යෙදුමෙන් කියවන්න

අනුරුද‍්ධත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

අනුරුද‍්ධත්‍ථෙරගාථාවණ‍්ණනා

අනුරුද්ධ ස්ථවිරගාථා වර්ණනාව

පහාය මාතාපිතරොතිආදිකා ආයස‍්මතො අනුරුද‍්ධත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ විභවසම‍්පන‍්නො කුටුම‍්බිකො හුත්‍වා නිබ‍්බත‍්ති. සො එකදිවසං විහාරං ගන‍්ත්‍වා සත්‍ථු සන‍්තිකෙ ධම‍්මං සුණන‍්තො සත්‍ථාරං එකං භික‍්ඛුං දිබ‍්බචක‍්ඛුකානං අග‍්ගට‍්ඨානෙ ඨපෙන‍්තං දිස‍්වා සයම‍්පි තං ඨානන‍්තරං පත්‍ථෙත්‍වා සතසහස‍්සභික‍්ඛුපරිවාරස‍්ස භගවතො සත‍්තාහං මහාදානං පවත‍්තෙත්‍වා සත‍්තමෙ දිවසෙ භගවතො, භික‍්ඛුසඞ‍්ඝස‍්ස ච උත‍්තමානි වත්‍ථානි දත්‍වා පණිධානමකාසි. සත්‍ථාපිස‍්ස අනන‍්තරායෙන සමිජ‍්ඣනභාවං දිස‍්වා “අනාගතෙ ගොතමස‍්ස නාම සම‍්මාසම‍්බුද‍්ධස‍්ස සාසනෙ දිබ‍්බචක‍්ඛුකානං අග‍්ගො භවිස‍්සතී”ති බ්‍යාකාසි. සොපි තත්‍ථ පුඤ‍්ඤානි කරොන‍්තො සත්‍ථරි පරිනිබ‍්බුතෙ නිට‍්ඨිතෙ සත‍්තයොජනිකෙ සුවණ‍්ණචෙතියෙ අනෙකසහස‍්සෙහි දීපරුක‍්ඛෙහි දීපකපල‍්ලිකාහි ච “දිබ‍්බචක‍්ඛුඤාණස‍්ස උපනිස‍්සයපච‍්චයො හොතූ”ති උළාරං දීපපූජං අකාසි.

පහාය මාතාපිතරො යනාදි ගාථාවන් ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ගේය. මොහු ද පෙර බුදුවරුන්ගේ කාලයෙහි කරන ලද ප්‍රාර්ථනා ඇත්තේ පදුමුත්තරස්ස පදුමුත්තර බුදුන්ගේ කාලයෙහි සැපසම්පත් ඇති පවුලක කෙළෙඹියෙක් ලෙස උපන්නේය. ඔහු එක්දිනක් විහාරයට ගොස් බුදුන් ලඟ බණ අසන්නේ බුදුන්වහන්සේ එක් භික්‍ෂුවක් දිවැස් ඇත්තන් අතර අග්‍රස්ථානයෙහි තබනු දැක තමා ද ඒ තනතුර ප්‍රාර්ථනා කොට සතසහස්‍රයක් භික්‍ෂූන් පිරිවරාගත් භාග්‍යවතුන් වහන්සේට දවස් හතක් මහදන් දී සත්වෙනි දවස භාග්‍යවතුන් වහන්සේට ද භික්‍ෂු සංඝයාට ද උතුම් වස්ත්‍ර පූජාකොට ප්‍රාර්ථනා කළේය. භාග්‍යවතුන් වහන්සේ ද ඔහුගේ පැතුම පසුකලක සමෘද්ධ වන බව දැක අනාගතයෙහි ගොතමං නම් වූ බුදුන් වහන්සේගේ සසුනෙහි දිවැස් ඇත්තන් අතුරෙන් අග්‍රස්ථානයට පත්වන්නේ යැයි විවරණ දුන් සේක. ඔහුද එහි පින් කරන්නේ බුදුන් පිරිනිවි කල්හි වැඩ නිමකළ සත්යොදුන් සුවණ්ණ චෛත්‍යයෙහි නොයෙක් සියදහස් ගණන් පහන්වැටවලින්ද පහන් තැටිවලින්ද විශාල වූ පහන් පූජාවක් පවත්වා දිවැස ලබාගැනීමට මෙය හේතුවාසනා වේවායි පැතීය.

එවං යාවජීවං පුඤ‍්ඤානි කත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තො කස‍්සපස‍්ස භගවතො කාලෙ බාරාණසියං කුටුම‍්බිකගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො සත්‍ථරි පරිනිබ‍්බුතෙ නිට‍්ඨිතෙ යොජනිකෙ කනකථූපෙ බහූ කංසපාතියො කාරෙත්‍වා සප‍්පිමණ‍්ඩස‍්ස පූරෙත්‍වා මජ‍්ඣෙ එකෙකං ගුළපිණ‍්ඩං ඨපෙත්‍වා මුඛවට‍්ටියා මුඛවට‍්ටිං ඵුසාපෙන‍්තො චෙතියං පරික‍්ඛිපාපෙත්‍වා අත‍්තනා එකං මහතිං කංසපාතිං කාරෙත්‍වා සප‍්පිමණ‍්ඩස‍්ස පූරෙත්‍වා සහස‍්සවට‍්ටියො ජාලාපෙත්‍වා සීසෙ ඨපෙත්‍වා සබ‍්බරත‍්තිං චෙතියං අනුපරියායි.

මෙසේ දිවි ඇතිතෙක් පින්කොට දෙව්මිනිසුන් අතර සැරිසරන්නේ කස්සප බුදුන්ගේ කාලයෙහි බරණැස් නුවර කෙළෙඹි ගෙදරක ඉපිද බුද්ධිමත් වූයේ ශාස්තෲන් වහන්සේ පිරිනිවන්පෑ කල්හි යොදුනක් ප්‍රමාණ කණක චෛත්‍යයෙහි බොහෝ රන් පාත්‍රවල ගිතෙල් හා කොහොඹ ඇට පුරවා මැද එක එක පාත්‍රය බැගින් තබා පාත්‍රයෙන් පාත්‍රය එකිනෙක ගැටෙන සේ චෛත්‍යය වටකර තමා විසින් එක් විශාල රන්පාත්‍රයක් ගිතෙල් හා මණ්ඩ බීජවලින් පුරවා පහන්වැටි දහසක් දල්වා හිසෙහි තබාගෙන මුළු රාත්‍රියම චෛත්‍යය ප්‍රදක්‍ෂිණා කළේය.

එවං තස‍්මිම‍්පි අත‍්තභාවෙ යාවජීවං කුසලං කත්‍වා තතො චුතො දෙවලොකෙ නිබ‍්බත‍්තිත්‍වා තත්‍ථ යාවතායුකං ඨත්‍වා තතො චුතො අනුප‍්පන‍්නෙ බුද‍්ධෙ බාරාණසියංයෙව දුග‍්ගතකුලෙ නිබ‍්බත‍්ති, අන‍්නභාරොතිස‍්ස නාමං අහොසි. සො සුමනසෙට‍්ඨිස‍්ස නාම ගෙහෙ කම‍්මං කරොන‍්තො ජීවති. සො එකදිවසං උපරිට‍්ඨං නාම පච‍්චෙකබුද‍්ධං නිරොධසමාපත‍්තිතො වුට‍්ඨාය ගන්‍ධමාදනපබ‍්බතතො ආකාසෙනාගන‍්ත්‍වා බාරාණසීනගරද‍්වාරෙ ඔතරිත්‍වා චීවරං පාරුපිත්‍වා නගරෙ පිණ‍්ඩාය පවිසන‍්තං දිස‍්වා පසන‍්නචිත‍්තො පත‍්තං ගහෙත්‍වා අත‍්තනො අත්‍ථාය ඨපිතං එකං භාගභත‍්තං පත‍්තෙ පක‍්ඛිපිත්‍වා පච‍්චෙකබුද‍්ධස‍්ස දාතුකාමො ආරභි. භරියාපිස‍්ස අත‍්තනො භාගභත‍්තං තත්‍ථෙව පක‍්ඛිපි. සො තං නෙත්‍වා පච‍්චෙකබුද‍්ධස‍්ස හත්‍ථෙ ඨපෙසි. පච‍්චෙකබුද‍්ධො තං ගහෙත්‍වා අනුමොදනං කත්‍වා පක‍්කාමි. තං දිස‍්වා රත‍්තිං සුමනසෙට‍්ඨිස‍්ස ඡත‍්තෙ අධිවත්‍ථා දෙවතා “අහො දානං පරමදානං, උපරිට‍්ඨෙ, සුප‍්පතිට‍්ඨිත”න‍්ති මහාසද‍්දෙන අනුමොදි. තං සුත්‍වා සුමනසෙට‍්ඨි “එවං දෙවතාය අනුමොදිතං ඉදමෙව උත‍්තමදාන”න‍්ති චින‍්තෙත්‍වා තත්‍ථ පත‍්තිං යාචි. අන‍්නභාරො පන තස‍්ස පත‍්තිං අදාසි. තෙන පසන‍්නචිත‍්තො සුමනසෙට‍්ඨි තස‍්ස සහස‍්සං දත්‍වා “ඉතො පට‍්ඨාය තුය‍්හං සහත්‍ථෙන කම‍්මකරණකිච‍්චං නත්‍ථි, පතිරූපං ගෙහං කත්‍වා නිච‍්චං වසාහී”ති ආහ.

මෙසේ ඒ ආත්මභාවයේදී ද දිවි ඇතිතෙක් පින්කොට එයින් චුත වූයේ දෙව්ලොව ඉපිද එහි දිවි ඇතිතෙක් සිට එයින් චුතව බුදුන් නූපන් කල්හි බරණැස් නුවරම දුප්පත් ගෙදරක උපත ලැබීය. අන්නභාරො යැයි ඔහුට නම්කරන ලදී. ඔහු සුමන නම් සිටුවරයා ලඟ වැඩකරමින් ජීවිකාව ගෙනයයි. ඔහු එක්දිනක් උපරිට්ඨ නම් පසේබුදුන් දැක තමා සඳහා තබන ලද ආහාරවේල පාත්‍රයක බහා බුදුන් වහන්සේට පිළිගන්වන්නට යාමට පිටත්විය. ඔහුගේ භාර්යාව ද තමන්ගේ බත් කොටසද එහිම දැමීය. ඔහු එය ගෙනගොස් පසේබුදුන්ට පිළිගැන්වීය. පසේබුදුන්ද එය පිළිගෙන පිං අනුමෝදන් කර නික්ම ගිය සේක. එය දැක රාත්‍රියෙහි සුමන සිටුවරයාගේ ඡත්‍රයෙහි අධිගෘහිත දේවතාවිය පුදුමයි! උතුම් දනකි. උපරිට්ඨෙ මනාව පිහිටියේ යැයි මහා හඬකින් අනුමෝදන් වූවාය. ඒ අසා සුමන සිටුවරයා මේ දෙව්දුව විසින් අනුමෝදන් වූ දානය උතුම් දානයකැයි සිතා එහි අනුමෝදන් වීමට ඉල්ලීය. අන්නභාර තෙමේ පින් අනුමෝදන් කළේය. එයින් සතුටට පත් සුමන සිටුවරයා ඔහුට දහසක් දී මෙතැන් පටන් නුඹ තමගේ අතින් වැඩ කිරීමක් නැත. සුදුසු ගෙයක් සාදා වෙළඳාමෙන් ජීවත්වෙවයි කීය.

යස‍්මා නිරොධතො වුට‍්ඨිතස‍්ස පච‍්චෙකබුද‍්ධස‍්ස දින‍්නපිණ‍්ඩපාතො තංදිවසමෙව උළාරතරවිපාකො හොති, තස‍්මා තංදිවසං සුමනසෙට‍්ඨි රඤ‍්ඤො සන‍්තිකං ගච‍්ඡන‍්තො තං ගහෙත්‍වා අගමාසි. රාජා පන තං ආදරවසෙන ඔලොකෙසි. සෙට‍්ඨි “මහාරාජ, අයං ඔලොකෙතබ‍්බයුත‍්තොයෙවා”ති වත්‍වා තදා තෙන කතපුඤ‍්ඤං අත‍්තනාපිස‍්ස සහස‍්සං දින‍්නභාවං කථෙසි. තං සුත්‍වා රාජා තුස‍්සිත්‍වා සහස‍්සං දත්‍වා අසුකස‍්මිං නාම ඨානෙ ගෙහං කත්‍වා වසා”ති ගෙහට‍්ඨානමස‍්ස ආණාපෙසි. තස‍්ස තං ඨානං සොධාපෙන‍්තස‍්ස මහන‍්තියො නිධිකුම‍්භියො උට‍්ඨහිංසු. තා දිස‍්වා සො රඤ‍්ඤො ආරොචෙසි. රාජා සබ‍්බං ධනං උද‍්ධරාපෙත්‍වා රාසිකතං දිස‍්වා “එත‍්තකං ධනං ඉමස‍්මිං නගරෙ කස‍්ස ගෙහෙ අත්‍ථී”ති? “න කස‍්සචි, දෙවා”ති. “තෙන හි අයං අන‍්නභාරො ඉමස‍්මිං නගරෙ මහාධනසෙට‍්ඨි නාම හොතූ”ති තංදිවසමෙව තස‍්ස සෙට‍්ඨිඡත‍්තං උස‍්සාපෙසි.

යම්හෙයකින් නිරෝධ සමාපත්තියෙන් නැගීසිටි පසේබුදුන්ට දෙන ලද පිණ්ඩපාතය එදිනට විශාල වූ විපාකයක් ලබාදෙයි. ඒ නිසා එදාම සුමන සිටුවරයා රජු සමීපයට යන්නේ ඔහුව ගෙන ගියේය. රජු ඔහුව සාදරයෙන් බැලුවේය. සිටුතුමා මහරජතුමනි! මොහු බැලිය යුත්තෙක්මයැයි කියා ඔහු විසින් කරන ලද පිනද තමා විසින් ඔහුට දහසක් දුන් බවද පැවසීය. ඒ අසා රජු සතුටුව දහසක් දී අසවල් තැන ගෙයක් තනාගෙන වාසය කරන්නැයි ගෙය සාදන තැනක් නියම කළේය. ඒ ස්ථානය පිරිසිදු කරන්නා වූ ඔහුට විශාල නිදන්වස්තු සහිත සැලි මතුවිය. ඒ දැක ඔහු රජුට දන්වා සිටියේය. රජු ඒ සියලු ධනය උඩට ගෙන රැස්කරවා එය බලා මෙතරම් ධනයක් මේ නගරයේ කවරකුගේ ගෙයි තිබේදැයි අසා නැත ස්වාමීනියි කී කල්හි එසේනම් ‘මොහු ධන සිටුවරයා (ධනසෙට්ඨි) වේවායි ඔහුව සිටු තනතුරෙහි තැබීය.

සො තතො පට‍්ඨාය යාවජීවං කුසලකම‍්මං කත්‍වා තතො චුතො දෙවමනුස‍්සෙසු සංසරිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ කපිලවත්‍ථුනගරෙ සුක‍්කොදනසක‍්කස‍්ස ගෙහෙ පටිසන්‍ධිං ගණ‍්හි, අනුරුද‍්ධොතිස‍්ස නාමං අහොසි. සො මහානාමස‍්ස සක‍්කස‍්ස කනිට‍්ඨභාතා, සත්‍ථු චූළපිතු පුත‍්තො පරමසුඛුමාලො මහාපුඤ‍්ඤො තිණ‍්ණං උතූනං අනුච‍්ඡවිකෙසු තීසු පාසාදෙසු අලඞ‍්කතනාටකිත්‍ථීහි පරිවුතො දෙවො විය සම‍්පත‍්තිං අනුභවන‍්තො සුද‍්ධොදනමහාරාජෙන උස‍්සාහිතෙහි සක්‍යරාජූහි සත්‍ථු පරිවාරත්‍ථං පෙසිතෙහි භද‍්දියකුමාරාදීහි අනුපියම‍්බවනෙ විහරන‍්තං සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා සත්‍ථු සන‍්තිකෙ පබ‍්බජිත්‍වා අන‍්තොවස‍්සෙයෙව දිබ‍්බචක‍්ඛුං නිබ‍්බත‍්තෙත්‍වා, පුන ධම‍්මසෙනාපතිස‍්ස සන‍්තිකෙ කම‍්මට‍්ඨානං ගහෙත්‍වා චෙතියරට‍්ඨෙ පාචීනවංසදායං ගන‍්ත්‍වා සමණධම‍්මං කරොන‍්තො සත‍්තමහාපුරිසවිතක‍්කෙ විතක‍්කෙත්‍වා අට‍්ඨමං ජානිතුං නාසක‍්ඛි. තස‍්ස තං පවත‍්තිං ඤත්‍වා සත්‍ථා අට‍්ඨමං මහාපුරිසවිතක‍්කං කථෙත්‍වා චතුපච‍්චයසන‍්තොසභාවනාරාමපටිමණ‍්ඩිතං මහාඅරියවංසපටිපදං දෙසෙති. සො දෙසනානුසාරෙන විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අභිඤ‍්ඤාපටිසම‍්භිදාපරිවාරං අරහත‍්තං සච‍්ඡාකාසි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.1.421-433) –

ඔහු එහි දිවි ඇතිතෙක් කුසල්කොට එයින් චුතව දෙව් මිනිසුන් අතර සැරිසරන්නේ මේ බුද්ධෝත්පාද කාලයේ කපිලවත්‍ථු නගරයෙහි අමිතොදන ශාක්‍යයාගේ ගෙහි පිළිසිඳ ගත්තේය. අනුරුද්ධ යැයි ඔහුට නම් කළේය. ඒ අනුරුද්ධ කුමාරයා වනාහි මහානාම ශාක්‍යයාගේ කනිටු සොහොයුරු බුදුන්වහන්සේගේ සුළුපියාගේ පුත් අතිශයින් කෝමල වූයේ මහාපින් ඇත්තේ සෘතු තුනට සුදුසුවන ප්‍රාසාද තුනක අලංකාරයෙන් සැරසුණු නාටක ස්ත්‍රීන් පිරිවරාගත් ශක්‍ර දේවෙන්‍ද්‍රයා මෙන් සම්පත් අනුභව කරන්නේ, සුද්ධොදන මහරජතුමා විසින් උනන්දු කරවන ලද ශාක්‍ය රජුන් විසින් භාග්‍යවතුන් වහන්සේගේ පිරිවර සඳහා යවන ලද භද්දිය කුමාරාදීන් විසින් අනුපිය අඹවනයෙහි වැඩසිටින බුදුන් වෙත පැමිණ බුදුන් ලඟ පැවිදිව ඇතුළු වස්කාලය තුළදීම දිවැස උපදවාගෙන නැවත ධර්ම සේනාපතීන් වහන්සේ ලඟ කමටහන් ගෙන පාචීනවංසදායං ප්‍රාචීනවංසදාය නම් ස්ථානයට ගොස් මහණදම් පුරන්නේ සත්තමහා පුරුෂ විතර්කයන් උපදවාගෙන අටවැනි පුරුෂ විතර්කය උපදවා ගන්නට අපොහොසත් විය. ඔහුගේ ඒ පුවත දැනගත් භාග්‍යවතුන් වහන්සේ අටවැනි මහා පුරුෂ විතර්කය කියා දී චතුපච්චය සන්තොසභාව ප්‍රතිමණ්ඩිත වූ මහා අරියවංස ප්‍රතිපදාව දේශනා කළ සේක. ඔහු දේශනා කළ ආකාරයට විදර්ශනා වඩා අභිඥා, පටිසම්භිදාවන් සහිත රහත් බව අවබෝධ කරගත්තේය. ඒ නිසා අපදානයෙහි මෙසේ කියන ලදී.

“සුමෙධං භගවන‍්තාහං, ලොකජෙට‍්ඨං නරාසභං; වූපකට‍්ඨං විහරන‍්තං, අද‍්දසං ලොකනායකං.

මම ලෝකනායක වූ ලෝකජ්‍යෙෂ්ඨ වූ නරාසභ වූ තනිව වැඩසිටියා වූ සුමේධ භාග්‍යවතුන් වහන්සේව දුටුවෙමි.

“උපගන‍්ත්‍වාන සම‍්බුද‍්ධං, සුමෙධං ලොකනායකං; අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වාන, බුද‍්ධසෙට‍්ඨමයාචහං.

ලෝකනායක වූ සුමේධ බුදුන් වෙතට ගොස් වැඳගෙන ලෝකනාථයන් වහන්සේගෙන් මෙසේ ඉල්ලා සිටියෙමි.

“අනුකම‍්ප මහාවීර, ලොකජෙට‍්ඨ නරාසභ; පදීපං තෙ පදස‍්සාමි, රුක‍්ඛමූලම‍්හි ඣායතො.

ලෝකනායකයාණනි! මහාවීරයන් වහන්ස! මට අනුකම්පා කරන සේක්වා. රුක්මුල්හි ධ්‍යාන වඩන්නා වූ ඔබවහන්සේට පහනක් පූජා කරමි.

“අධිවාසෙසි සො ධීරො, සයම‍්භූ වදතං වරො; දුමෙසු විනිවිජ‍්ඣිත්‍වා, යන‍්තං යොජියහං තදා.

ඒ ධීර වූ ස්වයංභූ ඥානයෙන් යුක්ත වූ දේශකයන් අතර උතුම් වූ උන්වහන්සේ එය පිළිගත් සේක. ඒ ප්‍රදීපය එදා වෘක්‍ෂයන් විනිවිද යමින් බැබලින.

“සහස‍්සවට‍්ටිං පාදාසිං, බුද‍්ධස‍්ස ලොකබන්‍ධුනො; සත‍්තාහං පජ‍්ජලිත්‍වාන, දීපා වූපසමිංසු මෙ.

ලෝකබන්‍ධු වූ බුදුන්වහන්සේ උදෙසා පහන්වැටි දහසක් යෙදුවෙමි. මාගේ ඒ ප්‍රදීපයෝ දවස් හතක් දැල්වී නිවී ගියාහ.

“තෙන චිත‍්තප‍්පසාදෙන, චෙතනාපණිධීහි ච; ජහිත්‍වා මානුසං දෙහං, විමානමුපපජ‍්ජහං.

මම ඒ චිත්ත ප්‍රසාදයෙන් ද සිතේ ප්‍රාර්ථනා බලයෙන් ද මිනිසත් බව අත්හැර දෙව් විමනක උපන්නෙමි.

“උපපන‍්නස‍්ස දෙවත‍්තං, බ්‍යම‍්හං ආසි සුනිම‍්මිතං; සමන‍්තතො පජ‍්ජලති, දීපදානස‍්සිදං ඵලං.

දේවත්වය ලැබුවා වූ මට මනාව නිර්මාණය වූ දිව්‍ය විමානයක් විය. එය හාත්පසින් බබලයි. මේ ප්‍රදීප අහසේ ඵලයයි.

“සමන‍්තා යොජනසතං, විරොචෙසිමහං තදා; සබ‍්බෙ දෙවෙ අභිභොමි, දීපදානස‍්සිදං ඵලං.

එකල්හි මට සියළු දෙවියන් ඉක්මවා හාත්පසින් යොදුන් සියයක් ආලෝකමත් කළෙමි. මේ පහන් පූජාවේ ආනිශංසයයි.

“තිංසකප‍්පානි දෙවින්‍දො, දෙවරජ‍්ජමකාරයිං; න මං කෙචීතිමඤ‍්ඤන‍්ති, දීපදානස‍්සිදං ඵලං.

දෙවියන්ට අධිපතිව කල්ප තිහක් දෙව්ලොව රජකළෙමි. කිසිවෙක් හා හඳුනා නොගනිත්. මේ පහන් පූජාවේ ආනිශංසයයි.

“අට‍්ඨවීසතික‍්ඛත‍්තුඤ‍්ච, චක‍්කවත‍්තී අහොසහං; දිවා රත‍්තිඤ‍්ච පස‍්සාමි, සමන‍්තා යොජනං තදා.

මම විසිඅට වරක් චක්‍රවර්ති රජවීමි. හාත්පස යොදුන් සියයක් දිවාරාත්‍රී දකිමි.

“සහස‍්සලොකං ඤාණෙන, පස‍්සාමි සත්‍ථු සාසනෙ; දිබ‍්බචක‍්ඛුමනුප‍්පත‍්තො, දීපදානස‍්සිදං ඵලං.

දහසක් ලෝකයන් නුවණින් දකිමි. බුදුසසුනෙහි දිවැස් ලැබුවෙමි. මේ පහන් පූජාවේ අනුසස්ය.

“සුමෙධො නාම සම‍්බුද‍්ධො, තිංසකප‍්පසහස‍්සිතො; තස‍්ස දීපො මයා දින‍්නො, විප‍්පසන‍්නෙන චෙතසා.

කල්ප තිස්දහසකට පෙර සුමෙධ නම් බුදුන්වහන්සේ පහළ වූහ. පහන් සිතින් මා විසින් උන්වහන්සේට පහන් පූජා කරන ලදී.

“පටිසම‍්භිදා චතස‍්සො…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

සිව් පිළිසිඹියාද අෂ්ට විමොක්‍ෂද අභිඥා සයද අවබෝධ කර ගත්තෙමි. බුද්ධ අවවාදය පිළිපැද්දෙමි.

අථ නං සත්‍ථා අපරභාගෙ ජෙතවනමහාවිහාරෙ අරියගණමජ‍්ඣෙ නිසින‍්නො දිබ‍්බචක‍්ඛුකානං අග‍්ගට‍්ඨානෙ ඨපෙසි “එතදග‍්ගං, භික‍්ඛවෙ, මම සාවකානං භික‍්ඛූනං දිබ‍්බචක‍්ඛුකානං යදිදං අනුරුද‍්ධො”ති (අ· නි· 1.180, 192).

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පසුකලක දෙව්රම් මහ වෙහෙරෙහි මහා සංඝයා මැද වැඩසිටිමින් ඔහුව දිවැස් ලැබූවන් අතර අගතැන්හි තැබීය. “මහණෙනි, මාගේ ශ්‍රාවකයන්ගෙන් දිවැස් ඇත්තවුන් අතර මේ අනුරුද්ධ තෙරුන් අගතැන්හි තබමි.”

සො විමුත‍්තිසුඛං පටිසංවෙදී විහරන‍්තො එකදිවසං අත‍්තනො පටිපත‍්තිං පච‍්චවෙක‍්ඛිත්‍වා පීතිසොමනස‍්සජාතො උදානවසෙන “පහාය මාතාපිතරො”තිආදිකා ගාථා අභාසි. කෙචි පන “ථෙරස‍්ස පබ‍්බජ‍්ජං අරහත‍්තප‍්පත‍්තිඤ‍්ච පකාසෙන‍්තෙහි සඞ‍්ගීතිකාරෙහි ආදිතො චතස‍්සො ගාථා භාසිතා. තතො පරා ථෙරස‍්ස අරියවංසපටිපත‍්තියා ආරාධිතචිත‍්තෙන භගවතා භාසිතා. ඉතරා සබ‍්බාපි තෙන තෙන කාරණෙන ථෙරෙනෙව භාසිතා”ති වදන‍්ති. ඉති සබ‍්බථාපි ඉමා ගාථා ථෙරෙන භාසිතාපි, ථෙරං උද‍්දිස‍්ස භාසිතාපි ථෙරස‍්ස චෙතා ගාථාති වෙදිතබ‍්බා. සෙය්‍යථිදං –

ඔහු විමුක්ති සැපය විඳිමින් හැසිරෙන්නේ එක්දිනක් තමාගේ ප්‍රතිපත්ති පිරිම ප්‍රත්‍යවේක්‍ෂා කරමින් හටගත් ප්‍රීති සොම්නස් ඇත්තේ ප්‍රීති වාක්‍යයක් ලෙස “පහාය මාතා පිතරො” (මව්පියන් අතහැර) යන ගාථාවන් ප්‍රකාශ කළේය. තෙරුන් වහන්සේගේ පැවිද්ද හා රහත්වීම ප්‍රකාශ කරන්නා වූ සංගීතිකාරකයන් වහන්සේලා විසින් මුලින් ගාථා සතරක් ප්‍රකාශ කර ඇත. ඊට අනතුරුව ඇති ගාථා තෙරුන්ගේ අරියවංස ප්‍රතිපදාව පිළිබඳ සතුටු වූ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදී. ඉතිරි සියළුම ගාථාවන් ඒ ඒ කාරණය හේතුකොටගෙන තෙරුන් විසින්ම කියන ලදැයි කියත්. මෙසේ හැම අයුරකින්ම මේ ගාථාවන් තෙරුන් විසින් කියන ලදැයි ද තෙරුන් උදෙසා ප්‍රකාශ කරන ලදැයිද දතයුතුයි. ඒ මෙසේය.

“පහාය මාතාපිතරො, භගිනී ඤාතිභාතරො; පඤ‍්ච කාමගුණෙ හිත්‍වා, අනුරුද‍්ධොව ඣායති.

මව්පියන්ද, සහෝදර සහෝදරියන්ද, නෑයන්ද අතහැර දමා පස්කම් සැප ප්‍රතික්‍ෂෙප කොට අනුරුද්ධ තෙම ධ්‍යාන කරයි.

“සමෙතො නච‍්චගීතෙහි, සම‍්මතාළප‍්පබොධනො; න තෙන සුද‍්ධිමජ‍්ඣගං, මාරස‍්ස විසයෙ රතො.

සිත පිනවන නොයෙක් තාලවලින් යුත් නැටුම් ගැයුම්වලින් සමන්විත වූයෙම් මාර විෂයෙහි ඇලුනේ එයින් ශුද්ධියකට නොපැමිණියෙමි.

“එතඤ‍්ච සමතික‍්කම‍්ම, රතො බුද‍්ධස‍්ස සාසනෙ; සබ‍්බොඝං සමතික‍්කම‍්ම, අනුරුද‍්ධොව ඣායති.

එයද අතහැර බුද්ධ ශාසනයෙහි ඇලුනෙම් සියළු කාමඕඝයන් මැඩපවත්වා අනුරුද්ධ තෙම ධ්‍යාන වඩයි.

“රූපා සද‍්දා රසා ගන්‍ධා, ඵොට‍්ඨබ‍්බා ච මනොරමා; එතෙ ච සමතික‍්කම‍්ම, අනුරුද‍්ධොව ඣායති.

[missing trans]

“පිණ‍්ඩපාතමතික‍්කන‍්තො, එකො අදුතියො මුනි; එසති පංසුකූලානි අනුරුද‍්ධො අනාසවො.

මුනිවරයන් වහන්සේ දෙවැන්නෙක් නැතිව හුදෙකලාව පිණ්ඩපාතයෙන් වැලකී මේ ආශ්‍රව තුරන් කළ අනුරුද්ධ පාංශුකූලයන් සොයයි.

“විචිනී අග‍්ගහී ධොවි, රජයී ධාරයී මුනි; පංසුකූලානි මතිමා, අනුරුද‍්ධො අනාසවො.

මුනිවරයන් වහන්සේ පාංශුකූල වස්ත්‍රයන් සෙව්වේය. ගත්තේය. සේදුවේය. පාටගැන්වීය. පොරවා ගත්තේය.

“මහිච‍්ඡො ච අසන‍්තුට‍්ඨො, සංසට‍්ඨො යො ච උද‍්ධතො; තස‍්ස ධම‍්මා ඉමෙ හොන‍්ති, පාපකා සංකිලෙසිකා.

යමෙක් බොහෝ දේ පතන්නේද එයින් සතුටට පත්නොවන්නේද නුසුදුසු අය සමග එක්වූයේද එයින් උඩඟු වූයේද මේ කෙලෙස් සහිත පාපධර්මයෝ ඔහුට ඇතිවෙත්.

“සතො ච හොති අප‍්පිච‍්ඡො, සන‍්තුට‍්ඨො අවිඝාතවා; පවිවෙකරතො විත‍්තො, නිච‍්චමාරද‍්ධවීරියො.

අල්පේච්ඡ වූයෙම්, සිහි ඇත්තේ සතුටු සිතැත්තේ ද්වේෂ රහිත වූයේ විවේකයෙන් යුත් සිතැත්තේ නිතර අරඹන ලද වීර්ය ඇත්තේ වෙමි.

“තස‍්ස ධම‍්මා ඉමෙ හොන‍්ති, කුසලා බොධිපක‍්ඛිකා; අනාසවො ච සො හොති, ඉති වුත‍්තං මහෙසිනා.

මේ බෝධිපාක්‍ෂික කුසල ධර්මයෝ ඔහුට වෙත්. බුදුන්වහන්සේ විසින් ඔහු ආශ්‍රව නැත්තෙකැයි ප්‍රකාශ කරන ලදී.

“මම සඞ‍්කප‍්පමඤ‍්ඤාය, සත්‍ථා ලොකෙ අනුත‍්තරො; මනොමයෙන කායෙන, ඉද‍්ධියා උපසඞ‍්කමි.

මගේ සිතිවිල්ල දැනගත් ලොව අනුත්තර වූ භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් ඇතිකරගත් මනෝමය කයකින් මා ලඟට වැඩියේය.

“යදා මෙ අහු සඞ‍්කප‍්පො, තතො උත‍්තරි දෙසයි; නිප‍්පපඤ‍්චරතො බුද‍්ධො, නිප‍්පපඤ‍්චමදෙසයි.

යම්විටක මෙබඳු සිතිවිල්ලක් මට වීද ඊට වඩා උතුම් දෙයක් දේශනා කළේය. අප්‍රමාදයෙහි ඇලුනා වූ බුදුන්වහන්සේ අප්‍රමාදය දේශනා කළ සේක.

“තස‍්සාහං ධම‍්මමඤ‍්ඤාය, විහාසිං සාසනෙ රතො; තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා, කතං බුද‍්ධස‍්ස සාසනං.

මම උන්වහන්සේගේ ධර්මය දැනගෙන සසුනෙහි ඇල්මෙන් වාසය කළෙමි. ත්‍රිවිද්‍යාවන් ලබාගතිමි. බුද්ධ අවවාදය කරන ලදී.

“පඤ‍්චපඤ‍්ඤාසවස‍්සානි, යතො නෙසජ‍්ජිකො අහං; පඤ‍්චවීසතිවස‍්සානි, යතො මිද‍්ධං සමූහතං.

යම්හෙයකින් පනස්පස් අවුරුද්දක් මම නේසජ්ජික වීමි. විසිපස් අවුරුද්දක් විද්ධය (නිදිබර බව) නැතිකරන ලදී.

“නාහු අස‍්සාසපස‍්සාසා, ඨිතචිත‍්තස‍්ස තාදිනො; අනෙජො සන‍්තිමාරබ‍්භ, චක‍්ඛුමා පරිනිබ‍්බුතො.

නතර වූ සිත් ඇති තාදිගුණයෙන් යුක්ත වූවහුගේ ආශ්වාස ප්‍රශ්වාස නතරවිය. චක්‍ෂුමත් වූයේ සසල නොවී පිරිනිවන් පෑවේය.

“අසල‍්ලීනෙන චිත‍්තෙන, වෙදනං අජ‍්ඣවාසයි; පජ‍්ජොතස‍්සෙව නිබ‍්බානං, විමොක‍්ඛො චෙතසො අහු.

කම්මැලි නැති සිතින් වේදනා ඉවසා ගත්තේය. පහනක් මෙන් සිතෙහි විමෝක්‍ෂය නම් වූ නිර්වාණය අවබෝධ විය.

“එතෙ පච‍්ඡිමකා දානි, මුනිනො ඵස‍්සපඤ‍්චමා; නාඤ‍්ඤෙ ධම‍්මා භවිස‍්සන‍්ති, සම‍්බුද‍්ධෙ පරිනිබ‍්බුතෙ.

දැන් මුනිවරයන් වහන්සේ පිරිනිවන්පෑ කල්හි ස්පර්ශය පස්වෙනි කොට ඇති අන්‍ය වූ චිත්ත චෛතසික ධර්මයෝ නොවන්නාහ.

“නත්‍ථි දානි පුනාවාසො, දෙවකායස‍්මි ජාලිනි; වික‍්ඛීණො ජාතිසංසාරො, නත්‍ථි දානි පුනබ‍්භවො.

ජාලිනිය! (තමාටම) නැවත මේ දේව ආත්මභාවයෙහි මාගේ වාසයක් නැත. ජාතිය සංසාරය මා විසින් ක්‍ෂීණ කරන ලදී. නැවත උපතක් නැත.

“යස‍්ස මුහුත‍්තෙන සහස‍්සධා, ලොකො සංවිදිතො සබ්‍රහ‍්මකප‍්පො; වසී ඉද‍්ධිගුණෙ චුතූපපාතෙ, කාලෙ පස‍්සති දෙවතා ස භික‍්ඛු.

යම් ක්‍ෂීණාශ්‍රව භික්‍ෂුවකට මොහොතකින් බ්‍රහ්මලෝකය සහිත සහශ්‍රී ලෝකධාතුව ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දැනගත හැක. සෘද්ධි බලයෙන් චුතූපපාත ඥානයේද වසීබවට පත් ඒ භික්‍ෂුව දේවතාවිය දකියි.

“අන‍්නභාරො පුරෙ ආසිං, දලිද‍්දො ඝාසහාරකො; සමණං පටිපාදෙසිං, උපරිට‍්ඨං යසස‍්සිනං.

මට පෙර තණකොල ගෙනෙන දුප්පත් ‘අන්නහාර’ වීමි. යසස් ඇති උපරිට්ඨ ශ්‍රමණයන් වහන්සේ ඉදිරියට ගොස් දානය පිළිගැන්වීමි.

“සොම‍්හි සක්‍යකුලෙ ජාතො, අනුරුද‍්ධොති මං විදූ; උපෙතො නච‍්චගීතෙහි, සම‍්මතාළප‍්පබොධනො.

ඒ මට ශාක්‍ය කුලයෙහි උපන්නෙම් අනුරුද්ධ යැයි නම් කළහ. මනා තාලයන්ගෙන් ප්‍රබෝධමත් වූ නෘත්‍ය ගීත ආදියෙන් සමන්විත වූයෙමි.

“අථද‍්දසාසිං සම‍්බුද‍්ධං, සත්‍ථාරං අකුතොභයං; තස‍්මිං චිත‍්තං පසාදෙත්‍වා, පබ‍්බජිං අනගාරියං.

ඉක්බිති බිය නැති සම්බුද්ධ වූ ශාස්තෲන් වහන්සේ දැක්කෙමි. උන්වහන්සේ කෙරෙහි සිත පහදවා අනගාරික සසුනෙහි පැවිදි වූයෙමි.

“පුබ‍්බෙනිවාසං ජානාමි, යත්‍ථ මෙ වුසිතං පුරෙ; තාවතිංසෙසු දෙවෙසු, අට‍්ඨාසිං සක‍්කජාතියා.

යම්තැනක මා පෙර වාසය කෙළෙම්ද ඒ පෙර විසූ ජීවිත පිළිවෙල දනිමි. තව්තිසා දෙව්ලොව ශක්‍රයාව සිටියෙමි.

“සත‍්තක‍්ඛත‍්තුං මනුස‍්සින්‍දො, අහං රජ‍්ජමකාරයිං; චාතුරන‍්තො විජිතාවී, ජම‍්බුසණ‍්ඩස‍්ස ඉස‍්සරො; අදණ‍්ඩෙන අසත්‍ථෙන, ධම‍්මෙන අනුසාසයිං.

සත්වරක් මම මිනිසුන් අතර රජකම් කළෙමි. මුළු දඹදිව ජයග්‍රාහී වූ මම දඬුවමින්, ආයුධයෙන් තොරව ධර්මයෙන් රට පාලනය කළෙමි.

“ඉතො සත‍්ත තතො සත‍්ත, සංසාරානි චතුද‍්දස; නිවාසමභිජානිස‍්සං, දෙවලොකෙ ඨිතො තදා.

එයින් සතක් හා මෙතැන් සිට සතක් යන දාහතරක් ආත්මභාවයන් දෙව්ලොව සිටියා වූ මම දැනගත්තෙමි.

“පඤ‍්චඞ‍්ගිකෙ සමාධිම‍්හි, සන‍්තෙ එකොදිභාවිතෙ; පටිප‍්පස‍්සද‍්ධිලද‍්ධම‍්හි, දිබ‍්බචක‍්ඛු විසුජ‍්ඣි මෙ.

අභිඤ්ඤාපාදක චතුර්ථ ධ්‍යාන සමාධියෙහි ශාන්ත වූයෙම්, මනාව සිත පිහිටියෙම්. කෙලෙස් නැතිකිරීමෙන් ලබාගත් විශුද්ධ වූ දිවැස ලබා ගත්තෙමි.

“චුතූපපාතං ජානාමි, සත‍්තානං ආගතිං ගතිං; ඉත්‍ථභාවඤ‍්ඤථාභාවං, ඣානෙ පඤ‍්චඞ‍්ගිකෙ ඨිතො.

සත්ත්වයන්ගේ යාම-ඊම සංඛ්‍යාත චුතූපපාතය දනිමි. පස්වැදෑරුම් ධ්‍යානයෙහි පිහිටියෙම් මෙබඳු තත්ත්වයකට, එබඳු තත්ත්වයකට පත්වූ සැටි දකිමි.

“පරිචිණ‍්ණො මයා සත්‍ථා…පෙ… භවනෙත‍්ති සමූහතා.

මා විසින් බුදුන් වැඳ බුදුන්ගේ ශාසනය පිළිපැද්දෙමි. සසරට හේතුවන ලොකුබර බිම තබන ලදී.

“වජ‍්ජීනං වෙළුවගාමෙ, අහං ජීවිතසඞ‍්ඛයා; හෙට‍්ඨතො වෙළුගුම‍්බස‍්මිං, නිබ‍්බායිස‍්සං අනාසවො”ති.

මම වජ්ජින්ගේ වේලුව ගමෙහි ජීවිතය අවසන් කිරීම සඳහා එක උණපඳුරක් යට ආශ්‍රව රහිතව පිරිනිවන් පාන්නෙමි.

තත්‍ථ පහායාති පජහිත්‍වා. මාතාපිතරොති මාතරඤ‍්ච පිතරඤ‍්ච. අයඤ‍්හෙත්‍ථ අධිප‍්පායො – යථා අඤ‍්ඤෙ කෙචි ඤාතිපාරිජුඤ‍්ඤෙන වා භොගපාරිජුඤ‍්ඤෙන වා අභිභූතා පබ‍්බජන‍්ති, පබ‍්බජිතා ච කිච‍්චන‍්තරපසුතා විහරන‍්ති, න එවං මයං. මයං පන මහන‍්තං ඤාතිපරිවට‍්ටං, මහන‍්තඤ‍්ච භොගක‍්ඛන්‍ධං පහාය කාමෙසු නිරපෙක‍්ඛා පබ‍්බජිතාති. ඣායතීති ආරම‍්මණූපනිජ‍්ඣානං ලක‍්ඛණූපනිජ‍්ඣානඤ‍්චාති, දුවිධම‍්පි ඣානං අනුයුත‍්තො විහරති.

එහි පහාය යනු අත්හැර. මාතාපිතරො යනු මවද පියාද. එයින් අදහස් කළේ මෙයයි. යම්සේ අන් කිසිකෙනෙක් නෑදැයන්ගෙන් හෝ භවභෝග සම්පත්වලින් පිරිහුනේ පැවිදි වෙත්. පැවිදි වූවාහුද විවිධ කටයුතුවල යෙදී සිටිති. අප එසේ නොවේ. අපි වනාහි බොහෝ නෑපිරිසක්, මහත් වූ ද වස්තු සමූහයක්ද අතහැර කාමයන්හි අපේක්‍ෂාවක් නැතිව පැවිදි වූවෝ වෙමු. ඣායති යනු ආරම්මණ, ලක්‍ඛණ යන දෙවදෑරුම් ධ්‍යානයන්හි යෙදුනේ වෙයි.

සමෙතො නච‍්චගීතෙහීති නච‍්චෙහි ච ගීතෙහි ච සමඞ‍්ගීභූතො, නච‍්චානි පස‍්සන‍්තො ගීතානි සුණන‍්තොති අත්‍ථො. “සම‍්මතො”ති ච පඨන‍්ති, නච‍්චගීතෙහි පූජිතොති අත්‍ථො. සම‍්මතාළප‍්පබොධනොති සම‍්මතාළසද‍්දෙහි පච‍්චූසකාලෙ පබොධෙතබ‍්බො. න තෙන සුද‍්ධිමජ‍්ඣගන‍්ති තෙන කාමභොගෙන සංසාරසුද‍්ධිං නාධිගච‍්ඡිං. මාරස‍්ස විසයෙ රතොති කිලෙසමාරස‍්ස විසයභූතෙ කාමගුණෙ රතො. “කිලෙසමාරස‍්ස විසයභූතෙන කාමගුණභොගෙන සංසාරසුද‍්ධි හොතී”ති එවංදිට‍්ඨිකො අහුත්‍වාති අත්‍ථො. තෙනාහ “එතඤ‍්ච සමතික‍්කම‍්මා”තිආදි. තත්‍ථ එතන‍්ති එතං පඤ‍්චවිධම‍්පි කාමගුණං. සමතික‍්කම‍්මාති සමතික‍්කමිත්‍වා, අනපෙක‍්ඛො ඡඩ‍්ඩෙත්‍වාති අත්‍ථො. සබ‍්බොඝන‍්ති කාමොඝාදිකං සබ‍්බම‍්පි ඔඝං.

සමෙතො නච්චගීතෙහි යනු නෘත්‍යයන්ගෙන් හා ගීතයන්ගෙන් යුක්ත වූයේ. නෘත්‍යයන් බලන්නේ ගීතයන් අසන්නේ යන අර්ථයි. සම්මතො යනු නෘත්‍ය ගීතයන්ගෙන් පූජිත වූයේ යන අර්ථයි. සම්මතාලප්පබොධනො යනු මනා තාලවලට අනුව පවත්වන ශබ්දයන්ගෙන් අළුයම පුබුදුවිය යුතු. නතෙන සුද්ධිමජ්ඣගා යනු ඒ කම්සැප විඳීමෙන් සසර පිරිසිදුබවට පත් නොවූයෙමි. මාරස්ස විසයෙ රතො යනු කෙලෙස් මාරයාට විෂය වූ කාමගුණයන්හි ඇළුණු, කෙලෙස් මාරයාට විෂය වූ කාමවස්තු පරිභෝජනයෙන් සසර පිරිසිදුවීම වන්නේය යන දෘෂ්ටිය ඇත්තෙක් වී යන අර්ථයි. ඒ නිසා කීය. එතඤ්ච සමතික්කම්ම ආදිය කීය. එහි එතං යනු මේ පස්වැදෑරුම් කාම ගුණයෝය. සමතික්කම්ම යනු අතහැර දමා, අපේක්‍ෂා රහිතව, ඉවතලා යන අර්ථයි. සබ්බොසං යනු කාමඕඝ ආදී සියළුම ඕඝයන්,

පඤ‍්ච කාමගුණෙ සරූපතො දස‍්සෙතුං “රූපා සද‍්දා”තිආදි වුත‍්තං. තත්‍ථ මනොරමාති ලොභනීයට‍්ඨෙන මනං රමයන‍්තීති මනොරමා, මනාපියාති වුත‍්තං හොති. යථාහ “කතමෙ පඤ‍්ච මනාපියා රූපා, මනාපියා සද‍්දා”තිආදි (ම· නි· 3.328 අත්‍ථතො සමානං).

පඤ්චකාම ගුණයන් ස්වරූප වශයෙන් දක්වන්නට රූපා-සද්දා ආදිය කීය. එහි මනොරමා යනු ලොල්බව ඇති කිරීම් වශයෙන් සිත රමණය කරන්නේනුයි මනොරම නම් වේ. මනාපියා කියාද කියා ඇත. යම්සේ ‘කතමෙ පඤ්ච මනාපියා රූපා මනාපියා සද්දා’ යනුවෙන් කියා ඇති බැවිනි.

පිණ‍්ඩපාතමතික‍්කන‍්තොති පිණ‍්ඩපාතග‍්ගහණං අතික‍්කන‍්තො, පිණ‍්ඩපාතග‍්ගහණතො නිවත‍්තෙන‍්තොති අත්‍ථො. එකොති එකාකී අපච‍්ඡාසමණො. අදුතියොති නිත‍්තණ‍්හො. තණ‍්හා හි පුරිසස‍්ස දුතියො නාම. යථාහ “තණ‍්හාදුතියො පුරිසො”ති (ඉතිවු· 15, 105; මහානි· 191). එසතීති පරියෙසති.

පිණ්ඩපාත මතික්කන්තො යනු පිණ්ඩපාත පිලිගැනීම ඉක්මවා, පිණ්ඩපාත ගැනීමෙන් වැලකී යන අර්ථයි. එකො යනු හුදෙකලා, ශ්‍රමණයන් රහිතව, අදුතියො යනු තණ්හාව නැති, තණ්හා යනු පුරුෂයාට දෙවන නමයි. ‘තණ්හා දුතියො පුරිසො’ (තණ්හාව දෙවන පුරුෂයායි.) එසති යනු සොයයි.

විචිනීති එසන‍්තොව තත්‍ථ තත්‍ථ සඞ‍්කාරකූටාදිකෙ පංසුකූලුප‍්පත‍්තිට‍්ඨානෙ විචිනි. අග‍්ගහීති විචිනිත්‍වා අසුචිමක‍්ඛිතම‍්පි අජිගුච‍්ඡන‍්තො ගණ‍්හි. ධොවීති, වික‍්ඛාලෙසි. රජයීති ධොවිත්‍වා ගහිතං සිබ‍්බිත්‍වා කප‍්පියරජනෙන රජයි. ධාරයීති රජිත්‍වා කප‍්පබින්‍දුං දත්‍වා ධාරෙසි, නිවාසෙසි චෙව පාරුපි ච.

විචිනී යනු සොයන්නේ ඒ ඒ තැන්වල කිළිටි ගොඩවල පංශුකූල වස්ත්‍ර තිබෙන තැන්වල සෙවීය. අග්ගහී යනු සොයා අසූචි වැකුණා වූද දේ පිළිකුල් රහිතව ගත්තේය. ධොවී යනු සේදීය. රජයී යනු සෝදාගත් වස්ත්‍ර මසා කැප වූ පාටක් ගන්වන ලදී. ධාරයී යනු වර්ණ ගන්වා කප්බිඳු තබා දැරුවේය. පොරවා ගත්තේය.

ඉදානි පාචීනවංසදායෙ සත්‍ථාරා දින‍්නඔවාදං තස‍්ස ච අත‍්තනා මත්‍ථකප‍්පත‍්තභාවං දීපෙන‍්තො “මහිච‍්ඡො ච අසන‍්තුට‍්ඨො”තිආදිකා ගාථා අභාසි. තත්‍ථ මහිච‍්ඡොති මහතියා පච‍්චයිච‍්ඡාය සමන‍්නාගතො, උළාරුළාරෙ බහූ ච පච‍්චයෙ ඉච‍්ඡන‍්තොති අත්‍ථො. අසන‍්තුට‍්ඨොති නිස‍්සන‍්තුට‍්ඨො, යථාලාභසන‍්තොසාදිනා සන‍්තොසෙන විරහිතො. සංසට‍්ඨොති ගිහීහි චෙව පබ‍්බජිතෙහි ච අනනුලොමිකෙන සංසග‍්ගෙන සංසට‍්ඨො. උද‍්ධතොති උක‍්ඛිත‍්තො. තස‍්සාති “මහිච‍්ඡො”තිආදිනා වුත‍්තපුග‍්ගලස‍්ස. ධම‍්මාති මහිච‍්ඡතා අසන‍්තොසො, සංසට‍්ඨතා වික‍්ඛෙපොති ඊදිසා. ලාමකට‍්ඨෙන පාපකා. සංකිලෙසිකාති තස‍්ස චිත‍්තස‍්ස මලීනභාවකරණතො සංකිලෙසිකා ධම‍්මා හොන‍්ති.

දැන් පාචීනවංසදායෙ ප්‍රාචීන වංසදාය නම් තැන ශාස්තෲන් වහන්සේ විසින් දෙන ලද අවවාද ගැනත් එයින් ද තමාගේ අර්ථසිද්ධිය මස්තකප්‍රාප්ත වීම දක්වමින් මහිච්ඡො ච අසන්තුට්ඨො ආදී ගාථාවන් කීය. එහි මහිච්ඡො යනු මහත් වූ වස්තූන් කැමැති, විශාල විශාල වූ බොහෝ වස්තුන් කැමැති වන්නේ යන අර්ථයි. අසන්තුට්ඨො යනු සතුටු නොවූයේ ලද පමණින් සතුටුවීම ආදී සන්තෝෂයෙන් තොර සංසට්ඨො යනු ගිහියන් සමග හෝ පැවිද්දන් සමග හෝ නුසුදුසු අය ආශ්‍රය කරන්නේ උද්ධතො යනු කලබල වූ සිත් ඇති තස්ස යනු මහිච්ඡ ලොකුවට ප්‍රාර්ථනා කරන්නහුට යනාදී ලෙස කියූ පුද්ගලයාට ධම්මා යනු බොහෝ දේ පැතීමෙන් අසන්තෝෂ වූ ඇසුරු කිරීමෙන් අවුල් සහගත බව ඇතිවීම ආදී ලාමක බැවින් පාපකා පවිටු වූ සංකිලෙසිකා යනු ඔහුගේ සිතේ කිලිටි බව ඇතිකරන හේතුවෙන් කිලිටි ඇතිකරන ධර්මයෝ හොන්ති වෙත්.

සතො ච හොති අප‍්පිච‍්ඡොති යදා පනායං පුග‍්ගලො කල්‍යාණමිත‍්තෙ සෙවන‍්තො භජන‍්තො පයිරුපාසන‍්තො සද‍්ධම‍්මං සුණන‍්තො යොනිසො මනසි කරොන‍්තො සතිමා ච මහිච‍්ඡතං පහාය අප‍්පිච‍්ඡො ච හොති. අසන‍්තොසං පහාය සන‍්තුට‍්ඨො, චිත‍්තස‍්ස විඝාතකරං වික‍්ඛෙපං පහාය අවිඝාතවා අවික‍්ඛිත‍්තො සමාහිතො, ගණසඞ‍්ගණිකං පහාය පවිවෙකරතො, විවෙකාභිරතියා නිබ‍්බිදාය ධම‍්මපීතියා විත‍්තො සුමනො තුට‍්ඨචිත‍්තො, සබ‍්බසො කොසජ‍්ජපහානෙන ආරද‍්ධවීරියො.

සතොච අප්පිච්ඡො යනු යම්කලෙක වනාහි මේ පුද්ගලයා කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්නේ, භජනය කරන්නේ, සේවනය කරන්නේ බණ අසන්නේ සිහිනුවණින් මෙනෙහි කරන්නේ, සිහි ඇත්තේ බොහෝ දේ පැතීම අත්හැර සුළු දෙයක් පතන්නේ වෙයි. අසතුට හැර සන්තුට්ඨො සතුටු වූයේ සිතට පීඩාකරන වික්‍ෂෙපය හැරදමා අවිසාතවා වික්‍ෂිප්ත නොවූයේ, සිත තැන්පත් වූයේ ගණසංගණිකාව අතහැර පවිවෙකරතො යනු විවේකයට ඇති කැමැත්ත නිසා, කලකිරීම පිණිස ඇති වූ ධර්ම ප්‍රීතියෙන් චිත්තො මනාසිත් ඇත්තේ, සතුටු සිත් ඇත්තේ, සියළු ආකාරයේ කුසීතබව නැති කිරීමෙන් ආරද්ධවිරියො අරඹන ලද වීර්ය ඇත්තේ,

තස‍්ස එවං අප‍්පිච‍්ඡතාදිගුණසමන‍්නාගතස‍්ස ඉමෙ සතිපට‍්ඨානාදයො සත‍්තතිංසප‍්පභෙදා තිවිධවිපස‍්සනාසඞ‍්ගහා කොසල‍්ලසම‍්භූතට‍්ඨෙන කුසලා, මග‍්ගපරියාපන‍්නා බොධිපක‍්ඛිකා ධම‍්මා හොන‍්ති. සො තෙහි සමන‍්නාගතො සබ‍්බසො ආසවානං ඛෙපනෙන අග‍්ගමග‍්ගක‍්ඛණතො පට‍්ඨාය අනාසවො ච හොති. ඉති එවං වුත‍්තං මහෙසිනා සම‍්මාසම‍්බුද‍්ධෙන පාචීනවංසදායෙ මහාපුරිසවිතක‍්කෙ මත්‍ථකං පාපනවසෙනාති අධිප‍්පායො.

එකල්හි තස්ස මෙසේ අල්පේච්ඡතාව ආදී ගුණයන්ගෙන් යුක්ත වූවහුට, ඉමෙ මේ සතිපට්ඨාන ආදී තිස්හත් ප්‍රභේදයන් ඇති ත්‍රිවිධ වූ විදර්ශනාව වඩන්නා වූ කුසලත්වය ඇති බැවින් දක්‍ෂ වූ මාර්ගයට පිළිපන් බෝධිපාක්‍ෂික ධම්මාහොන්ති ධර්මයෝ වෙත්. සො හෙතෙම ඒවායින් යුක්ත තැනැත්තා සියළු ආකාරයේ ආසවයන් බහා තැබීමෙන් අග්‍ර වූ මාර්ගය පෑදීමේ පටන් අනාසවොච හොති ආශ්‍රව නැත්තේ වෙයි. මෙසේ වුත්තෙ කී කල්හි මහෙසිනා බුදුන්වහන්සේ විසින් පාචීනවංසදායෙ යනු පාචීන වංසදාය නම් ස්ථානයෙහි මහා පුරුෂ විතර්කයන් මස්තකප්‍රාප්ත වීම් වශයෙන් යන අදහසයි.

මම සඞ‍්කප‍්පමඤ‍්ඤායාති “අපිච‍්ඡස‍්සායං, භික‍්ඛවෙ, ධම‍්මො, නායං ධම‍්මො මහිච‍්ඡස‍්සා”තිආදිනා (අ· නි· 8.30) මහාපුරිසවිතක‍්කවසෙන ආරද‍්ධං, තෙ ච මත්‍ථකං පාපෙතුං අසමත්‍ථභාවෙන ඨිතං මම සඞ‍්කප‍්පං ජානිත්‍වා. මනොමයෙනාති මනොමයෙන විය, මනසා නිම‍්මිතසදිසෙන පරිණාමිතෙනාති අත්‍ථො. ඉද‍්ධියාති “අයං කායො ඉදං චිත‍්තං විය හොතූ”ති එවං පවත‍්තඅධිට‍්ඨානිද‍්ධියා.

මම සංකප්පමඤ්ඤාය යනු මේ ධර්මය අල්පේච්ඡයන් සඳහාය බොහෝ දේ පතන්නවුන් සඳහා නොවේ යනාදී ක්‍රමයෙන් මහාපුරිස විතර්ක වශයෙන් අරඹා මස්තකප්‍රාප්ත කරගන්නට අසමත්ව සිටියා වූ මගේ සිතිවිල්ල දැනගෙන, මනොමයෙන මනසින් නිර්මාණය කරන ලද, වෙනස්වීමෙන් යන අර්ථයි. ඉද්ධියා යනු මේ ශරීරය මේ සිත මෙන් වේවා! යි මෙසේ පැවති අධිෂ්ඨාන ඍද්ධි බලයෙන්,

යදා මෙ අහු සඞ‍්කප‍්පොති යස‍්මිං කාලෙ මය‍්හං “කීදිසො නු ඛො අට‍්ඨමො මහාපුරිසවිතක‍්කො”ති පරිවිතක‍්කො අහොසි. තතො මම සඞ‍්කප‍්පමඤ‍්ඤාය ඉද‍්ධියා උපසඞ‍්කමීති යොජනා. උත‍්තරි දෙසයීති “නිප‍්පපඤ‍්චාරාමස‍්සායං, භික‍්ඛවෙ, ධම‍්මො නිප‍්පපඤ‍්චරතිනො, නායංධම‍්මො පපඤ‍්චාරාමස‍්ස පපඤ‍්චරතිනො”ති (අ· නි· 8.30) ඉමමට‍්ඨමං මහාපුරිසවිතක‍්කං පූරෙන‍්තො උපරි දෙසයි. තං පන දෙසිතං ධම‍්මං දෙසෙන‍්තො ආහ “නිප‍්පපඤ‍්චරතො බුද‍්ධො, නිප‍්පපඤ‍්චමදෙසයී”ති. පපඤ‍්චා නාම රාගාදයො කිලෙසා, තෙසං වූපසමතාය, තදභාවතො ච ලොකුත‍්තරධම‍්මා නිප‍්පපඤ‍්චා නාම. තස‍්මිං නිප‍්පපඤ‍්චෙ රතො අභිරතො සම‍්මාසම‍්බුද‍්ධො යථා තං පාපුණාමි, තථා තාදිසං ධම‍්මං අදෙසයි, සාමුක‍්කංසිකං චතුසච‍්චධම‍්මදෙසනං පකාසයීති අත්‍ථො.

යදා මෙ අහු සංකප්පො යනු යම්කලෙක මගේ අටවැනි මහාපුරිස විතර්කය කෙබඳුවේද යන්න විතර්කය විය. තතො මම සංකප්පමඤ්ඤාය ඉද්ධියා උපසංකමි එයින් මගේ සංකල්පය දැනගෙන ඍද්ධියෙන් පැමිණියේය යයි යෙදීම වේ. උත්තරිදෙසයී යනු මේ ධර්මය ප්‍රපඤ්ච රහිතයන්ටය. ප්‍රපඤ්චයෙහි ඇලුනවුනට නොවේ. මේ අටවැනි මහාපුරිස විතර්කය පුරන්නේ මතු දේශනා කළේය. ඒ දේශිත ධර්මය දක්වන්නේ මෙසේ කීය. නිෂ්ප්‍රපඤ්චයෙහි ඇලුනා වූ බුදුරජාණන් වහන්සේ නිෂ්ප්‍රපඤ්ච දේශනා කරයි. ප්‍රපඤ්චය යනු රාගාදී කෙලෙස්ය. ඒවා සංසිඳවීම සඳහා, ඒවා නොමැති බැවින් ලෝකෝත්තර ධර්මයන් නිෂ්ප්‍රපඤ්ච නම් වේ. ඒ නිෂ්ප්‍රපඤ්චයෙහි යෙදුනා වූ ඇලුනා වූ භාග්‍යවතුන් වහන්සේ යම්සේ මට එය ලබාගත හැකිවේද එබඳු ධර්මයක් දේශනා කළේය. සාමුක්කංසික චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාව පවත්වන්නේයැයි යන අර්ථයි.

තස‍්සාහං ධම‍්මමඤ‍්ඤායාති තස‍්සා සත්‍ථු දෙසනාය ධම‍්මං ජානිත්‍වා යථානුසිට‍්ඨං පටිපජ‍්ජන‍්තො විහාසිං සික‍්ඛත‍්තයසඞ‍්ගහෙ සාසනෙ රතො අභිරතො හුත්‍වාති අත්‍ථො.

තස්සාහං ධම්ම මඤ්ඤාය යනු ඒ ශාස්තෲන් වහන්සේගේ ධර්මය අසා නියමාකාරයෙන් පිළිපදින්නේ වාසය කළේය. ත්‍රිශික්‍ෂාවල එකතුවක් වූ සාසනෙ සසුනෙහි රතො ඇලුනේ ආශා ඇත්තේ වී යන අර්ථයි.

සත්‍ථාරා අත‍්තනො සමාගමං තෙන සාධිතමත්‍ථං දස‍්සෙත්‍වා ඉදානි අත‍්තනො පබ‍්බජිතකාලතො පට‍්ඨාය ආරද‍්ධවීරියතං, කායෙ අනපෙක‍්ඛතාය සෙය්‍යසුඛපස‍්සසුඛානං පරිච‍්චාගං, අප‍්පමිද‍්ධකාලතො පට‍්ඨාය ආරද‍්ධවීරියතඤ‍්ච දස‍්සෙන‍්තො “පඤ‍්චපඤ‍්ඤාසවස‍්සානී”ති ගාථමාහ. තත්‍ථ යතො නෙසජ‍්ජිකො අහන‍්ති යතො පට‍්ඨාය “යොගානුකූලතා කම‍්මට‍්ඨානපරියුට‍්ඨිතසප‍්පුරිසචරියා සල‍්ලෙඛවුත‍්තී”ති එවමාදිගුණෙ දිස‍්වා නෙසජ‍්ජිකො අහොසිං තානි පඤ‍්චපඤ‍්ඤාස වස‍්සානි. යතො මිද‍්ධං සමූහතන‍්ති යතො පට‍්ඨාය මයා නිද‍්දා පරිච‍්චත‍්තා තානි පඤ‍්චවීසතිවස‍්සානි. “ථෙරස‍්ස පඤ‍්චපඤ‍්ඤාසාය වස‍්සෙසු නෙසජ‍්ජිකස‍්ස සතො ආදිතො පඤ‍්චවීසතිවස‍්සානි නිද‍්දා නාහොසි, තතො පරං සරීරකිලමථෙන පච‍්ඡිමයාමෙ නිද‍්දා අහොසී”ති වදන‍්ති.

ශාස්තෲන් වහන්සේ සමග තමන්ගේ මුනගැසීමත් එයින් සිදුවූ යහපතත් දක්වා දැන් තමාගේ පැවිදි කාලයේ පටන් අරඹන ලද වීර්ය ඇති කයෙහි අපේක්‍ෂාවක් නැති බැවින් සැතපීමේ සැපය, ස්පර්ශයේ සැපය පරිත්‍යාග කිරීමට උත්සාහවන්ත බව ඇති වූ කාලයේ පටන් අරඹන ලද වී ඇති බව දක්වන්නේ පඤ්චනපඤ්ඤාස වස්සානි (පනස්පස් වර්ෂයක්) යනාදී ගාථාව කීය. එහි යතො නෙසජ්ජිකො අහං යනු යමක පටන් යෝග අනුකූලතාවය හා කමටහන් මගින් ඇතිවූ සත්පුරුෂ චර්යාවනුත්, සැහැල්ලු පැවැත්මත් ආදී වූ ගුණයන් දැක පනස්පස් වර්ෂයක් නෙසජ්ජික ධුතංගධරයෙක් වීමි. යතො මිද්ධං සමූහතං යනු යමක පටන් මා විසින් නිදිවර්ජිතව විසිපස් අවුරුද්දක් ගතවිය. තෙරුන්ට පනස්පස් අවුරුද්දක් නෙසජ්ජික අංගය සමාදන් වී සිටීමට පෙරාතුව විසිපස් වර්ෂයක් නින්ද නැතිවිය. ඊට පසුව ශරීරයට වෙහෙස දැනීමෙන් පශ්චිම යාමයේදී නින්ද ගියේයැයි කියත්.

“නාහු අස‍්සාසපස‍්සාසා” තිආදිකා තිස‍්සො ගාථා සත්‍ථු පරිනිබ‍්බානකාලෙ භික‍්ඛූහි “කිං භගවා පරිනිබ‍්බුතො”ති පුට‍්ඨො පරිනිබ‍්බානභාවං පවෙදෙන‍්තො ආහ. තත්‍ථ නාහු අස‍්සාසපස‍්සාසා, ඨිතචිත‍්තස‍්ස තාදිනොති අනුලොමපටිලොමතො අනෙකාකාරවොකාරා සබ‍්බා සමාපත‍්තියො සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨාය සබ‍්බපච‍්ඡා චතුත්‍ථජ‍්ඣානෙ ඨිතචිත‍්තස‍්ස තාදිනො බුද‍්ධස‍්ස භගවතො අස‍්සාසපස‍්සාසා නාහු නාහෙසුන‍්ති අත්‍ථො. එතෙන යස‍්මා චතුත්‍ථජ‍්ඣානං සමාපන‍්නස‍්ස කායසඞ‍්ඛාරා නිරුජ‍්ඣන‍්ති. කායසඞ‍්ඛාරාති ච අස‍්සාසපස‍්සාසා වුච‍්චන‍්ති, තස‍්මා චතුත්‍ථජ‍්ඣානක‍්ඛණතො පට‍්ඨාය අස‍්සාසපස‍්සාසා නාහෙසුන‍්ති දස‍්සෙති. තණ‍්හාසඞ‍්ඛාතාය එජාය අභාවතො අනෙජො, සමාධිස‍්මිං ඨිතත‍්තා වා අනෙජො. සන‍්තිමාරබ‍්භාති අනුපාදිසෙසං නිබ‍්බානං ආරබ‍්භ පටිච‍්ච සන්‍ධාය. චක‍්ඛුමාති පඤ‍්චහි චක‍්ඛූහි චක‍්ඛුමා. පරිනිබ‍්බුතොති පරිනිබ‍්බායි. අයඤ‍්හෙත්‍ථ අත්‍ථො – නිබ‍්බානාරම‍්මණචතුත්‍ථජ‍්ඣානඵලසමාපත‍්තිං සමාපජ‍්ජිත්‍වා තදනන‍්තරමෙව අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා පරිනිබ‍්බුතොති.

නාහු අස්සාස පස්සාසා යනු මුල් ගාථා තුන බුදුන් පිරිනිවි කල්හි භික්‍ෂූන් විසින් භාග්‍යවතුන් වහන්සේ කිම පිරිනිවන් පෑ සේක්දැයි විචාරණ ලද්දේ පිරිනිවන්පෑ බව දන්වමින් කීය. එහි නාහු අස්සාස පස්සාසා ඨිතචිත්තස්ස තාදිනො යනු අනුලොම ප්‍රතිලෝම වශයෙන් අනේකාකාරයෙන් සියළු සමාපත්තීන්ට සමවැද ඉන් නැගිට සියල්ලට පසුව චතුර්ථ ධ්‍යානයෙහි සිටියා වූ සිත් ඇති තාදී ගුණ ඇති භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ආශ්වාස ප්‍රශ්වාසයෝ නොවූහ යන අර්ථයි. මෙයින් යම්හෙයකින් චතුර්ථ ධ්‍යානයට සමවැදුනු ඇත්තාගේ කාය සංඛාරයෝ නිරුද්ධ වෙත්. කාය සංඛාර යනු ආශ්වාස ප්‍රශ්වාසයන්ය. ඒ නිසා චතුර්ථ ධ්‍යානයට සමවැදුනු ක්‍ෂණයෙහි පටන් ආශ්වාස ප්‍රශ්වාස නොවූයේයැයි දක්වයි. එජා (තද ආශාව) සංඛ්‍යාත තණ්හාවෙන් තොර බැවින් අනෙජො අනෙජ නම් වේ. සමාධියෙහි පිහිටි බැවින් අනෙජො සන්තිමොරබ්හ යනු නිවන අරමුණු කොට චක්‍ඛුමා යනු ඇස් පසක් ඇති බැවින් චක්‍ඛුමා නම් වේ. පරිනිබ්බුතො යනු පිරිනිවන් පෑවේය. මේ වනාහි මෙහි අර්ථයි. නිර්වාණය අරමුණු කරගෙන චතුර්ථ ධ්‍යාන ඵල සමාපත්තියට සමවැද තදනන්තරවම අනුපාදිසෙස නිබ්බාණ ධාතුවෙන් පිරිනිවන් පෑවේය.

අසල‍්ලීනෙනාති අලීනෙන අසංකුටිතෙන සුවිකසිතෙනෙව චිත‍්තෙන. වෙදනං අජ‍්ඣවාසයීති සතො සම‍්පජානො හුත්‍වා මාරණන‍්තිකං වෙදනං අධිවාසෙසි, න වෙදනානුවත‍්තී හුත්‍වා ඉතො චිතො ච සම‍්පරිවත‍්ති. පජ‍්ජොතස‍්සෙව නිබ‍්බානං, විමොක‍්ඛො චෙතසො අහූති යථා තෙලඤ‍්ච පටිච‍්ච, වට‍්ටිඤ‍්ච පටිච‍්ච පජ‍්ජලන‍්තො පජ‍්ජොතො පදීපො තෙසං පරික‍්ඛයෙ නිබ‍්බායති. නිබ‍්බුතො ච කත්‍ථචි ගන‍්ත්‍වා න තිට‍්ඨති, අඤ‍්ඤදත්‍ථු අන‍්තරධායති, අදස‍්සනමෙව ගච‍්ඡති; එවං කිලෙසාභිසඞ‍්ඛාරෙ නිස‍්සාය පවත‍්තමානො ඛන්‍ධසන‍්තානො තෙසං පරික‍්ඛයෙ නිබ‍්බායති, නිබ‍්බුතො ච කත්‍ථචි ගන‍්ත්‍වා න තිට‍්ඨති, අඤ‍්ඤදත්‍ථු අන‍්තරධායති, අදස‍්සනමෙව ගච‍්ඡතීති දස‍්සෙති. තෙන වුත‍්තං “නිබ‍්බන‍්ති ධීරා යථායං පදීපො”ති (ඛු· පා· 6.15), “අච‍්චී යථා වාතවෙගෙන ඛිත‍්තා”ති (සු· නි· 1080) ච ආදි.

අසල්ලීනෙන යනු නොසැඟවුණු, විකසිත වූම සිතෙන් චිත්තෙන වෙදනං අජ්ඣවාසයී යනු සිහිකල්පනා ඇත්තේ වී මරණ වේදනාව ඉවසා වදාළේය. එසේ නැතිව වේදනාවෙන් පීඩිතව එහෙ මෙහෙ පෙරළුනේ නැත. පජ්ජොතස්සෙව නිබ්බානං විමොක්‍ඛො චෙතසො අහූ යනු යම්සේ තෙල්ද පහන්වැටියද හේතුකොටගෙන බබලන්නා වූ, දිලෙන්නා වූ ප්‍රදීපය ඒවා අවසන් වූ විට නිවීයයි. නිවුනේද කිසිතැනක ගොස් නොසිටියි. ස්ථිරවම අතුරුදන් වෙයි. නොපෙනී යයි. මෙසේ ක්ලේශ අභිසංඛාර නිසා පවත්නා වූ ස්කන්ධ සමූහය ඒවායේ ක්‍ෂය වීමෙන් නිවී යයි. නිවුනේද කිසිතැනකට ගොස් නොසිටී. ස්ථිරවම අතුරුදන් වෙයි. නොපෙනී යයි කියා දක්වයි. ඒ නිසා කියන ලදී. ‘පණ්ඩිතයෝ මේ පහන මෙන් නිවී යත්. සුළං වේගයෙන් සැලෙන ගිනි දැල්ල මෙන්, ආදිය මෙනි.

එතෙති පරිනිබ‍්බානක‍්ඛණෙ සත්‍ථු සන‍්තානෙ පවත‍්තමානානං ධම‍්මානං අත‍්තනො පච‍්චක‍්ඛතාය වුත‍්තං. පච‍්ඡිමකා තතො පරං චිත‍්තුප‍්පාදාභාවතො. දානීති එතරහි. ඵස‍්සපඤ‍්චමාති ඵස‍්සපඤ‍්චමකානං ධම‍්මානං පාකටභාවතො වුත‍්තං. තථා හි චිත‍්තුප‍්පාදකථායම‍්පි ඵස‍්සපඤ‍්චමකාව ආදිතො වුත‍්තා. අඤ‍්ඤෙ ධම‍්මාති සහ නිස‍්සයෙන අඤ‍්ඤෙ චිත‍්තචෙතසිකා ධම‍්මා, න පරිනිබ‍්බානචිත‍්තචෙතසිකා. නනු තෙපි න භවිස‍්සන‍්තෙවාති? සච‍්චං න භවිස‍්සන‍්ති, ආසඞ‍්කාභාවතො පන තෙ සන්‍ධාය “න භවිස‍්සන‍්තී”ති න වත‍්තබ‍්බමෙව. “ඉතරෙ පන සෙක‍්ඛපුථුජ‍්ජනානං විය භවිස‍්සන‍්ති නු ඛො”ති සියා ආසඞ‍්කාති තදාසඞ‍්කානිවත‍්තනත්‍ථං “නාඤ‍්ඤෙ ධම‍්මා භවිස‍්සන‍්තී”ති වුත‍්තං.

එතෙ යනු පිරිනිවන්පානා මොහොතෙහි ශාස්තෲන් වහන්සේගේ සන්තානයෙහි පවතින්නා වූ ස්වභාවයන් තමන්ගේ ප්‍රත්‍යක්‍ෂභාවයෙන් කියන ලද පශ්චිම කාලයේ පසුව සිත් පහළවීම නොවන බැවින්ය. දානි යනු දැන්. ඵස්සපඤ්චමා යනු ස්පර්ශය පස්වෙනිකොට ඇති ධර්මයන්ගේ ප්‍රකට බැවින් කියන ලදී. එසේම චිත්තුප්පාද කථාවෙහිද ස්පර්ශය පස්වෙනිකොට ඇතිබව කලින්ම කියන ලදී. අඤ්ඤෙධම්මා යනු නිස්සය සහිත අන්‍ය චිත්ත චෛතසික ධර්මයෝ - පිරිනිවන්පෑම හා සම්බන්ධ චිත්ත චෛතසිකයන් නොවේ. කිම නොවන්නේද? සත්‍ය වශයෙන් නොවෙත්. සැක රහිත බැවින් ඔවුන් සඳහා නොවන්නේ යැයි නොකිය යුතුයි. අනිත් අය වනාහි සේක පුථුජ්ජනයන්ට මෙන් වන්නේ නොවේදැයි සැක කරයි. එබඳු සැකයක් ඇතිවීම වැලැක්වීම සඳහා අනිත් ධර්මයෝ නොවෙත්යැයි කියන ලදී.

නත්‍ථි දානි පුනාවාසො, දෙවකායස‍්මි ජාලිනීති, එත්‍ථ ජාලිනීති දෙවතං ආලපති, දෙවතෙ දෙවකායස‍්මිං දෙවසමූහෙ උපපජ‍්ජනවසෙන පුන ආවාසො ආවසනං ඉදානි මය‍්හං නත්‍ථීති අත්‍ථො. තත්‍ථ කාරණමාහ “වික‍්ඛීණො”තිආදිනා. සා කිර දෙවතා පුරිමත‍්තභාවෙ ථෙරස‍්ස පාදපරිචාරිකා, තස‍්මා ඉදානි ථෙරං ජිණ‍්ණං වුද‍්ධං දිස‍්වා පුරිමසිනෙහෙන ආගන‍්ත්‍වා “තත්‍ථ චිත‍්තං පණිධෙහි, යත්‍ථ තෙ වුසිතං පුරෙ”ති දෙවූපපත‍්තිං යාචි. අථ “දානි නත්‍ථී”තිආදිනා ථෙරො තස‍්සා පටිවචනං අදාසි. තං සුත්‍වා දෙවතා විහතාසා තත්‍ථෙවන‍්තරධායි.

නත්‍ථිදානි පුනාවාසො දෙවකායස්මිං ජාලිනී යනු මෙහිදී ‘ජාලිනී’ යන නමින් දේවතාවිය අමතයි. දේව ආත්මභාවයෙහි දේව සමූහයා අතර පහළවීම් වශයෙන් දැන් මට මෙහි වාසයක් නැත යන අර්ථයි. එයට කරුණු කීය. ‘වික්‍ඛීණො’ ආදි වශයෙනි. ඒ දෙව්දුව වනාහි පෙර ආත්මභාවයේ තෙරුන් වහන්සේගේ ඇප උපස්ථාන කරන්නිය විය. ඒ නිසා දැන් තෙරුන් වහන්සේ දිරාපත් වී වයසට පත්ව සිටිනු දැක පැරණි හිතවත්කමින් ඇවිත් ‘යම්තැනක ඔබ පෙර වාසය කළේද’ එහි සිත පිහිටුවන්න කියා දේව ආත්මයක ඉපදීමට ඉල්ලා සිටියේය. ‘ඉක්බිති දැන් නැත’ යනාදියෙන් තෙරුන් වහන්සේ ඇයට පිළිතුරු දුන්නේය. ඒ අසා දෙව්දුව බලාපොරොත්තු රහිත වූවා එහි අතුරුදහන් වූවාය.

අථ ථෙරො වෙහාසං අබ‍්භුග‍්ගන‍්ත්‍වා අත‍්තනො ආනුභාවං සබ්‍රහ‍්මචාරීනං පකාසෙන‍්තො “යස‍්ස මුහුත‍්තෙනා”ති ගාථමාහ. තස‍්සත්‍ථො – යස‍්ස ඛීණාසවභික‍්ඛුනො මුහුත‍්තමත‍්තෙන එව සහස‍්සධා සහස‍්සප‍්පකාරො තිසහස‍්සිමහාසහස‍්සිපභෙදො, ලොකො සබ්‍රහ‍්මකප‍්පො සහබ්‍රහ‍්මලොකො, සංවිදිතො සම‍්මදෙව විදිතො ඤාතො පච‍්චක‍්ඛං කතො, එවං ඉද‍්ධිගුණෙ ඉද‍්ධිසම‍්පදාය චුතූපපාතෙ ච වසීභාවප‍්පත‍්තො සො භික‍්ඛු උපගතකාලෙ දෙවතා පස‍්සති, න තස‍්ස දෙවතානං දස‍්සනෙ පරිහානීති. ථෙරෙන කිර ජාලිනියා දෙවතාය පටිවචනදානවසෙන “නත්‍ථි දානී”ති ගාථාය වුත‍්තාය භික‍්ඛූ ජාලිනිං අපස‍්සන‍්තා “කිං නු ඛො ථෙරො ධම‍්මාලපනවසෙන කිඤ‍්චි ආලපතී”ති චින‍්තෙසුං. තෙසං චිත‍්තාචාරං ඤත්‍වා ථෙරො “යස‍්ස මුහුත‍්තෙනා”ති ඉමං ගාථමාහ.

ඉක්බිති තෙරුන් වහන්සේ අහසට පැන නැගී තමන්ගේ ආනුභාවය සබ්‍රහ්මචාරීන් වහන්සේලාට ප්‍රකාශ කරන්නේ ‘යස්ස මුහුත්තෙ’ (යමෙකුට මොහොතින්) යන ගාථාව ප්‍රකාශ කළේය. එහි අර්ථය නම් යස්ස යම් ඒ ක්‍ෂීණාශ්‍රව භික්‍ෂුවකට මොහොතක් පමණකින්ම. සහස්සධා සහශ්‍ර ආකාරයකින්, ති සහශ්‍රයක්, මහා සහශ්‍රයක් ප්‍රභේදයෝ ලොකො සබ්‍රහ්මකප්පො යනු බඹලොව සහිත සංවිදිතො මනාව දැනගෙන, ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දැනගත්තේ මෙසේ ඉද්ධිගුණෙ ඍද්ධි ගුණයෙන් චුතූපපාතෙච වසී චුතූපපාත ඤාණයෙහි වසීප්‍රාප්ත වූයේ ඒ භික්‍ෂුව එළඹි කල් ඇතිකල්හි දෙවතා පස්සති ඔහුට දෙවියන් දැකීමේ ශක්තිය පිරිහීමක් නොවේ යනුයි. තෙරුන් වහන්සේ විසින් වනාහි ජාලිනී දෙව්දුවට පිළිතුරු වදන් දීම් වශයෙන් නත්‍ථිදානි (දැන් නැත) යනාදී ගාථාවෙන් කියූ කල්හි භික්‍ෂූන් වහන්සේලා ජාලිනී දේවතාවිය නොදැක කිම! තෙරුන් වහන්සේ වනාහි බණකීම් වශයෙන් යමක් ප්‍රකාශ කරන්නේ යැයි සිතූහ. ඒ භික්‍ෂූන්ගේ සිතිවිල්ල දැනගෙන තෙරුන් වහන්සේ ‘යස්ස මුහුත්තෙන’ (යමකුට මොහොතකින්) යන ගාථාව කීය.

අන‍්නභාරො පුරෙති එවංනාමො පුරිමත‍්තභාවෙ. ඝාසහාරකොති ඝාසමත‍්තස‍්ස අත්‍ථාය භත‍්තිං කත්‍වා ජීවනකො. සමණන‍්ති සමිතපාපං. පටිපාදෙසින‍්ති පටිමුඛො හුත්‍වා පාදාසිං, පසාදෙන අභිමුඛො හුත්‍වා ආහාරදානං අදාසින‍්ති අධිප‍්පායො. උපරිට‍්ඨන‍්ති එවංනාමකං පච‍්චෙකබුද‍්ධං. යසස‍්සිනන‍්ති කිත‍්තිමන‍්තං පත්‍ථටයසං. ඉමාය ගාථාය යාව චරිමත‍්තභාවා උළාරසම‍්පත‍්තිහෙතුභූතං අත‍්තනො පුබ‍්බකම‍්මං දස‍්සෙති. තෙනාහ “සොම‍්හි සක්‍යකුලෙ ජාතො”තිආදි.

අන්නභාරො මෙනම් ඇති. පෙර ආත්මභාවයෙහි සාසහාරකො ආහාරය සොයාගැනීම සඳහා බැලමෙහෙ කොට ජීවත්වන. සමණ යනු නසන ලද පව් ඇති. පටිපාදෙසිං ඉදිරියට ගොස් පූජා කළෙමි. පැහැදීමෙන් ඉදිරියට ගොස් ආහාර දානය දුන්නේය යන අදහසයි. උපරිට්ඨං මෙබඳු නමක් ඇති පසේ බුදුවරයන් වහන්සේ. යසස්සිනං යනු කීර්තිමත් වූ, පැතුරුණා වූ යසස් ඇති. මේ ගාථාවෙන් තමාගේ අවසාන ආත්මභාවයේ මහත් වූ සැපසම්පත් ලැබීමට හේතුකාරණා වූ තමාගේ පෙර කර්මය දක්වයි. ඒ නිසා ‘සොමහි සක්‍යකුලෙ ජාතො’ (ඒ මම සාක්‍ය කුලයෙහි උපන්නේ) යනාදී ගාථාව කීය.

ඉතො සත‍්තාති ඉතො මනුස‍්සලොකතො චවිත්‍වා දෙවලොකෙ දිබ‍්බෙන ආධිපච‍්චෙන සත‍්ත. තතො සත‍්තාති තතො දෙවලොකතො චවිත්‍වා මනුස‍්සලොකෙ චක‍්කවත‍්තිභාවෙන සත‍්ත. සංසාරානි චතුද‍්දසාති චතුද‍්දස භවන‍්තරසංසරණානි. නිවාසමභිජානිස‍්සන‍්ති පුබ‍්බෙනිවාසං අඤ‍්ඤාසිං. දෙවලොකෙ ඨිතො තදාති තඤ‍්ච ඛො න ඉමස‍්මිංයෙව අත‍්තභාවෙ, අපි ච ඛො යදා ඉතො අනන‍්තරාතීතෙ අත‍්තභාවෙ දෙවලොකෙ ඨිතො, තදා අඤ‍්ඤාසින‍්ති අත්‍ථො.

ඉතො සත්තා යනු මේ මිනිස්ලොවින් චුතව දෙව්ලොව දිව්‍යමය ආධිපත්‍යය ඇතිව, තතො සත්ත යනු ඒ දෙව්ලොවින් චුතව මිනිස්ලොව චක්‍රවර්ති වී, සංසරානි චතුද්දසා යනු ආත්මභාව දාහතරක් ගතකිරීමෙන්, නිවාසම්හි ජානිස්ස යනු පෙර විසූ ජීවිතය දැනගත්තෙමි. දෙවලොකෙට්ඨිතො තදා යනු එයද මේ ආත්මභාවයේදීම නොවේ. ඉක්බිති යම්විටක මෙයින් කලින් ආත්මභාවයකදී දෙව්ලොව සිටි බව දැනගත්තෙමි යනුයි.

ඉදානි අත‍්තනා දිබ‍්බචක‍්ඛුඤාණචුතූපපාතඤාණානං අධිගතාකාරං දස‍්සෙන‍්තො “පඤ‍්චඞ‍්ගිකෙ”තිආදිනා ද‍්වෙ ගාථා අභාසි. තත්‍ථ පඤ‍්චඞ‍්ගිකෙ සමාධිම‍්හීති අභිඤ‍්ඤාපාදකචතුත්‍ථජ‍්ඣානසමාධිම‍්හි. සො හි පීතිඵරණතා, සුඛඵරණතා, චෙතොඵරණතා, ආලොකඵරණතා , පච‍්චවෙක‍්ඛණනිමිත‍්තන‍්ති ඉමෙහි පඤ‍්චහි අඞ‍්ගෙහි සමන‍්නාගතත‍්තා පඤ‍්චඞ‍්ගිකො සමාධීති වුච‍්චති. සන‍්තෙති පටිපක‍්ඛවූපසමෙන අඞ‍්ගසන‍්තතාය ච සන‍්තෙ. එකොදිභාවිතෙති එකොදිභාවගතෙ, සුචිණ‍්ණෙ වසීභාවප‍්පත‍්තෙති අත්‍ථො. පටිප‍්පස‍්සද‍්ධිලද‍්ධම‍්හීති කිලෙසානං පටිප‍්පස‍්සද‍්ධියා ලද‍්ධෙ. දිබ‍්බචක‍්ඛු විසුජ‍්ඣි මෙති එවංවිධෙ සමාධිම‍්හි සම‍්පාදිතෙ මය‍්හං දිබ‍්බචක‍්ඛුඤාණං විසුජ‍්ඣි, එකාදසහි උපක‍්කිලෙසෙහි විමුත‍්තියා විසුද‍්ධං අහොසි.

දැන් තමා විසින් දිවැස හා චුතූපපාත ඥානය අවබෝධ කරගත් ආකාරය දක්වන්නේ ‘පඤ්චංගිකෙ’ ආදී ගාථා දෙක ප්‍රකාශ කළේය. එහි පඤ්චංගිකෙ සමාධිම්හි යනු අභිඤ්ඤා පාදකොට ඇති චතුර්ථ ධ්‍යාන සමාධියෙහි, ඔහු වනාහි ප්‍රීතිය පැතිරිම, සැපය පැතිරිම, සිත පැතිරීම, ආලෝකය පැතිරිම, ප්‍රත්‍යවෙක්‍ෂා කිරීම, නිමිත්ත යන මේ අංග පසකින් යුක්ත බැවින් පඤ්චංගිකො සමාධි අංග පසකින් යුත් සමාධිය යැයි කියනු ලැබේ. සන්තෙ යනු විරුද්ධ දේවල් සංසිඳීමෙන්, අඟපසඟවල ශාන්ත බව ද ඇතිවූ කල්හි එකොදිභාවිතෙ යනු එක්තැන් වූ පිරිසිදු, වසඟයට පත් යයි අර්ථ ගතයුතුයි. පටිප්පස්සද්ධිලද්ධම්හි යනු කෙලෙසුන් සම්පූර්ණයෙන් යටපත් කිරීමෙන් ලැබූ දිබ්බචක්‍ඛුවිසුජ්ඣිමෙ යනු මේ ආකාර සමාධියක් ඇති කල්හි මගේ දිව ඇස් නුවණ පිළිබඳ විශුද්ධිය ඇතිවූ උපක්ලේශයන් එකොලසකින් මිදීම හේතුකොටගෙන පිරිසිදු විය.

චුතූපපාතං ජානාමීති සත‍්තානං චුතිඤ‍්ච උපපත‍්තිඤ‍්ච ජානාමි, ජානන‍්තො ච “ඉමෙ සත‍්තා අමුම‍්හා ලොකම‍්හා ආගන‍්ත්‍වා ඉධූපපන‍්නා, ඉමම‍්හා ච ලොකා ගන‍්ත්‍වා අමුම‍්හි ලොකෙ උපපජ‍්ජිස‍්සන‍්තී”ති සත‍්තානං ආගතිං ගතිඤ‍්ච ජානාමි, ජානන‍්තො එව ච නෙසං ඉත්‍ථභාවං මනුස‍්සභාවං තතො අඤ‍්ඤථාභාවං අඤ‍්ඤථාතිරච‍්ඡානභාවඤ‍්ච උපපත‍්තිතො පුරෙතරමෙව ජානාමි. තයිදං සබ‍්බම‍්පි පඤ‍්චඞ‍්ගිකෙ සමාධිම‍්හි සම‍්පාදිතෙ එවාති දස‍්සෙන‍්තො ආහ “ඣානෙ පඤ‍්චඞ‍්ගිකෙ ඨිතො”ති. තත්‍ථ පඤ‍්චඞ‍්ගිකෙ ඣානෙ ඨිතො පතිට‍්ඨිතො හුත්‍වා එවං ජානාමීති අත්‍ථො.

චුතූපපාතං ජානාමි යනු සත්ත්වයන්ගේ චුතවීමද උපතද දනිමි. එසේ දන්නෙම් ‘මේ සත්ත්වයෝ අසවල් ලෝකයෙන අවුත් මෙහි උපන්හ. මෙලොවින් ගොස් අසවල් ලෝකයෙහි උපදිත් යනාදි ලෙස සත්තානං ආගතිං ගතිඤ්ච සත්ත්වයන්ගේ ඒමද යාමද දනිමි. දන්නේ පමණක් නොව නෙසං ඔවුන්ට ඉත්‍ථභාවං මිනිසත්බව, අඤ්ඤථාභාවං එයින් අමතර තිරිසන් ගති ආදියද ඉපදීමට කල් ඇතිවම දනිමි. මේ සියල්ල පස්වැදෑරුම් සමාධියෙහි අඩංගු වන්නේ යැයි දක්වමින් ‘ඣානෙ පඤ්චංගිකෙ ඨිතො’ (පස් වැදෑරුම් ධ්‍යනයෙහි පිහිටි) යැයි කීය. එහි පඤ්චංගිකෙ ඣානෙ ඨිතො යනු පස්ආකාර ධ්‍යානයෙහි පිහිටා මෙසේ දනිමියි යන අර්ථයි.

එවං විජ‍්ජාත‍්තයං දස‍්සෙත්‍වා තප‍්පසඞ‍්ගෙන පුබ‍්බෙ දස‍්සිතම‍්පි තතියවිජ‍්ජං සහ කිච‍්චනිප‍්ඵත‍්තියා දස‍්සෙන‍්තො “පරිචිණ‍්ණො මයා සත්‍ථා”තිආදිනා ගාථාද‍්වයමාහ. තත්‍ථ වජ‍්ජීනං වෙළුවගාමෙති වජ‍්ජිරට‍්ඨස‍්ස වෙළුවගාමෙ, වජ‍්ජිරට‍්ඨෙ යත්‍ථ පච‍්ඡිමවස‍්සං උපගච‍්ඡි වෙළුවගාමෙ. හෙට‍්ඨතො වෙළුගුම‍්බස‍්මින‍්ති තත්‍ථ අඤ‍්ඤතරස‍්ස වෙළුගුම‍්බස‍්ස හෙට‍්ඨා. නිබ‍්බායිස‍්සන‍්ති නිබ‍්බායිස‍්සාමි, අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා පරිනිබ‍්බායිස‍්සාමීති අත්‍ථො.

මෙසේ ත්‍රිවිද්‍යාවන් දක්වා ඒ සමග පෙර දක්වන ලද ත්‍රිවිද්‍යාවන් සමග කෘත්‍යයන් හටගැනීම දක්වමින් ‘පරිචිණ්ණො මයා සත්‍ථා’ ආදී ගාථා දෙක කියන ලදී. එහි වජ්ජිනං වෙළුවගාමෙ වජ්ජිරට වේලුව නම් ගමෙහි යම්තැනක වජ්ජි රටේ වේව ගමේ අවසන් වස විසූසේක්ද එහි හෙට්ඨතො වෙළුගුම්බස්මිං යනු එහි එක් උණපඳුරක් යට, නිබ්බායිස්සන්ති නිවෙන්නෙමි අනුපාදිසෙස නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාන්නෙමි යන අර්ථයි.

අනුරුද‍්ධත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

අනුරුද්ධ ථේර ගාථා වර්ණනාව නිමියේය.