යෙදුමෙන් කියවන්න

මහාපන්‍ථකත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

මහාපන්‍ථකත්‍ථෙරගාථාවණ‍්ණනා

මහාපන්‍ථක ස්ථවිරගාථා වර්ණනාව

යදා පඨමමද‍්දක‍්ඛින‍්තිආදිකා ආයස‍්මතො මහාපන්‍ථකත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයං කිර පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ හංසවතීනගරෙ විභවසම‍්පන‍්නො කුටුම‍්බියො හුත්‍වා එකදිවසං සත්‍ථු සන‍්තිකෙ ධම‍්මං සුණන‍්තො සත්‍ථාරං එකං භික‍්ඛුං සඤ‍්ඤාවිවට‍්ටකුසලානං අග‍්ගට‍්ඨානෙ ඨපෙන‍්තං දිස‍්වා සයම‍්පි තං ඨානන‍්තරං පත්‍ථෙන‍්තො බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස සත‍්තාහං මහාදානං පවත‍්තෙත්‍වා, “භන‍්තෙ, යං භික‍්ඛුං තුම‍්හෙ ඉතො සත‍්තදිවසමත්‍ථකෙ – ‘සඤ‍්ඤාවිවට‍්ටකුසලානං අයං මම සාසනෙ අග‍්ගො’ති එතදග‍්ගෙ ඨපයිත්‍ථ, අහම‍්පි ඉමස‍්ස අධිකාරකම‍්මස‍්ස බලෙන සො භික‍්ඛු විය අනාගතෙ එකස‍්ස බුද‍්ධස‍්ස සාසනෙ අග‍්ගො භවෙය්‍ය”න‍්ති පත්‍ථනං අකාසි. කනිට‍්ඨභාතා පනස‍්ස තථෙව භගවති අධිකාරකම‍්මං කත්‍වා මනොමයස‍්ස කායස‍්සාභිනිම‍්මානං චෙතොවිවට‍්ටකොසල‍්ලන‍්ති ද‍්වින‍්නං අඞ‍්ගානං වසෙන වුත‍්තනයෙනෙව පණිධානං අකාසි. භගවා ද‍්වින‍්නම‍්පි පත්‍ථනං අනන‍්තරායෙන සමිජ‍්ඣනභාවං දිස‍්වා “අනාගතෙ කප‍්පසතසහස‍්සමත්‍ථකෙ ගොතමස‍්ස නාම සම‍්මාසම‍්බුද‍්ධස‍්ස සාසනෙ තුම‍්හාකං පත්‍ථනා සමිජ‍්ඣිස‍්සතී”ති බ්‍යාකාසි.

“යදා පඨමමද්දක්ඛිං” යනු ආයුෂ්මත් මහාපන්‍ථක තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී හංසවතී නුවර මහත් ධනවත් කෙළෙඹි පුත්‍රයෙක්ව ඉපදුනහ. දිනක් ශාස්තෲන් වහන්සේගෙන් ධර්මය අසමින් සිටි ඔහු; ශාස්තෲන් වහන්සේ විසින් එක් භික්‍ෂුවක් අරූප ධ්‍යානයෙන් නැගිට රහත්වූවන්ගෙන් අග්‍රභාවයෙහි තබනු දැක, එම තනතුරම පතා බුදුපාමොක් මහ සඟනට සතියක් මහ දන් දී “පෙර යම් භික්‍ෂුවක් අරූපධ්‍යානයට සමවැදීමේ සමත් භික්‍ෂූන්ගෙන් අග්‍රස්ථානයෙහි තැබූ සේක් ද මම ද අනාගතයේ බුදුසසුනකදී එම තනතුරම ලබම්වා”යි ප්‍රාර්ථනා කළේය. ඔහුගේ බාල සෝයුරා ද එසේම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි තැබූ ප්‍රාර්ථනා අනුව, මනෝමය කාය නිර්මාණයහෙි ද රූපාවචර ධ්‍යානයන්ට සමවැදීමෙහි ද යන දෙ අංගයෙන් අග්‍රභාවය ලබම්වායි පැතීය. භාග්‍යවතුන් වහන්සේ මේ දෙසෝයුරන්ගේ ප්‍රාර්ථනා ඉටුවනු දැක; “අනාගතයේ දී මීට කල්ප ලක්‍ෂයකට පසුව ගෞතම බුද්ධ ශාසනයේදී නුඹලාගේ ප්‍රාර්ථනා ඉටුවන්නේ ය”යි විවරණ දුන් සේක.

තෙ උභොපි ජනා තත්‍ථ යාවජීවං පුඤ‍්ඤානි කත්‍වා තතො චුතො දෙවලොකෙ නිබ‍්බත‍්තිංසු. තත්‍ථ මහාපන්‍ථකස‍්ස අන‍්තරාකතං කල්‍යාණධම‍්මං න කථීයති. චූළපන්‍ථකො පන කස‍්සපස‍්ස භගවතො සාසනෙ පබ‍්බජිත්‍වා වීසති වස‍්සසහස‍්සානි ඔදාතකසිණකම‍්මං කත්‍වා දෙවපුරෙ නිබ‍්බත‍්ති. අපදානෙ පන “චූළපන්‍ථකො පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ තාපසො හුත්‍වා හිමවන‍්තෙ වසන‍්තො තත්‍ථ භගවන‍්තං දිස‍්වා පුප‍්ඵච‍්ඡත‍්තෙන පූජං අකාසී”ති ආගතං. තෙසං දෙවමනුස‍්සෙසු සංසරන‍්තානංයෙව කප‍්පසතසහස‍්සං අතික‍්කන‍්තං. අථ අම‍්හාකං සත්‍ථා අභිසම‍්බොධිං පත්‍වා පවත‍්තිතවරධම‍්මචක‍්කො රාජගහං උපනිස‍්සාය වෙළුවනෙ මහාවිහාරෙ විහරති.

දෙසෝයුරෝ දිවි ඇතිතාක් පින්දහම් රැස්කර, ඉන් චුතව දෙව්ලොව උපන්හ. ඉන් මහාපන්‍ථක ගේ සසර අතරතුරදී කළ යහපත් ක්‍රියාවක් පිළිබඳව නොකියවේ. කාශ්‍යප බුදුරදුන්ගේ සසුනේ පැවිදි වූ චුල්ල පන්ථක හිමියෝ වසර විසි දාහක් ඔදාත කසිණ කමටහන වඩා දෙව්ලොව උපන්හ. ඇතැමෙක් “මේ චුල්ල පන්‍ථක පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී තාපසයෙකුව ඉපිද හිමවතේ වෙසෙමින්, එහි වැඩම වූ තථාගතයන් වහන්සේට මල් සේසතකින් පූජා පැවැත්වීයැ”යි කියති. ඔවුහු දෙදෙන මේ ආකාරයෙන් දෙව් මිනිස් දෙගතියේ සැප විඳිමින් කල්ප ලක්‍ෂයක් ඉක්මවූහ. එකල අපගේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පැමිණ, පැවැත් වූ උතුම් දම්සක් දෙසුම් ඇතිව, රජගහ නුවර වේළුවනාරාමයේ වැඩ වෙසෙති.

තෙන ච සමයෙන රාජගහෙ ධනසෙට‍්ඨිස‍්ස ධීතා අත‍්තනො දාසෙන සද‍්ධිං සන්‍ථවං කත්‍වා ඤාතකෙහි භීතා හත්‍ථසාරං ගහෙත්‍වා තෙන සද‍්ධිං පලායිත්‍වා අඤ‍්ඤත්‍ථ වසන‍්තී තං පටිච‍්ච ගබ‍්භං ලභිත්‍වා පරිපක‍්කගබ‍්භා “ඤාතිඝරං ගන‍්ත්‍වා විජායිස‍්සාමී”ති ගච‍්ඡන‍්තී අන‍්තරාමග‍්ගෙයෙව පුත‍්තං විජායිත්‍වා සාමිනා නිවත‍්තිතා පුබ‍්බෙ වසිතට‍්ඨානෙ වසන‍්තී පුත‍්තස‍්ස පන්‍ථෙ ජාතත‍්තා පන්‍ථකොති, නාමං අකාසි. තස‍්මිං ආධාවිත්‍වා විධාවිත්‍වා විචරණකාලෙ තමෙව පටිච‍්ච දුතියං ගබ‍්භං පටිලභිත්‍වා පරිපක‍්කගබ‍්භා පුබ‍්බෙ වුත‍්තනයෙනෙව අන‍්තරාමග‍්ගෙ පුත‍්තං විජායිත්‍වා සාමිනා නිවත‍්තිතා ජෙට‍්ඨපුත‍්තස‍්ස මහාපන්‍ථකොති කනිට‍්ඨස‍්ස චූළපන්‍ථකොති නාමං කත්‍වා යථාවසිතට‍්ඨානෙයෙව වසන‍්තී අනුක‍්කමෙන දාරකෙසු වඩ‍්ඪන‍්තෙසු තෙහි, “අම‍්ම, අය්‍යකකුලං නො දස‍්සෙහී”ති නිබුන්‍ධියමානා දාරකෙ මාතාපිතූනං සන‍්තිකං පෙසෙසි. තතො පට‍්ඨාය දාරකා ධනසෙට‍්ඨිනො ගෙහෙ වඩ‍්ඪන‍්ති. තෙසු චූළපන්‍ථකො අතිදහරො. මහාපන්‍ථකො පන අය්‍යකෙන සද‍්ධිං භගවතො සන‍්තිකං ගතො සත්‍ථාරං දිස‍්වා සහ දස‍්සනෙන පටිලද‍්ධසද‍්ධො ධම‍්මං සුත්‍වා උපනිස‍්සයසම‍්පන‍්නතාය පබ‍්බජිතුකාමො හුත්‍වා පිතාමහං ආපුච‍්ඡි. සො සත්‍ථු තමත්‍ථං ආරොචෙත්‍වා තං පබ‍්බාජෙසි. සො පබ‍්බජිත්‍වා බහුං බුද‍්ධවචනං උග‍්ගණ‍්හිත්‍වා පරිපුණ‍්ණවස‍්සො උපසම‍්පජ‍්ජිත්‍වා යොනිසොමනසිකාරෙ කම‍්මං කරොන‍්තො විසෙසතො චතුන‍්නං අරූපජ‍්ඣානානං ලාභී හුත්‍වා තතො වුට‍්ඨාය විපස‍්සනං උස‍්සුක‍්කාපෙත්‍වා අරහත‍්තං පාපුණි. ඉති සො සඤ‍්ඤාවිවට‍්ටකුසලානං අග‍්ගො ජාතො. සො ඣානසුඛෙන ඵලසුඛෙන වීතිනාමෙන‍්තො එකදිවසං අත‍්තනො පටිපත‍්තිං පච‍්චවෙක‍්ඛිත්‍වා අධිගතසම‍්පත‍්තිං පටිච‍්ච සඤ‍්ජාතසොමනස‍්සො සීහනාදං නදන‍්තො –

එසමයේ රජගහ නුවර සිටුතුමාගේ දුවණිය, තම දාසයකු හා යහළුව, ඥාතීන්ට බිය වී අතට හසු වූ දෙය රැගෙන ඔහු සමග පලා ගියාය. පිටිසර ගමක විසූ ඇයට දාව එම දෙදෙනා මෙලොව ඉපදුණි. ඇය පළමු ගැබ මුහුකුරා ගිය කල්හි, “ඥාතීන්ගේ ගෙදරකට ගොස් වඳිමි”යි යන්නී අතරමඟදී ම පුතෙකු වැදුවාය. මාර්ගයේ උපන් බැවින් “පන්‍ථක” යැයි පුතුට නම් තබා තම සැමියා සමග නැවත හැරී ආවාය. ඒ දරුවා දුවපැන ඇවිදින වියේ දී එම දාසයාටම දාව සිටුදියණි කුස තව දරුවකු පිළිසිඳ ගත්තේය. එම ගැබ මුහුකුරා ගිය විටද පෙර මෙන්ම ඥාතීන් හමුවට වැදීම පිණිස යන්නී අතරමඟදී දරුවා වැදුවාය. ඔහුට “චුල්ලපන්‍ථක” යැයි ද වැඩිමලාට “මහා පන්‍ථක” යැයි ද නම් තබා නැවත පෙර විසූ තැනටම ඇය පැමිණියාය. දාසයා සමග ඒ පිටිසරම වසන ඇයගෙන් හැදී වැඩුණු දරු දෙදෙන “අම්මේ, අපගේ ආත්තාමුත්තා ආදීහු අපට පෙන්වන්න”යි අයැදූහ. එවිට ඇය දරු දෙදෙන තම පියා සමීපයට යැවුවාය. එතැන් සිට දරුවෝ රජගහ සිටු සමීපයේ වැඩුණහ. චුල්ලපන්‍ථක ඉතාම කුඩා වූවෙකි. මහාපන්‍ථක සීයා සමග භාග්‍යවතුන් වහන්සේ දැකීමට ගොස්, උන්වහන්සේ දැකීමෙන්ම ලැබූ ශ්‍රද්ධාව ඇතිව, ධර්ම ශ්‍රවණය කළේය. පෙර සසර පුරුදුතාවය හා නිවන් දැකීමේ හේතු සම්පත් ඇති බැවින්, පැවිදිවනු කැමති මහාපන්‍ථක සීයාගෙන් අසා, අවසර ලැබ ශාස්තෲන්වහන්සේ සමීපයේ පැවිදි විය. පැවිදි වූ මහාපන්‍ථක සාමණේරයෝ බොහෝ බුදුවදන් ඉගෙන පිරිපුන් විසිවයස් ඇතිව උපසපන් වූහ. යෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියා කළ උන්වහන්සේ, විශේෂිත වූ සතර අරූපධ්‍යානයන් උපදවාගෙන, ඉන් නැගිට විදසුනෙහි සිත පිහිටුවා රහත් වූහ. උන්වහන්සේ මෙසේ අරූපධ්‍යානයන්ට සම වැදීමෙහි දක්‍ෂ වූ භික්ෂූන්ගෙන් අග්‍රව, ධ්‍යාන හා ඵල සුවයෙන් කල් යවනුයේ, දිනක් තම පිළිාවෙත් මඟ දෙස නැවත හැරී බලා, ලබන ලද සම්පත් නිසා හටගත් සතුටු සිත් ඇතිව සිංහනාද කරමින් මේ ගාථා අට වදාළහ.

“යදා පඨමමද‍්දක‍්ඛිං, සත්‍ථාරමකුතොභයං; තතො මෙ අහු සංවෙගො, පස‍්සිත්‍වා පුරිසුත‍්තමං.

“යදා පඨමමද්දක්ඛිං සත්‍ථාරමකුතො භයං, තතො මෙ ආහු සංවෙගො පස්සිත්‍වා පුරිසුත්තමං”

“සිරිං හත්‍ථෙහි පාදෙහි, යො පණාමෙය්‍ය ආගතං; එතාදිසං සො සත්‍ථාරං, ආරාධෙත්‍වා විරාධයෙ.

“සිරිං හත්‍ථෙහි පාදෙහි යො පනාමෙය්‍ය ආගතං, එතාදිසං සො සත්‍ථාරං ආරාධෙත්‍වා විරාධයෙ”

“තදාහං පුත‍්තදාරඤ‍්ච, ධනධඤ‍්ඤඤ‍්ච ඡඩ‍්ඩයිං; කෙසමස‍්සූනි ඡෙදෙත්‍වා, පබ‍්බජිං අනගාරියං.

“තදාහං පුත්ත දාරඤ්ච ධනධඤ්ඤංච ඡඩ්ඩයිං, කෙසමස්සූනි ඡෙදෙත්‍වා පබ්බජිං අනගාරියං”

“සික‍්ඛාසාජීවසම‍්පන‍්නො, ඉන්‍ද්‍රියෙසු සුසංවුතො; නමස‍්සමානො සම‍්බුද‍්ධං, විහාසිං අපරාජිතො.

“සික්‍ඛා සාජිව සම්පන්නො ඉන්‍ද්‍රියෙසු සුසංවුතො, නමස්ස මානො සම්බුද්ධං විහාසිං අපරාජිතො”

“තතො මෙ පණිධී ආසි, චෙතසො අභිපත්‍ථිතො; න නිසීදෙ මුහුත‍්තම‍්පි, තණ‍්හාසල‍්ලෙ අනූහතෙ.

“තතොමෙ පණිධී ආසි චෙතසො අභිපත්‍ථිතො, න නිසීදෙ මුත්තම්පි තණ්හාසල්ලෙ අනූහතෙ”

“තස‍්ස මෙවං විහරතො, පස‍්ස වීරියපරක‍්කමං; තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා, කතං බුද‍්ධස‍්ස සාසනං.

“තස්ස මෙවං විහරතො පස්ස විරිය පරක්කමං, තිස්සො විජ්ජා අනුප්පත්තා, කතං බුද්ධස්ස සාසනං”

“පුබ‍්බෙනිවාසං ජානාමි, දිබ‍්බචක‍්ඛු විසොධිතං; අරහා දක‍්ඛිණෙය්‍යොම‍්හි, විප‍්පමුත‍්තො නිරූපධි.

“පුබ්බෙ නිවාසං ජානාමි, දිබ්බචක්ඛු විසොධිතං, අරහා දක්ඛිණෙය්‍යොම්හි, විප්පමුත්තො නිරූපධී”

“තතො රත්‍යාවිවසානෙ, සූරියුග‍්ගමනං පති; සබ‍්බං තණ‍්හං විසොසෙත්‍වා, පල‍්ලඞ‍්කෙන උපාවිසි”න‍්ති. – ඉමා ගාථා අභාසි;

“තතො රත්‍යා විවසනෙ සුරියස්සුග්ගමනං පති, සබ්බං තණ්හං විසොසෙත්‍වා පල්ලංකෙන උපාවිසිං” තී.

තත්‍ථ යදාති යස‍්මිං කාලෙ. පඨමන‍්ති ආදිතො. අද‍්දක‍්ඛින‍්ති පස‍්සිං, සත්‍ථාරන‍්ති, භගවන‍්තං. අකුතොභයන‍්ති නිබ‍්භයං. අයඤ‍්හෙත්‍ථ අත්‍ථො – සබ‍්බෙසං භයහෙතූනං බොධිමූලෙයෙව පහීනත‍්තා කුතොචිපි භයාභාවතො අකුතොභයං නිබ‍්භයං, චතුවෙසාරජ‍්ජවිසාරදං දිට‍්ඨධම‍්මිකසම‍්පරායිකපරමත්‍ථෙහි වෙනෙය්‍යානං යථාරහමනුසාසනතො සත්‍ථාරං සම‍්මාසම‍්බුද‍්ධං මය‍්හං පිතාමහෙන සද‍්ධිං ගන‍්ත්‍වා යාය වෙලාය සබ‍්බපඨමං පස‍්සිං, තං පුරිසුත‍්තමං සදෙවකෙ ලොකෙ අග‍්ගපුග‍්ගලං පස‍්සිත්‍වා තතො දස‍්සනහෙතු තතො දස‍්සනතො පච‍්ඡා “එත‍්තකං කාලං සත්‍ථාරං දට‍්ඨුං ධම‍්මඤ‍්ච සොතුං නාලත්‍ථ”න‍්ති මය‍්හං සංවෙගො අහු සහොත‍්තප‍්පං ඤාණං උප‍්පජ‍්ජි. උප‍්පන‍්නසංවෙගො පනාහං එවං චින‍්තෙසින‍්ති දස‍්සෙති සිරිං හත්‍ථෙහීති ගාථාය. තස‍්සත්‍ථො – යො විභවත්‍ථිකො පුරිසො “උපට‍්ඨායිකො හුත්‍වා තව සන‍්තිකෙ වසිස‍්සාමී”ති සවිග‍්ගහං සිරිං සයනෙ උපගතං හත්‍ථෙහි ච පාදෙහි ච කොට‍්ටෙන‍්තො පණාමෙය්‍ය නීහරෙය්‍ය, සො තථාරූපො අලක‍්ඛිකපුරිසො එතාදිසං සත්‍ථාරං සම‍්මාසම‍්බුද‍්ධං ආරාධෙත්‍වා ඉමස‍්මිං නවමෙ ඛණෙ පටිලභිත්‍වා විරාධයෙ තස‍්ස ඔවාදාකරණෙන තං විරජ‍්ඣෙය්‍ය, අහං පනෙවං න කරොමීති අධිප‍්පායො. තෙනාහ “තදාහං…පෙ… අනගාරිය”න‍්ති. තත්‍ථ ඡඩ‍්ඩයින‍්ති, පජහිං. “ඡඩ‍්ඩිය”න‍්තිපි පාඨො. නනු අයං ථෙරො දාරපරිග‍්ගහං අකත්‍වාව පබ‍්බජිතො, සො කස‍්මා “පුත‍්තදාරඤ‍්ච ඡඩ‍්ඩයි”න‍්ති අවොචාති? යථා නාම පුරිසො අනිබ‍්බත‍්තඵලමෙව රුක‍්ඛං ඡින්‍දන‍්තො අච‍්ඡින‍්නෙ තතො ලද‍්ධඵලෙහි පරිහීනො නාම හොති. එවංසම‍්පදමිදං දට‍්ඨබ‍්බං.

මෙහි “යදා” යම් කාලයක, “පඨමං” පළමුව “අද්දක්ඛිං” දුටුවෙම් ද “සත්‍ථාරං” ශාස්තෲන්වහන්සේ. “අකුතොභයං” භය නැතිව. මෙහි අර්ථ මෙසේය. “සියලු භය හේතු බෝමැඬදීම ප්‍රහීණ කළ බැවින්, කිසිසේත්ම භය නොවේ. බිය සහමුලින් දුරලූ චතුර්වෛශාරද්‍ය ව මෙලෝ පරලෝ පරමාර්ථ සාධනයෙහි හික්මවිය හැකි ජනයාට සුදුසු පරිදි අනුශාසනා කරන බැවින් ශාස්තෲ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙත, මගේ සීයා සමග ගොස් සවස් වේලෙහි දී ඒ පුරුෂෝත්තම දෙවියන් සහිත ලෝකයේ අග්‍ර පුද්ගලයා පළමුවාරයේ ම දුටුවෙමි. ඒ දර්ශනයෙන්ම ප්‍රසන්න වූයෙමි. මෙපමණ කලක් ශාස්තෲන්වහන්සේ දැකීමටවත් දහම් ඇසීමටවත් නොලැබීම පිළිබඳව මට සංවේග ඇතිවී, බියත් සමගම සම්‍යක් ඥානය පහළ විය. උපන් සංවේග ඇති මට මෙසේ සිතුණි. “සිරිං හත්‍ථෙහි” යනු එම ගාථාවයි. එහි අර්ථ මෙසේය. – “යම් සැප සම්පත් කැමති පුරුෂයෙක් නැගිට; “නුඹ සමීපයේ වෙසෙන්නෙමි”යි සමීපයට විත් පැමිණ, පිරිස සමඟ සයනයේ හොත් ශ්‍රියාකාන්තාවට, අතින් පයින් ගසා එළවා දමන, බැහැර කරන අවාසනාවන්ත කාලකණ්ණියෙක් වේද, මෙබඳු වූ සම්මා සම්බුදුවරයකු සතුටු කරමින්, මේ මනුෂ්‍යාත්මභාවය ලබා ක්‍ෂණ සම්පත් ලැබූ මොහොතෙහි, ඒ බුදුරදුන්ගේ අවවාද ඉටුනොකරන ඊට එරෙහිවීමත් ඒ හා සමානය. මම එසේ කාලකණ්ණියෙක් නො වෙමි” යන අදහසයි. එනිසා තමා කරන දෙය “තදාහං -පෙ- අනගාරියං” යනුවෙන් දක්වන ලදි. එහි “ඡඩ්ඩයි.” අත්හළෙමි. දුරුකළෙමි. “ඡඩ්ඩියා” යන පාඨය ද සුදුසු ය. මේ තෙරණුවෝ අඹුදරුවන් නොලබා ඉතා කුඩා වියේදී පැවිදිවූයේ නොවේද? කුමක් හෙයින් “පුත්තදාරංච ඡඩ්ඩයිං” යැයි කියන ලද්දේ ද? යම් සේ පුරුෂයෙකු හටනොගත් ගෙඩි ඇති ගසක් සිඳින්නේ ද, එවිට එය නොකපා තැබීමෙන් ලැබෙන ඵලයන්ගේ පිරිහීමක්, නැතිවීමක් සිදුවන්නාක් මෙන් කුඩා කළ පැවිදි වූ බැවින් අඹුදරුවන් ලැබීමට තිබූ අවස්ථාව අත්හළ බව මෙහිදී පවසයි.

සික‍්ඛාසාජීවසමාපන‍්නොති යා අධිසීලසික‍්ඛා, තාය ච, යත්‍ථ භික‍්ඛූ සහ ජීවන‍්ති, එකජීවිකා සභාගවුත‍්තිනො හොන‍්ති, තෙන භගවතා පඤ‍්ඤත‍්තසික‍්ඛාපදසඞ‍්ඛාතෙන සාජීවෙන ච සමන‍්නාගතො සික‍්ඛනභාවෙන සමඞ‍්ගීභූතො, සික‍්ඛං පරිපූරෙන‍්තො සාජීවඤ‍්ච අවීතික‍්කමන‍්තො හුත්‍වා තදුභයං සම‍්පාදෙන‍්තොති අත්‍ථො. තෙන සුවිසුද‍්ධෙ පාතිමොක‍්ඛෙ සීලෙ පතිට‍්ඨිතභාවං දස‍්සෙති. ඉන්‍ද්‍රියෙසු සුසංවුතොති මනච‍්ඡට‍්ඨෙසු ඉන්‍ද්‍රියෙසු සුට‍්ඨු සංවුතො. රූපාදිවිසයෙසු උප‍්පජ‍්ජනකානං අභිජ‍්ඣාදීනං පවත‍්තිනිවාරණවසෙන සතිකවාටෙන සුපිහිතචක‍්ඛාදිද‍්වාරොති අත්‍ථො. එවං පාතිමොක‍්ඛසංවරඉන්‍ද්‍රියසංවරසීලසම‍්පත‍්තිදස‍්සනෙන ඉතරසීලම‍්පි අත්‍ථතො දස‍්සිතමෙව හොතීති ථෙරො අත‍්තනො චතුපාරිසුද‍්ධිසීලසම‍්පදං දස‍්සෙත්‍වා “නමස‍්සමානො සම‍්බුද‍්ධ”න‍්ති ඉමිනා බුද‍්ධානුස‍්සතිභාවනානුයොගමාහ. විහාසිං අපරාජිතොති කිලෙසමාරාදීහි අපරාජිතො එව හුත්‍වා විහරිං, යාව අරහත‍්තප‍්පත‍්ති, තාව තෙහි අනභිභූතො, අඤ‍්ඤදත්‍ථු තෙ අභිභවන‍්තො එව විහාසින‍්ති අත්‍ථො.

“සික්ඛාසාජීව සමාපන්නො”, අධිශීල ශික්‍ෂාවෙන් ද යම් තැනක භික්‍ෂූන් වහන්සේ සමගිව එකට ජීවත්වන්නේ ද ඒ සභාගපැවැත්ම සඳහා භාග්‍යවතුන් වහන්සේ විසින් පැනවූ ශික්‍ෂාපද නම් වූ සාජීවයෙන් ද යන දෙඅංශයේම ශික්‍ෂිත භාවයෙන් යුක්තව, සිකපද සම්පූර්ණ කරමින්. මේ පාඨයෙන් තමන් වහන්සේ ඉතා පිරිසිදු වූ ප්‍රාතිමෝක්‍ෂ ශීලයෙහි පිහිටි බව දක්වයි. “ඉන්‍ද්‍රියෙසු සුසංවුතො” මනස සයවැනි වූ ස ඉන්‍ද්‍රිය සංවර කරගෙන, රූපාදී අරමුණු නිසා උපදින අභිධ්‍යා (දැඩි ලොභා) දී අකුසල සිත් ඉපදීම වැළැක්වීම් වශයෙන් සතිය නම් තිරයෙන් මනාව වැසූ චක්‍ෂු ආදී ඉඳුරන් ඇති මෙසේ ප්‍රාතිමෝක්‍ෂ සංවරශීලයෙන් ද ඉන්‍ද්‍රිය සංවර ශීලයෙන් ද යුතු බව දැක්වීමෙන් චතුපාරිශුද්ධි ශීලයෙන් ම සමන්විත වූ බව අදහස් කරයි. “නමස්සමානො සම්බුද්ධං” බුද්ධානුස්සති භාවනාව වැඩූ බව කියයි. “විහාසිං අපරාජිතො” ක්ලේශ මාරාදීන් පරදා, අපරාජිතවම විසුවෙමි. අර්හත්භාවයේ සිටම කෙලෙස් මාරාදීන් විසින් නොමැඬලිය හැකිව, ඔවුන් මැඬලා, අභිබවා විසුවෙමි.

තතොති තස‍්මා, යස‍්මා සුවිසුද‍්ධසීලො සත්‍ථරි අභිප‍්පසන‍්නො කිලෙසාභිභවනපටිපත‍්තියඤ‍්ච ඨිතො, තස‍්මා. පණිධීති පණිධානං. තතො වා චිත‍්තාභිනීහාරො. ආසීති අහොසි. චෙතසො අභිපත්‍ථිතොති, මම චිත‍්තෙන ඉච‍්ඡිතො. කීදිසො පන සොති ආහ “න නිසීදෙ මුහුත‍්තම‍්පි, තණ‍්හාසල‍්ලෙ අනූහතෙ”ති. “අග‍්ගමග‍්ගසණ‍්ඩාසෙන මම හදයතො තණ‍්හාසල‍්ලෙ අනුද‍්ධටෙ මුහුත‍්තම‍්පි න නිසීදෙ, නිසජ‍්ජං න කප‍්පෙය්‍ය”න‍්ති එවං මෙ චිත‍්තාභිනීහාරො අහොසීති අත්‍ථො.

“තතො” එහෙයින්. ඉතා පිරිසිදු ශීලයෙන් යුතුව ශාස්තෲන් වහන්සේ කෙරෙහි වඩාත් ප්‍රසන්නව කෙලෙස් මුලිනුපුටා දමන පිළිවෙත් මග වැඩූ හෙයින්. “පණිධී” ප්‍රණිධානයක්, චිත්ත ප්‍රාර්ථනාවක්, අධිෂ්ඨානයක් “ආසි” විය. “චෙතසො අභිපත්‍ථිතො” මගේ සිතින් කැමති වූ. පැතූ ඒ ප්‍රාර්ථනාව කුමක් ද? “න නිසීදෙ මුහුත්තම්පි තණ්හාසල්ලෙ අනූහතෙ” ආර්‍ය්‍ය මාර්ගය නම් අඬුවෙන් මගෙ හදවතින් තණ්හා නම් හුල නොම ඉගිලූ කල්හි මොහොතකුදු නොහිඳිමි. හිඳ නොගන්නෙමි. මෙබඳු වූ චිත්ත ප්‍රාර්ථනාවක් මට විය.

එවං පන චිත‍්තං අධිට‍්ඨාය භාවනං භාවයිත්‍වා ඨානචඞ‍්කමෙහෙව රත‍්තිං වීතිනාමෙන‍්තො අරූපසමාපත‍්තිතො වුට‍්ඨාය ඣානඞ‍්ගමුඛෙන විපස‍්සනං පට‍්ඨපෙත්‍වා අරහත‍්තං සච‍්ඡාකාසි. තෙන වුත‍්තං “තස‍්ස මෙ”තිආදි. නිරූපධීති කිලෙසුපධිආදීනං අභාවෙන නිරුපධි. රත්‍යාවිවසානෙති රත‍්තිභාගස‍්ස විගමනෙ විභාතාය රත‍්තියා. සූරියුග‍්ගමනං පතීති සූරියුග‍්ගමනං ලක‍්ඛණං කත්‍වා. සබ‍්බං තණ‍්හන‍්ති කාමතණ‍්හාදිභෙදං සබ‍්බං තණ‍්හාසොතං අග‍්ගමග‍්ගෙන විසොසෙත්‍වා සුක‍්ඛාපෙත්‍වා “තණ‍්හාසල‍්ලෙ අනූහතෙ න නිසීදෙ”ති, පටිඤ‍්ඤාය මොචිතත‍්තා. පල‍්ලඞ‍්කෙන උපාවිසින‍්ති පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා නිසීදින‍්ති. සෙසං උත‍්තානත්‍ථමෙව.

මෙසේ අධිෂ්ඨාන කර, සිත භාවනාවට යොමුකර, සක්මනින් ම රාත්‍රිය ගෙවා අරූපධ්‍යාන සමවතින් නැගිට, ධ්‍යානාංගයෙන් විදර්ශනාවෙහි සිත පිහිටුවා රහත් බවට පත්වූ උන්වහන්සේ “තස්ස මෙ” යන ගාථාවෙන් එය පැවසූහ. “නිරුපධී” කෙලෙස්, උපධි ආදිය රහිත වූ බැවින් නිරූපධී නම් වූ. “රත්‍යා විවසනෙ” රාත්‍රිය ගෙවී සූර්ය උදාවත් සමගම “සබ්බං තණ්හං” කාම තණ්හාදී සියලු තෘෂ්ණා ස්‍රෝතස, දියපහර ආර්ය මාර්ගයෙන් වියලවා, සන්සිඳවා හුන්නෙමි. “තණ්හා හුල නුගුලුවා නොහිඳින්නෙමි” යන ප්‍රතිඥාවෙන් නොමිදුණු බැවිණි. “පල්ලංකෙන උපාවිසිං” පළක් බැඳ හුන්නෙමි. සෙසු පදයන්ගේ අර්ථ ඉතා ප්‍රකටය.

මහාපන්‍ථකත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

මහාපන්‍ථක ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.

අට‍්ඨකනිපාතවණ‍්ණනා නිට‍්ඨිතා.

අටවෙනි නිපාතයේ අර්ථ වර්ණනාව සමාප්තයි.