යෙදුමෙන් කියවන්න

උපසෙනත්‍ථෙරගාථා

10. 1. 6.

10. 1. 6.

577. විවිත‍්තං අප‍්පනිග‍්ඝොසං වාළමිගනිසෙවිතං, සෙවෙ සෙනාසනං භික‍්ඛු පටිසල‍්ලානකාරණා.

577. මහණ තෙම ජනශූන්‍ය වූ නිශ්ශබ්ද වූ චණ්ඩමෘගයන් විසින් සෙවුනාලද වනසෙනසුන පටිසල්ලාන හේතුයෙන් සෙවුනේ යැ.

578. සඞ‍්කාරපුඤ‍්ජා ආහත්‍වා සුසානා රථියාහි ච, තතො සඞ‍්ඝාටිකං කත්‍වා ලූඛං ධාරෙය්‍ය චීවරං.

578. කසළගොඩින් ද සොහොනින් ද වීථියෙන් ද අසුලා ගෙනවුත් ඒ කඩින් රළු වූ සඟළ සිවුරු කොටගෙන ධරන්නේ යැ.

579. නීචං මනං කරිත්‍වාන සපදානං කුලාකුලං, පිණ‍්ඩිකාය චරෙ භික‍්ඛු ගුත‍්තද‍්වාරො සුසංවුතො.

579. ගෝපනය කළ (චක්‍ෂුරාදි) දොර ඇති (අත්කුකුස් ආදි නැතියෙන්) සුසංවෘත වූ එ මහණ මානය යට කොටගෙන පිඬු පිණිස කුලයෙන් කුලයට ගෙපිළිවෙළින් හැසිරෙන්නේ යැ.

580. ලූඛෙන’පි ච සන‍්තුස‍්සෙ නාඤ‍්ඤං පත්‍ථෙ රසං බහුං, රසෙසු අනුගිද‍්ධස‍්ස ඣානෙ න රමතී මනො.

580. රළුදැයිනුදු සතුටු වන්නේ යැ අන්‍ය වූ බොහෝ රස නො පතන්නේ යැ. රසයෙහි ගිජු වූවහු ගේ සිත ධ්‍යානයෙහි නො ඇලේ ද එහෙයිනි.

581. අප‍්පිච‍්ඡො චෙව සන‍්තුට‍්ඨො පවිවිත‍්තො වසෙ මුනි, අසංසට‍්ඨො ගහට‍්ඨෙහි අනාගාරෙහි චූභයං.

581. මහණ තෙමේ අල්පේච්ඡ වූයේ ලද දැයින් සතුටු වැ කායවිවේක ඇති වැ අගාර - අනගාර දෙපසින් නො මුසු වැ වසන්නේ යැ.

582. යථා ජළො’ව මූගො’ව අත‍්තානං දස‍්සයෙ තථා, නාතිවෙලං පභාසෙය්‍ය සඞ‍්ඝවජ‍්ඣම‍්හි පණ‍්ඩිතො.

582. පණ්ඩිත වූ මහණ තෙම සඟමැද ජඩ වූවකු ත් ගොළු වූවකු ත් සෙයින් තමා දක්වන්නේ යැ. පමණ ඉක්මවා නො බණන්නේ යැ.

583. න සො උපවදෙ කඤ‍්චි උපඝාතං විවජ‍්ජයෙ, සංවුතො පාතිමොක‍්ඛස‍්මිං මත‍්තඤ‍්ඤූ චස‍්ස භොජනෙ.

583. ඒ මහණ කිසිවකුට උපක්‍රෝශ නො කරන්නේ යැ. හිංසා හරනේ යැ. ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවර වූයේ භෝජනයෙහි මාත්‍රඥ වූයෙක් වන්නේ යැ.

584. පග‍්ගහීතනිමිත‍්තස‍්ස චිත‍්තස‍්සුප‍්පාදකොවිදො, සමථං අනුයුඤ‍්ජෙය්‍ය කාලෙන ච විපස‍්සනං.

584. මොනවට ගත් සමාධිනිමිත්ත ඇත්තෙක් වන්නේ යැ. (ලීනෝද්ධත) චිත්තයාගේ උත්පත්තිකාරණයෙහි නිපුණ වූයෙක් වන්නේ යැ. සුදුසු කාලයෙහි ශමථයෙහි ද විදර්‍ශනායෙහි ද යෙදෙන්නේ යැ.

585. විරියසාතච‍්චසම‍්පන‍්නො යුත‍්තයොගො සදා සියා, න ච අප‍්පත්‍වා දුක‍්ඛන‍්තං විස‍්සාසං එය්‍ය පණ‍්ඩිතො.

585. පණ්ඩිත මහණ නිරතුරු වීර්‍ය්‍යයෙන් යුක්ත වූයේ හැමකල්හි භාවනාවෙහි යෙදුණෙක් වන්නේ යැ. නිවනට නො පැමිණ විශ්වාසයට නො ද පැමිණෙන්නේ යැ.

586. එවං විහරමානස‍්ස සුද‍්ධිකාමස‍්ස භික‍්ඛුනො, ඛීයන‍්ති ආසවා සබ‍්බෙ නිබ‍්බුතිඤ‍්චාධිගච‍්ඡතී’ති.

586. මෙසේ වාසය කරන ශුද්ධිය කැමති මහණහුගේ සියලු ආස්‍රවයෝ ගෙවී යෙති, ක්ලේශපරිනිර්‍වාණයට ද පැමිණෙන්නේ යයි.

ඉත්‍ථං සුදං ආයස‍්මා උපසෙනො වඞ‍්ගන‍්තපුත‍්තො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසෙයින් ආයුෂ්මත් උපසේන ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.

උපසෙනත්‍ථෙරගාථා.

උපසේන ස්ථවිරගාථා යි.