එකවිහාරියත්ථෙරගාථා
10. 1. 2.
10. 1. 2.
537. පුරතො පච්ඡතො වා පි අපරො චෙ න විජ්ජති, අතීව ඵාසු භවති එකස්ස වසතො වනෙ.
537. ඉදින් ඉදිරියෙහි හෝ පිටුපස අනෙකක්හු නැත් නම්, එකල්හි එකලා ව වෙනෙහි වසන්නහුට ඉතා මැ පහසු වෙයි.
538. හන්ද එකො ගමිස්සාමි අරඤ්ඤං බුද්ධවණ්ණිතං, ඵාසු එකවිහාරිස්ස පහිතත්තස්ස භික්ඛුනො.
538. ඒකාන්තයෙන් එකලා වූයෙම් බුදුන් විසින් වනනලද වනසෙනසුනට යන්නෙමි, එකලා වැ හැසිරෙන නිවනට මෙහෙයූ සිත් ඇති මහණහට එය පහසුවෙකි.
539. යොගී පීතිකරං රම්මං මත්තකුඤ්ජරසෙවිතං, එකො අත්ථවසී ඛිප්පං පවිසිස්සාමි කානනං.
539. යෝගීන්ට ප්‍රීතිකර වූ රම්‍ය වූ මතැතුන් විසින් සෙවුනාලද වනයට එකලා වූයෙම් ශ්රමණධර්ම සඞ්ඛ්‍යාත අර්‍ත්‍ථයෙහි වසඟයට ගියෙම් වහා පිවිසෙමි.
540. සුපුප්ඵිතෙ සීතවනෙ සීතලෙ ගිරිකන්දරෙ, ගත්තානි පරිසිඤ්චිත්වා චඞ්කමිස්සාමි එකකො.
540. සුපිපි සිහිල් වෙනෙහි සිහිල් වූ ‘ගිරිකඳුරෙහි සිරුරු සෝදා එකලා වැ සක්මන් කරමි.
541. එකාකියො අදුතියො රමණීයෙ මහාවනෙ, කදාහං විහරිස්සාමි කතකිච්චො අනාසවො.
541. මම් එකලා වූයෙම් දෙවැන්නකු නැත්තෙම් කෘතකෘත්‍ය වූයෙම් ආශ්‍රව රහිත වූයෙම් සිත්කලු වූ මහවෙනෙහි කවර කලෙක වෙසෙම් ද?
542. එවං මෙ කත්තුකාමස්ස අධිප්පායො සමිජ්ඣතු, සාධයිස්සාමහං යෙව නාඤ්ඤො අඤ්ඤස්ස කාරකො.
542. මෙසේ කරනු කැමති වූ මාගේ අදහස සමෘඬ වේවා. මම මැ මහණදම් සිදු කරගන්නෙමි. අනෙකක්හට අන්‍ය වූ කාරකයෙක් නැත.
543. එස බන්ධාමි සන්නාහං පවිසිස්සාමි කානනං, න තතො නික්ඛමිස්සාමි අප්පත්තො ආසවක්ඛයං.
543. තෙල මම් වීර්‍ය්‍ය සඞ්ඛ්‍යාත සන්නාහය බඳිමි, වනයට පිවිසෙනෙමි, ආස්රවක්ෂයට නො පැමිණියෙම් එයින් නො නික්මෙමි.
544. මාලුතෙ උපවායන්තෙ සීතෙ සුරභිගන්ධිකෙ, අවිජ්ජං දාළයිස්සාමි නිසින්නො නගමුද්ධනි.
544. සිහිල් වූ මිහිරි සුවඳ ඇති සිහිල් පවන් හමන කල්හි කඳුමුදුන්හි හුන්නෙම් අවිද්‍යාව පළමි.
545. වනෙ කුසුමසඤ්ජන්නෙ පබ්භාරෙ නූන සීතලෙ, විමුත්තිසුඛෙන සුඛිතො රමිස්සාමි ගිරිබ්බජෙ.
545. මලින් ගැවසුණු එකැතින් සිහිල් වූ බෑවුම් ඇති කඳුවළලු ඇති වෙනෙහි විමුක්ති සුඛයෙන් සුඛිත වූයෙම් සිත් අලවා වෙසෙමි.
546. සොහං පරිපුණ්ණසංකප්පො චන්දො පණ්ණරසො යථා, සබ්බාසව පරික්ඛීණො නත්ථි දානි පුනබ්භවො’ති.
546. ඒ මම් පරිපූර්ණ වූ සංකල්ප ඇත්තෙම් පණුරැසි සඳු සෙයින් සියලු ආස්‍රවයන් ක්ෂය කෙළෙම් වෙමි, දැන් පුනර්භවයෙක් නැත.
ඉත්ථං සුදං ආයස්මා එකවිහාරියො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
මෙසෙයින් ආයුෂ්මත් ඒකවිහාරිය ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.