යෙදුමෙන් කියවන්න

ථෙරගාථාපාළි

ථේරගාථා

නිදානගාථා

නිදානගාථා

නමො තස‍්ස භගවතො අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස

ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

සීහානං’ව නදන‍්තානං දාඨීනං ගිරිගබ‍්භරෙ සුණාථ භාවිතත‍්තානං ගාථා අත‍්තූපනායිකා.

ගිරිගුහායෙහි නද දෙන, දළ ඇති සිංහයන් වැනි වැඩූ සිත් ඇති ආර්‍ය්‍යයන් තමන් පිළිබඳ වැ ගෙනහැර දැක් වූ ගාථාවන් අසවු.

යථානාමා යථාගොත‍්තා යථාධම‍්මවිහාරිනො යථාධිමුත‍්තා සප‍්පඤ‍්ඤා විහරිංසු අතන්‍දිතා.

(සුභූති ආදී) යම් යම් නම් ඇති (ගෞතම ආදි) යම් යම් ගෝත්‍ර ඇති යම් බඳු සමාපත්ති විහරණ ඇති, ශ්‍රද්ධා අධිමුක්ති ඇති, ත්‍රිහේතුක කර්‍මජ ප්‍රඥාවෙන් ප්‍රඥා ඇත්තෝ අනලස් වැ වාසය කළාහු ද,

තත්‍ථ තත්‍ථ විපස‍්සිත්‍වා ඵුසිත්‍වා අච‍්චුතං පදං කතන‍්තං පච‍්චවෙක‍්ඛන‍්තා ඉමමත්‍ථමභාසිසුං.

ඔහු ඒ ඒ තන්හි විවසුන් වඩා නිවන්සුව ලැබ කෘතාන්ත සඞ්ඛ්‍යාත අග්‍රඵලය නුවණින් සලකා බලනුවෝ මේ (අත්තූපනායිකගාථා) අර්‍ත්‍ථය වදාළහ.