සුමනත්ථෙරගාථා
6. 1. 10.
6. 1. 10.
429. යදා නවො පබ්බජිතො ජාතියා සත්තවස්සිකො, ඉද්ධියා අභිභොත්වාන පන්නගින්දං මහිද්ධිකං.
429. යම් දවසෙකැ අලුතැ පැවිදි වූයෙම් උපතින් සත්හැවිරිදි වූයෙම් මහත් ඍද්ධි ඇති නාරජහු ඉදුහයෙන් අභිභවන කොට (මැඬලා) -
430. උපජ්ඣායස්ස උදකං අනොතත්තා මහාසරා, ආහරාමි තතො දිස්වා මං සත්ථා එතදබ්රවී.
430. නුතන් දහතළායෙන් උපාධ්‍යායන් වහන්සේට දිය ගෙන එම් ද එසඳ භාග්‍යවතුන් වහන්සේ මා දැකැ තෙල කරුණ වදාළහ:
431. සාරිපුත්ත ඉමං පස්ස ආගච්ඡන්තං කුමාරකං, උදකුම්භකමාදාය අජ්ඣත්තං සුසමාහිතං.
431. ශාරීපුත්‍රයෙනි, මෙ කුමරහු දියකළය ගෙන සන්හුන් සිතැති වැ එන්නා බලව.
432. පාසාදිකෙන වත්තෙන කල්යාණඉරියාපථො, සාමණෙරොනුරුද්ධස්ස ඉද්ධියා ච විසාරදො.
432. ප්‍රසාද එළවන ආචාර වතින් සපන් ඉරියව් ඇති, අනුරුද්ධයන්ගේ හෙරණ තෙම ඍද්ධියෙහි ද විශාරද වෙයි.
433. ආජානීයෙන ආජඤ්ඤො සාධුනා සාධුකාරිතො, විනීතො අනුරුද්ධෙන කතකිච්චෙන සික්ඛිතො.
433. පුරුෂශ්‍රේෂ්ඨ වූ (ආත්මහිත පරහිත සාධනයෙන්) සාධු වූ, කළ (සියුමඟ) කිස ඇති අනුරුද්ධයන් විසින් විනයන කරනලද හික්මවනලද (එහෙයින් මැ) පුරුෂශ්‍රේෂ්ඨ වූ යහපත් කරවනලද-
434. සො පත්වා පරමං සන්තිං සච්ඡිකත්වා අකුප්පතං, සාමණෙරො ස සුමනො මා මං ජඤ්ඤාති ඉච්ඡතී’ති.
434. ඒ සුමන සාමණේර පරම ශාන්තියට පැමිණ අර්හත්ඵලය සාක්ෂාත් කොට ‘මා (ක්ෂීණාස්රව යැ’යි අනෙකෙක්) නො දනීව’යි කැමති වේ යයි (බුදුහු වදාළහ’යි.)
ඉත්ථං සුදං ආයස්මා සුමනො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
මෙසෙයින් ආයුෂ්මත් සුමන ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.