යෙදුමෙන් කියවන්න

අඞ‍්ගුලිමාලත්‍ථෙරගාථා

20. 1. 8.

20. 1. 8.

866. ගච‍්ඡං වදෙසි සමණට‍්ඨිතොම‍්හි මමං ච බ්‍රූසි ඨිතමට‍්ඨිතො’ති, පුච‍්ඡාමි තං සමණ එතමත්‍ථං කථං ඨිතො ත්‍වං අහමට‍්ඨිතොම‍්හි.

866. මහණ! යන්නෙහි ‘සිටියෙමි’යි කියහි, සිටි මා ‘නො සිටියහ’යි ද කියහි, මහණ! මෙකරුණ ඔබ විචාරමි, භවත් කෙසේ සිටියෙ යැ? මම කෙසේ නො සිටියෙම් වේ ද?

867. ඨිතො අහං අඞ‍්ගුලිමාල සබ‍්බදා සබ‍්බෙසු භූතෙසු නිධාය දණ‍්ඩං, තුවඤ‍්ච පාණෙසු අසඤ‍්ඤතොසි තස‍්මා ඨිතොහං තුවමට‍්ඨිතොසි.

867. අඟුල්මල! මම හැම කල්හි සියලු සතුන් කෙරෙහි දණ්ඩනය හැරපියා සිටියෙමි, තෝ වනාහි ප්‍රාණීන් කෙරෙහි සංයම රහිත වෙහි, එහෙයින් මම සිටියෙමි, තෝ නො සිටියෙහි.

868. චිරස‍්සං වත මෙ මහිතො මහෙසි මහාවනං සමණො පච‍්චුපාදි, සො’හං චජිස‍්සාමි සහස‍්සපාපං සුත්‍වාන ගාථං තව ධම‍්මයුත‍්තං.

868. පූජිත වූ මහර්ෂි වූ ශ්‍රමණ තෙම කලෙකින් මට හිත පිණිස මහවනයට එළඹියේ යැ, මම ඔබගේ ධර්‍මයුක්ත වූ ගාථාව අසා දහසක් පව් හැරැදමන්නෙමි.

869. ඉච‍්චෙව චොරො අසිමාවුධං ච සොබ‍්භෙ පපාතෙ නරකෙ අන්‍වකාසි, අවන්‍දි චොරො සුගතස‍්ස පාදෙ තත්‍ථෙව පබ‍්බජ‍්ජමයාචි බුද‍්ධං.

869. මෙසේ කියා අඟුල්මල් සොර අසිපත ද සෙසු අවි ද හෙබෙහි ප්‍රපාතයෙහි, පොළෝ විවරයෙහි දැමී යැ, සොරා බුදුන් ගේ පාසඟළු වැන්දේ යැ, එතැන්හි මැ බුදුන් ගෙන් පැවිද්ද අයැදී.

870. බුද‍්ධො ච ඛො කාරුණිකො මහෙසි යො සත්‍ථා ලොකස‍්ස සදෙවකස‍්ස, තමෙහි භික‍්ඛූ’ති තදා අවොච එසො’ව තස‍්ස අහු භික‍්ඛුභාවො.

870. එක්බිති යම් කෙනෙක් දෙවියන් සහිත සත්ත්‍වලෝකයාට කාරුණික වෙත් ද, මහර්ෂී වෙත් ද ඒ බුදුහු ‘එව මහණැ’යි එදා ඔහුට වදාළහ. එ මැ ඔහු ගේ භික්‍ෂුභාවය වී.

871. යො ච පුබ‍්බෙ පමජ‍්ජිත්‍වා පච‍්ඡා සො නප‍්පමජ‍්ජති, සො’මං ලොකං පභාසෙති අබ‍්භා මුත‍්තො’ව චන්‍දිමා.

871. යමෙකු පළමු ප්‍රමාදයට පැමිණ පසුව අප්‍රමාද වේ ද හෙතෙම වලායෙන් මුත් නිසයුරු සෙයින් මෙලොව බබුළුවයි.

872. යස‍්ස පාපං කතං කම‍්මං කුසලෙන පිථීයති, සො’මං ලොකං පභාසෙති අබ‍්භා මුත‍්තො’ව චන්‍දිමා.

872. යමකු විසින් කරනලද පව්කම් කුශලයෙන් වසනුලැබේ ද හෙතෙම වලායෙන් මුත් නිසයුරු සෙයින් මෙලොව බබුළුවයි.

873. යො හවෙ දහරො භික‍්ඛු යුඤ‍්ජති බුද‍්ධසාසනෙ, සො’මං ලොකං පභාසෙති අබ‍්භා මුත‍්තො’ව චන්‍දිමා.

873. යම් තරුණ මහණෙක් ත්‍රිවිධශික්‍ෂායෙහි යුක්තප්‍රයුක්ත වේ ද හෙතෙම ඒකාන්තයෙන් වලායෙන් මුත් නිසයුරු සෙයින් මෙලොව බබුළුවයි.

874. දිසා’පි මෙ ධම‍්මකථං සුණන‍්තු දිසා’පි මෙ යුඤ‍්ජන‍්තු බුද‍්ධසාසනෙ, දිසා’පි මෙ තෙ මනුජෙ භජන‍්තු යෙ ධම‍්මමෙවාදාපෙන‍්ති සන‍්තො.

874. මා ගේ සතුරෝ ද (මා ඇසූ) ධර්‍මකථාව අසත්වා! මාගේ සතුරෝ ද බුද්ධශාසනයෙහි යුක්තප්‍රයුක්ත වෙත්වා! (යෙදෙත්වා!) යම් සත්පුරුෂ කෙනෙක් ධර්‍මය මැ ගන්වත් ද මාගේ සතුරෝ ද එබඳු මිනිසුන් භජනය කෙරෙත්වා!

875. දිසා හි මෙ ඛන‍්තිවාදානං අවිරොධප‍්පසංසිනං, සුණන‍්තු ධම‍්මං කාලෙන තඤ‍්ච අනුවිධීයන‍්තු.

875. මා ගේ සතුරෝ ක්‍ෂාන්තිවාදීන්ගේ මෛත්‍රිය පසස්නවුන් ගේ ධර්‍මය සුදුසු කල්හි අසත්වා! එ ද අනුගමනය කෙරෙත්වා!

876. නහි ජාතු සො මමං හිංසෙ අඤ‍්ඤං වා පන කිඤ‍්චනං, පප‍්පුය්‍ය පරමං සන‍්තිං රක‍්ඛෙය්‍ය තසථාවරෙ.

876. ඒ මාගේ සතුරා කිසි කලෙකැ මා නො මැ නසන්නේ යැ, අන් කිසිවකු හෝ නො නසන්නේ යැ, (හෙතෙම) පරම ශාන්තියට පැමිණ තැතිගන්නවුන් (පුහුදුන්) හා ස්ථාවරයන් (රහතුන්) රක්නේ යි.

877. උදකං හි නයන‍්ති නෙත‍්තිකා උසුකාරා නමයන‍්ති තෙජනං, දාරුං නමයන‍්ති තච‍්ඡකා අත‍්තානං දමයන‍්ති පණ‍්ඩිතා.

877. දියාලුවෝ (කැමැති තැනට) දියගෙන යෙති, හීවඩුවෝ හී ඍජු කෙරෙති. දැවවඩුවෝ දැව නමති, නුවණැතියෝ ආත්මය දමනය කෙරෙත්.

878. දණ‍්ඩෙනෙකෙ දමයන‍්ති අඞ‍්කුසෙහි කසාහි ච, අදණ‍්ඩෙන අසත්‍ථෙන අහං අන‍්තොම‍්හි තාදිනා.

878. ඇතැම් කෙනෙක් කැවිටිනුදු අකුස්සෙනුදු කසයෙනුදු දමනය කරත්, මම කැවිටි නැති අවි නැති තාදිහු (බුදුන්) විසින් දමනය කරනලද්දෙමි වෙමි.

879. අභිංසකො’ති මෙ නාමං හිංසකස‍්ස පුරෙ සතො, අජ‍්ජාහං සච‍්චනාමොම‍්හි න නං හිංසාමි කිඤ‍්චනං.

879. හිංසක වූ මට පෙර ‘අහිංසක’ යැ යි නමෙක් වී යැ, අද මම නිබොරු නම් ඇත්තෙමි, කිසිවකු නො නසමි.

880. චොරො අහං පුරෙ ආසිං අඞ‍්ගුලිමාලො’ති විස‍්සුතො, වුය‍්හමානො මහොඝෙන බුද‍්ධං සරණමාගමං.

880. පෙර මම ‘අඞ්ගුලිමාල’යි ප්‍රසිද්ධ වූ සොර වීමි, (කාමාදි) මහොඝය විසින් පා කොට ගෙන යන ලද්දෙම් බුදුන් සරණගියෙමි.

881. ලොහිතපාණී පුරෙ ආසිං අඞ‍්ගුලිමාලො’ති විස‍්සුතො, සරණාගමනං පස‍්ස භවනෙත‍්ති සමූහතා.

881. පෙර අඟුල්මලැ යි ප්‍රසිද්ධ වූයෙම් ලෙහෙ වැකුණු අත් ඇත්තෙම් වීමි, සරණාගමන අනුසස් බලව. (මා විසින්) තෘෂ්ණාව උගුළුවන ලදු.

882. තාදිසං කම‍්මං කත්‍වාන බහුං දුග‍්ගතිගාමිනං ඵුට‍්ඨො කම‍්මවිපාකෙන අනණො භුඤ‍්ජාමි භොජනං.

882. දුගතියට යනසුලු එබඳු බොහෝ පව්කම් කොට කර්‍මවිපාකය විසින් ස්පර්‍ශ කරනලද්දෙම් ණය නැති ව සිව්පසය වළඳමි.

883. පමාදමනුයුඤ‍්ජන‍්ති බාලා දුම‍්මෙධිනො ජනා. අප‍්පමාදං ච මෙධාවී ධනං සෙට‍්ඨං’ව රක‍්ඛති.

883. නුවණ නැති බාලජනයෝ ප්‍රමාදයෙහි පුනපුනා යෙදෙති, නුවණැත්තේ වැළිත් ශ්‍රේෂ්ඨධනයක් මෙන් අප්‍රමාදය රකී.

884. මා පමාදමනුයුඤ‍්ජෙථ මා කාමරතිසන්‍ථවං, අප‍්පමත‍්තො හි ඣායන‍්තො පප‍්පොති පරමං සුඛං.

884. පමායෙන් කල් නො ගළවවු, කාමරතිසන්‍ථවය නො ලබවු, අප්‍රමාද වූ ධ්‍යාන කරන පුද්ගල තෙම පරමසුවය ලබයි.

885. ස‍්වාගතං නාපගතං නෙතං දුම‍්මන‍්තිතං මම, සංවිභත‍්තෙසු ධම‍්මෙසු යං සෙට‍්ඨං තදුපාගමං.

885. මනා ඊමෙකි, නිරර්‍ත්‍ථක වූයේ නො වේ, මා විසින් තෙල (පැවිදි වෙමි යන කරුණ) නපුරු කොට සිතනලද්දේ නො වේ, (සාවද්‍ය අනවද්‍යා දි විසින්) විභාග කරනලද ධර්‍මයෙහි යමක් ශ්‍රේෂ්ඨ නම් එ නිවන ට පැමිණියෙමි.

886. ස‍්වාගතං නාපගතං නෙතං දුම‍්මන‍්තිතං මම, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

886. මනා ඊමෙකි, නිරර්‍ත්‍ථක වූයේ නො වේ, මා විසින් තෙල නපුරු කොට සිතනලද්දේ නො වේ, ත්‍රිවිද්‍යාව අනුක්‍රමයෙන් ලබනලද යැ, බුදුන් ගේ අනුශාසනය කරනලදි.

887. අරඤ‍්ඤෙ රුක‍්ඛමූලෙ වා පබ‍්බතෙසු ගුහාසු වා, තත්‍ථ තත්‍ථෙව අට‍්ඨාසිං උබ‍්බිග‍්ගමනසො තදා.

887. අරණ්‍යයෙහි හෝ රුක්මුල හෝ පර්‍වතයෙහි හෝ ගුහායෙහි හෝ ඒ ඒ තැන්හි මැ කලකුළුසිත් ඇති වැ එදා සිටියෙමි.

888. සුඛං සයාමි ඨායාමි සුඛං කප‍්පෙමි ජීවිතං, අහත්‍ථපාසො මාරස‍්ස අහො සත්‍ථානුකම‍්පිතො.

888. සුවසේ හොවිමි, සිටිමි, සුවසේ දිවි ගෙවමි, මරහු ගේ අත් පසින් බැහැර යෙමි, අසිරි යැ! ශාස්තෘහු විසින් අනුකම්පිතයෙමි.

889. බ්‍රහ‍්මජච‍්චො පුරෙ ආසිං උදිච‍්චො උභතො අහු, සොජ‍්ජ පුත‍්තො සුගතස‍්ස ධම‍්මරාජස‍්ස සත්‍ථුනො.

889. පෙර බ්‍රාහ්මණජාතික වීමි, (මා පිය) දෙපසින් පරිශුද්ධ වීමි, ඒ මම අද සුගත වූ ධර්‍මරාජන් වූ ශාස්තෘහු ගේ පුත්‍රයෙමි.

890. වීතතණ‍්හො අනාදානො ගුත‍්තද‍්වාරො සුසංවුතො, අඝමූලං වධිත්‍වාන පත‍්තො මෙ ආසවක‍්ඛයො.

890. පහ කළ තෘෂ්ණා ඇතියෙම් උපාදාන රහිතයෙම් ඉඳුරන්හි වසන ලද දොර ඇතියෙම් සුසංවෘත වූයෙම් වෙමි. දුක්මුල් සිඳැ මා විසින් ආස්‍රවක්‍ෂය (නිවන) ලබනලද්දේ යි.

891. පරිචිණ‍්ණො මයා සත්‍ථා කතං බුද‍්ධස‍්ස සාසනං, ඔහිතො ගරුකො භාරො භවනෙත‍්ති සමූහතා’ති.

891. මා විසින් ශාස්තෲන් වහන්සේ ඇසුරු කරනලදහ, බුදුන්ගේ අනුශාසනය කොට නිමවනලදි, ගුරු බර බහා තබනලද්දේ යැ තෘෂ්ණාව උපුරනලද්දී යැ.

ඉත්‍ථං සුදං ආයස‍්මා අඞ‍්ගුලිමාලො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසේ ආයුෂ්මත් අඞ්ගුලිමාල ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ යි.

අඞ‍්ගුලිමාලත්‍ථෙරගාථා.

අඞ්ගුලිමාල ස්ථවිරගාථා යි.