සොපාකත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
සොපාකත්ථෙරගාථාවණ්ණනා
සෝපාක ස්ථවිරගාථා වර්ණනාව
දිස්වා පාසාදඡායායන්තිආදිකා ආයස්මතො සොපාකත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ පුඤ්ඤානි උපචිනන්තො සිද්ධත්ථස්ස භගවතො කාලෙ බ්රාහ්මණකුලෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තො බ්රාහ්මණානං විජ්ජාසිප්පෙසු නිප්ඵත්තිං ගතො කාමෙසු ආදීනවං දිස්වා ඝරාවාසං පහාය තාපසපබ්බජ්ජං පබ්බජිත්වා එකස්මිං පබ්බතෙ විහරති. සත්ථා ආසන්නමරණං තං ඤත්වා තස්ස සන්තිකං අගමාසි. සො භගවන්තං දිස්වා පසන්නචිත්තො උළාරං පීතිසොමනස්සං පවෙදෙන්තො පුප්ඵමයං ආසනං පඤ්ඤපෙත්වා අදාසි. සත්ථා තත්ථ නිසීදිත්වා, අනිච්චතාපටිසංයුත්තං ධම්මිං කථං කථෙත්වා තස්ස පස්සන්තස්සෙව ආකාසෙන අගමාසි. සො පුබ්බෙ ගහිතං නිච්චග්ගාහං පහාය අනිච්චසඤ්ඤං හදයෙ ඨපෙත්වා, කාලඞ්කත්වා, දෙවලොකෙ උප්පජිත්වා, අපරාපරං දෙවමනුස්සෙසු සංසරන්තො, ඉමස්මිං බුද්ධුප්පාදෙ රාජගහෙ සොපාකයොනියං නිබ්බත්ති. සො ජාතිආගතෙන සොපාකොති නාමෙන පඤ්ඤායි. කෙචි පන “වාණිජකුලෙ නිබ්බත්තො, ‘සොපාකො’ති පන නාමමත්ත”න්ති වදන්ති. තං අපදානපාළියා විරුජ්ඣති “පච්ඡිමෙ භවෙ සම්පත්තෙ, සොපාකයොනුපාගමි”න්ති වචනතො.
“දිස්වා පාසාදඡායාය” යනාදී ගාථා ආයුෂ්මත් සෝපාක තෙරුන් වහන්සේගේය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී පින්දහම් සිදුකරගෙන පැමිණියහ. සිද්ධත්ථ භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූ සමයේ බමුණු කුලයේ ඉපිද වැඩිවිය පැමිණි ඔහු; බ්‍රාහ්මණ විද්‍යා ශිල්ප ශාස්ත්‍රයන්හි පරතෙරට ගියේය. කාමයන්හි ආදීනව දුටු හෙතෙම, ගිහිගේ හැර තවුස් පැවිද්දෙන් පැවිදිව එක් පර්වතයක විසීය. සමීප වූ මරණ කාලය ඇති ඒ තවුසා දුටු බුදුපියාණන් වහන්සේ එතැනට වැඩම වූ සේක. භාග්‍යවතුන් වහන්සේ දැක පහන් සිත් උපදවාගෙන මහත් වූ ප්‍රීති ප්රමෝදයට පත් තවුස්තුමා, උන්වහන්සේට මල් අසුනක් පනවා පූජා කළේය. එහි වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ ඔහුට අනිත්‍ය ප්‍රතිසංයුක්ත දහම් කථාවක් ප වත්වා, තවුසා බලා සිටියදීම අහසින් වැඩම කළ සේක. හෙතෙම පෙර දැඩිව ගත් දෘෂ්ටිය බැහැර ලා අනිත්‍ය සංඥාව සිතේ තබාගෙන ම කළුරිය කොට දෙව්ලොව උපන්නේ ය. නැවත සසර ඒ ඒ භවයන්හිදී දෙව් මිනිස් දෙගතියෙහිම සැරිසැරූ ඔහු මේ බුද්ධෝත්පාද කාලයේදී රජගහ නුවර සොහොන් පාලක පවුලක උපන්නේ ය. ජාති (උපන් ගෝත්‍ර) වශයෙන් ම “සෝපාක” නමින් ප්‍රකට විය. ඇතැමෙක් වෙළෙඳ කුලයේ උපන් බවත් සෝපාක යනු නාම මාත්‍රයක් බවත් පවසති. ඒ මතය අපදාන පාළියට විරුද්ධය. “පච්ඡිංමෙ ච භවෙ සම්පත්තෙ සොපාකං සොපාකං යොනුපාගමිං” යන අපදාන පාළි ප්‍රකාශයට අනුව “අවසන් භවයේදී “සපාක” නම් සැඬොල් කුලයේ උපන්නෙමි” යැයි දැක්වේ.
තස්ස චතුමාසජාතස්ස පිතා කාලමකාසි, චූළපිතා පොසෙසි. අනුක්කමෙන සත්තවස්සිකො ජාතො. එකදිවසං චූළපිතා “අත්තනො පුත්තෙන කලහං කරොතී”ති කුජ්ඣිත්වා, තං සුසානං නෙත්වා, ද්වෙ හත්ථෙ රජ්ජුයා එකතො බන්ධිත්වා, තාය එව රජ්ජුයා මතමනුස්සස්ස සරීරෙ ගාළ්හං බන්ධිත්වා ගතො “සිඞ්ගාලාදයො ඛාදන්තූ”ති. පච්ඡිමභවිකතාය දාරකස්ස පුඤ්ඤඵලෙන සයං මාරෙතුං න විසහි, සිඞ්ගාලාදයොපි න අභිභවිංසු. දාරකො අඩ්ඪරත්තසමයෙ එවං විප්පලපති –
සෝපාක ඉපදී සිවු මසකින් ඔහුගේ පියා කළුරිය කළේය. සුළු පියා විසින් ඔහු පෝෂණය කෙරුණි. අනුක්රමයෙන් සත්වියට පත් සෝපාක, තම පුතු සමඟ කලහ කරනු දුටු සුළු පියා, ඊට කිපී සෝපාක සොහොනට ඇදගෙන ගියේය. අත්දෙක ලණුවකින් එකට තබා බැඳ, එම ලණුව ම මළ සිරුරක තද කොට තබා බැඳ “මොහු සිවල් ආදීන් විසින් කනු ලැබේවා”යි සෝපාක සොහොනේ දමා ගියේය. අවසන් භවය බැවින් සෝපාකගේ පින් බලයෙන් ඔහු මරා දැමීමට නොහැක. සිවල් ආදීන්ට ද ඒ දරුවා මැඬලිය නොහැක. දරුවා රෑ මැදියමේ මෙසේ වැලපෙයි.
“කා ගති මෙ අගතිස්ස, කො වා බන්ධු අබන්ධුනො; සුසානමජ්ඣෙ බන්ධස්ස, කො මෙ අභයදායකො”ති.
“කාහි මෙ අගති අස්ස කොවා බන්ධු අබන්ධුනො, සුසානමජ්ඣෙ බද්ධස්ස කො මෙ අභයදායකො” තී.
සත්ථා තාය වෙලාය වෙනෙය්යබන්ධවෙ ඔලොකෙන්තො දාරකස්ස හදයබ්භන්තරෙ පජ්ජලන්තං අරහත්තූපනිස්සයං දිස්වා ඔභාසං ඵරිත්වා සතිං ජනෙත්වා එවමාහ –
ශාස්තෲන් වහන්සේ එම වේලාවෙහි පිහිට විය යුතු අසරණයන් සොයන සේක්; “මගේ නොමඟ යෑම, වරද කුමක් ද? මගේ නෑයෝ නොනෑයෝ කවුද? සොහොන මැද බැඳ සිටින මා ගලවාගන්නේ කවුද?” යන හඬ අසා; සෝපාකගේ හදවත තුල බබළන රහත්වීමට නිසි හේතු සම්පත් දුටු සේක. එකල්හි ආලෝකයක් පැතිර වූ බුදුපියාණෝ ඔහුට සිහිය උපදමින් මෙසේ වදාළහ.
“එහි සොපාක මා භායි, ඔලොකස්සු තථාගතං; අහං තං තාරයිස්සාමි, රාහුමුඛෙව චන්දිම”න්ති.
“එහි සොපාක, මා භායි, ඔලොකස්සු තථාගතං, අහං තං තාරයිස්සාමි රාහුමුඛෙව චන්දිමං” තී.
දාරකො බුද්ධානුභාවෙන ඡින්නබන්ධනො ගාථාපරියොසානෙ සොතාපන්නො හුත්වා ගන්ධකුටිසම්මුඛෙ අට්ඨාසි. තස්ස මාතා පුත්තං අපස්සන්තී චූළපිතරං පුච්ඡිත්වා තෙනස්ස පවත්තියා අකථිතාය තත්ථ තත්ථ ගන්ත්වා විචිනන්තී “බුද්ධා කිර අතීතානාගතපච්චුප්පන්නං ජානන්ති, යංනූනාහං භගවන්තං උපසඞ්කමිත්වා මම පුත්තස්ස පවත්තිං ජානෙය්ය”න්ති සත්ථු සන්තිකං අගමාසි. සත්ථා, ඉද්ධියා තං පටිච්ඡාදෙත්වා, “භන්තෙ, මම පුත්තං න පස්සාමි, අපිච භගවා තස්ස පවත්තිං ජානාතී”ති තාය පුට්ඨො –
“එන්න, සෝපාක! බිය නොවන්න. තථාගතයන් දෙස බලන්න. රාහුට අසු වූ සඳු මෙන් මම නුඹ ද ගලවාගන්නෙමි”යි වදාළ ගාථාව අවසන ඔහුගේ සියළු බැඳුම් බුද්ධානුභාවයෙන් සිඳී ගියේය. සෝවාන් ඵලයෙහි සිත පිහිටියේය. සෝපාක ගන්ධකුටිය අභිමුව නිරුපද්‍රිතව සිටියේය. සෝපාකගේ මව තම දරුවා නොදැක, ඒ පිළිබඳව සුළු පියාගෙන් විමසූවත් කිසිවක් නොකී බැවින්, ඒ ඒ තැන දරුවා සොයමින් දිවයන්නී; “බුදුවරු නම් අතීත, අනාගත හා වර්තමාන යන තුන් කල්ම දන්නෝය. මම උන්වහන්සේ වෙත පැමිණ මගේ පුතුගේ තොරතුරු දැනගන්නෙම් නම් යෙහෙකි”යි සිතා ශාස්තෲන් වහන්සේ සමීපයට ගියාය. ශාස්තෲන් වහන්සේ සෘද්ධියෙන් සෝපාක නොපෙනෙන සේ ඉටු සේක. මව පැමිණ “ස්වාමීනි, මගේ පුතා පෙනෙන්න නැහැ. භාග්‍යවතුන් වහන්සේ ඔහු පිළිබඳව දන්නේ නම් මැනවි”යි විමසන ලද්දීය. බුදුපියාණන් වහන්සේ ඇයට මේ ගාථාවෙන් දහම් දෙසූ සේක.
“න සන්ති පුත්තා තාණාය, න පිතා නාපි බන්ධවා; අන්තකෙනාධිපන්නස්ස, නත්ථි ඤාතීසු තාණතා”ති. (ධ· ප· 288) –
“න සන්ති පුත්තා තාණාය න පිතා න පි බන්ධවා, අන්තකෙනාධිපන්නස්ස නත්ථි ඤාතිසු තාණතා”
“දරුවෝ අපේ පිහිටට නොසිටිති. පියා, නෑයෝ අපට පිහිට නොවෙති. මරු වසඟයට පත්වන්නහුට ඤාතිමිත්රාදීන්ගෙන් කිසි පිහිටක් නොලැබේ.”
ධම්මං කථෙසි. තං සුත්වා සා සොතාපන්නා අහොසි. දාරකො අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 1.2.112-123) –
මේ දහම් ඇසූ මව සෝවාන් වූවාය. සෝපාක රහත් විය. අපදාන පාළියේදී සෝපාක තෙරණුවෝ මෙසේ වදාළහ.
“පබ්භාරං සොධයන්තස්ස, විපිනෙ පබ්බතුත්තමෙ; සිද්ධත්ථො නාම භගවා, ආගච්ඡි මම සන්තිකං.
“වනයක වූ උතුම් පර්වතයක ගුහාවක් පිරිසිදු කරමින් සිටි මාවෙත සිද්ධත්ථ නම් භාග්‍යවතුන් වහන්සේ වැඩම කළ සේක.
“බුද්ධං උපගතං දිස්වා, ලොකජෙට්ඨස්ස තාදිනො; සන්ථරං සන්ථරිත්වාන, පුප්ඵාසනමදාසහං.
තාදී ගුණ ඇති, ලෝකයාට ජ්‍යෙෂ්ඨ වූ ශාස්තෲන් වහන්සේට ඇතිරියක් අතුරා මල් අසුනක් සාදා පූජා කළෙමි.
“පුප්ඵාසනෙ නිසීදිත්වා, සිද්ධත්ථො ලොකනායකො; මමඤ්ච ගතිමඤ්ඤාය, අනිච්චතමුදාහරි.
ඒ බුදු පියාණන් වහන්සේ මල් අසුනෙහි වැඩහුන් සේක. මාගේ අනාගත භව උපත දුටු උන්වහන්සේ අනිත්‍ය පිළිබඳ දහම් දෙසුමක් පැවැත්වූ සේක.”
“අනිච්චා වත සඞ්ඛාරා, උප්පාදවයධම්මිනො; උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති, තෙසං වූපසමො සුඛො.
“ඒකාන්තයෙන් සංස්කාර ධර්මයෝ අනිත්‍ය වෙති. හේතු ප්‍රත්‍ය සමවායෙන් (එක්වී) හටගත් සෑම සංඛත වස්තුවක්ම ඉපදීම හා විනාශය ස්වභාව කරගෙන ඇත. ඉපදුණු සියල්ල නැති වේ. මේ සංස්කාර ධර්මයන්ගේ සන්සිඳීම සැපයකි.
“ඉදං වත්වාන සබ්බඤ්ඤූ, ලොකජෙට්ඨො නරාසභො; නභං අබ්භුග්ගමී වීරො, හංසරාජාව අම්බරෙ.
“ලෝක ජ්‍යෙෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ ප්‍රාඥ වූ සර්වඥයන් වහන්සේ මෙසේ වදාරා අහසෙහි යන හංසරාජයකු මෙන් අහසින් වැඩම කළ සේක.
“සකං දිට්ඨිං ජහිත්වාන, භාවයානිච්චසඤ්ඤහං; එකාහං භාවයිත්වාන, තත්ථ කාලං කතො අහං.
මම එතෙක් පැවති ආත්ම සංකල්පනාව බැහැර ලා අනිත්‍ය සංඥාව වැඩුවෙමි. දිනක් භාවනා කළ මම ඒ අත්බවින් මිදී, කුශල මූලයෙන් පිහිට ලැබ දෙව්ලොව උපන්නෙමි. දෙව් මිනිස් සැප විඳි මම අවසන් භවයේදී; තමා විසින් පිසූ බත අනුන් අනුභව නොකරන බැවින් “සපාක” (ස්වපාක) නම් වූ සැඬොල් කුලයේ උපන්නෙමි.
“ද්වෙ සම්පත්තී අනුභොත්වා, සුක්කමූලෙන චොදිතො; පච්ඡිමෙ භවෙ සම්පත්තෙ, සපාකයොනුපාගමිං.
“අගාරා අභිනික්ඛම්ම, පබ්බජිං අනගාරියං; ජාතියා සත්තවස්සොහං, අරහත්තමපාපුණිං.
ගිහිගෙයින් නික්ම අනගාරි වූ බුදුසසුනෙහි පැවිදි වූයෙමි. උපතින් සත් හැවිරිදි වූයෙම් රහත්වූයෙමි.
“ආරද්ධවීරියො පහිතත්තො, සීලෙසු සුසමාහිතො; තොසෙත්වාන මහානාගං, අලත්ථං උපසම්පදං.
ඇරඹූ වීර්ය ඇති මම නිවණටම මෙහෙයූ සිත් ඇතිව, ශීලයෙහි මනාව හික්මුණෙමි. එසේ බුදුපියාණන් වහන්සේ සතුටු කළ මම උපසම්පදාව ලැබුවෙමි.
“චතුන්නවුතිතො කප්පෙ, යං කම්මමකරිං තදා; දුග්ගතිං නාභිජානාමි, පුප්ඵදානස්සිදං ඵලං.
මීට කල්ප අනූහතරකට පෙර යම් කුසල කර්මයක් කළෙම් ද, එතැන් සිට දුගතියක නූපන්නෙමි. මේ මල් ආසන පූජාවේ විපාකයයි.
“චතුන්නවුතිතො කප්පෙ, යං සඤ්ඤං භාවයිං තදා; තං සඤ්ඤං භාවයන්තස්ස, පත්තො මෙ ආසවක්ඛයො.
මීට කල්ප අනූහතරකට පෙරදී යම් අනිත්‍ය සංඥාවක් වැඩුවෙම් ද ඒ සංඥාව වැඩීමේ පුරුදුතාවය නිසා මාහට ආශ්රවක්ෂය ඥානය පහළ විය.
“පටිසම්භිදා චතස්සො…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
අථ භගවා ඉද්ධිං පටිසංහරි. සාපි පුත්තං දිස්වා හට්ඨතුට්ඨො තස්ස ඛීණාසවභාවං සුත්වා පබ්බාජෙත්වා ගතා. සො සත්ථාරං ගන්ධකුටිච්ඡායායං චඞ්කමන්තං උපසඞ්කමිත්වා, වන්දිත්වා අනුචඞ්කමි. තස්ස භගවා උපසම්පදං අනුජානිතුකාමො “එකං නාම කි”න්තිආදිනා දස පඤ්හෙ පුච්ඡි. සොපි සත්ථු අධිප්පායං ගණ්හන්තො සබ්බඤ්ඤුතඤ්ඤාණෙන සංසන්දෙන්තො “සබ්බෙ සත්තා ආහාරට්ඨිතිකා”තිආදිනා (ඛු· පා· 4.1) තෙ පඤ්හෙ විස්සජ්ජෙසි. තෙනෙව තෙ කුමාරපඤ්හා නාම ජාතා. සත්ථා තස්ස පඤ්හබ්යාකරණෙන ආරාධිතචිත්තො උපසම්පදං අනුජානි. තෙන සා පඤ්හබ්යාකරණූපසම්පදා නාම ජාතා. තස්සිමං අත්තනො පවත්තිං පකාසෙත්වා ථෙරො අඤ්ඤං බ්යාකරොන්තො –
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සෘද්ධිය අත්හළ සේක. ඇය තම පුතු දැකීමෙන් ඉතා සතුටුවූවාය. තම පුතු රහත් වූ බව ඇසූ ඇය, පුතු පැවිදි කරවා ගෙදර ගියාය. සෝපාක තෙරණුවෝ, ශාස්තෲන් වහන්සේ ගඳකිළි සෙවණෙහි සක්මන් කරනු දැක එතැනට පිවිස, උන්වහන්සේට වැඳ පසුව සක්මන් කළහ. එවිට භාග්‍යවතුන් වහන්සේ ඒ තෙරුන්ට උපසම්පදාව දෙනු කැමතිව “එක නම් කුමක්ද?” ආදී වශයෙන් ප්‍රශ්න දහයක් විමසූ සේක. ඒ සෝපාක තෙරණුවෝද ශාස්තෲන් වහන්සේගේ අදහස් අනුව, සර්වඥ ඥානය සමඟ සසඳා බලමින් “සියලු සත්ත්වයෝ ආහාරයෙන් පවතින්නෝය” යනාදී වශයෙන් ඒ දස පැණ විසඳූහ. එනිසාම ඒ ප්‍රශ්න “කුමාර ප්‍රශ්න” නාමයෙන් ප්‍රකට විය. ශාස්තෲන් වහන්සේ ඒ පැන විසඳුම්වලින් සතුටු වූ සේක්; සෝපාක තෙරුන්ගේ උපසම්පදාව අනුදත් සේක. එනිසා ඒ උපසම්පදාව “පඤ්හව්යාකරණෝපසම්පදා” නම් විය. මෙසේ උපසම්පදාව ලත් සෝපාක තෙරණුවෝ තම පැවැත්ම ප්‍රකාශ කරමින්, සිය රහත්භාවය ප්‍රකට කරමින් මේ ගාථා සත වදාළහ.
“දිස්වා පාසාදඡායායං, චඞ්කමන්තං නරුත්තමං; තත්ථ නං උපසඞ්කම්ම, වන්දිස්සං පුරිසුත්තමං.
“දිස්වා පාසාද ඡායායං චංකමන්තං නරුත්තමං, තත්ථ නං උපසංකම්ම වන්දිසං පුරිසුත්තමං”
“එකංසං චීවරං කත්වා, සංහරිත්වාන පාණයො; අනුචඞ්කමිස්සං විරජං, සබ්බසත්තානමුත්තමං.
“එකංසං චීවරං කත්වා සංහරිත්වාන පාණයො, අනුචංකමිස්සං විරජං සබ්බසත්තාන මුත්තමං”
“තතො පඤ්හෙ අපුච්ඡි මං, පඤ්හානං කොවිදො විදූ; අච්ඡම්භී ච අභීතො ච, බ්යාකාසිං සත්ථුනො අහං.
“තතො පඤ්හෙ අපුච්ඡි මං පඤ්හානං කොවිදො විදූ, අච්ඡම්හී ච අභීතො ච ව්යාකාසිං සත්ථුනො අහං”
“විස්සජ්ජිතෙසු පඤ්හෙසු, අනුමොදි තථාගතො; භික්ඛුසඞ්ඝං විලොකෙත්වා, ඉමමත්ථං අභාසථ.
“විස්සජ්ජිතෙසු පඤ්හෙසු අනුමොදි තථාගතො, භික්ඛුසංඝං විලොකෙත්වා ඉමමත්ථං අභාසථ”
“‘ලාභා අඞ්ගානං මගධානං, යෙසායං පරිභුඤ්ජති; චීවරං පිණ්ඩපාතඤ්ච, පච්චයං සයනාසනං; පච්චුට්ඨානඤ්ච සාමීචිං, තෙසං ලාභා’ති චාබ්රවි.
“ලාභා අංගානමගධානං යෙසායං පරිභුඤ්ජති, චීවරං පිණ්ඩපාතං ච පච්චයං සයනාසනං, පච්චුට්ඨානං ච සාමීදිං තෙසං ලාභාති චබ්රැවී”
“‘අජ්ජදග්ගෙ මං සොපාක, දස්සනායොපසඞ්කම; එසා චෙව තෙ සොපාක, භවතු උපසම්පදා’”.
“අජ්ජදග්ගෙ මං සොපාක දස්සනායොපසංකම, එසා චෙව තෙ සොපාක භවතු උපසම්පදා”
“ජාතියා සත්තවස්සෙන, ලද්ධාන උපසම්පදං; ධාරෙමි අන්තිමං දෙහං, අහො ධම්මසුධම්මතා”ති. – ඉමා ගාථා අභාසි;
“ජාතියා සත්තවස්සොහං ලද්ධාන උපසම්පදං, ධාරෙමි අන්තිමං දෙහං අහො ධම්මසුධම්මතා”තී.
තත්ථ පාසාදඡායායන්ති ගන්ධකුටිච්ඡායායං. වන්දිස්සන්ති, අභිවන්දිං.
මෙහි “පාසාදඡායායං” ගන්ධකුටියේ සෙවණැල්ලෙහි “වන්දිසං” මනාව වැන්දෙමි.
සංහරිත්වාන පාණයොති උභො හත්ථෙ කමලමකුළාකාරෙන සඞ්ගතෙ කත්වා, අඤ්ජලිං පග්ගහෙත්වාති අත්ථො. අනුචඞ්කමිස්සන්ති චඞ්කමන්තස්ස සත්ථුනො අනුපච්ඡතො අනුගමනවසෙන චඞ්කමිං. විරජන්ති විගතරාගාදිරජං.
“සංහරිත්වාන පාණයො” දෑත පියුම් පොහොට්ටුවක් මෙන් එකතු කර, ඇඳිලි බැඳ යන අර්ථයයි. “අනුචංකමිස්සං” ඒ ශාස්තෲන් වහන්සේ අනුගමනය කරමින් පිටුපසින් අනුව සක්මන් කළෙමි. “විරජං” දුරු කළ දූවිලි ඇති.
පඤ්හෙති කුමාරපඤ්හෙ. විදූති වෙදිතබ්බං විදිතවා, සබ්බඤ්ඤූති අත්ථො. “සත්ථා මං පුච්ඡතී”ති උප්පජ්ජනකස්ස ඡම්භිතත්තස්ස භයස්ස ච සෙතුඝාතෙන පහීනත්තා අච්ඡම්භී ච අභීතො ච බ්යාකාසි.
“පඤ්හෙ” කුමාර ප්‍රශ්නයෙහි. “විදු” දතයුතු සියල්ල දත්, සර්වඥ වූ යන අර්ථයයි. “ශාස්තෲන් වහන්සේ මගෙන් ප්‍රශ්න විචාරයි” යනුවෙන් උපදින්නා වූ තැතිගැනීම්, භයවීම් යනාදියම මූල වූ (හේතු වූ) කරුණු ප්‍රහීණ කළ බැවින් තැති නොගෙන, නොබියව පිළිතුරු දුන්නෙමි.
යෙසායන්ති යෙසං අඞ්ගමගධානං අයං සොපාකො. පච්චයන්ති ගිලානපච්චයං. සාමීචින්ති මග්ගදානබීජනාදිසාමීචිකිරියං.
“යෙසායං” අංග මගධ වැසි යමෙකුගේ, මේ සෝපාක “පච්චයං” ගිලන් පස, බෙහෙත් ආදිය. “සාමිචිං” මිත්‍ර කථාබහ, ගෞරව දැක්වීම්, පවන් සැලීම් ආදී නිවැරදි ක්‍රියාවන්ට, සාමීචිකර්මයන්ට සුදුසු වූ,
අජ්ජදග්ගෙති ද-කාරො පදසන්ධිකරො, අජ්ජ අග්ගෙ ආදිං කත්වා, අජ්ජ පට්ඨාය. “අජ්ජතග්ගෙ”තිපි පාළි, අජ්ජතං ආදිං කත්වාති අත්ථො. දස්සනායොපසඞ්කමාති “හීනජච්චො, වයසා තරුණතරො”ති වා අචින්තෙත්වා දස්සනාය මං උපසඞ්කම. එසා චෙවාති යා තස්ස මම සබ්බඤ්ඤුතඤ්ඤාණෙන සද්ධිං සංසන්දෙත්වා කතා පඤ්හවිස්සජ්ජනා. එසායෙව තෙ භවතු උපසම්පදා ඉති ච අබ්රවීති යොජනා. “ලද්ධා මෙ උපසම්පදා”තිපි පාළි. යෙ පන “ලද්ධාන උපසම්පද”න්තිපි පඨන්ති, තෙසං සත්තවස්සෙනාති සත්තමෙන වස්සෙනාති අත්ථො, සත්තවස්සෙන වා හුත්වාති වචනසෙසො. යං පනෙත්ථ අවුත්තං, තං සුවිඤ්ඤෙය්යමෙව.
“අජ්ජදග්ගෙ” ද කාරය පද සන්ධි කරන්නකි. “අජ්ජ+අග්ගෙ යනු විසන්ධියයි. “අද පටන්” යන අර්ථයයි. අජ්ජතග්ගෙ යන පාඨය ද සුදුසුය. අද මුල් කොට, අදින් පසුව, “දස්සනායොපසංකම” හීන කුලයක උපන් බැවින් හෝ වයසින් ඉතා බාල වියෙහි වූ බැවින් හෝ ඒ පිළිබඳව නොසිතා මා දැකීමට එන්න. “එසාවෙව” නුඹ විසින් මගේ සර්වඥ ඥානය සමග සසඳමින් කරන ලද පැන විසඳුම ම නුඹගේ උපසම්පදාව වේවා” යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළහ. “ලද්ධාමෙ උපසම්පදං” මවිසින් උපසම්පදාව ලබන ලදි. “ලද්ධාන උපසම්පදං” යනුවෙන් ද එය කියති. “සත්තවස්සොහං” සත් වසක් වන මම, අවුරුදු සතක් වන මම. නැතහොත් සත් වසක් පිරුණු මම. මෙහි යම් පදයක අර්ථ නොදැක්වීද එම පදයන්ගේ අර්ථය ඉතා ප්රකටය.
සොපාකත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
සෝපාක ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.