යෙදුමෙන් කියවන්න

සීලවත්‍ථෙරගාථා

12. 1. 1.

12. 1. 1.

608. සීලමෙවිධ සික‍්ඛෙථ අස‍්මිං ලොකෙ සුසික‍්ඛිතං, සීලං හි සබ‍්බසම‍්පත‍්තිං උපනාමෙති සෙවිතං.

608. මේ සසුන්හි ශීලය මැ පුහුණු කළ මැනවැ, මෙලොව මොනවට පුහුණු කළ, සේවනය කළ ශීලය සියලු සම්පත් එළවා ද එහෙයිනි.

609. සීලං රක‍්ඛෙය්‍ය මෙධාවී පත්‍ථයානො තයො සුඛෙ, පසංසං විත‍්තිලාභං ච පෙච‍්ච සග‍්ගෙ ච මොදනං.

609. ප්‍රශංසාව ද සන්තෝෂ ලාභය ද පරලෙව්හි ස්වර්‍ගයෙහි මෝදනය ද යන ත්‍රිවිධසුඛයන් කැමති වන්නා වූ නුවණැත්තේ සිල් රැක්ක මැනැවි.

610. සීලවා හි බහූ මිත‍්තෙ සඤ‍්ඤමෙනාධිගච‍්ඡති, දුස‍්සීලො පන මිත‍්තෙහි ධං සතෙ පාපමාචරං.

610. සිල් ඇත්තේ මැ සංවරය කරණ කොට ගෙන බොහෝ මිතුරන් ලබයි. දුශ්ශීල තෙමේ වැළිත් ලාමක ක්‍රියා කරන්නේ මිතුරන් කෙරෙන් පහ වේ.

611. අවණ‍්ණං ච අකිත‍්තිං ච දුස‍්සීලො ලභතෙ නරො, වණ‍්ණං කිත‍්තිං පසංසං ච සදා ලභති සීලවා.

611. දුශ්ශීල පුරුෂ තෙම ගර්‍හාවත් අපකීර්තියත් ලබයි. සිල්වත් පුරුෂ තෙම හැම කල්හි ගුණකථනයත් කීර්තියත් ප්‍රශංසාවත් ලබයි.

612. ආදි සීලං පතිට‍්ඨා ච කල්‍යාණානං ච මාතුකං, පමුඛං සබ‍්බධම‍්මානං තස‍්මා සීලං විසොධයෙ.

612. ශීලය (කුශලධර්‍මයන්ට) මූලයත් ප්‍රතිෂ්ඨාත් වෙයි. කල්‍යාණධර්‍මයන්ට ද මවකි. සියලු ධර්‍මයන්ට ප්‍රමුඛ යැ. එහෙයින් සිල් පිරිසිදු කරන්නේ යි.

613. වෙලා ච සංවරො සීලං චිත‍්තස‍්ස අභිහාසනං, තිත්‍ථං ච සබ‍්බබුද‍්ධානං තස‍්මා සීලං විසොධයෙ.

613. ශීලය චිත්තයා ගේ වෙරළ (සීමාව) ත් සංවරයත් සන්තෝෂකාරණයත් සියලු බුදුවරුන්ගේ තීර්‍ත්‍ථයත් වෙයි. එහෙයින් සිල් පිරිසුදු කරන්නේ යි.

614. සීලං බලං අප‍්පටිමං සීලං ආවුධමුත‍්තමං, සීලමාභරණං සෙට‍්ඨං සීලං කවචමබ‍්භුතං.

614. ශීලය අසදෘශ බලයෙකි, ශීලය උතුම් ආයුධයෙකි, ශීලය ශ්‍රේෂ්ඨ ආභරණයෙකි, ශීලය අද්භූත කවචයෙකි (සන්නාහයෙකි).

615. සීලං සෙතු මහෙසක‍්ඛො සීලං ගන්‍ධො අනුත‍්තරො, සීලං විලෙපනං සෙට‍්ඨං යෙන වාති දිසොදිසං.

615. ශීලය මහබල ඇති හෙයකි. යමෙකින් දසනුදස හමා නම් එ ශීලය අනුත්තරගන්‍ධයෙකි. ඒ ශීලය ශ්‍රේෂ්ඨ විලේපනයෙකි.

616. සීලං සම‍්බලමෙවග‍්ගං සීලං පාථෙය්‍යමුත‍්තමං, සීලං සෙට‍්ඨො අතිවාහො යෙන යාති දිසොදිසං.

616. යමෙකින් දසනුදසහි යේ නම් ඒ ශීලය අග්‍ර වූ බත්පළාවකි (බත්මුළෙකි) ඒ ශීලය උතුම් වූ මාර්ගෝපකරණයෙකි. ඒ ශීලය ශ්‍රේෂ්ඨ වූ යානයෙකි.

617. ඉධෙව නින්‍දං ලභති පෙච‍්චාපායෙ ච දුම‍්මනො, සබ‍්බත්‍ථ දුම‍්මනො බාලො සීලෙසු අසමාහිතො.

617. නපුරුසිත් ඇත්තේ මෙලෙව්හි මැ නින්‍දා ලබයි, පරලෙව්හි අපායෙහි ද නින්‍දා ලබයි, ශීලයෙහි නො පිහිටි බාල තෙමේ සියලු තැන්හි දොම්නස් ඇත්තේ වේ.

618. ඉධෙව කිත‍්තිං ලභති පෙච‍්ච සග‍්ගෙ ච සුම‍්මනො, සබ‍්බත්‍ථ සුමනො ධීරො සීලෙසු සුසමාහිතො.

618. මනා සිත් ඇත්තේ මෙලෙව්හි මැ කීර්තිය ලබයි. පරලෙව්හි ස්වර්‍ගයෙහි ද කීර්තිය ලබයි. ශීලයෙහි මොනවට පිහිටි නුවණැත්තේ හැමතැන්හි සොම්නස් වේ.

619. සීලමෙව ඉධ අග‍්ගං පඤ‍්ඤවා පන උත‍්තමො, මනුස‍්සෙසු ච දෙවෙසු සීලපඤ‍්ඤාණතො ජය’න‍්ති.

619. මෙ සසුන්හි ශීලය මැ අග්‍ර යැ, එතෙකුදු වුවත් නුවණැත්තේ උතුමි. මිනිසුන් අතුරෙහි දු දෙවියන් අතුරෙහි දු ශීල ප්‍රඥා - දෙකින් ජය වේ.

ඉත්‍ථං සුදං ආයස‍්මා සීලවො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසේ ආයුෂ්මත් සීලව ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.

සීලවත්‍ථෙරගාථා.

සීලව ස්ථවිරගාථා යි.