යෙදුමෙන් කියවන්න

කාළුදායීත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

කාළුදායීත්‍ථෙරගාථාවණ‍්ණනා

කාළුදායී ස්ථවිරගාථා වර්ණනාව

දසකනිපාතෙ අඞ‍්ගාරිනොතිආදිකා ආයස‍්මතො කාළුදායිත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පදුමුත‍්තරබුද‍්ධස‍්ස කාලෙ හංසවතීනගරෙ කුලගෙහෙ නිබ‍්බත‍්තො සත්‍ථු ධම‍්මදෙසනං සුණන‍්තො සත්‍ථාරං එකං භික‍්ඛුං කුලප‍්පසාදකානං අග‍්ගට‍්ඨානෙ ඨපෙන‍්තං දිස‍්වා තජ‍්ජං අභිනීහාරකම‍්මං කත්‍වා තං ඨානන‍්තරං පත්‍ථෙසි.

දසවන නිපාතයේ “අංගාරිනො” යනු ආයුෂ්මත් කාළුදායි තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී හංසවතී නුවර කුලගෙයක ඉපිද, ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව අසමින් සිටියහ. ශාස්තෲන් වහන්සේ එක් භික්‍ෂුවක් කුල පහදවන භික්‍ෂූන්ගෙන් අග්‍රභාවයට පත් කරනු දුටු හෙතෙම; “අනාගත බුදුසසුනකදී මටත් එම තනතුරම ලැබේවා”යි පැතීය.

සො යාවජීවං කුසලං කත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තො අම‍්හාකං බොධිසත‍්තස‍්ස මාතුකුච‍්ඡියං පටිසන්‍ධිග‍්ගහණදිවසෙ කපිලවත්‍ථුස‍්මිංයෙව අමච‍්චගෙහෙ පටිසන්‍ධිං ගණ‍්හි. බොධිසත‍්තෙන සද‍්ධිං එකදිවසංයෙව ජාතොති තංදිවසංයෙව නං දුකූලචුම‍්බටෙ නිපජ‍්ජාපෙත්‍වා බොධිසත‍්තස‍්ස උපට‍්ඨානං නයිංසු. බොධිසත‍්තෙන හි සද‍්ධිං බොධිරුක‍්ඛො, රාහුලමාතා, චත‍්තාරො නිධී, ආරොහනියහත්‍ථී, අස‍්සකණ‍්ඩකො, ඡන‍්නො කාළුදායීති ඉමෙ සත‍්ත එකදිවසංයෙව ජාතත‍්තා සහජාතා නාම අහෙසුං. අථස‍්ස නාමග‍්ගහණදිවසෙ සකලනගරස‍්ස උදග‍්ගචිත‍්තදිවසෙ ජාතත‍්තා උදායීත්‍වෙව නාමං අකංසු, ථොකං කාළධාතුකත‍්තා පන කාළුදායීති පඤ‍්ඤායිත්‍ථ. සො බොධිසත‍්තෙන සද‍්ධිං කුමාරකීළං කීළන‍්තො වුද‍්ධිං අගමාසි.

දිවි ඇතිතාක් පින් දහම් සිදුකළ ඒ සිටුතුමා ඉන් චුතව දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා පැමිණ, අපගේ බෝසතාණන් වහන්සේ මවුකුස පිළිසිඳ ගන්නා දිනම කපිල වස්තුවේ ඇමති පවුලක, ඇමති බිරිඳ කුස පිළිසිඳ ගත්තේය. “බෝසතුන් සමඟ එකම දින උපන්නේය”යි පවසා ඒ ඇමතියා තම පුතු එදිනම ඉතා සිනිඳු වස්ත්‍රවලින් සෑදූ කොට්ටයක තබා, බෝසතුන්ගේ උපස්ථානයට ගෙන ගියේය. අප මහ බෝසත් සමග බෝරුක, රාහුල මාතාව, සතර නිධානය, අරොහනිය ඇතු, කන්‍ථක අසු, ඡන්න හා කාළුදායි යන කුමරුන් ඇතුළු සත්දෙන එකම දින උපන් බැවින් “සහජාත” නම් වේ. ඒ කුමරුට නම් තබන දවසේ දී “මුළු නුවර වැසියන් ම සතුටින් ඔදවැඩී ගිය දිනෙක උපන් බැවින් “උදායී” යන නාමය තබන ලදි. මදක් සම කළු පැහැයෙන් යුතු නිසා “කාළුදායී” යන නමින් ප්‍රකට වූ එකුමරු බෝසත් සමගම කුමාර ක්‍රීඩා කරමින් වැඩිවියට පත් විය.

අපරභාගෙ ලොකනාථෙ මහාභිනික‍්ඛමනං නික‍්ඛමිත්‍වා අනුක‍්කමෙන සබ‍්බඤ‍්ඤුතං පත්‍වා පවත‍්තිතවරධම‍්මචක‍්කෙ රාජගහං උපනිස‍්සාය වෙළුවනෙ විහරන‍්තෙ සුද‍්ධොදනමහාරාජා තං පවත‍්තිං සුත්‍වා පුරිසසහස‍්සපරිවාරං එකං අමච‍්චං “පුත‍්තං මෙ ඉධානෙහී”ති පෙසෙසි. සො ධම‍්මදෙසනාවෙලාය සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා පරිසපරියන‍්තෙ ඨිතො ධම‍්මං සුත්‍වා සපරිසො අරහත‍්තං පාපුණි. අථ නෙ සත්‍ථා “එථ, භික‍්ඛවො”ති හත්‍ථං පසාරෙති. සබ‍්බෙ තඞ‍්ඛණංයෙව ඉද‍්ධිමයපත‍්තචීවරධරා වස‍්සසට‍්ඨිකත්‍ථෙරා විය අහෙසුං. අරහත‍්තං පත‍්තතො පට‍්ඨාය පන අරියා මජ‍්ඣත‍්තාව හොන‍්ති, තස‍්මා රඤ‍්ඤා පහිතසාසනං දසබලස‍්ස න කථෙසි. රාජා “නෙව ගතබලකොට‍්ඨකො ආගච‍්ඡති, න සාසනං සුය්‍යතී”ති අපරම‍්පි අමච‍්චං පුරිසසහස‍්සෙන පෙසෙසි . තස‍්මිම‍්පි තථා පටිපන‍්නෙ අපරන‍්ති එවං නවහි අමච‍්චෙහි සද‍්ධිං නව පුරිසසහස‍්සානි පෙසෙසි සබ‍්බෙ අරහත‍්තං පත්‍වා තුණ‍්හී අහෙසුං.

ඊට පසුකලෙක සිදුහත් කුමරු අභිනික්මන් කර, අනුපිළිවෙලින් සම්බුද්ධත්වය ලබා, දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව පවත්වා, රජගහ නුවර වේළුවනාරාමයේ වැඩවසන බව සුදොවුන් මහරජුට දැනගැනීමට ලැබුණි. දහසක් පිරිවර ඇති එක් ඇමතියකු කැඳවූ මහරජු, “මගේ පුතා මෙනුවරට කැඳවාගෙන එව”යි පවසා පිටත්කර හැරියේය. ශාස්තෲන් වහන්සේ දහම් දෙසමින් සිටි අවස්ථාවේ වේළුවනාරාමයට පැමිණි ඒ ඇමති තෙම පිරිස් කෙළවර හිඳ දහම් අසා සිය පිරිස සමඟම රහත් විය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔවුන් දෙසට ශ්‍රී හස්තය දිගුකර “මහණෙනි, එව”යි වදාළ සේක. එකෙණෙහිම ඒ පිරිස සියවස් පිරි මහතෙරවරුන් මෙන් සෘද්ධිමය පා සිවුරු ලබා භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියේ පෙනී සිටියේය. රහත් වූ තැන් පටන් ආර්යයෝ මැදහත් සිත් ඇත්තෝ වෙති. එනිසා පිය රජුගේ පණිවුඩය බුදුරදුන්ට නොපැවසූහ. සුදොවුන් රජු “ගිය තැනැත්තෝ නොම එති. පණිවුඩය පැවසූ බවක් ද නොපෙනේ” යැයි පවසා තවත් ඇමතියකු දහසක් පිරිවර සමග පෙරසේම යැවීය. ඔහු ද පළමු ඇමතියා මෙන් රහත්ව නිශ්ශබ්දව සිටියේය. මෙසේ නව වරක් ඇමතිවරු නව දෙනෙක් පිරිවර නව දහසක් සමඟ යැවීය. සැමදෙනම රහත්ව මැදහත්ව නිහඬව සිටියහ.

අථ රාජා චින‍්තෙසි – “එත‍්තකා ජනා මයි සිනෙහාභාවෙන දසබලස‍්ස ඉධාගමනත්‍ථාය න කිඤ‍්චි කථයිංසු, අයං ඛො පන උදායී දසබලෙන සමවයො සහපංසුකීළිකො, මයි ච සිනෙහවා, ඉමං පෙසෙස‍්සාමී”ති තං පක‍්කොසාපෙත්‍වා, “තාත, ත්‍වං පුරිසසහස‍්සපරිවාරො රාජගහං ගන‍්ත්‍වා දසබලං ආනෙහී”ති වත්‍වා පෙසෙසි. සො පන ගච‍්ඡන‍්තො “සචාහං, දෙව, පබ‍්බජිතුං ලභිස‍්සාමි, එවාහං භගවන‍්තං ඉධානෙස‍්සාමී”ති වත්‍වා “යං කිඤ‍්චි කත්‍වා මම පුත‍්තං දස‍්සෙහී”ති වුත‍්තො රාජගහං ගන‍්ත්‍වා සත්‍ථු ධම‍්මදෙසනාවෙලාය පරිසපරියන‍්තෙ ඨිතො ධම‍්මං සුත්‍වා සපරිවාරො අරහත‍්තං පත්‍වා එහිභික‍්ඛුභාවෙ පතිට‍්ඨාසි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.4.48-63) –

ඉක්බිති රජතුමා “මෙපමණ දෙනෙක් යවාත් ඔවුහු මා කෙරෙහි ආදරයක් නොමැති බැවින් දසබලයන් වහන්සේ මෙනුවරට වැඩමවා ගැනීමට ආරාධනා නොකළහ. මේ උදායි ඇමති දසබලයන් වහන්සේ හා සමවයස් ඇත. වැලිකෙළියේ පටන් එකට වැඩුණේය. මා කෙරෙහි ද අපමණ සෙනෙහස් දක්වයි. මොහු යවා බලන්නෙමි”යි සිතා උදායී කැඳවීය. කැඳවා “දරුව, නුඹ පුරුෂයන් දාහක් පිරිවරාගෙන රජගහ නුවරට ගොස් දස බලයන් වහන්සේ වැඩමවාගෙන එව”යි පැවසීය. උදායී ඇමති “ඉදින් ඔබවහන්සේ මා හට පැවිදිවීමට අවසර දෙන්නේ නම් මම බුදුරජාණන් වහන්සේ මෙහි වැඩමවා ගෙන එන්නෙමි”යි රජුට පැවසීය. රජු “ඕනෑම දෙයක් කොට මාගේ දරුවා මාහට දක්වන්න”යි පැවසීය. රාජ නියෝගයෙන් රජගහ නුවර ගිය උදායී ඇමති, පිරිසත් සමඟම, පිරිස් කෙළවර හිඳ ධර්ම ශ්‍රවණය කර, රහත් බව ලැබ ඒහි භික්‍ෂු මහණෝපසම්පදාව ලැබීය. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ වදාළහ.

“පදුමුත‍්තරබුද‍්ධස‍්ස, ලොකජෙට‍්ඨස‍්ස තාදිනො; අද‍්ධානං පටිපන‍්නස‍්ස, චරතො චාරිකං තදා.

“එකල මම ලෝකජ්‍යෙෂ්ඨ වූ තාදී ගුණ ඇති, මහමඟට පිළිපන්, චාරිකාවේ හැසිරෙන ශාස්තෲ වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේට මැනවින් පිපුනු පියුම් ද උපුල් ද බෝලිද්ද ද කිරිබත් ද රැගෙන ගියෙමි.

“සුඵුල‍්ලං පදුමං ගය‍්හ, උප‍්පලං මල‍්ලිකඤ‍්චහං; පරමන‍්නං ගහෙත්‍වාන, අදාසිං සත්‍ථුනො අහං.

“පරිභුඤ‍්ජි මහාවීරො, පරමන‍්නං සුභොජනං; තඤ‍්ච පුප‍්ඵං ගහෙත්‍වාන, ජනස‍්ස සම‍්පදස‍්සයි.

මහාවීර වූ බුදුරජාණෝ ඒ භෝජනය වැළඳූහ. මල් රැගෙන මහජනයාට දක්වමින් මෙසේ වදාළහ.

“ඉට‍්ඨං කන‍්තං පියං ලොකෙ, ජලජං පුප‍්ඵමුත‍්තමං; සුදුක‍්කරං කතං තෙන, යො මෙ පුප‍්ඵං අදාසිදං.

“ලොව ඉෂ්ට වූ මනවඩන ප්‍රිය වූ උතුම් ජලජ පුෂ්පයෝ වෙති. ඒ මලින් මා පිදූ මෙතෙමේ ඉතා අමාරු කටයුත්තක් කළේය.

“යො පුප‍්ඵමභිරොපෙසි, පරමන‍්නඤ‍්චදාසි මෙ; තමහං කිත‍්තයිස‍්සාමි, සුණාථ මම භාසතො.

මාහට මල් පිදූ, උතුම් ආහාර පිදූ මොහු අනාගතයේ කවරෙකු වන්නේ දැයි පවසමි. ඒ මාගේ වචනය සාවධානව අසවු.

“දස අට‍්ඨ චක‍්ඛත‍්තුං සො, දෙවරජ‍්ජං කරිස‍්සති; උප‍්පලං පදුමඤ‍්චාපි, මල‍්ලිකඤ‍්ච තදුත‍්තරි.

මෙතෙම දහඅට වරක් දෙව්රජව උපදින්නේ ය. ඔහුගේ පුණ්‍ය විපාකයෙන් දිවමය සුවඳින් යුතු උපුල්, පියුම්, බෝලිද්ද ආදී මල් අහසේ වියනක් මෙන් සිටින්නේය.

“අස‍්ස පුඤ‍්ඤවිපාකෙන, දිබ‍්බගන්‍ධසමායුතං; ආකාසෙ ඡදනං කත්‍වා, ධාරයිස‍්සති තාවදෙ.

“පඤ‍්චවීසතික‍්ඛත‍්තුඤ‍්ච , චක‍්කවත‍්තී භවිස‍්සති; පථබ්‍යා රජ‍්ජං පඤ‍්චසතං, වසුධං ආවසිස‍්සති.

සක්විති රජව විසිපස්වරක් උපදින මෙතෙම පෘථිවි රාජ්‍යය පන්සිය වරක් දරන්නේය.

“කප‍්පසතසහස‍්සම‍්හි, ඔක‍්කාකකුලසම‍්භවො; ගොතමො නාම ගොත‍්තෙන, සත්‍ථා ලොකෙ භවිස‍්සති.

මීට කල්ප ලක්‍ෂයකට පසුව ඔක්කාක කුලයේ ගෞතම නම් ශාස්තෲහු ලොව පහළ වෙති.

“සකකම‍්මාභිරද‍්ධො සො, සුක‍්කමූලෙන චොදිතො; සක්‍යානං නන්‍දිජනනො, ඤාතිබන්‍ධු භවිස‍්සති.

කුශල මූලයෙන් මෙහෙයූ සතුටු සිතැති මෙතෙම ශාක්‍යයන්ගේ සතුට ඇති කරන ඥාතියෙක් වන්නේය.

“සො පච‍්ඡා පබ‍්බජිත්‍වාන, සුක‍්කමූලෙන චොදිතො; සබ‍්බාසවෙ පරිඤ‍්ඤාය, නිබ‍්බායිස‍්සතිනාසවො.

පසුව පැවිදිව ආශ්‍රව ප්‍රහීණ කරන මෙතෙමේ පිරිනිවන් පාන්නේය.

“පටිසම‍්භිදමනුප‍්පත‍්තං, කතකිච‍්චමනාසවං; ගොතමො ලොකබන්‍ධු තං, එතදග‍්ගෙ ඨපෙස‍්සති.

ලෝකබන්‍ධු වූ ගෞතම බුදුරජාණන් වහන්සේ සිවුපිළිසිඹියා පත් වූ, කොටැ නිමැවූ කටයුතු ඇතිවූ, ආශ්‍රව රහිත වූ මෙතෙම අගතනතුරේ පිහිටුවන සේක.

“පධානපහිතත‍්තො සො, උපසන‍්තො නිරූපධි; උදායී නාම නාමෙන, හෙස‍්සති සත්‍ථු සාවකො.

වීර්ය වැඩූ, නිවණට මෙහෙයූ සිතැති, උපශාන්ත වූ උපධි රහිත වූ මෙතෙම නමින් උදායී බුද්ධ ශ්‍රාවකයා වේ.”

“රාගො දොසො ච මොහො ච, මානො මක‍්ඛො ච ධංසිතො; සබ‍්බාසවෙ පරිඤ‍්ඤාය, විහරාමි අනාසවො.

“රාගය ද ද්වේෂය ද මෝහය ද ගුණමකු බව ද විනාශ කරන ලද්දෙමි. සියලු ආශ්‍රව ප්‍රහාණ පරිඥා වශයෙන් දැන, අනාශ්‍රවව වෙසෙමි.

“තොසයිඤ‍්චාපි සම‍්බුද‍්ධං, ආතාපී නිපකො අහං; පසාදිතො ච සම‍්බුද‍්ධො, එතදග‍්ගෙ ඨපෙසි මං.

[missing trans]

“පටිසම‍්භිදා චතස‍්සො…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”

අරහත‍්තං පන පත්‍වා “න තාවායං දසබලස‍්ස කුලනගරං ගන‍්තුං කාලො, වසන‍්තෙ පන උපගතෙ පුප‍්ඵිතෙසු වනසණ‍්ඩෙසු හරිතතිණසඤ‍්ඡන‍්නාය භූමියා ගමනකාලො භවිස‍්සතී”ති කාලං පටිමානෙන‍්තො වසන‍්තෙ සම‍්පත‍්තෙ සත්‍ථු කුලනගරං ගන‍්තුං ගමනමග‍්ගවණ‍්ණං සංවණ‍්ණෙන‍්තො –

මෙසේ ලබන ලද අර්හත් භාවය ඇති උදායී තෙරණුවෝ, “තවම දසබලයන් වහන්සේට තම උපන් නුවරට වැඩීමට කල් නොපැමිණියේය. වසන්ත කාලයේ වනය මලින් බර වේ. තණපිටි කොළපාටින් බබළයි. ගස්වැල් ආදියෙන් සෙවණ ගෙන දෙන බිමෙහි ගමන සුදුසු වේ” යනුවෙන් සිතූහ. සුදුසු කාලය බලා වසන්ත සමයේ දී ශාස්තෲන් වහන්සේට උපන් නුවරට යන මාර්ගය වර්ණනා කරමින් මේ ගාථා නවය වදාළහ.

“අඞ‍්ගාරිනො දානි දුමා භදන‍්තෙ, ඵලෙසිනො ඡදනං විප‍්පහාය; තෙ අච‍්චිමන‍්තොව පභාසයන‍්ති, සමයො මහාවීර භාගීරසානං.

“අංගාරිනොදානි දුමා භදන්තෙ ඵලෙසිනො ඡදනං විප්පහාය, තෙ අච්චිමන්තොව පභාසයන්ති සමයො මහාවීර භාගීරසානං”

“දුමානි ඵුල‍්ලානි මනොරමානි, සමන‍්තතො සබ‍්බදිසා පවන‍්ති; පත‍්තං පහාය ඵලමාසසානා, කාලො ඉතො පක‍්කමනාය වීර.

“දුමානි ඵුල්ලානි මනොරමානි සමන්තතො සබ්බදිසා පවන්ති, පත්තං පහාය ඵලමාසසනා කාලො ඉතො පක්කමනාය වීර”

“නෙවාතිසීතං න පනාතිඋණ‍්හං, සුඛා උතු අද‍්ධනියා භදන‍්තෙ; පස‍්සන‍්තු තං සාකියා කොළියා ච, පච‍්ඡාමුඛං රොහිනියං තරන‍්තං.

“නෙවා තිසීතං නපනාති උණ්හං සුඛා උතූ අද්ධනියා භදන්තෙ, පස්සන්තු තං සාකියා කොලියා ච පච්ඡාමුඛං රොහිණිං තාරයන්තං”

“ආසාය කසතෙ ඛෙත‍්තං, බීජං ආසාය වප‍්පති; ආසාය වාණිජා යන‍්ති, සමුද‍්දං ධනහාරකා; යාය ආසාය තිට‍්ඨාමි, සා මෙ ආසා සමිජ‍්ඣතු.

“ආසාය කසතෙ ඛෙත්තං, බීජං ආසාය වප්පති, ආසාය වාණිජා යන්ති සමුද්දං ධනහාරකා, යාය අසාය තිට්ඨාමි සා මෙ ආසා සමිජ්ඣතූ”

“පුනප‍්පුනඤ‍්චෙව වපන‍්ති බීජං, පුනප‍්පුනං වස‍්සති දෙවරාජා; පුනප‍්පුනං ඛෙත‍්තං කසන‍්ති කස‍්සකා, පුනප‍්පුනං ධඤ‍්ඤමුපෙති රට‍්ඨං.

“පුනප්පුනංචෙව වපන්ති බීජං, පුනප්පුනං වස්සති දෙවරාජා, පුනප්පුනං ඛෙත්තං කසන්ති කස්සකා, පුනප්පුනං ධඤ්ඤ මුපෙති රට්ඨං”

“පුනප‍්පුනං යාචනකා චරන‍්ති, පුනප‍්පුනං දානපතී දදන‍්ති; පුනප‍්පුනං දානපතී දදිත්‍වා, පුනප‍්පුනං සග‍්ගමුපෙන‍්ති ඨානං.

“පුනප්පුනං යාචනකා චරන්ති - පුනප්පුනං දානපතී දදන්ති, පුනප්පුනං දානපතී දදිත්‍වා - පුනප්පුනං සග්ගමුපෙන්ති ඨානං”

“වීරො හවෙ සත‍්තයුගං පුනෙති, යස‍්මිං කුලෙ ජායති භූරිපඤ‍්ඤො; මඤ‍්ඤාමහං සක‍්කති දෙවදෙවො, තයා හි ජාතො මුනි සච‍්චනාමො.

“වීරො හවෙ සත්තයුගං පුනෙති - යස්මිං කුලෙ ජායති භූරිපඤ්ඤො, මඤ්ඤාමහං සක්කති දෙවදෙවො, තයාභි ජාතො මුනිසච්චනාමො”

“සුද‍්ධොදනො නාම පිතා මහෙසිනො, බුද‍්ධස‍්ස මාතා පන මායනාමා; යා බොධිසත‍්තං පරිහරිය කුච‍්ඡිනා, කායස‍්ස භෙදා තිදිවම‍්හි මොදති.

“සුද්ධොදනො නාම පිතා මහෙසිනො, බුද්ධස්ස මාතා පන මාය නාමා, යා බොධි සත්තං පරිහරිය කුච්ඡිනා, කායස්ස භෙදා තිදිවම්භි මොදති”

“සා ගොතමී කාලකතා ඉතො චුතා, දිබ‍්බෙහි කාමෙහි සමඞ‍්ගිභූතා; සා මොදති කාමගුණෙහි පඤ‍්චහි, පරිවාරිතා දෙවගණෙහි තෙහි.

“සා ගොතමී කාලකතා ඉතොචුතා, දිබ්බෙහි කාමෙහි සමංගිභූතා, සා මෝදති කාමගුණෙහි පඤ්චහි පරිවාරිතා දේව ගණේහි තෙහී” තී.

“බුද‍්ධස‍්ස පුත‍්තොම‍්හි අසය‍්හසාහිනො, අඞ‍්ගීරසස‍්සප‍්පටිමස‍්ස තාදිනො; පිතුපිතා මය‍්හං තුවංසි සක‍්ක, ධම‍්මෙන මෙ ගොතම අය්‍යකොසී”ති. –

“බුද්ධස්ස පුත්තොම්හි අසය්හසායිනො, අංගීරසස්ස ප්පටිමස්ස තාදිනො, පිතු පිතා මය්හං තුවංසි සක්ක, ධම්මෙන මෙ ගොතම අය්‍යකොසී”ති

ඉමා ගාථා අභාසි.

තත්‍ථ අඞ‍්ගාරිනොති අඞ‍්ගාරානි වියාති අඞ‍්ගාරානි, රත‍්තපවාළවණ‍්ණානි රුක‍්ඛානං පුප‍්ඵපල‍්ලවානි, තානි එතෙසං සන‍්තීති අඞ‍්ගාරිනො, අතිලොහිතකුසුමකිසලයෙහි අඞ‍්ගාරවුට‍්ඨිසංපරිකිණ‍්ණා වියාති අත්‍ථො. ඉදානීති ඉමස‍්මිං කාලෙ. දුමාති රුක‍්ඛා. භදන‍්තෙති, භද‍්දං අන‍්තෙ එතස‍්සාති භදන‍්තෙති එකස‍්ස දකාරස‍්ස ලොපං කත්‍වා වුච‍්චති, ගුණවිසෙසයුත‍්තො, ගුණවිසෙසයුත‍්තානඤ‍්ච අග‍්ගභූතො සත්‍ථා. තස‍්මා භදන‍්තෙති සත්‍ථු ආලපනං. පච‍්චත‍්තවචනඤ‍්චෙතං එකාරන‍්තං “සුකටෙ පටිකම‍්මෙ සුඛෙ දුක‍්ඛෙපි චෙ”තිආදීසු විය. ඉධ පන සම‍්බොධනත්‍ථෙ දට‍්ඨබ‍්බං. තෙන වුත‍්තං “භදන‍්තෙති ආලපන”න‍්ති. “භද‍්දසද‍්දසමානත්‍ථං පදන‍්තරමෙක”න‍්ති කෙචි. ඵලානි එසන‍්තීති ඵලෙසිනො. අචෙතනෙපි හි සචෙතනකිරියමාරොපෙත්‍වා වොහරන‍්ති, යථා කුලං පතිතුකාමන‍්ති, ඵලානි ගහෙතුමාරද‍්ධා සම‍්පත‍්තිඵලගහණකාලාති අත්‍ථො. ඡදනං විප‍්පහායාති පුරාණපණ‍්ණානි පජහිත්‍වා සම‍්පන‍්නපණ‍්ඩුපලාසාති අත්‍ථො. තෙති දුමා. අච‍්චිමන‍්තොව පභාසයන‍්තීති දීපසිඛාවන‍්තො විය ජලිතඅග‍්ගී විය වා ඔභාසයන‍්ති සබ‍්බා දිසාති අධිප‍්පායො. සමයොති කාලො, “අනුග‍්ගහායා”ති වචනසෙසො. මහාවීරාති මහාවික‍්කන‍්ත. භාගී රසානන‍්ති අත්‍ථරසාදීනං භාගී. වුත‍්තඤ‍්හෙතං ධම‍්මසෙනාපතිනා – “භාගී වා භගවා අත්‍ථරසස‍්ස ධම‍්මරසස‍්සා”තිආදි (චූළනි· අජිතමාණවපුච‍්ඡානිද‍්දෙස 2). මහාවීර, භාගීති ච ඉදම‍්පි ද‍්වයං සම‍්බොධනවචනං දට‍්ඨබ‍්බං. භාගීරථානන‍්ති පන පාඨෙ භගීරථො නාම ආදිරාජා. තබ‍්බංසජාතතාය සාකියා භාගීරථා, තෙසං භාගීරථානං උපකාරත්‍ථන‍්ති අධිප‍්පායො.

මෙහි “අංගාරිනො” අඟරු වැනි ව, රතු පබළු මෙන් ගස්වල ලා දළු, මල්, බබලයි. රතු ලාදලු වලින් යුක්ත වූ බැවින් “අංගාරිනො” නම් වේ. තද රතුපාට මල්, ලාදළු ආදිය අඟුරු වැස්සක් මෙන් බබලයි යන අර්ථයයි. “ඉදානි” මේ කාලයේදී “දුමා” ගස්, වෘක්‍ෂයෝ. “භදන්තෙ” (භද්ද වූ) භද්‍ර වූ කෙළවර ඇති “භද්දන්තෙ” වේ. එහි එක් දකාරයක් ලොප් කර “භදන්තෙ” යැයි ගුණ විශේෂයන්ගෙන් යුතු, ගුණවිශේෂයන්ගෙන් යුතු පුද්ගලයන් අතරින් අග්‍ර වූ ශාස්තෲන් වහන්සේට ආමන්ත්‍රණය කරයි. මෙහි එකාරය පඨමා විභක්තියෙන් යෙදී ඇත. “සුකටෙ පටික්කම්මෙ සුඛෙ දුක්ඛෙ” ආදියේ මෙනි. මෙහි සම්බෝධනාර්ථයේ පඨමා විභක්තිය යෙදී ඇත. භදන්තෙ යනුවෙන්, ස්වාමීනි! වහන්ස! යනුවෙන් ආමන්ත්‍රණය කරයි. ඇතැමෙක් භද්ද ශබ්දයෙන් සමානාර්ථ වූ එක් පදාන්තරයක් ලෙස “භදන්තෙ” යන්න දක්වති. ඵලයන්ගෙන් පිරි “ඵලෙසිනො” ඵල ගැනීමට ළං වූ. අචේතනික වුවත් සචේතනික ක්‍රියාවකට ආරෝපණය කර දක්වන ලදි. කුලයන්ට එළඹෙනු කැමැත්තාක් මෙනි. ඵල හටගැනීමට ආරම්භ කළ, ඵල හට ගැනීමට සුදුසු කාලයයි යන අර්ථයයි. “ඡදනං විප්පහාය” පරණ කොළ වැටී, වේළුණු වියළි කොළ හැලී ගොස්. “තෙ” ඒ වෘක්‍ෂයෝ. “අච්චිමන්තොව පභාසයන්ති” පහන්සිලු මෙන් ද දැල්වෙන ගිනි මෙන් ද බබලයි. සියළු දිසා හොබවයි. “සමයො” සුසුදු කාලය හඟවා ගමනට ආරාධනා කරයි. “මහාවීර” මහත් වික්‍රම ඇති උත්තමයාණනි! “භගීරසානං” අර්ථ රසාදියට භාජන වන බැවින් භාගී නම් වේ. ධර්මසේනාපති තෙරණුවෝ “භාග්‍යවතුන් වහන්සේ අර්ථය යහපත ගෙන දෙන බැවින් භාගී නම් වේ” යැයි වදාළහ. මහාවීර භාගී යන මේ වචන දෙකම ආලපන විභක්ති වචන සේ දත යුතුයි. “භගීරථානං” යන පාඨය ද යෙදේ. භගීරථ ආදී රජවරුයි. ඔවුන් හා සමාන වූ ජාති ඇති බැවින් ශාක්‍යයේ භගීරථ නම් වෙති. ඒ ශාක්‍යයන්ට උපකාර පිණිස යන අදහසයි.

දුමානීති ලිඞ‍්ගවිපල‍්ලාසෙන වුත‍්තං, දුමා රුක‍්ඛාති අත්‍ථො. සමන‍්තතො සබ‍්බදිසා පවන‍්තීති, සමන‍්තතො සබ‍්බභාගතො සබ‍්බදිසාසු ච ඵුල‍්ලානි, තථා ඵුල‍්ලත‍්තා එව සබ‍්බදිසා පවන‍්ති ගන්‍ධං විස‍්සජ‍්ජෙන‍්ති. ආසමානාති ආසීසන‍්තා ගහිතුකාමා. එවං රුක‍්ඛසොභාය ගමනමග‍්ගස‍්ස රාමණෙය්‍යතං දස‍්සෙත්‍වා ඉදානි “නෙවාතිසීත”න‍්තිආදිනා උතුසම‍්පත‍්තිං දස‍්සෙති. සුඛාති නාතිසීතනාතිඋණ‍්හභාවෙනෙව සුඛා ඉට‍්ඨා. උතු අද‍්ධනියාති අද‍්ධානගමනයොග‍්ගා උතු. පස‍්සන‍්තු තං සාකියා කොළියා ච, පච‍්ඡාමුඛං රොහිනියං තරන‍්තන‍්ති රොහිනී නාම නදී සාකියකොළියජනපදානං අන‍්තරෙ උත‍්තරදිසතො දක‍්ඛිණමුඛා සන්‍දති, රාජගහං චස‍්සා පුරත්‍ථිමදක‍්ඛිණාය දිසාය, තස‍්මා රාජගහතො කපිලවත්‍ථුං ගන‍්තුං තං නදිං තරන‍්තා පච‍්ඡාමුඛා හුත්‍වා තරන‍්ති. තෙනාහ “පස‍්සන‍්තු තං…පෙ… තරන‍්ත”න‍්ති. “භගවන‍්තං පච‍්ඡාමුඛං රොහිනිං නාම නදිං අතික‍්කමන‍්තං සාකියකොළියජනපදවාසිනො පස‍්සන‍්තූ”ති කපිලවත්‍ථුගමනාය භගවන‍්තං ආයාචන‍්තො උස‍්සාහෙති.

“දුමානි” ලිංග විපර්යාස වීමෙන් යොදන ලදි. මහ ගස් යන අරුතයි. “සමන්නතො සබ්බදිසා පවන්ති” හාත්පසම, සෑම පැත්තක් ම, සෑම දිසාවක්ම පිපුණු මල් සුවඳ පතුරුවයි. සුවඳවත් කරවයි. “ආසසානා” කැමති වෙමින්, ඵල ගැනීමට කැමැත්තෙන්. මෙසේ ගස්වැල් වලින් යන මාර්ගය ශෝභාමත් වූ බව දක්වා, අනතුරුව තෙවන ගාථාවෙන් සෘතුසම්පත්තිය දක්වයි. “සුඛා” අධික ශීතල හා උෂ්ණ නොමැති බැවින් සුවදායක, ප්‍රිය වූ. “උතු අද්ධනියා” දිගු ගමනයට සුදුසු සෘතුවකි. “පස්සන්තු තං සාකියා කොලියා පච්ඡාමුඛං රොහිණිං තාරයන්තං” රෝහිණී නම් නදිය ශාක්‍ය කෝලිය ජනපද දෙක අතරින් උතුරු දෙස සිට දකුණු දෙසට ගලා යයි. රජගහ නුවර ද ඒ රෝහිණී නදියට පෙරදිගින් පිහිටියේය. එනිසා රජගහ නුවර සිට කපිල වස්තුවට යන විට ඒ රෝහිණී නදිය තරණය කිරීමේදී භාග්‍යවතුන් වහන්සේ පශ්චිම (බටහිර) දිසාවට මුහුණ ලා වැඩම කළ යුතුය. මෙසේ “පැසුළු දිගට මුහුණ ලා රෝහිණී නදිය තරණය කරන බුදුපියාණන් වහන්සේ ශාක්‍යකෝලිය ජනපදවාසීහු දකිත්වා” යන ප්‍රකාශයෙන් කිඹුල්වත් පුර ගමනට භාග්‍යවත්හු උත්සාහවත් කරවති.

ඉදානි අත‍්තනො පත්‍ථනං උපමාහි පකාසෙන‍්තො “ආසාය කසතෙ”ති ගාථමාහ. ආසාය කසතෙ ඛෙත‍්තන‍්ති කස‍්සකො කසන‍්තො ඛෙත‍්තං ඵලාසාය කසති. බීජං ආසාය වප‍්පතීති කසිත්‍වා ච වපන‍්තෙන ඵලාසාය එව බීජං වප‍්පති නික‍්ඛිපීයති. ආසාය වාණිජා යන‍්තීති ධනහාරකා වාණිජා ධනාසාය සමුද‍්දං තරිතුං දෙසං උපගන‍්තුං සමුද‍්දං නාවාය යන‍්ති ගච‍්ඡන‍්ති. යාය ආසාය තිට‍්ඨාමීති එවං අහම‍්පි යාය ආසාය පත්‍ථනාය භගවා තුම‍්හාකං කපිලපුරගමනපත්‍ථනාය ඉධ තිට‍්ඨාමි. සා මෙ ආසා සමිජ‍්ඣතු, තුම‍්හෙහි “කපිලවත්‍ථු ගන‍්තබ‍්බ”න‍්ති වදති, ආසාය සදිසතාය චෙත්‍ථ කත‍්තුකම්‍යතාඡන්‍දං ආසාති ආහ.

තම ආයාචනාත්මක ප්‍රාර්ථනාව දැන් උපමාවකින් මෙසේ දක්වති. “අසාය කසතෙ ඛෙත්තං” ගොවියා කෙත සීසානුයේ ද බීජ වපුරනුයේ ද හොඳ අස්වැන්නක් බලාපොරොත්තු වෙමිනි. “ආසාය වාණිජායන්ති” ධන උපයනු කැමති වෙළෙන්දෝ ධනාශාවෙන් මුහුදු තරණය කර විදේශයන්ට යෑමට නැව් නැගෙති. “යාය අසාය තිට්ඨාමි”, මම ද මෙහි ආශාවක්, ප්‍රාර්ථනාවක් ඇතිව, ඔබ වහන්සේගේ කපිලවත්‍ථුවට වැඩවීමට කැමැත්තෙන් සිටිමි. “සා මෙ අසා සමිජ්ඣතු” යන්නෙන් “නුඹවහන්සේ කපිලවත්‍ථුවට වැඩවිය යුතු වේ” යන අදහස ගෙන දෙයි. එම ක්‍රියාව කරවනු කැමති සිත මෙහි දී “ආසාය” කැමැත්තෙන් යනුවෙන් අදහස් වේ. එය ආශ්‍රවයෙක් නොවේ.

ගමනමග‍්ගසංවණ‍්ණනාදිනා අනෙකවාරං යාචනාය කාරණං දස‍්සෙතුං “පුනප‍්පුන”න‍්තිආදි වුත‍්තං. තස‍්සත්‍ථො – සකිං වුත‍්තමත‍්තෙන වප‍්පෙ අසම‍්පජ‍්ජමානෙ කස‍්සකා පුනප‍්පුනං දුතියම‍්පි තතියම‍්පි බීජං වපන‍්ති. පජ‍්ජුන‍්නො දෙවරාජාපි එකවාරමෙව අවස‍්සිත්‍වා පුනප‍්පුනං කාලෙන කාලං වස‍්සති. කස‍්සකාපි එකවාරමෙව අකසිත්‍වා සස‍්සසම‍්පත‍්තිඅත්‍ථං පංසුං කද‍්දමං වා මුදුං කාතුං ඛෙත‍්තං පුනප‍්පුනං කසන‍්ති. එකවාරමෙව ධඤ‍්ඤං සඞ‍්ගහං කත්‍වා “අලමෙත‍්තාවතා”ති අපරිතුස‍්සනතො කොට‍්ඨාගාරාදීසු පටිසාමනවසෙන මනුස‍්සෙහි උපනීයමානං පුනප‍්පුනං සාලිආදිධඤ‍්ඤං රට‍්ඨං උපෙති උපගච‍්ඡති.

ගමන් මඟ වර්ණනා කරමින් නොයෙක්වර ආරාධනා කිරීමට සිදු වූ බව හේතුව “පුනප්පුනං” යනාදී ගාථාවලින් කියැවේ. එහි අර්ථ මෙසේය. “එක්වරක් වපුරා සම්පූර්ණ නොවූ කල්හි ගොවියෝ දෙවනුව ද තෙවනුව ද බීජ වපුරති. වැසි දෙවියෝ ද එක්වාරයක් ම වැසි නොවස්වති. කලින් කලට, වරින් වර, නැවත නැවත වැසි වස්වති. ගොවියෝ ද සීසානුයේ එක්වරක් නොවෙති. මහත් අස්වැන්නක් ලැබීමට පස, මඩ මෘදු කිරීමට කෙත නැවත නැවත සීසාති. එක්වරක් ධාන්‍ය ගෙනවුත් කොටුගෙවල් පිරවීම ප්‍රමාණවත් නොවේ. නැවත නැවත කොටුගෙවල් පිරවීම් වශයෙන් සහල් ආදි ධාන්‍ය රට තුළට නැවත නැවත ගෙනෙයි.

යාචනකාපි යාචන‍්තා පුනප‍්පුනං කුලානි චරන‍්ති උපගච‍්ඡන‍්ති, න එකවාරමෙව, යාචිතා පන තෙසං පුනප‍්පුනං දානපතී දදන‍්ති, න සකිංයෙව. තථා පන දෙය්‍යධම‍්මං පුනප‍්පුනං දානපතී දදිත්‍වා දානමයං පුඤ‍්ඤං උපචිනිත්‍වා පුනප‍්පුනං අපරාපරං සග‍්ගමුපෙන‍්ති ඨානං පටිසන්‍ධිවසෙන දෙවලොකං උපගච‍්ඡන‍්ති. තස‍්මා අහම‍්පි පුනප‍්පුනං යාචාමි භගවා මය‍්හං මනොරථං මත්‍ථකං පාපෙහීති අධිප‍්පායො.

යාචකයෝ ද යදිමින් නැවත නැවත පවුල් වෙත පැමිණෙති. එක්වරක් යැද පිටත නොයති. දානපතියෝ ද නැවත නැවත දන් දෙති. එක් වරක් දී නොසෑහෙති. දිය යුතු දේ දන්දෙන දානපතීහු දානාදී පින්කම් නැවත නැවත සිදුකර නැවත නැවත සර්ගයේ උපදිති. ප්‍රතිසන්‍ධි වශයෙන් දෙව්ලොවම ඉපදෙති. එනිසා මම නැවත නැවත ඔබවහන්සේට ආරාධනා කරමි. භාග්‍යවතුන් වහන්ස, මාගේ මනෝරථය මස්තකප්‍රාප්ත කරනු මැනවි.”

ඉදානි යදත්‍ථං සත්‍ථාරං කපිලවත්‍ථුගමනං යාචති, තං දස‍්සෙතුං “වීරො හවෙ”තිගාථමාහ. තස‍්සත්‍ථො – වීරො වීරියවා මහාවික‍්කන‍්තො භූරිපඤ‍්ඤො මහාපඤ‍්ඤො පුරිසො යස‍්මිං කුලෙ ජායති නිබ‍්බත‍්තති, තත්‍ථ හවෙ එකංසෙන සත‍්තයුගං සත‍්තපුරිසයුගං යාවසත‍්තමං පිතාමහයුගං සම‍්මාපටිපත‍්තියා පුනෙති සොධෙතීති ලොකවාදො අතිවාදො අඤ‍්ඤෙසු. භගවා පන සබ‍්බෙසං දෙවානං උත‍්තමදෙවතාය දෙවදෙවො පාපනිවාරණෙන කල්‍යාණපතිට‍්ඨාපනෙන තතො පරම‍්පි සොධෙතුං සක‍්කති සක‍්කොතීති මඤ‍්ඤාමි අහං. කස‍්මා? තයා හි ජාතො මුනි සච‍්චනාමො යස‍්මා තයා සත්‍ථාරා අරියාය ජාතියා ජාතො මුනිභාවො, මුනි වා සමානො අත‍්තහිතපරහිතානං ඉධලොකපරලොකානඤ‍්ච මුනනට‍්ඨෙන “මුනී”ති අවිතථනාමො, මොනවා වා මුනි, “සමණො පබ‍්බජිතො ඉසී”ති අවිතථනාමො තයා ජාතො. තස‍්මා සත‍්තානං එකන‍්තහිතපටිලාභහෙතුභාවතො භගවා තව තත්‍ථ ගමනං යාචාමාති අත්‍ථො.

දැන් යම් අර්ථයක්, යහපතක් සඳහා ශාස්තෲන් වහන්සේ කපිල වස්තුවට යායුතු වේද එම කාරණය “වීරො හවෙ” යන ගාථාවෙන් දක්වයි. එහි අර්ථ මෙසේය. “යම් කුලයක වීර වික්‍රමාන්විත, මහා ප්‍රඥාවන්ත, ඥානවන්ත පුද්ගලයෙක් උපදින්නේ ද, ඒ උතුම් පුද්ගලයා නිසා ඒකාන්තයෙන්ම පරම්පරා සතක, පියා, සීයා ආදී ලෙස, සත් පරම්පරාවක් සත්වන පියා දක්වාම පිරිසිදු වේ. නින්දා අපහාස සෝදා හරියි” මෙසේ ලොව අදහසක් පවතියි. භාග්‍යවතුන් වහන්සේ ලොව සියලු දෙවියන්ටම වඩා උසස් ව “දෙවොතිදෙව” යන වහන්සේය. පාපයෙන් වැළකීමෙන් ද යහපතෙහි පිහිටීමෙන් ද යුතු ඔබවහන්සේට වඩා පවිත්‍ර වූ උතුමෙක් ලොව නැතැයි සිතමි. කුමක් නිසාද? “තයාභිජාතො මුනි සච්චනාමො” ඔබවහන්සේ ආර්‍ය්‍ය ජාතියෙහි උපන් බැවින් ලැබූ “මුනි” නම් ඇති සේක. මුනිවරයෙක්ව ආත්මාර්ථ පරාර්ථ සාධනයත් මෙලෝ පරලෝ සුගතියත් ගෙන දෙන බැවින් ද චතුරාර්ය සත්‍ය තනිවම අවබෝද කරගත් බැවින් ද “මුනි” නම් වන සේක. “මුනි” නාමය සත්‍ය වූ, ඔබ වහන්සේටම සුදුසු වූ නාමයකි. එනිසා සත්ත්‍වයන්ට ඒකාන්තයෙන් ම උභයාර්ථ සිද්ධිය සැලසීම සඳහා ඔබවහන්සේගේ ගමන උපකාරී වේ. එබැවින් කිඹුල්වතට වඩිනු මැනවි.

ඉදානි “සත‍්තයුග”න‍්ති වුත‍්තෙ පිතුයුගං දස‍්සෙතුං “සුද‍්ධොදනො නාමා”තිආදි වුත‍්තං. සුද‍්ධං ඔදනං ජීවනං එතස‍්සාති සුද‍්ධොදනො. බුද‍්ධපිතා හි එකංසතො සුවිසුද‍්ධකායවචීමනොසමාචාරො සුවිසුද‍්ධාජීවො හොති තථා අභිනීහාරසම‍්පන‍්නත‍්තා. මායනාමාති කුලරූපසීලාචාරාදිසම‍්පත‍්තියා ඤාතිමිත‍්තාදීහි “මා යාහී”ති වත‍්තබ‍්බගුණතාය “මායා”ති ලද‍්ධනාමා. පරිහරියාති ධාරෙත්‍වා. කායස‍්ස භෙදාති සදෙවකස‍්ස ලොකස‍්ස චෙතියසදිසස‍්ස අත‍්තනො කායස‍්ස විනාසතො උද‍්ධං. තිදිවම‍්හීති තුසිතදෙවලොකෙ.

මෙහි “සත්තයුගං” යනුවෙන් පැවසූ හෙයින් දැන් පිය පරපුර දක්වනු සඳහා “සුද්ධොදනො නාමා” දී ගාථාව වදාළහ. පිරිසිදු වූ බතක් වැනි ජීවිතයක් මොහුට ඇත යන අරුතින් සුද්ධෝදන නම් වේ. බුදුරජාණන් වහන්සේගේ පියාට ඒකාන්තයෙන්ම ඉතා පිරිසිදු කාය, වාග්, මනෝ හැසිරීම් ඇත. ඔහුට ඉතා පිරිසිදු දිවි පෙවෙතක් ඇත. ඊට සුදුසු ප්‍රාර්ථනා හේතු සම්පත් ඇති බැවිනි. “මායා” කුල රූප, සීලාදී හැසිරීම්වලින් පිරුණු බැවින් ‘මායා’ යන නම් ලද. “පරිහාරියා” කුසින් දරා. “කායස්ස භෙදා” දෙවියන් සහිත ලෝකයාට චෛත්‍යයක් බඳු වූ තමාගේ කය වැනසී ගිය පසුව. මැරුණු පසුව. “තිදිවම්හි” තව්තිසා දෙව්ලොව.

සාති මායාදෙවී. ගොතමීති ගොත‍්තෙන තං කිත‍්තෙති. දිබ‍්බෙහි කාමෙහීති, තුසිතභවනපරියාපන‍්නෙහි දිබ‍්බෙහි වත්‍ථුකාමෙහි. සමඞ‍්ගිභූතාති සමන‍්නාගතා. කාමගුණෙහීති කාමකොට‍්ඨාසෙහි, “කාමෙහී”ති වත්‍වා පුන “කාමගුණෙහී”ති වචනෙන අනෙකභාගෙහි වත්‍ථුකාමෙහි පරිචාරියතීති දීපෙති. තෙහීති යස‍්මිං දෙවනිකායෙ නිබ‍්බත‍්ති, තෙහි තුසිතදෙවගණෙහි, තෙහි වා කාමගුණෙහි. “සමඞ‍්ගිභූතා පරිවාරිතා”ති ච ඉත්‍ථිලිඞ‍්ගනිද‍්දෙසො පුරිමත‍්තභාවසිද‍්ධං ඉත්‍ථිභාවං, දෙවතාභාවං වා සන්‍ධාය කතො, දෙවූපපත‍්ති පන පුරිසභාවෙනෙව ජාතා.

“සා” ඒ මායාදේවිය “ගොතමී” ගෞතම ගෝත්‍රයේ බැවින් මෙනමින් අමතයි. “දිබ්බෙහි කාමෙහි” තුසිත භවනයට අයත් දිව්‍යමය වස්තු කාමයන්ගෙන් “සමංගීභූතා” යුක්ත වූවාය. “කාමගුණෙහි” කාම කොට්ඨාසයන්ට “කාමෙහි” යනුවෙන් පවසා, කාමගුණයන්ගෙන් යැයි මේ දක්වන ලද්දේ ඒ ඒ පස්විද කාම ගුණයන්ගෙන් පිරිපුන් වූ බවයි. “තෙහි” ඒ දෙව්ලොව ඉපිදුණු, තව්තිසා වැසි දෙවියන් සමග පස්කම් සුව විඳිමින් “පරිවාරිතා” යන ස්ත්‍රී ලිංග රූපය පෙර අත්බව සලකා හෝ දැන් ලැබූ ආත්ම භාවය සලකා හෝ කියන ලදි. මායා දේවියගේ දේවෝත්පත්තිය පුරුෂ භාවයෙන්ම යුක්තය.

එවං ථෙරෙන යාචිතො භගවා තත්‍ථ ගමනෙ බහූනං විසෙසාධිගමං දිස‍්වා වීසතිසහස‍්ස ඛීණාසවපරිවුතො රාජගහතො අතුරිතචාරිකාවසෙන කපිලවත්‍ථුගාමිමග‍්ගං පටිපජ‍්ජි. ථෙරො ඉද‍්ධියා කපිලවත්‍ථුං ගන‍්ත්‍වා රඤ‍්ඤො පුරතො ආකාසෙ ඨිතො අදිට‍්ඨපුබ‍්බං වෙසං දිස‍්වා රඤ‍්ඤා “කොසි ත්‍ව”න‍්ති පුච‍්ඡිතො, “සචෙ අමච‍්චපුත‍්තං තයා භගවතො සන‍්තිකං පෙසිතං මං න ජානාසි, එවං පන ජානාහී”ති දස‍්සෙන‍්තො –

මෙසේ තෙරුන් වහන්සේගේ ඇරයුම ලද භාග්‍යවතුන් වහන්සේ; කිඹුල්වත් පුර ගමනින් බොහෝ දෙනාට සිදුවන විශේෂාධිගමයන් දැක විසිදහසක් රහතුන් පිරිවරාගෙන රජගහ නුවරින් නික්ම අතුරිත චාරිකාවෙන් (පා ගමනින්) කපිල වස්තුවට යන මාවතට එළඹුණු සේක. කාළුදායී තෙරණුවෝ සෘද්ධියෙන් වහා කපිල වස්තුවට වැඩ, රජු ඉදිරියේ පෙනී සිටියහ. පැවිදි වූ පසුව නොදැක තිබූ බැවින් රජු, “නුඹ කවුද?”යි විමසීය. එවිට තෙරණුවෝ, ඇමති පුත්‍ර වූ නුඹ විසින් භාග්‍යවතුන් වහන්සේ වඩමවාගෙන ඒමට යැවූ මා නොහඳුනන්නෙහි නම් මා කවුදැයි මෙසේ දැනගන්න”යි පවසමින් මේ අවසාන ගාථාව වදාළහ.

“බුද‍්ධස‍්ස පුත‍්තොම‍්හි අසය‍්හසාහිනො, අඞ‍්ගීරසස‍්සප‍්පටිමස‍්ස තාදිනො; පිතුපිතා මය‍්හං තුවංසි සක‍්ක, ධම‍්මෙන මෙ ගොතම අය්‍යකොසී”ති. –

“බුද්ධස්ස පුත්තොම්හි අසය්හසායිනො, අංගීරසස්ස ප්පටිමස්ස තාදිනො, පිතු පිතා මය්හං තුවංසි සක්ක, ධම්මෙන මෙ ගොතම අය්‍යකොසී”ති

ඔසානගාථමාහ.

තත්‍ථ බුද‍්ධස‍්ස පුත‍්තොම‍්හීති, සබ‍්බඤ‍්ඤුබුද‍්ධස‍්ස උරෙ ජාතතාය ඔරසපුත‍්තො අම‍්හි. අසය‍්හසාහිනොති, අභිසම‍්බොධිතො පුබ‍්බෙ ඨපෙත්‍වා මහාබොධිසත‍්තං අඤ‍්ඤෙහි සහිතුං වහිතුං අසක‍්කුණෙය්‍යත‍්තා අසය‍්හස‍්ස සකලස‍්ස බොධිසම‍්භාරස‍්ස මහාකාරුණිකාධිකාරස‍්ස ච සහනතො වහනතො, තතො පරම‍්පි අඤ‍්ඤෙහි සහිතුං අභිභවිතුං අසක‍්කුණෙය්‍යත‍්තා අසය‍්හානං පඤ‍්චන‍්නං මාරානං සහනතො අභිභවනතො, ආසයානුසයචරිතාධිමුත‍්තිආදිවිභාගාවබොධනෙන යථාරහං වෙනෙය්‍යානං දිට‍්ඨධම‍්මිකසම‍්පරායිකපරමත්‍ථෙහි අනුසාසනීසඞ‍්ඛාතස‍්ස අඤ‍්ඤෙහි අසය‍්හස‍්ස බුද‍්ධකිච‍්චස‍්ස ච සහනතො, තත්‍ථ වා සාධුකාරීභාවතො අසය‍්හසාහිනො. අඞ‍්ගීරසස‍්සාති අඞ‍්ගීකතසීලාදිසම‍්පත‍්තිකස‍්ස. “අඞ‍්ගමඞ‍්ගෙහි නිච‍්ඡරණකඔභාසස‍්සා”ති අපරෙ. කෙචි පන “අඞ‍්ගීරසො, සිද‍්ධත්‍ථොති ද‍්වෙ නාමානි පිතරායෙව ගහිතානී”ති වදන‍්ති. අප‍්පටිමස‍්සාති අනූපමස‍්ස. ඉට‍්ඨානිට‍්ඨෙසු තාදිලක‍්ඛණප‍්පත‍්තියා තාදිනො. පිතුපිතා මය‍්හං තුවංසීති අරියජාතිවසෙන මය‍්හං පිතු සම‍්මාසම‍්බුද‍්ධස‍්ස ලොකවොහාරෙන ත්‍වං පිතා අසි. සක‍්කාති ජාතිවසෙන රාජානං ආලපති. ධම‍්මෙනාති සභාවෙන අරියජාති ලොකියජාතීති ද‍්වින‍්නං ජාතීනං සභාවසමොධානෙන ගොතමාති රාජානං ගොත‍්තෙන ආලපති. අය්‍යකොසීති පිතාමහො අසි. එත්‍ථ ච “බුද‍්ධස‍්ස පුත‍්තොම‍්හී”තිආදිං වදන‍්තො ථෙරො අඤ‍්ඤං බ්‍යාකාසි.

මෙහි “බුද්ධස්ස පුත්තොම්හි” සර්වඥ බුදුරජාණන් වහන්සේගේ හදවතින් උපන් බැවින් ඖරස පුත්‍ර වෙමි. “අසය්හසායිනො” සම්බුද්ධත්වයට පෙර දී පවා, මහා බෝධිසත්‍වයන් හැර අනිකකු විසින් ඉවසීමට, ඉසිලීමට අසමත් වූ බෝධිසම්භාර ධර්මයන්ගෙන් යුක්ත වූ බැවින් ද මහා කරුණාවෙන් පැතූ ප්‍රාර්ථනා ඇති බැවින් ද බෝධි සම්භාර ධර්ම ඉසිලීමට, ඉවසීමට සමත් වූ බැවින් ද; වෙනත් කිසිවෙකුට මැඩලිය, අභිභවනය කළ නොහැකි පංචමාරයන් මැඩලූ, අභිභවනය කළ බැවින් ද; අන්‍යයන්ට නොහැකි සේ ඒ ඒ චරිත විභාග වශයෙන් දැන සුදුසු පරිදි ජනයා හික්මීමෙහි, මෙලෝ පරලෝ පරමාර්ථයන්හි යෙදවීමෙහි අනුශාසනා කිරීමෙහි සමත් වූ බැවින් ද; අනුන් විසින් ඉසිලිය නොහෙන බුද්ධ කෘත්‍ය ඇති බැවින් ද, නැතහොත් යහපත සිදුකරන බැවින් ද තථාගතයන් වහන්සේ “අසය්හසායී” නම් වෙති. “අංගීරසස්ස” ශීලාදී ගුණ සම්පත් අංග කරගත් හෙයින්, අංග ප්‍රත්‍යයන්ගෙන් ආලෝකය පතුරන හෙයින් යැයි ඇතැමෙක් කියත්. ඇතැමෙක් අංගීරස, සිද්ධත්‍ථ යන නම් දෙකම සුදොවුන් විසින් තබන ලදැයි කියති. “අප්පටිමස්ස” උපමා රහිත වූ, ඉෂ්ටානිෂ්ට අරමුණු පිළිබඳ තාදී ගුණයෙන් යුතු වූ බැවින් “තාදිනො” “පිතු පිතා මය්හං තුවංසි” ආර්ය ජාතියේ ඉපදීමෙන් මගේ පියා වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක ව්‍යවහාරය අනුව නුඹගේ පුතු වේ. උන්වහන්සේගේ පියා නුඹය. “සක්ක” ජාති වශයෙන් මහ රජුට අමතයි. “ධම්මෙන” ස්වභාවධර්‍මයෙන්. ආර්ය ජාතියෙන් ද ලෞකික ජාතියෙන් ද යන ජාති ධර්මතා දෙක අනුව. “ගෞතම”, රජුට ගෝත්‍රයෙන් ආමන්ත්‍රණය කරයි. “අය්‍යකොසි” මුත්තණුවන් වෙහි. මෙහිදී “මම බුදුරදුන්ගේ පුතා වෙමි”යි පැවසීමෙන්ම තෙරණුවෝ තම රහත් බව පැවසූහ.

එවං පන අත‍්තානං ජානාපෙත්‍වා හට‍්ඨතුට‍්ඨෙන රඤ‍්ඤා මහාරහෙ පල‍්ලඞ‍්කෙ නිසීදාපෙත්‍වා අත‍්තනො පටියාදිතස‍්ස නානග‍්ගරසස‍්ස භොජනස‍්ස පත‍්තං පූරෙත්‍වා දින‍්නෙ ගමනාකාරං දස‍්සෙති. “කස‍්මා ගන‍්තුකාමත්‍ථ, භුඤ‍්ජථා”ති ච වුත‍්තෙ, “සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා භුඤ‍්ජිස‍්සාමී”ති. “කහං පන සත්‍ථා”ති? “වීසතිසහස‍්සභික‍්ඛුපරිවාරො තුම‍්හාකං දස‍්සනත්‍ථාය මග‍්ගං පටිපන‍්නො”ති. “තුම‍්හෙ ඉමං පිණ‍්ඩපාතං පරිභුඤ‍්ජිත්‍වා යාව මම පුත‍්තො ඉමං නගරං සම‍්පාපුණාති, තාවස‍්ස ඉතොව පිණ‍්ඩපාතං හරථා”ති. ථෙරො භත‍්තකිච‍්චං කත්‍වා රඤ‍්ඤො පරිසාය ච ධම‍්මං කථෙත්‍වා සත්‍ථු ආගමනතො පුරෙතරමෙව සකලං රාජනිවෙසනං රතනත‍්තයෙ අභිප‍්පසන‍්නං කරොන‍්තො සබ‍්බෙසං පස‍්සන‍්තානංයෙව සත්‍ථු ආහරිතබ‍්බභත‍්තපුණ‍්ණං පත‍්තං ආකාසෙ විස‍්සජ‍්ජෙත්‍වා සයම‍්පි වෙහාසං අබ‍්භුග‍්ගන‍්ත්‍වා පිණ‍්ඩපාතං උපනෙත්‍වා සත්‍ථු හත්‍ථෙ ඨපෙසි. සත්‍ථා තං පිණ‍්ඩපාතං පරිභුඤ‍්ජි. එවං සට‍්ඨියොජනං මග‍්ගං දිවසෙ දිවසෙ යොජනං ගච‍්ඡන‍්තස‍්ස සත්‍ථු රාජගෙහතොව භත‍්තං ආහරිත්‍වා අදාසි. අථ නං භගවා “මය‍්හං පිතු මහාරාජස‍්ස සකලනිවෙසනං පසාදෙසී”ති කුලප‍්පසාදකානං අග‍්ගට‍්ඨානෙ ඨපෙසීති.

මෙසේ තමන් වහන්සේ කවුද?යි දැන්වූ පසු සතුටු වූ රජතුමා ඉතා අනගි අසුනක තෙරුන් වඩා හිඳුවා, තමාට පිළියෙල කළ නානා රසමසවුලෙන් පිරි රාජභෝජනයෙන් පාත්‍රය පුරවා පිළිගැන්වීය. තෙරුන් වහන්සේ වැඩමවන බවක් දැක්වූහ. “යන්නේ කුමකට ද? මෙහිම වැඩහිඳ වැළඳුව මැනවි”යි පැවසූ රජතුමාට, “මහරජතුමනි, ශාස්තෲන් වහන්සේ වෙත ගොස් වළඳමි”යි තෙරනුවෝ වදාළහ. එවිට රජු “ඒ ශාස්තෲන් වහන්සේ කොහි වෙසේද?”යි විමසීය. “උන්වහන්සේ දැන් විසිදාහක් මහරහතුන් පිරිවරාගෙන ඔබ දැකීමට මඟට පිළිපන් සේක”යි තෙරනුවෝ වදාළහ. ඉමහත් සතුටට පත් රජු “නුඹ වහන්සේ මේ දානය වළඳන්න. මගේ පුතා මෙනුවරට වැඩමවන තෙක්ම රජගෙදරින් උන්වහන්සේට පිණ්ඩපාතය ගෙන යන්න”යි ආරාධනා කළේය. තෙරණුවෝ දන් වළඳා රජුට ද රජ පිරිසට ද දහම් දෙසූහ. ශාස්තෲන් වහන්සේ වැඩීමට පළමුවම මුළු රජමාළිගයේ විසූ සැමදෙනම තුණුරුවන් කෙරෙහි වඩාත් ප්‍රසන්න වූවන් බවට පත්කළ කාළුදායි තෙරණුවෝ, ඔවුන් බලා සිටියදීම ශාස්තෲන් වහන්සේගේ පිණ්ඩපාත පාත්‍රය අහසින් ගෙනගොස් උන්වහන්සේගේ ශ්‍රී හස්තයේ තැබූහ. ශාස්තෲන් වහන්සේ එම පිණ්ඩපාතය වැළඳූහ. මෙසේ සැටයොදුන් මාවත නිමාවන තෙක් දිනකට යොදුන බැගින් වැඩමවන බුදුරජාණන් වහන්සේට දිනපතාම රජගෙදරින් කාළුදායි තෙරණුවෝ පිණ්ඩපාතය රැගෙන ගියහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ, “මාගේ පියරජු ඇතුළු රජ පවුලම තෙරුවන් කෙරෙහි පැහැදවීය” යැයි සතුටුව කුල පහදන භික්‍ෂූන්ගෙන් අග්‍රභාවයට කාළුදායි මහරහතන් වහන්සේ පත්කළ සේක.

කාළුදායිත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

කාළුදායි ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.