යෙදුමෙන් කියවන්න

භද‍්දත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

භද‍්දත්‍ථෙරගාථාවණ‍්ණනා

භද්‍ර ස්ථවිරගාථා වර්ණනාව

එකපුත‍්තොතිආදිකා ආයස‍්මතො භද‍්දත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයං කිර පදුමුත‍්තරං භගවන‍්තං භික‍්ඛුසඞ‍්ඝඤ‍්ච සතසහස‍්සපරිමාණං චීවරාදීහි චතූහි පච‍්චයෙහි පූජෙසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සාවත්‍ථියං සෙට‍්ඨිකුලෙ නිබ‍්බත‍්ති. නිබ‍්බත‍්තමානො ච අපුත‍්තකෙසු මාතාපිතූසු දෙවතායාචනාදීනි කත්‍වාපි අලභන‍්තෙසු සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා “සචෙ, භන‍්තෙ, මයං එකං පුත‍්තං ලච‍්ඡාම, තං තුම‍්හාකං දාසත්‍ථාය දස‍්සාමා”ති වත්‍වා ආයාචිත්‍වා ගතෙසු සත්‍ථු අධිප‍්පායං ඤත්‍වා අඤ‍්ඤතරො දෙවපුත‍්තො ඛීණායුකො හුත්‍වා ඨිතො සක‍්කෙන දෙවරඤ‍්ඤා “අමුකස‍්මිං කුලෙ නිබ‍්බත‍්තාහී”ති ආණත‍්තො තත්‍ථ නිබ‍්බත‍්ති, භද‍්දොතිස‍්ස නාමං අකංසු. තං සත‍්තවස‍්සුද‍්දෙසිකං ජාතං මාතාපිතරො අලඞ‍්කරිත්‍වා භගවතො සන‍්තිකං නෙත්‍වා “අයං සො, භන‍්තෙ, තුම‍්හෙ ආයාචිත්‍වා ලද‍්ධදාරකො, ඉමං තුම‍්හාකං නිය්‍යාතෙමා”ති ආහංසු. සත්‍ථා ආනන්‍දත්‍ථෙරං ආණාපෙසි – “ඉමං පබ‍්බාජෙහී”ති. ආණාපෙත්‍වා ච ගන්‍ධකුටිං පාවිසි. ථෙරො තං පබ‍්බාජෙත්‍වා සඞ‍්ඛෙපෙන විපස‍්සනාමුඛං ආචික‍්ඛි. සො උපනිස‍්සයසම‍්පන‍්නත‍්තා විපස‍්සනාය කම‍්මං කරොන‍්තො සූරියෙ අනොග‍්ගතෙයෙව භාවනං උස‍්සුක‍්කාපෙත්‍වා ඡළභිඤ‍්ඤො අහොසි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.5.54-69) –

“එකපුත්තො” යනු ආයුෂ්මත් භද්ද තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ පෙර පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ භික්‍ෂු සංඝයාට ලක්‍ෂ ගණනින් සිවුරු ආදි සිවුපසයෙන් පූජා කළහ. ඒ පින්කමේ විපාක විඳිමින් දෙව් මිනිස් දෙගතියේ සැරිසරා පැමිණ, මේ බුද්ධෝත්පාද කාලයේ දී සැවැත් නුවර සිටු පවුලක උපන්නේය. ඔහු ඉපදීමට ප්‍රථම ඔහුගේ දෙමාපියෝ දරුවන් නොමැතිව දුකින් සිට, දෙවියන් යැදීමෙන් ද දරුඵල නොලැබ, ශාස්තෲන් වහන්සේ වෙත ගොස්, “ස්වාමීනි! ඉදින් අපි එක පුතෙකු ලබන්නෙමු නම්, ඔහු ඔබ වහන්සේට දාසයකු කර දෙන්නෙමු”යි පැවසූහ. මෙසේ ආයාචනා කර ඔවුහු ගිය කල්හි ශාස්තෲන් වහන්සේගේ අදහස දත් සක්දෙව් රජු; එක්තරා ගෙවී ගිය ආයු ඇති දෙවියකු කැඳවා “අසුවල් පවුලෙහි පිළිසිඳ ගන්න”යි අණකළ බැවින් ඒ සිටුදේවියට දාව උපන්නේය. ඒ කුමරුට (භද්‍ර) “භද්ද” යන නම තැබීය. භද්ද කුමරු ඉපිද සත් වසක් ගෙවුණු පස්, ඔහුගේ දෙමාපියෝ අත්‍යලංකාරයෙන් කුමරු සරසා භාග්‍යවතුන් වහන්සේ වෙත රැගෙනවුත්, “ස්වාමීනි! මේ දරුවා ඔබවහන්සේට ආයාචනා කිරීමෙන් ලැබූ දරුවෙකි. මොහු ඔබ වහන්සේට පවරා දෙන්නෙමු”යි පැවසූහ. ශාස්තෲන් වහන්සේ ආනන්ද තෙරුන් කැඳවා “මේ දරුවා පැවිදි කරන්න”යි අණ කළ සේක්, ගඳකිළියට පිවිසියහ. ආනන්ද තෙරණුවෝ පැවිදි කොට, සංක්‍ෂිප්තව විදසුන් භාවනා කමටහන දුන්හ. භද්ද තෙරණුවෝ උපනිශ්‍රය සම්පත් ඇති බැවින් විදසුන් කමටහන වඩා ඉර බැස යෑමට පෙරදීම භාවනාව උත්සාහවත් කර ෂඩ් අභිඥා උපදවා ගත්හ. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ වදාළහ.

“පදුමුත‍්තරසම‍්බුද‍්ධං, මෙත‍්තචිත‍්තං මහාමුනිං; උපෙති ජනතා සබ‍්බා, සබ‍්බලොකග‍්ගනායකං.

“සියලු ලෝකයෙහි අසහාය නායක වූ මෙත් සිත් ඇති මහා මුනි වූ පදුමුත්තර බුදුරදුන් වෙත සියලු ජනසමූහයා එළඹෙයි.

“සත‍්තුකඤ‍්ච බද‍්ධකඤ‍්ච, ආමිසං පානභොජනං; දදන‍්ති සත්‍ථුනො සබ‍්බෙ, පුඤ‍්ඤක‍්ඛෙත‍්තෙ අනුත‍්තරෙ.

සියල්ලෝ නිරුත්තර වූ පුණ්‍ය ක්‍ෂේත්‍රයෙහි ශාස්තෲන් වහන්සේට හා භික්‍ෂු මහා සංඝයාට වස්ත්‍ර ද සෙනසුන් ද ආහාර පාන ද පිළිගැන්වූහ.

“අහම‍්පි දානං දස‍්සාමි, දෙවදෙවස‍්ස තාදිනො; බුද‍්ධසෙට‍්ඨං නිමන‍්තෙත්‍වා, සඞ‍්ඝම‍්පි ච අනුත‍්තරං.

“මම ද බුදුරජාණන් වහන්සේ හා අනුත්තර ව සංඝයාද ආරාධනා කොට, දෙවියන්ට දෙවි වූ තාදී ගුණැති බුදුරජාණන් වහන්සේට දානයක් දෙන්නෙමි”යි පැවසූ විට මගේ අණ පිළිගත් පුරුෂයෝ තථාගතයන් ප්‍රමුඛ මහා සංඝරත්නයට ආරාධනා කළහ.”

“උය්‍යොජිතා මයා චෙතෙ, නිමන‍්තෙසුං තථාගතං; කෙවලං භික‍්ඛුසඞ‍්ඝඤ‍්ච, පුඤ‍්ඤක‍්ඛෙත‍්තං අනුත‍්තරං.

“සතසහස‍්සපල‍්ලඞ‍්කං, සොවණ‍්ණං ගොනකත්‍ථතං; තූලිකාපටලිකාය, ඛොමකප‍්පාසිකෙහි ච; මහාරහං පඤ‍්ඤාපයිං, ආසනං බුද‍්ධයුත‍්තකං.

“කොඳු පලස් අතුරන ලද, පුළුන් ඇතිරිලි හා ඝන පුප් එළු ලොම් ඇතිරි අතුරණ ලද, කොමු ඇතිරි හා කපු ඇතිරි සහිත වූ රන්මය පාද ඇති මාහැඟි අසුනක් බුදුරදුන්ට පැනවූයෙමි.

“පදුමුත‍්තරො ලොකවිදූ, දෙවදෙවො නරාසභො; භික‍්ඛුසඞ‍්ඝපරිබ්‍යූළ‍්හො, මම ද‍්වාරමුපාගමි.

දෙවියන්ට දෙවි වූ නරශ්‍රේෂ්ඨ ව පදුමුත්තර බුදුරජාණන් වහන්සේ භික්‍ෂු සංඝයා පිරිවරාගෙන මගේ ගෙදරට වැඩම කළ සේක.

“පච‍්චුග‍්ගන‍්ත්‍වාන සම‍්බුද‍්ධං, ලොකනාථං යසස‍්සිනං; පසන‍්නචිත‍්තො සුමනො, අභිනාමයිං සඞ‍්ඝරං.

ලෝකනාථ වූ යශස් ඇති සම්බුදුරජාණන් වහන්සේට පෙර ගමන් කොට පහන් සිත් ඇත්තෙම් සතුටුව තම ගෙදරට වැඩමවාගෙන ආවෙමි.

“භික‍්ඛූනං සතසහස‍්සං, බුද‍්ධඤ‍්ච ලොකනායකං; පසන‍්නචිත‍්තො සුමනො, පරමන‍්නෙන තප‍්පයිං.

පහන් සිතින් බුද්ධ ප්‍රමුඛ ලක්‍ෂයක් පමණ වූ මහසඟනට කිරිබත් පූජා කළෙමි.

“පදුමුත‍්තරො ලොකවිදූ, ආහුතීනං පටිග‍්ගහො; භික‍්ඛුසඞ‍්ඝෙ නිසීදිත්‍වා, ඉමා ගාථා අභාසථ.

පූජාවන් පිළිගන්නා වූ, පූජාවන්ට ගෙයක් බඳු වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ භික්‍ෂු සංඝයා මැද වැඩ හිඳ මෙසේ වදාළ සේක.

“යෙනිදං ආසනං දින‍්නං, සොවණ‍්ණං ගොනකත්‍ථතං; තමහං කිත‍්තයිස‍්සාමි, සුණාථ මම භාසතො.

“යමකු විසින් මේ කොඳු පළස් ඇතිරූ රන්මය ආසනය දෙන ලද ද ඔහුගේ අනාගතය පිළිබඳව මම පවසමි. ඒ මාගේ වදන් අසවු.

“චතුසත‍්තතික‍්ඛත‍්තුං සො, දෙවරජ‍්ජං කරිස‍්සති; අනුභොස‍්සති සම‍්පත‍්තිං, අච‍්ඡරාහි පුරක‍්ඛතො.

මෙතෙම මින් මතුව සැත්තෑ සතර වරක් දෙව් රජව උපන්නේය. දෙවඟනන් පිරිවරා දෙව්සැප විඳින්නේය.

“පදෙසරජ‍්ජං සහස‍්සං, වසුධං ආවසිස‍්සති; එකපඤ‍්ඤාසක‍්ඛත‍්තුඤ‍්ච, චක‍්කවත‍්තී භවිස‍්සති.

දහස් වරක් පෘථිවි රාජ්‍ය කරන්නේය. පනස් එක් වරක් සක්විති රජව උපදින්නේය.

“සබ‍්බාසු භවයොනීසු, උච‍්චාකුලී භවිස‍්සති; සො ච පච‍්ඡා පබ‍්බජිත්‍වා, සුක‍්කමූලෙන චොදිතො; භද‍්දියො නාම නාමෙන, හෙස‍්සති සත්‍ථු සාවකො.

සියලු භව යෝනීන්හි උසස් කුලිකව උපදින්නේය. කුශල මූලයෙන් මෙහෙයවන ලද මොහු භද්දිය නමින් පැවිදිව කෙලෙසුන් නසන්නේය.”

“විවෙකමනුයුත‍්තොම‍්හි, පන‍්තසෙනනිවාසහං; ඵලඤ‍්චාධිගතං සබ‍්බං, චත‍්තක‍්ලෙසොම‍්හි අජ‍්ජහං.

“මම දැන් විවේකයේ ඇලී සිටිමි. අරණ්‍යයෙහි දුර සෙනසුන්වල හැසිරෙමි. මවිසින් සියලු ශ්‍රමණ ඵල ලබන ලදි. අද මම දුරුකළ කෙලෙස් ඇත්තෙමි.

“මම සබ‍්බං අභිඤ‍්ඤාය, සබ‍්බඤ‍්ඤූ ලොකනායකො; භික‍්ඛුසඞ‍්ඝෙ නිසීදිත්‍වා, එතදග‍්ගෙ ඨපෙසි මං.

ලෝකනායක වූ සර්වඥයන් වහන්සේ මා පිළිබඳ සියල්ල දැන භික්‍ෂු සංඝයා මැද හිඳ මා අග්‍රස්ථානයෙහි තැබූ සේක.

“පටිසම‍්භිදා චතස‍්සො, විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ; ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා, කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

මම සිවුපිළිසිඹියාපත් වූයෙමි. අෂ්ඨ විමෝක්‍ෂයෝ ලැබුවෙමි. ෂඩ් අභිඥා සාක්ෂාත් කරගත්තෙමි. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”

තස‍්ස භගවා ඡළභිඤ‍්ඤුප‍්පත‍්තිං ඤත්‍වා “එහි, භද‍්දා”ති ආහ. සො තාවදෙව සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා පඤ‍්ජලිකො සත්‍ථු සමීපෙ අට‍්ඨාසි, සා එව චස‍්ස උපසම‍්පදා අහොසි. බුද‍්ධූපසම‍්පදා නාම කිරෙසා. ථෙරො ජාතිතො පට‍්ඨාය අත‍්තනො පවත‍්තියා කථනමුඛෙන අඤ‍්ඤං බ්‍යාකරොන‍්තො –

භාග්‍යවතුන් වහන්සේ භද්ද තෙරුන් ෂඩ් අභිඥාලාභී බව දැන “භද්ද, එන්න”යි වදාළ සේක. භද්ද හිමියෝ එකෙණෙහිම ශාස්තෲන් වහන්සේ වෙත පැමිණ වැද ඇඳිලි බැඳගෙන ශාස්තෲන් වහන්සේ සමීපයේ සිටියහ. එයම භද්ද සාමණේරයන්ගේ උපසම්පදාව විය. මේ උපසම්පදාව “බුද්ධුපසම්පදා” නම් වේ. භද්ද තෙරණුවෝ උපතේ පටන් තම පැවැත්ම ප්‍රකාශ කිරීම් වශයෙන් සිය රහත් බව ප්‍රකට කරමින් මේ ගාථා සත වදාළහ.

“එකපුත‍්තො අහං ආසිං, පියො මාතු පියො පිතු; බහූහි වතචරියාහි, ලද‍්ධො ආයාචනාහි ච.

“එකපුත්තො අහං ආසිං පියො මාතු පියො පිතු, බහූහි වතචරියාහි ලද්ධො ආයචනාහි ච”

“තෙ ච මං අනුකම‍්පාය, අත්‍ථකාමා හිතෙසිනො; උභො පිතා ච මාතා ච, බුද‍්ධස‍්ස උපනාමයුං.

“තෙච මං අනුකම්පාය අත්‍ථකාමා හිතෙසිනො, උභො පිතා ච මාතා ච බුද්ධස්ස උපනාමයුං”

“කිච‍්ඡා ලද‍්ධො අයං පුත‍්තො, සුඛුමාලො සුඛෙධිතො; ඉමං දදාම තෙ නාථ, ජිනස‍්ස පරිචාරකං.

“කිච්ඡාලද්ධො අයං පුත්තො සුඛුමාලො සුඛෙධිතො, ඉමං දදාම තෙ නාථ ජිනස්ස පරිචාරකං”

“සත්‍ථා ච මං පටිග‍්ගය‍්හ, ආනන්‍දං එතදබ්‍රවි; පබ‍්බාජෙහි ඉමං ඛිප‍්පං, හෙස‍්සත්‍යාජානියො අයං.

“සත්‍ථා ච මං පටිග්ගය්හ ආනන්‍දං එතදබ්‍රැවී, පබ්බාජෙහි ඉමං ඛිප්පං හෙස්සත්‍යාජානියො අයං”

“පබ‍්බාජෙත්‍වාන මං සත්‍ථා, විහාරං පාවිසී ජිනො; අනොග‍්ගතස‍්මිං සූරියස‍්මිං, තතො චිත‍්තං විමුච‍්චි මෙ.

“පබ්බාජෙත්‍වාන මං සත්‍ථා විහාරං පාවිසී ජිනො, අනොග්ගතස්මිං සුරියස්මිං තතො චිත්තං විමුච්චි මෙ”

“තතො සත්‍ථා නිරාකත්‍වා, පටිසල‍්ලානවුට‍්ඨිතො; එහි භද‍්දාති මං ආහ, සා මෙ ආසූපසම‍්පදා.

“තතො සත්‍ථා නිරංකත්‍වා පටිසල්ලාන වුට්ඨිතො, එහි භද්දා’ති මං ආහ, සාමෙ ආසූපසම්පදා”

“ජාතියා සත‍්තවස‍්සෙන, ලද‍්ධා මෙ උපසම‍්පදා; තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා, අහො ධම‍්මසුධම‍්මතා”ති. –

“ජාතියා සත්ත වස්සෙන ලද්ධා මෙ උපසම්පදා, තිස්සො විජ්ජා අනුප්පත්තා, අහො ධම්මසුධම්මතා” තී.

ඉමා ගාථා අභාසි.

තත්‍ථ වතචරියාහීති, “එවං කත්‍වා පුත‍්තං ලභිස‍්සථා”ති වුත‍්තං සමණබ්‍රාහ‍්මණානං වචනං සුත්‍වා, ඛීරං පායිත්‍වා, අනසනාදිවතචරණෙහි. ආයාචනාහීති දෙවතායාචනාහි සත්‍ථුආයාචනාය ච, ඉදමෙව චෙත්‍ථ කාරණං, ඉතරං ථෙරො මාතාපිතූනං පටිපත‍්තිදස‍්සනත්‍ථඤ‍්චෙව කිච‍්ඡලද‍්ධභාවදස‍්සනත්‍ථඤ‍්ච වදති.

එහි “වතචරියාහි” මෙසේ කොට පුතෙකු ලබන්නෙහිය” යනුවෙන් දැක්වෙන ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ වදන් අසා කිරි පෙවීම් ආදී අනේක ප්‍රකාර ව්‍රත චර්යාවන්ගෙන් ද ආයාචනාවන්ගෙන් ද ලබන ලද, මෙහිදී තමා ලැබීමේ හේතුව, කාරණය දැක්වේ. ඉතිරි පදයන්ගෙන් මවුපිය දෙදෙනා තමන් වහන්සේට ආදරයෙන් කටයුතු කළ ආකාරයත්, තමා දුකසේ ලත් බවත් දක්වයි.

තෙති මාතාපිතරො. උපනාමයුන‍්ති උපනාමෙසුං.

“තෙ” යනු ඒ මවුපිය දෙදෙනා. “උපානාමයුං” එළවූහ. පැමිණවූහ.

සුඛෙධිතොති සුඛසංවඩ‍්ඪිතො. තෙති තුය‍්හං. පරිචාරකන‍්ති කිංකාරං.

“සුඛෙධිතො” සුවසේ වඩන ලද්දේය. “තෙ” යනු නුඹ වහන්සේට, “පරිචාරකං” සේවකයකු කොට,

හෙස‍්සත්‍යාජානියො අයන‍්ති අයං දාරකො මම සාසනෙ ආජානීයො භවිස‍්සති. තස‍්මා ඛිප‍්පං අජ‍්ජෙව පබ‍්බාජෙහීති එතං අබ්‍රවි, ආහ.

“හෙස්සත්‍යාජානියො අයං” “මේ දරුවා මගේ සසුනේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් වන්නේ ය. එනිසා වහාම අදම පැවිදි කරන්න” මෙය වදාළ සේක. පැවසූහ.

පබ‍්බාජෙත්‍වානාති ආනන්‍දත්‍ථෙරෙන පබ‍්බාජෙත්‍වා. විහාරන‍්ති ගන්‍ධකුටිං. අනොග‍්ගතස‍්මිං සූරියස‍්මින‍්ති සූරියෙ අනත්‍ථඞ‍්ගතෙයෙව. තතො චිත‍්තං විමුච‍්චි මෙති තතො විපස‍්සනාරම‍්භතො පරං න චිරෙනෙව ඛණෙන සබ‍්බාසවෙහි මෙ චිත‍්තං විමුච‍්චි, ඛීණාසවො අහොසිං.

“පබ්බාජෙත්‍වාන” ආනන්ද තෙරුන් විසින් පැවිදි කරවා “විහාරං” විහාරයට, ගන්‍ධ කුටියට. “අනොග්ගතස්මිං සුරියස්මිං” සූර්යයා අස්තයට නොගිය කල්හිම. “තතො චිත්තං විමුච්චි මෙ” ඉක්බිති විදර්ශනා භාවනාව ඇරඹුමේ පටන් නොබෝ වේලාවකින්ම මගේ සිත සියලු ආශ්‍රවයන්ගෙන් මිදුණේය. එකෙණෙහිම මම ක්‍ෂීණාශ්‍රවයෙක් වූයෙමි.

තතොති මම ආසවක‍්ඛයතො පච‍්ඡා. නිරාකත්‍වාති අත‍්තනා සමාපන‍්නං ඵලසමාපත‍්තිං අප‍්පෙත්‍වා තතො වුට‍්ඨාය. තෙනාහ “පටිසල‍්ලානවුට‍්ඨිතො”ති. සා මෙ ආසූපසම‍්පදාති යා මං උද‍්දිස‍්ස “එහි, භද‍්දා”ති සත්‍ථු වාචා පවත‍්තා, සා එව මෙ මය‍්හං උපසම‍්පදා ආසි. එවං ජාතියා සත‍්තවස‍්සෙන, ලද‍්ධා මෙ උපසම‍්පදාති සාතිසයං සත්‍ථාරා අත‍්තනො කතං අනුග‍්ගහං සාසනස‍්ස ච නිය්‍යානිකතං දස‍්සෙති. තෙනාහ “අහො ධම‍්මසුධම‍්මතා”ති.

“තතො” මගේ ආශ්‍රව ක්‍ෂය කිරීමෙන් පසුව. “නිරංකත්‍වා” තමන් වහන්සේ විසින් සමවැදුණු ඵල සමවත හැරදමා, ඵලසමවතින් නැගිට. ඒ සඳහා “පටිසල්ලානවුට්ඨිතො” යි කියන ලදි. “සා මෙ ආසූපසම්පදා” මා උදෙසා ශාස්තෲන් වහන්සේ “භද්ද! එන්න”යි යම් වදනක් පැවසූ සේක් ද එයම මාගේ උපසම්පදාව විය. “ජාතියා සත්තවස්සෙන ලද්ධා මෙ උපසම්පදා” මෙහිදී ශාස්තෲන් වහන්සේ තමන්ට අතිශයින් දැක්වූ අනුග්‍රහයක් බුද්ධ ශාසනයේ නෛර්‍ය්‍යාණික භාවයක් දක්වයි. එනිසා “අහො ධම්මසුධම්මතා”යි කියන ලදි.

එත්‍ථ ච “චිත‍්තං විමුච‍්චි මෙ”ති ඛීණාසවභාවං පකාසෙත්‍වාපි පුන “තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා”ති ලොකියාභිඤ‍්ඤෙකදෙසදස‍්සනං ඡළභිඤ‍්ඤභාවවිභාවනත්‍ථං. තෙනාහ අපදානෙ “ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා”ති.

මෙහිදී ද “මගේ සිත මිදුණේය” යනුවෙන් රහත් බව ප්‍රකාශ කර නැවතත් “ත්‍රිවිද්‍යා ලබන ලද්දෙමි”යි දැක්වූයේ ලෞකික අභිඥා දර්ශණය, ෂඩ් අභිඥා භාවය ප්‍රකට කර දැක්වීමටයි. අපදාන පාළියේ දී ද මෙනිසාම “ඡළභිඤ්ඤා සච්ඡිකතා”, “ෂඩ් අභිඥා සාක්‍ෂාත් කරගත්තෙමි”යි කියන ලදි.

භද‍්දත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

භද්ද ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.