යෙදුමෙන් කියවන්න

11. එකාදසනිපාතො අට‍්ඨකථා

11. ඒකාදසකනිපාතය

සඞ‍්කිච‍්චත්‍ථෙරගාථාවණ‍්ණනා

සඞ්කිච්ච ස්ථවිරගාථා වර්ණනාව

එකාදසනිපාතෙ කිං තවත්‍ථො වනෙ තාතාතිආදිකා ආයස‍්මතො සංකිච‍්චත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයං කුසලං උපචිනිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සාවත්‍ථියං බ්‍රාහ‍්මණමහාසාලකුලෙ පටිසන්‍ධිං ගණ‍්හි. තස‍්මිං කුච‍්ඡිගතෙයෙව මාතා බ්‍යාධිතා හුත්‍වා කාලමකාසි. තස‍්සා සුසානං නෙත්‍වා ඣාපියමානාය ගබ‍්භාසයො න ඣායි. මනුස‍්සා සූලෙහි කුච‍්ඡිං විජ‍්ඣන‍්තා දාරකස‍්ස අක‍්ඛිකොටිං පහරිංසු. තෙ තං විජ‍්ඣිත්‍වා අඞ‍්ගාරෙහි පටිච‍්ඡාදෙත්‍වා පක‍්කමිංසු. කුච‍්ඡිපදෙසොපි ඣායි, අඞ‍්ගාරමත්‍ථකෙ පන සුවණ‍්ණබිම‍්බසදිසො දාරකො පදුමගබ‍්භෙ නිපන‍්නො විය අහොසි. පච‍්ඡිමභවිකසත‍්තස‍්ස හි සිනෙරුනා ඔත්‍ථරියමානස‍්සපි අරහත‍්තං අප‍්පත්‍වා ජීවිතක‍්ඛයො නාම නත්‍ථි.

එකොළොස්වන නිපාතයේ “කිං තවත්‍ථො වනෙ තාත” යනාදී ගාථාවන් ආයුෂ්මත් සංකිච්ච තෙරුන් වහන්සේගේය. උන්වහන්සේ ද පෙර බුදුවරුන් හමුවේ කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේ දී නිවන් පතාගෙන කුසල් දහම් රැස්කරමින් අවුත් මේ බුද්ධෝත්පාද කාලයේ දී, සැවැත් නුවර බමුණු මහසල් කුලයක පිළිසිඳ ගත්හ. ඒ කුමරු පිළිසිඳ කුසෙහි සිටින සමයේ දී රෝගී වූ මව කළුරිය කළාය. ඇගේ සිරුර සොහොනට ගෙන ගොස් දැවූවත් ගැබ නොපිළිස්සුණි. මිනිස්සු හුල්වලින් කුස පලනුයේ දරුවාගේ ඇස් කෙළවරට ගැසූහ. කුස ප්‍රදේශය ද දැවුනේය. අඟුරු මත රන් පිළිමයක් වැනි දරුවෙක් පියුම් ගැබක සිටින්නාක් මෙන් බබළමින් සිටියේය. පශ්චිම භවිකයා මහමෙරින් වැටුණත් රහත් නොවී ජීවිතක්‍ෂයට පත්වීමක් නම් සිදුනොවේමය.

පුනදිවසෙ ආළාහනට‍්ඨානං ගතා මනුස‍්සා තථානිපන‍්නං දාරකං දිස‍්වා අච‍්ඡරියබ‍්භුතචිත‍්තජාතා දාරකං ආදාය ගාමං පවිසිත්‍වා නෙමිත‍්තකෙ පුච‍්ඡිංසු. නෙමිත‍්තකා “සචෙ අයං දාරකො අගාරං අජ‍්ඣාවසිස‍්සති, යාව සත‍්තමා කුලපරිවට‍්ටා දුග‍්ගතා භවිස‍්සන‍්ති. සචෙ පබ‍්බජිස‍්සති, පඤ‍්චහි සමණසතෙහි පරිවුතො විචරිස‍්සතී”ති ආහංසු. ඤාතකා “හොතු, වඩ‍්ඪිතකාලෙ අම‍්හාකං අය්‍යස‍්ස සාරිපුත‍්තත්‍ථෙරස‍්ස සන‍්තිකෙ තං පබ‍්බාජෙස‍්සාමා”ති වත්‍වා සඞ‍්කුනා ඡින‍්නක‍්ඛිකොටිතාය සංකිච‍්චොති වදන‍්තා අපරභාගෙ සංකිච‍්චොති වොහරිංසු. සො සත‍්තවස‍්සිකකාලෙ අත‍්තනො ගබ‍්භගතස‍්සෙව මාතු මරණං, ගබ‍්භෙ ච අත‍්තනො පවත‍්තිං සුත්‍වා සංවෙගජාතො “පබ‍්බජිස‍්සාමී”ති ආහ. ඤාතකා “සාධු, තාතා”ති ධම‍්මසෙනාපතිස‍්ස සන‍්තිකං නෙත්‍වා, “භන‍්තෙ, ඉමං පබ‍්බාජෙථා”ති අදංසු. ථෙරො තං තචපඤ‍්චකකම‍්මට‍්ඨානං දත්‍වා පබ‍්බාජෙසි. සො ඛුරග‍්ගෙයෙව සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පත්‍වා තිංසමත‍්තෙහි භික‍්ඛූහි සද‍්ධිං අරඤ‍්ඤෙ විහරන‍්තො චෙ චොරහත්‍ථතො මොචෙත්‍වා සයම‍්පි තෙ චොරෙ දමෙත්‍වා පබ‍්බාජෙත්‍වා අඤ‍්ඤතරස‍්මිං විහාරෙ බහූහි භික‍්ඛූහි සද‍්ධිං විහරන‍්තො තෙ විවාදපසුතෙ දිස‍්වා “අඤ‍්ඤත්‍ථ ගච‍්ඡාමී”ති භික‍්ඛූ ආපුච‍්ඡි. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො, විත්‍ථාරො පන ධම‍්මපදවත්‍ථුම‍්හි (ධ· ප· අට‍්ඨ· 1.සඞ‍්කිච‍්චසාමණෙරවත්‍ථු) ආගතනයෙනෙව වෙදිතබ‍්බො. අථ නං අඤ‍්ඤතරො උපාසකො උපට‍්ඨාතුකාමො ආසන‍්නට‍්ඨානෙ වාසං යාචන‍්තො –

දෙවන දිනයේ සොහොනට ගිය මිනිස්සු එසේ සිටි දරුවා දැක, ආශ්චර්ය අද්භූත ජනක සිත් ඇතිව දරුවා රැගෙන ගමට ගොස් නිමිති පාඨකයන්ට මේ තොරතුරු පැවසූහ. නිමිති පාඨකයෝ, “මේ දරුවා ගිහිගේ වසන්නේ නම් ඔහුගේ සත් මුතු පරම්පරාවම දුක්පත් වන්නේය. ඉදින් පැවිදි වුවහොත් පන්සීයක් තෙරවරුන් පිරිවරාගෙන වාසය කරන්නේ ය” යැයි පැවසූහ. ඒ දරුවාගේ නෑයෝ, “වේවා, මොහු හැදි වැඩුණු පසු අපගේ ආර්යයන් වහන්සේ වූ සැරියුත් මහ තෙරුන් වෙත පැවිදි කරවන්නෙමි”යි කියා, හුලින් ඇණ තුවාල වූ ඇස් කෙළවර ඇති හෙයින් “සංකිච්ච” යැයි නම් තැබූහ. සත්හැවිරිදි වූ ඒ කුමරු තමා ගැබේ සිටියදීම මව මැරුණු බවත්, තමා පිළිබඳ තොරතුරුත් දැන හටගත් සංවේගයෙන්, “පැවිදිවන්නෙමි”යි පැවසීය. ඤාතීහු “දරුව, මැනවි” යි පවසා ධර්මසේනාපති මහතෙරුන් වහන්සේ සමීපයට පමුණුවා ස්වාමීෟනි මොහු පැවිදි කරන්නැයි පවරා දුන්හ. තෙරුන් වහන්සේ ඔහුට තචපඤ්චක කර්මස්ථානය දී පැවිදි කළසේක. හිසකෙස් බාද්දීම සිවුපිළිසිඹියාපත් මහ රහතන් වහන්සේ නමක් බවට පත් වූ සංකිච්ච හිමියෝ භික්‍ෂූන් තිස් දෙනෙක් සමග අරණ්‍යයෙහි විසූහ. සොරුන් දමනය කර, පැවිදි කරවා ඒ සෑම දෙනා වහන්සේ සමග ම එක් අරණ්‍යායතනයේ විසූ සංකිච්ච හිමියෝ, ඒ හිමිවරු වාදවිවාදයන්හි යෙදී සිටිනු දැක “අන්තැනකට යමි” යි භික්‍ෂූන්ට දැන්වූහ. මේ කථාව මෙහි දැක්වූයේ සංක්‍ෂිප්ත වශයෙනි. විස්තර වශයෙන් ධම්මපදට්ඨකථාව බලා දතයුත්තේය. ඉක්බිති එක්තරා උපාසකයෙක් උන්වහන්සේට උපස්ථාන කරනු කැමතිව ඊට ආසන්න ස්ථානයක වෙසෙන ලෙස ආයාචනා කරමින් මේ පළමු ගාථාව පැවසීය.

“කිං තවත්‍ථො වනෙ තාත, උජ‍්ජුහානොව පාවුසෙ; වෙරම‍්භා රමණීයා තෙ, පවිවෙකො හි ඣායින”න‍්ති. –

“කිං තවත්‍ථො වනෙතාත උජ්ජුහානොව පාවුසෙ, වෙරම්බා රමණීයා තෙ, පවිවෙකො හි ඣායිනං” තී.

පඨමං ගාථමාහ. තං සුත්‍වා ථෙරො –

එය ඇසූ තෙරණුවෝ මේ ඉතිරි ගාථා වදාළහ.

“යථා අබ‍්භානි වෙරම‍්භො, වාතො නුදති පාවුසෙ; සඤ‍්ඤා මෙ අභිකිරන‍්ති, විවෙකපටිසඤ‍්ඤුතා.

“යථා අබ්භානි වෙරම්බො වාතො නුදති පාවුසෙ, සඤ්ඤා මෙ අභිකීරන්ති විවෙකපටිසඤ්ඤුතා”

“අපණ‍්ඩරො අණ‍්ඩසම‍්භවො, සීවථිකාය නිකෙතචාරිකො; උප‍්පාදයතෙව මෙ සතිං, සන්‍දෙහස‍්මිං විරාගනිස‍්සිතං.

“අපණ්ඩරො අණ්ඩ සම්භවො සීවථිකාය නිකෙතචාරිකො, උපපාදයතෙව මෙ සතිං සන්‍දෙහස්මිං විරාගනිස්සිතං”

“යඤ‍්ච අඤ‍්ඤෙ න රක‍්ඛන‍්ති, යො ච අඤ‍්ඤෙ න රක‍්ඛති; ස වෙ භික‍්ඛු සුඛං සෙති, කාමෙසු අනපෙක‍්ඛවා.

“යඤ්ච අඤ්ඤෙ න රක්ඛන්ති, යො ච අඤ්ඤෙ න රක්ඛති, සවෙ භික්ඛු සුඛං සෙති කාමෙසු අනපෙක්ඛවා”

“අච‍්ඡොදිකා පුථුසිලා, ගොනඞ‍්ගලමිගායුතා; අම‍්බුසෙවාලසඤ‍්ඡන‍්නා, තෙ සෙලා රමයන‍්ති මං.

“අච්ඡොදිකා පුථුසිලා ගොණංගුල මිගා යුතා, අම්බු සෙවාල සඤ්ඡන්නා තෙ සෙලා රමයන්ති මං.”

“වසිතං මෙ අරඤ‍්ඤෙසු, කන්‍දරාසු ගුහාසු ච; සෙනාසනෙසු පන‍්තෙසු, වාළමිගනිසෙවිතෙ.

“වසිතම්මෙ අරඤ්ඤෙසු කන්‍දරාසු ගුහාසු ච, සෙනා සනෙසු පන්තෙසු වාළමිග නිවෙසිතෙ”

“‘ඉමෙ හඤ‍්ඤන‍්තු වජ‍්ඣන‍්තු, දුක‍්ඛං පප‍්පොන‍්තු පාණිනො’; සඞ‍්කප‍්පං නාභිජානාමි, අනරියං දොසසංහිතං.

“ඉමෙ හඤ්ඤන්තු වජ්ඣන්තු දුක්ඛං පප්පොන්තු පාණිනො, සංකප්පං නාභිජානාමි අනරියං දොසසංහිතං.”

“පරිචිණ‍්ණො මයා සත්‍ථා, කතං බුද‍්ධස‍්ස සාසනං; ඔහිතො ගරුකො භාරො, භවනෙත‍්ති සමූහතා.

“පරිචිණ්ණො මයා සත්‍ථා, කතම්බුද්ධස්ස සාසනං, ඔහිතො ගරුකො භාරො, භවනෙත්ති සමූහතා.”

“යස‍්ස චත්‍ථාය පබ‍්බජිතො, අගාරස‍්මානගාරියං; සො මෙ අත්‍ථො අනුප‍්පත‍්තො, සබ‍්බසංයොජනක‍්ඛයො.

“යස්ස චත්‍ථාය පබ්බජිතො අගාරස්මා අනගාරියං, සො මෙ අත්‍ථො අනුප්පත්තො සබ්බසංයොජනක්ඛයො.”

“නාභිනන්‍දාමි මරණං, නාභිනන්‍දාමි ජීවිතං; කාලඤ‍්ච පටිකඞ‍්ඛාමි, නිබ‍්බිසං භතකො යථා.

“නාභිජානාමි මරණං, නාභිනන්‍දාමි ජීවිතං, කාලඤ්ච පටිකංඛාමි නිබ්බිසං භතකො යථා”

“නාභිනන්‍දාමි මරණං, නාභිනන්‍දාමි ජීවිතං, කාලඤ‍්ච පටිකඞ‍්ඛාමි, සම‍්පජානො පතිස‍්සතො”ති. – ඉමා ගාථා අභාසි;

“නාභිනන්‍දාමි මරණං, නාභිනන්‍දාමි ජීවිතං, කාලඤ්ච පටිකංඛාමි සම්පජානො පතිස්සතො.” තී.

තත්‍ථ කිං තවත්‍ථො වනෙති කින‍්ති ලිඞ‍්ගවිපල‍්ලාසෙන වුත‍්තං. වනෙ කො තවත්‍ථො, කිං පයොජනන‍්ති අත්‍ථො. තාතාති දහරසාමණෙරතාය නං අත‍්තනො පුත‍්තට‍්ඨානෙ ඨපෙත්‍වා ආලපති. උජ‍්ජුහානොව පාවුසෙති උජ‍්ජුහානො කිර නාම එකො පබ‍්බතො, සො පන ගහනසඤ‍්ඡන‍්නො බහුසොණ‍්ඩිකන්‍දරො, තහං තහං සන්‍දමානසලිලො , වස‍්සකාලෙ අසප‍්පායො, තස‍්මා උජ‍්ජුහානො වා පබ‍්බතො එතරහි පාවුසකාලෙ තව කිමත්‍ථියොති අත්‍ථො. කෙචි පනෙත්‍ථ “උජ‍්ජුහානො නාම එකො සකුණො සීතං න සහති, වස‍්සකාලෙ වනගුම‍්බෙ නිලීනො අච‍්ඡතී”ති වදන‍්ති. තෙසං මතෙන උජ‍්ජුහානස‍්ස විය සකුණස‍්ස පාවුසකාලෙ කො තව අත්‍ථො වනෙති? වෙරම‍්භා රමණීයා තෙති වෙරම‍්භවාතා වායන‍්තා කිං තෙ රමණීයාති යොජනා. කෙචි “වෙරම‍්භා නාම එකා පබ‍්බතගුහා, පබ‍්භාරො”ති ච වදන‍්ති. තඤ‍්ච ඨානං ගමනාගමනයුත‍්තං ජනසම‍්බාධරහිතං ඡායූදකසම‍්පන‍්නඤ‍්ච, තස‍්මා වෙරම‍්භා රමණීයා, වනෙ වසිතුං යුත‍්තරූපා. කස‍්මා? පවිවෙකො හි ඣායිනං යස‍්මා තාදිසානං ඣායීනං යත්‍ථ කත්‍ථචි පවිවෙකොයෙව ඉච‍්ඡිතබ‍්බො, තස‍්මා “දූරං අරඤ‍්ඤට‍්ඨානං අගන‍්ත්‍වා වෙරම‍්භායං වස, තාතා”ති වදති. අයඤ‍්හෙත්‍ථ අධිප‍්පායො – යස‍්මා ඣායීනං පවිවෙකක‍්ඛමෙ නිවාසඵාසුකෙ සෙනාසනෙ ලද‍්ධෙයෙව ඣානාදයො සම‍්පජ‍්ජන‍්ති, න අලද‍්ධෙ, තස‍්මා න එවරූපෙ සීතකාලෙ යත්‍ථ කත්‍ථචි වනෙ වසිතුං සක‍්කා, ගුහාපබ‍්භාරාදීසු පන සක‍්කාති.

මෙහි “කි තවත්‍ථො වනෙ,” “කිං” යනු ලිංග විපර්යාස වශයෙන් කියන ලදි. “වන වාසයෙන් නුඹට කවර ප්‍රයෝජනයක් ද? යන අර්ථය යි. “තාත” ළදරු සාමණේරයෙක් බැවින් තම පුත්‍රස්ථානයේ තබා ආමන්ත්‍රණය කරයි. “උජ්ජුහානොව පාවුසෙ” උජ්ජුහාන නම් පර්වතය ගස් වැල් පිරීගිය ගණ කැලෑවකි. බොහෝ දියකඳුරු නිසා ඒ ඒ තැන දියගලා යයි. වර්ෂාකාලයේ දී මේ ගණ වනය වාසයට නුසුදුසු වේ. “වේ වැසි කාලයේ දී වාසයට අපහසු මේ පර්වතයේ විසීමෙන් නුඹට කවර ප්‍රයෝජනයක් ද? ඇතැමෙක් මෙහි උජ්ජුහාන නම් එක් කුරුල්ලෙක් සීතල ඉවසමින් වර්ෂාකාලයේ වන ගොමුවල සැඟවී වාසය කරන්නේ යයි කියති. ඔවුන්ගේ අදහස අනුව “උජ්ජුහාන පක්‍ෂියා මෙන් වැසිකාලයේ මේ වනයේ විසීමෙන් ඔබට කවර ප්‍රයෝජනයක් ද? “වෙරම්බා රමණීයා තෙ”, වේරම්බ වාතය හමයි. එය නුඹට සිත්කලු ද? යන අර්ථයයි. ඇතැමෙක් වේරම්බ යනු එක් පර්වත ගුහාවකැයි කියති. ඒ ස්ථානය ගමනාගමනයට පහසු, ජනයාගෙන් තොරවූවකි. සෙවණ හා ජලය සහිතය. එනිසා වේරම්බය රමණීය වේ. ඒ වනයේ විසීමට සුදුසුය. කුමක් නිසා ද? “පවිවෙකො හි ඣායිනං” නුඹවැනි ධ්‍යාන වඩන්නන්ට කිසියම් තැනක විශේෂ විවේකයම කැමති විය යුතුයි. එනිසා ඉතා දුර වූ අරණ්‍යායතනයට නොගොස් වේරම්බාවේ වසන්න. දරුව, යි කියයි. මෙහි අර්ථ මෙසේ දතයුතුයි. – “යම්හෙයකින් ධ්‍යානවඩන්නන්ට ප්‍රකර්ෂ විවේකය ඇති වාසයට පහසු සෙනසුනක් ලැබීමෙන් ම ධ්‍යාන වැඩීම සාර්ථක වෙත් ද එනිසා ම මෙබඳු සීත කාලයක කිසිම වනයක විසීමට නොහැක.

එවං උපාසකෙන වුත‍්තෙ ථෙරො වනාදයො එව මං රමෙන‍්තීති දස‍්සෙන‍්තො “යථා අබ‍්භානී”තිආදිමාහ. තස‍්සත්‍ථො – යථා පාවුසෙ කාලෙ අබ‍්භානි වලාහකානි වෙරම‍්භවාතො නුදති ඛිපති නීහරති, එවමෙව මෙ චිත‍්තං විවෙකපටිසඤ‍්ඤුතා සඤ‍්ඤා අභිකිරන‍්ති විවෙකට‍්ඨානංයෙව ආකඩ‍්ඪන‍්ති.

පර්වත ගිරි ගුහාවකම විසිය හැකියැ”යි උපාසකයා පැවසූවිට තෙරණුවෝ, “මාහට ධ්‍යාන වැඩීමට වනයම සුදුසුයැ”යි දක්වමින් “යථා අබ්හානි” යන ගාථාව වදාළහ. වැසි කාලයේ දී වැහි වලාකුළු වේරම්බ වාතයෙන් ඉවත් කරයි. ඉවත දමයි, බැහැර කරයි. එමෙන් ම මගේ සිත විවේකප්‍රතිසංයුක්ත සංඥාවෝ විවේකස්ථානයට ම ඇදගෙන යති. පමුණුවති.

කිඤ‍්ච? අපණ‍්ඩරො කාළවණ‍්ණො, අණ‍්ඩසම‍්භවො අණ‍්ඩජො කාකො, සීවථිකාය සුසානට‍්ඨානෙ, නිකෙතචාරිකො තමෙව නිවාසනට‍්ඨානං කත්‍වා විචරණකො උප‍්පාදයතෙව මෙ සතිං, සන්‍දෙහස‍්මිං විරාගනිස‍්සිතන‍්ති, කායස‍්මිං විරාගූපසංහිතං කායගතාසතිකම‍්මට‍්ඨානං මය‍්හං උප‍්පාදයතියෙව. එකදිවසං කිර ථෙරො කාකෙන ඛජ‍්ජමානං මනුස‍්සකුණපං පස‍්සිත්‍වා අසුභසඤ‍්ඤං පටිලභි, තං සන්‍ධාය එවමාහ. තෙන කායෙ සබ‍්බසො ඡන්‍දරාගස‍්ස නත්‍ථිතාය වනෙයෙව වසිතුකාමොම‍්හීති දස‍්සෙති. යඤ‍්චාති ච-සද‍්දො සමුච‍්චයත්‍ථො, තෙන අඤ‍්ඤම‍්පි මම අරඤ‍්ඤවාසකාරණං සුණාහීති දස‍්සෙති. යං පබ‍්බජිතං මෙත‍්තාවිහාරිතාය අලොභනියපරික‍්ඛාරතාය ච රක‍්ඛිතබ‍්බස‍්ස අභාවතො අඤ‍්ඤෙ සෙවකාදයො න රක‍්ඛන‍්ති. යො ච පබ‍්බජිතො අඤ‍්ඤෙ කෙනචි කිඤ‍්චනපලිබොධභූතෙ න රක‍්ඛති තාදිසානංයෙව අභාවතො. ස වෙ භික‍්ඛු සුඛං සෙතීති, සො භික‍්ඛු සමුච‍්ඡින‍්නකිලෙසකාමතාය සබ‍්බසො වත්‍ථුකාමෙසු අනපෙක‍්ඛවා අපෙක‍්ඛාරහිතො යත්‍ථ කත්‍ථචි සුඛං සෙති. තස‍්ස අනුසඞ‍්කිතපරිසඞ‍්කිතාභාවතො අරඤ‍්ඤම‍්හි ගාමම‍්හි සදිසමෙවාති අත්‍ථො.

තව ද “අපණ්ඩරො” කලුපාට “අණ්ඩසම්භවො” බිත්තරයෙන් උපදින කපුටා “සීවථිකාය” සොහොනෙහි “නිකෙතචාරිකො” ඒ සොහොනෙහිම වාසස්ථානය සාදාගෙන හැසිරෙයි. “උප්පාදයතෙව මෙ සතිං සන්‍දෙහස්මිං විරාග නිස්සිතං”, කයෙහි විරාග නිඃශ්‍රිත වූ කායගතාසති කමටහන් මඟ පිළිබඳ මගේ සිහිනය උපදින්නේ ම ය. එක් දිනක් මේ තෙරුන් වහන්සේ කපුටකු විසින් කනු ලබන මිනිස් මළ සිරුරක් දැක අසුභසංඥාව උපදවා ගත්හ. ඒ සිදුවීම නිසා මෙසේ පැවසූහ. ඉන් සර්වප්‍රකාරයෙන් ම කය පිළිබඳ ඡන්‍දරාගයක් නොමැති හෙයින් වනයෙහි ම වසනු කැමති බව දැක්විණි. “යඤ්ච” මෙහි ‘ච’ ශබ්දය සමුච්චයාර්ථයේ යෙදේ. “මම වනවාසයේ ඇලී සිටීමට තවත් හේතුවත් අසවයි” මේ ගාථාව පැවසූහ. පැවිදි වූ භික්‍ෂුව මෙත් සිතින් වෙසෙන බැවින් ද ආශාකරන පිරිකරාදියක් නොමැති හෙයින් ද ආරක්‍ෂාකරගත යුතු කිසිවක් නොමැති හෙයින් සේවකාදී හු නොරකිති. එමෙන් පැවිද්දා විසින් පළිබෝධ වූ වන මොණර ආදීන් නොරකියි, අන්‍යයෝ තමා නොරකිති, තමා ද අන්‍යයන් නොරකියි. එනිසා “සවෙ භික්ඛු සුඛං සෙති” ඒ භික්‍ෂුව මුලිනුපුටා දැමූ කෙලෙස් කාම ඇති බැවින් ද සියලු වස්තු කාමයන් හි අපේක්‍ෂා රහිතවූ බැවින් ද කිසි සැකසංකාවක් නොමැති හෙයින් වනයේ හෝ ගමේ හෝ ඕනෑම තැනක සුවසේ නිදයි.

ඉදානි පබ‍්බතවනාදීනං රමණීයතං වසිතපුබ‍්බතඤ‍්ච දස‍්සෙතුං “අච‍්ඡොදිකා”තිආදි වුත‍්තං. තත්‍ථ වසිතං මෙති, වුට‍්ඨපුබ‍්බං මයා. වාළමිගනිසෙවිතෙති, සීහබ්‍යග‍්ඝාදීහි වාළමිගෙහි උපසෙවිතෙ වනෙ.

ඉන්පසුව පර්වත, වන ආදියේ රමණීය බව ද වාසයට සුදුසුබව ද දක්වමින් “අච්ඡොදිකා” යන ගාථාව වදාළහ. එහි “වසිතම්මෙ” මවිසින් පෙර විසූ විරූය. “වාළමිගනිසෙවිතෙ” සිංහ ව්‍යාඝ්‍ර මුව ආදීන් විසින් සෙවුනා ලද වනයෙහි.

සඞ‍්කප‍්පං නාභිජානාමීති, ඉමෙ යෙ කෙචි පාණිනො සත‍්තා උසුසත‍්තිආදීහි පහරණෙහි හඤ‍්ඤන‍්තු මාරියන‍්තු මුට‍්ඨිප‍්පහාරාදීහි වජ‍්ඣන‍්තු බාධීයන‍්තු, අඤ‍්ඤෙන වා යෙන කෙනචි ආකාරෙන දුක‍්ඛං පප‍්පොන‍්තු පාපුණන‍්තූති; එවං දොසසංහිතං පටිඝසංයුත‍්තං තතො එව අනරියං බ්‍යාපාදවිහිංසාදිප‍්පභෙදං පාපසඞ‍්කප‍්පං උප‍්පාදිතං නාභිජානාමි, මිච‍්ඡාවිතක‍්කො න උප‍්පන‍්නපුබ‍්බොති මෙත‍්තාවිහාරිතං දස‍්සෙති.

“සංකප්පං නාභිජානාමි,” “මෙලොව කිසියම් ප්‍රාණියෙක් අන් සත්ත්‍වයෝ ආයුධ, ඊතල, සැත් ආදියෙන් ගැසීමෙන් නසත්වා, මරත්වා, මිටින් පහරදීම් ආදියෙන් වදයට පමුණුවත්වා, බාධා කෙරෙත්වා, වෙනත් කිසියම් හෝ ආකාරයකින් දුකට පැමිණෙත්වා, පමුණුවත්වා” යනාදී ලෙස ද්වේෂයෙන්, තරහෙන් යුතු වූ ඒ අනාර්ය වූ ව්‍යාපාද, විහිංසාදී ප්‍රභේද ඇති පාප සිතුවිල්ලක් උපන් බවක්වත් නොදනිමි. මිථ්‍යා විතර්ක නූපන් විරූබව දැක්වීමෙන් මෙත් සහගත විහරණය දක්වයි.

ඉදානි “පරිචිණ‍්ණො”තිආදිනා අත‍්තනො කතකිච‍්චතං දස‍්සෙති. තත්‍ථ පරිචිණ‍්ණොති උපාසිතො ඔවාදානුසාසනීකරණවසෙන. ඔහිතොති ඔරොහිතො. ගරුකො භාරොති ගරුතරො ඛන්‍ධභාරො.

දැන් “පරිචිණ්ණො” යනුවෙන් තමන් වහන්සේ විසින් කළ කටයුතු දක්වයි. එහි “පරිචිණ්ණො”, අවවාද අනුශාසනා අසමින් ඇසුරු කළෙමි. යොමුකළ බහා තැබූ කන් ඇතිව, ගරුකරමින් ගෞරවණීයව හැසිරුණෙමි.

නාභිනන්‍දාමි මරණන‍්ති “කථං නු ඛො මෙ මරණං සියා”ති මරණං න ඉච‍්ඡාමි. නාභිනන්‍දාමි ජීවිතන‍්ති “කථං නු ඛො අහං චිරං ජීවෙය්‍ය”න‍්ති ජීවිතම‍්පි න ඉච‍්ඡාමි. එතෙන මරණෙ ජීවිතෙ ච සමානචිත‍්තතං දස‍්සෙති. කාලඤ‍්ච පටිකඞ‍්ඛාමීති පරිනිබ‍්බානකාලංව ආගමෙමි. නිබ‍්බිසන‍්ති නිබ‍්බිසන‍්තො, භතියා කම‍්මං කරොන‍්තො. භතකො යථාති යථා භතකො පරස‍්ස කම‍්මං කරොන‍්තො කම‍්මසිද‍්ධිං අනභිනන්‍දන‍්තොපි කම‍්මං කරොන‍්තොව දිවසක‍්ඛයං උදික‍්ඛති, එවං අහම‍්පි ජීවිතං අනභිනන්‍දන‍්තොපි අත‍්තභාවස‍්ස යාපනෙන මරණං අනභිනන්‍දන‍්තොපි පරියොසානකාලං පටිකඞ‍්ඛාමීති. සෙසං වුත‍්තනයමෙව.

“නාභිනන්‍දාමි මරණං”, “කෙසේනම් මරණය සිදුවේ ද?” යි ආදී ලෙස මරණය නොකැමැත්තෙමි. “නාභිනන්‍දාමි ජීවිතං” “කෙසේනම් මම බොහෝ කලක් ජීවත් වෙම් ද?” යි ජීවත්වීම ද නොකැමැත්තෙමි. මේ ප්‍රකාශයෙන් මරණය හා ජීවිතය පිළිබඳ සමාන වූ සිත් ඇති බව දක්වයි. “කාලඤ්ච පටිකංඛාමි” පිරිනිවන්පාන කාලය බලමින් සිටිමි. “නිබ්බිසං” කුලියට, වැටුපට සේවාකම් කරන. “භතකො යථා” සේවකයෙන් අනුන්ගේ වැඩක් කරමින් ක්‍රියා සිද්ධිය පිළිබඳව නොසතුටුවුවත් (අපේක්‍ෂාවක් නැතත්), කාර්ය කරමින් ම දවස ගෙවීයාම බලා සිටියි. වැටුප ලැබෙන තෙක් බලා සිටියි. එලෙසින් ම මම ද ජීවිතය පිළිබඳ සතුටු නොවූවත් (අපේක්‍ෂා රහිත වුවත්) ආත්මභාවයේ යැපීම කරමි. මරණය පිළිබඳ අපේක්‍ෂා රහිතවුවක් අවසාන කාලය කැමති වෙමි. සෙසු පදයන්ගේ අර්ථ ඉතා ප්‍රකටය.

සංකිච‍්චත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

සංකිච්ච ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.

එකාදසනිපාතවණ‍්ණනා නිට‍්ඨිතා.

එකොළොස්වන නිපාතයේ ගාථා වර්ණනාව සමාප්තයි.