මහාපන්ථකත්ථෙරගාථා
8. 1. 3.
8. 1. 3.
510. යදා පඨමමද්දක්ඛිං සත්ථාරමකුතොභයං, තතො මෙ අහු සංවෙගො පස්සිත්වා පුරිසුත්තමං.
510. යම් දවසෙකැ කොයිනුත් බිය නැති ශාස්තෲන් වහන්සේ පළමු කොට දිටිම් ද, ඉක්බිති ඒ පුරුෂෝත්තමයා දැක මට සංවේග උපන.
511. සිරිං හත්ථෙහි පාදෙහි යො පණාමෙය්ය ආගතං, එතාදිසං සො සත්ථාරං ආරාධෙත්වා විරාධයෙ.
511. යමෙක් ගෙට ආ සිරිකත අතින් පයින් (පැහැරැ) පලවන්නේ ද, හෙතෙම මෙබඳු ශාස්තෲන් ආරාධනය කොට (උන් වහන්සේගේ අවවාද නො කිරීමෙන් නවම ක්ෂණය) වරදනේ යැ.
512. තදාහං පුත්තදාරං ච ධනධඤ්ඤං ව ඡඩ්ඩයිං, කෙසමස්සූනි ඡෙදෙත්වා පබ්බජිං අනගාරියං,
512. එකල්හි මම අඹුදරුවන් ද ධනධාන්‍ය ද හළිමි. කෙහෙරවුළු බහා සසුන්හි පැවිදි වීමි.
513. සික්ඛාසාජීවසම්පන්නො ඉන්ද්රියෙසු සුසංවුතො. නමස්සමානො සම්බුද්ධං විහාසිං අපරාජිතො.
513. අධිශීලශික්ෂායෙන් හා ප්‍රඥප්ත ශික්ෂාපද සඞ්ඛ්‍යාත සාජීවයෙන් යුක්ත වූයෙම් ඉන්ද්රියයන්හි මනා සංවර ඇතියෙම් අපරාජිත වූයෙම් සම්බුදුන් වඳිමින් විසීමි.
514. තතො මෙ පණිධී ආසි චෙතසො අභිපත්ථිතො, න නිසීදෙ මුහුත්තම්පි තණ්හාසල්ලෙ අනූහතෙ.
514. ඉක්බිති මට සිතින් පතනලද ප්‍රණිධියෙක් විය: ‘තෘෂ්ණා නමැති හුල නො උපුළ කල්හි මොහොතකුදු නො හිඳිනෙමී’ කියා යි.
515. තස්ස මෙවං විහරතො පස්ස විරියපරක්කමං, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
515. මෙසේ වසන ඒ මාගේ වීර්‍ය්‍යපරාක්‍රමය බලව. (මා විසින්) ත්‍රිවිද්‍යාවෝ ලබනලදහ. බුදුන්ගේ අනුසසුන් කරන ලදි.
516. පුබ්බෙනිවාසං ජානාමි දිබ්බචක්ඛුං විසොධිතං, අරහා දක්ඛිණෙය්යොම්හි විප්පමුත්තො නිරූපධි.
516. පෙරවිසූ කඳ පිළිවෙළ දනිමි. දිවැස පිරිසිදු කරනලදි කෙලෙසුන් කෙරෙන් මිදුණු, උපධි රහිත වූ, දක්ෂිණාර්හ වූ රහතෙක් වෙමි.
517. තතො රත්යා විවසනෙ සුරියස්සුග්ගමනං පති, සබ්බං තණ්හං විසොසෙත්වා පල්ලඞ්කෙන උපාවිසි’න්ති.
517. ඉක්බිති රැයිම්මෙ හිරු උදාවත් මැ සියලු තෘෂ්ණාව වියළාපියා පලක් බැඳ හුන්නෙමි’යි.
ඉත්ථං සුදං ආයස්මා මහාපන්ථකො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
මෙසෙයින් ආයුෂ්මත් මහාපන්ථක ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
මහාපන්ථකත්ථෙරගාථා.
මහාපන්ථක ස්ථවිරගාථා යි.
තස්සුද්දානං:
උද්දානය:
මහාකච්චායනො ථෙරො සිරිමිත්තො මහාපන්ථකො, එතෙ අට්ඨනිපාතම්හි ගාථායො චතුවීසතී’ති.
මහකසයින් තෙරණුවෝ යැ, සිරමිත්ත තෙරණුවෝ යැ, මහාපන්ථක තෙරණුවෝ යැ, යන තෙරවරු අට්ඨකනිපාතයෙහි වෙති, ගාථා සූවිස්සෙකි.
අට්ඨකනිපාතො නිට්ඨිතො.
අට්ඨකනිපාතය නිමි.