සුනීතත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
සුනීතත්ථෙරගාථාවණ්ණනා
සුනීත ස්ථවිරගාථා වර්ණනාව
නීචෙ කුලම්හීතිආදිකා ආයස්මතො සුනීතත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ පුඤ්ඤානි උපචිනිත්වා දෙවමනුස්සෙසු සංසරන්තො බුද්ධස්ස සුඤ්ඤකාලෙ කුලගෙහෙ නිබ්බත්තිත්වා වයප්පත්තො බාලජනෙහි සද්ධිං කීළාපසුතො හුත්වා විචරන්තො එකං පච්චෙකබුද්ධං ගාමෙ පිණ්ඩාය චරන්තං දිස්වා, “කිං තුය්හං සබ්බසො වණිතසරීරස්ස විය සකලං කායං පටිච්ඡාදෙත්වා භික්ඛාචරණෙන, නනු නාම කසිවාණිජ්ජාදීහි ජීවිකා කප්පෙතබ්බා? තානි චෙ කාතුං න සක්කොසි, ඝරෙ ඝරෙ මුත්තකරීසාදීනි නීහරන්තො පච්ඡා වත්ථුසොධනෙන ජීවාහී”ති අක්කොසි. සො තෙන කම්මෙන නිරයෙ පච්චිත්වා තස්සෙව කම්මස්ස විපාකාවසෙසෙන මනුස‍්සලොකෙපි බහූනි ජාතිසතානි පුප්ඵඡඩ්ඩකකුලෙ නිබ්බත්තිත්වා තථා ජීවිකං කප්පෙසි. ඉමස්මිඤ්ච බුද්ධුප්පාදෙ පුප්ඵඡඩ්ඩකකුලෙ එව නිබ්බත්තො උක්කාරසොධනකම්මෙන ජීවිකං කප්පෙති ඝාසච්ඡාදනමත්තම්පි අලභන්තො.
“නීචෙ කුලම්හි” යනු ආයුෂ්මත් සුනීත තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. ඒවායේ උපත කෙසේ සිදුවීද? උන්වහන්සේ ද පෙර බුදුවරුන් හමුවේ කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී පින්දහම් රැස්කරමින්, දෙව් මිනිස් දෙගතියේ සැරිසරා පැමිණියහ. බුද්ධ ශූන්‍ය කාලයක සිටුගෙයක ඉපිද, වැඩිවියට පත්ව දරුවන් සමඟ ක්‍රීඩා කරමින් යන්නේ, එක් පසේ බුදුවරයෙක් ගමේ පිඬුසිඟා වඩිනු දැක, “නුඹගේ මේ මුළු සිරුරේම තුවාල ඇත්තකුමෙන්, මුළු ශරීරයම වසාගෙන පිඬුසිඟා යෑමෙන් කවර ප්‍රයෝජනයක් ද? කෘෂිකර්ම, වෙළඳාම් ආදී ජීවිකාවලින් දිවි පැවැත්වීම අකැප ද? ඉදින් ඒවා කිරීමට අසමත් නම් ගෙවල්වල මළමුත්රාදී අපද්‍රව්‍ය බැහැර කරමින් කශල ශෝධකයෙක්ව ජීවත් වන්න”යි ආක්‍රෝශ කළේය. එම පාපකර්මය නිසා නිරයේ පැසුණු හෙතෙම, ඒ කර්මයේම විපාක වශයෙන් මිනිස් ලොව ද බොහෝ ජාති සිය ගණනක කශල ශෝධක කුලයෙහි ම ඉපිද දිවිගෙවීය. මේ බුද්ධෝත්පාද කාලයේදී ද කශලශෝධක සැඬොල් කුලයේ සුනීත නමින් ඉපිද, අශුචි ඉවත් කරමින් කෑම් ඇඳීම් පමණක්වත් නොලැබ දිවිගෙවීය.
අථ භගවා පච්ඡිමයාමෙ බුද්ධාචිණ්ණං මහාකරුණාසමාපත්තිං සමාපජ්ජිත්වා තතො වුට්ඨාය බුද්ධචක්ඛුනා ලොකං වොලොකෙන්තො සුනීතස්ස හදයබ්භන්තරෙ ඝටෙ පදීපං විය පජ්ජලන්තං අරහත්තූපනිස්සයං දිස්වා විභාතාය රත්තියා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය භික්ඛුසඞ්ඝපරිවුතො රාජගහං පිණ්ඩාය පවිට්ඨො. යස්සං වීථියං සුනීතො උක්කාරසොධනකම්මං කරොති, තං වීථිං පටිපජ්ජි. සුනීතොපි තත්ථ තත්ථ විඝාසුච්චාරසඞ්කාරාදිකං රාසිං කත්වා පිටකෙසු පක්ඛිපිත්වා කාජෙනාදාය පරිහරන්තො භික්ඛුසඞ්ඝපරිවුතං සත්ථාරං ආගච්ඡන්තං දිස්වා සාරජ්ජමානො සම්භමාකුලහදයො ගමනමග්ගං නිලීයනොකාසඤ්ච අලභන්තො කාජං භිත්තිපස්සෙ ඨපෙත්වා එකෙන පස්සෙන අනුපවිසන්තො විය භිත්තිං අල්ලීනො පඤ්ජලිකො අට්ඨාසි. “භිත්තිඡිද්දෙන අපක්කමිතුකාමො අහොසී”තිපි වදන්ති.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රෑ මධ්‍යම යාමයේ දී දිගුකලක් බුදුවරුන් විසින් පුරුදු කළ මහා කරුණා ඵල සමවතට සමවැදී ඉන් නැගිට, බුදු ඇසින් ලොව දෙස බැලූ සේක්; සුනීතගේ චිත්තාභ්‍යන්තරයේ කළයක දැල් වූ පහනක් මෙන් බබලන අර්හත්වයට උපනිශ්‍රය වූ හේතු සම්පත් දුටුසේක. රාත්‍රිය ඉක්මගිය කල්හි පෙරවරු සමයේ හැඳ පෙරව පා සිවුරු රැගෙන භික්ෂු මහා සංඝරත්නය පිරිවරාගත් තථාගතයන් වහන්සේ රජග නුවරට පිඬුසිඟා වැඩිසේක. සුනීත අශුචි ඉවත් කරන වීථියට වැඩම කළ බුදුපියාණෝ ඉදිරියටම වැඩියහ. සුනීත ද ඒ ඒ තැනින් ඉඳුල්, මළ මුත්‍රා, කැලි කසළාදිය රැස්කරගෙන කූඩයක දමාගෙන කදකින් ගෙන යමින් සිටියේය. තමාගේ ඉදිරියට මහා සංඝරත්නය පිරිවරාගෙන වැඩම වන ශාස්තෲන් වහන්සේ දැක, ගෞරවාදරයෙන් වික්ෂේපයට පත් සිතින් යුක්ත වූවේ, ගමන් මඟින් සැඟවීමට අවස්ථාවක් නොලැබ, කුණු කද බිත්තිය පසෙක තබා, එක් පසෙකින් බිත්තිය ඇතුලට පිවිසෙන්නාක් මෙන් බිත්තියේ එල්ලී ඇඳිලි බැඳගෙන සිටියේය. “බිත්ති සිදුරකින් ඉවතට යනු කැමතිව සිටියේය.” යි ද කියති.
සත්ථා තස්ස සමීපං පත්වා “අයං අත්තනො කුසලමූලසඤ්චොදිතං උපගතං මං සාරජ්ජමානො ජාතියා කම්මස්ස ච නිහීනතාය සම්මුඛීභාවම්පි ලජ්ජති, හන්දස්ස වෙසාරජ්ජං උප්පාදෙස්සාමී”ති කරවීකරුතමඤ්ජුනා සකලනගරනින්නාදවර-ගම්භීරෙන බ්රහ්මස්සරෙන “සුනීතා”ති ආලපිත්වා “කිං ඉමාය දුක්ඛජීවිකාය පබ්බජිතුං සක්ඛිස්සතී”ති ආහ. සුනීතො තෙන සත්ථු වචනෙන අමතෙන විය අභිසිත්තො උළාරං පීතිසොමනස්සං පටිසංවෙදෙන්තො “භගවා, සචෙ මාදිසාපි ඉධ පබ්බජ්ජං ලභන්ති, කස්මාහං න පබ්බජිස්සාමි, පබ්බාජෙථ මං භගවා”ති ආහ . සත්ථා “එහි, භික්ඛූ”ති ආහ. සො තාවදෙව එහිභික්ඛුභාවෙන පබ්බජ්ජං උපසම්පදඤ්ච ලභිත්වා ඉද්ධිමයපත්තචීවරධරො වස්සසට්ඨිකත්ථෙරො විය හුත්වා සත්ථු සන්තිකෙ අට්ඨාසි. භගවා තං විහාරං නෙත්වා කම්මට්ඨානං ආචික්ඛි. සො පඨමං අට්ඨ සමාපත්තියො, පඤ්ච ච අභිඤ්ඤායො නිබ්බත්තෙත්වා විපස්සනං වඩ්ඪෙත්වා ඡළභිඤ්ඤො අහොසි. තං සක්කාදයො දෙවා බ්රහ්මානො ච උපසඞ්කමිත්වා නමස්සිංසු. තෙන වුත්තං –
ශාස්තෲන් වහන්සේ සුනීත ළඟට පැමිණ; මෙතෙම තමාගේ කුසල මූලයෙන් මෙහෙයවා තමාවෙත පැමිණි, මා පිළිබඳව ගෞරව භය දක්වමින් ජාතියෙන් ද කර්මයෙන් ද ඉතා පහත් බැවින් ඉදිරියේ සිටියත් ලැජ්ජාවේ. ඒකාන්තයෙන් ම මොහු විශාරදත්වයට පත්කරන්නෙමි”යි කොවුල් හඬින් මනෝඥ වූ මේඝ ශබ්දය හා සමාන ගැඹුරු බ්‍රහ්මස්වරයෙන් “සුනීත” යැයි ඇමතූසේක. “මේ දුක්ඛිත ජීවිතයෙන් කවර ප්‍රයෝජනයක් ද? පැවිදිවීමට අකමැතිද?” විමසූ සේක. ඒ ශාස්තෲ වදන් ඇසූ සුනීත; අමෘතයෙන් අභිෂේක කරන ලද අවස්ථාවක මෙන් මහත් උදාර වූ ප්‍රීති සොම්නසට පැමිණ, ඒ සතුට විඳිමින්; “ඉදින් භාග්‍යවතුන් වහන්සේ මා වැන්නවුන් ද මේ බුදුසසුනේ පැවිදි කරන සේක් නම්, මම පැවිදි නොවී සිටින්නේ කුමක් හෙයින් ද? භාග්‍යවතුන් වහන්ස, මා පැවිදි කරන සේක්වා”යි පැවසීය. ශාස්තෲන් වහන්සේ “එව, මහණ” යි වදාළ සේක. ඒ සමගම ඒහි භික්ෂුභාවයෙන් පැවිදි උපසම්පදා දෙකම ලැබූ සුනීත සෘද්ධිමය පා සිවුරු ලබා සියවස් සපිරි මහතෙර නමක් මෙන්, ශාස්තෲන් වහන්සේ ගේ ඉදිරියේ පෙනී සිටියේය. භාග්‍යවතුන් වහන්සේ සුනීත තෙරුන් විහාරයට කැඳවාගෙන ගොස් කමටහන් දුන්සේක. උන්වහන්සේ පළමුව අෂ්ටසමාපත්ති හා පංචාභිඥා උපදවාගෙන පසුව විදසුන් වඩා ෂඩ්අභිඥාලාභී වූහ. සුනීත තෙරුන් වෙත පැමිණි ශක්‍රාදී දෙවියෝ ද බ්‍රහ්මයෝ ද උන්වහන්සේට වැන්දහ. එනිසා කියන ලදි.
“තා දෙවතා සත්තසතා උළාරා, බ්රහ්මා ච ඉන්දො උපසඞ්කමිත්වා; ආජානීයං ජාතිජරාභිභූතං, සුනීතං නමස්සන්ති පසන්නචිත්තා”තිආදි.
“තාව දෙවතා සත්තසතා උළාරා බ්‍රහ්ම විමානා උපසංකමිත්වා, අජාතියං ජාතිජරාභිභූතං නීතං නමස්සන්ති පසන්නචිත්තා” තී.
“ඒ මහත් බ්‍රහ්ම විමානයන්ගෙන් සත්සියයක් දෙවියෝ පැමිණ, ජාති ජරා මැඩලූ, නැවත උපදින්නා වූ සුනීත තෙරුන්ට පහන් සිතින් නමස්කාර කරති.”
භගවා තංයෙව දෙවසඞ්ඝපුරක්ඛතං දිස්වා සිතං කත්වා පසංසන්තො “තපෙන බ්රහ්මචරියෙනා”ති ගාථාය ධම්මං දෙසෙසි. අථ නං සම්බහුලා භික්ඛූ සීහනාදං නදාපෙතුකාමා, “ආවුසො සුනීත, කස්මා කුලා ත්වං පබ්බජිතො, කථං වා පබ්බජිතො, කථඤ්ච සච්චානි පටිවිජ්ඣී”ති පුච්ඡිංසු. සො තං සබ්බං පකාසෙන්තො –
භාග්‍යවතුන් වහන්සේ දේව සමූහයා පෙරටුකරගෙන වැජඹෙන සුනීත තෙරුන් දැක, සිනාපහළ කර ප්‍රශංසා කරමින් “තපෙන බ්රහ්මචරියෙන” යන ගාථාවෙන් දහම් දෙසූ සේක. ඉක්බිති බොහෝ භික්ෂූහු සුනීත තෙරුන් ලවා සිංහ නාදය පවත්වනු කැමතිව පිරිස් මැද දී, ඇවැත් සුනීතය, නුඹ කවර කුලයකින් මේ බුදුසසුනේ පැවිදිවූයෙහි ද? කෙසේ ආර්ය සත්‍ය අවබෝධ කළෙහි ද?” යි විමසූ සේක. ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙන සුනීත හිමියෝ සිංහනාද කරමින් මේ ගාථා වදාළහ.
“නීචෙ කුලම්හි ජාතොහං, දලිද්දො අප්පභොජනො; හීනකම්මං මමං ආසි, අහොසිං පුප්ඵඡඩ්ඩකො.
“නීචෙ කුලම්හි ජාතො දළිද්දො අප්පභොජනො, හීනං තම්මං ආසි, අහොසිං පුප්ඵඡඩ්ඩකො”
“ජිගුච්ඡිතො මනුස්සානං, පරිභූතො ච වම්භිතො; නීචං මනං කරිත්වාන, වන්දිස්සං බහුකං ජනං.
“ඡිගුච්ඡිතො මනුස්සානං පරිභූතො ච වම්හිතො, නීචං මනං කත්වාන වන්දිස්සං බහුකං ජනං”
“අථද්දසාසිං සම්බුද්ධං, භික්ඛුසඞ්ඝපුරක්ඛතං; පවිසන්තං මහාවීරං, මගධානං පුරුත්තමං.
“අථද්දසාසිං සම්බුද්ධං භික්ඛුසංඝපුරක්ඛතං, පවිසන්තං මහාවීරං මාගධානං පුරුත්තමං”
“නික්ඛිපිත්වාන බ්යාභඞ්ගිං, වන්දිතුං උපසඞ්කමිං; මමෙව අනුකම්පාය, අට්ඨාසි පුරිසුත්තමො.
“නික්ඛිපිත්වාන බ්යාභහිං වන්දිතුං උපසංකමිං, මමෙව අනුකම්පාය අට්ඨාසි පුරිසුත්තමො”
“වන්දිත්වා සත්ථුනො පාදෙ, එකමන්තං ඨිතො තදා; පබ්බජ්ජං අහමායාචිං, සබ්බසත්තානමුත්තමං.
“වන්දිත්වා සත්ථුනො පාදෙ එකමන්තං ඨිතො තදා, පබ්බජ්ජං අහමායාචිං සබ්බසත්තාන මුත්තමං”
“තතො කාරුණිකො සත්ථා, සබ්බලොකානුකම්පකො; ‘එහි භික්ඛූ’ති මං ආහ, සා මෙ ආසූපසම්පදා.
“තතො කාරුණිකො සත්ථා සබ්බලොකානුකම්පකො, එහි භික්ඛූ’ති මං ආහ, සාමෙ ආසූපසම්පදා”
“සොහං එකො අරඤ්ඤස්මිං, විහරන්තො අතන්දිතො. අකාසිං සත්ථු වචනං, යථා මං ඔවදී ජිනො.
“සොහං එකො අරඤ්ඤස්මිං විහරන්තො අතන්දිතො, ආකාසිං සත්ථු වචනං යථා මං ඔවදී ජිනො”
“රත්තියා පඨමං යාමං, පුබ්බජාතිමනුස්සරිං; රත්තියා මජ්ඣිමං යාමං, දිබ්බචක්ඛුං විසොධයිං; රත්තියා පච්ඡිමෙ යාමෙ, තමොඛන්ධං පදාලයිං.
“රත්තියා පඨමං යාමං පුබ්බජාතිමනුස්සරිං, රත්තියා මජ්ඣිමං යාමං දිබ්බං චක්ඛුං විසොධයිං, රත්තියා පච්ඡිමෙ යාමෙ තමොක්ඛන්ධං පදාළයිං”
“තතො රත්යාවිවසානෙ, සූරියුග්ගමනං පති; (ජා· 1.11.79); ඉන්දො බ්රහ්මා ච ආගන්ත්වා, මං නමස්සිංසු පඤ්ජලී.
“තතො රත්යා විවසනෙ සුරියස්සුග්ගමනං පති, ඉන්ද්රො බ්රහ්මා ච ආගන්ත්වා මං නමස්සිංසු පඤ්ජලී”
“නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම; යස්ස තෙ ආසවා ඛීණා, දක්ඛිණෙය්යොසි මාරිස.
“නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම, යස්ස තෙ ආසවා ඛීණා, දක්ඛිණෙය්යොසි මාරිස”
“තතො දිස්වාන මං සත්ථා, දෙවසඞ්ඝපුරක්ඛතං; සිතං පාතුකරිත්වාන, ඉමමත්ථං අභාසථ.
“තතො දිස්වාන මං සත්ථා දෙවසංඝපුරක්ඛතං, සිතං පාතුකරිත්වාන ඉමමත්ථං අභාසථ”
“තපෙන බ්රහ්මචරියෙන, සංයමෙන දමෙන ච; එතෙන බ්රාහ්මණො හොති, එතං බ්රාහ්මණමුත්තම”න්ති. –
“තපෙන බ්රහ්මචරියෙන සංයමෙන දමෙන ච, එතෙන බ්රාහ්මණො හොති, එතං බ්රාහ්මණමුත්තමං” තී.
ඉමාහි ගාථාහි සීහනාදං නදි.
තත්ථ නීචෙති ලාමකෙ සබ්බනිහීනෙ. උච්චනීචභාවො හි නාම සත්තානං උපාදායුපාදාය, අයං පන සබ්බනිහීනෙ පුක්කුසකුලෙ උප්පන්නතං දස්සෙන්තො “නීචෙ කුලම්හි ජාතො”ති ආහ. තෙන වුත්තං – “නීචෙති ලාමකෙ සබ්බනිහීනෙ”ති. දලිද්දොති දුග්ගතො, දලිද්දාපි කෙචි කදාචි ඝාසච්ඡාදනස්ස ලාභිනො, අකසිරවුත්තිනො හොන්ති, අහං පන සබ්බකාලං කසිරවුත්තිතාය හීනො උද්ධනං උපට්ඨපිතඋක්ඛලිකො දස්සනයුත්තං ථෙවකම්පි අපස්සිං යෙවාති දස්සෙන්තො “අප්පභොජනො”ති ආහ. නීචකුලිකා දලිද්දාපි කෙචි අනීචකම්මාජීවා හොන්ති, මය්හං පන න තථාති දස්සෙන්තො ආහ “හීනකම්මං මමං ආසී”ති. කීදිසන්ති චෙ? අහොසිං පුප්ඵඡඩ්ඩකො, හත්ථවිකලස්ස හත්ථවාති විය උපචාරවසෙනායං ඉමස්ස සමඤ්ඤා අහොසි යදිදං “පුප්ඵඡඩ්ඩකො”ති. මිලාතපුප්ඵසන්ථරවණ්ණතාය වා උක්කාරභූමියා එවං වුත්තො.
මෙහි “නීචෙ” යනු ළාමක වූ සියල්ලන්ට පහත්, උසස් පහත් බව සත්ත්වයන්ගේ අසමාන, සමානතා විමසීමකි. මෙතෙම සියල්ලන්ටම හීන වූ පහත් වූ “පුක්කුස” නම් කසල ශෝධක කුලයේ උපන්නෙකි. එය දැක්වීමට “පහත් කුලයේ උපන් මම” යැයි දැක්විණි. එනිසා “නීචෙ” යැයි කියන ලදි. සියල්ලන්ටම වඩා පහත් කුලයේ “දළිද්දො” දිළිඳු වූයෙම්, දිළින්දෝ ද කිසිකලෙක කෑම් ඇඳීම් ලබා දුක් සහගත නොවූ පැවතුම් ඇත්තෝ වෙති. නමුත් මම සැමදාම දුක් කරදර සහිතව, උඳුනේ ගෙනැවිත් තැබූ සැළියක් දැකීමටවත් නොලැබූයෙමි. ඒ අර්ථය දැක්වීමට “අප්පභොජනො”, අල්ප භෝජන ඇත්තෙමි”යි කියන ලදි. පහත් කුලිකයෝ, ඉතා දිළිඳුවුවත්, ඇතමෙක් පහත් රැකියා නොකර ජීවත් වෙති. මම එසේ නොවුනෙමි යි දක්වනු සඳහා “නීචං කම්මං ආසිං” යි කියන ලදි. එය කවරාකාර රැකියාවක් ද? “අහොසිං පුප්ඵඡඩ්ඩකො” අත් විකල් වූවහුට “අත්කොරා” යි කියන්නාක් මෙන් මොහුට මේ නම උපචාර වශයෙන් යෙදුණි. “පුප්ඵඡඩ්ඩක” යනු මැලවුණු මල්, කසල, අපද්‍රව්‍ය නගරයෙන් පිටතට ගෙනයන්නායි. අපද්‍රව්‍ය දමන ස්ථානය ද මෙනමින් හැඳින්වේ.
ජිගුච්ඡිතොති ජාතියා චෙව කම්මුනා ච හීළිතො. මනුස්සානන්ති මනුස්සෙහි. පරිභූතොති අවඤ්ඤාතො. වම්භිතොති ඛුංසිතො. නීචං මනං කරිත්වානාති අඤ්ඤෙ මනුස්සෙ සිනෙරුං විය උක්ඛිපිත්වා තෙසං පාදපංසුතොපි අත්තානං නිහීනං කත්වා පවත්තියා නීචං නිහීනං මනං කත්වා. වන්දිස්සං බහුකං ජනන්ති පුථුමහාජනං දිට්ඨදිට්ඨකාලෙ වන්දිං සිරසි අඤ්ජලිං කරොන්තො පණාමිං.
“ජිගුච්ඡිතො” ජාතියෙන් මෙන්ම ක්‍රියාවෙන් ද පිළිකුල් කරන ලද්දෙමි. “මනුස්සානං” මිනිසුන් විසින් “පරිභූතො” අවමන් කරන ලද්දෙමි. “වම්හිතො” ගරහන ලද්දෙමි. “නීචං මනං කරිත්වාන” අත් උසස් කුලික මිනිසුන් මහමෙර මෙන් ඔසවා තබා, ඔවුන්ගේ පාවැකි දූලි මෙන් තමා ඉතා පහත් කර සිතා, යටහත් පහත් සිතැතිව, “වන්දිස්සං බහුකං ජනං” බොහෝ මහජනයාට දුටුදුටු අවස්ථාවෙහි වැන්දෙමි. හිසේ ඇඳිලි බැඳ වැන්දෙමි.
අථාති අධිකාරන්තරදීපනෙ නිපාතො. අද්දසාසින්ති අද්දක්ඛිං. මගධානන්ති මගධා නාම ජානපදිනො රාජකුමාරා, තෙසං නිවාසො එකොපි ජනපදො රුළ්හියා “මගධාන”න්ති වුත්තො, මගධජනපදස්සාති අත්ථො. පුරුත්තමන්ති උත්තමං නගරං. බ්යාභඞ්ගින්ති කාජං. පබ්බජ්ජං අහමායාචින්ති, “සුනීත, පබ්බජිතුං සක්ඛිස්සසී”ති සත්ථාරා ඔකාසෙ කතෙ අහං පබ්බජ්ජං අයාචිං. ආසූපසම්පදාති “එහි, භික්ඛූ”ති සත්ථු වචනමත්තෙන ආසි උපසම්පදා. යථා මං ඔවදීති “එවං සමථපුබ්බඞ්ගමං විපස්සනං භාවෙහී”ති යථා මං ඔවදි, තථා සත්ථුනො වචනං අකාසිං පටිපජ්ජිං. රත්තියාතිආදි තස්සා පටිපත්තියා රසදස්සනං. තත්ථ පුබ්බෙනිවාසඤාණං අනාගතංසඤාණඤ්ච බහුකිච්චන්ති “පඨමං යාමං මජ්ඣිමං යාම”න්ති අච්චන්තසංයොගවසෙන උපයොගවචනං වුත්තං. න තථා ආසවක්ඛයඤාණං එකාභිසමයවසෙන පවත්තනතොති “පච්ඡිමෙ යාමෙ”ති භුම්මවසෙන වුත්තන්ති දට්ඨබ්බං. ඉන්දොති සක්කො දෙවරාජා. බ්‍රහ්මාති මහාබ්රහ්මා. ඉන්දබ්රහ්මග්ගහණෙන අඤ්ඤෙසං කාමදෙවානං බ්රහ්මූනඤ්ච ආගමනං වුත්තමෙවාති දට්ඨබ්බං. උක්කට්ඨනිද්දෙසො හෙස යථා “රාජා ආගතො”ති. නමස්සිංසූති කායෙන වාචාය ච නමක්කාරං අකංසු.
“අථ” අධිකාර්ථය දක්වන නිපාතයකි. “අද්දසාසිං” දුටුවෙමි. “මාගධානං” මගධ නම් ජනපදයේ, රජකුමාරවරු ඔවුන්ගේ නිවාසය වූ එක් ජනපදයකට ‘මගධ’ යැයි කියන ලදි. මගධ ජනපදයේ යන අරුතයි. “පුරුත්තමං” උතුම් නුවරට, “බ්යාභංගිං” කුණු කද “පබ්බජ්ජං අහං ආයාචිං,” ශාස්තෲන් වහන්සේ “සුනීතය, පැවිදිවීමට හැකිද?”යි අවසර දුන් කල්හි මම පැවිද්ද ඉල්ලුයෙමි. “ආසූපසම්පදා,” “එව මහණ” යි යන ශාස්තෲ වචන මාත්‍රයෙන් ම උපසම්පදා වූයෙමි. “යථා මං ඔවදිං” මෙසේ සමථය පූර්වාංගම වූ විදර්ශනාව වඩන්න’ යැයි මාහට අවවාද දුන් ශාස්තෲ වචනය ඉටුකළෙමි. ඒ අනුව පිළිපැද්දෙමි. “රත්තියා” ඒ පිළිවෙත් මඟ දැක්වීමයි. එහි පෙරවිසූ කඳ පිළිවෙල දක්නා නුවණ ද නොපැමිණි ඤාණයන් ද අතිහෙයින් පළමු යාමයේ බොහෝ කටයුතු ඇත. “මජ්ඣිමං යාමං” යනු අත්‍යන්ත සංයෝගයේ දුතියා විභක්ති වචනයකි. ආශ්රවක්ෂය ඤාණය එසේ එකම අවබෝධයක් වශයෙන් නොපවතියි. “පච්ඡිමෙ යාමෙ” යි සත්තමී විභක්ති කාලාර්ථය යෙදුණු තැනකි. “ඉන්දො” ශක්රදිව්ය රාජයා, “බ්රහ්මා” මහා බ්‍රහ්මයා, ඉන්ද්රබ්රහ්ම දෙදෙන ගැනීමෙන් සෙසු කාමසුගති දෙවියන්ගේ පැමිණීම දක්වන ලදි. මෙය ඉතා උසස් කර දැක්වීමකි. “රජු පැමිණියේය” යනාදියෙ මෙනි. “නමස්සිංසු” කයින් වචනයෙන් නමස්කාර කළහ.
තත්ථ කායෙන කතං නමක්කාරං දස්සෙන්තො “පඤ්ජලී”ති වත්වා වාචාය කතං දස්සෙතුං “නමො තෙ”තිආදි වුත්තං. දෙවසඞ්ඝපුරක්ඛතන්ති දෙවග්ගහණෙන උපපත්තිදෙවභාවතො බ්රහ්මානොපි ගහිතා. සිතං පාතුකරිත්වානාති අත්තනො ඔවාදස්ස මහප්ඵලතං දෙවබ්රහ්මූනඤ්ච ගුණසම්පත්තිං නිස්සාය සත්ථා සිතං පාත්වාකාසි. පාතුකරොන්තො ච න අඤ්ඤෙ විය දන්තෙ විදංසෙති, මුඛාධානං පන ථොකං විවරති, තත්තකෙන ච අභිභූතදිබ්බඵලිකමුත්තරස්මියො අවහසිතතාරකාසසිමරීචියො සුසුක්කදාඨසම්භවා ඝනරස්මියො නික්ඛමිත්වා තික්ඛත්තුං සත්ථු මුඛං පදක්ඛිණං කරොන්ති, තං දිස්වා පච්ඡතො ගච්ඡන්තාපි සත්ථා සිතං පාත්වාකාසීති සඤ්ජානන්ති.
එහි කයින් කළ නමස්කාරය දක්වමින්, “පඤ්ජලී,” “ඇඳිලිබැඳ” යි පවසා, වචනයෙන් කළ නමස්කාරය “නමො තෙ” යනුවෙන් දැක්වීය. “දෙවසංඝපුරක්ඛතං” දේව යන්නෙන් උත්පත්ති දෙවියන් ගත් බැවින් බ්‍රහ්මයෝ ද අදහස් වේ. “සිතං පාතු කරිත්වාන” තමාගේ මහත්ඵල දැක්වීමට සහ දිව්‍ය බ්‍රහ්ම සමූහයාගේ ගුණ භක්තිය නිසා ශාස්තෲන් වහන්සේ සිනා පහළ කළ සේක. අන්‍යයන් මෙන් දත් විදහා නොදක්වන උන්වහන්සේ, මුව මදක් විවර කරන සේක. එවිට ම බබළන දිව්‍ය ස්ඵටික මුතුවල ආලෝකය සුදු සඳ රැස් රේඛාවක් මෙන් ඉතා පිරිසිදු දත්වලින් නික්මුණු ඝන රශ්මි රේඛාවක් ශාස්තෲ මුව වටා ප්රදක්ෂිණා කරයි. එය දැක යන්නෝ ද එන්නෝ ද ශාස්තෲන් වහන්සේ සිනාසුණු බව දැන හඳුනාගනිති.
තපෙනාති ඉන්ද්රියසංවරෙන, “ධුතධම්මසමාදානෙනා”ති කෙචි. සංයමෙනාති සීලෙන. දමෙනාති පඤ්ඤාය. බ්රහ්මචරියෙනාති අවසිට්ඨසෙට්ඨචරියාය. එතෙනාති යථාවුත්තෙන තපාදිනා. බ්රාහ්මණො හොති බාහිතපාපභාවතො. එතන්ති තපාදි යථාවුත්තං. බ්රාහ්මණමුත්තමන්ති උත්තමං බ්රාහ්මණං, බ්රාහ්මණෙසු වා උත්තමං සබ්බසෙට්ඨං, අහූති වචනසෙසො. බ්‍රාහ්මණන්ති වා බ්රහ්මඤ්ඤමාහ, එවං උත්තමං බ්රහ්මඤ්ඤං, න ජච්චාදීති අධිප්පායො. න හි ජාතිකුලපදෙසගොත්තසම්පත්තිආදයො අරියභාවස්ස කාරණං, අධිසීලසික්ඛාදයො එව පන කාරණං. තෙනාහ –
“තපෙන” ඉන්ද්රිය සංවරයෙන් ඇතැමෙක් “ධුතංග ධර්ම සමාදානයෙන්” යි අර්ථ කියති. “සංයමෙන” සීලයෙන් යුතුව, “දමෙන” ප්‍රඥාවෙන්, “බ්රහ්මචරියෙන” ඉතිරි ශ්‍රේෂ්ඨ චර්යාවෙන් “එතෙන” ඉහතින් දැක්වූ ආකාරයෙන් ඉන්ද්රිය සංවර ඇත්තා බහා තැබූ පාපධර්ම ඇති බැවින් බ්‍රාහ්මණ නම් වේ. “බ්රාහ්මණමුත්තමං” “උතුම් වූ සියල්ලන්ට ම ශ්‍රේෂ්ඨ වූ “ආහු”, කීහ. යන වචනය ගාථාවේ පිටතින් යොදන වචනයකි. “බ්රාහ්මණං” “උතුම් බ්‍රාහ්මණයෙකි” යි කීහ. මෙසේ උතුම් බ්‍රහ්ම බව “උපතින් නොලැබේ” යන අදහසයි. ආර්යභාවයට පත්වීමට ජාති, කුල, ප්‍රදේශ, ගෝත්‍ර, සම්පත් ආදිය හේතු නොවේ. අධිශීල ශික්ෂාදියම ඊට හේතු වේ. එනිසා කියන ලදි.
“යථා සඞ්කාරඨානස්මිං, උජ්ඣිතස්මිං මහාපථෙ; පදුමං තත්ථ ජායෙථ, සුචිගන්ධං මනොරමං.
“යථා සංඛාරධානස්මිං උජ්ඣිතස්මිං මහාපථෙ, පදුමං තත්ථ ජායෙථ සුචිගන්ධං මනොරමං”
“එවං සඞ්කාරභූතෙසු, අන්ධභූතෙ පුථුජ්ජනෙ; අතිරොචති පඤ්ඤාය, සම්මාසම්බුද්ධසාවකො”ති. (ධ· ප· 58-59);
“එවං සංඛාරභූතෙසු අන්ධභූතෙ පුථුජ්ජනෙ, අතිරොචති පඤ්ඤාය සම්මා සම්බුද්ධ සාවකො”
මහා මාර්ගයේ කුණු ආදිය දමන දිය සහිත කසළ ගොඩෙක, සුවඳැති සිත්කලු පියුමක් හටගන්නාක් මෙන්, කසළ ගොඩක් බඳු වූ නුවණ නැති පුහුදුන් ලෝවැස්සා අතරින් උපන්, සම්මා සම්බුද්ධ ශ්රාවකයා ප්‍රඥාවෙන් සෙසු ජනයා ඉක්මවා බබළයි.
එවං ථෙරො තෙහි භික්ඛූහි පුච්ඡිතමත්ථං ඉමාහි ගාථාහි විස්සජ්ජෙන්තො සීහනාදං නදීති.
මෙසේ සුනීත තෙරණුවෝ ඒ භික්ෂූන් විසින් විමසූ අර්ථය මේ ගාථාවලින් ප්‍රකාශ කරමින් සිංහනාද පැවැත්වූහ.
සුනීතත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
සුනීත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
ද්වාදසකනිපාතවණ්ණනා නිට්ඨිතා.
දොළොස්වන නිපාතයේ අර්ථ වර්ණනාව සමාප්තයි.