යෙදුමෙන් කියවන්න

භද‍්දත්‍ථෙරගාථා

7. 1. 3.

7. 1. 3.

473. එකපුත‍්තො අහං ආසිං පියො මාතු පියො පිතු, බහූහි වතචරියාහි ලද‍්ධො ආයාචනාහි ච.

473. මම බොහෝ ව්‍රතචර්‍ය්‍යාවන්ගෙන් ද ආයාචනාවන්ගෙන් ද ලබනලද මවුහට ප්‍රිය වූ පියාහට ප්‍රිය වූ එක් මැ පුත්‍රයා වීමි.

474. තෙ ච මං අනුකම‍්පාය අත්‍ථකාමා හිතෙසිනො, උභො පිතා ච මාතා ච බුද‍්ධස‍්ස උපනාමයුං,

474. ඒ මවුත් පියාත් දෙදෙනා මට වැඩ කැමැත්තාහු හිත කැමැත්තාහු අනුකම්පා පිණිස මා බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණවූහ.

475. කිච‍්ඡා ලද‍්ධො අයං පුත‍්තො සුඛුමාලො සුඛෙධිතො, ඉමං දදාම තෙ නාථ ජිනස‍්ස පරිචාරකං.

475. “ස්වාමීනි, මේ පුත්‍ර තෙම දුකසේ ලබනලද්දේ යැ, සියුමැලි යැ, සුවසේ වඩනලද්දේ යැ, මොහු අතැවැසි කොට ජින වූ නුඹ වහන්සේට දෙම්හ”යි.

476. සත්‍ථා ච මං පටිග‍්ගය‍්හ ආනන්‍දං එතදබ්‍රවි, පබ‍්බාජෙහි ඉමං ඛිප‍්පං හෙස‍්සත්‍යාජානියො අයං.

476. ශාස්තෲන් වහන්සේත් මා පිළිගෙන අනඳ තෙරණුවන්ට තෙල කරුණ වදාළහ: “මොහු වහා පැවිදි කරව, මෙ දරු ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් වන්නේ යැ” යි.

477. පබ‍්බාජෙත්‍වාන මං සත්‍ථා විහාරං පාවිසී ජිනො, අනොග‍්ගතස‍්මිං සුරියස‍්මිං තතො චිත‍්තං විමුච‍්චි මෙ.

477. ශාස්තෲන් වහන්සේ මා පැවිදි කරවා විහාරයට වැඩ වදාළහ. හිරු අස්තයට නො යන තෙක් මැ ඒ විදර්‍ශනාරම්භයෙන් නො බෝ වෙලායෙහි මාගේ සිත (කෙලෙසුන් කෙරෙන්) විමුක්ත විය.

478. තතො සත්‍ථා නිරංකත්‍වා පටිසල‍්ලානවුට‍්ඨිතො, එහි භද‍්දා’ති මං ආහ සා මෙ ආසූපසම‍්පදා.

478. එක්බිති ශාස්තෲන් වහන්සේ සමවන් ඵලසමවත් හැරපියා පිළිසලනින් නැඟීසිටි සේක් ‘ඒව භද්‍රයෙනි’යි මට වදාළහ. ඒ මාගේ උපසම්පදා වී.

479. ජාතියා සත‍්තවස‍්සෙන ලද‍්ධා මෙ උපසම‍්පදා, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා අහො ධම‍්මසුධම‍්මතා’ති.

479. උපතින් සත්හැවිරිදි වූ මා විසින් උපසම්පත් ලබනලද යැ, ත්‍රිවිද්‍යා ලබනලද යැ. ධර්‍මයාගේ සුධර්‍මතාව ආශ්චර්‍ය්‍ය යැ” යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා භද‍්දො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසෙයින් ආයුෂ්මත් භද්‍ර ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.

භද‍්දත්‍ථෙරගාථා.

භද්‍ර ස්ථවිරගාථා යි.