අඞ්ගුලිමාලත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
අඞ්ගුලිමාලත්ථෙරගාථාවණ්ණනා
අඞ්ගුලිමාල ස්ථවිරගාථා වර්ණනාව
ගච්ඡං වදෙසීතිආදිකා ආයස්මතො අඞ්ගුලිමාලත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයං කුසලං උපචිනිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං කොසලරඤ්ඤො පුරොහිතස්ස භග්ගවස්ස නාම බ්රාහ්මණස්ස පුත්තො හුත්වා නිබ්බත්ති. තස්ස ජාතදිවසෙ සකලනගරෙ ආවුධානි පජ්ජලිංසු, රඤ්ඤො ච මඞ්ගලාවුධං සයනපීඨෙ ඨපිතං පජ්ජලි, තං දිස්වා රාජා භීතො සංවිග්ගො නිද්දං න ලභි. පුරොහිතො තායං වෙලායං නක්ඛත්තයොගං උල්ලොකෙන්තො “චොරනක්ඛත්තෙන ජාතො”ති සන්නිට්ඨානමකාසි. සො විභාතාය රත්තියා රඤ්ඤො සන්තිකං ගතො සුඛසෙය්යං පුච්ඡි. රාජා “කුතො, ආචරිය, සුඛසෙය්යං, රත්තියං මය්හං මඞ්ගලාවුධං පජ්ජලි, තස්ස කො නු ඛො විපාකො භවිස්සතී”ති? “මා භායි, මහාරාජ, මය්හං ඝරෙ දාරකො ජාතො. තස්ස ආනුභාවෙන සකලනගරෙපි ආවුධානි පජ්ජලිංසූ”ති. “කිං භවිස්සති, ආචරියා”ති? “දාරකො චොරො භවිස්සතී”ති. “කිං එකචාරී චොරො, උදාහු ගණජෙට්ඨකො”ති? “එකචාරිකො, දෙව”. “කිං නං මාරෙමා”ති? “එකචාරිකො චෙ, පටිජග්ගථ තාව න”න්ති ආහ. තස්ස නාමං කරොන්තා යස්මා ජායමානො රඤ්ඤො චිත්තං විහෙසෙන්තො ජාතො, තස්මා හිංසකොති කත්වා පච්ඡා දිට්ඨං අදිට්ඨන්ති විය අහිංසකොති වොහරිංසු.
‘ගච්ඡං වදෙසි’ ආදිය අංගුලිමාල තෙරුන්ගේ ගාථාවන්ය. මොහුද පෙර බුදුවරුන්ගේ කාලවලදී කරන ලද පැතුම් ඇත්තේ ඒ ඒ භවයෙහි සසරට පිහිටවන්නා වූ කුසල් රැස්කොට මේ බුදුන්ගේ කාලයෙහි සැවැත්නුවර කොසල කොසොල් රජුගේ පුරෝහිත වූ භග්ගවස්ස භග්ගව නම් වූ බ්‍රාහ්මණයාගේ පුත්‍රව උපන්නේය. ඔහු උපන්දිනයෙහි මුළු නගරයෙහිම ආයුධ දිළිසින. රජුගේද සයනය මත තිබුණා වූ මඟුල් කඩුවද දිළිසින. එය දැක බියට පත් රජු තැතිගත්තේ නොනිදා සිටියේය. පුරෝහිත තෙමේ මේ වේලාවෙහි නැකැත් යෙදී තිබුණු ආකාරය බලා සොර නැකතින් උපන්නේ යැයි සළකුනු කළේය. ඔහු රාත්‍රිය ගෙවී ගියවිට රජු සමීපයට ගොස් සැපසේ නිදාගත්තේදැයි විචාළේය. රජතුමා ‘ඇදුරුතුමනි! කොයින්ද සැප නින්දක්. රාත්‍රියෙහි මගේ මංගල ආයුධය දිළිසින. එහි විපාකය කුමක් වන්නේද? මහරජතුමනි, බිය නොවන්න. මගේ ගෙදර දරුවෙක් උපන්නේය. ඔහුගේ ආනුභාවයෙන් මුළු නගරයෙහිම ආයුධ දිළිසින. ඇදුරුතුමනි, කුමක් වන්නේද? දරුවා සොරෙක් වන්නේයැයි කීය. කිම ඔහු තනිව හැසිරෙන සොරෙක් වන්නේද, නැත්නම් සොරමුළක නායකයා වන්නේදැයි රජු ඇසීය. දේවයන් වහන්ස, තනිව හැසිරෙන සොරෙක් වන්නේයැයි බමුණා කීය. ඔහුව මරවමුද? ඔහු තනිව හැසිරෙන්නෙක් නම් ඇතිදැඩි කරමු යැයි රජු කීය. යම්හෙයකින් ඔහු රජුගේ සිත පීඩාවට පත්කරමින් උපන් බැවින් ඔහුට ‘හිංසක’ යැයි නම් තබා පසුව දැක්කා, නොදැක්කා වගේ ‘අහිංසක’ යැයි ව්‍යවහාර කළහ.
සො වයප්පත්තො පුබ්බකම්මබලෙන සත්තන්නං හත්ථීනං බලං ධාරෙති. තස්සිදං පුබ්බකම්මං – බුද්ධසුඤ්ඤෙ ලොකෙ කස්සකො හුත්වා නිබ්බත්තො එකං පච්චෙකබුද්ධං වස්සොදකෙන තින්තං අල්ලචීවරං සීතපීළිතං අත්තනො ඛෙත්තභූමිං උපගතං දිස්වා “පුඤ්ඤක්ඛෙත්තං මෙ උපට්ඨිත”න්ති සොමනස්සජාතො අග්ගිං කත්වා අදාසි. සො තස්ස කම්මස්ස බලෙන නිබ්බත්තනිබ්බත්තට්ඨානෙ ථාමජවබලසම්පන්නො ච හුත්වා ඉමස්මිං පච්ඡිමත්තභාවෙ සත්තන්නං හත්ථීනං බලං ධාරෙති. සො තක්කසිලං ගන්ත්වා දිසාපාමොක්ඛස්ස ආචරියස්ස සන්තිකෙ ධම්මන්තෙවාසී හුත්වා සිප්පං උග්ගණ්හතො ආචරියබ්රාහ්මණං තස්ස භරියඤ්ච සක්කච්චං පටිජග්ගති. තෙනස්ස සා බ්රාහ්මණී ගෙහෙ ලබ්භමානෙන භත්තාදිනා සඞ්ගහං කරොති. තං අසහමානා අඤ්ඤෙ මාණවා ආචරියෙන සද්ධිං භෙදං අකංසු. බ්රාහ්මණො තෙසං වචනං ද්වෙ තයො වාරෙ අසද්දහන්තො හුත්වා පච්ඡා සද්දහිත්වා “මහාබලො මාණවො, න සක්කා කෙනචි මාරාපෙතුං, උපායෙන නං මාරෙස්සාමී”ති චින්තෙත්වා නිට්ඨිතසිප්පං අත්තනො නගරං ගන්තුං ආපුච්ඡන්තං මාණවං ආහ – “තාත අහිංසක, නිට්ඨිතසිප්පෙන නාම අන්තෙවාසිනා ආචරියස්ස ගරුදක්ඛිණා දාතබ්බා, තං මය්හං දෙහී”ති. “සාධු, ආචරිය, කිං දස්සාමී”ති? “මනුස්සානං සහස්සදක්ඛිණහත්ථඞ්ගලියො ආනෙහී”ති. බ්රාහ්මණස්ස කිර අයමස්ස අධිප්පායො – බහූසු මාරියමානෙසු එකන්තතො එකො නං මාරෙය්යාති . තං සුත්වා අහිංසකො අත්තනො චිරපරිචිතං නික්කරුණතං පුරක්ඛත්වා සන්නද්ධපඤ්චාවුධො කොසලරඤ්ඤො විජිතෙ ජාලිනං වනං පවිසිත්වා මහාමග්ගසමීපෙ පබ්බතන්තරෙ වසන්තො පබ්බතසිඛරෙ ඨත්වා මග්ගෙන ගච්ඡන්තෙ මනුස්සෙ ඔලොකෙත්වා වෙගෙන ගන්ත්වා අඞ්ගුලියො ගහෙත්වා රුක්‍ඛග්ගෙ ඔලම්බෙසි. තා ගිජ්ඣාපි කාකාපි ඛාදිංසු, භූමියං නික්ඛිත්තා පූතිභාවං අගමංසු. එවං ගණනාය අපරිපූරමානාය ලද්ධා ලද්ධා අඞ්ගුලියො සුත්තෙන ගන්ථිත්වා මාලං කත්වා යඤ්ඤොපචිතං විය අංසෙ ඔලම්බෙසි. තතො පට්ඨාය අඞ්ගුලිමාලොත්වෙවස්ස සමඤ්ඤා අහොසි.
ඔහු වැඩිවියට පත්වූයේ පෙර කර්ම බලයෙන් ඇතුන් හත්දෙනෙකුගේ බල ඇත්තේ විය. ඔහුගේ පෙර කර්මය මෙසේය! බුදුන් නැති ලෝකයේ ගොවියකුව ඉපිද වර්ෂා ජලයෙන් තෙමුණු තෙතසිවුරු ඇති සීතලින් පීඩාවට පත් පසේබුදුවරයෙක් තමන්ගේ කෙත්බිමට ලඟාවූ බව දැක මට පිංකෙතක් පහළවී ඇතැයි සතුටින් ගිනිදල්වා දුන්නේය. ඔහු ඒ කර්ම බලයෙන් උපනුපන් තැන්වල ශක්ති බලසම්පන්නව ඉපිද මේ අවසන් ආත්මභාවයෙහි ඇතුන් සත්දෙනෙකුගේ බලය දරයි. ඔහු තක්සලාවට ගොස් දිසාපාමොක් ඇදුරුතුමාගේ සමීපයෙහි අතවැසි ශිෂ්‍යයෙක් ලෙස ශිල්ප හදාරන්නේ ගුරුතුමා වූ බමුණාටත් භාර්යාවටත් හොඳින් ඇපඋපස්ථාන කළේය. ඒ නිසා ඒ බැමිණිය ගෙදරට ලැබෙන ආහාර ආදියෙන් ඔහුට සංග්‍රහ කරයි. එය නොඉවසන්නා වූ අනික් තරුණයෝ ඔහුව ගුරුවරයා සමග භේද කළෝය. බමුණා ඔවුන්ගේ වචන දෙතුන්වරක් කියාත් විශ්වාස නොකරන්නේ පසුව විශ්වාසකොට මහාබල ඇති මේ තරුණයාව කිසිවකු විසින්වත් මරන්නට නොහැක. යම්කිසි උපායකින් ඔහුව මරවන්නෙමියි සිතා ශිල්ප හදාරා අවසන්ව තමන්ගේ ගමට යාමට අවසර ඉල්ලූ තරුණයාට මෙසේ කීය. දරුව! අහිංසක ශිල්ප හදාරා අවසන් වූ ශිෂ්‍යයා විසින් ගුරුවරයාට පුදපඬුරු දියයුතුයි. එය මට දෙන්න. යහපත් ගුරුතුමනි, දියයුත්තේ මොනවාද? මිනිසුන්ගේ දකුණු අතේ ඇඟිලි දාහක් ගෙන එන්නයැයි කීය. බමුණා බලාපොරොත්තු වූයේ බොහෝදෙනෙකුව මරණවිට ඒකාන්ත වශයෙන් කවරෙක් හෝ ඔහුව මරාවි යන්නයි. (බමුණාගේ) ඒ වචනය අසා අහිංසක තෙමේ තමාගේ බොහෝකලක් හුරුපුරුදු වූ අකාරුණික බව පෙරටුකොට පඤ්ච ආයුධවලින් සූදානම් වූයේ කොසොල් රජුගේ රාජ්‍යයෙහි ජාලින නම් වූ වනයට පිවිස මහා මාර්ගය අසල ගල්පර අතර වාසය කරන්නේ කඳුමුදුනේ සිට මග යන මිනිසුන් බලා වේගයෙන් දුවගොස් ඇඟිලි කපාගෙන අවුත් ගසක එල්ලයි. ඒවා ගිජුලිහිණියෝද කවුඩෝද කති. බිම දැමූ ඒවා කුණුවී යයි. මෙසේ ගණන සම්පූර්ණ නොවන බැවින් ලැබුණු ලැබුණු ඇඟිල්ල ලණුවක ගැටගසා මාලාවක් මෙන්කොට යාගයකට එකතුකළාක් මෙන් පැත්තක එල්ලා ගත්තේය. එතැන් පටන් අංගුලිමාල යන නම මොහුට ලැබිණ.
එවං තස්මිං මනුස්සෙ මාරෙන්තෙ මග්ගො අවළඤ්ජො අහොසි. සො මග්ගෙ මනුස්සෙ අලභන්තො ගාමූපචාරං ගන්ත්වා නිලීයිත්වා ආගතාගතෙ මනුස්සෙ මාරෙත්වා අඞ්ගුලියො ගහෙත්වා ගච්ඡති. තං ඤත්වා මනුස්සා ගාමතො අපක්කමිංසු, ගාමා සුඤ්ඤා අහෙසුං, තථා නිගමා ජනපදා ච. එවං තෙන සො පදෙසො උබ්බාසිතො අහොසි. අඞ්ගුලිමාලස්ස ච එකාය ඌනා සහස්සඅඞ්ගුලියො සඞ්ගහා අහෙසුං. අථ මනුස්සා තං චොරුපද්දවං කොසලරඤ්ඤො ආරොචෙසුං. රාජා පාතොව නගරෙ භෙරිං චරාපෙසි, “සීඝං අඞ්ගුලිමාලචොරං ගණ්හාම, බලකායො ආගච්ඡතූ”ති. තං සුත්වා අඞ්ගුලිමාලස්ස මාතා මන්තාණී නාම බ්රාහ්මණී තස්ස පිතරං ආහ – “පුත්තො කිර තෙ චොරො හුත්වා ඉදඤ්චිදඤ්ච කරොති, තං ‘ඊදිසං මා කරී’ති සඤ්ඤාපෙත්වා ආනෙහි, අඤ්ඤථා නං රාජා ඝාතෙය්යා”ති. බ්රාහ්මණො “න මය්හං තාදිසෙහි පුත්තෙහි අත්ථො, රාජා යං වා තං වා කරොතූ”ති ආහ . අථ බ්රාහ්මණී පුත්තසිනෙහෙන පාථෙය්‍යං ගහෙත්වා “මම පුත්තං සඤ්ඤාපෙත්වා ආනෙස්සාමී”ති මග්ගං පටිපජ්ජි.
මෙසේ ඔහු මිනිසුන් මරණ කල්හි මාර්ගය හිස්විය. ඔහු මාර්ගයේ මිනිසුන් හමුනොවන බැවින් ගම සමීපයට ගොස් සැඟවී පැමිණි පැමිණි මිනිසුන් මරා ඇඟිලි කපාගෙන යයි. ඒ බව දැනගත් මිනිස්සු ගම අතහැර ගියහ. ගම ජනශුන්‍ය විය. නියම්ගම්, ජනපද ද එසේම විය. මෙසේ ඔහු විසින් ඒ පළාත බියවද්දන ලදී. අංගුලිමාලස්ස අංගුලිමාලටද එකක් අඩු දහසක් ඇඟිලි එකතුවී තිබිණ. ඉක්බිති මිනිස්සු ඒ සොර උවදුර කොසල කොසොල් රජුට සැලකළාහ. රජතුමා උදේම නගරයෙහි බෙර හැසිරවීය. වහාම අංගුලිමාල සොරාව අල්ලාගනිමු. බලසේනාවෝ එත්වා. මෙය අසා අංගුලිමාලගේ මව මන්තානි නම් බැමිණිය ඔහුගේ පියාට මෙසේ කීය. ඔබගේ පුතා සොරෙක්ව මේ මේ දේ කරයි. එබඳු දේ කරන්ට එපා යැයි ඔහුට කියා මෙහි කැඳවාගෙන එන්න. එසේ නැත්නම් රජු ඔහුව මරවාවි. එබඳු පුතුන්ගෙන් මට වැඩක් නැත. රජුට කැමැති දෙයක් කළාවේයැයි බමුණා උත්තර දුන්නේය. ඉක්බිති බැමිණිය දරු සෙනෙහසේ බලවත්කමින් මගට අවශ්‍ය දේ සූදානම් කරගෙන මගේ පුතාට කරුණු කියාදී ගෙන එන්නෙමියි මගට බැස්සාය. මේ තැනැත්තිය අංගුලිමාලව ගෙන එන්නෙමියි යන්නීය.
භගවා “අයං ‘අඞ්ගුලිමාලං ආනෙස්සාමී’ති ගච්ඡති, සචෙ සා ගමිස්සති, අඞ්ගුලිමාලො ‘අඞ්ගුලිසහස්සං පූරෙස්සාමී’ති මාතරම්පි මාරෙස්සති. සො ච පච්ඡිමභවිකො, සචාහං න ගමිස්සං, මහාජානි අභවිස්සා”ති ඤත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො සයමෙව පත්තචීවරං ගහෙත්වා අඞ්ගුලිමාලං උද්දිස්ස තිංසයොජනිකං මග්ගං පදසාව පටිපජ්ජමානො අන්තරාමග්ගෙ ගොපාලකාදීහි වාරියමානොපි ජාලිනං වනං උපගච්ඡි. තස්මිඤ්ච ඛණෙ තස්ස මාතා තෙන දිට්ඨා, සො මාතරං දූරතොව දිස්වා “මාතරම්පි මාරෙත්වා අජ්ජ ඌනඞ්ගුලිං පූරෙස්සාමී”ති අසිං උක්ඛිපිත්වා උපධාවි. තෙසං උභින්නං අන්තරෙ භගවා අත්තානං දස්සෙසි. අඞ්ගුලිමාලො භගවන්තං දිස්වා “කිං මෙ මාතරං වධිත්වා අඞ්ගුලියා ගහිතෙන? ජීවතු මෙ මාතා, යංනූනාහං ඉමං සමණං ජීවිතා වොරොපෙත්වා අඞ්ගුලිං ගණ්හෙය්ය”න්ති උක්ඛිත්තාසිකො භගවන්තං පිට්ඨිතො පිට්ඨිතො අනුබන්ධි. අථ ඛො භගවා තථාරූපං ඉද්ධාභිසඞ්ඛාරං අභිසඞ්ඛාසි, යථා පකතිඉරියාපථෙන ගච්ඡන්තම්පි අත්තානං අඞ්ගුලිමාලො සබ්බථාමෙන ධාවන්තොපි න සක්කොති සම්පාපුණිතුං. සො පරිහීනජවො ඝුරුඝුරුපස්සාසී කච්ඡෙහි සෙදං මුඤ්චන්තො පදං උද්ධරිතුම්පි අසක්කොන්තො ඛාණු විය ඨිතො භගවන්තං “තිට්ඨ තිට්ඨ, සමණා”ති ආහ. භගවා ගච්ඡන්තොව “ඨිතො අහං, අඞ්ගුලිමාල, ත්වඤ්ච තිට්ඨා”ති ආහ. සො “ඉමෙ ඛො සමණා සක්යපුත්තියා සච්චවාදිනො, අයං සමණො ගච්ඡන්තොයෙව ‘ඨිතො අහං, අඞ්ගුලිමාල, ත්වඤ්ච තිට්ඨා’ති ආහ, අහඤ්චම්හි ඨිතො, කො නු ඛො ඉමස්ස අධිප්පායො, පුච්ඡිත්වා නං ජානිස්සාමී”ති භගවන්තං ගාථාය අජ්ඣභාසි –
ඉදින් ඇය යන්නීද අංගුලිමාල තෙම ඇඟිලි දහස සම්පූර්ණ කරන්නෙමියි මවද මරන්නේය. ඔහුද අවසාන ආත්මභාවයේ සිටී. ඉදින් මම එහි නොගියේ නම් මහා අවැඩක් සිදුවන්නේ යැයි, දැනගත් බුදුරජාණන් වහන්සේ පසුබත් දානය වළඳා අවසානයේ තමන් වහන්සේම පාත්‍රා සිවුරු ගෙන අංගුලිමාල උදෙසා යොදුන් මග පයින්ම වඩින්නේ අතරමග ගොපල්ලන් විසින් වළක්වන ලද්දේ නමුත් ජාලින නම් වනයට වැඩිය සේක. එකෙණෙහිම ඔහු විසින් ඔහුගේ මව දකින ලදී. ඔහු මවව දුරදීම දැක, මව ද මරා අද අඩුව ඇති ඇඟිල්ල සම්පූර්ණ කරන්නෙමියි කඩුව ඔසවා ඉදිරියට දිව්වේය. මේ දෙදෙනා අතර භාග්‍යවතුන් වහන්සේ පෙනී සිටි සේක. අංගුලිමාල තෙමේ බුදුන් දැක ඇඟිල්ලක් ගන්නට මගේ මව මරන්නේ කුමකටද? මගේ මව ජීවත් වේවා. මේ ශ්‍රමණයා මරා ඇඟිල්ල ගන්නෙමියි ඔසවාගත් කඩුව ගත් අත් ඇතිව බුදුන් වහන්සේ පිටුපසින් ලුහුබැඳ ගියේය. භාග්‍යවතුන් වහන්සේ තමා ස්වාභාවික ඉරියව්වෙන් වැඩියත් අංගුලිමාල තෙම සම්පූර්ණ බලය යොදා දුවන්නේ නමුත් තමා ලගට ලංවන්නට නොහැකිවන පරිදි ඍද්ධි බලයක් යෙදූ සේක. පිරිහුණු වේග ඇති ඔහු සුරු සුරු යයි හුස්ම හෙලමින් කිසිලිවලින් දහඩිය හෙළමින් පා ඔසවන්නටවත් නොහැකිවී නතර වී ශ්‍රමණය! නතරවන්නයැයි භාග්‍යවතුන් වහන්සේට කීය. භාග්‍යවතුන් වහන්සේ වැඩම කරමින්ම අංගුලිමාලය! මම සිටියෙමි. නුඹද සිටින්නයැයි වදාළහ. ඉක්බිති ඔහු මෙසේ සිතීය. ශාක්‍යපුත්‍ර වූ මේ ශ්රමණයන් වනාහි සත්‍යවාදීන්ය. ගමන් කරමින්ම මම නතරවීමි අංගුලිමාල! නුඹද නතර වන්නයැයි මට කියයි. මමද නතරවෙමි. මෙහි අදහස කුමක්දැයි අසා නොදනිමියි භාග්‍යවතුන් වහ ගාථාවකින් ප්‍රකාශ කළේය.
“ගච්ඡං වදෙසි සමණ ඨිතොම්හි, මමඤ්ච බ්රූසි ඨිතමට්ඨිතොති; පුච්ඡාමි තං සමණ එතමත්ථං, කථං ඨිතො ත්වං අහමට්ඨිතොම්හී”ති.
ගච්ඡං වදෙසි සමණට්ඨිතොම්හි, මමඤ්ච බ්‍රෑසි ටිතමට්ඨිතොති, පුච්ඡාමි තං සමණං එතමත්ථං, කථං ඨිතො ත්වං අහමට්ඨිතොම්හි.
ශ්‍රමණය! ගමන් කරමින් නතරවී සිටිමි යයි කියන්නෙහි. මට ද නතරවන්නට යැයි කියයි. මෙහි අර්ථය ශ්‍රමණයාගෙන් අසමි. ඔබ සිටියේයැයි මම නොසිටියේ යැයි කියන්නේ කෙසේද?
තත්ථ සමණාති භගවන්තං ආලපති. මමන්ති මං. කථන්ති කෙනාකාරෙන. අයඤ්හෙත්ථ අත්ථො – සමණ, ත්වං ගච්ඡන්තොව සමානො “ඨිතොම්හී”ති වදෙසි. මමඤ්ච ඨිතංයෙව “අට්ඨිතො”ති බ්රූසි, වදෙසි. කාරණෙනෙත්ථ භවිතබ්බං, තස්මා තං සමණං අහං එවමත්ථං පුච්ඡාමි. කථං කෙනාකාරෙන ත්වං ඨිතො අහොසි, අහඤ්ච අට්ඨිතොම්හීති. එවං වුත්තෙ භගවා –
එහි සමණ යනුවෙන් භාග්‍යවතුන් වහන්සේට අමතයි. මමං යනු මා කථං යනු කවර ආකාරයකින් මෙහි අර්ථය මෙසේය. ශ්‍රමණය! නුඹ යමින්ම සිටිමීයි කියන්නෙහි. මම ද සිටියෙමි. නොසිටින්නෙහි යැයි කියන්නෙහි. කියන්න මෙහි විය යුතු කරුණ කුමක්ද? ඒ නිසා ශ්‍රමණය! මම මේ අර්ථය විචාරමි. කවර ක්‍රමයකින් නුඹ සිටියේ වන්නෙහිද, මම නොසිටියේ වෙම්ද? මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ
“ඨිතො අහං අඞ්ගුලිමාල සබ්බදා, සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං; තුවඤ්ච පාණෙසු අසඤ්ඤතොසි, තස්මා ඨිතොහං තුවමට්ඨිතොසී”ති. –
ඨිතො අහං අංගුලිමාල සබ්බදා, සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං, ත්වඤ්ච පාණෙසු අසඤ්ඤතොසි, තස්මා ඨිතොහං ත්වමට්ඨිතොසී.
ගාථාය තං අජ්ඣභාසි.
තත්ථ ඨිතො අහං, අඞ්ගුලිමාල, සබ්බදා, සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩන්ති, අඞ්ගුලිමාල, අහං සබ්බදා සබ්බකාලෙ ආදිමජ්ඣපරියොසානෙසු තසථාවරභෙදෙසු සබ්බෙසු සත්තෙසු දණ්ඩං නිධාය නිහිතදණ්ඩො නිහිතසත්ථො ලජ්ජී දයාපන්නො, තතො අඤ්ඤථා අවත්තනතො එවරූපෙනෙව ඨිතො. තුවඤ්ච පාණෙසු අසඤ්ඤතොසීති ත්වං පන සත්තෙසු සඤ්ඤමරහිතො අසි, ලුද්දො ලොහිතපාණි හතපහතෙ නිවිට්ඨො අදයාපන්නො, තස්මා අසඤ්ඤතො විරතිවසෙන අට්ඨිතො. තතො එව තාසු තාසු ගතීසු පරිබ්භමනතොපි තුවං ඉදානි ඉරියාපථෙන ඨිතොපි අට්ඨිතො අසි, අහං පන වුත්තප්පකාරෙන ඨිතොති. තතො අඞ්ගුලිමාලො යථාභුච්චගුණප්පභාවිතස්ස ජලතලෙ තෙලස්ස විය සකලං ලොකං අභිබ්යාපෙත්වා ඨිතස්ස භගවතො කිත්තිසද්දස්ස සුතපුබ්බත්තා හෙතුසම්පත්තියා ඤාණස්ස ච පරිපාකගතත්තා “අයං සො භගවා”ති සඤ්ජාතපීතිසොමනස්සො “මහා අයං සීහනාදො, මහන්තං ගජ්ජිතං, නයිදං අඤ්ඤස්ස භවිස්සති, සමණස්ස මඤ්ඤෙ ගොතමස්ස එතං ගජ්ජිතං, දිට්ඨො වතම්හි මහෙසිනා සම්මාසම්බුද්ධෙන, මය්හං සඞ්ගහකරණත්ථං භගවා ඉධාගතො”ති චින්තෙත්වා –
යන ගාථාව ඔහුට වදාළ සේක. එහි ඨිතො අහං අංගුලිමාල සබ්බදා සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං අංගුලිමාල! යනු මම සැමදා සියලු කල්හි මුල මැද අග චල අචල සියළු සතුන් කෙරෙහි දඬුවම අතහැර බැහැර කරන ලද දඬුවම් ඇත්තේ ඈත්කරන ලද ආයුධ ඇත්තේ ලජ්ජාශීලි වූයේ දයාවෙන් යුක්ත වූයේ වෙනස් අයුරකට පත්නොවී මේ ස්වරූපයෙන්ම සිටියේ ත්වඤ්ච පාණෙසු අසඤ්ඤතොසි යනු නුඹ වනාහි සත්ත්වයන් කෙරෙහි සංයම රහිත වූයේ වන්නෙහිය. නපුරු වූයේ ලේ තැවරුණු අත් ඇත්තේ සත්ත්වයන් ඝාතනයේ යෙදුනු දයාවෙන් තොරවූයේ තස්මා සතිය රහිත බැවින් විරති වසයෙන් අට්ඨිතො එයින්ම ඒ ඒ ගතිවල හැසිරෙන්නා වූ නුඹ දැන් ඉරියව් වශයෙන් සිටියෙහි නමුත් අට්ඨිතො අසි (නොසිටියේ වන්නේය) අහං මම වනාහි කියන ලද ආකාරයෙන් ඨිතො සිටියේ වෙමි. ඉක්බිති අංගුලිමාලො අංගුලිමාල තෙමේ ස්වභාවික ගුණයෙන් ප්‍රභාමත් වූ ජලය මතුපිට තෙල් මෙන් සියළු ලෝකය පුරා පැතිර සිටියා වූ භාග්‍යවතුන් වහන්සේගේ කීර්තිය අසා ඇති බැවින් හේතුසම්පත් ඇති බැවින් නුවණ පරිපාකයට ගොස් ඇති නිසාත් මේ ඒ භාග්‍යවතුන් වහන්සේ යැයි හටගත් සතුටු සොම්නස් ඇත්තේ මේ මහා සීහනාදය මහා ගර්ජනාව වෙන කෙනෙකුගේ නොවන්නේය. මේ මහා ගර්ජනාව ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ යැයි හඟිමි. මහර්ෂී වූ සම්මා සම්බුද්ධයන් වහන්සේ විසින් දුටුවේ වෙමි. මට උපකාර පිණිස භාග්‍යවතුන් වහන්සේ මෙහි වැඩියේ යැයි සිතා -
“චිරස්සං වත මෙ මහිතො මහෙසී, මහාවනං සමණො පච්චපාදි; සොහං චජිස්සාමි සහස්සපාපං, සුත්වාන ගාථං තව ධම්මයුත්ත”න්ති. – ඉමං ගාථං අභාසි.
චිරස්සං වත මෙ මහිතො මහෙසී, මහාවනං සමණො පච්චුපාදි, සොහං වජිස්සාමි සහස්සපාපං, සුත්වාන ගාථං තව ධම්මයුත්තං.
(බොහෝ කාලයකින් දෙවියන් සහිත ලෝකයා විසින් පුදනු ලැබූ මහර්ෂී වූ ශ්රමණයන් වහන්සේ මහා වනයට පැමිණියේය. ධර්මාන්විත ඔබවහන්සේගේ ගාථාව අසා ඒ මට බොහෝකලක් රැස්කළ පාප සහශ්‍රය අත්හරිමි.)
තත්ථ චිරස්සං වතාති චිරකාලෙන වත. මෙති මය්හං අනුග්ගහත්ථාය. මහිතොති සදෙවකෙන ලොකෙන මහතියා පූජාය පූජිතො. මහන්තෙ සීලක්ඛන්ධාදිගුණෙ එසි, ගවෙසීති මහෙසී. මහාවනං සමණො පච්චපාදීති ඉමං මහාරඤ්ඤං සමිතසබ්බපාපො භගවා පටිපජ්ජි. සොහං චජිස්සාමි සහස්සපාපං, සුත්වාන ගාථං තව ධම්මයුත්තන්ති සොහං ධම්මයුත්තං ධම්මූපසංහිතං තව ගාථං සුණිං. සොහං තං සුත්වාන “චිරස්සම්පි චිරකාලෙනපි සඞ්ගතං පරිචිතං පාපසහස්සං පජහිස්ස”න්ති චින්තෙත්වා ඉදානි නං අඤ්ඤදත්ථු පරිච්චජිස්සාමීති අත්ථො. එවං පන වත්වා යථා පටිපජ්ජි, යථා ච භගවතා අනුග්ගහිතො, තං දස්සෙතුං –
එහි චිරස්සං වත යනු බොහෝ කලකින් මෙ ඉති මට අනුග්‍රහ පිණිස මහිතො යනු දෙවියන් සහිත ලෝකයා විසින් මහා පූජාවෙන් පුදනු ලැබූ මහත් වූ සීලක්ඛන්ධාදී ගුණයන් සොයන්නේය. මහෙසී මහාවනං සමණො පච්චුපාදි යනු මේ මහා අරණ්‍යයට නසන ලද පාපයන් ඇති භාග්‍යවතුන් වහන්සේ වැඩම කළේය. සොහං වජිස්සාමි සහස්සපාපං සුත්වාන ගාථං තව ධම්මයුත්තං ඒ මම දහමින් මුසු වූ ගාථාව ඇසුවෙමි. ඒ මම එය අසා බොහෝකාලයක් එක්රැස් කළ ප්‍රගුණ කළ පාපසහශ්රය දුරුකරන්නෙමියි සිතා දැන් ස්ථිරවම අත්හරින්නෙමියි මෙසේ කියා යම්සේ පිළිපැද්දේ ද යම්ලෙසකින් භාග්‍යවතුන් වහන්සේ විසින් අනුග්‍රහ දක්වන ලද්දේ ද ඒ බව දක්වන්නට -
“ඉච්චෙව චොරො අසිමාවුධඤ්ච, සොබ්භෙ පපාතෙ නරකෙ අන්වකාසි; අවන්දි චොරො සුගතස්ස පාදෙ, තත්ථෙව පබ්බජ්ජමයාචි බුද්ධං.
ඉච්චෙව චොරො අසිමාවුධඤ්ච, සොබ්හෙ පපාතෙ නරකෙ අන්වකාසි, අවන්දි චොරො සුගතස්සපාදෙ, තත්ථෙව පබ්බජ්ජමයාචි බුද්ධං.
“බුද්ධො ච ඛො කාරුණිකො මහෙසි, යො සත්ථා ලොකස්ස සදෙවකස්ස; තමෙහි භික්ඛූති තදා අවොච, එසෙව තස්ස අහු භික්ඛුභාවො”ති.
බුද්ධො ච ඛො කාරුණිකො මහෙසී, යො සත්ත ලොකස්ස සදෙවකස්ස, තමෙහි භික්ඛූති තදා අවොච, එසෙව තස්ස අහු භික්ඛුභාවො.
(මෙසේ චෞරයා කඩුවද ඉතිරි ආයුධද හාත්පසින් කැඩීගිය ඉවුරු ඇති ප්‍රපාතයෙහි පොළව පැලුණු තැන්වල දැම්මේය. සොරා බුදුන්ගේ පා වැන්දේය. එහිදී බුදුන්ගෙන් පැවිද්ද ඉල්වීය.
දෙවියන් සහිත සත්ව ලෝකයට මහර්ෂී වූ කාරුණික වූ බුදුරජාණන් වහන්සේ මහණ! මෙහි එවයි වදාළහ. ඔහුට මේ අයුරින් ඒහිභික්ෂුභාවය ලැබින.)
සඞ්ගීතිකාරා ඉමා ද්වෙ ගාථා ඨපෙසුං.
මේ ගාථා දෙක සංගීතිකාරක හිමිවරුන් විසින් යොදන ලදී.
තත්ථ ඉච්චෙවාති ඉති එව එවං වත්වා අනන්තරමෙව. චොරොති අඞ්ගුලිමාලො. අසින්ති ඛග්ගං. ආවුධන්ති සෙසාවුධං. සොබ්භෙති සමන්තතො ඡින්නතටෙ. පපාතෙති එකතො ඡින්නතටෙ. නරකෙති භූමියා ඵලිතවිවරෙ. ඉධ පන තීහිපි පදෙහි යත්ථ පතිතං අඤ්ඤෙන ගහෙතුං න සක්කා, තාදිසං පබ්බතන්තරමෙව වදති. අන්වකාසීති අනු අකාසි, පඤ්චවිධම්පි අත්තනො ආවුධං අනු ඛිපි ඡඩ්ඩෙසි, තානි ඡඩ්ඩෙත්වා භගවතො පාදෙසු සිරසා නිපතිත්වා “පබ්බාජෙථ මං, භන්තෙ”ති ආහ. තෙන වුත්තං “අවන්දි චොරො සුගතස්ස පාදෙ, තත්ථෙව පබ්බජ්ජමයාචි බුද්ධ”න්ති. එවං තෙන පබ්බජ්ජාය යාචිතාය සත්ථා තස්ස පුරිමකම්මං ඔලොකෙන්තො එහිභික්ඛුභාවාය හෙතුසම්පත්තිං දිස්වා දක්ඛිණහත්ථං පසාරෙත්වා – “එහි, භික්ඛු, ස්වාඛාතො ධම්මො, චර බ්රහ්මචරියං, සම්මා දුක්ඛස්ස අන්තකිරියායා”ති ආහ. සා එව ච තස්ස පබ්බජ්ජා උපසම්පදා ච අහොසි. තෙනාහ “තමෙහි භික්ඛූති තදා අවොච, එසෙව තස්ස අහු භික්ඛුභාවො”ති.
එහි ඉච්චෙව යනු මෙසේම යැයි කියා අනතුරුවම චොරො යනු අංගුලිමාලො අංගුලිමාලය. අසිං යනු කඩුවයි. ආවුධං යනු ඉතිරි ආයුධ. සොබ්භෙ යනු හාත්පසින් කැඩීගිය ඉවුරු ඇති පපාතෙ එක් පැත්තකින් කැඩීගිය ප්රපාතය, නරකෙ යනු පොළවෙහි පැලුනු විවරයෙහි, මෙහි වනාහි පද තුනකින් යම්තැනක වැටුනේද අනිකකු විසින් ගත නොහැකිය. එබඳු වූ පර්වත අන්තරයක් කියයි. අන්වකාසි යනු අකාසි. පස්වැදෑරුම් තමන්ගේ ආයුධය විසිකළේය. ඒවා බැහැරකොට බුදුන් පාලඟ හිසතබා වැඳ ස්වාමීනි! මා පැවිදි කරන්න යැයි කීය. ඒ නිසා මෙසේ කියන ලදී. ‘සොරු බුදුන්ගේ පා වැන්දාහ. එහිදීම බුදුන්ගෙන් පැවිද්ද ඉල්ලීය. මෙසේ ඔහු විසින් පැවිද්ද ඉල්ලූ විට ශාස්තෲන් වහන්සේ ඔහුගේ පෙරකර්ම බලා ඒහිභික්ෂුභාවයට හේතුවාසනා ඇති බව දැන දකුණු ශ්‍රී හස්තය දිගුකර මහණ! මෙහි එන්න. ධර්මය මනාව දේශනා කර ඇත. දුක අවසන් කිරීම සඳහා මනාව බඹසර හැසිරෙන්න යැයි වදාළ සේක. ඒ සමගම ඔහුට පැවිදි උපසම්පදා ලැබින. ඒ නිසා කීය. ‘මහණ, එන්න යැයි එකල්හි වදාළ සේක. එයම ඔහුට මහණකම විය.’
එවං ථෙරො සත්ථු සන්තිකෙ එහිභික්ඛුභාවෙන පබ්බජ්ජං උපසම්පදඤ්ච ලභිත්වා විපස්සනාය කම්මං කරොන්තො අරහත්තං පත්වා විමුත්තිසුඛං පටිසංවෙදෙන්තො පීතිසොමනස්සජාතො උදානවසෙන –
මෙසේ තෙරුන් වහන්සේ බුදුන් සමීපයෙහි ඒහිභික්ෂුභාවයෙන් පැවිද්ද ද උපසම්පදාවද ලැබ විදර්ශනාව සඳහා ක්‍රියාකරන්නේ රහත්බවට පැමිණ විමුක්ති සුවය විඳින්නේ හටගත් සතුට, සොම්නස ඇත්තේ උදානයක් වශයෙන්
“යො ච පුබ්බෙ පමජ්ජිත්වා, පච්ඡා සො නප්පමජ්ජති; සොමං ලොකං පභාසෙති, අබ්භා මුත්තොව චන්දිමා.
යොච පුබ්බෙ පමජ්ජිත්වා පච්ඡා සො නප්පමජ්ජති, සොමං ලොකං පභාසෙති අබ්භාමුත්තොව චන්දිමා.
“යස්ස පාපං කතං කම්මං, කුසලෙන පිධීයති; සොමං ලොකං පභාසෙති, අබ්භා මුත්තොව චන්දිමා.
යස්ස පාපං කතං කම්මං කුසලෙන පිධීයති, සොමං ලොකං පභාසෙති අබ්භාමුත්තොව චන්දිමා.
“යො හවෙ දහරො භික්ඛු, යුඤ්ජති බුද්ධසාසනෙ; සොමං ලොකං පභාසෙති, අබ්භා මුත්තොව චන්දිමා”ති. – ගාථත්තයං අභාසි;
යො භවෙදහරො භික්ඛූ යුඤ්ජති බුද්ධ සාසනෙ, සොමං ලොකං පභාසෙති අබ්භාමුත්තොව චන්දිමා.
(යමෙක් පළමුව ප්‍රමාද වී පසුව ප්‍රමාද නොවේද ඔහු වලාවෙන් මිදුනු චන්ද්‍රයා මෙන් මේ ලෝකය ආලෝක කරයි.
යමකුගේ කරන ලද පාපය කුසලයෙන් වැසීයයි ද ඔහු වළාකුලින් මිදුණු චන්ද්‍රයා මෙන් මේ ලෝකය ආලෝකමත් කරයි.
යම් බාල භික්ෂුවක් ඒකාන්ත වශයෙන් බුද්ධ ශාසනයෙහි යෙදුනේ වෙයිද ඔහු වළාවෙන් මිදුනු චන්ද්‍රයා මෙන් මේ ලෝකය බබලවයි.)
මේ ගාථා තුන ප්‍රකාශ කළේය.
තස්සත්ථො – යො පුග්ගලො ගහට්ඨො වා පබ්බජිතො වා කල්යාණමිත්තසංසග්ගතො පුබ්බෙ පාපමිත්තසංසග්ගෙන වා අත්තනො වා පටිසඞ්ඛානාභාවෙන පමජ්ජිත්වා සම්මාපටිපත්තියං පමාදං ආපජ්ජිත්වා , පච්ඡා කල්යාණමිත්තසංසග්ගෙන යොනිසො උම්මුජ්ජන්තො නප්පමජ්ජති, සම්මා පටිපජ්ජති, සමථවිපස්සනං අනුයුඤ්ජන්තො තිස්සො විජ්ජා ඡ අභිඤ්ඤා පාපුණාති, සො අබ්භාදීහි මුත්තො චන්දො විය ඔකාසලොකං අත්තනා අධිගතාහි විජ්ජාභිඤ්ඤාහි ඉමං ඛන්ධාදිලොකං ඔභාසෙතීති.
එහි අර්ථය:- යම් පුද්ගලයෙක් ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ වේවා කල්‍යාණ මිත්‍ර සේවනයට පෙරාතුව පාපමිත්‍ර සේවනයෙන් හෝ තමාගේ නුවණින් සළකා නොබැලීම නිසා හෝ ප්‍රමාදව සිට මනා පිළිවෙත්හි ප්‍රමාද වී පසුව කල්‍යාණමිත්‍ර සේවනයෙන් නුවණින් මතුවී ප්‍රමාද නොවෙයි මනාව පිළිපදියි. සමථ විපස්සනා භාවනාවන්හි යෙදෙන්නේ ත්‍රිවිද්‍යාවන්ට හා අභිඤ්ඤා සයට පැමිණේ. ඔහු වැසිවළා ආදියෙන් මිදුණු චන්ද්‍රයා මෙන් ලෝකය තමා විසින් අවබෝධ කරගත්තා වූ ත්‍රිවිද්‍යා ජ අභිඤ්ඤා ආදියෙන් මේ ස්කන්ධ ලෝකය බබලවයි.
යස්ස පුග්ගලස්ස කතං උපචිතං පාපකම්මං කම්මක්ඛයකරෙන ලොකුත්තරකුසලෙන අවිපාකාරහභාවස්ස ආහරිතත්තා විපාකුප්පාදනෙ ද්වාරපිධානෙන පිධීයති ථකීයති. සෙසං වුත්තනයමෙව.
යස්ස යම් පුද්ගලයකුගේ කතුපචිතං පාපකම්මං කර්ම ක්ෂය කරන්නා වූ ලෝකෝත්තර කුසලෙන විපාක නොදෙන බවට පත්වූ බැවින් විපාක උපදවන්නා වූ දොරපියන් පිඨියති වසයි. ඉතිරිය කියන ලද පරිදිමය.
දහරොති තරුණො, තෙනස්ස යොගක්ඛමසරීරතං දස්සෙති. සො හි උප්පන්නං වාතාතපපරිස්සයං අභිභවිත්වා යොගං කාතුං සක්කොති. යුඤ්ජති බුද්ධසාසනෙ සික්ඛත්තයෙ යුත්තප්පයුත්තො හොති, සක්කච්චං සම්පාදෙතීති අත්ථො.
දහරො යනු තරුණ එයින් මොහුගේ යෝගයන් කිරීමට සමත් ශරීර ඇති බව දක්වයි. ඔහු වනාහි හටගත්තා වූ සුලඟින්, අව්වෙන් පීඩාවට පත්වන පරිසරය අභිභවනය කොට යෝග කිරීමට සමත් වෙයි. යුඤ්ජති බුද්ධසාසනෙ බුදුසසුනෙහි ත්රිශික්ෂාවෙහි යෙදුනේ වෙයි. මනාව එහි නිරත වෙයි යන අර්ථයි.
එවං පීතිසොමනස්සජාතො විමුත්තිසුඛෙන විහරන්තො යදා නගරං පිණ්ඩාය පවිසති, තදා අඤ්ඤෙනපි ඛිත්තො ලෙඩ්ඩු ථෙරස්ස කායෙ නිපතති, අඤ්ඤෙනපි ඛිත්තො දණ්ඩො තස්සෙව කායෙ නිපතති. සො භින්නෙන පත්තෙන විහාරං පවිසිත්වා සත්ථු සන්තිකං ගච්ඡති. සත්ථා තං ඔවදති “අධිවාසෙහි, ත්වං බ්‍රාහ්මණ, අධිවාසෙහි, ත්වං බ්‍රාහ්මණ, යස්ස ඛො, ත්වං බ්‍රාහ්මණ, කම්මස්ස විපාකෙන බහූනි වස්සසහස්සානි නිරයෙ පච්චෙය්යාසි, තස්ස, ත්වං බ්‍රාහ්මණ, කම්මස්ස විපාකං දිට්ඨෙව ධම්මෙ පටිසංවෙදෙසී”ති. අථ ථෙරො අනොධිසො සබ්බසත්තෙසු මෙත්තචිත්තං උපට්ඨපෙත්වා –
මෙසේ සතුට සොම්නස ඇතිවූයේ විමුක්ති සැප විහරණයෙන් වාසය කරන්නේ යම්විටක නගරයේ පිඬු පිණිස වඩීද එකල්හි අනිකකු විසින් විසිකරන ලද ගල තෙරුන්ගේ සිරුරෙහි වදී. වෙන තැනැත්තෙකු විසින් විසිකරන ලද මුගුර ඔහුගේ ශරීරයට වදී. ඔහු බිඳුනා වූ පාත්‍රය සමග විහාරයට පිවිස බුදුන් සමීපයට යයි. ශාස්තෲන් වහන්සේ ඔහුට අවවාද කරන සේක. බ්‍රාහ්මණය, ඔබ ඉවසන්න. ඉවසන්න බ්‍රාහ්මණය. බ්‍රාහ්මණය! ඔබ යම් ඒ කර්ම විපාකයකින් බොහෝ වර්ෂ දහස් ගණනක් නිරයෙහි පැසෙන්නෙහිය. බ්‍රාහ්මණය. ඔබ කර්මයාගේ විපාකය ඇස් ඉදිරිපිටදීම විඳින්නෙහිය. ඉක්බිති තෙරුන් වහන්සේ සීමාරහිතව සියළු සත්ත්වයන් කෙරෙහි මෙත්සිත පිහිටුවා
“දිසාපි මෙ ධම්මකථං සුණන්තු, දිසාපි මෙ යුඤ්ජන්තු බුද්ධසාසනෙ; දිසාපි මෙ තෙ මනුජෙ භජන්තු, යෙ ධම්මමෙවාදපයන්ති සන්තො.
මාගේ සතුරෝ ද අමිතුරෝ ද ධර්මකථාව අසත්වා. සතුරෝද බුද්ධ ශාසනයේ යෙදෙත්වා. මාගේ සතුරෝ හොඳ සත්පුරුෂයන් ඇසුරු කෙරෙත්වා. ඔව්හු කුසල ධර්මයන් උත්තරීතරය. මනුෂ්‍ය ධර්මයන්ම සමාදන් වෙත්.
“දිසා හි මෙ ඛන්තිවාදානං, අවිරොධප්පසංසිනං; සුණන්තු ධම්මං කාලෙන, තඤ්ච අනුවිධීයන්තු.
මාගේ සතුරෝද ඉවසීම් සංඛ්‍යාත ක්ෂාන්තිය ගැනම කථා කරන්නා වූ අවිරෝධී වූ මෛත්‍රියම පසසන්නාහු සුදුසු කාලයෙහි ධර්මය අසත්වා. ඒ අනුව ක්‍රියා කරත්වා.
“න හි ජාතු සො මමං හිංසෙ, අඤ්ඤං වා පන කඤ්චි නං; පප්පුය්ය පරමං සන්තිං, රක්ඛෙය්ය තසථාවරෙ.
ඒ සතුරා මට කිසිවිටෙකත් හිංසා නොකෙරේවා. වෙන අයටද හිංසා නොකෙරේවා. පරම සැනසීම වූ නිර්වාණයට පැමිණ සියලුම සත්ත්වයන්ව ආරක්ෂා කරගනිවු.
“උදකඤ්හි නයන්ති නෙත්තිකා, උසුකාරා දමයන්ති තෙජනං; දාරුං දමයන්ති තච්ඡකා, අත්තානං දමයන්ති පණ්ඩිතා.
ජලකාර්මිකයෝ කැමැති කැමැති තැනට ජලය ගෙනයත්, කම්මල්කරුවෝ යකඩය තමන්ට අවශ්‍ය පරිදි සකස්කර ගනිත්. වඩුවෝ ලී තමන්ට අවශ්‍ය පරිදි සකස්කර ගනිත්. පණ්ඩිතයෝ තමාව දමනය කරගනිත්.
“දණ්ඩෙනෙකෙ දමයන්ති, අඞ්කුසෙභි කසාහි ච; අදණ්ඩෙන අසත්ථෙන, අහං දන්තොම්හි තාදිනා.
කෙනෙක් දඬුමුගුරකින් දමනය කරත්. තව කෙනෙක් හෙණ්ඩුවෙන්ද තව කෙනෙක් කසයෙන්ද දමනය කරති. එබඳු වූ දණ්ඩකින් තොරව, ආයුධයකින් තොරව මම දමනය වූයේ වෙමි.
“අහිංසකොති මෙ නාමං, හිංසකස්ස පුරෙ සතො; අජ්ජාහං සච්චනාමොම්හි, න නං හිංසාමි කඤ්චි නං.
පළමුව හිංසාකාරයෙක් වූ මට අහිංසකයැයි නමක් විය. අද මට සත්‍ය වශයෙන් අහිංසක යන නම ඇත්තේ වෙමි. කිසිවකුටත් මම හිංසා නොකරමි.
“චොරො අහං පුරෙ ආසිං, අඞ්ගුලිමාලොති විස්සුතො; වුය්හමානො මහොඝෙන, බුද්ධං සරණමාගමං.
මම පෙර අංගුලිමාල යන නමින් ප්‍රකට සොරෙක් වූයෙමි. කාමාදි මහා සැඩපහරින් ගසාගෙන යන්නෙම් ඊට විරුද්ධ වූ බුදුන් සරණ ගියෙමි.
“ලොහිතපාණි පුරෙ ආසිං, අඞ්ගුලිමාලොති විස්සුතො; සරණගමනං පස්ස, භවනෙත්ති සමූහතා.
පෙර ලේ තැවරුණු අත් ඇති මම අංගුලිමාල නමින් ප්‍රකට වූයෙමි. සසර ඉපදීම සමූලඝාතනය කළහු විසින් තමන්ගේ සරණාගමනය දෙස බලන්න. (තමාටම කියා ගනී)
“තාදිසං කම්මං කත්වාන, බහුං දුග්ගතිගාමිනං; ඵුට්ඨො කම්මවිපාකෙන, අනණො භුඤ්ජාමි භොජනං.
බොහෝ දුගතීන්හි ඉපදීමට හේතුවන එබඳු පාපකර්මයක් කොට කර්මවිපාකයෙන් ස්පර්ශ වූයෙම් ණය නැතිව බොදුන් වළඳමි.
“පමාදමනුයුඤ්ජන්ති, බාලා දුම්මෙධිනො ජනා; අප්පමාදඤ්ච මෙධාවී, ධනං සෙට්ඨංව රක්ඛති.
මෙලොව පරලොව යහපත නොදන්නා වූ මෝඩයෝ ප්‍රමාදයෙහි යෙදී සිටිත්. නුවණැත්තා අප්‍රමාදය උතුම් ධනයක් මෙන් රැක ගනී.
“මා පමාදමනුයුඤ්ජෙථ, මා කාමරතිසන්ථවං; අප්පමත්තො හි ඣායන්තො, පප්පොති පරමං සුඛං.
ප්‍රමාදයෙහි නොහැසිරෙව්. කාමයන්හි නොඇලෙව්. අප්රමාදී පුද්ගලයා ධ්‍යාන වඩන්නේ පරම සැපය වූ නිර්වාණයට පැමිණේ.
“ස්වාගතං නාපගතං, නෙතං දුම්මන්තිතං මම; සවිභත්තෙසු ධම්මෙසු, යං සෙට්ඨං තදුපාගමං.
එදා මාගේ බුදුන් ලඟට පැමිණීම යහපත් ගමනක් විය. අවැඩක් නොවීය. පැවිදි වන්නට යැයි සිතීම අයහපත් සිතිවිල්ලක් නොවීය. යහපත් අයහපත් වශයෙන් බෙදිය හැකි ධර්මයන් අතුරෙන් යම් ධර්මයක් උතුම් ද එය වෙත ලඟා වූයෙමි.
“ස්වාගතං නාපගතං, නෙතං දුම්මන්තිතං මම; තිස්සො විජ්ජා අනුප්පත්තා, කතං බුද්ධස්ස සාසනං.
එදා මාගේ බුදුන් වෙත පැමිණීම යහපත් වූවා මිස අයහපත් වූයේ නැත. පැවිදිවීමට මා සිතූ සිතිවිල්ල හොඳ එකක් විය. ත්‍රිවිද්‍යාවන් උපදවා ගත්තෙමි. බුද්ධ අනුශාසනය කළෙමි.
“අරඤ්ඤෙ රුක්ඛමූලෙ වා, පබ්බතෙසු ගුහාසු වා; තත්ථ තත්ථෙව අට්ඨාසිං, උබ්බිග්ගමනසො තදා.
එකල්හි අරණ්‍යයෙහි හෝ ගසක් මුල හෝ පර්වතවල හෝ ගුහාවල හෝ යම්, ඒ ඒ තැන්වල දුකින් කල් ගෙවූයෙමි.
“සුඛං සයාමි ඨායාමි, සුඛං කප්පෙමි ජීවිතං; අහත්ථපාසො මාරස්ස, අහො සත්ථානුකම්පිතො.
සුවසේ නිදමි. සුවසේ සිටිමි. සුවසේ ජීවිතය ගත කරමි. කෙලෙස් ආදී වාරයන්ට හසු නොවේ. පුදුමයි! භාග්‍යවතුන් වහන්සේ විසින් අනුකම්පා කරන ලද්දේ වෙයි.
“බ්රහ්මජච්චො පුරෙ ආසිං, උදිච්චො උභතො අහු. සොජ්ජ පුත්තො සුගතස්ස, ධම්මරාජස්ස සත්ථුනො.
පෙර මව්පිය දෙපාර්ශ්වයෙන්ම පිරිසිදු බ්‍රාහ්මණ වංශිකයෙක් වීමි. ඒ මම අද ධර්මරාජයාණන් වූ ශාස්තෲ වූ බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයෙක් වෙමි.
“වීතතණ්හො අනාදානො, ගුත්තද්වාරො සුසංවුතො; අඝමූලං වධිත්වාන, පත්තො මෙ ආසවක්ඛයො.
දුරුකළ තණ්හා ඇති කාමවස්තූන් දැඩි ලෙසි නොගන්නා සංයම වූ ආරක්ෂා කළ ඉන්ද්රිය දොරටු ඇතිව දුකට මූල විනාශ කර සියළු ආශ්‍රවයක් නැති තත්ත්වයට පත්වූයේ වෙමි.
“පරිචිණ්ණො මයා සත්ථා, කතං බුද්ධස්ස සාසනං; ඔහිතො ගරුකො භාරො, භවනෙත්ති සමූහතා”ති. –
මා විසින් ශාස්තෲන් වහන්සේ ප්‍රායෝගික වශයෙන් අනුගමනය කළෙමි. බුද්ධ අවවාදය අනුගමනය කළෙමි. සසර දුක නැතිකරන මහා බරක් මා විසින් බිම තබන ලදී.
ඉමා ගාථා අභාසි;
මේ (අර්ථ ඇති) ගාථාවන් ප්‍රකාශ කළහ.
තත්ථ දිසාපීති මය්හං දිසාපි අමිත්තා පච්චත්ථිකාපි යෙ මං එවං උපවදන්ති “යථා මයං අඞ්ගුලිමාලස්ස වසෙන ඤාතිවියොගදුක්ඛපරෙතා දුක්ඛං පාපුණාම, එවං අඞ්ගුලිමාලොපි දුක්ඛං පාපුණාතූ”ති. මෙ ධම්මකථං සුණන්තූති මයා සත්ථු සන්තිකෙ සුතං චතුසච්චධම්මපටිසංයුත්තං කථං සුණන්තු . යුඤ්ජන්තූති සුත්වා ච තදත්ථාය පටිපජ්ජන්තු. තෙ මනුජෙ භජන්තූති තාදිසෙ සප්පුරිසෙ කල්යාණමිත්තෙ භජන්තු සෙවන්තු. යෙ ධම්මමෙවාදපයන්ති සන්තොති යෙ සප්පුරිසා කුසලධම්මමෙව, උත්තරිමනුස්සධම්මමෙව, නිබ්බත්තිතලොකුත්තරධම්මමෙව ච ආදපෙන්ති සමාදපෙන්ති ගණ්හාපෙන්ති.
ඒ ගාථාවන්හි දිසාපි යනු මගේ සතුරෝ, අමිතුරෝ, යමෙක් මට මෙසේ දොස් පවරත්ද යම්සේ අපි අංගුලිමාලස්ස අංගුලිමාල නිසා නෑයන්ගෙන් වියෝවීම හේතුවෙන් දුකට පැමිණි යෙමු. මෙසේ අංගුලිමාලොපි අංගුලිමාලද දුකට පැමිණේ. මෙ ධම්මකථං සුණන්තු යනු මා විසින් බුදුන් සමීපයෙහිදී අසන ලද චතුරාර්ය සත්‍යය අරමුණු කරගත් ධර්මකථාව අසත්වා. යුඤ්ජත්තු යනු අසාද ඒ සඳහා පිළිපදිව්. තෙ මනුජෙ භජන්තු යනු එබඳු වූ සත්පුරුෂ කල්‍යාණමිත්‍ර මිනිසුන් භජනය කෙරෙත්වා. සේවනය කෙරෙත්වා. යෙ ධම්ම මෙවාදාපයන්ති සත්තො යනු යම් ඒ ශාන්ත වූ සත්පුරුෂයෝ කුසල්දහම්ද උතුම් මිනිස්දම් වලින්ම උපන් ලෝකෝත්තර ධර්මයන්ම සමාදන් වෙත්, ගන්වත්.
ඛන්තිවාදානන්ති අධිවාසනඛන්තිමෙව වදන්තානං තතො එව අවිරොධප්පසංසිනන්ති කෙනචි අවිරොධභූතාය මෙත්තාය එව පසංසනසීලානං. සුණන්තු ධම්මං කාලෙනාති යුත්තප්පයුත්තකාලෙ තෙසං සන්තිකෙ ධම්මං සුණන්තු. තඤ්ච අනුවිධීයන්තූති තඤ්ච යථාසුතං ධම්මං සම්මදෙව උග්ගහිත්වා අනුකරොන්තු ධම්මානුධම්මං පටිපජ්ජන්තූති අත්ථො.
ඛන්තිවාදානං යනු ඉවසීම් සංඛ්‍යාත ක්ෂාන්තියට කියන්නා වූ. අවිරොධ පසංසිනං යනු කවර අයුරකින් හෝ විරුද්ධ නොවන්නා වූ මෛත්‍රිය ගැන ප්‍රශංසා කරන්නවුන් සුනන්තුධම්මං කාලෙන යනු සුදුසු කල්හි ඔවුන්ගේ සමීපයෙහි ධර්මය අසත්වා. තඤ්ච අනු විධීයන්තු යනු ඒ නියමාකාර ධර්මය මනාව ඉගෙනගෙන අනුව කෙරෙත්වා. ධර්මානුධර්ම ප්රතිපත්තීන්හි යෙදෙත්වා යන අර්ථයි.
න හි ජාතු සො මමං හිංසෙති සො මය්හං දිසො පච්චත්ථිකො ජාතු, එකංසෙනෙව මං න හිංසෙ, න බාධෙය්ය. අඤ්ඤං වා පන කඤ්චි නන්ති න කෙවලං මංයෙව, අඤ්ඤං වාපි කඤ්චි සත්තං න හිංසෙය්ය, පප්පුය්ය පරමං සන්තින්ති, පරමං උත්තමං සන්තිං නිබ්බානං පාපුණෙය්ය, පාපුණිත්වා ච රක්ඛෙය්ය තසථාවරෙති සබ්බෙ ච සත්තෙ පරමාය රක්ඛාය රක්ඛෙය්ය, සිස්සං පුත්තං විය පරිපාලෙය්යාති අත්ථො.
නහිජාතු සො මමං හිංසෙ ඔහු මගේ සතුරා, විරුද්ධකාරයා වේවා. ඒකාන්ත වශයෙන් මට හිංසා නොකරන්නේය. බාධා නොකරන්නේය. අඤ්ඤං වා පන කිඤ්චි නං යනු හුදෙක් මා පමණක් නොව අන්කිසිවකුත් හිංසාවට ලක් නොකරන්නේය. පප්පුය්ය පරමං සන්ති යනු ශ්‍රේෂ්ඨ වූ උතුම් වූ ශාන්ත වූ නිර්වාණයට පත්වන්නේය. පැමිණ ද රක්ඛෙය්ය තසථාවරෙ යනු සියළු සතුන් උතුම් ආරක්ෂාවෙන් රකින්නේය. ශිෂ්‍ය පුත්‍රයකු මෙන් පාලනය කළ යුතුයි යන අර්ථයි.
එවං ථෙරො ඉමාහි ගාථාහි පරෙ පාපතො පරිමොචෙන්තො පරිත්තකිරියං නාම කත්වා අත්තනො පටිපත්තිං පකාසෙන්තො “උදකං හී”ති ගාථමාහ. තත්ථ පථවියා ථලට්ඨානං ඛණිත්වා නින්නට්ඨානං පූරෙත්වා මාතිකං වා කත්වා රුක්ඛදොණිං වා ඨපෙත්වා අත්තනා ඉච්ඡිකිච්ඡිතට්ඨානං උදකං නෙන්තීති නෙත්තිකා, උදකහාරිනො. තෙජනන්ති කණ්ඩං. ඉදං වුත්තං හොති – නෙත්තිකා අත්තනො රුචියා උදකං නයන්ති, උසුකාරාපි තාපෙත්වා වඞ්කාභාවං හරන්තා තෙජනං උසුං දමයන්ති, උජුකං කරොන්ති, තච්ඡකාපි නෙමිආදීනං අත්ථාය තච්ඡන්තා දාරුං දමයන්ති අත්තනො රුචියා උජුං වා වඞ්කං වා කරොන්ති. එවං එත්තකං ආරම්මණං කත්වා පණ්ඩිතා සප්පඤ්ඤා අරියමග්ගං උප්පාදෙන්තා අත්තානං දමෙන්ති, අරහත්තප්පත්තා පන එකන්තදන්තා නාම හොන්තීති.
මෙසේ තෙරුන්වහන්සේ මේ ගාථාවලින් අනුන් පාපයෙන් මුදවන්නේ ආරක්ෂක කටයුතු කොට තමන්ගේ ප්‍රතිපත්තිය ප්‍රකාශ කරමින් ‘උදකංහි’ ආදී ගාථාව කීය. එහි පොළවෙහි උස්තැන හාරා පහත් තැන පුරවා ඇලක් හාරා හෝ පීල්ලක් තබා තමන් කැමැති කැමැති තැනකට ජලය ගෙනයත්. නෙත්තිකා යනු ජලය ගෙනයන්නෝ තෙජනං යනු ඊතලය. මෙසේ කියන ලදී. ජලය ගෙනයන්නෝ තමන්ගේ රුචිය පරිදි ජලය ගෙනයත්. කම්මල්කරුවෝ රත්කොට ඇදහැර ඊතල ඍජු කරත්. වඩුවෝ (කරත්ත රෝදවල) පට්ටම් ආදිය සඳහා ලී තමන්ට අවශ්‍ය පරිදි කෙලින් හෝ ඇදයට සකස්කර ගනිති. මෙසේ මෙය අරමුණු කරගෙන පණ්ඩිතයෝ නුවණැත්තාහු ආර්ය මාර්ගය උපදවන්නේ තමන් තමන්ව දමනය කරත්. රහත්බවට පැමිණියාහු ස්ථිරවම දමනය වූවෝ වෙත්.
ඉදානි පුරිසදම්මසාරථිනා සත්ථාරා අත්තනො දමිතාකාරං කතඤ්ඤුතඤ්ච පකාසෙන්තො “දණ්ඩෙනෙකෙ”තිආදිකා පඤ්ච ගාථා අභාසි. තත්ථ දණ්ඩෙනෙකෙ දමයන්තීති රාජරාජමහාමත්තාදයො දණ්ඩෙන, හත්ථිඅස්සාදිනා බලකායෙන ච පච්චත්ථිකාදිකෙ දමෙන්ති, ගොපාලාදයො ච ගාවාදිකෙ දණ්ඩෙන යට්ඨියා දමෙන්ති. හත්ථාචරියා හත්ථිං අඞ්කුසෙහි, අස්සාචරියා අස්සෙ කසාහි ච දමෙන්ති. අදණ්ඩෙන අසත්ථෙන, අහං දන්තොම්හි තාදිනාති අහං පන ඉට්ඨාදීසු තාදිභාවප්පත්තෙන සම්මාසම්බුද්ධෙන විනා එව දණ්ඩෙන, විනා සත්ථෙන, නිහිතදණ්ඩනිහිතසත්ථභාවෙන දන්තො දමිතො නිබ්බිසෙවනො ගතො අම්හි.
දැන් පුරුෂයන් දමනය කරන්නා වූ ශාස්තෲන් වහන්සේලා තමන් දමනය වූ ආකාරයත් කළයුතු දේත් ප්‍රකාශ කරමින් “දණ්ඩෙනෙකෙ” ආදී ගාථා පහක් ප්‍රකාශ කළේය. එහි දණ්ඩෙනෙකෙ දමයන්ති යනු රාජරාජ මහාමාත්‍යවරු දණ්ඩකින් ඇත් අස් ආදීන්ද බලපරාක්රමයෙන් සතුරන්ද දමනය කරත්. ගොපලු ආදීහු ගව ආදී සතුන්ව මුගුරකින් හෝ කෙවිටකින් දමනය කරත්. ඇත්ගොව්වෝ ඇතාව හෙණ්ඩුවෙන්ද අශ්වාරෝහකයෝ කසයෙන් අශ්වයන් දමනය කරත්. අදණ්ඩෙන අසත්ථෙන අහං දන්තොම්හිතාදිනා යනු මම වනාහි ඉටු-අනිටු අරමුණුවල තාදිබවට පත් සම්බුද්ධයන් වහන්සේ විසින් දණ්ඩකින් තොරව ආයුධයකින් තොරව බහාතබන ලද දඬු ඇති, බහාතබන ලද ආයුධ ඇතිව දමනය කරන ලද්දේ, දමනය වූයේ වෙමි.
අහිංසකොති මෙ නාමං, හිංසකස්ස පුරෙ සතොති සත්ථාරා සමාගමතො පුබ්බෙ හිංසකස්ස මෙ සමානස්ස අහිංසකොති නාමමත්තං අහොසි. අජ්ජාහන්ති ඉදානි පනාහං “අහිංසකො”ති සච්චනාමො අවිතථනාමො අම්හි. තස්මා න නං හිංසාමි කඤ්චිපි සත්තං න හිංසාමි න බාධෙමි, නන්ති නිපාතමත්තං.
අහිංසකොති මෙනාමං හිංසකස්ස පුරෙ සතො යනු බුදුන් හමුවීමට පෙර හිංසකයෙක් වූ මට ‘අහිංසක’ යන නාම මාත්‍රයක් විය. අජ්ජාහන්ති යනු දැන් වනාහි මට ‘අහිංසක’ යන සච්චනාමො අන්වර්ථ නාම ඇත්තේ වෙමි. ඒ නිසා න නං හිංසාමි කිඤ්චිනං යනු කිසිම සත්ත්වයකුට හිංසා නොකරමි. බාධා නොකරමි. නං යනු නිපාත මාත්‍රයකි.
විස්සුතොති “පාණාතිපාතී ලුද්දො ලොහිතපාණී”තිආදිනා පඤ්ඤාතො. මහොඝෙනාති කාමොඝාදිනා මහතා ඔඝෙන, තස්ස ඔඝස්ස විච්ඡෙදකරං බුද්ධං සරණං බුද්ධසඞ්ඛාතං සරණං අගමං උපගච්ඡිං.
විස්සුතො යනු පරපණ නසන වැද්දා, ලේ තැවරුණු අත් ඇත්තා, ආදී නම්වලින් ප්‍රකට විය. මහොසෙන යනු කාම ආදී මහා සැඩපහරින්, ඒ සැඩපහර කඩා දමන්නා වූ බුද්ධං සරණං යනු බුද්ධ සංඛ්‍යාත වූ සරණ අගමං ගියෙමි.
ලොහිතපාණීති පාණමතිපාතනෙන පරෙසං ලොහිතෙන රුහිරෙන මක්ඛිතපාණි. සරණගමනං පස්සාති මහප්ඵලං මම සරණගමනං පස්සාති අත්තානමෙවාලපති.
ලොහිතපාණි යනු පරපණ නැසීමෙන්, අනුන්ගේ ලේ තැවරුණු අත් ඇති. සරණාගමනං පස්ස යනු මහත්ඵල මහානිසංස දෙන මගේ සරණයාම බලන්න කියා තමාටම කියා ගනී.
තාදිසං කම්මන්ති අනෙකසතපුරිසවධං දාරුණං තථාරූපං පාපකම්මං. ඵුට්ඨො කම්මවිපාකෙනාති පුබ්බෙ කතස්ස පාපකම්මස්ස විපාකෙන ඵුට්ඨො, සබ්බසො පහීනකම්මො විපාකමත්තං පච්චනුභොන්තො. අථ වා ඵුට්ඨො කම්මවිපාකෙනාති උපනිස්සයභූතස්ස කුසලකම්මස්ස ඵලභූතෙන ලොකුත්තරමග්ගෙන, ලොකුත්තරකම්මස්සෙව වා ඵලෙන විමුත්තිසුඛෙන ඵුට්ඨො. සබ්බසො කිලෙසානං ඛීණත්තා අනණො භුඤ්ජාමි භොජනං, භොජනාපදෙසෙන චත්තාරොපි පච්චයෙ වදති.
තාදිසං කම්මං සිය ගණන් පුද්ගලයන් නැසීමෙන්. දරුණු වූ එබඳු පාපකර්මයක්, ඵුට්ඨො කම්ම විපාකෙන පෙර කරන ලද පාපකර්මයේ විපාකයෙන් ස්පර්ශ වූයෙම් සියළු ආකාරයෙන් ප්‍රහීණ වූ කර්ම ඇත්තෙම් විපාක මාත්‍රයක් පමණක් විඳිමි. එසේ නැත්නම් ඵුට්ඨොකම්මවිපාකෙන යනු පිහිට වූ කුසලයාගේ ඵලය වූ ලෝකෝත්තර මාර්ගයෙන් හෝ ලෝකෝත්තර කර්මයාගේ ඵලයෙන් හටගත් විමුක්ති සුවය විඳින්නෙම්, සියළු කෙලෙසුන් නැසූ බැවින් අනණො භුඤ්ජාමි භොජනං යනු භෝජන යන පදයෙන් සිව්පසයම අදහස් කෙරේ.
ඉදානි පුබ්බෙ අත්තනො පමාදවිහාරං ගරහාමුඛෙන පච්ඡා අප්පමාදපටිපත්තිං පසංසන්තො තත්ථ ච පරෙසං උස්සාහං ජනෙන්තො “පමාදමනුයුඤ්ජන්තී”තිආදිකා ගාථා අභාසි. තත්ථ බාලාති බාල්යෙන සමන්නාගතා ඉධලොකපරලොකත්ථං අජානන්තා. දුම්මෙධිනොති නිප්පඤ්ඤා, තෙ පමාදෙ ආදීනවං අපස්සන්තා පමාදං අනුයුඤ්ජන්ති පවත්තෙන්ති, පමාදෙනෙව කාලං වීතිනාමෙන්ති. මෙධාවීති ධම්මොජපඤ්ඤාය සමන්නාගතො පන පණ්ඩිතො කුලවංසාගතං සෙට්ඨං උත්තමං සත්තරතනධනං විය අප්පමාදං රක්ඛති. යථා හි “උත්තමං ධනං නිස්සාය භොගසම්පත්තිං පාපුණිස්සාම, පුත්තදාරං පොසෙස්සාම, සුගතිමග්ගං සොධෙස්සාමා”ති ධනෙ ආනිසංසං පස්සන්තා ධනං රක්ඛන්ති; එවං පණ්ඩිතොපි “අප්පමාදං නිස්සාය පඨමජ්ඣානාදීනි පටිලභිස්සාමි , මග්ගඵලානි පාපුණිස්සාමි, තිස්සො විජ්ජා ඡ අභිඤ්ඤා සම්පාදෙස්සාමී”ති අප්පමාදෙ ආනිසංසං පස්සන්තො ධනං සෙට්ඨංව අප්පමාදං රක්ඛතීති අත්ථො.
පෙර තමාගේ ප්රමාදී ජීවිතයට නින්දා කිරිමේ ස්වභාවයෙන්ද පසුව අප්‍රමාද පැවැත්ම ප්‍රශංසා කරන්නේ එහිදී ද අනුන්ට උනන්දුව ඇතිකරවමින් පමාද මනුයුඤ්ජන්ති ආදි ගාථාව ප්‍රකාශ කළේය. එහි බාලා යනු අඥාන බැවින් මෙලොව පරලොව දියුණුවට හේතුකරන නොදන්නේ. දුම්මෙධිනො යනු ප්‍රඥාව නැති. ඔවුහු ප්‍රමාදයෙහි ආදීනව නොදකින්නාහු පමාදං අනු යුඤ්ජන්ති යනු පවතිත් - ප්‍රමාදයෙන් කල්ගත කරත්. මෙධාවී යනු ධර්මය පිළිබඳව හටගත්තා වූ ප්‍රඥාවෙන් යුක්ත පණ්ඩිතයා කුල පරම්පරාවෙන් ආ සෙට්ඨං උතුම් සප්ත රත්නමය ධනං ධනයක් මෙන්. අප්පමාදං රක්ඛති යම්සේ වනාහි උතුම් ධනයක් නිසා භවභෝග සම්පත් ලබන්නෙමු. දූදරුවන් පෝෂණය කරන්නෙමු. සුගතිගාමී මාර්ගය පිරිසිදු කරන්නෙමුයි යනාදි ධනයෙහි අනුසස් දකින්නාහු ධනය රකිත්. මෙසේ පණ්ඩිතයාද අප්‍රමාදය නිසා ප්‍රථම ධ්‍යානාදිය ලබන්නෙමි. මාර්ගඵලවලට පැමිණෙන්නෙමි. ත්‍රිවිද්‍යා අභිඤ්ඤා සය උපදවා ගන්නෙමි යනාදී ලෙස අප්‍රමාදයෙහි ආනිසංස දකින්නේ උතුම් ධනයක් මෙන් අප්‍රමාදය රකියි යන අර්ථයි.
මා පමාදන්ති පමාදං මා අනුයුඤ්ජෙථ පමාදෙන කාලං මා වීතිනාමයිත්ථ. කාමරතිසන්ථවන්ති වත්ථුකාමෙසු, කිලෙසකාමෙසු ච රතිසඞ්ඛාතං තණ්හාසන්ථවම්පි මා අනුයුඤ්ජෙථ මා වින්දිත්ථ මා පටිලභිත්ථ. අප්පමත්තො හීති උපට්ඨිතසතිතාය අප්පමත්තො පුග්ගලො ඣායන්තො ඣායනප්පසුතො පරමං උත්තමං නිබ්බානසුඛං පාපුණාති.
මාපමාදං ප්‍රමාදය නැතිව අනුයුඤ්ජෙථ යනු ප්‍රමාදයෙන් කාලය ගත නොකරව්. මාකාමරති සන්ථවං වස්තු කාමයන්හි හා ක්ලේශ කාමයන්හි ඇලීම් සංඛ්‍යාත තණ්හාව හා නොයෙදෙව්. වින්දනයක් නොලබව්. අප්පමත්තොහි යනු එළඹි සිටියා වූ සිහිය ඇති බැවින් අප්රමාදී වූ පුද්ගලයා, ඣායන්තො යනු ධ්‍යාන කිරීමෙහි නිරත වූ පරමං උතුම්. නිවන් සුඛං සැපය ලබාගනී.
ස්වාගතං නාපගතන්ති යං තදා මම සත්ථු සන්තිකෙ ආගතං ආගමනං, සත්ථු වා තස්මිං මහාවනෙ ආගමනං, තං ස්වාගතං ස්වාගමනං නාපගතං, අත්ථතො අපෙතං විගතං න හොති. නෙතං දුම්මන්තිතං මමාති යං තදා මයා “සත්ථු සන්තිකෙ පබ්බජිස්සාමී”ති මන්තිතං, ඉදම්පි මම න දුම්මන්තිතං, සුමන්තිතමෙව. කස්මා? සවිභත්තෙසු ධම්මෙසූති සාවජ්ජානවජ්ජාදිවසෙන පකාරතො විභත්තෙසු ධම්මෙසු යං සෙට්ඨං උත්තමං පවරං නිබ්බානං. තදුපාගමං තදෙව උපගච්ඡින්ති අත්ථො.
ස්වාගතං නාපගතං එදා මම බුදුන් සමීපයට ආ ගමන හෝ භාග්‍යවතුන් වහන්සේ ඒ මහා වනයට වැඩමවීම හෝ යහපත් ගමනකි. අර්ථ වශයෙන් අර්ථ රහිත වූවක් නොවේ. නෙතං දුම්මන්තිතං මම යනු එදා මා විසින් බුදුන් සමීපයෙහි පැවිදි වන්නෙමියි කියා කීම නුසුදුසු කීමක් නොවේ. මනා ප්රකාශනයක්මය. කුමක් හෙයින්ද? සංවිභත්තෙසු ධම්මෙසු යනු වැරදි නිවැරදි වශයෙන් බෙදන ලද ධර්මයන්හි යං සෙට්ඨං යනු ප්‍රසස්ථ වූ උත්තම වූ නිර්වාණය තදුපාගමං එය වෙතට ගියෙමියි යන අර්ථයි.
“තදා පුථුජ්ජනකාලෙ පයොගාසයවිපන්නතාය අරඤ්ඤාදීසු දුක්ඛං විහාසිං, ඉදානි පයොගාසයසම්පන්නතාය තත්ථ සුඛං විහරාමී”ති සුඛවිහාරභාවඤ්චෙව “පුබ්බෙ ජාතිමත්තෙන බ්රාහ්මණො, ඉදානි සත්ථු ඔරසපුත්තතාය බ්රාහ්මණො”ති පරමත්ථබ්රාහ්මණභාවඤ්ච දස්සෙන්තො “අරඤ්ඤෙ”තිආදිමාහ. තත්ථ සුඛං සයාමීති සයන්තොපි සුඛං සුඛෙන නිදුක්ඛෙන චිත්තුත්රාසාදීනං අභාවෙන චෙතොදුක්ඛරහිතො සයාමි. ඨායාමීති ඨාමි . අහත්ථපාසො මාරස්සාති කිලෙසමාරාදීනං අගොචරො. අහො සත්ථානුකම්පිතොති සත්ථාරානුකම්පිතො අහො.
එදා පෘථග්ජන කාලයෙහි යමක යෙදීමට උත්සාහයක්, ආසාවක් නොමැති කමින් අරණ්‍ය ආදියෙහි දුකින් වාසය කළෙමි. දැන් වනාහි යම් කාර්යයක යෙදීමේ උනන්දුව හා බලාපොරොත්තුව ඇති බැවින් එහි සැපෙන් පසුවෙමියි සැපයෙන් සිටින බවද පෙර ජාතිමාත්‍රයෙන් බ්‍රාහ්මණයෙක් වූ බවත් දැන් වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ඖරස පුත්‍ර බැවින් බ්‍රාහ්මණ නම් වූ පරමාර්ථ වශයෙන් බ්‍රාහ්මණ බවද දක්වනු කැමැත්තේ ‘අරඤ්ඤෙ’ ආදිය කීහ. එහි සුඛං සයාමී යනු නිදන්නේ ද සැපසේ නිදුකින් සිතෙහි තැති ගැනීම් ආදියෙන් තොර බැවින් සිතෙහි දුකක් නැතිව නිදමි. ඨයාමි යනු හිඳිමි. අහත්ථපාසො මාරස්ස යනු ක්ලේසමාර ආදීන්ට අගෝචර වූ අහො සත්ථානුකම්පිතො යනු ශාස්තෲන් වහන්සේලාගේ සානුකම්පිත බව පුදුමයි.
බ්රහ්මජච්චොති බ්රාහ්මණජාතිකො. උදිච්චො උභතොති මාතිතො ච පිතිතො ච උභතො උදිතො සංසුද්ධගහණිකො. සෙසං තත්ථ තත්ථ වුත්තනයමෙව.
බ්රහ්මජච්චො යනු බ්‍රාහ්මණ ජාතිකයෙක්. උදිච්චො උභතො යනු මව්පසින්ද පියපසින්ද යන දෙපාර්ශ්වයෙන් පිරිසිදු-ඉතිරිය ඒ ඒ තන්හි කියන ලද අයුරින්ම දත යුතුයි.
අඞ්ගුලිමාලත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
අංගුලිමාල ථේර ගාථා වර්ණනාව නිමියේය.