සබ‍්බකාමිත්‍ථෙරගාථා
6. 1. 14.
6. 1. 14.
453. දිපාදකොයං අසුචි දුග‍්ගන්‍ධො පරිහීරති, නානාකුණපපරිපූරො විස‍්සවන‍්තො තතො තතො.
453. දෙපා ඇති මේ කය නොයෙක් කුණපයෙන් පිරුණේ ඒ ඒ ද්වාරයෙන් අසුචි වැගිරෙනුයේ අශුද්ධ වූයේ දුගඳ වූයේ (මල්ගඳවිලෙවුන් ආදියෙන් සකසා) පරිහරණ කරනුලැබේ.
454. මිගං නිලීනං කූටෙන බළිසෙනෙව අම‍්බුජං, වානරං විය ලෙපෙන බාධයන‍්ති පුථුජ‍්ජනං.
454. (දැල් මලපුඬු ආදි) කූටොපක්‍රමයෙන් සැඟවුණු මුවකු සෙයින් බිලියෙන් මසකු සෙයින් වඳුරුමලයෙන් වඳුරකු සෙයින් (පස්කම්හු) පෘථග්ජනයා පෙළති.
455. රූපා සද‍්දා රසා ගන්‍ධා ඵොට‍්ඨබ‍්බා ච මනොරමා, පඤ‍්චකාමගුණා එතෙ ඉත්‍ථිරූපස‍්මිං දිස‍්සරෙ.
455. මනරම් රූප යැ ශබ්ද යැ රස යැ ගන්‍ධ යැ ස්ප්‍රෂ්ටව්‍ය යැ යන තෙල පස්කම්ගුණයෝ ස්ත්‍රීරූපයෙහි දක්නාලැබෙත්.
456. යෙ එතා උපසෙවන‍්ති රත‍්තචිත‍්තා පුථුජ‍්ජනා, වඩ‍්ඪෙන‍්ති කටසිං ඝොරං අනචිනන‍්ති පුනබ‍්භවං.
456. රාගයෙන් ඇලුණු සිත් ඇති යම් පෘථග්ජන කෙනෙක් තෙල ස්ත්‍රීන් සේවන කෙරෙත් ද, ඔහු ඝෝර වූ (සංසාර සඞ්ඛ්‍යාත) සුසානය වඩති. පුනර්‍භවය රැස් කෙරෙති.
457. යො චෙතා පරිවජ‍්ජෙති සප‍්පස‍්සෙව පදා සිරො, සො’මං විසත‍්තිකං ලොකෙ සතො සමතිවත‍්තති.
457. යමෙක් තුලුන් (ස්ත්‍රීන්) පාදයෙන් සර්‍පශීර්‍ෂයක් මෙන් දුරු කෙරේ ද හෙතෙම ලොවැ මෙ විසත්තිකා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව සිහි ඇති වැ ඉක්මවයි.
458. කාමෙස‍්වාදීනවං දිස‍්වා නෙක‍්ඛම‍්මං දට‍්ඨු ඛෙමතො, නිස‍්සටො සබ‍්බකාමෙහි පත‍්තො මෙ ආසවක‍්ඛයො’ති.
458. කාමයෙහි ආදීනව දැකැ නෛෂ්ක්‍රම්‍යය නිර්‍භය වශයෙන් දැකැ සියලු (ත්‍රෛභූමක) කාමයෙන් නික්මගියෙමි. මා විසින් ආස්‍රවක්‍ෂය (නිර්‍වාණය) ලබනලද්දේ යි.
ඉත්‍ථං සුදං ආයස‍්මා සබ‍්බකාමී ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.
මෙසෙයින් ආයුෂ්මත් සබ්බකාමී ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
සබ‍්බකාමිත්‍ථෙරගාථා.
සබ්බකාමී ස්ථවිරගාථා යි.
තස‍්සුද‍්දානං:
උද්දානය:
උරුවෙලකස‍්සපො ච ථෙරො තෙකිච‍්ඡකාරි ච මහානාගො ච කුල‍්ලො ච මාලුඞ‍්ක්‍යො සප‍්පදාසකො, කාතියානො මිගජාලො ජෙන‍්තො සුමනසව‍්හයො, නහාතමුනි බ්‍රහ‍්මදත‍්තො සිරිමන්‍දො සබ‍්බකාමී ච ගාථායො චතුරාසීති ථෙරා චෙත්‍ථ චතුද‍්දසා’ති.
උරුවේලකාශ්‍යප ස්ථවිර යැ, තෙකිච්චකාරී ස්ථවිර යැ, මහානාග ස්ථවිර යැ, කුල්ල ස්ථවිර යැ, මාලුඞ්ක්‍ය ස්ථවිර යැ, සප්පදාසක ස්ථවිර යැ, කාතියාන ස්ථවිර යැ, මිගජාල ස්ථවිර යැ, ජෙන්ත ස්ථවිර යැ, සුමන ස්ථවිර යැ, නහාතමුනි ස්ථවිර යැ, බ්‍රහ්මදත්ත ස්ථවිර යැ, සිරිමන්‍ද ස්ථවිර යැ, සබ්බකාමී ස්ථවිර යැ යි මෙහි තෙරහු තුදුස් දෙනෙකි, ගාථා සුවාසුයෙකි.
ඡක‍්කනිපාතො නිට‍්ඨිතො.
ඡක්කනිපාතය නිමි.