සිරිමන්දත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
සිරිමන්දත්ථෙරගාථාවණ්ණනා
සිරිමන්ද ස්ථවිරගාථා වර්ණනාව
ඡන්නමතිවස්සතීතිආදිකා ආයස්මතො සිරිමණ්ඩත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ පුඤ්ඤානි උපචිනිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ සංසුමාරගිරෙ බ්රාහ්මණකුලෙ නිබ්බත්තිත්වා සිරිමණ්ඩොති ලද්ධනාමො වයප්පත්තො භෙසකලාවනෙ භගවති විහරන්තෙ සත්ථාරං උපසඞ්කමිත්වා ධම්මං සුත්වා පටිලද්ධසද්ධො පබ්බජිත්වා ලද්ධූපසම්පදො සමණධම්මං කරොන්තො එකස්මිං උපොසථදිවසෙ පාතිමොක්ඛුද්දෙසට්ඨානෙ නිසින්නො නිදානුද්දෙසස්ස පරියොසානෙ “ආවිකතා හිස්ස ඵාසු හොතී”ති (මහාව· 134) පාළියා අත්ථං උපධාරෙන්තො ආපන්නං ආපත්තිං අනාවිකත්වා පටිච්ඡාදෙන්තො උපරූපරි ආපත්තියො ආපජ්ජති, තෙනස්ස න ඵාසු හොති, ආවිකත්වා පන යථාධම්මං පටිකරොන්තස්ස ඵාසු හොතීති ඉමමත්ථං මනසි කත්වා “අහො සත්ථු සාසනං සුවිසුද්ධ”න්ති ලද්ධප්පසාදො තථා උප්පන්නං පීතිං වික්ඛම්භෙත්වා විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං පත්වා අත්තනො පටිපත්තිං පච්චවෙක්ඛිත්වා පසන්නමානසො භික්ඛූනං ඔවාදං දෙන්තො –
“ඡන්නමති වස්සති” යනු ආයුෂ්මත් සිරිමන්ද තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව, ඒ ඒ භවයේ දී පින්දහම් රැස්කරමින් අවුත්, මේ බුද්ධෝත්පාද කාලයේ දී සුංසුමාර ගිරියේ බමුණු පවුලක උපන්හ. සිරිමන්ද නමින් ප්‍රකට වූ මේ බමුණු තරුණයා තුරුණුවියට පත්ව, භේසකලාවනයේ වෙසෙන බුදුරදුන් වෙත එළඹ ධර්මශ්රවණය කළේය. ඉන් ජනිත වූ ශ්‍රද්ධාව නිසා බුදුසසුනේ පැවිදි උපසම්පදාව ලැබූ සිරිමන්ද තෙරණුවෝ, මහණදම් පුරමින් සිටියහ. එක් උපෝසථ දිනයක පාමොක් උදෙසන ස්ථානයෙහි වැඩසිටි උන්වහන්සේ; නිදාන උදෙසීම අවසන් වූ කල්හි, “මේ ඇවැත් ප්‍රකට කළ පුද්ගලයාටම පහසුවක් වේ” යනුවෙන් පෙළෙහි අරුත් සලකා බලමින්, විමසමින් “තමා පැමිණි ඇවැත නොපවසා සඟවන්නාට ඒ මත තව තවත් ඇවැත් ඇති වේ. එය ඔහුට මහණදම් පිරීමට පහසුවක් නොවේ. තම සිදු වූ ඇවැත් හෙළිකරමින් ඊට අවශ්‍ය පිළියම් කරන්නාටම පහසු ඇති වේ” යනුවෙන් සිතූහ. මෙසේ අර්ථ විමසා බලත්ම “පුදුමයි! මේ ශාස්තෲ ශාසනය ඉතා පිරිසිදු වූවකි”යි යන පහන් සිත උන්වහන්සේට ඇති විය. එසේ උපන් ප්‍රීතිය මැඩපවත්වා ගනිමින් විදසුන් වැඩූ උන්වහන්සේ රහත් වූහ. තමාගේ ශාසනික පිළිවෙත් මග සිහිපත් කර බලමින් ඒ පිළිබඳව පහන් සිත් ඇති සිරිමන්ද රහතන් වහන්සේ, සෙසු පුහුදුන් භික්ෂූන්ට අවවාද දෙමින් මේ ගාථා සය වදාළහ.
“ඡන්නමතිවස්සති, විවටං නාතිවස්සති; තස්මා ඡන්නං විවරෙථ, එවං තං නාතිවස්සති.
“ඡන්නමතිවස්සති, විවටං නාතිවස්සති, තස්මා ඡන්තං විවරෙථ එවන්තං නාතිවස්සති”
“මච්චුනාබ්භාහතො ලොකො, ජරාය පරිවාරිතො; තණ්හාසල්ලෙන ඔතිණ්ණො, ඉච්ඡාධූපායිතො සදා. (සං· නි· 1.66);
“මච්චුනාබ්භාහතො ලොකො ජරාය පරිවාරිතො, තණ්හා සල්ලෙන ඔතිණ්ණො ඉච්ඡාධූපායිතො සදා”
“මච්චුනාබ්භාහතො ලොකො, පරික්ඛිත්තො ජරාය ච; හඤ්ඤති නිච්චමත්තාණො, පත්තදණ්ඩොව තක්කරො.
“මච්චුනාබ්භාහතො ලොකො, පරික්ඛිත්තො ජරාය ච, හඤ්ඤති නිච්චමත්තාණො පත්තදණ්ඩොව තක්කරො”
“ආගච්ඡන්තග්ගිඛන්ධාව, මච්චු බ්යාධි ජරා තයො; පච්චුග්ගන්තුං බලං නත්ථි, ජවො නත්ථි පලායිතුං.
“ආගච්ඡන්තග්ගික්ඛන්ධාව මච්චුඛ්යාධිජරා තයො, පච්චුග්ගන්තුං බලං නත්ථි, ජයො නත්ථි පලායිතුං”
“අමොඝං දිවසං කයිරා, අප්පෙන බහුකෙන වා; යං යං විජහතෙ රත්තිං, තදූනං තස්ස ජීවිතං.
“අමොඝං දිවසං කයිරා අප්පෙන බහුකෙන වා, යං යං විහරතෙ රත්තිං තදූනං තස්ස ජීවිතං”
“චරතො තිට්ඨතො වාපි, ආසීනසයනස්ස වා; උපෙති චරිමා රත්ති, න තෙ කාලො පමජ්ජිතු”න්ති. –
“චරතො තිට්ඨතො වාපි ආසීන සයනස්ස වා, උපෙති චරිමා රත්ති, නතෙ කාලො පමජ්ජිතුං” තී.
ඉමා ගාථා අභාසි.
තත්ථ ඡන්නන්ති ඡාදිතං යථාභූතං අවිවටං අප්පකාසිතං දුච්චරිතං. අතිවස්සතීති ආපත්තිවස්සඤ්චෙව කිලෙසවස්සඤ්ච අතිවිය වස්සති. ආපත්තියා හි ඡාදනං අලජ්ජිභාවාදිනා තාදිසොව, ඡාදනෙන තතො අඤ්ඤථාව පුනපි තථාරූපං තතො වා පාපිට්ඨතරං ආපත්තිං ආපජ්ජෙය්යාති ඡාදනං වස්සනස්ස කාරණං වුත්තං. විවටන්ති පකාසිතං අප්පටිච්ඡන්නං. නාතිවස්සතීති එත්ථ අතීති උපසග්ගමත්තං, න වස්සතීති අත්ථො. අවස්සනඤ්චෙත්ථ වුත්තවිපරියායෙන වෙදිතබ්බං චිත්තසන්තානස්ස විසොධිතත්තා. තස්මාති වුත්තමෙවත්ථං කාරණභාවෙන පච්චාමසති, ඡන්නස්ස දුච්චරිතස්ස ආපත්තිවස්සාදීනං අතිවස්සනතො විවටස්ස ච අවස්සනතොති අත්ථො. ඡන්නං විවරෙථාති පුථුජ්ජනභාවෙන ඡාදනාධිප්පායෙ උප්පන්නෙපි තං අනනුවත්තිත්වා විවරෙථ ආවිකරෙය්ය, යථාධම්මං පටිකරෙය්ය. එවන්ති විවරණෙන යථාධම්මං පටිපත්තියා. තන්ති තං ඡන්නං දුච්චරිතං. නාතිවස්සති ආපත්තිවස්සං කිලෙසවස්සඤ්ච න වස්සති, සුද්ධන්තෙ පුග්ගලං පතිට්ඨපෙතීති අත්ථො.
මෙහි “ඡන්නං” වසන ලද, විවෘත නොකළ, ප්‍රකාශ නොකළ දුශ්චරිතයයි. ඇවැතයි. “අතිවස්සති” අපත්ති වැස්සක් එකතු වී අතිශයින් වසියි. ඇවැත් සැඟවීම; අලජ්ජි, ලැජ්ජා නැති බවට හේතු වේ. එසේ ඇවැත් සැඟවීමෙන්, ඊටත් වඩා වැඩි වූ අතිශය පාපී ක්‍රියා ලැජ්ජාව නොමැති කමින් සිදු කරයි. ඇවැත්වලට පැමිණෙයි. ඇවැත් සැඟවීම ඇවැත් වර්ෂාවට හේතුවන බව කියන ලදි. “විවටං” නොවැසුණු. විවෘත වූ. “නාති වස්සති” මෙහි “අති” යනු උපසර්ගයකි. “නොවසියි” යන අර්ථයයි. මෙහි කෙලෙස්, ඇවැත් වර්ෂාව නොපැවතීම ඉහත විස්තර කළ ක්‍රමයෙන් දතයුතුයි. චිත්ත සන්තානයේ ඉතා පිරිසිදු බව නිසා කෙලෙස්, ඇවැත් වර්ෂාව නොපවතියි. “තස්මා” යනු මුලින් කියූ අර්ථයම හේතු කාරණා වන බැවින් “එනිසා” යැයි දක්වයි. සැඟවූ දුශ්චරිතය නිසා ඇවැත් කෙලෙස් අධික වර්ෂාව ඇති වේ. දුශ්චරිත හෙළි කිරීමෙන් ඒ වර්ෂාව නොපවතියි යන අර්ථයයි. “ඡන්නං විවරෙථ” පුහුදුන් බව නිසා ඇවැත් සැඟවීමේ අදහස උපන්නත්, ඒ සිතේ නොපිහිටා ඇවැත (වරද) හෙළි කරන්නේය. ප්‍රකට කරන්නේය. සුදුසු පරිදි පිළියම් කරන්නේ ය. “එවං” සුදුසු පරිදි ධර්මානුකූලව පිළියම් කරමින් ඇවැත හෙළිකිරීමෙන්, “තං” යනු ඒ සැඟවූ ඇවැත, “නාතිවස්සති” කෙලෙස් හා ඇවැත් වර්ෂාව නොපවත්වයි. ඒ පුද්ගලයා පිරිසිදු භාවයෙහි පිහිටුවයි.
ඉදානි “එකංසෙන සීඝංයෙව ච අත්තා සොධෙතබ්බො, අප්පමාදො කාතබ්බො”ති තස්ස කාරණං සංවෙගවත්ථුං දස්සෙන්තො “මච්චුනාබ්භාහතො ලොකො”තිආදිමාහ. තත්ථ මච්චුනාබ්භාහතො ලොකොති අයං සබ්බොපි සත්තලොකො චොරො විය චොරඝාතකෙන, සබ්බවට්ටනිපාතිනා මච්චුනා මරණෙන අභිහතො, න තස්ස හත්ථතො මුච්චති. ජරාය පරිවාරිතොති අයං ලොකො උප්පාදතො උද්ධං මරණූපනයනරසාය ජරාය පරිවාරිතො අජ්ඣොත්ථටො, ජරාසඞ්ඝාතපරිමුක්කොති අත්ථො. තණ්හාසල්ලෙන ඔතිණ්ණොති සරීරස්ස අන්තො නිමුග්ගෙන විසපීතඛුරප්පෙන විය උපාදානලක්ඛණෙන තණ්හාසඞ්ඛාතෙන සල්ලෙන ඔතිණ්ණො හදයබ්භන්තරෙ ඔගාළ්හො. තණ්හා හි පීළාජනනතො අන්තො තුදනතො දුරුද්ධාරතො ච “සල්ලො”ති වුච්චති. ඉච්ඡාධූපායිතොති ආරම්මණාභිපත්ථනලක්ඛණාය ඉච්ඡාය සන්තාපිතො. තං විසයං ඉච්ඡන්තො හි පුග්ගලො යදිච්ඡිතං විසයං ලභන්තො වා අලභන්තො වා තාය එව අනුදහනලක්ඛණාය ඉච්ඡාය සන්තත්තො පරිළාහප්පත්තො හොති. සදාති සබ්බකාලං, ඉදඤ්ච පදං සබ්බපදෙසු යොජෙතබ්බං.
දැන් “ඒකාන්තයෙන්ම, වහාම සිය සිත පිරිසිදු කළ යුතුයි. අප්‍රමාදීව මහණ දම් පිරිය යුතුයි.” යන්නට හේතුවන සංවේග වස්තුව දක්වමින්, “මච්චුනාබ්භාහතො ලොකො” යන දෙවන ගාථාව වදාරති. එහි “මච්චුනාබ්භාහතො ලොකො” යනු මේ සියලු සත්ත්ව ලෝකය; සොරෙකු මෙන්, චෞර ඝාතකයෙකු නියමිත සියලු සොරු නසන්නාක් මෙන්, මාරයා විසින් මරණයෙන් නසනු ලැබේ. කිසිවකු ඔහුගේ අතින් නොමිදේ. “ජරාය පරිවාරිතො” මේ ලෝකයා උපතින් පසුව මරණයට පත්වන තුරුම දිරායෑමෙන් පිරිවරාගෙන ඇත. ජරාවෙන් මැඬගෙන ඇත. ජරා රාශියෙන් නොමිදුණේය යන අර්ථයයි. “තණ්හාසල්ලෙන ඔතිණ්ණො”, තණ්හාව නම් සැත, ශරීරයේ ඇතුළතින් ඇනී ගිය විෂ පිරි ඊතලයක් මෙන් උපාදාන ලක්ෂණයෙන් බැස ගත්තේය. හදවතේ ඇතුලතට බැස ගත්තේය. තණ්හාවෙන් පෙලීම්, විඩාවීම් ඇති කරමින් අධ්‍යාත්මයට පීඩා කරන බැවින් ද අධ්‍යාත්මය උදුරා දමන බැවින් ද සැතක් යැයි කියන ලදි. “ඉච්ඡාධූපායිතො” යනු අරමුණු පතන ලක්ෂණයෙන් ආශාවෙන් තවන ලද්දේය. ඒ ඒ විෂය අරමුණු කැමැත්තා වූ පුද්ගලයා තමා කැමති වූ අරමුණ ලැබුවත්, නොලැබුවත්; ඒ ආශාව නිසාම දැවේ. තැවේ. ආශාවෙන් සංත්රාසයට පරිදාහයට පැමිණේ. “සදා” යනු සැමදාම. මේ පදය ඉහත කී සෑම පදයක් සමගම යෙදිය යුතුයි.
පරික්ඛිත්තො ජරාය චාති න කෙවලං මච්චුනා අබ්භාහතොයෙව, අථ ඛො ජරාය ච පරික්ඛිත්තො. ජරාය සමවරුද්ධො ජරාපාකාරපරික්ඛිත්තො, න තං සමතික්කමතීති අත්ථො. හඤ්ඤති නිච්චමත්තාණොති අතාණො අසරණො හුත්වා නිච්චකාලං ජරාමරණෙහි හඤ්ඤති විබාධීයති. යථා කිං? පත්තදණ්ඩොව තක්කරො යථා තක්කරො චොරො කතාපරාධො වජ්ඣප්පත්තො අතාණො රාජාණාය හඤ්ඤති, එවමයං ලොකො ජරාමරණෙහීති දස්සෙති.
තෙවන ගාථාවේ “පරික්ඛිත්තො ජරාය ච” යනු හුදෙක් මාරයා විසින් පමණක් ලෝක සත්ත්වයා මඬින ලද්දේ නොවේමය. “ලෝක සත්ත්වයා ජරාවෙන් ද මඩනා ලද්දේය. ජරාවෙන් පෙලෙන්නේය. ජරාව නමැති පවුරින් වටකරන ලද්දේ එය ඉක්මවා නොයන්නේය” යන අර්ථයයි. “හඤ්ඤති නිච්චමත්තාණො” තමා නිතරම පිහිටක් නැතිව අසරණ කරමින් ජරා මරණ දෙක අපට බාධා කරයි. පීඩා කරයි. ඒ කෙසේ ද? පැමිණි දඬුවම් ඇති වරදකරුවෙක්, සොරෙක්, කළ අපරාධ ඇත්තෙක්, වදයට පත්වූවෙක් රාජාඥාවෙන් පිහිටක් නැත්තෙකු කර නසන්නාක් මෙනි. එලෙසින්ම මේ ලෝක සත්ත්වයා ජරා මරණ දෙක නිසා අසරණ වේ යැයි දක්වයි.
ආගච්ඡන්තග්ගිඛන්ධාවාති මහාවනෙ ඩය්හමානෙ තං අභිභවන්තා මහන්තා අග්ගික්ඛන්ධා විය මච්චු බ්යාධි ජරාති ඉමෙ තයො අනුදහනට්ඨෙන අග්ගික්ඛන්ධා ඉමං සත්තලොකං අභිභවන්තා ආගච්ඡන්ති , තෙසං පන පටිබලො හුත්වා පච්චුග්ගන්තුං අභිභවිතුං බලං උස්සාහො නත්ථි, ඉමස්ස ලොකස්ස, ජවො නත්ථි පලායිතුං ජවන්තෙසු, අජ්ඣොත්ථරන්තෙසු. යත්ථ තෙ නාභිභවන්ති, පිට්ඨිං දස්සෙත්වා තතො පලායිතුම්පි ඉමස්ස ලොකස්ස ජඞ්ඝාජවො නත්ථි, එවං අත්තනා අසමත්ථො මායාදීහි උපායෙහි අප්පටිකාරෙ තිවිධෙ බලවති පච්චාමිත්තෙ නිච්චුපට්ඨිතෙ කිං කාතබ්බන්ති චෙ? අමොඝං දිවසං කයිරා, අප්පෙන බහුකෙන වාති අප්පෙන අන්තමසො ගද්දූහනමත්තම්පි කාලං පවත්තිතෙන බහුකෙන වා සකලං අහොරත්තං පවත්තිතෙන විපස්සනාමනසිකාරෙන අමොඝං අවඤ්ඣං දිවසං කරෙය්ය, යස්මා යං යං විජහතෙ රත්තිං, තදූනං තස්ස ජීවිතං අයං සත්තො යං යං රත්තිං විජහති නාසෙති ඛෙපෙති, තදූනං තෙන ඌනං තස්ස සත්තස්ස ජීවිතං හොති. එතෙන රත්තික්ඛයො නාම ජීවිතක්ඛයො තස්ස අනිවත්තනතොති දස්සෙති. තෙනාහ –
“ආගච්ඡන්තග්ගික්ඛන්ධාව”, මහ වනය ගිනිගත් කල්හි, ඒ මහවනය විනාශ කරමින් නැගී එන ඉතා විශාල ගිනිකඳක් මෙන් මරණ, ව්‍යාධි, ජරා යන දැවීම් තැවීම් කරන හෙයින් “ගිනි කඳු” නම් වූ මේ ධර්මතා තුන සත්ත්ව ලෝකයා මැඩලමින්, වනසමින් පැමිණේ. ඊට විරුද්ධව නැගී සිටීමට පෙරට ගොස් ඒ ධර්මතා මැඩ පැවැත්වීමට සමත් වූ බලයක්, උත්සාහයක් නැත. එබඳු ජවයක් මේ ලෝක සත්ත්වයාට නැත. මේ ජරා මරණ ව්‍යාධි යන ධර්මතා බැහැර දමා ඒවා ඉක්මවා පලායෑමට සමත් කාය බලයක් ද මේ ලෝක සත්ත්වයාට නැත. “පච්චුග්ගන්තුං” පෙරට එන්නට “බලං නත්ථි” බලයක් නැත. “ජයො නත්ථි පලායිතුං” පලා යෑමට ශක්තියක් ද නැත. චිත්ත සමාධි ආදී කුසලාභිවර්ධනයේ අසමත් වේ නම්, ප්‍රතිකාර නොලබන මේ මරණව්යාධීහු බලවත් වේ. මේ නිතර නැගී සිටින්නා වූ පසමිතුරන්ගේ බල බිඳීමට ඉදින් කුමක් කළ යුතු ද? “අමොඝං දිවසං කයිරා අප්පෙන බහුකෙන වා” යටත් පිරිසෙන් කිරිදෝනා පමණ වූ හෝ කාලයක්, ඊට වැඩි වූ කාලයක් හෝ මුලු රෑ දාවල් දෙකෙහිම හෝ විදසුන් භාවනාව වඩමින්, විදසුන් මනසිකාරයෙන් නොසිස්ව, නොවඳව දවස ගත කරන්නේය. කාලය ගෙවන්නේය. “යං යං විහරතෙ රත්තිං තදූනං තස්ස ජීවිතං” මේ සත්ත්වයා යම් යම් රාත්‍රියක් වෙසේ ද ගත කරයි ද ඉක්මවයි ද ඒ ඒ රාත්‍රියක්, රාත්‍රියක් පාසා එම සත්ත්වයාගේ ජීවිතය අඩු වේ. ක්ෂය වේ. රෑ ඉක්මවීම යනු ජීවිතය ඉක්මවීමයි. නොනැවතී රෑ ගෙවී යාමත් ජීවිතය ගෙවී යාමත් සිදු වේ.
“යමෙකරත්තිං පඨමං, ගබ්භෙ වසති මාණවො; අබ්භුට්ඨිතොව සො යාති, ස ගච්ඡං න නිවත්තතී”ති. (ජා· 1.15.363);
“යමෙකරත්තිං පඨමං ගබ්භෙ වසති මානවො, අබ්භූටඨිතොව සයති සගච්ඡං න නිවත්තතී” තී.
“යම් ඒ මානවයෙක් පළමුව එක් රැයක් ගැබෙහි වෙසේ ද නොනැගිටීම නිදයි ද නමුත් ඔහුගේ දිවි ගමන නොනවතියි.”
න කෙවලං රත්තිවසෙනෙව, අථ ඛො ඉරියාපථවසෙනාපි ජීවිතක්ඛයො උපධාරෙතබ්බොති ආහ “චරතො”තිආදි. චරතොති ගච්ඡන්තස්ස. තිට්ඨතොති ඨිතං කප්පෙන්තස්ස. ආසීනසයනස්ස වාති ආසීනස්ස සයනස්ස වා, නිසින්නස්ස නිපජ්ජන්තස්ස වාති අත්ථො. “ආසීදන”න්තිපි පඨන්ති, තත්ථ සාමිඅත්ථෙ උපයොගවචනං දට්ඨබ්බං. උපෙති චරිමා රත්තීති චරිමකචිත්තසහිතා රත්ති උපගච්ඡති, රත්තිග්ගහණඤ්චෙත්ථ දෙසනාසීසමත්තං. ගමනාදීසු යෙන කෙනචි ඉරියාපථෙන සමඞ්ගීභූතස්ස චරිමකාලොයෙව, තෙනෙවස්ස ඉරියාපථක්ඛණා ජීවිතං ඛෙපෙත්වා එව ගච්ඡන්ති, තස්මා න තෙ කාලො පමජ්ජිතුං නායං තුය්හං පමාදං ආපජ්ජිතුං කාලො “ඉමස්මිං නාම කාලෙ මරණං න හොතී”ති අවිදිතත්තා. වුත්තං හි –
හුදෙක් රාත්‍රී ඉක්ම යෑමෙන් පමණක් නොව ඉරියවු පැවැත්වීම් වශයෙන් ද ජීවිතය ක්ෂය වීම සැළකිය යුතුයැයි “චරතො” යන අවසන් ගාථාව වදාරන ලදි. එහි “චරතො” යන්නා වූ තැනැත්තාට “තිට්ඨතො” සිටගෙන සිටින්නාට “ආසීනසයනස්ස වා” හිඳගත්තහුට හෝ නිදාගත් තැනැත්තාට යන අර්ථයයි. “ආසීදනං” යන පාඨය ද යෙදේ. එය ඡට්ඨි විභක්ති අර්ථයේ දුතියා විභක්ති වචනයක් බව දත යුතුයි. “උපෙති චරිමා රත්ති” චුති සිත, භවයේ අවසන් සිත සහිත වූ අවසන් රාත්‍රිය එළඹෙයි. මෙහි රාත්‍රිය ගැනීමෙන් දේශනාවේ මුඛ්‍යාර්ථය, අවසානය දක්වයි. යෑම්, ඊම් ආදී යම් කිසි ඉරියවුවකින් යුක්තව සිටින්නාට ජීවිතාවසානය මරණකාලය වන්නේ ම ය. එනිසා ඔහුට ඉරියවු ඉක්මවීමත් සමගම ජීවිතය ක්ෂය වී යෑමත් එක්විටම සිදුවෙයි. එනිසා නුඹලාට පමාවීමට කාලයක් නොමැත. නුඹලා ප්‍රමාදයට නොපැමිණෙව. මේ අවස්ථාවෙහි මරණය සිදු නොවේ යැයි නො දත හැකි බව කියන ලදි.
“අනිමිත්තමනඤ්ඤාතං, මච්චානං ඉධ ජීවිතං; කසිරඤ්ච පරිත්තඤ්ච, තඤ්ච දුක්ඛෙන සංයුත”න්ති. (සු· නි· 579);
“අනිමිත්තමනඤ්ඤාතං මච්චානමිධ ජීවිතං, කසිරඤ්ච පරිත්තඤ්ච තඤ්ච දුක්ඛෙන සංයුතං” තී.
මෙලොව සත්ත්වයන්ගේ ජීවිතය පිළිබඳව පූර්ව නිමිති නොදත හැකිය. කර්කශ වූද ඉතා කුඩා වූ ද ඒ සියලු දෙන (සැමදෙන) දුකින් යුක්තවූවෝ වෙති.
තස්මා එවං අත්තානං ඔවදිත්වා අප්පමත්තෙන තීසු සික්ඛාසු අනුයොගො කාතබ්බොති අධිප්පායො.
එනිසා මේ අයුරින් තමා, තම තමන්ටම අවවාද දී අප්‍රමාදීව ත්රිශික්ෂාවෙහි යෙදී නිර්වාණාවබෝධය කරගත යුතුය යන අදහසින් මේ ගාථා වදාළහ.
සිරිමණ්ඩත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
සිරිමන්ද ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.