යෙදුමෙන් කියවන්න

කාළුදායීත්‍ථෙරගාථා

10. 1. 1.

10. 1. 1.

527. අඞ‍්ගාරිනො දානි දුමා භදන‍්තෙ ඵලෙසිනො ඡදනං විප‍්පහාය, තෙ අච‍්චිමන‍්තො’ව පභාසයන‍්ති සමයො මහාවීර භගීරථානං.

527. වහන්ස, දැන් වෘක්‍ෂයෝ ගිලිහුණු පරණලා ඇත්තාහු ගිනිඅඟුරු වැනි මල්පලු ඇත්තාහු ඵලගැනීමට ළං වූවාහුය. ඒ වෘක්‍ෂයෝ පහන්සිළු මෙන් බබළති. මහාවීරයන් වහන්ස, ශාක්‍යයන්ට උපකාර පිණිස මේ කල් වෙයි.

528. දුමානි ඵුල‍්ලානි මනොරමානි සමන‍්තතො සබ‍්බදිසා පවන‍්ති, පත‍්තං පහාය ඵලමාසසානා කාලො ඉතො පක‍්කමනාය වීර.

528. සිත්කලු වූ වෘක්‍ෂයෝ පිපුණු මල් ඇත්තාහු හාත්පස සියලු දිශාවන්හි සුවඳ හමත්, පරණලා හැර ඵල ගැනීමට ළංවූවාහු ය, වීරයන් වහන්ස, මෙයින් නික්මැයෑමට කල් වෙයි.

529. නෙවාතිසීතං න පනාතිඋණ‍්හං සුඛා උතු අද‍්ධනියා භදන‍්තෙ, පස‍්සන‍්තු තං සාකියා කොලියා ච පච‍්ඡාමුඛං රොහිණිං තාරයන‍්තං.

529. වහන්ස, ඉතා සිහිලස නො මැ වෙයි. ඉතා උණුසුම ද නො වෙයි, අදන් මහට සුදුසු වූ ඍතුව සැප වෙයි. ශාක්‍යයෝ ද කෝලියයෝ ද පැසුළුදිගට මුහුණ ලා රෝහිණීනදිය තරණය කරන නුඹ වහන්සේ දකිත්වා.

530. ආසාය කසතෙ ඛෙත‍්තං බීජං ආසාය වප‍්පති, ආසාය වාණිජා යන‍්ති සමුද‍්දං ධනහාරකා, යාය ආසාය තිට‍්ඨාමි සා මෙ ආසා සමිජ‍්ඣතු.

530. (ගොවියා) ඵලාශාවෙන් කෙත සායි, ආශාවෙන් බිජුවට වපුර යි. ධනය සපයන වෙළෙන්දෝ ආශාවෙන් සයුරට වදිත්, මම් යම් ආශාවකින් සිටිම් නම් මා ගේ ඒ ආශාව සමෘද්ධ වේවා.

531. පුනප‍්පුනං චෙව වපන‍්ති බීජං පුනප‍්පුනං වස‍්සති දෙවරාජා, පුනප‍්පුනං ඛෙත‍්තං කසන‍්ති කස‍්සකා පුනප‍්පුනං ධඤ‍්ඤමුපෙති රට‍්ඨං.

531. ගොවියෝ පුනපුනා බිජුවට වපුරති, පුනපුනා වැසි වසී, ගොවියෝ පුනපුනා කෙත සාති, රටට පුනපුනා ධාන්‍යය ලැබෙයි.

532. පුනප‍්පුනං යාචනකා චරන‍්ති පුනප‍්පුනං දානපති දදන‍්තී, පුනප‍්පුනං දානපතී දදිත්‍වා පුනප‍්පුනං සග‍්ගමුපෙන‍්ති ඨානං.

532. යදියෝ පුනපුනා කුලයන් කරා එළැඹෙති, දානපතීහු පුනපුනා දෙති, දානපතීහු පුනපුනා දන් දී පුනපුනා සුගතියට පැමිණෙත්.

533. වීරො හවෙ සත‍්තයුගං පුනෙති යසුමිං කුලෙ ජායති භූරිපඤ‍්ඤො, මඤ‍්ඤාමහං සක‍්කති දෙවදෙවො තයා හි ජාතො මුනි සච‍්චනාමො.

533. යම් කුලයෙක්හි මහා ප්‍රඥා ඇති වීරයෙක් උපදනේ නම් හෙතෙම ඒකාන්තයෙන් සත්පරපුරක් පවිත්‍ර කෙරෙයි. දෙවියනට දෙවි වූ භාග්‍යවත් තෙම (ඉන් වැඩියක් පවිත්‍ර කරන්නට) හැකිවේ යයි මම් සිතමි, නුඹ වහන්සේ හේතු කොට ගෙන (ආර්‍ය්‍යජාතියෙහි උපන්) මුනි තෙම සත්‍ය වූ නම් ඇත්තේ විය.

534. සුද‍්ධොදනො නාම පිතා මහෙසිනො බුද‍්ධස‍්ස මාතා පන මායනාමා, යා බොධිසත‍්තං පරිහරිය කුච‍්ඡිනා කායස‍්ස භෙදා තිදිවම‍්හි මොදති.

534. මහර්ෂිහුගේ පිය තෙම සුද්ධෝදන නම් වෙයි. යළි යම් දේවි කෙනෙක් බෝසතුන් කුසින් උසුලා කාබුන් මරණින් මතු දෙව්ලොව සතුටු වෙත් ද, මායා නම් වූ ඕ තොමෝ බුදුන් ගේ මවු වෙ යි.

535. සා ගොතමී කාලකතා ඉතො චුතා දිබ‍්බෙහි කාමෙහි සමඞ‍්ගිභූතා, සා මොදති කාමගුණෙහි පඤ‍්චහි පරිවාරිතා දෙවගණෙහි තෙහි.

535. කලුරිය කළ ඒ ගෞතමී තොමෝ මෙයින් සැව දිව්‍යකාමයන්ගෙන් යුක්ත වූවා ය. ඕ තොමෝ ඒ දේවගණයා විසින් පිරිවරන ලද්දී පස් කම් ගුණයෙන් සතුටු වෙයි.

536. බුද‍්ධස‍්ස පුත‍්තොම‍්හි අසය‍්හසාහිනො අඞ‍්ගීරසස‍්සප‍්පටිමස‍්ස තාදිනො, පිතුපිතා මය‍්හං තුවංසි සක‍්ක ධම‍්මෙන මෙ ගොතම අය්‍යකොසී’ති.

536. (ශුද්ධෝදන) ශාක්‍යය, මම් අසහ්‍යසාහී වූ අඞ්ගීරස වූ අප්‍රතිම වූ තාදී ගුණ ඇති බුදුන්ගේ පුත්‍ර වෙමි, තෙපි මාගේ පියාගේ පිය වූවහු ය. ගෞතමය, ස්වභාවධර්‍මයෙන් මාගේ මුත්තණු වූවහු ය.

ඉත්‍ථං සුදං ආයස‍්මා කාළුදායී ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසෙයින් ආයුෂ්මත් කාළුදායී ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.

කාළුදායීත්‍ථෙරගාථා.

කාළුදායී ස්ථවිරගාථා යි.