මහාකච්චායනත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
මහාකච්චායනත්ථෙරගාථාවණ්ණනා
මහාකච්චායන ස්ථවිරගාථා වර්ණනාව
අට්ඨකනිපාතෙ කම්මං බහුකන්තිආදිකා ආයස්මතො මහාකච්චායනත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො පදුමුත්තරස්ස භගවතො කාලෙ ගහපතිමහාසාලකුලෙ නිබ්බත්තිත්වා වුද්ධිප්පත්තො, එකදිවසං සත්ථු සන්තිකෙ ධම්මං සුණන්තො සත්ථාරා සංඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං විභජන්තානං අග්ගට්ඨානෙ ඨපියමානං එකං භික්ඛුං දිස්වා, සයම්පි තං ඨානං පත්ථෙන්තො පණිධානං කත්වා, දානාදීනි පුඤ්ඤානි කත්වා, දෙවමනුස්සෙසු සංසරන්තො සුමෙධස්ස භගවතො කාලෙ විජ්ජාධරො හුත්වා ආකාසෙන ගච්ඡන්තො සත්ථාරං හිමවන්තපබ්බතෙ එකස්මිං වනසණ්ඩෙ නිසින්නං දිස්වා පසන්නමානසො කණිකාරපුප්ඵෙහි පූජං අකාසි.
අටවන නිපාතයේ “කම්මං බහුකං” යන ගාථාවන් ආයුෂ්මත් මහා කච්චාන තෙරුන් විසින් දේශනා කරන ලදි. උන්වහන්සේ ද පෙර බුදුවරුන් කෙරෙහි තැබූ ප්‍රාර්ථනා ඇතිව පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී ගහපති මහාසාර කුලයක ඉපදුනහ. තුරුණුවියට පත් එකුමරු දිනක් ශාස්තෲන් වහන්සේ හමුවේ ධර්ම ශ්‍රවණය කරමින් සිටියේය. එහිදී ශාස්තෲන් වහන්සේ සංක්ෂිප්තව දෙසූ දහම් කරුණු ඉතා විස්තර වශයෙන් දේශනා කිරීමේ දක්ෂ භික්ෂූන් අතුරින් අග තනතුරට එක් භික්ෂූන් වහන්සේ කෙනෙකු පත් කරනු දුටු ගහපති කුමරු; එම තනතුරම පතාගෙන නොයෙක් පින්දහම් කළේය. එපින් බෙලෙන් දෙව් මිනිස් දෙගතියෙහි උපන් හෙතෙම සුමේධ භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී විද්යාධරයෙක්ව ඉපිද අහසින් යන කල්හි; ශෘස්තෲන් වහන්සේ හිමවත එක් පර්වතයක වූ වන ලැහැබක වැඩහුන් අයුරු දැක, පහන්සිත් උපදවා කිණිහිරි මලින් පූජා කළේය.
සො තෙන පුඤ්ඤකම්මෙන අපරාපරං සුගතීසුයෙව පරිවත්තෙන්තො කස්සපදසබලස්ස කාලෙ බාරාණසියං කුලඝරෙ නිබ්බත්තිත්වා පරිනිබ්බුතෙ භගවති සුවණ්ණචෙතියකරණට්ඨානෙ සතසහස්සග්ඝනිකාය සුවණ්ණිට්ඨකාය පූජං කත්වා, “භගවා මය්හං නිබ්බත්තනිබ්බත්තට්ඨානෙ සරීරං සුවණ්ණවණ්ණං හොතූ”ති පත්ථනං අකාසි.
ඒ පින්කම්වල විපාක විඳිමින් දෙව් මිනිස් දෙගතියේ සැරිසරා පැමිණි ඔහු, කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ ඉපිද, පිරිනිවි භාග්‍යවතුන් වහන්සේගේ රන්සෑය කරන තැනට ගොස් ලක්ෂයක් වටිනා රන් ගඩොලින් පූජා පවත්වා, “මම මතු උපනුපන් ආත්මභවයන්හිදී මගේ සිරුර රන්වන් වේවා”යි ප්‍රාර්ථනා කළේය.
තතො යාවජීවං කුසලකම්මං කත්වා එකං බුද්ධන්තරං දෙවමනුස්සෙසු සංසරිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ උජ්ජෙනියං රඤ්ඤො චණ්ඩපජ්ජොතස්ස පුරොහිතගෙහෙ නිබ්බත්ති. තස්ස නාමග්ගහණදිවසෙ මාතා “මය්හං පුත්තො සුවණ්ණවණ්ණො, අත්තනො නාමං ගහෙත්වා ආගතො”ති කඤ්චනමාණවො ත්වෙව නාමං අකාසි. සො වුඩ්ඪිමන්වාය තයො වෙදෙ උග්ගහෙත්වා පිතු අච්චයෙන පුරොහිතට්ඨානං ලභි. සො ගොත්තවසෙන කච්චායනොති පඤ්ඤායිත්ථ. තං රාජා චණ්ඩපජ්ජොතො බුද්ධුප්පාදං සුත්වා, “ආචරිය, ත්වං තත්ථ ගන්ත්වා සත්ථාරං ඉධානෙහී”ති පෙසෙසි. සො අත්තට්ඨමො සත්ථු සන්තිකං උපගතො. තස්ස සත්ථා ධම්මං දෙසෙති. දෙසනාපරියොසානෙ සො සත්තහි ජනෙහි සද්ධිං සහ පටිසම්භිදාහි අරහත්තෙ පතිට්ඨාසි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 2.54.1-27) –
පසුව තවත් පින් දහම් සිදුකළ ඔහු ඉන් චුතව එක් බුද්ධාන්තරයක් දෙව්ලොව ඉපිද සැප විඳ, අපගේ බුදුරදුන් ලොව පහළ වූ සමයේදී උදේනියේ රජ වූ චණ්ඩපජ්ජෝත රජුගේ පුරෝහිත බමුණාගේ පුතුව උපන්නේ ය. ඔහුට නම් තබන දින ඔහුගේ මව, “මගේ පුතා රන්වන්ය. තමාගේ නම රැගෙනම මෙහි ආවේය”යි පවසා කාඤ්චන මානවක යැයි නම් තැබුවාය. වැඩිවියට පත් ඒ බමුණු කුමරු ත්‍රිවේද පාරගතව පියාගෙන් පසුව පුරෝහිත තනතුරද දැරීය. හෙතෙම ගෝත්‍ර නාම වශයෙන් කච්චායන යැයි ප්‍රකට විය. “බුද්ධ” රත්නයේ පහළවීම ඇසූ ඒ චණ්ඩපජ්ජෝත රජු, “ගුරුතුමනි, නුඹ එහි ගොස් ඒ ශාස්තෲන් වහන්සේ මගේ රාජ්‍යයට වඩමවා ගෙන එන්නයි” පුරෝහිත බමුණා යැවීය. ඒ පුරෝහිත බමුණා තවත් සත් දෙනෙකු සමග ශාස්තෲන් වහන්සේ වෙත ගියේය. ශාස්තෲන් වහන්සේගෙන් දහම් ඇසූ ඒ කච්චායන බමුණා ප්‍රධාන දූත පිරිසම (අටදෙනම) සිවුපිළිසිඹියාපත් මහරහත් භාවයෙහි පිහිටියහ. අපදාන පාළියේදී කච්චායන තෙරණුවෝ මෙසේ වදාළහ.
“පදුමුත්තරො නාම ජිනො, අනෙජො අජිතං ජයො; සතසහස්සෙ කප්පානං, ඉතො උප්පජ්ජි නායකො.
“දෙතිස් මහපුරිස් ලකුණින් බබළන සර්වඥ වූ පදුමුත්තර නම් භාග්‍යවතුන් වහන්සේ විවේක සැප කැමතිව හිමවතට වැඩම කළහ. එහි වැඩි පුරුෂෝත්තම මහා කාරුණිකයාණෝ පලක් බැඳ වැඩ සිටියහ. එකල මම අහසින් යන විද්‍යාධරයෙක් වූයෙමි. මනාව සෑදූ ත්‍රිශූලායුධයක් ගෙන අහසින් ගිය මම කඳු මුදුනේ ගින්නක් මෙන් ද පුන්පෝදා සඳු මෙන් ද පිපී ගිය සල් රුකක් මෙන් ද බබළන බුදුරදුන් දුටුවෙමි. වත අගින් නික්ම බුදුරැස් පැතිරේ. නල (බට) වනයේ ගින්නක් මෙන් බබළන බුදුන් වෙත සිත් පැහැදවීමි. ඒ මේ අත බලා, දිව සුවඳ හමන කිණිහිරි මල් තුනක් ගෙන බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට පිදුවෙමි. ඒ බුද්ධානුභාවයේ මා පිදූ මල් නැටි උඩුකුරුව හා පෙති යටිකුරුව පිහිටා බුදුන්ට සෙවන දුනි. මැනවින් කළ මේ උතුම් පින්කම හා චිත්ත ප්‍රාර්ථනා අනුව මිනිස් සිරුර හැර දැමූ මම තව්තිසාවේ උපන්නෙමි. එසේ මනාව කළ පින්කමෙන් පහළ වූ මාගේ විමන “කණිකාරී” නම් විය. එහි උප යොදුන් සැටකි. පළල යොදුන් තිහකි. දහසක් භාග ඇත. ගෝලාකාර ගෙමුන් සීයකි. (කණිකාරපුප්ඵිය ථෙරාපදානයේ මෙම කොටස දැක්වේ. අපදාන පාළි II භාගය - පි. 238) [මේ කොටස පාලිය සමඟ නො සැසඳේ]
“වීරො කමලපත්තක්ඛො, සසඞ්කවිමලානනො; කනකාචලසඞ්කාසො, රවිදිත්තිසමප්පභො.
“සත්තනෙත්තමනොහාරී, වරලක්ඛණභූසිතො; සබ්බවාක්යපථාතීතො, මනුජාමරසක්කතො.
“සම්බුද්ධො බොධයං සත්තෙ, වාගීසො මධුරස්සරො; කරුණානිබන්ධසන්තානො, පරිසාසු විසාරදො.
“දෙසෙති මධුරං ධම්මං, චතුසච්චූපසංහිතං; නිමුග්ගෙ මොහපඞ්කම්හි, සමුද්ධරති පාණිනෙ.
“තදා එකචරො හුත්වා, තාපසො හිමවාලයො; නභසා මානුසං ලොකං, ගච්ඡන්තො ජිනමද්දසං.
“උපෙච්ච සන්තිකං තස්ස, අස්සොසිං ධම්මදෙසනං; වණ්ණයන්තස්ස වීරස්ස, සාවකස්ස මහාගුණං.
“සංඛිත්තෙන මයා වුත්තං, විත්ථාරෙන පකාසයං; පරිසං මඤ්ච තොසෙති, යථා කච්චායනො අයං.
“මා විසින් සංක්ෂිප්ත කර දෙසූ ධර්මය විස්තර වශයෙන් දේශනා කරන මේ කච්චායන තෙරුන් මම ද සිවු පිස ද සතුටු කරයි.
“නාහං එවමිධෙකච්චං, අඤ්ඤං පස්සාමි සාවකං; තස්මාතදග්ගෙ එසග්ගො, එවං ධාරෙථ භික්ඛවො.
මෙබඳු අන් කිසි ශ්‍රාවකයකු මම නොදකිමි. මහණෙනි! එනිසා මෙතෙම සවිස්තරව දහම් දෙසන්නවුන්ගෙන් අග්‍ර වේ. එය මෙසේ දරවු”යි බුදුපියාණන් වහන්සේ පැවසූහ.
“තදාහං විම්හිතො හුත්වා, සුත්වා වාක්යං මනොරමං; හිමවන්තං ගමිත්වාන, ආහිත්වා පුප්ඵසඤ්චයං.
එම බුදුවදන් ඇසූ මම හිමවතට ගොස් මල් රැසක් ගෙනවුත්, ලොවට පිහිට වූ බුදුරදුන්ට පුදා එම තනතුර පැතුවෙමි. කෙලෙසුන් දුරු කළ ඒ පදුමුත්තර බුදුහු මා අදහස් දැන මෙසේ වදාළහ.”
“පූජෙත්වා ලොකසරණං, තං ඨානමභිපත්ථයිං; තදා මමාසයං ඤත්වා, බ්යාකාසි ස රණඤ්ජහො.
“පස්සථෙතං ඉසිවරං, නිද්ධන්තකනකත්තචං; උද්ධග්ගලොමං පීණංසං, අචලං පඤ්ජලිං ඨිතං.
“පිරිසිදු කළ රන් බඳු පැහැයෙන් යුතු, අග් උඩුකුරුව ගිය ලොම් ඇති, පිරුණු මසින් යුතු උරහිස් ඇති, නිශ්චලව බැදැදිලිව සිටියා වු සතුටු කඳුළින් පිරී ගිය ඇස් ඇති, බුදු ගුණ වැනුමෙහි පෙළඹුණු සිත් ඇති අමාවෙන් ඉසින ලද්දාක් බඳු මූර්තිමත් ධර්මය වැනි උතුම් සිරුරක් ඇති මේ සෘෂිවරයා බලවු.
“හාසං සුපුණ්ණනයනං, බුද්ධවණ්ණගතාසයං; ධම්මජං උග්ගහදයං, අමතාසිත්තසන්නිභං.
“කච්චානස්ස ගුණං සුත්වා, තං ඨානං පත්ථයං ඨිතො; අනාගතම්හි අද්ධානෙ, ගොතමස්ස මහාමුනෙ.
මෙතෙම කච්චානයන්ගේ ගුණ අසා ඒ තනතුර පතමින් සිටියේය. ගෞතම මහාමුනීන්ද්රයන් වහන්සේගේ අනාගත සසුන පවත්නා සමයේදී උන්වහන්සේගේ ධර්මයට දායාද වූ, ධර්මයෙන් මවන ලද්දාක් වැනි ඖරස පුත්‍ර වූ කච්චාන නම් බුද්ධශ්රාවක වන මෙතෙම එසමයේදී බහුශ්‍රැතව, මහානුවණැතිව බුදුරදුන්ගේ අදහස් දන්නෙක්ව ඒ උතුම් තනතුර ලබන්නේ ය.”
“තස්ස ධම්මෙසු දායාදො, ඔරසො ධම්මනිම්මිතො; කච්චානො නාම නාමෙන, හෙස්සති සත්ථු සාවකො.
“බහුස්සුතො මහාඤාණී, අධිප්පායවිදූ මුනෙ; පාපුණිස්සති තං ඨානං, යථායං බ්යාකතො මයා.
“සතසහස්සිතො කප්පෙ, යං කම්මමකරිං තදා; දුග්ගතිං නාභිජානාමි, බුද්ධපූජායිදං ඵලං.
“මීට කල්ප ලක්ෂයකට පෙර දී යම් කර්මයක් කළෙම් ද එහි විපාක විඳිමින් දුගතියකට නොපැමිණියෙමි. බුද්ධ පූජාවේ විපාක මෙබඳුය. [missing trans] ක්ෂත්රිය හා බ්‍රාහ්මණ කුලයන්හි පමණක් ඉපදුනෙමි. නීච කුලයේ නූපදිමි.
“දුවෙ භවෙ සංසරාමි, දෙවත්තෙ අථ මානුසෙ; අඤ්ඤං ගතිං න ගච්ඡාමි, බුද්ධපූජායිදං ඵලං.
“දුවෙ කුලෙ පජායාමි, ඛත්තියෙ අථ බ්රාහ්මණෙ; නීචෙ කුලෙ න ජායාමි, බුද්ධපූජායිදං ඵලං.
“පච්ඡිමෙ ච භවෙ දානි, ජාතො උජ්ජෙනියං පුරෙ; පජ්ජොතස්ස ච චණ්ඩස්ස, පුරොහිතදිජාධිනො.
දැන් පශ්චිම භවයේදී උදේනි නගරයේ ඉපිද චණ්ඩපජ්ජෝත රජුගේ තිදිවවච්ඡ නම් පුරෝහිතයාගේ පුත්‍රව උපන් මම සියුම් නුවණැතිව වේදයෙහි පරතෙරට ගියෙමි. මගේ මවු චන්ද්රපදුමා නම් වූවාය. මනා සිවි ඇති මම කච්චායන නම් වීමි.
“පුත්තො තිරිටිවච්ඡස්ස, නිපුණො වෙදපාරගූ; මාතා ච චන්දිමා නාම, කච්චානොහං වරත්තචො.
“වීමංසනත්ථං බුද්ධස්ස, භූමිපාලෙන පෙසිතො; දිස්වා මොක්ඛපුරද්වාරං, නායකං ගුණසඤ්චයං.
බුදුරදුන් විමසනු පිණිස රජු විසින් යැවූ මම ගුණ සමූහ ඇති ලෝකනායකයන් වහන්සේ ද නිර්මල වචනය ද අසා සෙසු සත්දෙන සමඟම ශාන්ත වූ නිවනට පැමිණියෙමි.
“සුත්වා ච විමලං වාක්යං, ගතිපඞ්කවිසොසනං; පාපුණිං අමතං සන්තං, සෙසෙහි සහ සත්තහි.
“අධිප්පායවිදූ ජාතො, සුගතස්ස මහාමතෙ. ඨපිතො එතදග්ගෙ ච, සුසමිද්ධමනොරථො.
මහාමුනි වූ බුදුරදුන්ගේ අදහස් දන්නා වූ මම සමෘද්ධ වූ මනදොළ ඇතිව ඒතදග්‍රස්ථානයෙහි තබන ලද්දෙමි.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි. (අපදාන පාළි II භාගය, පි. 292 - මහාකච්චායන ත්ථෙරාපදානය)
අථ සත්ථා “එථ, භික්ඛවො”ති හත්ථං පසාරෙසි. තෙ තාවදෙව ද්වඞ්ගුලමත්තකෙසමස්සුකා ඉද්ධිමයපත්තචීවරධරා වස්සසට්ඨිකත්ථෙරා විය අහෙසුං. එවං ථෙරො සදත්ථං නිප්ඵාදෙත්වා, “භන්තෙ, රාජා පජ්ජොතො තුම්හාකං පාදෙ වන්දිතුං ධම්මඤ්ච සොතුං ඉච්ඡතී”ති සත්ථු ආරොචෙසි. සත්ථා, “ත්වංයෙව, භික්ඛු, තත්ථ ගච්ඡ, තයි ගතෙපි රාජා පසීදිස්සතී”ති ආහ. ථෙරො සත්ථු ආණාය අත්තට්ඨමො තත්ථ ගන්ත්වා රාජානං පසාදෙත්වා අවන්තීසු සාසනං පතිට්ඨාපෙත්වා පුන සත්ථු සන්තිකමෙව ගතො. සො එකදිවසං සම්බහුලෙ භික්ඛූ සමණධම්මං පහාය කම්මාරාමෙ සඞ්ගණිකාරාමෙ රසතණ්හානුගතෙ ච පමාදවිහාරිනො දිස්වා තෙසං ඔවාදවසෙන –
ඉක්බිති ශාස්තෲන් වහන්සේ ඔවුන්ට “මහණෙනි, එවු”යි අත දිගුකර වදාළහ. එකෙණෙහිම ඔවුහු දෑඟුලක් පමණ වූ කෙස් රවුල් ඇතිව, සෘද්ධිමය පාසිවුරු දරා සියවස් පිරි මහ තෙරවරු මෙන් පෙනී සිටියහ. මෙසේ කච්චායන තෙරණුවෝ ස්වාර්ථ සාධනය කරගෙන, “ස්වාමීනි, පජ්ජෝත රජු ඔබවහන්සේගේ ධර්මය ඇසීමටත්, ඔබවහන්සේගේ පා වැඳීමටත් කැමති වේ” යැයි ශාස්තෲන් වහන්සේට ආරාධනා කළහ. එවිට ශාස්තෲන් වහන්සේ, “කච්චානය, නුඹම එහි යන්න. නුඹ ගිය විට රජු පහදින්නේය”යි පැවසූහ. තෙරණුවෝ ද ශාස්තෲ නියමය පරිදි තවත් සත්දෙනෙකු සමඟ උදේනි නුවරට වැඩ, රජු පහදවා අවන්තියේ බුදුසසුන පිහිටුවා නැවත ශාස්තෲන් වහන්සේ වෙතම වැඩම කළහ. එක් දිනක් බොහෝ භික්ෂූහු ශ්‍රමණ ධර්ම හැර, විවිධ කටයුතු-කර්මාන්තවල ද රංචු ගැසී කථාවෙහි ද රස තණ්හාවෙහි ද ඇලී ප්‍රමාදවෙමින් සිටිනු දුටු කච්චායන තෙරණුවෝ ඒ භික්ෂූන්ට අවවාද දෙමින් මෙසේ වදාළහ.
“කම්මං බහුකං න කාරයෙ, පරිවජ්ජෙය්ය ජනං න උය්යමෙ; සො උස්සුක්කො රසානුගිද්ධො, අත්ථං රිඤ්චති යො සුඛාධිවාහො.
“කම්මං බහුකං න කාරයෙ, පරිවජ්ජෙය්ය ජනං න උය්යමෙ, සො උස්සුකො රසානුගිද්ධො, අත්ථං රිඤ්චති යො සුඛාධිවාහො”
“පඞ්කොති හි නං අවෙදයුං, යායං වන්දනපූජනා කුලෙසු; සුඛුමං සල්ලං දුරුබ්බහං, සක්කාරො කාපුරිසෙන දුජ්ජහො”ති. –
“පංකොති හි නං අවෙදයුං යායං වන්දනපූජනා කුලෙසු, සුඛුමං සල්ලං දුරබ්බහං, සක්කාරො කාපුරිසෙන දුජ්ජහො” තී.
ද්වෙ ගාථා අභාසි.
තත්ථ කම්මං බහුකං න කාරයෙති නවාවාසකාරාපනාදිං සමණධම්මකරණස්ස පරිබන්ධභූතං මහන්තං නවකම්මං න පට්ඨපෙය්ය, ඛුද්දකං අප්පසමාරම්භං ඛණ්ඩඵුල්ලපටිසඞ්ඛරණාදිං සත්ථු වචනපටිපූජනත්ථං කාතබ්බමෙව. පරිවජ්ජෙය්ය ජනන්ති ගණසඞ්ගණිකවසෙන ජනං විවජ්ජෙය්ය. ජනන්ති වා යාදිසං සංසෙවතො භජතො පයිරුපාසතො කුසලා ධම්මා පරිහායන්ති, අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, තාදිසං අකල්යාණමිත්තභූතං ජනං පරිවජ්ජෙය්ය. න උය්යමෙති, පච්චයුප්පාදනත්ථං කුලසඞ්ගණ්හනවසෙන න වායමෙය්ය, යස්මා සො උස්සුක්කො රසානුගිද්ධො, අත්ථං රිඤ්චති යො සුඛාධිවාහොති යො රසානුගිද්ධො රසතණ්හාවසිකො භික්ඛු පච්චයුප්පාදනපසුතො, සො කුලසඞ්ගණ්හනත්ථං උස්සුක්කො, තෙසු සුඛිතෙසු සුඛිතො, දුක්ඛිතෙසු දුක්ඛිතො, උප්පන්නෙසු කිච්චකරණීයෙසු අත්තනා යොගං ආපජ්ජති, යො සුඛාධිවාහො සමථවිපස්සනාමග්ගඵලනිබ්බානසුඛාවහො සීලාදිඅත්ථො, තං රිඤ්චති පජහති එකංසෙන අත්තානං තතො විවෙචෙතීති අත්ථො.
මෙහි “කම්මං බහුකං න කාරයෙ” නව කර්මාන්ත කරවීම් ආදිය ශ්රමණධර්ම පුරන්නන්ට බාධාවකි. උවදුරකි. මහත් වූ නව කර්මාන්තයන්හි පිහිටිය යුතු නොවේ. කුඩා වූ අල්ප වූ ආරම්භ කිරීම් ඇති කැඩුණු බිඳුණු තැන් පිළිසකර කිරීම් ද ශාස්තෲ වචනය ඉටුකිරීම ද කළ යුත්තේමය. “පරිවජ්ජෙය්ය ජනං” සමූහ සාකච්ඡාවල යෙදීමෙන් වැළකීම් වශයෙන් ජනයාගෙන් දුරුවිය යුතුයි. යමෙකු සේවනය, භාජනය, පයිරු පාසනය කිරීමෙන් කුසල් දහම් පිරිහී යයි ද අකුසල දහම් වැඩෙන්නේ ද එබඳු වූ අයහපත් පවිටු ජනයා දුරුකළ යුතුයි. “න උය්යමෙ” සිවුපසය ලබා ගැනීමට කුලයන්හි ඇලීම් වශයෙන් වෑයම් නො කරන්නේ ය. යමෙක් සුව ගෙනදෙන රසයන්හි ගිජු වී, රස තණ්හාවෙන් යුක්ත වූයේ ද මේ සඳහා උත්සාහවත් වන ඔහු අර්ථයෙන් හිස් වේ. යම් භික්ෂුවක් සිවුපසය ඉපයීමට උත්සාහවත් වී කුලයන් වෙත ගොස්, රැස්ව සමූහ සාකච්ඡාවෙන් යුතුව, තමාට සැප දුක් එළඹි කල්හි කළයුතු කටයුතු පිළිබඳව උත්සාහවත්ව යෙදෙන්නේ ද ඒ භික්ෂුව සැපගෙන දෙන සමථ, විදර්ශනා, මගඵල නිවන් සුවයෙන් විඳින ශීලාදී අර්ථයන්ගෙන් හිස් වේ. දුරු වේ. ඒකාන්තයෙන්ම තමන් මේ කරුණුවලින් මුදවාගත යුතුය යන අර්ථයයි.
එවං පඨමගාථාය “කම්මාරාමතං සඞ්ගණිකාරාමතං පච්චයගෙධඤ්ච වජ්ජෙථා”ති ඔවදිත්වා ඉදානි සක්කාරාභිලාසං ගරහන්තො දුතියං ගාථමාහ. තස්සත්ථො – යා අයං භික්ඛාය උපගතානං පබ්බජිතානං කුලෙසු ගෙහවාසීහි ගුණසම්භාවනාය කරීයමානා වන්දනා පූජනා ච, යස්මා තං අභාවිතත්තානං ඔසීදාපනට්ඨෙන මලිනභාවකරණට්ඨෙන ච පඞ්කො කද්දමොති බුද්ධාදයො අරියා පවෙදයුං අබ්භඤ්ඤංසු පවෙදෙසුං වා, යස්මා ච අපරිඤ්ඤාතක්ඛන්ධානං අන්ධපුථුජ්ජනානං සක්කාරාභිලාසං දුවිඤ්ඤෙය්යසභාවතාය පීළාජනනතො අන්තො තුදනතො දුරුද්ධරණතො ච සුඛුමං සල්ලං දුරුබ්බහං පවෙදයුං, තතො එව සක්කාරො කාපුරිසෙන දුජ්ජහො දුප්පජහෙය්යො තස්ස පහානපටිපත්තියා අප්පටිපජ්ජනතො. සක්කාරාභිලාසප්පහානෙන හි සක්කාරො පහීනො හොති, තස්මා තස්ස පහානාය ආයොගො කරණීයොති දස්සෙති –
මෙසේ පළමු ගාථාවෙන් “කර්මාන්තවලම යෙදී සිටීම, සමූහ සාකච්ඡාවන්හි නිරතව සිටීම හා සිවුපසයේ ගිජු බව අත්හරින්න” යැයි අවවාද දී දැන් ලාභ සත්කාරයන්හි ගිජු බවට ගරහමින් දෙවන ගාථාව වදාරති. එහි අර්ථ මෙසේය. “යම් ඒ භික්ෂාව පිණිස පැමිණියා වූ පැවිද්දන්ට කුලයන්හි ගෘහවාසීන් විසින් ගුණ සලකා කරනු ලබන වන්දනා පූජාවන්; ඒ ගුණ රහිතයන් අපායේ ගිල්වන, හෙළන අරුතින් ද කිළිටි බව ඇති කරන හෙයින් ද පංකයක් වේ. මඩ ගොහොරුවක් වේ” යැයි බුද්ධාදී ආර්යයෝ වදාළහ. දෙසූහ. එසේම “අවබෝධ නොකළ ස්කන්ධ දැරීම ඇති අඳබාල පුහුදුන් පුද්ගලයන්ගේ ලාභසත්කාර ලෝලත්වය, දැනගැනීම අසීරු හෙයින් ද පීඩා - පෙළීම් ගෙන දෙන බැවින් ද ඇතුළතින් අභ්‍යන්තරයෙන් අනින, පීඩාදෙන බැවින් ද උඟුලුවා ලිය නොහැකි සියුම් හුලකි”යි උන්වහන්සේලා පැවසූහ. එසේම ලාභසත්කාරයෝ ළාමක පුරුෂයන් විසින් අත්හළ නොහැක්කහ. අත්හැරීම ඉතා අපහසුය. ඒ ලාභසත්කාර දුරු කරන පිළිවෙත අනුගමනය නොකිරීමෙන් ලාභසත්කාරයේ ගිජු බව ප්‍රහීණ නොවේ. එනිසා ඒ ලාභ සත්කාරයේ ගිජු බව ප්රහාණය කිරීමට උත්සාහ කළයුතු යැයි එහි යෙදීම දක්වන ලදි. කච්චායන තෙරණුවෝ -
“න පරස්සුපනිධාය, කම්මං මච්චස්ස පාපකං; අත්තනා තං න සෙවෙය්ය, කම්මබන්ධූ හි මාතියා.
“නපරස්සූපනිධාය කම්මං මච්චස්ස පාපකං, අත්තනා තං න සෙවෙය්ය, කම්මබන්ධු හි මාතියා”
“න පරෙ වචනා චොරො, න පරෙ වචනා මුනි; අත්තා ච නං යථා වෙදි, දෙවාපි නං තථා විදූ.
“න පරෙ වචනා චොරො, න පරෙ වචනා මුනි, අත්තානඤ්ච යථා වෙත්ති දෙවාපි නං තථා විදූ”
“පරෙ ච න විජානන්ති, මයමෙත්ථ යමාමසෙ; යෙ ච තත්ථ විජානන්ති, තතො සම්මන්ති මෙධගා.
“පරෙව න විජානන්ති මයමෙත්ථ යමාමසෙ, යෙච තත්ථ විජානන්ති තතො සම්මන්ති මෙධගා”
“ජීවතෙ වාපි සප්පඤ්ඤො, අපි විත්තපරික්ඛයො; පඤ්ඤාය ච අලාභෙන, විත්තවාපි න ජීවති.
“ජීවිතෙ වාපි සප්පඤ්ඤො අපි විත්තපරික්ඛයො, පඤ්ඤාය ච අලාභෙන විත්තවා’පි න ජීවති”
“සබ්බං සුණාති සොතෙන, සබ්බං පස්සති චක්ඛුනා; න ච දිට්ඨං සුතං ධීරො, සබ්බං උජ්ඣිතුමරහති.
“සබ්බං සුණාති සොතෙන, සබ්බං පංස්සති චක්ඛුනා, න ච දිට්ඨං සුතං ධීරො සබ්බං උජ්ඣිතුමරහති”
“චක්ඛුමාස්ස යථා අන්ධො, සොතවා බධිරො යථා; පඤ්ඤවාස්ස යථා මූගො, බලවා දුබ්බලොරිව; අථ අත්ථෙ සමුප්පන්නෙ, සයෙථ මතසායික”න්ති. –
“චක්ඛුමස්ස යථා අන්ධො සොතවා බධිරො යථා, පඤ්ඤාවස්ස යථා මූගො බලවා දුබ්බලොරිව, අථ අත්ථෙ සමුප්පන්නෙ සයෙථ මතසායිකං” ති.
ඉමා ඡ ගාථා රඤ්ඤො පජ්ජොතස්ස ඔවාදවසෙන අභාසි. සො කිර බ්රාහ්මණෙ සද්දහිත්වා පසුඝාතයඤ්ඤං කාරෙති, කම්මං අසොධෙත්වාව අචොරෙ චොරසඤ්ඤාය දණ්ඩෙසි, අට්ටකරණෙ ච අස්සාමිකෙ සාමිකෙ කරොති, සාමිකෙ ච අස්සාමිකෙ. තතො නං ථෙරො විවෙචෙතුං “න පරස්සා”තිආදිනා ඡ ගාථා අභාසි.
මේ ගාථා සය චණ්ඩපජ්ජෝත රජුට අවවාද වශයෙන් වදාළහ. ඒ රජු බමුණු මත පිළිගෙන සත්වඝාතන යාගහෝමාදිය කරවයි. කටයුතු නොවිමසා සොරකම් නොකළ පුද්ගලයන්ට “සොරුය” යන හැඟීමෙන් දඬුවම් කරයි. ධනයට නිසි හිමිකරුවන් ඊට අහිමි කරයි. නුසුදුසු පුද්ගලයන් ධනයට හිමිකරුවන් කරයි. මෙම අමනෝඥක්රියා විවේචනය කරමින් ඉහත දැක්වූ ගාථා සය තෙරණුවෝ වදාළහ.
තත්ථ න පරස්සුපනිධාය, කම්මං මච්චස්ස පාපකන්ති පරස්ස මච්චස්ස සත්තස්ස උපනිධාය උද්දිස්ස කාරණං කත්වා පාපකං වධබන්ධාදිකම්මං න සෙවෙය්ය, පරෙන න කාරාපෙය්යාති අත්ථො. අත්තනා තං න සෙවෙය්යාති අත්තනාපි තං පාපකං න කරෙය්ය. කස්මා? කම්මබන්ධූ හි මාතියා ඉමෙ මාතියා මච්චා කම්මදායාදා, තස්මා අත්තනා ච කිඤ්චි පාපකම්මං න කරෙය්ය, පරෙනපි න කාරාපෙය්යාති අත්ථො.
එහි “න පරස්සුපනිධාය කම්මං මච්චස්ස පාපකං” අන්‍ය සත්වයන්ට සමාන කර බලා, ගලපා බලා, කාරකයකු කොට පවිටු වධ බන්ධන නොකරන්න. අනුන් ලවා ද නො කරවන්න යන අර්ථයයි. “අත්තනා තං න සෙවෙය්ය” තමා විසින් ද ඒ පාප කර්ම නොකරන්න. කුමක් නිසාද? “කම්මබන්ධූහි මාතියා” සත්ත්වයෝ කර්මය බන්ධු කරගෙන, ඥාති කරගෙන, දායාද කරගෙන ඇති බැවිනි. එනිසා තමා විසින් ද කිසිදු පාප කර්මයක් නො කරන්නේ ය. අනුන් ලවා ද පව්කම් නො කරන්නේ ය.
න පරෙ වචනා චොරොති අත්තනා චොරියං අකත්වා පරවචනා පරස්ස වචනමත්තෙන චොරො නාම න හොති, තථා න පරෙ වචනා මුනි පරස්ස වචනමත්තෙන මුනි සුවිසුද්ධකායවචීමනොසමාචාරො න හොති. එත්ථ හි පරෙති විභත්තිඅලොපං කත්වා නිද්දෙසො. කෙචි පන “පරෙසන්ති වත්තබ්බෙ පරෙති සං-කාරලොපං කත්වා නිද්දිට්ඨ”න්ති වදන්ති. අත්තා ච නං යථා වෙදීති නං සත්තං තස්ස අත්තා චිත්තං යථා “අහං පරිසුද්ධො, අපරිසුද්ධො වා”ති යාථාවතො අවෙදි ජානාති. දෙවාපි නං තථා විදූති විසුද්ධිදෙවා, උපපත්තිදෙවා ච තථා විදූ විදන්ති ජානන්ති, තස්මා සයං තාදිසා දෙවා ච පමාණං සුද්ධාසුද්ධානං සුද්ධාසුද්ධභාවජානනෙ, න යෙ කෙචි ඉච්ඡාදොසපරෙතා සත්තාති අධිප්පායො.
“න පරෙ වචනාචෙරො” තමා සොරකම් නොකළ පුද්ගලයෙකුට අනුන් “සොරෙක්” යැයි කී පමණින් ඔහු සොරෙකු නොවේ. එමෙන්ම අනුන් කී පමණින් “න පරෙ වචනාමුනී” ඉතා පිරිසිදු කාය වාග් හැසිරීම් නැති පුද්ගලයා මුනිවරයකු ද නොවේ. මෙහි “පරෙ” යන්න විභක්ති ලොප් නොකර දක්වන ලදි. ඇතැමෙක් “පරෙසං” යැයි කිවයුතු තැන “පරෙ” යනුවෙන් සකාරය ලොප් කර, දක්වන ලදැයි පවසති. “අත්තානංච යථා වෙත්ති” ඒ සත්ත්වයා තමන්ගේ සිතින් “මම පිරිසිදු වූවෙක්මි” හෝ “අපිරිසිදු වූවෙක්මි” යි තත්වාකාරයෙන්, ඇති සැටියෙන් දනියි. “දෙවාපි පරචිත්තවිදූ” විසුද්ධි දෙවියෝ ද උත්පත්ති දෙවියෝ ද එසේම තත්වාකාරයෙන් දනිති. එනිසා තමාගේ පිරිසිදු අපිරිසිදු බව දැනීමෙහි දෙවියෝද ප්‍රමාණ වෙති. ඊර්ෂ්‍යා, දෝෂ සහිත සත්ත්වයෝ ප්‍රමාණ නොවෙති යන අදහසයි.
පරෙති පණ්ඩිතෙ ඨපෙත්වා තතො අඤ්ඤෙ, කුසලාකුසලසාවජ්ජානවජ්ජං කම්මං කම්මඵලං කායස්ස අසුභතං සඞ්ඛාරානං අනිච්චතං අජානන්තා ඉධ පරෙ නාම. තෙ මයමෙත්ථ ඉමස්මිං ජීවලොකෙ යමාම උපරමාම, “සතතං සමිතං මච්චු සන්තිකං ගච්ඡාමා”ති න ජානන්ති. යෙ ච තත්ථ විජානන්තීති යෙ ච තත්ථ පණ්ඩිතා “මයං මච්චු සමීපං ගච්ඡාමා”ති විජානන්ති. තතො සම්මන්ති මෙධගාති එවඤ්හි තෙ ජානන්තා මෙධගානං පරවිහිංසනානං වූපසමාය පටිපජ්ජන්ති, අත්තනා පරෙ ච අඤ්ඤෙ න මෙධන්ති න බාධෙන්තීති අත්ථො. ත්වං පන ජීවිතනිමිත්තං අචොරෙ චොරෙ කරොන්තොපි දණ්ඩනෙන සාමිකෙ අස්සාමිකෙ කරොන්තොපි ධනජානියා බාධසි පඤ්ඤාවෙකල්ලතො. තථා අකරොන්තොපි ජීවතෙ වාපි සප්පඤ්ඤො, අපි විත්තපරික්ඛයො පරික්ඛීණධනොපි සප්පඤ්ඤජාතිකො ඉතරීතරසන්තොසෙන සන්තුට්ඨො අනවජ්ජාය ජීවිකාය ජීවතියෙව. තස්ස හි ජීවිතං නාම. තෙනාහ භගවා – “පඤ්ඤාජීවිං ජීවිතමාහු සෙට්ඨ”න්ති (සං· නි· 1.73, 246; සු· නි· 184). දුම්මෙධපුග්ගලො පන පඤ්ඤාය ච අලාභෙන දිට්ඨධම්මිකං සම්පරායිකඤ්ච අත්ථං විරාධෙන්තො විත්තවාපි න ජීවති ගරහාදිපවත්තියා ජීවන්තො නාම න හොති, අනුපායඤ්ඤුතාය යථාධිගතං ධනං නාසෙන්තො ජීවිතම්පි සන්ධාරෙතුං න සක්කොතියෙව.
“පරෙ” නුවණැති - පඬිවරුන් හැර අන්‍ය වූ කුසලාකුසල දහම්, වැරදි නිවැරදි දහම් කර්ම හා කර්මඵල, කයේ අසුභත්වය හා සංස්කාරයන්ගේ අනිත්‍ය බව නොදක්නා අනුවණයෝ. ඔවුහු “අපි මේ ජීවිතයෙන් වෙන්ව පරලොව යන්නෙමු. නිතරම අපි මරණය වෙත ළංවන්නෙමු”යි නොදනිති. “යෙ ච තත්ථ විජානන්ති” යම් ඒ පඬිවරු වෙත් ද ඔවුහු “අපි මරණයට පත්වන්නෙමු”යි දනිති. “තතො සම්මන්ති මෙධගා” මෙසේ මැරෙන බව දන්නා නුවණැත්තෝ අනුන්ට හිංසා කිරීමෙන් වැළකෙති. තමා විසින් ද අනුන් ලවා ද කිසිවකුටත් පීඩා, හිංසා නොකරති. බාධා නොකරති යන අර්ථයයි. නුඹ වනාහි ජීවිතය නිමිති කරගෙන, නොසොරු සොරු කරමින් දඬුවම් කරන්නෙහිය. වස්තු හිමියන්ට වස්තු අහිමි කරමින් ධන හානි කරන්නෙහිය. ප්‍රඥා විකලත්වයෙන් එසේ නොකරමින් ජීවත්වන නුවණැති පුද්ගලයා සම්පත් පිරිහී ගියත්, ධනය ක්ෂය වුවත් නුවණැතිව උපන් බැවින්, ලද දෙයින් සතුටුවෙමින් නිවැරදි ජීවිකාවෙන් ජීවත්වන්නේ ම ය. ඔහු “ජීවත්වෙනවා” නම්වේ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේ එබැවිනි. “ප්‍රඥාවෙන් ජීවත්වීම ශ්‍රේෂ්ඨතම ජීවත්වීමයි” අනුවණ පුද්ගලයා ප්‍රඥාව නොමැති හෙයින් මෙලෝ පරලෝ යහපත වසාගනියි. සම්පත් නිසාවත් ජීවත් නොවේ. ගැරහුම්, නින්දා අපහාස ලබන ඔහුගේ ජීවිතය, ජීවත්වීමක් නො වේ. මුහුකුරා නොගිය ප්‍රඥාව ඇති බැවින් තමාට ලැබෙන ධනය වනසමින් සිටින්නා ජීවත්වීම නොකඩවා පවත්වාගෙන යෑමට ද අසමත් වේ.
ඉමා කිර චතස්සොපි ගාථා ථෙරො සුපිනන්තෙන රඤ්ඤො කථෙසි. රාජා සුපිනං දිස්වා ථෙරං නමස්සන්තොයෙව පබුජ්ඣිත්වා පභාතාය රත්තියා ථෙරං උපසඞ්කමිත්වා වන්දිත්වා අත්තනා දිට්ඨනියාමෙන සුපිනං කථෙසි. තං සුත්වා ථෙරො තා ගාථා පච්චුනුභාසිත්වා “සබ්බං සුණාතී”තිආදිනා ද්වීහි ගාථාහි රාජානං ඔවදි. තත්ථ සබ්බං සුණාති සොතෙනාති ඉධ සොතබ්බං සද්දං ආපාථගතං සබ්බං සුභාසිතං දුබ්භාසිතඤ්ච අබධිරො සොතෙන සුණාති. තථා සබ්බං රූපං සුන්දරං අසුන්දරම්පි චක්ඛුනා අනන්ධො පස්සති, අයමින්ද්රියානං සභාවො. තත්ථ පන න ච දිට්ඨං සුතං ධීරො, සබ්බං උජ්ඣිතුන්ති ච නිදස්සනමත්තමෙතං. යඤ්හි තං දිට්ඨං සුතං වා, න තං සබ්බං ධීරො සප්පඤ්ඤො උජ්ඣිතුං පරිච්චජිතුං ගහෙතුං වා අරහති. ගුණාගුණං පන තත්ථ උපපරික්ඛිත්වා උජ්ඣිතබ්බමෙව උජ්ඣිතුං ගහෙතබ්බඤ්ච ගහෙතුං අරහති, තස්මා චක්ඛුමාස්ස යථා අන්ධො චක්ඛුමාපි සමානො උජ්ඣිතබ්බෙ දිට්ඨෙ අන්ධො යථා අස්ස අපස්සන්තො විය භවෙය්ය, තථා උජ්ඣිතබ්බෙ සුතෙ සොතවාපි බධිරො යථා අස්ස අසුණන්තො විය භවෙය්ය. පඤ්ඤවාස්ස යථා මූගොති විචාරණපඤ්ඤාය පඤ්ඤවා වචනකුසලොපි අවත්තබ්බෙ මූගො විය භවෙය්ය. බලවා ථාමසම්පන්නොපි අකත්තබ්බෙ දුබ්බලොරිව, රකාරො පදසන්ධිකරො, අසමත්ථො විය භවෙය්ය. අථ අත්ථෙ සමුප්පන්නෙ, සයෙථ මතසායිකන්ති අත්තනා කාතබ්බකිච්චෙ උප්පන්නෙ උපට්ඨිතෙ මතසායිකං සයෙථ, මතසායිකං සයිත්වාපි තං කිච්චං තීරෙතබ්බමෙව, න විරාධෙතබ්බං. අථ වා අථ අත්ථෙ සමුප්පන්නෙති අත්තනා අකරණීයෙ අත්ථෙ කිච්චෙ උප්පන්නෙ උපට්ඨිතෙ මතසායිකං සයෙථ, මතසායිකං සයිත්වාපි තං න කාතබ්බමෙව. න හි පණ්ඩිතො අයුත්තං කාතුමරහතීති එවං ථෙරෙන ඔවදිතො රාජා අකත්තබ්බං පහාය කාතබ්බෙයෙව යුත්තප්පයුත්තො අහොසීති.
මෙම ගාථා සතර තෙරුන් වහන්සේ සිහිනෙන් පෙනී සිට රජුට වදාළහ. උදෑසන තෙරුන්ට වඳිමින්ම අවදි වූ රජතුමා, තෙරුන් වහන්සේ එම සිවු ගාථා නැවත වදාරා, “සබ්බං සුණාති” යන අවසන් ගාථා දෙක වදාරමින් රජුට අවවාද දුන් සේක. එහි “සබ්බං සුණාති සොතෙන” මෙලොව ඇසිය යුතු ශබ්ද, කණට වැටෙන සියලු සුභාෂිත වූ ද දුර්භාෂිත වූ ද ශබ්ද මිහිරි නොවූවෝ කණින් අසති. එසේම සියලුම සුන්දර, අසුන්දර රූප අන්ධනොවූවෝ සිය ඇසින් දකිති. ඉන්ද්රියයන්ගේ ස්වභාවය මෙබඳුය. එහි “නච දිට්ඨං සුතං ධීරො සබ්බං උජ්ඣිතුං” මෙය නිදර්ශන දැක්වීමකි. උදාහරණයකි. දුටු, ඇසූ, විදි සියල්ලම මෙහිදී අදහස් වේ. ප්‍රඥාවන්ත නුවණැත්තා අත්හළ යුතු, ඉවත් කළ යුතු නුසුදුසු දේ අත්හරියි. ගැනීමට සුදුසු දේ පමණක් හොඳ-නරක, ගුණාගුණ විමසා ගනියි. අත්හළ යුතු දෙය පමණක් ඉවත් කිරීමත්, ගත යුතු දේ පමණක් ගැනීමත් සුදුසුය. එනිසා ඇත් ඇති නමුත් නුසුදුසු දෙයක් දුටුවිට අන්ධයකු මෙන් එය නොදක්නා බවට පත්විය යුතුයි. නුසුදුසු දෙයක් ඇසෙන විට බිහිරෙකු මෙන් එය නොඇසුණු ලෙස හැසිරිය යුතුය. නොකිවයුතු තැන දී විමසුම්ශීලී ප්‍රඥාවෙන් යුතු, නුවණැති වූවත් ගොළුවකු මෙන් හැසිරිය යුතුයි. යම් නොකටයුත්තක් පැමිණි කල්හි බල වීර්ය ආදියෙන් සමන්විත වුවත් දුර්වලයකු මෙන්, අසමත් අයෙකු මෙන් හැසිරිය යුතු යි. “දුබ්බලොරිව” දුර්වලයකු මෙන් “ර” යන්න පද සන්ධි කරන්නකි. “අථ අත්ථො සමුප්පන්නෙ සයෙථ මතසායිකං” තමා විසින් කළයුතු කටයුත්තක් එළඹි කල්හි මරනින්දෙහි යෙදුණෙකු මෙන් එම කටයුත්ත තීරණය කළයුත්තේමය. කළ යුතුමය. අතරමඟ නැවැත්විය යුතු නොවේ. නැතහොත් “අථ අත්ථෙ සමුප්පන්නෙ” තමා විසින් නොකළයුතු කටයුත්තක් එළඹි කල්හි, පැමිණිවිට මරනින්දේ නිදවු. මරනින්දේ නිදා එය නොකළ යුතුයි. කිසිසේත්ම නුවණැත්තන් විසින් නුසුදුසු දෙයක් කිරීම සුදුසු නොවේ. මෙසේ කච්චායන තෙරුන්ගේ අවවාද ලැබූ රජතුමා නොකළ යුතු දේ අත්හැර සුදුසු කටයුතුවලම නියුක්ත වූයේය.
මහාකච්චායනත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
මහා කච්චායන ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.