යෙදුමෙන් කියවන්න

මිගජාලත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

මිගජාලත්‍ථෙරගාථාවණ‍්ණනා

මිගජාල ස්ථවිරගාථා වර්ණනාව

සුදෙසිතොතිආදිකා ආයස‍්මතො මිගජාලත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ පුඤ‍්ඤානි උපචිනන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සාවත්‍ථියං විසාඛාය මහාඋපාසිකාය පුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්ති, මිගජාලොතිස‍්ස නාමං අහොසි. සො විහාරං ගන‍්ත්‍වා අභිණ‍්හසො ධම‍්මස‍්සවනෙන පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තං පත්‍වා අඤ‍්ඤං බ්‍යාකරොන‍්තො –

“සුදෙසිතො” යනු ආයුෂ්මත් මිගජාල තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව සසර ඒ ඒ භවයේදී පින්දහම් රැස්කරගෙන වුත් මේ බුද්ධෝත්පාද කාලයේ දී සැවැත් නුවර විශාඛා මහ උපාසිකාවගේ පුතකු ලෙස උපන්හ. ඔහුගේ නම මිගජාල නම් විය. නිතරම විහාරයට යන ඔහු ධර්මශ්‍රවණය කොට, ලැබූ ශ්‍රද්ධාව නිසා සසුනේ පැවිදි විය. නොබෝ දිනකින්ම විදසුන් වඩා රහත් වූ මිගජාල තෙරණුවෝ සිය රහත් බව ප්‍රකාශ කරමින් මේ ගාථා සය වදාළ සේක.

“සුදෙසිතො චක‍්ඛුමතා, බුද‍්ධෙනාදිච‍්චබන්‍ධුනා; සබ‍්බසංයොජනාතීතො, සබ‍්බවට‍්ටවිනාසනො.

“සුදෙසිතො චක්ඛුමතො බුද්ධෙනාදිච්චබන්‍ධුනා, සබ්බසංයෝජනාතීතො සබ්බවට්ට විනාසනො”

“නිය්‍යානිකො උත‍්තරණො, තණ‍්හාමූලවිසොසනො; විසමූලං ආඝාතනං, ඡෙත්‍වා පාපෙති නිබ‍්බුතිං.

“නිය්‍යානිකො උත්තරණො තණ්හාමූලවිසොසනො, විසමූලං ආඝාතනං ඡෙත්‍වා පාපෙති නිබ්බුතිං”

“අඤ‍්ඤාණමූලභෙදාය, කම‍්මයන‍්තවිඝාටනො; විඤ‍්ඤාණානං පරිග‍්ගහෙ, ඤාණවජිරනිපාතනො.

“අඤ්ඤාණමූලභෙදාය කම්මයන්ත විඝාටනො, විඤ්ඤාණානං පරිග්ගහෙ ඤාණවජිරනිපාතනො”

“වෙදනානං විඤ‍්ඤාපනො, උපාදානප‍්පමොචනො; භවං අඞ‍්ගාරකාසුංව, ඤාණෙන අනුපස‍්සනො.

“වෙදනානං විඤ්ඤාපනො උපාදානප්පමොචනො, භවං අංගාරකාසුංව ඤාණෙන අනුපස්සකො”

“මහාරසො සුගම‍්භීරො, ජරාමච‍්චුනිවාරණො; අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො, දුක‍්ඛූපසමනො සිවො.

“මහාරසො සුගම්භීරො ජරාමච්චුනිවාරණො, අරියො අට්ඨංගිකො මග්ගො දුක්ඛුපසමනො සිවො”

“කම‍්මං කම‍්මන‍්ති ඤත්‍වාන, විපාකඤ‍්ච විපාකතො; පටිච‍්චුප‍්පන‍්නධම‍්මානං, යථාවාලොකදස‍්සනො; මහාඛෙමඞ‍්ගමො සන‍්තො, පරියොසානභද‍්දකො”ති. – ඉමා ගාථා අභාසි;

“කම්මං කම්මන්ති ඤත්‍වාන විපාකා ච විපාකතො, පටිච්චුප්පන්නධම්මානං යථා වා ලොකදස්සනො, මහාඛෙමංගමො සන්තො පරියොසාන භද්දකො” තී.

තත්‍ථ සුදෙසිතොති සුට‍්ඨු දෙසිතො, වෙනෙය්‍යජ‍්ඣාසයානුරූපං දිට‍්ඨධම‍්මිකසම‍්පරායිකපරමත්‍ථානං යාථාවතො විභාවනවසෙන දෙසිතොති අත්‍ථො. අථ වා සුදෙසිතොති සම‍්මා දෙසිතො, පවත‍්තිනිවත‍්තීනං තදුභයහෙතූනඤ‍්ච අවිපරීතතො පකාසනවසෙන භාසිතො ස‍්වාඛ්‍යාතොති අත්‍ථො. චක‍්ඛුමතාති මංසචක‍්ඛු, දිබ‍්බචක‍්ඛු, පඤ‍්ඤාචක‍්ඛු, බුද‍්ධචක‍්ඛු, සමන‍්තචක‍්ඛූති ඉමෙහි පඤ‍්චහි චක‍්ඛූහි චක‍්ඛුමතා. බුද‍්ධෙනාති සබ‍්බඤ‍්ඤුබුද‍්ධෙන. ආදිච‍්චබන්‍ධුනාති ආදිච‍්චගොත‍්තෙන. දුවිධො හි ලොකෙ ඛත‍්තියවංසො – ආදිච‍්චවංසො, සොමවංසොති. තත්‍ථ ආදිච‍්චවංසො, ඔක‍්කාකරාජවංසොති ජානිතබ‍්බං. තතො සඤ‍්ජාතතාය සාකියා ආදිච‍්චගොත‍්තාති භගවා “ආදිච‍්චබන්‍ධූ”ති වුච‍්චති. අථ වා ආදිච‍්චස‍්ස බන්‍ධූතිපි භගවා ආදිච‍්චබන්‍ධු, ස‍්වායමත්‍ථො හෙට‍්ඨා වුත‍්තොයෙව. කාමරාගසංයොජනාදීනං සබ‍්බෙසං සංයොජනානං සමතික‍්කමනභාවතො සබ‍්බසංයොජනාතීතො තතො එව කිලෙසකම‍්මවිපාකවට‍්ටානං විනාසනතො විද‍්ධංසනතො සබ‍්බවට‍්ටවිනාසනො, සංසාරචාරකතො නිය්‍යානතො නිය්‍යානිකො, සංසාරමහොඝතො සමුත‍්තරණට‍්ඨෙන උත‍්තරණො, කාමතණ‍්හාදීනං සබ‍්බතණ‍්හානං මූලං අවිජ‍්ජං අයොනිසො මනසිකාරඤ‍්ච විසොසෙති සුක‍්ඛාපෙතීති තණ‍්හාමූලවිසොසනො, තිණ‍්ණම‍්පි වෙදානං සම‍්පටිවෙධස‍්ස විද‍්ධංසනතො විසස‍්ස දුක‍්ඛස‍්ස කාරණත‍්තා විසමූලං, සත‍්තානං බ්‍යසනුප‍්පත‍්තිට‍්ඨානතාය ආඝාතනං කම‍්මං කිලෙසං වා ඡෙත්‍වා සමුච‍්ඡින්‍දිත්‍වා නිබ‍්බුතිං නිබ‍්බානං පාපෙති.

මෙහි “සුදෙසිතො” මනාව දෙසන ලදි. හික්මවිය යුතු ජනයාගේ අදහස් අනුව මෙලෝ පරලෝ දහම්, පරමාර්ථ දහම් යථාස්වභාවයෙන් දක්වමින් දෙසන ලදී යන අර්ථයයි. නැතහොත් “සුදෙසිතො” යනු මනාව දෙසන ලද පැවැත්ම, නැවැත්ම ද ඒ දෙකටම හේතුන් ද නොවෙනස්ව ප්‍රකාශ කිරීම් වශයෙන් දක්වන ලද, මනාව දෙසූ ස්වාක්ඛාත වූ. “චක්ඛුමතා” පසැස් ඇති; මසැස, දිවැස, ප්‍රඥා ඇස, බුදු ඇස හාසමතැස (සමන්ත චක්‍ෂු) යන පසැසින් යුතු. “බුද්ධෙන” සර්වඥ බුදුරජාණන් වහන්සේ විසින්. “ආදිච්ච බන්‍ධුතා” සූර්ය වංශික වූ. ලෝකයේ ක්‍ෂත්‍රිය වංශ දෙකකි. ආදිත්‍ය (සූර්ය) වංශය හා සෝම (චන්‍ද්‍ර) වංශය යනුවෙනි. මේ දෙකින් ආදිත්‍ය වංශය ඔක්කාක රජුගෙන් ඇරඹුණි. එම ඔක්කාක රජුගෙන් ඇරඹි ශාක්‍ය වංශය ද ආදිත්‍ය ගෝත්‍ර වේ. එනිසාම භාග්‍යවතුන් වහන්සේ ආදිත්‍ය බන්‍ධු වේ. නැතහොත් සූර්යයාගේ නෑ වූ බැවින් භාග්‍යවත්හු ආදිත්‍ය බන්‍ධු වෙති. මේ අර්ථය ඉහතින් කියන ලද්දේමය. කාමරාගා දී සියලුම සංයෝජන මුලිනුපුටා දැමූ හෙයින් උන්වහන්සේ “සබ්බසංයොජනාතීතො” නම් වෙති. කර්ම, ක්ලේශ, විපාක ඇති සසර පැවතීම නම් වෘතය වනසන ලද, විධ්වංසනය කරන ලද හෙයින් “සබ්බවට්ටවිනාසනො” නම් වෙති. සංසාරය නැමති දැලෙන් මුදවන හෙයින් නිවණ නෛර්‍ය්‍යාණික “නිය්‍යානිකො” නම් වේ. සංසාර මහෝඝයෙන් සත්ත්‍වයා එතෙර කරවන හෙයින් “උත්තරණො” නම් වේ. කාම, තණ්හාදී සියලු ඇලීම්වලට මුල් වූ අවිද්‍යාවද අයෝනි සෝ මනසිකාරය ද (අනුවණින් මෙනෙහි කිරීම) වියලවා දමයි, වේලවා දමයි යන අරුතින් “තණ්හාමූල විසෙසනො” නම් වේ. ත්‍රිවිද්‍යා මනාව අවබෝධ කරගත් පුද්ගලයාගෙන් දුරුවන බැවින්, විෂවූ දුකට හේතුභූත - මූලාධාර වූ බැවින් සත්ත්‍වයන්ට විෂ මුලක් වූ “විසමුලං” ව්‍යසනයන්ට උත්පත්තිස්ථාන වූ බැවින් “ආඝාතනං” සතුන් හෝ මිනිසුන් මරණ තැනක් වූ කර්ම, කර්මක්ලේශ මුලිනුපුටා දමා “නිබ්බුතිං” නිවීමට, නිවණට පැමිණෙයි.

අඤ‍්ඤාණස‍්ස මූලං අයොනිසො මනසිකාරො ආසවා ච “ආසවසමුදයා අවිජ‍්ජාසමුදයො”ති (ම· නි· 1.103) හි වුත‍්තං, තස‍්ස භෙදාය වජිරූපමඤාණෙන භින්‍දනත්‍ථාය. අථ වා “අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා”තිආදිවචනතො (විභ· 225-226; සං· නි· 2.1) අඤ‍්ඤාණං මූලං එතස‍්සාති අඤ‍්ඤාණමූලං, භවචක‍්කං, තස‍්ස මග‍්ගඤාණවජිරෙන පදාලනත්‍ථං දෙසිතොති සම‍්බන්‍ධො. කම‍්මයන‍්තවිඝාටනොති කම‍්මඝටිතස‍්ස අත‍්තභාවයන‍්තස‍්ස විද‍්ධංසනො. විඤ‍්ඤාණානං පරිග‍්ගහෙති කාමභවාදීසු යථාසකකම‍්මුනා විඤ‍්ඤාණග‍්ගහණෙ උපට‍්ඨිතෙති වචනසෙසො. තත්‍ථ තත්‍ථ හි භවෙ පටිසන්‍ධියා ගහිතාය තංතංභවනිස‍්සිතවිඤ‍්ඤාණානිපි ගහිතානෙව හොන‍්ති. ඤාණවජිරනිපාතනොති ඤාණවජිරස‍්ස නිපාතො, ඤාණවජිරං නිපාතෙත්‍වා තෙසං පදාලෙතා. ලොකුත‍්තරධම‍්මො හි උප‍්පජ‍්ජමානො සත‍්තමභවාදීසු උප‍්පජ‍්ජනාරහානි විඤ‍්ඤාණානි භින්‍දත‍්තමෙව උප‍්පජ‍්ජතීති.

තෙවන ගාථාවේ නොදැනීමට හේතු වූ බැවින් “අඤ්ඤාණමූල” නම් වූ, අයොනිසෝ මනසිකාරය ද ආශ්‍රවයෝ ද අඥාන බවේ මූලයන්ය. “ආශ්‍රව ඇතිවීමෙන් අවිද්‍යාව ඇති වේ” යැයි කියන ලදි. ඒ අවිද්‍යාව බිඳ දැමීමට වජ්‍රයක් වැනි ඥානය යොදාගෙන, නැතිනම් “අවිද්‍යා ප්‍රත්‍ය හේතුවෙන් සංස්කාර ඇති වේ” යනාදී දේශනාව නිසා අවිද්‍යාවට, අඥාන බවට මුල් වූ බැවින් “අඤ්ඤාණ මූලං” නම් වන භව චක්‍රය, ආර්ය මාර්ග නම් වූ වජ්‍රයෙන් සිඳ බිඳ දැමීමට දෙසන ලද බැවින් “අඤ්ඤාණමූල භෙදාය” නම් වේ. “කම්මයන්තවිඝාටනො” කර්මය හා ගැළපූ ආත්මභාවය නම් යන්ත්‍රය විධ්වංසනය කර දමන, “විඤ්ඤාණානං පරිග්ගහෙ”, “කර්මභවාදියෙහි තම තමාට අයත් පරිදි කර්මය විසින් දැඩිව විඥානය අල්ලා ගැනීමට පැමිණි කල්හි.” යනුවෙන් සෙසු වදන් මීට ගලපාගත යුතුයි. ඒ ඒ භවයෙහි පිළිසිඳ ගත් බැවින් ඒ ඒ භවයට නියමිත වූ විඤ්ඤාණස්ථිතිය, විඤ්ඤාණයේ පැවැත්ම මෙහිදී ගන්නා ලද්දේමය. “ඤාණවජිරනිපාතනො” ප්‍රඥාව නම් වජ්‍රයේ වැටීමෙන්, ඤාණය නැමැති වජ්‍රායුධය හෙළා, ඒ අවිද්‍යාදී අඥාන මූලයන් නසා දැමීමෙන්, ලෝකෝත්තර ධර්මය වනාහි සත්ත්‍වයන් උපදින සප්ත භවයන්හි ඉපදීමට සුදුසු වූ විඥානය නසමින් ම උපදියි.

වෙදනානං විඤ‍්ඤාපනොති සුඛාදීනං තිස‍්සන‍්නං වෙදනානං යථාක‍්කමං දුක‍්ඛසල‍්ලානිච‍්චවසෙන යාථාවතො පවෙදකො. උපාදානප‍්පමොචනොති කාමුපාදානාදීහි චතූහිපි උපාදානෙහි චිත‍්තසන‍්තානස‍්ස විමොචකො. භවං අඞ‍්ගාරකාසුංව, ඤාණෙන අනුපස‍්සනොති කාමභවාදිනවවිධම‍්පි භවං එකාදසහි අග‍්ගීහි ආදිත‍්තභාවතො සාධිකපොරිසං අඞ‍්ගාරකාසුං විය මග‍්ගඤාණෙන අනුපච‍්චක‍්ඛතො දස‍්සෙතා.

“වෙදනානං විඤ්ඤාපනො” සුඛ දුක්ඛාදී ත්‍රිවිධ වේදනාවන් පිළිවෙලින් දුක් හුල්, අනිත්‍යාදී වශයෙන් තත්වූ පරිද්දෙන් දැනුම් දෙන, පවසන. “උපාදානප්පමොචනො” කාමාදී සිවු උපාදානයන්ගෙන් තම චිත්ත සන්තානය මුදවන. “භවං අංගාරකාසුංව ඤාණෙන අනුපස්සකො” කාමාදී නවවිධ භවයන්හි එකොළොස් ගින්නෙන් දැවෙන බැවින්, ඒ කාමාදීභවයන්ට ඇලුණු පුද්ගලයා අඟුරුවලක සේ දැවෙන බව මාර්ග ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ වශයෙන් ම දැන දක්වන ලද.

සන‍්තපණීතභාවතො අතිත‍්තිකරට‍්ඨෙන මහාරසො පරිඤ‍්ඤාදිවසෙන වා මහාකිච‍්චතාය සාමඤ‍්ඤඵලවසෙන මහාසම‍්පත‍්තිතාය ච මහාරසො, අනුපචිතසම‍්භාරෙහි දුරවගාහතාය අලබ‍්භනෙය්‍යපතිට‍්ඨතාය ච සුට‍්ඨු ගම‍්භීරො ජරාමච‍්චුනිවාරණො, ආයතිං භවාභිනිප‍්ඵත‍්තියා නිවත‍්තනෙන ජරාය මච‍්චුනො ච පටිසෙධකො. ඉදානි යථාවුත‍්තගුණවිසෙසයුත‍්තං ධම‍්මං සරූපතො දස‍්සෙන‍්තො “අරියො අට‍්ඨඞ‍්ගිකො”ති වත්‍වා පුනපි තස‍්ස කතිපයෙ ගුණෙ විභාවෙතුං “දුක‍්ඛූපසමනො සිවො”තිආදිමාහ. තස‍්සත්‍ථො – පරිසුද‍්ධට‍්ඨෙන අරියො, සම‍්මාදිට‍්ඨිආදිඅට‍්ඨධම‍්මසමොධානතාය අට‍්ඨඞ‍්ගිකො, නිබ‍්බානගවෙසනට‍්ඨෙන මග‍්ගො සකලවට‍්ටදුක‍්ඛවූපසමනට‍්ඨෙන දුක‍්ඛවූපසමනො, ඛෙමට‍්ඨෙන සිවො.

ශාන්ත ප්‍රණීත භාවයෙන් අතෘප්තිකර අර්ථයෙන් මහාරස ඇති, නැතිනම් පරිඥාදී මහත් වූ කටයුතු ඇති බැවින් ද ශ්‍රමණබවේ ඵල ලැබීම් වශයෙන් මහත් වූ සම්පත් විඳින බැවින් ද “මහාරසො” මහා රස ඇති, රැස් නොකළ උපකරණ ඇති බැවින් අල්ලාගැනීම ඉතා අපහසු, පිහිටක් නොලබන බැවින් ඉතා ගැඹුරු වූ “සුගම්හීරො” අතිගැඹුරු. “ජරාමච්චුනිවාරණො” අනාගතයේ භවයන්හි ඉපදීම වැළකීම නිසා ජරාවෙන්ද මරණයෙන් ද මුදවන, ජරාමරණ වළකන. දැන් මෙසේ වර්ණනා කරන ලද ධර්ම රත්නයේ ස්වරූපය, ආකාරය දක්වමින් “අරියො අට්ඨංගිකො මග්ගො” යනුවෙන් පවසා නැවත එහි ගුණ කිහිපයක් විවරණ කිරීමට “දුක්ඛුපසමනො” යනාදිය පැවසූහ. එහි අර්ථ මෙසේය. ඉතා පිරිසිදු අර්ථයෙන් “අරියො” ආර්ය වූ. සම්මා සමාධිය ආදී අංග අටක එකතුවක් බැවින් “අට්ඨංගිකො” අට්ඨංගික වූ. නිවණ සොයා යෑම් අර්ථයෙන් “මග්ගො” මාර්ගයක් වූ. සියලු සර දුක් සන්සිඳුවන හෙයින් “දුක්ඛූපසමනො” නම් වූ. ක්‍ෂේම නිර්භය ස්ථානයක් වූ බැවින් “සිවො” නම් වූ.

යථා ඉතො බාහිරකසමයෙ අසම‍්මාසම‍්බුද‍්ධපවෙදිතත‍්තා කම‍්මවිපාකො විපල‍්ලාසො සියාති එවං අවිපල‍්ලාසෙත්‍වා පටිච‍්චුප‍්පන‍්නධම‍්මානං පටිච‍්චසමුප‍්පන‍්නෙසු ධම‍්මෙසු කම‍්මං කම‍්මන‍්ති විපාකඤ‍්ච විපාකතො ඤත්‍වාන පුබ‍්බභාගඤාණෙන ජානනහෙතු සස‍්සතුච‍්ඡෙදග‍්ගාහානං විධමනෙන යාථාවතො ආලොකදස‍්සනො තක‍්කරස‍්ස ලොකුත‍්තරඤාණාලොකස‍්ස දස‍්සනො. කෙනචි කඤ‍්චි කදාචිපි අනුපද‍්දුතත‍්තා මහාඛෙමං නිබ‍්බානං ගච‍්ඡති සත‍්තෙ ගමෙති චාති මහාඛෙමඞ‍්ගමො, සබ‍්බකිලෙසදරථපරිළාහවූපසමනතො සන‍්තො, අකුප‍්පාය චෙතොවිමුත‍්තියා අනුපාදිසෙසාය ච නිබ‍්බානධාතුයා පාපනෙන පරියොසානභද‍්දකො සුදෙසිතො චක‍්ඛුමතාති යොජනා.

මේ සස්නෙන් බැහැර සමයක සම්මා සම්බුද්ධ නොවූවන් විසින් දෙසන ලද පරිදි කර්ම විපාකයෝ විපර්යාස වේ. වෙන් වේ.” යැයි කියත් ද එසේ වෙනස් නොකර ප්‍රත්‍යෝත්පන්න ධර්ම “ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මයන්” ලෙස කර්මය “කර්මය” යැයි ද විපාක “විපාක” වශයෙන් දැන, පූර්වභාග ඥානයෙන් දැනගැනීම් හේතුවෙන්, “ශාශ්වත-උච්ඡේද යන දෘෂ්ටි දුරුකර, තත්වාකාරයෙන් ආලෝකය දක්නා වූ, ඒ අරි අටඟ මඟ යෑමෙන් ලෝකෝත්තර ඤාණාලෝකය දක්නා වූ. නිවන් දුටු කිසිවකුට කිසිතැනෙක, කිසිදාක උපද්‍රවයක් නොවන බැවින් “මහාඛෙමං” මහා ක්‍ෂේම භූමියක් වූ නිවණට සත්ත්‍වයන් කැඳවාගෙන යන බැවින් “මහා ඛෙමංගමො” නම් වූ; සියලු කෙලෙස් දැවීම්, තැවීම්, පිරිතැවීම් සන්සිඳුවන්නා වූ හෙයින් “සන්තො” ශාන්ත වූ; නොවෙනස්වන චෙතෝ විමුක්තියෙන් අනුපාදිසේස නිර්වාණ ධාතුවට පැමිණීමෙන් අවසානය ඉතා යහපත් වූ, “පරියොසානභද්දකො” ආර්ය අෂ්ටාංගික මාර්ගය පසැස් ඇති බුදුරජාණන් වහන්සේ විසින් දෙසන ලදි.

එවං ථෙරො නානානයෙහි අරියධම‍්මං පසංසන‍්තො තස‍්ස ධම‍්මස‍්ස අත‍්තනා අධිගතභාවං අඤ‍්ඤාපදෙසෙන පකාසෙසි.

මෙසේ මිගජාල තෙරණුවෝ නානාප්‍රකාරව, නානාවිධව ආර්ය සද්ධර්මයට ප්‍රශංසා කරන සේක්; ඒ උතුම් දහම තමන් වහන්සේ අවබෝධ කරගත් බව ද සිය රහත් බව දැක්වීම් වශයෙන් ද මේ ගාථා වදාළ සේක.

මිගජාලත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

මිගජාල ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.