න‍්හාතකමුනිත්‍ථෙරගාථා
6. 1. 11.
6. 1. 11.
435. වාතරොගාභිනීතො ත්‍වං විහරං කානනෙ වනෙ, පවිද‍්ධගොචරෙ ලූඛෙ කථං භික‍්ඛු කරිස‍්සසි.
435. මහණ, දුර්‍ලභප්‍රත්‍යය ඇති රූක්‍ෂ වූ මහවෙනෙහි වසන තෝ වාතරෝගයෙන් අවසභාවයට පමුණුවනලද්දෙහි කෙසේ වාස කරන්නෙහි ද?
436. පීතිමුඛෙන විපුලෙන ඵරිත්‍වාන සමුස‍්සයං, ලූඛම‍්පි අභිසම‍්භොන‍්තො විහරිස‍්සාමි කානනෙ.
436. මහත් වූ ප්‍රීතිසුඛයෙන් ශරීරය පතුරුවාගෙන ප්‍රත්‍යය රූක්‍ෂය පවා මැඩලමින් වනයෙහි වාස කරන්නෙමි.
437. භාවෙන‍්තො සත‍්තබොජ‍්ඣඞ‍්ගෙ ඉන්‍ද්‍රියානි බලානි ච, ඣානසොඛුම‍්මසම‍්පන‍්නො විහරිස‍්සං අනාසවො.
437. සප්තබෝධ්‍යඞ්ගයන් ද (ශ්‍රද්ධාදි) පඤ්චේන්‍ද්‍රියයන් ද (ශ්‍රද්ධාදි) පඤ්චබලධර්‍මයන් ද වඩමින් ධ්‍යානසූක්‍ෂමභාව සඞ්ඛ්‍යාත අරූපධ්‍යාන සම්පන්න වූයෙම් ආස්‍රව රහිත වැ වාස කරන්නෙමි.
438. විප‍්පමුත‍්තං කිලෙසෙහි සුද‍්ධචිත‍්තං අනාවිලං, අභිණ‍්හං පච‍්චවෙක‍්ඛන‍්තො විහරිස‍්සං අනාසවො.
438. කෙලෙසුන් කෙරෙන් මිදුණු නො කැලඹුණු ශුද්ධචිත්තය එක්වන් ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙමින් ආස්‍රව රහිත වැ වාස කරන්නෙමි.
439. අජ‍්ඣත‍්තං ච බහිද‍්ධා ච යෙ මෙ විජ‍්ජිංසු ආසවා, සබ‍්බෙ අසෙසා උච‍්ඡින‍්නා න ච උප‍්පජ‍්ජරෙ පුන.
439. මාගේ ආධ්‍යාත්ම වූත් බාහ්‍ය වූත් යම් ආස්‍රව කෙනෙක් විද්‍යාමාන වූහු ද එ හැම ශේෂ රහිත වැ සිඳුනාලද්දාහු යළි නූපදනාහ.
440. පඤ‍්චක‍්ඛන්‍ධා පරිඤ‍්ඤාතා තිට‍්ඨන‍්ති ඡින‍්නමූලකා, දුක‍්ඛක‍්ඛයො අනුප‍්පත‍්තො නත්‍ථි දානි පුනබ‍්භවො’ති.
440. පඤ්චස්කන්‍ධයෝ පිරිසිඳ දන්නාලද්දාහු සිඳුනාලද මුල් ඇති වැ සිටිති. දුඃඛක්‍ෂයට පැමිණියෙමි. මින් මතු පුනර්‍භවයෙක් නැතැ යි.
ඉත්‍ථං සුදං ආයස‍්මා න‍්හාතකමුනිත්‍ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.
මෙසේ ආයුෂ්මත් නහාතකමුනි ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.