බ්රහ්මදත්තත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
බ්රහ්මදත්තත්ථෙරගාථාවණ්ණනා
බ්‍රහ්මදත්ත ස්ථවිරගාථා වර්ණනාව
අක්කොධස්සාතිආදිකා ආයස්මතො බ්රහ්මදත්තත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ පුඤ්ඤානි උපචිනිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං කොසලරඤ්ඤො පුත්තො හුත්වා නිබ්බත්ති, බ්රහ්මදත්තොතිස්ස නාමං අහොසි. සො වයප්පත්තො ජෙතවනමහෙ බුද්ධානුභාවං දිස්වා පටිලද්ධසද්ධො පබ්බජිත්වා විපස්සනාය කම්මං කරොන්තො සහ පටිසම්භිදාහි ඡළභිඤ්ඤො අහොසි. තං එකදිවසං නගරෙ පිණ්ඩාය චරන්තං අඤ්ඤතරො බ්රාහ්මණො අක්කොසි. ථෙරො තං සුත්වාපි තුණ්හීභූතො පිණ්ඩාය චරතියෙව, බ්රාහ්මණො පුනපි අක්කොසියෙව. මනුස්සා එවං අක්කොසන්තම්පි නං “අයං ථෙරො න කිඤ්චි භණතී”ති ආහංසු. තං සුත්වා ථෙරො තෙසං මනුස්සානං ධම්මං දෙසෙන්තො –
“අක්කොධස්ස” යනු ආයුෂ්මත් බ්‍රහ්මදත්ත තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරුන් හමුවේ කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී පින්දහම් රැස්කරමින් අවුත් මේ බුද්ධෝත්පාද කාලයේ දී සැවැත් නුවර කොසොල් රජුගේ පුතුව උපන්නේය. ඔහු බ්‍රහ්මදත්ත නම් විය. නිසිවියට පත් එකුමරු ජේතවනාරාමය පිළිගන්නා මහෝත්සවයේදී සිදු වූ බුද්ධානුභාවය දැකීමෙන් හටගත් ශ්‍රද්ධාවෙන් පැවිදිව විදසුන් කමටහන වඩා සිවුපිළිසිඹියාපත් ෂඩ් අභිඥාලාභී මහතෙර නමක් විය. එක් දිනක් ඒ බ්‍රහ්මදත්ත තෙරණුවෝ සැවැත් නුවර පිඬුසිඟා වඩින කල්හි එක් බමුණෙක් උන්වහන්සේට ආක්‍රෝශ පරිභව කළේය. එය ඇසූ තෙරණුවෝ නිශ්ශබ්දව ම පිඬු පිණිස හැසිරුණහ. බමුණා නැවතත් ආක්‍රෝශ පරිභව කළේය. තෙරණුවෝ ද ඒ බැණුම් අසමින් ම නිශ්ශබ්දව පිඬු සිඟා වැඩියහ. බමුණා “නැවතත් ආක්‍රෝශ පරිභව කළත් මේ තෙරණුවෝ කිසිවක් නොකියති”යි පැවසීය. ඒ ප්‍රකාශය ඇසූ තෙරුන් වහන්සේ ඒ බමුණා ප්‍රධාන පිරිසට දහම් දෙසමින් මේ ගාථා සය වදාළ සේක.
“අක්කොධස්ස කුතො කොධො, දන්තස්ස සමජීවිනො; සම්මදඤ්ඤා විමුත්තස්ස, උපසන්තස්ස තාදිනො.
“අක්කොධස්ස කුතො කොධො දන්තස්ස සමජීවිනො, සම්මදඤ්ඤා විමුත්තස්ස උපසන්තස්ස තාදිනො”
“තස්සෙව තෙන පාපියො, යො කුද්ධං පටිකුජ්ඣති; කුද්ධං අප්පටිකුජ්ඣන්තො, සඞ්ගාමං ජෙති දුජ්ජයං.
“තස්සෙව තෙන පාපියො යො කුද්ධං පටිකුජ්ඣති, කුද්ධං අප්පටිකුජ්ඣනෙතා සංගාමං ජෙති දුජ්ජයං”
“උභින්නමත්ථං චරති, අත්තනො ච පරස්ස ච; පරං සඞ්කුපිතං ඤත්වා, යො සතො උපසම්මති.
“උභින්නමත්ථං චරති අත්තනො ච පරස්ස ච, පරං සංකුපිතං ඤත්වා යො සතො උපසම්මති”
“උභින්නං තිකිච්ඡන්තං තං, අත්තනො ච පරස්ස ච; ජනා මඤ්ඤන්ති බාලොති, යෙ ධම්මස්ස අකොවිදා. (සං· නි· 1.189);
“උභින්නං තිකිච්ඡන්තං තං අත්තනො ච පරස්සච, ජනා මඤ්ඤන්ති බාලොති යෙ ධම්මස්ස අකොවිදා”
“උප්පජ්ජෙ තෙ සචෙ කොධො, ආවජ්ජ කකචූපමං; උප්පජ්ජෙ චෙ රසෙ තණ්හා, පුත්තමංසූපමං සර.
“උප්පජ්ජෙ තෙ සචෙ කොධො, ආවජ්ජ කකචූපමං, උප්පජ්ජෙ චෙ රසෙ තණ්හා, පුත්තමංසූපමං සර”
“සචෙ ධාවති චිත්තං තෙ, කාමෙසු ච භවෙසු ච; ඛිප්පං නිග්ගණ්හ සතියා, කිට්ඨාදං විය දුප්පසු”න්ති. –
“සචෙ ධාවති චිත්තං තෙ කාමෙසු ච භවෙසු ච, ඛිප්පං නිග්ගණ්හ සතියා කිට්ඨාදං විය දුප්පසුං” තී.
ඉමා ගාථා අභාසි.
තත්ථ අක්කොධස්සාති කොධරහිතස්ස මග්ගෙන සමුච්ඡින්නකොධස්ස. කුතො කොධොති කුතො නාම හෙතු කොධො උප්පජ්ජෙය්ය, තස්ස උප්පත්තිකාරණං නත්ථීති අත්ථො. දන්තස්සාති උත්තමෙන දමෙන අග්ගමග්ගදමථෙන දන්තස්ස. සමජීවිනොති කායවිසමාදීනි සබ්බසො පහාය කායසමාදීනං වසෙන සමං ජීවන්තස්ස සත්තට්ඨානියෙන සම්පජඤ්ඤෙන සම්මදෙව වත්තන්තස්ස. සම්මදඤ්ඤා විමුත්තස්සාති සම්මා අඤ්ඤාය අභිඤ්ඤෙය්යාදිකෙ ධම්මෙ ජානිත්වා සබ්බාසවෙහි විප්පමුත්තස්ස. තතො එව සබ්බකිලෙසදරථපරිළාහවූපසමෙන උපසන්තස්ස. ඉට්ඨාදීසු තාදිලක්ඛණප්පත්තියා තාදිනො ඛීණාසවස්ස කුතො කොධොති අඤ්ඤාපදෙසෙන ථෙරො අත්තනො කොධාභාවං තස්ස ච කාරණානි වත්වා ඉදානි කොධෙ අකොධෙ ච ආදීනවානිසංසදස්සනෙන ධම්මං කථෙන්තො “තස්සෙවා”තිආදිමාහ. තත්ථ යො කුද්ධං පටිකුජ්ඣතීති යො පුග්ගලො අත්තනො උපරි කුද්ධං කුපිතං පුග්ගලං පටිකුජ්ඣති, තස්සෙව තෙන පටිකුජ්ඣනපච්චක්කොසනපටිප්පහරණාදිනා පාපියො ඉධලොකෙ විඤ්ඤූගරහාදිවසෙන පරලොකෙ නිරයදුක්ඛාදිවසෙන අභද්දකතරං අකල්යාණතරං හොති. කුජ්ඣනෙන පන අකුද්ධස්ස පාපං හොතීති වත්තබ්බමෙව නත්ථි. කෙචි පන “යො අකුද්ධං පටිකුද්ධං ආරබ්භ කුජ්ඣතී”ති අත්ථං වදන්ති. කුද්ධං අප්පටිකුජ්ඣන්තොති යො පන කුද්ධං පුග්ගලං “අයං කුද්ධො කොධපරෙතො”ති ඤත්වා න පටිකුජ්ඣති ඛමති, සො දුජ්ජයං කිලෙසසඞ්ගාමං ජෙති නාම. න කෙවලඤ්චස්ස කිලෙසසඞ්ගාමජයො එව, අථ ඛො උභයහිතපටිපත්තිම්පීති දස්සෙන්තො ආහ “උභින්නමත්ථං…පෙ… උපසම්මතී”ති. යො පරං පුග්ගලං සඞ්කුපිතං කුද්ධං “කොධපරෙතො”ති ඤත්වා තං මෙත්තායන්තො අජ්ඣුපෙක්ඛන්තො වා සතො සම්පජානො හුත්වා උපසම්මති ඛමති න පටිප්ඵරති. සො අත්තනො ච පරස්ස චාති උභින්නං උභයලොකසුඛාවහං අත්ථං හිතං චරති.
මෙහි “අක්කොධස්ස” යනු ක්‍රෝධ, වෛර රහිතයාට. ආර්‍ය්‍ය මාර්ගයෙන් මුලිනුපුටා දැමූ ක්‍රෝධ සිත් ඇත්තහුට ක්‍රෝධයත් කෙසේ උපදිත් ද? ඒ ඒ ක්‍රෝධ සිත ඉපදීමට බලපාන හේතු නැත යන අර්ථයයි. “දන්තස්ස” යනු උතුම් වූ දමනයෙන්, ආර්‍ය්‍ය මාර්ග දමනයෙන් දැමුණු පුද්ගලයාට “සමජීවිනො” කාය විෂම වූ සියලු පැවතුම් අතහැර සම වූ දිවි පැවතුම් වශයෙන් ශාන්ත වූ දිවි පැවතුම් ඇත්තහුට. උපශාන්ත වූ මනා නුවණැති බවින් මනාව සිය ඉරියවු පවත්වන්නහුට. “සම්මාදඤ්ඤා විමුත්තස්ස” මනාව අර්හත්වය, අභිඥාදී ධර්ම දැන සියලු ආශ්රවයන්ගෙන් සිත මුදවා ගත්, ඉෂ්ටාදී අරමුණු පිළිබඳව නො ඇලෙන, තාදී ලක්ෂණයන්ගෙන් යුක්ත වූ රහතන් වහන්සේට. “කුතො කොධො” ක්‍රෝධයක් කොයින් ද? මෙසේ සිය රහත් බව දැක්වූ තෙරණුවෝ තමාගේ සිතේ ක්‍රෝධ රහිත බව ද ඊට හේතුන් ද පවසා; දැන් ක්‍රෝධයේ ආදීනව හා අක්රෝධයේ ආනිසංස දක්වමින් දහම් දෙසන සේක්, “තස්සෙව” යන දෙවන ගාථාව වදාළහ. එහි “යො කුද්ධං පටිකුජ්ඣති”, යම් පුද්ගලයෙක් තමාට කිපුණු, දොස් කියන පුද්ගලයාට නැවත කිපේ ද දොස් කියයි ද ඉන් පසුව කිපෙන්නාට ම, පසුව අක්‍රෝශ පරිභව කරන්නාටම අයහපත වේ. මෙලොවදීම නුවණැත්තන්ගේ ගැරහීම් ආදී දුකට ද පරලොව දී නිරයේ දුක් විඳීම් ආදියට ද ඉතාම අයහපත්, කල්‍යාණ නොවූ දුක්ඛයන්ට පත් වේ. “කිපීමෙහි දී කෝපාන්විත පුද්ගලයාට පාපයක්, අයහපතක් වන්නේය” යන්න කිවයුත්තක් නොවේ. ඇතැම්හු “යමෙක් නොකිපී සිට නැවත කිපෙන්නා නිසා ඔහුට කිපෙයි” යනුවෙන් අර්ථ කියයි. “කුද්ධං අප්පටිකුජ්ඣන්තො”, යමෙක් “මේ පුද්ගලයා කිපියේය, “මේ පුද්ගලයා කිපියේය. ක්‍රෝධ පරවශ වූවෙකි”යි දැන ඔහුට නැවත නොකිපෙයි ද ඉවසයි ද, ඔහු ජය ගැනීම අසීරු කෙලෙස් සංග්‍රාමය ජයගන්නේය. ඉක්බිතිව දෙදෙනාටම හිත වැඩ සලසන, යහපත් පිළිවෙත ද දක්වමින් මේ තෙවන ගාථාව වදාළහ. “උභින්නමත්ථං -පෙ- උපසම්මති” යමෙක්, අනෙක් පුද්ගලයා කෝපාන්විත වූ බව දැක, “මොහු දැඩි සේ කෝප වසඟ වූවෙකි” යි දැන ඔහුට මෙත් සිත පතුරුවමින් හෝ මධ්යස්ථශීලීව හැසිරෙමින් සිහි ඇතිව කල්පනාවෙන් ඉවසයි ද ක්‍රියා කරයි ද, ද්වේෂය නොපතුරුවයි ද; ඔහු තමාටත් අනිකාටත් යන දෙදෙනාට ම මෙලෝ පරලෝ යන උභයාර්ථ සිද්ධිය ගෙනදෙමින් හැසිරෙයි.
උභින්නං තිකිච්ඡන්තං තන්ති තං අත්තනො ච පරස්ස චාති උභින්නං ද්වින්නං කොධබ්යාධිතිකිච්ඡාය තිකිච්ඡන්තං ඛමන්තං පුග්ගලං යෙ ජනා ධම්මස්ස අරියාචාරධම්මෙ අකුසලා, තෙ බාලා “අයං අවිද්දසු යො අත්තානං අක්කොසන්තස්ස පහරන්තස්ස කිඤ්චි න කරොතී”ති මඤ්ඤන්ති , තං තෙසං අයොනිසො මඤ්ඤනන්ති අධිප්පායො. “තිකිච්ඡන”න්තිපි පඨන්ති, තිකිච්ඡනසභාවන්ති අත්ථො.
“උභින්නතිකිච්ඡන්තං” තමාගේ ද අනිකාගේ ද යන දෙදෙනාගේම ක්‍රෝධ ව්‍යාධියට පිළියම් කරන, වෛරය ඉවසන ඒ පුද්ගලයා දෙස; “මේ බාලයෙකි”යි උතුම් හැසිරීම් පිළිබඳ නිපුණ නොවූ අදක්ෂ අඳබාලයෝ බලති. “තමාට ආක්‍රෝශ පරිභව කරන, පහරදෙන විට කිසිවක් නොකර සිටින මොහු මෝඩයෙකි”යි සිතති. ඔවුහු එසේ සිතනුයේ යෝනිසෝ මනසිකාරය (නුවණින් මෙනෙහිකර බැලීම) නැති බැවිණි. “තිකිච්ඡන්තං” යන්න “තිකිච්ඡන්ති” යනුවෙන් ද දක්වති. “පිළියම් කරන ස්වභාවය” යන අර්ථයයි.
එවං ථෙරෙන වුච්චමානං ධම්මං සුත්වා අක්කොසකබ්රාහ්මණො සංවිග්ගො පසන්නචිත්තො ච හුත්වා ථෙරං ඛමාපෙත්වා තස්සෙව සන්තිකෙ පබ්බජි. ථෙරො තස්ස කම්මට්ඨානං දෙන්තො “ඉමස්ස මෙත්තාභාවනා යුත්තා”ති මෙත්තාකම්මට්ඨානං දත්වා කොධපරියුට්ඨානාදීසු පච්චවෙක්ඛණාදිවිධිං දස්සෙන්තො “උප්පජ්ජෙ තෙ”තිආදිමාහ. තත්ථ උප්පජ්ජෙ තෙ සචෙති සචෙ තෙ කම්මට්ඨානං අනුයුඤ්ජන්තස්ස කඤ්චි පුග්ගලං නිස්සාය චිරපරිචයො කොධො උප්පජ්ජෙය්ය, තස්ස වූපසමාය –
මෙසේ තෙරුන් වහන්සේ විසින් දෙසන ලද දහම් ඇසූ අක්කෝසක බමුණා (බැණවැදුණු බමුණා) සංවේගයට පත් ව, සිය තරහ සිත අත්හැර ප්‍රසන්න භාවයට පැමිණ, තෙරුන්ගෙන් සමාව ඉල්ලීය. උන්වහන්සේ කමාකරවා ගෙන, උන්වහන්සේ ළඟම පැවිදි විය. ඔහුට කමටහන් දෙනවිට “මොහුට මෛත්‍රී කමටහනම සුදුසුය”යි දුන් බ්‍රහ්මදත්ත තෙරණුවෝ, ක්‍රෝධය සිතට නැඟුණු විට සිහිපත් කර බැලිය යුතු ආකාරය දක්වමින් “උප්පජ්ජෙ තෙ” යන පස්වන ගාථාව වදාළහ. “උප්පජ්ජෙ තෙ සචෙ”, ඉදින් නුඹට කමටහන් වඩමින් සිටින විට කිසියම් පුද්ගලයකු නිසා බොහෝ කලක් පුරුදු කළ ක්‍රෝධ සිත උපන්නේ නම්, ඒ සිත සන්සිඳවීම පිණිස,
“උභතොදණ්ඩකෙන චෙපි, භික්ඛවෙ, කකචෙන චොරා ඔචරකා අඞ්ගමඞ්ගානි ඔකන්තෙය්‍යුං, තත්රාපි යො මනො පදූසෙය්ය, න මෙ සො තෙන සාසනකරො”ති (ම· නි· 1.232) – සත්ථාරා වුත්තං කකචූපමං ඔවාදං ආවජ්ජෙහි. උප්පජ්ජෙ චෙ රසෙ තණ්හාති සචෙ තෙ මධුරාදිභෙදෙ රසෙ තණ්හා අභිලාසො උප්පජ්ජෙය්ය, තස්ස වූපසමාය – “පුත්තමංසං ජායම්පතිකා යථා කන්තාරනිත්ථරණත්ථමෙව ඛාදිංසු, න රසතණ්හාය එවං කුලපුත්තොපි පබ්බජිතො පිණ්ඩපාතං පටිසෙවති…පෙ… ඵාසුවිහාරො චා”ති (සං· නි· 2.63 අත්ථතො සමානං) – එවං වුත්තං පුත්තමංසූපමොවාදං සර අනුස්සර.
“ඉදින් මහණෙනි! පහත් ළාමක හැසිරීම් ඇති සොරු දෙපැත්තෙහිම දඬු ඇති (දෙපසට ඇදීමෙන් කැපෙන) කියතකින් ඔබගේ ශරීරය කපන්නාහු ද, එවිට සිත දූෂ්‍ය කරගන්නා වූ යමෙක් වේ නම් හෙතෙම මාගේ අනුශාසනය ඉටු කරන්නෙක් නොවේ” යනාදී වශයෙන් බුදුපියාණන් වහන්සේ කකචූපම සූත්‍රයේ දී වදාළ උපමාව හා අවවාදය සිහිපත් කරගන්න. “උප්පජ්ජෙ චෙ රසෙ තණ්හා”, ඉදින් නුඹට මිහිරි, රසවත් ආදී වශයෙන් රස තෘෂ්ණාව, ආහාරයේ දැඩි ආශාව ඇති වේ නම් ඒ ආහාර ගිජු සිත සංසිඳවීම සඳහා පුත්රමාංසෝපමාව ගත යුතුයි. කාන්තාරයේ ගිය දෙමාපිය දෙදෙන මරණයට පත් තම පුතුගේ ශරීර කොටස් කමින් කාන්තාරයෙන් එතෙර වූවාක් මෙන් ආහාර තෘෂ්ණාවෙන් වැළකී, රස තෘෂ්ණාව බැහැරලා සසුනේ පැවිදි වූ කුලපුත්‍රයා විසින් පිණ්ඩපාතය වැළඳිය යුතුයි. එසේ සැපවිහරණයෙන් යුක්ත වන්න”යි වදාළ පුත්‍ර මාංස උපමාව හා අවවාදය සිහිපත් කරගන්න.
සචෙ ධාවති තෙ චිත්තන්ති අයොනිසො මනසි කරොතො තව චිත්තං කාමෙසු පඤ්චකාමගුණෙසු ඡන්දරාගවසෙන, කාමභවාදීසු භවෙසු භවපත්ථනාවසෙන සචෙ ධාවති සරති ජවති. ඛිප්පං නිග්ගණ්හ සතියා, කිට්ඨාදං විය දුප්පසුන්ති තථා ධාවිතුං අදෙන්තො යථා නාම පුරිසො කිට්ඨාදං සස්සඛාදකං දුප්පසුං දුට්ඨගොණං යොත්තෙන ථම්භෙ බන්ධිත්වා අත්තනො වසෙ වත්තෙති, එවං සතියා සතියොත්තෙන සම්මාධිථම්භෙ බන්ධන්තො ඛිප්පං සීඝමෙව නිග්ගණ්හ, යථා කිලෙසවිගමෙන නිබ්බිසෙවනං හොති, තථා දමෙහීති. කෙචි පන “ථෙරො පුථුජ්ජනොව හුත්වා අක්කොසං අධිවාසෙන්තො තෙසං මනුස්සානං අරියගුණෙ පකාසෙන්තො ධම්මං කථෙත්වා පච්ඡා ද්වීහි ගාථාහි අත්තානං ඔවදන්තො විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං පත්වා අඤ්ඤං බ්යාකරොන්තො ඉමායෙව ගාථා අභාසී”ති වදන්ති.
“සචෙ ධාවති තෙ චිත්තං” අනුවණින් මෙනෙහි කිරීමෙන් නුඹගේ සිත පංචකාම ගුණයන්හි කැමැත්තෙන්, ආශාවෙන් ඇලේ. කාමභවාදියෙහි ඇලී භවයන් පැතීම් වශයෙන් දුවයි. ඇලෙයි. හැසිරෙයි. “ඛිප්පං නිග්ගණ්හ සතියා කිට්ඨාදං විය දුප්පසුං” එසේ දිවීමට නොදෙමින්, ගොයම් කෑමට ලොල් වූ දුෂ්ට, නපුරු කුළු මීමකු යොතින්, රැහැනින් දැඩිව බැඳ තමාට අවශ්‍ය පරිදි හසුරුවා ගන්නා දක්ෂ පුරුෂයකු මෙන් තම සිත ද සතිය නම් රැහැනින් සමාධි නම් ටැඹෙහි බැඳ වහා ම, ක්ෂණිකව නිග්‍රහ කරව. යම්සේ කෙලෙස් දුරලා, කෙලෙස් රහිත වූවක් කරන්නේ ද එසේ සිත දමනය කරව. ඇතැම්හු මේ බ්‍රහ්මදත්ත තෙරුන් පුහුදුන්ට සිට තමාට කළ ආක්‍රෝශ පරිභව ඉවසා, ඒ මිනිසුන්ට ආර්යගුණ ප්‍රකාශ කරමින් දහම් දෙසා, පසුව අවසානයට දැක්වූ දෙකින් තමන් වහන්සේටම අවවාද කරගනිමින් විදසුන් වඩා රහත් ව, ඒ බව ප්‍රකාශ කිරීම සඳහා මේ ගාථා සය ම නැවතත් වදාළ බව කියති.
බ්රහ්මදත්තත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
බ්‍රහ්මදත්ත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.