යෙදුමෙන් කියවන්න

කප‍්පත්‍ථෙරගාථා

10. 1. 5.

10. 1. 5.

567. නානාකුණපසම‍්පුණ‍්ණො මහාඋක‍්කාරසම‍්භවො, චන්‍දනිකං ව පරිපක‍්කං මහාගණ‍්ඩො මහාවණො.

567. නන්වැදෑරුම් මලයෙන් පිරුණු වැසිකිළියක් සේ පිළිකුල් මවුකුසැ උපන් පැරණි ගවරවළක් බඳු වූ මහගඬක් මහාව්‍රණයක් බඳු වු -

568. පුබ‍්බරුහිරසම‍්පුණ‍්ණො ගූථකූපෙන ගාළහිතො, ආපො පග‍්ඝරණො කායො සදා සන්‍දති පූතිකං.

568. ලේපූයාවෙන් පිරුණු වර්චසින් බර වූ වැගිරෙන අප්ධාතු ඇති මෙ කය හැමකල්හි කුණුව වැහෙයි.

569. සට‍්ඨිකණ‍්ඩරසම‍්බන්‍ධො මංසලෙපනලෙපිතො, චම‍්මකඤ‍්චුකසන‍්නද‍්ධො පූතිකායො නිරත්‍ථකො.

569. සැටක් මහනහරින් බැඳුණු මාංසසඞ්ඛ්‍යාත ලේපයෙන් අනුලිප්ත වූ චර්‍මසඞ්ඛ්‍යාත කඤ්චුකයෙන් සන්නඬ වූ මේ කුණුකය නිෂ්ප්‍රයෝජන වේ.

570. අට‍්ඨිසඞ‍්ඝාටඝටිතො නහාරු සුත‍්තනිබන්‍ධනො, නෙකෙසං සඞ‍්ගතිභාවා කප‍්පෙති ඉරියාපථං.

570. ඇටසැකිල්ලෙන් ගටනලද නහර නමැති හූ බැඳුම් ඇති මෙ කය නො යෙක් චතුර්මහාභූතාදීන් ගේ සම්බන්‍ධයෙන් ඉරියවු පවත්වයි.

571. ධුවප‍්පයාතො මරණස‍්ස මච‍්චුරාජස‍්ස සන‍්තිකෙ, ඉධෙව ඡඩ‍්ඩයිත්‍වාන යෙන කාමඞ‍්ගමො නරො.

571. මරණය කරා නිරතුරු පැමිණෙන එයින් මැ මරහු ළඟ සිටි මෙ කය මෙහි මැ ලාපියා මිනිසා කැමති සේ යන්නේ යැ.

572. අවිජ‍්ජා නිවුතො කායො චතුගන්‍ථෙන ගත්‍ථිතො, ඔඝසංසීදනො කායො අනුසයජාලමොත්‍ථතො.

572. කය අවිද්‍යානීවරණයෙන් වැසිණ, සතර කායග්‍රන්‍ථයෙන් ගෙතිණ, මේ කය චතුරෝඝයෙහි ගැලෙන්නේ වෙයි, අනුසය නමැති දැලින් මඩනාලද.

573. පඤ‍්චනීවරණෙ යුත‍්තො විතක‍්කෙන සමප‍්පිතො, තණ‍්හාමූලෙනානුගතො මොහච‍්ඡදනඡාදිතො.

573. පඤ්චනීවරණයෙන් යුක්ත වූ විතර්‍කයෙන් සමර්පිත වූ තෘෂ්ණාසඞ්ඛ්‍යාත භවමූලයෙන් අනුගත වූ මෝහසඞ්ඛ්‍යාත ඡදනයෙන් සොයන ලද-

574. එවායං වත‍්තතෙ කායො කම‍්මයන‍්තෙන යන‍්තිතො, සම‍්පත‍්ති ච විපත‍්ත්‍යන‍්තා නානාභාවො විපජ‍්ජති.

574. මෙසේ මෙ කය පවත්නේ ය, කර්‍මසඞ්ඛ්‍යාත යන්ත්‍රයෙන් සංඝටිතය, සම්පත්තිය ද විපත්තිය කෙළවර කොට ඇත, විනාභාවය ද වෙනස් ලෙස පැමිණෙයි.

575. යෙමං කායං මමායන‍්ති අන්‍ධබාලා පුථුජ‍්ජනා, වඩ‍්ඪෙන‍්ති කටසිං ඝොරං ආදියන‍්ති පුනබ‍්භවං.

575. අන්‍ධබාල වූ යම් පෘථග්ජන කෙනෙක් මේ කය මමායනා කෙරෙත් ද ඔහු ඝෝර වූ සසර වඩති, පුනර්‍භවය පුනපුනා ගනිත්.

576. යෙ’මං කායං විවජ‍්ජෙන‍්ති ගූථලිත‍්තං’ව පන‍්නගං, භවමූලං වමිත්‍වාන පරිනිබ‍්බන‍්ත්‍යනාසවා.

576. යම් (ශ්‍රැතවත්) කෙනෙක් අසුචි වැකුණු සර්‍පයකු සෙයින් මේ කය හැරපියත් ද, ඔහු භවමූල වූ තෘෂ්ණාව නඟාපියා ආස්‍රව නැත්තාහු පිරිනිවෙන්නාහ යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා කප‍්පො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසෙයින් ආයුෂ්මත් කප්ප ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.

කප‍්පත්‍ථෙරගාථා.

කප්ප ස්ථවිරගාථා යි.