සිරිමිත‍්තත්‍ථෙරගාථා
8. 1. 2.
8. 1. 2.
502. අක‍්කොධනොනුපනාහී අමායො රිත‍්තපෙසුනො, ස වෙ තාදිසකො භික‍්ඛු එවං පෙච‍්ච න සොචති.
502. නො කිපෙන සුලු වූ වෙර නො බඳනා සුලු වූ මායා රහිත වූ පිසුනුබස් නැති එබඳු වූ යම් මහණෙක් ඇද්ද, හේ යථෝක්ත ප්‍රතිපත්තියෙන් ඒකාන්තයෙන් පරලොවැ ශෝක නො කරයි.
503. අක‍්කොධනොනුපනාහී අමායො රිත‍්තපෙසුනො, ගුත‍්තද‍්වාරො සදා භික‍්ඛු එවං පෙච‍්ච න සොචති.
503. නො කිපෙනසුලු වූ වෙර නො බඳනා සුලු වූ මායා රහිත වූ පිසුනුබස් නැති පියූ (කායාදි) දොර ඇති මහණ මෙසේ හැම කල්හි පරලොවැ නො සොස්නේ යැ ...
504. අක‍්කොධනොනුපනාහී අමායො රිත‍්තපෙසුනො, කල්‍යාණසීලො සො භික‍්ඛු එවං පෙච‍්ච න සොචති.
504. නො කිපෙනසුලු වූ වෙර නො බඳනාසුලු වූ මායා රහිත වූ පිසුනුබස් නො කියන කලණසිල් ඇති ඒ මහණ මෙසේ පරලොවැ නො සොස්නේ යැ.
505. අක‍්කොධනොනුපනාහී අමායො රිත‍්තපෙසුනො, කල්‍යාණමිත‍්තො සො භික‍්ඛු එවං පෙච‍්ච න සොචති.
505. නො කිපෙනසුලු වූ වෙර නො බඳනාසුලු වූ මායා රහිත වූ පිසුනුබස් නො කියන කලණමිතුරන් ඇති ඒ මහණ මෙසේ පරලොවැ නො සොස්නේ යැ.
506. අක‍්කොධනොනුපනාහී අමායො රිත‍්තපෙසුනො, කල්‍යාණපඤ‍්ඤො සො භික‍්ඛු එවං පෙච‍්ච න සොචති.
506. නො කිපෙනසුලු වූ වෙර නොබඳනා සුලු වූ මායා රහිත වූ පිසුනුබස් නො කියන කලණපැන ඇති ඒ මහණ මෙසේ පරලොව නො සොස්නේ යැ.
507. යස‍්ස සද‍්ධා තථාගතෙ අචලා සුප‍්පතිට‍්ඨිතා සීලං ච යස‍්ස කල්‍යාණං අරියකන‍්තං පසංසිතං.
507. යමක්හුගේ ශ්‍රද්ධාව තථාගතයන් කෙරෙහි අචල වැ මොනොවට පිහිටියා ද යමක්හුගේ ශීලය ද කල්‍යාණ වූයේ ආර්‍ය්‍යයනට ප්‍රිය වූයේ පසස්නා ලද්දේ වේ ද-
508. සඞ‍්ඝෙ පසාදො යස‍්සත්‍ථි උජු භූතං ච දස‍්සනං, අදළිද‍්දොති තං ආහු අමොඝං තස‍්ස ජීවිතං.
508. සඞ්ඝයා කෙරෙහි ප්‍රසාදයට යමක්හට ඇද්ද, (අචල වැ පිහිටියේ වේ ද) ඍජු වූ දර්‍ශනයත් යමක්හට ඇද්ද, (අචල වැ පිහිටියේවේ ද) ඒ පුද්ගලයා ‘නොදිළිඳු යැ’යි කීහු. ඔහුගේ ජීවිතය නො සිස් වෙයි.
509. තස‍්මා සද‍්ධං ච සීලං ච පසාදං ධම‍්මදස‍්සනං, අනුයුඤ‍්ජෙථ මෙධාවී සරං බුද‍්ධානසාසන’න‍්ති.
509. එහෙයින් නුවණැත්තේ බුදුන්ගේ අනුසසුන් සිහි කෙරෙමින් ශ්‍රද්ධායෙහි ද ශීලයෙහි ද ප්‍රසාදයෙහි ද ධර්‍මදර්‍ශනයෙහි ද යෙදෙන්නේ යයි.
ඉත්‍ථං සුදං ආයස‍්මා සිරිමිත‍්තො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.
මෙසෙයින් ආයුෂ්මත් සිරිමීත්ත ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.