සරභඞ්ගත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
සරභඞ්ගත්ථෙරගාථාවණ්ණනා
සරභඞ්ග ස්ථවිරගාථා වර්ණනාව
සරෙ හත්ථෙහීතිආදිකා ආයස්මතො සරභඞ්ගත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයං කුසලං උපචිනිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ රාජගහෙ අඤ්ඤතරස්ස බ්රාහ්මණස්ස පුත්තො හුත්වා නිබ්බත්ති, අනභිලක්ඛිතොතිස්ස කුලවංසාගතං නාමං අහොසි. සො වයප්පත්තො කාමෙ පහාය තාපසපබ්බජ්ජං පබ්බජිත්වා සරතිණානි සයමෙව භඤ්ජිත්වා පණ්ණසාලං කත්වා වසති. තතො පට්ඨාය සරභඞ්ගොතිස්ස සමඤ්ඤා අහොසි. අථ භගවා බුද්ධචක්ඛුනා ලොකං වොලොකෙන්තො තස්ස අරහත්තූපනිස්සයං දිස්වා, තත්ථ ගන්ත්වා, ධම්මං දෙසෙසි. සො පටිලද්ධසද්ධො පබ්බජිත්වා විපස්සනාය කම්මං කරොන්තො නචිරස්සෙව අරහත්තං පත්වා තත්ථෙව වසති. අථස්ස තාපසකාලෙ කතා පණ්ණසාලා ජිණ්ණා පලුග්ගා අහොසි. තං දිස්වා මනුස්සා “කිස්ස, භන්තෙ, ඉමං කුටිකං න පටිසඞ්ඛරොථා”ති ආහංසු. ථෙරො “කුටිකා යථා තාපසකාලෙ කතා, ඉදානි තථා කාතුං න සක්කා”ති තං සබ්බං පකාසෙන්තො –
“සරෙ හත්ථෙහි” යනු ආයුෂ්මත් සරභංග තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව, ඒ ඒ භවයේදී සසරින් මිදීම සඳහා කුසල් රැස් කරමින් පැමිණියහ. මේ බුද්ධෝත්පාද කාලයේදී රජගහ නුවර එක්තරා බමුණු පවුලක උපන් හෙතෙම කුලවංසයෙන් පැමිණ නාම වශයෙන් “අභිලක්ඛිත” නම් විය. වැඩිවියට පත් ඒ බමුණු කුමරු, කාමුක සම්පත් හැර දමා තවුස් පැවිද්දෙන් පැවිදි වී තමන්ම සරබට බිඳගෙන වුත් පන්සලක් සාදාගෙන වාසය කළේය. එනිසා ඔහුගේ නම “සරභංග” (සර නම් බට වර්ගය බිඳි හෙයින්) නම් විය. ඔහු තුළ පැවති රහත් වීමට හේතු වාසනා බුදු ඇසින් දුටු භාග්‍යවතුන් වහන්සේ එතැනට වැඩමවා ඔහුට දහම් දෙසූ සේක. ලැබූ ශ්‍රද්ධාව ඇති හෙතෙම ධර්ම ශ්‍රවණයෙන් පසු සසුනේ පැවිදි විය. විදසුන් කමටහන් වැඩූ ඒ සරභංග තෙරණුවෝ නොබෝ කලකින්ම රහත් වූහ. උන්වහන්සේ මුලින් තමන් සිටි පන්සලේම වාසය කළහ. උන්වහන්සේ තාපසව සිටි කාලයේ කරන ලද පන්සල පසුව ජරාජීර්ණව ගියේය. ඒ දුටු මිනිස්සු “ස්වාමීනි! කිම මේ කුටිය පිළිසකර කර නොගන්නේ මන්ද?”යි ඇසූ තෙරුන් වහන්සේ “තාපස කාලයේ කරන ලද මේ කුටිය, පිළිසකර කර ගැනීමට දැන් නොහැක”යි පවසමින් මේ ගාථා දෙක වදාළහ.
“සරෙ හත්ථෙහි භඤ්ජිත්වා, කත්වාන කුටිමච්ඡිසං; තෙන මෙ සරභඞ්ගොති, නාමං සම්මුතියා අහු.
“සරෙ හත්ථෙහි භඤ්ජිත්වා කත්වාන කුටිමච්ඡිසං, තෙන මෙ සරභංගොති නාමං සම්මුතියා අහූ”
“න මය්හං කප්පතෙ අජ්ජ, සරෙ හත්ථෙහි භඤ්ජිතුං; සික්ඛාපදා නො පඤ්ඤත්තා, ගොතමෙන යසස්සිනා”ති. – ද්වෙ ගාථා අභාසි;
“න මය්හං කප්පතෙ අජ්ජ සරෙ හත්ථෙහි භඤ්ජිතුං, සික්ඛාපදා නො පඤ්ඤත්තා ගොතමෙන යසස්සිනා”
තත්ථ සරෙ හත්ථෙහි භඤ්ජිත්වාති, පුබ්බෙ තාපසකාලෙ සරතිණානි මම හත්ථෙහි ඡින්දිත්වා තිණකුටිං කත්වා අච්ඡිසං වසිං, නිසීදිඤ්චෙව නිපජ්ජිඤ්ච. තෙනාති කුටිකරණත්ථං සරානං භඤ්ජනෙන. සම්මුතියාති අන්වත්ථසම්මුතියා සරභඞ්ගොති, නාමං අහු අහොසි.
එහි “සරෙ හත්ථෙහි භඤ්ජිත්වා” පෙර තාපසය සිටි කාලයේ දී ඊතණ, සර නම් බට මගේ අතින්ම කඩා ගෙනවුත් තණ කුටියක් සාදා එහි විසුවෙමි. වාසය කළෙමි. එසේම එහි හුන්නෙමි. හොත්තෙමි. (පරිහරණය කළෙමි) “තෙන” ඒ කුටිය කිරීමට ඊතණ බිඳීමෙන්. “සම්මුතියා” එනිසා මට අන්වර්ථ සරභංග යන නාමය විය.
න මය්හං කප්පතෙ අජ්ජාති අජ්ජ ඉදානි උපසම්පන්නස්ස මය්හං සරෙ සරතිණෙ හත්ථෙහි භඤ්ජිතුං න කප්පතෙ න වට්ටති. කස්මා? සික්ඛාපදා නො පඤ්ඤත්තා, ගොතමෙන යසස්සිනාති. තෙන යං අම්හාකං සත්ථාරා සික්ඛාපදං පඤ්ඤත්තං, තං මයං ජීවිතහෙතුනාපි නාතික්කමාමාති දස්සෙති.
“න මය්හං කප්පතෙ අජ්ජ” දැන් උපසපන් වූ මට ඊතණ, සර බට අතින් සිඳීම නොවටී. අකැපය. කුමක් හෙයින් ද? “සික්ඛා පදා නො පඤ්ඤත්තා ගොතමෙන යසස්සිනා” අපගේ ශාස්තෲන්වහන්සේ විසින් යම් ශික්ෂාපදයක් පනවන ලද්දේද, එය මගේ ජීවිතය නැතිවූවත් නොසිඳිමි. නොකඩමි” යන අර්ථයයි.
එවං එකෙන පකාරෙන තිණකුටිකාය අපටිසඞ්ඛරණෙ කාරණං දස්සෙත්වා ඉදානි අපරෙනපි පරියායෙන නං දස්සෙන්තො –
මෙසේ එක් ආකාරයකින් තණ කුටිය පිළිසකර නොකිරීමේ හේතුව දක්වා, දැන් වෙනත් ආකාරයකින් ද ඒ කාරණය දක්වයි. ඒ සඳහා තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
“සකලං සමත්තං රොගං, සරභඞ්ගො නාද්දසං පුබ්බෙ; සොයං රොගො දිට්ඨො, වචනකරෙනාතිදෙවස්සා”ති. – ඉමං ගාථමාහ;
“සකලං සමත්තං රොගං සරභංගො නාද්දසං පුබ්බෙ, සොයං රොගො දිට්ඨො වචන කරෙනාති දෙවස්සා” තී.
තත්ථ සකලන්ති සබ්බං. සමත්තන්ති සම්පුණ්ණං, සබ්බභාගතො අනවසෙසන්ති අත්ථො. රොගන්ති දුක්ඛදුක්ඛතාදිවසෙන රුජනට්ඨෙන රොගභූතං උපාදානක්ඛන්ධපඤ්චකං සන්ධාය වදති. නාද්දසං පුබ්බෙති සත්ථු ඔවාදපටිලාභතො පුබ්බෙ න අද්දක්ඛිං. සොයං රොගො දිට්ඨො, වචනකරෙනාතිදෙවස්සාති සම්මුතිදෙවා උපපත්තිදෙවා විසුද්ධිදෙවාති සබ්බෙපි දෙවෙ අත්තනො සීලාදිගුණෙහි අතික්කමිත්වා ඨිතත්තා අතිදෙවස්ස සම්මාසම්බුද්ධස්ස ඔවාදපටිකරෙන සරභඞ්ගෙන සො අයං ඛන්ධපඤ්චකසඞ්ඛාතො රොගො විපස්සනාපඤ්ඤාසහිතාය මග්ගපඤ්ඤාය පඤ්චක්ඛන්ධතො දිට්ඨො, පරිඤ්ඤාතොති අත්ථො. එතෙන එවං අත්තභාවකුටිකායම්පි අනපෙක්ඛො බාහිරං තිණකුටිකං කථං පටිසඞ්ඛරිස්සතීති දස්සෙති.
එහි “සකලං” යනු සියලු. “සමත්තං” සම්පූර්ණ වූ, නිරවශේෂව, ඉතිරි නොවී පවතින සේඛභාවය නිසා සම්පූර්ණ වූ “රොගං” දුක්සහගත, දුක් පීඩා සහිත ආදී වශයෙන් වේදනා විඳීම් අර්ථයෙන් රෝගී වූ. උපාදාන ස්කන්ධ පස සඳහා මෙය කියන ලදි. “නාද්දසං පුබ්බෙ” ශාස්තෲන් වහන්සේ අවවාද ලැබීමට පෙර දී නොදුටුවෙමි. “සොයං රොගො දිට්ඨො වචන කරෙනාති දෙවස්ස” සම්මුති දේව, උත්පත්ති දේව, විසුද්ධි දේව යන සියලුම දෙවියන් තම සීලාදී ගුණමහිමයෙන් ඉක්මවා සිටි බැවින් දේවාතිදේව වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවවාද ලැබ, ඒ අනුව හැසිරීමෙන්, සරභංගයෙන්, ඒ මම පඤ්චස්කන්ධ නම් වූ රෝගය විදසුන් ප්‍රඥාවෙන් යුක්ත වූ මාර්ග ප්‍රඥාවෙන් ස්කන්ධ පහක් වශයෙන් බෙදා දුටුවෙමි. අවබෝධ කරගත්තෙමි යන අර්ථයයි. මේ ප්‍රකාශයෙන් මෙසේ තම ශරීරය නම් වූ කුටිය කෙරෙහි පවා අපේක්ෂාවක් රහිත වූ මම බාහිර වූ තණ කුටිය කෙසේ නම් පිළිසකර කරන්නේදැ”යි දක්වයි.
ඉදානි යං මග්ගං පටිපජ්ජන්තෙන මයා අයං අත්තභාවරොගො යාථාවතො දිට්ඨො, ස්වායං මග්ගො සබ්බබුද්ධසාධාරණො. යෙන නෙසං ඔවාදධම්මොපි මජ්ඣෙ භින්නසුවණ්ණසදිසො යත්ථාහං පතිට්ඨාය දුක්ඛක්ඛයං පත්තොති එවං අත්තනො අරහත්තපටිපත්තිං බ්යාකරොන්තො –
දැන් යම් මාර්ගයක් පිළිපැදීමෙන් මම මේ ශරීරය නම් ආත්මභාවරෝගය තත්ත්වාකාරයෙන් දුටුවෙමි ද ඒ උතුම් මාර්ගය සියලු බුදුවරු විසින්ම දේශනා කරන ලදි. කුමක් හෙයින් ද? ඒ උතුම් බුදුවරුන්ගේ අවවාදය ද මැදින් බිඳුණු රන් කැබැල්ලක් මෙන් සර්වප්රකාරයෙන් පිරිසිදුය. ඒ උතුම් අවවාදයෙහි පිහිටියා වූ මම දුක ක්ෂය කරගැනීමට පැමිණියෙමි. මෙසේ තමන් වහන්සේගේ රහත් බව ප්‍රකාශ කරමින් සරභංග මේ ගාථාවෙන් වදාළහ.
“යෙනෙව මග්ගෙන ගතො විපස්සී, යෙනෙව මග්ගෙන සිඛී ච වෙස්සභූ; කකුසන්ධකොණාගමනො ච කස්සපො, තෙනඤ්ජසෙන අගමාසි ගොතමො.
“යෙනෙව මග්ගෙන ගතො විපස්සී, යෙනෙව මග්ගෙන සිඛීච වෙස්සභූ, කකුසන්ධ කොනාගමනො ච කස්සපො, තෙනංජසෙන අගමාසි ගොතමො”
“වීතතණ්හා අනාදානා, සත්ත බුද්ධා ඛයොගධා; යෙහායං දෙසිතො ධම්මො, ධම්මභූතෙහි තාදිභි.
“වීතතණ්හා අනාදානා - සත්තබුද්ධා ඛයොගධා, යෙහං දෙසිතො ධම්මො ධම්මභූතෙහි තාදිහි”
“චත්තාරි අරියසච්චානි, අනුකම්පාය පාණිනං; දුක්ඛං සමුදයො මග්ගො, නිරොධො දුක්ඛසඞ්ඛයො.
“චත්තාරි අරියසච්චානි අනුකම්පාය පාණිනං, දුක්ඛං සමුදයො මග්ගො නිරොධො දුක්ඛසංඛයො”
“යස්මිං නිවත්තතෙ දුක්ඛං, සංසාරස්මිං අනන්තකං; භෙදා ඉමස්ස කායස්ස, ජීවිතස්ස ච සඞ්ඛයා; අඤ්ඤො පුනබ්භවො නත්ථි, සුවිමුත්තොම්හි සබ්බධී”ති. –
“යස්මිං නිවත්තතෙ දුක්ඛං සංසාරස්මිං අනන්තකං, භෙදා ඉමස්ස කායස්ස ජීවිතස්සච සංඛයා, අඤ්ඤො පුනබ්භවො නත්ථි සුවිමුත්තොම්හි සබ්බධී” තී.
ඉමා ගාථා අභාසි –
තත්ථ යෙනෙව මග්ගෙනාති යෙනෙව සපුබ්බභාගෙන අරියෙන අට්ඨඞ්ගිකෙන මග්ගෙන. ගතොති පටිපන්නො නිබ්බානං අධිගතො. විපස්සීති විපස්සී සම්මාසම්බුද්ධො. කකුසන්ධාති අවිභත්තිකො නිද්දෙසො. “කකුසන්ධකොණාගමනා”තිපි පාඨො. තෙනඤ්ජසෙනාති තෙනෙව අඤ්ජසෙන අරියමග්ගෙන.
මෙහි “යනෙව මග්ගෙන” යම් ඒ පූර්ව භාග වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්, “ගතො” පිළිපන්නෙමි. නිවණ අවබෝධ කරගත්තෙමි. “විපස්සී” විපස්සී නම් බුදුරජාණන් වහන්සේ. “කකුසන්ධ” විභක්ති රහිතව දැක්වීමකි. කකුසඳ බුදුරජාණන් වහන්සේ. “කකුසන්ධකොනාගමනා” යන පාඨය ද සුදුසුය. “තෙනංජසෙන” ඒ ආර්ය මාර්ගයෙන්ම.
අනාදානාති අනුපාදානා අප්පටිසන්ධිකා වා. ඛයොගධාති නිබ්බානොගධා නිබ්බානපතිට්ඨා. යෙහායං දෙසිතො ධම්මොති යෙහි සත්තහි සම්මාසම්බුද්ධෙහි අයං සාසනධම්මො දෙසිතො පවෙදිතො. ධම්මභූතෙහීති ධම්මකායතාය ධම්මසභාවෙහි, නවලොකුත්තරධම්මතො වා භූතෙහි ජාතෙහි, ධම්මං වා පත්තෙහි. තාදිභීති, ඉට්ඨාදීසු තාදිභාවප්පත්තෙහි.
“අනාදානා” උපාදාන රහිත වූ. ප්‍රතිසන්ධියක් නොමැති වූ. “ඛයොගධා” නිවණෙහි පිහිටි. නිවණට බැසගත්. “යෙහං දෙසිතො ධම්මො” ඒ සත් සම්මා සම්බුදු රජාණන් වහන්සේලා විසින් මේ ශාසන සද්ධර්මය දෙසන ලදි. ප්‍රකාශ කරන ලදි. “ධම්මභූතෙහි” ධර්මකාය බැවින්, ධර්ම ස්වභාවයෙන් යුතු, නවලෝකෝත්තර ධර්මයෙන් හෝ උපන් හටගත්, ධර්මයෙන් පැමිණි. “තාදීහී” මනෝඥ වූ තාදී භාවයන්ට පත් වූ, උන්වහන්සේලා විසින් මේ ශ්‍රී සද්ධර්මය දෙසන ලදි.
“චත්තාරි අරියසච්චානී”තිආදිනා තෙහි දෙසිතං ධම්මං දස්සෙති. තත්ථ චත්තාරීති ගණනපරිච්ඡෙදො. අරියසච්චානීති පරිච්ඡින්නධම්මදස්සනං. වචනත්ථතො පන අරියානි ච අවිතථට්ඨෙන සච්චානි චාති අරියසච්චානි, අරියස්ස වා භගවතො සච්චානි තෙන දෙසිතත්තා, අරියභාවකරානි වා සච්චානීති අරියසච්චානි. කුච්ඡිතභාවතො තුච්ඡභාවතො ච දුක්ඛං, උපාදානක්ඛන්ධපඤ්චකං. තං දුක්ඛං සමුදෙති එතස්මාති සමුදයො, තණ්හා. කිලෙසෙ මාරෙන්තො ගච්ඡති, නිබ්බානත්ථිකෙහි මග්ගීයතීති වා මග්ගො, සම්මාදිට්ඨිආදයො අට්ඨ ධම්මා. සංසාරචාරකසඞ්ඛාතො නත්ථි එත්ථ රොධො, එතස්මිං වා අධිගතෙ පුග්ගලස්ස රොධාභාවො හොති, නිරුජ්ඣති දුක්ඛමෙත්ථාති වා නිරොධො, නිබ්බානං. තෙනාහ “දුක්ඛසඞ්ඛයො”ති. අයමෙත්ථ සඞ්ඛෙපො, විත්ථාරො පන විසුද්ධිමග්ගෙ වුත්තනයෙනෙව වෙදිතබ්බො.
“චත්තාරි අරියසච්චානි” යන ගාථාවෙන් උන්වහන්සේලා දෙසූ ධර්මය දක්වයි. එහි “චත්තාරි” යනු සංඛ්‍යා දැක්වීමයි. සතරක් වූ. “අරිය සච්චානි” සීමා කළ, බෙදා දහම් දැක්වීමයි. වචනාර්ථ වශයෙන්-ආර්යයන් විසින් භාවිත වූ අත් නොහළ සත්‍යයන් බැවින් ආර්ය සත්‍ය නම් වේ. නැතහොත් ආර්ය භාවයට පමුණුවන බැවින්, හෝ ආර්යයන් විසින් දෙසූ බැවින් හෝ ආර්යභාවය සිදුකරන බැවින් හෝ මේ ධර්ම සතර “ආර්ය සත්‍ය” නම් වේ. නින්දාසහගත, තුච්ඡ, හීන භාවයෙන් “දුක්ඛං” දුකය. දුක නම් ස්කන්ධ පංචය (පංචස්කන්ධය) උපාදාන (දැඩිව) කරගැනීමයි. ඒ දුක උපදවයි. (සමුදෙති) යන අරුතින් “සමුදයො” නම් වේ. ඒ තණ්හාවයි. “කෙලෙස් නසමින් යයි” “නිවන් කැමැත්තවුන් විසින් යායුතු මාර්ගය” යන අර්ථ ඇති “මග්ගො” මාර්ගයයි. සම්මා දිට්ඨි ආදී ධර්ම අටයි. සසර හැසිරීමක් නැත. එහි “රෝධ” නම් හිරකිරීමක් නැත. මේ ආර්‍ය්‍ය මාර්ගයේ ගමන් කර නිවන් අවබෝධ කරගත් පුද්ගලයා “රෝධ නම් අවහිරයකට නොපත් වේ. දුක නිරුද්ධ වේ. යන අරුතින් නිවණ “නිරොධො” – “නිරෝධ” නම් වේ. එනිසා මෙසේ කියන ලදි. – “දුක් මනාව ක්ෂය වූවකි. නිවණ.” මේ අර්ථ දැක්වූයේ සංක්ෂිප්ත වශයෙනි. විස්තර වශයෙන් විශුද්ධි මාර්ගයේ පැවසූ පරිදි දත යුතුයි.
යස්මින්ති යස්මිං නිරොධෙ නිබ්බානෙ අධිගතෙ. නිවත්තතෙති අරියමග්ගභාවනාය සති අනන්තකං අපරියන්තං ඉමස්මිං සංසාරෙ ජාතිආදිදුක්ඛං න පවත්තති උච්ඡිජ්ජති, සො නිරොධොති අයං ධම්මභූතෙහි සම්මාසම්බුද්ධෙහි දෙසිතො ධම්මොති යොජනා. “භෙදා”තිආදිනා “රොගො දිට්ඨො”ති දුක්ඛපරිඤ්ඤාය සූචිතං අත්තනො අරහත්තප්පත්තිං සරූපතො දස්සෙති. “යස්මිං නිබ්බත්තතෙ දුක්ඛ”න්ති පන පාඨෙ සකලගාථාය තත්ථායං යොජනා – යස්මිං ඛන්ධාදිපටිපාටිසඤ්ඤිතෙ සංසාරෙ ඉදං අනන්තකං ජාතිආදිදුක්ඛං නිබ්බත්තං, සො ඉතො දුක්ඛප්පත්තිතො අඤ්ඤො පුනප්පුනං භවනභාවතො පුනබ්භවො. ඉමස්ස ජීවිතින්ද්රියස්ස සඞ්ඛයා කායසඞ්ඛාතස්ස ඛන්ධපඤ්චකස්ස භෙදා විනාසා උද්ධං නත්ථි, තස්මා සබ්බධි සබ්බෙහි කිලෙසෙහි සබ්බෙහි භවෙහි සුට්ඨු විමුත්තො විසංයුත්තො අම්හීති.
“යස්මිං” යම් ඒ නිවණක්, නිරෝධයක් අවබෝධ කරගත් කල්හි. “නිවත්තතෙ” ආර්ය මාර්ගය වැඩීම නිසා නැවත සසර නූපදී. අනන්ත වූ අප්‍රමාණ වූ මේ සංසාරයේ ඉපදීම් ආදී දුක්ඛයන්ට නැවත නොපැමිණේ. ඒ සියල්ල බිඳ දමන ලදි. ඒ උතුම් නිවණ මේ දහමින් උපන් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා විසින් දෙසන ලදී” යන අර්ථයයි. “භෙදා” ආදී ගාථා පාඨයෙන් “දැන් නීරෝගී වෙමි. දුක පිරිසිඳ දක්නා ලද්දෙමි.” යනාදී ලෙස රහත් වූ තමන් වහන්සේගේ ස්වරූපය, ස්වභාවය දක්වයි. “යස්මිං නිබ්බත්තතෙ දුක්ඛං” යන පාඨයෙන් ඇරඹෙන මේ මුළු ගාථාවේම අර්ථ මෙසේ දත යුතුයි. “යම් ඒ ස්කන්ධ පිළිවෙලින් පවත්නා මේ අනන්ත, අප්‍රමාණ සංසාරයේ ජාති ආදී අනේක දුක් ඇති වේ. හටගනියි. මේ දුක නිසා පවත්නා අනික් ධර්මය නම් නැවත නැවත හටගන්නා පුනර්භවයයි. මේ ජීවිතේන්ද්රිය නම් වූ, ශරීරය නම් වූ පංචස්කන්ධයේ බිඳී යෑමෙන් නැවත මාහට උපතක් (පුනර්භවයක්) නැත. එනිසා සෑම තැනකින්ම සෑම ක්ලේශයකින්ම, සෑම භවයකින්ම මම මනාව මිදුණෙමි. සසරින් මනාව වෙන් වූයෙමි.
සරභඞ්ගත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
සරභංග ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
සත්තකනිපාතවණ්ණනා නිට්ඨිතා.
සත්වන නිපාතයේ අර්ථ වර්ණනාව සමාප්තයි.