යෙදුමෙන් කියවන්න

ලකුණ‍්ටකභද‍්දියත්‍ථෙරගාථා

7. 1. 2.

7. 1. 2.

466. පරෙ අම‍්බාටකාරාමෙ වනසණ‍්ඩම‍්හි භද‍්දියො, සමූලං තණ‍්හමබ‍්බුය‍්හ තත්‍ථ භද‍්දො ඣියායති.

466. භද්දිය තෙම ශ්‍රේෂ්ඨ වූ අම්බාටක අරම්හි වනලැහැබෙහි අවිද්‍යාව සහිත තෘෂ්ණාව උපුරා සුන්‍දර වූයේ එහි ධ්‍යාන කෙරෙයි.

467. රමන‍්තෙකෙ මුතිඞ‍්ගෙහි වීණාහි පණවෙහි ච, අහං ච රුක‍්ඛමූලස‍්මිං රතො බුද‍්ධස‍්ස සාසනෙ.

467. ඇතැම් කෙනෙක් මිහිඟුබෙරයෙන් වීණායෙන් පණාබෙරයෙන් රමණය කෙරෙති. මම වූකලි බුදුසසුන්හි ඇලුණෙම් රුක්මුල්හි සිත් අලවා වෙසෙමි.

468. බුද‍්ධො චෙ මෙ වරං දජ‍්ජා සො ච ලබ‍්භෙථ මෙ වරො, ගණ‍්හෙහං සබ‍්බලොකස‍්ස නිච‍්චං කායගතං සතිං.

468. ඉදින් බුදුරජාණන් වහන්සේ මට වරයක් දෙනසේක් නම් ඒ වරයත් (මනදොළ සෙයින්) මා විසින් ලබනලද්දේ වී නම් මම මුළුලොවට නිති කායගතාසති භාවනාව ගනිමි.

469. යෙ මං රූපෙන පාමිංසු යෙ ච ඝොසෙන අන්‍වගූ, ඡන්‍දරාගවසූපෙතා න මං ජානන‍්ති තෙ ජනා.

469. යම් කෙනෙක් (ලකුණ්ටක) රූප හේතුයෙන් මට අවමන් කළාහු ද යම් කෙනෙකුත් මධුරස්වර හේතුයෙන් අනුගත වූවාහු (බුහුමන් කළාහු) ද ඡන්‍දරාග වශයට පමණි ඒ (ද්විවිධ) ජනයෝ මා නො දනිති.

470. අජ‍්ඣත‍්තං ච න ජානාති බහිද‍්ධා ච න පස‍්සති, සමන‍්තාවරණො බාලො ස වෙ ඝොසෙන වුය‍්හති.

470. ඇතුළතත් නො දනියි, පිටතත් නො දකියි. බාල තෙම හාත්පසින් ආවරණ ඇතියේ යැ. හේ එකත්නෙන් ඝෝෂයෙන් අදනාලැබේ.

471. අජ‍්ඣත‍්තං ච න ජානාති බහිද‍්ධා ච විපස‍්සති, බහිද‍්ධා ඵලදස‍්සාවී සො’පි ඝොසෙන වුය‍්හති.

471. යමෙක් ඇතුළත නො දනී ද එතෙකුදුවත් පිටත (ශ්‍රැතියෙන් හෝ ආකල්ප සැලැකීමෙන්) දකී ද පිටත ඵල පමණක් දක්නා හෙ ද ඝෝෂයෙන් අදනාලැබේ.

472. අජ‍්ඣත‍්තං ච පජානාති බහිද‍්ධා ච විපස‍්සති, අනාවරණදස‍්සාවී න සො ඝොසෙන වුය‍්හතී’ති.

472. යමෙක් ඇතුළතත් (අශෛක්‍ෂශීලාදිගුණ) දනී ද පිටතත් (ආකල්පසම්පත්තිආදිය) දකී ද ආවරණ රහිත වැ දක්නා ඒ ආර්‍ය්‍ය පුද්ගල තෙම ඝෝෂයෙන් නො අදනාලැබේ යයි.

ඉත්‍ථං සුදං ආයස‍්මා ලකුණ‍්ටකභද‍්දියො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසේ ආයුෂ්මත් ලකුණ්ටකභද්දිය ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.

ලකුණ‍්ටකභද‍්දියත්‍ථෙරගාථා.

ලකුණ්ටකභද්දිය ස්ථවිරගාථා යි.