සුන්දරසමුද්දත්ථෙරගාථා
7. 1. 1.
7. 1. 1.
459. අලඞ්කතා සුවසනා මාලභාරී විභූසිතා, අලත්තකකතාපාදා පාදුකාරුය්හ වෙසිකා.
459. (හස්තාභරණ පාදාභරණයෙන්) අලඞ්කෘත වූ (හඳනාලද) සුන්දර වස්ත්‍ර ඇති, (පැලැඳි) මල්දම් ඇති, (මල්ගඳවිලෙවුනින්) සැරැසුණු ලාරසින් රැඳු පායුවළ ඇති වෙසඟනක් රන්මිරිවැඩි පයලා සිටියා යැ.
460. පාදුකා ඔරුහිත්වාන පුරතො පඤ්ජලීකතා, සා මං සණ්හෙන මුදුනා මිහිතපුබ්බං අභාසථ.
460. ඕ තොමෝ වහන්සඟල මුදා ඉදිරියෙහි ඇඳිලි බැඳ සිටියා මුදු මොළොක් මිහිරි තෙපුල් පෙරටු කොට තෙල වදන් කීවා යැ:
461. යුවාසි ත්වං පබ්බජිතො තිට්ඨාහි මම සාසනෙ, භුඤ්ජ මානුසකෙ කාමෙ අහං විත්තං දදාමි තෙ.
461. “පැවිදි වූ තෙපි යෞවන වවු, මාගේ වචනයෙහි සිටුව, මිනිස්කම්සුව වළඳව, තොපට මම සම්පත් දෙමි.
462. සච්චං තෙ පටිජානාමි අග්ගිං වා තෙ හරාමහං, යදා ජිණ්ණා භවිස්සාම උභො දණ්ඩපරායනා, උභො පි පබ්බජිස්සාම උභයත්ථ කටග්ගහො.
462. තොපට සත්‍යය පිළින කෙරෙමි. (සපථ පිණිස) මම තොපට ගිනි හෝ ගෙනෙමි. යම් දවසෙකැ අපි දෙදෙන මහලු වැ දණ්ඩපරායන වමෝ ද, (එකල්හි) දෙදෙන මැ පැවිදි වම්හ. ඒ දෙලො වැ දිනීමෙක් වෙයි” කියා යි.
463. තං ච දිස්වාන යාචන්තිං වෙසිකං පඤ්ජලීකතං, අලඞ්කතං සුවසනං මච්චුපාසං ව ඔඩ්ඩිතං.
463. අලඞ්කෘත වූ හඳනාලද සුන්දරවස්ත්ර ඇති දමනලද මළපුඬුවක් වැනි වූ ඇඳිලි බැඳ අයදනා ඒ වෙසඟන දැකැ -
464. තතො මෙ මනසිකාරො යොනිසො උදපජ්ජථ, ආදීනවො පාතුරහු නිබ්බිදා සමතිට්ඨථ.
464. එහෙයින් මට යෝනිසෝමනසිකාර උපන, ආදීනව පහළ විය. නිර්වේදඥානය (මාගේ හෘදයෙහි) පිහිටියේ යි.
465. තතො චිත්තං විමුච්චි මෙ පස්ස ධම්මසුධම්මතං, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසන’න්ති.
465. ඉක්බිති මාගේ සිත (කෙලෙසුන් කෙරෙන්) විමුක්ත විය. ධර්මයාගේ සුධර්‍මතාව බලව. (මා විසින්) ත්‍රිවිද්‍යා ලබනලද යැ. බුදුසසුන් කරනලදැ යි”.
ඉත්ථං සුදං ආයස්මා සුන්දරසමුද්දො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
මෙසේ ආයුෂ්මත් සුන්‍දරසමුද්ද ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.