යෙදුමෙන් කියවන්න

අනුරුද‍්ධත්‍ථෙරගාථා

20. 1. 9.

20. 1. 9.

892. පහාය මාතාපිතරො භගිනී ඤාතිභාතරො, පඤ‍්චකාමගුණෙ හිත්‍වා අනුරුද‍්ධො’ව ඣායතු.

892. මාපියන්, සොහොවුරි නෑ සොහොවුරන් හැරැදමා පස්කම්ගුණ හැරැදමා (යමෙක් ධ්‍යාන කෙරේ නම් හෙතෙම) අනුරුද්ධමුනි මෙන් ධ්‍යාන කෙරේ.

893. සමෙතො නච‍්චගීතෙහි සම‍්මතාළප‍්පබොධනො, න තෙන සුද‍්ධිමජ‍්ඣගං මාරස‍්ස විසයෙ රතො.

893. නෘත්‍යගීතයෙන් යුක්ත වූයෙම්, කුළුතාළමින් පිබිදෙනසුලු වූයෙම්, කාමගුණයෙහි ඇලුණෙම් එයින් ශුද්ධියට නො පැමිණියෙමි.

894. එතං ච සමතික‍්කම‍්ම රතො බුද‍්ධස‍්ස සාසනෙ, සබ‍්බොඝං සමතික‍්කම‍්ම අනුරුද‍්ධො’ව ඣායති.

894. තෙල පස්කම් ගුණය ද ඉක්ම බුදුසසුන්හි ඇලුණේ (කාමාදි) සියලු ඕඝයන් මැනැවින් ඉක්ම අනුරුද්ධ මෙන් ධ්‍යාන කෙරේ.

895. රූපා සද‍්දා රසා ගන්‍ධා ඵොට‍්ඨබ‍්බා ච මනොරමා’ එතෙ ච සමතික‍්කම‍්ම අනුරුද‍්ධො’ව ඣායති.

895. රූපයෝ ද, ශබ්දයෝ ද, රසයෝ ද, ගන්‍ධයෝ ද, ස්පර්‍ශයෝ ද, සිත්කලු වූවෝ ය, ඔවුන් ද ඉක්ම (ධ්‍යාන කරන්නේ) අනුරුද්ධ මෙන් ධ්‍යාන කෙරේ.

896. පිණ‍්ඩපාතා පටික‍්කන‍්තො එකො අදුතියො මුනි, එසති පංසුකූලානි අනුරුද‍්ධො අනාසවො.

896. නිරාස්‍රව වූ අනුරුද්ධමුනි තෙම පිණ්ඩපාතයෙන් නැවැත්තේ එකලා වූයේ දෙවැන්නක (තෘෂ්ණාව) නැත්තේ පංශුකූලයන් සොයයි.

897. විචිනී අග‍්ගහී ධොවී රජයී ධාරයී මුනි, පංසුකූලානි මතිමා අනුරුද‍්ධො අනාසවො.

897. ස්මෘතිමත් වූ නිරාස්‍රව වූ අනුරුද්ධමුනි තෙම පංශුකුලයන් ගත්තේ ය, දෙවී යැ, රැඳී යැ, දැරී යැ.

898. මහිච‍්ඡො ච අසන‍්තුට‍්ඨො සංසට‍්ඨො යො ච උද‍්ධතො, තස‍්ස ධම‍්මා ඉමෙ හොන‍්ති පාපකා සඞ‍්කිලෙසිකා.

898. යමෙකුන් මහත් වූ ආශා ඇත්තේත් සන්තෝෂ රහිත වූයේත් ආකීර්‍ණවිහාර ඇත්තේත් විසිරුණුසිත් ඇත්තේත් වේ ද, ඔහුට මේ ධර්‍මයෝ ලාමක වූ සාංක්ලේශිකයෝ වෙත්.

899. සතො ච හොති අප‍්පිච‍්ඡො සන‍්තුට‍්ඨො අවිඝාතවා, පවිවෙකරතො විත‍්තො නිච‍්චමාරද‍්ධවීරියො.

899. (යමෙකුත්) සිහි ඇත්තේත් අල්පෙච්ඡ වූයේත් සන්තුෂ්ට වූයේත් සමාහිත වූයේත් පවිවේකයෙහි ඇලුණේත් නිරතුරු ආරම්භවීර්‍ය්‍යය ඇත්තේත් වේ ද,

900. තස‍්ස ධම‍්ම ඉමෙ හොන‍්ති කුසලා බොධිපක‍්ඛිකා, අනාසවො ච සො හොති ඉති වුත‍්තං මහෙසිනා.

900. ඔහුට මේ ධර්‍මයෝ බෝධිපාක්‍ෂික කුශලයෝ වෙත්, හෙතෙම අනාස්‍රවත් වේ යැ යි මහර්ෂීහු විසින් වදාරනලදී.

901. මම සඞ‍්කප‍්පමඤ‍්ඤාය සත්‍ථා ලොකෙ අනුත‍්තරො, මනොමයෙන කායෙන ඉද‍්ධියා උපසඞ‍්කමි.

901. ලෝකයෙහි නිරුත්තර වූ ශාස්තෲන් වහන්සේ මා ගේ සංකල්පයන් දැන මනෝමය කයින් යුතු වැ ඍධියෙන් එළඹියහ.

902. යදා මෙ අහු සඞ‍්කප‍්පො තතො උත‍්තරි දෙසයි, නිප‍්පපඤ‍්චරතො බුද‍්ධො නිප‍්පපඤ‍්චමදෙසයි.

902. යම් කලෙක මට සංකල්පයෙක් වී ද (ශාස්තෲන් වහන්සේ) ඉන් මතුයෙහි දෙසූහ. ලෝකෝත්තරධර්‍මයෙහි ඇලුණු බුදුන් වහන්සේ ලෝකෝත්තරධර්‍මය දෙසූහ.

903. තස‍්මාහං ධම‍්මමඤ‍්ඤාය විහාසිං සාසනෙ රතො, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

903. මම උන් වහන්සේගේ ධර්‍මය දැනගෙන ශාසනයෙහි ඇලුණෙම් විසීමි, මා විසින් ත්‍රිවිද්‍යාව ලබනලද යැ, බුදුන්ගේ අවවාදය කරන ලදි.

904. පඤ‍්චපඤ‍්ඤාසවස‍්සානි යතො නෙසජ‍්ජිකො අහං, පඤ‍්චවීසතිවස‍්සානි යතො මිද‍්ධං සමූහතං.

904. යම් කලෙක පටන් මම නෙසජ්ජික වීම් ද, ඒ මට පස්පනස්වසෙකි. යම් කලෙක පටන් මා විසින් නිදි වරනලද ද ඒ මට පස්විසිවසෙකි.

905. නාහු අස‍්සාසපස‍්සාසා ඨිතචිත‍්තස‍්ස තාදිනො, අනෙජො සන‍්තිමාරබ‍්භ චක‍්ඛුමා පරිනිබ‍්බුතො.

905. (චතුර්‍ත්‍ථධ්‍යානයෙහි) නැවැති සිත් ඇති තාදීහු (බුදුන්) ගේ ආශ්වාස ප්‍රශ්වාසයෝ නො වූහ, අනෙජ (තෘෂ්ණා රහිත බැවින් හෝ සමාධි විසින් අකම්ප්‍ය බැවින්) වූ පසැස් ඇත්තේ නිර්‍වාණය අරමුණු කොට පිරිනිවියේ යි.

906. අසල‍්ලීනෙන චිත‍්තෙන වෙදනං අජ‍්ඣවාසයී, පජ‍්ජොතස‍්සෙව නිබ‍්බානං විමොක‍්ඛො චෙතසො අහු.

906. නො හැකුළුණු සිතින් (මාරණාන්තික) වේදනාව ඉවසී, ප්‍රදීපයාගේ නිවීම සෙයින් චිත්තයාගේ විමෝක්‍ෂය වී.

907. එතෙ පච‍්ඡිමිකා දානි මුනිනො ඵස‍්සපඤ‍්චමා, නාඤ‍්ඤෙ ධම‍්මා භවිස‍්සන‍්ති සමුබද‍්ධෙ පරිනිබ‍්බුතෙ.

907. දැන් මොහු මුනිහු ගේ පශ්චිමක වූ ස්පර්‍ශපඤ්මකධර්‍මයෝ යි. සම්බුදුන් පිරිනිවි කල්හි (පරිනිර්‍වාණචිත්ත චෛත්තයෙන්) අන්‍යධර්‍මයෝ නො වෙති.

908. නත්‍ථි දානි පුනාවාසො දෙවකායම‍්හි ජාලිනි, වික‍්ඛීණො ජාතිසංසාරො නත්‍ථි දානි පුනබ‍්භවො.

908. ජාලිනිය! මෙතැන් පටන් දේවකායයෙහි යළි මා ගේ වාසයෙක් නැත, ජාතිසංසාරය ක්‍ෂය වූයේ ය, මින් මතු පුනර්‍භවයෙක් නැති.

909. යස‍්ස මුහුත‍්තෙන සහස‍්සධා ලොකො සංවිදිතො සබ්‍රහ‍්මකප‍්පො, වසී ඉද‍්ධිගුණෙ චුතූපපාතෙ කාලෙ පස‍්සති දෙවතා ස භික‍්ඛු.

909. යම් ක්‍ෂීණාස්‍රව මහණක්හු විසින් බඹලොව සහිත සහස්‍රප්‍රකාරලෝකය ප්‍රත්‍යක්‍ෂ කරන ලද්දේ ද ඍද්ධිගුණයෙහි ද චුතූපපාතඥානයෙහි ද වශීප්‍රාප්ත වූ ඒ මහණ තෙම එළඹි කල් ඇති කල්හි දෙවියන් දකී.

910. අන‍්නභාරො පුරෙ ආසිං දළිද‍්දො ඝාසහාරකො, සමණං පටිපාදෙසිං උපරිට‍්ඨං යසස‍්සිනං.

910. පෙර දිළිඳු වූයෙම් (බැළයට) ඉඳුල් අහර ගෙන යන්නෙම් ‘අන්නහාර’ (නම්) වීමි. සමිතපාපී (සමණ) වූ කීර්තිමත් වූ ‘උපරිට්ඨ’ නම් පසේ බුදුනට (දන්) පිළිගැන්වීමි.

911. සොම‍්හි සක්‍යකුලෙ ජාතො අනුරුද‍්ධො’ති මං විදූ, උපෙතො නච‍්චගීතෙහි සම‍්මතාළප‍්පබොධනො.

911. ඒ මම ශාක්‍යකුලයෙහි උපන්මි, ‘අනුරුද්ධ’ යැ යි මා දත්හ. නෘත්‍යගීතයෙන් පිරිවරන ලද්දෙම් කුළුතාළමින් පිබිදෙනසුලු වූයෙමි.

912. අථද‍්දසාසිං සම‍්බුද‍්ධං සත්‍ථාරං අකුතොභයං, තස‍්මිං චිත‍්තං පසාදෙත්‍වා පබ‍්බජිං අනගාරියං.

912. ඉක්බිති නිර්‍භය වූ ශාස්තෘ වූ සම්බුදුන් දිටිමි, උන් වහන්සේ කෙරෙහි සිත පහදවා පැවිද්දට පැමිණියෙමි.

913. පුබ‍්බෙනිවාසං ජානාමි යත්‍ථ මෙ වුසිතං පුරෙ, තාවතිංසෙසු දෙවෙසු අට‍්ඨාසිං සතජාතියා.

913. පෙර මා විසින් යම් තැනෙක වසනලද ද (ඒ) පූර්වේනිවාසය දනිමි. තව්තිසා දෙවියන් අතුරෙහි සියක්දැහි සිටියෙමි.

914. සත‍්තක‍්ඛත‍්තුං මනුස‍්සින්‍දො අහං රජ‍්ජමකාරයිං, චාතුරන‍්තො විජිතාවී ජම‍්බුසණ‍්ඩස‍්ස ඉස‍්සරො, අදණ‍්ඩෙන අසත්‍ථෙන ධම‍්මෙන අනුසාසයිං.

914. මම සත් ඉඩක් නරේන්‍ද්‍ර වූයෙම් රාජ්‍යය කෙළෙමි, සාගරපර්‍ය්‍යන්ත පෘථිවියට ඊශ්වර වූයෙම් දික්විජය ඇතියෙම් දඹදිවට ඉසුරු වූයෙම් දඬු නැති වැ අවි නැති වැ දැහැමින් අනුශාසනා කෙළෙමි.

915. ඉතො සත‍්ත තතො සත‍්ත සංසාරානි චතුද‍්දස, නිවාසමභිජානිස‍්සං දෙවලොකෙ ඨිතො තදා.

915. මෙ මිනිස්ලොවින් සැවැ දෙව්ලො වැ සත්වරෙකැ, එ දෙව්ලොවින් සැවැ මිනිස්ලොවැ සත්වරෙකැ යි භවාන්තර තුදුසෙකැ එදා දෙව්ලොව සිටියෙම් පූර්වේනිවාසය දතිමි.

916. පඤ‍්චඞ‍්ගිකෙ සමාධිම‍්හි සන‍්තෙ එකොදිභාවිතෙ, පටිප‍්පස‍්සද‍්ධිලද‍්ධම‍්හි දිබ‍්බචක‍්ඛු විසුජ‍්ඣි මෙ.

916. ශාන්ත වූ එකඟ බවට ගියා වූ චතුර්‍ත්‍ථධ්‍යාන සමාධිය ඇති කල්හි (කෙලෙසුන්) සන්හිඳීම ඇති කල්හි මාගේ දිව්‍යචක්‍ෂුස විශුද්ධ වී.

917. චුතූපපාතං ජානාමි සත‍්තානං ආගතිං ගතිං, ඉත්‍ථභාවඤ‍්ඤථාභාවං ඣානෙ පඤ‍්චඞ‍්ගිකෙ ඨිතො.

917. පඤ්චාඞ්ගික (චතුර්‍ත්‍ථ) ධ්‍යානයෙහි සිටියෙම් සත්ත්‍වයන්ගේ ච්‍යුති උත්පත්ති, ගතාගති, ඉත්‍ථම්භාවාන්‍යථාභාව දනිමි.

918. පරිචිණ‍්ණො මයා සත්‍ථා කතං බුද‍්ධස‍්ස සාසනං, ඔහිතො ගරුකො භාරො භවනෙත‍්ති සමූහතා.

918. මා විසින් ශාස්තෲන් වහන්සේ ඇසුරු කරනලදහ, බුදුන්ගේ ශාසනය කරනලද යැ, ගුරුබර බහා තබනලද්දේ ය, තෘෂ්ණාව මුලුසුන් කරනලදු.

919. වජ‍්ජීනං වෙළුවගාමෙ අහං ජීවිතසඞ‍්ඛයා, හෙට‍්ඨතො වෙළුගුම‍්බස‍්මිං නිබ‍්බායිස‍්සං අනාසවො’ති.

919. මම ආයුක්‍ෂය හෙයින් වැදෑරට ‘වේළුව’ නම් ගම්හි හුණළැහැබ යට නිරාස්‍රව වැ පිරිනිවෙන්නෙමි’යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා අනුරුද‍්ධො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසේ ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ’යි.

අනුරුද‍්ධත්‍ථෙරගාථා.

අනුරුද්ධ ස්ථවිරගාථා යි.