යෙදුමෙන් කියවන්න

මහාකප‍්පිනත්‍ථෙරගාථා

10. 1. 3.

10. 1. 3.

547. අනාගතං යො පටිගච‍්ච පස‍්සති හිතං ච අත්‍ථං අහිතං ච තං ද‍්වයං, විද‍්දෙසිනො තස‍්ස හිතෙසිනො වා රන්‍ධං න පස‍්සන‍්ති සමෙක‍්ඛමානා.

547. යමෙක් නො ලත් හිතාර්‍ත්‍ථය හා අහිතාර්‍ත්‍ථය ද යන ඒ දෙක කැල මැ දක්නේ ද, ඔහුගේ මිතුරෝ හෝ සතුරෝ සොයන්නාහු නමුදු සිදුරු නො දකිත්.

548. ආනාපානසතී යස‍්ස පරිපුණ‍්ණා සුභාවිතා, අනුපුබ‍්බං පරිචිතා යථා බුද‍්ධෙන දෙසිතා, සොමං ලොකං පභාසෙති අබ‍්භා මුත‍්තොව චන්‍දිමා.

548. යමකු විසින් බුදුන් විසින් දෙසූ පරිදි ආනාපානසතිය සම්පූර්‍ණ කොට වඩනාලද ද, පිළිවෙළින් පුරුදු කරනලද ද, හෙතෙම වලායෙන් මුත් සඳු මෙන් මෙලොව බබුළුවයි.

549. ඔදාතං වත මෙ චිත‍්තං අප‍්පමාණං සුභාවිතං, නිබ‍්බිද‍්ධං පග‍්ගහීතං ච සබ‍්බා ඔභාසතෙ දිසා.

549. ඒකාන්තයෙන් මාගේ සිත විශුද්ධ විය. අප්‍රමාණ සඞ්ඛ්‍යාත නිවන මොනොවට ප්‍රත්‍යක්‍ෂ කරනලද්දේ ය. සිවුසස් පිළිවිදුනාලද, සියලු කෙලෙස් නිගන්නාලද, එහෙයින් සියලු පූර්‍වාන්තාදි දිසා බබළයි.

550. ජීවිතෙ වා පී සප‍්පඤ‍්ඤො අපි විත‍්තපරික‍්ඛයො, පඤ‍්ඤාය ච අලාභෙන විත‍්තවා පි න ජීවති.

550. නුවණැත්තේ ධනක්‍ෂයට ගියේ නමුදු ජීවත්වන්නේ මැ වෙයි, තවද ධනවත් වූයේ නමුදු ප්‍රඥාව නැතියෙන් ජීවත් නො වේ.

551. පඤ‍්ඤා සුතවිනිච‍්ඡිනී පඤ‍්ඤාකිත‍්තිසිලොකවඩ‍්ඪනී, පඤ‍්ඤා සහිතො නරො ඉධ අපි දුක‍්ඛෙසු සුඛානි වින්‍දති.

551. ප්‍රඥා තොමෝ ශ්‍රැතය විනිශ්චය කරන්නීය. ප්‍රඥා තොමෝ කීර්ත්ති ප්‍රශංසා වඩන්නී ය. මෙලොවැ ප්‍රඥා සහිත වූ පුරුෂ තෙමේ දුක් ඇති කල්හි දු සුව විඳී.

552. නායං අජ‍්ජතනො ධම‍්මො නච‍්ඡෙරො න පි අබ‍්භුතො, යත්‍ථ ජායෙථ මීයෙථ තත්‍ථ කිං විය අබ‍්භුතං.

552. මේ ස්වභාවධර්‍මය තෙමේ අද වූයෙක් නො වෙයි, ආශ්චර්‍ය්‍ය වූයේ නො වෙයි, අද්භූත වූයේ නො ද වෙයි, යම් තැනෙක උපදනේ නම්, මැරේ නම්, එහි කිනම් අද්භූතයෙක් ද-

553. අනන‍්තරං හි ජාතස‍්ස ජීවිතා මරණං ධුවං, ජාතා ජාතා මරන‍්තීධ එවං ධම‍්මා හි පාණිනො.

553. උපන්නහු ගේ උපතට අනතුරු වැ මැ ජීවිතයට වඩා මරණය ඒකාන්ත වෙයි, මෙලොවැ උපනුපන්නාහු මැරෙති, සත්‍වයෝ මෙබඳු ස්වභාව ඇත්තාහු මැ යැ.

554. න හෙතදත්‍ථාය මතස‍්ස හොති යං ජීවිතත්‍ථං පරපොරිසානං, මතම‍්හි රුණ‍්ණං න යසො න ලොක්‍යං න වණ‍්ණිතං සමණබ්‍රාහ‍්මණෙහි.

554. (මළහු ගේ) ජීවිතය සඳහා අන්‍ය පුරුෂයන්ගේ යම් හැඬීමෙක් වේ ද, එය මළහු ගේ ඒ ජීවිතය පිණිස නො වේ. මළහු නිමිති කොට හැඬීම යශස්එළවන්නේත් විශුද්ධිය එළවන්නේත් නො වෙයි, මහණ බමුණන් විසිනුදු නො පහස්නා ලදි.

555. චක‍්ඛුං සරීරං උපහන‍්ති රුණ‍්ණං නිහීයති වණ‍්ණබලං මතී ච, ආනන්‍දිනො තස‍්ස දිසා භවන‍්ති හිතෙසිනො නාස‍්ස සුඛී භවන‍්ති.

555. හැඬීම ඇස ද සිරැර ද පෙළ යි. වර්‍ණය බලය නුවණ ද යන මේ පිරිහෙයි. ඔහුගේ සතුරෝ තුටු වෙති. ඔහුගේ හිතවත්හු සුඛිත නො වෙත්.

556. තස‍්මා හි ඉච‍්ඡෙය්‍ය කුලෙ වසන‍්තෙ මෙධාවිනො චෙව බහුස‍්සුතෙ ච, යෙසං හි පඤ‍්ඤාවිභවෙන කිච‍්චං තරන‍්ති නාවාය නදිං ව පුණ‍්ණ’න‍්ති.

556. යම්හෙයකින් පිරුණු නදියක් නැවකින් මෙන් යම් කෙනකුන්ගේ ප්‍රඥාසම්පත්තියෙන් කටයුතු තරණය කෙරෙත් ද, එහෙයින් මැ කුලයෙහි වසනුයේ එබඳු නුවැණැතියන් ද බහුශ්‍රැතයන් ද කැමති වන්නේ ය යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා මහාකප‍්පිකො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසෙයින් ආයුෂ්මත් මහා කප්පින ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.

මහාකප‍්පිනත්‍ථෙරගාථා.

මහාකප්පින ස්ථවිරගාථා යි.