යෙදුමෙන් කියවන්න

සබ‍්බකාමිත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

සබ‍්බකාමිත්‍ථෙරගාථාවණ‍්ණනා

සබ්බකාමී ස්ථවිරගාථා වර්ණනාව

ද‍්විපාදකොතිආදිකා ආයස‍්මතො සබ‍්බකාමිත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයං කිර පදුමුත‍්තරස‍්ස භගවතො සාසනෙ උප‍්පන‍්නං අබ‍්බුදං සොධෙත්‍වා පටිපාකතිකං ඨපෙන‍්තං එකං ථෙරං දිස‍්වා, “අහම‍්පි අනාගතෙ එකස‍්ස බුද‍්ධස‍්ස සාසනෙ අබ‍්බුදං සොධෙත්‍වා පටිපාකතිකං ඨපෙතුං සමත්‍ථො භවෙය්‍ය”න‍්ති පත්‍ථනං පට‍්ඨපෙත්‍වා තදනුරූපානි පුඤ‍්ඤානි කත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ අපරිනිබ‍්බුතෙ එව භගවති වෙසාලියං ඛත‍්තියකුලෙ නිබ‍්බත‍්තිත්‍වා සබ‍්බකාමොති ලද‍්ධනාමො වයප‍්පත‍්තො ඤාතකෙහි දාරපරිග‍්ගහං කාරිතො නිස‍්සරණජ‍්ඣාසයතාය ඝරාවාසං ජිගුච‍්ඡන‍්තො ධම‍්මභණ‍්ඩාගාරිකස‍්ස සන‍්තිකෙ පබ‍්බජිත්‍වා සමණධම‍්මං කරොන‍්තො උපජ‍්ඣායෙන සද‍්ධිං වෙසාලිං උපගතො ඤාතිඝරං අගමාසි. තත්‍ථ නං පුරාණදුතියිකා පතිවියොගදුක‍්ඛිතා කිසා දුබ‍්බණ‍්ණා අනලඞ‍්කතා කිලිට‍්ඨවත්‍ථනිවසනා වන්‍දිත්‍වා රොදමානා එකමන‍්තං අට‍්ඨාසි. තං දිස‍්වා ථෙරස‍්ස කරුණාපුරස‍්සරං මෙත‍්තං උපට‍්ඨාපයතො අනුභූතාරම‍්මණෙ අයොනිසොමනසිකාරවසෙන සහසා කිලෙසො උප‍්පජ‍්ජි.

“දිපාදකො” යනාදී ගාථා ආයුෂ්මත් සබ්බකාමී තෙරුන්වහන්සේ විසින් පවසන ලදි. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ ඇති වූ අර්බුදයක් පිරිසිදු කර, නැවත මුල් ස්වභාවයට ගෙනවුත් (දුර්මත බැහැර ලා පිරිසිදු බුදු දෙසුමම හෙළිකර) තැබූ එක් මහතෙරනමක් දැක; “මම ද අනාගතයේ එක් බුදුවරයෙකුගේ සසුනේ පහළවන අර්බුද බැහැරලා නැවත නියම බුදු දෙසුම පිරිසිදු කර දැක්වීමට සමර්ථයෙක් වේවා”යි පැතූහ. ඒ ප්‍රාර්ථනාවට අනුකූල වූ පින් දහම් සිදුකරමින් දෙව් මිනිසුන් අතර සැරිසැරූ හෙතෙම මේ බුද්ධෝත්පාද කාලයේ දී අප භාග්‍යවතුන් වහන්සේ පිරිනිවීමට පෙරදීම විශාලා මහනුවර ක්‍ෂත්‍රිය පවුලක ඉපිද “සබ්බකාමී” නමින් ප්‍රකට විය. නිසි වයසට එළඹි ඒ රජකුමරුට නෑයන් විසින් සුදුසු මනාලියක් ගෙනවුත් පාවාදනෙ ලදි. නමුත් කාමුක සම්පත්හි නොඇලුණු සිතැති සබ්බකාමී කුමරු ගිහිගේ පිළිකුල් වූ බැවින් ගිහිසැප හැරදමා ගොස්, ධර්මභාණ්ඩාගාරික ආනන්ද තෙරුන් වහන්සේ සමීපයේ පැවිදි වයි. මහණදම් පුරමින් සිය උපාධ්‍යායන් වහන්සේ සමග විශාලාවට පැමිණ; සිය ඥාතීන් බැලීමට වැඩම වූ සබ්බකාමී තෙරුන් වෙත; උන්වහන්සේගේ ගිහිකල භාර්යාව ස්වාමි විප්‍රයෝගය නිසා කෘශ වූ දුර්වර්ණ සිරුරින් ද අලංකාර නොවූ කිලිටි වස්ත්‍රවලින් ද යුතුව අඬමින් පැමිණ තෙරුන්ට වැඳ එකත් පසෙක සිටියාය. ඇය දුටු සබ්බකාමී තෙරණුවෝ කරුණාව පෙරටුකරගත් මෙත් සිත ඇය කෙරෙහි පැතිරවූහ. නුසුදුසු අරමුණ පැතිර වූ මේ මෙත් සිත අනුවණින් මෙනෙහි කිරීම නිසා (අයෝනිසෝ මනසිකාරයෙන් යුතු හෙයින්) උන්වහන්සේගේ සිතේ වහා කෙලෙස් දහම්, රාගී හැඟීම් වර්ධනය විය.

සො තෙන කසාහි තාළිතො ආජානීයො විය සඤ‍්ජාතසංවෙගො තාවදෙව සුසානං ගන‍්ත්‍වා, අසුභනිමිත‍්තං උග‍්ගහෙත්‍වා, තත්‍ථ පටිලද‍්ධඣානං පාදකං කත්‍වා, විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා, අරහත‍්තං පාපුණි. අථස‍්ස සසුරො අලඞ‍්කතපටියත‍්තං ධීතරං ආදාය මහතා පරිවාරෙන නං උප‍්පබ‍්බාජෙතුකාමො විහාරං අගමාසි. ථෙරො තස‍්සා අධිප‍්පායං ඤත්‍වා අත‍්තනො කාමෙසු විරත‍්තභාවං සබ‍්බත්‍ථ ච අනුපලිත‍්තතං පකාසෙන‍්තො –

ඉන්පසු එකරුණ දුටු තෙරුන් වහන්සේ කසපහර ලද උසස් කුලයේ (අජානීය) අශ්වයකු මෙන් වහා සොහොනට වැඩමවා අසුභ නිමිත්තක් ලැබ, එය සිහිකිරීමෙන් ලබනලද ධ්‍යානය පාදක කරගෙන විදසුන් සිහිකිරීමෙන් ලබන ලද ධ්‍යානය පාදක කරගෙන විදසුන් වඩා රහත් වූහ. එවිට උන්වහන්සේගේ මාමණ්ඩිය (බිරිඳගේ පියා) තම දුවණියන් ඉතා අලංකාරවත්ව සරසා ගෙන මහත් වූ පිරිවරින් තෙරුන් සිවුරු හරවා ගැනීමේ අදහසින් විහාරයට පැමිණි අවස්ථාවෙහි; සබ්බකාමී තෙරණුවෝ ඔවුන්ගේ අභිප්‍රාය දැන, තමන් වහන්සේ කාමයන්හි නොඇලුණු බවත්, සෑම තැනකම නො ඇලෙන බවත් ප්‍රකාශ කරමින් මේ ගාථා සය වදාළහ.

“ද‍්විපාදකොයං අසුචි, දුග‍්ගන්‍ධො පරිහීරති; නානාකුණපපරිපූරො, විස‍්සවන‍්තො තතො තතො.

“දිපාදකොයං අසුචි දුග්ගන්‍ධො පරිහීරති, නානා කුණප පරිපූරො විස්සවන්තො තතො තතො”

“මිගං නිලීනං කූටෙන, බළිසෙනෙව අම‍්බුජං; වානරං විය ලෙපෙන, බාධයන‍්ති පුථුජ‍්ජනං.

“මිගං නිලීනං කූටෙන බලිසෙනෙව අම්බුජං, වානරං විය ලෙපෙන බාධයන්ති පුථුජ්ජනං”

“රූපා සද‍්දා රසා ගන්‍ධා, ඵොට‍්ඨබ‍්බා ච මනොරමා; පඤ‍්ච කාමගුණා එතෙ, ඉත්‍ථිරූපස‍්මි දිස‍්සරෙ.

“රූපා සද්දා රසා ගන්‍ධා ඵොට්ඨබ්බා ච මනොරමා, පඤ්චකාම ගුණා එතෙ ඉත්‍ථි රූපස්මිං දිස්සරෙ”

“යෙ එතා උපසෙවන‍්ති, රත‍්තචිත‍්තා පුථුජ‍්ජනා; වඩ‍්ඪෙන‍්ති කටසිං ඝොරං, ආචිනන‍්ති පුනබ‍්භවං.

“යෙ එතා උපසෙවන්ති රත්තචිත්තා පුථුජ්ජනා, වඩ්ඪෙන්ති කටසිං ඝොරං ආචිණන්ති පුනබ්භවං”

“යො චෙතා පරිවජ‍්ජෙති, සප‍්පස‍්සෙව පදා සිරො; සොමං විසත‍්තිකං ලොකෙ, සතො සමතිවත‍්තති.

“යො වෙතා පරිවජ්ජෙති සප්පස්සෙව පදාසිරො, සොමං විසත්තිකං ලොකෙ සතො සමතිවත්තතී”

“කාමෙස‍්වාදීනවං දිස‍්වා, නෙක‍්ඛම‍්මං දට‍්ඨු ඛෙමතො; නිස‍්සටො සබ‍්බකාමෙහි, පත‍්තො මෙ ආසවක‍්ඛයො”ති. –

“කාමෙසවාදීනවං දිස්වා නෙක්ඛම්මං දට්ඨු ඛෙමතො, නිස්සටො සබ්බකාමෙහි පත්තො මෙ ආසවක්ඛයො” තී.

ඉමා ගාථා අභාසි.

තත්‍ථ ද‍්විපාදකොති යදිපි අපාදකාදයොපි කායා අසුචීයෙව, අධිකාරවසෙන පන උක‍්කට‍්ඨපරිච‍්ඡෙදෙන වා එවං වුත‍්තං. යස‍්මා වා අඤ‍්ඤෙ අසුචිභූතාපි කායා ලොණම‍්බිලාදීහි අභිසඞ‍්ඛරිත්‍වා මනුස‍්සානං භොජනෙපි උපනීයන‍්ති, න පන මනුස‍්සකායො, තස‍්මා අසුචිතරසභාවමස‍්ස දස‍්සෙන‍්තො “ද‍්විපාදකො”ති ආහ. අයන‍්ති තදා උපට‍්ඨිතං ඉත්‍ථිරූපං සන්‍ධායාහ. අසුචීති අසුචි එව, න එත්‍ථ කිඤ‍්චිපි සුචීති අත්‍ථො. දුග‍්ගන්‍ධො පරිහීරතීති දුග‍්ගන්‍ධො සමානො පුප‍්ඵගන්‍ධාදීහි සඞ‍්ඛරිත්‍වා පරිහරීයති. නානාකුණපපරිපූරොති කෙසාදිඅනෙකප‍්පකාරකුණපභරිතො. විස‍්සවන‍්තො තතො තතොති පුප‍්ඵගන්‍ධාදීහිස‍්ස ජෙගුච‍්ඡභාවං පටිච‍්ඡාදෙතුං වායමන‍්තානම‍්පි තං වායාමං නිප‍්ඵලං කත්‍වා නවහි ද‍්වාරෙහි ඛෙළසිඞ‍්ඝාණිකාදීනි ලොමකූපෙහි ච සෙදජල‍්ලිකං ‘විස‍්සවන‍්තොයෙව පරිහීරතී’ති සම‍්බන්‍ධො.

මෙහි “දිපාදකො” පා ඇති, නැති නැති සැම සත්ත්‍වයකුගේම කය අශූචියෙන් පිරුණේම ය. මෙහි “දෙපා ඇති” යනුවෙන් අධිකාර වශයෙන් හෝ ඉතා උසස් වෙන්කිරීම් වශයෙන් විශේෂ කර දක්වන ලදි. අනෙකුත් අශූචියෙන් පිරි සත්ත්‍වයන්ගේ ශරීර ලුණු, ඇඹුල් දමා මනුෂ්‍යයන්ගේ භෝජනය සඳහා ගනිති. නමුත් මිනිස් ශරීර කොටස් එසේ නො ගනියි. එනිසා එසේ මිනිස් ශරීරය ඉතාමත් අශුචි සහගත බව දැක්වීමට මෙසේ “දෙපා ඇති” යනුවෙන් කියන ලදි. “අයං” මේ, ඒ ඥාතීන් විසින් ඉදිරියේ තැබූ ස්ත්‍රී රූපය සඳහා මෙය කියන ලදි. “අසුචි” අසුචි, අපවිත්‍ර වූවක් මය. මේ ශරීරයේ කිසිදු පිරිසිදු, පවිත්‍රභාවයක් නොමැත. “දුග්ගන්‍ධො පරිහීරති”. ඉතා දුගඳ පිළිකුල් වූ මේ ශරීරය මල් ගඳ විලවුන්වලින් සකසාගෙන පරිහරණය කරනු ලැබේ. “නානා කුණපපරිපූරො” කෙස්, ලොම් ආදී අනේකප්‍රකාර කුණපයන්ගෙන් පිරිපුන්ය. “විස්සවන්තො තතො තතො” මල් ගඳ විලවුන් ආදියෙන් පිළිකුල් බව වසා ගැනීමට වෑයම් කළත්, ඒ උත්සාහය නිෂ්ඵල කරමින් මේ නව දොරින් කෙළ, සෙම්, සොටු ආදී අශුචීත්, රෝම කූපයන්ගෙන් දහඩියත් වැගිරෙන්නේ ම ය. එසේ වගුරුවමින් පරිහරණය කරයි.

එවං ජෙගුච‍්ඡොපි සමානො චායං කායො කූටාදීහි විය මිගාදිකෙ අත‍්තනො රූපාදීහි අන්‍ධපුථුජ‍්ජනෙ වඤ‍්චෙතියෙවාති දස‍්සෙන‍්තො “මිග”න‍්තිආදිමාහ. තත්‍ථ මිගං නිලීනං කූටෙනාති පාසවාකරාදිනා කූටෙන නිලීනං, පටිච‍්ඡන‍්නං කත්‍වා මිගං විය නෙසාදො. වක‍්ඛමානො හි ඉව-සද‍්දො ඉධාපි ආනෙත්‍වා යොජෙතබ‍්බො. බළිසෙනෙව අම‍්බුජන‍්ති අම‍්බුජං මච‍්ඡං ආමිසබද‍්ධෙන බළිසෙන විය බාළිසිකො. වානරං විය ලෙපෙනාති රුක‍්ඛසිලාදීසු පක‍්ඛිත‍්තෙන මක‍්කටලෙපෙන මක‍්කටං විය මිගලුද‍්දො අන්‍ධපුථුජ‍්ජනං වඤ‍්චෙන‍්තො බාධෙන‍්තීති.

මෙසේ ඉතා පිළිකුල් සහගත වූ මේ කය උගුල් ආදියෙන් මුවන් බැඳගන්නාක් මෙන්, රූපාදී ප්‍රිය අරමුණු අඳබාල පුහුදුන් පුද්ගලයන් රවටා විපතට පමුණුවන්නේයැයි දක්වමින් “මිගං නිලීනං” ආදි දෙවන ගාථාව වදාළහ. “මිගං නිලීනං කූටෙන” වැදිපුත්‍රයා දැල්, උගුල් ආදියෙන් සැඟවී සිටින, මුවහ වී සිටින මුවකු අල්ලාගන්නාක් මෙන්, මෙහි අර්ථ පවසන විට “ඉව” ශබ්දය යොදා අර්ථ ගතයුතුයි. “ඉව” මෙන්, “බලිසෙනෙව අම්බුජං” බිලී කටුවෙන් ආහාරයේ ලොල් වූ මාළුවකු අල්ලා ගන්නා මසුන් මරන්නකු මෙන් “වානරං විය ලෙපෙන” ගල්, ගස්, අතුවල ගැල් වූ වඳුරු මලයෙන්, වඳුරු ආලේපයෙන් වඳුරකු අල්ලා ගන්නා මුව වැද්දකු මෙන් මේ අඳබාල පුහුදුන් පුද්ගලයා රවටා විපතට පත්කර ගනියි.

කෙ පන බාධෙන‍්තීති ආහ. “රූපා සද‍්දා”තිආදි. රූපාදයො හි පඤ‍්ච කාමකොට‍්ඨාසා විසෙසතො විසභාගවත්‍ථුසන‍්නිස‍්සයා විපල‍්ලාසූපනිස‍්සයෙන අයොනිසොමනසිකාරෙන පරික‍්ඛිත‍්තානං අන්‍ධපුථුජ‍්ජනානං මනො රමෙන‍්තො කිලෙසවත්‍ථුතාය අනත්‍ථාවහභාවතො තෙ බාධෙන‍්ති නාම. තෙන වුත‍්තං “රූපා සද‍්දා…පෙ… ඉත්‍ථිරූපස‍්මි දිස‍්සරෙ”ති.

කවරකු විසින් එසේ විපතට පත් කරත් ද? එය දැක්වීමට “රූපා සද්දා” යන ගාථාව දැක්විණි. රූප, ශබ්ද, ගන්‍ධ, රස, ස්පර්ශ යන පස් කම් සැප ගෙන දෙන විෂභාග අරමුණු ඇසුරු කිරීමෙන්, විපර්යාසයට පත්ව අනුවණින් මෙනෙහි කිරීමෙන් ඒ විසභාග අරමුණු පිනවීමට යොමු වූ අඳබාල පුහුදුන් පුද්ගලයන්ගේ සිත අලවමින්, කෙලෙස් පිරි වස්තු වූ ඒ පංචාරම්මණයන් අනර්ථය පිණිසම හේතුවන බැවින් “බාධාකරයි”, “පීඩාකරයි” නම් වේ. එනිසා “රූපා සද්දා රසා ගන්‍ධා...... ඉත්‍ථි රූපස්මිං දිස්සරෙ” යි මේ සියලු පංචකාම සම්පත් ස්ත්‍රී රූපයේ ඇතැයි කියන ලදි.

ඉත්‍ථිග‍්ගහණඤ‍්චෙත්‍ථ අධිකාරවසෙන කතන‍්ති වෙදිතබ‍්බං. තෙනෙවාහ “යෙ එතා උපසෙවන‍්තී”තිආදි. තස‍්සත්‍ථො – යෙ පුථුජ‍්ජනා එතා ඉත්‍ථියො රත‍්තචිත‍්තා රාගාභිභූතචිත‍්තා උපභොගවත්‍ථුසඤ‍්ඤාය උපසෙවන‍්ති. වඩ‍්ඪෙන‍්ති කටසිං ඝොරන‍්ති තෙ ජාතිආදීහි නිරයාදීහි ච ඝොරං, භයානකං, අන්‍ධබාලෙහි අභිරමිතබ‍්බතො කටසිසඞ‍්ඛාතං සංසාරං පුනප‍්පුනං උප‍්පත‍්තිමරණාදිනා වඩ‍්ඪෙන‍්ති. තෙනාහ “ආචිනන‍්ති පුනබ‍්භව”න‍්ති.

මෙහි ස්ත්‍රිය ගැනීම අධිකාර වශයෙන් සිදු කළ බව දත යුතුයි. ඒ ස්ත්‍රී රුව සේවනයේ ආදීනව “යෙ එතා උපසෙවන්ති” යනාදී වශයෙන් දක්වන ලදි. එහි අරුත් මෙසේ ය. “යම් පුහුදුන් පුද්ගලයෙක් ඒ ස්ත්‍රීරුව කෙරෙහි ඇලුණු සිතින්, රාගික වූ සිතින් පරිභෝග වස්තුවක් මෙන් සලකා ඇසුරු කරයි ද ඔහුට “වඩ්ඪෙන්ති කටසිං ඝොරං” ජාති ආදී භවයන්හිත් නිරයාදියෙහිත් ඉතා බිහිසුණු දුක් පැමිණේ. ඒ අඳබාලයන්ට මේ පංචකාමයන්හි ඇලීම නිසා සුසාන නම් වූ සංසාරයේ නැවත නැවත ඉපදීමත් මැරීමත් වර්ධනය වේ. එනිසා කියන ලදී. “ආචිණන්ති පුනබ්භවං” පුනර්භවය රැස් කරති.

යො චෙතාති යො පන පුග‍්ගලො එතා ඉත්‍ථියො තත්‍ථ ඡන්‍දරාගස‍්ස වික‍්ඛම‍්භනෙන වා සමුච‍්ඡින්‍දනෙන වා අත‍්තනො පාදෙන සප‍්පස‍්ස සිරං විය පරිවජ‍්ජෙති, සො සබ‍්බං ලොකං විසජිත්‍වා ඨිතත‍්තා ලොකෙ විසත‍්තිකාසඞ‍්ඛාතං තණ‍්හං සතො හුත්‍වා සමතිවත‍්තති.

“යොවෙතා” යම් ඒ පුද්ගලයෙක් මේ ස්ත්‍රීන් කෙරෙහි හටගත් ආශාව ඡන්දරාගය මුලිනුපුටා දැමීමෙන් හෝ විෂ්කම්භනය කිරීමෙන් හෝ තම පයින් සර්පයකුගේ හිසක් ඉවත දමන්නාක් මෙන් දුරු කරයි ද, ඔහු මුලු ලෝකයම අල්ලාගෙන සිටින බැවින් ඇලීම් ඇති කරන, “විසත්තිකා” නම් වූ තණ්හාව සිහියෙන් යුක්තව ඉක්මවා සිටියි.

කාමෙස‍්වාදීනවං දිස‍්වාති “අට‍්ඨිකඞ‍්කලූපමා කාමා බහුදුක‍්ඛා බහුපායාසා”තිආදිනා (පාචි· 417; චූළව· 65; ම· නි· 1.234) වත්‍ථුකාමෙසු කිලෙසකාමෙසු අනෙකාකාරවොකාරං ආදීනවං, දොසං, දිස‍්වා. නෙක‍්ඛම‍්මං දට‍්ඨු ඛෙමතොති කාමෙහි භවෙහි ච නික‍්ඛන‍්තභාවතො නෙක‍්ඛම‍්මං, පබ‍්බජ‍්ජං , නිබ‍්බානඤ‍්ච, ඛෙමතො, අනුපද‍්දවතො, දට‍්ඨු, දිස‍්වා. සබ‍්බකාමෙහිපි තෙභූමකධම‍්මෙහි නිස‍්සටො විසංයුත‍්තො. සබ‍්බෙපි තෙභූමකා ධම‍්මා කාමනීයට‍්ඨෙන කාමා, තෙහි ච ථෙරො විසංයුත‍්තො. තෙනාහ “පත‍්තො මෙ ආසවක‍්ඛයො”ති.

“කාමෙස්වාදීනවං දිස්වා”, “මේ කාමයෝ ඇටසැකිල්ලක් බඳුය. බොහෝ වධබන්‍ධන ඇති වේ” යනාදී ලෙස වස්තු කාම, ක්ලේශ කාමයන්හි අනේකප්‍රකාර වූ ආදීනව, දොස් දැකීමෙන්, “නෙක්ඛම්මං දට්ඨු ඛෙමතො” කාමයෙහිත් භවයෙහිත් නික්මීම ඇති කරන බැවින් නෛෂ්ක්‍රම්‍ය පැවිද්දත් ක්‍ෂේම වූ නිවණත් උපද්‍රව රහිත බව දැක; ඒ මම ත්‍රෛභූමික වූ මේ සියලුම කාමයන්ගෙන් නික්මුණෙමි. ඉවත්ව ගියෙමි. සියලුම ඒ ත්‍රෛභූමික වූ ධර්මයෝ ප්‍රිය, කමනීය බව ඇති කරන බැවින් “කාම” නම් වේ. ඒ කාමලෝකයන්ගෙන් මේ තෙරණුවෝ මිදුණු බව මෙසේ කියන ලදි. කාම, රූප, අරූප සියලු ලෝකයන්හි උපත දුරුකළ බව “පත්තො මෙ ආසවක්ඛයො” යන්නෙන් කියන ලදි.

එවං ථෙරො ආදිතො පඤ‍්චහි ගාථාහි ධම‍්මං කථෙත්‍වා ඡට‍්ඨගාථාය අඤ‍්ඤං බ්‍යාකාසි. තං සුත්‍වා සසුරො “අයං සබ‍්බත්‍ථ අනුපලිත‍්තො, න සක‍්කා ඉමං කාමෙසු පතාරෙතු”න‍්ති යථාගතමග‍්ගෙනෙව ගතො. ථෙරොපි වස‍්සසතපරිනිබ‍්බුතෙ භගවති උපසම‍්පදාය වීසවස‍්සසතිකො පථබ්‍යා ථෙරො හුත්‍වා, වෙසාලිකෙහි වජ‍්ජිපුත‍්තෙහි උප‍්පාදිතං සාසනස‍්ස අබ‍්බුදං සොධෙත්‍වා, දුතියං ධම‍්මසඞ‍්ගීතිං සඞ‍්ගායිත්‍වා “අනාගතෙ ධම‍්මාසොකකාලෙ උප‍්පජ‍්ජනකං අබ‍්බුදං සොධෙහී”ති තිස‍්සමහාබ්‍රහ‍්මානං ආණාපෙත්‍වා අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා පරිනිබ‍්බායි.

මෙසේ මුලින් දැක්වූ ගාථා පහෙන් ධර්ම දේශනා කළ සබ්බකාමී තෙරණුවෝ අවසන් සය වන ගාථාවෙන් සිය රහත් බව ප්‍රකාශ කළහ. මේ ගාථා ඇසූ මාමණ්ඩිය “මොහු සැමතැන්හිම ඇලීම දුරුකළ අයෙකි. මොහුට කාමුක සම්පත්තිය කෙරෙහි ඇලීමක් ඇති කිරීමට නොහැක”යි සිතා පැමිණි මාර්ගයෙන්ම නැවත හැරී ගියේය. සබ්බකාමී තෙරණුවෝ ද භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි, උපසම්පදාව ලැබ එක්සිය විසි අවුරුද්දක් මහතෙර නමක්ව ජීවත්ව සිටිමින්; විශාලාවේ වජ්ජිපුත්තකයන් විසින් ඉපද වූ ශාසනික අර්බුදය විසඳා පිරිසිදු බුදු දහම බබුළුවමින් දෙවැනි ධර්ම සංගායනාවට සහාය වූහ. ඉන්පසුව “අනාගතයේ ධර්මාශෝක රජ දවස උපදින්නා වූ ශාසනික අර්බුදය දුරුකර සසුන පිරිසිදු කරව”යි තිස්ස මහා බ්‍රාහ්මණයාට අණකර, අනුපාදිසේස නිර්වාණ ධාතුවෙන් උන්වහන්සේ පිරිනිවන් පෑ සේක.

සබ‍්බකාමිත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

සබ්බකාමී ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.

ඡක‍්කනිපාතවණ‍්ණනා නිට‍්ඨිතා.

සයවැනි නිපාතයේ ගාථාවන්හි අර්ථ වර්ණනාව සමාප්තයි.