අපරගොතමත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
අපරගොතමත්ථෙරගාථාවණ්ණනා
අපරගෝතම ස්ථවිරගාථා වර්ණනාව
විජානෙය්ය සකං අත්ථන්තිආදිකා ආයස්මතො අපරස්ස ගොතමත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයං කුසලං උපචිනිත්වා අම්හාකං භගවතො උප්පත්තිතො පුරෙතරමෙව සාවත්ථියං උදිච්චබ්රාහ්මණකුලෙ නිබ්බත්තිත්වා වයප්පත්තො තිණ්ණං වෙදානං පාරගූ හුත්වා, වාදමග්ගං උග්ගහෙත්වා අත්තනො වාදස්ස උපරි උත්තරිං වදන්තං අලභන්තො තෙහි තෙහි විග්ගාහිකකථං අනුයුත්තො විචරති. අථ අම්හාකං භගවා ලොකෙ උප්පජ්ජිත්වා පවත්තිතවරධම්මචක්කො අනුපුබ්බෙන යසාදිකෙ වෙනෙය්යෙ විනෙත්වා අනාථපිණ්ඩිකස්ස අභියාචනාය සාවත්ථිං උපගච්ඡි. තදා සත්ථු ජෙතවනපටිග්ගහෙ පටිලද්ධසද්ධො සත්ථාරං උපසඞ්කමිත්වා ධම්මං සුත්වා පබ්බජ්ජං යාචි. සත්ථා අඤ්ඤතරං පිණ්ඩචාරිකං භික්ඛුං ආණාපෙසි – “භික්ඛු, ඉමං පබ්බාජෙහී”ති. සො තෙන පබ්බාජියමානො ඛුරග්ගෙයෙව අරහත්තං පාපුණිත්වා කොසලජනපදං ගන්ත්වා තත්ථ චිරං වසිත්වා පුන සාවත්ථිං පච්චාගමි. තං බහූ ඤාතකා බ්රාහ්මණමහාසාලා උපසඞ්කමිත්වා පයිරුපාසිත්වා නිසින්නා “ඉමස්මිං ලොකෙ බහූ සමණබ්රාහ්මණා සංසාරෙ සුද්ධිවාදා, තෙසු කතමෙසං නු ඛො වාදො නිය්යානිකො, කථං පටිපජ්ජන්තො සංසාරතො සුජ්ඣතී”ති පුච්ඡිංසු. ථෙරො තෙසං තමත්ථං පකාසෙන්තො –
“විජානෙය්ය සකං අත්ථං” යනු ආයුෂ්මත් අපර ගෝතම තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. ඒවායේ උපත කෙසේ සිදුවී ද? උන්වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි තැබූ ප්‍රාර්ථනා ඇතිව, ඒ ඒ භාග්‍යවතුන් වහන්සේගේ උත්පත්තියට පෙර දී ම සැවැත් නුවර උසස් බමුණු කුලයක ඉපිද නිසිවියට පත් හෙතෙම ත්‍රිවේද පාරගතව, වාද මාර්ගයක් මනාව ඉගෙන එහි කෙළවරට ම ගියේය. තමා හා වාද කිරීමට සමත් කිසිවෙක් නො ලබමින් ඒ ඒ තැන වාද විවාද කථාවෙහි යෙදී වාසය කරන සමයෙහි, අපගේ භාග්‍යවතුන් වහන්සේ ලොව පහළව, දම්සක් දෙසුම් පවත්වා අනුපිළිවෙලින් යස ආදීන් හික්මවූසේක්, අනේපිඬු සිටුහුගේ ඇරයුමෙන් සැවැත් නුවරට වැඩම කළසේක. එදා ජේතවනාරාමය පිළිගන්නා උත්සවයට සම්බන්ධ වූ මේ බමුණා බුදුසිරි දැක පැහැදී ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාවක් අසා ලැබූ ශ්‍රද්ධාවෙන් පැවිදි වීමට අවසර ඉල්ලීය. ශාස්තෲන් වහන්සේ එක් පිණ්ඩපාතික භික්ෂුවක් කැඳවා, “මහණ, මොහු පැවිදි කරවන්නැයි වදාළ සේක. පිණ්ඩපාතික භික්ෂුව විසින් පැවිදි කරනු ලැබූ ඒ බමුණා, හිස කෙස් බාද්දීම රහත් විය. පැවිදි ව කෝසල ජනපදයට වැඩම කළහ. උන්වහන්සේගේ බොහෝ ඤාතීහු සමීපයට පැමිණ, “මේ ලෝකයේ සංසාරික ශුද්ධිය පෙන්වන ඉගැන්වීම් දක්වන බ්‍රාහ්මණයෝ බොහෝ වෙති. ඔවුන් අතුරින් නෛර්යාණික වූයේත් පිළිපැදීමෙන් සංසාරික ශුද්ධිය ලැබෙන්නෙත් කාගේ වාදයෙන් ද? යි විමසූහ. තෙරණුවෝ ඔවුන්ගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මේ ගාථාවන් වදාළහ.
“විජානෙය්ය සකං අත්ථං, අවලොකෙය්යාථ පාවචනං; යඤ්චෙත්ථ අස්ස පතිරූපං, සාමඤ්ඤං අජ්ඣූපගතස්ස.
“විජානෙය්ය සකං අත්ථං, අවලොකෙය්යාථ පාවචනං, යඤ්චෙත්ථ අස්ස පතිරූපං සාමඤ්ඤං අජ්ඣුපගතස්ස.”
“මිත්තං ඉධ ච කල්‍යාණං, සික්ඛා විපුලං සමාදානං; සුස්සූසා ච ගරූනං, එතං සමණස්ස පතිරූපං.
“මිත්තං ඉධ කල්‍යාණං සික්ඛා විපුලං සමාදානං, සුස්සූසා ච ගරූනං, එතං සමණස්ස පතිරූපං.”
“බුද්ධෙසු සගාරවතා, ධම්මෙ අපචිති යථාභූතං; සඞ්ඝෙ ච චිත්තීකාරො, එතං සමණස්ස පතිරූපං.
“බුද්ධෙසු ච සගාරවතා ධම්මෙ අපචිති යථාභූතං, සංඝෙ ච චිත්තීකාරො එතං සමණස්ස පතිරූපං.”
“ආචාරගොචරෙ යුත්තො, ආජීවො සොධිතො අගාරය්හො; චිත්තස්ස ච සණ්ඨපනං, එතං සමණස්ස පතිරූපං.
“ආචාරගොචරෙ යුත්තො ආජීවො සොධිතො අගාරය්හො, චිත්තස්ස සණ්ඨපනං, එතං සමණස්ස පතිරූපං.”
“චාරිත්තං අථ වාරිත්තං, ඉරියාපථියං පසාදනියං; අධිචිත්තෙ ච ආයොගො, එතං සමණස්ස පතිරූපං.
“චාරිත්තං අථ වාරිත්තං ඉරියාපථියං පසාදනීයං, අධිචිත්තෙ ච ආයොගො, එතං සමණස්ස පතිරූපං.”
“ආරඤ්ඤකානි සෙනාසනානි, පන්තානි අප්පසද්දානි; භජිතබ්බානි මුනිනා, එතං සමණස්ස පතිරූපං.
“ආරඤ්ඤකානි සෙනාසනානි පන්තානි අප්පසද්දානි, භජිතබ්බානි මුනිනා, එතං සමණස්ස පතිරූපං.”
“සීලඤ්ච බාහුසච්චඤ්ච, ධම්මානං පවිචයො යථාභූතං; සච්චානං අභිසමයො, එතං සමණස්ස පතිරූපං.
“සීලඤ්ච බාහුසච්චඤ්ච ධම්මානං පවිචයො යථාභූතං, සව්වානං අභිසමයො, එතං සමණස්ස පතිරූපං”
“භාවෙය්ය ච අනිච්චන්ති, අනත්තසඤ්ඤං අසුභසඤ්ඤඤ්ච; ලොකම්හි ච අනභිරතිං, එතං සමණස්ස පතිරූපං.
“භාවයෙ අනිච්චන්ති අනත්තසඤ්ඤං අසුභ සඤ්ඤඤ්ච, ලොකස්මිඤ්ච අනභිරතිං, එතං සමණස්ස පතිරූපං”
“භාවෙය්ය ච බොජ්ඣඞ්ගෙ, ඉද්ධිපාදානි ඉන්ද්රියානි බලානි; අට්ඨඞ්ගමග්ගමරියං, එතං සමණස්ස පතිරූපං.
“භාවෙය්ය ච බොජ්ඣංගෙ ඉද්ධිපාදානි ඉන්ද්රිය බලානි, අට්ඨංගමග්ගචරියං, එතං සමණස්ස පතිරූපං.”
“තණ්හං පජහෙය්ය මුනි, සමූලකෙ ආසවෙ පදාලෙය්ය; විහරෙය්ය විප්පමුත්තො, එතං සමණස්ස පතිරූප”න්ති. –
“තණ්හං පජහෙය්ය මුනි සමූලකෙ ආසවෙ පදාළෙය්ය, විහරෙය්ය විප්පමුත්තො, එතං සමණස්ස පතිරූපං.”
ඉමා ගාථා අභාසි.
තත්ථ විජානෙය්ය සකං අත්‍ථන්ති, විඤ්ඤූජාතිකො පුරිසො අත්තනො අත්ථං යාථාවතො විචාරෙත්වා ජානෙය්ය. විචාරෙන්තො ච අවලොකෙය්යාථ පාවචනං ඉධ ලොකෙ පුථුසමණබ්රාහ්මණෙහි සම්මාසම්බුද්ධෙන ච පවුත්තං පාවචනං, සමයො. තත්ථ යං නිය්යානිකං, තං ඔලොකෙය්ය පඤ්ඤාචක්ඛුනා පස්සෙය්ය. ඉමෙ හි නානාතිත්ථියා සමණබ්රාහ්මණා අනිච්චෙ “නිච්ච”න්ති, අනත්තනි “අත්තා”ති, අසුද්ධිමග්ගඤ්ච “සුද්ධිමග්ගො”ති මිච්ඡාභිනිවෙසිනො අඤ්ඤමඤ්ඤඤ්ච විරුද්ධවාදා, තස්මා නෙසං වාදො අනිය්යානිකො. සම්මාසම්බුද්ධො පන “සබ්බෙ සඞ්ඛාරා අනිච්චා, සබ්බෙ ධම්මා අනත්තා, සන්තං නිබ්බාන”න්ති සයම්භූඤාණෙන යථාභූතං අබ්භඤ්ඤාය පවෙදෙති, තස්මා “තස්ස වාදො නිය්යානිකො”ති සත්ථු සාසනමහන්තතං ඔලොකෙය්යාති අත්ථො. යඤ්චෙත්ථ අස්ස පතිරූපං, සාමඤ්ඤං අජ්ඣූපගතස්සාති, සාමඤ්ඤං සමණභාවං පබ්බජ්ජං උපගතස්ස කුලපුත්තස්ස යං එත්ථ සාසනෙ පබ්බජිතභාවෙ වා පතිරූපං යුත්තරූපං සාරුප්පං අස්ස සියා, තම්පි අපලොකෙය්ය.
එහි “විජානෙය්ය සකං අත්ථං” නුවණැති පුරුෂයා තමාගේ යහපත යථා ස්වභාවයෙන් විමසා දැනගන්නේ ය. විමසා දැන “අවලොකෙය්යාථ පාවචනං” මේ ලෝකයේ බොහෝ වූ ශ්‍රමණ බ්රාහ්මණය්න විසින් කියන ලද ඉගැන්වීම් දර්ශනවාද අතරින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ශ්‍රී සද්ධර්මය “පාවචන” නම් වේ. එහි නෛර්යාණික වූ යමක් වේද එය ප්‍රඥා ඇසින් බලන්නේ ය, දකින්නේ ය, සෙසු නානාතීර්ථක ශ්‍රමණ බ්‍රාහ්මණයෝ අනිත්‍ය වූ වෙහි නිත්‍ය සංඥාව ද අනාත්ම වු වෙහි ආත්ම සංඥාව ද අශුද්ධි මාර්ගයක් ම ශුද්ධි මාර්ගයක් ම ශුද්ධි මාර්ගයැයි ගෙන මිසදිටු බව නිසා ඔවුනොවුන්ට විරුද්ධව ක්‍රියාකරති. එනිසා ඔවුන්ගේ වාද නෛර්යාණික නොවේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ වනාහී “සියලු සංස්කාර අනිත්‍යය, සියලු ධර්ම අනාත්මය, නිර්වාණය ශාන්තය” යනුවෙන් තමන්වහන්සේ ම සිය නුවණින් තත්ත්වාකාරයෙන් දැන දේශනා කරති. එනිසා උන්වහන්සේගේ ඉගැන්වීම, “නිවණම අවබෝධ කරවන්නකි” යි ශාස්තෲ අනුශාසනාවම ගෞරවයෙන් පිළිගත යුත්තේය යන අදහසයි. “යං චෙත්ථ අස්ස පතිරූපං සාමඤ්ඤං අජ්ඣුපගතස්ස” ශ්‍රමණබව, පැවිද්ද, මහණකම සඳහා එළඹි කුලපුත්‍රයාට මේ බුද්ධශාසනයේ දී කළයුතු සුදුසු වූ යෝග්‍ය වූ සාරුප්‍ය වූ කැප වූ දෙය බලන්නේ ය. “ඒ කැපසරුප් කටයුතු මොනවා ද? යන්න ඉන්පසු ගාථාවන් හි විස්තර වේ.
කිං පන තන්ති ආහ “මිත්තං ඉධ ච කල්‍යාණ”න්තිආදි. ඉමස්මිං සාසනෙ කල්යාණමිත්තං සෙවියමානං සමණස්ස පතිරූපන්ති යොජනා. එස නයො ඉතරෙසුපි. කල්යාණමිත්තඤ්හි නිස්සාය අකුසලං පජහති, කුසලං භාවෙති, සුද්ධමත්තානං පරිහරති. සික්ඛා විපුලං සමාදානන්ති විපුලං සික්ඛාසමාදානං, මහතියා නිබ්බානාවහාය අධිසීලාදිසික්ඛාය අනුට්ඨානන්ති අත්ථො. සුස්සූසා ච ගරූනන්ති ගරූනං ආචරියුපජ්ඣායාදීනං කල්යාණමිත්තානං ඔවාදස්ස සොතුකම්යතා පාරිචරියා ච. එතන්ති කල්යාණමිත්තසෙවනාදි.
“මිත්තං ඉධ කල්‍යාණං” මේ ශාසනයේ කල්‍යාණමිත්‍ර ආශ්‍රය ශ්‍රමණයාට ඉතා සුදුසුවූවකි. මේ න්‍යාය අන්‍ය පදවලට යෙදේ. කලණ මිතුරා නිසා අකුසල් දුරුවේ. කුසල් වඩයි. තමා ඉතා පිරිසිදු වූවෙකු ලෙස හැසිරෙයි. “සික්ඛා විපුලං සමාදානං” මහත් වූ ශික්ෂා සමාදානය, නිර්වාණාවබෝධය ගෙන දෙන අධිශීල ශික්ෂාවෙහි පිහිටීම යන අර්ථයයි. “සුස්සුසා ච ගරූනං” ගුරුවරුන්ගේ, ආචාර්ය උපාධ්යායවරුන්ගේ, කළණමිතුරන්ගේ අවවාද අසනු කැමති බව හා සේවාකිරීම, “එතං” මේ කළණමිතුරන් ඇසුර ආදී කාරණා,
බුද්ධෙසු සගාරවතාති සබ්බඤ්ඤුබුද්ධෙසු “සම්මාසම්බුද්ධො භගවා”ති ගාරවයොගො ගරුචිත්තීකාරො. ධම්මෙ අපචිති යථාභූතන්ති අරියධම්මෙ යාථාවතො අපචායනං ආදරෙන අභිපූජනං. සඞ්ඝෙති අරියසඞ්ඝෙ. චිත්තීකාරොති සක්කාරො සම්මානනං. එතන්ති රතනත්තයගරුකරණං.
“බුද්ධෙසු සගාරවතා” සර්වඥයන් වහන්සේ කෙරෙහි සම්මා සම්බුද්ධය, භාග්‍යවත්ය ආදී වශයෙන් ගරු කිරීම, ගෞරවයෙන් හැසිරීම, “චිත්තීකාරො අපචිති යථාභූතං” ආර්යධර්මයට තත්ත්වාකාරයෙන් පිදීම, ආදරයෙන් පිදීම, “සංඝෙ” ආර්ය සංඝරත්නය කෙරෙහි සත්කාර සම්මාන කිරීම “එතං” මේ තුණුරුවනට ගරු සත්කාර කිරීම, ගෞරව හැසිරීම,
ආචාරගොචරෙ යුත්තොති කායිකවාචසිකවීතික්කමනසඞ්ඛාතං අනාචාරං, පිණ්ඩපාතාදීනං අත්ථාය උපසඞ්කමිතුං අයුත්තට්ඨානභූතං වෙසියාදිඅගොචරඤ්ච පහාය කායිකවාචසිකඅවීතික්කමනසඞ්ඛාතෙන ආචාරෙන පිණ්ඩපාතාදීනං අත්ථාය උපසඞ්කමිතුං යුත්තට්ඨානභූතෙන ගොචරෙන ච යුත්තො සම්පන්නො, සම්පන්නආචාරගොචරොති අත්ථො. ආජීවො සොධිතොති වෙළුදානාදිං බුද්ධපටිකුට්ඨං අනෙසනං පහාය අනවජ්ජුප්පාදෙ පච්චයෙ සෙවන්තස්ස ආජීවො සොධිතො හොති සුවිසුද්ධො, සොධිතත්තා එව අගාරය්හො විඤ්ඤූහි. චිත්තස්ස ච සණ්ඨපනන්ති යථා චක්ඛාදිද්වාරෙහි රූපාදිආරම්මණෙසු අභිජ්ඣාදයො නප්පවත්තන්ති, එවං දිට්ඨෙ දිට්ඨමත්තාදිවසෙන චිත්තස්ස සම්මා ඨපනං. එතන්ති ආචාරගොචරසම්පත්ති ආජීවපාරිසුද්ධි ඉන්ද්රියෙසු ගුත්තද්වාරතාති එතං තයං.
“ආචාරගොචරෙ යුත්තො,” කායික වාචසික ශික්ෂා පද කඩමින් අනාචාරීව හැසිරීම, එසේ පිණ්ඩපාතාදියට එළඹීමට අයෝග්යස්ථාන වූ වෛශ්‍යා ගෘහ ආදී අගෝචර ස්ථාන ද හැර දමා, කායික වාචික සංවරභාවයෙන් යුතු ආචාරයෙන් ද පිණ්ඩපාතා දී අවශ්‍යතා සඳහා එළඹීමට සුදුසු වූ යෝග්‍ය වූ ගෝචර ස්ථානයන්හි හැසිරෙමින්, ආචාරගෝචර සම්පන්නව, “ආජීවො සොධිතො” වේළුදානාදී බුදුරදුන් විසින් ගැරහූ නුසුදුසු ජීවන පැවතුම් අත්හැර, නිවැරදිව උපන් සිවුපසය සේවනය කරන්නාගේ ආජීවය ද පිරිසිදු වූවකි. ඉතාම පිරිසිදු වූවකි. එනිසාම නුවණැත්තන්ගේ ගැරහුම් නොලබන්නේමය. “චිත්තස්ස ච සණ්ඨපනං” චක්සු ආදී ද්වාරයන්ගේ රූපාදී අරමුණු පිළිබඳව දැඩි ලෝභකිරීම් ආදී අන්තගාමීත්වයෙන් වැළකී දක්නා ලද්දෙහි දැකීම් පමණක් ලෙස සිත මනාව හසුරුවා ගැනීම “එතං” ආචාරගෝචර සම්පත්තිය, ආජීව පාරිශුද්ධිය හා ඉන්ද්රිය සංවරභාවය යන මේ තුන,
චාරිත්තන්ති චරිත්වා පරිපූරෙතබ්බසීලං. වාරිත්තන්ති විරතියා අකරණෙන පරිපූරෙතබ්බසීලං. ඉරියාපථියං පසාදනියන්ති පරෙසං පසාදාවහං ආකප්පසම්පත්තිනිමිත්තං ඉරියාපථනිස්සිතං සම්පජඤ්ඤං. අධිචිත්තෙ ච ආයොගොති සමථවිපස්සනාසු අනුයොගො භාවනා.
“චාරිත්තං” හැසිරීමෙන් පිරියයුතු ශීලය “වාරිත්තං” වැළකීමෙන්, නොකිරීමෙන් පිරිය යුතු ශීලය, “ඉරියාපථියං පසාදනියං” අනුන්ගේ පැහැදීමට හේතුවන පරිදි ආකල්ප සම්පත්ති ඇති, ඉරියවු පැවතුම් සහිත සිහිනුවණ ඇති බව, “අධිචිත්තෙ ච ආයොගො” සමථ විදර්ශනාදී භාවනාවෙහි යෙදීම,
ආරඤ්ඤකානීති අරඤ්ඤෙ පරියාපන්නානි. පන්තානීති විවිත්තානි.
“ආරඤ්ඤකානි” ආරණ්‍යයක වූ වන සෙනසුන්. “පන්තානි” ජනශූන්‍ය වූ,
සීලන්ති චතුපාරිසුද්ධිසීලං. හෙට්ඨා හි භින්දිත්වා වුත්තං, ඉධ අභින්දිත්වා වදති. බාහුසච්චන්ති බහුස්සුතභාවො. සො හි භාවනානුයොගස්ස බහුකාරො, බොජ්ඣඞ්ගකොසල්ලඅනුත්තරසීතිභාවඅධිචිත්තයුත්තතාදීසු සම්මා පවිචයබහුලස්ස සමථවිපස්සනානුයොගො සම්පජ්ජති. ධම්මානං පවිචයො යථාභූතන්ති රූපාරූපධම්මානං අවිපරීතසලක්ඛණතො සාමඤ්ඤලක්ඛණතො ච පරිවීමංසා. ඉමිනා අධිපඤ්ඤාධම්මවිපස්සනමාහ. සච්චානං අභිසමයොති දුක්ඛාදීනං අරියසච්චානං පරිඤ්ඤාභිසමයාදිවසෙන පටිවෙධො.
“සීලං” චතුපාරිශුද්ධි ශීලය, ඉහතින් වෙන් වෙන් ව දැක් වූ චතුපාරිශුද්ධි ශීලය මෙහි දී එකට ගෙන දක්වයි. “බාහුසච්චං” බහුශ්‍රැතභාවය. ඒ භාවනායෝගියාට බොහෝ උපකාර ඇති බොජ්ඣංග ධර්ම වැඩීමෙහි දක්ෂව, අනුත්තර වූ සමථ විදර්ශනා භාවනා වැඩීමට හැකිවේ. එම භාවනා වඩයි. “ධම්මානං පවිචයො යථාභූතං” රූපාරූප ධර්මයන්ගේ නොවෙනස්වන ලක්ෂණයන් ද ශ්‍රමණභාවයේ ලක්ෂණ ද තත්ත්වාකාරයෙන් විමසාබැලීම, මෙයින් අධිප්‍රඥාව විදර්ශනා ධර්මය කියන ලදි. “සච්චානං අභිසමයො” දුක්ඛ සත්යාදී ආර්යසත්ය පිරිසිඳ දැනීම් වශයෙන් ප්‍රතිවේධ කරගැනීම, ධර්මාවබෝධය,
ස්වායං සච්චාභිසමයො යථා හොති, තං දස්සෙතුං “භාවෙය්යා”තිආදි වුත්තං. තත්ථ භාවෙය්ය ච අනිච්චන්ති “සබ්බෙ සඞ්ඛාරා අනිච්චා”තිආදිනා (ධ· ප· 277) අවිභාගතො “යං කිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්න”න්තිආදිනා (විභ· 2; සං· නි· 3.49) විභාගතො වා සබ්බසඞ්ඛාරෙසු අනිච්චසඤ්ඤං භාවෙය්ය උප්පාදෙය්ය චෙව වඩ්ඪෙය්ය චාති අත්ථො. අනත්තසඤ්ඤන්ති, “සබ්බෙ ධම්මා අනත්තා”ති පවත්තං අනත්තසඤ්ඤඤ්ච භාවෙය්යාති යොජනා. එවං සෙසෙසුපි. අසුභසඤ්ඤන්ති, කරජකායෙ සබ්බස්මිම්පි වා තෙභූමකසඞ්ඛාරෙ කිලෙසාසුචිපග්ඝරණතො “අසුභා”ති පවත්තසඤ්ඤං. දුක්ඛසඤ්ඤාපරිවාරා හි අයං, එතෙනෙව චෙත්ථ දුක්ඛසඤ්ඤාපි ගහිතාති වෙදිතබ්බං. ලොකම්හි ච අනභිරතින්ති සබ්බලොකෙ තෙභූමකෙසු සඞ්ඛාරෙසු අනාභිරතිසඤ්ඤං. එතෙන ආදීනවානුපස්සනං නිබ්බිදානුපස්සනඤ්ච වදති.
ඒ මේ සත්‍යාවබෝධය යම්සේ වේද, එය දැක්වීමට “භාවයෙ” යන ගාථාව කියන ලදි. එහි “භාවයෙ” යනු වඩන්නේය. “අනිච්චං” සියලු සංස්කාරයෝ අනිත්‍යයහ” යි විභාගනොකිරීම් වශයෙන් ද යම් අතීත, අනාගත, පච්චුප්පන්න රූපයක් වේද ආදී වශයෙන් විභාග කිරීමෙන් ද සෑම සංඛත වස්තුවක් ම අනිත්‍යයැයි සිතන්නේය. අනිත්‍ය සංඥාව වඩන්නේය, උපදවන්නේය. “අනත්තසඤ්ඤං,” “සියලු ධර්ම අනාත්ම වේ. ආත්ම වශයෙන් ගත නොහැක. ශූන්‍යය” යනුවෙන් පවතින අනාත්ම සංඥාව ද වඩන්නේය. මෙසේ සෙසු පදයන්හි ද අර්ථ ගතයුතුය. “අසුභ සඤ්ඤං” සිවුමහා භූතමය මේ ශරීරය මුලුල්ලෙහි ම ත්‍රෛභූමික සංස්කාරයන් හි කෙලෙස්, අශුචි වැගිරීම් වශයෙන් “අසුභය” ලෙස පවත්නා සංඥාව ලෙස ද ගන්නා ලදැයි දතයුතුයි. “ලොකම්හි ච අනභිරතිං” ත්‍රෛභූමික සංස්කාර වූ මුලු ලෝකයෙහි ම අනභිරති (නො ඇලීම්) සංඥාව වඩන්නේය. මේ ප්‍රකාශයෙන් ආදීනව සිහිකිරීම ද සංවේගයට පැමිණීම ද යන ආදීනවානුපස්සනාව හා නිබ්බිදානුපස්සනාව අදහස් වේ.
එවං පන විපස්සනාභාවනං අනුයුත්තො තං උස්සුක්කාපෙන්තො ඉමෙ ධම්මෙ වඩ්ඪෙය්යාති දස්සෙන්තො “භාවෙය්ය ච බොජ්ඣඞ්ගෙ”ති ගාථමාහ. තස්සත්ථො – බොධියා සතිආදිසත්තවිධධම්මසාමග්ගියා, බොධිස්ස වා තංසමඞ්ගිනො පුග්ගලස්ස අඞ්ගාති බොජ්ඣඞ්ගා, සතිආදයො ධම්මා. තෙ සතිආදිකෙ සත්තබොජ්ඣඞ්ගෙ, ඡන්දආදීනි චත්තාරි ඉද්ධිපාදානි, සද්ධාදීනි පඤ්චින්ද්රියානි, සද්ධාදීනියෙව පඤ්ච බලානි, සම්මාදිට්ඨිආදීනං වසෙන අට්ඨඞ්ගඅරියමග්ගඤ්ච. ච-සද්දෙන සතිපට්ඨානානි සම්මප්පධානානි ච ගහිතානීති සබ්බෙපි සත්තතිංසප්පභෙදෙ බොධිපක්ඛියධම්මෙ භාවෙය්ය උප්පාදෙය්ය චෙව වඩ්ඪෙය්ය ච. තත්ථ යදෙතෙසං පඨමමග්ගක්ඛණෙ උප්පාදනං, උපරිමග්ගක්ඛණෙ ච වඩ්ඪනං, එතං සමණස්ස භික්ඛුනො සාරුප්පන්ති.
මෙසේ විදර්ශනා භාවනාව වඩන්නා ඒ භාවනා ම ඔසවා තබා, එයම වර්ධනය කළයුතු බව “භාවෙය්ය ච බොජ්ඣංගෙ” යන ගාථාවෙන් පෙන්වාදෙයි. එහි අර්ථ මෙසේය. බුද්ධත්වයෙන් ද සිහිය ආදී සප්තවිධ ධර්ම එක්වීමෙන් ද ඒ සත්ධර්මයන්ගෙන් යුතු පුද්ගලයාට අංග වන බැවින් සප්ත බෝධි අංග ධර්ම, සති ආදී බොජ්ඣංග සත වඩන්නේ ය. සතර සෘද්ධිපාද, ශ්‍රද්ධා ආදී පඤ්ච ඉන්ද්රිය, ශ්‍රද්ධා ආදී පඤ්ච බල, සම්මා දිට්ඨි ආදී ආර්ය අෂ්ඨාංගික මාර්ගය ද “ච” ශබ්දයෙන් සතර සතිපට්ඨානයන් හා සතර සම්‍යක් ප්‍රධානයන් ද යන මේ සත්තිස් බෝධි පාක්ෂික ධර්මයන් ම වඩන්නේය, දියුණු කරන්නේ ය, එහි ඉදින් මේ ධර්ම පළමු මාර්ග ක්ෂණයේ දීම වැඩීම පැවිදි වූ භික්ෂුවට ඉතා සුදුසුය.
එවං බොධිපක්ඛියසත්තතිංසධම්මෙ භාවෙන්තො යථා මග්ගසච්චං භාවනාභිසමයවසෙන අභිසමෙති, එවං සමුදයසච්චං පහානාභිසමයවසෙන, නිරොධසච්චං සච්ඡිකිරියාභිසමයවසෙන අභිසමෙතීති දස්සෙන්තො “තණ්හං පජහෙය්යා”ති ඔසානගාථමාහ. තත්ථ තණ්හං පජහෙය්යාති, කාමතණ්හාදිපභෙදං සබ්බං තණ්හං අරියමග්ගෙන අනවසෙසතො සමුච්ඡින්දෙය්ය, මොනං වුච්චති ඤාණං, තෙන සමන්නාගතත්තා මුනි. සමූලකෙ ආසවෙ පදාලෙය්යාති කාමරාගානුසයාදිසමූලකෙ කාමාසවාදිකෙ සබ්බෙපි ආසවෙ භින්දෙය්ය සමුච්ඡින්දෙය්ය. විහරෙය්ය විප්පමුත්තොති එවං සබ්බසො කිලෙසානං පහීනත්තා සබ්බධි විමුත්තො සබ්බූපධිපටිනිස්සග්ගං නිරොධං නිබ්බානං සච්ඡිකත්වා විහරෙය්ය. එතන්ති යදෙතං විහරණං, එතං සමණස්ස සමිතපාපස්ස භික්ඛුනො පතිරූපං සාරුප්පන්ති අත්ථො.
“මෙසේ බෝෂිපාක්ෂික ධර්මයන් හි පිහිට ඉහළ මාර්ග සිත් වඩන්නා වූ භික්ෂුවට වැඩිය යුතු යැයි අවබෝධයෙන් (භාවනාභිසමය වශයෙන්) මාර්ග සත්‍යය ද ප්‍රහාණ කළ යුතු යැයි දැන ගැනීමෙන් (සච්ඡිකිරියාභිසමය) නිරෝධ සත්‍යය ද අවබෝධ වේ.” මේ කාරණය දක්වමින් “තණ්හං පජහෙය්ය” යන අවසන් ගාථාව දක්වන ලදි. එහි “තණ්හං පජහෙය්ය” කාමා දී සියලු තණ්හා ප්රභේදයන් ආර්ය මාර්ගයෙන් මුලිනුපුටා දමන්නේය “මොන” යනු ඤාණයයි. ඒ ඤාණයෙන් යුතු බැවින් “මුනි” නම් වේ. “සමූලකෙ ආසවෙ පදාළෙය්ය” කාමරාගා දී අනුසය ධර්ම, මුල් සහිත ආශ්‍රව, කාමාශ්රවා දී සියලු ආශ්‍රව ධර්ම බිඳලන්නේය, මුලිනුපුටා දමන්නේය, “විහරෙය්ය විප්පමුත්තො” මෙසේ සියලුම ආකාරයෙන් කෙලෙස් ප්‍රහීණකළ බැවින්, සෑමතැනකින් ම මිදී, සියලු උපධි හෙවත් අල්ලාගැනීම් නම් වූ නිරෝධය, නිර්වාණය සාක්ෂාත් කරගෙන වෙසෙන්නේ ය. “එතං” ඉදින් මෙසේ විසීම, කෙලෙස් තවන වීර්යය ඇති භික්ෂුවට සුදුසු වූ යෝග්‍යවූ දෙයකි.
එවං ථෙරො සමණසාරුප්පපටිපත්තිකිත්තනමුඛෙන සාසනස්ස නිය්යානිකභාවං තබ්බිලොමතො බාහිරකසමයස්ස අනිය්යානිකතඤ්ච විභාවෙසි. තං සුත්වා තෙ බ්රාහ්මණමහාසාලා සාසනෙ අභිප්පසන්නා සරණාදීසු පතිට්ඨහිංසු.
මෙසේ තෙරුන් වහන්සේ ශ්‍රමණ යෝග්‍ය පිළිවෙත් ප්‍රකාශ කිරීම් වශයෙන් ශාසනයේ නෛර්යාණික බව පෙන්වීමෙන් ඊට ප්‍රතිවිරුද්ධ බාහිර සමයන්හි අනෛර්යාණික බව ප්‍රකාශ කළහ. මේ ප්‍රකාශය ඇසූ ඒ බමුණු මහසල් කුලවන්තයෝ බුදුසසුන පිළිබඳව වඩාත් ප්‍රසන්නව සරණ සිල්හි පිහිටියහ.
(අපර)-ගොතමත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
අපර ගෝතම ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
දසකනිපාතවණ්ණනා නිට්ඨිතා.
දසවෙනි නිපාතයේ ගාථා අර්ථ වර්ණනාව සමාප්තයි.