යෙදුමෙන් කියවන්න

ජෙන‍්තත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

ජෙන‍්තත්‍ථෙරගාථාවණ‍්ණනා

ජෙන්ත ස්ථවිරගාථා වර්ණනාව

ජාතිමදෙන මත‍්තොහන‍්තිආදිකා ආයස‍්මතො ජෙන‍්තත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ පුඤ‍්ඤානි උපචිනිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සාවත්‍ථියං කොසලරඤ‍්ඤො පුරොහිතස‍්ස පුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්ති, තස‍්ස ජෙන‍්තොති නාමං අහොසි. සො වයප‍්පත‍්තො ජාතිමදෙන භොගඉස‍්සරියරූපමදෙන ච මත‍්තො අඤ‍්ඤෙ හීළෙන‍්තො ගරුට‍්ඨානියානම‍්පි අපචිතිං අකරොන‍්තො මානථද‍්ධො විචරති. සො එකදිවසං සත්‍ථාරං මහතියා පරිසාය පරිවුතං ධම‍්මං දෙසෙන‍්තං දිස‍්වා උපසඞ‍්කමන‍්තො “සචෙ මං සමණො ගොතමො පඨමං ආලපිස‍්සති, අහම‍්පි ආලපිස‍්සාමි; නො චෙ, නාලපිස‍්සාමී”ති චිත‍්තං උප‍්පාදෙත්‍වා උපසඞ‍්කමිත්‍වා ඨිතො භගවති පඨමං අනාලපන‍්තෙ සයම‍්පි මානෙන අනාලපිත්‍වා ගමනාකාරං දස‍්සෙසි. තං භගවා –

“ජාතිමදෙන මත්තොහං” යනු ආයුෂ්මත් ජෙන්ත තෙරුන් වහන්සේගේ ගාථාවන් ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයෙහි පින් දහම් රැස් කරමින් අවුත් මේ බුද්ධෝත්පාදයේ දී කොසොල් රජුගේ පුරෝහිතතුමාට දාව උපන්හ. පුරෝහිතතුමා සිය පුතුට ජෙන්ත යන නම තැබීය. තරුණවියට පත් එකුමරු ජාති මදයෙන් ද භෝග මදයෙන් ද ඉසුරුමත් රූප මදයෙන් මත් වී අන්‍යයන් හෙළා දකිමින් ම ගරු කළයුත්තන්ට අගරු කරමින්, පිදිය යුත්තන් නොපුදමින් මානයෙන් වැඩී හැසිරෙයි. දිනක් ජෙන්ත මහත් වූ පිරිසක් පිරිවරාගෙන දහම් දෙසමින් සිටින ශාස්තෲන් වහන්සේ දුටුවේය. දැක උන්වහන්සේ වෙත යමින් “ඉදින් ශ්‍රමණ භවත් ගෞතමයෝ මා දැක පළමුව කථා නොකලේ නම් මම ඔහු සමග කථා නොකරන්නෙමි”යි යන සිතින් සමීපයට ගොස් සිටගෙන සිටියේය. භාග්‍යවතුන් වහන්සේ පළමුව කථා නොකළ හෙයින් තමා ද උඩඟුව කථා නොකර සිට දේශනාවසානයෙහි යන බවක් දැක්වීය. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ ඔහුට වදාළ සේක -

“න මානං බ්‍රාහ‍්මණ සාධු, අත්‍ථිකස‍්සීධ බ්‍රාහ‍්මණ; යෙන අත්‍ථෙන ආගච‍්ඡි, තමෙවමනුබ්‍රූහයෙ”ති. (සං· නි· 1.201) –

“න මානං බ්‍රාහ්මණ සාධු අත්‍ථිකස්සිධ බ්‍රාහ්මණ, යෙන අත්‍ථෙන ආගඤ්ඡි තමෙච මනුබ්‍රෑහයා” තී.

ගාථාය අජ‍්ඣභාසි. සො “චිත‍්තං මෙ සමණො ගොතමො ජානාතී”ති අභිප‍්පසන‍්නො භගවතො පාදෙසු සිරසා නිපතිත්‍වා පරමනිපච‍්චාකාරං කත්‍වා –

“බ්‍රාහ්මණය! මානය යහපත් දෙයක් නොවේ. මේ බුදුසසුනින් ප්‍රයෝජනයක් ලබාගැනීමට මෙහි පැමිණි නුඹ, ඒ මානයම තව තවත් වඩා වර්ධනය කරන්නෙහි ය” යන ගාථාව වදාළහ. එය ඇසූ ජෙන්ත බමුණා “මගේ සිත ශ්‍රමණ භවත් ගෞතමයෝ දැනගත්හ”යි වඩාත් ප්‍රසන්න වූයේ අප භාග්‍යවතුන් වහන්සේ දෙපා මුල හිසින් වැඳ වැටී අතිශයින් යටහත් බවක් දැක්වීය. මේ ගාථාවෙන් ජෙන්ත තම ප්‍රශ්නය ඇසීය.

“කෙසු න මානං කයිරාථ, කෙසු චස‍්ස සගාරවො; ක්‍යස‍්ස අපචිතා අස‍්සු, ක්‍යස‍්සු සාධු සුපූජිතා”ති. –

“කෙසු න මානං කයිරාථ - කෙසු අස්ස සගාරවො, ක්‍යස්ස අපචිතා අස්සු - ක්‍යස්සු සාධු සුපූජිතා” තී.

පුච‍්ඡි. තස‍්ස භගවා –

කවරකු කෙරෙහි මානය නොපැවැත්විය යුතු ද?” ගරු කටයුත්තෝ කවරහු ද? අපචායනය කළ යුත්තෝ කවරහුද? මනාව පිදිය යුත්තෝ කවරහුද? ඒ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.

“මාතරි පිතරි චාපි, අථො ජෙට‍්ඨම‍්හි භාතරි; ආචරියෙ චතුත්‍ථම‍්හි, සමණබ්‍රාහ‍්මණෙසු ච.

“මාතරි පිතරි චාපි - අථො ජෙට්ඨම්හි භාතරි, ආචරියෙ චතුත්‍ථම්හි - [missing pali]

“තෙසු න මානං කයිරාථ, තෙසු අස‍්ස සගාරවො; ක්‍යස‍්ස අපචිතා අස‍්සු, ත්‍යස‍්සු සාධු සුපූජිතා.

තෙසු න මානං කයිරාථ - තෙසු අස්ස සගාරවො, ත්‍යස්ස අපචිතා අස්සු - ත්‍යස්සු සාධු පූජිතා”

“අරහන‍්තෙ සීතිභූතෙ, කතකිච‍්චෙ අනාසවෙ; නිහච‍්ච මානං අත්‍ථද‍්ධො, තෙ නමස‍්සෙ අනුත‍්තරෙ”ති. (සං· නි· 1.201) –

“අරහන්තෙ සීතිභූතෙ - කතකිච්චෙ අනාසවෙ, නිහච්ච මානං අත්‍ථද්ධො - තෙ නමස්ස අනුත්තරෙ”

පඤ‍්හං විස‍්සජ‍්ජෙන‍්තො ධම‍්මං දෙසෙසි. සො තාය දෙසනාය සොතාපන‍්නො හුත්‍වා පබ‍්බජිත්‍වා විපස‍්සනාය කම‍්මං කරොන‍්තො අරහත‍්තං පත්‍වා අත‍්තනො පටිපත‍්තිකිත‍්තනමුඛෙන අඤ‍්ඤං බ්‍යාකරොන‍්තො –

මෙසේ ප්‍රශ්නය විසඳමින් ඔහුට දහම් දෙසූහ. “මවුට පියාට මාන නොකළ යුතුයි. වැඩිමල් සොයුරු සොයුරියන්ට ද සිවුවැනිව ගුරුවරුන්ටද මත් නොඉපදවිය යුතුයි. ඔවුන් කෙරෙහි ගරු කරන්නේය. ඔවුන්ට අපචායනය කරන්නේ ය. ඔවුන් මැනවින් පිදිය යුතු වේ.”

“එමෙන්ම අනුත්තර සිසිල් වූ නිවණ අවබෝධ කරගත්තා වූ අනාශ්‍රව වූ කටයුතු කොට නිමියා වූ මානය නැසුවා වූ ස්වාර්ථ සාධනය කරගත් රහතන්වහන්සේලාට ද නමස්කාර කරන්න.”

ඒ ධර්ම දේශනාවසානයේදී ජෙන්ත කුමරු සෝවාන් විය. බුදු සසුනේ පැවිදි වූ ඔහු විදසුන් භාවනාව වඩා නොබෝ දිනකින්ම රහත් ඵලයෙහි පිහිටියේය. රහත් වූ ජෙන්ත තෙරණුවෝ තමාගේ පිළිවෙත් මඟ දැක්වීම් වශයෙන් මේ ගාථා සය වදාළහ.

“ජාතිමදෙන මත‍්තොහං, භොගඉස‍්සරියෙන ච; සණ‍්ඨානවණ‍්ණරූපෙන, මදමත‍්තො අචාරිහං.

“ජාතිමදෙන මත්තොහං භොග ඉස්සරියෙන ච, සණ්ඨාන වණ්ණ රූපෙන මදමත්තො අචාරිහං”

“නාත‍්තනො සමකං කඤ‍්චි, අතිරෙකඤ‍්ච මඤ‍්ඤිසං; අතිමානහතො බාලො, පත්‍ථද‍්ධො උස‍්සිතද‍්ධජො.

“නාත්තනො සමකං කඤ්චි අතිරෙකඤ්ච මඤ්ඤිසං, අතිමානහතො බාලො පත්‍ථද්ධො උස්සිතද්ධජො”

“මාතරං පිතරඤ‍්චාපි, අඤ‍්ඤෙපි ගරුසම‍්මතෙ; න කඤ‍්චි අභිවාදෙසිං, මානත්‍ථද‍්ධො අනාදරො.

“මාතරං පිතරං චාපි අඤ්ඤෙ ච ගරු සම්මතෙ, න කඤ්චි අභිවාදෙසිං මානත්‍ථද්ධො අනාදරො”

“දිස‍්වා විනායකං අග‍්ගං, සාරථීනං වරුත‍්තමං; තපන‍්තමිව ආදිච‍්චං, භික‍්ඛුසඞ‍්ඝපුරක‍්ඛතං.

“දිස්වා විනායකං අග්ගං සාරථීනං වරුත්තමං, තපන්තමිව ආදිච්චං භික්ඛුසංඝ පුරක්ඛතං”

“මානං මදඤ‍්ච ඡඩ‍්ඩෙත්‍වා, විප‍්පසන‍්නෙන චෙතසා; සිරසා අභිවාදෙසිං, සබ‍්බසත‍්තානමුත‍්තමං.

“මාන මදං ච ඡඩ්ඩෙත්‍වා විප්පසන්නෙන චෙතසා, සිරසා අභිවාදෙසිං සබ්බ සත්තාන මුත්තමං”

“අතිමානො ච ඔමානො, පහීනා සුසමූහතා; අස‍්මිමානො සමුච‍්ඡින‍්නො, සබ‍්බෙ මානවිධා හතා”ති. –

“අතිමානො ච ඔමානො පහීණා සුසමූහතා, අස්මිමානො සමුච්ඡින්නො, සබ්බෙ මානවිධා හතා” තී.

ඉමා ගාථා අභාසි.

තත්‍ථ ජාතිමදෙන මත‍්තොහන‍්ති අහං උදිච‍්චෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තො, “න මාදිසො උභතො සුජාතො අඤ‍්ඤො අත්‍ථී”ති කුලමානෙන මත‍්තො මානථද‍්ධො අචාරින‍්ති යොජනා. භොගඉස‍්සරියෙන චාති විභවෙන ආධිපච‍්චෙන ච හෙතුභූතෙන භොගසම‍්පදඤ‍්ච ඉස‍්සරියසම‍්පදඤ‍්ච පටිච‍්ච උප‍්පන‍්නමදෙන මත‍්තො අහං අචාරින‍්ති යොජනා. සණ‍්ඨානවණ‍්ණරූපෙනාති සණ‍්ඨානං ආරොහපරිණාහසම‍්පත‍්ති, වණ‍්ණො ඔදාතසාමතාදිඡවිසම‍්පත‍්ති, රූපං අඞ‍්ගපච‍්චඞ‍්ගසොභා. ඉධාපි වුත‍්තනයෙන යොජනා වෙදිතබ‍්බා. මදමත‍්තොති වුත‍්තප‍්පකාරතො අඤ‍්ඤෙනපි මදෙන මත‍්තො.

මෙහි “ජාතිමදෙන මත්තොහං” යනු මම ඉතා උසස් බමුණු කුලයේ උපන්නෙම්. මා වැනි වූ උභය කුල පාරිශුද්ධ උසස් කුලවතෙක් නැතැ”යි කුලමානයෙන් මත්ව මානාධිකව විසුවෙමි යන අර්ථයයි. “භොග ඉස්සරියෙන ච” සම්පත්තියත් අධිපතිත්‍වයත් නිසා, භෝග සම්පත්තියත් ඓශ්චර්‍ය්‍ය සම්පත්තියත් නිසා උපන් මදයෙන් මත්වූයෙමි. මම එසේ මත්ව හැසිරුණෙමි. “සණ්ඨාන වණ්ණ රූපෙන” රූප, වර්ණ, සටහනින්, ආරෝහ පරිනාහ සම්පත්තියෙන්, සුදු කළු ආදී ඡවි සම්පත්තියෙන්, ශෝභාසම්පන්න අඟපසඟ සහිත රූපශ්‍රීයෙන් යුතු වූයෙම් යනුවෙන් පෙර කී ලෙසම අර්ථ ගත යුතුයි. “මදමත්තො” ඉහත පැවසූ ලෙසින්ම වෙනත් මදයන්ගෙන් ද මත්වූයෙම්.

නාත‍්තනො සමකං කඤ‍්චීති අත‍්තනො සමකං සදිසං ජාතිආදීහි සමානං අතිරෙකං වා කඤ‍්චි න මඤ‍්ඤිසං න මඤ‍්ඤිං, මයා සමානම‍්පි න මඤ‍්ඤිං, කුතො අධිකන‍්ති අධිප‍්පායො. අතිමානහතො බාලොති බාලො අහං තතො බාලභාවතො අතිමානෙන ඛතූපහතකුසලාචාරො, තතො එව පත්‍ථද‍්ධො උස‍්සිතද‍්ධජො ථම‍්භවසෙන ගරූනම‍්පි නිපච‍්චකාරස‍්ස අකරණතො භුසං ථද‍්ධො අනොනමනථද‍්ධජාතො උස‍්සිතමානද‍්ධජො.

“නාත්තනො සමකං;” තමාහට, මාහට සමාන වූ ගැලපෙන, ජාති ආදී ලක්‍ෂණයන්ගෙන් සම වූ, වෙනත් දෙයින් සම වූ වෙනත් කිසිවකු නොදුටුවෙමි. මාහට සමානයකු නුදුටු බැවින් මට වඩා ජාති ආදියෙන් වැඩි, උස්වූවෙකු කෙසේ දක්නෙම් ද? යන අදහසයි. “අතිමානහතො බාලො”, ඉක්බිති අඳ බාල වූ බැවින් අතිමානයෙන් යුතු වූ මම සාරා උගුලා දැමූ කුසල් හැසිරීම් ඇත්තෙම්, එමෙන්ම තද මන් ඇතිව එස වූ ධ්වජ ඇත්තෙම්, සිතේ තද ගතිය නිසා ගුරුවරුන්ට ද යටහත් පැවතුම් නොකරන්නෙම්, බොහෝ සෙයින් තද වූයෙම්, නොනැමෙන තද ගති ඇතිව එසවූ මාන නමැති ධ්වජ ඇත්තෙම්.

වුත‍්තමෙවත්‍ථං පාකටතරං කාතුං “මාතර”න‍්තිආදි වුත‍්තං. තත්‍ථ අඤ‍්ඤෙති ජෙට‍්ඨභාතුආදිකෙ, සමණබ්‍රාහ‍්මණෙ ච. ගරුසම‍්මතෙති ගරූති සම‍්මතෙ ගරුට‍්ඨානියෙ. අනාදරොති ආදරරහිතො.

මෙසේ කියන ලද අර්ථයම මෙහිදී තවත් ඉතා ප්‍රකට වූවක් කිරීමට “මාතරං” යනාදිය පැවසූහ. එහි “අඤ්ඤෙ” වැඩිමහල් සොයුරු ආදීන්ට ද ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ද “ගරු සම්මතෙ”, ගෞරව කළ යුතු යැයි සමාජ සම්මත වූ ගෞරවනීය තනතුරු දැරූවන් කෙරෙහි ද “අනාදරෙ” ආදර රහිත වූයෙමි.

දිස‍්වා විනායකං අග‍්ගන‍්ති එවං මානථද‍්ධො හුත්‍වා විචරන‍්තො දිට‍්ඨධම‍්මිකසම‍්පරායිකපරමත්‍ථෙහි වෙනෙය්‍යානං විනයනතො සයම‍්භුතාය නායකභාවතො ච විනායකං. සදෙවකෙ ලොකෙ සීලාදිගුණෙහි සෙට‍්ඨභාවතො අග‍්ගං. පුරිසදම‍්මානං අච‍්චන‍්තතාය දමනතො සාරථීනං වරුත‍්තමං, අතිවිය උත‍්තමං බ්‍යාමප‍්පභාදිඔභාසෙන ආදිච‍්චමිව තපන‍්තං, ඔභාසන‍්තං භික‍්ඛුසඞ‍්ඝපුරක‍්ඛතං ධම‍්මං දෙසෙන‍්තං සබ‍්බසත‍්තානං උත‍්තමං සත්‍ථාරං දිස‍්වා බුද‍්ධානුභාවෙන සන‍්තජ‍්ජිතො “අහමෙව සෙට‍්ඨො, අඤ‍්ඤෙ හීනා”ති පවත‍්තමානං භොගමදාදිමදඤ‍්ච ඡඩ‍්ඩෙත්‍වා පහාය විප‍්පසන‍්නෙන චෙතසා සිරසා අභිවාදෙසින‍්ති යොජනා. කථං පනායං මානථද‍්ධො සමානො සත්‍ථු දස‍්සනමත‍්තෙන මානං පහාසීති? න ඛො පනෙතං එවං දට‍්ඨබ‍්බං. සත්‍ථු දස‍්සනමත‍්තෙන මානං න පහාසි “න මානං, බ්‍රාහ‍්මණ, සාධූ”තිආදිකාය පන දෙසනාය මානං පහාසි. තං සන්‍ධාය වුත‍්තං “මානං මදඤ‍්ච ඡඩ‍්ඩෙත්‍වා, විප‍්පසන‍්නෙන චෙතසා. සිරසා අභිවාදෙසි”න‍්ති. විප‍්පසන‍්නෙන චෙතසාති ච ඉත්‍ථම‍්භූතලක‍්ඛණෙ කරණවචනං දට‍්ඨබ‍්බං.

“දිස්වා විනායකං අග්ගං” මෙසේ මානයෙන් දැඩිව හැසිරෙන මම, මෙලෝ පරලෝ යන උභයාර්ථ සිද්ධියෙහි හික්මවිය හැකි ජනයා හික්මවන, තමන් වහන්සේ ම අවබෝධ කරගත් බැවින් ද, ලෝකයාට අසහාය නායක බැවින් ද, “විනායකං” විනායක නම් වූ, දෙවියන් සහිත ලෝකයේ ශීලාදී ගුණයන්ගෙන් ශ්‍රේෂ්ඨ වූ බැවින් ද, “අග්ගං” අග්‍ර වූ, පුරුෂයන් දමනය කරමින් අතිශයින් හික්මවන බැවින් සාරථී නම් වූ, පුරුෂයන් දමනය කරමින් අතිශයින් හික්මවන බැවින් සාරථී නම් වූ, පුරුෂයන් දමනය කරන්නන් අතරින් ඉතා උතුම් වූ - “සාරථීනං වරුත්තමං”. බ්‍යාම ප්‍රභා ආදී ආලෝකයෙන් සූර්යයා මෙන් බබළන, දිලිසෙන - “තපන්තමිව ආදිච්චං”. භික්‍ෂු සංඝයා පිරිවරාගෙන දහම් දෙසන, “භික්ඛු සංඝ පුරක්ඛතං” සියලු සතුන්ටම උතුම් වූ ශාස්තෲන් වහන්සේ දුටුවෙමි. “බුද්ධානුභාවයෙන් දුටුමතින්ම තැතිගත්තෙම් “මම ශ්‍රේෂ්ඨ වෙමි. අන්‍යයෝ හීනයෝය” යනුවෙන් පැවති මානය ද භෝග සම්පත් ආදිය නිසා පැවති මදය ද අත්හැර දමා, ඉවත දමා “විප්පසන්නෙ චෙතසා සිරසා අභිවාදෙසිං” පහන් සිතින් යුතුව සිරසින් වැන්දෙමි. අභිවාදනය කළෙමි.

“අහමෙව සෙට‍්ඨො”ති පවත‍්තො මානො අතිමානො. “ඉමෙ පන නිහීනා”ති අඤ‍්ඤෙ හීනතො දහන‍්තස‍්ස මානො “ඔමානො”ති වදන‍්ති. “සෙය්‍යොහමස‍්මී”ති පන අඤ‍්ඤං අතික‍්කමිත්‍වා අත‍්තානං සෙය්‍යතො දහන‍්තස‍්ස පවත‍්තො සෙය්‍යමානො අතිමානො. “හීනොහමස‍්මී”ති පවත‍්තො හීනමානො ඔමානො. පහීනා සුසමූහතාති හෙට‍්ඨිමමග‍්ගෙහි පහීනා හුත්‍වා අග‍්ගමග‍්ගෙන සුට‍්ඨු සමුග‍්ඝාටිතා. අස‍්මිමානොති “එසොහමස‍්මී”ති ඛන්‍ධෙ “අහ”න‍්ති ගහණවසෙන පවත‍්තමානො. සබ‍්බෙති න කෙවලං අතිමානඔමානඅස‍්මිමානා එව, අථ ඛො සෙය්‍යස‍්ස සෙය්‍යමානාදයො නවවිධා අන‍්තරභෙදෙන අනෙකවිධා ච සබ‍්බෙ මානවිධා මානකොට‍්ඨාසා හතා අග‍්ගමග‍්ගෙන සමුග‍්ඝාටිතාති.

මෙසේ දැඩි වූ තද වූ මානයකින් යුක්ත වූ ජෙන්තගේ මානය ශාස්තෲන් වහන්සේ දැකීම් පමණකින් දුරුවූයේ කෙසේ ද? මෙසේ දුරුවූයේ යැයි නොසිතිය යුතුයි. ඒ මානය ශාස්තෲන් වහන්සේ දැකීම් පමණිනු දුරු නොවූයේය. “තිමෙව අනුබ්‍රෑහය” යනාදී “ඒ මානයම වඩින්නෙහි” යනුවෙන් පැවැත්වූ ශාස්තෲ ධර්ම දේශනාවෙන් ඔහුගේ මානය දුරු විය. ඒ සඳහා “මානං මදඤ්ච ඡඩ්ඪෙත්‍වා” යන පස්වන ගාථාව වදාළහ. එහි “විප්පසන්නෙන චෙතසා සිරසා අභිවාදෙසිං” යන මේ පහන් වූ පැහැදුණු සිතින් යන තැන්හි ඉත්‍ථම්භූතාර්ථයේ තතියා විභක්තිය යෙදී ඇත. (කරණ විභක්තිය). “මම ම ශ්‍රේෂ්ඨ වෙමි” යනුවෙන් පැවති මානය, “අතිමානො” අතිමානයකි. හෙවත් සෙය්‍ය මානයකි. “මොවුහු මට වඩා නිහීනයෝය” යනුවෙන් අන්‍යයන් පහත් කර සැළකීම “ඔමානො” හීන මානයකි”යි කියති. “මම ශ්‍රේෂ්ඨ වෙමි” යි අන්‍යයන් ඉක්මවා තමා උතුම් වූවෙකියි අදහමින් පැවති සෙය්‍ය මානය අතිමානයකි. “මම මහත් වූවෙක්මි”යි පවත්නා හීනමානය “ඔමාන” නම් වේ. “පහීණා සුසමාහිතා” සෝවාන් ආදී මාර්ගඵල වලින් ප්‍රහීණ කරගත් මානය අග්‍ර මාර්ගය වූ අර්හත් ඵලය අවබෝධ කරගැනීමෙන් මනාව මුලිනුපුටා දැමූවෙමි. “අස්මිමානො” අස්මිමානය නම්, “මේ මම වෙමි”යි ස්කන්‍ධයන් මම ය, මාගේ ය යනුවෙන් ගැනීම් වශයෙන් පවත්නා මානයයි. “සබ්බෙ” යනු හුදෙක් මේ ඉහතින් දැක්වූ අතිමාන, ඔමාන හා අස්මිමාන යන තුන පමණක් නොවේ. උසස් පුද්ගලයාට සෙය්‍යමානාදී වශයෙන් මානය නවවිධ වේ. අතුරු බෙදීම් වශයෙන් අනේකවිධ වේ. අග්‍ර වූ අර්හත් මාර්ගයෙන් මම සියලුම ඒ මානයෝ, මාන කොට්ඨාසයෝ නැසුවෙමි. මුලිනුපුටා දැමුවෙමි.

පුරොහිතපුත‍්තජෙන‍්තත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

ජෙන්ත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.