යෙදුමෙන් කියවන්න

11. එකාදසනිපාතො

11. එකාදසනිපාතො.

11. ඒකාදසකනිපාතය

11. 1. 1.

11. 1. 1.

597. කිං තවත්‍ථො වනෙ තාත උජ‍්ජුහානො ව පාවුසෙ, වෙරම‍්බා රමණීයා තෙ පවිවෙකො හි ඣායිනං.

597. දරුව, වැසිකල්හි උජ්ජුහානපර්‍වතය වැනි (අසත්ප්‍රාය) වූ වනයෙහි ඔබට කවර ප්‍රයෝජනයෙක් ද? කිම ඔබට වේරම්බවාතයෝ රමණීය වෙත් ද? පවිවේකය මැ ධ්‍යායීන්ට රමණීය යි.

598. යථා අබ‍්භානි වෙරම‍්බො වාතො නුදති පාවුසෙ, සඤ‍්ඤා මෙ අභිකීරන‍්ති විවෙකපටිසඤ‍්ඤුතා.

598. යම්සේ වැසිකල්හි වේරම්බවාතය වලාවන් බැහැර කෙරේ (ගෙනයා) ද, එසේ මැ විවේකප්‍රතිසංයුක්ත වූ සංඥාවෝ මා ගේ සිත (විවේකස්ථානයට) අදිත් (ගෙන යත්).

599. අපණ‍්ඩරො අණ‍්ඩසම‍්භවො සීවථිකාය නිකෙතවාරිකො, උප‍්පාදයතෙව මෙ සතිං සන්‍දෙහස‍්මිං විරාගනිස‍්සිතං.

599. සොහොනෙහි එ මැ නිවෙස් කොට හැසිරෙන කළුපැහැ ඇති පක්‍ෂි (කවුඩු) තෙම මට සිය සිරුරෙහි විරාගනිඃශ්‍රිත වූ සිහිය එළවා මැ යි.

600. යං ච අඤ‍්ඤෙ න රක‍්ඛන‍්ති යො ච අඤ‍්ඤෙ න රක‍්ඛති, ස වෙ භික‍්ඛු සුඛං සෙති කාමෙසු අනපෙක‍්ඛවා.

600. අන්‍යයෝත් යමකු නො රකිත් නම් යමෙකුත් අන්‍යයන් නො රකී නම් කාමයෙහි අපේක්‍ෂා නැති එ මහණ තෙම ඒකාන්තයෙන් සුවසේ හොවී.

601. අච‍්ඡොදිකා පුථුසිලා ගොනඞ‍්ගුලමිගායුතා, අම‍්බුසෙවාලසඤ‍්ඡන‍්නා තෙ සෙලා රමයන‍්ති මං.

601. පහන් දිය ඇති පුළුල්ගලතල යැ ගොනඟුල් (වඳුරු) සිව්පා යැ යන මොවුන්ගෙන් යුත් දියසෙවෙලින් ගැවසීගත් ඒ පර්‍වතයෝ මා සිත් අලවත්.

602. වසිතං මෙ අරඤ‍්ඤෙසු කන්‍දරාසු ගුහාසු ච, සෙනාසනෙසු පන‍්තෙසු වාළමිගනිසෙවිතෙ.

602. අරණ්‍යෙයෙහි ද ගිරිකඳුරෙහි ද ගිරිගුහායෙහි ද වල්මුවන් විසින් සෙවුනාලද (වනයෙහි) දුරුසෙනසුන්හි ද මා විසූවිරූ යැ.

603. ඉමෙ හඤ‍්ඤන‍්තු වජ‍්ඣන‍්තු දුක‍්ඛං පප‍්පොන‍්තු පාණිනො. සඞ‍්කප‍්පං නාභිජානාමි අනරියං දොසසංහිතං.

603. (ඒ මම) මේ ප්‍රාණීහු නැසෙත්වා, පෙළෙත් වා, දුකට පැමිණෙත්වා යන ද්වේෂයෙන් යුත් අනාර්‍ය්‍යසංකල්පයක් නො දනිමි.

604. පරිචිණ‍්ණො මයා සත්‍ථා කතං බුද‍්ධස‍්ස සාසනං, ඔහිතො ගරුකො භාරො භවනෙත‍්ති සමූහතා.

604. මා විසින් ශාස්තෲන් වහන්සේ ඇසුරු කරනලදහ. බුදුන් වහන්සේ ගේ අනුශාසනය (අවවාදය) කරනලදි, ගරු බර බහා තබනලදි, භවනෙත්තිය (තෘෂ්ණාව) මුලසුන් කරනලදු.

605. යස‍්ස චත්‍ථාය පබ‍්බජිතො අගාරස‍්මානගාරියං, සො මෙ අත්‍ථො අනුප‍්පත‍්තො සබ‍්බසඤ‍්ඤොජනක‍්ඛයො.

605. තවද යම් අර්‍ත්‍ථයක් සඳහා ගිහිගෙන් නික්ම පැවිදි වූයෙම් නම්, සියලු සංයෝජනයන් ගේ ක්‍ෂයකිරීම වූ ඒ අර්‍ත්‍ථය මා විසින් අනුක්‍රමයෙන් ලබනලද්දේ යි.

606. නාභිනන්‍දාමි මරණං නාභිනන්‍දාමි ජීවිතං, කාලං ච පටිකඞ‍්ඛාමි නිබ‍්බිසං භතකො යථා.

606. මරණය නො කැමැත්තෙමි, ජීවිතය නො කැමැත්තෙමි, මෙහෙ කරන කම්කරුවකු වේතනය අපේක්‍ෂා කරන සේ හුදෙක් කාලය අපේක්‍ෂා කරමි.

607. නාභිනන්‍දාමි මරණං නාභිනන්‍දාමි ජීවිතං, කාලං ච පටිකඞ‍්ඛාමි සම‍්පජානො පතිස‍්සතො’ති.

607. මරණය නො කැමැත්තෙමි, ජීවිතය නො කැමැත්තෙමි, සම්‍යක් ප්‍රඥා ඇති වැ සිහි ඇති වැ හුදෙක් කාලය අපේක්‍ෂා කරමි.

ඉත්‍ථං සුදං ආයස‍්මා සඞ‍්කිච‍්චො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසේ ආයුෂ්මත් සඞ්කිච්ච ස්ථවිරයන් වහන්සේ ...

සඞ‍්කිච‍්චත්‍ථෙරගාථා.

සඞ්කිච්ච ස්ථවිරගාථා යි.

තස‍්සුද‍්දානං:

උද්දානය:

සඞ‍්කිච‍්චථෙරො එකො’ව කතකිච‍්චො අනාසවො, එකාදසනිපාතම‍්හි ගාථා එකාදසෙව චා’ති.

එකොළොස් වැනි නිපාතයෙහි කළ (පැවිදි) කිස ඇති නිරාස්‍රව වූ එක් මැ සංකිච්ච ස්ථවිරයන් වහන්සේ යැ, ගාථා ද එකොළොසෙක් මැ යි.

එකාදසනිපාතො නිට‍්ඨිතො.

එකාදසකනිපාතය නිමි.