යෙදුමෙන් කියවන්න

මහාකච‍්චායනත්‍ථෙරගාථා

8. 1. 1.

8. 1. 1.

494. කම‍්මං බහුකං න කාරයෙ පරිවජ‍්ජෙය්‍ය ජනං න උය්‍යමෙ, සො උස‍්සුක‍්කො රසානුගිද‍්ධො අත්‍ථං රිඤ‍්චති යො සුඛාධිවාහො.

494. බොහෝ වූ නවහම් නො කරන්නේ යැ. (ගණසඞ්ගණිකායේන් වෙන් වීම් විසින්) ජනයා හරනේ යැ. (සිවුපස පිණිස) උත්සාහ නො කරන්නේ යැ. ප්‍රත්‍යයෙහි උත්සුක වූ රසයෙහි ගිජු වූ ඒ මහණ සුව එළවන යම් අර්‍ත්‍ථයෙක් වේ නම් ඒ අර්‍ත්‍ථය හරනේ යැ.

495. පඞ‍්කො’ති හි නං අවෙදයුං යායං වන්‍දනපූජනා කුලෙසු, සුඛුමං සල‍්ලං දුරුබ‍්බහං සක‍්කාරො කාපුරිසෙන දුජ‍්ජහො.

495. කුලයෙහි යම් මේ වැඳුම් පිදුම් වේ ද එය පඞ්කයෙක් මැ යයි ද, උගුළුවාලිය නොහෙන සියුම් හුලෙකැයි ද, (ආර්‍ය්‍යයෝ) දත්හ. සත්කාර කාපුරුෂයා විසින් නො හළ හැක්ක.

496. න පරස‍්සූපනිධාය කම‍්මං මච‍්චස‍්ස පාසකං, අත‍්තනා තං න සෙවෙය්‍ය කම‍්මබන්‍ධූහි මාතියා.

496. මෙරමා ලවා පව්කම් නො කරවන්නේ යැ. තෙමේ ඒ පව්කම් නො සෙවුනේ යැ. යම් හෙයෙකින් සත්ත්‍වයෝ කර්‍මය බන්‍ධු කොට ඇත්තාහු ද එහෙයිනි.

497. න පරෙ වචනා චොරො න පරෙ වචනා මුනි, අත‍්තා ච නං යථා වෙත‍්ති දෙවා’පි නං තථා විදුං.

497. මෙරමා බසින් සොරකම් නො වෙයි. මෙරමා බසින් මුනිවරයෙක් ද නො වෙයි. තෙමේ යම්සේ ඔහු දනී නම් දෙවියෝ ද එසේ දනිති.

498. පරෙ ච න විජානන‍්ති මයමෙත්‍ථ යමාමසෙ, යෙ ච තත්‍ථ විජානන‍්ති තතො සම‍්මන‍්ති මෙධගා.

498. බාල වූ අන්‍යයෝ ‘අපි මෙලොවැ මැරෙම්හ’යි නො දනිති. එහි ලා යම් පණ්ඩිත කෙනෙක් (‘අපි මැරෙම්හ’යි) දනිත් ද, ඒ හේතුයෙන් පරහිංසාවෝ සන්හිඳෙත්.

499. ජීවතෙ වා’පි සප‍්පඤ‍්ඤො අපි විත‍්තපරික‍්ඛයො, පඤ‍්ඤාය ච අලාභෙන විත‍්තවා’පි න ජීවති.

499. සප්‍රාඥ තෙම ධනයෙන් පිරිහුණේ නමුදු ජීවත් වේ මැ යි. එතෙකුදු වත් ප්‍රඥාව නො ලැබීමෙන් ධනය ඇත්තේ නමුදු ජීවත් නො වේ.

500. සබ‍්බං සුණාති සොතෙන සබ‍්බං පස‍්සති චක‍්ඛුනා, න ච දිට‍්ඨං සුතං ධීරො සබ‍්බං උජ‍්ඣිතුමරහති.

500. කනින් සියල්ල අසයි. ඇසින් සියල්ල දකියි. ප්‍රාඥ තෙම දුටු ඇසූ සියල්ල හරනට හෝ ගන්නට නිසි නො වෙයි.

501. චක‍්ඛුමාස‍්ස යථා අන්‍ධො සොතවා බධිරො යථා, පඤ‍්ඤවාස‍්ස යථා මූගො බලවා දුබ‍්බලොරිව, අථ අත්‍ථෙ සමුප‍්පන‍්නෙ සයෙථ මතසායික’න‍්ති.

501. ඇස් ඇත්තේ නමුදු (නො බැලියයුත්තෙහි) අන්‍ධයකු මෙන් වන්නේ යැ. කන් ඇත්තේ නමුදු (නො ඇසියැ යුත්තෙහි) බිහිරකු මෙන් වන්නේ යැ, නුවණැත්තේ නමුදු (නො දතයුත්තෙහි) මූඪයකු මෙන් වන්නේ යැ. බල ඇත්තේ නමුදු (නො කටයුත්තෙහි) දුබලයකු මෙන් වන්නේ යැ, යළි නො කටයුතු දැයක් එළඹසිටි කල්හි මරඇඳ හෝනකු සෙයින් හෝනේ යැ’යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා මහාකච‍්චායනො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසෙයින් ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.

මහාකච‍්චායනත්‍ථෙරගාථා.

මහාකච්චායන ස්ථවිරගාථා යි.