ හේතුකොටගෙන කලහ කිරිම ‘මෙය අයිති මටය. ඔබට නොවේ’ යනාදී ලෙස කෝලාහල කරත්. සංඝතොපරිබාහියා පරලාභූපජීවන්තා යනු සසුනෙහි ලාභය නම් අඳබාල පෘථග්ජනයන් හැර අනිත් සීලාදි ගුණසම්පන්න සේඛ පුද්ගලයන් උදෙසා ලැබෙන්නා වූ, ඒ ලාභය අරමුණුකර එයින් ජීවත්වෙමින් කෝලාහල කරන භික්‍ෂූන් පාපයට ඇති බිය නොමැතිකමින් අහිරිකො අහිරික නම් වේ. අපි අනුන් සතු ලාභය අනුභව කරන්නෙමු. අනුන්ගේ පිහිටෙන් ජීවත් වන්නෙමු කියා නලජ්ජරෙ ලජ්ජාවට පත් නොවෙත්.

නානුයුත‍්තාති සමණකරණෙහි ධම‍්මෙහි අනනුයුත‍්තා. තථාති යථා පුබ‍්බෙ වුත‍්තා බන්‍ධනකාරකාදයො, තථා. එකෙති එකච‍්චෙ. මුණ‍්ඩා සඞ‍්ඝාටිපාරුතාති කෙවලං මුණ‍්ඩිතකෙසතාය මුණ‍්ඩා පිලොතිකඛණ‍්ඩෙහි සඞ‍්ඝටිතට‍්ඨෙන “සඞ‍්ඝාටී”ති ලද‍්ධනාමෙන චීවරෙන පාරුතසරීරා. සම‍්භාවනංයෙවිච‍්ඡන‍්ති, ලාභසක‍්කාරමුච‍්ඡිතාති ලාභසක‍්කාරාසාය මුච‍්ඡිතා අජ‍්ඣොසිතා හුත්‍වා, “පෙසලො ධුතවාදො බහුස‍්සුතො”ති වා මධුරවචනමනුයුත‍්තා “අරියො”ති ච කෙවලං සම‍්භාවනං බහුමානංයෙව ඉච‍්ඡන‍්ති එසන‍්ති, න තන‍්නිමිත‍්තෙ ගුණෙති අත්‍ථො.

නානුයුත්තො ශ්‍රමණයන් විසින් කළයුතු කටයුතුවල නොයෙදෙන. තථා යම්සේ පෙර කියන ලද කෝලාහල කිරීම් ආදිය එසේය. එකෙ ඇතැම් කෙනෙක්. මුණ්ඩාසංඝාටිපාරුතා යනු හුදෙක් කෙස් මුඩු කළ බැවින් මුණ්ඩ නම් වේ. රෙදි කැබැලි එකතු කරන ලද බැවින් ‘සංඝාටි’ නම් වූ සිවුරෙන් පොරවන ලද සිරුර ඇති. සම්භාවනං යෙවිච්ඡන්ති ලාභ සක්කාර මුච්ඡිතා යනු ලාභ සත්කාරයන්හි ගිජුව, එහි ඇලී ගැලී සිට ‘සුපේසලය, ධුතධරය, බහුශ්‍රැතය යන මිහිරි වචනවලින් යුත් ආර්ය පුත්‍රයෙකි යන හුදෙක් ගරුබුහුමන් පමණක්ම බලාපොරොත්තු වෙති. ඒවා සොයා යත්, එබඳු ගුණයන් නිමිතිකොට නොවේ.

එවන‍්ති “කුසලානඤ‍්ච ධම‍්මානං පඤ‍්ඤාය ච පරික‍්ඛයා”ති වුත‍්තනයෙන. නානප‍්පයාතම‍්හීති නානප‍්පකාරෙ භෙදනධම‍්මෙ පයාතෙ සමකතෙ, නානප‍්පකාරෙන වා සංකිලෙසධම‍්මෙ පයාතුං පවත‍්තිතුං ආරද‍්ධෙ. න දානි සුකරං තථාති ඉදානි ඉමස‍්මිං දුල‍්ලභකල්‍යාණමිත‍්තෙ දුල‍්ලභසප‍්පායසද‍්ධම‍්මස‍්සවනෙ ච කාලෙ යථා සත්‍ථරි ධරන‍්තෙ අඵුසිතං අඵුට‍්ඨං, අනධිගතං ඣානවිපස‍්සනං ඵුසිතුං අධිගන‍්තුං, ඵුසිතං වා හානභාගියං ඨිතිභාගියමෙව වා අහුත්‍වා යථා විසෙසභාගියං හොති, තථා අනුරක‍්ඛිතුං පාලෙතුං සුකරං, තථා න සුකරං, තථා සම‍්පාදෙතුං න සක‍්කාති අත්‍ථො.

එවං යනු කුසල ධර්මයන් හා ප්‍රඥාව ක්‍ෂය කිරීමෙන් යනාදී ලෙස කියූ ආකාරයෙන්, නානප්පයාතම්හි නොයෙක් ආකාර භේදකාරී කාරණාවලින් මෙහෙයවනු ලැබූ නොයෙක් කෙලෙස් ධර්මයන්ගෙන් ජීවිත පැවැත්ම ගෙනයාමට පටන්ගත්. තදානිසුකරං තදා යනු දැන් මේ කල්‍යාණ මිත්‍රයන් දුර්ලභ වූ යෝග්‍ය නොවන, බුදුන් ජීවමාන කාලයක මෙන් ධර්මය ඇසීමට යෝග්‍ය තත්ත්වයක් නැති, අඵුසිතං ස්පර්ශ නොවූ අවබෝධ නොකළ, ධ්‍යාන විදර්ශනා ඵුසිතුං අවබෝධ කරන්නට ඵුසිතංවා හානභාගිය හෝ ඨිතිභාගිය නොවී යම්සේ විශේෂ භාගිය වන්නේද එසේ අනුරක්‍ඛිතුං පාලනය කරන්නට පහසු, එසේ නැත්නම් අපහසු, එසේ සපයා ගන්නට නොහැකි යන අර්ථයි.

ඉදානි අත‍්තනො පරිනිබ‍්බානකාලස‍්ස ආසන‍්නත‍්තා සංඛිත‍්තෙන ඔවාදෙන සබ්‍රහ‍්මචාරිං ඔවදන‍්තො “යථා කණ‍්ටකට‍්ඨානම‍්හී”තිආදිමාහ. තස‍්සත්‍ථො – යථා පුරිසො කෙනචිදෙව පයොජනෙන කණ‍්ටකනිචිතෙ පදෙසෙ අනුපාහනො විචරන‍්තො “මා මං කණ‍්ටකො විජ‍්ඣී”ති සතිං උපට‍්ඨපෙත්‍වාව විචරති, එවං කිලෙසකණ‍්ටකනිචිතෙ ගොචරගාමෙ පයොජනෙන චරන‍්තො මුනි සතිං උපට‍්ඨපෙත්‍වාන සතිසම‍්පජඤ‍්ඤයුත‍්තො අප‍්පමත‍්තොව චරෙය්‍ය කම‍්මට‍්ඨානං අවිජහන‍්තොති වුත‍්තං හොති.

දැන් තමන්ගේ පිරිනිවන්පෑමට කාලය ළංවන බැවින් කෙටි අවවාදයකින් සබ්‍රහ්මචාරීන්ට අවවාද දෙන්නේ ‘යථා කණ්ටකට්ඨානම්හි’ ආදිය කීය. එහි අර්ථය මෙසේය. යම්සේ පුරුෂයෙක් කිසියම් කටයුත්තක් සඳහා කටුවලින් ගහන ප්‍රදේශයක අනුපාහනො පාවහන් නොමැතිව හැසිරෙන්නේ ‘මට කටු නොඇනේවා’ යැයි සිහිය උපදවාගෙනම ඇවිදියි. එවං මෙසේ කෙලෙස් නමැති කටු බහුල ගොදුරු ගාමෙ ගමෙහි යම් ප්‍රයෝජනයක් සඳහා හැසිරෙන්නේ මුනි සතිං උපට්ඨපෙත්‍වාන සිහි කල්පනාවෙන් යුක්ත වූයේ අප්‍රමාදී වූයේ කමටහන් අත්නොහැර හැසිරෙන්නේයැයි කියන ලදී.

සරිත්‍වා පුබ‍්බකෙ යොගී, තෙසං වත‍්තමනුස‍්සරන‍්ති පුරිමකෙ යොගෙ භාවනාය යුත‍්තතාය යොගී ආරද‍්ධවිපස‍්සකෙ සරිත්‍වා තෙසං වත‍්තං ආගමානුසාරෙන සම‍්මාපටිපත‍්තිභාවනාවිධිං අනුස‍්සරන‍්තො ධුරනික‍්ඛෙපං අකත්‍වා යථාපටිපජ‍්ජන‍්තො. කිඤ‍්චාපි පච‍්ඡිමො කාලොති යදිපායං අතීතසත්‍ථුකො චරිමො කාලො, තථාපි යථාධම‍්මමෙව පටිපජ‍්ජන‍්තො විපස‍්සනං උස‍්සුක‍්කාපෙන‍්තො ඵුසෙය්‍ය අමතං පදං නිබ‍්බානං අධිගච‍්ඡෙය්‍ය.

සරිත්‍වා පුබ්බයොගී තෙසං වත්තිමනුස්සිරංන පැරණි යෝගභාවනාවෙන් යුක්ත බැවින් යෝගී නම් වූ අරඹන ලද විදර්ශනා භාවනාව සිහිපත්කොට ඒවායේ ආ පිළිවෙලින් මනා ප්‍රතිපත්ති භාවනා විධිය සිහිපත් කරමින් වගකීම් භාරය අත්නොහැර යම්සේ පිළිපදින්නේද. කිඤ්චාපි පච්ඡිමො කාලො ඉදින් මේ කලින් බුදුවරයන්ගේ අවසාන කාලය වුවත් ධර්මානුරූපවම පිළිපදින්නේ විදර්ශනාව සඳහා උනන්දු කරවන්නේ ඵුසෙය්‍යං අමතං පදං නිවන අවබෝධ කරන්නේය.

ඉදං වත්‍වාති, යථාදස‍්සිතං සංකිලෙසවොදානෙසු ඉමං පටිපත‍්තිවිධිං කථෙත්‍වා. අයඤ‍්ච ඔසානගාථා සඞ‍්ගීතිකාරෙහි ථෙරස‍්ස පරිනිබ‍්බානං පකාසෙතුං වුත‍්තාති වෙදිතබ‍්බා.

ඉදං වත්‍වා ඉහත දක්වන ලද පරිදි කෙලෙසුන්ගෙන් පිරිසිදු කිරිමට මේ ප්‍රතිපත්ති මාලාව කියා, මේ අවසාන ගාථාවද සංගීතිකාරක භික්‍ෂූන් විසින් තෙරුන් වහන්සේගේ පිරිනිවන්පෑම ප්‍රකාශ කිරීම සඳහා කියන ලදැයි දතයුතුයි.

පාරාපරියත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

පාරාපරිය ථේර ගාථා වර්ණනාව නිමියේය.

වීසතිනිපාතවණ‍්ණනා නිට‍්ඨිතා.

පරමත්‍ථ දීපනියෙහි විසිවන නිපාත වර්ණනාව සමාප්තයි.