සුනීතත්ථෙරගාථා
12. 1. 2.
12. 1. 2.
620. නීචෙ කුලම්හි ජාතො’හං දළිද්දො අප්පභොජනො, හීනකම්මං මමං ආසි අහොසි පුප්ඵඡඩ්ඩකො.
620. මම පහත් කුලයෙහි උපන්මි, දිළින්දෙමි, අල්පභෝජන ඇත්තෙමි, පහත් රැකියාවක් මට වී යැ, පුස්සඩු වීමි.
621. ජිගුච්ඡිතො මනුස්සානං පරිභූතො ච වම්භිතො, නීචං මනං කරිත්වාන වන්දිසං බහුකං ජනං.
621. මිනිසුන් විසින් පිළිකුල් කරනලදු වැ යළි අවමන් කරන ලදු වැ ගරහනලදු වැ යටත්සිත් කොටගෙන බොහෝ දෙනා වැන්දෙමි.
622. අථද්දසාසිං සම්බුද්ධං භික්ඛුසඞ්ඝපුරක්ඛතං, පවිසන්තං මහාවීරං මගධානං පුරුත්තමං.
622. භාග්‍යයෙකි! මගධ දනව්වෙහි අගනුවරට පිවිසෙන්නා වූ භික්ෂුසඞ්ඝයා විසින් පෙරටුකොට ඇති මහාවීර වූ සම්බුදුන් දිටිමි.
623. නික්ඛිපිත්වාන ව්යාභඞ්ගිං වන්දිතුං උපසඞ්කමිං, මමෙව අනුකම්පාය අට්ඨාසි පුරිසුත්තමො.
623. (මම) කද බහා තබා වඳින්නට එළැඹියෙමි. පුරුෂෝත්තම තෙමේ මට මැ අනුකම්පා පිණිස නැවැත්තේ යි.
624. වන්දිත්වා සත්ථුනො පාදෙ එකමන්තං ඨිතො තදා, පබ්බජ්ජං අහමායාචිං සබ්බසත්තානමුත්තමං.
624. එදා ශාස්තෲන් ගේ පාසඟළ වැඳ එකත්පසෙකැ සිටියෙම් සියලු සතුනට උතුම් වූ පැවිද්ද මම අයැදියෙමි.
625. තතො කාරුණිකො සත්ථා සබ්බලොකානුකම්පකො, එහි භික්ඛූති මං ආහ සා මෙ ආසූපසම්පදා.
625. ඉක්බිති කාරුණික වූ, සියලු ලෝකයාට අනුකම්පා ඇති ශාස්තෲන් වහන්සේ ‘එව මහණැ’යි මට වදාළහ, ඒ මාගේ උපසම්පදාව වී යැ.
626. සො’හං එකො අරඤ්ඤස්මිං විහරන්තො අතන්දිතො, අකාසිං සත්ථු වචනං යථා මං ඔවදී ජිනො.
626. ඒ මම එකලා වැ අරණ්‍යයෙහි වසන්නෙම් නො මැලියෙම්, බුදුහු යම්සේ මට අවවාද කළෝ නම් එසේ ශාස්තෲවචනය කෙළෙමි.
627. රත්තියා පඨමං යාමං පුබ්බජාතිමනුස්සරිං, රත්තියා මජ්ඣිමං යාමං දිබ්බචක්ඛුං විසොධයිං, රත්තියා පච්ඡිමෙ යාමෙ තමෙඛන්ධං පදාලයිං.
627. රෑ පෙරයම්හි පූර්වජාතිය සිහි කෙළෙමි, රෑ මැදියම්හි දිවැස ශෝධනය කෙළෙමි. check translation here
628. තතො රත්යා විවසනෙ සුරියස්සුග්ගමනං පති, ඉන්දො බ්රහ්මා ච ආගන්ත්වා මං නමස්සිංසු පඤ්ජිලී.
628. රෑ පැසුළුයම්හි, ඒ රැය අවසන්හි හිරු උදාවන්නා හා මැ (අවිදු) අඳුරුකඳ පැළුයෙමි.
629. නමො තෙ පුරිසාජඤ්ඤ නමො තෙ පුරිසුත්තම, යස්ස තෙ ආසවා ඛීණා දක්ඛිණෙය්යොසි මාරිස.
629. ‘ඉන්ද්‍ර’ ද ‘බ්‍රහ්ම’ ද අවුත් ‘පුරුෂශ්‍රේෂ්ඨය ඔබට නමස්කාර වේවා. පුරුෂොත්තමය ඔබට නමස්කාර වේවා. යම්හෙයෙකින් ඔබගේ ආස්‍රවයෝ ක්ෂය වූවාහු ද (එහෙයින්) දක්ෂිණාර්හ වෙහි’යි ඇඳිලි බැන්දාහු මට නමස්කාර කළහ.
630. තතො දිස්වාන මං සත්ථා දෙවසඞ්ඝපුරක්ඛතං, සිතං පාතුකරිත්වාන ඉමමත්ථං අභාසථ.
630. ඉක්බිති ශාස්තෲන් වහන්සේ දිව්‍යසමූහයා විසින් පුරස්කෘත (සම්භාවිත) වූ මා දැක සිනා පාළ කොට මෙකරුණ වදාළහ.
631. තපෙන බ්රහ්මචරියෙන සඤ්ඤමෙන දමෙන ච, එතෙන බ්රාහ්මණො හොති එතං බ්රාහ්මණමුත්තම, න්ති.
631. තපසිනු දු බඹසරිනු දු ශීලයෙනු දු ප්රඥායෙනු දු යන මෙකරුණින් බ්‍රාහ්මණ වෙයි, මේ උතුම් බමුණු යැ යි (කීහු) යි.
ඉත්ථං සුදං ආයස්මා සුනීතො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
මෙසේ ආයුෂ්මත් සුනීත ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
සුනීතත්ථෙරගාථා.
සුනීත ස්ථවිරගාථා යි.
තස්සුද්දානං:
උද්දානය:
සීලවා ච සුනීතො ච ථෙරා ද්වෙ තෙ මහිද්ධිකා ද්වාදසම්හි නිපාතම්හි ගාථායො චතුවීසතී’ති.
දොළොස් වැනි නිපාතයෙහි සීලව ද, සුනීත දැ යි තෙරවරු දෙදෙනෙකි. ඔහු මහත් ඍද්ධි ඇත්තාහු යැ, ගාථාවෝ සූවිස්සෙකි.
ද්වාදසනිපාතො නිට්ඨිතො.
ද්වාදසනිපාතය නිමි.