උපසෙනත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
උපසෙනත්ථෙරගාථාවණ්ණනා
උපසේන ස්ථවිරගාථා වර්ණනාව
විවිත්තං අප්පනිග්ඝොසන්තිආදිකා ආයස්මතො උපසෙනත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයං කිර පදුමුත්තරස්ස භගවතො කාලෙ හංසවතීනගරෙ කුලගෙහෙ නිබ්බත්තිත්වා වයප්පත්තො සත්ථු සන්තිකං ගන්ත්වා ධම්මං සුණමානො සත්ථාරං එකං භික්ඛුං සමන්තපාසාදිකානං අග්ගට්ඨානෙ ඨපෙන්තං දිස්වා සත්ථු අධිකාරකම්මං කත්වා තං ඨානන්තරං පත්ථෙත්වා යාවජීවං කුසලං කත්වා දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ නාලකගාමෙ රූපසාරීබ්රාහ්මණියා කුච්ඡිම්හි නිබ්බත්ති, උපසෙනොතිස්ස නාමං අහොසි. සො වයප්පත්තො තයො වෙදෙ උග්ගහෙත්වා සත්ථු සන්තිකෙ ධම්මං සුත්වා පටිලද්ධසද්ධො පබ්බජිත්වා උපසම්පදාය එකවස්සිකො “අරියගබ්භං වඩ්ඪෙමී”ති එකං කුලපුත්තං අත්තනො සන්තිකෙ උපසම්පාදෙත්වා තෙන සද්ධිං සත්ථු සන්තිකං ගතො. සත්ථාරා චස්ස තස්ස අවස්සිකස්ස භික්ඛුනො සද්ධිවිහාරිකභාවං සුත්වා, “අතිලහුං ඛො ත්වං, මොඝපුරිස, බාහුල්ලාය ආවත්තො”ති (මහාව· 75) ගරහිතො. “ඉදානාහං යදිපි පරිසං නිස්සාය සත්ථාරා ගරහිතො, පරිසංයෙව පන නිස්සාය සත්ථු පාසංසොපි භවිස්සාමී”ති විපස්සනාය කම්මං කරොන්තො නචිරස්සෙව අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 1.2.86-96) –
“විවිත්තං අප්ප නිග්ඝොසං” යනු ආයුෂ්මත් උපසේන තෙරුන් වහන්සේගේ ගාථාවන් ය. ඒවායේ උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ සමයේ දී හංසවතී නුවර, කුලගෙයක ඉපිද, තරුණවියට පැමිණ ශාස්තෲන් වහන්සේ සමීපයට පැමිණ දහම් ඇසූහ. දිනක් ඔහු ශාස්තෲන් වහන්සේ එක් භික්ෂුවක් සෑම ආකාරයෙන් ම සතුට ගෙනදෙන (සමන්ත පාසාදික) තෙරවරුන්ගෙන් අග්‍රභාවයට පත්කරනු දැක, ඒ සඳහා ප්‍රාර්ථනා කර බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලැබ, දිවි ඇතිතාක් පින් දහම් රැස්කරමින්, දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා පැමිණ, මේ බුද්ධෝත්පාද කාලයේ දී නාල ග්‍රාමයේ රූපසාරී බැමිණියගේ කුස උපන්නේය. ඔහු උපසේන නම් විය. වැඩිවියට පත් උපසේන කුමරු ත්‍රිවේද පාරගතව, දිනක් ශාස්තෲන් වහන්සේගෙන් දහම් අසා, ලැබූ ශ්‍රද්ධා ඇතිව පැවිදි විය. උපසම්පදා වී එක් වස් ඇති උපසේන හිමියෝ, “ආර්ය ගැබ වඩන්නෙමි”යි තවත් භික්ෂුවක් උපසම්පදා කරවා ගෙන, උන්වහන්සේ සමග ශාස්තෲන් වහන්සේ බැහැදැකීමට ගියහ. ශාස්තෲන් වහන්සේ උපසේන හිමි එක් වස් ඇති ව උපසම්පදා කරගත් භික්ෂුව සද්ධිවිහාරික බව අසා “හිස් පුරුෂය, යම් මේ පිරිස් බැඳ ගැනීම නම් වූ බහුලතාවයක් වේද, ඒ පිරිස් පිරිවරා ගැනීමට නුඹ ඉතා ඉක්මණින් වැටුනෙහිය” යනුවෙන් ගැරහූ සේක. දැන් මම යම් පුද්ගලයකු නිසා ශාස්තෲන් වහන්සේගේ ගැරහීමට ලක්වූයෙම් ද ඒ පුද්ගලයා නිසා ම ශාස්තෲ ප්‍රසාදය ලබාගන්නෙමි”යි අධිෂ්ඨාන කරගත් උපසේන හිමියෝ, විදසුන් වඩා නොබෝ කලකින් ම රහත් වූහ. අපදාන පාළියේ දී උන්වහන්සේ මෙසේ වදාළහ.
“පදුමුත්තරං භගවන්තං, ලොකජෙට්ඨං නරාසභං; පබ්භාරම්හි නිසීදන්තං, උපගච්ඡිං නරුත්තමං.
“කඳුපාමුලක වැඩ හුන් මනුෂ්‍යයන් අතර උත්තම වූ ලෝකජ්‍යෙෂ්ඨ වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වෙත මම එළඹුනෙමි.
“කණිකාරපුප්ඵං දිස්වා, වණ්ටෙ ඡෙත්වානහං තදා; අලඞ්කරිත්වා ඡත්තම්හි, බුද්ධස්ස අභිරොපයිං.
මනාව පිපුණු කිණිහිරි මලක් දුටු මම එය නටුවෙන් කඩාගෙන, ඒ මලින් ඡත්රය අලංකාර කර එය ශාස්තෲන් වහන්සේට දැරුවෙමි.
“පිණ්ඩපාතඤ්ච පාදාසිං, පරමන්නං සුභොජනං; බුද්ධෙන නවමෙ තත්ථ, සමණෙ අට්ඨ භොජයිං.
සුන්දර රසවත් ආහාරයක් ද පූජාකළෙමි. ඒ පිණ්ඩපාත දානයෙන් කරගත්තා වූ, අග්‍ර පුද්ගල වූ මහාවීර වූ බුදුපියාණන් වහන්සේ මා හට පුණ්‍යානුමෝදනා කළසේක.” “මෙම ඡත්‍ර දානය ද ආහාර දානය ද හේතු කරගෙන, එම චිත්ත ප්‍රසාදය ද නිසා මෙතෙම කාම සම්පත් අනුභව කරන්නේ ය. සතිස් වරක් ශක්රදේවේන්ද්රව උපදින්නේ ය.
“අනුමොදි මහාවීරො, සයම්භූ අග්ගපුග්ගලො; ඉමිනා ඡත්තදානෙන, පරමන්නපවෙච්ඡනා.
“තෙන චිත්තප්පසාදෙන, සම්පත්තිමනුභොස්සසි; ඡත්තිංසක්ඛත්තුං දෙවින්දො, දෙවරජ්ජං කරිස්සති.
“එකවීසතික්ඛත්තුඤ්ච, චක්කවත්තී භවිස්සති; පදෙසරජ්ජං විපුලං, ගණනාතො අසඞ්ඛියං.
සක්විති රජ ව විසිඑක් වරක් උපදින [missing trans]
“සතසහස්සිතො කප්පෙ, ඔක්කාකකුලසම්භවො; ගොතමො නාම ගොත්තෙන, සත්ථා ලොකෙ භවිස්සති.
කල්ප ලක්ෂයකට පසුව ඔක්කාක වංශයේ උපදින ගෞතම නම් ශාස්තෲන් වහන්සේගේ සසුන බබළන මෙතෙම, උන්වහන්සේගේ ධර්මයට දායාද වූ, ධර්මයෙන් නිර්මිත වූ උපසේන නම් බුද්ධ ශ්‍රාවකයෙක් වන්නේය.”[missing trans]
“සාසනෙ දිබ්බමානම්හි, මනුස්සත්තං ගමිස්සති; තස්ස ධම්මෙසු දායාදො, ඔරසො ධම්මනිම්මිතො.
“උපසෙනොති නාමෙන, හෙස්සති සත්ථු සාවකො; සමන්තපාසාදිකත්තා, අග්ගට්ඨානෙ ඨපෙස්සති.
“චරිමං වත්තතෙ මය්හං, භවා සබ්බෙ සමූහතා; ධාරෙමි අන්තිමං දෙහං, ජෙත්වා මාරං සවාහනං.
“මෙය මාගේ අවසාන ආත්මභාවයයි. සියලු භව නැසුවෙමි. සේනා සහිත මාරයා ජයගෙන අන්තිම ශරීරය දරමි.
“පටිසම්භිදා චතස්සො…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
දැන් මම සියලු කෙලෙස් දැවුයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
අරහත්තං පන පත්වා සයම්පි සබ්බෙ ධුතඞ්ගධම්මෙ සමාදාය වත්තති, අඤ්ඤෙපි තදත්ථාය සමාදපෙති , තෙන නං භගවා සමන්තපාසාදිකානං අග්ගට්ඨානෙ ඨපෙසි. සො අපරෙන සමයෙන කොසම්බියං කලහෙ උප්පන්නෙ භික්ඛුසඞ්ඝෙ ච ද්විධාභූතෙ එකෙන භික්ඛුනා තං කලහං පරිවජ්ජිතුකාමෙන “එතරහි ඛො කලහො උප්පන්නො, සඞ්ඝො ද්විධාභූතො, කථං නු ඛො මයා පටිපජ්ජිතබ්බ”න්ති පුට්ඨො විවෙකවාසතො පට්ඨාය තස්ස පටිපත්තිං කථෙන්තො –
රහත් උපසේන හිමියෝ තනිව ම සියලු ධුතාංග ධර්ම සමාදන්වූහ. අන්‍ය භික්ෂූන් ද සඳහා යොමුකර වූහ. එනිසා භාග්‍යවතුන් වහන්සේ උපසේන මහ රහතන් වහන්සේ, සමන්තපාසාදික භික්ෂූන්ගෙන් අග්‍රභාවයට පත්කළ සේක. ඊට පසුකාලයක දී කොසඹෑනුවර කලහය ඇති වී භික්ෂු සංඝයා දෙකඩ වූ කල්හි, එක් භික්ෂුවක් විසින් ඒ කලහය වර්ජනය කරනු කැමැත්තෙන්, “දැන් මේ සංඝයා භේද කරන කළහය ඉපදුණි. මවිසින් කෙසේ පිළිපැදිය යුත්තෙක් ද?” යි විචාරන ලද්දේ, උපසේන හිමියෝ විවේකවාසයේ සිට ඔහු පිලිපැදිය යුතු අයුරු ප්‍රකාශ කරමින් මේ ගාථා වදාළහ.
“විවිත්තං අප්පනිග්ඝොසං, වාළමිගනිසෙවිතං; සෙවෙ සෙනාසනං භික්ඛු, පටිසල්ලානකාරණා.
“විවිත්තං අප්පනිග්ඝොසං වාළමිගනිසෙවිතං, සෙවෙ සෙනාසනං භික්ඛු පටිසල්ලාන කාරණා.”
“සඞ්කාරපුඤ්ජා ආහත්වා, සුසානා රථියාහි ච; තතො සඞ්ඝාටිකං කත්වා, ලූඛං ධාරෙය්ය චීවරං.
“සංකාර පුඤ්ජා ආහත්වා සුසානා රථියාහි ච, තතො සංඝාටිකං කත්වා ළූඛං ධාරෙය්ය චීවරං.”
“නීචං මනං කරිත්වාන, සපදානං කුලා කුලං; පිණ්ඩිකාය චරෙ භික්ඛු, ගුත්තද්වාරො සුසංවුතො.
“නීචං මනං කරිත්වාන සපදානං කුලාකුලං, පිණ්ඩිකාය චරෙ භික්ඛු ගුත්තද්වාරො සුසංවුතො.”
“ලූඛෙනපි වා සන්තුස්සෙ, නාඤ්ඤං පත්ථෙ රසං බහුං; රසෙසු අනුගිද්ධස්ස, ඣානෙ න රමතී මනො.
“ළූඛෙන පිච සන්තුස්සෙ, නාඤ්ඤං පත්ථෙ රසං බහුං, රසෙසු අනුගිද්ධස්ස ඣානෙ න රමතී මනො.”
“අප්පිච්ඡො චෙව සන්තුට්ඨො, පවිවිත්තො වසෙ මුනි; අසංසට්ඨො ගහට්ඨෙහි, අනාගාරෙහි චූභයං.
“අප්පිච්ඡො චෙව සන්තුට්ඨෙ පවිවිත්තො වසෙ මුනි, අසංසට්ඨො ගහට්ඨෙහි අනාගාරෙහිචූභයං.”
“යථා ජළො ව මූගො ව, අත්තානං දස්සයෙ තථා; නාතිවෙලං සම්භාසෙය්ය, සඞ්ඝමජ්ඣම්හි පණ්ඩිතො.
“යථා ජළොච මූගො ච අත්තානං දස්සයෙ තථා, නාතිවෙලං පභාසෙය්ය සංඝමජ්ඣම්හි පණ්ඩිතො.”
“න සො උපවදෙ කඤ්චි, උපඝාතං විවජ්ජයෙ; සංවුතො පාතිමොක්ඛස්මිං, මත්තඤ්ඤූ චස්ස භොජනෙ.
“නසො උපවදෙ කඤ්චි උපඝාතං විවජ්ජයෙ, සංවුතො පාතිමොක්ඛස්මිං මත්තඤ්ඤූ චස්ස භොජනෙ.”
“සුග්ගහීතනිමිත්තස්ස, චිත්තස්සුප්පාදකොවිදො. සමථං අනුයුඤ්ජෙය්ය, කාලෙන ච විපස්සනං.
“සුග්ගහීත නිමිත්තස්ස සො චිත්තස්සුප්පාද කොවිදො, සමථං අනුයුඤ්ජෙය්ය කාලෙන ච විපස්සනං.”
“වීරියසාතච්චසම්පන්නො, යුත්තයොගො සදා සියා; න ච අප්පත්වා දුක්ඛන්තං, විස්සාසං එය්ය පණ්ඩිතො.
“විරියසාතච්ච සම්පන්නො යුත්තයොගො සදා සියා, න ච උප්පත්වා දුක්ඛන්තං විස්සාසං එය්ය පණ්ඩිතො.”
“එවං විහරමානස්ස, සුද්ධිකාමස්ස භික්ඛුනො; ඛීයන්ති ආසවා සබ්බෙ, නිබ්බුතිඤ්චාධිගච්ඡතී”ති. –
“එවං විහරමානස්ස සුද්ධිකාමස්ස භික්ඛුනො, ඛීයන්ති ආසවා සබ්බෙ නිබ්බුතිඤ්චාධිගච්ඡතී.” තී.
ඉමා ගාථා අභාසි.
තත්ථ විවිත්තන්ති, ජනවිවිත්තං සුඤ්ඤං අරඤ්ඤාදිං. අප්පනිග්ඝොසන්ති, නිස්සද්දං සද්දසඞ්ඝට්ටනරහිතං. වාළමිගනිසෙවිතන්ති, සීහබ්යග්ඝදීපිවාළමිගෙහි චරිතං. ඉමිනාපි ජනවිවෙකංයෙව දස්සෙති පන්තසෙනාසනභාවදීපනතො. සෙනාසනන්ති, සයිතුං ආසයිතුඤ්ච යුත්තභාවෙන වසනට්ඨානං ඉධ සෙනාසනන්ති අධිප්පෙතං. පටිසල්ලානකාරණාති, පටිසල්ලානනිමිත්තං, නානාරම්මණතො නිවත්තෙත්වා කම්මට්ඨානෙයෙව චිත්තස්ස පටි පටි සම්මදෙව අල්ලීයනත්ථං.
එහි “විවිත්තං” යනු ජනශූන්‍ය, ජනයාගෙන් තොර ආරණ්යාදිය. “අප්පනිග්ඝොසං” නිශ්ශබ්ද, ශබ්ද ගැටීම් රහිත, “වාළමිගනිසෙවිතං” සීහව්යාඝ්රාදී චණ්ඩ සිවුපාවුන් ගැවසෙන මේ ප්‍රකාශයෙන් ද ජනශූන්‍ය බව ම දක්වයි. වනසෙනසුනක් බව දක්වයි. “සෙනාසනං” නිදාගැනීමට, වාසයට සුදුසු වූ වාසස්ථානයක් වූ සෙනසුන යන අරුතින් “පටිසල්ලානකාරණා” යන්න යෙදේ. පටිසල්ලාන යනු සිත නානාවිධ අරමුණු කරා යෑම නවත්වා, සිත භාවනාවෙහිම මනාව යෙදවීමට සමත් පරිසරයි.
එවං භාවනානුරූපං සෙනාසනං නිද්දිසන්තො සෙනාසනෙ සන්තොසං දස්සෙත්වා ඉදානි චීවරාදීසුපි තං දස්සෙතුං “සංකාරපුඤ්ජා”තිආදි වුත්තං. තත්ථ සංකාරපුඤ්ජාති සංකාරානං පුඤ්ජං සංකාරපුඤ්ජං, තතො කචවරට්ඨානා. ආහත්වාති ආහරිත්වා. තතොති තථා ආහටචොළක්ඛණ්ඩෙහි. කරණෙ හි ඉදං නිස්සක්කවචනං ලූඛන්ති සත්ථලූඛරජනලූඛාදිනා ලූඛං අවණ්ණාමට්ඨං. ධාරෙය්යාති නිවාසනාදිවසෙන පරිහරෙය්ය, එතෙන චීවරසන්තොසං වදති.
මෙසේ සෙනසුන භාවනාවට ඉතා යෝග්‍ය බව දක්වා අනතුරුව චීවරාදී ප්‍රත්‍ය ලබන අයුරු “සංකාරපූඤ්ජා” යනුවෙන් දක්වන ලදි. එහි කසන එකතුවන ස්ථානය “සංකාරපුඤ්ජා” නම් වේ. හෙවත් කසළ ගොඩයි. ඒ කසළ ගොඩින් “ආහත්වා” ගෙනවුත්, “තතො” එසේ රැගෙන ආ රෙදි කඩින්. මේ කරණාර්ථයේ පංචමී විභක්ති වචනයකි. “ළූඛං” සත්ථ ළූඛ, රජන ළූඛා දී වශයෙන් රූක්ෂ වූ, වර්ණවත් මටසිලිටි නොවූ “ධාරෙය්ය” හැඳීම් පෙරවීම් වශයෙන් පරිහරණය කරන්නේ ය. මේ ගාථාවෙන් චීවර පිළිබඳ තෘප්තිමත් භාවය පළකරයි.
නීච මනං කරිත්වානාති “අන්තමිදං, භික්ඛවෙ, ජීවිකාන”න්තිආදිකං (ඉතිවු· 91; සං· නි· 3.80) සුගතොවාදං අනුස්සරිත්වා නිහතමානදප්පං චිත්තං කත්වා. සපදානන්ති ඝරෙසු අවඛණ්ඩරහිතං; අනුඝරන්ති අත්ථො. තෙනාහ “කුලා කුල”න්ති. කුලා කුලන්ති කුලතො කුලං, කුලානුපුබ්බියා ඝරපටිපාටියාති අත්ථො. පිණ්ඩිකායාති මිස්සකභික්ඛාය, ඉමිනා පිණ්ඩපාතසන්තොසං වදති. ගුත්තද්වාරොති සුපිහිතචක්ඛාදිද්වාරො. සුසංවුතොති හත්ථකුක්කුච්චාදීනං අභාවෙන සුට්ඨු සංවුතො.
“නීචං මනං කරිත්වාන” යනු “මහණෙනි, මේ ශාසනයේ ජීවත්වන්නෝ ශාන්තය” ආදී වශයෙන් දෙසූ සුගතාවවාද සිහිකර, මාන දර්ප නැති කළ සිතින් “සපදානං” ගෙයක්, ගෙයක් පාසා ගෙවල් අත්නොහැර එනිසා “කුලාකුලං” යි කියන ලදි. ගෙපිළිවෙලින්, කුල අනුපිළිවෙලින්, කුලයෙන් කුලයට “පිණ්ඩිකාය” මිශ්‍ර වූ භික්ෂාව මේ ප්‍රකාශයෙන් පිණ්ඩපාතයෙන් සන්තෝෂ වන බව දැක්විණි. “ගුත්තද්වාරො” මනාව සංවර කරගත් ඇස ආදී ඉඳුරන් ඇතිව, “සුසංවුතො” අන් කුකුස් ආදිය නොමැති හෙයින් මනාව යටපත් කළ, සුසංයත වූ,
ලූඛෙනපි වාති අපිසද්දො සමුච්චයෙ, වා-සද්දො විකප්පෙ. උභයෙනපි ලූඛෙනපි අප්පෙනපි යෙන කෙනචි සුලභෙන ඉතරීතරෙන සන්තුස්සෙ සමං සම්මා තුස්සෙය්ය. තෙනාහ “නාඤ්ඤං පත්ථෙ රසං බහු”න්ති. නාඤ්ඤං පත්ථෙ රසං බහුන්ති අත්තනා යථාලද්ධතො අඤ්ඤං මධුරාදිරසං බහුං පණීතඤ්ච න පත්ථෙය්ය න පිහෙය්ය, ඉමිනා ගිලානපච්චයෙපි සන්තොසො දස්සිතො හොති. රසෙසු ගෙධවාරණත්ථං පන කාරණං වදන්තො රසෙසු අනුගිද්ධස්ස, ඣානෙ න රමතී මනො”ති ආහ. ඉන්ද්රියසංවරම්පි අපරිපූරෙන්තස්ස කුතො වික්ඛිත්තචිත්තසමාධානන්ති අධිප්පායො.
“ළූඛෙනපි වා” “අපි” ශබ්දය සමුච්චාර්ථයේ යෙදේ. “වා” විකල්පාර්ථයේ යෙදේ. දෙවැදෑරුම් රූක්ෂ ප්‍රතිපදාවෙන් ද අල්ප වූ ද අසුභ වූ ද සෑම සන්තෝෂයකින් ම එකසේ මනාව සතුටුවන්නේ ය. එනිසා “නාඤ්ඤං පත්ථෙ රසංබහුං” යි කියන ලදි. තමාට ලැබුණු දෙයින් තුටුවේ, වෙනත් මිහිරි රසවත් බොහෝ ප්‍රණීතාහාර පාන නො පතන්නේය, කැමති නො වන්නේය, මෙයින් ගිලානපච්චය පිළිබඳ සන්තෝෂය දක්වන ලදි. රසයන් හි නොඇලීමට හේතුව “රසෙසු අනුගිද්ධස්ස ඣානෙ න රමතී මනො” යි දැක්වේ. රසයන් හි ගිජුවූවහුට හෙවත් ඉන්ද්රිය සංවරයක් නොමැති පුද්ගලයාට චිත්ත සමාධියක් කොයින් ද? යන අදහසයි.
එවං චතූසු පච්චයෙසු සල්ලෙඛපටිපත්තිං දස්සෙත්වා ඉදානි අවසිට්ඨකථාවත්ථූනි දස්සෙතුං “අප්පිච්ඡො චෙවා”තිආදි වුත්තං. තත්ථ අප්පිච්ඡොති, අනිච්ඡො චතූසු පච්චයෙසු ඉච්ඡාරහිතො, තෙන චතුබ්බිධපච්චයෙසු තණ්හුප්පාදවික්ඛම්භනමාහ. සන්තුට්ඨොති, චතූසු පච්චයෙසු යථාලාභසන්තොසාදිනා සන්තුට්ඨො. යො හි –
මෙසේ සිවුපසෙහි කෙලෙස් ලියා දමන පිළිවෙත දක්වා, පසුව ඉතිරි වූ කථාවස්තුව දැක්වීමට “අප්පිච්ඡො චෙව” යනාදී ගාථා කියන ලදි. එහි “අප්පිච්ඡො” යනු කැමැත්තක් නැතිව, අල්පේච්ඡව, ප්‍රත්‍ය පිළිබඳව ආශාරහිතව, එයින් සිවු වැදෑරුම් තණ්හාව ඉපදීමේ හේතු විෂ්කම්භනය කිරීම දැක්විණි. “සන්තුට්ඨෙ” සිවු පසයෙහි යථාලාභ (ලැබූ පරිදි සතුටුවීම) සන්තෝෂාදියෙන් සතුටුව. එහිදී -
“අතීතං නානුසොචෙය්ය, නප්පජප්පෙය්යනාගතං; පච්චුප්පන්නෙන යාපෙය්ය, සො ‘සන්තුට්ඨො’ති පවුච්චතී”ති.
“අතීතං නානුසොචෙය්ය නප්පජප්පෙය්යනාගතං, පච්චුප්පන්නෙන යාපෙය්ය සො සන්තුට්ඨොති පවුච්චතී.” තී.
යනුවෙන් සන්තෝෂයෙන් යුතු භික්ෂුව අතීතය පිළිබඳව ශෝක නොකරයි, අනාගතය පිළිබඳ සංකල්ප ගොඩනොනඟයි, වත්මනෙහි පමණක් යැපේ, වත්මන පමණක් දිවිගෙවන්නේ ය.
පවිවිත්තොති ගණසඞ්ගණිකං පහාය කායෙන පවිවිත්තො වූපකට්ඨො. චිත්තවිවෙකාදිකෙ හි පරතො වක්ඛති. වසෙති සබ්බත්ථ යොජෙතබ්බං. මොනෙය්යධම්මසමන්නාගමෙන මුනි. අසංසට්ඨොති දස්සනසවනසමුල්ලපනසම්භොගකායසංසග්ගානං අභාවෙන අසංසට්ඨො යථාවුත්තසංසග්ගරහිතො. උභයන්ති, ගහට්ඨෙහි අනාගාරෙහි චාති උභයෙහිපි අසංසට්ඨො. කරණෙ හි ඉදං පච්චත්තවචනං.
“පවිවින්නො” සමූහ සාකච්ඡාවලින් දුරුව, කායික විවේකයෙන් යුතුව, හුදකලාව චිත්ත විවේකයෙන් යුතුව. “වසෙ” යන්න සෑම පදයකට ම යෙදිය යුතුයි. හුදකලාව තනිව සිටිමින් මොනෙය්‍ය ප්‍රතිපදාව ගෙනයන්නා “මුනි” නම් වේ. “අසංසට්ඨො” දර්ශන, ශ්‍රවණ, සතුටු සාමීචි කථාව, එක්ව කිරීම ආදී වශයෙන් කාය සංසර්ග නොමැති බැවින් සම්බන්ධ නොවූ, සංසර්ග එක්වීම් රහිත වූ, “උභයං” ගිහි, පැවිදි දෙපිරිසෙන්ම වෙන්ව, අමිශ්‍රව මෙය කරණාර්ථයේ ප්‍රථමා විභක්ති වචනයකි.
අත්තානං දස්සයෙ තථාති අජළො අමූගොපි සමානො යථා ජළො වා මූගො වා, තථා අත්තානං දස්සෙය්‍ය, එතෙන පාගබ්බියප්පහානමාහ. ජළො ව මූගො වාති ච ගාථාසුඛත්ථං රස්සත්තං කතං, සමුච්චයත්ථො ච වාසද්දො. නාතිවෙලං සම්භාසෙය්යාති අතිවෙලං අතික්කන්තපමාණං න භාසෙය්ය, මත්තභාණී අස්සාති අත්ථො. සඞ්ඝමජ්ඣම්හීති භික්ඛුසඞ්ඝෙ, ජනසමූහෙ වා.
“අත්තානං දස්සයෙ තථා” ජඩ නොවූ, ගොළු නොවූ තමා ජඩවූවෙකු, ගොළුවූවකු මෙන් දක්වන්නේ ය. මෙයින් උඩඟු බව දුරුකිරීම පැවසුණි. “ජළො ච මුගොච” යනුවෙන් ගාථාව සුඛෝච්චාරණය සඳහා හ්‍රස්ව කරන ලදි. ‘ච’ ශබ්දය සමුච්චයාර්ථයේ යෙදේ. “නාතිවෙලං පභාසෙය්ය” වැඩිවේලාවක්, පමණ ඉක්මවා කථා නො කරන්නේ ය. මඳ කථා ඇත. පමණ දැන කථා කරයි. “සංඝමජ්ඣම්හි” භික්ෂු සංඝයා හෝ සමූහයක් මැද,
න සො උපවදෙ කඤ්චීති සො යථාවුත්තපටිපත්තිකො භික්ඛු හීනං වා මජ්ඣිමං වා උක්කට්ඨං වා යංකිඤ්චි න වාචාය උපවදෙය්ය. උපඝාතං විවජ්ජයෙති කායෙන උපඝාතං පරිවිහෙඨනං වජ්ජෙය්ය. සංවුතො පාතිමොක්ඛස්මින්ති පාතිමොක්ඛම්හි පාතිමොක්ඛසංවරසීලෙ සංවුතො අස්ස, පාතිමොක්ඛසංවරෙන පිහිතකායවාචො සියාති අත්ථො. මත්තඤ්ඤූ චස්ස භොජනෙති පරියෙසනපටිග්ගහණපරිභොගවිස්සජ්ජනෙසු භොජනෙ පමාණඤ්ඤූ සියා.
“න සො උපවදෙ කඤ්චි” මේ දැක්වූ පිළිවෙත් සහිත භික්ෂුව තමාට වඩා පහත් වූ හෝ සම වූ හෝ උසස් වූ හෝ කිසිවෙකුට ආක්‍රෝශ පරිභව නො කරන්නේ ය. “උපඝාතං විවජ්ජයෙ” කයින් අනුන්ට හිංසා පීඩා කිරීම් දුරු කරන්නේය. ප්රාතිමෝක්ෂ සංවර ශීලයෙන් සංවරව වෙසේ. “සංවුතො පාතිමොක්ඛස්මිං” කායවාග් සංවර භාවයෙන් යුතුවේ. “මන්තඤ්ඤුචස්ස භොජනෙ” සෙවීම්, පිළිගැනීම්, පරිභෝගකිරීම් හා අත්හැරීම් යන සෑම කාර්යකදීම භෝජනයේ, ආහාරයේ පමණ දන්නේ වේ.
සුග්ගහීතනිමිත්තස්සාති “එවං මෙ මනසි කරොතො චිත්තං සමාහිතං අහොසී”ති තදාකාරං සල්ලක්ඛෙන්තො සුට්ඨු ගහිතසමාධිනිමිත්තො අස්ස. “සුග්ගහීතනිමිත්තො සො”තිපි පාඨො, සො යොගීති අත්ථො. චිත්තස්සුප්පාදකොවිදොති එවං භාවයතො චිත්තං ලීනං හොති, “එවං උද්ධත”න්ති ලීනස්ස උද්ධතස්ස ච චිත්තස්ස උප්පත්තිකාරණෙ කුසලො අස්ස. ලීනෙ හි චිත්තෙ ධම්මවිචයවීරියපීතිසම්බොජ්ඣඞ්ගා භාවෙතබ්බා, උද්ධතෙ පස්සද්ධිසමාධිඋපෙක්ඛාසම්බොජ්ඣඞ්ගා. සතිසම්බොජ්ඣඞ්ගො පන සබ්බත්ථ ඉච්ඡිතබ්බො. තෙනාහ භගවා – “යස්මිඤ්ච ඛො, භික්ඛවෙ, සමයෙ ලීනං චිත්තං හොති, කාලො තස්මිං සමයෙ ධම්මවිචයසම්බොජ්ඣඞ්ගස්ස භාවනායා”තිආදි (සං· නි· 5.234). සමථං අනුයුඤ්ජෙය්යාති සමථභාවනං භාවෙය්ය, අනුප්පන්නං සමාධිං උප්පාදෙය්ය, උප්පන්නඤ්ච යාව වසීභාවප්පත්ති, තාව වඩ්ඪෙය්ය බ්යූහෙය්යාති අත්ථො. කාලෙන ච විපස්සනන්ති යථාලද්ධං සමාධිං නිකන්තියා අපරියාදානෙන හානභාගියං ඨිතිභාගියං වා අකත්වා නිබ්බෙධභාගියංව කත්වා කාලෙන විපස්සනඤ්ච අනුයුඤ්ජෙය්ය. අථ වා කාලෙන ච විපස්සනන්ති සමථං අනුයුඤ්ජන්තො තස්ස ථිරීභූතකාලෙ සඞ්කොචං අනාපජ්ජිත්වා අරියමග්ගාධිගමාය විපස්සනං අනුයුඤ්ජෙය්ය. යථාහ –
“පග්ගහිත නිමිත්තස්ස” මෙසේ සිහිකරන මාගේ සිත සමාධිගත විය. තම පිළිවෙත් මඟ සලකා බලමින්, මනාව ගත් සමාධි නිමිත්ත ඇත්තේ වේ. “පග්ගහිත නිමිත්තොසො” යන පාඨය ද සුදුසුය. “යමෙක් වේ ද ඔහු” යන අර්ථය යි. “චිත්ත ස්සුප්පාදකොවිදො” මෙසේ වඩනා ලද සිත සෘජු වූ සංවර වූ සිතෙහි ධම්මවිචය, විරිය, පීති යන බොජ්ඣංග ධර්ම වැඩිය යුතුයි. ඉන්පසු පස්සද්ධිය ඇතිවේ. ඉන්පසු සමාධි, උපේක්ෂා යන බොජ්ඣංග දහම් වැඩීම ද සැමදා කැමතිවිය යුතුයි. භාග්‍යවතුන් වහන්සේ එනිසා මෙසේ වදාළ සේක. “මහණෙනි, යම් සමයක සිත පිරිසිදු වේ ද එ සමයේ දී මේ ධර්මවිචය සම්බොජ්ඣංගය වැඩීමට සුදුසුය” ආදී වශයෙනි. “සමථං අනුයුඤ්ජෙය්ය,” සමථ භාවනාව වඩන්නේය. නූපන් සමාධිය සිතේ උපදවන්නේය. උපන් සමාධිය, සිතෙහි වසඟභාවයට පත්වන තෙක්ම වැඩිය යුතුය. වර්ධනය කළ යුතුය. “කාලෙච විපස්සනං” මෙසේ ලද සමාධියට, තෘෂ්ණාවසඟ වීමෙන් පිරිහීමට යන්නෙක් ද මධ්‍යස්ථව සිටින්නෙක් ද තියුණු අවබෝධයට ද නොපැමිණ සුදුසු කාලයේ දී විදර්ශනා භාවනාව වඩන්නේය. නැතහොත් සුදුසු කාලයේ දී විදර්ශනාව ද සමථය ද වඩන්නේය. එහි ස්ථිරවන අවස්ථාවෙහි නොහැකිලී ආර්ය මාර්ගාවබෝධය සඳහා විදර්ශනාව වඩන්නේය. ඒ සඳහා මෙය කියන ලදි.
“අථ වා සමාධිලාභෙන, විවිත්තසයනෙන වා; භික්ඛු විස්සාසමාපාදි, අප්පත්තො ආසවක්ඛය”න්ති. (ධ· ප· 271-272);
“අථවා සමාධිලාභෙන විවිත්තසයනෙන වා, භික්ඛු විස්සාසමාපාදි අප්පත්තො ආසවක්ඛයං” තී.
සිත සමාධිගත කර ගැනීමෙන් හෝ නිදාගැනීමෙන් වෙන් වී ජාගරියානුයෝගයෙන් හෝ භික්ෂුව විශ්වාසයට නොපැමිණේ ද ඒ දක්වා නිවණට නොපැමිණියේ වේ.
තෙන වුත්තං – “වීරියසාතච්චසම්පන්නො”තිආදි. සතතභාවො සාතච්චං, වීරියස්ස සාතච්චං, තෙන සම්පන්නො සමන්නාගතො, සතතපවත්තවීරියො, නිච්චපග්ගහිතවීරියොති අත්ථො. යුත්තයොගො සදා සියාති සබ්බකාලං භාවනානුයුත්තො සියා. දුක්ඛන්තන්ති වට්ටදුක්ඛස්ස අන්තං පරියොසානං නිරොධං නිබ්බානං අප්පත්වා විස්සාසං න එය්ය න ගච්ඡෙය්ය. “අහං පරිසුද්ධසීලො ඣානලාභී අභිඤ්ඤාලාභී විපස්සනං මත්ථකං පාපෙත්වා ඨිතො”ති වා විස්සට්ඨො න භවෙය්‍යාති අත්ථො.
එනිසා “විරිය සාතච්චසම්පන්නො” යි කියන ලදි. නිතරම නිරන්තර ව වීර්යයෙන් යුක්ත වූයේ, නිතර ඔසවා තැබූ වීර්ය ඇතිව, “යුත්තයොගො සදා සියා” සියලු කාලයෙහි ම භාවනාවේ යෙදී යන අර්ථයයි. “දුක්ඛන්තං” සංසාර දුකෙහි අන්තය, කෙළවර, නිරෝධයට, නිවණට නොපැමිණ විශ්වාසයට නො පැමිණෙන්නේ ය. නො යන්නේ ය, මම ඉතා පිරිසිදු සිල් ඇතිව, ධ්‍යානලාභීව, අභිඥා උපදවාගෙන විදර්ශනාව මස්තකප්රාප්ත කරගෙන සිටියෙම්, විශ්වාස කළයුතු පුද්ගලයෙක් නොවේ ද?” යන අදහසයි.
එවං විහරමානස්සාති, එවං විවිත්තසෙනාසනසෙවනාදිනා විපස්සනාවසෙන යුත්තයොගතාපරියොසානෙන විධිනා විහරන්තස්ස. සුද්ධිකාමස්සාති, ඤාණදස්සනවිසුද්ධිං අච්චන්තවිසුද්ධිං නිබ්බානං අරහත්තඤ්ච ඉච්ඡන්තස්ස. සංසාරෙ භයස්ස ඉක්ඛතො භික්ඛුනො, කාමාසවාදයො සබ්බෙ ආසවා ඛීයන්ති ඛයං අබ්භත්ථං ගච්ඡන්ති, තෙසං ඛයගමනෙනෙව සඋපාදිසෙසඅනුපාදිසෙසපභෙදං දුවිධම්පි නිබ්බානං අධිගච්ඡති පාපුණාති.
“එවං විහරමානස්ස” සෙනසුන් ආදියේ නො ඇලී සිතින් සිවුපසය පරිභෝග කරමින්, විදර්ශනාව වැඩීමෙහි යෙදීමෙන් නිවන් දැක, කළයුතු දේ කොට නිමවූ මාහට “සුද්ධිකාමස්ස” ඤාණදර්ශන විශුද්ධියට, අතිශයින් පිරිසිදු වූ නිවණට, අර්හත් ගේ “ආසවා” කාමාදී සියලු ආශ්‍රවයෝ “ඛීයන්ති” ක්ෂය වෙති, ගෙවීයති, ඒ ආශ්‍රව පැමිණේ. නිර්වාණය අවබෝධ කර ගනියි.
එවං ථෙරො තස්ස භික්ඛුනො ඔවාදදානාපදෙසෙන අත්තනා තථාපටිපන්නභාවං දීපෙන්තො අඤ්ඤං බ්යාකාසි.
මෙසේ උපසේන තෙරණුවෝ, ඒ ප්‍රශ්න ඇසූ භික්ෂුවට අවවාද දීම් වශයෙන් තමා විසින් අනුගත පිළිවෙත් මඟ දක්වමින් සිය රහත්භාවය ප්‍රකාශ කළහ.
වඞ්ගන්තපුත්තඋපසෙනත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
උපසේන ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.