යෙදුමෙන් කියවන්න

න‍්හාතකමුනිත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

න‍්හාතකමුනිත්‍ථෙරගාථාවණ‍්ණනා

නහාතකමුනි ස්ථවිරගාථා වර්ණනාව

වාතරොගාභිනීතොතිආදිකා ආයස‍්මතො න‍්හාතකමුනිස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ පුඤ‍්ඤානි උපචිනිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ රාජගහෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො විජ‍්ජාට‍්ඨානාදීසු නිප‍්ඵත‍්තිං ගතො න‍්හාතකලක‍්ඛණයොගෙන න‍්හාතකොති පඤ‍්ඤායිත්‍ථ. සො තාපසපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා රාජගහස‍්ස තියොජනප‍්පමාණෙ ඨානෙ අරඤ‍්ඤායතනෙ නීවාරෙහි යාපෙන‍්තො අග‍්ගිං පරිචාරයමානො වසති. තස‍්ස සත්‍ථා ඝටෙ විය පදීපං හදයබ‍්භන‍්තරෙ පජ‍්ජලන‍්තං අරහත‍්තූපනිස‍්සයං දිස‍්වා අස‍්සමපදං අගමාසි. සො භගවන‍්තං දිස‍්වා හට‍්ඨතුට‍්ඨො අත‍්තනො උපකප‍්පනනියාමෙන ආහාරං උපනෙසි. තං භගවා පරිභුඤ‍්ජි. එවං තයො දිවසෙ දත්‍වා චතුත්‍ථදිවසෙ “භගවා තුම‍්හෙ පරමසුඛුමාලා, කථං ඉමිනා ආහාරෙන යාපෙථා”ති ආහ. තස‍්ස සත්‍ථා අරියසන‍්තොසගුණං පකාසෙන‍්තො ධම‍්මං දෙසෙසි. තාපසො තං සුත්‍වා සොතාපන‍්නො හුත්‍වා පබ‍්බජිත්‍වා අරහත‍්තං පාපුණි. භගවා තං අරහත‍්තෙ පතිට‍්ඨපෙත්‍වා ගතො. සො පන තත්‍ථෙව විහරන‍්තො අපරභාගෙ වාතාබාධෙන උපද‍්දුතො අහොසි. සත්‍ථා තත්‍ථ ගන‍්ත්‍වා පටිසන්‍ථාරමුඛෙන තස‍්ස විහාරං පුච‍්ඡන‍්තො –

“වාතරොගාභිනීතො” යනු ආයුෂ්මත් නහාතක මුනි නම් තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි තැබූ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී පින් දහම් රැස් කරමින් අවුත් මේ බුද්ධෝත්පාද කාලයේ දී රජගහ නුවර බමුණු පවුලක ඉපිද, තුරුණුවියට පැමිණ විද්‍යා ශිල්ප ශාස්ත්‍රයන්හි පරතෙරට ගියේය. නිතර පුණ්‍ය තීර්ථයන්හි නාන්නා වූ නිසා හෙතම නහාතක යැයි ප්‍රකට විය. තවුස් පැවිද්දෙන් පැවිදි වූ නහාතක, රජගහ නුවර තුන් යොදුනක් පමණ තැන්හි පැතිර ගිය අරණ්‍යායතනයක වෙසෙමින්, ධාන්‍ය වර්ගවලින් යැපෙමින් ගිනි පුදමින් සිටියේය. මොහුගේ හදවත තුල දිලෙන අර්හත්භාවයට සුදුසු වූ හේතු සම්පත් ඇති බව කළයක් තුල වූ පහනක් මෙන් දුටු ශාස්තෲන් වහන්සේ ඒ අසපුවට වැඩම කළ සේක. භාග්‍යවතුන් වහන්සේ දුටු නහාතක ඉතා සතුටට පත්ව තමාට ලැබෙන ආකාරයෙන් දානය පිළිගැන්වීය. භාග්‍යවතුන් වහන්සේ එම දානය වැළඳූ සේක. මෙසේ දින තුනක්ම දන් වැළඳූ බුදුරදුන් වෙත සිවුවැනි දින පැමිණි නහාතක, “භාග්‍යවතුන් වහන්ස! නුඹ වහන්සේ ඉතා සියුමැලි වූ ශරීර ඇත්තෙකි. මේ කටුක ආහාරයෙන් යැපෙන්නේ කෙසේද?”යි විචාළේය. එවිට භාග්‍යවතුන් වහන්සේ ඔහුට ආර්යයන් වහන්සේලාගේ ලද දෙයින් සන්තෝෂවන ගුණය ප්‍රකාශ කරමින් දහම් දෙසූ සේක. ඒ ධර්ම දේශනාව ඇසූ තාපසතුමා සෝවාන් විය. ශ්‍රද්ධාවෙන් සසුනේ පැවිදි වූ හෙතෙම රහත් බවට පත්විය. රහත් ඵලයෙහි පිහිටි ඒ තෙරුන් දුටු භාග්‍යවතුන් වහන්සේ ඒ අරමින් වැඩම කළ සේක. ඒ අසපුවෙහිම විසූ නහාතක තෙරුන්ට ඊට පසු කාලයක දී වාතාබාධයක් ඇති විය. නැවත ශාස්තෲන් වහන්සේ එහි වැඩමවා පිළිසඳර කථා කිරීම් වශයෙන් උන්වහන්සේගේ විහරණය පිළිබඳව මෙසේ විමසූ සේක.

“වාතරොගාභිනීතො ත්‍වං, විහරං කානනෙ වනෙ; පවිද‍්ධගොචරෙ ලූඛෙ, කථං භික‍්ඛු කරිස‍්සසී”ති. – ගාථමාහ; අථ ථෙරො –

“වාතරොගාභීනීතො ත්‍වං විහරං කානනෙ වනෙ, පවිද්ධ ගොචරෙ ළූඛෙ කථං භික්ඛු කරිස්සසී” තී.

එවිට තෙරණුවෝ පිළිතුරු වශයෙන් මේ ගාථා පසෙන් සිය පහසු විහරණය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දැනුම් දුන්හ.

“පීතිසුඛෙන විපුලෙන, ඵරිත්‍වාන සමුස‍්සයං; ලූඛම‍්පි අභිසම‍්භොන‍්තො, විහරිස‍්සාමි කානනෙ.

“පීතිසුඛෙන විපුලෙන ඵරිත්‍වාන සමුස්සයං, ළූඛම්හි අභිසම්හොන්තො විහරිස්සාමි කානනෙ”

“භාවෙන‍්තො සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙ, ඉන්‍ද්‍රියානි බලානි ච; ඣානසොඛුම‍්මසම‍්පන‍්නො, විහරිස‍්සං අනාසවො.

“භාවෙන්නො සත්තබොජ්ඣංගෙ ඉන්‍ද්‍රියානි බලානි ච, ඣාන සො ඛුම්ම සම්පන්නො විහරිස්සං අනාසවො”

“විප‍්පමුත‍්තං කිලෙසෙහි, සුද‍්ධචිත‍්තං අනාවිලං; අභිණ‍්හං පච‍්චවෙක‍්ඛන‍්තො, විහරිස‍්සං අනාසවො.

“විප්පමුතං කිලෙසෙහි සුද්ධ චිත්තං අනාවිලං, අභිණ්හං පච්චවෙක්ඛන්තො විහරිස්සං අනාසවො”

“අජ‍්ඣත‍්තඤ‍්ච බහිද‍්ධා ච, යෙ මෙ විජ‍්ජිංසු ආසවා; සබ‍්බෙ අසෙසා උච‍්ඡින‍්නා, න ච උප‍්පජ‍්ජරෙ පුන.

“අජ්ඣත්තං ච බහිද්ධා ච යෙ මෙ විජ්ජිංසු ආසවා, සබ්බෙ අස්සො උච්ඡින්නා න ච උප්පජ්ජරෙ පුන”

“පඤ‍්චක‍්ඛන්‍ධා පරිඤ‍්ඤාතා, තිට‍්ඨන‍්ති ඡින‍්නමූලකා; දුක‍්ඛක‍්ඛයො අනුප‍්පත‍්තො, නත්‍ථි දානි පුනබ‍්භවො”ති. –

“පඤ්චක්ඛන්‍ධා පරිඤ්ඤාතා තිට්ඨන්ති ඡින්නමූලකා, දුක්ඛක්ඛයො අනුප්පත්තො, නත්‍ථිදානි පුනබ්භවො” තී.

ඉමාහි සෙසගාථාහි අත‍්තනො විහාරං සත්‍ථු පවෙදෙසි.

තත්‍ථ ඣානසොඛුම‍්මසම‍්පන‍්නොති ඣානසුඛුමභාවෙන සමන‍්නාගතො. ඣානසුඛුමං නාම අරූපජ‍්ඣානං, තස‍්මා අට‍්ඨසමාපත‍්තිලාභිම‍්හීති වුත‍්තං හොති. තෙන අත‍්තනො උභතොභාගවිමුත‍්තිතං දස‍්සෙති. අපරෙ පනාහු – “සොඛුම‍්මන‍්ති අග‍්ගමග‍්ගඵලෙසු අධිපඤ‍්ඤාසික‍්ඛා අධිප‍්පෙතා, තතො ඣානග‍්ගහණෙන අත‍්තනො උභතොභාගවිමුත‍්තිතං විභාවෙතී”ති. විප‍්පමුත‍්තං කිලෙසෙහීති පටිප‍්පස‍්සද‍්ධිවිමුත‍්තියා සබ‍්බකිලෙසෙහි විමුත‍්තං, තතො එව සුද‍්ධචිත‍්තං, අනාවිලසඞ‍්කප‍්පතාය අනාවිලං, තීහිපි පදෙහි අරහත‍්තඵලචිත‍්තමෙව වදති. සෙසං හෙට‍්ඨා වුත‍්තනයමෙව. ඉමමෙව ච ථෙරස‍්ස අඤ‍්ඤාබ්‍යාකරණං අහොසීති.

එහි “ඣාන සොඛුම්මසම්පන්නො” ධ්‍යානයන්හි සූක්‍ෂ්ම භාවයෙන් යුක්තව, ධ්‍යානයන්හි සූක්‍ෂ්මභාවය නම් අරූපධ්‍යානයන්ට සමවැදීමයි. එනිසා “අෂ්ට සමාපත්ති ලබන ලද්දෙක් වීමි”යැයි මෙහිදී පැවසේ. ඒ ප්‍රකාශයෙන් තමන් වහන්සේගේ උභතොභාග විමුක්තිය අදහස් කරයි. ඇතැම්හු මෙසේ පවසති. “සොඛුම්ම” යනුවෙන් අග්‍ර මාර්ග ඵලයන්හි අධි ප්‍රඥා ශික්‍ෂාව අදහස් කරන ලදි යනුවෙනි. එයින් ද “ඣාන” යන්නෙන් ද තමන් වහන්සේගේ භතො භාග විමුක්තිය ප්‍රකට කරයි. “විප්පමුත්තං කිලෙසෙහි” විමුක්තියෙන් සංසිඳුණු, සියලු කෙලෙසුන්ගෙන් මිදුණු, එසේම පිරිසිදු වූ ඒ සිත සංකල්පයන්ගෙන් නොකැළඹුණු “අනාවිලං” කෙලෙසුන්ගෙන් මිදුණු, නොකැළඹුණු හා ශුද්ධ චිත්තය යන පද තුනින්ම අර්හත් ඵල චිත්තයම අදහස් කරයි. සෙසු පදයන්ගේ අර්ථ ඉහතින් විස්තර කරන ලදි. මෙම ගාථාවන්ම නහාතකමුනි තෙරුන් වහන්සේගේ රහත් බව ප්‍රකාශ කරන ගාථා ද විය.

න‍්හාතකමුනිත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

නහාතකමුනි ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.