යෙදුමෙන් කියවන්න

සීලවත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

සීලවත්‍ථෙරගාථාවණ‍්ණනා

සීලව ස්ථවිරගාථා වර්ණනාව

ද‍්වාදසකනිපාතෙ සීලමෙවාතිආදිකා ආයස‍්මතො සීලවත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයං කුසලං උපචිනිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ රාජගහෙ බිම‍්බිසාරරඤ‍්ඤො පුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්ති, සීලවාතිස‍්ස නාමං අහොසි. තං වයප‍්පත‍්තං රාජා අජාතසත‍්තු මාරෙතුකාමො චණ‍්ඩං මත‍්තහත්‍ථිං ආරොපෙත්‍වා නානාවිධෙහි උපායෙහි උපක‍්කමන‍්තොපි මාරෙතුං නාසක‍්ඛි පච‍්ඡිමභවිකස‍්ස අරහත‍්තං අප‍්පත්‍වා අන‍්තරා ජීවිතන‍්තරායාභාවතො. තස‍්ස පවත‍්තිං දිස‍්වා භගවා මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරං ආණාපෙසි – “සීලවකුමාරං ආනෙහී”ති. ථෙරො ඉද‍්ධිබලෙන සද‍්ධිං හත්‍ථිනා තං ආනෙසි. කුමාරො හත්‍ථිතො ඔරුය‍්හ භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. භගවා තස‍්ස අජ‍්ඣාසයානුරූපං ධම‍්මං දෙසෙසි. සො ධම‍්මං සුත්‍වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා විපස‍්සනාය කම‍්මං කරොන‍්තො නචිරස‍්සෙව අරහත‍්තං පත්‍වා කොසලරට‍්ඨෙ වසති. අථ නං අජාතසත‍්තු “මාරෙථා”ති පුරිසෙ ආණාපෙසි. තෙ ථෙරස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා ඨිතා ථෙරෙන කථිතං ධම‍්මකථං සුත්‍වා සඤ‍්ජාතසංවෙගා පසන‍්නචිත‍්තා හුත්‍වා පබ‍්බජිංසු. ථෙරො තෙසං –

දොළොස්වන නිපාතයේ “සීලමෙව” යනු ආයුෂ්මත් සීලව තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. ඒවායේ උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරුන් හමුවේ කළ ප්‍රාර්ථනා ඇති ව, ඒ ඒ භවයේ දී නිවන් ප්‍රාර්ථනා කරගනිමින් කුසල් දහම් රැස්කරමින් අවුත්, මේ බුද්ධෝත්පාද කාලයේ දී රජගහ නුවර බිම්බිසාර මහරජුගේ පුතු ලෙස උපන්නේ ය. එකුමරු සීලව නමින් ප්‍රකට විය. වැඩිවියට පත් එකුමරු මරා දැමීමට අජාසත් මහරජු චණ්ඩ මතැතෙකු පිට නැංවීම් ආදී අනේකවිධ උපක්‍රම යෙදූවත්, ඒ සියල්ල අසාර්ථක විය. පශ්චිම භවිකයා රහත් නොවී කිසිසේත් ම මරණයත් පත් නොවන බැවිණි. සීලව කුමරුට ඇති උපද්‍රව දුටු භාග්‍යවතුන් වහන්සේ මහමුගලන් තෙරුන් කැඳවා “සීලව කුමරු මෙහි රැගෙන එන්න” යි අණකළ සේක. තෙරණුවෝ සෘද්ධි බලයෙන් මහා හස්තියා බුදුරදුන් වෙත ගෙන්වූහ. සීලව කුමරු ඇතු පිටින් බැස භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පසෙක සිටියේ ය. ඔහුගේ අදහස් අනුව භාග්‍යවතුන් වහන්සේ සදහම් දෙසූ සේක. ධර්මශ්‍රවණයෙන් ලැබූ ශ්‍රද්ධා ඇති එ කුමරු සසුනේ පැවිදිව විදසුන් කමටහන වඩා, නොබෝ දිනකින් ම රහත්භාවයට පත්විය. සීලව තෙරුන් කොසොල් රට වසන බව ඇසූ අජාසත් රජු, “ඔහු මරව” යි රාජ පුරුෂයන්ට නියෝග කළේය. තෙරුන් සමීපයට ගිය ඒ රාජපුරුෂයෝ, තෙරුන්ගේ දහම් දෙසුම් අසා හටගත් සංවේග සිත් ඇතිව, තෙරුන් කෙරෙහි පැහැදී පැවිදිවූහ. ඔවුන් ඇමතූ සීලව තෙරණුවෝ මේ ගාථා වලින් දහම් දෙසූහ.

“සීලමෙවිධ සික‍්ඛෙථ, අස‍්මිං ලොකෙ සුසික‍්ඛිතං. සීලඤ‍්හි සබ‍්බසම‍්පත‍්තිං, උපනාමෙති සෙවිතං.

“සීල මෙවෙධ සික්ඛෙථ අස්මිං ලොකෙ සුසික්ඛිතං, සීලං හි සබ්බ සම්පත්තිං උපනාමෙති සෙවිතං.”

“සීලං රක‍්ඛෙය්‍ය මෙධාවී, පත්‍ථයානො තයො සුඛෙ; පසංසං විත‍්තිලාභඤ‍්ච, පෙච‍්ච සග‍්ගෙ පමොදනං.

“සීලං රක්ඛෙය්‍ය මෙධා වී පත්‍ථයානො තයො සුඛෙ, පසංසං විත්තිලාභඤ්ච පෙච්ච සග්ගෙ ච මොදනං.”

“සීලවා හි බහූ මිත‍්තෙ, සඤ‍්ඤමෙනාධිගච‍්ඡති; දුස‍්සීලො පන මිත‍්තෙහි, ධංසතෙ පාපමාචරං.

“සීලවා හි බහු මිත්තෙ සඤ්ඤ මෙනාධිගච්ඡති, දුස්සීලො පන මිත්තෙහි ධංසතෙ පාපමාචරං”

“අවණ‍්ණඤ‍්ච අකිත‍්තිඤ‍්ච, දුස‍්සීලො ලභතෙ නරො; වණ‍්ණං කිත‍්තිං පසංසඤ‍්ච, සදා ලභති සීලවා.

“අවණ්ණඤ්ච අකිතතිඤ්ච දුස්සීලො ලභතෙ නරො, වණ්ණකිත්තිං පසංසඤ්ච සදා ලභති සීලවා”

“ආදි සීලං පතිට‍්ඨා ච, කල්‍යාණානඤ‍්ච මාතුකං; පමුඛං සබ‍්බධම‍්මානං, තස‍්මා සීලං විසොධයෙ.

“ආදි සීලං පතිට්ඨා ච කල්‍යාණානඤ්ච මාතුකං, පමුඛං සබ්බධම්මානං තස්මා සීලං විසොධයෙ.”

“වෙලා ච සංවරං සීලං, චිත‍්තස‍්ස අභිහාසනං; තිත්‍ථඤ‍්ච සබ‍්බබුද‍්ධානං, තස‍්මා සීලං විසොධයෙ.

“වෙලා ච සංවරො සීලං චිත්තස්ස අභිභාසනං, තිත්‍ථං ච සබ්බබුද්ධානං, තස්මා සීලං විසොධයෙ.”

“සීලං බලං අප‍්පටිමං, සීලං ආවුධමුත‍්තමං; සීලමාභරණං සෙට‍්ඨං, සීලං කවචමබ‍්භුතං.

“සීලං බලං අප්පටිමං සීලං ආවුධමුත්තමං, සීලං ආභරණං සෙට්ඨං, සීලං කවචමබ්භුතං.”

“සීලං සෙතු මහෙසක‍්ඛො, සීලං ගන්‍ධො අනුත‍්තරො; සීලං විලෙපනං සෙට‍්ඨං, යෙන වාති දිසොදිසං.

“සීලං සෙතු මහෙසක්ඛො, සීලං ගන්‍ධො අනුත්තරො, සීලං විලෙපනං සෙට්ඨං යෙන වාති දිසොදිසං.”

“සීලං සම‍්බලමෙවග‍්ගං, සීලං පාථෙය්‍යමුත‍්තමං; සීලං සෙට‍්ඨො අතිවාහො, යෙන යාති දිසොදිසං.

“සීලං සම්බලමෙවග්ගං, සීලං පාථෙය්‍යමුත්තමං, සීලං සෙට්ඨො අතිවාහො යෙන යාති දිසොදිසං.”

“ඉධෙව නින්‍දං ලභති, පෙච‍්චාපායෙ ච දුම‍්මනො; සබ‍්බත්‍ථ දුම‍්මනො බාලො, සීලෙසු අසමාහිතො.

“ඉධෙව නින්‍දං ලභති පෙච්චාපායෙ ච දුම්මනො, සබ්බත්‍ථ දුම්මනො බාලො සීලෙසු අසමාහිතො.”

“ඉධෙව කිත‍්තිං ලභති, පෙච‍්ච සග‍්ගෙ ච සුම‍්මනො; සබ‍්බත්‍ථ සුමනො ධීරො, සීලෙසු සුසමාහිතො.

“ඉධෙව කිත්තිං ලභති පෙච්ච සග්ගෙච සුම්මනො, සබ්බත්‍ථ සුමනො ධීරො සීලෙසු සුසමාහිතො.”

“සීලමෙව ඉධ අග‍්ගං, පඤ‍්ඤවා පන උත‍්තමො; මනුස‍්සෙසු ච දෙවෙසු, සීලපඤ‍්ඤාණතො ජය”න‍්ති. –

“සීලමෙව ඉධ අග්ගං පඤ්ඤවා පන උත්තමො, මනුස්සෙසු ච දෙවෙසු සීලපඤ්ඤාණතො ජයං” තී.

ඉමාහි ගාථාහි ධම‍්මං දෙසෙසි.

තත්‍ථ සීලමෙවිධ සික‍්ඛෙථ, අස‍්මිං ලොකෙති ඉධාති, නිපාතමත‍්තං, ඉමස‍්මිං සත‍්තලොකෙ අත්‍ථකාමො කුලපුත‍්තො චාරිත‍්තවාරිත‍්තාදිභෙදං ආදිතො සීලමෙව සික‍්ඛෙය්‍ය, සික‍්ඛන‍්තො ච නං සුසික‍්ඛිතං අඛණ‍්ඩාදිභාවාපාදනෙන සුට‍්ඨු සික‍්ඛිතං සුපරිසුද‍්ධං පරිපුණ‍්ණඤ‍්ච කත්‍වා සික‍්ඛෙය්‍ය. අස‍්මිං ලොකෙති වා ඉමස‍්මිං සඞ‍්ඛාරලොකෙ සික‍්ඛිතබ‍්බධම‍්මෙසු සීලං ආදිතො සික‍්ඛෙය්‍ය. දිට‍්ඨිසම‍්පත‍්තියාපි සීලස‍්ස පතිට‍්ඨාභාවතො ආහ “සීලං හී”තිආදි. තත්‍ථ හීති කාරණවචනං. යස‍්මා සීලං සෙවිතං පරිචිතං රක‍්ඛිතං මනුස‍්සසම‍්පත‍්ති, දිබ‍්බසම‍්පත‍්ති, නිබ‍්බානසම‍්පත‍්තීති එතං සබ‍්බසම‍්පත‍්තිං තංසමඞ‍්ගිනො සත‍්තස‍්ස උපනාමෙති ආවහති.

මෙහි “සීලමෙවිධ සික්ඛෙථ අස්මිං ලොකෙ” ‘ඉධ’ යනු නිපාතයකි. මේ සත්ත්‍ව ලෝකයේ තමාට හිත වැඩ කැමති කුලපුත්‍රයා චාරිත්‍ර වාරිත්‍රා දී බේද ඇති සීලය ම මුලසිට රකින්නේය. සිල් ආරක්‍ෂා කරමින් මනාව හික්මීම, සිල් පද නොකැඩීම් වශයෙන් මනාව ශික්‍ෂිතව, සුපරිශුද්ධව, සුපිරිසුන්ව හික්මෙන්නේය. “අස්මිං ලොකෙ” මේ සංස්කාර ලෝකයේ හික්මිය යුතු ධර්මයන්හි සීලය මුල්කරගෙන හික්මෙන්නේය. සම්මා දිට්ඨි ආදි සම්පත් ද සීලය මත පිහිටා ඇති බැවින් “සීලංහි” යනාදිය පැවසූහ. එහි “හී” හේතුව දැක්වීමේ වචනයකි. මනාව සේවනය කළ, දිගුකලක් සුරැකි, මනාව ආරක්‍ෂා කළ සීලය නිසා මනුෂ්‍ය සම්පත් දිව්‍ය සම්පත්, බ්‍රහ්ම සම්පත්, නිවන් සම්පත් යනාදී සෑම සම්පත්තියක්ම ඒ සීලයෙන් යුක්ත සත්ත්‍වයාට ලැබේ.

සීලං සබ‍්බසම‍්පත‍්තිං උපනාමෙතීති සඞ‍්ඛෙපතො වුත‍්තමත්‍ථං විත්‍ථාරතො දස‍්සෙන‍්තො “සීලං රක‍්ඛෙය්‍යා”තිආදිමාහ. තත්‍ථ රක‍්ඛෙය්‍යාති ගොපෙය්‍ය. පාණාතිපාතාදිතො හි විරමන‍්තො වත‍්තපටිවත‍්තඤ‍්ච පූරෙන‍්තො පටිපක‍්ඛාභිභවනතො තං රක‍්ඛති නාම. මෙධාවීති පඤ‍්ඤවා, ඉදං තස‍්ස රක‍්ඛනුපායදස‍්සනං ඤාණබලෙන හිස‍්ස සමාදානං අවිකොපනඤ‍්ච හොති. පත්‍ථයානොති ඉච‍්ඡන‍්තො. තයො සුඛෙති තීණි සුඛානි. සුඛනිමිත‍්තං වා “සුඛ”න‍්ති අධිප‍්පෙතං. පසංසන‍්ති කිත‍්තිං, විඤ‍්ඤූහි වා පසංසනං. විත‍්තිලාභන‍්ති තුට‍්ඨිලාභං. “විත‍්තලාභ”න‍්ති ච පඨන‍්ති, ධනලාභන‍්ති අත්‍ථො. සීලවා හි අප‍්පමත‍්තතාය මහන‍්තං භොගක‍්ඛන්‍ධං අධිගච‍්ඡති. පෙච‍්චාති කාලඞ‍්කත්‍වා. සග‍්ගෙ පමොදනන‍්ති දෙවලොකෙ ඉට‍්ඨෙහි කාමගුණෙහි, මොදනඤ‍්ච පත්‍ථයමානොති සම‍්බන්‍ධො. ඉධලොකෙ පසංසං විත‍්තිලාභං පරලොකෙ දිබ‍්බසම‍්පත‍්තියා මොදනඤ‍්ච ඉච‍්ඡන‍්තො සීලං රක‍්ඛෙය්‍යාති යොජනා.

“සීලය සියලු සම්පත් එළවන්නේය.” යනුවෙන් සංක්‍ෂිප්තව පැවසූ අදහස විස්තර කරමින් “සීලං රක්ඛෙය්‍ය” යන ගාථාව පැවසූහ. එහි “රක්ඛෙය්‍ය” ආරක්‍ෂා කරන්නේය. ප්‍රාණඝාතයෙන් වැලකෙමින් වත්පිළිවෙත් පුරමින් පාපයට විරුද්ධ වූ හෙයින් සීලය “රකියි” නම් වේ. “මෙධාවි” නුවණැත්තා. මෙයින් සීලය රක්ෂා කිරීමේ උපාය දැක්විණි. ඤාණබලය නිසා සමාදන් වූ ශීලය නොකඩා ආරක්‍ෂා කරයි. “පත්‍ථයානො” කැමතිව පතමින් “තයො සුඛෙ” ත්‍රිවිධ සැප සැප නිමිති හෝ “සැප” යැයි ගනු ලැබේ. “පසංසං” කීර්තිය, නුවණැත්තන්ගේ ප්‍රශංසාව “විත්තිලාභං” සන්තෝෂ ලාභය “විත්තලාභං” යන පාඨය ද යෙදේ. “ධනලාභ” යන අරුත එහි ඇත. සිල්වතා අප්‍රමාදී බැවින් මහත් වූ භෝග සම්පත් ලබන්නේය. “පෙච්ච” කළුරිය කොට “සග්ගෙව මොදනං” දිව්‍ය ලෝකයේ ඉෂ්ට මනාප කාමගුණයන්ගේ සතුට පතමින් මේ ලෝකයේදී ප්‍රශංසාව ද ධනලාභ (සැප ලාභය) ද පරලොව දිව්‍ය සම්පත් ලබා සතුටු වීමද කැමැත්තෝ සිල් රකිත්වා යන අර්ථයයි.

සඤ‍්ඤමෙනාති කායාදීනං සංයමෙන. සංයතො හි කායදුච‍්චරිතාදීහි කඤ‍්චි අවිහෙඨෙන‍්තො අභයදානං දදන‍්තො පියමනාපතාය මිත‍්තානි ගන්‍ථති. ධංසතෙති අපෙති. පාපමාචරන‍්ති පාණාතිපාතාදිපාපකම‍්මං කරොන‍්තො. දුස‍්සීලඤ‍්හි පුග‍්ගලං අත්‍ථකාමා සත‍්තා න භජන‍්ති, අඤ‍්ඤදත්‍ථු පරිවජ‍්ජෙන‍්ති.

“සඤ්ඤමෙන” කාය වාග් සංවරයෙන්, කාය දුශ්චරිතාදියේ නොයෙදී කිසිවකු නොපෙලමින් සතුන්ට අභය දානය දෙන පුද්ගලයාට ප්‍රියමනාප භාවය නිසා මිතුරෝ ඇතිවෙති. “ධංසතෙ” දුරුවේ. “පාපමාචරං” ප්‍රාණඝාතාදී පව්කම් කරමින්, දුසිල්ව ජීවත්වන පුද්ගලයා, තමාට හිතවැඩ කැමති සත්ත්‍වයන් විසින් ඒකාන්තයෙන්ම දුරු කරනු ලබයි. ඇසුරු නොකරනු ලබයි.

අවණ‍්ණන‍්ති අගුණං, සම‍්මුඛා ගරහං වා. අකිත‍්තින‍්ති, අයසං අසිලොකං. වණ‍්ණන‍්ති ගුණං. කිත‍්තින‍්ති සිලොකං පත්‍ථටයසතං. පසංසන‍්ති සම‍්මුඛා ථොමනං. ආදීති මූලං. සීලඤ‍්හි කුසලානං ධම‍්මානං ආදි. යථාහ – “තස‍්මාතිහ ත්‍වං, භික‍්ඛු, ආදිමෙව විසොධෙහි කුසලෙසු ධම‍්මෙසු. කො චාදි කුසලානං ධම‍්මානං? සීලඤ‍්ච සුවිසුද‍්ධ”න‍්ති (සං· නි· 5.369). පතිට‍්ඨාති අධිට‍්ඨානං. සීලඤ‍්හි සබ‍්බෙසං උත‍්තරිමනුස‍්සධම‍්මානං පතිට‍්ඨා. තෙනාහ – “සීලෙ පතිට‍්ඨායා”තිආදි (සං· නි· 1.23; 192; පෙටකො· 22; මි· ප· 2.1.9). කල්‍යාණානඤ‍්ච මාතුකන‍්ති සමථවිපස‍්සනාදීනං කල්‍යාණධම‍්මානං මාතුභූතං , ජනකන‍්ති, අත්‍ථො. පමුඛං සබ‍්බධම‍්මානන‍්ති, සබ‍්බෙසං පාමොජ‍්ජාදීනං අනවජ‍්ජධම‍්මානං පමුඛං මුඛභූතං, පවත‍්තිද‍්වාරන‍්ති අත්‍ථො. තස‍්මාති ආදිභාවාදිතො. විසොධයෙති අක‍්ඛණ‍්ඩාදිභාවෙන සම‍්පාදෙය්‍ය.

“අවණ්ණං” නුගුණ, ඉදිරියේ ගැරහුම්. “අකිත්තිං” අපකීර්තිය, අයස “වණ්ණං” ගුණය “කිත්තිං” කීර්තිය, පැතිරුණු යසස. “පසංසං” ඉදිරියේ කරන ප්‍රශංසාව “ආදිං” කුසල ධර්මයන්ගේ මූලය සීලයයි. එනිසා “මහණ, නුඹ මුලදීම සීලයෙන් පිරිසිදුවන්න”යි ද “කුශල ධර්මයන්ගේ මූල ඉතා පිරිසිදු ශීලය හැර වෙන කුමක් ද?” යි කියන ලදි. “පතිට්ඨා” ප්‍රතිෂ්ඨාවයි. සියලු උත්තරී මනුෂ්‍ය ධර්මයන් හි ප්‍රතිෂ්ඨාව ශීලයයි. “සීලෙ පතිට්ඨාය” යනුවෙන් එය දැක්වේ. එනිසා කියන ලදි. “කල්‍යාණානං ච මාතුකං” සමථ විදර්ශනා දී කල්‍යාණධර්මයන් උපදවන මෑණියෝ නම් ශීලයයි. “පමුඛං සබ්බධම්මානං” සියලු නිරවද්‍ය ධර්මයන්ට ප්‍රමුඛව, ප්‍රධානව පවතිනුයේ ශීලයයි. එනිසා මුලදීම ශීලය පිරිසිදු කරන්නේය, නොකඩා සම්පූර්ණ කරන්නේය. “වෙලා දුශ්චරිතයන් විසින් නො ඉක්මවිය යුතු වෙරළ, සීමාව යන අර්ථයයි.

වෙලාති දුච‍්චරිතෙහි අනතික‍්කමනීයට‍්ඨෙන වෙලා, සීමාති අත්‍ථො . වෙලායති වා දුස‍්සිල්‍යං චලයති විද‍්ධංසෙතීති වෙලා. සංවරං සීලං කායදුච‍්චරිතාදීනං උප‍්පත‍්තිද‍්වාරස‍්ස පිදහනතො. අභිහාසනන‍්ති තොසනං අවිප‍්පටිසාරහෙතුතාය චිත‍්තස‍්සාභිප‍්පමොදනතො. තිත්‍ථඤ‍්ච සබ‍්බබුද‍්ධානන‍්ති සාවකබුද‍්ධා, පච‍්චෙකබුද‍්ධා, සම‍්මාසම‍්බුද‍්ධාති සබ‍්බෙසං බුද‍්ධානං කිලෙසමලප‍්පවාහනෙ නිබ‍්බානමහාසමුද‍්දාවගාහණෙ ච තිත්‍ථභූතඤ‍්ච.

දුසිල් බව ඉක්මවායි, විධ්වංසනය කරයි යන අරුතින් “වෙලා” නම් වේ. කායදුශ්චරිතාදියට උප්පත්ති ද්වාරය සීලයෙන් වසනු ලැබේ. “අභිභාසනං” විපිළිසර හේතු නොමැති හෙයින් සීලය සන්තෝෂ කාරණයකි, චිත්තප්‍රසාදයට, ප්‍රීතියට හේතුවකි. “තිත්‍ථඤ්ච සබ්බබුද්ධානං” බුද්ධශ්‍රාවක, පසේ බුදු, සම්මා සම්බුදු යන සියලුම බුදුවරුන්ගේ කෙලෙස් මල සෝදාහරින පුණ්‍යතීර්ථයකි. සීලය, නිර්වාණය නම් මහා සමුදුරයට බැසගන්නා තීර්ථයකි.

සීලං බලං අප‍්පටිමන‍්ති මාරසෙනප‍්පමද‍්දනෙ අසදිසං බලං සෙනාථාමො ච. ආවුධමුත‍්තමන‍්ති සංකිලෙසධම‍්මානං ඡෙදනෙ උත‍්තමං පහරණං. ගුණසරීරොපසොභනට‍්ඨෙන ආභරණං. සෙට‍්ඨන‍්ති සබ‍්බකාලං උත‍්තමං දබ‍්බඤ‍්ච. සපාණපරිත‍්තානතො කවචමබ‍්භුතං. “අබ‍්භිද”න‍්ති ච පඨන‍්ති, අභෙජ‍්ජන‍්ති අත්‍ථො.

“සීලං බලං අප්පටිමං” මාරසේනාව මැඬලීමේ දී අසදෘශ බලයකි, සේනාවකි, වීර්යයකි. “ආවුධමුත්තමං” කිලිටි දහම් සිඳීමෙහි උතුම් ආයුධයකි. ගුණ ශරීරය ශෝභමාන කරන අර්ථයෙන් ආභරණයකි. “සෙට්ඨං” සෑමකල්හිම උතුම් නුවණකි. ප්‍රාණීන් ආරක්‍ෂා කරන බැවින් අද්භූත සන්නාහයකි. “අබ්භිදං” යන පාඨය ද යෙදේ. “නොබිදෙන” යන අර්ථයයි.

අපායමහොඝාතික‍්කමනෙ සංසාරමහොඝාතික‍්කමනෙ ච කිලෙසෙහි අසංසීදනට‍්ඨෙන සෙතු. මහෙසක‍්ඛොති මහබ‍්බලො. ගන්‍ධො අනුත‍්තරොති පටිවාතං සබ‍්බදිසාසු වායනතො අනුත‍්තරො ගන්‍ධො සබ‍්බජනමනොහරත‍්තා. තෙනාහ “යෙන වාති දිසොදිස”න‍්ති යෙන සීලගන්‍ධෙන තංසමඞ‍්ගී දිසොදිසං සබ‍්බා දිසා වායති. “දිසොදිසා”තිපි පාළි, දස දිසාති අත්‍ථො.

අපාය මහෝඝයෙන් හා සංසාර මහෝඝයෙන් එතෙර වීමට උදවුවන බැවිනුත්, කෙලෙස්වලින් සෙලවිය නොහැකි බැවිනුත් සීලය සේතුවකි, ඒ දණ්ඩකි, “මහසෙක්ඛො” මහා බලයකි. “අනුත්තරො ගන්‍ධො” උඩුසුළඟට, සැමදිසාවකම හමන බැවිනුත්, සියලු ජනයා අලංකාර කරන බැවිනුත් අනුත්තර සුවඳකි. එනිසා “යෙනවාති දිසො දිසං” යම් සීල සුගන්‍ධයන් සෑම දිසාවෙහිම, දස දෙසම හමයි ද එය “දිසොදිසා” යන පාඨය ද යෙදේ.

සම‍්බලමෙවග‍්ගන‍්ති සම‍්බලං නාම පුටභත‍්තං. යථා පුටභත‍්තං ගහෙත්‍වා මග‍්ගං ගච‍්ඡන‍්තො පුරිසො අන‍්තරාමග‍්ගෙ ජිඝච‍්ඡාදුක‍්ඛෙන න කිලමති, එවං සීලසම‍්පන‍්නොපි සුද‍්ධං සීලසම‍්බලං ගහෙත්‍වා සංසාරකන‍්තාරං පටිපන‍්නො ගතගතට‍්ඨානෙ න කිලමතීති සීලං අග‍්ගං සම‍්බලං නාම. තථා සීලං පාථෙය්‍යමුත‍්තමං චොරාදීහි අසාධාරණත‍්තා තත්‍ථ තත්‍ථ ඉච‍්ඡිතබ‍්බසම‍්පත‍්තිනිප‍්ඵාදනතො ච. අතික‍්කාමෙන‍්තො තං තං ඨානං යථිච‍්ඡිතට‍්ඨානං වා වාහෙති සම‍්පාපෙතීති අතිවාහො, යානං. කෙනචි අනුපද‍්දුතං හුත්‍වා ඉච‍්ඡිතට‍්ඨානප‍්පත‍්තිහෙතුතාය සීලං සෙට‍්ඨං අතිවාහො. යෙනාති යෙන අතිවාහෙන යාති දිසොදිසන‍්ති අගතිං ගතිඤ‍්චාපි තං තං දිසං සුඛෙනෙව ගච‍්ඡති.

“සම්බලමෙවග්ගං” සම්බල නම් බත් මුලකි. එය රැගෙන යන පුද්ගලයා අතරමඟ දී සා දුකින් නොපෙලේ, ක්ලාන්ත නොවේ. මෙසේ සිල්වතා ද පිරිසිදු සීලය නම් බත් මුලකි. ගෙන සසර, කතරට පැමිණ, ගිය ගියතැන නොවෙහෙසේ, ක්ලාන්ත නොවේ, එනිසා ශීලය රසවත් බත් මුලකි. එසේම සීලය උතුම් මාර්ගෝපකරණයකි. සොරු ආදීන්ට හසුනොවෙන බැවින් ද ඒ ඒ තැන අපේක්‍ෂිත සම්පත් නිපදවන බැවින් ද සිටිතැනින් තම කැමති තැනට ගෙනයන, පමුණුවන බැවින් ද සීලය “අතිවාහො” යානාවකි. කිසිවෙකුගේවත් උපද්‍රවයකට නොපත්ව අපේක්‍ෂිත ස්ථානය පමුණුවන ශීලය ශ්‍රේෂ්ඨ යානාවකි. “යෙන” යම් යානාවකින්, “යාති දිසො දිසං” සුගතියෙන් සුගතියට, ඒ ඒ දිශාවට සුවසේම යයි.

ඉධෙව නින්‍දං ලභතීති ඉධලොකෙපි දුම‍්මනො රාගාදීහි දූසිතචිත‍්තො “දුස‍්සීලො පාපධම‍්මො”ති නින්‍දං ගරහං ලභති. පෙච‍්ච පරලොකෙපි අපායෙ “පුරිසත‍්තකලි අවජාතා”තිආදිනා යමපුරිසාදීහි ච නින්‍දං ලභති. න කෙවලං නින්‍දමෙව ලභති, අථ ඛො සබ‍්බත්‍ථ දුම‍්මනො බාලො ඉධලොකෙ දුච‍්චරිතචරණෙන දූසිතචිත‍්තො පරලොකෙ කම‍්මකාරණාදිවසෙන දුක‍්ඛුප‍්පත‍්තියාති සබ‍්බත්‍ථ බාලො දුම‍්මනො හොති. කථං? සීලෙසු අසමාහිතො සම‍්මා සීලෙසු න ඨපිතචිත‍්තො අප‍්පතිට‍්ඨිතචිත‍්තො.

“ඉධෙව නින්‍ද ලභති” මෙලොවදී ම “දුම්මනො” නපුරු රාගාදී දූෂිත සිත් ඇති දුස්සීලයා “පාපයෙකි” යි නින්දා, අපහාස, ගැරහුම් ලබයි. පරලොවදීත් අපායේ ඉපිද “මිනිස් බව කෙලෙසාගත් අවජාතකයා” ආදී වශයෙන් යම පුරුෂයන්ගේ නින්දා අපහාස ලබයි. හුදෙක් නින්දා ලැබීම පමණක් ම සිදුනොවේ. සෑමතන්හි නපුරු සිතින් යුතු බාලයා, “සබ්බත්‍ථ දුම්මනො බාලො” මෙලොව දුශ්චරිතයෙන් දූශිත වූ සිතැතිව පරලොවදී විපාක විඳීම් වශයෙන් දුකට භාජනව සැම තැනම කිලිටි සිත් ඇතිව වෙසේ. “සීලෙසු අසමාහිතො” මනාව ශීලයෙහි පිහිටුවාගත් සිත් නැති; සීලයෙහි නොපිහිටි සිතැති.

ඉධෙව කිත‍්තිං ලභතීති ඉධලොකෙපි සුමනො “සප‍්පුරිසො සීලවා කල්‍යාණධම‍්මො”ති කිත‍්තිං ලභති. පෙච‍්ච පරලොකෙපි සග‍්ගෙ “අයං සප‍්පුරිසො සීලවා කල්‍යාණධම‍්මො. තථා හි දෙවානං සහබ්‍යතං උපපන‍්නො”තිආදිනා කිත‍්තිං ලභති. න කෙවලං කිත‍්තිමෙව ලභති, අථ ඛො ධීරො ධිතිසම‍්පන‍්නො සීලෙසු සුට‍්ඨු සමාහිතො අප‍්පිතචිත‍්තො සුපතිට‍්ඨිතචිත‍්තො සබ‍්බත්‍ථ ඉධලොකෙ සුචරිතචරණෙන, පරලොකෙ සම‍්පත‍්තිපටිලාභෙන සුමනො සොමනස‍්සප‍්පත‍්තො හොති. සීලමෙව ඉධ අග‍්ගන‍්ති දුවිධං සීලං ලොකියං ලොකුත‍්තරන‍්ති. තත්‍ථ ලොකියං තාව කාමලොකෙ ඛත‍්තියමහාසාලාදීසු, දෙවලොකෙ බ්‍රහ‍්මලොකෙ ච උපපත‍්තිවිසෙසං ආවහති, ලාභීභාවාදිකස‍්ස ච කාරණං හොති. ලොකුත‍්තරං පන සකලම‍්පි වට‍්ටදුක‍්ඛං අතික‍්කාමෙතීති සීලං අග‍්ගමෙව. තථා හි වුත‍්තං –

“ඉධෙව කිත්තිං ලභති” මෙලොවදීම යහපත් සිත් ඇති සත්පුරුෂ, කළණ දහම් ඇති සිල්වතා කීර්තිය ලබයි. සත්පුරුෂ සිල්වතා පරලොවදී ස්වර්ගයේ ඉපිද, “දෙවියන් හා සහවාසයට පැමිණියේ ය” ආදී ය සම්පන්න, ශීලයෙහි මනාව පිහිටි සිතැති, ශීලයෙහිම බැසගත් සිතැති “සබ්බත්‍ව” මෙලොව සුචරිතවත් වීමෙන් ද පරලොව දී සම්පත් ප්‍රතිලාභයෙන් ද සතුටින් සොම්නසට පැමිණ වෙසේ. සුවසේ වෙසේ. “සීලමෙව ඉධ අග්ගං” ශීලය ලෞකික හා ලෝකෝත්තර වශයෙන් දෙවැදෑරුම් වේ. ඉන් ලෞකික ශීලය කාමලෝකයේ ක්‍ෂත්‍රිය මහාසාල කුලයන් හිද දිව්‍ය, බ්‍රහ්ම ලෝකවල ද උප්පත්තිය ගෙනදෙයි. ඒ භවය්නහි උපතට උපකාරී වේ. ලෝකෝත්තර ශීලය සියලුම සංසාරික දුක් ඉක්මවා නිවන් සැප ගෙනදෙයි. එසේම එය කියන ලදි.

“හීනෙන බ්‍රහ‍්මචරියෙන, ඛත‍්තියෙ උපපජ‍්ජති; මජ‍්ඣිමෙන ච දෙවත‍්තං, උත‍්තමෙන විසුජ‍්ඣතී”ති. (ජා· 1.8.75);

“හීනෙන බ්රහ්මචරියෙන, ඛත්තියෙසූපපජ්ජති, මජ්ඣිමෙන ච දෙවත්තං, උත්තමෙන විසුජ්ඣති”

හීන වූ ශීල සමාදානයෙන්, බ්‍රහ්මචරියාවෙන් ක්‍ෂත්‍රිය උපත ගෙන දෙයි. මධ්‍යම බඹසරින් දේවත්‍වයට පත්වේ. උතුම් බ්‍රහ්ම චර්යාවෙන් නිර්වාණය ද අවබෝධ වේ.

ආකඞ‍්ඛෙය්‍ය චෙ, භික‍්ඛවෙ, භික‍්ඛු – “ලාභී අස‍්සං චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරාන”න‍්ති (ම· නි· 1.65), “සීලෙස‍්වෙවස‍්ස පරිපූරකාරී”ති (ම· නි· 1.65), “ඉජ‍්ඣති, භික‍්ඛවෙ, සීලවතො චෙතොපණිධි විසුද‍්ධත‍්තා”ති (අ· නි· 8.35; දී· නි· 3.337) ච.

“මහණෙනි, ඉඳින් භික්‍ෂුව චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය, භේසජ්ජ පරිෂ්කාරාදිය ලබනු කැමති නම් මේ ශීලයම එම පැතුම ඉටුකරගන්නේය.” මහණෙනි, සිල්වත් භික්‍ෂුවට චෙතොප්‍රණිධිායෙන් විශුද්ධත්‍වය සම්පූර්ණ වේ”

ලොකුත‍්තරසීලස‍්ස පන සබ‍්බසො පහීනපටිපක‍්ඛස‍්ස සත‍්තමභවතො පට‍්ඨාය සංසාරදුක‍්ඛං විනිවත‍්තෙන‍්තස‍්ස අග‍්ගභාවෙ වත‍්තබ‍්බමෙව නත්‍ථි. පඤ‍්ඤවා පන උත‍්තමොති “පඤ‍්ඤවා පන පුග‍්ගලො උත‍්තමො පරමො සෙට‍්ඨොයෙවා”ති පුග‍්ගලාධිට‍්ඨානෙන පඤ‍්ඤාය එව සෙට‍්ඨභාවං වදති. ඉදානි සීලපඤ‍්ඤානං සෙට‍්ඨභාවං කිච‍්චතො දස‍්සෙන‍්තො “සීලපඤ‍්ඤාණතො ජය”න‍්ති ආහ. ජයන‍්ති ච ලිඞ‍්ගවිපල‍්ලාසො දට‍්ඨබ‍්බො, අහූති වා වචනසෙසො. තත්‍ථ පජානනට‍්ඨෙන පඤ‍්ඤාණං, සීලතො පඤ‍්ඤාණතො ච පටිපක‍්ඛජයො. න හි සීලෙන විනා පඤ‍්ඤා සම‍්භවති, පඤ‍්ඤාය ච විනා සීලං කිච‍්චකරං, අඤ‍්ඤමඤ‍්ඤොපකාරකඤ‍්චෙතං. වුත‍්තඤ‍්හි “සීලපරිධොතා පඤ‍්ඤා, පඤ‍්ඤාපරිධොතං සීල”න‍්ති (දී· නි· 1.317) මනුස‍්සෙසු ච දෙවෙසූති ඉදං නෙසං ඨානවිසෙසදස‍්සනං. තත්‍ථ හි තානි සවිසෙසානි වත‍්තන‍්ති, සමාධි පනෙත්‍ථ සීලපක‍්ඛිකො පඤ‍්ඤාය අධිට‍්ඨානභාවතො, පඤ‍්ඤාපක‍්ඛිකො වා භාවෙතබ‍්බතො සීලාධිට‍්ඨානතො ච.

ලෝකෝත්තර සුවය ගෙන දෙන, සර්වප්‍රකාරයෙන්ම කෙලෙස් සතුරන් ප්‍රහීන කරන ලද, සංසාර උපතේ සිට විඳි සංසාරික දුක්ඛය ඉක්මවා පවතින බැවින් ශීලයේ අග්‍රභාවය පිළිබඳව කිවයුත්තක් නැත. “පඤ්ඤවා පන උත්තමො” ප්‍රඥාවන්ත පුද්ගලයා උතුම් ශ්‍රේෂ්ඨයාම වේ. පුද්ගලාධිෂ්ඨානයෙන් ප්‍රඥාවම ශ්‍රේෂ්ඨ බව මින් කියවේ. දැන් සීලයේ හා ප්‍රඥාවේ ශ්‍රේෂ්ඨබව කෘත්‍ය වශයෙන් දක්වමින්, “සීලපඤ්ඤාණතො ජයං” යැයි කියන ලදි. “ජයං” යන්න ලිංග විපර්යාස වශයෙන් දතයුතුයි. “ආහු” වීය යනු ඉතිරි වචනයයි. ජයවිය. එහි “විශේෂයෙන් දැනගනියි” යන අරුතින් හෝ සලකුණු වශයෙන් හෝ “ප්‍රඥා” නම් වේ. ඉන් විරුද්ධව ලබන ජයක් නැත. සීලයෙන් තොරව ප්‍රඥාව නූපදී. ප්‍රඥාවෙන් තොරව ශීලය අර්ථවත් නොවේ. කටයුතු වශයෙන් මේ දෙකම ඔවුනොවුන්ට උපකාරී වේ. අන්‍යොන්‍ය උපකාරීවේ. එනිසා “සීලයෙන් ප්‍රඥාව පිරිසිදු වේ. ප්‍රඥාවෙන් ශීලය පිරිසිදු වේ.” යැයි කියන ලදි. “මනුස්සෙසු දෙවෙසු” මෙය ඔවුන්ගේ ස්ථාන විශේෂ දැක්වීමයි. මේ කාමසුගතීන්හි දී ම සීල, ප්‍රඥා දෙක සුවිශේෂී වේ. මෙහි සමාධිය, ප්‍රඥාවෙන් අධිෂ්ඨාන කළයුතු බැවින් සීල පාක්‍ෂිකය නැතහොත් වැඩිය යුතු බැවින් හා සීලාධිෂ්ඨාන වන බැවින් ප්‍රඥා පාක්‍ෂික වේ.

එවං ථෙරො තෙසං භික‍්ඛූනං සීලමුඛෙන ධම‍්මං දෙසෙන‍්තො අත‍්තනො සුවිසුද‍්ධසීලාදිගුණතාදීපනෙන අඤ‍්ඤං බ්‍යාකාසි.

මෙසේ තෙරුන් වහන්සේ ඒ භික්‍ෂූන්ට ශීලය ප්‍රධාන කරගනිමින් දහම් දෙසන සේක් තමන් වහන්සේගේ සීලාදී ගුණ ප්‍රකට කිරීම් වශයෙන් අර්හත්‍වය ප්‍රකාශ කළසේක.

සීලවත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

සීලව ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.