ජෙන්තත්ථෙරගාථා
6. 1. 9.
6. 1. 9.
423. ජාතිමදෙන මත්තොහං භොගඉස්සරියෙන ච, සණ්ඨානවණ්ණරූපෙන මදමත්තො අචාරිහං.
423. මම ජාතිමදයෙනුදු භෝගසම්පත්තියෙනුදු ඓශ්චර්ය්යසම්පත්තියෙනුදු මත් වූයෙම් පැහැසටහන් රුවිනුදු තදන්‍ය මදයෙනුදු මත් වැ හැසුරුණෙමි.
424. නාත්තනො සමකං කඤ්චි අතිරෙකං ච මඤ්ඤිසං, අතිමානහතො බාලො පත්ථද්ධො උස්සිතද්ධජො.
424. තමා හා සම වූ හෝ වැඩිසිටි හෝ කිසිවකු නො සිතීමි. බාල වූයෙම් අතිමානයෙන් නටුයෙම් ඉතා තදමන් ඇතියෙම් නඟනලද මානධ්වජ ඇතියෙම්-
425. මාතරං පිතරඤ්චාපි අඤ්ඤෙපි ගරුසම්මතෙ, න කඤ්චි අභිවාදෙසිං මානත්ථද්ධො අනාදරො.
425. මව හෝ පියා හෝ ‘ගරු කටයුතු යැ’යි සම්මත වූ අන්‍ය වූ හෝ කිසිවකු තදමන් ඇතියෙම් ආදර රහිත වූයෙම් අභිවාදන නො කෙළෙමි.
426. දිස්වා විනායකං අග්ගං සාරථීනං වරුත්තමං, නපන්තමිව ආදිච්චං භික්ඛුසඞ්ඝපුරක්ඛතං.
426. (වෛනෙය ජනයන්) විනයන කරන අග්‍ර වූ පුරුෂදම්යසාරථීන් අතුරෙහි ඉතා උතුම් වූ දිලියෙන හිරු බඳු, මහණගණා විසින් පෙරටු කරනලද ශාස්තෲන් වහන්සේ දැක-
427. මානං මදං ච ඡඩ්ඩෙත්වා විප්පසන්නෙන චෙතසා, සිරසා අභිවාදෙසිං සබ්බසත්තානමුත්තමං.
427. මානයත් මදයත් හැරපියා පහන්සිතින් යුතු වැ හැම සත්නට උතුම් වූ ශාස්තෲන් වහන්සේ සිරසින් අභිවාදන කෙළෙමි.
428. අතිමානො ච ඔමානො පහීනා සුසමූහතා, අස්මිමානො සමුච්ඡින්නො සබ්බෙ මානවිධා හතා’ති.
428. (මාගේ) සෙය්‍යමානය ද හීනමානය ද ප්‍රහීණ වූහ. මොනොවට උපුරාපියනලදහ. අස්මිමානය මොනොවට සිඳුනාලද යැ. සියලු මානකොට්ඨාසයෝ නසනලදහ’යි.
ඉත්ථං සුදං ආයස්මා ජෙන්තො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
මෙසේ පුරෝහිතපුත්ර ආයුෂ්මත් ජෙන්ත ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.