යෙදුමෙන් කියවන්න

චූළපන්‍ථකත්‍ථෙරගාථා

10. 1. 4.

10. 1. 4.

557. දන්‍ධා මය‍්හං ගති ආසි පරිභූතො පුරෙ අහං, භාතා ච මං පණාමෙසි ගච‍්ඡ දානි තුවං ඝරං.

557. මා ගේ ඥානගතිය දන්‍ධ වූවා යැ, පෙර මම හෙළාදක්නාලදුයෙම් වීමි, සොහොයුරු ද “තෝ දැන් ගෙට යා”යි මා නෙරී යැ.

558. සොහං පණාමිතො භාතා සඞ‍්ඝාරාමස‍්ස කොට‍්ඨකෙ, දුම‍්මනො තත්‍ථ අට‍්ඨාසිං සාසනස‍්මිං අපෙඛවා.

558. ඒ මම් සොහොවුරු විසින් නෙරනාලදුයෙම් ඒ සඟරමැ දොරකොටුව වෙත ශාසනයෙහි අපේක්‍ෂා ඇති වැ නො සතුටුසිත් ඇති වැ සිටියෙමි.

559. භගවා තත්‍ථ ආගඤ‍්ඡි සීසං මය‍්හං පරාමසි, බාහාය මං ගහෙත්‍වාන සඞ‍්ඝාරාමං පවෙසයී.

559. බුදුහු එහි වැඩියහ. මා හිස පිරිමැදි සේක. මා අත ගෙන සඟරමට ඇතුළු කළ සේක.

560. අනුකම‍්පාය මෙ සත්‍ථා පාදාසි පාදපුඤ‍්ඡනිං එතං සුද‍්ධං අධිට‍්ඨෙහි එකමන‍්තං ස‍්වධිට‍්ඨිතං.

560. බුදුහු මට අනුකම්පායෙන් පාපිස්නකඩක් දුන්හ, එක් පසෙක සිට තෙල සුදු කඩ මොනවට අධිෂ්ඨාන කොට ඉටාගනුව’යි වදාළ සේක.

561. තස‍්සාහං වචනං සුත්‍වා විහාසිං සාසනෙ රතො, සමාධිං පටිපාදෙසිං උත‍්තමත්‍ථස‍්ස පත‍්තියා.

561. මම් ඒ බුදුන් ගේ බස් අසා සසුන්හි ඇලුණෙම් විසීමි උත්තමාර්‍ත්‍ථයට පැමිණීම සඳහා සමාධිය ඉපැදවීමි.

562. පුබ‍්බෙනිවාසං ජානාමි දිබ‍්බචක‍්ඛු විසොධිතං, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

562. පෙරවිසූ කඳ පිළිවෙළ දනිමි, දිවැස පිරිසිදු කරනලද, ත්‍රිවිද්‍යාවෝ ලබනලදහ. බුදුන් ගේ අනුසසුත් කරනලද.

563. සහස‍්සක‍්ඛත‍්තුමත‍්තානං නිම‍්මිනිත්‍වාන පන්‍ථකො, නිසීදම‍්බවනෙ රම‍්මෙ යාව කාලප‍්පවෙදනා.

563. පන්‍ථක තෙම කල් දන්වනතුරු රම්‍ය වූ අඹ වෙනෙහි තමා දහස්වර අත්බැව් මවාගෙන හුන්නේ යැ.

564. තතො මෙ සත්‍ථා පාහෙසි දූතං කාලප‍්පවෙදකං, පවෙදිතම‍්හි කාලම‍්හි වෙහාසාදුපසඞ‍්කමිං.

564. ඉක්බිති බුදුහු කල්දන්වන දූතයකු මා වෙත එවූහ. කල් දැන්වූ කල්හි අහසින් එහි එළැඹියෙමි.

565. වන්‍දිත්‍වා සත්‍ථුනො පාදෙ එකමන‍්තං නිසීදහං, නිසින‍්නං මං විදිත්‍වාන අථ සත්‍ථා පටිග‍්ගහී.

565. මම් බුදුන් පා වැඳ එකත්පසෙක හිනිමි. ඉක්බිති බුදුහු මා දැන (දැකිණිදිය) පිළිගත්හ.

566. ආයාගො සබ‍්බලොකස‍්ස ආහුතීනං පටිග‍්ගහො, පුඤ‍්ඤක‍්ඛෙත‍්තං මනුස‍්සානං පටිගණ‍්හිත්‍ථ දක‍්ඛිණ’න‍්ති.

566. සියලු ලෝකයා විසින් ඇරැපිදියයුතු වූ දක්‍ෂිණාවන් පිළිගන්නා වූ මිනිසුන්ට පින්කෙත් වූ බුදුහු දක්‍ෂිණාව පිළිගත් සේකැ යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා චූළපන්‍ථකො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසෙයින් ආයුෂ්මත් චූළපන්‍ථක ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.

චූළපන්‍ථකත්‍ථෙරගාථා.

චූළපන්‍ථක ස්ථවිරගාථා යි.