යෙදුමෙන් කියවන්න

කාතියානත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

කාතියානත්‍ථෙරගාථාවණ‍්ණනා

කාතියාන ස්ථවිරගාථා වර්ණනාව

උට‍්ඨෙහීතිආදිකා ආයස‍්මතො කාතියානත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ පුඤ‍්ඤානි උපචිනිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සාවත්‍ථියං අඤ‍්ඤතරස‍්ස කොසියගොත‍්තස‍්ස බ්‍රාහ‍්මණස‍්ස පුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්තො, මාතුගොත‍්තවසෙන පන කාතියානොති ලද‍්ධනාමො වයප‍්පත‍්තො සාමඤ‍්ඤකානිත්‍ථෙරස‍්ස ගිහිසහායො ථෙරං දිස‍්වා පබ‍්බජිතො සමණධම‍්මං කරොන‍්තො රත‍්තිං “නිද‍්දාභිභවං විනොදෙස‍්සාමී”ති චඞ‍්කමං ආරුහි. සො චඞ‍්කමන‍්තො නිද‍්දාය අභිභූතො පචලායමානො පරිපතිත්‍වා තත්‍ථෙව අනන‍්තරහිතාය භූමියා නිපජ‍්ජි, සත්‍ථා තස‍්ස තං පවත‍්තිං දිස‍්වා සයං තත්‍ථ ගන‍්ත්‍වා ආකාසෙ ඨත්‍වා “කාතියානා”ති සඤ‍්ඤං අදාසි. සො සත්‍ථාරං දිස‍්වා උට‍්ඨහිත්‍වා වන්‍දිත්‍වා සංවෙගජාතො අට‍්ඨාසි. අථස‍්ස සත්‍ථා ධම‍්මං දෙසෙන‍්තො –

“උට්ඨෙහී” යනු ආයුෂ්මත් කාතියාන තෙරුන් වහන්සේගේ ගාථාව්නය. එහි උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයෙහි පින්දහම් රැස්කරමින් පැමිණියහ. මේ බුද්ධෝත්පාද කාලයේදී සැවැත් නුවර එක් කෝසිය ගෝත්‍රික බ්‍රාහ්මණයෙකුගේ පුතු ලෙස උපන් හෙතෙම, මවගේ ගෝත්‍ර නාම වශයෙන් “කාතියාන” නමින් ප්‍රකට විය. තරුණවියට පත් එකුමරු සාමඤ්ඤකානි තෙරුන් වහන්සේගේ ගිහිකළ සහායක ව (යහලුවකුව) සිටි බැවින් තෙරුන් වහන්සේ නිසා බුදු සසුනේ පැවිදි විය. මහණදහම්, වත් පිළිවෙත් පිරූ කාතියාන තෙරණුවෝ දිනක් “රාත්‍රියේ නිදිමත දුරුකරන්නෙමි”යි සක්මන් කිරීම ඇරඹූහ. සක්මන් කරන උන්වහන්සේ නින්දෙන් මඬනා ලදුව පය පටලැවී, පෙරලී එහිම බිම වැටුණහ. එම සිදුවීම දුටු ශාස්තෲන් වහන්සේ එතැනට වැඩමවා අහසේ වැඩහිඳ “කාතියාන” යැයි ඇමතූ සේක. ශාස්තෲන් වහන්සේ දැක නැගී සිටි කාතියාන තෙරණුවෝ තම ක්‍රියාව පිළිබඳව සංවේගයට පත්වූහ. අනතුරුව ශාස්තෲන් වහන්සේ මේ ගාථා සයෙන් කාතියාන තෙරුන්ට දහම් දෙසූ සේක.

“උට‍්ඨෙහි නිසීද කාතියාන, මා නිද‍්දාබහුලො අහු ජාගරස‍්සු; මා තං අලසං පමත‍්තබන්‍ධු, කූටෙනෙව ජිනාතු මච‍්චුරාජා.

“උට්ඨෙහි නිසීද කාතියාන, මා නිද්දාබහුලො අහු ජාගරස්සු, මා තං අලසං පමත්ත බන්‍ධු, කූටෙනෙව ජිනාතු මච්චුරාජා”

“සෙය්‍යථාපි මහාසමුද‍්දවෙගො, එවං ජාතිජරාති වත‍්තතෙ තං; සො කරොහි සුදීපමත‍්තනො ත්‍වං, න හි තාණං තව විජ‍්ජතෙව අඤ‍්ඤං.

“ස යථාපි මහා සමුද්ද වෙගො, එවං ජාතිජරාතිවත්තතෙ තං, සො කරොහි සුදීපමත්තනා ත්‍වං, නහි තාණං තව විජ්ජතෙව අඤ්ඤං”

“සත්‍ථා හි විජෙසි මග‍්ගමෙතං, සඞ‍්ගා ජාතිජරාභයා අතීතං; පුබ‍්බාපරරත‍්තමප‍්පමත‍්තො, අනුයුඤ‍්ජස‍්සු දළ‍්හං කරොහි යොගං.

“සත්‍ථාහි විජෙසි මග්ගමෙතං, සංගා ජාතිජරාභයා අතීතං, පුබ්බාපරරත්තමප්පමත්තො, අනුයුඤ්ජස්සු දළ්හං කරොහි යොගං”

“පුරිමානි පමුඤ‍්ච බන්‍ධනානි, සඞ‍්ඝාටිඛුරමුණ‍්ඩභික‍්ඛභොජී; මා ඛිඩ‍්ඩාරතිඤ‍්ච මා නිද‍්දං, අනුයුඤ‍්ජිත්‍ථ ඣාය කාතියාන.

“පුරිමානි පමුඤ්ච බන්‍ධනානි, සංඝාටි ඛුරමුද්ධභික්ඛ භොජි, මා ඛිඩ්ඩාරතිඤ්ච නිද්දං, අනුයුඤ්ජිත්‍ථ කාතියාන”

“ඣායාහි ජිනාහි කාතියාන, යොගක‍්ඛෙමපථෙසු කොවිදොසි; පප‍්පුය්‍ය අනුත‍්තරං විසුද‍්ධිං, පරිනිබ‍්බාහිසි වාරිනාව ජොති.

“ඣායාහි ජිනාහි කාතියාන, යොගක්ඛෙමපථෙසු කොවිදොසි, පප්පුය්‍ය අනුත්තරං විසුද්ධිං, පරිනිබ්බාහිසි වාරිනාව ජොති”

“පජ‍්ජොතකරො පරිත‍්තරංසො, වාතෙන විනම්‍යතෙ ලතාව; එවම‍්පි තුවං අනාදියානො, මාරං ඉන්‍දසගොත‍්ත නිද‍්ධුනාහි;

“පජ්ජොතිකරො පරිත්තරංසො, වාතෙන විනම්‍යතෙ ලතාව, එවම්පි තුවං අනාදියානො, මාරං ඉන්‍දසගොත්ත නිද්ධුනාභි”

සො වෙදයිතාසු වීතරාගො, කාලං කඞ‍්ඛ ඉධෙව සීතිභූතො”ති. –

“සො වෙදයිතාසු වීතරාගො, කාලං කංඛ ඉධෙව සීතිභූතො” තී.

ඉමා ගාථා අභාසි.

තත්‍ථ උට‍්ඨෙහීති නිද‍්දූපගමනතො උට‍්ඨහන‍්තො උට‍්ඨානවීරියං කරොහි. යස‍්මා නිපජ‍්ජා නාම කොසජ‍්ජපක‍්ඛියා, තස‍්මා මා සයි. නිසීදාති පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට‍්ඨපෙත්‍වා නිසීද. කාතියානාති තං නාමෙන ආලපති. මා නිද‍්දාබහුලො අහූති නිද‍්දාබහුලො නිද‍්දාභිභූතො මා අහු. ජාගරස‍්සූති ජාගර, ජාගරියමනුයුත‍්තො හොහි. මා තං අලසන‍්ති ජාගරියං අනනුයුඤ‍්ජන‍්තං තං අලසං කුසීතං පමත‍්තබන්‍ධු මච‍්චුරාජා කූටෙනෙව අද‍්දුහනෙන විය නෙසාදො මිගං වා පක‍්ඛිං වා ජරාරොගෙහි මා ජිනාතු මා අභිභවතු, මා අජ‍්ඣොත්‍ථරතූති අත්‍ථො.

මෙහි “උට්ඨෙහි” නිදාගෙන සිටින සයනයෙන්, හොත් ඉරියවුවෙන් නැගී සිටීමට උට්ඨාන වීර්යය කරව. නිදාගෙන සිටීම, සයනය කිරීම කුසීත පක්‍ෂයට බරවූවක් බැවින් නො නිදන්න. “නිසීද” පලක් බැඳගෙන, කය සෘජුව තබාගෙන, සතිය ඉදිරියෙ පිහිටුවාගෙන හිඳගන්න. “කාතියාන” මෙනෙමින් කාතියාන තෙරුන් ඇමතූ සේක. “මා නිද්දා බහුලො අහූ” නිදන සුළුව, බොහෝ කාලයක් නිදමින් සිටීම, නින්දෙන් මැඩී විසීම නොකරව. නිදි වැරීමෙහි, නින්ද දුරු කිරීමෙහිම යෙදෙව. “මා තං අලසං” නිදි වැරීමෙහි යෙදීමෙන් ඒ අලස වූ කුසීත වූ ප්‍රමාදීන්ට ඥාති වූ මාර නම් මෘත්‍යුරාජයා වංචාවෙන් වැද්දකු - මුවන් හෝ කුරුල්ලන් බැඳගන්නාක් මෙන් ජරා මරණ රෝගයන්ගෙන් නො පෙලේ වා. අභිභවනය නොකරාවා. මැඩපවත්වා විනාශ නොකරාවා.

සෙය්‍යථාපීති සෙය්‍යථා අපි. මහාසමුද‍්දවෙගොති මහාසමුද‍්දස‍්ස ඌමිවෙගො. එවන‍්ති යථා නාම මහාසමුද‍්දඌමිවෙගො උපරූපරි උට‍්ඨහන‍්තො තං අභික‍්කමිතුං අසක‍්කොන‍්තං පුරිසං අභිභවති, එවං ජාති ජරා ච කොසජ‍්ජාභිභූතං තං අතිවත‍්තතෙ උපරූපරි අජ‍්ඣොත්‍ථරති. සො කරොහීති සො ත්‍වං, කාතියාන, චතූහි ඔඝෙහි අනජ‍්ඣොත්‍ථරණීයං අරහත‍්තඵලසඞ‍්ඛාතං සුදීපං අත‍්තනො කරොහි අත‍්තනො සන‍්තානෙ උප‍්පාදෙහි. න හි තාණං තව විජ‍්ජතෙව අඤ‍්ඤන‍්ති හීති හෙතුඅත්‍ථෙ නිපාතො. යස‍්මා තතො අග‍්ගඵලතො අඤ‍්ඤං තව තාණං නාම ඉධ වා හුරං වා න උපලබ‍්භති, තස‍්මා තං අරහත‍්තසඞ‍්ඛාතං සුදීපං කරොහීති.

“සයථාපි” යම්සේ “මහා සමුද්දවෙගො” මහා මුහුදේ රළ වේගය. “එවං” එසේ. යම්සේ මහමුහුදේ එළ එකපිට එක නැගෙමින් පැමිණේද එය ඉක්මවා යෑම අපහසුවේද ඒ වෙත යන පුරුෂයා මැඩලා අභිබවා රළ පහර පැතිර යන්නේද එලෙසින්ම ජාතිජරාදී දුක් ද කුසීත කම්මැලි පුද්ගලයා වසාගෙන මැඬගෙන සිටියි. නැවත නැවත ඔහු මැඩපවත්වයි. “සො කරොහි” කාතියානය! ඒ නුඹ, සතර ඕඝයන්ගෙන් මැඬපැවැත්විය නොහැකි වූ අර්හත් ඵලය නම් වූ සුරක්‍ෂිත දිවයිනක් බවට තමා පත්කර ගනුව. එම අර්හත් ඵලය ස්ව සන්තානයේ උපදවා ගනුව. “නහි තාණං තව විජ්ජතෙව අඤ්ඤං” මෙහි “හි” යනු හේතුවර්ථයේ නිපාතයකි. යම් හෙයකින් ද? යත්. ඒ ආර්ය වූ රහත් බව නම් අග්‍රඵලයෙන් අන්‍ය වූ වෙනත් පිහිටක් මෙලොව හෝ පරලොව නොලැබේ. එනිසා ඒ අර්හත් බවෙහි, උතුම් පිහිටෙහි පිහිටන්නේ ය.

සත්‍ථා හි විජෙසි මග‍්ගමෙතන‍්ති යං සාධෙතුං අවිසහන‍්තා යතො පරාජිතා පුථූ අඤ‍්ඤතිත්‍ථියා, තදෙතං තස‍්ස සුදීපස‍්ස කාරණභූතං පඤ‍්චවිධසඞ‍්ගතො ජාතිආදිභයතො ච අතීතං අරියමග‍්ගං දෙවපුත‍්තමාරාදිකෙ අභිභවිත්‍වා තුය‍්හං සත්‍ථා විජෙසි සාධෙසි. යස‍්මා සත්‍ථු සන‍්තකං නාම සාවකෙන අධිගන‍්තබ‍්බං න විස‍්සජ‍්ජෙතබ‍්බං, තස‍්මා තස‍්ස අධිගමාය පුබ‍්බරත‍්තාපරරත‍්තං පුරිමයාමං පච‍්ඡිමයාමඤ‍්ච , අප‍්පමත‍්තො සතො සම‍්පජානො හුත්‍වා අනුයුඤ‍්ජ යොගං භාවනං දළ‍්හඤ‍්ච කරොහි.

යම්හෙයකින් ද ඒ ශාස්තෲන් වහන්සේ යම් මාර්ගයක ගමන් කිරීමෙන් මැඩලීමට අපහසු වූ මාරයා පරදා දිනූ සේක් ද ඒ අන්‍ය තීර්ථක බොහෝ දෙනා පැරදූ සේක් ද ඒ මේ පිහිටට, ආර්ය මාර්ගයේ පිහිටීමට හේතුව මෙසේ දක්වයි. පස් වැදෑරුම් රාගාදී සංගයන්ද ජාතිජරා දී භය ද ඉක්මවා ඉන් මිදී, දේවපුත්‍ර - ක්ලේශාදී පස්මරුන් පරදා උතුම් ආර්යමාර්ගයට නුඹගේ ශාස්තෲන් වහන්සේ පත් වූ සේක. ජයගත් සේක. එනිසාම උන්වහන්සේගේ ශ්‍රාවක වූ නුඹලා විසින් ද එය කළ යුතුයි. අත්නොහැරිය යුතුය. ඒ අර්හත්ඵලය සාක්‍ෂාත් කරගැනීම පිණිස රෑ පෙරයමෙහි හා රෑ පසුයමෙහි එකලෙසින්ම අප්‍රමාදීව සිහියෙන්, නුවණින් යුක්තව කමටහන් වඩව. යෝග භාවනාවෙහි දැඩි වීර්යයේ යෙදෙව.

පුරිමානි පමුඤ‍්ච බන්‍ධනානීති පුරිමකානි ගිහිකාලෙ ආබද‍්ධානි ගිහිබන්‍ධනානි කාමගුණබන්‍ධනානි පමුඤ‍්ච විස‍්සජ‍්ජෙහි, තත්‍ථ අනපෙක‍්ඛො හොහි. සඞ‍්ඝාටිඛුරමුණ‍්ඩභික‍්ඛභොජීති සඞ‍්ඝාටිධාරී ඛුරෙන කතසිරමුණ‍්ඩො භික‍්ඛාහාරභොජී, තිවිධම‍්පෙතං පුරිමබන්‍ධනපමොක‍්ඛස‍්ස ඛිඩ‍්ඩාරතිනිද‍්දානනුයොගස‍්ස ච කාරණවචනං. යස‍්මා ත්‍වං සඞ‍්ඝාටිපාරුතො මුණ‍්ඩො භික‍්ඛාහාරො ජීවති, තස‍්මා තෙ කාමසුඛානුයොගො ඛිඩ‍්ඩාරතිනිද‍්දානුයොගො ච න යුත‍්තොති තතො පුරිමානි පමුඤ‍්ච බන්‍ධනානි ඛිඩ‍්ඩාරතිං නිද‍්දඤ‍්ච මානුයුඤ‍්ජිත්‍ථාති යොජනා. ඣායාති ඣායස‍්සු ආරම‍්මණූපනිජ‍්ඣානං අනුයුඤ‍්ජ.

“පුරිමානි පමුඤ්ච බන්‍ධනානි” පෙර ගිහි කාලයේ තිබූ කාමුක බන්‍ධන, ගිහි බන්‍ධන, ගිහි බැඳීම් දුරු කරව. ඉන් මිදෙව. එහි අපේක්‍ෂා රහිතයකු වන්න. “සංඝාටිඛුර - මුණ්ඩ භික්ඛභොජී” “සඟල සිවුර දරාගෙන, කරයෙන් මුඩුකළ කෙස් ඇතිව පිණ්ඩපාතයෙන් යැපෙන්න. මෙසේ ත්‍රිවිධ පිළිවෙත්හි යෙදීමෙන් පෙර ගිහිකල පැවති බන්‍ධන වූ ක්‍රීඩා රතියෙහි ඇලීම, නිදා සිටීම දුරු කිරීමට හේතු දැක්වීමයි. නුඹ සඟල සිවුර දැරීමෙන් ද හිස මුඩුකර ගැනීමෙන් ද පිණ්ඩපාතයෙන් යැපීමෙන් ද ජීවත්වන්නෙහිය. එවිට නුඹ කම්සුව විඳින්නෙක් රාත්‍රී ක්‍රීඩා දියේ නියැලුණෙක් නොවන්නෙහිය. ඒ පෙර වූ රාගාදී පස් වැදෑරුම් බන්‍ධනවලින් ද රති ක්‍රීඩා, නිදන සුළු බව යන මේවායින් ද වෙන්වන්න. එම ගිහි කටයුතුවල නොයෙදෙන්න” යන අර්ථයයි. “ඣායාහි”, ධ්‍යාන කරව. අරමුණක සිත නැවත නැවත පිහිටුවා සිහි කරව.

තං පන අනුයුඤ‍්ජන‍්තො යෙන ඣානෙන ඣායතො කිලෙසා සබ‍්බසො ජිතා හොන‍්ති, තං ලක‍්ඛණූපනිජ‍්ඣානං අනුයුඤ‍්ජාති දස‍්සෙන‍්තො “ඣායාහි ජිනාහී”ති ආහ. යොගක‍්ඛෙමපථෙසු කොවිදොසීති චතූහි යොගෙහි ඛෙමස‍්ස නිබ‍්බානස‍්ස පථභූතෙසු බොධිපක‍්ඛියධම‍්මෙසු කුසලො ඡෙකො අසි, තස‍්මා භාවනං උස‍්සුක‍්කාපෙන‍්තො අනුත‍්තරං උත‍්තරරහිතං, විසුද‍්ධිං නිබ‍්බානං අරහත‍්තඤ‍්ච පප‍්පුය්‍ය පාපුණිත්‍වා පන ත්‍වං පරිනිබ‍්බාහිසි. වාරිනාව ජොතීති මහතා සලිලවුට‍්ඨිනිපාතෙන අග‍්ගිඛන්‍ධො විය අරියමග‍්ගවුට‍්ඨිනිපාතෙන පරිනිබ‍්බායිස‍්සති.

එසේ සම සතලිස් කමටහන් හා විදසුන් භාවනා අරමුණුවල පිහිටා ධ්‍යාන වැඩීමෙන් සියලු කෙලෙසුන්ම ජයගත් බවට පැමිණේ. “ඒ ලක්‍ෂණ සහිත ධ්‍යාන වැඩීමෙහි යෙදෙන්න” යැයි දක්වමින් “ඣායාහි”, “ධ්‍යානවඩව”, “ජිනාහි”, “කෙලෙසුන් දිනව” යනුවෙන් කියන ලදි. “යොගක්‍ඛෙම පථෙසු කොවිදොසි” සතර ඕඝයෙන් මිදී ක්‍ෂේම වූ නිවණට යන මාර්ගය වූ සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මයන්හි දක්‍ෂයෙක්, නිපුණයෙක් වන්න. එනිසා භාවනාවෙහි සිත උත්සාහවත් කරවා, අනුත්තර වූ, ඊට වැඩිවූවක් නොමැති, විශුද්ධ වූ නිවණට, අර්හත් මාර්ගයට පැමිණෙන්නේ ය. නිවණට පැමිණ ජලයෙන් ගිනි නිවීයන්නාක් මෙන් පිරිනිවෙන්නෙහි. මහත් ජල වර්ෂාවක් වැටීමෙන් ගිනි කඳක් මෙන් ආර්ය මාර්ගය නම් වැසි වැටීමෙන් පිරිනිවෙන්නෙහි.

පජ‍්ජොතකරොති පජ‍්ජොතිං කරො පදීපො. පරිත‍්තරංසොති ඛුද‍්දකච‍්චිකො. විනම්‍යතෙති විනමීයති අපනිය්‍යති. ලතාවාති වල‍්ලි විය. ඉදං වුත‍්තං හොති – යථා වට‍්ටිආදිපච‍්චයවෙකල‍්ලෙන පරිත‍්තරංසො මන්‍දපභො පදීපො අප‍්පිකා ලතා වා වාතෙන විධමිය්‍යති විද‍්ධංසිය්‍යති, එවං තුවම‍්පි. කොසියගොත‍්තතාය, ඉන්‍දසගොත‍්ත, ඉන්‍දසමානගොත‍්තං. මාරං තස‍්ස වසෙ අනාවත‍්තනා අනුපාදානතො ච අනාදියානො, නිද‍්ධුනාහි විධමෙහි විද‍්ධංසෙහි. එවං පන විද‍්ධංසමානො සො ත්‍වං වෙදයිතාසු සබ‍්බාසු වෙදනාසු විගතච‍්ඡන්‍දරාගො ඉධෙව ඉමස‍්මිංයෙව අත‍්තභාවෙ සබ‍්බකිලෙසදරථපරිළාහාභාවෙන සීතිභූතො නිබ‍්බුතො අත‍්තනො පරිනිබ‍්බානකාලං කඞ‍්ඛ ආගමෙහීති . එවං සත්‍ථාරා අනුපාදිසෙසං නිබ‍්බානං පාපෙත්‍වා දෙසනාය කතාය ථෙරො දෙසනාවසානෙ විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තං පාපුණි. අරහත‍්තං පන පත්‍වා සත්‍ථාරා දෙසිතනියාමෙනෙව ඉමා ගාථා අභාසි. තා එව ඉමා ගාථා ථෙරස‍්ස අඤ‍්ඤාබ්‍යාකරණඤ‍්ච ජාතා.

“පජ්ජොති කරො” පහනක් කරගන්න. ප්‍රදීපයක් කරගන්න. “පරිත්තරංසො” මඳ වූ කුඩා ගිනි සිළුව, “විනම්‍යතෙ” වැනසී යයි. පහවී යයි. “ලතාව” වැලක් මෙන්. මෙහි අර්ථය මෙසේ ය. යම් සේ පහන්තිර, තෙල් ආදී ප්‍රත්‍ය විකල් වීමෙන් මඳ වූ සිළුවක් ඇති, ප්‍රභාව නැසී ගිය පහනක අල්ප වූ ගිනිසිළුව වැලක් මෙන් සුළඟින් නිවී යන්නේ ද වැනසී යන්නේ ද, එලෙසින් ම නුඹ ද කෝසිය ගෝත්‍රයේ බැවින් ඉන්‍ද්‍රයාට, ශක්‍රයාට සමාන වූ ගෝත්‍ර ඇති මාරයාට වසඟ නොවී, යටත් නොවී පංචාරම්මණයන් උපාදාන කර නොගෙන මාරයා විනාශ කරන්න. වනසා විධ්වංසනය කර දමන්න. මෙසේ මරු පැරදූ, විධ්වංසනය කළ ඒ නුඹ, විඳිය යුතු වූ සියලු වින්දනයන්හි දුරු කළ ඡන්දරාග ඇතිව, මේ ආත්මභාවයේදීම මෙලොවදීම සියලු කෙලෙස් දැවීම්, පරිළාහයන් දුරුකර නිවීගියෙහි. සිසිල් වූයෙහි. මෙලොවදීම පරිනිර්වාණයට පත්වන්නෙහිය. මෙසේ ශාස්තෲන් වහන්සේ විසින් අනුපාදිශේෂ නිර්වාණය දක්වාම පමුණුවන ලද අදහස් ඇති කාතියාන තෙරණුවෝ; මේ ධර්ම දේශනාව අවසානයේදී විදසුන් වඩා රහත් වූහ. රහත් වූ පසුව ශාස්තෲන් වහන්සේ වදාළ පරිද්දෙන්ම මෙම ගාථා සය නැවත වදාළහ. එම ගාථාව උන්වහන්සේගේ රහත් බව ප්‍රකාශ කරන ගාථා විය.

කාතියානත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

කාතියාන ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.