යෙදුමෙන් කියවන්න

9. නවකනිපාතො අට‍්ඨකථා

9. නවක නිපාතය

භූතත්‍ථෙරගාථාවණ‍්ණනා

භූත ස්ථවිරගාථා වර්ණනාව

නවකනිපාතෙ යදා දුක‍්ඛන‍්තිආදිකා ආයස‍්මතො භූතත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයං පුඤ‍්ඤං උපචිනන‍්තො සිද‍්ධත්‍ථස‍්ස භගවතො කාලෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා සෙනොති ලද‍්ධනාමො විඤ‍්ඤුතං පත‍්තො එකදිවසං සත්‍ථාරං දිස‍්වා පසන‍්නමානසො “උසභං පවර”න‍්තිආදිනා චතූහි ගාථාහි අභිත්‍ථවි.

නවවන නිපාතයේ “යදා දුක්ඛං” යනාදී ගාථා ආයුෂ්මත් භූත තෙරුන් විසින් දේශනා කරන ලදි. ඒවායේ උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරුන් හමුවේ තැබූ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී නිවන් පතාගෙන පින් දහම් රැස්කරමින් පැමිණ, සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී බමුණු කුලයේ උපන්හ. ඒ බමුණු කුමරු සේන නාමයෙන් ප්‍රකට විය. නුවණැති බවට පත් සේන බමුණා දිනක් ශාස්තෲන් වහන්සේ දැක පැහැදී “උසභං පවරං” යනාදී ගාථා සතරකින් ස්තූති කළේය.

සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සාකෙතනගරස‍්ස ද‍්වාරගාමෙ මහාවිභවස‍්ස සෙට‍්ඨිස‍්ස පුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්ති. තස‍්ස කිර සෙට‍්ඨිනො ජාතා ජාතා දාරකා බද‍්ධාඝාතෙන එකෙන යක‍්ඛෙන ඛාදිතා, ඉමස‍්ස පන පච‍්ඡිමභවිකත‍්තා භූතා ආරක‍්ඛං ගණ‍්හිංසු. යක‍්ඛො පන වෙස‍්සවණස‍්ස උපට‍්ඨානං ගතො, පුන නාගමාසි. නාමකරණදිවසෙ චස‍්ස “එවං කතෙ අමනුස‍්සා අනුකම‍්පන‍්තා පරිහරෙය්‍යු”න‍්ති භූතොති නාමං අකංසු. සො පන අත‍්තනො පුඤ‍්ඤබලෙන අනන‍්තරායො වඩ‍්ඪි, තස‍්ස “තයො පාසාදා අහෙසු”න‍්තිආදි සබ‍්බං යසස‍්ස කුලපුත‍්තස‍්ස විභවකිත‍්තනෙ විය වෙදිතබ‍්බං. සො විඤ‍්ඤුතං පත‍්තො සත්‍ථරි සාකෙතෙ වසන‍්තෙ උපාසකෙහි සද‍්ධිං විහාරං ගතො. සත්‍ථු සන‍්තිකෙ ධම‍්මං සුත්‍වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා අජකරණියා නාම නදියා තීරෙ ලෙණෙ වසන‍්තො විපස‍්සනං පට‍්ඨපෙත්‍වා නචිරස‍්සෙව අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.7.20-28) –

ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියේ සැරිසරා පැමිණි ඔහු, මේ බුද්ධෝත්පාද කාලයේදී සාකේත නුවර මහධනවත් සිටුවරයකුට දාව ඉපදුණේය. ඒ සිටුවරයා සමඟ බැඳගත් වෛර ඇති එක් යක්‍ෂයෙක් සිටුවරයාට උපදින සෑම දරුවෙක්ම කෑවේය. නමුත් මේ කුමරු පශ්චිමභවිකයෙකු බැවින් ඔහු උපන් කෙණෙහිම අමනුෂ්‍යයන් විසින් අරක්ගන්නා ලදි. ඒ යක්‍ෂයාටද මේ කාලයේ වෛශ්‍රවණ දිව්‍ය රාජයාට උපස්ථාන කිරීමට යෑමට සිදුවූ බැවින් නැවත ඒමට නොහැකි විය. කුමරුට නම් තබන දින, “මොහු මෙනමින් හැඳින් වූ කළ අමනුෂ්‍යයෝ මොහු රකිති”යි සලකා “භූත” යන නම තැබූහ. තම පෙර පින් බෙලෙන් භූත කුමරු අනතුරක් නොමැතිව වැඩුණේය. ඔහුට ද ප්‍රාසාද තුනක් තිබුණි. ඒ සියලු සැප සම්පත් විස්තර යසකුල පුතුට මෙන් වී යැයි දත යුතුයි. නුවණැති බවට පත් භූත සිටුකුමරු සාකේත නුවර වෙසෙන කල්හි, උපාසකවරුන් සමඟ විහාරයට ගොස් ශාස්තෲන් වහන්සේ වෙතින් ධර්මය අසා ලැබූ ශ්‍රද්ධාවෙන් පැවිදි විය. අජකරණී නම් නදී තෙර වූ ලෙනෙහි විසූ භූත හිමියෝ විදසුනෙහි සිත පිහිටුවා නොබෝ කලකින්ම රහත් වූහ. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ වදාළහ.

“උසභං පවරං වීරං, මහෙසිං විජිතාවිනං; සුවණ‍්ණවණ‍්ණං සම‍්බුද‍්ධං, කො දිස‍්වා නප‍්පසීදති.

“ශ්‍රේෂ්ඨ වූ උතුම් වූ වීර වූ මහර්ෂී වූ කෙලෙස් සතුරන් ජය ගත්තා වූ රන්වන් බුදුපියාණන් වහන්සේ දැක කවරෙකු නම් නොපහදී ද?

“හිමවා වාපරිමෙය්‍යො, සාගරොව දුරුත‍්තරො; තථෙව ඣානං බුද‍්ධස‍්ස, කො දිස‍්වා නප‍්පසීදති.

ප්‍රමාණ කළ නොහැකි හිමවත් පවුව බඳු, තරණය කළ නොහැකි සාගරය බඳු බුදුරජාණන් වහන්සේගේ ධ්‍යානය ද අපමණය. උන්වහන්සේ දැක කවරකු නොපහදී ද?

“වසුධා යථාප‍්පමෙය්‍යා, චිත‍්තා වනවටංසකා; තථෙව සීලං බුද‍්ධස‍්ස, කො දිස‍්වා නප‍්පසීදති.

විසිතුරු වන ආරාම නම් මුදුන් මල් කඩ ඇති මහපොළොව ප්‍රමාණ කළ නොහැකි මෙන් බුදුරජාණන් වහන්සේගේ ශීලය ද ප්‍රමාණ කළ නොහැක. උන්වහන්සේ දැක කවරෙකු නොපහදී ද?

“අනිලඤ‍්ජසාසඞ‍්ඛුබ‍්භො , යථාකාසො අසඞ‍්ඛියො; තථෙව ඤාණං බුද‍්ධස‍්ස, කො දිස‍්වා නප‍්පසීදති.

නොකැළඹිය හැකි සයුර යම් සේ ද පමණ කළ නොහැකි අහස යම් සේ ද බුදුරජාණන් වහන්සේගේ ඤාණයද එසේමය. උන්වහන්සේ දැක කවරෙකු නොපහදී ද?”

“ඉමාහි චතුගාථාහි, බ්‍රාහ‍්මණො සෙනසව‍්හයො; බුද‍්ධසෙට‍්ඨං ථවිත්‍වාන, සිද‍්ධත්‍ථං අපරාජිතං.

“මෙම ගාථා සතර පවසමින් සේන බමුණා පස්මරුන් දිනූ සිද්ධත්‍ථ නම් බුදුරජාණන් වහන්සේට ස්තූති කළේය.

“චතුන‍්නවුතිකප‍්පානි, දුග‍්ගතිං නුපපජ‍්ජථ; සුගතිං සුඛසම‍්පත‍්තිං, අනුභොසිමනප‍්පකං.

ඒ පින්කමේ විපාක වශයෙන් අනූහතර කල්පයක් පුරා, දුගතියක නූපන් මම කාම සුගතීන්හි බොහෝ සම්පත් වින්දෙමි. බුදුරදුන්ට පැසසීමෙහි විපාක මෙබඳුය.

“චතුන‍්නවුතිතො කප‍්පෙ, ථවිත්‍වා ලොකනායකං; දුග‍්ගතිං නාභිජානාමි, ථොමනාය ඉදං ඵලං.

“චාතුද‍්දසම‍්හි කප‍්පම‍්හි, චතුරො ආසුමුග‍්ගතා; සත‍්තරතනසම‍්පන‍්නා, චක‍්කවත‍්තී මහබ‍්බලා.

මීට කල්ප දාහතරකට පෙරදී සත් රුවනින් යුතු මහත් බලසම්පන්න උග්ගත නම් සක්විති රජවරු සිවුදෙනෙක්ව උපන්නෙමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”

අරහත‍්තං පන පත්‍වා අපරෙන සමයෙන ඤාතීනං අනුකම‍්පාය සාකෙතං ගන‍්ත්‍වා කතිපාහං තෙහි උපට‍්ඨියමානො අඤ‍්ජනවනෙ වසිත්‍වා පුන අත‍්තනා වසිතට‍්ඨානමෙව ගන‍්තුකාමො ගමනාකාරං දස‍්සෙසි. ඤාතකා “ඉධෙව, භන‍්තෙ, වසථ, තුම‍්හෙපි න කිලමිස‍්සථ, මයම‍්පි පුඤ‍්ඤෙන වඩ‍්ඪිස‍්සාමා”ති ථෙරං යාචිංසු. ථෙරො අත‍්තනො විවෙකාභිරතිං තත්‍ථ ච ඵාසුවිහාරං පකාසෙන‍්තො –

රහත් බවට පත්වූ භූත තෙරණුවෝ පසුව ඥාතීන් කෙරෙහි අනුකම්පාවෙන් සාකේත නුවරට වැඩමවා, ඒ ඥාතීන්ගේ උපස්ථාන ලැබ, අඤ්ජන වනයේ විසූහ. පසුව තමන්වහන්සේ මුලින් සිටි තැනටම යනු කැමති වූහ. නෑයෝ, “ස්වාමීනි, මෙහිම වෙසෙනු මැනවි. එවිට ඔබවහන්සේ ද නොවෙහෙසේ. අපි ද පිනින් වැඩෙන්නෙමු”යි තෙරුන්ට එහි වසන ලෙස ආරාධනා කළහ. තෙරණුවෝ තමාගේ විවේකයේ ඇලුණු සිතත්, නගරයෙහි විසීම අපහසුබවත් ප්‍රකාශ කරමින් මේ ගාථා නවය දෙසූහ.

“යදා දුක‍්ඛං ජරාමරණන‍්ති පණ‍්ඩිතො, අවිද‍්දසූ යත්‍ථ සිතා පුථුජ‍්ජනා; දුක‍්ඛං පරිඤ‍්ඤාය සතොව ඣායති, තතො රතිං පරමතරං න වින්‍දති.

“යදා දුක්ඛං ජරාමරණන්ති පණ්ඩිතො - අවිද්දසු යත්‍ථ සිතා පුථුජ්ජනා, දුක්ඛං පරිඤ්ඤාය සතොව ඣායති - තතො රතිං පරමතරං න වින්‍දති”

“යදා දුක‍්ඛස‍්සාවහනිං විසත‍්තිකං, පපඤ‍්චසඞ‍්ඝාතදුඛාධිවාහිනිං; තණ‍්හං පහන‍්ත්‍වාන සතොව ඣායති, තතො රතිං පරමතරං න වින්‍දති.

“යදා දුක්ඛස්සාවහනිං විසත්තිකං - පපඤ්චසංඝාට දුක්ඛාධිවාහිනිං, තණ්හං පහත්‍වාන සතොව ඣායති - තතො රතිං පරමතරං න වින්‍දති”

“යදා සිවං ද‍්වෙචතුරඞ‍්ගගාමිනං, මග‍්ගුත‍්තමං සබ‍්බකිලෙසසොධනං; පඤ‍්ඤාය පස‍්සිත්‍ව සතොව ඣායති, තතො රතිං පරමතරං න වින්‍දති.

“යදා සිවං දෙව චතුරංගගාමිනං - මග්ගුත්තමං සබ්බකිලෙසසොධනං, පඤ්ඤාය පස්සිත්‍වා සතොව ඣායති - තතො රතිං පරමතරං න වින්‍දති”

“යදා අසොකං විරජං අසඞ‍්ඛතං, සන‍්තං පදං සබ‍්බකිලෙසසොධනං; භාවෙති සඤ‍්ඤොජනබන්‍ධනච‍්ඡිදං, තතො රතිං පරමතරං න වින්‍දති.

“යදා අසොකං විරජං අසංඛතං - සන්තං පදං සබ්බකිලෙස සොධනං, භාවෙති සංයෝජනබන්‍ධනච්ඡිදං - තතො රති පරමතරං න වින්‍දති”

“යදා නභෙ ගජ‍්ජති මෙඝදුන්‍දුභි, ධාරාකුලා විහගපථෙ සමන‍්තතො; භික‍්ඛූ ච පබ‍්භාරගතොව ඣායති, තතො රතිං පරමතරං න වින්‍දති.

“යදා නභෙ ගජ්ජති මෙඝදුන්‍දුභි - ධාරාකුලා විහඟපථෙ සමන්තතො, භික්ඛූ ච පබ්භාරගතො’ව ඣායති - තතො රතිං පරමතරං න වින්‍දති”

“යදා නදීනං කුසුමාකුලානං, විචිත‍්ත-වානෙය්‍ය-වටංසකානං; තීරෙ නිසින‍්නො සුමනොව ඣායති, තතො රතිං පරමතරං න වින්‍දති.

“යදා නදීනං කුසුමාකුලානං - විචිත්තවානෙය්‍යවටංසකානං, තීරෙ නිසින්නො සුමණො’ව ඣායති - තතො රතිං පරමතරං න වින්‍දති”

“යදා නිසීථෙ රහිතම‍්හි කානනෙ, දෙවෙ ගළන‍්තම‍්හි නදන‍්ති දාඨිනො; භික‍්ඛූ ච පබ‍්භාරගතොව ඣායති, තතො රතිං පරමතරං න වින්‍දති.

“යදා නිසීථෙ රහිතම්හි කානනෙ - දෙවෙ ගළන්තම්හි නදන්ති දාඨිනො, භික්ඛු ච පබ්භාරගතොව ඣායති - තතො රතිං පරමතරං න වින්‍දති”

“යදා විතක‍්කෙ උපරුන්‍ධියත‍්තනො, නගන‍්තරෙ නගවිවරං සමස‍්සිතො; වීතද‍්දරො වීතඛිලොව ඣායති, තතො රතිං පරමතරං න වින්‍දති.

“යදා විතක්කෙ උපරුන්‍ධියත්තනො - නගන්තරෙ නගවිවරං සමස්සිතො, වීතද්දරො විගතඛිලො’ව ඣායති - තතො රතිං පරමතරං න වින්‍දති”

“යදා සුඛී මලඛිලසොකනාසනො, නිරග‍්ගළො නිබ‍්බනථො විසල‍්ලො; සබ‍්බාසවෙ බ්‍යන‍්තිකතොව ඣායති, තතො රතිං පරමතරං න වින්‍දතී”ති. – ඉමා ගාථා අභාසි;

“යදා සුඛී මලඛීලසොකනාසනො, නිරග්ගළො නිබ්බනථො විසල්ලො, සබ්බාසවෙ ව්‍යන්තිකතො’ව ඣායති, තතො රතිං පරමතරං න වින්‍දති”

තත්‍ථායං පදයොජනාමුඛෙන පඨමගාථාය අත්‍ථවණ‍්ණනා – ඛන්‍ධානං පරිපාකො ජරා. භෙදො මරණං. ජරාමරණසීසෙන චෙත්‍ථ ජරාමරණවන‍්තො ධම‍්මා ගහිතා. “තයිදං ජරාමරණං දුක‍්ඛ”න‍්ති අවිද‍්දසූ යථාභූතං අජානන‍්තා පුථුජ‍්ජනා යත්‍ථ යස‍්මිං උපාදානක‍්ඛන්‍ධපඤ‍්චකෙ සිතා පටිබන්‍ධා අල‍්ලීනා, තං “ඉදං දුක‍්ඛං, එත‍්තකං දුක‍්ඛං, න ඉතො භිය්‍යො”ති විපස‍්සනාපඤ‍්ඤාසහිතාය මග‍්ගපඤ‍්ඤාය පරිජානිත්‍වා, ඉධ ඉමස‍්මිං සාසනෙ සතො සම‍්පජානො, පණ‍්ඩිතො භික‍්ඛු, යදා යස‍්මිං කාලෙ ලක‍්ඛණූපනිජ‍්ඣානෙන ඣායති. තතො විපස‍්සනාරතිතො මග‍්ගඵලරතිතො ච පරමතරං උත‍්තමතරං රතිං න වින්‍දති නප‍්පටිලභති. තෙනාහ භගවා –

එහි පදයන්ගේ අර්ථ දැක්වීම මෙසේය. පළමු ගාථාවේ අර්ථ මෙසේය. ස්කන්‍ධයන්ගේ මුහුකුරායෑම “ජරා” නම් වේ. ස්කන්‍ධයන්ගේ බිඳී යෑම “මරණ” යයි. මෙහි ජරාමරණ ශීර්ෂයෙන් ජරාමරණයන්ට පත්වීම අදහස් වේ. “ජරාමරණ දෙක දුකකි”යි අඥාන බැවින් තත්ත්‍වාකාරයෙන් නොදන්නා වූ පුහුදුන් පුද්ගලයා යම් පංචස්කන්‍ධයක් දැඩිව ගෙන, එහි ඇලී සිටින්නේ ද, “එයම දුකය. උපාදාන පංචස්කන්‍ධයෙන් බැහැර වෙනත් දුකක් නැත” යනුවෙන් විදර්ශනා ප්‍රඥා සහිත මාර්ග ප්‍රඥාවෙන් පිරිසිඳ දත් මේ සසුනෙහි පැවිදි වූ සිහියෙන් යුතු නුවණැති භික්‍ෂුව යම් කලෙක ලක්‍ෂණ සලකා බලමින්, මෙනෙහි කරමින් ධ්‍යාන කරන්නේ ද උන්වහන්සේ; ඒ විදර්ශනා රතියටත් මාර්ගඵල රතියටත් ඉතා වැඩි වූ රතියක් නොලබයි. නොවිඳියි.” භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේ එබැවිනි.

“යතො යතො සම‍්මසති, ඛන්‍ධානං උදයබ‍්බයං; ලභතී පීතිපාමොජ‍්ජං, අමතං තං විජානතං.

“යතො යතො සම්මසති ඛන්‍ධානං උදයව්‍යයං, ලභතී පීතිපාමොජ්ජං අමතං තං විජානතං”

“පඨබ්‍යා එකරජ‍්ජෙන, සග‍්ගස‍්ස ගමනෙන වා; සබ‍්බලොකාධිපච‍්චෙන, සොතාපත‍්තිඵලං වර”න‍්ති. (ධ· ප· 374, 178);

“පථව්‍යා එකරජ්ජෙන සග්ගස්ස ගමනෙන වා, සබ්බලොකාධිපච්චෙන සොතාපත්ති ඵලං වරං” තී.

ස්කන්ධයන්ගේ ඉපදීම හා නැතිවීම යම් යම් සේ සන්සිඳෙත් ද ඒ ඒ පමණට ප්‍රීති ප්‍රමෝදය ලබයි. ඒ අමාමහ නිවන් සැප ලබයි. පෘථිවියේම පාලකයා හෙවත් සක්විති රජකුවීමටත් වඩා, දෙව්ලොව යෑමටත් වඩා, මුලු ලොවටම අධිපතිවීමටත් වඩා සෝවාන් ඵලය උතුම් වේ.

එවං පරිඤ‍්ඤාභිසමයමුඛෙන විවෙකරතිං දස‍්සෙත්‍වා ඉදානි පහානාභිසමයාදිමුඛෙනපි තං දස‍්සෙතුං දුතියාදිකා තිස‍්සො ගාථා අභාසි. තත්‍ථ දුක‍්ඛස‍්සාවහනින‍්ති දුක‍්ඛස‍්ස ආයතිං පවත‍්තිං, දුක‍්ඛස‍්ස නිප‍්ඵත‍්තිකන‍්ති අත්‍ථො. විසත‍්තිකන‍්ති තණ‍්හං. සා හි විසතාති විසත‍්තිකා, විසාලාති විසත‍්තිකා, විසටාති විසත‍්තිකා, විසක‍්කතීති විසත‍්තිකා, විසං හරතීති විසත‍්තිකා, විසංවාදිකාති විසත‍්තිකා, විසමූලාති විසත‍්තිකා, විසඵලාති විසත‍්තිකා, විසපරිභොගාති විසත‍්තිකා, විසාලා වා පන සා තණ‍්හා රූපෙ සද‍්දෙ ගන්‍ධෙ රසෙ ඵොට‍්ඨබ‍්බෙ ධම‍්මෙ කුලෙ ගණෙ විත්‍ථටාති විසත‍්තිකාති වුච‍්චති. පපඤ‍්චසඞ‍්ඝාතදුඛාධිවාහිනින‍්ති සත‍්තසන‍්තානං සංසාරෙ පපඤ‍්චෙන‍්ති විත්‍ථාරෙන‍්තීති පපඤ‍්චා, රාගාදයො මානාදයො ච. තෙ එව පවත‍්තිදුක‍්ඛස‍්ස සඞ‍්ඝාතට‍්ඨෙන සඞ‍්ඝාතා, සදරථපරිළාහසභාවත‍්තා දුක‍්ඛඤ‍්චාති පපඤ‍්චසඞ‍්ඝාතදුඛං, තස‍්ස අධිවාහතො නිබ‍්බත‍්තනතො පපඤ‍්චසඞ‍්ඝාතදුඛාධිවාහිනී. තං තණ‍්හං පහන‍්ත්‍වානාති අරියමග‍්ගෙන සමුච‍්ඡින්‍දිත්‍වා.

මෙසේ පිරිසිඳ දැනගැනීම් වශයෙන් නිවණෙහි ඇලුණු බව දක්වා, පසුව ප්‍රහාණය කිරීම් වශයෙන් එය දැක්වීමට දෙවන, තෙවන, සිවුවන ගාථා තුන වදාළහ. එහි “දුක්ඛස්සාවහනිං” දුක අනාගතයේ පැවැතීම, දුකෙහි හටගැනීම ඇතිකරන. “විසත්තිකං” තණ්හාවයි. එය පැතිරයන බැවින් “විසත්තික” නම් වේ. විෂ වේ. “නිවණට විෂ වේ.” යන අරුතින් “විසත්තික” නම් වේ. විෂ පෝෂණය කරන බැවින් “විසත්තික” නම් වේ. විෂ ගෙනයයි යන අරුතින් ද “විසත්තික” නම් වේ. විෂ වූ මුල් ඇති බැවින් ද විෂ පලාගිය බැවින් ද විෂ වූ පරිභෝග ඇති බැවින් ද ඒ රූප, ශබ්ද, ගන්‍ධ, රස, ස්පර්ශ යන පංචාරම්මණයන්හි විපරීතව පැතිර ගිය බැවින් ද තෘෂ්ණාව “විසත්තිකා” නම් වේ. “පපඤ්චසංඝාටදුක්ඛාධිවාහිනිං” “සත්‍ව සන්තානයන්ගේ රාග මානාදී වශයෙන් සංසාරිකව ප්‍රපංචකරයි, පතුරුවයි.” යන අරුතින් ප්‍රපංච නම් වූ රාගාදිය ද මානාදිය ද, ඒවායෙහි ම පවත්නා දුක සමඟ එකට යෙදේ. ගැටෙයි යන අරුතින් “සංඝාට” නම් වූ දැවීම් පිරිතැවීම් ස්වභාවය කරගත් දුක “පපඤ්චසංඝාටදුක්ඛං” නම් වේ. ඒ දුක ප්‍රහාණය නොකර තව තවත් උපදවන බැවින් ඒ තණ්හාව “පපඤ්චසංඝාටදුක්ඛාධිවාහිනිං” නම් වේ. “පහත්‍වාන” ආර්ය මාර්ගයෙන් මුලිනුපුටා දමා.

සිවන‍්ති ඛෙමං, අඛෙමකරානං කිලෙසානං සමුච‍්ඡින්‍දනෙන තෙහි අනුපද‍්දුතන‍්ති අත්‍ථො. සම‍්මාදිට‍්ඨිආදීනං වසෙන ද‍්විචතුරඞ‍්ගො හුත්‍වා අරියෙ නිබ‍්බානං ගමෙතීති ද‍්වෙචතුරඞ‍්ගගාමිනං, ගාථාසුඛත්‍ථඤ‍්චෙත්‍ථ විභත‍්තිඅලොපො කතොති දට‍්ඨබ‍්බං. රූපූපපත‍්තිමග‍්ගාදීසු සබ‍්බෙසු මග‍්ගෙසු උත‍්තමත‍්තා මග‍්ගුත‍්තමං. තෙනාහ භගවා – “මග‍්ගානට‍්ඨඞ‍්ගිකො සෙට‍්ඨො”තිආදි (ධ· ප· 273). සබ‍්බෙහි කිලෙසමලෙහි සත‍්තානං සොධනතො සබ‍්බකිලෙසසොධනං. පඤ‍්ඤාය පස‍්සිත්‍වාති පටිවෙධපඤ‍්ඤාය භාවනාභිසමයවසෙන අභිසමෙච‍්ච.

“සිවං” ක්‍ෂේම වූ. ශාන්ත නොවූ කෙලෙස් මුලිනුපුටා දැමූ හෙයින් නිර්භය ස්ථානයක් වූ, සම්මාදිට්ඨි ආදී වශයෙන් සතරේ කොටස් දෙකක් වූ (අංග අටක් වූ) ආර්ය නිර්වාණය ගෙන දෙන්නා වූ “ද්වෙචතුරංගගාමිනං” ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය. ගාථාව සුඛෝච්චාරණය සඳහා මෙහිදී විභක්තිය ලොප් නොකළ බව දත යුතුයි. රූප අරූප ලෝක උත්පත්ති ගෙන දෙන සියලු මාර්ගයන් අතර උතුම් වූ මාර්‍ගය “මග්ගුත්තමං” වූ. භාග්‍යවතුන් වහන්සේ “මාර්ග අතුරින් අරි අටඟිමග’ම ශ්‍රේෂ්ඨ වේ” යැයි වදාළ බැවින්. සියලු කෙලෙස් මලයන්ගෙන්, කිලිටිවලින් සත්ත්‍වයන් සෝදා පවිත්‍ර කරන බැවින් “සබ්බකිලෙසසොධනං” නම් වූ. ප්‍රඥාවෙන් දැක “පඤ්ඤාය පස්සිත්‍වා” ප්‍රතිවේධ ප්‍රඥාව වැඩීමෙන්, ශෝක හේතුන් මනාව අවබෝධ කරගෙන,

සොකහෙතූනං අභාවතො පුග‍්ගලස‍්ස ච සොකාභාවහෙතුතො නත්‍ථි එත්‍ථ සොකොති අසොකං. තථා විගතරාගාදිරජත‍්තා විරජං. න කෙනචි පච‍්චයෙන සඞ‍්ඛතන‍්ති අසඞ‍්ඛතං. සබ‍්බෙසං කිලෙසානං සබ‍්බස‍්ස ච දුක‍්ඛස‍්ස වූපසමභාවතො, සංසාරදුක‍්ඛද‍්දිතෙහි පජ‍්ජිතබ‍්බතො අධිගන‍්තබ‍්බතො ච සන‍්තං පදං. සබ‍්බෙහි කිලෙසමලෙහි සත‍්තසන‍්තානස‍්ස සොධනනිමිත‍්තතො සබ‍්බකිලෙසසොධනං. භාවෙතීති සච‍්ඡිකිරියාභිසමයවසෙන අභිසමෙති. බහුක‍්ඛත‍්තුඤ‍්හි නිබ‍්බානං ආරබ‍්භ සච‍්ඡිකිරියාභිසමයං පවත‍්තෙන‍්තස‍්ස ආලම‍්බකෙ ලබ‍්භමානවිසෙසකං ආලම‍්බිතබ‍්බෙ ආරොපෙත්‍වා එවං වුත‍්තං. සංයොජනසඞ‍්ඛාතානං බන්‍ධනානං ඡෙදනතො සංයොජනබන්‍ධනච‍්ඡිදං. නිමිත‍්තඤ‍්හෙත්‍ථ කත‍්තුභාවෙන උපචාරිතං, යථා අරියභාවකරානි සච‍්චානි අරියසච‍්චානීති. යථා පුරිමගාථාසු යදා ඣායති, තදා තතො රතිං පරමතරං න වින්‍දතීති යොජනා. එවං ඉධ යදා භාවෙති, තදා තතො රතිං පරමතරං න වින්‍දතීති යොජනා.

ශෝක හේතු නැතිකල බැවින් පුද්ගලයාගේ ශෝක නොකරන බව. මෙහි ශෝකයක් නැත යන අරුතින් “අසොකං” නම් වූ. එසේම පහවූ රාගාදී රජස් ඇති. “විරජං” කිසිම හේතු ප්‍රත්‍යයකින් නොසෑදුණු බැවින් “අසංඛතං” නම් වූ. සියලු කෙලෙසුන් ද සියලු දුක් ද සන්සිඳුවන බැවින්, සංසාර දුක්ඛයන්ගේ පෙළීම් දුරු කරන බැවින්, ශාන්ත වූ නිවන් පදයට පමුණුවන බැවින්, සංසාර දුක්ඛයන්ගේ පෙළීම් දුරුකරන බැවින්, ශාන්ත වූ නිවන් පදයට පමුණුවන බැවින්, සත්ත්‍වයන් චිත්ත සන්තානයන් සියලු කෙලෙසුන්ගෙන් සෝදා හැරීමට උපකාරීවන බැවින් “සබ්බකිලෙසසොධනං” නම් වූ, “භාවෙති” සාක්‍ෂාත් කර ගැනීම, අවබෝධ කරගැනීම සඳහා බොහෝ වරක් උත්සාහ කිරීමයි. නොලැබූ විශේෂාධිගමයන් ලැබීම සඳහා වූ නිවන් නොදැක පුහුදුන් කාලයේ සිටි අවස්ථාව අරඹයා මෙය කියන ලදි. සංයෝජන නම් වූ බන්‍ධන සිඳ දමන්නා වූ, ඊට උපකාර වූ, නිමිති “සංයොජනබන්‍ධනච්ඡිදං” නිවණ මෙහිදී කර්තෘභාවයෙන් දක්වයි. “ආර්යභාවය ඇති කරන බැවින්,” “ආර්යත්ත්‍වයට හේතුවන බැවින්”. යම් සේ මුල් ගාථාවෙහි, “යම් කලෙක ධ්‍යාන වඩත් ද එකල “ලැබෙන රතිය හා සමාන වින්දනයක් වෙන කිසිවක ඇලීමෙන් නොලැබේ ද, මේ ආර්ය මාර්ග වඩන කල්හි ද ඊට වැඩි වූ උතුම් වූ රතියක් නොමැත” යනුවෙන් සිදුවන ගාථාවේ අර්ථ ගත යුතුය.

එවං ථෙරො චතූහි ගාථාහි අත‍්තානං අනුපනෙත්‍වාව චතුසච‍්චපටිවෙධකිත‍්තනෙන අඤ‍්ඤං බ්‍යාකරිත්‍වා ඉදානි අත‍්තනා වසිතට‍්ඨානස‍්ස විවිත‍්තභාවෙන ඵාසුතං දස‍්සෙන‍්තො “යදා නභෙ”තිආදිකා ගාථා අභාසි. තත්‍ථ නභෙති ආකාසෙ. සිනිද‍්ධගම‍්භීරනිග‍්ඝොසතාය මෙඝොයෙව දුන්‍දුභි මෙඝදුන්‍දුභි. සමන‍්තතො පග‍්ඝරන‍්තීහි ධාරාහි ආකුලාති ධාරාකුලා. විහගානං පක‍්ඛීනං ගමනමග‍්ගත‍්තා විහගපථෙ නභෙති යොජනා. තතොති ඣානරතිතො.

තෙරුන් වහන්සේ මෙසේ ගාථා සතරකින් තමන් වහන්සේ චතුරාර්ය සත්‍යාවබෝධයට නොපැමිණි කාලයේ දී ක්‍රියාකළ අයුරු දක්වා, සිය රහත් බව ප්‍රකාශ කළ සේක්, ඉන්පසුව තමන් වහන්සේ වාසය කරන තැන සුවපහසු බව “යදානභෙ” යනුවෙන් දක්වයි. එහි “නභෙ” යනු අහසේ, සිනිඳු ගැඹුරු හඬ පතුරන බැවින් මේඝ ගර්ජනාවම දිව්‍යබෙරයක් වැනිය. හාත්පසින්ම වැසිදහර වගුරුවන, වැසිදහරින් ගැවසුණු බැවින් “ධාරාකුලා” පක්‍ෂීන්ගේ ගමන් මඟ බැවින් අහසට “විහඟපථෙ” යන නම යෙදේ. “තතො” ඒ ධ්‍යානයන්හි ඇලීමෙන්,

කුසුමාකුලානන‍්ති තරූහි ගළිතකුසුමෙහි සමොහිතානං. විචිත‍්තවානෙය්‍යවටංසකානන‍්ති වනෙ ජාතත‍්තා වානෙය්‍යානි වනපුප‍්ඵානි, විචිත‍්තානි වානෙය්‍යානි වටංසකානි එතාසන‍්ති විචිත‍්තවානෙය්‍යවටංසකා නදියො, තාසං නානාවිධවනපුප‍්ඵවටංසකානන‍්ති අත්‍ථො. උත‍්තරිමනුස‍්සධම‍්මවසෙන සුන්‍දරො මනො එතස‍්සාති සුමනො ඣායති.

“කුසුමාකුලානං” ගස්වලින් ගිලිහී වැටුණු මල්වලින් ගැවසුණු. “විචිත්තවානෙය්‍යවටංසකානං” වනයේ හටගත් බැවින් “වානෙය්‍ය” නම් වේ. ඉතා විසිතුරු මුදුන් මල් කඩක් බඳු වන මල් සමූහ ඇති. “විචිත්තවානෙය්‍යවටංසකා” නම් වේ. ඒ නානාවිධ වන මලින් ගැවසීගත්තා වූ යන අර්ථයයි. උතුරු මිනිස් දහම් වශයෙන් සුන්දර වූ මනසක් ඇතිව “සුමනො” ධ්‍යාන වඩයි.

නිසීථෙති රත‍්තියං. රහිතම‍්හීති, ජනසම‍්බාධවිරහිතෙ විවිත‍්තෙ. දෙවෙති මෙඝෙ. ගළන‍්තම‍්හීති වුට‍්ඨිධාරායො පග‍්ඝරන‍්තෙ වස‍්සන‍්තෙ. දාඨිනොති සීහබ්‍යග‍්ඝාදයො පටිපක‍්ඛසත‍්තා. තෙ හි දාඨාවුධාති “දාඨිනො”ති වුච‍්චන‍්ති, නදන‍්ති දාඨිනොති ඉදම‍්පි ජනවිවෙකදස‍්සනත්‍ථමෙව ගහිතං.

“නිසීථෙ” යනු රාත්‍රියේ “රහිතම්හි” ජන සමූහයෙන් තොර වූ, විසිතුරු වූ, “දෙවෙ” වැසිවස්නා කල්හි “ගලන්තම්හි” වැසිදහරා වගුරුවමින් වැසිවස්වන කල්හි. “දාඨිනො” සිහ, වග, වලස් ආදීහු. ඉතා දරුණු සත්ත්‍වයෝ උල් දත්වලින් ආහාර කඩා කන බැවින් “දාඨිනො” නම් වේ. “නදන්ති දාඨිනො” යන මෙය ජනයා ශූන්‍ය බව දැක්වීමටම යොදන ලද්දකි.

විතක‍්කෙ උපරුන්‍ධියත‍්තනොති අත‍්තසන‍්තානපරියාපන‍්නතාය අත‍්තනො කාමවිතක‍්කාදිකෙ මිච‍්ඡාවිතක‍්කෙ පටිපක‍්ඛබලෙන නිසෙධෙත්‍වා. අත‍්තනොති වා ඉදං වින්‍දතීති ඉමිනා යොජෙතබ‍්බං “තතො රතිං පරමතරං අත‍්තනා න වින්‍දතී”ති. නගන‍්තරෙති පබ‍්බතන‍්තරෙ. නගවිවරන‍්ති පබ‍්බතගුහං පබ‍්භාරං වා. සමස‍්සිතොති නිස‍්සිතො උපගතො. වීතද‍්දරොති විගතකිලෙසදරථො. වීතඛිලොති පහීනචෙතොඛිලො.

“විතක්කෙ උපරුන්‍ධියත්තනො” තමාගේ සන්තානයේ ඇතුලත් වූ කාමාදී මිථ්‍යා විතර්කයන්, ඊට ප්‍රතිවිරුද්ධ සිත් වැඩීමෙන් මැඬපවත්වා, “අත්තනො”, “තමාගේ” යැයි හෝ “මෙය හිඳියි” යනුවෙන් අර්ත ගෙන යෙදිය යුතුයි. ඊට වැඩි ශ්‍රේෂ්ඨම වූ සැපයක් තමා විසින් නොවිඳියි. “නගන්තරෙ” පර්වත අතර දී. “නාගවිවරං” පර්වත ගුහා, ගල් ගුහා. “සමස්සිතො” ඇසුරු කළේ, ඒවායේ වෙසෙනුයේ “විතද්දරෙ” දුරු කළ කෙලෙස් දැවීම් ඇත්තේ. “විගතඛීලො” ප්‍රහීණ කළ සිතේ කරදර ඇතිව.

සුඛීති ඣානාදිසුඛෙන සුඛිතො. මලඛිලසොකනාසනොති රාගාදීනං මලානං පඤ‍්චන‍්නඤ‍්ච චෙතොඛිලානං ඤාතිවියොගාදිහෙතුකස‍්ස සොකස‍්ස ච පහායකො. නිරග‍්ගළොති, අග‍්ගළං වුච‍්චති අවිජ‍්ජා නිබ‍්බානපුරපවෙසනිවාරණතො, තදභාවතො නිරග‍්ගළො. නිබ‍්බනථොති නිතණ‍්හො. විසල‍්ලොති, විගතරාගාදිසල‍්ලො. සබ‍්බාසවෙති, කාමාසවාදිකෙ සබ‍්බෙපි ආසවෙ. බ්‍යන‍්තිකතොති බ්‍යන‍්තිකතාවී අරියමග‍්ගෙන විගතන‍්තෙ කත්‍වා ඨිතො දිට‍්ඨධම‍්මසුඛවිහාරත්‍ථං යදා ඣායති, තතො ඣානරතිතො පරමතරං රතිං න වින්‍දතීති යොජනා. එවං පන වත්‍වා ථෙරො අජකරණීතීරමෙව ගතො.

“සුඛී” ධ්‍යානාදී සුවයෙන් සුවපත් වූයේ. “මල ඛිල සොකනාසනො” රාගාදී පංචමලයන්, සිතේ දුක් කරදර, ඤාති වියෝගාදිය නිසා ඇතිවන ශෝකය දුරු කලේ. “නිරග්ගලො” අග්ගල යනු අවිද්‍යාවයි. නිවන් නම් පුරයට පිවිසීම වළකන අඟුල අවිද්‍යාවයි. ඒ අවිද්‍යාව නැති පුද්ගලයා “නිරග්ගල” නම් වේ. “නිබ්බනථො” තණ්හා රහිතව. “විසල්ලො” දුරු වූ රාගාදී හුල් ඇතිව. “සබ්බාසවෙ” කාමාශ්‍රවාදී සියලුම ආශ්‍රව. “ව්‍යන්තීකතො’ව” දුරු කරන ලදුව, ආර්ය මාර්ගයෙන් දුරුකර, ලැබූ දිට්ඨධම්ම (මෙලොවම ලැබූ) සුඛ විහරණයෙන් යුතුව ධ්‍යාන කරන කල්හි. ඒ ධ්‍යාන සුවයට වඩා ශ්‍රේෂ්ඨ වූ රතියක්, සුවයක් නොවිඳිමි. මෙසේ තම ඥාතීන්ට වදාළ තෙරුන් වහන්සේ අජකරණී නදී තීරයටම වැඩම කළ සේක.

භූතත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

භූත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.

නවකනිපාතවණ‍්ණනා නිට‍්ඨිතා.

නවවෙනි නිපාත අර්ථ වර්ණනාව සමාප්තයි.